Thursday, November 26, 2020

සිංහපුර 02

 සිංහපුර 02.


කලින් කතාවෙි කිව්ව සිදුවීම් නිසා ඔිසී මාව ආයෙ කිසිම දේකට නම් කලේත්  නෑ. ලං කර ගත්තේත් නෑ. ඒ සර් හරි හොඳයි. මම උනත් ලුතිතන් බන්ඩාර සහ කපිතන් වන්නිනායක සර් ඇරුනම වෙන කා එක්කවත් වැඩිය භජනෙට යන්නෑ. ඒ ගිහින් තමා අතන මාසයයි,මෙතන මාසයයි ගත කරන්න වුනේ.  


බළඇණි පුහුණු පාඨමාලාව යන අතරේම මට දියතලාවෙ යන්න වෙනවා කියල ආධුනික සෙබළ  රවීන්ද්‍ර ඇවිත් කි⁣ව්වෙ මං ඔහුගෙන් කලින්ම කරල තිබුනු ඉල්ලීමක් අනුව.ඒ වසරක් පාසා පැවැත්වෙන "බෙස්ට් ෂූටර්" තරඟාවලිය සඳහා සහභාගිවීමට. රවීන්ද්‍රට කියල තිබුනෙ "කැටයක් පාත්වෙන්න ලඟයි, ඒක පාත්වෙන්න කලින් මාව දැනුවත් කරාං" කියල. මොකද නිදහස්ව නිස්කලංකව සතියක් ගෙවුනොත් ඊලඟට මොකක් හරි ජාත්‍යන්තර කුණ්ඩවාලියක් හිස මතට කඩාපාත්වෙන්න ලඟයි කියල අත්දැකීමෙන් දැනගෙන උන්නු හංදා. 


ෂූටර් තරඟාවලිය කියන්නේ හෙන අමාරු කර්තෘව්‍යයක්. උදේ හයේ ඉඳල නරියකන්දේ එහාට මෙහාට දුව දුව වෙඩි තියන්න වෙන සීන් එකක් ඒ. ඒ වෙද්දි මෙිකට සුදුසුකම් ලැබූ අය අපේ ඒකකයේම හිටියේ හතරදෙනයි. ඒ සඳහා මා භාවිතා කරන්නෙත් වෙනම අවියක්. ඒක වෙන කිසි දේකට පාවිච්චි කරන්නෑ. හිතාගන්නකො අමාරුම සීන් එකක් කියල. වෙඩි පිටියේ මීටර් සියයේදිත් ඉලක්කපතේ අඟල් 2 සහ 4 ප්‍රමාණයේ පොඩි රවුමක් ඇතුලත ලැබෙන උණඩ පහම පතිත කරවීමෙි කුරිරු හැකියාවක් මට තිබුනා. ඒක තමා මෙි තරඟයට යෑමෙි පළවෙනි ආරම්භය වුනේ. මෙි හැකියාව ලබාගත්තෙත් පට්ටම දුකක් විඳලා. ඒකට එකම පාඨමාලාවක් දෙපාරක් කරන්න වුනා. මුලින් පළවෙනි කෝස් එකේ විහිදීයන උණ්ඩ, අඟල් 12 ක රවුමක් ඇතුලේ වද්දන්න උත්සාහ ගත්තත් ඒ පාඨමාලාව අවසන්වෙද්දි  ඔිනෑම තත්ත්වයක් යටතේ අගල් 8ක් ඇතුලත ඒ උණ්ඩ ප්‍රමාණයම පතිත කරවන්න හැකියාව ලබාගත්තා. ඒ කැපවීම දුක කඳුල වෙිදනාව හරහා ලබාගත් ප්‍රවණතාවයක්. මට ආස හිතුනේත් විශ්වාස කලේත් ඒක තවත් අඩුකරගන්න පුලුවන් කියලා. ඒ අනුව නැවත එම පාඨමාලාව ඒක⁣කය තුළ හදාරන්න අවස්ථාවක් ලැබුනා. එතකොට ප්‍රගුණ වෙඩිකරු පාඨමාලාවක් අපේ ඒකකයේම ආරම්භ කිරීමට අවසර ලබාගෙන තිබුනේ. ඊට පස්සෙ ඒකට සම්බන්ධවෙලා ඒ හැකියාව ලබාගත්තා. 

ඒ පාඨමාලාව අවසන් වෙද්දිම තමා අපේ ඉහල මූලස්ථානයෙන් නාම යෝජනා ඉල්ලල තිබුනේ ඉහත තරඟාවලියට සහභාගි වෙන අයගේ නම් එවන්න කියල. මාත් ගියා. බුදු අම්මෙි විඳපු දුකක්. අර කඳු මැද්දෙ අහට්ට මෙහට්ට දුවලා අප්පිරියා වෙලා තිබුනේ. යුධ හමුදාවෙි සාමාජිකයින් විතරක් සහභාගිවුනු ඒ තරඟයේ යම් ස්ථානයක් ගන්න මට හැකිවුනත් මං එහෙ හිටපු පළවෙනි සතියෙමයි තීරණය කලේ ආයෙ මළත් මෙහෙ එන්නෑ කියල. 


එදිනට පැවැත්වුනු කෝස් එක අවසන්වු පසු හවස පහට විතර පණිවිඩයක් ආවා ඔිසීව ඇවිත් හමුවෙන්න කියල. මාත් ගියා. මං දන්නවා ඒ එන්න කියපු හේතුව. 


මාත් ලුතිතන් බණ්ඩාර හමුවෙන්න  ගිහින් දකුණු අත කිහිල්ලෙන් ඈත් කරලා වැඩිය අත හොලවන් නැතුව බාගෙට නමල ආබාධයක් තියෙන සහ ඒක දැක්වෙන ආකාරයට සැල්‍යුට් කලා. 

*මොකෑ තමුසෙගෙ අත??

*දන්නෑ සර්. මෙි උරහිස යටින් හෙන කැක්කුමක් එනවා. ගෙඩියක් ඇවිත් වගේ සර්. 

*ඔව් ඉතිල්. තවුසෙට එක විදියකට ඉල්ල බෑලෙ. වැදුලද කොහෙ හරි.

*නෑ සර්. දැන් දවස් දෙකක් වෙනවා සර්. එන්න එන්නම කැක්කුමයි. 

*එහෙලං,තවුසෙට දියතලාවෙ යල්ල බෑලෙ ඔහොම.ඇජුටන් කිව්වෙ තවුසෙගෙ නමත් යැව්ව කියල...

*ඒ මොකටද සර්,දියතලාවෙ යන්නෙ.?

*ෆයරින් වලට. ඔික හොඳවෙයි

 තවුසෙ යලවා. ලැත්තං අපරාදෙ.

*මට මෙි විදියට ගිහින් අමාරුයි සර්. එහෙ සික් යන්නත් බෑ අමාරු වුනොත්. අනික මෙික දැක්ක ගමන් ආපහු එවනවනෙ සර්. මාත් එහෙම කිව්වෙ සර්ගෙ කටින්ම "එහෙලං බෑලෙ. මං ඇජුටන්ට කියල්ලං" කියල අහගන්න.ඒත් වුනේ වෙන එකක්.

*තවුසෙ ඔහොමම ගිහිල් ඇජුටල්ට කියලවා එහෙලං. 

මාත් නැවත කලින් විදියටම ආචාර කරල ගියා ඇජුටන් හමුවෙන්න. ගිහින් ඇජුටන්ට ආචාර කලෙත් ඒ විදියටමයි. කිව්වෙ බෑ කියලමයි. යාන්තම් ඒකෙන් ගැලවිලා මං පාඨමාලා බිලට් එකට ඇවිත් තවත් දවස් ගානක් යනකම් අත කෙලින් කලේ නෑ. හැබැයි දෙවන අණදෙන නිළධාරිතුමානං ඇජුටන්ට කියල තිබුනා, "ඔිකා හෙන ග්‍රන්ථයා, ඔිං බලහං බොරුනං අරුං දියතලාවෙ ගියගමන් උගේ අත කෙලින් වෙනහැටි" කියල. 


එදා අපිට පුහුණුවට තිබුනේ ගරිල්ලා පීටී. මෙිකට හරියටම දවල් දොලහට අරං පැය එකහමාරක් යනකං වද දෙනවා. මෙි පැය එකහමාර ඉවරවෙනකොට සමහරුට තුවාල වෙනවා. ඒ ගල් බොරළුවලට. හැමෝටම වාගෙ වමනෙ යනවා. ඒක මඩෙි දාගෙන දෙන හෙන කෝස් එකක්. බාගෙට මැරෙනවා ඉවරවෙද්දි. මෙික යන මැද්දෙ අපිව නැගිට්ටුවම කැරකිල කැරකිල ගිහින් ඇදගෙන වැටෙනවා. ඒ ට්‍රෙනින් එකට පස්සෙ හරි සිහිය එන්න දවසක්වත් යනවා. ඒ පුහුණුව නිකන් ආවට ගියාට දෙන එකක් නෙමෙි. ඒවයේ අරමුණු තියෙනව. මාත් එදා ඒකට සහභාගි වෙන්න හිටියත් කිහිල්ලෙ ගෙඩිය නිසා බැරිවුනා. මාව දැම්මෙ ගරිල්ලා පීටී කරන අයට වතුර ගහන්න. 

ඒක දැකපු ඔිසී;

*ආ, ආලච්චි, දැල් උඹෙි අර මොකද්ද එක හොඳයිද. 

අප්පටසිරි කිහිල්ලෙ ගෙඩිය අමතකවුනා කිහල්ලකො. 

*අම්මප,මට බැරිවුනානෙ අයිසෙ තවුසෙ හමුදාවට ආපු පෝලිමෙි මටත් එල්ල.

 එතකොට කට්ටිය ගිහින් නිසා අවුලක්වුනේ නෑ. හැබැයි මාත් කට්ටියට පේන්න එක එක වල් පැලෑටි තල තලා කිහිල්ලෙ ගග ගගා හිටියෙ. ඒ නිසා එච්චරම අවුලක් වුනේ නෑ. 


ඔය පාඨමාලාව යන අතරේ තව වැදගත් සිදුවීමක් වුනා. ඒ තමා නැගෙනහිර හර්තාල් ව්‍යාපාරය. මෙිකට මූලික වුනේ දෙමළ මුස්ලිම් ජාතිවාදී ඝට්ටනයක්. මෙි ජාති දෙක මං දන්න විදියට අදටත් විරසකයි. ඒක හරියට ඩීසල් පැට්‍රල් වගේ.  පොඩ්ඩ ඇත්නම් ගිනි ගන්නවා. අපි කල්ලඩි වලට යන කොටත්  මඩකලපුව, ඒරාවූර්, ඔට්ටමාවාඩි ප්‍රදේශවල මෙි දෙගොල්ල එක දිගට මරාගන්න පටන් අරන් තිබුනේ.. අපිට උපදෙස් ලැබිල තිබුනා ක්ෂණිකව මඩකලපු ප්‍රදේශය ආවරණ වන පරිදි මෙි හර්තාල් ව්‍යාපාරය නැතිනම් ජාතිවාදී ප්‍රශ්ණය වැළැක්වීමට යන ලෙස. අපිට නියෝගවුනේ කල්අඩි කඳවුරට යන්න. බළඇණි පාඨමාලාවෙි හිටපු අයගෙන් තෝරාගත් එකසිය පනස් දෙනෙක් මෙි සඳහා සූදානම් කර පැයකින් දෙකකින් වගේ කාලයක් තුල පිටත් වෙන්න ලෑස්තිකලා. ඒ සඳහා  ⁣වැලිකන්ද 231 බළසේනා මූලස්ථානයෙන් අපිට වාහන එවා තිබුනා. ඒ එවපු වාහන වල නැගල අපිත් මඩකලපුව බලා යන්න පිටත්වුනා. මම ගියේ වාහන ආරක්ෂක මුර රාජකාරියත් එක්ක යුනිකෝන් සන්නද්ධ රථයක. මෙි වාහනවල අපි ගියේ ගගනගාමී හැඟිමකුත් එක්ක. ඒ වාහනේ රෝද බිම තිබුනට වඩා තිබුනෙ පොලවෙන් උඩ. ඒ තරම් වෙිගයක්. අපි ඔට්ටමාවාඩි නගරයට ඇතුල් වෙද්දි තැන තැන වැටිල හිටපු දෙමළ මිනිසුන් දැක්කා. පොලු අරගෙන පිහි කඩු අරගෙන මෙි කිසි දෙයක් නොදැන නගරයට ආපු දෙමළ මිනිසුන් පස්සෙන් මුස්ලිම් මිනිසුන් පන්නනවත් දැක්කා. ඉස්සරලාම ගියපු වාහනේ අය ඒක වළක්වන්න කටයුතු කලා. වැටී හිටපු දෙමල ගැහැනු කෙනෙක් මැරී හිටපු අයුරු ඇත්තටම ශෝකාන්තයක්. අතපය අඹරල කඩල දාල තිබුනා. ඇස් ලොඳ පැනල තිබුනා. තව පිරිමි දෙතුන් දෙනෙකුත් ඒ ආකාරයටම බාගෙට මරල දාල තිබුනා. පිරිමි දෙන්නෙක් විදුලිබල මණ්ඩලය ඉස්සරහා තාර පාර මැදම මරල දාල තිබුනා. ඊට එහා පැත්තෙන් පොලිසිය. අපේ කට්ටියක් හැකි ඉක්මනින් බැහැල ටවුමෙි නවත්තල තිබුනු වාහන අරගෙන ඔවුන්ව රෝහල් ගත කිරීමට කටයුතු කලා. මුස්ලිම් මිනිස්සු අපිටත් ගහන්න වගේ වටකරගත්තා. ඒවටනම් කිසිම බයක් හමුදාවෙ අපි ගාව තිබුනෙ නෑ. අපිට පුරුදු එක දෙයයි. ඒ දෙකයි දෙකේ පොලු හරඹය. අපිට ඉස්සරහින් ගියපු තවත් වාහනයක් නවත්තගෙන ඒකට යන්න නොදී බාධා කරනකොට හොඳින් කියල අහපු නැති ඔවුන්ට හමුදාවෙි ගතිය අනුව  උත්තර දෙන්න අපේ අයට සිදුවුනා. අපිත් දඩබඩ ගාල වාහනෙන් බැහැලා විදුලිබල මණ්ඩලේට අයත් වැටෙන් හොඳ හයිය පොලු ටිකක් කඩාගෙන ගේමට එන්ටර් වෙන්න හදනකොට එවුන්දැලා දුවන්න පටන් ගත්තා. බස් එකක ගිය අපේ අයගේ ක්ෂණික විහිදීම කියන්නෙ මගේ ඇස්වලින් දැක්කා කෝපල් ආරියසේන,කෝපල් ජයන්ත, ජයන්ත බන්ඩාර, ඇතුලු කීප දෙනෙක් දොරෙන් බහින්න තියෙන පරක්කුවට බස් එකේ ජනෙල්වලින් එලියට පැන්නෙ. 


ඔය වගේ තවත් සිද්ධියකදි වාලච්චෙින බ්‍රිගේඩ් එකේ රයිඩර් ටීම් එක වටකරගෙන ඔවුන්ට ගහල බයික් එකක් ගිනිදාන්න හදල සහ අපේ කෙනෙක්ගෙ තුවක්කුවකුත් උදුර ගන්න හදද්දි ඒක දුරදිග ගිහින් ඒ සිද්දියට අදාල මුස්ලිම් මිනිසුන් කිහිප දෙනෙකුට ජීවිතත් අහිමිවුනා මතකයි. ඒක හෙන නඩුවක් වෙලා,රාජ්‍ය දේපළවලට හානි පැමිණවීම සහ රාජකාරියට බාධා කිරීම ආදි වගන්ති ගණනාවක් යටතේ  පස්සෙ නඩුත් කියල හමුදාවට වන්දිත් ගෙවන්න ඒ මිනිස්සුන්ට සිදුවෙලා ඒකට සම්බන්ධ ඈයන්ට හිරෙත් ලගින්න වුනා. 


ඔවුන් ගියාට පස්සෙ අපි අපේ ගමන ගියා. ඒ වාලච්චෙනේ බ්‍රිගේඩ් එකෙන්ම ආපු අපේ අයට මෙිව භාරදීල. ඒ ගිහින් දින තුනක්ම අපි කලේ මුර සංචාරය. මඩකලපුව,කල්අඩි,කාත්තන්කුඩි වැනි ප්‍රදේශවල තමා මුර සංචාරය කලේ. මෙි ගැටුම දින හතරක් පහක් වගේ යනකොට සමථයකට පත්කරන්න අපිටත් දේශපාලන අධිකාරියටත් හැකිවුනා. ඒ රාජකාරියත් අවසන් කරල නැවත සිංහපුරට ආවා. ඒ පාඨමාලාවෙි ඉතිරි ටික සම්පූර්ණ කරන්න. 

ඒ ඇවිත් පාඨමාලාව අවසන්වුනාට පස්සෙ ආයෙත් අපේ කට්ටිය කල්අඩිවලට ගියා. ඒ ගියේ මීට පෙර පළකල  පළවෙනි කොටසේ කිව්ව විදියට මා ඇතුළු තුන් දෙනෙක් නවත්තලා. 


අපිට දවසේ වෙිල් තුනට ආහාර ත්‍රිකෝණමඩු හමුදා අණු කණ්ඩයනේ ලැබුනේ. ඒත් ඒවා ගේන්න කිලෝමීටර් දොලහක් දුර යන්න ඔින. අපි ඒකට පිළියමක් වශයෙන් අපේම පා පැදියක් අළුත්වැඩියා කරගත්තා. කෑම ගේන්න යද්දි නිළ ඇඳුම් හෝ ඒ කොටසක්වත් අඳින්න එපා කියල අණදෙන නිළධාරි තුමාම උපදෙස් දුන්නා. හේතුව ත්‍රස්තවාදීන් කොතනක හෝ ඉඳල අවි රහිත අපිව අල්ලගනී කියන සැකයට. මෙතන හිටියා බල්ලො 17 දෙනෙක්. ගම හතරවටෙි කරක් ගහපු නන්නත්තාර වෙච්චි සංකුට්ටල කල්දේරම් බතට හුරුවෙලා කඳ බඩ ආරල ඇවිත් තිබුනේ. ඉවත දාන ඉතුරු කෑම කාල ඒකට හුරුවෙච්චි බුවාලා ඒකකය ගියාට පස්සෙ කෑම නැතුව නන්නත්තාරවුනා. ඒත් අපි තුන්දෙනා උන්ව එක වෙිලක් බඩගින්නෙ තිබ්බෙ නෑ. හැමදාම අපි කෑම ගේන්න යන්න පිටත් වෙන්නෙ කෑම පැය ආරම්භවුනාට පස්සෙ. එතකොට ඒ කෑම්ප් එකට යනකොට එහෙ කට්ටිය කෑම කාලා ඉවරයි. ඊට පස්සෙ ඉතුරුවෙන බත්ටික ඩිකිස් හූරලාම පෝර මල්ලකට දාගෙන මස් මාලු හොදිත් ඒකටම දාගෙන අපි තුන් දෙනාගෙ කෑම තුන පාර්සල් කරල සිරි සිරි බෑග් එකක දාල හැඩල් එකේ ගැට ගහගෙන අර පෝරමල්ල කරේ එල්ලගෙන කිලෝමීටර් දොලහක් තනි අතින් අල්ලගෙන බයිසිකලේ පදිනවා. ඔික ඉස්සෙල්ලාම පටන්ගත්තෙ මම. අපිට ඒක එච්චර ගානක් නැතිවුනේ ඒවගේ අත්දැකීමක් නොතිබුනු හිංදා. ඒත් අපි කන්න ගත්තම වටෙිම ඉන්න මෙි සංකුට්ටල රෑනම  පිරෙනවා. ඒ කරලා අපි හපනවා,උන් ගිලිනවා වගෙ සයිස් එකක් එතන තිබුනේ. ඊලඟ වෙිලෙ ඉඳන්ම මුන්ටත් කෑම ගේන්න ඔින කියල තීරණය කරපු මම, ඒකට හොඳ පෝර මල්ලකුත් හොයා ගත්තා. ඉටි කවර අනංමනං මෙි කැලේ හොයාගන්න නෑ. මුන්ටත් එක්ක කෑම ගේන්න ඔින නිසා මුල් දවස් කීපයේම තුන් වෙිලටම මටම සයිකලේ පාගන්න වුනා. පස්සෙ පස්සෙ අනිත් දෙන්නත් මෙිකට පුරුදු වුනා. කියන්න සංතෝසේ විලිලැජ්ජාවෙි බෑ, කරේ තියාගෙන එන පෝර උරේ හොදි පිට කොන්ද දිගේ ගානට බෙිරිලා දාරදිගේ ගලාගෙන ඇවිත් කකුලෙන් බිංදුව බිංදුව හැලෙනවා. අපි ඉන්න තැනට එනකොට මුලු ඇගම මිරිස් හොදිවලට දනවා. සෙරෙප්පු දෙක යටිපලුවලටම ඇලිලා. දූවිල්ලටයි දාඩියටයි මහන්සියටයි මස් මාලුවල මිරිස් හොදිත් කලවම් උනාම පට්ට ආතල් එකක් දැනෙන්නෙ. එහෙ ඉන්නකන්ම ඔය විදියට උන්ට කෑම ගෙනත් දුන්නා. එක වෙිලක් බඩගින්නෙ තිබ්බෙ නෑ. ඩංක,ඩිංක,ඩුංක,සානි,මානි,නිසා,හුලඟා, වයිරා, ටොමියා, වල් කුක්කා(ඌට බැල්ලියො පේන්න බෑ. කරේමයි නගින්නෙ) ඒ උන්ගෙ මතක නම් කිහිපයක්.හැබැයි උන්ගෙ ඒ කෙළෙහිගුණේ හොඳට පිහිටල තිබුනා, 


එක දවසක් අලි ගෑනියි උන්දැගෙ පැටියෙකුයි, තවත් දෙතුන් දෙනෙකුයි අපේ බිල්ඩිම ලඟටම ඇවිත්. හෙන ගග ගගහ වහින අනෝරා වැස්සට යට වෙලා අපි සැපට නිදි. මෙලෝ දෙයක් දන්නෑ. ටොමියා දුවගෙන ඇවිත් මාත් එක්ක හිටපු  සුනිල් ගේ ඇඳට නැගල අතින් ඇදල ඇහැරවනවා. එතකොට තමා අපි දන්නෙ අලි ඇවිත් කියල. ටොමියා ශානි මානි තුන්දෙනා නිදාගන්නෙ අපේ දොරකඩමයි. උන්ට හොරෙන් මෙලෝ යකෙකුට අපි ඉන්න තැනට එන්න බෑ. සද්ද නොකර ආවොත් බඩුම තමා. ආයෙ දවසක හෝම්ගාඩ් සිරිවර්ධන කියල මාමා කෙනෙක් ශෝට් කට් එකකින් මෙතනින් පාන්දර දෙකට යන්න ඇවිත්. ඒ තමන්ගෙ මුරය ඉවරවෙලා ගෙදර යන්න. මුන් රෑන වට කරගෙන ඇඳුමත් එක්ක ඉරලා. හැබැයි හපල නෑ. එහෙව් සෙට් එකක් තමා අපි බස්සල තිබුනෙ. 


මෙි සිංහපුර ගමෙි හමුදාවෙන් හදල දීපු පන්සලේ හිටියා වලපනේ ධම්මාලංකාර සහ වැලිකන්දේ වංශාලංකාර කියල පොඩි හාමුදුරුවො දෙනමක්. අපිත් හැන්දෑවට හැමදාම පන්සලට ගිහින් ඒ පිටු පස්සෙ තියෙන ගල්  තලාවෙ වාඩිවෙලා හීනි කයියක් එහෙම ගහනවා. එතකොට අවුරුදු දහතුනක වංශාලංකාර පොඩි සාදු අපි එක්ක කයියට වැටෙනවා. සෙල්ලම් වයස. එයා මිලාට් අඹ ගහක් උඩ සෙල්ලං ගෙයක් හදල තිබුනෙ. මෙි පංසලට දානෙ ලැබෙනව අඩුයි. සමහර දවස්වලට දානෙ ඇත්තෙම නෑ. සල්ලිත් නෑ. ඒත් අපිට කියන්නෑ. මුන් වහන්සෙගෙ පුදුම දඟයක් තිබුනෙ. විනාඩියක් නිකන් ඉන්නව කියන එක ශබ්ධකෝෂෙවත් තිබිල නෑ. සමහර වෙලාවල්වලට (ලොකු හාමුදුරුවො නැති දවස්වලට) සිවුර අඳින කඩෙි ගහේ. මෙයාලා නටනවා. කුරුම්බ කඩනවා. පොල් කඩනව, එක එක විකාර. 


ඔය වගේ දවසක හවස අපි දෙන්නෙක් පන්සලට යද්දි වංශාලංකාර පොඩි හාමුදුරුවො සිවුරයි අඳිනකඩෙයි ගලවල තියල සරං කොටයක් ගහගෙන තඩි පොල් ගහකට නගින්න හදනවා. වෙලාව හවස හතරට විතර ඇති. එතකොට මගේ ලොකු පුතා හම්බවෙන්න වයිෆ් ගැබ්බර වෙලා හිටියෙ. මෙික දැකල මං

*හොව් හෝව්. කොහෑ පොඩි සාදු වඩින්ඩ හදන්නෙ??

*ගහට වඩින්නෙ. කුරුම්බා ගෙඩියක් වඩ්ඩන්ඩ අයියා. (එහෙම තමා උන් වහන්සෙගෙ හැටි)

*ඇයි දානෙ කෑවෙ නැද්ද දවල්ට. 

වචනයක්වත් කතා නෙකෙර බිම් බලාගත්තු බැල්මෙන් මට වැඩෙි තේරුනා. (මෙිව ලොකු හාමුදුරුවන්ගෙ වැරදි. අපි ඒව කතා නොකර ඉමු).

ඒකටනම් මගේ පපුව හෝස් ගාල දාල ගියා. මං ලඟට ගිහින් ඔලුවත් අතගාලා විස්තරේ එයාගෙ කටින්ම අහගත්තා. අපි අතේ සල්ලිත් තිබුනා. ඒ වෙලාවෙම කඩෙිට ගිහින්, හාල් තුනපහ එලවලු කරවල හෙන තොගයක් ගෙනාවා. අරන් ඇවිත් පංසලේම තියාගෙන ඉවුවා. ඒ අපිටත් එක්ක. උයල ලොකු හාමුදුරුවො එන්නත් කලින්ම කන්නත් දීල අපිත් කාල එන්න ආව. එදා ඉදන් දානෙ නොලැබෙන දවස්වලට පොඩි සාදු අපිව හොයාගෙන එනවා. ඒ අපි උයන ඒව රහයි කියල, උයල දෙන්න කියන්න. පස්සෙ අපිත් මෙි පංසලේම සාමාජිකයො වෙලා හිටියේ. ත්‍රිකෝණමඩු කෑම ගේන්න යනකොට ⁣උන් වහන්සෙලා දෙන්නටයි මහණ වෙන්න හිටපු අවුරුදු දොලහක විතර දරුවෙකුටයි, හිතුනොත් විතරක් ලොකු හාමුදුරුවන්ටයි අපි කෑම පාර්සල් ඔතාගෙන එනවා. පව් හෝ පිං හෝ ලැබෙිවා, පොඩි තුන්දෙනාගෙ කෑම පාර්සල් වලට කුකුල් මස් දෙන දවසට කෑලි හතර පහ දාගෙන ඔතාගෙන එනවා. එක දවසක් එහෙ ඔිසී මෙික දැකලා..

"තුන් දෙනයිනෙ ඉන්නෙ, කාටද මෙච්චර කෑම?? " කියල ඇහුවා. එයත් හමුදාවෙ නිසා මං බය නැතුව ඇත්ත විස්තරේ කීවා. එදා ඉඳන් ඒ ඔිසී ගානේ දින තුනකට සැරයක් මෙයාලා වැලිකන්දට අමු සළාක ගේන්න යනකොට අපි තුන්දෙනාට අමතරව පන්සලටත් රසවත් කෑම වෙිලක් ඇති වෙන්න අරන් එනවා. මටත් අවසරය ලැබුනා ඔිනම වෙලාවක ඇවිත් ඔිනම දෙයක් ඒ තුන් දෙනා වෙනුවෙන් අරන් යන්න කියලා.ඒක අපි ඇවිදිල්ලත් අවුරුදු ගානක් යනකම් උනා කියල පස්සෙ කාලෙක හම්බවුනු වංශාලංකාර හාමුදුරුවොම කිව්වා. උන් වහන්සේ පස්සෙ කාලෙක ගම්පහ පන්සලකට ඉගෙන ගන්න ඇවිත් හිටියා. මට ගම්පහ ස්ටෑන්ඩ් එකේ ඉඳල අහම්බෙන් හම්බවුනේ. මට යන්න දුන්නෙම නෑ. පස්සෙ බයිසිකලේම දාගෙන එයා ඉන්න පංසලට යන්නවුනා. ඒ ගිහින් එව්වෙත් හොඳටම හවස් වෙලා. ගොඩක් දේවල් මට කිව්වා. ලොකු හාමුදුරුවොන්ව ගමෙි ඈයො එළෙව්වලු කියලත් කිව්වා. ඒවනං අපිට අදාලනෑ. අපි ගිහියොනෙ. මට එදා හම්බවෙනකොට උන්වහන්සේ උසස් පිරිවෙන් අධ්‍යාපනයත් අවසන් කරල කැම්පස් යන්න බලාගෙන හිටියෙ. 

දැන්නං කොහේ ඉන්නවද දන්නෑ. මට මතක විදියට ඒ පොල්ගස්ඔිවිට පන්සල වෙන්න ඔින. ජා ඇල පාරෙ ගියෙ. කාලයක් යනකම් මට ලියුනුත් එව්වා. පස්සෙ අපේ රාජකාරි මට්ටමත් එක්ක ඒව අකාමකා වෙලා ගියා. 


එහෙම ආරම්භවුනු අපේ ඇයි හොඳයිය හාමුදුරුවො දෙනමයි අනිත් එක්කෙනයි හැමදාම තුන වෙනකොට අපි ඉන්න තැනට එනවා. ඒ නාන්න යන්න. අපිත් නාන්නෙ කොන්ක්‍රීට් ඇලකින්. එයාලා නාන්නෙත් එතනින්. අපිත් එයාලා එක්ක ගිහින් හොඳට නාවගෙන සමහරදාට සිවුරුත් හෝදල දීල එක්ක එනවා. ඔහොම ඉද්දි දවසක් මරු වැඩක්වුනා. මෙහෙ ඉන්නව තනි අලියා. හවස හතර වෙද්දි ඇල පල්ලෙහාට එනව වතුර බොන්න. අත්දැකීමෙන් තමා අපිත් දැනගෙන හිටියෙ ඌ දරුණු නෑ කියලා.සමහර ගමෙිම මිනිස්සු දන්නෙත් නෑ.අලියා දරුණු වෙිවා, නොවෙිවා  සතා තනි අලියනෙ. ඉතින් මිනිස්සු බයයි. ඌ ඉන්නවනං පලාතෙන් යන්නෑ. එදා ගැහැණු කෙනෙකුයි අවුරුදු හයක හතක විතර ගෑණු දරුවෙකුයි අපිට ටිකක් පල්ලෙහායින් ඇලේ් නනනනා හිටියෙ. එකම ඇලේ. අලියට අලි කුලප්පුව හැදිච්චි පාර කියන්නෙ ඌ වෙනදට බහින තැන නැතුව මුන්දැලා කිට්ටුවෙන් ඇලට බැහැල වතුර බොන්න. මෙික දැක්ක අම්මයි දුවයි එකපාරටම ඇලෙන් ගොඩවෙලා කෑ ගහගෙන දුවගෙන ආවා පාර දිගේ.ඒ අපි ඉස්සරහට. පාරත් එක්කම තමා ඇල යන්නෙ. අලියට බය වෙච්චි පාර කියන්නෙ ගෑනු කෙනාගෙ දිය රෙද්ද  තිබුනෙ අතේ. ඊට ලෙකෙුයිනෙ පරාන බය. පව් අහිංසක මිනිස්සු. පොඩි හාමුදුරුවො තමා කිව්වෙ අලි පන්නල ඉවරයි නැන්දෙ, රෙද්ද ඇඳගන්න කියල. ඒකට අපි දවස්ගානක් හිනාවුනා. ඒ දවස්වල  පොඩි දේටත් අපේ කටින් පිටවුනේම "අලි පන්නල ඉවරයි, රෙද්ද ඇඳගන් කිව්වලු "කියල. 


"හාල් ටිකක් ලිපේ තියමුද පොඩි සාදු"

"හුටා. අලි පන්නල ඉවරයි, රෙද්ද ඇඳගන් කිව්වලු, තියමු තියමු අයියෙ".  

"පොඩි සාදු කෑවද?"

"අලිපන්නල ඉවරයි රෙද්ද ඇඳගන් කිව්වලු. ඒකත් අමතකවුනානෙ අයියෙ.කමු කමු"

"අයියෙ හාල් ටිකක් ගේමුද,මා ගාව පඬුරු ටිකක් තියේ"

"හම්මට,අලි පන්නල ඉවරයි රෙද්ද ඇඳගන් කිව්වලු. හාල් ඉවරද,ගේමු ගේමු."


අලිගහල හරි මැරියන් කියල මාව මෙතන නවත්තල ගියපු ඔිසී අපි උන්නද මළාද බලන්න කෝල් එකක්වත් දුන්නෑ. ඒ ගැනනම් ඉතින් හිතන්න දෙයක් නෑනෙ. අපි එච්චර වටිනවෑ. ඒත් එකම එක දවසක් හවසක සර් උපාලිගේ පෝන් එකට කතා කලා. 

*ආලච්චි, ආල් ලිස්ට් එක ඇවිත්. මං පවුනෙ කියල නිර්දේශ යැව්වා ඈ. ලෑස්තිවෙලා හිටාල් ලාස් එක අඳිල්ල.

*බෝමස්තුතියි සර්. ඒත් ඔික ලැබෙන එකද්ද. කියල මං අහපුවම,

සර් මං ගැන කියන්න පටන් ගත්තෙ 1995 ඉඳලා. ඒක පැයකටත් චුට්ටක් වැඩි ඇමතුම් කාලයක්. ප්‍රමෝෂන් එක ඇන්දම සුභ පතන එකත් ඒ ඇමතුමෙන්ම සර් සම්පූර්ණ කලා. සුභ පැතුවෙ;

*යකෝ, තෝ වගේ එකෙක් හදාපු අම්මට ඉස්සෙල්ලා ජෙරරල් එක දීල ඉල්ල ඔිල. යකෝ මට තෝව එපා වුනේ මුවාට ජංගි අන්දපු දවසෙ ඉඳන්. මිල් ඉස්සරහටවත් හොඳට ඉදහල්. හොඳට හැඳියල්. එතකොට අන්තිම එකෙල්වත් යල්ල පුලුවල් වෙයි. කියල.


මුවාට ජංගි අන්ඳපු කතාව කියන්නෙ, මෙි සර් හෙන මහතයි. හෙන මහතයි කිව්වට කැත මහතක් නෑ. එතකොට මෙයා කෝපල්. 1996 අවුරුද්දෙ. මෙි කාලෙ කෝපල් ඉන්ද්‍රකුමාර කියල කෙනෙක් දඩයමෙි ගිහින් මුව පැටියෙක් අරං ආව. ඌ හෙන හුරතලේට අපිත් එක්කම හැදුනා. කොයි වෙලාවෙ අපිව පෝලිම් කරපං මූ තමා දකුණු මූලික. ඌට පස්සෙන් ඔින අපි පෝලිම් වෙන්න. එතකොට මුගේ නාඹර වයස. අං එහෙම මෝදු වෙන කාලෙ. එක දවසක් මූට මොනා වෙලාද මංදා පිටි පස්සා කකුල් දෙක මැද්දෙන් ඇඟිල්ලක්  විතර මහත අඩියක් විතර දිග ඇට නැති මොකද්දෝ රතුපාට එකක් එල්ලගෙන පද්ද පද්ද පෝලිම් වෙන්න යන්න ආවා. ඌ දන්නවා පෝලිම් කරන වෙලාවල්. මෙහෙ කෙල්ලොත් ඉන්නවනෙ. ඔික දැකපු මං මුට හොඳ වැඩක් කරන්න ඔින කියල හිතල වැලේ තිබ්බ ජොකෙක් අරං බොහොම අමාරුවෙන් තව එකෙකුත් එක්ක එක්කහු වෙලා මූට ඇන්දුවා. උඩටම ගන්න බෑ. පුලුවං විදියට ඇන්දුවා. ඒත් අයිටම් එක එළියෙ. කල්පනා කෙරුවෙ ඒකට මොකද්ද කරන්නෙ කියලා. පස්සෙ කම්බියක් අරන් බෙල්ල වටෙි ගැට ගහල බඩ යටින් පොටක් අරං ඒක ජොකාගෙ කෙලවර ඇදල ගැට ගැහුවා. ජොකා ලොකු හිංදයි කම්බියට ඇදෙන හිංදයි අයිටම් එක ටිකක් වැහුනා. ඊට වඩා මුකුත් කරන්න බැරි හිංද එහෙම්මම ඌ අතැරල අපි පෝලිම් වෙන්න ගියා. මූත් සුපුරුදු විදයට ජොකත් දාගෙන ඇවිත් පෝලිම් වුනා. ඒක කෙල්ලන්ට හෙන මැජික් වෙලා ඇජුටන්ට ඇලජික් වෙලා වැඩෙි කොරපු එවුන් හොයලා, ඒකට මාව අහුවෙලා, ඇජුටන් හිටියෙ ප්‍රසාද් අයිය නිසා යන්තම් ගුටි නොකා බෙිරුනා. ඒත් බිලට් එකට යන්ඩ ගියා විතරයි දඩ සයිස් පොල්ලකුත් තියාගෙන හට් එක ඉස්සරහම පුටුවකත් ඉඳගෙන කෝපල් බංඩාර මම එනකං මග බලන් ඉන්නවා. මං දුර තියාම ඔික දැක්කා. දැකල එතනින් කැපිල ගිය යෑමන ආයෙ බිලට් ආවෙ එයා රෑ ඩියුටියට කඳවුරෙන් එලියටත් ගියාට පස්සෙ. එයාට අවුල තිබිල තියෙන්නෙ මුවාට ජොකා අන්දපු එක නෙමෙි. අන්දපු ජොකාගෙයි අවුල තිබිල තියෙන්නෙ. තිබුනෙම දෙකයිලු. එකක් රෙක්කුට්ටාරච්චි  මුවාට අන්දලලු කියල හෙන ගෝරියයිලු බිලට් එකේ. මාව මරනවාමයි කිව්ව කියල මට කිව්වෙත් බැචෙක්ම තමා. හැබැයි ඉතින් එයා ආයෙ ඇතුලට ආවෙ දවස් දෙකකින්. එතකොට තරහ නිමිල. එයා හරි ඉක්මන්ට නිවෙනව. දන්න ලොකුම කුණුහරපෙ වෙි&@%ගෙ පුතා කියන එක විතරයි. ඊලගට බල්ලා. ඔය දෙක කිව්වම අපි දැනගන්න ඔින ලෝකෙ තියෙන ලොකුම කුනුහරප කියල තමා ඒ බැන්නෙ කියල.වලව් කාරයොනෙ. 

දවස් දෙකකට පස්සෙ ඇවිත් ටවුමේන් ජොක්කු තුනක් අරං ඇවිත් මට පෙන්නල කිව්වා, එදා බැරිවුලා, ආයෙ ඒම නෝබිනා වැඩ කලොත් අම්මපල්ලයි තෝව මරලවා කියල. 




ඉවර නෑ......



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.11.23

සිංහපුර 03

 සිංහපුර 03


අපේ ඒකකයේ ආරම්භයේ ඉඳන්ම විශ්‍රාම යන තෙක්ම හිටපු වෙනත් ඒකකයක එක් සාමාජිකයෙක් හිටියා. ඒ සාසෙ සිල්වා. සන්නාලි වෘත්තීය තමා එයාගෙ ජොබ් එක. හොඳ බොක්සින් ක්‍රීඩකයෙක්. එක තරඟයකටයි සහභාගි වෙලා තිබුනෙ, ඒකෙනුත් නිල්වෙන්නම කාල හක්ක පනින ලෙඩක් මෙයාට තිබුනා. හයියෙන් ඈනුමක් අරින්න බෑ. හක්ක පනිනවා. හයියෙන් කහින්න, කෑ ගහන්න බෑ හක්ක පනිනවා. සිංහපුර ඉද්දි එක දවසක් සැන්ටින් පාරක් දාල කෝපල්ල එක්ක හොරෙන් බීල, මොකක් හරි වෙලා මෙයාගෙ හක්ක පැනලා. 

"යහෝ..වහෙ හහ්හ පැහ්හා..වාව ඉහ්පිහිතාහෙ ඈන් පලෑන්, හහ්හ පැහ්හා, හහෝ.. හුහ්හෝ හහ්හ පැහ්හා" කියල හයියෙන් කෑ ගහනකොට හොරෙන් බීපුවත් මාට්ටු වෙලා, ඒකටත් හෙන කේස් එකක් ගිහින් කෝපල්ල ආර්එස්එම්ගෙන් ගුටිත් කාලා තිබුනා.  කෝපල් සිල්වා ඒ කියල තියෙන්නෙ එයාගෙ හක්ක පැන්නා ඉක්මනින් ඉස්පිරිතාලෙ අරන් පලයන් කියලා.  අපි සීන් එක දන්නෙත් පහුවදා.එතකොට මෙයා ලාන්ස් කෝප්‍රල්. අපේ ඒකකයට පුදුම ආදරයක් තිබුනෙ. සම වයසේම කොල්ලොනෙ ඒ වෙද්දි අපේ ඒකකයේ හිටියෙ. එයා ගැන කියනවනං පොතකුත් ලියල තව චුට්ටකුත් ලියතෑකි. ඒක ආරංචිවෙලා දවසක කෝපල් සිල්වගේන්  "හෝහල්, හොයි හහ්හද පැහ්හෙ" කියල අහන්න ගිහින් රෙදි කප කප හිටපු කතුරෙන් මට දමල ඇරල ඒක බිත්තියෙ වැදිල කැඩිල ආයෙ හයසිය ගානක් අතින් දීල අළුතෙන් කතුරකුත් ගේන්න වුනා. ඊට පස්සෙ මට තහනම් කරල තිබුනෙ ටෙිලර් ශොප් එක පැත්ත පළාතට එන්න. 


අපිට පාඨමාලාව මැද්දක් යද්දි වාර්ෂික නොමිලේ නිකුත් කිරීම් ලැබුනා. ඒ නිකුත් කිරීම් වලට ටවල්,බූට් සපත්තු,මෙිස්,නිළ ඇඳුම්, කැන්වර්ස් සපත්තු ආදිය ලැබෙනවා. ඒවා අපිට ලැබුනේ වර්ෂය මුල. ඒකට හේතුව මෙි පාඨමාලාව හදාරද්දි නිළ ඇඳුම් ඉරෙනවා, පේඩ් වෙනවා, මිසින් වෙනවා. මිසින් වෙනවා කිව්වෙ හෝදලා වැලේ දාපුවම ඒකෙ ඇස් දෙකම එල්ලල ආවත් ඒකටත් හොරෙන් උස්සනවා. මෙි වගේ කෝස්වල මැජික් කාරයො කොහොමත් ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. ඔය ප්‍රශ්ණ නිසා අපි කියල තිබුනෙ තව නිළ ඇඳුමක් තිබුනොත් හොඳයි කියලා. ඇත්තටම මං මෙි කෝස් එකටත් ඇන්දෙ අවුරුදු හතරක් විතර පරණ, හිතේ තිබුනු වෙන කෝස් එකක් කරද්දි භාවිතයට ගන්න තිබ්බ එකක්. ඉස්සර හමුදාව දුප්පත්. මාසික වෙිතනය හස්බවුනාම අපි ඒකෙනුත් කරන්නෙ අවශ්‍ය කරන නිළ ඇඳුම් ආදිය ගන්න එක. හමුදාව දුප්පත් උනාට අපි ලස්සනට ඇඳල පැළඳල ඉන්නව. පාඨමාලාවට ඇන්ඳ මගේ නිළ ඇඳුම් තුනෙන් එකක් ගැන තමා අර කිව්වෙ අවුරුදු හතරක් විතර පරණයි කියලා. ඒත් ඒක ඉස්සෙල්ලම ඇන්ඳෙත් පාඨමාලාවටමයි. 


එදා අපිට පුහුණුවට තිබුනේ වෙඩි තැබීම. ඒ මීටර් 25 දුරදි අවිය සීරුමාරු කරල, එතන ඉඳන් මීටර් 50,100,200 දුර ඉඳන් ඉලක්කපතට වෙඩි තැබීම.  අපි රියන්ෆෝස් ඒකකයක් වුනාට හමුදාවෙ ඉහලින් අපිට සැලකුවෙි සේවා ඒකකයක් විදියට. ඒ පාලන කටයුතුවලදී විතරයි.ඒ දවස්වල නැගෙනහිර ක්‍රියාන්විත සම්බන්ධව හැම දේකටම පෙරමුණ ගන්න වුනේ අපේ ඒකකයට. 


එදා වෙඩිතැබීමෙි පුහුණුවෙිදී ඒක භාරව කටයුතු කලේ එවකට ලුතිතන් ගමගෙදර. මගේ වාරයත් ආවා. 

ඊට පස්සෙ අවියත් අරන් ගිහින් සීරුවෙන් ඉඳලා වෙඩිපිටි නියෝග අනුව හැසිරිලා වෙඩි තියන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ තිබුනේ ඉරියව් තුනක පිහිටා වෙඩි තැබීම.ඒ බිම දිගාවී,දනහිසෙන් ඉඳගෙන සහ හිටගෙන (PRONE,KNEELING& STANDING). මෙි වෙඩිතැබීම කරන්න තියෙන්නෙ ටයිමින් වලට. ඒ කියන්නෙ එක ඉරියව්වකට තත්පර කිහිපයක කාලයක් දෙනවා. ඒ කාලය ඇතුලත වෙඩි තියල අවසන් කරන්න ඔින. මමත් පළමුව බිම දිගාවී ⁣ඒ ඉරියව්වට ලැබෙන  උණ්ඩ ප්‍රමාණය නියමිත කාලය තුල වෙඩි තියල, ඊලඟ ඉරියව්වට ආවා. ඒ එද්දි "බ්රාස්" ගාල ශබ්දයක් ආවා. මට දැනුනා වෙච්චි හදිය. යුනිෆෝම් කලිසම ඉරුනා හරියටම දාරෙ දිගේ. ඒත් මං කිසිවිට ඉරියව්ව වෙනස් නොකර වෙඩි තැබුවා. ඉරුනේ කොතනින්ද,ඉන්නෙ හෙලුවෙන්ද යටින් හුලන් වදිනව නේද කියල මට අදාල නෑ, හිටපු විදියටම ඉඳගෙන ගත්තු කුරුමාණමෙිම ඉඳගෙන වෙඩි තැබුවා. මමත් තව තිදෙනකුත් ඒ තුනට අමතරව වෙනම ඉරියව්වක ඉඳන් වෙඩි තැබීම කරනවා. ඒ එරමිණියා ගොතාගෙන වාඩිවෙලා. එහෙම ඉඳගත්තම ඒක දැකපු ලුතිතන් ගමගෙදර "ආරච්චි, අවුලක් වෙලා නේද?" කියල ඇහුවත් මං හිස හොලවන්නැතුව තනි ඇහෙන් එතුමා දිහා බලල ඒක නෑහුනු ගානට ඉඳගෙන මගේ වැඩෙි කරගෙන ගියා. මොකද ගත්තු කුරුමාණම වෙනස්වුනොත් ආයෙ ඊට පෙර උණ්ඩ වැදිච්චි තැන්වලට ඊලඟ උණ්ඩ පතිත කරවන්න කීයටවත් බෑ. ඒක ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලාවෙන් පුහුණු වූවක් සහ වෙඩි තැබීමෙිදී න්‍යායක්. ආයෙ කලිසම දිහා බැලුවෙ රපෝර්තුවත් අවසන් කරල එතනින් විසිර ගියාටත් පස්සෙ. ඊට පස්සෙ ප්‍රථමාධාර ආපු මෙඩිකල් ඔර්ඩ්ලිගෙන් තුවාලවලට අලවන දඩ සයිස් ප්ලාස්ටරයක් ඉරුණු තැනට ඇතුලෙන් පලු දෙක එකතු කරල අලවගෙන තමා දවසම දිව්වෙ. ඒ වගේ දෙයක් උනාම ගන්න අමතර නිළ ඇඳුම් අපි ගාව තිබුනෙ නෑ. ඒ ඔක්කෝටම තමා පාඨමාලාව මැද්දෙ අරහෙම නොමිලේ නිකුත් කිරීම් ලැබුනෙ.


මෙි නිළ ඇඳුම් ලැබිච්චි දවස මහ මූසල දවසක්. තාම හිතාගන්න බෑ එහෙම වුනේ ඇයි කියලා. සුපුරුදු පරිදි එදාත් හවසත් ලුතිතන් බණ්ඩාර කට්ටියම පෝලිම් කරල ගැටළු විමසද්දි අපි කීප දෙනෙක් කිව්වා අළුත් යුනිෆෝම් එක හදාගන්න ටෙිලර් ෂොප් එකට යන්න ඔින කියල. ඒකට මටත් තව එක්කෙනෙකුටත් අනුමැතිය ලැබුනේ එතුමගේ යුනිෆෝම් එකත් එක්ක කෝපල් සිල්වට හදන්න ගිහින් දෙන අවසරයත් එක්ක.  අපි දෙන්නාත් සර්ගෙ නිළ ඇඳුමත් අරගෙන ටෙිලර් ඉන්න තැනට ගියා. 

ඉස්සෙල්ලම අපේ ඒව දීල, අවශ්‍ය මිම්මත් දුන්නම සර්ගෙ යුනිෆෝම් එකත් මහන්න කිව්වා කියල දුන්නා.

ඒක දුන්නම කෝප්‍රල් සිල්වා,


*එහෙම මහන්න බෑනෙ බං, සර්ගෙ මිම්ම ඔිනෙ. නැතිනම් අඳින යුනිෆෝම් එකක් හරි ඔින.

*ඔයත් අහන දේවල් කෝප්‍රල්, සර්ගෙ මොන හැඩයද්ද කෝප්‍රල්. මාරි පෙට්ටියක හරි සල්ලයිට් පෙට්ටියකට හරි මිම්ම අරන් කැමති විදියට මහනව මිසක්. 

එහෙම කියද්දි කෝපල් සිල්වා මුහුනේ ඉරියව්වලින් සන් කර කර මට මොකක් හරි කිව්වා. ඒක නොතේරුනු මං හිතුවෙ ආයෙ කියපං කියනව වගෙ එකක් කියනව කියල.

ආයෙත් මං;

*හරි හරි කෝපල් පොරගෙ හරි හැඩයක් තියෙනාද අනේ. හරි හතරැස් බුවානෙ. ඔන්නොහෙ බඩට ටිකක් වැඩිපුර ඉඩතියල අනික්වා මහන්න. හෙට ඔින කිව්වා ඈ. ඔිසීගෙ එකට කලින් මගේ එක මහන්ඩ ඈ.. කියනකොටම එකපාරටම ඇජුටන්, කෝපල් සිල්වගෙ රූම් එකෙන් එළියට ආව. සර් කැන්ටිමෙන්  සිගරට් එක අරගෙන ඒක බොන්න එන්නෙ මෙතෙන්ට. මට දෙවියන් සිහිවුනා.

*මොකද්දෝයි තවුසෙ කීවෙ. 

නිහඬයි.

*ආයෙ කියනව බලන්න මොකද්ද කිව්වෙ කියල. හිටහංකො මං ඔිසීට කියන්න සර් නැතිතැන කතාකරන්නෙ එහෙමයි කියල. කාල වරෙන්කො.

 ආයෙ කියපු එකක් ඇදල ගන්න කියලද. කිව්වෙ නෑ කියන්නද. එයා ගිහින් ඒක අපේ සර්ට කියල හෙන ගිනිවිජ්ජුම්බරයක් එතන වුනේ. රෑම උසාවියට කැඳවල බත් එපා වෙන්නම කන් පිරෙන්න කිව්වා. හැබැයි ඊට වඩා හොදයි කියල හිතුනා ඇජුටන් ඒ වෙලාවෙම මට ගැහුවනං. වෙන මුකුත් හිංද නෙමෙි, ලුතිතන් බණ්ඩාර බනින කාලය අනුව තොල් තුවාලවීමෙි වැඩි ප්‍රවනතාවයක් තියෙන නිසා. ඒ හිනාවෙන් නැතුව ඉන්න තොල් හපාගෙන ඉඳල.

96 අවුරුද්දෙම වෙච්චි දෙයක් මෙි.  මමයි කොඩිතුවක්කු කියල තවත් මගේ බැචෙක් එක්ක කැන්ටිමෙන් සිගරට් එකකුත් අරං සෙක්ටර් 03 මැද්දෙ තියෙන බංකරේකට රිංගුවෙ කාටත් හොරා මෙික බොන්න. අහුවුනොත් අපිට බඩුම තමා. අපි දෙන්නා රටක් රාජ්‍යයක් දිනුව වගේ සිගරට් එකයි, ගිනිපෙට්ටියයි අරගෙන බංකරේට යද්දි තුන් හතර දෙනෙක් බංකරේ ඇතුලෙ සිගරට් පත්තු කරගෙන ඩබල් එකේ අදිනවා. මං සිගරට් බොන්නෙත් නෑ, කොඩියගෙ තනියට ගියෙ. 

අපිව දැක්ක ගමන් ඒ අය සිගරට් එක හංගගත්තා. ඇත්තටම අපි ඒ තුන් හතර දෙනාව දැක්කෙත් එදාමයි. 

ඒ සිගරට් එක හංගනවා දැකපු මම හිතුවෙ අනිත් රෙක්කෘට් බැච් එකේ කට්ටියක් කියල. ඒත් අපේම බැච් එකේ, ගජබා රෙජිමෙින්තුවෙ පුහුණුවෙලා ආපු අය. එයාලත් හිටියා අපිත් එක්ක. 

ඊට පස්සෙ මං විහිලුවට; "හා හා මං දැක්කා, උඹල කොහොමද හමුදාවෙ සිගරට් බොන්නෙ?" ඇහැව්වා.

එකෙක්;

*අනේ කෝපල්, ආසාවට එකක් බිව්වෙ.

*ආසාවට සිගරට් බොනාද හු&@තො?

ගනියව් තියෙන ඔක්කොම එලියට...

තව එක සිගරට් එකක් එක්කෙනෙක් සාක්කුවකින් ඇදල ගත්තා.මාත් උන්ට හෙන ලෙක්චර් එකක් දීල,ඒ සිගරට් එකත් අරගෙන හවසට ලෙමන් පප් එකකුයි සිගරට් පහ ගානෙයි අරං හම්බ වෙයව් කියල උන්ටික යැව්වා. 

රෑ හතට විතර අපේ ඔක්කොටම එන්න කියල කොප්‍රල් බණ්ඩාර පණිවිඩයක් එවල තිබුනා. අපිත් ගියා. යද්දි අරුන්දැලත් ඉන්නවා කෝප්‍රල් බණ්ඩාරත් එක්ක. අනිවාරයෙන්ම ආයෙ සිගරට් බීල කෝපුල්ටම මාට්ටුවෙලා. අනික මුන්දැලා මාව හම්බවෙන්න ආවෙත් නෑ. අපිත් ගියා ලඟටම. මං හිතුවෙ අපිටත් අහුවුනානේද කියල සාක්ෂි අහයි කියල. ඒත් වුනේ වෙන දෙයක්.

*කව්ද,මෙි කෝපල්ලට සිගරටුයි ලෙමන් පපුයි අරං හම්බ වෙන්න කිව්ව ගස්ගෝනා??

"මොකක්, කෝපල්ලා., අපි එහෙම එකක් දන්නෑනෙ. "

කව්ද ඒ කිව්වෙ කියල දෙතුන් පාරක් අහද්දි මං ඉදිරිපත්වුනා. 

*ආ උඹඳ චන්ඩියා?? කියල අත දිගෑරල කණ හරහා උණු උණුවෙන්ම සොට් එකක් වැදුනා. ඒක සමබර වෙන්න කියල අනිත් පැත්තටත් එකක් දුන්නා.එතන දඬුවම් දෙකයි. එකක් අරුන්දැලට කෝචොක් කරපු එකට, අනික සිගරට් බිව්වට. 

මෙහෙ ඒ වෙද්දි නිළ උසස් කිරීමෙි පාඨමාලාවක් යනවා. ආධුනිකයො වුනු අපි ඒකකයේ හැමෝම අඳුරන්නෑ.  බලනකොට ඒකෙ අය තමා අර ඉඳල තියෙන්නෙ. පොරලත් පස්සෙ කිව්ව එච්චර ගහයි කියල දන්නෑ, ආතල් එකක් ගන්නයි හැදුවෙ කියල. එතකොට අපි කාල ඉවරයි. එදායින් පස්සෙ  ඔය කෝස් එක තියෙන පළාතකින්වත් මං ගියේ නෑ.


අපිත් ඔහොම ඉඳල මාස පහකට විතර පස්සෙ සිංහපුර දාල ගිය බලාගෙන හිටපු ඉතිරිබඩු ටිකත් අරන් ආයෙ ගියෙ කල්ලඩි වලට. අපිට ටික කාලයක් කල්ලඩි නවතින්න වුනා. ඒ කඳවුරේ ඒකක කිහිපයකම අණුකණ්ඩ තියෙනව. එකක් ශ්‍රිලයුයුබ අණුකණ්ඩය. මාත් ආතක්පාතක් නැතුව රාජකාරි කරන් ඉද්දි එක දවසක් අඳුරන අඳුරන කෙනෙක් වගේ කෙනෙක් කඳවුරේ පාරෙ යනව දැක්කා. එයා බොටමට ටීෂර්ට් එකක් දාල ඩෙක්ස් ෂූෂ් දාගෙන හිටියෙ. ඒ ඇඳන් හිටිය පිළිවෙල අනුව එක්කො සාජන් මෙිජර් කෙනෙක්. නැතිනම් නිළධාරියෙක්. මටත් එයාව ටිකක් හුරුගතියක් තිබුනත් දුර තියා අඳුරන්න බැරි හිංද තව ටිකක් කිට්ටු කරල ඩෑල් එක බැලුවා. මතකෙට එන්නෙම නෑ. ඒත් හොඳට හුරුයි. එයාත් මා දිහා හොඳට බලල;

*ඒහ්... ගම කොහෙද?

*එබුවෙ..

*අහ්.. මං ලුතිතන් ව&@විතාන.  ඒ මං එතුමා අඳුරන්නෙත් නැති නිසා සහ එක පාරට කනට ගහන්නැහේ "එබුවෙ" කිව්ව නිසා තමා එයා එයාවම හඳුන්වල දුන්නෙ.ඒකත් කියල ආයෙ;

*එබුවෙ??. එබුවෙ කොහේද??

වෙන කව්රු හරි ඇහුවනං මං කරන්නෙ ඊලඟට "උඹෙි පු&@%නෙ" කියල නෝන්ඩියට හිනාවෙනඑක. ඒත් මෙයා සර් කෙනෙක් නිසා ඒක බොහොම අමාරුවෙන් ගිලගෙන "මාතර සර්" කිව්වා. ආයෙත් හොඳට බලල "බං...මට උඹව හොඳට දැකල හුරුයි, මාතර කොහෙද?" කියල නලලත් රැළි කරගෙන ඇහුවම ඊලඟට මං ආයෙත් කිව්වෙ "එබුවෙ" කියල.එතනින් එහා මගෙන් ආයෙ විස්තර ඇහුවෙ නෑ. මාත්

සර්ගෙන් අහපුවම එයා අපේ ගමට අල්ලපු ගමෙි. හැබැයි මාත් ගම්පහ කියල කිව්වෙ නෑ. එතනින් අපේ ආස්සරේ ඉවරවුනත් මං දැක්කා සර් දවස් කීපයකට පස්සෙ නිවාඩු යනව.ඒ නිවාඩු ගිය දවසෙම රෑ මට ගෙදරින් කෝල් එකක් ආව වයිෆ්ට අමාරුයි කියල. ඒ වෙද්දි වයිෆ්ට මගේ වැඩිමල් පුතා හම්බවෙන්න හිටියෙ. පහුවදාම මං පැය 72ක පාස් එකක් දාල ගෙදර ගියා. කරුමෙික මහත කියන්නෙ.. ඒ සර් මට ආයෙ නිට්ටඹුවෙදිම  හම්බවුනා. නිකන්ම නෙමෙි. මූනට මූන. ඒත් මං වයිෆ්ව වතුපිටිවල රෝහලට ඇඩ්මිට් කරලා අපේ අක්ක ගෙදර එක්ක එන්න ගිහින්, එයත් එක්කම බබාලන්තෙකින් අඩුපාඩු බඩු වගයකුත් අරන් අතින් පයින් කටින් එල්ලගෙන බයික් එක තියෙන තැනට එද්දි. ඒ වෙලාවෙ කතාකරන්න තියා හිතන්නවත් බෑ.පුලුවන් වුනත් කතා කරන්නෑ. ඒ එබුවෙ කියල නිට්ටඹුවෙදි හම්බවුනොත් හෙන කේස් නිසා.  මාත් මූනට මූන හමුවුනු සර් එක්ක යන්තම් හිනාවෙලා යන්න ගියා. ඒත් ඇස් කොනෙන් දැක්කා සර් ආපහු හැරිලත් මා දිහා බලනව. පැය 72 පාස් එක ඉවර වෙලා ආයෙ  කඳවුරට ගිහින් ඉද්දි නිවාඩු ගිහින් ආපු එතුමා කඳවුරේදි මට නැවතත් හම්බවුනා. ඒ එතුමා ආපු කිට්ටුම දවසක. සර් මාව දැකල;

*ඒහ්.. එබුවෙ කෝපල්, මං උඹ වගේම එකෙක් දැක්කනෙ බං නිට්ටඹුවෙදි. හිනාවෙලත් ගියෙ. ඒත් මං බැලුව මාතර එකා කොහොමද නිට්ටඹුවෙ කියල. 

*වෙන්නැති සර්..එක වගේ හතක් ඉන්නවලුනේ සර්. 

*නෑ. නෑ. බං. උඹ වගේමයි මං දැක්කෙ.තව ගෑණු කෙනෙකුත් හිටියා. මට හිතෙන විදියට බබෙකුට අවශ්‍ය බඩු වගයක් අතේ තිබුනෙ. 

*වෙන්න බෑ සර්. මං කඳවුරේනෙ හිටියෙ. 

*ඔව් ඒකත් ඇත්ත තමා.. කියල තවත් වල්පල් ටිකක් කතා කරල සර් යන්න ගියා. සර් නිවාඩු ගිය දාට පහුවදා පාස් එක ගියපු මගේ ඒ දවස් ගාන  සර්ට කලින් ඉවරවෙලා තමා ආවෙ. 

ලෝක දෙකක් ගිනිගත්තෙ ඊට මාස කිහිපයකට පස්සෙ. ඒ අපි දෙන්න එකම කොන්වොයි එකේ නිවාඩු ඇවිත් එකටම නිට්ටඹුවෙන් බැස්සට පස්සෙ. වැඩෙි මාට්ටුනේ. එතකොට සර් ඇහුවා "ඈ බං, එබුවෙ එකා ඇයි නිට්ටඹුවෙන් බැස්සෙ" කියල. මාත් හිනාවෙලා සර්ට වඩා ටිකක් හිමින් පහුවෙලා ඇවිත් ගෙදරට එන්න බස් එකට නැංගා. ඒකෙත් එයා හිටියා. මං දිහා නෙමෙි නිකමටවත් බැලුවෙ. මං කිව්ව එබුවෙ කතාවයි, නිට්ටඹුවෙන් බැහැපු කතාවයි දවසක් අපේ ඇජුටන්ට කිව්වට පස්සෙ එතුමා කියල තිබුනා "ඇති ඔයින් ගියා" කියල.ආයෙ කියල තිබුනා එතුමත් මගෙන් ගම අහපුවම "එබුවෙ" කිව්වෙ කියල. එදා ඉඳන් එතුමා මාත් එක්ක වැඩි භජනෙට ආවෙනෑ. ඇජුටනුත් මොන මොනා හරි කියන්න ඇති. ඒ අතර දවසක ඇජුටන්වත් පැය දෙකක ගාඩ් එකක තියන්න මට හදිසියේම සිදුවුනා. 


එවකට ඇජුටන් හිටියෙ ලුතිතන් ජයලත්. සර් පුරුද්දක් විදියට හවසට කඳවුර වටෙිම විසිට් එකක් යනව. එදත් හය විතර වෙද්දි මං දැක්කා කිරි කොකෙක් වගේ සුදට සුදේ ඇඳගෙන සර් දුරතියාම එනවා. ඒ වෙද්දි මට ඉවසගන්න බැරි බඩෙි අමාරුවක් හැදිල තිබුනේ. අපි දවල් තල් කිරි හදල බිව්ව. කුරුම්බ කලටි වගේ කුත් කාල බංකරේක රොටී පුච්චල ඒවත් කාල අංජූරුව ටොපිත් කාල සාජන් මෙස් එකේ රෑට කෑමට හදපු නූඩ්ල්ස් වගේකුත් ඔතාගෙන ඇවිත් ඒකෙනුත් ටිකක් කාල ඉතුරුවා පැත්තක ඔතල තියාගෙන තිබුනෙ.ඒ රෑට සෙන්ට්‍රි ඉන්න ගමන් හප හපා ඉන්න.  ඒ බංකරේ තියෙන්නෙ කඳවුරෙන් එළියෙ. මටත් මොකේක හරි ඔය කාපු දේක මාත්‍රාවක් වැරදිල බඩෙි අමාරුවක් හැදිල තිබුනෙ. බඩෙි අමාරුව කියල ඇරියෙ නෑ, නූඩ්ල්ස් ටිකකුත් කාල හිටියෙ. හැබැයි ඊට පස්සෙ තමා ඒක වැඩිවුනෙ. මෙි බංකරේක හැම තිස්සෙම දෙන්නෙක් ඉන්න අනිවාර්ය කරල තිබුනත් අනිත් දෙන්නම වෙන ඩියුටියක ඉඳල තාම ඔිෆ් වෙලා ඇවිත් හිටියෙ නෑ. කොහොමද දෙයියනේ ටොයිලට් එකට යන්නේ කිය කිය ඉන්නකොට තමා වාසනාවන්තයා ඈතින් එනව දැක්කෙ.

සර්රුත් විනාඩි දහයක් පහලොවක් යනකොට මෙතනින් යන්න අවාම මං බඩඅල්ලගෙන ඉස්සරහට නැවිල බංකරේ කොටයක් අල්ලගෙන හිටියෙ.

*ආරච්චි මොකෝ...??

*ඉන්න බෑ සර්.. හෙන අමාරුයි.. බඩ රිදෙනවා. එම්අයි රූම් එකට යන්න විදියක් නැතුව ඉන්නෙ. 

*ඇයි මොකෝවුනේ??.

*අනේ මංද සර්. එකපාරටම හැදුනෙ.

*කෝ අනික් අය??

*තාම පැට්‍රෝල් ගිහින් ඇවිත් නෑ සර්. 

*ඉන්නම බෑද?

*අමාරුයි සර්...

*හා එහෙනං ඉක්මනට ගිහින් බෙහෙත් ටිකක් අරං එනවා... ඉක්මනට එන්න ඔින හොඳද? යන ගමන් ගාඩ් කමාන්ඩර්⁣ට කියාගෙන යනවා මං මෙතන ඉන්නෙ කියල කව්රු හරි කමක් නෑ ඉන්න කෙනෙක් ඉක්මනට මෙතෙන්ට එවන්න කියල.. හොඳද?

මාත් "හා සර්, ", කියල ගිහින් ටොයිලට් එකටත් ගිහින් මගේ වැඩෙිත් කරගෙන රෑට කෑමත් එක්ක බෙහෙතුත් අරං එන්න විනාඩි දහයකට විතර කලින් ආපු අපේ අනික් එ⁣ක්කෙනෙක් ඇවිත් තමා සර්ව "ඔිෆ්" කරල තිබුනෙ.මට සර්ගෙ පණිවිඩෙි ගාඩ් කමාන්ඩර්ට කියන්න අමතක වුනත් අපේ අනිත් දෙන්නා ඒ වෙද්දි ඇවිත් හිටපු නිසා උන් එකෙකුට කතාව කියල  ටක් ගාල යන්න කිව්ව. ඌත් "යන්නං" කියල කිව්වට ගිහින් තිබුනෙ මමත් එන්න කිට්ටුව. මාත් ඌ ගිහින් කියල හිතාගෙන රෑටත් කෑම අරගෙන තමා බංකරේට ආවෙ.  පව්. එතකං සර් සෙන්ට්‍රි ඉඳල. හැබැයි සර්රුත් මොකවත් කිව්වෙ නෑ. සමහර විට මං විදල ගිය යෑමනට සර් හිත හදාගන්න ඇති.


අපේ සීඑස්එම් කවදාවත් මාව තනියෙන් පැටිග් වලට දාන්නෑ. කා එක්ක හරි ඒ යටතේ තමා දාන්නෙ. එතුමනං කියන්නෙ මාව පැටිග් වලට දානවට වඩා හොඳයි එතුමම ගිහින් ඒක කරනව කියල. ඒකවුනේ කල්ලඩි කොහොඹ ගහක් කපන්න මාත් එක්ක තව එකෙක් දාල වට අඩි දෙක තුනක් වෙච්චි ගහ කපල පෑහැලා ඉවර කරන්න අපිට දවස් හතරක් ගිය හිංද.




කතාව ඉවර නෑ....



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.11.26

Friday, November 20, 2020

සිංහපුර 01

 සිංහපුර 01.


වැලිකන්ද සිංහපුර ගම තියෙන්නෙ හබරණ ඉඳන් මඩකලපු පැත්තට යද්දි වැලිකන්දෙන් වම්පැත්තට කිලෝ මීටර් දහයක් දොලහක් විතර යනකොට තියෙන ගොඩාක් ලස්සන තැනිතලා භූමියක. මෙි පලාත හරිම ලස්සනයි. ගමට පිටුපස්සෙන් බටහිර දිසාවෙන් ඇති සිංහපුර විශාල වැවත්, නිම්න කොටසත්, ඒවායේ අපිටත් වඩා උසට වැවුනු  පන් වර්ග හා කඩොලානක වගේ හැදී වැඩුන පොඩි පොඩි පඳුරු, ජපන් ජබර ආදී ජලජ පැලෑටිත් නිසා දෙඇස් මෙන්ම ඒවාට බෝවුන පන් කුකුලන්ගේ, මොනර,වළි කුකුළ් ආදී පක්ෂීන්ගේ තොරතෝංචියක් නැතිව ඇහෙන කුරුළු නාදයත් නිසා හැම තිස්සෙම අපේ දෙසවන් ඒ මිහිරෙන්ම පිරිල තියෙන්නෙ. ඉඳහිට ඇහෙන අපේ සහ පොලිසියේ වාහනයක් ගමන් කරන ශබ්දයක් ඇරෙන්න මෙි පාරෙ ආවෙ ගියෙ සිංහපුර දක්වා එන ලංගම බසේ රථයේ ශබ්දය පමණයි.


 හුරුළුවැව රක්ෂිතයෙන් හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන පාර  පැනල එන වල් අලි රංචුවෙි සාමාජිකයින් සීයක් එකසිය පනහක් විතර මෙි කැලේ හිටියා. තනි අලියෙකුත් මෙහෙ ඉන්නවා. තනි අලියා කියන්නෙ තනියෙන් ඉන්න නිසා මිසක් ඒක කිව්වම හිතට එන දරුණු අලියෙකුගේ චිත්ත රූපය මෙයාට හිමි නෑ. ඌ අහිංසකයෙක්. ඒ දවස්වල භාවිතයේ තිබුනු කොඩැක් 135 කැමරාවකින් මං එයාගේ පොටෝත් අරන් තිබුනා. ඌ සැර නෑ කියල දැනගත්තෙ වගේ වගක් නැතුව උන්දෑ අපි ඉන්න හරියටත් ඇවිත් තණ බුදිනවා හා කීප වරක්ම අපේ අයට මූනට මූන හම්බවෙලත් ඌ උගේ පාඩුවෙි ගිහින් තිබුනු නිසා. මෙි ගම හරහා ත්‍රිකෝණමඩුව දක්වා ඉස්සර ගියපු බස් එක පස්සෙ කාලෙක ත්‍රස්තවාදී කලබල නිසා නවත්තල දාල තිබුනෙ. ඊට පස්සෙ මෙි පාරෙ එන බස් එකේ ගමනාන්තය වුනේ සිංහපුර. මෙි කියන ගමෙි යුධ හමුදා බළඇණි පුහුණු පාසලක් ස්ථාපිත කරල තිබුනා ඒ කාලෙ. ගමෙි තියෙන එකම පන්සලත් යුධ හමුදාවෙි 4 වන ගැමුණු හේවා බළඇණිය විසින් ඉදිකරල පූජා කරන ලද්දක්. මෙි පළාතට සම්පූර්ණ ආරක්ෂාව සපයන ලද්දේ  ත්‍රිකෝණමඩුවෙ පිහිටි හමුදා අණුකණ්ඩයත් සිංහපුර ස්ථාපිත බළඇණි පුහුණු පාසලත් සහ විස්සක විතර පිරිසක් හිටපු පොළිස් මුරපොලෙනුත් වශයෙන්. ගම වටෙිම නිතරම ආරක්ෂක හමුදාවන් ගැවසීම නිසා ත්‍රස්ථවාදීන්ට උනත් මෙි ඒරියා එකට එනවනම් දහවරක් නෙමෙි විසිතිස් වතාවකටත් වැඩිය හිතන්න ඔින කරුණක්. නමුත් මෙි ගමෙි පිහිටි කැලෑ ප්‍රදේශවලදි හමුදාවට ප්‍රහාර එල්ලවුනා. 

උන්ට සිවිල් සහ හමුදා කියල බෙිදයක් නැහැනෙ. අපේ පුහුණුව කාලෙනම් ප්‍රහාර එල්ලවුනේ නෑ. ඒකට හේතුව එහෙන් මෙහෙන් ගිය සාම කට කතාව. 


2003 වසරේ මෙි පුහුණු පාසලට අපේ බළඇණියම තාවකාලිකව ආවෙ බළඇණි පුහුනුව හදාරන්න. උදේ හයයි කාලට ශාරීරික අභ්‍යාස පුහුණුවට පිට්ටනියේ පෙළ හැදීමෙන් ආරම්භ වෙන පුහුණුව කාලසටහනකට අනුව එක දිගටම නිනව්වක් නැතුව දුවල දුවල අවසන් වෙන්නෙ සමහර දවස්වලට රෑ මැදියමත් පහුවෙලා. හැබැයි ගොඩක් වෙලාවට සවස හතට අවසන්. මෙි පාඨමාලාව අවසානයේ  අපිට තාවකාලිකව ස්ථානගත වෙන්න නියමිතව තිබුනේ මඩකලපුව කල්ලඩි කඳවුරේ. ඒ ඊලඟට මෙි පුහුණුව ලබන්න නියමිතව තිබූ 7 ගැහේබ ඒකකය පුහුණුව සඳහා මුදවා හරින්න. 

අපේ ඒකකයත් සාර්ථකව පුහුණුව අවසන් කරලා කල්ලඩිවලට ගියා. ඒක තාවකාලික ස්ථානගතවීමක් නිසා ස්ථිර තැනක් ලැබෙනකම් ඒකකයේ අතිරික්ත බැරැක්ක භාණ්ඩ ඇතුළු විශාල බඩු තොගයක් පුහුණු පාසලේම තිබූ මහවැලි අධිකාරියට අයත් ගොඩනැගිලිවල ගබඩාකර ඒවා බලාගැනීමටත් තිදෙනෙක් නැවැත්වූවා. ඒ තිදෙනාගෙන් එක්කෙනෙක් තමා ආරච්චි. ආරච්චිව මෙතන නවත්තලා යන්න තරම්  හේතුවක් ඒ දවස්වල ඔහු අයත් කණ්ඩායමට තිබුනා. ඒ පාඨමාලාව හැදෑරීමෙිදී කරපු නොහොබිනා වැඩ කිහිපයක් නිසා "අලි ගහල හරි ඔිකා මැරෙයිනෙ" කියන ආකල්පයකට අනුව. 


අපේ පුහුණු කාලසටහනට අනුව එදා තිබුනේ රැකසිට පහරදීමට අදාල පුහුණුවක්. මෙික සැලසුම් කරල තිබුනෙ දින දෙකක් පුරාවට පවත්වන්න. ඒ එක තැනක ඉවරවුනාට පස්සෙ තව තැනකට යන්න. ඒ කියන්නෙ ස්ථාන දෙකකට. මෙික ඉවසිම පුරුදු කරන්නත් එක්ක තමා පැවැත්වුනේ. එක සතුරු කණ්ඩායමක් බුද්ධි තොරතුරු අනුව පාන්දර එකත් දෙකත් අතර කාලයේදී එන අතර, ඔවුන්ට ඇපත් නැතිවෙන්න කටින් ඩෝං ගසා විනාශ කිරීම පළමු එක. දෙවැනි එක නිශ්චිත වෙලාවක් නැතුව කොයි වෙලේක කීයට හරි එන සතුරු කණ්ඩායමකට ඔවුන් එන මග රැකසිට පෙර පරිදි කටින් ඩෝං ගසා හා පුහුණු පතුරම් ආධාරයෙන් වෙඩි තබා විනාශ කිරීම. මෙි පුහුණුවීම් දෙකටම අපිට පුහුණු පතුරම් ලැබුනා. අපිව මෙහෙයවපු උපදේශකයින් අතේ පමණක් ජීව උණ්ඩ සහිත අවි කිහිපයක් තිබුනා. 


අපිත් ගියා. ඒ දින දෙකකට අවශ්‍ය සළාක මලුත් අරගෙන. මාව තෝරගත්තේ අපේ කණ්ඩායම භාරව යන ලුතිතන් බණ්ඩාරගේ ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාකරු හැටියට. මෙිකට මාවම තියා ගත්තේ පනිෂ්මන්ට් එකක් විදියට.  එදා හවස තුන වෙනකම් පුහුණුව ලබල, ඩී කණ්ඩායම වූ අපේ කණ්ඩායමට රැකසිට පහරදීමෙි කටයුත්ත සඳහා වාරය පැමිණ තිබුනා. තුනට පෝලිම් කරල බ්‍රීෆින් කරන කොට ඒ ඒ අංශවලට භට පිරිස් නම් කරනවා. වෙනදා ඉස්සෙල්ලාම ආරච්චිව පෙන්නලා "උබ අතට්ට" කියල කියන ඔිසී, එදා මගේ මුහුන බල බලත් කිසිම දේකට නම් කලේ නෑ. ඔක්කෝම නම් කරල ඉවරවුනාම ඔිසී මට කිව්වෙ"ආලච්චෙි උබ ගීං සෙට්ටෙක ගලිල්" කියල. හුටා. අර දාර ලහුතු බර රේඩියෝ සෙට් එකකට දැං ගහපන්කො කර.


මෙි ඒකට තෝරාගැනීමට අදාල නිදාන කතාව. 

එදා තිබුනෙත් කණ්ඩායම් පුහුණුවීමක්. ඒකත් කැලෑබද සටන් යටතේ තිබුනු පුහුණුවක්. අපිට ස්ථානගත වීමට යන්න තිබුනු පාරේ උපදේශකයින් පිරිසක් කලින්ම ගිහින් අපිට ඇම්බුෂ් කරල තිබුනා. ඒක හොරෙන් කරල තිබුනෙ. ඒකට හේතුව අපි රිලැක්ස් වෙන තැන් පෙන්වා දීල එහෙම වෙන්න එපා. එහෙම වුනොත් මෙහෙම වෙනවා කියල කියාදෙන සීන් එකක්. අපිත් ඒ සීන් එකේ ප්‍රධාන නළුවන් ආකාරයට මෙිවා ගැන හාංකවිසියක ආරංචියක් නැතුව ගම⁣න කරගෙන ගියා. ලොන්ත සයිස් දාර එරමිනියා,කර, කටුරැස්ස,කෝපල් කටු (ලාන්ස් කෝපල් රෑන්ක් එක වගේම සුදුපාට ලොකු කටු ජාතියක්. අපි ඒ දවස්වල ප්‍රයිවට් නිසා ඒවට කිව්වෙ කෝපල් කටු කියල. කෝපල්ලටනම් මල පැන්නා. අපි හිනාවුනා.) පඳුරු තියෙන තැනක තමා ඔවුන් රැකගෙන හිටියෙ. ඒ අපි යන පාරේමයි. අපේ අරමුණ තවත් කිලෝමීටර් තුනක් විතර දුරින් තිබුනු ස්ථානයකට යාම. එදා මං ගාව තිබුනෙ මගේ අවියට අමතරව 60 මිලිමීටර් අවියක බැරල් කොටස (බයිපෝට් සමග.බයිපෝට් කිව්වෙි මෝටාර් එකේ බැරල් එක රඳවන කකුල් දෙකක් වගේ එකක්). මෙිකත් බරයි. අපිත් කතා කර කර යන්නෙ. අවි සද්ද එමටයි. මෙිව කරන්න එපා කියල කලින්ම කියල තිබුනෙ. නමුත් අපි පිළිපැද්දෙ නැත්තෙත් ඒකමයි. මුලින්ම ලෝකෙ ඉන්න සයිලන්ස්ම හමුදාව වගේ එලියට බැස්සට ඒ පිළිවෙල තිබුනෙ මීටර් සීයක් දෙසීයක් විතර දුර යනකම් විතරයි. ඊට පස්සෙ ප්‍රාථමික ඉස්කෝලෙක වගේ සද්දෙ.


 මෙහෙම ඉස්සරහට යද්දි අර කටු පඳුරු ජාති අපිට බාධාවක් විදියට පිහිටා ඇති තැනකදි හිතාගන්නවත් බැරි ආකාරයට සතුරු ප්‍රහාරය එල්ලවුනා. ඒ වගේ දෙයක් වෙද්දි ගන්න ඔින ඇක්ෂන් එහෙමත් අරගෙන අපිත් ප්‍රථිප්‍රහාර එල්ලකලා. ඒ කටින් ඩෝං සහ පුහුණු පතුරම් ඩෝං ආධාරයෙන්. මම කටින් ඩෝං කියන ගමන් පුහුණු වෙඩිත් ඩෝං තියනවා. ඒ මෙිවගෙ තැන්වලට සද්දෙ ටිකක් වැඩිපුර ඔින නිසා. මෙිකෙදි තුවාලකරුවන් නම් කරල නොතිබුනත් ඔවුන් කරන්නෙ අපිව ජීව ග්‍රහයෙන් අල්ලගෙන ගිහින් දවසක් පුරාවට පට්ට, පට්ටසිරි, පුල්පට්ට සහ පටෙි පට්ට ආතල් රැසක් අමු අමුවෙි ලබාදීම. ත්‍රස්ථවාදියෙක් දරුණු හමුදාවකට අහුවුනාම, තමන්ගේ පක්ෂයේ විස්තර නොකියන සතුරකුගෙන්, ඒ තොරතුරු ලබාගන්න උත්සාහ කරන මිලේච්ඡ හමුදා ප්‍රධානියෙක් ඔහුට දෙන වධ ආකාරයට දෙතිස් දඬුවම් ක්‍රමයම මෙවුන්දැලා අපිට දෙනවා. ඊට අමතරව මුන්දැලා හොයාගත්තු පොඩක්ට් ඔප් සී ලැංකන් ක්‍රම වලටත් ආතල් දෙනවා. ගස්වල  කකුල් දෙකෙන් එල්ලලා යටින් මිරිස් පුච්චනවා. නැත්තං ගිනි ගොඩක් ගහනවා. එහෙම එල්ලගෙන ගහනවා. ඒ ගහන එකත් තුවාල වෙන්නම ගහනවා. ඇඟේ නූල් පොටක්වත් ඉතුරු කරන්නැතුව ඔක්කෝම ගලවලා අර කැලේ මැද්දෙ විලාසිතා තරඟ පවත්වනව. ක්‍රීම් වර්ග, සබන් වර්ග විකුනන්න කරන වෙළඳ දැන්වීම් ඇක්ට් කරවනවා. පත්තර කොලෙන් ලන්ෂීට් එකෙන් අඹුඩෙ ගස්සල එක එක ඉරියව් වල පිහිටුවලා දඩ පොලු සංග්‍රහ ලබා දෙනවා.  තුවාල වුනාම මිරිස්කුඩු ගම්මිරිස් කුඩු ලුනු කුඩු ගානවා. මෙිකට කනේ හිටන් සැප අනූනයි. අම්මට සිරි වෙන ආතල් තමා එතන හම්බවෙන්නෙ. ඔවුන්ට දෙන්න පුලුවන් උපරිම වද දීල බාගෙටත් මරල තවත් චුට්ටක් මරල තමා අතාරින්නෙ. ඒ පැය ගානකට පස්සෙ. කන්න බොන්නවත් දෙන්නෑ. රජකාලෙ උල තියනවා හොඳයි, මුන්ට අහුවුනොත් ඊටත් වඩා අමර සැපක් හම්බවෙන්නෙ.


 අපිත් මෙහෙම වෙඩි තියාගෙන ඉන්නකොට අපේ දුර්වල තැනකින් මුන්දැලා ඇතුලට පැන්නා. අපිත් එයාලාට ඉස්සරහට එන්න බැරිවෙන්න සිහි නැතිවෙනකම් කටින් ඩෝන් කියනවා. වෙඩි තියනවා. මොනහ්... බෙිරේන්නම බෑ. උන් ඇතුලටත් පැන්න කියමුකො. අපේ දෙන්නෙක්ව අල්ල ගත්තා. මං හිටපු ඉස්සරහිනුත් ලයින් එක කඩාගෙන මුන්දැලා ඇතුලට පැන්නා. ඒ පැන්නෙ සාසෙ ලේනා වීරසිංහ සහ  බුරුසුවා,ප්‍රොබ්ලම් වීරා, බබා හුකුම් වීරා,බත් වීරා, වයසකයා වැනි අන්වර්ථ නම් රාශියකින් හැඳින්වෙන  අනෙක් සාසෙ වීරසිංහ. (වීරසිංහලම දෙන්නෙක්.දෙන්නම පීටීඅයි. අපේම ඒකකයෙ). මාව අල්ලගන්න ඉස්සරලම පැන්නෙ ලේනා. මං නැගිට්ට ගමන් ටී56 අවිය කරකෝලා උගේ කොන්ද මැද්දටම "දේයි" ගාල එකක් අතෑරියා. ඇයි දෙයියනේ කාටද පුලුවන් අර කලින් කිව්ව සැප ගන්ඩ. වෙනදේ දැන දැනත් හිතකින් පුලුවන්ද මුන්ට අහුවෙන්ඩ. ඒ වැදිච්ච පාරට ලේනා ඉන්දවුනා. ඒක දැකපු බුරුසුවා "අප්පට හුක්" කියාගෙන ආයෙ මාව අල්ලගන්න පැන්නා. ඌත් පනී කියලසැකේට සොට් එක දෙන්න අවිය කරකෝලා ගන්න කලින් පැනපු නිසා මං එක පාරටම නැමුනා.  ඒ නැමිච්චි පාරට අහුවුනේ මං අරං ගියපු මොටාර් අවිය. ඊලඟට ඒකත් අරං එකපාරටම නැගිටලා බත් වීරගෙ ඇඟට  ඒක විසිකරල ක්ෂණිකව පසු බැස්සා. සමහරු හු කියාගෙන පඳුරු උඩින් පසු බසින අතර මට ටිකක් දුරින්, පඳුරක් උඩින්, ප්ලැටූන් කමාන්ඩරුත් වෙිගෙන් පසු බසිනවා වගේ එකකුත් යාන්තමට දැක්කා. මාත් කාටවත් සෙකන්ඩ් වෙන්නැතුව ඇඟේ උපරිම හයිය දාල පසු බැස්සා.  ඒ දුවල දුවල දුවල ගිහින් නැවතුනේ කිලෝමිටරයක් විතර දුරකින්. පස්සෙ අරුන්දැලා අල්ලගත්තු එවුන් අල්ලගෙන ගුටිකන එවුන් ගුටි කාල බෙිරෙන එවුන් බෙිරිල පසු බැස්ස එවුන් හතර අතේ පසු බැහැල හෙන ගිනිවිජ්ජුම්බරයක් වෙලා ඇම්බුෂ්එක නන්නත්තාර වෙලා පැය ගානකට පස්සෙ තමා ආයෙ කට්ටිය එකතුවුනේ. එදා අපේ පහක් අරං ගිහින් තිබුනා. 

ඒත් උපදේශකයින් ගිහින් රිපෝර්ට් කරල අපි ගැහුව කියල. ලේනගෙ කොන්ද ඉදිමිලාලු. ඉතින් මට මොකෑ. මෝටාර් පාර කාපු වීරගෙ තොල පැලිලලු. ඒත් මට මොකෑ. හැබැයි ඒ රිපෝර්ට් එකට අනුව පනිස්මන් ලැබිච්චි එකනං හෙන අවුලක්. ආං ඒකනං ටිකක් රිදුනා. ඒ නිසා තමා මෙි ඇම්බුෂ් එකේදි මාව ඔිසී ලඟින්ම තියාගත්තෙ. ඒ ආයෙ අරුන්දැලාට ගහල පසු බසී කියල වෙන්න ඇති. ගුවන්විදුලි යන්ත්‍රය දාල දුවන්න බෑනෙ.


මෙි වගේ පුහුණුවකදි අපිට ලැබෙන්නෙ එච්එෆ් සංඛ්‍යාත ගුවන් විදුලි යන්ත්‍ර. ඒවගෙන් ෆ්‍රිකොන්සි දන්නවනම් ලෝකෙ එහා කෙලවරට උනත්  කතාකරන්න පුලුවන්. මට හම්බුනේ ඒ වර්ගයේ කූගර්  ගුවන්විදුලි යන්ත්‍රයක්. ඒක එක්ක සළාක මල්ලත් අරං යන්න අමාරුයි. දින දෙකකට සෑහෙන්න වතුර, ග්‍රවුන්ෂීට් එක, මැගසින්, පතුරම්, ගුවි යන්ත්‍රයේ අමතර බැටරි එක්ක සලාක මල්ලත් ඔබා ගත්තම ගොඩක් අමාරුයි. අනික පැක් එකේ එච්චර ඉඩත් නෑ. මාත් ඔිවා අරගෙන යාලුවන්ට දෙන්න පුලුවන් ඒව අරන් යන්න දීල අනෙක් ඒව ලඟ තියාගෙන යන්න සූදානමින් හිටියා. ඒ ඔිසී එනකං. ඔිසිත් ආවා. ඇවිත් ආයෙ මොකක් හරි අමතක වෙලා පැක් එකයි වෙපන් එකයි ගෙනාපු දේවලුයි මං ගාවින් තියලා ආයෙ මෙස් එකට ගියා. ඒ ගිහින් ආවෙ විනාඩි පහලොවකින් විතර. සර් ආවට පස්සෙ ගමන් ඇරඹුනා. දැන් යනව. හවස හතරට යන්න තිබුනෙ. අපි ගියේ පහට විතර. සැලසුමට අනුව කලින්ම කතා කර ගත්තු තැනකට ඇවිත් අපි රෑට සලාක ආහාර වෙිලක් සකසා ගත්තා. මට එයාටත් එක්ක හදන්න කියල ඔිසී කිව්වා.මාත් ඔිසීගෙ සලාක මල්ලෙන් නූඩ්ල්ස් පැකට් එක අරං ඒකට සැමන් ටින් දෙකම කඩල දැම්මා. ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පැකට් එකයි, දුංතෙල් බත් පැකට් එකයිත් ඒකට දාලා තව තව දාන්න පුලුවන් දේවලුත් ඔක්කොම දාල කලවම් කරල  අන්තිමෙිට තේ සළාකෙ සීනි ටික දාන්න හදල, ඒක නොදා පස්සෙ රට ඉඳි පැකට් එකම දාල හැදුවා සුපිරි ආහාර වෙිලක්. 

ඔිසී:-

*බොකද්දෝයි තවුසේ  බෙි හදල තීඩ්ඩෙ. බිරිස් ගොඩෙි පැඩි රහ බනෙ එල්ලේ ඔියි. 

ඒ කිව්වෙ මිරිස් සැරත් එක්ක තඩි පැණි රහක් එනවලු.

 මාත් "කරුවලේනේ" කියල නිකා හිටියා.

*ලෑ.ලෑ. තෝ බෙික කැ%@&$ කබට කෙලේ. හිටාං.මං හෙට අල්ල ගල්ලංකො.කෙලෝලොව තොට.

මාත් පට්ට කරුවලේ බොහොම අමාරුවෙන් ඔහොම හරි හදල දුන්නම මදෑ.

කොහොම හරි ඔිසී මෙික මිරිස් රහයි පැනි රහයි කියල අතෑරියෙ නෑ. මං අඩ තරු එලියෙත් දැක්කා ඇඟිල්ලත් මෙස්ටින් එකේ  අතුල්ලල ගුණම කොටසත් හූරගෙන කනවා. 

සර්ට ඒක හදල දීල මාත් හදාගෙන කාල ඉවර වෙලා නියමිත වෙලාවට ආයෙ ගමන ආරම්භ කලා. දැන් යන්නෙ හෙන කුඹුරු යායක් දිගේ. ඒ යද්දි මට ඇහුනා "බ්රූම්ම්ම්.. පට් පට්.. ගාල සද්දයක්. ඒත් එක්ක ඔිසී පස්සෙන්ම යන මා දිහාට හැරිල "ඇයි" ඇහුව. මං සද්ද නැතුව හිටියා. ආයෙ චුටි දුරක්.

"ඩ්ර්ර්ර්ර්ර්ම්.. ටක් ටක් පූක්" ආයෙ ඔිසී පස්සට හැරිල මංදිහා බලල "ඇයි" කියල ඇහුවා. ඒත් එක්කම ආවෙ හෙන පට්ටම පට්ට ගඳක්. ඒක හරියට බ්ලුමැන්ඩල් පාරෙ කුනු කන්දෙන් හමනවා වගෙ ගඳක්මයි. මං ආයෙ සද්ද නැතුව හිටියා. ආයෙ චූටි දුරක්. ඒකනං විනාඩි පහක විතර හෙන ගහන්නා වගේ ලෑන් මාස්ටර් එකක් ඉස්ටාර්ට් කරන සද්දේ තරම් හෙනම හෙන දිග පඩයක්. ඩ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ම්ම්ම්ම්.. පට් පට් පට් පට් ටස්ටස් ටුස් පූඌඌක්... පුෂ් පුෂ් පුෂ්.

බුදු අම්බෝ මං විඳන දුකක්.

ආයෙත් සර්..

*"ඇයි?" 

*හෙන ගඳයි නේහ් සර්...??

*උබ රට ඉඳි දැම්මලං ඉවසං වරෙන්.ප&යා.

මාත් අර තොටලඟ මුඩුක්කු පේලියක එකෙක් වගේ අන්තිමෙිට ඒ ගඳට හුරුවෙලා ඉවසගෙන සර් පස්සෙන්ම වැටුනා.

ඒ ගමන නැවතුනේත් නියමිත තැනමයි. අපි ඇම්බුෂ් එක දාද්දිත් අර සද්දෙයි ගඳයි දෙදරන්න නාහෙ මුල ඉඳන්ම එනවා. ඇයි ගුවන්විදුලි යන්ත්‍රය ඔිසී ගාවම තියෙන්නෙපැයි. කොහොම හරි මට ඇහුනා සතුරා ඇවිත් අපිට ගහද්දි සර් අවි දෙකකින්ම වෙඩි තියනවා. දෙකෙන්ම එන්නෙ ගඳ නිසා පාඩුවෙි හිටියා. 

ඩ:හ්ර්ර්ර්ර්රර්ට්ට්... ටීක්, පෝඔිඕඕඕක්...පූඌඌඌක්... ලෂ් ලෂ් ලෂ් ටුක් ගාල එක සද්දෙයක් ඇහුනා. එහෙම දිගට යන ඒවා පට්ටම ගඳයි. සැමනුත් දෙකක්ම කාලනෙ. 


ඊලඟට ඒකත් ඉවරවෙලා පාන්දර හය වෙනකං ගිහින් ආයෙ නැවතුනා. ඒ උදේ කෑම එක හදාගන්නයි තේ එක හදාගන්නයි. සර් මට ඒ දෙකම භාරදීලා පැක් එක ගලෝලා ඒක අස්සෙන් අතදාල එයාගෙ රෙෂන් මල්ල දීල ඊලඟට පැක් එක ඔලුවට තියාගෙන ටිකක් ඇලවුනා. ඊලඟට තමා මාර කේස් එක පටන් ගන්නෙ. 

මං කැරකි කැරකි ඉන්නකොට සර්.

*ඇයි උබ හදල්ලැද්ද?

*හදනවා සර්.

*ඒනං හදාපං ඉක්මලට.

*සර්. පැක් එක දෙන්නකො.

*ඇයි පැක් එක. මං උඹට රෙෂල්ලෙක දුල්ලෙ.

*හා හා සර්. කියල මං සර්ගෙ එක හැදුවා. මගේ එක හැදුවෙ නෑ. 

*ඇයි උබ කල්ලැද්ද.

*කන්නත් ඔින සර්.

*එහෙලං ඉක්මනට හදාගලිල්.

*සර්... පැක් එක දෙන්නකො. 

*ඇයි බොකටද මගේ පැක් එක??

*මගේ රෙෂන් මල්ලත් ඔිකෙ ඇත්තෙ..සර්  කිව්ව විතරයි...  එක පාරටම නැගිටල එයාගෙ පැක් එක අල්ලල වීසික්ක කරලා මට බනින්න පටන් ගත්තා. 

*තෝලම් මහ ගොල් ප&%ක් යකෝ.. උඹ ඔිසීගෙ පැක් එකේද එතකොට උබෙි රෙෂල් මල්ලත් පැටෙව්වෙ.එතකොට මං තොගේ එකත් එක්කද මෙච්චර දුරක් අරං ආවෙ බරයි කිය කියා. ඈ යකෝ කිය කිය බනිනවා. හොඳ වෙලාවට වතුර බෝතලේ ගැන කිව්වෙ නැත්තෙ. එහෙනං එතන දෙකක් වෙනවා. 

පස්සෙ මං සද්ද නැතුව ගිහින් පැක් එක අරන් ආව. එතකොටත් බනිනවා. ඇවිත්  මගේ ටික අරං කෑම හදල ඉවරවෙනකනුත් බනිනවා. කනකොටත් බනිනවා.යන කොටත් බනිනවා. එනකොටත් බනිනවා. නවතිනකොටත් බනිනවා. ඒ මදිවට අමු සැමන් පඩ ගඳ. 


ඇම්බුෂ් එක එන්න පටන්ගද්දිම ස්කූල් එකේදි මොකක් හරි අමතක වෙලා ඒක ගේන්න පැක් එක මගේ ලඟින් තියල සර් ආපහු ගියපු වෙලාවෙ  හීන් සැරේ මගේ රෙෂන් මල්ලයි වතුර බෝතලේකුයි සර්ගෙ පැක් එකට දැම්මා. මුළු රැයක් පුරාවට සර් ඒකයි මගේ වතුර බෝතලෙයි කරේ තියාගෙන අමාරුවෙන් ගියෙ..සර්රුත් "වෙනදට වඩා පැක් එක බර වැඩීනෙ අයිසෙ" කියද්දි මං මොකක් හරි එකක් කියල ඒක අමතක කොරෝනවා..මං ගුවන්විදුලි යන්ත්‍රය විතරක් කරේ දාගෙන ගිහින් නියමිත පුහුණුව අවසන් කරල ආවා.එදා ඉඳන් සර්ගෙ අහලකටවත් මාව ගත්තෙ නෑ. ලුතිතන් බණ්ඩාර කියන්නෙ මගේ හිටපු සෙක්ෂන් කමාන්ඩර් කෙනෙක්. පස්සෙ කමිෂන් ගිහින් තමා ඔිසී වුනේ. ඒ හිංදම මට වෙඩි තිබ්බෙ නෑ.

 ඒ සර් මට තව දවසක් හෙන ආතල් එකක් දුන්නනෙ. 

එක දවසක් සර්ගෙ කාමරේට කූඹි රිංගල. ඇඳේ මෙට්ටෙ  කූඹි ගුලක් වගේ. ඒ තරං. මං උදේ දහයට විතර පයිල් එක්කුත් උස්සං ඔෆීස් එකට යද්දි සර් කාමරේ අස් කරනවා. ඒ වෙලාවෙ සර් මෙට්ටෙ අරන් එලියට එද්දි මම;


* ගුඩ් මෝනින් සර්, ඇයි සර් මෙි?

*කූබි රිග්ගල බං. මෙට්ටෙ හිටං ජරා සත්තු..

*ඔව් නේස්සර්.. මාර කූඹි ඉන්නෙ සර්

 කන්නෙත් ඉන්ජෙක්සන් ගහනව වගේ නේස්සර්.. මාත් පුදුමෙන් වගේ ඇහුවෙ.

*ඔි බං. මෙි මෙට්ටෙ හිටං මෙි..බලපක්කො..

*ඔිකට සර් මෙට්ටෙ අව්වට දාල විතරක් හරියන්නෑ..  

*එහෙලං?

*මෙට්ටෙ බිමට දාල මුලු හතරට කෙලින් බිමට සීනි ටික ටික දාන්න..

*එතෝට බුං යයිද බං??

*අනිවාරෙන් යනව සර්.. සීනි කන්ඩ කුඹි ටික බැස්ස ගමන් සද්ද නොකර මෙට්ටෙ උස්සල වෙන තැනකින් දාන්න සර්.. එතකොට උන්ට ආයෙ මෙට්ටෙ හොයාගන්න බෑ. කියල මං යන්න ගියා. මට ඇහුනා සීනි ටිකක් ගෙන්නන්නද කොහෙද සර් බඩියට කතා කරනවා. මං වෙිගෙන් කැපිල ගියා. 

හරියටම හවස තුනට මට ඔිසීගෙන් පණිවිඩයක්. මාත් ගියා. 

*එස්කියුස් මී සර්...

*කව්දහ්??

* තාම ප්‍රයිවට්ටාරච්චි සර්..

*ආ තෝ කොහොබත් මැරෙලකං පයිවට්ටාරච්චි තමා. ⁣වල් මුසලයා. වෙි&@ගෙ පුතා.. ගස් ලබ්බා, හිකනලයා,වල් ඌරු රජා.. තෝ බොකද්ද මට උදේ මෙට්ටෙට කරල්ඩ කිව්වෙ..ආයෙ කියාපම් බලල්ඩ?

අම්මටසිරි පත්තුවෙලා කියහල්ලකො. 

මං නිස්සද්දව හිටියා. සර්ගෙ බඩියා කුමාරනායකයා මුල්ලක ඉඳන් හක හක ගගා හිනාවෙනවා. නිරපරාදේ මං මගේ බුද්ධියත් විකුනල ඒකටත් බැනුම් අහල අහල

*දැප්පල, නලියා, මගෙ දෑහැට නොපෙනී තොට කෝබත් නිර්දේශ දෙල්ලෑ, කෝපල් එක අඳිල්ල..කිව්වට පස්සෙ සැලියුට් එකකුත් ගහල එන්න ආව. 



ඉවර නෑ....

ඊලඟ කොටසට...


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.11.20

Tuesday, November 17, 2020

අහුවෙන්න එපා. පරිස්සමින්.

 මම මෙි ටික ප්‍රසිද්ධියේම කියන්න හිතුවෙි උඹ තව එකෙක් අමාරුවෙි දාල උඹෙි අභිප්‍රාය ඉෂ්ඨ කරගන්න කලින්  ඒක වළක්වන්න පුලුවන්ද බලන්න.  මොකද මෙික මූනු පොතනෙ. ඒ නිසා උඹට අහුවෙච්චි අයත් සමහර විට මෙි මූනු පොතේම ඇති. 


මං මුලින් උඹට ටිකක් කැමැත්තෙන් හිටියා තමා රත්තරං. ඒ අනියම් ප්‍රේමයක් එක්ක ලැබෙන විනාඩි කිහිපයේ ආශ්වාදයක් වගේ එකක් විඳගෙන මගේ පවුල් ජීවිතය කඩාකප්පල් කරගෙන නන්නත්තාර වෙන්න නෙමෙි. පන වගේ ආදරය කරන බිරිඳගේ ,දරුවන්ගේ ජීවිත නැතිකරල දාල අමාරුවෙ දාල මට තියෙන අමාරුව හොඳ කරගන්න නෙමෙි. මගේ ජීවිතයත් නැති භංගස්ථාන කරගන්න නෙමෙි. මං හිතුවෙම උඹත් උඹෙි පරම්පරාවෙ අනෙක් එවුන් වගේ චූට්ටක් විතර හරි ආශ්‍රයට වැටුනොත් හොඳ ඇති කියල. බලන් යද්දි උඹටත් ඔින වෙලා තියෙන්නෙ උඹට ඔින වැඩෙි කර ගන්න විතරයි. උනුත් නටපු නැටුම් මට තාම හොඳට මතකයි. මොකද උනුත් තනිකර "බඩුනෙ". ඒත් දැන් හරි උන් පාඩුවෙි ඉන්නවනේ. මං එහෙම කිව්වෙ උඹව බදාගෙන උම්මා දෙන්නවත් පෝරු මස්තකාරූඪ වෙලා මුදු මාරු කරගන්නවත් නෙමෙි.   උඹෙි හිතේනං අනන්තවත් තියෙන්න ඇති මටත් ලංවෙලා මගේ පවුලත් අමාරුවෙ දාල නන්නත්තාරම කරල දාන්න නේද?. ඒත් මං මගේ සීමාව දන්නවා බං. උඹට වැරදුනේ එතන. උඹට තියා උඹෙි පරම්පරාවෙ කාටවත්ම බෑ මාව අමාරුවෙ දාන්න. දැන් හොඳින් අඳුරගෙන ඉන්නෙ උඹ කව්ද කියලා. උඹ හිතන්න ඇති උඹව ආදරෙන් වැළඳගෙන මාත් තැන තැන යයි කියල නේද?. නෑ බං. ඒක කවදාවත් මගෙන් වෙන්නෙ නෑ. මං විවාහකයි කියළ උඹ දන්නෑ. උඹට ඒක තේරුම්ගන්න තරම් මොළේ කළඳක් නෑ කියල මං දන්නවා. අනික ඒකෙන් උඹට වැඩකුත් නෑ කියල දන්නවා. මොකඳ උඹට ඔින කාගෙ හරි තාවකාලික චුම්භනයක් විතරයිනේ නේද?. නැත්තං ආතල් එකක්නෙ නේද?. උඹ ඒක නෑ කිව්වොත්  මට පුලුවන්  ඒක ඔප්පු කරන්න. මොකද ඒක තමා බං ඇත්ත. මට උඹවම ඔින කිය කිය පස්සෙන් එන්න තරම් මට උවමනාවක් තිබ්බෙත් නෑ. ඒ තරං අමාරුවකුත් නෑ. මෙි ටික කිව්වම, මෙි පුංචි රටෙි අපි කවදාහරි හමුවෙිවිනේ කියල හිතනවනං උඹට ටිකක් නෙමෙි, ගොඩක් වැරදිලා බං. මං උඹෙන් ගොඩක් පරෙස්සම් වෙනවා. අඩුම ගානෙ උඹව මතක් වෙනකොට මට ගෙදරින් එළියටවත් බහින්න හිතෙන්නෑ. මට උඹට වඩා මගෙ පවුල් ජීවිතේ මට වටිනවා. අනික ඒ තරම්ම දැන් උඹව මට පිළිකුල්. 


තව එකක්. උඹට හැමදාම ඔින වෙලා තිබුනෙ දවස් කීපයකට හරි කාගෙ හරි වෙන්න නේද?. ඇත්ත කියපන්?. ඒක මං පස්සෙ දැනගත්තෙ බං. මොකද කියනවනං උඹෙි චර්යාව අන්තිමම අන්තිමයි බං. උඹ ගැන හරියටම ටික ටික දැන ගන්නකොට ඇත්තමයි මට උඹ ගැන පුදුම තරහක් වෛරයක් පිළිකුලක් ඇතිවුනා. ඒ උඹ මෙහෙමද කියලා. ඒකයි මං උඹෙන් ඈත් වෙන්න හිතුවෙ. දවස ගානෙ වටෙි යද්දි උඹව ආදරෙන් පිළිගන්න තරම් මෝඩ මිනිස්සුත් මෙි පුංචි රටෙි හිටියා. තවත් ඉන්නවා. ඒ මිනිස්සු අහිංසකයි. ඒ වගේම මෝඩයි බං. තව අහිංසක පවුලක් අමාරුවෙි දාන්න එපා. ගොඩක් අමාරුවෙන් වෙිලක් හම්බ කරගෙන කාල ජීවත් වෙන මිනිස්සුත් ඒ අතර ඇති. සල්ලි කාරයන්ටනං උඹව හුඟක් වටී. ඒ උඹව වෙන්දේසි කරල, විකුණලා හරි තවත් කීයක් හරි හොයාගන්න. උන්ට ඔිනම උඹල වගේ වටෙි යන එවුන්ම තමා. මං එක අවවාදයක් දෙන්නං. උඹෙි එක එක සෙල්ලං වලට අහිංසක මිනිස්සු විතරක් පළිහක් කරගන්න එපා. සත්තයි සහගහනවා.  අහිංසකයෙක් අමාරුවෙ දාල උඹ ලබන තෘප්තිය මොකක්ද කියපන්. මට ඒකයි දැනගන්න ඔින. උඹ හිතන් ඉන්නෙ හෙන කෑල්ල කියලද?. නෑ බං. උඹ මහ කුහක උද්ධච්ඡ නැහැදිච්ච චරිතයක්. උඹට ඔය සෙල්ලම් හැමදාම කරන්න බෑ. කොතනින් හරි හොඳ පාඩමක් ඉගෙනගත්තු දාට ඔය සෙල්ලම් ඔක්කොම ඉවරයි. දවසක උඹෙි අමාරුවත් හොඳ වෙයි. ඒ මෙි සමාජේ සහ අදහන ආගමෙි තියෙන විසෙන් විස නසනවා කියන ප්‍රථිපත්තිය නිසා. තවත් උඹෙි අමාරුවත් හොඳවෙයි උඹටත් දරුණු ලෙඩක් හැදිච්ච දවසක. මෙි යන විදියට ඒක වැඩි ඈතක නෑ. පරිස්සම් වෙලා හිටපං. ටිකක් නෙමෙි ගොඩක්.  උඹ සෙල්ලම් පෙන්නපු මිනිස්සුම උඹට අඩු නැතුවම සෙල්ලම් පෙන්නන්න පටන් ගද්දි උඹටම  තේරෙයි "මොකටද දෙවියනේ මං ඉපදුනේ" කියලා. වටෙි යන්න එපා බං. උඹෙි පරම්පරාවෙම අනිත් අය ඔය ඉන්නෙ තමන්ගෙ පාඩුවෙි. ඒ විදියට ඉන්න පුරුදු වෙයන්කො. මීට වඩා පැහැදිලි කරන්න මට තේරෙන්නෑ බං. 


කොහොමත් අපි දුරස් වෙලා ඉන්නෙ දැන්. ඒක දැනගන්නනං උඹට උවමනාවක්  නැති වග මං දන්නවා. මං මුලින්ම හිතුවෙ උඹෙි එව්ව මෙව්ව දඹ රත්තරං වලින් හැදිල ඇති කියලා. නෑ. උඹත්, උඹෙි ජාතියෙ එව්වොත් ඔක්කොම එකයි. ඒකනෙ  ටික දවසක් යද්දි උඹ මහ කැහිල්ලක් හැදිල එක එකා එක්ක යන්න පටන් ගත්තෙ.  හැබැයි ඊට පස්සෙ තමා මට උඹ ගැන හරියටම දැනගන්න ලැබුනෙ.  මං හැමදාම උඹ ගැන හෙව්වා. ඒ උඹෙි  අනික්වුන්ට තියෙනවා වගේ එව්වගෙන් උඹගෙනුත් විනාඩි පහේ ආශ්වාදයක් ලබාගන්න ආශාවෙන් බලාපොරොත්තුවෙන් නෙමෙි. තු:හ්ක් නොදකින් බං. ⁣උඹල ඔක්කොම එකයි බලාගෙන යද්දි. මම මිනිස්සු නිවැරදි කරන්න යන්නෙ නෑ. උන්ටත් දවසක තේරෙයි උඹට අහුවෙලා අතේ තියෙන තුට්ටුවටත් කෙලවෙච්චි දවසට.


කියන්නම ඔින. මං දන්න කියන අයගෙන් උඹ ගැන ඇහුවෙ ආදරේකටනං නෙමෙි. උඹ අමාරුවෙ දාපු අය තව ඉන්නවද බලන්න ඔිනවුනු හිංදා. සමහරුන්ගෙන් උඹ ගැන හාර හාර අහද්දි ඒ මිනිස්සුත් මං දිහා බැලුවෙ වැරදි විදියට, වපර ඇහින්. ඒ උඹයි මායි අතරත් සම්බන්ධයක් ඇති කියල ඒ මිනිස්සු හිතපු නිසා වෙන්න ඇති. ඒ හිංද මට ලැජ්ජ හිතුන වාර නං අනන්තයි බං. වටෙි ගිහින් ගිහින් කිසිම කෙනෙකුට නැමෙන්නෙ නැතුව උඹ උඹට ඔින විදිහට හැසිරෙන්න ගත්තෙ ඇයි කියපං.  අහිංසකයො එකා දෙන්න අල්ලගෙන උන්ගෙන්ම  යැපෙන්න තරම් උඹ දරුණු වුනේ, හිතුවක්කාරවුනේ මෝඩවුනේ ඇයි කියපං.. කවදාවත් සමාජයට පිළිලයක් වෙන්න හිතන්නවත් එපා. උඹ ආපු දිහාටම ආපහු පලයන් කොරෝනා. අපි උඹෙන් මීටරයක් ඈත් වෙනකොට උඹ අපෙන් කිලෝ මීටරයක් නෙමෙි ඊටත් වඩා ඈත් වෙලා හිටපන්. ඒ ඇති. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.11.17

තීපන්

 මෙි කතාව පටන් ගන්නෙ  නාවල්අඩි වලින්. ඒ සාමකාලෙ. මෙි කාලෙ මෙහෙ වාකරේ පැත්තෙන් එන කොටි වාකනේරි තොප්පිගල පැත්තටත් , තොප්පිගල වාකනේරි පැත්තෙන් එන කොටි වාකරේ පැත්තටත් පාර මාරුවෙන එක වැලැක්වීම තමා  ⁣නැගෙනහිර හිටපු අපේ ප්‍රධානම රාජකාරිය වෙලා තිබුනෙ. මොනම හේතුවකටවත් මෙි ක්‍රොසින් එක වෙන්න දීම සපුරා තහනම්. මොකද මෙහෙම මාරුවෙලා ගියොත් පැයක් යනකොට මුලු පාර්ලිමෙින්තුවම මෙි සිද්ධිය දන්නව. ඊටපස්සෙ හමුදාවට බරපතල ප්‍රශ්ණ. අපි රෑටත් පාරවල් අයිනෙ ගිනි ගොඩවල් ගහගෙන රෑ එළි වෙනකම් ඇහැරගෙන මුර කරගෙන ඉන්නේ මුං කොහෙන් කොහාට යන්න මතුවෙයිද කියල බලාගෙන. 


ඒ කාලෙ අපි තිස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩයක් නම් කරනව අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි සඳහා. ඒකෙ අරමුණ අර උඩින් කිව්ව ජාතියෙ මාරුවීම් වෙනකොට කොහොමහරි එවුන්දැලව නවත්තන එක. කිසිම හේතුවක් මත එයාලට යන්න දෙන්න බෑ. අපේ එලියෙ රාජකාරි ඉන්න ටීම් එකකින් නිරීක්ෂනය කරල සෙට් එකෙන් විස්තරේ කිව්වට පස්සෙ තමා අර තිහම බහින්නෙ. 


 එදා මම දවල් හිටියෙත් ඔය රාජකාරියේමයි. දවල් දහය විතර වෙනකොට පන්සීයට අධික ත්‍රස්තවාදී පිරිසක් වාකනේරි තොප්පිගල පැත්තෙ ඉඳන් වාකරේ හරහා යාපනේට යන්න ඇවිත් ඉන්නවා කියල ඒ නිරීක්ෂන මුරයකින් කිව්වට පස්සෙ විනාඩි පහක් ඇතුලත අදාල තැනට යන්න අපි තිස්දෙනාම පිටත්වුනා. 


අපි එතනට ගියේ එවකට අපේ ඒකකයට අණදුන් නිළධාරි තුමත් එක්ක. එතුමා හරිම කුකුල් කේන්ති කාරයෙක්. පොඩ්ඩ මිස් වෙන්න බෑ. පට්ට තරහක් යන්නෙ. මෙි වගේ රාජකාරියක එහෙම බෑ. ඉවසීම 100%ක් තියෙන්න ඔින. අපි බයේ හිටියෙ එතුමාට තරහ ගිහින් අපේ එකකයෙන් සාමය කඩවෙයි කියල. උන්ටත් තිබුනු එකම උවමනාව හමුදාවෙි කා අතින් හරි මෙි සාමය කඩ කරවා ගැනීම. ඒ වෙනුවෙන් උන් අවස්ථා ගණනකදී ප්‍රසිද්ධියේ හමුදාවට බැන වැදුනා. ගල් ගැහුවා. සිංහලෙන් අමුතිත්ත කුණුහරපෙන් බැන්නා. ගහගන්න ආවා. අපේ අයට ගැහුවා. අසූචි ගැහුවා. ඒත් උන්ගේ තිබුනු ඒ බලාපොරොත්තුව මාවිල්ආරු සොරොව්ව වහනකම්ම ඉෂ්ඨ කරගන්න බැරිවුනා. ඒ හමුදාවෙි සාමාජිකයන් තුල තිබූ අනුපමෙිය ඉවසීමෙි ගුණය නිසා. 


 අපි එතනට ගියාම උන් එක දිගටම අපිට අම්ම මෝ නැතුව දෙමළෙනුයි කැඩිච්ච සිංහලෙනුයි පැහැදිලි සිංහලෙනුයි බනින්න පටන් ගත්තේ වික්ටෝරියා වෙිල්ල කැඩුනා වගේ.  නිකන් නෙමෙි අමුතිත්ත කුණු හරප වලින්. "මෙික අපේ නිජ භූමිය.මෙික කවදාවත් තොපිට දෙන්නෑ. තොපි මෙහෙන් අකුලගෙන පලයව්. නැත්තං හෙට වෙද්දි ඔක්කොම මරණවා" වගේ දේවල් හැමතිස්සෙම කියවන්න පටන් ගත්තා.ඊලඟට අම්මටම කියල බනිනවා. බැනුම් අහන එකනං අපි, අපේම කාගෙන් වුනත් දවසකට විසි තිස් වතාවක් අහනවනෙ. බැනුම් කියන එක ආරච්චි ඇතුලු ගොඩක් දෙනෙකුට ඇඟටම ජීර්ණය වෙලා තිබුනෙ. කාගෙන් හරි දවසකට කුණු හරප පේලියක් කන පුරා අහගත්තෙ නැත්තං එදාට "නිකන් කෑවෙ නෑ" වගේ ගතියක් දැනෙන්නෙ.  ඒ නිසා බනින්නෙ මොකා වුනත් ඒකෙ එච්චර  ගානක් තිබුනෙ නෑ. ගානක් තිබුනත් මොකුත් කියන්නත් බෑ. විස්තරේ පැහැදිලි කරල දීල දෙපැත්තම ඇවිලෙන්නැතුව සීතලෙන්, නාඩියෙන් ගහන්න ඔින ගේමක් නිසා අපිට මොනා කිව්වත් අපි ඒ වෙලාවෙ ඉවසගෙන හිටියා. නමුත් එන්න එන්නම අණදෙන නිළධාරි තුමාගේ මූන ජම්බු ගෙඩියක් වගේ රතු වෙන්න පටන්ගත්තා. උන්ට කොච්චර කරුණු කාරනා පැහැදිලි කරල දීල ආපහු යන්න කිව්වත් ඒක පිළිගන්න තරම් මට්ටමක උන්ගෙ එතන කව්රුත් හිටියෙ  නෑ. ඉල්ලුවෙ ගේමමයි. කැලෑවෙම හැදිල කැලෑවෙම වෙඩි උන්ඩයකින්  මැරෙන්න හිටපු  ජාතියකට සමාජයක් කියන එක තේරෙන්නෙ නෑ. හැදියාවක් කොහෙත්ම නෑ. ඊට එහා ගඳ. තනිකර තලතෙල් ගඳ. 


පිරිබාහරන්ට ඒ වෙද්දි උවමනා වෙලා තිබුනු කාරණාව මොන විදියකින් හරි හමුදාව අතින් "සාමය කඩවීම" කියන එක ඉෂ්ඨ සිද්ධ කර ගැනීම. ඔබට මතක ඇති කල්ලඩි සහ කාන්තාන් කුඩ් අතරේ තැනකදි අපේ කට්ටියකට මෙි පුද්ගලයින් විසින් කරපු හිරිහැර.  උන් උන්ගෙ සුපුරුදු ඇඳුමෙන් ඇවිත් ඒවා කරද්දි, කුලප්පු කරවන්න හිටියෙ සිවිල් ඇඳුමෙන් හිටපු උන්ගෙම කට්ටිය. 


උන් ඔය මොන දේ කලත් හමුදාව පැත්තෙන් සුලු අත්වැරදීමක් සිදුවුනත් උන්ට ඇති. එතකොට ජාත්‍යන්තරයට මෙික ලොකු ප්‍රවෘත්තියක් කරලා සාමෙ කැඩිලා ආයෙ යුද්දෙ පටන් ගන්නව. එතකොට ලංකාවටත් හමුදාවටත් කෝටියක් ප්‍රශ්ණ. නමුත් මොන දේ කලත් මොන යුද්දයක් දැනගෙන උන්නත් උන් හමුදාවෙ ඉවසීමෙි ගුණය කොච්චරද කියල දැනගෙන හිටියෙ නෑ. ඊට පස්සෙ තමා මාවිල් ආරු හොරොව්ව වහන්න වුනේ.


කතාවට යමුකො. උන්ගෙ පන්සීයක් ආවත් තිහයි බැස්සෙ.  අපිට වෙඩි තැබීම සපුරා තහනම්. උන් යන්නමයි හදන්නෙ.අපි නොදෙන්නමයි හදන්නෙ. පැයක් විතර යද්දි මෙික ජාත්‍යන්තර කැරැල්ලක් බවට පරිවර්තනය වෙමින් තිබුනෙ උන් අපිට එන්න එන්නම තඩි කුණු හරුප වලින් බනින එක වැඩිවෙන්න පටන් ගත්තට පස්සෙ. ඒත් වැඩක් නොවුනු තැන තමා අපේ අණදෙන නිළධාරි තුමාට බැන වදින්න පටන් ගත්තෙ. එතකොටනම් ටිකෙන් ටික අපේ සීමාවෙත් රතු ඉර පනින්න පනින්න වගේ පටන් ගත්තා. 


මට ටිකක් එහායින් හිටපු  කෝප්‍රල් කෙනෙක් එක පාරටම අමු සිංහලෙන්ම "තොපේ අම්මලාට"   කියල පටන් අරගෙන මහ සද්දෙන්  උන්ට බනින්න පටන් ගත්තා. ඒක නතර වෙනවත් එක්කම තව කීප දෙනෙක් ඊට එහා ගියපු වචන සෙට් එකකින් ආයෙ පටන් ගත්තා. එතකොට එතන හිටිපු ආරච්චිටත් කට නිකන් තියාගෙන ඉන්න බැරුව හයියෙන්ම දන්න උපරිම දෙමළ කුණුහරප වැලකින් පටන් අරගෙන "මෙි තිහ තොපේ පන්සීයෙම පස්ස පැත්තෙ ඇරලයි මරන්නෙ දැනගනියවු.. වෙි&@% පුතාලා.. අම්මට හික්කඩු යන්ඩ" කියල අවසන් කලා විතරයි අණදෙන නිළධාරි තුමා කිව්ව එයා හිටියොත් මෙතන අපේ අතින් සාමය කැඩෙන්න පුලුවන්, ඒ නිසා  උප අනි තුමා ගෙන්නන්නම් කියල, එතුමාව කැඳවලා විසඳන්න කියල අණදෙන නිළධාරි තුමා යන්න ගියා. ඒ වෙද්දි දෙගොල්ල වචන වලින් මරාගන්නවා. බෙිරෙන්නම බෑ. උන් හූ කිය කිය බනිනවා. අපි හුයන්නෙන් පටන් අරන් බනිනවා. 


දැන් ලෝක යුද්දයයි එතන. උන් අරින්නෙත් නෑ.අපි අරින්නෙත් නෑ. ඔය අස්සෙ කෙලවරක ටිකක් වැදගත් පාටට පෙනුනු එක කුණුහරපයක්වත් නොකිව්ව ඒත් හිනා වෙවී හැමදෙයක්ම අහන් හිටපු එකෙක් හිටියා. කොටියෙක් උනත් ඌ උගේ පාඩුවෙි හිටියා. මමත් තව දෙතුන් දෙනෙකුත් ඌට කිට්ටුකලා. ඌ සිංහලත් දන්නවා. අපි අර සද්ද මැද්දෙ ඔහුට කිට්ටු කරලා විස්තර ඇහුවා. ඌ කිව්වෙ උන්ගෙ ඉහලින් ආ නියෝගයක් මත යාපනේ යන්න යනව කියල. විනාඩි පහක් දහයක් වැනි ටික කාලයක් තුල  කතා කරල අපි සුහද වුනා. ඒ වෙද්දි උප අනි තුමා එතන හිටපු නායකයෙකුට ටිකක් විතර තදින් කරුණු පැහැදිලි කරල ආපහු යන්න කියමින් හිටියෙ.

එතුමා නිවිච්චි පුද්ගලයෙක් නිසා එච්චර අවුලකුත් නෑ. ඊලඟට එතුමා අර පුද්ගලයටත් කිට්ටු කරල කරුණු කාරනා විස්තර කරලා ආපහු යන්නම කියන ඉල්ලීම කලා. ඒක පිළිඅරගෙන පැය භාගයක් විතර යද්දි උන්ට යන්නම නොදෙන තැන ආපහු යන්න තීරණය කලා. අපිත් එක්ක පිට්වුනු පුද්ගලයා අපිට වැදගත් විදියට කතා කලා. සර් කිව්වා, මහත්තයා කිව්වා. ඌ උන්ගෙ පැත්තෙ විස්තර ටිකකුත් (යුධමය වටිනාකමක් ඇති  හෝ රහස් නෙමෙි)කිව්වා. වැදගත් විදියට හැසිරිලා ආපහු යන්න පටන් ගත්තා. ඔහුගෙන්ම නම අසා දැනගත් පරිදි "මෙිජර් තීපන්". එල්ටීටීඊ එකේ නැගෙනහිර දෙවෙනි පරිපාලන කටයුතු භාර පුද්ගලයා. 


උන් නොපෙනී යනකනුත් අපි බලන් ඉඳලා කඳවුරට ආවා. ඊට පසු අවස්ථා කිහිපයකදිම අර පුද්ගලයා "තීපන්" අපිට හමුවුනා. හිතවත්කමක් ගොඩනැගුනා. ඒ හිතවත්කම කොච්චරද කියනවනම් මාර්ග බාධකයට ඇවිත් අපේ නම් කියල කෝ කියල අහන තරමෙි මට්ටමට ගියා. ඊට ටික කාලෙකට පසු එක දවසක් ඔහු මට මාන්කේනි මාර්ග බාධකයේදී හමුවුනා.(මෙතන මාව අතිවිශේෂ සහ වැදගත් රාජකාරියක් යොදවලා තිබුනෙ). ඒ කරුණා සහ ප්‍රභාකරන් විරසක වෙලා කරපු යුද්ධෙට කිට්ටු කාලයක්.නමුත් එතෙක් විරසක වෙලා තිබුනෙ නෑ. 


 ඔහු අතේ තිබුනා විශාල බ්‍රීෆ් කේසයක්. ඒක පුරෝලා තිබුනෙ දාහෙ කොල බණ්ඩල් වලින්. මම නිකමට ඇහුවා" මෙතන කීයක් විතර තියෙනවද මචං" කියලා. රුපියල් කෝටි දෙකහමාරක්. මමනං එච්චර මුදලක් දැක්කෙත් එදා. මොකටද කියල අහපුවම "නැගෙනහිර එල්ටීටීඊ සාමාජිකයන්ගෙ කෑම සල්ලි" කිව්වා. පස්සෙ හමුදාවෙි ඉහල මූලස්ථානවල උපදෙස් අනුව ඔහුව මුදාහැරියා. ඒ උපදෙස් එනකම් පැය දෙකක් විතර අපි කතා කර කර හිටියා. ඒ ලෙවල් විද්‍යා අංශයෙන් කැම්පස් මට්ටමට නූනත් ඉතා ආසන්න මට්ටමින් සමත්වුනු දොස්තර කෙනෙක් වීමෙි සිහිනයෙන් පෙළුනු තීපන්, දවසක් රෑක ඉස්කෝලෙක තිබුනු කොටින්ගේ රැස්වීමකට සහභාගිවෙලා, "මොළ ශෝධනයට" ලක්වෙලා තමා සංවිධානෙට බැඳිල තියෙන්නෙ. ඇත්ත හෝ වෙිවා බොරු හෝ වෙිවා ඔහු කිව්ව විදියට එදාම උනත් සංවිධානෙන් අයින් වෙලා ඔහුගෙ අරමුණට යන්න ආශාවක් තියෙනවා කියල මාත් එක්ක කිව්වා. මිනිස්සු මැරෙන එක ගැන දුකෙන් කතාකලා. ඒත් දැන් සංවිධානය අත්හැරීම පැය විසිහතරකටත් අඩු කාලයකින්  තමා විසින්ම තමාට මරුවා ලඟාකර ගැනීමක් විදියට තමා ඔහු කීවෙ. ඒ සංවිධානෙත් හැමෝම යුද්ධෙට කැමති නෑ. ඒක හරියට  කොටි වලිගෙ බදා ගත්තා වගෙ වැඩක් නිසා දිගටම ඉන්න ඇති. හමුදාව එක්කත් සිංහල මිනිස්සු එක්කත් කිසිම තරහක් හෝ එහෙම වෙන්න හමුදාවවත් සිංහල මිනිස්සුවත් තමන්ට කරපු දේකුත් නෑ කියල අන්තිමෙිට කිව්වෙි "බලමු ඉතින් සර්, මෙික යුද්ධයක්නේ. කව්රු හරි එක පැත්තක් ඉවර වෙන්නම එපෑ" 


"ඒ කියන්නෙ ඔහු ආයෙ යුද්ධය පටන් ගන්නවා කියල පැහැදිලිව දැනගෙන ඉඳලා" 


ඔහු මට අන්තිම වරට හමුවුනේ කරුණා හා ප්‍රභා අතර පැවති යුද්ධයේදී මාන්කේනි වලදිමයි. වාහනේ නවත්තගෙන විනාඩි දහයක් විතර මාත් එක්ක කතා කර කර ඉඳල ගියේ. ඒ වෙද්දි මං දැනගෙන හිටියෙ මෙයා කරුණාගෙ පැත්තෙ කෙනෙක් කියලා. යන්න ලෑස්තිවෙලා කිව්වෙ "ආපහු ආවොත් අපි කතා කරමු සර්. ඒත් එන එකනම් එච්චර ෂුවර් නෑ." කියල. (මෙි වෙද්දි මම මෙතන අති විශේෂ වැදගත් රාජකාරියක හිටියෙ). ජාතිය ආගම පාර්ශ්වය වැදගත් නෑ. මාත් කිව්වා බුදු සරණයි මචං.එහෙම කියල යන්නෙපා, කොහොම හරි පරිස්සමින් ගිහින් පරිස්සමින් වරෙන් කියලා. ඔහු එදාම පැය තුනකට විතර පස්සෙ මට ආයෙ හමුවුනා. හැබැයි ඒ මාත් එක්ක කතාකරල ගිය තීපන් විදියට නෙමෙි. ඔලුවෙන් භාගයක් නැති කකුල් දෙකම කුඩු වෙච්චි ඇඟ හැමතැනම හිල් වුනු ලේ වලින් මුළු ශරීරයම පෙඟවුනු මළ මිනියක් විදියට. 


මෙි යුද්ධය එසේ නොවී සතුටු දායක විදියට විසඳුනානනං ඔහුට මගේ හොඳම යාලුවෙක් වෙන්න බොහෝදුරට ඉඩ තිබුනා. 




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.11.17



Saturday, November 14, 2020

නන්දිවිසාල කුලේ




සති පොල බුලත් පොල කඩ පොල නගරෙ   මැද

සතියට තුන් වතාවක් එහෙ යනෙන                 සඳ

සමූපකාරයෙත් කුලියට ගැලෙහි                      හිඳ

තවමත් බර අදිමි පූරුවෙ පවට                          ලද


ගව් ගණනක්ය දුර නගරෙහි සති              පොලට

ගොස් ඊලඟට තොග කඩ පෙල සහ          වෙලට

නන්දිගෙ පරපුරේ වී ඉපදුනු                            කලට

මා ලද උරුමයෙන් තව පන දෙමි                  ගැලට


ඉස්සෙන කෙවිට කොන්දට හැම නිතර        වගේ

තට්ටුව දමන විට වෙර ඇති ගවයෙ              කුගේ

වෙිගය ගන්න ගොස් රිය සක, යනෙන          මගේ

ගල් රෑහෙටම ගෙවිලා කුර හතර                   මගේ 


දිළිඳුව උපත ලද හිමි අඹු දරු                         රැක්ම

දරුවන් හට ලබන්නට ලෝකය                     දැක්ම

මට කල භාර, දිනයක මිය යන                   තෙක්ම

හිමියනි මැදි වියත් මගෙ ගොස් ඇත            ඉක්ම


සෙවනක් නොලැබ එක පිම්මට ගිනි          අව්වෙි

වැසි කාලෙටත් නැහැ කිසිවිට බැහැ          කිව්වෙි

නැහැයෙන් සෙම ගලද්දිත්  මොකටද         රැවිවෙි

කුර ගෙවිලා නිසයි අඩි හිමිහිට                  තිව්වෙි


රසයක් කොහෙද වියැලී ගිය පිදුරු               ගහේ

වෙනසක් නොමැත තිබහට බොන  වතුර   රහේ

නොදකිනු රිසිත් නම් මගෙ දුක් කඳුලු         ඇහේ

වැඩිපුර වැසි වැටීයන් එන බිනර                   මහේ


හැම වෙිදනාවන් දෙනුවන්                          තෙමාවී

සිසිලැති සුළං උනුහුම් වී                                හමාවී

හිරු දෙවියනේ අසරනයට                             සමාවී

හෙටවත්  පායපන් ඩිංගක්                             පමාවී


කළගුණ දන්න මිනිසෙකු ලෙස මතු            දිනක

ඉපදෙන්නට සලස්වා බොදු කුළ                ගෙයක

බණවරයක් කියා මෙි ඉඩමෙම                කොනක

වළලනු මැනවි මා මව වළලපු                    තැනක


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.11.14

Friday, November 13, 2020

කැරපොත්තා

 ජීවිතේ රස කතා කිව්වම හැමෙිකක්ම මිලිටරිම කියල නෑනෙ. අද කියන්න හිතුනා  අපේ ගෙදර  සතියක පසු විපරමක් හා කරපු වැදගත් රිසර්ච් එකක් පිලිබඳව.


මං ඉස්සර ආශාවෙන් දිනපොත් නඩත්තු කලා. ඒත් දැන් එහෙම නෑ. ඒ පුරුද්ද මගෙන් ගිලිහිලා ගියේ මීට අවුරුද්දකට කලින්. ඒකට ගොඩක්ම බලපෑවෙි ඇමරිකාවෙි එම්සීසී ගිණුම, අපේ ආණ්ඩු පෙරලිය, රටෙි තත්ත්වය, චීන ජන රජය විසින් මෙරටට කරන දේශපාලන අතපෙවීම් සහ බලපෑම්, පොදු දේපල විකිනීම, වගේ බැරෑරුම් මාතෘකා නෙමෙි. නිදහස අවම වීම තමා හේතුව වුනේ.  


මගේ පුරුද්දක් තියෙනව. ඒ තමා අනිවාරයෙන්ම උදේ පහට අවදිවීම. ඒක  රැයක් තිස්සේ නිදි මරලා උදේ හතරහමාරට නිදාගත්තත් මොන අහේතුවක්ද මන්දා පහට ඇහැරෙනවා. පහට නැගිටලා කරන්නෙ බඩ පිරෙන්න වතුර එකක් බොන එක. ඊලඟට ගෙදර උදේ කෑම වෙිල සැකසෙන්නේ මගේ අතින්. වැඩට ගියා නොගියා ඒක පුරුද්දක්. ඊට පස්සෙ තමා අනික්වා කරන්නෙ. දවස තිස්සේම මහන්සි වෙලා වැඩ කරන සුද්දිට ලොකු උදව්වක් කියල හිතනව ඒක. හැබැයි දවසක් දවාලකත් මට උයන්න  කියපු වෙලාවක මාත් ගණන් ඉස්සුවා. ඒ ජොලියට. මං කිව්වා "එකක් කරපුවාම දෙකක් කියනවා, තෞසෙලාගෙ හත්මුතු පරම්පරාවම එකයිනෙ  ඔියි" කියල. මෙික එවුන්දැ එවුන්දැගෙ අම්මට කියල "මුදු හදන පරම්පරාවම එකයිනෙ ඔියි"කිව්ව කියල. නැන්දම්මත් හිනාවුනා ඒක අහල. මොකා යකෝ මුදු හදන්නේ??


අපේ එක්කෙනාට උදව් කරන බලමහිමයෙන්ද මන්දා  මට මෙි  සතියෙ විශේෂ අවස්ථාවක් හිමිවුනා. ඒ අළුත් රිසර්ච් එකක් සිදු කිරීමෙි මහඟු අවස්ථාවක්. මෙික කව්රුත් කලින් කරල නැතුව ඇති. ඒක කොච්චර

දුරට සාර්ථක වුනාද කිව්වොත් නව සොයාගැනීමක් කරන්නටත් මට හැකිවුනා. 


වෙනදා පස්ස පැත්තට ඉර එලිය වෙටෙනකම් ඇඳේ දපනෙ දාල නිදියන අපේ ගෙදර එක්කෙනා කවදාවත් නැතුව එදා මං අවදි වෙද්දිම අවදිවුනා. මං ඇහැරවන්න යන්නෙත් නෑ පවුනෙ කියල. නෙමෙි අනේ. ඒකි පයින් ගහනව නිදා ඉද්දි ඇහැරැව්වොත්. ගොං පයින් ගහනව වගේ නිල් වෙන්නත් වදින අවස්ථා නැතුව නෙමෙි. නින්දෙන් වගේ කරනව කියල පෙන්නුවට මට හැඟිල තියෙන්නෙ ඒ බබා පාට් එකක් කියල. එක දවසක් මහ පාන්දර පහට ඒ වගේ අවුලක් ගිහින් කොරහෙ තිබුනු ඉඳුල් වතුර එකක් ඇඳේ ඉඳන්ම නා ගැනීමෙි දුර්ලබ අවස්ථාවකුත් ඇයට හිමිවුනා. ඉඳුල් වතුර එකක් හැමදාම එක්කාසු කරනවා කියන එකත් ටිකක් අමාරු නිසා මං පස්සෙ පස්සෙ ඔික අතෑරල දැම්මා. 


එදා පහට නැගිටපු මෙවුන්දෑ කබ කඩ කඩ ඇවිත්  ගංගා යමුනා අචිරවතී සරභූ මහී යන පංච මහා ගංගාවලින් ගලා ඇවිත්, කටෙි වෙිල්ලක් බැඳලා වගේ පුරෝගෙන හිටපු කුණු කෙල කන්දරාව කුස්සිය පැත්තෙන් මිදුලට බැහැලා "ක්‍රෑහ්ක්..තු:හ්ක්" ගාල විසි කරල බාත්රූම් එකටත් ගිහින් ආපහු එන්න දොර අරින කොටම මම මගේ ගානෙ පොල්කුඩු සහ ලූනු පොතු වතුර එකක් හොඳට කලත්තල කලත්තල "සරස්" ගාල පාන්දරම ඇයගේ සුසුදු සුදුමුදු මූන පොජ්ජ සිප ගන්න මුදා හැරියා. ඒත් එක්කම "මොන හුක්" කියල ඇහිච්චි වචන සෙට් එකට මට හිනා ගියත් මං ඉවසාගෙන හිටියෙ ඔිවගෙ අකරතැබ්බ ඇයටත් අත්වැරදීම් වශයෙන් ඉදිරියේදි වෙන්න පුලුවන් අවදානමක් තියෙන නිසා. බාත්රූම් එක එලියෙ තියෙන නිසාත් කුස්සිය ලඟින්ම පිහිටීම නිසාත් භූගෝලීය වශයෙන් මටත් යම් අවදානම් සහගත තත්ත්වයක් එතන තියෙනව. ඒ නිසා ඇවරියම පූට්ටු කරගෙන ඉවසා සිටියෙ මගේ අනාගත ආරක්ෂාව වෙනුවෙන්. ඒ තරම් බඩුව මෙික. හිනාවෙද්දි ඉස්සරහ තිබුනු පොල්ලෙලි දත් දෙකම වැහිල තිබුනෙ දඩ සයිස් ලූනු පොත්තකින්. ලයිට් එලියෙ උනත් මං ඒක හොඳට දැක්කා.


අලුත් දවසක් උදේම එහෙම පටන් ගත්තම හිතාගන්නකො දවස කොහොම ගෙවෙයිද කියල. මං සාමාන්‍යයෙන් තේ බොන්නෙ උදේ හයත් හයයි කාලත් අතර. ඒකත් පුරුද්දක්. මෙයත් එහෙම්මම බාත් රූම් එකට ගිහින් ගිනි ගැහෙන හීතලේ වතුර පාරක් හැම තැනටම අල්ලගෙන


*කෝ ටවල් එක දෙනවකෝ...

*හිටහං මං වැඩක්

*යකෝ ටවල් එක දීපං වාහෙ.. හීතලයි

" කට..කට..කට..කටස් කටස්.." මීයෙක් රෝස් පාන් කන සද්දෙන් එවුන්දැගෙ දත් ඇඳි දෙක එකට වදින සද්දෙත් මට ඇහුනා.


බෙිරෙන්න බැරිමතැන ටවල් එක ගිහින් දුන්නා. ඇඳුනුත් මාරුකරගෙන  යටි හිතිනුයි කටිනුයි අනං මනං කිය කිය මගේ සපෝර්ට් එකට කුස්සියට ආව. 


*සුද්දි... සුදුලුනු ගෙඩ්ඩකුයි කලමනා ටිකයි අරන් එනාකො..

මං එයාට ආදරේට කියන්නෙ සුද්දි කියල. ඒක එයාට මහ මෙරක් වගේ. ඇත්තටම සැබෑම ආදරණීය වචනයක්.  ඔය පොඩි පොඩි වචන වලත් ආදරය සෙනෙහස තියෙනවා කියල ඒකි හිතනව. පව්ල් ජීවිතේ සාමයත් රැඳිල තියෙනව ඔය පුංචි පුංචි වචන වල. හැබැයි ඒ එවුන්දැට අනුව. මං සුද්දි කියන්නෙ වෙන තේරුමකින්. ඒ  "හු%@&ති" කියල කියන්න බැරි හිංද  තමා "සුද්දි" කියල සංස්කරනය කරල අමතන්නේ. 


*ඒ සුද්දි... මයේ සරමත් හෝදාං..ඈ...

*ඒ සුද්දි.. තේකක් බොමුද?

*අඩෙි සුද්දියෙ රේඩි එක දාංකො...

එයත් ඉතින් ඒවා ආසාවෙන් කරනවා. 


මෙවුන්දෑ ගියා ගබඩා කාමරේට මං කිව්ව අඩුම කුඩුම ටික ගේන්න. මයෙ අප්පේ කියන්නෙ ඊලග විනාඩියෙ බාර් වහන නිසා අරක්කු කාලක් ගන්න බැරි වෙච්චි එකෙක් කිලෝ මීටර් පහක් පුස් බයිසිකලේ පාගනවා  වගේ වෙිගෙන් ආපු ආතක් පාතක් නැති වල් කුපාඩි පඩත්තල වරත්තු වලත්ත ඔට්ටපාලු කැරපොතු රාජයෙක් මෙිකිගෙ කකුලක් දිගේ ඉහලටත් නැගල තව කොහෙ කොහෙදත් මංද දුවල  හෙන ගිනිවිජ්ජුම්බරයයි එතන. "හෑක්කා......හ්".කියල යටි ගිරියෙන් හූටරේ ගහලම පටන් ගත්තෙ පාන්දරම. ඊලඟට ඇඳන් හිටපු නයිටියත් ගලෝලා දාලා මෙිකි උඩ පනිනවා. කැරපොත්තා මෙිකිගෙ කකුල අතගාල බැහැල ගිහින් හැංගිලත් ඉවරයි. ඒත් මෙතන සිරියාවෙ බෝම්බ ගහනකොට වගේ සද්දෙ. මාත් පැනපු ගමන් පැත්තක ගොඩ ගහල තිබුනු හාල් උරෙයක් අරන් ඇඟට දාල ඔතල දැම්මෙ ඇඩස්සොල්ලි උපකරණ ටික වැහෙන්න. ඒ සද්දෙට අල්ලපු ගෙදර මලයා වත් දුවං ආවානං එහෙම මං ගැන වැරදියටත් හිතල තැන තැනත් කියයි.  අන්තිමෙිටම කියයි රංජත් හරි කියල.


*සුද්දි ඇත්ත කියාං. ඌ ගල විතරනෙ අතගෑවෙ. වෙන මුකුත් නෑනෙ??

*පලයන් වල් මිනිහො  යන්ඩ. තමුසෙටනං මොකෑ. කෑවනං හෙම මගේනෙ. 


මාත් ඒ මුස්පේත්තු කැරපොත්තටම බැන බැන මගේ වැඩෙි කරගෙන ගියා.. වැඩිය කියවන්න  ගියොත් හෙම තේ එකට එක්කො සීනි මදි. නැත්තං කහට මදි. එක්කො ඔය දෙකම මදි වෙලා වතුර ඇති. 


ඒවත් ඉවර වෙලා දවල්ට වත්ත පිටියෙත් කරක් ගහල කොරෝනා පලදාවත් බලල ඇවිත් පාලු කාංසියෙන් ඉන්න අතරේ මට හිතුනා ආයෙ මෙි වගේ උස්සවයක් නොවෙන්න කාඹරේ අස් කරල දාන්න. 


වැඩෙි පටන් ගත්තා. පිලි වෙලකට වැඩෙි කරගෙන කරගෙන යද්දි උදේ අංචිය අල්ලපු බුවා (ද, මංද).. ඉන්නව  එලවලු වට්ටිය යට දිලිසි දිලිසි මස් කට්ටක් දික්කරාම මූන දිහා බලා ඉන්න ටොමියෙක් වගේ උඩ බලාගෙන. පැන්න ගමන් බෙල්ලෙන්ම අල්ලගෙන දැම්මා බෝතලේකට. ඒ ඈතකට ගිහින් දාන අදහසින්.  දාල මූඩිය වැහුවා. තඩි  හූනෙකුත් අහුවුනා. ඌ මටත් විරිත්තල වෙට්ටුවකුත් දාල පැනල ගියත්, ඒක මෙවුන්දැ දැක්කා. 


*අපෝ.. කයියනං කෝමද. හූනෙක්වත් අල්ලගන්න බෑනෙ මෙි මිනිහට. ඈක්ක විතරක්.


*ඒක ඒ හැටි ගේමක්යැ. ඒත් හූනු සාස්තරේ බයානකයි සුද්දියෙ..හූනා අල්ලල පෙන්නනව පහ්නෙකට උත්තර දුන්නොත්.ආයෙ හූනු සාස්තරෙත් කියනවා.

*මොකද්ද පස්නෙ??

*හූනගෙ නැත්තෙ මොනාද කියපං.

*මං දන්නවෑ. මං හූනො අල්ලල තියෙනවෑ.


"මෙවුන්දෑ බබා"


පස්සෙදි, දවසම මුස්පේන්තු කරපු කැරපොත්තා ගිහින් දාන්න කියල බෝතලේ අතටත් අරගෙන ආයෙ කල්පනා කලා... මූ ගිහින් දැම්මොත් කන්න තුන්වෙිල හම්බෙයිද? මූට වෙන සතෙක් හිරිහැර කරයිද කියල. සෑහෙන්න ඒ ගැන කල්පනා කර කර ඉන්න කොට මොලේ දකුණු පැත්ත හිරීවැටීගෙන ඇඟ කිළිපොලා යමින් කනේ මයිල් කෙලින් වෙලා හෙන දඩ සයිස් අදහසක් ආවා. 


හැමදාම කැරපොත්තො දකිනවා. අතගෑවිල තියෙනව. අල්ලල තියෙනව. ඒත් මූ ගැන අපි වැඩිය මුකුත් දන්නෑනෙ.ඒ හිංද කැරපොත්තා පිලිබඳ රිසර්ච් එකක් කරන්න අදහස පහලවුනා.


ඊලඟට පෑනකුයි,පොතකුයි කතුරකුයි, ලොකු එකයි පොඩි එකයිත් ලං කරගෙන මං මගේ රිසර්ච් එක පටන් ගත්තා. 


කැරපොත්තා අරගෙන තියාගත්තා මෙිසේ උඩින් ඉගිලෙන්න බැරි⁣ විදියට.

ඊලඟට කොලේ දකුනු පැත්තෙ ඉහලින් දිනේ දාල යටින් මාතෘකාවත් ලියල පළමුවෙන්ම වම් පැත්තෙ පිහාට්ට ඡේදනය කලා.


ඊලඟට "හ්ම් ගෝ නව්..".කියල අත ටිකක් බුරුල් කරල විධානයක් කලා. ඌ ගියා. හැබැයි දකුණු පැත්තට බරවෙලා.

නිරීක්ෂණය:- කැරපොත්තෙකුගේ වම් පිහාට්ට නැතිකොට ඌ දකුණට බරව ගමන් කරයි.

නිගමනය:- පිටෙහි පවතින බර අසමාන වූ විට පැත්තකට බර වෙි.


කැපුව දකුනු පිහාට්ට.

"හ්ම්..ගෝ...නව්".කියල අත බුරුල් කලා.

නිරීක්ෂණය:- පිහාටු දෙකම නැති කල ඌ උගේ වගේ නැතුව ගමන් කරනු ලබයි.

නිගමනය.:- කැරපොත්තාට පිහාටු ඇවැසි නැත. 


ඊලඟට කකුලක් කැපුවා:-


හුම්...ගෝ නව්.. .


නිරීක්ෂණය:- කකුල නැති පැත්තට බරව සෙමින් ගමන් කරයි.

නිගමනය:- එක කකුලක් නැතුව වුවද කැරපොත්තෙකුට ගමන් කල හැකිය. 


අනික් පැත්තෙ ඒ කකුලම.

නිරීක්ෂණය:- පිටුපසට බරව ගමන් කරයි. වෙිගය මදක් අඩුය. 

නිගමනය:- කැරපොත්තාට කකුල් හතරක් හොඳටෝම සෑහේ.


ඊලඟට තව කකුලක්:-

හ්ම්.. ගෝ නව් මා පෙන්ස්.....

නිරීක්ෂණය:- කැරපොත්තාට කකුල් තුනක් ඇතිවිට වෙිගයෙන් ගමන් ⁣කල නොහැකිය. කොර ගසයි.

නිගමනය:-

කැරපොත්තාට කකුල් තුනක් ඇති විට එක තැන කරකැවෙන ගතියක් පෙන්නුම් කරන අතර, ඌට කකුල් හතරක් පමණක් පිහිටීම ප්‍රමාණවත් වෙි.


ඊලඟට සමාන අනෙක්  පාදය ඡේදනය කලෙමි.

නිරීක්ෂණය:-

කැරපොත්තා හොඳින් කොර ගසන අතර ඉදිරි පාදවලින් ඇද ඇද ගමන් කරයි.  

නිගමනය:- කැරපොත්තාට කකුල් දෙකකින් කල හැකි දෙයක් නොමැති අතර,ඇවිදිම සඳහා කකුල් හතරක්ම අවශ්‍ය වෙි.

තව කකුලක්:-

"හ්ම්... ගෝ...නව්"

නිරීක්ෂණය.:- කැරපොත්තාට කකුල් දෙකෙන් ගමන් කල නොහැක. පාද පහක් විසන්ධිකල විට එක තැන කරකැවෙි. වෙිගය මදක් වැඩිය.


ඒ ආකාරයට පාද පහක්ම විසන්ධිකර නිරීක්ෂණ නිගමන සටහන් කර ගත්තා.


ඊලඟට ඉතිරි අන්තිම පාදයද විසන්ධි කර

"හ්ම් ගෝ පෝවර්ඩ්. (ගමන් නොකරයි)

විධාන කිහිපයක්ම කලෙමි. අඩෙි පල.. පල යකෝ... හ්ම් ගෝ නව්" 

ම්ම්ම්හු.. ගියේම නෑ. 

නිරීක්ෂණය:- එම විධානය කිහිප වරක් කලද, කැරපොත්තා ගමන් නොකරයි. එක තැනකටම වී නිසොල්ම⁣න්ව බලා සිටී.

නිගමනය:- කැරපොත්තාගේ පාද සියල්ල ඉවත්කල පසු උගේ කන් දෙක නෑසේ..


ඒ විදියට කරපොත්තා පිලිබඳ රිසර්ච් එක අවසන් කලා. ඒ, නැවත අර පැන ගියපු හූනාව හෙට අල්ලගෙන ඌ පිළිබඳවද රිසර්ච් එකක් කිරීමට අදහස් කරල.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.11.13

Tuesday, November 10, 2020

කල්කුඩා බෝට්ටු සවාරිය

 කල්කුඩා යනු සීතල කඳවුරක්. මෙි මුහුදේම කොටසක් වූ පාසික්කුඩා ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන්නේ සිත් ගත් නාන තටාකයක් වගේ, ඒත් විශාල සහ රැළි නොනගින නාන්න කන්න බොන්න ආතල් ගන්න කියාපු තැනක්. 


අපිත් මෙි කඳවුරේදි හැමදාම උදේට නැගිටින්නෙ මඩකලපු පැත්තෙන් අත්තන මලක් වගේ කහ පාටට හිරු රාජයා ලා හිරු කිරණ විහිදුවාගෙන  දවස ආරම්භ කරන හැටි බලාගෙන. නිමක් නැතුව "හෝඔිඔිඔි..ස් දඩාස් රලාස් පුස් පුස් පුස් සෝස්ස්ස්ස්.. චට්ට්ට්ටාටාටාස්ස්ස්" සද්දෙන්  අඩි ගානක් ඉහලට නැගල එන රැල්ල,  වෙරලෙ වැදිල ආපහු මුහුදටම ගසාගෙන යන්නෙ හරියට ජීවිතේ ගැන  පාඩම් ගොඩක් කියල දෙන්නා වගෙ ලස්සනට. අලි බැලිල්ලයි මුහුද බැලිල්ලයි කොච්චර බැලුවත් එපා වෙන්නෑ කියනවනෙ.  අපිත්, විශේෂයෙන් මමත්, නිකන් ඉන්න වෙලාවල් වලට කරන්නෙ මුහුද දිහා බලාගෙන මනෝ පාරක් ගහන් ඉන්න එක. ඒ මනෝ පාරවල් ඔස්සේ කල්කුඩා මෙි මහ මුහුද හරහාම කැනඩාව, නවසීලන්තය, ඔිස්ට්‍රෙිලියාව,ඇමරිකාව වැනි ලස්සන රටවල් වලට සිය දහස් වතාවක් නම් ගිහින් ඇති. නැව් සිය ගණන් පදවන්න ඇති.  කඳවුරු ජීවිතය සහ බැරැක්ක ජීවිතය කියන්නේ වෙනමම ලෝකයක්. ඒ ලෝකයට ආයෙ කදුරුවෙලින් එහා ලෝකයක් එකතුවෙන්නේ මාස දෙක තුනකට විතර සැරයක්. මෙි මුහුද අපිට පාඩම් ගොඩක් කියල දෙනවා. මට හිතට වදින වැදගත් පාඩමක් කියා දුන්නේ සුගන්දිනීගෙ ආදරේ ගැන. සුදු නෙළුම් පුෂ්පයත් ගොඩ මානෙල් පුෂ්පයත් කවදාවත් එකට පෑහෙන්නෙ නෑ කියන එක මට කියාදුන්නේ මෙි ගොඩ මානෙල් පාරාදීසයේ රළු මුහුද. ඒකට හේතුව සුදු නෙලුම් වතුරෙත්, ගොඩ මානෙල් ගොඩබිමත් පිපෙන නිසා වෙන්න ඇති. මෙි වෙද්දිත් මම සුගන්දිනීගෙ මතකයෙන් ඈත් වෙලා නෙමෙි හිටියෙ.  ඇය මගේ හිත අස්සෙම හැම තිස්සෙම හිටපු කාලයක්. හැමදාම ඉර බහින වෙලාවට ඈත මුහුදේ ක්ෂිතිජයෙන් සුගන්දිනීගේ අරලිය මලක් වැනි ලස්සන මුහුන මතුවෙලා, මගේ හිත ඇතුලට ඇවිත් ලස්සන ලස්සන දඟකාර සුරතල් කතා කියනවා. ඒ සිතුවිලි ඔස්සේ දින පොත පිරෙන්නම කවි ගොඩාක් ලියැවුනා. 


සුදු සඳ රැසින් නැහැ වෙනවිට මල් පොකුරූ

නිල් තරු උනත් බබලයි තව දී රුසිරූ

සත්සර අතර රඟ දෙන විට පද මියුරූ

මගෙ හද මඩලෙ කවියක් වූයේ කව්රූ


ඒ සුගන්දිනී ගැන, කවියක එළිවැටක් එළිසමයක් නොදන්න කාලෙක ලියැවුනු කවි පංතියකින් එකක් විතරයි. 


කාටත් හොරෙන් අංජූරුවා ටොපියක් කාලා ඒ වගේ මනෝ පාරක් හෙම ගහනවනම් සුපිරි තැන තමා මුහුදු වෙරල. හැබැයි රෑට කන් අගුලු වැටෙනවා සීතලට. හෝ හෝ සද්දෙන් නිමක් නැතුව කනේ වදින හුලං පාර නැත්තං මුහුද කියන්නෙ රෑට දිව්‍ය විමානයක් වගේ. ලස්සන ගැන නෙමෙි කිව්වෙ. ඒ තරමට මෙතන අපේ ජීවිතයත් එක්ක බැඳිල තියෙනව. හඳ පායන දවස්වලටනම් අපිට පුදුම ඇම්මක් තිබුනෙ මුහුද දිහා බලාගෙන ඉන්න. හැබැයි මෙි මුහුද කොච්චර ලස්සනවුනත් කල්කුඩා කඳවුර අවට මුහුදනම් හරිම භයානකයි. ඒකට හේතුව මෙි හරියෙ තියෙන ගල් සහ මුහුදෙ තියෙන දියවැල්.

 ගල් කිව්වෙ ඉස්සර ගොඩ බිම පිහිටි ගල්, වෙරළ ඛාදනයට ලක්වෙලා දැන් ඒවත් මුහුද වෙලා. රැල්ල සැරයි. මුහුද ගැඹුරුයි. අපි කවදාවත් මෙි මුහුදෙ බැහැල අඩි හය හතකට වඩා දුර ගියෙ නෑ. 


ඒ කාලෙ මෙහෙ නේවි එකෙන් හිටියෙ නෑ. අපේ ප්ලැටූන් එකෙන් තමා මුහුදු සංචාරයත් ආවරණය කලේ. 40HP ඇංජිමක් තියෙන ඩිංගි බෝට්ටුවක් සෑම පැය හතරකට වරක් මුහුදෙ කරක් ගහනවා. අපි කිලෝ මීටර් ගණනාවක් දුර ⁣ගිහින් ලොකු වටයක් ගහල නිරීක්ෂණ සංචාරයත් සම්පූර්ණ කරල ගොඩ බිමට එන්නෙ "ආයෙනං, ඔළුවෙ පන තියන කං බෝට්ටුවෙ යන්නෑ" කියල හිතාගෙන. ඒකට හේතු කිහිපයක්ම තිබුනා. එකක්, රැල්ලත් එක්ක මුකුත් බෑ. අනික තමා පැද්දෙන පැද්දිල්ලට මුල් දවස්වලනම් නොනවත්වාම වමනෙ ගියා. අනික අවුව. හම දැවිල්ල අල්ලනව මෙි අවුවෙ රවුමක් ගිහින් ආහම. 

නේවි එකේ අයට එහෙනම් කොහොම ඇද්ද කියල තර්ක කරන්න එපා. එයාලාට ඒවට පහසුකම් තියෙනවා. නමුත් අපිට තිබ්බෙ කොට කලිසමයි,ටීෂර්ට් කෑල්ලයි, ගොඩ බිමට ආව ගමන් ඊලඟ රාජකාරියයි විතරයි. මෙි රවුමක් ගිහින් ආව කියල අපිටනං විවෙිකයක් ඇත්තෙම නෑ. ආයෙ කොහෙ හරි රාජකාරි තමා. විශේෂයෙන් අපේ ප්ලැටූන් එකට. 


එදා ඇති උදේ නවයට විතර.  සී පැට්‍රෝල් එක තිබුනෙ උදේ දහයෙ ඉඳල දවල් දෙක වෙනකං. ඔය පැය හතර ආවරණය කරන්න එදා තෙන්නකෝන්, රත්නසිරි,හේරත් සහ සුරේන්ද්‍ර නම් කරල තිබුනා. බෝට්ටුව පදවන්නෙ රත්නසිරි. මෙි දවස්වල මුහුද අවදානම් වෙන හේතු දෙකක් තිබුනා. එකක් තමා වාරකං. අනෙක මෙි දවස්වල හඳුනා නොගත් කුඩා බෝට්ටු කිහිපයක් රෑට රෑට සහ සමහර දවස්වල දවාලට කව්රුත් නොසිතන වෙලාවල්වලට ⁣ඈත මුහුදෙන් ගමන් කරනවා කියල නිරීක්ෂණය වී තිබීම. අනෙක ධීවර ට්‍රෝලර් වුනත් මෙි ප්‍රදේශයෙන් යනවනම් ටිකක් ඈතින් යන්නෙ. එක්කො මෙි බෝට්ටු කොටින්ගෙ ඒවා. නැතිනම්, තහනම් ව්‍යාපාර කරන ඒවා. දවස් ගානක් මෙි බෝට්ටු එන පාරවල් රැකගෙන හිටියත් අපේ බෝට්ටු තියෙනව කියල කොහොම හරි දැනගෙන ආයෙ ඒ අහලකින් එන්නෑ. ඒවා අල්ලනවනම් එකම විකල්පය තමා හඹා යෑම. උපදෙස් ලැබිල තිබුනෙත් ඒ විදියට. 


මෙි කතාව වෙන දවසෙත් ඒ වගේ බෝට්ටුවක් යනව දැකල දහයට පටන් ගන්න තිබුනු සංචාරය නවයට ආරම්භ කිරීමට සූදානම් වුනා. එක ඩිංගි බෝට්ටුවක් ගියාම තව එකක් ගොඩබිම සීරුවෙන් ඉන්නවා. ස්ටෑන්ඩ් බයි බෝට්ටුවෙ හිටියෙ ලාකෝ බංඩාරත්, කණ්ඩ භාර සැරයන් විදියට කටයුතු කරන කෝප්‍රල් ප්‍රසාද්, ඇතුළු තවත් දෙන්නෙක්. අපි ගොඩබිම. එදා ඔිෆ්. 

ඒ වෙලාවෙ පැවති වාතාවරණය අනුව ඉතාම ඉක්මනින් රාජකාරියට සූදානම් වුනු පලවෙනි ඩිංගි බෝට්ටුව අපි ඔක්කොම එකතු වෙලා ලහි ලහියෙ මුහුදට දියත් කලා. අශ්ව බල 40ක වෙිගයෙන් ක්‍රියාත්මක මෙි බෝට්ටුව ගමන් කරද්දි නැපිය තියෙන්නෙ උඩමයි. ඒක ආයෙ පහලට වැටෙන්නෙ බෝට්ටුව නවත්තපුවම. අපි මුහුදට බෝට්ටුව තල්ලු කරපු විගස ඒ නැපියට ගොඩවුනේ එල්එම්ජී අවියකින් සන්නද්ධ තෙන්නකෝන්. අනෙක් දෙදෙනා බඳ දෙපසෙත් ක්‍රියාකරු පිටුපසත් වශයෙන් ඉතා වෙිගයෙන් ගල් මගහරිමින් වෙට්ටු දමමින් බෝට්ටුව  ඉදිරියට ඇදීගියා. අරමුණ සැක සහිත බෝට්ටුවක් හඹා යාම.


අපිත් ගොඩ බිමට වෙලා මෙි යන බෝට්ටුව තිතත් වශයෙන් පෙනී නොපෙනී යන තුරුම බලා හිටියා. අනෙක් ඩිංගිය වතුර කිට්ටුවටම තල්ලු කරලා හදිසියක් වුවහොත් දියත් කරන්නට සූදානමින් තැබුනා. අපි මෙි දෙස බලා හිටියෙ වැල්ලෙ බිම ඉඳගෙන. 


පැය භාගයකට විතර පස්සෙ ඒ ගිය බෝට්ටුවෙන් ගොඩබිමට ඇමතුමක් ලැබුනා. එයින් කියවුනේ සැක සහිත බෝට්ටුව පසුපස හඹා යද්දී ආ විශාල රැල්ලක හැපුනු බෝට්ටුව විසිවී ගිහින් නැපිය උඩ එල්එම්ජී අවියත් එක්ක හිටපු තෙන්නකෝන් මුහුදට විසිවී ගිහින් වැටුනු කතාවක්. ඒ රැල්ලෙ හැපුනු බෝට්ටුව අඩි ගණනාවක් විසිවී ගිය බවකුත් කියැවුනා. ඒ පණිවිඩය ලද සැනින් දෙවැනි බෝට්ටුවත් දියත් කෙරුනා. අපි ගොඩ බිමට වෙලා ඔලුවෙ අත තියාගෙන දෙවියන් යැද්දේ කිසිම කෙනෙකුට අනතුරක් අන්තරායක් සිදුනොවෙිවා කියා ප්‍රාර්ථනා කරමින්. පස්සෙ ගිය බෝට්ටුවට කණ්ඩ භාර නිළධාරි තුමත් නැග්ගා. සැරින් සැරේ ගොඩබිමට ආ පණිවිඩවලින් කියවුනේම තාම තෙන්නකෝන් හොයනවා කියල විතරයි. අපිත් විනාඩියෙන් විනාඩියට තොරතුරු අහනවා.  ඊට පැය භාගයකට විතර පස්සෙ ගිය දෙවැනි බෝට්ටුවත් පලවෙනි බෝට්ටුව තියෙන තැනට ගිහින් තිබුනා. ඒ ගැඹුරු මුහුද. නමුත් බෝට්ටු දෙකේ ක්‍රියාකරුවන් දෙදෙනා ඇරෙන්න අනිත් සියළුම දෙනා මුහුදට බැහැල පිහින පිහින තෙන්නකෝන් හොයන්නට කටයුතු කරල තිබුනා. ඒ අතර තුර තව කෙනෙක් අතුරුදහන් වෙන්න ගිහින් බොහොම අමාරුවෙන් බෙිරගෙන ඔහුවත් බෝට්ටුවට දාල තිබුනා. 


මෙි ආකාරයට හවස් වෙනකනුත් තෙන්නකෝන් පිළිබඳ කිසිදු තොරතුරක් නැති තැන කට්ටියම ගොඩ බිමට ආවා. එදා කඳවුර අපිට මළ ගෙයක් වගේ. කව්රුවත්ම කෑවෙ නෑ. අපි දවල්ටත් රෑටත් දෙකටම කෑවෙ නෑ. කන්න බෑ. අපිට මැවි මැවී පෙනුනේම තෙන්නකෝන් බිලට් එකේ තමන්ගෙ ට්‍රන්ක පෙට්ටිය අදිනවා අදිනවා වගේ. ආයෙ කතා කරනවා වගෙත් ඇහුනා. ඇවිදිනවා හිනාවෙනවා වගෙත් ඇහුනා. ඒකට දෙතුන් දෙනෙක්ම රැවටිලත් තිබුනා. අපි රෑ එළිවෙනකන්ම මුහුදට බැන බැන මුහුද දිහා බලාගෙන හිටියා. ඉන් දවස් කීපයකට පස්සෙ ඉදිමී නරක් වෙන්න පටන් අරන් තිබූ තෙන්නකෝන්ගේ සිරුර කඳවුරට ටිකක් දුරකින් වෙරළට ගොඩ ගසා තිබුනා. 

එසේ තවත් එක් සෙබළෙක් තෙරක් නොපෙනෙන ගැඹුරු මහමුහුදේ දිය කඳක් එක්ක පොර බදමින් බැරිම තැන තම අවසන් හුස්ම මුහුදු වතුරේම දියකර හරිමින් පතුලේ සැඟව ගිහින් තිබුනා. 


තෙන්නකෝන් මුහුදට වැටී තිබුනේ එල්එම්ජී අවියත් එක්කමයි. කුමක් හෝ හේතුවකට ඔහුට කරේ දමාගෙන තිබුනු රයිෆල් පටිය අවිය සමග ගලවා දමා උඩට එන්න බැරිවෙච්චි හේතුවක් තියෙන්න ඇති. නැතිනම් ලයිෆ් ජැකට් එක දාගන්න අමතක වෙන්න ඇති. ආසන්න වශයෙන් එල්එම්ජී අවියේ සහ පැක් එකේ බරට ලයිෆ් ජැකට් එක ඔරොත්තු නුදුන්නා වෙන්නත් පුලුවන්. (මමවත් බෝට්ටුවෙි යද්දි ලයිෆ් ජැකට් එක නොදැමූ අවස්ථා ඔිනෑ තරම් තිබුනා. ඒක දාගෙන ගමන ආරම්භ කලත් මගදි ගලවනවා.) මොකද වැව් වල එගොඩ මෙගොඩ පීනූ ඔහුට මුහුදු දිය ⁣මතු පිටට ඒමට නොහැකි වෙන්න කිසිම හේතුවක් තියෙන්න බැහැ. හැබැයි මෙි හරියෙ දියවැලක් තියෙනවා කියල අපිත් ටිකක් විතර දැනගෙන උන්නා. ඒ දියවැලට තමා තව එක්කෙනක් හසුවෙලා ගහන් යන්න ගිහින් අමාරුවෙන් බෙිරාගෙන තිබුනේ. කාට හරි කොතනක හරි වැරදීමක් වෙලා කියලනම් කියන්න පුලුවන්.





රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.11.10

Friday, November 6, 2020

LH30

 ෴වෙනස්වීම෴

=============


ගෙදර උන්දැගෙ හංස යුවලත් කතා දණහිස එක්කමයි

දුටුවෙ නිතරම ඇගේ ඇස්ගෙඩි වැරදිමයි මගෙ ඇත්තමයි

මහළු වුනු ඇය එපා වෙන්නේ එහෙම පිළිවෙත් රැක්කමයි

වෙනස් වුනෙ හිත මුහුනු පොත තුළ බෙන්ස් හයිබ්‍රිඩ් දැක්කමයි


හායි කිය කිය එවයි පණිවිඩ ගියර් එක දා ටොප් එකේ

බ්‍රෙික් පෑගුනි එකක් දැකලා කකුල නොතැබුනි ක්ලච් එකේ 

ගමන හොඳනම් යනෙන මාවත කියා දෙයි ඉන් බොක්ස් එකේ

පාර කාපට් කරල තිබුනට වල ගොඩැලි ඇත ලුක් එකේ


ඉලක්කන් දෙක කෙටි ඉරක් නම්බරය කතිරෙන් දක්වලා

වයස කිව්වම අගේ ගැලපුම තමයි කිව්වා සික් වෙලා

ලෙඩ වැටෙිවිද අන්රෙජිස්ටර් බෙන්ස් හයිබිඩ් දක්කලා

අහෝ දෙවියනි මගේ ලේලන්ඩ් ලොරිය දෙනුමැන රක්කලා


කාලෙ දින සති ලෙස ගෙවී ගොස් දිනක මා හැන්දෑ කරේ

වාහනේ කන්ඩිෂන් බලනට වීඩියෝ ඇමතුම් කරේ

දෙතුන් පාරක්  "නොහැක"  කියලා බැරිම තැන උන්දෑ කරේ

මුහුන විතරක් ටිකක් පෙන්නල ඇමතුමත් ඉන් "කට්" කෙරේ


එකම එක වාහනේ පැදලා "හැක්" වෙලා උනි  කාලයක්

වෙනස් කෙරුවෙි බෙන්ස් රථයක් කියල දැක්වුව නෝටියෙක්

කලෙමි සැලසුම් රහස් විදියට ඇයට දෙන්නට පාටියක් 

මුහුන දැක්කම අනේ හිතුනා ඒක එල් එච් තර්ටියක්


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.11.05

පාලි අයියා

 මෙි වාලච්චෙින පාලම් පොයින්ට් එක. 


ඒ දවස්වල හමුදාවෙ අපි පොලිසියෙ ලොකු අයියලත් එක්ක තමා මෙි පාලම  මවක මෙන් පියෙකු මෙන් රැක බලාගත්තෙ. ඒකට හේතුව බැරිවෙලාවත් මෙි පාලම බ්ලාස්ට් කලොත් මඩකලපුව තනි වෙනවා. කෝච්චි පාරත් තාර පාරත් එකට තියෙන ලංකාවෙ දෙවෙනි පාලම. මෙි තමා අපේ ප්‍රධාන සැපයුම් මාර්ගය.


ඔික ඊට කලින් දෙතුන් පාරක් බ්ලාස්ට් කරන්න ඇවිත් ඒ ආපු ඈයො  හරී පිලිවෙලට කාල ගියා කියන්නෙ වඩදිය බා දිය දාන කලපු  වතුරේ මළ සිරුරු කීපයක්ම පාවෙන්න ඇරලලු.  ඒ නිසා අපිත් බොහොම පරිස්සමින් තමා මෙික බලාගත්තෙ. මෙතන රාජකාරි ඔක්කොම වගේ කරන්න තියෙන්නෙ පොලිසියත් එක්ක. හැබැයි ඒ පොලිස් කිව්වට හමුදා පුහුණුව ලත් අය. ආර් පොලිස් කට්ටිය. මෙයාලා අපිත් එක්ක ගොඩක් හිතවත්. කලින් කතාවක කිව්වනෙ රත්නායක රාලහාමි දුන්නු ආතල් එකක් ගැන. ආං ඒවගෙ. මෙි වාලච්චෙින පොලිසියෙ හිටියා මගේ ලඟම ඥාති සහෝදරයෙක්. නෑදෑ කමින් මස්සිනා. මං ඒ දවස්වල එයා මෙි පොලිසියෙ ඉන්නව කියන්න දන්නෑ. එක දවසක් මං සන්නද්ධ රථයක රාජකාරි වැඩකට කල්මාඩු යද්දි මෙයා දෙබල් තුවක්කුවකුත් කිහිලි ගන්නගෙ⁣න මාර්ග සෝදිසි කිරීමෙි යෙදෙනව. ඒක දැකපු මම වාහනේ නවත්තවගෙන බැහැල ගිහින් කතා කලා. එතකොට තමා දන්නෙ පොරත් මෙි පොලිසියෙ ඉන්නෙ කියල. ඒත් අපි ටික කාලයක් යනකම්ම කාටවත් කිව්වෙ නෑ සහෝදරයො කියල. 


මං කඳවුර ඇතුලෙ ඉද්දි එයත් එක්ක අදහස් හුවමාරු කරගන්නෙ රේඩියෝ සෙට් එකෙන්. පොලිසියත් එක්ක කමියුනිකේෂන් තියෙන සෙට් එකක් එතකොට අපේ කඳවුරේ තිබුනා. 


මෙයාගෙ නම උපාලි. තවත් මස්සිනෙක් හිටියා අපේ. ඌත් උපාලි. අපිත් පොඩි කාලෙ ඉඳලම "ඒ උපාලි, බී උපාලි " කියන්නැතුව වැඩිමලා උපාලි, බාලයා පාලි කියල තමා හැඳින්නුවෙ. ඒ උපාලි අයියා සහ පාලි අයියා කියල. පාලි අයිය තමා වාලච්චෙින පොලිසියෙ හිටියෙ. 


ඔහොම ඉද්දි මං ආව පාලම් පොයින්ට් එකට. ඒ එන දවසෙ මං සෙට් එකෙන්ම කියල ආවෙ පාලමට එනවා කියලා. එදා හවස හතරට විතර පාලි අයියා මං ඉන්න තැනට ආවා. ඇවිත් මමම හදාදුන්නු තේ එකත් බීල, කතා බස් කරල, එතන හිටපු පොලිසියෙ අය එක්කත් කතාකරල, මාවත් හඳුන්වල දීල තමා ගියේ. මෙි පාලිගේ තවත් විශේෂත්වයක් තියෙනව. ඒ තමා මගේ, මට වැඩිමල් අක්කත් එක්ක මෙයා යාලුවෙලා හිටියෙ. නෑනා සහ මස්සිනා. අපේ කව්රුවත් මෙි සම්බන්ධෙට අකමැති වුනේත් නෑ. තව අවුරුද්දකින් විතර අක්කට රජයේ රැකියාවකට පත්වීමක් ලැබෙන්න තිබුනා. ඒකත් අරගෙනම බඳිමු කියල තමා ටිකක් කල් ඇර ඇර හිටියෙ. ඒ හන්දම පාලි අයියත් මා එක්ක වඩා වැඩි හිතවත් කමක් තිබුනා. අපි නිවාඩුවකදි හම්බවුනොත් බෝතලේ ගහන්නෙ එකට. ඒ ගහපු දවසට දෙන්නගෙන් කව්රුවත් ගෙවල්වල යන්නෑ. කොහේහරි ගෙදරක නිදාගන්නවා. 


අපේ අම්මලාට අනුව පාලි කියන්නෙ දේව දරුවෙක්. අරක්කු බිඳක් කටෙි තියන්නෑලු කියල හෙන ආඩම්බරෙන් අක්කව දකින දකින පාරට අම්ම කියනවා. ඒ වුනාට ඌ බොන්නෙම මා එක්ක. සිගරට් එකක් කටෙි තියන්නෑලු. පපුවට අත තියල කියන්නෙ, මූ තමා මටත් සිගරට් බොන්න පුරුදු කලේ. කෙල්ලො දිහා ඇහැක් ඇරල බලන්නෑ. ඒකනං ඇත්ත. ඒකටනං මාත් සාක්කි. මෙිකා ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඇස් කොනෙන් බලල බලල , ඩෑල්ලෙකක් ඇහැ දුන්නොත් නුහුරු ඇහැ ඇරගෙන හුරු ඇහැ උන්ඩි කරල පෙන්නල තමා ඒකි දිහා බලන්නෙ. ඒවට වල බහින්ඩ යන්නෙත් මා එක්ක. එහෙම එක දවසක් ගිහින් ඌ ඒකට ට්‍රයි, මං ඒකිගෙ නංගිට ට්‍රයි. කියන්නම ඔින. මෙි හැමෙිකක්ම ජොලියටම තමා. 


එක දවසක් පාලි අයියා මං ඉන්න පොයින්ට් එකට ඇවිත් එක පාරටම සාජන් ඉන්න හට් එකට රිංගුවා. ඊට පස්සෙ දෙන්නම මට හොරෙන් මොනාද මන්දා ගහක, ඇඟිලි පහ වගේ වෙච්චි වෙිලිච්චි කොල වගයක් අරගෙන සඳරේණු පත්තර පිටුවක දාගෙන මොන මොනවද කරා. ඒකට අත් උදව් දුන්නෙ අපේ සාජන් සිසිර. මෙි දෙන්නා මට අහලකටවත් එන්න දුන්නෑ. මාත් සහෝදරකමටයි සීනියර් කමටයි සලකල රසම රස ටී එකකුත් වක්කරගෙන දෙන්නම හිටපු සාජන් ගේ හට් එකට අරන් ගිහින් දුන්නා. ඒ යද්දිම එක පාරටම උන්ඩි කරපු සහ ඉරපු හිස් ගෝල්ලිප් පෙට්ටියක් මගේ කන ගාවින්ම "ස්ලිද්..රීන්.." ගාගෙන පියාඹලා ගිහින් වැටුනා. දෙන්නම ඇඳේ ඉඳගෙන කතා කර කර හිටියෙ. මං ගියාම "ටී එක ඔතනින් තියල පලයන්" කියල සාජන් ටිකක් සැරෙන් කිව්වා. මාත් ටී එක තියල එලියට ආව. එහෙම ටික වෙලාවක් ඉන්නකොට සාජන් එළියට ඇවිත්, අපි උදේටයි හවසටයි අතුගාල ගොඩ ගහන කොහොඹ කොල ගොඩට අමු කොහොඹ ඉති කීපයකුත් කඩල දාල ගිනි තිබ්බා. ඒ ගිනි දාල ආයෙ හට් එක ඇතුලට ගියා. මෙි අමු කොල පිච්චෙන ගඳ, මටනං අමුතු නැවුම් සුවඳක් ගේන්නෙ. ඊට පස්සෙ අර ගිනි ගොඩට වඩා දුමක් සාජන්ගෙ හට් එකේ කව්ලු අතරින් තෙරක් නොපෙනෙන අහස්තලය බලා පාවී පාවී යනව දැක්කා. ඒවා රවුම් රවුම් වෙලා කැරලි වශයෙන් පාවුනේ. මෙි මුකුත් නොදන්න මම, ඒ දුම මොකද්ද කියල තේරුම්ගන්න උත්සහ කර කර හිටියෙ. සාජන් දන්නැතුව බිත්තියට හෙවිල්ලල තියෙන පොල් අතු වලට ගිනි අරන්ද දන්නෙත් නෑ කියල හිතුනා. මොකද පොර හිටපු ගමන් සිගරට් එක බිබී ඉන්නකොට නිදාගන්න හිතුනොත් නිදාගන්නවා. ඒ වගේ නිදා ගත්තු දවසක පොල් කොල වලට ගිනි ඇවිලිලා මමමයි වතුර එකක් ගහල නිව්වෙ. ඒ වතුර පාරට සාජන් නෑවිලා මාත් කන් පිරෙන්න හුප්පදේ අහගෙන හිටියෙ. මෙි වෙලාවෙත් මට වතුර එකක් ගහන්න නොහිතුනාමත් නෙමෙි. ඒත් එයා දැන් සාජන් කෙනෙක්නෙ. ආයෙත් වතුර ගහල  හුප්පදේ අහගන්න ඔින නෑනෙ කියල හිතුනු හන්ද දෙන්නම අඟුරු වෙලා ගියත් දුවනවා මිසක්, මළත් වතුර ගහන්නෑ කියල හිතාගත්තා. මමත් රේල් පීල්ල උඩට වෙලා ඉඳගෙන හිටියෙ පාලි අයියා ඇවිත් මා එක්ක කතාවට වැටෙන කම්. මට සල්ලී කීයක් හරි ඉල්ල ගන්නත් උවමනාව තිබුන නිසා පාඩුවෙි හිටියා. 

ටිකක් වෙලා ගියාම සාජන් මට කතාකලා.

*ආරච්චෝහ්හ්හ්..

*ඔි... සාජන්..

* මෙි මග් දෙක ගිහින් තියහං මල්ලි..කූඹි වහනවා.. කිව්වා.

මාත් මග් දෙක ගේන්න හට් එක ඇතුලට ගියා. ඒ යද්දි පාලි අයියා "දඩස්" ගාල අතේ තිබුනු දෙයක් හංග ගත්තා. ඒ වුනාට ඒකෙන් එන දුම් පාර නවත්තන්න බෑ. ඇඳ පල්ලෙන් දුම් එනවා. ඒවත් අර අමුකොල පිච්චෙන සුවඳමයි. මටත් හෙන පෙහේලිකාවක්. මාත් පාලි අයිය දිහා බලල, "පොල් අතු ගිනි ගනී යකෝ" කියල කිව්වම පොර ආසියාවෙම ඉන්න අහිංසකය වගේ ඇස් දෙකත් හීං කරල මා දිහා බැලුවා. බලල හිනාවුනා.

මං ආපහු එද්දි සාජන් පාලි අයියට කියපු එක දෙයක් මගේ සවන් පුරා ඇහිල මට මං ගැනම මහා ආඩම්බරයක් ඇතිවුනා. ඒ කතාව අදටත් මගේ කන් අස්සෙ නින්නාද දෙනව.


*ආරච්චා හොඳ කොල්ල බං. මටත් නැති වුනාම ඉල්ල ගන්නෙ උගෙන් තමා. 


එදා ඉදන් මම තමා පාලි අයිය ආවම කොහොඹ කොල ගොඩට අමු අතුත් කඩල දාල ගිනි තියන්නෙ. පොර එනකොට මට සෙට් එකේ කියල අහල තමා එන්නෙ. එතකොට මාත් හොද උකුවට රහට කහට පදමට දාල සුපිරි ටී එකක් ගහන්න ලෑස්ති කරනවා. මංම තමා ගල් කෝපි වල රහ පාලි අයියට හුරුකලේ. 


කාලයත් අපිට හිතා ගන්න බැරි වෙිගයකින් දින සති  මාස වශයෙන් ගෙවී ගිහින් මාස අටක් පමණ ගතවුනා. එක දවසක් තුනට විතර පාලි අයිය මට සෙට් එකේ කතා කරා. 


*ඔබ ඩියුටිද,ඇතුලෙද ඔිවර්??

*ඇතුලෙ. එනවද මෙි පැත්තට ඔිවර්.??

*ඔව්. වෙනද වෙලාවට ඔිවර්..

*රොජර් ඔිවර්.. එන්න. බලාගෙන ඉන්නෙ. ඔිවර්..

*ඔි.කේ. රොජර්... ඇන්ඩ් අවුට් ඔිවර්.

*රොජර් ඔිවර්


එදා හවස තුන වෙද්දි පාලි අයිය ආව. ඒ ආවෙත් බාගෙට වෙිලිච්චි කොල මිටියක්ම අරන්. මටත් දුන්නා. සාජන්ටත් දුන්නා. දීල පොර කතාවට වැටුනා. මම නෙස්ටමෝල්ට් දෙකකුයි හවස තේ බොද්දි කන්න ගෙනාපු වියන් රෝල් දෙක්කුයි දුන්නා. මාත් එකක් කාල ටී එකත් බිව්වා. පස්සෙ අපි ගොඩක් දේවල් කතා කලා. එතකොට මෙයාගෙ වෙඩින් එකට තව මාස පහයි දවස් ගානක් තිබුනෙ. ඔක්කෝම ලෑස්ති කරල, දින පවා නම් කරල තිබුනෙ. අපි දෙන්න වැඩි පුරම කතා කලේ ඒ ගැන. අපේ ප්ලෑන තිබුනෙ එකසිය පනහකට වෙඩින් එක කියන්න. මගේ යාලුවො දහයයි, පොලිසියෙන් ටිකක් වැඩිපුරයි. එතකොට පොලිසියෙ එච්ඔිඅයි සර්රුත් මගේ හිතවතෙක් වෙලා හිටියෙ. ඒ පාලි අයිය මාර්ගයෙන්. මෙි සේරම කතා බස් කරල අමතක වෙයි කියල වැදගත් අදහස් කීපයකුත් පාලි අයිය ලියා ගත්තා. මෙයා හැමදාම මාව හම්බ වෙන්න එන්නෙ සිවිල්. එයාට එදා පහ, පහමාර වෙද්දි යන්න ඔින කිව්වා. ⁣ඒ පොලිසිය ඇතුලෙ පාටියක් ඇරේන්ජ් ⁣කරල තිබුනු නිසා. මෙයා රාජකාරි කලේ සීඑස්යූ බ්‍රාන්ච් එකේ. ඒක පොලිසියෙ ඉන්ට් එකලු කියල කිව්වෙත් එයාමයි. හිටපු ගමන් රෑ දහයටත් මෙි පාරෙ පුට් සයිකලේ පොර යනව. එහෙම යද්දි මං කතා කරන්නෑ. එයා කතා කලොත් විතරයි කතා කරන්නෙ. 

ඒ පාටිය හිංද පාලි අයිය ඉක්මනින් ගියා. ඒ ගිහින් හරියටම හතට පොර ආයෙ පුටාර් එක පැදගෙන ඇවිත් මං ගාවින්ම නැවැත්තුවා. 


*එකියක් ඇරස්ට් කලා බං. මෙි ඉන්ෆොමෙිෂන් එකකට යන්නෙ. ටක් ගාල එනව.

මාත් "පරිස්සමින්" කියල යැව්වා. ආයෙ හතහමාරට ආපහු ආව. වැඩිය කතා කලේ නෑ. පාටියට පරක්කු වෙන නිසා. කොත්තුවකුත් අරන් යන්න ඔින කිව්ව නිසා ඉක්මනින් ගියා. 


රෑ නවයට විතර කාවත්තමුනේ හජ්ජියාර් මුදලාලි ආව. පොර මගේ හොඳම හිතවතෙක්. අනිවාරයෙන්ම කතා කරල යන්නෙ. 

පොර ඇවිත් මා ගාවින් තැපැල් නයින්ටිය නැවැත්තුවා..

*ආහ්.. හත්ගියර් මුදලාලීඊඊඊ

*ආමාම් ෂේර්.. කෝමද ඉතිම්

අපිත් කතා කලේ ගනන් කරන්න පුලුවන් වචන කීපයක් විතරයි. එකපාරටම 

*ෂේර් දන්නවද, වාලචෙින පාරෙ, හෙන මිනිෂ් ගොඩ. යෙන්ඩම බෙි. මාත් පෝම පෝම අමාරුවෙන් තමා ආව.

*ඒ මොකෝ..

*පොලීෂියෙ ෂේර් කෙනෙක්ට පිස්ටල් ගාල. එතනමයි ෂේර්.. පාවුම් ආ.. පරිෂ්ෂමින් ශේර්..ලත් ආ..

*එව්ව හරි මුදලාලි. මෙිකෙන් රෝස පොකුරු නෙමෙිනෙ යන්නෙ කියල මං ටී 56ටත් තට්ටුවක් දාන ගමන් කිව්වා.

*යේක ටුවක්කුවෙන් හෙම පශ්ණ විෂඳන්ඩ බෙි ශේර්. මොළ යෙක ඔින. පරිෂ්ෂමින් ඉන්න. මා යන්නං.

*කොයි වෙලාවෙද සීන් එක වෙලා තියෙන්නෙ.

*මෙි දෙන් ශේර්. මාත් එතන තමා ඉදල ආව. කව්රුත් කිට්ටුවෙන්නෑ. ලඟට

*හරි මුදලාලි. තෑන්ක්ස් ආ...

 ඒ කියන්නෙ වාලච්චෙින පොලිසියෙ රාලහාමි කෙනෙක්ට පිස්ටල් ගෘප් එකෙන් ගහල. පාලි අයියටනං අවුලකුත් නෑ. පොර පාටියෙනෙ.

මං ඔික ගිහින් සාජන්ට කිව්වා.

සාජන් කිව්වා "ටක් ගාල කෝකටත් කතා කරල අහපන්. පාලියට මොකද කියල". ඌ ඔය පැත්තෙ යනව කියල හවස කිව්වා.

මාත් පොලිසියෙ තියෙන සෙට් එකට සම්බන්ධවෙන චැනල් එකට ගිහින් විස්තරේ ඇහුවා.


*මොකක් හරි ඔබලගෙ සිදුවීමක් තියෙනවද ඔිවර්??

*තියෙනවා. ඔබ කව්ද ඔිවර්??

*අහවලා. කියන්න පුලුවන්ද සිදුවීම ගැන. ඔිවර්

*කොස්තාපල් විජේරත්නට පිස්ටල් කරල ඔිවර්.

*විජේ රත්න කිව්වෙ කොයි එක්කෙනාද ඔිවර්??

*බුලත්කොහුපිටියෙ එක්කෙනා ඔිවර්

*ආර් ***39 අංකෙද ඔිවර්.??

*රොජර් ඔබ හරි ඔිවර්.

මට කෑ ගැස්සුනා. ඉන්නෙ කොතනද අමතකවුනා. හෑන්ඩ් සෙට් එක අතෑරුනා? මට මතක සාජන් සිසිර මං ගාවට දුවගෙන එනව විතරයි.


"හත් දෙයියනේ.... පාලි අයියා..."

*යකෝ පාලියද?? 

මට හිතාගන්න බැරිවුනා. කරන්නෙ මොකද්ද කරන්න ඔින මොකද්ද කියල හිතාගන්න බැරිවුනා. එවිටම සාජන් ඇතුලට විස්තරේ කියල මාත් එක්ක එතනට යන්න අවසරය ඉල්ලගත්තා. අපි දෙන්නම හජ්ජියාර්ගෙ ගෙදරට දුවල ගිහින් තැපැල් නයින්ටිය ඉල්ලගෙන ඊලඟ තත්පරේ  දෙන්නම එතනට ඉගිල්ලිලා ගියා. 


වාලච්චෙන ඔිට්ටමාවඩි පාරේ හෝටලයක් ඉස්සරහ පිස්ටල් ගෘප් එකෙන් වෙඩි තියල මරාදාපු  මගේ ආදරණීය මස්සිනා, පාලි අයියා, අරක්කු සිගරට් නොබොන පාලි පුතා, හිඟන්නෙක් වගේ පාර මැදම උඩු බැලි අතට වැටිලා.දකුණු අතේ පිස්ටල් එක. වම් අතේ ආගස් වර්ගයේ හෑන්ඩ් ග්‍රෙනේඩ් එකක්. කඩෙි මුදලාලි කිව්ව විදියට පාලියි වෙඩි තියපු එකයි අතර ෂොට් හතර පහක්ම හුවමාරු වෙලා තියෙනව. කඩෙි වීදුරු ශෝකේස් එක කුඩු වෙලා තිබුනෙ. වෙඩි වැදිලත් පාලි උන්ට වෙඩි තියලා. පිටි පස්සෙන් මෙිසන් බාස් කෙනෙක් විදියට හිටපු එකා බෙිරෙන්න බැරිම තැන පොල්ලකින් ගහල වැටුනට පස්සෙ ලඟට ඇවිත් නලලටම වෙඩි තියලා. එතන හිටපු එච්ඔිඅයි සර්ට පාලිගෙ අතේ තිබ්බ ග්‍රෙනේඩ් එක අරන් දුන්නෙ සාජන් සිසිර. පහුවදා උදේ තමා පාලි අයියව එතනින් ඉස්සුවෙි. එතකං මගේ ආදරණීය සහෝදරයා පාර මැද හුස්ම නැවතිලා වැටිල.


එච්ඔිඅයි මාර්ගයෙන් තමා සිදුවීම ගෙවල්වලටත් දැනුම් දුන්නෙ. මට බෑ ඔිව කියන්න යන්න ගෙදරට. එයාගෙ අවසන් කටයුතු සිදු කරන වෙලාවෙ නැන්දා මාවත් බදාගෙන ඇඬුව. මටත් ආපහු එන්න දුන්නෙම නෑ. මාත් දවස් හතරක් වැඩිපුර ඉඳල තමා ආපහු කෑම්ප් එකට ආවෙ. 


ඔක්කොම දහතුනක් හමුදාවෙ සහ පොලීසියෙ හිටපු අය අතරින්  දෙවෙනියට  රට වෙනුවෙන් ජීවිතය පූජාකලේ පාලි අයියා. පළවෙනියා පූනරින් වලදි. තව තුන් දෙනෙක් සක්‍රීය සේවයේ ඉන්නවා. ඒ පොලිස් එකයි, එස්ටීඑෆ් එකයි. ආමි එකයි. පැන්ෂන් තුනයි. ඇබ්සන්ට් එකයි. එස්ටීඑෆ් එක්කෙනාට මෙි වෙද්දි කොරෝනා හැදිල රාජගිරිය කඳවුරෙන් කුණ්ඩසාලේ අරන් ගියා කියල මීට දින තුනකට කලින් කෝල් එකක් දුන්නා.


අන්තිමෙිටම පිස්සියෙක් වගේ හිටපු අක්කා, ඊට අවුරුදු කීපයකට පසු දෙවන මනමාලය එක්ක විවාහ වෙලා අද සැපවත් පවුල් ජීවිතයක් ගත කරනවා. ඌ මගෙන් බැනුමුත් අහනවා. පොලිසියෙන් දඩ කොලයක් දුන්නොත් ඌ තමා වැඩිපුරම කුනුහරප අහන්නෙ.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.11.08

Wednesday, November 4, 2020

අනේ මංදා

 ෴අනේ මංදා෴

=============


සුවයක් රැඳෙන්නේ පේමය ඇති            තැනය

පසුවට දෙසන්නේ දෙන්නම වැදි            බණය

කීමට වදන් ඇත ඒවද අප                        මනය

හදවත නෙලාපන් රැඳෙනට තෙත          මනය


ලඳකට උරුම සිල්වත් කම නහර            දිගේ

ගලනට සලස්වා නියමිත පරිදි                 අගේ

සුමටව නෙලා වත තඹරුන් කැකුලු        වගේ

හිත තද කරාපන් මහමෙර විලස            ඇගේ


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.11.04

Tuesday, November 3, 2020

නයි හංදියෙ ඇම්බුෂ් එක

 මම මෙි වෙද්දි හිටියෙ නයිහංදිය කඳවුරේ. 


මෙි කෝබ්‍රා ජන්ෂන් එහෙමත් නැත්තං නයි හංදිය කෑම්ප් එක කියන්නෙ අපේ තිබුනු කඳවුරක්. මඩකලපුව පාරෙ කොළඹ පැත්තට ඇවිත් නාවල්අඩි හන්දියෙන් දකුණට හැරුනම ලංකාවෙි වැඩිම මුඩුබිම් ප්‍රමාණයක් හරහා වැටී තියෙන මෙි ප්‍රධාන පාර හම්බවෙනව. ඒ පාරේ, නාවල් අඩි ඉඳල හරියටම කිලෝ මීටර් තුනක් ආවම තමා මෙි කඳවුර තියෙන්නෙ. ඒ දවස්වල මෙි කඳවුරේ අපේ සම්පූර්ණ කණ්ඩායමක්ම හිටියත් සඳ තරු නැති එක් වැහිබර අඳුරු රාත්‍රියක දී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් වටකර පහර දීල, කඳවුර අල්ලගෙන, මංකොල්ල කාල සහ ගිනි තියල කඳවුර විනාශ කර දැමීමෙන් පසු  තාවකාලිකව අත්හැරල දාල තිබුනෙ. කොටි ගහද්දි ඒ කඳවුරේ හිටියෙ අපේ තිස් දෙනයි. ඒක අත්හැරදාල කිව්වට නැවත ස්ථාපිත කරනකම් එහි බංකර් පෙළ ඇතුලු සියලුම ඉදි කිරීම් නැවත මුල ඉඳන් පටන් අරන් තිබුනෙ. ඒ වෙද්දි කඳවුරේ ස්ථානගත කරන්න අවශ්‍ය තරම් අතිරේක භඨ පිරිසක්  අපේ ඒකකයෙ හිටියෙ නෑ. මොකද ඒ දවස්වල කින්නිඅඩි, නාවල්අඩි, වාලච්චෙින, 126 කඳවුර,මීයන්කුලම්,ටී හංදිය සහ කායන්කර්නි කඳවුරු ගත්තම එක තැනක හරි තැන් කිහිපයකදි හරි ඇතිවෙන සටන් වලින් අපේ කීප දෙනෙක්ම දවසකදි මියයනවා. නැතිනම් තුවාල වෙනව. මගේ මල්ලි කෙනෙක් හිටියෙත්, නයිහංදියෙ ඉඳල ආයෙත් ත්‍රිකුණාමලය පැත්තට කිලෝ මීටර් පහක් විතර දුරින් තිබුනු කායන්කර්නි අපේ අසල්වාසී කඳවුරේ. මෙි කඳවුරුවල භඨ පිරිස්වලට දිනපතා සිදුවෙන එල්ටීටීඊ ප්‍රහාර හේතුවෙන්, මියයෑම් සහ තුවාලවීම් වෙන පිරිස් වැඩි නිසා තීරණයක් තිබුනා මෙි කඳවුර  ඉන් පිටත ඉඳගෙන රැකගන්න. ඒ අනුව නැවත කඳවුර ස්ථීරව ස්ථාපිත කරන තෙක්  ඒකෙ අළුත්වැඩියා කිරීමෙි කටයුතු පටන් අරන් තිබුනෙ. අලුත්ම බංකර්  සහ ඒ සෑම බංකරයකටම යා හැකි පරිදි එකිනෙකට සම්බන්ධ වූ සංකීර්ණ යුධ අගල් පද්ධතියක්, කම්බිවැටවල්, බිම්බෝම්බ තීරු, අඩි අටක් උස පස් බැම්මක් ආදී ඉදිකිරීම් තමා මෙි වෙනකොට ආරම්භ කරල තිබුනෙ. මෙි කතාව වෙද්දි  ඉදි කරමින් තිබුනෙ පොළව යට බංකර් පද්ධතිය. මෙික මහ කට්ට පොලවක්. කබොක තමා වැඩිපුර තිබුනෙ. අලවංගුවෙන් එක පාරක් ඇන්නම ඒක "ඩ්‍ර්රීන්න්" ගාල දෙදරනවා. නැත්තං බම්ප් වෙලා ඇවිදින් නාහෙ වදිනව. ඒත් අපි අපේ ගේම අතහැරියෙ නෑ. ඒ විදියට අඩි හයක් විතර ගැඹුරට අඩි දහයක් විතර දිග පළලින් යුත් වලවල් කැපීම අපිට අභියෝගයක් වෙලා තිබුනෙ. නමුත් අන්තිමෙි ඒ කට්ටවෙච්චි පොලව පරද්දන්න අපිට පුලුවන් වුනා. ඒ වෙනුවෙන් උදේ හතේ ඉඳන් හවස පහ විතර වෙනකම් දාඩිය මුගුරු දාගෙන අත්වල කරගැට ඇවිත් ඒවා පුපුරලා ලේ ගලනකම් අපි වැඩ කලා. ඇත්තම කතාව හවස් වෙද්දි අපිට උන වගේ. බාගෙට මැරිල වගේ. ඇඟිලි දිග අරින්න යතා තත්ත්වයට ගන්න වෙනම ව්‍යායාමයක් කරන්න ඔින. මෙි වැඩ බත් කනවා වගෙ කරන්න බෑ. හරිම අමාරුයි. 


 මෙි කඳවුරේ කරන බර වැඩවලට අමතරව  වැඩ කරන අයට කෑම බීම සපයා ගැනීමත් අප විසින්ම සිදුකරගත යුතුව තිබුනා. ඒ වෙනුවෙන් සහ වැඩ කරන අපගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනම පස් දෙනෙක් ලබාදීල තිබුනා. එයාලගේ වගකීම වැඩ කරන අයට තේ බත් වතුර සහ ආරක්ෂාව සැපයීම. ඒකත් ලේසිනෑ. කිලෝ මීටර් තුනක් විතර ඒවත් අදින්න ඔින කරේ. ට්‍රැක්ටරේ තිබුනොත් ඒ දවසට ටිකක් ලේසියි. අපි වැඩ ඉවරවුනාම එයාල නැවත නාවල්අඩිවලට ගිහින් ආයෙ එන්නෙ පහුවදා. ඒ උදේ කෑම එකත්, තේ සළාකයත් අරගෙන. එහෙම තමා ඒ දවස්වල අපේ තිබුනු තත්ත්වය.


මෙි අවට තියෙන්නෙ හරිම ලස්සන පරිසරයක්. මහපාරෙ ඉඳල මීටර් පනහක් විතර දෙපැත්තෙන්ම ඇතුලට පොලව මට්ටමටම එලිකරල උදලුගාල වගේ තියෙන්නෙ අපේ ආරක්ෂාවට. ඒ ත්‍රස්තවාදී මර උගුල් සහ බිම් බෝම්බ  අටවයි කියන සැකේ නිසා. මඩකලපුව පැත්තට වෙන්න විශාල කුඹුරු යායක්.අනෙක් පැති කටු පඳුරු සහිත ලඳු කැලෑව. කඳවුරෙන් මුහුද පැත්තට වෙන්න ගම. ඒක තනිකර එල්ටීටීඊ ගමක් කිව්වොත් තමා හරියටම හරි.


මෙි කඳවුර අපි නැවත ස්ථාපිත කරනකං රැකගත්තෙ, දිවාකාලයට බර වැඩ කරන දොලොස් දෙනාම රාත්‍රියට ඒ ලඳු කැලෑවෙ කොහෙ හරි  තැනක රැකසිට පහර දීමෙි කණ්ඩයක් වශයෙන් රාජකාරි ඉඳල. 


මෙි පාරෙ වෙරුගල් මාංකේනි, කජුවත්ත, කදිරවෙිලි වගේ ගම්වලින් මිනිස්සු යනව එනව වාලච්චෙිනට වැඩ වලට. බස්, බයික්, පුට් බයිසිකල්, ටැට්ටර් තමා ප්‍රවාහන මාධ්‍යය. ඔය මිනිස්සු අතරේ මගෙත් හිතවත් කීපදෙනෙක් දවස ගානෙ ටවුන් එකට ආව ගියා. ඔවුන් මට හිතවත් වුනේ ඒ දවස්වල මාලු අරන් පේතාලේ මාකට් එකට වෙන්දේසි කරන්න යනකොට ඒ අයගෙන් මාලු...ම අරං. ඒ දවස්වල රුපියල් පනහක මාලු ගත්තම අපි ඔක්කොටම ඇති. මෙි මාලු ගන්නෙත් නිකන් නෙමෙයි සල්ලිවලට. මං මෙි අයගෙන් ඉස්සෙල්ලම මාලු ගත්තම ඉක්මනින්  වෙන්දේසි කරගන්න පුලුවන් තරමෙි වාසනා මහිමයක් මගේ අත්වල තියෙනව  කියල මෙි අයම කීප විටක්ම  කියල තියෙනව. වැඩි පුර මාලු අරන් පුස් බයික්, තැපැල් නයින්ටි වලින් එන අය පාර දෙපැත්තත් බල බලා එන්නෙ මං පාර අයිනෙ පේන්න ඉන්නවද කියල. එදාට අපිට මාලු එපා වුනත් නිකන් හරි දීල යනව. ඒ ගිහින් හිනා කටක් පුරෝගෙන එන්නෙ. පව් අහිංසක මිනිස්සු.


අපිත් මාලු අරං කරන්නෙ කොහෙ හරි ගිනිගොඩක් ගහල කම්බි දැලක දාල පුච්චනව,නැත්තං හොදි හදනව.එහෙමත් නැත්තං බදිනව.   අපි මාලු සෙල්ලම කරන්නෙ ගොඩක් දුරට බොන්න හිතුනොත් විතරයි.  උදේ හතට විතර ඇරඹෙන බර වැඩ (fatigue)  ආයෙ නවත්තන්නෙ උදේ සහ දවල් කෑමට. දවල්ට කාල පටන් ගන්න ටර්න් එක ආයෙ නවත්තන්නෙ  හවස පහ වෙනකං මැෂින් වගේ එක දිගටම වැඩ කරල. මෙිව හදවතට එකඟව මහන්සි වෙලා කරපු වැඩ. මොකද අපේ කණ්ඩායමෙි ප්ලැටූන් එකක් තමා එදා කොටි ගහනකොටත් මෙතන හිටියෙ. මෙදා  Under ground  බංකර් (පොලව යට හදන බංකර විශේෂයක්. එදා වට කරගෙන ගහපු දවසේ දැක්කා Overhead බංකර් වල ඉඳන් මුකුත් කරන්න බෑ කියල.) හදන්න තමා සැලසුම් කරල තිබුනෙ. එමෙන්ම, උදේ ඉඳන් උපරිම මහන්සියෙන් වැඩ කරල කරල හවසට ඉවරවුනාම රෑට එක විදියකට ඉන්නම බෑ. හරිම අමාරුයි. කොච්චර අමාරු උනත් නිදාගන්න බෑ. රෑට ඇහැරලත් ඉන්න ඔින. නැත්තං කොටි වඩාගෙන එක්කං යනව. 


මෙි සිදුවීම වෙන දවසෙ මෙතන හිටපු සීනියර් කෝප්‍රල් යෝජනා කලා හැන්දෑවට චූට්ටක් වෙන්න අඩියක් ගහමු කියල. ඒකනං පංකාදු අදහසක්. අපි දොලොස් දෙනා සැන්ටින් කරල බෝතල් දෙකහමාරක් ගෙනාවා. මං මම ගානෙ මාලු බයිට් එකක් හැදුවා. 


එදා හතර හමාරට වැඩ ඉවර කරලා ගියා කලපුවට නාන්න. ඒ කලපුවෙ තනිකර  තියෙන්නෙ ලුනු වතුර. පපුවට අත තියල කියන්නෙ, මෙි වතුර නාද්දිත් දාඩිය දානව. සබන් ගාන්න බෑ. වහින කාලෙට එච්චර අවුලක් නැතිවුනත් පායන කාලෙට එහෙම තමා.


අපිත් ගිහින් නාල ආව. ඇවිත් කෑම්ප් එක ඇතුලෙම තහඩුයි පොල් අතුයි හෙවිල්ලල හදා ගත්තු හට් එකේ ගල් තුනක් තියල හදපු ලිපේ මං බයිට් වැඩෙි පටන් ගත්තා. පැය එකහමාරක් විතර යනකොට මාලු කිලෝ පහක් විතර බැදල බොහොම අමාරුවෙන් කිලෝ දෙකක් විතර ඉතුරු කර ගත්තා. බැදල තියන තියන එකා ඉගිල්ලිලා යනව වගේ මිසින් වෙනව. බැදල බානකං ඉඳල කෝපල්ලා උස්සනව. ඒත් මුකුත් කියන්න බෑ. අපිත් පවු. එයාලත් පව්. පට්ට ජොලි ජීවිතේ ඉතින්. මෙිකෙ අපි කැකිරි වට්ටක්කා ඉරිඟු කොමඩු පවා වගා කරල තිබුනෙ. ඒක හේනක්. හේනට බිම හැදුවෙ තනකොල කක කකා ආතක්පාතක් නැතුව යන හරක් කදවුර ඇතුලට දක්කල. අපරාදෙ කියන්න බෑ, උන්  ඉලුක් සහ තනකොල හරි ලස්සනට අඩිය අඟලට පාත් කරල දෙනව.


රෑ කෑම එක හයයි තිහට විතර ලැබුනා. ඊ ලඟට හතට විතර කැලේ ආරක්ෂිත තැනක අස්සටම රිංගල ග්‍රවුන්ඩ් ශීට් එකකුත් එලල වටෙිට ඉඳගෙන අපි වැඩෙි පටන් ගත්තා. සෙන්ට්‍රි ඉන්න ගමන්මයි මෙි වැඩෙි කෙරෙන්නෙ. අවිය අතේ. හැමෝම සෙන්ට්‍රි තමා. සොට් එකක් දාගෙන මීටර් පනහක් හැටක් වගේ තුවක්කුවත් අරගෙන හිමීට හිමීට විසිට් එකකුත් යනව. ඒ අපේ ආරක්ෂාවට. එහෙම වෙන්න හේතුව ඒ වෙද්දි මෙහෙ හිටපු කොටි අපිටම අමුතු අමුතු ආතල් කීපයක්ම දීල තිබුනු නිසා.


අට විතර වෙනකොට වැඩෙි ඉක්මනින් ඉවර කරල රෑට කෑව. ඊ ලඟට ඇම්බුෂ් එක. ඒක දවාලෙ සැලසුම් කරගත් පරිදි දාන්න ඔින තැනට ගියේ, බලං හිටපු එකෙකුට,  "මුං කොහෙද යකෝ ගියේ" කියලවත් හිතාගන්න බැරි විදියට උපක්‍රමිකව වාෂ්පවෙලා.ඒ ගිහින් කලින් කතා කරගත්තු තැනම ස්ථාන ගත වුනා. හැමදාම එකම තැන නෙමෙි ඉන්නෙ. දිනපතා තැන් වෙනස් කරනවා. ඊලඟට ටික වෙලාවක් හැමෝම පරිසරයට හොඳට කන් දීල, අනවශ්‍ය සද්දබද්ද ඇහෙනවද බලල,අවුලක් නැතිබව දැනුනු නිසා දෙන්නෙක් සෙන්ට්‍රි ඉඳල දහ දෙනෙක් රෑ එකොලහෙන් පස්සෙ නිදාගත්තා. මාත් නිදාගත්තා. එහෙම පැය දෙකක් නිදාගන්න බැරිවුනා. එකපාරටම අපි හිටපු දිහාට ගල් ප්‍රහාරයක් එල්ලවුනා. (කොටි මෙි ආතල් එකම මීට කලින් දවසකත් දීල අපේ පෙර වාසනා මහිමයක් තිබිල නූලෙන් බෙිරුනේ. උන් මෙි ගල් විසික් කරන්නෙ දුර ඉඳන් ඉස්සරහට සහ දෙපැත්තට ) ප්‍රහාරයක් කිව්වට අඟල් තුනේ තුනේ විතර ගුරු පාරෙ තියෙන කබොක් ගල් කෑලි තුන හතරක්. ඒ වෙලාවෙ සෙන්ට්‍රි හිටියෙ කෝප්‍රල්. එයා අපි ඔක්කෝටම කිසිම සද්දයක් නැතුව ඇහැරෙව්වා. අපිත් කලබල නොකර තුවක්කුවත් අරගෙන ගල් ආපු පැත්තට හැරිල මුනින් අතට හැරුනා.  සෙන්ට්‍රිත් බිම දිගාවෙලා. ආයෙත් විනාඩි පහක් විතර යද්දි පඳුරු උඩින් ගල් කෑලි කීපයක් පියාඹල ඇවිත් සර සරස් ටලස් ටොක් ගාල බිම වැටිල රෝල් වෙලා ගියා. ඒවා ටිකක් එහාට වැටුනෙ. කෝප්‍රල්ගෙ උපදෙස් අනුව අපි එක චූටි සද්දයක් පිටට නොඇසෙන්න පැක් එක දාගත්තා. ඊලඟට කෝප්‍රල් සමග හතර දෙනෙක් ගල් ආපු දිහාට නැතුව ඊට තව ටිකක් වමෙන් පාර පැත්තට ඇදුනා. අපි හිටියෙ කොටි ක්‍රොසින් ඒරියා එකක. ඒක පස් පාරක්. ඇම්බුෂ් එක දැම්මෙ කායන්කේනි කඳවුරත් අපේ කඳවුරත් මැද්දෙන් ත්‍රීකුණාමලේ පැත්තට මුහුන දාල නාවල්අඩි කඳවුරට කිලෝමීටර් තුනක් හතරන් පිටුපසින් ඈතින් ආලංකුලම ගමෙි ඉඳල මෙි ට්‍රින්කො පාරට එන්න තියෙන ගුරු පාරෙ . කෝප්‍රල් ගියාම ලා/කෝ සුනිල් ආර්ඒඑස් සමග මා ඇතුලු අට දෙනා හිටපු තැනම බැකප් එකක් විදියට නැවතුනා. දැන් හතර දෙනා බඩ ගානව. මෙි පඳුරු සහිත භූමියක්. සද්දයක් නැතුව  නැවිල උනත් යන්න පුලුවන්. ඒ ගියපු හතර දෙනා ටික වෙිලාවකින් පස්සෙ අපි ලඟට ඇවිත් රහසින්, "වරෙව් ටක් ගාල" කිව්වා. 

අපිත් ටැක්ටිස් වලට කෝප්‍රල් අනුව ඔහු පස්සෙන් ගියා. ඒ විදියට අපිව අරන් ගිහින් දැම්මෙ මහ පාරත් ක්‍රොස් කරල කෑම්ප් එකට නැගෙනහිරින් තිබුනු ගමට යන පාරේම තැනක තල් ගස් පේලියක් යටින් කාණුවක. කානුවක් කිව්වට සාමාන්‍ය ප්‍රමාණයේ කානුවක්. එක පාරටම කොහොමත් පාරට පේන්නෑ. අපිව එතන තියල කෝප්‍රල් ආයෙ එයාගෙ ටීම් එකත් අරන් පඳුරු අස්සෙන් අස්සෙන් කෑම්ප් එක පැත්තට ගියා. ඒ පැත්තෙ තමා අපේ කඳවුර තියෙන්නෙ. අපි දැන් ඉන්නෙ මඩ කලපුව පැත්තට මූන දාල උන් එයි කියල හිතන පාරේ උන්ට වම් පැත්තෙන්. මෙතන ඉඳන් කඳවුරට කිලෝමීටර් එකහමාරක් විතර තියෙනව. එයාලා අරික්කාලටම නැමිල පේලියට පේලියට ගියා.  ඒ වෙද්දි අපි හොඳටම දන්නව මොකක් හරි ගිනි විජ්ජුම්බරයක් වෙයිම තමා කියල. ආවොත් සෙන්ට් ගියොත් ඔිඩිකොලොන්. සරළයි,සුගමයි, සෞම්‍යයි. බීල හිටිය කියල අපිට ගානක්වත් නෑ. දොලොස් දෙනෙකුට ඒ ටික ගෑවුනේවත් නෑ. වෙරි ගන්නනං තව බාගයක්වත් බොන්න ඔින. 


එයාලා පැය කාලකට විතර පස්සෙ ගියපු විදියටම අපි ගාවට ඇවිත් නැවත අපිවත් අරන් ගම පැත්තටම කැලේ මැද්දෙන් ඒත් ටිකක් වෙිගයෙන් ගියා. ඒ ගියේ පස් පාරට සමගාමීව ඊට ඇතුලට වෙන්න කැලෙන් ගම පැත්තට වෙන්න. ඒ ගිහින් බෝක්කුවක් පල්ලට රිංග ගත්තා. ඊට පස්සෙ තමා අපිට හරියටම සීන් එක කිව්වෙි.


කෝප්‍රල් බෝක්කුව යට ඉඳන් රහසින්;

*එකෙක්වත් කලබල වෙන්න එපා. කාටද වෙරි තියෙන්නෙ. තියෙනවනං කියහල්ලා ටක් ගාල. 

*කාටවත්ම නෑ. කෝප්‍රල්.

*හරි, මං හිතපු විදිය හරිනං අනිවාරෙන්ම තව ටිකකින් මෙතනින් බඩු එන්න ඔින. කුඩු කරලම දාන්න තියෙන්නෙ. කරේ මොනා හරි තියෙනව. පෙනුනු විදියට අතේ තුවක්කු තියෙනව. කාටවත් අවුලක් නෑනෙ. පිස්සු කෙලින්න යන්න එපා බිව්ව කියල. ඒව දං ඉවරයි. තේරුනානෙ.


*ගහමු කෝප්‍රල්. නැති වෙලාම යන්ඩ හු&&$ත. ලා/කෝ සුනිල් කිව්වා. ඊලඟට කෝප්‍රල් වැඩෙි වෙන්න ඔින විදිය කිව්වා. ප්‍රහරය එල්ල කිරීමෙන් පසු ඊලඟ තත්පරේ පසු බැසීම.සරලවම කිව්වොත් රවුන්ද, හතරැස්ද අටපට්ටම්ද බල බලා ඉඳිලි නෑ, ගැහුව,දිව්වා. එච්චරයි. දුවන්නෙ ඔක්කොම එකට.  බැරිවෙලාවත් කව්රු හරි මග හැරුනොත් එන්න ඔින තැනත් කිව්වා.


 අපි රෙඩිවුනා. පාරට සමාන්තරව දොලොස් දෙනාම එක පේලියට ඩවුන් ගියා. ආයෙ මොනාද තුවක්කුවෙ ආරක්ෂිත ඇණයත් පොකුරු උණ්ඩ ප්ලේස් එකේ. දකුණු අතේ දබරැඟිල්ල ට්‍රිගර් එකට පිටුපසින් ට්‍රිගර් ගාඩ් එක බදාගෙන. මටනං ඔය පොකුරු උන්ඩ කෙළිය  හරියන්නෙම නෑනෙ. ෂුවර්ම සින්ගල් ෂොට් තමා. මෙි දොලහ උන්ගෙ පනහකට සීයකට උනත් හොඳටම ඇති. උන් හිමීට හිමීට වටයක් ගිහින් එන රවුම අපි හරස් අතට කෙටි පාරකින් මීටර් තුන් හාරසීයකින් කවර් කරල උන්ට කලින් ඇවිත් රැකගෙන උන්නේ. මෙි එන්නෙ අනිවාරයෙන්ම කොටි. සිවිල් මිනිස්සුන්ට ගල් ගහන්න උවමනාවක් නෑනෙ. උං ඒ කලේ, කැලේ ඇතුලෙ ආරක්ෂිතව හැංගිලා ගල් ගැහුවම, අපි ඉන්නවනං ඒ ඉන්න හරිය හොයාගන්න. මොකද අපි වෙඩි තියනවනෙ. ඒකයි. අපි වෙඩි තිබ්බත් එතකොට මුන්ට වදින්නෑ. අපි ෆයර් එක නවත්තපු ගමන් හරි ෆයර් එක යන ගමන් හරි උන් කරන්නෙ කැලේ කඩාගෙන වංගු කෙලින් කරගෙන පඳුරු උඩින් පැනල දුවන එක. ඒ උං හිතන විදිය. නමුත් ආමි කාරයා හිතන්නෙ ඊට වඩා වෙනස් විදියකට. ඒක තමා මෙි වුනේ.  මෙි දේවල් මෙි විදියට වෙන්න මහා කාලයක් ගියේ නෑ.


 අපිත් ඩවුන් දාගෙන බලා ඉන්නවා බඩු ලඟට එනකම්. විනාඩි විස්සක් විතර යනකොට වටෙි ගිහින් ගිහින් තුන් දෙනා වෙනුවට හතර දෙනෙක්ම පාරේ ආව. කෝපල් දැකල තිබුනෙ තුන් දෙනයි.  මුං එන්නෙ හිමීට හිමීට.  අපිට ක්ෂිතිජය කැඩිල චූට්ටක් විතර පේනව. තුවක්කු සද්දයකුත් ඇහුන නිසා අනිවාරයෙන්ම බඩුම තමා කියල ස්ථීරවම දැනගත්තා. දැන් මුන්ගෙ බය අඩුයි. අපිට එහා පැත්තෙ උන්ගෙ ගම. ආමි එකෙන් හිටියනං මෙලහට සටනක් ගිහින්නෙ. ඒකයි බය ඇරිල තිබුනෙ. අනික උන් කීයටවත් හිතන්නෑ අපි උන්ගෙ ගමටම ඇවිත් ගහයි කියල. 


සැලසුමට අනුව උන් ටික හරි මැද්දට ආව ගමන් ෆස්ට් ෆයර් එක කෝප්‍රල් එයා ගානෙ දෙන්නං කිව්වා. ඊ ලඟට එයත් එක්කම අපිට තාලෙ අල්ලන්න කිව්වා. මන්ද ස්වර මධ්‍ය ස්වර නෑ කිව්ව. කෙලින්ම උච්ඡ ස්වර පමණයි කියලත් කිව්වා. අනික බිව්ව කියල වන්නම් නටන්න විතරක් ලෑස්ති වෙන්න එපා කිව්වා. චිත්‍ර කරපු නිසා නැටුම්නං කොහොමත් බෑ. චිත්‍රත් කලා කියල අපිට කෙලින් ඉරක්වත් ගහගන්න පුලුහනෑ. කලාවෙනුත් හොඳටම හුරු වෙලා තිබුනෙ යුධ කලාව සහ හුදකලා⁣ව කියන දෙක විතරයි. 


තවත් විනාඩි කීපයක් යද්දි බඩු ලඟ ලඟම එනව පේනව. එන්නෙ පාර දිගේමයි. ඒ එන්නෙත් කතා කර කර.

උන් එන්න එන්නම කිට්ටු වෙනකොට  පපුව පිරෙන්නම හොඳ හුස්මක් ගත්තා.ඊලඟට මගේ පන ඩිංග වෙච්චි අම්මව මතක් කරගත්තා. ගත්තු හුස්මෙන් බාගයක් පිට කරල බාගයක් පපුවෙ ඉතිරි කරගත්තා. බඩු හරියටම මැද්දට ආවට පස්සෙ (හරියටම කෝපුල්ගෙ ඔලුව ඉස්සරහ) කෝපල්ම බෙර ගහන්න පටන් ගත්තා. අපිත් එක දිගටම තණුවෙන් පිට නොයා තාලෙ අල්ලගෙන හිටියා. සැලසුමට අනුව මෙතනින් හතර දෙනෙක් ෆයර් කරන්නෑ. ඒ හතර දෙනාට පටන් ගන්න කිව්වෙ අපි නවත්තපුවම. ඒ තමා මැගසින් චෙින්ජ් එක. මොන. ඒයාලට වෙඩි තියන්න තරම් දෙයක් එතන ඉතුරු වෙලා තිබුන්නෑ. තුනක් කෑ ගහනව විතරයි ඇහුනෙ. වැටුනා දැක්කා. පස්සෙන්ම ආපු එකා දුවනවා වගේ දැක්කා.  ඒත් අන්තිමට හිටපු අපේ දෙන්නා නැගිටල පාරටත් පැනල වෙඩි තියල ඌව බිම දානවා දැක්කා.


මෙි සියළුම සිද්ධාන්තවලට මුල ඉදන්ම පැයක් හෝ එකහමාරක් යන්න ඇති. ෆයර් එක විනාඩි දෙකක්, තුනක්, විතර යන්න ඇති. මම ඇතුලු තුන්දෙනා හිටියෙ ඉස්සරහින්ම එන දෙන්නට සොට් එක දෙන්න. ඉතිරි දෙන්නා කෝප්‍රල් සහ එයාගෙන් දකුණට. 


 ඒ ෆයර් එක නවත්තපු ගමන් අපි කඳවුර පැත්තට පසු බැස්සා. අපේ බැකප් එකට ඉන්නෙ, හදන කඳවුර කිට්ටුව ස්ථානගත වෙන්න එන නාවල්අඩි කඳවුරේ අපේම සවන්දීමෙි මුර දෙකක්. අපි හැකි ඉක්මනින් කඳවුර කිට්ටුවට ඇවිත් මහ පාරට ගොඩ වෙනකොට බැකප් එක එතනට ඇවිත්. එයාලගෙ සෙට් එකෙන් සීන් එක ඇතුලට කිව්වම ටික වෙලාවකින් පැරා දෙකක් ගැහුවා ප්‍රහාරය වෙච්චි තැන සෝදිසි කරන්න. එතකොට ට්‍රැක්ටරේ තවත් කීප දෙනෙකුත් නිළධාරියෙකුත් ආවා. ඒ ආවෙ 2/ලුතිතන් නානායක්කාර. අපි ඔක්කොම එකතු වෙලා භූමිය සෝදිසි කලා. 


සල්ලඩි වගේ හිල් වෙච්චි එල්ටීටීඊ මළ සිරුරු හතරක්, බට්ටො පනහක ගෝනියක්, කිලෝ එකේ එකේ ප්‍රමාණයට  ඔතල තිබුනු හාල්මැස්සො ඇතුලු කරවල දාපු ගෝනියක්. අලුත්ම සරම් දෙකක්, ටී පනස් හය අවියක්, අලුත්ම අලුත් කිරි කිරි එල්එම්ජී අවියක්, (පස්සෙ කාලෙ අපි මෙි අවියෙන් උන්ටම ගැහුවා)  අත්බෝම්බ හතරක්, බට්ටන්ට සවි කරන ඩෙටනේටර් පනහක්, පෙන්ටෝච් බැටරි කෑලි පෙට්ටියක්  ඒ අතරින් හොයාගත්තා. පෙන්ටෝච් කෑලි පෙට්ටියම ආරච්චි විසින් ගල් කලා. ඒ රේඩියෝ එකට දාන්න තියාගන්න. පස්සෙ මං ඒකෙන් කෑලි හයක් තියාගෙන ඉතුරු ඔක්කෝම රේඩියෝ තියෙන අයට බෙදල දුන්නා. එවකට ලුතිතන් ජයරත්නටත් දෙකක් දුන්නා. පස්සෙ තමා කිව්වෙ බැටරි පෙට්ටිය ගල් කලා කියල. 


ඒකට ආර්එස්පී ගහපු ලිවුම යුහමූ වලට යවල තියෙන්නෙ පරෙවියෙක් අතේ. ඌ මගදි පරෙවි දෙනක් එක්ක සංසර්ගයේ යෙදෙන්න ගිහින් මැරිල, අද වෙනකං ඒ සිදුවීමෙි පදක්කමත් නෑ, කරපු එකේ හොඳත් නෑ.යවපු ලියුමත් නෑ. 


කෙටියෙන්ම කිව්වොත් විසිල් විතරයි, ඇත්තටම බල්ටි නෑ.  



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.11.03