Wednesday, October 28, 2020

පන්ඩිත හාමුදුරුවෝ

 සේරුවාවිල පුද භූමිය යනු බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක්. අප මහා කාරුණිකයන් වහන්සේගේ වම් දළදාව, ලළාට ධාතුව තැන්පත්ව ඇතැයි කියන්නේ මෙි පංසලේ පිහිටි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ. මෙි පුදබ්මෙි වසරකට සැරයක් මහා ආමිස පූජා පිංකමක් පවත්වනවා. ඒ පිංකම පැවැත්වෙන  කාලෙ කියන්නෙ සේරුවාවිල පුද බිමට ඉතා කාර්‍යබහුල දවස් කීපයක්. ඒ, මෙහි පැවැත්වෙන පූජාවට රටෙි හැම පැත්තෙන්ම ඇදී එන මහා ජනසන්නිපාතය නිසා. බස් පුද්ගලික වාහන ලොරි වෑන් කාර් ආදියෙන් දස දහසක් විසි දහසක් සමහර විට ඊටත් වඩා බැතිමත් පිරිසකගෙන් මෙි පින් බිම පිරී යන්නේ හිතාගන්නවත් බැරි විදියට.  මාවිල්ආරු සාම්පුර් මුතූර් තෝප්පූර් ආදී ප්‍රදේශ එල්ටීටීඊයෙන් මුදාගෙන  ජනතාවට බියක් සැකක් නොමැතිව ආරක්ෂිතව ජීවත් වෙන්න වටපිටාවක් ඇතිවුනාට පස්සෙ වැඩි වැඩියෙන් මෙි පලාතේ මිනිස්සු නිදහසේ ගැවසෙන්න පටන් ගත්තා. නමුත් නැගෙනහිර මානුෂීය මෙහෙයුම මෙි වෙද්දි නොනවත්වා ඉදිරියට යමින් සිටියේ. මට මතක විදියට යුද්ධය තිබුනේ තොප්පිගල වාකනේරි ප්‍රදේශවලට වෙන්න වගේ. අපේ ඒකකය මුදාගත් ප්‍රදේශ ආරක්ෂා කරගැනීමට නැවතුනාම සිවිල් සම්බන්ධීකරණ කටයුතු පවා සිදුකිරීම අපේ ඒකකයෙන් ඉමයි ඉටුවුනේ. 

ඒ අනුව මෙි මහා පිංකම වෙනුවෙනුත් අපිට අපේ කාලය ශ්‍රමය වැයකරන්න සිදුවුනා. 


ඉහලින් ආපු නියෝග අනුව අපිට ගොඩක් ලොකු වගකීමක් මෙි අනුව පැවරුනා. ඒ, පිරිසිදු පානීය ජලය සැපයීම, වැසිකිලි කැසිකිලි ඉදිකිරීම,මහා සංඝ රත්නය වෙනුවෙන් නවාතැන් සහ දාන මාන කටයුතු  ඒ අතරින් කිහිපයක්. 


ඒ නියෝග ආව ගමන් කල්තියාම අපේ ඒකක මූලස්ථානය විසින් මෙි එක් එක් රාජකාරි කොටස් නම් කරල කමිටු සහ අනු කමිටු සභාපතිවරුන් යටතේ එක් එක් කර්තෘව්‍යයන් සඳහා පිරිස් නම් කලා. මං ඇතුලත්වුනේ මහා සංඝ රත්නය වෙනුවෙන් නවාතැන් සැකසීම හා ආහාරපාන පිරිසිදු ජලය ආදිය සැකසීම/සැපයීම වෙනුවෙන්.  ඒ සඳහා අවශ්‍ය සියළු බඩු භාහිරාදිය සපයාගැනීම, ආහාර/දාන පිළියෙල කිරීම සහ බෙදා දීම තමා අපේ ප්‍රධාන වගකීම වුනේ. මෙයට ඇවැසි තරම් භඨ පිරිස් අපි අතර නොහිටියත් අඩුම සම්පත් යටතේ වැඩි වැඩ කොටසක් වැඩි කාර්යක්ෂමතාවයෙන් කරගැනීම අපිට හොඳට හුරු වෙලායි තිබුනේ. ඒ අනුව අපේ කමිටුවත් කෑලි දෙක තුනකට කඩාගෙන කොටස් කොටස් වශයෙන් බෙදී මෙි වගකීම ඉටු කරන්නට කටයුතු කලා. 


ඒ අනුව සේරුවාවිල පුදබිම සුද්ධ පවිත්‍රකිරිම, කැසිකිලි,වැසිකිලි, වතුර ටැංකි ඉදිකිරීම/ සැකසීම සහ පානීය ජලය සැපයීම අපි කල්තියාම ආරම්භ කලා. කොහොමහරි මෙි වැඩ ටික කෙරීගන ගියා කියමුකො. ඉතාමත් සද්භාවයෙන් හා මහන්සියකින් කිසි කෙනෙකුගෙන් අඩුපාඩුවක් නාහන්නට අපි උපරිම උත්සාහ කලා. මෙි පූජාවට රටෙි හැමපැත්තෙන්ම අති විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙනවා.  සංඝරත්නයම දාහක් විතර සහ ඊටත් වැඩි වෙනවා. මෙි සඳහා බස් එනවා මාර තොගයක්. ඇඟිල්ලක් ගහන්න ඉඩ තිබ්බෙ නෑ ඒ දවස් කීපයේ මෙි පංසලේ කොතනකවත්. ඒ තරමට සෙනග. ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනම ඒකකයක් යෙදවූවා මතකයි.


අපිත් මෙි පිංකම වෙනුවෙන් දිවා රෑ දෙකේදිම, වෙලාවක් කලාවක් නොබලා කෑම බීම නින්ද පවා අමතක කරල බැහැල වැඩ කලා. ඒකට තව එක් වැදගත් හේතුවක් තිබුනා. ඒ තමා අපි නැගෙනහිර ගත කරන අවසානම දවස් කිහිපය. එතනින් පස්සෙ අපි එහෙන් විත්ඩ්‍රෝ වෙලා නුදුරේදී ආරම්භ කිරීමට සැලසුම් කරල තිබුනු වන්නි මානුෂීය මෙහෙයුම සඳහා සහභාගිවීමට යාමට නියමිතව තිබුනු එක. ආයෙ කවදා පිනක් කරගන්නද? යන තැනකටත් දෙයක් තියෙන්න ඔින නිසා බැහැලම වැඩකලා.  


 ඉතාමත් සාර්ථක විදියට මෙි  පාලන කටයුතු සිදුවෙලා  අවසාන දවසත් උදාවුනා. මගෙත් එක්ක එකටම හැම වැඩෙිටම සහායවුනු සහ වෙන්කර දීපු වගකීමක් තිබුනු කෝප්‍රල් ජයරත්න වැඩිය හාමුදුරුවරු මුනගැහිල කතාකරන්න කැමතිවුනේ නෑ.  ඒ ඇයි කියල මං දන්නේ නෑ.නමුත් සමහර විට ඔහු පිංකම් සඳහා වැඩි කැමැත්තක් නැතුව ඇති කියලම හිතුනු නිසා රෑට නිකන් ඉන්න අවස්ථාවල ඔහුට මෙි කටයුතු වලින් ලැබෙන පින් කන්දරාව ගැනත් ඉන් ලැබෙන ඵලය සහ ආනිසංශ ගැනත් තේරුම් කරදීමට මා උත්සාහ කලා. ඒත් ඔහු ඒවා ගණනකට නොගත් බව පෙනෙන්නට තිබුනු නිසා කීපවරක්ම දරපු ඒ උත්සාහය "උඹට හොඳනම් මට මොකෝ" කියන නියායෙන් අතහැර දැමුවා. පිනක තියෙන වටිනාකම,එයින් මෙි ජීවිතයේදිම ලැබෙන සහ පරලොවදී ලැබෙන ආනිසංස ගැන ඔහුට වැඩි විශ්වාසයක් නැති නිසා වෙන්න ඇති කියල මට හිතුනා. ඉන් පසු ඔහු කුස්සියේ වැඩ භාරගත් අතර, "මං මගේ වැඩෙි කරන්නං,උඹ කට්ටියත් අරගෙන දානෙ බෙදන වැඩ ටික කරපංකො" කියල මට කිව්වා. ඉන් පසු මා ඇතුළු කණ්ඩායම අපට පැවරුනු වගකීම ඉතා හොඳින් ඉටු කරමින් සිටියා.


 ජයරත්න හිටියෙ කුස්සියෙ විතරයි. එලියටවත් ආවෙ නෑ. ජයරත්න කියන්නෙ මගේ බැචෙක්. බැචෙක් කිව්වට එකට ඉන්ටවීව් ඇවිත් පුහුණු පාසැල්  දෙකක පුහුණුවීම් කරල නැවත එකම ඒකකයකදි හමුවුන අය. අපේ බැජ් එකටම වඩා දවසක් හරි වැඩිමල්. ඔහු දවසක් කියපු විදියට ඔහු මට වඩා අවුරුදු ගානක් වැඩ්මල්. නමුත් ෆිට් එක එකයි. 


අවසාන දවසෙ අප විසින් මෙි අවස්ථාවට වැඩි මහා සංඝ රත්නය වෙනුවෙන් දිවා දානය බෙදා දෙන අවස්ථාව උදාවුනා.   වැඩ සිටි මහා සංඝ රත්නය වෙනුවෙන් එකටම දානෙ පිළියෙල කලත් අපි කලින්ම බෙදාගෙන  තිබුනු විදියට කොටස් කොටස් වශයෙන් දානය පිළිගැන්නවෙන වීමෙි අවස්ථාව උදාවුනා. 


අපිත් මහා සද්දාවෙන් භක්තියෙන් ආදරෙන් ආසාවෙන් හැම කට්ටක්ම කාල දානෙත් සකසල සූදානම් උනා.අපිට පැවරුනේ දවල් දානය. හීල් දානය තිබ්බෙ අපිට නෙමෙි. මෙහෙම අපිත් වෑංජන අතින් අරන් ස්වාමීන් වහන්සේලා ඉදිරියට ගිහින්

*අපේ හාමුදුරුවනේ රතුබත්,සුදුබත්,අල හොදි,පරිප්පු කිය කිය ඇවැසි ඇවැසි අයට මෙිව බෙද බෙද හිටියෙ.

 එදා දානය බෙදන්න ගත්ත විදිය අනුව ජයරත්නට කොතනකවත් හැංගෙන්න බැරිවුනා. මොකද උයාගත්තු දානය උන් වහන්සේලා වැඩ සිටි කිට්ටුවටම ගෙනත් බංකු සහ මෙිස උඩින් තියාගෙන තමා මෙි කටයුත්ත සිද්ධකලේ. 

අකමැත්තෙන් උනත් ඒ කොට බිත්තියෙන් එහා පැත්තෙ ඉඳගෙන ස්වාමීන් වහන්සේලාට බෙදල ඉවරවෙලා ගේන දීසි හට්ටි මුට්ටි වලට අඩුපාඩු පුරවාදෙන්න කෝප්‍රල් ජයරත්නට  සිදුවුනා. මොකද මෙි වෙද්දි අපේ අණදෙන නිළධාරි තුමත් අධීක්ෂණයට මෙතනට ඇවිත් හිටියේ. අපිටනං එතුමා හිටියත් නොයින්න ගානයි. වැඩෙි ඉවරකරල තමා ආයෙ එතුමා එක්ක කතාකරන්නෙ. 


මෙි වැඩෙි යන අතරමැද මෙතන හිටපු ලොකු හාමුදුරුවො නිතරම බලාගෙන හිටියෙ ජයරත්නල කෑම දාල දෙන දිහා. එක් අවස්ථාවක මමත් අඩුපාඩු අරන්  ලඟට යද්දි උන්නාන්සෙට ටිකක් හයියෙන් කතා කරල තමා "අහවල් වෑංජනේ අපේ හාමුදුවනේ" කියල ඇහුවේ. එතකොට  මං දිහාත් බලල හිනාවෙලා ආයෙ අරපැත්ත බලල තමා "පොඩ්ඩක් දාන්න" කිව්වෙ. සිවුරත් නිතරම හද හද හිටියෙ.ඒ වෙන කව්රුත් නෙමෙි මෙතැන වැඩ හිටපු ⁣ලොකු හාමුදුරුවො. ( අපි දානෙ බෙදපු තැන වැඩ හිටපු. ඉස්සෙල්ලම දාන ශාලාවට වැඩිය පිළිවෙල අනුව සහ වාඩිගෙන හිටපු පිලිවෙල අනුව තමා මං එතන හිටපු ස්වාමීන්වහන්සේලා ලොකු අයද පොඩි අයද කියල තීරණය කරගත්තෙ.ඉස්සරහින්ම ආවෙ උන්වහන්සේ.) 


මෙි අතර අපේ කොල්ලෙක් එක් වෑංජනයක් බෙදන්න අරන් ගිහින් බෙද බෙද හිටියෙ ටිකක් උස්සගෙන. ඒ වෑංජනය ඔහු බෙදපු ආකාරය වැරදියි. එක පාරටම ජයරත්න එයාට කිව්වා"මල්ලී ඔික පහත් කරල බෙදන්න" කියල. එවිට අර ස්වාමීන් වහන්සේ හිනාවෙලා පාත්තරේ දිහා බලාගෙන ආයෙ දානෙ වළඳන්න පටන් ගත්තා.ආයෙ කිසි විටෙකත් ඒ පැත්ත බැලුවෙ නෑ. 

දානෙ බෙදලත් ඉවරයි. අද අන්තිම දවස. ලොකු හාමුදුරුවො සුහදශීලී කතාවක් කියන්න පටන්න ගත්තා.


ඒ දවස්වල මෙි පළාතේ තිබුනු තත්ත්වය, දැනටමත් යන යුද්ධය, ඒවටත් දායකත්වය දෙන ගමන් අපි විසින් සිදුකල මෙි පුන්‍ය කර්මය ගැනත් උන් වහන්සේ ගොඩක් සතුටු මුඛයෙන් කතාකලා. ඒවගේ ආනිශංස කියල දුන්නා. අපිට ආශිර්වාද කලා. ස්තුති කලා. ඒ අතරේ තවත් අරුම පුදුම කතාවක් කියන්නට උගුර එහෙම පාදලා පටන් ගත්තා. 

"මම අසවල් ස්වාමීන් වහන්සේ. ඔබතුමන්ලා සමහර විට ටීවී එකෙන් මං බණ කියනවත් අහල දැකල ඇති. මගේ ගම මාතලේ අලුවිහාරේ. මම පංසල් දහයක විහාරාධිපති වහන්සේ නමක් කියල පටන් අරන් තිබ්බ තානාන්තර ඔක්කොමත් කිව්වා. උන්වහන්සේ ආචාර්‍ය කෙනෙක්. තානාන්තර දහයකටත් වැඩ් මිසක් අඩු නෑ. අපිත්, සීඔිත් හිටගෙන දැන් කතාව අහගෙන ඉන්නවා එහෙයි එහෙයි කිය කිය. උන්නාන්සෙලත් පිටත්වෙන්න නැගිටල හිටියෙ. 

දැන් අපෙන් අහනවා උන්වහන්සේ" කවුද දන්නවද මාව මහන කලේ?

*නෑ අපේ හාමුදුවනේ. 

උන්නාන්සෙම ටිකක් හයියෙන් ජයරත්නහ් කියල කතා කරා. 

ඌ..නෑ... හැංගිලා.

දෙතුන් පාරක් කතාකලාම 

අත්දෙක ඉස්සරහට බැඳගෙන ඔලුවත් පාත්කරගෙන ඉදිරියට ආව.

ලොකු හාමුදුරුවො ජයරත්නගෙ අතකුත් අල්ලගෙන..


*මෙි තමා මාව මහන කල ගුරු හාමුදුරුවො. මං මෙච්චර වෙලා මෙයා දිහා බලන් හිටියෙ මා එක්ක දැන් කතා කරයි දැන් කතා කරයි කියල. සිව්රු ඇරල හමුදාවට යනව කියල ගියාට පස්සෙ ඔන්න අද තමා හම්බවුනේ. ඒත් අවුරුදු පහලොවකින් විතර.  නිකමටවත් පන්සල පැත්තෙ ආවෙ නෑ. අපිත් එක්ක තරහද දන්නෙත් නෑ නේද පණ්ඩිත හාමුදුරුවනේ" යි කියල ජයරත්න ගෙන් ඇහුවා. ඒත් ඌ හිනාවුනා විතරයි, මුකුත්ම කීවෙ නෑ. 


එදා ඉඳන් අපේ කණ්ඩායමෙි සියළුම ආගමික කටයුතු සම්බන්ධ හැමදේම පැවරුනේ ජයරත්නට. බෝධිපූජා දාන මාන පිංකම් ආදී සෑම දෙයක්ම. එයා හමුදාවට එද්දි "පංඩිත" හාමුදුරුනමක්ලු. අර පංසල් දහයෙම අනුනායක හිමිනමක්. ජයා ගියායින් පස්සෙ සහ ලොකු හාමුදුරුවො අපවත්වුනාට පස්සෙ මෙි පංසල් දහයම බලාගන්නෙ මෙි ස්වාමීන් වහන්සේලු. 


හොඳ වෙලාවට මං ජයාට පිං වල තියෙන ආනිශංස කියා දෙන්න ගිහින් ඇනගත්තෙ නැත්තෙ. පස්සෙ ඌ මට බණ කියාදෙන්න පටන් ගත්තා. අපි දෙදෙනා පැන්ෂන් එනකම්, සහ අදටත් අපි අතර පැවති හිතවත්කම එහෙම්මමයි. 


මං අවසානෙට මෙහෙම කියන්නම්. තේරුම් ගන්නෝ තේරුම් ගනිත්වා..


එදා තමන්ගේ රට දැය වෙනුවෙන්, ජීවිත පරිත්‍යාගයෙන් හමුදාවට එක්වුනු මෙවැනි ස්වාමීන් වහන්සේලා අට පාස්ද?


එවැනි මහා භාර දූර බරපතල  සංග්‍රාම කිහිපයකින් පසුවත් නිදුක් නිරෝගීව තම ජීවන ශක්තියෙන් මෙි දු:ඛිත සංසාරයෙන් සමුගන්නට තතනන මෙි ඔබගේත් මගේත් ජීවමාන ශාස්තෘන් වහන්සේලා නොවෙිදැයි?.


එදා මෙි පිංකමෙිදි, පිනෙහි ඇති ආනිශංස කියා දීමට ගිය සහ, එහෙත් නිහඬව තමාගේ කෙරුම්කාරකම් ගැන ආපස්සට කිය කියා "මං මෙහෙමයි බොලව්" නොකියා නිහඬ පිළිවෙතින් ඉවසූ මෙවැනි චරිත මගේ ජීවිතයේ මුහුනට මුහුන හමුවූ සැබෑ වීරයන් සේමැයි. 


"⁣තෙරුවන් සරණයි අළුවිහාරේ අපේ පඥ්ඥාදස්සි  ලොකු හාමුදුරුවනේ"


මෙ'භවෙහි අප'තර පවතින හිතවත් හෝ සහෝදර කමට, එසේත්  නොහැකිනම්  මතු අත් භවෙක හෝ මට මෙි සංසාරයේ පවතින දු:ඛය සහ භයානකත්වය ගැන කියා දී මාවත්  මෙි භයංකාර සසරෙන් එතෙර කරත්වා...! 


උපන් දේශය වෙනුවෙන් අවි වලින් යුද වැද අවසන නිරුපද්‍රිතව සමාජගතවූ ඔබ වහන්සේටත් මටත් එකම චක්‍රයක් යටතේ තවත් යුද්ධයෙක මෙන් සටන් වදින්නට සිදුවී ඇති මෙි කෙලෙස් යුද්ධය සමග කරනු ලබන සටනයෙහිත් අවසානයක් පෙන්නුම් කරත්වා..!


අවසරයි.


(ඔබ වහන්සේගේ ඉල්ලීම පරිදි ටෑග් නොකලෙමි.)


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.10.26

Saturday, October 24, 2020

අවසන් ලියුම

  


෴අවසන් ලියුම෴

================


කවි සහ කතා ලිය ලිය                              රසවතුන්ට

නොමිලේ බෙදන සරසවි දූ                              පුතුන්ට

කරුණක් කියමි හද පතුලට                        දැනෙන්ට

මද කිපිලාලු සමහර වල්                                 සතුන්ට


සමනල් ගැටෙි වැටෙනා තුරු                       මොලේට

කෙරුවෙමි කල්පනා ඉහලම                          තලේට

ලිය ලිය කවි කතා යටි සිත                              බලේට

පල කල නිර්මාන විසිවිය                               කැලේට


අප කල දෙයක් ඇත්නම් එය අපට                   තියේ

එම දර්මයෙන් කිසි දිනකදි එපිට                  නොයේ

අවමංගල්‍ය බෙර තනු තාලයට                         වැයේ

හොඳ ගස් පනය පරඬැල් කඩිසරව                 මියේ


ගොදුරක් සොයා පියඹන ගිජු ලිහිණි               කුලේ

නොදැමුනු එකෙකු ගැන ලතැවී කිමද              පලේ

බළලෙක් නොවෙමි පැහැරූ මට සිලුටු             ගලේ

නොකිපුනු සිතින්මය ඔිකත් බැහැර                 කලේ


හසුවුනි දැනුම බුද්ධිය කන                        සොරුන්ට

දිරවන් නැතිලු ඒවා                                    සමහරුන්ට

නොකියමි දොස් පරොස් මතු ඔවු              නොවුන්ට

බිය විය යුතු නොවෙි කලු                          සමනලුන්ට


ඇති හැකි බැරි නොබැරි කුල මල                බෙිදකම්

ඔලුවෙි තියාගෙන උඩඟුව දීන                              කම්

මිනිසුනි කුමට නිල තල                          අසමානකම්

අස්තිර ලොවෙි ඉමු මරුණය පේන                      කම්


ඉවසාගත නොහී හැකියා දැකපු                       නෙක

ඉවතට විසි කරල බොරු කිව එකය                    දුක

අවසානෙට කියමි මගෙ හිත රිදුනු                      එක අවලස්සනයි කෙල රහිතව ඇරපු                       එක


හැකියා තිබෙි මට වෙනමම                         අසමාන

ඒවැන් වැඩ ගනිමි තව නොබලමි                    පේන

නොදමමි පැත්තකට නිතරම ලියු                     පෑන

මුත් අවසන් එකයි මෙි අටමට                            දාන


සෙනෙහස් සිතින් සිරි සරසවි වැළඳ                  ගමී

මෙතනින් එහා තව කිසිවක්                 නොපවසමී

දන්නෝ දනිති ඒ ගැන මම සතුටු                      වෙමී

එලවන්නට කලින් මෙතනින් පිටව                    යමී




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.10.24

ත්‍රෛලෝකවිජයා පත්‍ර

 මම ඒ වෙද්දි හිටියෙ වාලච්චෙනෙ. 


වාලච්චෙින සහ මඩකලපුව කියන්නෙ මගේ සදාතනික මතකයෙන්  කවදාවත් ඈත් නොවෙන නගර දෙකක්. ඒ තරමට මෙි ⁣නම් දෙක ලේත් එක්ක මිශ්‍රවෙලා ඇට මිදුලු දක්වා කිඳා බැහැල තියෙන්නෙ. අදටත් හිතෙනවා තවත් ඒ පළාතක රාජකාරි කරන්න තියේනම් කියල. 


එතකොට මගේ කොලු වයස. කොල්ල කිව්වට ගල් ඉබ්බෙක්ගෙ විතර වයස. ජීවිතේ මතක හිටින පාඩම් ඉගෙන ගත්තෙත් එහෙන් තමා. කොටින්ම, හමුදා ජීවිතේ පෙකණිවැල කැපුව එහෙ පේපර් මිල් එකේ මෝලක් උඩ.


 මෙි වෙද්දි වාලච්චෙින පොලිසියයි අපියි එක පොයින්ට් එකක් කර කර හිටියෙ. ඒ ඔිට්ටමාවඩි ⁣පාලම. පාලමෙන් එහා පැත්තෙ පොලිසිය, මෙහා පැත්තෙ අපි. ඒ කොහොම උනත් අපි සතුටින් සමාදානෙන් කාටවත් අවුල් නොවෙන විදියට රාජකාරි කරාගන හිටියේ. මගේ හොඳ හිතවතෙක් හිටියා ඔය පොලිසියෙ. ඒ රත්නායක රාළහාමි. එයා නිකන් ඉන්න වෙලාවට අපිත් නිකන් ඉන්නවා දැක්කොත් උම්මලකඩ කෑල්ලට බළලෙක් ඇදෙනවා වගෙ හිමීට හිමීට වටපිට බලල අපේ පොයින්ට් එකට ඇදෙන්නේ "අඩෙිහ්, ප්ලේන්ටියක්වත් ගහමුද" කියල අහගෙන. ඊට පස්සෙ ඇප් එකක් ඔිපන් කරාම පෝන් එකේ බෝලෙ කැරකෙනව වගේ හරි මැද්දෙන් ඉඳගෙන වක්කරල දෙන ප්ලේන්ටියත් අතේ තියාගෙන පටන් ගන්නෙ කයිය ගහන්න.අපිත්, පුද්ගලිකව මමත් එයා එක්ක කතාකරන්න ටිකක් කැමතියි. වල් පල් අනම් මනම් නෑ. වචන දාහක් කතා කලොත් ඉගෙන ගන්න දෙයක් ගැන වචන පන්සීයයි. ඉතුරු බාගෙ හරී වල්. මාත් නීතිය ගැන ටිකක් දැනගත්තෙ එයාගෙන්. දණ්ඩ නීති සංග්‍රහය ගැන හොඳ උදාහරණ එහෙම දීල කතා කරනවා.


මෙතන අපි රාජකාරි කරන්නෙ රෝඩ් බ්ලොක් එකකුත් එක්ක. ඒකත් අපියි පොලිසියයි සහයෝගෙන් කරන්නෙ. පොයින්ට් එකේ අපි සාජන් එක්ක රෑට අට දෙනයි. දවල්ට හතර දෙනයි. ඉතිරි හතර දෙනා දවල්ට රොඩ් බ්ලොක් යනව.


 දැන් ඔිසෙට කේජී අහුවුනාට ඉස්සර එහෙම නෑ. ඒ වුනා කියල ජී වල අඩුවක් තිබ්බෙත් නෑ. ගමෙි බඩු සිමෙන්ති බෑග් එකක අහුරල, මාලු පෙට්ටිය අඩියෙන් දාගෙන ටික ටික අරන් යන ඒව අනන්තවත් අපිටත් එයාලටත් මාට්ටුවුනා. මෙිව අපි කෙලින්ම භාර දෙන්නෙ පොලිසියට. අපිට ඒව අදාල නෑ. 


ඔහොම ඉන්න අතරේ දවසක්දා මද්දහනක රත්නායක රාළහාමි පත්තර කොලේක යමක් ඔතාගෙන ඇවිත් මගේ අතට දුන්නා. "ගහල බලපන් කොහොමද කියල" කියල. මාත් හොඳට වටපිට බලල මෙි හාල් හුන්ඩුවක් සයිස් පොදිය දඩස් ගාල සාක්කුවෙ ඔබාගත්තා. කාටවත් බයකට නෙමෙි. ඔික කව්රු හරි දැක්කොත් එහෙම බෙදලම එපා වෙන හිංද. මොකද ඒ තරම් ඔස්තාර්ල තමා අපිත් එක්ක හිටියෙ. උන් එක්ක ඉඳල හිරේ විලංගුවෙ නොවැටී හිටිය කියන්නෙ අපි මිනිස්සු කොට්ඨාසයක් වෙන්නම බෑ.


 පොර ගියාට පස්සෙ මාත් මෙික අරං බංකරේ ඇතුලට ගිහින් හිමින් සැරේ දිගෑරල බැලුවෙ මගේ පියතම ආහාරය අංජූරුව ටොපි වත්ද කියල. ඒත් එච්චර හයියට නෙමෙි මෙික අහුවුනේ. ටිකක් මෙලෙක් විදියට. ඒ නිසා කුතුහලය වැඩී. මං ඒක දිගෑරියා. ඒකෙ තිබ්බෙ කොලපාට කුඩු වගයක්. මං ඊට කලින් මෙිව දැකල තිබුනෙ නෑ. දැන් හෙන පෙහේලිකාවක්. හරියටම මෙි මොනවාද කියල දැනගන්නනම් රාළාමිගෙන්ම අහන්න ඔින. නැත්තං අපේ එවුන්ගෙන් අහන්ඩ ගියොත් හතරවටෙි බෙදන්න වෙනව. ⁣


කට්ටියටම දෙනවා. ඒ දෙන්නෙ පොර ටෝකකුත් එක්ක. නිකම් බෙදුවොත් ඒම ඒවයෙ වටිනාකමක් නෑ. 

මාත් ගියා පොර හොයාගෙන. යද්දි එයා තව කීප දෙනෙක් එක්ක ඇස් දෙකත් හීං කරගෙන වෙහෙරක් වගේ එකක් අඩිය අඟලට පාත් කර කර හිටියෙ. ඒ තරම් ලොකුයි බත් පිඟාන. මාව දැක්ක සැනින් පොර කාටත් නොපෙනෙන්න  ඇහැකුත් ගහපු නිසා අරුන්දැලා ටිකක් එහාට්ට මෙහාට්ට වෙනකං පැයක් විතර කල් බලල බලල 

*මොනාද හු*@&තො මෙි. වෙන මොනාදනේ තියෙන්නෙ.මෙිවෑ ඉල්ලුවෙ.

*යකෝ ඔය කෝපි. ගහල නැද්ද.

*නැති හංදනෙ  ඇහුවෙ. කෝමද මෙිවා යූස් කරන්නෙ.

*ඊයා...ඔයා හෙන දල්ලෙක්නේ. මං හිතුවෙ ඔස්තාර් කෙනෙක් කියලනෙ. යකෝ ඔිකෙන් ටිකක් දාහං ටී එකකට. නෙස්ටමෝල්ට් නං වඩාත් හොඳයි.සීනි ටිකක් වැඩිකරල හොඳට දියකරල මන්ඩිත් එක්කම ගහල බලපං. අනික්ව වගේද කියල. "බත් මරතෑකි බං මෙි බලාං" කියල පොර ගිල ගිල හිටපු මිරිසවැටිය වගේ එක පෙන්නුවා.  කෝපි කිව්ව ගමන් මට සිද්දිය මීටර් උනා

*ආ එහෙමත් සීන් එකක් නේහ්?? අවුල් යයිද.

*ගියොත් දැනගන්න පුලුවන්. කොහෙ හරි වැටිල ඉඳීනෙ. 

මාත් වැඩෙිට ආයෙ අමුතුවෙන්ම  මුල ඉඳන්ම පොරට ස්තුතියි කරල මෙික සාක්කුවෙම දාගෙන හිටියා. ඒ හවස පහට විතර දාන ටී එකට දෙන්නං බඩු කියල හිතාගෙන. මෙතන අපේ ඉන්චාජ් හිටියෙ සාජන් සිසිර. පොර ඔිව ගෙනාපු නැවක කපිතන් කෙනෙක්. අපිත් අපිට මුකුත්ම නැති වුනාම පොරට හොරා පොරගෙ මල්ල ඇදල ටිකක් අතපත ගාගන්නව. මෙතන පස් දෙනෙක්ම අපේ සෙට් එකේ. තුන් දෙනයි එලොවටයි මෙලොවටයි නැතුව මැරෙන කොටත් හිස්බඩිං ඉන්න හිටියෙ. උන්ට ඔිව පුරුදු කරන්න ගියෙත් නෑ අපිට මදිවෙන හිංද.


හවස පහයි. මාත් නෙස්ටමොල් සැෂේ පැකට් එකක් ගෙන්නගෙන වෙනම තියාගත්තා. එදා ඩෙි ඔිෆ් හිටිය එකා මටත් තේ එකක් ගෙනත් දුන්නා බීපිය කියල. මං කිව්වා බඩ හරිනෑ බං එපා කියල. වෙන මොකේටවත් නෙමෙයි නෙස්ටමෝල්ට් එක ගහන්න ඔින හිංද. පස්සෙ ඌම රෝඩ් බිලොක් එකට තේ අරං  ගියාට පස්සෙ මං හිමීට කුස්සියට රිංගලා හීටරේ ගහල වතුර ජෝගුවක්ම උණු කලා. හිමින් සැරේ නෙස්ටමෝල් එක කඩල කෝප්පෙට දැම්ම. සීනි ටිකක් වැඩි කරන්න කිව්වනේ. ඊලඟට සීනි හැඳි පහකුත් දාල වැඩි හොදට කියල අරකෙන් තේ හැඳී හතරක්ම දැම්මා. නැවත පාර්සලේ ඔතාගන්න තරම් කාලයක් මට තිබුනෙ නෑ හිතෝතුනි,කරුමෙ කියන එක කැරකෙන්නෙ අපි ඔවාල හිතන අයුරට නෙමෙි. කරුමෙ අක්සාංස දේසාංස උනත් හරියට දේදුනු වගේ හරිම නම්‍යශීලියි. හරිම මෙව්ව එකයි. ආයෙ ලාමකයි. කවදාක්කත් නැතුව මං ටී  එපා කිව්ව එක සාජන්ට ඇහිල, සාජන් මා ගැන වොච් එකේ ඉඳල තියෙන්නෙ මුල ඉඳන්ම. මං ඇතුලට ඇවිත් කරන දේවල් පොර අකුරක් නෑර හොරෙන් බලං ඉඳල පාර්සලේ ආපහු ඔතනකොටම


*හෝව් හෝව් මොනාද ඔය??

මං හිමි හිමින් සාක්කුවට දදා හිටපු එක දඩස් ගාල ඔබා ගත්තෙ මෙික දැක්කොත් ආයෙ රහ බලල ඉවර නිසා.


*ගනින් මොනාද බලන්න. කෝ දියං මෙහාට.

*අනේ සාජන් ඒ මෙි බෙිතක්. බඩ රිදෙනවට.

*බෙිතක් කියල දැක්ක හිංද තමා බලන්ඩ ඉල්ලුවෙ.කෝ දියං. උඹල තනියෙන්ම බුදුවෙන්ඩ යන්නෙ නේ.

දෙතුන් පාරක් ඉල්ලුවට පස්සෙ ඔින මගුලක් කියල ඒකම අරං සාජන් අතෙන් තිබ්බා.


*අම්මට සිරි කෝපි යකෝ.. කිව්ව සාජන්ගෙ ඇස් ගෙඩි පීතියෙන් ඉපිලී යන අයුරු දැක්ක මට පොර ගැන "පව්" කියලත් හිතුනා. පස්සෙ සාජන්ගෙ ඉල්ලීම මත මගේ බරපැනෙන්ම ආයෙත් නෙස්ට එකක් ගෙනත් මං දාගත්තු හැඳි හතරම ඒකටත් දැම්මා. ඊලඟට සාජන් මට වැඩිමල් අවුරුදු ගානට අවුරුද්දකට එක හැන්ද ගානෙ තව හැඳි දෙකක්  වැඩිකරල පොරට මගේ තිබ්බ ආදරෙත් කැටි කරල හැඳි හතක්ම වෙන්ඩ දාල සීනිත් හැඳි හතක්ම දාල උකුවට ටිකක් වෙන්න ඒත් හැන්දෙන් කන්ඩ පුලුවන් සයිස් ටී එකක් හදල දුන්නා බීපිය කියල. දැන් මං කුස්සියෙ ඇතුලෙ බොනව. සාජන් ඉස්සරහ බංකරේ ඇතුලෙ ගසනව. මාත් කුස්සියෙ ඉඳන්ම;

* සාජන් අවුසදේ කලත්තල මංඩිත් තෙක්කම ඇදල අරින්ඩෝ.. නැත්තං වැඩක් නෑ කිව්වෝහ්හ්...කියල කෑ ගහල කිව්වා. ⁣මොකද හමුදාවෙ විනය උපරිම තියෙන තැනක් හිංද සාජන්ල පයිවට්ල එකට කන්නෙ බොන්නෙ නෑ. 


අපි දෙන්න දෙපොලෙ ඉඳන් එකම අවුසදේ මාත්‍රා ගනන වෙනස් කරල ගසල ඉන්න අතරේ මං  කලපු හුලං ටිකක් වදින්න කියල ඉස්සරහට ආව. ඇවිත් ඔන්නං පැය කාලක් යන්න ඇති. මට දැනෙනව නිකන් තෙරක් නොපෙනෙන අහස්ගැබෙි  පාවි පාවී සුලං කුරුල්ලෙක් විලසින් තරු කැට ඉඹ ඉඹ ඈතින් ඈතට ඈතින් ඈතට  ගසාගෙන ගසාගෙන යනව වගේ. ඒ පීලින් එක හරියට  සීවන්තර්ටි ප්ලයිට් එකක් ටෙික් ඔිෆ් කරනකොට දැනෙන ජාතියෙ වගේ එකක්. සාජන් ඉඳගෙන හිටියෙ මගෙන් වම් පැත්තට වෙන්න  තල් ගහක් යට හරහට දාල තිබුනු කොහොඹ කොටයක් උඩ. මං පාලම දිහා බලද්දි පේන්න ගත්ත පාලම කාලෙයක් තිස්සේ ඉඳන් අඳුරන එකෙක් වාගෙ මාත් එක්ක  හිනාවෙනව. මාත් කෙනෙක් හිනාවෙද්දි නිකන් ඉන්න හොඳනැති හිංද පාලමත් එක්ක ඩෙසිබල් පනහක් විතර දාල  හිනාවුනා. බිම බලද්දි මහපොලව ඉරි තලල වගේ පේන්න පටන් ගත්තා. ආයෙත් පොලව ඇදෙනව ඇදෙනව වගෙත් පේන්න ගත්තා.කං වලින් දුම් විසික්ක වෙනව වගේ ඇස්වලින් හොටු බෙිරෙනව වගේ වෙන්න පටන් ගත්තා. මං පොලවෙ ඉරි තලපුව නොපෑගෙන්න ඈතින් ඈතින් අඩිය තියල රේල් පාර කිට්ටුවට එන්න පටන්ගත්තා. මට මීටර් විස්සක් තිහක් විතර එහායින් රේල්    පාර තිබුනෙ. ඒත් ඒ කිට්ටුවට විතරක් එන්න මට පැය බාගයක් විතර ගියා. පීල්ලක් උඩින්වත් ඉදගන්නං කියල හිතාගෙන ආවෙ. එතනට යන්න තව පරක්කුවෙයි කියල හිතල ඊලඟට සාජන් ඉන්න තැනට පාවෙලා යන්න පටන් ගත්තා. යකෝ අඩිය තියන තැන නෙමෙි තියවෙන්නෙ. මාලු රැලක් දැක්ක කොකෙක් වගේ මාත් තානම් දෙනාත් තාම් තාලෙට විසික්ක වෙවී එතනට යන්න උත්සාහ කලා. මං දැක්කා  සාජන් ඇස් දෙකත් හීන් කරගෙන මං දිහා බලාගෙන හිටිය විදිහ. එයා මාව දැකල එකපාරටම බකාස් ගාල හිනාවුනා. ඒක දැකපු මට ඊට වඩා හයියෙන් බුකාස් ගාල හිනා ගියා. දැන් සාජන් මට හිනා වෙනව. මං සාජන්ට හිනා වෙනව. කොහොම කොහොම හරි මං අමාරුවෙන් සාජන් හිටපු තැනට යාගත්තා. දැන් අහන්ඩ එපා මෙිව ගහපු ඔස්තාර්ල "ඔහොමත් වෙනවද යකෝ" කියල.ඒත් එහෙම උනා යකෝ. පුදුම වැදිල්ලක්නෙ වැදුනෙ. අඩිය තිබ්බට තියවෙන්නෑ. හරියට පාවෙනව වගේ. පට්ටම පීලිංග්ස් එකක් තිබුනෙ. පුදුම සැහැල්ලුවයි. මට එහාලු සාජන්ට.  එයාට මාත්‍රාව ටිකක් වැඩි වුනානෙ දන්නෙම නැතුව.


සාජන් මාත් එකක තාම හිනාවෙනව.

*උම්ඹට ම්ම්මොකෑ බං ව්ව්වෙන්නෙ.

*අනේ මංද බං. ඇස් දෙක අරින්න බෑනෙ.

*ය්ය්ය්ය්යකෝ...  තෝ ඔය යසට ඇරන් ඉන්නෙ.

*කෝ ම්ම්ම්මට්ට ප්ප්පේන්නෑනෙ.

*උම්ම්ම්ඹ මට බා බා බා බං කිව්වද?

*පිපිපිපි පික්සුද අනේ මම්ම්මං එහෙම කිව්වද??.ඇයි ඇ ඇ අැහුවෙ 

*නෑ මට නි..නි..නිකම් ඒම ඇ..ඇ..ඇ..ඇහුන ඇහුන වගේ

ක්ක්ක්කෝච්චිය දැම්ම එයිද බං.

*අ..අ..අ..න්නේ මංදා අද කෝච්චිය ක්ක්ක්කරත්ත ප්ප්පාරක වෙන්ඩෑ ය්ය්ය්යන්නෙ.

*ඒක න්න්නෙමෙි උම්ම්ඹ ම්ම්මට්ට හ්හ්හදාපු අවුසදේ ම්ම්ම්මාත්‍රාව වැඩි කලාවද්ද බං.

*පිස්සුද සාජන්. ඔයාට තුනයි මට තුනයි කියල මං හයියෙන් හිනාවුනා. මං බොරුවටත් එක්ක ගොත ගැහුවෙ ආතල් එකටත් එක්ක. ඒත් එක්කම ඈතින් කෝච්චිය එන සද්දෙ ඇහුනා. 

සාජන්..

*හුටා..ආං කෝච්චිය එනව අයිං වෙයං අයිං වෙයන් කියල රේල් පාරෙ ඉඳන් කිලෝමීටරයක් විතර දුරින් ඉඳගෙන හිටපු කොහොඹ කොටෙි උඩින් නැගිටල අපි දෙන්නම  අයින්වුනේ කෝච්චියට යන්ඩ ඉඩ දෙන්ඩ. මට ඒකටත් හිනාගියා.

පපුවට අතතියල කියන්නෙ පෙන්ස්. සාජන් නැගිට්ට පාර වාරු නැතුව පස්කන්ඩියෙන් පල්ලෙහාට රෝල් වෙලා ගියා. මට බය හිතුනා. පස්සෙ දෙන්නම එකතුවෙලා ආයෙ ආව ඇතුලට.

පොර කියනව පපුව රිදෙනව කියල. ඒ කියල විනාඩි පහක් ගියෙ නෑ"ඔික්-ඔික් "ගාල දැම්ම කබරය එලියට. පස්සෙ කෝම හරි සාජන්ව ගෙනත් මැස්ස උඩින් තියපු මට ඊ ලඟට ලොකූ කක්ක බරක් හැදුනා. ඉවසගෙන හිටියා හිටියා මොන...ඉන්නම බෑ. පඩ යනව හෝ ගාලා. පස්සෙ බැරිමතැන ටැංකියෙන් වතුර බාල්දියකුත් අරන් ඇදුනා පිලිවෙතින් ටොයිලට් එකට යන්න. ගිහින් කලිසමත් ගලවල දොර උඩින්ම දාල වැඩෙි පටන් ගත්තා.

...ම්හු... යන්නෙම නෑ. බර විතරයි. තැටමුව තැටමුව.. ම්හු...කිසිම පතිචාරයක් නෑ. බැරිම තැන අජිත් මුතු කුමාරනගෙ සිංදු කෑල්ලකුත් කිව්වා එතකොටවත් යයිද බලන්ඩ.ම්ම්හු.. ඒත් නෑ. 


යකෝ මෙි සැප දවසෙත් $කේ රැස්පොට් බලන්ඩෝනද කියල හිතල ඊලඟට පුන්සිරිගෙ හිංදි කොපියක කෑල්ලක් මිමිණුවා. මුමුණ මුමුණ ඊලඟට ටිකක් හයියෙන් තැටමුවා. ම්ම්හු... බඩු නෑ.

 එහෙම ටික වෙලාවක් තටම තටම ඉද්දි විනාඩි දහයක් විතර ගියාම  කලුම කලු පාට කරුංකා ගෙඩියක් විතර සයිස් අග්ගිස්ස උල් වෙච්චි රුපියල් දෙකක විතර බෙට්ටක් ඇවිත් මයිල් ගහකත් එල්ලිලා ඔංචිලි පැදල පැදල "ටොක්" ගාන සද්දෙන් පෝච්චියට වැටුනා. ඊලඟට "ටලප් ටලප්" සද්දෙන් රෝල් වෙලා ගිහින් "ජිබුග්" ගාල පෝච්චි වලට වැටුනා. අප්පේ උන්න විදියට මලා මදෑ. බඩටත් හරීම සැහැල්ලුයි. මාත් ඉතිරි කර්තව්‍යය කම්ප්ලීට් කරගෙන කලිසම ඇඳගත්තා. ඔික අඳින්න ගිහින් දෙපාරක් ටොයිලට් එක ඇතුලෙම වැටුනා. බැරිම තැන දොරට හේත්තු වෙලා ඇඳගත්තෙ. 


ආයෙ ආව පොයින්ට් එකට. සාජන් මැස්ස උඩ කෙඳිරි ගානව. එයා ආයෙත් කබරය දාල. මං ලඟට ගියාම "කව්ද" ඇහුව.

*මං පයිවට්ටාරච්චි සාජන්.

*ම්ම්ම්ම්..මොකෑ උම්ම්ම්...ඹ ත්ත්ත්තාම පයිවට් බ්බ්බ්බං.. ඒ ඇහුවෙ මැස්සෙ දිගෑදිලම ඉන්න ගමන් ඔලුවත් පැත්තට හරෝල ඇස් දෙකත් පියාගෙන


*අ..අ...අ..අප්ප්ප්පේ...ස්ස්ස්සීඔි මෙිව පා..පා..පාවිච්චියක් නැතුව ඇති සස්සස්සස්සාජන්..ඒකයි

*හ්ම්... ඒක්..ක..න්න්..නෙම්ම්මෙි උම්ඹ මට ම..ම..ම..මචං කිව්ව න්න්න්න්..නේද බං ඈ..

*හ්..හ්..හ්..හත්තිලව්වෙි ක්ක්ක්කව්දෑ කිව්වෙ.

*ම්ම්ම්ම්..මට්ට්.. ඒ වගේ එකක් ඇ..ඇ.ඇ..ඇහුන  ඒ..වගේ..උම්බ ක්ක්ක්කිව්ව්වෙ න්න්නෑනෙ..

* පිස්සුද සාජන්... ඒම කියනවද බං..

*අන්න්න්න්න්න උඹ ම්ම්ම්..මට්ට්ට්..ට බ..බ..බං කිව්වා..

*ස්සොරි.. ආ..ආ...ආ..යෙ ක්ක්ක්ක..වදාව්ව්ව්වත් ක්..ක්..ක්..කියන්නෑ..ස්ස්සාජන්.. සොස් සොස් සොස්සොරි මං කිව්වා.

ඊට පස්සෙ සාජන් හයියෙන් හිනාවුනා.මාත් හිනාවුනා. ඒක හරියට පැය බාගයක් විතර පැවතුනු හිනාවක්.

අන්තිමෙිට කිව්වෙ..

*උම්ම්ම්බබබ    ම්..ම්..ම්..මගේ ස්..ස්..ස්..සුපිරි භ්..භ්..භ්..භොක්ක්ක්කක් බ්බ්බ්බං.. කියල විතරයි. සාජන්ට එහෙම්මම නින්ද ගියා. එයා නැගිට්ටෙ පහුවදාත් දහයට විතර. ඒත් මට එහෙම නිදියන්ඩ බෑ. ඩියුටි කරන්නත් එපෑ. 


මෙි වෙද්දි රෝඩ් බ්ලොක් හිටපු අනික් එවුන් ඇවිත් නාන්ඩ ගිහින් හිටියෙ. උන් ආවම තමා අපි මෙතන සෙන්ට්‍රි පටන් ගන්නෙ. ඒත් මටනං සෙන්ට්‍රි ඉන්න බෑ. අනිවා නින්ද යනව. පස්සෙ කෝපල්ව බැලන්ස් කරල පොරටත් තේහැඳි තුනක් දීල ලාස්ට් ටර්න් එක දාගෙන නිදා ගත්තා. නිකන්ම නෙමෙි සාජන්ගෙ කෑම එකත් මායි කෝපලුයි දෙන්නම බෙදාගෙන කාල.මං  ආයෙ නැගිට්ටෙ පාන්දර හතරට. හතරෙ ඉඳන් හත වෙනකං පැය තුනක්ම සෙන්ට්‍රි ඉඳල ආයෙ දවස පටන් ගත්තෙ මාත්‍රාව ටිකක් අඩුකරල හැඳි එක හමාරකින්. ඒ ටික ඉවරයි කිව්වම ආයෙත් සේරුවක විතර ලොකු පාර්සලයක් රත්නායක රාළහාමි ගෙනත් මගෙ අතේ තිබ්බා.






රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.10.25

 


෴අවසන් ලියුම෴

================


කවි සහ කතා ලිය ලිය                              රසවතුන්ට

නොමිලේ බෙදන සරසවි දූ                              පුතුන්ට

කරුණක් කියමි හද පතුලට                        දැනෙන්ට

මද කිපිලාලු සමහර වල්                                 සතුන්ට


සමනල් ගැටෙි වැටෙනා තුරු                       මොලේට

කෙරුවෙමි කල්පනා ඉහලම                          තලේට

ලිය ලිය කවි කතා යටි සිත                              බලේට

පල කල නිර්මාන විසිවිය                               කැලේට


අප කල දෙයක් ඇත්නම් එය අපට                   තියේ

එම දර්මයෙන් කිසි දිනකදි එපිට                  නොයේ

අවමංගල්‍ය බෙර තනු තාලයට                         වැයේ

හොඳ ගස් පනය පරඬැල් කඩිසරව                 මියේ


ගොදුරක් සොයා පියඹන ගිජු ලිහිණි               කුලේ

නොදැමුනු එකෙකු ගැන ලතැවී කිමද              පලේ

බළලෙක් නොවෙමි පැහැරූ මට සිලුටු             ගලේ

නොකිපුනු සිතින්මය ඔිකත් බැහැර                 කලේ


හසුවුනි දැනුම බුද්ධිය කන                        සොරුන්ට

දිරවන් නැතිලු ඒවා                                    සමහරුන්ට

නොකියමි දොස් පරොස් මතු ඔවු              නොවුන්ට

බිය විය යුතු නොවෙි කලු                          සමනලුන්ට


ඇති හැකි බැරි නොබැරි කුල මල                බෙිදකම්

ඔලුවෙි තියාගෙන උඩඟුව දීන                              කම්

මිනිසුනි කුමට නිල තල                          අසමානකම්

අස්තිර ලොවෙි ඉමු මරුණය පේන                      කම්


ඉවසාගත නොහී හැකියා දැකපු                       නෙක

ඉවතට විසි කරල බොරු කිව එකය                    දුක

අවසානෙට කියමි මගෙ හිත රිදුනු                      එක අවලස්සනයි කෙල රහිතව ඇරපු                       එක


හැකියා තිබෙි මට වෙනමම                         අසමාන

ඒවැන් වැඩ ගනිමි තව නොබලමි                    පේන

නොදමමි පැත්තකට නිතරම ලියු                     පෑන

මුත් අවසන් එකයි මෙි අටමට                            දාන


සෙනෙහස් සිතින් සිරි සරසවි වැළඳ                  ගමී

මෙතනින් එහා තව කිසිවක්                 නොපවසමී

දන්නෝ දනිති ඒ ගැන මම සතුටු                      වෙමී

එලවන්නට කලින් මෙතනින් පිටව                    යමී




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.10.24

Friday, October 23, 2020

නූපන් පුතුගෙන්

 ෴නූපන් පුතුගෙන් ෴

==================


සෙනෙහස ආදරය උතුරන  කුසට          ඉබෙි

කරුණා ගුණය දැක තරුකැට අතර     ගැබෙි

සැඟවී පැමිණුනද අාදර මව්නි                ඔබෙි

සුකොමළ සිත් කමලෙ  කලබල ගතිය  තිබෙි


සසරේ පුරුද්දට ආදර පුතෙකු                 ලෙස

පිහිනා සත් සයුරු විත් බැස ගතිමි           කුස

නැතිනම් පුතුට මව් සෙනෙහස පුදන   තොස

මොනවා කරන්නද ආපසු හැරෙනු            මිස


පිය පදවියට බියවී මුලු ලොවට            හොරා

නසනට මාව සිව්බඹ විහරණය                ඉරා

බලකළ අයුරු බැලුවෙමි නෙත් කඳුලු     පෙරා

නුඹ අසලකට නොයෙනෙමි කප තිබෙන තුරා


දස පාරමී පුරමින් නුඹෙ ලොවට             මෙමා

වැඩි ඒ දිනේ දිම එළවන කරුන                කිමා

සඳ රාණියේ පව් පුරවා නොගනු                තමා

සිත මායිමෙන් මම යමි, වෙනු මැනවි       සමා


එරුනොත් මෙමා වෙනුවෙන් සුදු කිරට            ළැම

නැළවිලි ගීතයක් මුමුණා මියුරු                          තම

පවසනු මැනවි උතුරන දරු සෙනෙහෙ              එම

විගසින් ලඟට විත් සිත සනසවමි                     මම


ලැබගනු රිසින් ලඟ භවයක සුව           පාසත්

උණුහුම විඳින්නට පිය පදවියෙ           පෝසත් 

මතුවුන දිනක කවදා හෝ ගති            බෝසත්

එමි එමි විගස එමි මතු සෙවනෙහි      සේසත්


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.10.23


Wednesday, October 21, 2020

මධූෂ්


 





සමාදානයේ සැතපේවා මචං.ඉන්න තැනක හොඳින් හිටහං. මධූෂ් උඹ ඇත්තටම රියල් පොරක්. එතකොට මෙයා හිටියෙ මොරටුව පැත්තෙ.

මධුෂ්.. මට එයා ගැන වචනයක් කියන්නම ඔින කියල හිතුනා. මෙික කිව්වම කාකි මහත්තුරු මාවත් කුදලගෙන යයි කියල බය හිතුනත්, අපි අතර තිබුනු යාළු හිත මිත්‍ර කම මත ඔින මගුලක් කියනවාමයි කියල හිතුවා. 

මධූෂ් කියන්නේ මගේ ලඟම හිතවතෙක්. අපි මූනට මූන හමුවුනේ මොරටුවෙිදි. මොරටුවෙි කිව්වට ඉඳිබැද්ද පාරේ කඩලානෙදි. මං ඒ කාලෙ කොළඹ රාජකාරි කලේ. 

එදා මහ කාලකන්නි දවසක්. රෑ හතට ඇති. පුවක්අරඹෙදි, මෙලෝ මිනිහෙකුට වෙන්න එපායැයි කව්රුත් ප්‍රාර්ථනා කරන මහ කරදරේක මං වැටුනා. ඒ මදිවට  හෙන ගගහ වැස්ස. රෑ අට වෙද්දි කොළඹට එන්නත් ඔින. ඇඳගෙන හිටපු ඇඳුම් පවා තෙතයි. ඒ ඔක්කොම හරි කියමුකො. ඒත්  ඒ වෙද්දි මූන දීල තිබුනු කරදරය නිසාත්, රෑ බෝවෙලා තිබුනු නිසාත් මං ගොඩක්  මානසිකව වැටිල හිටියේ.  මොකද රෑ නවය වෙද්දි කඳවුරට නොගියොත් අනිවාරයෙන්ම ඇබ්සන් රිපෝර්ට් කරනවා 

එදා ඒ වෙලාවෙ හැටියට  කරන්න තිබුනු දෙයක් ඇත්නම් ඒ එකම දේ සහ ලබාගතයුතු පිළිසරනක් වෙතොත් කරන්න තිබුනෙ මොරටුමුල්ල පොලිස් ස්ථානයට යන එක. ඒ පොලිස් මෙසේජ් එකක් මාර්ගයෙන් මං යහතින් ඉන්නවා කියල ලිඛිතව කඳවුරට දැනුම් දෙන්න ඔින නිසා. නැත්තං ඇබ්සන් රිපෝර්ට් කරනවා.මෙි පාරෙ ඒ කාලෙ බස් තිබුනෙ නෑ.  කිලෝමීටර් කිහිපයක් පයින් යා යුතුයි.  නන්නාඳුනන පලාතක අඳුරන කාත් කවුරුවත් නැතිවුනාම ඔිනෑම කෙනෙක් අසරණ වෙනවා. මටත් ඒකමයි වුනේ.  ඔහොම මහ වැස්සෙම මොරටුමුල්ල පොලිසියටවත් යනව කියල හිතාගෙන තෙමි තෙමි යද්දි මගදි කණ්ණාඩි මෙිසෙකුත් කරේ තියාගෙන ඉස්සරහට එන පුද්ගලයෙක් හමුවුනා. වෙලාවෙ හැටියට මම එයාගෙන්වත් පිහිටක් බලාපොරොත්තුවෙන් කතාකලා. 

*මං කියන්නං වැඩක්. ඔිකට අහවල් තැනට ගිහින් අහවලාව හම්බවෙයන් මල්ලි. මෙි ඒරියා එකේ මෙි වෙලාවට වෙන කව්රුත් ඔිවට අතගහන්නෑ.

*ඒත් මෙහෙ මං පාරවල් දන්නෑනෙ. කොහොමද හොයාගන්නෙ.

*මං පාර කියන්නං. උඹ ආපහු හැරිලා මෙන්ඩිස් ලේන් එක පැත්තට පලයන්.  කමහ්නෑ මහන්සි නොබල ඔහොම්මම පලයන්. ඔිනම කෙනෙක්ගෙන් අහපන් මොරටු සමන්ගෙ ගේ කෝකද කියල. ගෙනිහින්ම දායි. ඒත් උඹ එහෙම යන්ඩ එපා. පාඩුවෙි පලයන්. ගිහින් කියපං "සාන්ත" එව්වෙ කියල. වැඩෙි කරල දෙන්න කියහං . මගෙ නම්බරේ ගහගනින් පෝන් එකේ. අවුලක්වුනොත් කතා කරහං.
හිටපු විදියට මලා මදෑ. මාත් ඒ "සාන්ත"ට පින් දිදී තවත් වෙලාව යවන්නැතුව ඉක්මන්පයින් ඔහු කිව්ව මං සලකුනු ඔස්සේ දිගටම ආව. ඇවිත් ඒ වෙලාවෙ දොරක් ඇරල තිබුනු ගෙදරක සාලෙ ඉඳගෙන හිටපු කෙනෙක්ගෙන් නැවත විස්තරේ කියල පාර ඇහුවා.
*මල්ලී. මධූෂ් කාරයනං මෙි වෙලාවෙ ටිකක් ගසල ඉන්නෙ. ඔිවට අතගහයිද කියලනං දන්නෑ. හැබැයි උඹට වෙච්චි දේ කියල වෙන්න  ඔිනදේ කියහං. එතකොට පුලුවන් මොකක්හරි කරල දෙයි.
*තෑන්ක්ස් අයියෙ.

මාත් දෙගොඩතලා යන සිතිවිලි මැද නිළමැස්සෙක් ජරාගොඩක් පස්සෙ පියාඹා යනව වගේ වෙිගෙන් මෙි "මධූෂ්"ව හොයාගෙන ආව. මෙයා මෙි ඒරියා එකේම ඒ කාලෙත් හරි ප්‍රසිද්ධයි. 
මූන පුරා වැවී තිබුනු රැවුල සහ කොණ්ඩෙ ගානට කපල. සුදුයි ටිකක් විතර. හැබැයි ඔිනම කෙනෙකුට පිහිටවීමෙි උතුම් මනුස්ස ගුනාංගය මෙයාගාව තිබුනා. ඒක අපරාදෙ කියන්න බෑ. මං ගිහින් ඔහුව හමුවෙලා වෙච්චි අකරතැබ්බෙ කිව්වා. පස්සෙදි මට ගේ ඇතුලට එන්න කිව්වා. ඇවිත් ඉඳගන්නත් කිව්වා. ඒ කිව්වෙ කවුද මන්දා වැඩිහිටි ගැහැණු කෙනෙක්. අම්ම වෙන්නත් බෑ. සමහරවිට අක්කා කෙනෙක් වෙන්නත් ඇති. හැබැයි අර මනුස්සය කිව්ව වගේම මදූෂ් කරටි කැඩෙන්න ගහල හිටියෙ. ඒ තත්තෙන්ම ඉඳගෙනත් මොකද්ද වෙන්න ඔින මචං කියල මගෙන්  ඇහුවම, මට පොඩි විශ්වාසයකුත් ඇතිවුනා මිනිහ ගැන. මාත් අවශ්‍යතාවය කිව්වම පොර ටිකක් විතර කල්පනා කරල කිව්වා "හරි,වැඩෙි කරල දෙන්නං.මං සාමාන්‍යයෙන් බිව්වට පස්සෙ ඔිවට අත ගහන්නෑ දන්නවනෙ මල්ලි, ඒත් උඹ මගේ ගමටමත් ඇවිත් මගේ ලඟටමත් ඇවිත් කිව්වට පස්සෙ කර අරින්නත් බෑනෙ. හරි ටිකක් හිටහංකො වැස්ස අඩුවෙනකං"  කියල පොර කිව්වා. මටත් ඇත්තටම සතුටුයි. 

හිතුවටත් වඩා හොඳට එදා පොර වැඩෙි කරල දුන්නා. එදා එතැනින් ආරම්භවුනු අපේ හිතවත් කම පොර මැරෙනකම්ම තිබුනා. මගේ රාජකාරි වැඩවලටත් පොර ටික ටික සපෝර්ට් කලා. ඒ මිනිහෙක් හොයාගන්න,කෙනෙක්ගෙ විස්තර දැනගන්න,පලාත ගැන වගේ දේවල්. 

මධුෂ් මැරුණා කිව්වට පස්සෙ මට අදහගන්න බැරුව ගියා. ඇත්තටම පොර ඔය විදියට මැරෙන්න ඔින එකෙක් නෙමෙි. මෙි පාදඩ සමාජ ක්‍රමයයි ඔහුව මත්ද්‍රව්‍ය සහ අරක්කු වලට පුරුදු කලේ. උගෙන් ඔින තරම් වැඩ අරගන්නත් ඊට පස්සෙ අතෑරලදාන්නත්  මිනිස්සු ඔින තරම් හිටියා. තමන්ට "පුරුදු රස්සාවනේ" කියල අතට කීයක් හරි වැඩිපුර එන හිංද මධූෂ් අයියා මෙි රස්සාවම කරගෙන ඉන්නවා කියල හිතන්න ඇති. හැබැයි එකක්. මෙච්චර ඉක්මනින් මැරෙන්නෑ කියලත් හිතාගෙන ඉන්න ඇති. ඒත් මචං මරණය අපිව හඹාගෙන එන දින කාල ඝණය දෙයියන් බුදුන්ටවත් කියන්න බෑ.ඒකයි ඇත්ත. හැබැයි උඹෙි  මනුස්සකම  මදි නොකියන්න තිබුනා.ඒක මං කාටත් වැඩිය හොඳට දන්නවා. උඹ මට උදව් කරපු හිංද නෙමෙි. මං ඒක හොඳටම දැනගත්තෙ දිගින් දිගටම උඹව ආශ්‍රය කරන්න පටන් ගත්තට පස්සෙ.  ෆිට් එක කොච්චරද කියනවනම් මං ඒ පලාතෙ වැඩකට යනවනම් අනිවාරයෙන්ම පොරගෙ ගෙදරටත් ගිහින් අනන්තවත් කාල තේ බීල ගිහින් තියෙනව. පොර මට කතාකලේ කටපුරා නම කියල. මට ටිකක් වැඩිමල් උනත් උඹ,මචං,අඩෝ, හිකනලා,කාලකන්නියා කියන වචන තමා මගෙ කටින් ගොඩක්ම පරිහරණයවුනේ. සමහර වෙලාවල්වලට මලපැන්නම පොර මාත් එක්ක ඇරගන්නත් එනවා. මට කුනුහරපෙනුත් බනිනවා. එතකොට මං කතාකරන්න යන්නෑ. හැබැයි ඊලඟ තත්පරේ ඒ සේරම අමතක කරල "මචෝ" කියන්න පුලුවන් මානසිකත්වය එයා ගාව තිබුනා. සමහර දාට පොරත් එක්කම නන්නස්තාර වෙනකං  බීල බීල එහෙම නිදාගෙන ඉඳල ගිහිනුත් තියනවා. 
ඇත්තටම පොර ඒ වෙද්දි බැඳල හිටියෙ නෑ. අක්ක ගෙදර හිටියෙ. ඒකි නං තාමත් බැඳල නෑ මගෙ හිතේ.  එදා මහ වැස්සෙ පොර හොයාගෙන ආපු වෙලාවෙ "දැන් බෑ" කියලවත් කිව්වනං හොඳ මිනිහෙක්ගෙ ආශ්‍රය නිකන්ම මගහැරෙන්න තිබුනා. 

එදා වැස්ස පායනකං හිටියට ඒක පෑව්වෙ නෑ. බැරිමතැන වැස්සෙම ගේ ඇතුලට බයික් එක අරං  ඇක්සලේටර් කේබල් එක හදල නුදුන්නනං මට බයික් එක දාලවත් එන්න තැනක් එදා එහෙ තිබුනෙ නෑ. ආයෙ එහෙනං මොරටුව පොලිසියටවත් යන්න වෙනවා මෙික දාල යන්න. මෙි පලාතෙම බයික් ගේන්නෙ පොරගාවටලු. වැඩකට අයකරන ගානත් අඩුයි.මගෙ බයික් එකෙත් කාබියුලේටරේ අවුලක් වෙලා පස්සෙ දවසක හදල දුන්නා සල්ලි ගත්තෙත් නෑ. ආන් එහෙමයි මධූෂ්. හැබැයි පොර බීලමයි මැරුනෙ. පස්සෙ මගේ බයිකෙ සුපිරියටම හදල දුන්නෙත් පොරමයි. 

යටින් මෙයාගෙ පොටෝ එක දැම්මෙ නිකන්. මෙයාත් මධූෂ් හිංද. මුං වගේ එවුන්නං මැරෙන්නමයි ඔින. 

ඇත්තටම මගෙ ආදරණීය යාලුවනේ මධූෂ් කිව්වම හොඳ අයත් ඉන්නවා.සමාදානයේ සැතපේවා මධුෂ් කනංකේ...ඉන්න තැනක සතුටින් හිටහන් මචං.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.10.21

































Sunday, October 18, 2020

ස්කූටි නංගියා

 ෴ස්කූටි නංගියා෴

=================




ඇඳගෙන බිලවුසයක් සායක් හිරට                හිරේ

ඉස්කූටරේ ඉඳගෙන සිනහවට                         බරේ

දුරකතනයත් දෑතට ගෙන මුකුලු                  කෙරේ

කෙල්ලක් දුටිමි ටවුමට යන අතර                   තු⁣රේ


වැසි ඇද හැලෙන එක මෙි දිනවල               තත්තේ

කොහොමින් හරි අදත් ටවුමට යා                යුත්තේ

නොතෙමී ඉන්න නම් අම්බලමකි                ඇත්තේ

නැවතී යන්න මෙහි, බලකෙරුනය

චිත්තේ


ඇය ඉස්කූටරේ සිංහාසනය                                  මැද

හිඳ මට පේන්නට දුරකතනයද                            ඇද

කයියක් පටන්ගෙන ඈ ඒ අතර                           මැද

පද්දයි නිතර දෙකකුල් හා පිරුනු                         බඳ


දෙකකුල් පලල් කරගෙන හිනැහෙන            වානේ

එමගින් බිඳී යයි මගෙ සරසවි                           දෑනේ

ඉරියව් හැඟී ගිය ගතියක් නැත                        මූනේ

දුටුවෙමි අසිරියක් ඒ නවදැලි                          හේනේ


සිසිලස දැනී තෙත සුළඟින්                           ගෙනාව 

විගහින් නැවතුනා මූනෙහි                               හිනාව

මා දුටු බව දැකල දැනගෙන                              මනාව

පිටවී ගියා වැස්සෙම දා                                      පනාව 


ටවුමට යන්න ගොස් ඒ මැද දවල්                    පැයේ

දුටු දසුනකින් නාඹර මට අවුල්                          ගියේ

ඔරුවක් නොමැතිමුත් පදිනට, හබල්              තියේ

ගැහුනා පැයක් රන් සුරයත් අඟල්                    හයේ



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.10.18





Friday, October 16, 2020

අරනායක නාය යෑම

 ඒ 2016 අවුරුද්ද. මතකනේ අරනායක නාය ගියපු සිද්දිය. අහිංසක මිනිස්සු බරගානක් පන පිටින් වළලා දමමින් ස්වභාව ධර්මයා විසින් අපිට ඉතුරු කරපු ඛෙිදනීය මතකය. ඒ වෙද්දි මං සබරගමුව පලාතේ උසස්ම හමුදා මූලස්ථානයේ සංඥා අංශය භාරව තමා කටයුතු කරමින් හිටියේ.


ඒ දවස් ටික මහ අමුතු විදියට ගෙවී ගියේ. දින ගණනාවක් තිස්සේ සීමාවක් නැතුව ඇදහැළුනු ධාරානිපාත වර්ෂා රැල්ල නිසා අපිත් ටිකක් වික්ෂිප්තභාවයට පත්වෙලා හිටියේ. ඒකට එක් හේතුවක් වුනේ අපේ කඳවුරේත් කොටසක් නාය යෑමෙි තර්ජනයට ලක්ව ඇතැයි කියමින් අපිට ඇවිත් තිබුනු රාජ්‍ය ආයතනවලම ලිපි නිසා. අනෙක  සබරගමුවට වැටෙන මෙි වැසි වටයක් අවසන්වන්නේ ඛේදාන්තයකින් යන්න අපිත් හොඳහැටි දැනගෙන හිටපු නිසා. ඒ වෙද්දි දවස් කීපයක් තිස්සේ පැවති වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් බළසේනා මෙිජර් විසින් මට විශේෂ රාජකාරියක් පවරනු ලැබුවා.  ඒ මාතලේ පිහිටි 8වැනි ගජබා රෙජිමෙින්තුව, දියතලාව ස්ථානගත 1 වැනි ගැමුණු හේවා බළඇණිය ඇතුළු සබරගමුවෙි ස්ථානගත සියළුම හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන සමග නිතරම සම්බන්ධතාවය පවත්වා ගනිමින් දවසකට සිව් වතාවක් ඒ ඒ කඳවුරු සහ පොලිස් බලප්‍රදේශ යටතේ ඇති ප්‍රදේශයන් හි වත්මන් තත්වය දැනගෙන ස්ථීර කරගෙන නිතරම ඔහුව දැනුම්වත් කිරීම හා බිඳවැටෙන සංඥා සම්බන්ධතා කෙසේ හෝ කඩිනමින් යථා තත්ත්වයට පත්කර ගැනිම. ඊට අමතරව ආපදා ඇතිවිය හැකි යැයි අනුමාන කෑගල්ල, දෙහිඔිවිට, වරකාපොල,රුවන්වැල්ල, දැරණියගල, අරනායක,මාවනැල්ල, රත්නපුර, බලංගොඩ, ඇඹිලිපිටිය ආදී සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් සමග නිතරම සම්බන්ධතාවය පවත්වාගැනීම. කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික් දෙකේම ආපදා කළමණාකරණ රාජකාරි සහ හදිසි ගලවාගැනීමෙි රාජකාරි ඉටුකිරීම අපිට යුධ හමුදා මූලස්ථානයෙන්ම පවරලයි තිබුනේ. මෙි සිදුවීමට දවස් දෙකකට කලින් දෙහිඔිවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ප්‍රදේශයක නාය යාමක් හා ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබුනා. ඒ සිදුවීමෙන් කිහිප දෙනෙක් මිය ගිහිනුත් තිබුනා. ඒ වෙද්දි අපේ කණ්ඩායමක් හා කොස්ගම හමුදා කඳවුරෙන් පැමිණි හමුදා කණ්ඩායමක් එහි අවශ්‍ය කටයුතු වල නියැලී  සිටීම නිසා  ඒ පැත්ත වැඩිදුර හෙවීමට මට අවශ්‍ය නොවුනේ ඔවුන් විසින් ඉඳුරාම බළසේනා මෙිජර් සමග සම්බන්ධතාවය පවත්වා ගනිමින් අවශ්‍ය උපදෙස් ලබාගන්නා නිසා.  


මෙිකට වැදගත්ම හේතුව වුනේ යම් හදිසි තත්ත්වයක් යටතේ විපත්තිදායක තත්ත්වයක් කොතැනක හෝ ඇති වුවහොත් තත්පරයක කාලයක්වත් ප්‍රමාද නොවී විපතට පත්වූවන් ගලවා ගැනීම අපේ ප්‍රධාන වගකිමක් වෙලා තිබුනු නිසා. එවකට මාතර ස්ථානගත අපේ ඉහල මූලස්ථානය වූ 58 වන සේනාංකයත් ගංවතුරෙන් යට වෙලා තිබුනු වකවානුවක් නිසා හැම දේකටම එතැන්ටම කරදර කිරීම නුසුදුසු බැවින්, අපගේ බළසේනාධිපතිතුමන් වූ මෑතක මෙිජර් ජෙනරාල් නිළයට උසස්වූ ⁣එවකට බ්‍රිගේඩියර් හත්නාගොඩ තීරණය කර තිබුනේ මෙි වගකීම තමන් දෙඋර මතට ගෙන දිස්ත්‍රික්ක දෙකේ යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් තමන් යටතේ සිටින භඨ පිරිස් ප්‍රමාණයෙන් පමණක් ඒ සඳහා රාජකාරි ඉටුකරවා ගැනීමටයි. නමුත් මෙි සිදුවීම මුලින් සුළු එකක්යැයි අනුමාන කලද රැය උදාවන්නට උදාවන්නට එහි තිබූ බැරෑරුම්කම හා බරපතල ඝනයේ ආපදාවක් බවට පත්වීම මත පිට ප්‍රදේශ වලිනුත් හමුදා සෙබළුන් ගෙන ඒමට මෙහිදී සිදුවුනා. 


මෙි වෙද්දි ඇති සවස තුනට විතර.(දැන් මතක විදියට) සුපුරුදු පරිදි මමත් හවසට නිවෙස් වලට ගිහින් උදේට කඳවුරට එන සහෝදර සෙබළුන්ගෙන් ඒ ඒ ප්‍රදේශවල තත්ත්වයන් විමසීම පුරුද්දක් කරගෙන හිටපු නිසාම අරනායක කිට්ටුව ඉඳන් කඳවුරට එන එදින නිවාඩු හිටපු කෝප්‍රල් කෙනෙක් ඇඟේ මයිල් ඉස්මයිල් වෙන ආරංචියක් පැවසූවා.කරුමෙි කියන්නේ ඒ වෙලාව අපේ දුරකථන ජාලය හා ගුවන්විදුලි යන්ත්‍ර උපරිම බිසී වෙන කාල පරාසයක්. මගේ දුරකතනයේ මිස් කෝල් දා හතක් තිබුනා. මං ඒක වැඩ කරන වෙලාවට සයිලන්ස් දාල තියෙන නිසා ඇමතුම් 17ම මිස්ම වෙලා ගිහින් තිබුනා. පොඩි විවෙිකයක් ලබා ගැනීමෙි අදහසින් වැදගත් ලියුම් ෆැක්ස් කිරිම,ඊ මෙිල් කිරීම හා තත්ත්ව වාර්ථාවන් ලබාගැනීම මා යටතේ සිටි  සාසෙ චමින්ද කුමාරට පැවරූ මම, මොහොතක් ක්‍රියාන්විත මැදිරියෙන් එලියට ඇවිත් දුරකතනය බැලුවා. මිස් කෝල් 17ක්. නාඳුනන නම්බරයක්. මාත් කලබලයෙන්ම ඒ නම්බරයට ආපහු කෝල් එකක් ගත්තා.

* හෙලෝ කව්ද මෙි.

*මං අහවලා, කෝල් වගයක් අරන් තිබුනා.ඒකයි බැලුවෙ. කරුණාකරල කව්ද කියන්න පුලුවන්ද මෙි.

*සර් මං අහවලා. හදිසි පණිවිඩයක් කියන්න ගත්තේ. මං වෙන කාටවත් කියන්න ගියේ නෑ. අපේ එක්කෙනෙක් අද අරනායක අමුතුයි කියල කතාවක් කිව්වා. හරියටම මුකුත් දන්නැති නිසායි කාටවත්ම කිව්වෙ නැත්තෙ කියා එහා පැත්තෙන් පිළිතුරු ලැබුනා. 

මාත් එයාගෙන් සම්පූර්ණ විස්තරේ අහ ගත්තා. අහගෙන කෑගල්ල ආපදා කළමණාකරන ඒකකයට කතාකලා. එතනටත් ගුවන් විදුලි යන්ත්‍රයක් අටවලා දුන්නෙ මම, මාදන සහ චමින්ද කුමාර.ඇන්ටනා දාල වහක් කාල ගස් නැගල තමා ඒකත් හැදුවෙ.

ආපදා කළමණාකරන ඒකකය ඒ වෙද්දි කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ. මාත් මෙික හිතේ තියාගෙන යාලුවට කතා කරල කිව්වා එයාට පනිවිඩෙි කිව්ව කෙනත් එක්ක දිගටම සම්බන්ධතාවය තියාගෙන වරින් වර මට කියන්න කියල. එයත් ඒක සතුටින් භාරගත්තා. 


සවස හතර වෙද්දි ආයෙ කෝල් එකක් ආවා. ඒකෙන් කියවුනේ අරනායක කන්ද (නාය ගියපු කන්ද) සම්පූර්ණයෙන් මීදුමින් වැහිල කන්ද මැද්දෙන් ගලන ඇලත් වෙනස් වෙලා එක එක සද්දත් ඇහෙනවා කියල. මං ඒක ගිහින් හැකි ඉක්මනින්ම බීඑම්ගේ කනේ තිබ්බා. ඒ කියල අපේ ඉන්න කට්ටිය ඔිනෑම අවස්ථාකට උචිත පරිදි සූදානම් කරන්න ඇවැසි නිසා අද ගෙවල්වල යන්නත් එපා කියල ඉන්න ඔක්කෝටම කාර්යාලය ඉදිරියට ඇවිත් පෙළ ගැසෙන්න කියා උපදෙස් නිකුත් කර ඒ සියල්ල කල බැව් බීඑම්ට දැනුම් දෙන්න යන අතර මගදි ආව යාලුවාගේ ඊලඟ ඇමතුමෙන් කියවුනේ අරනායක කන්ද නාය යනව කියල. මෙි කන්දෙ නම වෙන එකක්. ඒ නම අද මට මතක නැහැ.


එතනින් පටන් ගත්තු මෙි ව්‍යායාමය පුරා සති තුනකට ආසන්න කාලයක් ලංකාවෙි වැඩිම පිරිසක් පන පිටින් වැළලුනු අරනායක තමා හිටියෙ. අපිත්, 8වන සිංහ රෙජිමෙින්තුවත් එසැනින් අවශ්‍ය සියලුම දේවල් අරගෙන අරනායක යන්න පිටත්වුනේ ඉතාම සුළු කාලයක් ඇතුලත. ඉස්සරහට එන්නේ රාත්‍රී කාලය. කියන්න ආඩම්බරයි අපේ කොල්ලො අපිම දෙනකම් ඉන්නැතුව තමන්ගේම සල්ලි වලින් ටෝච්, ඒවාට බැටරි,ගෙවල් ලඟ ලඟ අය අවශ්‍ය ආයුධත් එක්රැස් කරගෙන එහෙට යන්නත් ගියා. එතන මට වුනේ මහා ඛේදයක්. හැකි ඉක්මනින් ඒ කිට්ටුව තිබ්බ ඉස්කෝලෙක කුියාන්විත මැදිරියක් පිහිටුවීමටත්, ඉහල සහ පහල මූලස්ථාන හා  ගලවාගැනීමට යන අය සමගත් සම්බන්ධතාවයන් පවත්වා ගැනීමට කුමක් හෝ සැලසුමක් සකස් කරගැනීමට හැකි ඉක්මනින් කටයුතු කරන ලෙස අණ කල බළසේනාධිපතිතුමා අපි යන්නටත් කලින්ම ඒ තැනට ගියා. පාන්දර කිට්ටු වෙනකොට ඉහටත් උඩින් මගේ කර්තෘව්‍ය සම්පූර්ණ කල මා ඉස්සෙල්ලාම කතාකලේ 58සේමු කර්නල් ජීඑස් තුමාට. ඒ, එතුමා මගේ හිටපු කණ්ඩභාර නිළධාරියෙක් වීමත්,මගේම ඒකකයේ වීමත් සහ ⁣පසුදාට තවත් මෙි ක්‍රියාන්විත මැදිරියේ සම්පූර්ණ කලයුතු උපාංග ලබාගැනීමෙි කටයුතු ලේසිකර ගැනීම වෙනුවෙන් උපදෙස් ලබාගැනීමත් සඳහා.එතෙක් මෙි වෙනුවෙන් අන්තර්ජාල පහසුකම් ලබා දුන්නේ මගේ පුද්ගලික ලැප්ටොප් එක හා වැඩි මුදලක් වැයකර රීලෝඩ් කල මගේම ඩොංගලය හරහායි. පසුව මන්දගාමී ජාලය වෙිගවත් කර ගන්න කියල සහෝදර සෙබළෙකුගේ පුද්ගලික වයිෆයි රවුටරයක් මෙි වෙනුවෙන් පරිත්‍යාග කෙරුනා. මෙි උපාංග හා පහසුකම් හමුදාවෙි ඔින තරම් තිබෙනවා උනත් ඒවා ලැබෙන තෙක් අපි කවදාවත් කොතැනකවත් බලා හිටියේ නෑ. හබකෙන් බැරිනම් කෙමනෙන් හරි වැඩ ගැනීම අඩු සම්පත් ලාභී අපේ හමුදාවෙි අපේ වගකීමක් ලෙසයි අපි නිතරම හිතුවෙි.


එතෙක් විපතට පත්වූවන් බෙිරගන්න ගිය අය සමග සම්බන්ධතාවය පවත්වාගැනීමට මෙතැන තිබුනු සම්පත් ප්‍රමාණවත් වුනා. රෑ දහය එකොලහ වෙද්දි අනෝරා වැස්සේ තෙමි තෙමී අඩුම වශයෙන් රෑ බඩටවත් නොකා පිරිසිදු වතුර පොදක්වත් නැතුව 8 සිංහ ඒකකයේ නිළධාරි සෙසුනිළයින් සහ අපේ බළසේනාවෙි සෙබළුන් කණ්ඩායම් දෙකක් විපතට පත්වූවන් ගලවාගන්න උපරිම උත්සාහයක නිරතවුනා. බෙිරිලා හිටපු අය ඉස්කෝලෙට ගෙනත් දාන කට්ටිය ඒවත් ඉවර කරලා තවත් විපතට පත්වූවන් සොයා බෙිරාගැනීමෙි ක්‍රියාන්විතයට නැවත නැවත එකතුවුනා. අකුණු ගහන වැස්ස,ගලායන වතුර මැද, දණක් එරෙන මඩෙි කූඩැල්ලන් පොදි පොදි වලින් දිගටම බැටකමින් තමන්ගේ ජීවිතත් පරදුවට තියල තවමත් නාය යාමෙි අවදානමක් තියෙන භූමි කොටසට ඇතුල්වෙලා අන්තිම හුස්ම පොද දක්වාත් තමන් කව්රුන් හෝ පැමිණ බෙිරා ගනීවි යන බලාපොරොත්තුවෙන් පන නල අල්ලන් හිටපු මිනිසුන් සොයා ඔවුන් අඟලක් අඟලක් නෑර ඇවිදිමින් සොයමින් ගියා.  කෑ ගැසීමෙන් හා ටෝච් එළි මැද කෙරෙන මෙි ක්‍රියාන්විතයට විදුලිය තිබුනේ නෑ. ඒවා ඇන හිටලා. ළමයෙක් ලැබෙන්න හිටපු කාන්තාවක් මිය ගිහින් හිටපු ආකාරය දැකපු මගේ ඇස් දෙකට කඳුලු ආවෙි හෝ ගාලා.  ඒ දුකනං ඇත්තටම ආයෙ කවදාවත් ලැබෙන්න එපා. 


එසේ විශාල සංඛ්‍යාවක් පහුවදාට එලිවෙද්දි හමුදාවත් ගුවන් හමුදාවෙි හෙලිකොප්ටරයක් විසිනුත් බෙිරාගන තිබුනා. පහුවදා උදේ අට වෙනකොට පස්වලට බාගයක් යටවෙලා හිටපු කීප දෙනෙකුත්, කොටුවෙලා හිටපු ගැබ්බර සුනඛ ධෙිනුවකුත් බෙිරගන්න මෙයාලාට හැකිවුනා. එසේ ඇරඹි මෙි ක්‍රියාන්විතය සති තුනකට ආසන්න කාලයක් පුරාවටත්, අන්තිමෙිදී මිහිදන් වෙච්චි ඒවත්, ඒවගේ ශරීර කොටස් වශයෙනුත් ගෙනත් දැමුවා. ඒ වෙද්දි ඒවා නරක් වෙලා. පළාතම ගඳ. පස්සෙ රජයේ ඉහලම තනතුරකින් මෙික නවත්වන්න කියල අණක් ආවට පස්සෙ තමා නැවතුනේ. 


මෙි සංග්‍රාමය නිසා මට ජීවිතේට අමතක නොවන සංවෙිදී සිදුවීම් කිහිපයක්ම අත්විඳින්න ලැබුනා. එකක් තමයි අර ගැබිනි මව.

එකක් අම්මටම තුරුල්වෙලා පන පිටින් වැළලී ගිය අම්මෙකුගෙයි පුතෙකුගේයි සිරුරු. අවුරුද්දක් එකහමාරක් විතර වයසැති පොඩි එකා අම්මගේ පපුවට පියයුරු මැද්දෙන් ඔළුව තියාගෙන හිටියෙ. අනෙක් කාරණය අපේම සහෝදරයෙකුත් ඒකෙන් මිය ගිහින් අපි නැවතිලා හිටපු ඉස්කෝලෙ ආසන්නයේ තිබුනු කනත්තක පූර්ණ හමුදා ගෞරවය සහිතව මිහිදන් කිරීම. 

තව එකක්, වයසක අම්මෙකුයි තාත්තෙකුයි සුනඛයෙකුයි තමාගේ ඉඩමෙනුත් භාගයක් නාය ගිහින් තිබිලත් මෙහා පැත්තට එන්න බැරුව කොටුවෙලා සාලය මැද ලාම්පුවක් පත්තු කරාගන බලාපොරොත්තුවෙි දෑස් දල්වාගෙන "අපි හමුදාවෙි, කව්ද ඉන්නේ" කියල කෑ ගහල අහද්දිත් "අනේ පුතේ අපි ඉන්නෙ.එන්න විදියක් නෑ" කියලත් එයාලාව පස්සෙ බෙිරගන්න කියල අනෙක් අයගැන බලන්න කිව්ව කතාව. තව එකක් තියෙනව. ඒ තමන්ගෙ දුවගෙ උපන් දිනයට මාස එකහමාරකින් නිවාඩු ආපු අපේ සහෝදර සෙබළෙක්, උපන්දිනය සමරන සුරතල් දියනිය නිසා පවුලම බෙිරිච්චි එක. එදා තමන්ගෙ උපන් දිනේට දුවට බෝනික්කෙක් ගේන්න බැරි වෙච්චි තාත්තා හවස ඒක ගෙනත් දෙන්නම් කියද්දිත් ඒකම ඉල්ලලා "දැන්ම ඔීනෑ" කියල අඬද්දි බෙිරෙන්න බැරි තැන අම්මයි දුවයි අරගන මාවනැල්ලට යන්න එද්දි කන්ද පාමුලදිම තමන්ගේම ගේ දොර ඉඩකඩම් යට කරගෙන මුලු ගමම නාය යාම. ඒ කතාව මට කිව්වෙ එදින හවස වෙන කෙනෙක්. 


වැදගත්ම එක තමා හිටපු තැනත් නාය යාමට ආසන්න වෙද්දීත්, පහල නාය යද්දිත්, දුවල පන බෙිරගන්න ඔින තරම් අවස්ථාව තිබියදීත් එසේ නොකර තමන්ගේ සහෝදර ජනතාව බෙිරගන්න යැයි කියා නාය යාම ගැන මුලින්ම කෑගල්ල ප්‍රාදේශීය ලේකම්ට දැනුම්දුන් ඒ ගමෙි ආර්ථික සංවර්ධන නිළධාරි, ඒ පණිවිඩය කියනවත් එක්කම නාය යන කොටසට වැටී පන පිටින්ම වැළලීයාමෙි සිද්ධිය අමතක කරන්නම බෑ. මොකද තාමත් ඒ වගේ මිනිස්සු මෙි සමාජයෙන් වඳ වෙලා ගිහින් නෑ කියන එකට ඒක හොඳම උදාහරණයක් නිසා. 


නාය යාම සිදුවුනු දාට පහුවදා වෙලාව හරියටම සවස පහයි කාලයි. අනෝරා වැස්සක් වැහැලා පෑව්වා විතරයි. ඒ මුලු කන්දම විශාල ඝන මීදුමකින් වැසීගියා. අපිට ඇහුනේ හරියට චොපර් එකක් පොල් ගස් කරටි වල ගෑවි නොගෑවි යන තරම් පහතින් ගමන් කරන සද්දයක්. ඊලඟට කන්දේ තවත් විශාල කොටසක් නාය යන විදිය සියසින් දැකගන්න අපට පුලුවන් වුනා . ඒ වෙද්දි අපේ භඨ පිරිස්වල කිහිප දෙනෙක් හිටියේ හරියටම ඊට යටින්. නමුත් වාසනාවකට අපේ කට්ටිය  දුවල බෙිරැනා. ඒ කලින්ම කව්රු හරි මෙික දිහා සැකෙන් බලන් හිටපු නිසා. එතනින් පස්සෙ විපතට පත්වූවන් සොයන අපේ අයගෙත් ජීවිතාවදානම ඉහලම ප්‍රතිශතයක් ගත්තා. 


මිය ගිය සහ බෙිරගත්තු අය පහලට ගේන අපේ කොල්ලො ඒ කටයුත්තෙන් පස්සෙ කරන්නෙ පැත්තකට වෙලා භූමිතෙල් ඩීසල් දාල ඇඟ හෝදන එක. සමහරු සබන් උලන එක. ඉන් පස්සෙ බිමට වැටෙන්නෙ කූඩැල්ලන් තලි තලි. ⁣කූඩැල්ලන් කාල ලේ නොගලපු කෙනෙක් ඒ අතරේ හිටියෙම නෑ. වැස්සෙ ලඟට ගිහින් දෙන කෑම එක කෑවෙ කඩාගත්තු හබරල කොලයක් ඉහිලව ගෙන. අපි නම් නොකෑව ගානමයි. දවසට එක වෙිලක් කන්න ඇති. ඇත්තම කතාව කන්න බෑ. අන්තිම හරියෙ මෙි නායගියපු මඩ ගොඩෙි යටවුනු අය හෙව්වෙි ඉනක් තරම් මඩෙි එරි එරී පොලු වලින් බිමට ඇන ඇන ගිහින්. 


මෙි විපත මැද හරියේදි මෙතනට ආපු එවකට අගමැතිතුමත්, හිටපු ජනාධිපති මහින්ද මැතිතුමත් අපිත් එක්ක සුහදව කතාකරල ගියා. අපිව ඉහලින්ම ඇගයූවා. 

  අතීතයක වැළලී ගිය ඒ කතාව නිසා හා දක්වපු කැපවීම අගය කරනු වස් හොඳක් අහල ලැබුනු තුන්වෙනි ලිපියත් මගේ පුද්ගලික ගොනුවට වැටිලා, පෙනි පෙනී තිබී නොපෙනී ගිය නිළයක් ස්ථිර වශයෙන්ම ලැබෙන්න ඒ ලිපියත් හේතුවක් වුනා කියල පස්සෙ ඒකකයෙන් මට දැන්වූවා. ඒ අනුව හරියටම මාස දෙකකුත් දවස් කිහිපයකදි බළලත් නිළධාරි 11 නිළය දක්වා මා උසස්වීම් ලැබුවා.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.10.15


Tuesday, October 13, 2020

සාම්පූර් පිස්තෝල කොටි නායකයා

 මෙි කතාව වෙන්නෙ කල්ලාර් සෝමපුර. සෝමපුර කිව්වට ඊට ටිකක් දුර මූතූර් පාරේ කිලෝමීටර් නවයක් විතර දුර. මෙි කතාවටනම් මං සම්බන්ධ නෑ. අනුන්ගෙ එකක් වුනත් කියන්න හිතුනු නිසා ඔන්න ලියල දැම්මා. 


අපේ හිංගලය කියන්නෙ මෙි ලෝකෙ ඉන්න මහ අමන පසික්කාඩු ජාතියක්. ලෝකේ අනෙක් රටවල්වල තමන්ගේ මිනිස්සු යුද්ධයක් කරද්දී තමන්ගේ මිනිහාටයි අපේ මිනිස්සු ⁣තමන්ගේම සොල්දාදුවන්ටයි සලකන විදිය හරි වෙනස්. මොකක්හරි විපතකදී වීරයන්වන, අනෙක් වෙලාවට අටපාස් නිකන්ම නිකන් ලාන්ස් කෝප්‍රල්ලාවන හමුදාවත් එක්ක මාර ඇරියස් පිට ඉන්න  මන්දමානසික තත්වයකින් පසුවෙන හරි උගත් පිරිසක් මෙි සමාජයේ ඉන්නවනේ. ඒ ඇවිත් එසේ මෙසේ චරිත නෙමෙි. ගගහ එලවන්න ඔිනේ උන්ට මමනං කියන්නේ. මෙි රටෙි ආයතනයකට පැවරිච්චි රාජකාරිය අකුරටම ඉෂ්ඨ කරලා අවසන් කරලා රටෙි සංවර්ධනය වෙනුවෙනුත් කැපවෙන ඒ හමුදාවන්ට බනින ඩෑල් දන්නෑ තමන් මැරෙනකන්ම අට පහ ගහනවනේ කියලා. මොකද ඒවා කවදාවත් ඉවරකරන්න බෑ. සමහරු තමන්ගේ බැරිකම් පා කරන්නේ ඒ විදියට. ඒකට කමක් නෑ. තමන් කරපු දේ තමන්ට තෘප්තිමත් නම්, සමාජයට වැඩදායකනම් උන්දැලා ඔින දෙයක් කියාපුවාවෙි. "ඔව්, ඔයා හරි" ඒ තමා මගේ නියාය. 


මාවිල් ආරු ක්‍රියාන්විතය ඉවරවෙලා සොරොව්වත් ඇරියට පස්සෙ අපේ ඒකකයට භාරවුනා එස්එෆ්ලයි කමාන්ඩෝස්ලයි අල්ලගත් සාම්පූර් කල්ලාර් සෝමපුර අලිඔලුව නීලාවල වලගොඩැල්ල දෙහිඅත්ත ආදී සිංහල ගම් ප්‍රදේශ ආරක්ෂා කරගන්න. මෙි වෙනකොට ඉදිරි ලයින් එකෙන් කොටි පැනල මෙි සිංහල ගම්මාන වල සැරිසරනව කියල අපිට වැදගත් බුද්ධි තොරතුරු රාශියක් ලැබිල තිබුනා. 

මෙි නිසාම දිනපතාම හැම පැයකම අපේ පා මුර සංචාර මෙි ඒරියා එකේ ක්‍රියාත්මකයි. මං එතකොට හිටියෙ කල්ලාර් කඳවුරේ. ඊච්චලංපත්තු පහුකරල තමා මෙි වෙද්දි ඉදිරිපෙල සටන් පැවතුනේ.


ඊච්චලංපත්තු කිව්වම මතක්වුනේ. මෙික මෙි කතාවට අදාල නෑ.


ෆවුසි ආන්ඩුවක ඇමතිකාලේ මෙි ගමට ආවලුනේ.ඇවිත් කිව්ව කතාවක්.

"මම ඊච්චිලාම්පාත්තු වෙිසියන්ට ඉෂ්ෂරාටත් කුරනවා,පෂ්ෂාටත් කුරනවා,බබ්බු අම්බෙන තෙන් ලුක්කු කොරනවා,කාණු තිගේ වතුර පෂ්ෂෝනවා,උක්කෝලා අරි ෂීනි දෙනවා"

මං අහල තියෙන්නෙනම් ඔහොම.


කතාවට යමුකො.

මෙි ඉද්දි අපිට තවත් බුද්ධි තොරතුරක් ලැබිල තිබුනා පිස්තෝල කල්ලියෙන් පස් දෙනෙකුත් සන්නද්ධ අංශයේ කිහිප දෙනෙකුත් මෙි ඒරියා එකට ඇවිත් මුදාගත් ප්‍රදේශ ජෑම් කරන්න ප්ලෑන් එකක් තියෙනවා කියල. ඒක සනාථ වුනේ ඉන් එකෙක් අපේ කොල්ලෙකුට වෙඩි තියල පැනල ගියාට පස්සෙ. නමුත් ඒ වෙඩිල්ලෙන් අපේ කොල්ලගෙ උඩු හමවත් කැඩිල නොතිබුනාට තත්ත්වය ගොඩක් ඩෙින්ජර් කියල ඉහලට දැනිල අපිට කල්පනාවෙන් හුස්ම ගන්න කියල අවවාද කරල තිබුනෙ. ඒ අපේ නිළධාරි අණදෙනතුමා. ඔහු නිතරම මෙි ප්‍රදේශ ආරක්ෂා කරගන්න ගොඩක් මහන්සිගත්තා. මමත් ඒ කාලෙ කාර්යාලීය කටයුතුවලට අමතරව සිවිල් සම්බන්ධීකරණ ලිපිකරු රාජකාරියත් කර කර හිටියෙ.


එදා සවස තුනට පමන මුතූර් සිට තෙරක් නොපෙනෙන කුඹුරු යාය මැද්දෙන්, ගල්කන්ද ඉදිරියෙන් දෙහිඅත්ත ප්‍රදේශයට එන පාරේ ඉඳලා  නීලාවල ගම්මානයට වැටී තිබුනු පාරේ අපේ පා මුර සංචාරයක් යොදවා තිබුනා. මෙිකට අණදුන්නෙ කෝප්‍රල් ගුණතිලක(බිලිංචුට්ටා) 

මෙයාගෙ ඒ භූමියේ පිහිටීම අනුව සැලසුමක් තිබිල තියෙනව දෙන්න ගානෙ දුරතියාගෙන පාර දිගේ යන්න.

මෙහෙම දුරක් යනකොට තවත් පාරක් හමුවුන නිසා (ඒ පාර සෝමපුර වම් ඉවුර පැත්ත⁣ට) ආයෙත් මෙි හතර දෙනා දෙන්න දෙන්න කැඩිල පාරවල් දෙකේ ගමන් කරල තියෙනව. 

⁣ඒ දෙන්නෙක් තමයි වන්නිනායක සහ ගමගේ.  වන්නිනායක මගේ කතා කිහිපයකටම සම්බන්ධවුනා.

මෙි දෙන්නා ෆුට් පැට්‍රොල් රාජකාරියේ යෙදී පාරදිගේ ඇවිදගෙන යනකොට පුට් සයිකල් එකක ආපු දෙන්නෙක්  මෙි දෙන්නව පසු කරගෙන යන්න ඇවිත් තියෙනව. 


සොලාගෙ ඇස් උකුසු ඇස් වගේ කියනවනේ. ඒ හිංදද,වාසනාව හින්දදනම් දන්නෑ වන්නිනායකට මෙි එකෙක් ගැන සැක හිතිල නවත්තල පරීක්ෂා කරන්න හදනකොට මුං දෙන්නාගෙන් පොල්ලෙ ඉඳගෙන ආපු එකා පැනල දුවන්න හදද්දි පැදගෙන ආපු එකා උගේ ඉන අතගාල යමක් ගන්න උත්සාහ කරනවා දුටු  වන්නිනායක බයිසිකලෙන් පිටිපස්සට ඇදලා. ඒ ඇද්දපාර කොච්චර සැරද කියනවනම් බයිසිකලෙයි මිනිහයි දෙකම වැටිලා. ගමගේ දුවන එකා පස්සෙන් මීටර් පනහක් විතර පන්නලා අල්ලගෙන බිම දාගෙන. 


බයිසිකලෙන් වැටුනු එකා වන්නිනායකත් එක්ක පොර බදලා බෙිරී පැනල යන්න උත්සාහ කර තිබුනා. නමුත් ඒක ඌට තියා අපිටවත් කරන්න බැරි දෙයක්. මොකද වන්නිනායක කියන්නෙ වල් එස්එෆ් පොරක්. අපි දෙතුන් දෙනෙක් උස්සන තල්කොට තනියෙන් කරගහන හොඳ හයි හත්තිය තියන එකෙක්. මෙි දෙන්නා පොර බදද්දී අරයගේ ඉනේ තිබුනු පිස්තෝලය බිමට වැටිල. ඒක ගන්න බැරිනම් වන්නිනායකගේ අවිය හරි උදුරාගන්න චෙිතනාවෙන් වන්නිනායකත් එක්ක පොර බදන්න පටන්ගත් පුද්ගලයා වන්නිගේ බෙල්ලෙම එල්ලිලා. ඒක දැකපු ගමගේ අල්ලගෙන හිටපු එකාත්  ගමගේ එක්ක පොර බදන්න පටන් ගත්තා. ගමගේට එච්චර හයිහත්තිය නොතිබුනත් කොහොම හරි මූත් එක්ක පොර බදලා. ඒ අතර පහර පිට පහර එල්ල කරමින් ගමගේව අඩපන කරන්න හදපු පුද්ගලයාගේ ඇඟට පැන්න ගමගේ ඌව බිම දාගන. 


දෙන්නගෙන් කාටවත් බෙිරෙන්න බැරිම තැන තමාත් සමග පොර බදමින් සිටි එකාව උස්සලා විසිකරපු වන්නිනායකට, ඒ වෙද්දි  පැත්තකට විසිවී තිබු තමාගේ අවිය අරගෙන නැවත ඇඟට පනින්න හදපු එකාට ජීවිතාරක්ෂාව පතා වෙඩි තියන්න සිදුවුනා. ඊලඟ නිමෙිශයේ පිස්තෝලයත් තමන්ගේ අවියත් සමග ගමගේ ලඟට දුවන් ගියපු වන්නිනායක ඒ වනවිටත් මූන කුඩු වෙන්නම පහර කා තිබූ ගමගේව පැත්තකට ඇද දමා නැවත ඉතුරු එකාවත් ජීව ග්‍රහයෙන් අල්ලගන්න නැත්තං යටත්කරගන්න උත්සාහ කලා. තමන්ගේ සගයාට වෙඩිතබනු දුටු මොහු තමාටත් අත්වෙන්න යන ඉරනම ඉවෙන්මෙන් වටහාගෙන මරබියෙන්ම වන්නිනායකගේ ඇඟට පැන නැවත ඔහුත් සමග පොර බදන්න පටන් ගත්තා. බැරිම තැන ඒකාවද උස්සා පොලවෙ ගැසූ වන්නිනායක තමාගේ හිසට එල්ලවුනු ගල් පහරද කාගෙන එයින් ලේ වැගිරෙද්දී හා වන්නිනායකගෙන් අතහැරුනු ටී 56 අවිය අතට පත්වෙන්න ඔන්න මෙන්න කියා තිබියදී උන්ගේම පිස්තෝලයෙන් ඌව නිහඬ කරන්නට සිදුවුනා. 

තත්ත්වය මෙසේ වෙද්දී වෙඬි හඩ ඔස්සේ දුර සිට එතනට දුවගෙන ආ පෙළ භාර කෝප්‍රල් සිදුවී ඇති දේ අණදෙන නිළධාරිතුමාටත් ඔහු පැමිණි පසු මුතූර් පොලිසියටත් මුතූර් උසාවි කටයුතු සිදුකෙරෙන පිලිවෙලටත් අවසන් වැඩකටයුතු පැවරුනා. මුතුර් පොලිසියේ තිබූ තොරතුරු අනුව මෙි දෙදෙනාගෙන් එක් අයෙකු මෙි ප්‍රදේශය භාර එල්ටිටීඊි පිස්තෝල කල්ලියේ නායකයා වූ "වාසු" බවත් අනෙකා ඔහුගේ සහායකයා බවත් සනාථ කරා. පසුදා යෙ⁣දුනු උසාවි කටයුතු වලින් පසු 225 බළසේනාධිපතිතුමා විසින් වන්නිනායක ලා/කෝ සිට කෝප්‍රල් දක්වාත් ගමගේ සාසෙ සිට ලා/කෝ දක්වාත් නිළ උසස්වීම් ලබාදුන්නා. ඒ අනුව අපේ බැච් එකේ කෝප්‍රල් නිළයට උසස්වූ පළවෙනියා බවට වන්නිනායක පත්වුනා.





රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.10.12

Wednesday, October 7, 2020

නැවතත් කොරොන්ටයින්

 අඬුකෝප්පය,පීරිසිය, පිඟාන, හැන්ද, ඇලුමිනියම් හට්ටි අපේ ගෙදර එක්කෙනාගෙ සන්නද්ද පාරිසුද්ද අවි ආයුධ කට්ටලය. මැටි හට්ටි තිබුනා. කීපයක් වහලෙ.දෙකක් ඇලේ. අන්තිමෙිටම ගෙනාපු එක තියෙනව.ඒත්  ගැට්ට නෑ. ගැට්ට නැතිවෙන්ඩ හේතු අහන්ඩ එපා. කොහොමහරි බඩු නෑ. කොරහ බර හිංද පාඩුවෙ තියෙනවා.


මෙි ලඟදි ඔය අනුත්තරා එකී පෝන් එක දාල ඇලට ගියානෙ රෙදි හෝදගෙන නාගෙන එන්න කියලා. මෙවුන්දැගෙ පෝං එකේ ස්ක්‍රීන් ලොක් එකට දාල තියෙන්නෙ පාස්වර්ඩ් එකක්. මෙික ඇරගන්න මං දවස් ගානක් කාපු කට්ට ⁣වචනෙන් කිව්වට කාටවත් තේරෙන්නෑ. එ⁣ක දවසක් මං ලඟට වෙලා ආදරෙන් ඔලුව අත ගග ගගා ඉන්න වෙලාවක 

*සප්තලනේ.. අපි දෙන්න දෙන්නෙක්ද?

*දන්නෑ. හැබැයි පිඟන් දෙකක්නං බෙදනවා. 

*හරි හරි මැනිකේ.. අපි අතර රහස් නෑ නේද?

*ඇත්තටම නැද්ද.මං අල්ලගත්තු දවසට තමා පැනල යන්න වෙන්නෙ හරි. මං කෝම හරි අල්ලනවා. තමුසෙගෙයි අරකිගෙයි එක තාම ෆලෝ කෙරෙමින් තියෙන්නෙ ඈ. 

*අපි බැඳල අවුරුදු කීයද?? එහෙම එකක් වුනාවත් මතකද?

*ඔව්. මං ජීවිතේ විනාස කරගත්තු දවස කොහොම අමතක වෙන්නද හලෝ..

*ඉතින් මෙච්චර කල් තෞසෙට අල්ලගන්න බැරිවෙච්චි ඒවා තව කොහොම අල්ලන්නද ඔියි??

ඒවට උන්දැ කතා නෑ. මං නැවත ඇහුවෙ පාස්වර්ඩ් එක.

*මං දන්නව තෞසෙ ඔතන්ට එන්නෙ කියලා. මං කිව්වනෙ තෞසෙගෙ එක මට දුන්නොත් මං මගේ එක දෙනවා.

හැමදාම ඔය දෙබස මගේ පාස්වර්ඩ් එකෙන් ඉවර වෙනව. ඔහොම ඉද්දි තමා එදා මෙවුන්දැ බය නැතුව පෝන් එක දාල ගියෙ.


මං එයා පොදිගහං ඇලට යනව බලං ඉදල හීන් සැරේ ගෙට ඇවිත් ගත්තා පෝන් එක අතට. දෙන්නං ජම්බු කියල හිතාගෙන ගැහුව පිලිවෙලින් උන්දැගෙයි දරුවොන්ගෙයි උපන් දින ටික. ම්ම්හු.. බඩු වැඩ නෑ. ඊට පස්සෙ පෝන් එකේ වෝනින් එකක් ආව ආයෙ එකක් හරි ගැහුවොත් තෝත් මරාගෙන මාත් මැරෙනවා කියල වගේ එකක්.  ඊලඟට පෝන් එක දුන්නු විනාඩි පහ යනකං ඉඳල  හිමීට සයිඩ් එකේ බොත්තම ඔබල රිස්ටාර්ට් පාරක් දාල ටික වෙලාවක් හිටියා. මෙිකෙ ඉලක්කම් පාස්වර්ඩ් එකක් දාල තියෙන්නෙ කියල මට ෂුවර් හිංද ගැහුව උන්දැගෙ අයිඩෙන්ටි නම්බරේ. ඒත් නෑ. 

පුතාගෙ එකත් ගැහුවා. මොකද මං දැකල තියෙනව ⁣හිටපු ගමන් බුවත් මෙික අරං එකේක එව්වා ඔබ ඔබ ටියුං කර කර ඉන්නව. ඒ සැකේට ගැහුවෙ. ඒත් ඇරුන්නෑ.  ආයෙ දහ අතේ කල්පනා කලා "යකෝ..මෙික මොකක් වෙන්න ඇද්ද"  කියල. පස්සෙ ගැහුව සැකේට අම්මට විතරක් මතක තියෙන අනික් අයට අමතක මගෙ උපන්දිනේ.

අම්මටම හුඩු කියාල්ලකො. එකපාරටම ක්‍රෑස් තු:ක් වගේ සද්දයක් ඇවිත් මෙි දෙපරහැන්ද ඇරුනා කියාල්ලකො.

මාත් පුල්ම හැපි එකේ ඉස්සෙල්ලම වෛපෛ ඔන් කලා.

කිව්වට විස්සාස කරන්ඩ හිතෝතුනි

චීන ජනාදිපතිගෙ  ඉදල අද ඉපදිලා නම් තියාපු එකා දක්වාම ඒ  නම් සද්දෙන් ටිලීං,ටුලුන්,ටලාං,ටිලි ටිලිං හචස් පචස් ගග ගගා විනාඩි දහයක් නං එව්ව මෙව්ව ආව. කිබුහුං යන සද්දෙකුත් එක්ක තවත් මොකද්ද එකකුත් ආව.  ඉවරෙයක් නෑ. මාත් සක්විතිගෙ බැංකුවෙ සල්ලි දාල පොලී දෙනකං බලා හිටපු එකෙක් වගේ පෝන් එක දිහා විනාඩි දහයක් විතර බලං හිටියේ මෙික පොලේ ගහනවද,නැත්තං හක්කට තියල ටිකක් තදින් අල්ලනවද, නැත්තං තිබ්බ විදියටම තියල මුකුත් නූන ගානට ඉන්නවද කියල හිත හිත.ටික වෙලාවක් යද්දි  ඔිං අර සද්දෙ නැවතුනා. 


මගෙ ඊලඟ ක්‍රියාන්විතය වුනේ මෙච්චර වෙලා ජිල් ගහන සද්දෙන් ආවෙ මොනාද කියල බලන එක. ඉස්සෙල්ලාම පේස්බුක් එක. නොටිෆිකේෂන් 99+ කියල වැටිල මෙසේජ් 9± කියල පෙන්නුම් කලා. හිත හිත හිටියෙ නෑ. ඇඟිල්ල ගැහුව ඒකට. ඊලඟට අර බෝලයක්වගේ එකක් කැරකිලා කැරකිලා කැරකිලා ඔන් උනා කියමුකො. කිව්වට විස්සාස කරන්න මයෙ අප්පේ ඒකෙ ඇවිත් තිබුන රෙසිපි ගොඩ. 

එකක් එවල තිබුනෙ මෙවුන්දැගෙ නංගි.ඒකෙ තිබුනෙ පෝවර්ඩ් කරපු මෙසේජ් එකක්. ඒකෙ තිබුනෙ සැමියාට නොදැනි ඔහුගේ හොර අල්ලන විදිය කියල එකක්. අනේ මෙවුන්දැ අල්ලන හොර. මෙච්චර කල් හෞනොවෙන්න සැන්ටිමැන්ටල් කොරාපුවා බැලන්ස් කොරාපුවා ආයෙ මෙික බලල අල්ලන්ඩ. ලබ්බ තමා. 

 ඊට යටින් මෙසේජ් එකක තිවුනා මෙි මෙසේජ් එක දහ දෙනෙකුට යවන්න. එතකොට ඔබට බබා හම්බුවෙයි. මටත් එවන්න.එතකොට මටත් බබා හම්බුවෙයි කියල. මුන්ට පිස්සුනේ.

ඒක අතෑරල වෙන එකක් දිගෑරියා.

ඒකෙ එවල තිබුනෙ රෙසිපියක්.

 රෙසිපියෙ තිබුනෙ බිත්තර තම්බන විදිය සහ ලේසියෙන් පපඩම් බදින විදිය කියල. ඒකත් අතෑරියා. යටට යටට යද්දි තිබ්බා කොල්ලෙක් එවාපු එකක්. ඒක මං දිගෑරියෙ වෙව්ල වෙවිල. පවුල කැඩෙන සීන් එකක්ද දන්නෙත් නෑනෙ. 


අන්තිම හරියෙ නිකන් වල්පල් ටිකක් තිබුනු හිංද මං උඩට උඩට ගියා. මොනාද එවල තියෙන්නෙ බලන්න. 

මුලටම ගියා දඩ බඩ ගාලා.

*"හායි" ඉස්සල්ලම බුවා එවල තිබුනෙ.

*හායි.

*කොහොමද ඔයාට.

*කව්ද තෞසෙ. මං තෞසෙව අඳුරන්නෑ. තොට පිස්සුද භල්ලො මට හායි කියල එවන්නෙ. ඉඳකින් ගල් මූසල බූරු මල පෙරේතයා. තොපිට වෙන වැඩ නැද්ද පකිස් බූරුවො. ලස්සන කෙල්ලො කයියට අල්ල ගන්න හදන්නෙ. (තු;ක්. මුන්දැගෙ ලස්සන. හඳේ ආවට මූනෙ. කාපට් පාරක තෙල් හැලිල වගේ කකුල් දෙකේ කැලැල්. හරියට අලුතෙන් පොතු කබර රෝගෙ හැදිච්චි ලාලනී වගේ. මගෙ මුවගට සිනහවක් ආවෙ නිරායාසයෙන්මයි)

ඊට පස්සෙ අරූ උත්තර දීල තියෙනව

*ආ ඇයි නම්කී, අපි හායි කිව්වම ඔයාට බබා හම්බෙනවද ආ..??

*කියන්න බෑනෙ. දුරදිග ගියොත්.

ඇත්තටම ඔයා කව්ද.

*අපිනෙ දන්නෙ තෝ ඉස්කෝලෙ හිටං කරපුවා. දංගස්වලට පොල් ගස්වලට පිට දීපුවා. අහගන්නෙපා මගෙන්.

*ඛ්‍යපිය භ:ල්ලෝ. තෝ කවුද.

*කලබල වෙන්ඩෙපා බං. මං බට්ටි. චන්ඳු.

*අම්මෝ බං උඹද. එතනින් එහාට බඩජාරියා විසින් කපා හැර ඇත.


ඔිං  පතිවත. ආයෙ එකක් තිබුනා එකියක් එවපු රෙසිපියක්. වෙිලක් රසට කන්නට හාල්මැස්සන් කරිය සමග වට්ටක්කා තෙම්පරාදුව රසට උයන විදිය කියලා. මෙික මං පෙරේදා මෙවුන්දැ උයල කාපු එකක්. කැත නැතුව පපුවට අත තියල මෙි කියන්නෙ, ඒකයි වට්ටක්ක හොද්දයි කාල තනිකර වට්ටක්ක දියකිරෙන් උයල වගේ පස් පාරක්නං බඩගිහින් තමා නැවතුනෙ. 

ඉන්බොක්ස් එක බැලුවට ගතයුතු කිසි දෙයක් නෑ. ඒකිගෙ ඉන්බොස් එකේ හිටියෙ නැත්තෙ පබිලිස් සිල්වා විතරයි. මෙි විදියට එකියක් කේක් රෙසිපියක් එවල ගිය සුමානෙ කේක් එකක් හැදුව. අවන් එකක් නැති හිංද වංඩුවෙ තැම්බුවෙ. පස්සෙ ඉතින් අපරාදෙනෙ  සල්ලි කියල මායි පුතයි ඒකට පොල්කිරියි සීනි ටිකකුයි දාගෙන අනාගෙන කාල තමා ඒ කේක් එක ඉවර කෙරුවෙ. 

මෙික මෙි අමතර කතාවක්. එක දවසක් මෙයා අග්ගල හැදුවනේ. රසයිනේ. පට්ටනේ. මයෙ අප්පේ පැයක් ගිහින් කන්න බලද්දි හරක් කකුල් කට්ටක් එක්ක පොර බදන ටොමියෙක් වගේ මං පැයක්නං ඔට්ටු වෙන්නැති මෙි අග්ගලාවකින් කැල්ලක් කඩාගන්න. අග්ගලේ කෙල වලටම පොඟල. ඒත් ඒකෙන් නෙමෙි කෑල්ලක් කැඩුනෙ. පස්සෙදි මං අපේ බෞවා බය කරන්න තියාගත්තා ඒ අග්ගල ගෙඩි සේරම ටික. එකකින් ගහනව.කූං කූං ගාගෙන දුවනව. ආයෙ එකකින් ගහනව ආයෙ ගේ වටෙි දුවනව. පස්සෙ පස්සෙ ඔිකක් දොර ගාවින් තියල තිබ්බ. බල්ල නෙමෙි වත්තෙ හතර මායිමටවත් ඇතුල්වුනේ. ඌත් රබර් ඇහැ දාල බලන්නෙ තාම දොරකඩ අග්ගලාව තියෙනවද කියල.


කතාවට යමුකො. මං බැලුව තව මොනාද මෙිකෙ ගන්න බලන්න තියෙන්නෙ කියල. මෙි හැම දෙයක්ම කරගන්න ඔින "අයිසෙ"  එන්න කලින්. අයිසෙ කිව්වෙ මගෙ පියංබිකාව. 


ඔක්කොම හරි. මෙලෝ රහක් නෑ. ඊලඟට සිම් එකට එන මෙසේජ් ටික දිගෑරගත්තා. මයෙ අප්පුත්තියෝ... යකෝ මට එන්නෙ මොන මෙසේජ්ද . මෙිකිට කේඑප්සි එකෙන් හිටන් මැසේජ් ඇවිත්. අපිට තමා නැත්තෙ. මොකද අපිට "ප" යන්න නෑනේ. අපි පූෂ් පූෂ් ගාන්නෑනෙ.

හැබැයි මෙච්චර කට්ටක් කාල කාල මොකක් හරි කොනක් පාදාගන්ඩ බැලුවෙ චූටි ආතල් එකක් ගන්ඩ. ඒකත් හරි ගිය නැතිතැන ඊලඟට පෝන් එකත් අතේ තියාගන චූටි මනෝ පාරක් ගැහුවා. දන්නෙම නෑ. සාලෙ පුටුවක් පෙරලෙන සද්දෙට කන්දුන්නම එලියෙන් ඇහෙනව.

*දෝනීඊඊඊ.. මෙික අල්ලනව ටිකක්. රෙදිටික වනාගන්ඩ

කියනකොට තමා තරු පෙනුනෙ. පුටුව පෙරලගෙන ගෙට ආවෙ අපේ බාල බුවා. 

ඌනං තනිකර තස්තවාදියෙක්. කිසි එස්කියුස් එකක් නෑ. ගෑනිට අහුවෙනව හොඳයි,මූට අහුවෙන්නැතුව.අම්මට කියනව කියල ගාන කපන්නෙ බස බස ගාල.  කනටත් එකක් දීල පයිනුත් එකක් ඇන්නම තමා බැලන්ස් වෙන්නෙ. නැත්තං සන්⁣තකේටම අරිනවා.

මාත් හිමීට හිමීට තිබ්බ තැනින් ගිහින් දුරකතනය තිබ්බා. මොකද ඒක හරි පරිස්සමට කරන්න ඔින දෙයක්. ලෙවල් එකක් නැතුව දාල ගියා වගෙ පෙන්නුවට එවුන්දැ මෙික මාලිමාව වගේ උතුරට බැලන්ස් කරලා හතර කොන් විහිදෙන දිසාවත් මතක තියාගෙන තමා යන්නෙ. 

මටත් මුකුත් අහුවුනේත් නෑ. බය වෙන්න දේකුත් නෑ. පතිවතේ අවුලකුත් නෑ. හිත හදාගෙන එයාටත් හිනාවක් දාල හීටරේ ගැහුවා තේ එකක් වක්කරල දෙන්න හදවතේ ගැඹුරින් බුර බුරා නැගී එන පේමනීය හැඟුමෙන්.

ඒත් එක්කම තමා මට මතක්වුනේ යකෝ පෝන් එකේ වෛපෛ  ඔිෆ් කලේ නෑනෙ කියල. ආයෙ මෙික අරං ඔිෆ් කරන්න කියලද. වෙනද වගේ මට මෙි වෙලාවෙත් මොලේ දකුණු පැත්ත හිරිවැටීගෙන නුවණක් පහලවුනා. ඇඟට නොදැනි ගිහින් රවුටරේ ඔිෆ් කලා. ඊලඟට උදාවුන මොහොතෙන් පස්සෙ තමා පෙන්ස් මට වෙිල් තුනක් අහිමිවුනේ. 

කොහේදෝ මංදා හබ්බද්දියක ගිහින් දාඩිය පොල්ලත් දාගෙන ගෙට ආව ලොකු එකා..

*අපි කතාකරාම තමා අම්මට ආන්සර් කරන්න බැරි. සල්ලි ඉවර හන්දනේ ඩෙිටා කෝල් එකක් ගත්තෙ.

*මොකෙන් ගත්තත් වැඩක් නෑ. මං දැන් ඇලට ගිහින් ආවෙ.

*බොරු කියන්ඩෙපා අනේ. ඔයා මෙි දැනුත් ඔන්ලයින් හිටියනෙ.

මං දැක්කෙ වයිපරේ මගෙ මූන බලනව විතරයි. මාත් හිත හිත හිටියෙ නෑ. නැග්ග බයිකෙට. ආව ටවුන්. දැන් තමා පෙන්ස් මෙි ගෙදර යන්නෙ.


*ඊලග මිෂන් එක; මට අමතකවුනානෙ මෙවුන්දැගෙ හොර එකවුන්ට් තියෙනවද කියල චෙක් කරගන්න. මොකද මට ආාය දවස් කීපෙක ඉඳන් නාඳුනන දැරිවියක් ඔිසෙට මෙසේජ් කරනව. 




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.10.07

Saturday, October 3, 2020

කුනුහරප කවි කියපු හැටි

 හමුදාව කියන්නෙ ඇත්තටම විශ්ව විද්‍යාලයක්. හැම දෙයක්ම ඒකටම අනන්‍ය වූ විදියට හරි ලස්සනට කොහොමින් හරි සකස් කරල තියෙනව. අදටත් මෙි විශ්ව විද්‍යාලය ඇතුලේ භාවිතා වෙන සමහර ගොඩක් වචන ඉන් භාහිර ලෝකෙට ඇවිල්ල නෑ. ඒ භාෂාව හමුදාවටම අනන්‍ය වූ සංස්කෘතියක්. මෙික තවත් විදියකට බැලුවොත් වෙනමම රජයක් වාගෙ. මෙික එහෙම වෙන්න ඇති පිහිටුවල තියෙන්නෙ. සමහර අය මට වැඩිය මෙි ගැන දන්නව ඇති. නමුත් මං මෙි ටික කිව්වෙ නොදන්න අය වෙනුවෙන්. මට ජීවිතේ ගැන කියල දුන්නෙ ජීවත් වෙන්න කියල දුන්නෙ ජීවිතේ වටිනාකම කියල දීල මාව මිනිහෙක් කලේ හමුදාව. හරියටම අවුරුදු දහ අටයි මාසයයි දවස් පහෙන් හිච්චි එකා සංදියේදිම මෙිකට බැඳිල සමාජයේ පිළිගත්තු මිනිහෙක් කල ඒ හමුදාවට මං පන ඇරල ආදරෙයි. සමහර මිනිස්සුන්ගෙ සමහර තීන්දු තීරණ නිසා මෙි 20විජ්ජාලෙ මොහොතකට විතර එපාවුනත් ඊලඟ මොහොතෙ ආයෙ ඒ තරහ මගෑරිල යනව. පැන්ෂන් එන්න නිල ඇඳුම ගලවපු දවසෙ  ඒ නිළ ඇඳුමටත් වැඳල යුනිට් එක තිබ්බ කඳවුර ඉස්සරහ දන ගහල කඳවුරටත් වැඳලයි මං හමුදාවෙන් සමුගත්තෙ. කොහොමින් හරි එදා පලාලි වලින් කටුනායකට එන්න තිබ්බ ෆ්ලයිට් එකත් කැඩුන කිහාල්ලකො. ඒක ප්ලයිට් නෑම්බියක්. ඔයිල් ලීක් එකක්ලු තිබ්බෙ. 


කතාවට යමු. 


ඒ දවස්වල යුද්දෙයක් කියල එකක් තිබුනානෙ. එල්ටීටීඊ කියල ජාතියකුත් හිටියානෙ. අපි එයාලා එක්ක රණ්ඩුත් වුනානෙ. එයාලා අපිට ගැහුවා. අපිට එයාලා ගැහුවානෙ. පස්සෙ පස්සෙ මෙිකෙන් බෙිරෙන්නම බැරිතැන අපිට අලුත් ටුවක්කු පතුරම් දීල, "එයාලට ගහන්න පුරුදු වෙයව්.. හැමදාම කන්ඩ බෑ යකුනේ"  කියල අපිට එක එක කෝස් හිටං කරන්න අවස්තාව හදල දුන්නනෙ. ඊට පස්සෙ අපිට උං ගැහුවා. උං අපිට ගැහුවා. මරාගත්තා ඉතින්.


ඉතින් ඔහොම ගග ගගහ සහ ගහ ගහ ඉන්න අතරේ අපේ ඒකකයට ආව අලුත් බැච් එකක්.මයෙ අප්පේ කියන්නත් හරීම මෙව්ව එකයි, ඒ දවස්වල  හමුදාවෙ හිටියනෙ කෝපල්ලා කියල ජාතියක්, අප්පේ හරියට ලෙඩ්ඩු වගේ. හැම දේම ලඟට දෙන්න ඔින. ඉන්නෙත් ටවල් එක පිටින්මයි. මොකක් හරි කියපු දෙයක් එකපාර ඇහිල නැතුව "ඈ කෝපල්" කියල ආයෙ අහපු ගමන් අර ඇඳන් ඉන්න ටවල් එක අත් දෙකින්ම බෑ කරල දිගෑරල නැත්තං කඩල අතකින් එල්ලගෙන  "මෙිං..."  කියල තුනටියත් දෙපැත්තට පද්දල හොල්ලල පෙන්නනව.  මයෙ අප්පේ ඉතින් අර  ඔරලෝසුවෙ බට්ට වැනෙනවා වාගෙ දෙපැත්තට  පැද්දෙන අයිටම් එක දිහා බලල අහක බලාගන්න අපි, ආයෙ ඇහිච්චි නැති එක අහන්ඩෑ. ඒ දැකපුවැං සමහර ඒව පතෝල කරල් වගෙ. නැත්තං වැටකොලු ගෙඩි වගේ. එහෙමත් නැත්තං බටු ගෙඩිවගේ වක ගැහිල. අමුමිරිස් බොංචි සයිස් ඒවත් නොතිබුනාම නෙමෙි. ඒ දවස්වල අපි කලපුවෙ නාන්න බැස්සම හෝ.. දහය විස්ස අල්ලන සෙල්ලම කරනවනෙ. අහුවුනොත් අහුවුන එකාගෙ ජොකා හරි ශෝට හරි ඇඳන් ඉන්න එක ගලවනව. අන්තිමෙිට ගොඩ එන්නෙ ඔක්කොම හෙලුවෙන්. සමහරු ගලෝල ඔලුවෙ දාගෙන. සමහරුන්ගෙ ඒව ගොඩ. තව ඒව කලපුවෙ සැඩ පාරෙ පාවෙනව. ඔහොම තමා  ඒ කාලෙ අපේ ජීවිතේ.


පස්සෙ ඉතින් ඔිව දැකලම එපාවෙලා ඉන්න අපිත් ආයෙ ඒව දිහෑ බලල සුසුමක් පිටකරන ගමන් අහක බලාගන්නව. අනික මුං ටැංකියෙ නාන්නෙත් හෙලුවෙන්නෙ. අපි ගෙදරදි ටොයිලට් එකටත් ගිහින් අපේව්ව අපිට පෙනෙයි,දැකල ලැජ්ජා හිතෙයි කියල ඇඳන් ඉන්න එකෙන්ම ඉනෙන් පල්ලෙහා වහගෙන සරීර කෘත්‍ය කරේ හැදියාවක් කියල එකක් යාන්තමින් තිබ්බ හංද. හමුදාවට ඇවිත් ඒකත් නැතිවුනා.


අනික තමා ගේද්දි තේ එක ඩිංගක් නිවිල තිබුනොත් ඒකෙන් දමල අරිනව හොදි නෑවෙන්න. ඒත් කෝප්පෙකට දාල ලඟටම දෙන්නත් ඔින. 

හරියට වෙලාවට කෑමටික අරින්න ඔින.  ලඟ තියෙන බෝතල්වල හරි නීට් එකට වතුර තියෙන්න ඔින. අපේ ටංක පෙට්ටි තනි ඇහැට හරි කෙලින් තියලා, හැඟර්ස්වල දාල එල්ලන ඇඳුනුත් නියම ලයින්අප් එකට තියෙන්න ඔින. බිමට ගොම මැටි ගාල වහලෙට පොල්අතු ටකරන් දාල හදපු අපේ බිලට්, ඒව මොන තත්තෙන් තිබ්බත් බලන්න ලස්සනේ බෑ. හැමදේම හරි පිලිවෙලට තියල තියෙන්නෙ. තුවක්කු තියන්න කියල වෙනම රැක් තිබ්බෙ නෑ. අපි ඒව ටංක පෙට්ටි පිටිපස්සෙන් බිත්තියට හේත්තු  කරල තමා තියන්නෙ. 


අපි අපේ ඒකකයේ දෙවෙනි බැජ් එක හිංද හැම තිස්සෙම මෙි අතවරවලට වැඩ්යෙන් ලක්වුනේ අපි. පිටත රාජකාරි යද්දි උන්දැලගෙ කෑම එක වතුර එක අමතර ඇමෝටික අපි කරගහගෙන යන්න ඔින. ඉල්ලන ඉල්ලන වෙලාවට දෙන්නත් ඔින. බොරු කියන්න ඔින නෑනෙ. වැඩිපුර අතවරේට ලක්වුන අය අතරත් ඉස්සරහින්ම හිටිය එකෙක් තමා ආරච්චි කියන්නෙ. කනවා ඉවරෙකුත් නෑ. ආයෙ ආයෙ කරනවා ඉවරෙකුත් නෑ. පස්සෙ පස්සෙ එවුන්දැලටම එපාවෙලා මාව නිදැල්ලෙ ඇරල හිටියෙ. ඒක තමා මගෙ සොඳුරු කාලෙ. ලෙසටම ලැබෙන දවස්වලට සම්මානනිය විදියට පොලු පාරවල් අඩුනැතුවම හම්බවුනත් හා හා පුරා කියල කෝපල්ලව බැලන්ස් කරන ක්‍රම සහ විදි අල්ල ගත්තෙ අපේ කන්ඩායමෙි නං මම. ඉස් ඉස්සෙල්ලාම කෝපල් කෙනෙක් එක්ක සිගරට් එකක් බිව්වෙත් ආරච්චිම තමා. ඒව තමා ඩිජිටල් බැලන්සින් කියන්නෙ. 

 

එක දවසක් නාහෙට නාහන කෝපල් කෙනෙක් මට 

*ඒහ්.. ප&@%යා මෙහෙ වරෙන්

*ඇයි කෝපල්.

*කියපං සිංදුවක්

*සිංදු දන්නෑනෙ කෝපල්. 

*පල වෙි&@%$ගෙ පුතා  ඉසිපෝසන්

මාත් දිඩිස් ගාල කියපු සෙනිකව ඩිප් පොසිෂන් ගියා.

*හ්ම් දැං කියපිය බලන්ඩ අම්මට වඳින ගාතාව

මාත්; 

දසමාසේ උරේ ගත්තා කියල පටන් අරං 

බුදු සරන වෙිවා සදහම් සරන වෙිවා එකෙන් ඉවර කරනවා. ජය මංගල ගාතාත් කියවෙනව තව පොඩ්ඩෙන්. ඊලඟට වට අඩියක් විතර සයිස් පොල්ලකින් තට්ටං දෙකට 

පතහ්;පතහ්; ගාල දෙකක් අතාරිනවා. ඊලඟට

*කියපිට මහ එකාට වඳින ගාතාව

මාත්;

අම්මට වඳින ගාතාව කියල කාපු කෑමනෙන් කුල්මත් වෙලා ඉන්න අතරේ තව කන්න වෙයි කියන බයට වැඩි ලකුනුත් බලාපොරොත්තුවෙන්

පටන් ගන්නෙ ඉතිපීසෝ ගාතාවෙන්.

අන්තිමෙිට මහපිරිතෙනුත් අවසන් කරපු අවස්ථා ඔිනෑ තරම් තිබුනා. එදා ඉඳන් තාල වැඩක් නෑ, සහභාගිත්වයනෙ වැදගත් කියල සිංදුවක් කියපිය කිව්ව සැනින් යටිගිරියෙන් කෑ ගහන්ඩ පටන් ගන්නෙ "මා ආදරනීය මගේ අම්මා වෙතටයි" කියල. ඒ ගාතා නොදන්නව නෙමෙි. මුං හිටපු ගමන් හෙන ගහනව වගේ එක පාරටම අහපුවම ඒ ගාතා ගිලෙනව. කියාගන්න බෑ. පස්සෙ කෙල බෙට්ටක් ගහල ඇහිදගෙන තමා කියන්නෙ.


 ඔහොමින් ඉන්න අතරේ තමා මං ඔය කියපු කෝපල්ලා ජාතියේ ආස්සරේට වැටුනෙ. ඒකත් හරියට හොරුන්ගෙ ආවාසෙට වැටිච්චි ගිරවට වෙච්චි දේ වගේ මට උනේ.

 අපේ හිටියා කුමාර කියල කොල්ලෙක්. මගෙ බැචෙක්. ඌ වැඩිය ආස්සරේට නාවාට ලෝකෙ කාලා වතුර බීලා වඳුරන්ගෙන් බන අහල ජේතවනේට ගල් ගහල පු&@%$ මයිල්වලින් අමුඩෙ ගහං හිටපු ඇම්බැට්ට ඇට්ටකුනා වෙච්චි මරුමුස් ඩෑල්ලෙකක්. බැචා වුනත් මට වඩා අවුරුදු හයක් වැඩිමල්. අපි කතා කරන්නෙ අංකල් කියල. 


 දවසක් ඌයි මායි එක පොයින්ට් එකේ ස්ටෑන්ටු වෙලාවක සෙට් වෙලා ඉන්නැද්දි කයියකට වැටුනා. පොයින්ට් එකේ ඉන්චාජ් හිටියේ කෝප්‍රල් වසන්ත පෙරේරා කියල ඩෑල්ලෙකක්. ඒ යකා  මහ ත්‍රස්තවාදියෙක්. හොඳට ගොරෝ ගොරෝ නිදාගෙන උන්නත්, පොරට නින්ද ගිහින්ම කියල තහවුරු කරගෙන පැය දෙක තුනකට පස්සෙ උනත් අපි රහසෙන් කතා කරපු දෙයක් ඇත්නම් ඒක පොර දන්නවා. මාර වැඩෙි කියන්නෙ අපිට හිතාගන්න බෑ. වැරදි දෙයක් කිව්වොත් කෙරුවොත් පොර නැගිට්ටම පොරගෙ ටර්න් එකේ පැය දෙකම අපිත් ඇහැරවගෙන පනිස්මන්. 

ඒ හිංද එයා ඉන්න දවස්වලට අපි ගොඩක් පරිස්සමින් තමා කතා කරන්නෙ. ලෝවැඩ සඟරාව, සිරිත් මල්දම, පන්සිය පනස් ජාතක කතා ඔව්ව ගැන තමා කතා වෙන්නෙ. 


ඒත් එදා කරුමෙ කියන්නෙ අපේ කතාවෙ තිබ්බ වැදගත්කමට  මෙවුන්දැ පොයින්ට් එකේ ඉන්නෙ කියල අමතක වෙලාම ගියා. අපි දෙන්නා බර කයියෙ.

 කතාව පටන් ගත්තෙ මෙි ගෙවන ජීවිතේ ගැන. ඒක තිඹිරිගේ උපන්දිනෙන් පටන් ගත්තත් අනු මාතෘකා හරහා ඇමරිකාවෙ පයිවන් ඒරියා එක දක්වා ඇදිල ගිහින් ඊලඟට ඒක නාසා එක දක්වා හැරිල එතනින් අඟහරු නෙප්චූන් පූටෝ ගහලෝක දක්වාත් පැතිරිලා විහිදිලා ගියා. අන්තිම හරියෙ කෙල්ලෙක් කියල මූනක් ඉඹින්ඩවත් එකියක් නැතුව හිටිය මට, අරූ කෙලි පැටික්කියක් එක්ක නෙප්චූන් එකේ චූන් වෙච්චි හැටි කියන්න ගත්තම "බුදු අම්මෙි.. මෙිකාාාා අරින නයි" කියල. හිතෙත්දිත් ආසාවෙන් වාගෙ කට ඇරගෙන අහං හිටියෙ වෙලාව යවාගන්න ඔින නිසා මිසක් ආසාවට  නෙමෙි. ඒ අරින්නෙ නිකන් නයි නෙමෙි   "ප"  යනු දෙක දෙක තියෙන කොබෝ නයි. 


ඊලඟට කුමාරයා එක පාරටම ඇහුවෙ

*බැජී දුන්තරලයිෂ් එකක් තියෙනවා.  ගහමුද?

*අඩේ එළනෙ බං. පත්තු කරාං,පත්තු කරාං.

*විසිට් එයිද?

*ආවොත් දැනගන්න පුලුවන්. උඹ පත්තු කරාංකො

කොහොමද්දැන ගන්නෙ. පේන්නෑනෙ

*අයියෝ බං, ආවොත් තොපි සිගරට් බොනව නේද කියල අහල කන අතගායි. එහෙමෙ උනොත් විසිට් එකක් ඇවිත් තමා.


ඌත් ටැට්ටිස් අනුව අල්ලපු බංකරේටවත් ගිනි එලිය  පේන්නැතිවෙන්න බිමටම නැමිල සියරට්ටෙක පත්තු කරා. දැන් බුවා උගුරු දෙකක් අදිනවා,මං උගුරු දෙකක් අදිනවා. කෝප්‍රල් වසන්ත පෙරේරා ගොරව ගොරව නිදි. දැන්නං බය වෙන්න දේකුත් නෑ. අපි සියරට් එක බොන්නෙ අත් දෙකෙන්ම වහගෙනනෙ. ඒත් දුම් පිටට.  ඒ අස්සෙ අල්ලපු පොයින්ට් එකේ සෙන්ට්‍රි හිටපු සයිමන් බැචා ඉර්තු වෙච්චි වැස්සියෙක්ගෙ සුවඳ නාහෙට දැනුන මී හරකෙක් ඒ වැස්සි හොයාගෙන වන වදිනව වගේ උඩු ගුවනට නාහෙ දික්කරගෙන ඉව අල්ල අල්ල ඒ සිගරට් දුම් සුවඳ  පාර ඔස්සේ අපේ පොයින්ට් එකට සේන්දු මාන්දු උනා. ඊට පස්සෙ තුන්දෙනාම එක්කහු වෙලා ඒකට වග කිව්වම ඌත් ගියා උගේ තැනට. 


ඒකත් ඉවරවුනා කියමුකො. නිදිමත යන්නත් එක්ක දෙන්නා ඊලඟට පටන් ගත්තේ ටුවක්කු දෙකට තට්ටු කර කර සිංදුවක් කියන්න. අපි දෙන්නා රෑ එකොලහේ ඉඳන් දෙක වෙනකං පැය තුනක් ඇහැරිලා ඉන්න ඉස්ටෑන්ටු දවසක් මෙි. ඒ සිංදු යන අතරේ මූ පටන් ගත්තා අමුතු සිංදුවක්. ඊට පස්සෙ තව එකක්.  ඒ සිංදු දෙක කොච්චරක් දුරට මගේ හිත ගත්තද කියනවනං මං  ඒ දෙකම  විනාඩි දහයක් යනකොට කට පාඩං කරගත්තා.හැබැයි ඌට වඩා ලස්සනට තාලෙට මට මෙි දෙකම කියන්න පුලුවන්.  


වෙලාව පාන්දර දෙකයි. මමම ගිහින් කෝපල්ට කීද්දුවා. එයාත් විනාඩි පහෙන් ලෑස්තිවෙලා එලියට ඇවිත්

*හ්ම් ඔිෆ් වෙයල්ලා.

අපිත් ගිහින් බූට් දෙක ගලවලා සියෙස්ටා දෙකේ ඇලවුනා. නිදි කුමාරිත් කබ කඩ කඩ නයිටිය පිටින් ඇවිත් උම්මාවකුත් දීල  අපිව වැලඳගන්න හැදුවා විතරයි කෝප්‍රල් වසන්ත.

*ආරච්චි, ආයෙත් කියාං බලන්ඩ අර සිංදුව

පාන්දර කියල නෑ,මට හීන් දාඩ්ය දැම්මා. කටෙි කෙල හින්දවුනා. යකෝ මෙවුන්දැ කොහොමද ඒක දන්නෙ.

*මොන සිංදුවද කෝපල්

*දැන් තොපි දෙන්නා කියපු සිංදුවලින් උඹ පාඩම් කරගත්තු දෙක.

කාල වරෙන්කො. මෙික ගුටි කන්න හරි නොකන්න හරි නොකිව්වොත් ආයෙ නිදියනව බොරු. මාත් හා කෝපල් කියල නැගිටින්න හැදුවා. මොකද ඒ කාලෙ පට්ට පච්ච රෙකාලාවුනු (ආධුනිකයො) අපිට  කෝපල් කෙනෙක් ඉස්සරහා සිංදුවක් කියනවා වුනත් සීරුවෙන් ඉඳන් කියන්න ඔින. එතකොටම එයා

*හා හා නැගිටින්න ඔින්නෑ, නිදාගෙනම කියපං.

මාත් ඉතින් "තේරී උඟිලී පා ක ඩිකේ චලා" තාලෙට පිලිවෙලින් සිංදුව පටන් ගත්තා..

තේරේ... ඇන්දාම පටියේ අගේ

කෝපල් පමණයි දන්නේ අගේ

මා...... ඉසිපෝසන්... තියාලා.. ගියා...

ටැරැං ටැං.... ටැටැං

මා ඉසිපෝසන් තියාලා ගියා....

රෑ දොලහට පොයින්ට් එකේ කුකුල වදිනවා...

විසිට් එකේ කෝපල් ඇවිත් වතුරෙ දානවා..//

බංකරේ ජීවිතේ  හරි දුකයි මෙදා

මෙි වගේ හිතුවෙ නෑ බැදෙද්දී එදා

අම්ම කිව්ව දේ නාහපු දුක තමයි සදා


තේරේ ඇන්දාම පටියේ අගේ..

කෝපල් පමණයි දන්නේ ආගේ..

මා ඉසිපෝසන් තියාලා.... ගියා...

මා ඉසිපෝසන් තියාලා.....ගියා..

ටනන ටනන ටනනා ටන ටානනා ටනනනනා...

ඉතුරුවානම් මතක නෑ.මිත්‍රොර්ණි,

කොහොම හරි සිංදුව එදා කිව්වා. ඒකෙන් සෑහීමකට පත්වුනු පොරත් හිනාවෙලා...ඊලඟට කුමාරයට අවස්ථාව දුන්නා..

ඌත් කම්මලේ යකඩ තලන වොයිස් එකෙන් අනික් සිංදුව පටන් ගත්තා. මිතෝර්ණි ඒකනං මෙහෙම මාද්‍යක් ඉස්සරහා කියන්න පුලුවන් එකක් නෙමෙි.  ඔන්නං පලවෙනි පේලිය විතරක් කියන්නං,දළ අවබෝධයක් ලබාගන්ඩ.


වට කුරු බෝල දෙකයි මැද පොලුකෑලි එකයි....

ඒකත් මොහිදින් බෙග්ගෙ සිංදුවක තාලයක්. 


ඒක මහ අමුම අමු කුනුහරප සිංදුවක් වුනත්, අහන අහන එකාට හිනා යන සීන් එකක් ඒකෙ තියෙන්නෙ. ඒක තාලෙට ඌ කිව්වම කෝපල් වසන්ත පෙරේරත් පැයක් විතර හිනාවුනා. ඊට පස්සෙ තුන්දෙනාත් එක්ක ගහපු සිගරට් එකටත් දැඩි අවවාද කීපයක් එක්ක පැය කාලක විතර ලෙක්චර් එකක් දීල එදාට විතරක් පනිස්මන් කැන්සල් කලා. 


 හොඳම හරිය ඔික නෙමෙි. 

පහුවදාට එලිය වැටුනා කියමුකො. අපිත් මුරහලට අමතර පතුරම් අරව මෙිව ගිහින්දාල බංකරෙත් අතුගාල බිලට් එකට ගියා. ඒ ගිහිපු ගමන් හිස්බඩටම කෝපල් වසන්ත පෙරේරා පෙට්ටියක් උඩ ඉඳගෙන;


*ඒහ්, උඹල දෙන්න මෙහෙ වරෙන්.. කියපං බලන්ඩ ආයෙ පාරක් අර සිංදු දෙක


අපිත් වහලෙ ටකරං අස්සෙ ගහල තියෙන එයාගෙ සුරම්‍ය දණ්ඩ දිහා(අපිට නෙලන පොල්ල. ඔිකට අපි උදේ හවස පොල්තෙල් ගාලා පොලිස් කරලා පිරිසිදු රෙදි කඩකින් පිසදාල ආයෙ වහලෙ තිබ්බ තැනින්ම ගහල වඳින්නත් ඔින)  බලාගෙන සිංදු දෙකම තාලෙට කියද්දි.

ඒවා ඒ වෙලාවෙ බිලට් එකේ හිටපු අනික් කෝපල්ලාත් හිනාවෙවි අහං හිටියා. එතන හිටපු කෝපල් කරුනාරත්නත් මට එස්ට්‍රා අමුතුම විරිදු පංතියකුත් කියා දුන්නා. ඒක තොරනේ විස්තරේ ගැන කියවෙන එකක්. පස්සෙ ඒකත් පාඩං කර ගනින් කිව්වා. වනේ වන හතුරෙකුටවත් මෙි වගේ විපතක්නං වෙන්න එපා කියන්නෙ අර ඉස්සෙල්ලා කියපු රෙක්කුට් බැච් එක එනකම්ම බිලට් එකෙයි,මුරහලෙයි, අතනයි මෙතනයි තැනයි නොතැනයි හැමතැනම උන්දැලා දකින දකින වාරයක් පාසා

*ඒහ් මෙහෙ වරෙන්,කියාපම් බලන්ඩ අර සිංදුව. මාත් සීරුවට එනවා. සිංදුව කියනව. ආයෙ තැනකින් තව කෝපල් කෙනෙක් මාව අල්ලගෙන "අඩෝ.. ප&@%යා. කියපිය බලන්ඩ අහවල් සිංදුව" මාත් ඒ ඒ කෙනාගෙ චොයිස් එක අනුව සිලෙක්ට් කරන සිංදුව කියනව.  කියනව නෙමෙයි, කියන්ඩ වෙනව.  ඔික නොකිව්වොත් හක්කට එකක් පුරෝලා වදිනවා,නැත්තං පස්සට එකක් වදිනවා. අර ඉස්සෙල්ලා කිව්ව දෙවෙනි බැජ් එක එනකම්ම උන්දැලටම වතුර බත් ඇද ඇද සී එප්එම් එකේ මහ පිරිත යනව වාගෙ උදේ හවස ඔික මතුරන්න සිද්දවුනා. වරක් දෙවරක් නෙමෙි. දවසකට විසි තිස් හතලිස් පනස් ගනන් වාර. 


ඒකෙන් ගැලවුනේ ඒ ආපු බැච් එකේ හිටියා මටත් එහා ගියපු මොංගල් ඩෑල්ලෙකක්. මොංගල් ගතිය ඩිස්ප්ලේ එකේ පේන්නම කියල නැතිවුනත් මූත් පස්සෙ පස්සෙ තනිකර ඇම්ඩෙක් වුනා. 

මාත් ඌට සත්තම දාලා බය කරාගෙන හිටියෙ. එක දවසක් පාලු නිස්කලංකේ ඉන්න අවස්තාවක මොලේ හිරිවැටීගෙන ආපු ගණදෙවි නුවණක් පහල වෙලා ඌට "පාඩං කරපිය මෙි කවි සිංදු ටික" කියල ලියලම දුන්නා කටපාඩම් කරගන්න. ඒ, ඒ වෙද්දි මං පාඩංකරං හිටපු කවි සිංදු විරිදු බයිල බජව් ඔක්කෝම ටික. දැන් ආරච්චිගේ අනුප්‍රාප්තිකයා වෙලා ඌ. ඒකට මෙයාලාගෙන් බාදාවක් උනෙත් නෑ. මට සිංදුව කියපිය කිව්ව ගමන් මං කියන්නෙ

*අම්ම:හ් කෝපල් අනේ මං දන්න සිංදු. සිංදුනං ආං ඒකටත් එක්ක අහවලා, ඒකා තරුනසේවා සබාවෙන් ඔිව ඉගෙන ගෙන ඇවිත් තියෙන්නෙ.. එන්ඩ කියන්නඩ..

*හා එන්ඩ කියපම් බලන්ඩ. 

අනේ දෙයියනේ, කාලෙයක් තිස්සෙ මං විඳෝපු කාපු කුණ ඌට බාර දීල සේප් එකේ ඇඟ බෙිරගෙන ඒ ෆීල්ඩ් එකෙන් අයින්වුනා. ඌත් දැං තාලෙට කවි සිංදු කියනවා. හරියට ගිරවෙක් වගේ.  දැං ඉතින් අපිත් සීනියර්ලානෙ. මාත් ඉතින් හිමීට ඔය අස්සේ බිලට් එකේ බංකරේ,පොයින්ට් එකේ පිකට් එකේ හොඳට වටපිට බලල කෝපල්ලා කව්රුත් නැත්තං අරූට;


*ඒහ් මෙහෙ වරෙං.. කියාපං බලන්ඩ අර සිංදුවක්... අනේ ඌත් හරි ලස්සනට මගෙන් පාඩංකරගත්තු සිංදු තාලෙට මටම කියනවා. මාත් කෝපල්ලා වගෙ අහගෙන ඉඳල හිනාවෙනව. මෙිව සිඟිති ආතල් නෙමෙි. පට්ට ආතල්. 


එක දවසක් ඔිකා මට තියරියක් දාන්ඩ ඇවිත් පයින් ඇන්න පාර බිලට් එකේ ටකරමකුත් ගලෝගෙන ටංක පෙට්ටි පේලියකුත් පෙරලගෙන එලියට විසික්කවුනා. ලඟට ගියේ තව එකක් අනින්ඩ. හොඳ වෙලාවට දුරින් කෝපල් කෙනෙක් එනව දැකපු හිංද සේප්වුනා. නැත්තං අරූ අම්බානක කනව. පස්සෙ මං කෝපල්ගෙන් අම්බානක කාල කෝපල් විසින් දෙන්නට දෙන්න බදාගෙන ඉම්ඹෝල ඊට පස්සෙ තොලකුත් දම්මල  යාලු කරවල සේප් කලා. නැත්තං ඌ තාම ගුටිකනව. 

මමනං තාමත් ඒ කාලෙට පට්ටම ආසයි.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.10.03