දින දෙකක් පෙට්‍රල් පෝලිමෙි සිට ඒ සුවඳටත් දුවන ප්ලැටිනා යතුරු පැදියට ලීටර දෙකක් ගසාගෙන... එතැනින් ගෑස් පෝලිමට ගොස් බලා සිටියෙමි දෑසට කබ ටොන් එකක් ගලා එන තුරු " ඔබ පමා ඇයි පියේ" සිතමින්.. එහෙත් ගෑස් නො එන බැව් දැන ගතිමි පසුවදා...එතැනින් බූමිතෙල් පෝලිමෙි සිට දුක කියා දා ගතිමි රුපියල් සියයක භූමිතෙල්...එතැනින් සතොසටත්, පසුව සතිපොලටත්... අහෝ විපතකි අප වන් වූ යක්ඛ පුතුන්ටත් සිදුවූ.... පෝලිම් වල සිට මා සතියකට පසු ගෙදර ගියෙමි... බිරිඳගේ වටොරත්...ඇගේ දෙතනත්, රාගයෙන් මත්වූ දෑසත් සිහි කරමින්... එහෙත් නන්නාඳුනන පිරිමින් වදයකට මී තියන්නාසේ පොරකනු දුටුවෙමි මගේම ගේ දොරකඩ. බියෙන් තැතිගත් මා නාද කළෙමි සීනුව... එසැනින් ඇය ත් මාත් නිදන, මෙතෙක් සිහින දුටු සයනය දෙසින් ඇසුණි.... ඔබ අට වැනියා යැයි...මා දුටුවෙමි මට කලින් එකා කාසි සල්ලි ගණන් කරනායුරු..... මොහොතකින් ඇසුණි සවනට මෙසේ..."යාන්තම් පන්සීය හරි"
සිහිනෙන් පිබිද බැලූයෙමි පෝලිම් යුගයෙහි ඇති අපූර්වත්වය....
කඩදාසිත් නොමැතිනම් වාචකව ලබාදෙනු
"දික්කසාදය"
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2022.03.21
No comments:
Post a Comment