Tuesday, June 29, 2021

මඩකලපුවෙ සිද්දි

 මඩකලපුවෙ ඉද්දි මගෙ වැඩෙිම ඉරිදට හොරාට කඳවුරෙන් එළියට ගිහින් ටවුමෙ කරක් ගහන එක. ඉඳල හිටල චිත්‍රපටියක් බැලීමත් මගේ වැඩක්. මඩ්ගාඩ් නැති බ්‍රෙික් නැති පැය බාගෙකට වඩා රෝදෙක හුලං අල්ලන්නැති කොටින්ම ප්‍රේම් එකකුත් හැඬල් එකකුත් රෝද දෙකකුත් විතරක් තියෙන ෆුට් සයිකලේකින් විශාල ටවුමක කරක් ගහනවා කියන්නෙත් එක්තරා අභියෝගයක්. සමහර දවස්වල දවල්ට කන්නෙත් කඩෙිකින්.පිස්තෝල කොටි රෑන් රෑන් ආවත් මම නෙමෙි ඒ පුරුද්ද නැවැත්තුවෙ. කොටුවට ගිහින් එන්නං කියල බොරුවක් ගහල කාළගුණේ ⁣පොයින්ට් එකෙන්  හිමීට දෙපැත්ත බලල එළියට පනින එකත් මහලොකු දෙයක් නෙමෙි. ආපහු කීයට හරි එනකොට ගේන්න සැන්ටින් කරල ගල් බෝතලේකට එක්කහු කරන මුදලුත් අරගෙන ගිහින් ආයෙ හවසට ඇතුලට එන්නෙත් ගිය තැනින්ම ගිය විදියටමයි. 


මඩකලපුව ටවුම වටෙි මාර ලස්සනයි. ඒක තවත් ලස්සන හවස හය හත අට විතර වෙද්දි. ඇවිදල ඇවිදල මහන්සි වෙනකොට සමහරදාට ආපහු එන්නෙ කොළඹ පාරෙ ගිහින් සින්න ඌරනි කලපුව අයිනෙ පාර දිගේ. මෙතැන ඉර බහිද්දි මාර ලස්සනයි. හවසට  ඉර බැහැගෙන යද්දි අහ⁣ස පුරා වැටෙන රතු පාටත් රෝසපාටත් කලවම් වුනු වලාකුළුවල සේයාව කලපුව මැද්දෙන් පේද්දි සහ අඳුර වැටීගෙන එද්දි ඉස්සො කොටුවල දැල්වෙන පැට්‍රෝල් මැක්ස්, ලන්තෑරුම් එළියත් වටෙි පිටෙි දැල්වෙන විදුලි ලාම්පුවල එළියත් සහ කලපුවට එගොඩින් සහ දූපත්වල තියෙන නිවෙස්වල දැල්වෙන විදුලි ලාම්පු එළියත් දැක්කම ඒ දසුනෙන් ඇස් දෙක ඉවතට ගන්න තියෙන්නෙ පුදුම අමාරුවක්. කොච්චර බලා හිටියත් ඇති වෙන්නෑ. ඒ අතරෙ මාලු අල්ලන්න ගිය ඔරු දෙක තුනකුත් දුරින් දුරින් පේන්න තියෙනකොට ඒ ලස්සන දෙගුණ තෙගුණ වෙනවා. ආයෙ මඩකලපුව කොටුව. ලන්දේසිකාලෙ හදපු ඒ කොටුව උඩට ඈතින් කල්අඩි පැත්තෙන් මුහුදත් චුට්ටක් පේනව. ගඟක් ගලනව වගේ කල්ලඩි පාලම හරහා නිරන්තරයෙන් යන එන ජනී ජනයා සහ වාහන දැක්කම හිතට එන්නෙ මං පිට රටක ඉන්නව වගේ කියල. දවල් තිස්සෙ රත්වෙලා රත්වෙලා හවස්වෙද්දි දුම් පාටට ඉහල නඟින ජලවාශ්ප දකිනකොට හිතෙන්නෙ නවදැලි හේන් ගිනිතියල ඒවගෙන් නගින දුම් වගේ කියල. බෆලෝ අයිලන්ඩ් කලපුවත් කාත්තාන්කුඩි ඉහත්තාවෙන් පිහිටි දූපතත් එකට එකතුවෙලා මෝයකට පැත්තට ගලන විශාල කලපුවට එකතු වෙනකොට නැගෙන ජලතරංග  හෙන විසාල මකුලු දැල් රාශියක් එලල වගේ පේන්නෙ. කොටුව පාමුලින් ගලාගෙන යන පැහැදිලි කලපු වතුරේ නිමක් නැතුව පීනගෙන යන ජෙලි ෆිෂ්ලයි මොරැල්ලො මාලු රෑනුයි මාර ලස්සනයි. හැන්දෑවට කොටුවෙ මෙි කලපුව පැත්ත ආවරණය කරන්න දාල තියෙන බ්‍රවුනින් ගන් එක  ගාව  තියෙන ලන්දේසින්ගෙ කාලතුවක්කුව උඩ වාඩිවෙලා මං මෙි දිහා අනන්තවත් බලාගෙන ඉඳල ඇති. ඒ සුන්දරත්වය තීව්‍ර වෙන්නෙ රසනිත් කොටුවෙ ඩියුටි වැටුනු දාට එයත් එක්ක මෙතනට වෙලා දහසක් දේවල් කතා කර කර ඉන්නකොට. මං එයාට කොච්චර ආදරේ කලත් එයා ආදරේ කියන මාතෘකාව ගැන නොකිය ඉන්න කොච්චරනම් වෙහෙසක් ගන්න ඇද්ද. මෙතනට අපි දෙන්න ආපු හැම දවසකම වගේ වෙන්වෙලා  ගියේ රණ්ඩු වෙලා හිත් නරක් කරගෙන. හවස ඈත එගොඩහ කෝවිල්වලින් "මංජ කලර් චිංගිචාන්,ශිවත කලර් චිංගිචාන්, චිංගිචාන් අර චිංගිචාන්" කියන භක්ති ගීතය ඇහෙනකොටනං ඒ වෙලාවටනං මගේ ඇඟේ මාළු නටනවා. මට හිතෙන්නෙම ඒ භක්ති ගීයක් වුනත් "මට කෝචොක්" කරනව කියල. මං ඔතනින් යන්නෙ හැමදාම තනියම. මොකක් හරි හේතුවකට රසනි රණ්ඩු වෙලා මට කලින් ඔතනින් යනවා. ඊට පස්සෙ එයාට යන්න ඇරල මං මෙතන තනිවෙලා වෙච්චි දේවල් ගැන කල්පනා කරනවා. ආයෙ මම ඔතනින් යන්නෙ මොන ඩියුටිය හිටියත් හවස හත විතර වෙද්දි හතර වටෙන්ම මුස්ලිම් පල්ලිවලින් ඇහෙන "අල්ලාහු අක්බර්" ගායනයටත් පස්සෙ.   ඒ දසුන් වල අසිරිය විඳගන්නනම් ඒ තැන්වලට යන්නම ඔින. ඒවගෙ ලස්සන වචනෙන් මෙතෙකැයි කියල කියන්නම බෑ. ඒත් මොහොතකට ඒ ලස්සන ඇතුලෙ ලේ පිපාසිත රුදුරු කොටි නඩෙිත් ගැවසෙනවනෙ කියල මතක් වෙන්නෙම නෑ.  තැනින් තැන දෙතුන් දෙනා මං සිරිනරඹනව වගේම  ෆුට් සයිකල් වල ඇවිත් ලයිට් කණු යටයි අතනයි මෙතනයි එකතු වෙලා කයිය ගහන පුද්ගලයින් දැක්කම හිතට එන්නෙම "මෙිත් කොටිද දන්නෑ" කියල. මඩකලපු කලපු පාර කොච්චර ලස්සන උනත් ඒ දවස්වල යන එන  පාර හදල තිබුනෙ ගල් බොරලු දාල. (ස්ටෑන්ඩ් එක පාර). 2002 වෙසක් දවසෙ ක්ලේමෝ බ්ලාස්ට් එකත්, පාලම ළඟ සිදුවුනු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත්, මඩකලපු ටවුමම අවලස්සන කරපු සිදුවීම් දෙකක්. ආයෙ දුම්රියපොළ ගාව සිදුවුනු ක්ලේමෝ බෝම්බ ප්‍රහාරය.පිස්ටල් ගෘප්වලින්නම් බෙිරුමක් තිබුනෙම නෑ. මඩකලපුව කොටුව මුදුනට ලස්සනට පේන කල්ලඩි පාලම පාමුල ටවුම පැත්තට වෙන්න තිබුනු ක්‍රිස්තියානි පල්ලිය ගාවදි ඉන්ට් එකේ දෙමළ කෙනෙක්ව පිස්තෝල කල්ලිය විසින් වෙඩි තියල මරා දැමුව. ඒ මගේත් හොඳ යාලුවෙක්. අපි දෙන්න වාලච්චෙිනෙදි වගේම නොයෙක් ක්‍රියාකාරකම් සඳහා එකටම මඩකලපුවෙත් ඇවිත් තියෙනව. මෙි පාරෙමත් ගිහින් තියෙනව. ඔතන අපේ ට්‍රැක්ටරයකුත් පෙරලුනා. ඒකෙන්නම් කාටවත් මොකුත් වුනේනෑ. 


ක්ලේමෝ සිදුවීම කිව්වෙ; එදා සැරයන් කෙනෙක් එක්ක දුම්රිය ආරක්ෂාවට ගියපු අපේ ටීම් එකකට ස්ටේෂන් එක පෙනෙන නොපෙනෙන දුරදි කොටි විසින් රිමෝට් එකකින් පුපුරණ ක්ලේමෝ බෝම්බයක් පුපුරවා හරිනවා. ඒ 2001 අවුරුද්දෙ. ඒකට අපේ ⁣ඉස්සරහින් ගියපු දෙන්නම අහුවුනත් ඒ දෙන්නගෙන් ප්‍රේමවර්ධන බීඩීකේපීපී දරුණු විදියට තුවාල ලබනවා. අනෙකාට සුළු තුවාල වුනත් කම්පනයට බිම ඇ⁣දගෙන වැටෙනවා. මෙි වෙලාවෙදි දෙමළ චිත්‍රපටියක ආකාරයට  ඒ ප්‍රහාරයෙන් බෙිරුනු සැරයන්ටත් අනෙකාටත් වෙඩි තබමින් කොටි තුන්දෙනෙක් දුවගෙන එනවා. මෙි සිදුවීමෙන් කැළඹුනු පාලම ගාව රෝඩ් බ්ලොක් එකේ හිටපු පොලිසියෙ කට්ටිය සිදුවීමවුනු තැනට වෙිගයෙන් දුවගෙන එනවා. ඒ අතරෙ තමා දෙසට වෙඩි තියමින් ආව කොටියෙකුට සුලු තුවාල ලබා සිටි සෙබළා පෙරලා පහර දෙද්දි ඒ කොටියා බිම වැටෙනවා. ඒකෙන් අනෙක් දෙන්නගෙ ගමන අඩාල වෙද්දි ඒ අවසරයෙන් පොලිසිය මෙතනට ඇවිත් අනෙක් එවුන්ට වෙඩි තියල අපේ හතර දෙනාම බෙිරගන්නව. අපේ අයගෙ හොඳ වෙලාව කියන්නෙ ඒ වෙලාවෙම තෙල් ගහන්න 233 බ්‍රිගේඩ් එකට ගියපු බෆල් රථයක් ඔතනින් යන්න එද්දි පොලිසියෙ කෑගැහිල්ලට නවත්තල බලනවා. ඒ අනුව තමා එක කොටියෙක් මරාගන්නෙ. එකෙක් තුවාල වෙලා ඉද්දි, ඌව අල්ලන්න ගියපු අපේ සැරයන් ඇතුලු පොලිසියෙ අයට ඌ වෙඩි තියද්දි පස්සට පස්සට ගිහින් ⁣බිල්ඩින් අතරේ නොපෙනී යනවා. පස්සෙ කොච්චර හෙව්වත් හොයාගන්න බැරිවුනා. ඒ කියන්නෙ වාහනේක ඇවිත් වාහනේම පැනල ගිහින්. ඒකයි කිව්වෙ මෙි ලස්සන අතරෙ අපේ මාරයත් වෙස්වලාගෙන බලාගෙන ඉන්නවා කියල. 


කලපුව අයිනෙ මෙතැනට පේන පිල්ලෙයාර්අඩිවලදි තමා 1999.09.24 දින අපේ 24 දෙනෙක් මැරෙන්නෙ. ඒ අපේ කොන්වොයි එකේ නිවාඩු ලබා යන අය රැගත් බසයකට බිබ්බෝම්බයක් තියල. එතැන බ්ලාස්ට් තුනක්ම උනා. අපේ බසයක්,පොලිසියෙ බසයක් හා නැවත අපේ ට්‍රක් එකක් වශයෙන්. පිල්ලෙයාර්අඩි වලට එහා පැත්තෙ ආයෙ අපෙ කඳවුරක් තියෙන්නෙ සතුරුකොන්ඩාන්. අපේ ඒ කණ්ඩායම තමා එතැන රාජකාරි කලේ. එහෙ හිටියෙ ලුතිතන් එන්ඉසෙඩ් ද  සොයිසා. මෙයා තමා කිරිමණ්ඩලේ අපි කොටි ප්‍රහාරයකට අහුවුනු වෙලේ එතැනට ඇවිත් අපිත් එක්ක නැවතුනේ. (ඒ කතාව කලින් කියල තියේ). 

මෙි අද කතාව. 

මෙි සතුරුකොන්ඩාන් කඳවුර ඉස්සරහින්ම තියෙන්නෙ අර කලින් කිව්ව වගේ ලස්සන කලපුව. පාර අයිනෙත් අපේ පොයින්ට් එකක් තිබුනා. ඒක දිවා මුරයක්. ඒ බංකරේ ඉඳල කලපුවට මීටර් 100-150 ක් විතර යන්න ඔින. මෙි ඉස්සරහම තමා මාලු අල්ලන අයගෙ ඔරු නවත්තල තිබුනෙ. බ්‍රිගේඩ් එක ඇතුලෙ ස්ථාපිත නේවල් පොයින්ට් එකෙන් සමහරක් දවසට විතරයි මෙි කලපුවෙ විසිට් එකක් යන්නෙ. ඒකත් නේවි එකේ අයට හිතෙන්න ඔින. ලුතිතන් සොයිසාගෙ පුරුද්දක් තිබුනා මෙි කලපුවෙ මාලු අල්ලගෙන ඇවිත් නවත්තන ඔරුවක් අරගෙන උදේට මාලු අල්ලන්න යන ඔරු පරීක්ෂා කරන්න කලපුවට යන එක. ඒක හෙන ඩෙින්ජර් වැඩක්. කව්රු එපා කිව්වත් මෙයා යනව. ඒ ගිහින් සල්ලිවලට මාලුත් අරගෙනමලු එන්නෙ. මෙහෙම දවස් කීපයක් කරාම මෙික කොහොමහරි කොටින්ගෙ කනටත් ගිහින්. මෙතුමා එකින් එක ඔරු පරීක්ෂා කරමින් යද්දි එක ඔරුවක ධීවරයින් විදියට කොටි දෙන්නෙක් ඉන්නවා. ලුතිතන් සොයිසා හිටගෙන. බඩියා හබල් ගානව. දෙන්නම මෙි ඔරුව ලඟට ගිහින් විස්තර අහද්දි මෙි දෙන්නටම කලපුව මැද්දෙම දාගෙන වෙඩි තියනව. අන්තිමෙිදි මෙි දෙන්නම මැරෙනව. මෙි සිදුවීම වෙද්දි මම හිටියෙ බ්‍රිගේඩ් එකේ ඇතුලෙ. මෙි කතාව මම අහගෙන දැනගත්තු එකක්. නමුත් කතාව ඇත්තටම ඒ විදියට සිදුවුනා. 


සිදුවීම් එසේ වුවත් වෙනදා වගේම එදා හවසත් ඉර බැහැගෙන යද්දි සුපුරුදු සුන්දර දසුන් මෙි හැමතැනම මැවී තිබුනා. අපි කාටත් අයිති නැති මෙි සුන්දර ලෝකේ සුන්දරම තැන් වල තමා ගොඩක් මරණ සිද්දවෙන්නෙ. ඒ සුන්දරත්වයේ නාමයෙන් වෙස්වලාගත් මරුවා නැත්තෙ කොතනද කියලා අපි කාටද කියන්න පුලුවන්. මම කලපුවෙි ලස්සන බලන්න නැවතෙන ඒ කලපුව අයිනෙම දෙමළ පොළිස් නිලධාරියෙක් මරා දමා තිබුනේ ඊට ටික දවසකට කලින්. මට මතක විදියට එස්ටීඑෆ් අයටත් ඔතන සිදුවීමක් වුනා. ඒකෙනුත් කීප දෙනෙක් තුවාලවුනා හා කිහිප දෙනෙක් මියගියා. ඒත් මං හැම ඉරිදාවකම නැතත් අඩුම මාසෙකට දෙපාරක්වත් ඔය පාරෙ ඇවිත් එතැනම නැවතිලා ලස්සනත් බලල සමහරදාට අටටත් විතර තමා කඳවුරට එන්නෙ. පිස්තෝල ගෘප්,සූසයිඩ් ගෘප් කොච්චර හිටියත් මගේ ඒ ගමන නැවතුනෙ එහෙන් ට්‍රාන්සර් වෙලා ආවට පස්සෙ තමා.

එක දවසක් අපි මඩකලපුවෙ ආඥ්ඥනේයර් පිලිරුවට මෙහා පැත්තෙ නාගරික පෙදෙස වටලා සෙවීමක් සිදුකරනව. ඒ පිස්තෝල කල්ලි නායකයෙක් ඉන්නවා කියන ඔත්තුවකට අනුව. අපි උදේ පාන්දර හතරට විතර පටන්ගත්තු මෙහෙයුම හවස දෙක වෙනකම් තිබුනා. එහෙම පරීක්ෂා කරගෙන කරගෙන යද්දි මට ලස්සන යමක් කමක් තියෙන ගෙදරක් පරීක්ෂා කරන්න සෙට් වෙනව. ඇත්තටම පරීක්ෂා කරනව කිවිවට පොලිසිය විතරයි පරීක්ෂා කරන්නෙ.අපි එයාලගෙ ආරක්ෂාවට ළඟ ඉන්නව. ඒ ගෙදරදි ලස්සනම ලස්සන කෙල්ලෙක් පැද්දෙන කිංකිනි ස්වරයෙන් පොලිසියත් එක්ක කතා කර කර එළියට ආව. පොලිසියෙ දෙන්නම දෙමළ දන්නෑ. මං එයත් එක්ක කතා කලා. ඒ වන්දාරමූල්ල කැම්පස් එකේ ඉගෙන ගන්න කෙල්ලෙක්. අපි දෙන්න ඇස්වලින් කතා කලා. වචනවලින් කතා කලා. ශරීරයෙනුත් කතා කලා. ආපහු මං එළියට බැස්සෙ පොලිසියෙ දෙන්න ටිකක් එහාට මෙහාට වෙනකම් ඉඳලා ගෙදර ෆෝන් නම්බරෙත් ඉල්ලගෙන. අම්මප මට ඒකිව දැක්කමනං රසනිට පොල්ලක් අරන් ගග ගගහ එලවන්න හිතුනා. රසනි කියන්නෙ කවදාවත් නොලැබෙන වස්තුවක් කියල යන්තම් හරි මම දැනගෙන හිටියනං අර අයිටම් එකට ට්‍රයි කරන්න තිබුනා. ට්‍රයි කරන්නනම් දෙයක් නෑ. ඒ දවස්වල මටනං ඔිවා කොහොමත් ඔටෝ වැටෙනවා. නිවාඩු එද්දි යද්දි වුනත් කෙල්ලන්ගෙන් කීයක්නම් ඇඩ්‍රස් ෆෝන් නමබර් අරං බස් එකෙන් බැහැල ඇද්ද.   


එයාගෙ තාත්තා කඩයක් කරනවා කිව්වා. තැනත් කිව්වා. මං එක දවසක් ඒ කඩෙිට ගිහිනුත් මාමජ්ජවත් ඇහැට දාගෙන ආව. පිස්සුනේ...මං එදා ඒ ගෙදරින් එළියට බැස්සෙ නම සදීස් කුමාර් කියල. ගම කිව්වෙ නුවරඑලියෙ කියල. මං දෙමළ කියල දැන ගත්තම එයැයිටත් ඉතින් මොනාහරි හිතෙන්න ඇති. පිස්සුනේ... ඊට පස්සෙ එකම එක දවසක් ඒ ගෙදර ගිහින් තේ බීල ආව. පිස්තෝලවලට තියෙන බය  හින්දම ආයෙ ගියෙ නෑ.පේන්න ඇවිත්නං ලොවෙත් ආරච්චිව බාවන්න එකෙකුටවත් බෑ. අඩි හයේ තාප්ප, පොටවල් අටෙි කම්බි වැටවල්, කලපු කෑලි නතින් ඉතින් ආයෙ. මොකද නුදුවපු එකක්යැ පිස්තෝල එක්ක. මගේ අහිංසක කකුල් දෙක කීපාරක්නම් මාව බෙිරාගෙන ඇද්ද. 


යටින් තියෙන්නෙ පිල්ලෙයාර්අඩි කලපුව සහ ප්‍රධාන පාර.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.06.29

Thursday, June 24, 2021

තලගොයි ලමයා

 මෙි කතාව ටිකක් වෙනස් එකක්. 


ඩීඅයි කරපු සාජන්ලා බඩ ගාතී

පීටීඅයිල බංකර්වල හරි ජාතී

ඩ්‍රිල් ඇන්ඩ් වෙපන් ඔක්කෝ


ටම තරු පේතී

නිළධාරින්ට විතරක් සැප සැප ජාතී


එ මගේ බංකර් කුරුටුගීයක්. ඒක ලියල තියෙන්නෙ කල්ලාර් අපේ බිලට් එකට ඇතුලුවෙන්න තියෙන පතරංග දොරේ. කවි නොදන්න කාලෙ ලියපු කවි නිසා ඒව මට මහමෙරක් වගේ. 


එහෙම ලියපු තව කුරුටු ගීයක් තියෙනව.


නිවාඩු යන්න අවසරයක් නොමැති තැන

එල්පී යන්න සුදු කොල්ලෙක් එවනු මැන


ඒකත් කබොක් ගල් කටෙිකින් බිලට් එකේ සුදු හුනු ගාපු බිත්තියේ ඩීඅයි තුමාට පේන්න ලියපු එකක්. එල්පී යනව කියන්නෙ රෑට තුන් දෙනෙක් එක්ක කැලේට ගිහින් රැයක් පුරාවට ඇහැරල ඉදිරි භූමියේ සතුරාගේ ක්‍රියාකාරකම් වෙනවද කියල කන්දීගෙන බලා ඉන්න රාජකාරියක්. ඒ එල්පී එකකට කෝපල් කෙනෙක් එක්ක සුදු කොල්ලෙක් ආවනං තුන්වැනියා  එලිවෙනකං අමර සැපේ නිදි. සුදු කොල්ලයි කෝපලුයි විතරක් ඇහැරිලා. ඩීඅයිට පේන්න ලිව්වා කිව්වෙ ඒ දවස්වල ඩීඅයි එකයි සීඑස්එම් එකයි දෙකම කෙරුවෙ එතුමා නිසා.


කතාවට යමුකො. මාවිල්ආරු ක්‍රියාන්විතය ඉවරවෙලා වන්නි මානුෂීය මෙහෙයුමට යන්න බලාගෙන කල්ලාර් සෝමපුර කඳවුරට වෙලා ලකා ගහ ගහ ඉද්දි හමුදාවට බඳවා ගත්තු ආධුනිකයින් පිරිසක් අපේ ඒකකයෙත් පුරප්පාඩු පුරවන්න කියල රෙජිමෙින්තු මධ්‍යස්ථානය වෙතින් දවසක රෑ මද්දහනේම එවලා තිබුනා. පැය හතලිස් අටක කන්ටින්‍යු රාජකාරියක් එලියෙ පට්ට කැලෑවක කරල කඳවුරට ඇවිත් මාවිල්ආරු ඇලෙන් නාගෙන රෑ හතට දෙන කෑම එක කොල්ලෙක්ට "මයෙ රෑ කෑම එක පෙට්ටිය උඩින් ගෙනත්  තියපං මල්ලි ඈ" කියල 

මං ඇඳේ පොඩ්ඩක් ඇලවුනේ සිරාවටම ඇඟට දැනුනු තෙහෙට්ටුව නිසා පොඩි හාන්සියක් දාන්නං කියල හිතාගෙන. ඒත් පාන්දර එකට විතර ඩීඅයි තුමා ඇවිත් ඇහැරවනකන්ම මට සමාදානයේ හොඳ වටිනා නින්දක් ගියා. කාලත් නෑ. කට දෙපැත්තෙන්  ගංගා යමුනා වගේ ගලාගෙන යන  මහා කුණු කෙල ගංගාවන් දෙකම අතේ පිටි අල්ලෙන් පිහදාන ගමන් යන්තං ඔලුව උස්සල බැලුවෙ "කව්ද ඩෝ.. මහ පාන්දර තිස්ස තිස්ස කියන්නෙ" කියල. බලන කොට උඩු කයට නිළ ඇඳුම් ෂර්ට් එකකුත් යටි කයට වයිරං වයිරං බතික් සරමකුත් ඔලුවට ලෙදර් තොප්පියකුත් සහ පයට ගම්බූට් දෙකකුත් දා ගත්ත මහා නීල ගෝඨයිම්බර ලීලාවෙන් ඇහැට අඟලක් දුරින් එලිය වදින්නැති හඳ වැනි මූන රුපියලක් වගේ වෙච්චි කණාමැදිරි එළි ටෝච් එකත් මූනට ලංකරලම අල්ලගෙන "ආරච්චි ආරච්චි" කියල ආයෙ ආයෙත් කතා කරන ඩීඅයි උතුමාණන් දිහා බැලුවෙ "අදනං බෑ..හෙට හෙට" කියන ලීලාවෙන්. ඇයි යකෝ මහ පාන්දර  ඔහොම කෝපල් කෙනෙක්ගෙ ඇඳක් ගාවට එන්න හයිය තියෙන්නෙ කඳවුරෙන්ම දෙන්නටයි. විසේසෙං ආරච්චි ගාවට. ඒ දෙන්නටම නැතුව මෙතුමා ආපුවම මං හිතුවෙ කොල්ලො කේස් එකකට තමා කියල. හැබැයි ඉතිං එහෙම නෑ රත්තරං මනුස්සයා. ඒකනෙ කන්තලේ ගිහින් බීල කේස් එකකුත් දාගත්තෙ. ඒත් මහ රෑ තද නින්දෙ ඉන්න බුවෙකුට ඇහැරවනකොට එහෙම ඔටෝම හිතෙනවා. මාත් "කව්ද හු&@%$තො හැ*@&$%න්න හදන්නෙ" කියල ටිකක් තදින්ම ඇහුවම ඊට එහා පැත්තෙ මං නිදා ඉන්න තැන පෙන්නන්න ආපු තවත් ජූනියර් කෝප්‍රල් කෙනෙක් "කෝප්‍රල් ආරච්චි, ඩීඅයි සර්" කිව්වම තමා මං ඇඳේ ඉඳගත්තෙ.

*ඇයි සර් මෙි හදිස්සියෙ??? ඇඳ කැඩුනද,නැත්තං සමලිංගක කේස් එකක්ද??කියල නිදිමතේම අහල "ඒ වෙනුවෙන් මට මොකක්ද කරන්න පුලුවන් සර්" කියල වැඩිදුරටත් ඇහුවම තමා දෙයියො බුදුන් බුදුවුන පශ්චිම යාමයේ කන් පිරෙන්න මහා කුනුහරප යාං හෑල්ලක් ඇහුනේ  කන් අඩි දෙකම පිරෙන්න. හරියට අඩියට වෙිලුන වික්ටෝරියාව පුරවන්න සමස්ථ මහවැලියම හරෝපුවම ඒ වතුරෙන් වික්යෝරියාව පිරෙනව වගේ පිලිවෙලකට. "කව්ද ඩෝ අපේ ඩිඅයි සර්ව සේවනය කරන්න හදපු පාහරයා..." කියල වැඩි දුරටත් අහන්න හිතුනත්,  ඒක ඇහුවනං ආයෙ දෙකක් නෑ,මා එක්ක තිබ්බ ඇරියස් වල හැටියටත් එක්ක අතේ තිබ්බ අර මූන සත පහ වගේ වෙච්චි ටෝච් එකෙන්  දමල අරිනවා මල් ඇවරියම බඩට යන්න. ඒ නිසා හීනෙන් වගේ "ඩීඅයි" කියන වචනෙ ඇහුන හිංද අර ටික විතරක් අහල ඇඳේ ඉඳගත්තා. "ඒත් එතුමා මා ගැන දන්න නිසා යකෙක් පොල් කාල වගේ අඳුරෙ ඉඳන් ඇවරිය විතරක් පෙන්නලා හිනාවෙලා කිව්වෙ "නෑ බං,අරුං ආවා.ටක් ගාල මොකක් හරි ඇඳුමක් දාං වරෙං" කියල. මං එතුමත් එක්ක ආපු බුවාටම "ලයිට් එක දාපං මල්ලි" කියල ලයිට් එක දාපුවම තමා මට දවල් තරු මහ පාන්දර පෙනුනෙ. නා කියාගෙන ටවල් එකෙන්ම ඇලවුනු මට එහෙම්මම නින්ද ගිහින් තිබුනෙ. ටවල් එක අල්ලපු ඇඳේ. කොට්ටෙ බිම.මෙට්ටෙ ඇඳේ බාගයයි බිම භාගයයි.  "හයියූ මගේ පතිවත" කියල වෙිගයෙන් හිතුනු මට සබාව ඉස්සරහ නිරුවත වහගන්න වුනේ ඇඳ පාමුලම අටෙි ඉලක්කම හැඩෙිට උණ්ඩි වෙලා තිබුනු පැල්ලං පැල්ලං පිරිච්චි බෙඩ්ශීට් එක ඇදල අරං. ඒ මගේ චරියාව බිලට් එකේ අනික් උන්දැලට සුපුරුදු වුනාට මෙතුම ජ්‍යෙශ්ඨයෙක්නෙ. ඒ නිසා ඩිංගිත්තක් විතර ලැජ්ජාවකුත් දැනුනා. ඒ දවස්වල මට කොහේ හිටියත් රෑට ඔිෆ් එකේ නිදියනවනං ඇඳුම් ඇඳල පුරුද්දක් තිබුනෙම නෑ. ඒ උණ හැදුනෙත් ලා/කෝ කාලෙ "දැම් මං හෙන සීනියර් පොරක් ඈ" කියල අහම්බෙන් හිතට ඇතුලු වෙච්චි දවසක ඉඳල. බෙඩ් ශිට් එකෙන් නිරුවත වහගෙන ඉහ ඉද්දර ඇඳ වියලෙ පේලියට වනල තිබුනු තෙත ජොක්කු වෙිලිච්ච ජොක්කු පේලියත් දකුණු අතින්ම දකුණු දිශාවට ඇදලා දාල සර්ට ඉඳගන්න කිව්වෙ  "අරුං" ටික ආව කිව්ව නිසා "අරුං ටික" භාරගන්න යන්න බොටමක් ටීසර්ටයක් දාගන්නකං. ඒ අතරෙ ඩී අයි සර්

*යකෝ උඹ කෝපල් කෙනෙක් නේද?? හැසිරීමනං අන්තිමයි ඈ..

*අන්න අන්න සර්.. සර්රුත් මෙතන ඉඳල ගියේ නෑ වගේනෙ කතාව කියල කිව්වම එතුමා කට පියාගත්තෙ මට තියෙන බයකට නෙමෙි. ඔය කතාව දිග්ගැස්සුනොත් සර් දන්නව එළිවෙනකං නිවනක් නෑ කියල. එතුමා කියන ඔිනම දේකට මට ඔිනතරං උත්තර තියෙනව කියලත් එතුමා දන්නව. අපි දෙන්න අතරෙ තිබුනු පොඩි පොඩි ඇරියස් කීප වරක්ම හෙන ⁣ලොකු  ලොකු වෙලා පහල උසාවි දක්වා ගිහින් තිබුනත් එතුමා කවදාවත් මට අහිතෙන්නම් යමක් කලේ නෑ. කන්තලේ ගිහින් බීල කෙලපු පිස්සුවට ඔීසී මගේ පටි දෙකම එක පාර ඇදල දාන්න දත්මිටි කද්දිත් ඔිසීව කූල් ඩවුන් කරල ඒ පටි දෙකත් බෙිරල දුන්නෙ ඉතින් මෙතුමාම තමා. එතුමා එදා එහෙම දෙයක් නොකරන්න මට විශ්‍රාම එන්න වෙන්නෙත් එහෙනං සාජන් රෑන්ක් එකෙන්. ඔය මාවිල් ආරු ඇලේ ඉන්නව කිඹුල්ලු. උං කිඹුල්ලු නෙමෙි කිඹුල් නැව්. දවසක් මං ඇලේ පීනල පීනල හෙන වහක් කාල මඩ නාල නාල පොඩි කිඹුල් පැට්ටෙක් අල්ලගත්තෙ දරුකමට ඇති කරන්නං කියල හිතාගෙන. ඒක ගෙනත් දැම්මෙත් සිමෙන්තියෙන්  නාන්න වතුර පුරවන්න හදපු ටැංකියකට. එක දවසක් ඔිකා ටැංකියේ ඉන්නව දැකල එතුමා හෙන වහක් කාල තිබුනා මූව වතුරෙන් බෙිරල කැලේට යවන්න. කිඹුලෙක්  දැකලවත් නැති සර් හිතල තියෙන්නෙ ඒ තලගොයි පැට්ටෙක් කියල. ඒත් ඌව අල්ලගන්න බැරිවෙලා හවස පිට්ටනියට සෙල්ලං කරන්න ගියාම ඇහුවා "තලගොයි පැට්ටෙක් ටැංකියට වැටිල හිටිය දැක්කෙ නැද්ද?" කියල. මං සතා මොකාද කියල කියන්න ගියේ නැත්තෙ සර් ඒ "තලගොයෙක්" කියපු හිංද. ඒක අහං හිටපු වෙනම කෝපල් කෙනෙක් එතුමාට කාඩි එකක් ගහල "තලගොයි ළමයා" කියල. ඒකට අහුවුනෙත් අන්තිමට මාව. සර් ඉන්න තැනත් තලගොයි ලමය කියල අපි එක එක කතා හදල කිව්වම සර්ටත් ඒක ගානක් ගියේ නෑ. ඒත් "ගිරවා" (සාජන් අනුර) "තලගොයි ළමයා කියල උං කතාවෙන්නෙ සර්ට" කියල එතුමාව දැනුවත් කරාට පස්සෙ තමා වැඩෙි පත්තුවුනේ. ඔික නොදන්න තව කෝපලයෙක් උදේ අටයි තිහට පෝලිං කරල ඉද්දි මගෙන්  "උඹෙි තලගොයි ලමයට කෑම දැම්මද" කියල අහද්දි තමා දුක්බරම අවස්තාවක් උදාවුනේ. අන්තිමෙිට මෙි කිඹුල් දණ්ඩා කරේ තියාගෙන මල්වට්ටියක් වගේ අරං ගිහින් ඇලට මුදාහරින්නත් මට සිදුවුනා. එතෙකින් කිඹුල් කතාව අවසන් වුනත් එතුමා ට්‍රාන්ස්ෆර් යනකම්ම "තලගොයි ළමයා" කතාවනම් තිබුනා. එතුමා ස්ථාන මාරුවීම් ලබල යද්දි මට වෙනම කතාවක් කරල ගියේ. අන්තිමෙිටම කිව්වෙ "දැංවත් පටි දෙකේ නම්බුව තියාගෙන හොඳ කෝපලයෙක් වෙයන් කෝපල්" කියල.


කතාවට යමුකෝ. මෙතුමා "අරුං" ආව කියල කිව්වෙ ආධුනිකයො 56 දෙනෙක් ආව කියල. ඒ අය මට භාරගන්න තියෙන හිංද තමා දවස් හතරක රාජකාරියකට කැලේ ගිහින් ඉද්දිත් අතර මැද දවස් දෙකකින් කඳවුරට එන්න ලැබුනෙ. මාත් සර් එක්ක ගිහින් ඒ කටයුතු සම්පූර්ණ කරලා ඉවර කරන කොට පාන්දර පහයි. ආයෙ නිදියන්න වෙලාවක් නැති හිංද සාජන් මෙස් එකෙන්ම තේ දෙකක් ගෙන්නගෙන බීල අපි කතාවට වැටුන. මෙි සර් ඉතින් හෙන හොඳයි. විනෝදෙට බරයි. ඒත් හෙනම සැරයි. ඉතිරි පැයම මට උපදෙස් දුන්නෙ ආධුනිකයො වෙනුවෙන් කරන්න තියෙන දේවල් සම්බන්ධව. එතන හිටියා අත් අකුරු ලස්සන කොල්ලො හතර දෙනෙක්.අකුරු මුතු කැට වගේ. කිව්වට විශ්වාස කරන්න ආයිබෝං.. ඒ අතරිනුත් අකුරු ලස්සනම කොල්ලා මුස්ලිම් කොල්ලෙක්. නම විතරයි මුස්ලිම්. අනික් සේරම සිංහල. අම්මයි තාත්තයි දෙන්නත් මුස්ලිම්. මට නිකමට හිතිල ඌට කිව්ව "ඉතිපිසෝ ගාථාව කියපං බලන්න" කියල. යකෝ හාමුදුරු නමකට වැඩිය ලස්සනට ඌ කිව්වා. අම්මට තාත්තට වඳින ගාතාවෙ ඉඳන් ගොඩක් දේවල් අපිටත් වඩා ඌ දන්නව. ඉගෙන ගෙන තියෙන්නෙ සිංහල ඉස්කෝලෙක. කරුමෙ කියන්නෙ මට නම මතක නෑ. නම මතක විදියට "ෆයිසර් වෙන්න" ඔින


ඔතන හිටිය අලුත්වත්ත කියල කොල්ලෙක්. වැඩිය තැලිච්චි පොඩිවෙච්චි එකෙක් නෙමෙයි. හෙන අහිංසකයි. පනිස්මන්ට්වලට හෙන බයයි. ඌව මං මගේ ක්ලාක් විදියට පත්කර ගත්තා. ඔතන හිටියා ජයවීර කියල තව කොල්ලෙක්. මෙි වෙද්දි උංගෙ සර්විස් එක අවුරුදු 14ක් වෙන්න ඔින. මගේ ඒකකයේ පසුකාලිනව බිහිවුනු පට්ටම කම්පියුටර් වැඩ්ඩා තමා ඌ. එහෙම කීප දෙනෙක් මං තෝරගෙන උං ගැන ඇහැ ගහගෙන හැමදේම කලා. ඇත්තටම සංතෝෂයි. උං ඔක්කොම අද හොඳ තැන්වල ඉන්නවා. ආඩම්බරෙන් කියන්නෙ මං තමා උන්ට ජොබ් එක ඉගැන්වුවෙ. අලුත්වත්ත ක්‍රීඩකයෙක්. මීටර් 100,200, තමා ඉස්කෝලෙ කරල තිබුනෙ. පොර කලාප මට්ටම දක්වා ගිහින් තිබුනත් එතැනින් එහාට යන්න බැරිවෙලා. පස්සෙ හමුදාවට බැඳිලා. මට දවසක් විස්තරේ කිව්වා. මං උගේ සහතික ටික ගෙන්නගෙන අණදෙන නිලධාරිතුමා දක්වා අරං ගියා. අළුත්වත්තට ක්‍රීඩා අංශයෙන් හොඳ ගමනක් යන්න හොඳ පාරක් හදල දුන්නත් කරුමෙට වන්නි යුද්ධෙ පටන් ගත්තා. ඒකෙන් පස්සෙ ඉතින් කියන්න දෙයක් නෑනෙ. හැබැයි අද එයාත් සමග මුළු ඒකකයටම වැටුප් හා දීමනා පිළිබඳ කටයුතු කරන්නෙ ඒ බැච් එකේ මංම ක්ලාක් වෘත්තීයට යොදවපු තව කෙනෙක්. ඔය ඔක්කොම මෙි ෆේස්බුක් ඉන්නවා. මං කුණු හරපයක් දැම්මත් බලනවා. හැබැයි අනෙකානං මෙි සබ්බ සකලමනාවම එපා කියල පිස්සු හැදිල ඉන්⁣න කෙනෙක්. ඔයාලට මතක ඇති මීට මාස දෙකකට පමණ කලින් පොලොන්නරුව පැත්තෙ පුද්ගලික රෝහලකදි දරු ප්‍රසූතියකදි ආදරණීය බිරිඳක් දොස්තරවරුන්ගෙ අත්වැරැද්දකින් මියගියා. ඒ එයාගෙ බිරිඳ. මටත් දුකයි ඒ වෙනුවෙන්.


ඉස්සර අපි හවස හතර වෙනකම් බල බල ඉන්නෙ පිට්ටනියට යන්න. වොලිබෝල්, බාස්කට්, ෆුට් බෝල් කියන්නෙ හරියට මගෙ ජීවිතේ වගේ. එක දවසක් මම පිට්ටනියකට යනකොට තරංග යූඩීසී කියල අළුත් බැච් එකක කොල්ලෙක් බාර් සෙල්ලම් කරනව. මෙිව කරන්න බැලන්ස් එකත් අතේ පයේ හයියත් හොඳට තියෙන්න ඔින. මං පැත්තකට වෙලා මෙි දිහා බලා ඉද්දි මට හිතුනා තරංග පීටීඅයි කෝස් එකකට යැව්වනං හොඳ තැනක් ගන්න පුලුවන් වෙයි කියල. ඊලඟට ආපු ඒ කෝස් එකට මං බලෙන්ම උගේ නම දැම්මා. ඒක යන්න සල්ලි නෑ කිව්වට පස්සෙ අතිනුත් සුළු මුදලක් දීල කොහොමහරි කෝස් එක යැව්වා. ඒ විදියට බෑ බෑ කියල අඬල අඬල කෝස් එක ගියපු තරංග සාමාන්‍ය පෙළ ශාරිරික අභ්‍යාස පුහුණු පාඨමාලාවෙි පළවෙනියා වුනා. ඒකට පස්සෙ ආපු උසස්පෙළ ඒ පාඨමාලාවෙන් තුන වුනා. ඊට පස්සෙ නාම යෝජනා කැඳෙව්වා ඉන්දියාවෙි පූන නගරයේ ඉංදීය හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ "පූනා" (පූනෛ්) පීටීඅයි කෝස් එකට. ඒකට තරංගත් සහභාගි වෙලා ඒකෙනුත් පාස්වෙලා අන්තිමෙි නැවතුනේ "පූනා පීටීඅයි" කෙනෙක් වෙලා. තරංගව සාමාන්‍ය පෙළ පාඨමාලාව යවද්දි මට මගේ ජ්‍යෙශ්ඨයින්ගේන් (උපදේශක) සෑහෙන්න කැපිලි ආවා. කොලු කාරයා කිව්වා. සීනියර්ලාට තැනක් දෙන්න කැමති නැති එකා කිව්වා. මට සමහර ඒවා කිව්වෙ හිතාගන්නවත් බැරි විදියට මං ළඟින් ආශ්‍රය කරපු සමහරු. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි වාගෙ ඒ ඒ අයට ඒඒ විදියට පිලිතුරු දීල ඇඟ බෙිරගත්තු මම අන්තිමෙි ගොඩක් සතුටුවුනේ පූනා කෝස් එකෙත් තරංග පළවෙනිය වෙලා ඇවිත් යුධ හමුදා වර්ණ ලාභියෙකුත් වුනාට පස්සෙ. හැබැයි ඒ හැම අවස්ථාවකම පොර අනිතුමා හම්බවෙන්න කලින් ඇවිත් මාව හම්බවෙලා "ස්තූති" කලා. සතුටුයි ඉතින්. 

ඔය අතරෙ ඉද්දි තමා ඒ කොල්ලෙකුට අපේ කෝප්‍රල් කෙනෙක් විසින් සුළු වැරැද්දකට ධාරානිපාත කේස් එකක් දැම්මෙ. එදා මං ඔෆීස් එකේ බර වැඩකට යටවෙලා බර සික් එකකින් බර වැඩෙි කර කර හිටියෙ. ඒ වැඩෙිට සංසුන් මානසිකත්වය අත්‍යවශ්‍ය නිසා මං මගේ පාඩුවෙි වැඩෙි කරගෙන ඉද්දි අළුත්වත්ත අඬාගෙන මං ගාවට ඇවිත් "කෝප්‍රල්" කියල කතා කලා. මට ඉතින් මළ පැන්නා. කරුමෙ කියන්නෙ ඒ කෝපලුත් උගේ පිටිපස්සෙන් ඔෆීස් එකට ඇවිත් ආයෙ ඌට කෑ ගහන්න පටන් ගත්තා. ඒ වගේ දේවල් බිලට් එකේ වුනාය කියල මට කීප දෙනෙක්ම කිව්වත් කව්රුත් පැමිණිලි නොකල හිංද මං හොයන්න ගියෙත් නෑ. (ඒවා වුනේ මාත් එක්ක තියෙන තරහ උංගෙන් පිරිමහගන්න හදන එක නිසා. කෙලින් මට කියන්න බැරි අය අරහෙම දේවල් කලා)

ඉස්සර අපේ බැච් එකට සජිත්වීර වගේ ඒ අළුත් බැච්වලට සජිත්වීරයෙක් වෙලා හිටියෙ මම. හැම එකාම හිමින් සැරේ ඇවිත් ඒවා කියන්නෙ මට. මෙි කලබැගෑනියෙන් මළ පැනපු මම ඒ කෝප්‍රල් ගෙන් විස්තරේ ඇහුවා. හැබැයි එයා මට වඩා සීනියර් කෝප්‍රල් කෙනෙක්. එයා ෆස්ට් බැච් එකේ. ඒත් වැරැද්දට බැච් අදාල නෑ, මම බැන්නා. පොර මට බැනගෙන එද්දි මොලේ දකුණු පැත්ත හිරිවැටීගෙන ඇවිත් මෙිවගේ පොරක් වචනයෙන් "දමනය" කරන නුවණ පහල වෙලා වචන දහයෙන් පහලොවෙන් පොරව දමනය කලා. වචන ටිකක් බර වැඩී.ඒත් දමනය වෙන්න වුනේ පොරගෙ වැරැද්ද නිසා. ඊට පස්සෙ පොර කට වහගෙන සේප් එකේ ගියත් ඊට පස්සෙ කවදාවත් අපේ බිලට් එකේ ඒ වගේ දේවල් වුනේ නෑ. වැරැද්දට මමත් සුළු මධ්‍යම සහ උපරිම වශයෙන් දඬුවම් දීල තියෙනව. ඒත් ඒ එකෙක්වත් මාත් එක්ක වෛර බඳින්න තරම් අසාධාරන දඬුවම් දුන්නෑ. ඔය කතාව වෙද්දි  එවකට විධායක අධිකාරි තුමා වුනු ⁣අද මෙිජර් ජයලත් කම්පියුටර් රූම් එකේ ඉඳගෙන සියලු විස්තරේ අහගෙන ඉඳලා. සිරාවටම මම දැක්කෙත් නෑ දන්නෙත් නෑ එතුමා කම්පියුටර් රූම් එකේ ඉන්නවාය කියලා. පස්සෙ එතුමා එලියට ඇවිත්, මට ඇවිත් එයාව හම්බවෙන්න කියලා ගියා. මගේ ක්‍රියාව පැසසුවත් මම කවදාවත් පැසසුම්වලට කැමති නෑ. ඒ හිංද තමා එතුමාට ඒක මතක තියාගෙන ඉඳලා පස්සෙ දවසක අනාවැකියක් කිව්වෙ. ඒක එහෙම්මම සිද්ද උනා කියල තමා එතුමා මං යන පාරක තියා අහලකින්වත් නොයා ඉන්න පුරුදුවුනේ. 


යුධ හමුදාව කියන්නෙ සහෝදරත්වය එකමුතුකම විනය අතින් රටෙි ඉහලම ස්ථානයේ තියෙන ආයතනයක්. සතුටුයි ඒ වගේ එකක 22ක් ඉඳලා ජීවිතෙත් බෙිරගෙන පැන්ෂන් එන්න ලැබීම ගැන.ඇත්තටම කලුගල් බැදල කාල සීගිරිගලෙත් පොල් ගහපු උන්ට චීස් කියන්නෙ නතින්....තමා. මටනං මගේ සේවාකාලය පුරාවට කරපු හැම දෙයකින්ම තෘප්තිමත් වෙන්න පුලුවන්. සිහිකර කර විනෝදයක් ලබන්නත් පුලුවන්. ඔිවා ඉතිං හැමෝටම නෑ. 



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.06.24

Monday, June 21, 2021

රහස් කතා



 මගේ හමුදා ජීවිතේ උදාවුනු එක් බිහිසුනු අවස්ථාවක් ගැන කියන්න හිතුනා. කියන්නෙ නෑ, කියන්න හොඳ නෑ කියල හිතාගෙන හිටියත් පස්සෙ මතක්වුනා "පෙබාකරන් මැරිලනෙ යකෝ"  කියල. හැබැයි මෙි සීන් එක සිදුවුන කඳවුරත් කාලයත් විතරක් නොකිය ඉන්නම්. ඒක ඉතින් අපේ ඇඟට ටිකක් විතර ගුණ දායකයිනෙ. මගේ කතා හැම එකක්ම කියවනවනම් ඒ කතා ඇතුලෙ මෙවැනි කතාවක් ඇති. දින කාල ඝණය එක්කම. එවකට අපේ සන්නද්ධ සේවා සේනාධිනායක හිටියෙ මගේ පණ ඩිංග සහ මගේ ෆස්ට් ලව් එක වෙච්චි චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණිය.

 

මෙි කතාව වෙන්නෙ කොටිත් එක්කමයි. කොටි කිව්වට කොටින්ට විරුද්ධව කොටිත් එක්ක කරපු වැඩක්. කොටිමත් නෙමෙි. කලින් කොටි එක්ක ඉඳලා ඒකෙන් අයින්වුනු ඒ EPRLF  අය. මට දුර්ලභ අවස්ථාවක් හම්බවෙනවා මාසයක විතර කාලයක් මෙි ටීම් එකක් එක්ක කටයුතු කරන්න. ඒ නැගෙනහිර පළාතෙදි. තලෛවන් සේනාධිරාජා (මියගිය) තලෛවන් ගනේෂ් (බබී)(මියගිය) තලෛවන් රාජු (මියගිය) සහ තව පස්දෙනෙක්. මමත් එක්ක නවයයි. අපේ තව තුන් දෙනයි ඔක්කොම දොලහයි. මෙි කතාවට පාදක වෙන්නෙ බුද්ධි රාජකාරියක්. ඒ නැගෙනහිර හොඳටම සටන් පැවතුනු කාලයක්. බෙිරෙන්නම බෑ. තවත් කාරණයක් වුනේ මෙි වෙද්දි "කරුණා අම්මාන්" උතුරේ ඉඳල නැගෙනහිරට සංක්‍රමණය වෙනව කියල විශ්වාසනීය තොරතුරු කිහිපයක්ම ලැබිල තිබීම. ඒ එල්ටිටීඊ පාස් අවුට් එකකට. එයා නැගෙනහිර නෝන්ජල් වැඩක් කරල ඒක අංජබජල් වෙලා පෙබා අංකල් ඒකට ජාතිය අමතන්න මෙයාව උතුරට කැඳවල තිබුනා. ඒකට කන් පිරෙන්නම අහගෙන එහෙම තමා නැගෙනහිර තාරාවිකුලම් (තොප්පිගල පැත්තෙ) මෙි පාස් අවුට් එකට එනව කියන්නෙ. කොටින්ගෙ පාස් අවුට් එකක් කීවම අපේ හමුදා කඳවුරු ඉතාමත් කල්පනාවෙන් තමා ඉන්නෙ. හේතුව මෙි විසිරයාමක්  ඒ දවස්වල අවසන් වුනේ කොහේ හරි අපේ කඳවුරකට පහරදීල අවි පැහැර⁣ගෙන. හේතුව ඒ පාස් අවුට් වෙන අයට අවි ලැබෙන්නෙ එහෙම පැහැරගන්න අවිලු. ඇත්තක් හෝ බොරුවක් හෝ වෙිවා ඒ දවස්වල එල්ටීටීඊ එකට අවි අඩු කාලයක්. අපිට ලැබෙන  තොරතුරුවලට අනුවනං කතාව එහෙමයි. ඒ ආසන්න කාලයේ අපිට පැවරුණු රාජකාරියක් තමා දවස් කිහිපයක් ඒ ඒ ඒරියාවලට ගිහින් උන්දැලගෙ කේළාම් හොයන එක. (මගේ අම්ම එක දවසක් මගෙන් ලියුමකින් ඇහුව මෙි දවස්වල මොකෝ කරන්නෙ පුතේ කියල. ඒකට පිළිතුරු යවපු මං කිව්වෙ "මෙි දවස්වල අපි අනුන්ගෙ රෙද්දවල් නොහොත් කේළම් හොයන එකනෙ කරන්නෙ අම්මෙ" කියල.)


 අපි එච්චරම දුරක් නොගියත්  මග ඉඳන් හරි රාජකාරිය කරගත්තා. මතකනෙ "පූබාලචන්ද්‍රන්". ඒ තොරතුරු සෙවීම අවසානයේ දවසක හවස මාවත් තව තුන් දෙනෙකුත් කැඳවපු අපේ ඔිසී අපිට විශේෂ රාජකාරියක් පැවරුවා. ඒ ඇම්බුෂ් එකක්. මෙිකට සහභාගිවුනේ  EPRLF අට දෙනෙකුත් අපි හතර දෙනෙකුත් පමණයි.ඒ මෙිකට පාරවල් දෙකක් ආවරණය කරන්න තිබුනු නිසා එක මාර්ගයක් ආවරණය කරන්න හය දෙනා බැගින්. එච්චරයි ඉතින් අපේ මානව සම්පත. තව හිටියත් එයාලට වෙනම රාජකාරි පැවරිලා තිබුනු නිසා හා මෙිකට අපිවම තෝරගත්තෙ "ආවොත් සෙන්ට්,ගියොත් ඔිඩිකොලෝන්" ක්‍රියාන්විතයක් හිංදා වෙන්න ඇති. මාත් කෝප්‍රලුත් ඇතුලු අනෙක් දෙදෙනාත් පාබල ඒකකවල සාමාජිකයන් වීම සහ "මෙි ගේම මුං කොහොමහරි ගහයි"  කියල තිබුනු විශ්වාසයක් මත. අනික යම් හෙයකින් මැරුනොත් බුද්දිකල මැරෙන්නැ. බුද්දිකල එක්ක ඉන්න මන්දබුද්දික වුනු අපි තමා මැරෙන්නෙ. එතකොට එයාලගෙ රෙජිමෙට පාඩුවකුත් නැති හිංද අපිවම තෝරගන්නත් ඇති. මන්ද ඉතින් මං ඒ කිව්වෙ මට හිතුනු දේ. මොකද ඔිවගෙ ඇමවල් දෙකතුනක්ම අපි ගිලල හිටියෙ ඒ වෙද්දි. ඇම්බුෂ් එක දවස් දෙකක එකක්. ඇඳුම කලු ටීෂර්ට් එක සහ කොට කලිසම ඇඳල ඊට උඩින් නිල් සුදු පොඩි කොටු කොටු වැටිච්ච සරමක් දෙකට නමල ඇඳලා. හමුදාවෙ අපි ටී56 දෙකයි එල්එම්ජී දෙකයි. EPRLF අය මිනිඋෂි ගන් තමා පාවිච්චි කලේ.


සුපුරුදු විදියට රෑ අටට විතර සුදු වෑන් එකේ මගක් දුරකට ගිහින් දාපු අපි එතැන ඉඳන් කිලෝමීටර් අටක් විතර ගියේ කැලෑව මැදින් පයින් සහ පරිස්සමින්. කැලෑව කිව්වට රූස්ස කැලේ නෙමෙි ලඳු කැලෑව. කෝප්‍රල් අස්මීගෙ (මගේම ඒකකයේ) නායකත්වයෙන් මාත් එක්ක හය දෙනෙකුටත් තලෛවන් සේනාධිරාජා එක්ක එයාලගෙම තව පස් දෙනෙකුත් අපේ එල්එම්ජී එකකුත් පාරවල් දෙකක් කවර් කරන්න යන්න තිබුනෙ. රැයක් පුරාවට නියමිත අවසාන ඉසව්වට ආපු අපි දෙකට බෙදෙන්න කලින් උදේ දවල් කෑම එක හදාගත්තෙ එලිය වැටුනොත් ඒවා කරගන්න බැරිවෙයි කියල අදහසක් තිබුනු හිංදා. ඒ නූඩ්ල්ස්. දවාලටත් එක්කම කෑම ටිකත් හදාගෙන ඉටි කොලේක ඔතාගෙන අරංගිය ටියුලිප් කවරෙම දාගත්තා. නැවතත් ටික දුරක් ගියපු අපි දෙකට බෙදුනා. සේනාධිරාජාගෙ ටීම් එක තව කිලෝමීටරයක් වගේ දුරක් යන්න ඔින. මෙතැනින් අපි නවතින්න ඔින.හමුදාවෙ අපි තුනයි අරයලාගෙ තුනයි. අනික තමා මෙි යද්දි බැරිවෙලාවත් සිවිල් මිනිස්සු හම්බවුනොත් අපි හතර දෙනාට  සිවිල් අයත් එක්ක කතා කිරීම සම්පූර්ණයෙන් තහනම්. කතා කරන්නෙ අරයල විතරයි. ඒකට හේතුව එයාල (EPRLF) දෙමල වීම සහ සිංහල අපි දෙමළ කතා කරත් දෙමළ අය අපි සිංහල කියල සැක කලොත් අවුලක් වෙන හිංද. මේක පාරවල් දෙකක් කියන්නෙ ප්‍රධාන එක් පාරකින් ඇවිත් එක තැනක ඉඳන් මෙි පාර දෙකට බෙදෙනවා. මෙි පාරවල් දෙකෙන්ම පාස්අවුට් එක තියෙන කඳවුරට යන්න පුලුවන්. හරියටම කොයි පාරෙන් "කරුනානිධි"  එයිද කියල දන්නැති නිසා තමා අපිට පාරවල් දෙකම කොටු කරන්න සිදුවුනේ. මෙි අපිට කවර් කරන්න තිබුනු නියමිත පාර සහ බැරිවෙලාවත් අපේ පාරෙන් එන්නැතුව සේනාධිරාජා ඉන්න පාරෙන් ගියොත් අපිට එයාලගෙ ආරක්ෂාව ගැනත් බලන්න ඔින. බැරිවෙලාවත් අපි ඉන්න පාරෙන් ආවොත් තලෛවන් අපේ සපෝට් එකටත්, පසු බැසීමට ලේසි වෙන්නත් අපි ලඟට එනවා. කතාව එහෙම වුනත්,  එයාල පහර දුන්නත් පසු බහින්නෙ ⁣අපි ඉන්න ඉසව්වෙන්. එතකොට එයාලගෙ ආරක්ෂාවත් අපි බලන්න ඔින. මම සංඥා සෙබලෙක් වූ නිසාම මට සෙට් එකකුත් ගන්න වුනා. කෝප්‍රල් අස්මිත් මගේම ඒකකයේ කෙනෙක් වුවත් අපි දෙන්නත් මෙි බුද්ධි අංශයේම තමයි රාජකාරි කලේ. කෝපල් අස්මි මුස්ලිම්. අපි දෙන්නම එක යුනිට් එකේ නිසා අපි දෙන්න බය නැතුව ගහපු ගේම්  අදටත් වාලච්චේන කල්කුඩා වාකනේරි කදිරවෙිලි කජුවත්ත කින්නිඅඩි කාවත්තමුනෛ සිවිල් මිනිස්සුන්ගෙන් ඇහුවනම් හරි ලස්සනට කියයි. අනික ඒ පැත්තෙ අපිට අදටවත්  යන්න බැහැ. මොකද ළමයි "ටාට්ටෙ ටාට්ටෙ" කියාගෙන අපේ පස්සෙන් එන්න වුනොත් එහෙම අපේ පවුල් ජීවිතෙත් ඉවර වෙයි ඔිං. 


ලැබී තිබුනු තොරතුරු අනුව පහුවදා රෑ තමා විසිට් එක වෙන්නෙ. එන්නෙ රෑ දහයට කලින්. ඊටත් පහුවදා තමා පාස් අවුට් එක තියෙන්නෙ. අපේ කෑම ආරක්ෂිත තැන් දෙකකට එකතුවෙලා තමා හදාගන්නෙ. ඒවා ඉතිං අති රහස්‍ය විදියට කෙරෙන්නෙ. මෙි වෙද්දි මෙි වගේ රැකසිට පහරදීම් දෙකකට මං මීට කලින් සහභාගි වෙලා තිබුනත් ප්‍රතිඵල අරන් තිබුනෙ එකකින් විතරයි. අනෙක දුවලම බෙිරිච්චි එකක්. ඒක හරි ජොලි පසුබැසීමක්. ඒක පස්සෙ දවසක කියන්නංකො.


නියමිත වෙලාව කිට්ටු වෙන්න වෙන්න ඒ හා සමානව අපේ හෘද ස්පන්ධනයත් ඉහල යන්න පටන් ගත්තා. ටීම් දෙකෙන් කව්රු පහර දුන්නත් දෙගොල්ල එකට පසු බහින්න ඔින. කොටින්ම කියනවනං  අපිව ගන්න වෑන් එක එන්න තියෙන  තැනට පන එපෝ කියල දුවන එක. අනෙක තලෛවන් සේනාධිරාජා ඇතුලු ඒ අය ගැන අපේ හිත්වල තිබුනු අවිශ්වාසය සහ සැකය නිසා ඒක දෙගුන තෙගුන වෙලා තිබුනෙ. සැකය කිව්වෙ පොර කලින් එල්ටීටීඊ නායකයෙක්. අනෙකා "බබී" නොහොත් තලෛවන් ගනේෂ්. ඔය දෙන්නගෙම ගමත් කොක්කඩිචෝලෙ. කොක්කඩිචෝලෙ කියන්නෙ කරුණගෙ මූලස්ථානය තියෙන ගම. ඒ හිංද කොහොමත් අපි අපේ වැඩි රහස් මෙයාලත් එක්ක කියන්න යන්නෑ. මෙි බෙිදය සමනය කරන්න අපේ බුද්ධි ඔිසී කොච්චර උත්සහකලත් ඒකම තමා උන්දැට කරන්නත් බැරිම වුනේ. අපේ විශේෂඥ ටීම් එක එක පාරක් මෙි වගේ ගේම් එකකට ගිහින් කොටුවෙලා තියෙද්දි ඔවුන්ව බෙිරගෙන පන පිටින් අරන් ඇවිත් තිබුනෙත් මෙි තලෛවන් සේනාධිරාජා කියන පුද්ගලයා. එවකට ඔහු එල්ටීටීඊ සංවිධානයේ උනත් හමුදාවට උදව් කරපු කෙනෙක්. ඒ කතාව තමා ඔිසී හැම නිතරම ඇදලගත්තෙ අපිව සමගි කරවන්න. ඒත් අපිට නම් නෙමෙි ඒ මොන කතා කිව්වත් මෙයාලව විශ්වාස කරන්න පුලුවන් වුනේ. (ඒ තුන්දෙනාගෙ නම් කිව්වෙ අද එයාලා ජීවතුන් අතර නැති නිසා. ) 


කොහොමහරි එදා අපි අපේ කතාව සම්පූර්ණ කලා. අපි දතකට මැදගෙන "දෙන්නම් ජම්බු, එකෙක් බත් කන්න ඉතුරු කරන්නෑ" කියල හිතාගෙන හිටියත් උන්දැලා ආවෙ තලෛවන් හිටපු පාරෙන්. රෑ එකොලහට ආසන්න වෙද්දි ඇරඹුණු ප්‍රහාරය විනාඩි පහක් දහයක් වගේ පැවතුනේ. අපි දැක්කා ඈතින් ඔිපන් එක හරහා වාහන දෙකක් එනවා. අපි හිතුවෙ අපි ඉන්න පාරට හරවයි කියල. නමුත් ඒක කෙලින් පාරෙ ආව විදියටම ගියා. එතකොට අපිට හිතුනා "බඩුම තමා" කියලා. පහර දීම ඇරඹෙනවත් එක්කම මම සෙට් එකේ ඇතුලට කිව්වා "වැඩෙි වෙනවා,ඊලඟට ඔයාලගෙ වැඩෙි" කියල. ඒ කියන්නෙ ඊලඟට වෙන්නෙ අර ටීම් එක ආපු ගමන් අපි දුවන එක. අපිව ගෙනත් දාපු තැනටත් වඩා දුරක්  වෑන් එක එනව අපිව ගන්න. නොකියා කිව්වෙ වෑන් එකට එන්න කියල.

කිලෝමීටර් අටම දුවන්නෑ, ඊට ගොඩක් මෙහාට වෑන් එක එනව. මෙි අතර අපිට තිබුනු සැකේ අනුව සේනාධිරාජගෙ ටීම් එකමද එන්නෙ,නැතිනං එයාලත් එක්ක තව එයිද, නැතිනං එයාලව මරලා කොටිම එයිද කියල බයකුත් අපිට නොතිබුනාම නෙමෙි. ඒකට හේතුව අපිට වඩා කරුණා මෙි පාරවල් ගැන සංග්‍රාමික වශයෙන් උපාය මාර්ග විදියට භාවිතා කරන්න පුලුවන් කියල දන්න එක. මම කරුණා නම් එහෙම අනිවාරයෙන් මෙි ප්‍රහාරයෙන් දිනුවොත් අපි හිටපු පාරත් කොටු කරනවා. ඒකට හේතුව උන්දැලා ගිය පාරත් එක්කම මෙි පාරෙත් බඩු ඉන්නවාම කියල හිතන්න පුලුවන් හේතු සාධක සංග්‍රාමික වශයෙන් තියෙන නිසා. අපිත් එක්ක හිටපු EPRLF දෙන්න තමා සේනාධිරාජාව අඳුරගන්න පුලුවන් අයට හිටියෙ. ඒ නිසා ටිකක් විශ්වාසයකුත් තිබුනා. මොකද ඒ වෙද්දි අපි මෙි ටීම් එක අඳුරගෙන සතියක් වත් නෑ. උන්දැලා ආවෙත් මෙි ප්‍රහාරයටමයි. ඒ මඩකලපුවෙ ඉඳල. ප්‍රහාරය සාර්ථක වෙිවා නොවෙිවා ආයෙ මාසයක් විතර උන්දැලා අපිත් එක්ක ඉන්නවා. 


විනාඩි කිහිපයක් පැවතුන ප්‍රහාරයෙන් පස්සෙ හරි ජංජාලයක් වුනා. ඒ එක කැබ් එකකට පහරදුන්නට අනෙක් කැබ් එකේ ආපු එවුන් මුන්දැලට පහර දෙන්න පටන් අරන්. මුන්දැලා අරුන්දැලාටත් වෙඩි තියන ගමන් තැන අතෑරල දුවන්න අරගෙන. පැය කාලක් වගේ යනකොට අපිට ටිකක් එහායින් කැලෑව පොඩි කරගෙන අලි දුවනවා වගෙ  සද්දයක් ඇහුනා. නමුත් කොටි හඹා ගෙන ආවෙ නෑ. එයාගෙ සෙට් එකෙන් කිව්වා ඒ එයාල එන්නෙ අපිටත් එන්න කියල. ආයෙ මොනව බලන්නද. අපිත්  උපරිම හයියත් ප්‍රාණයේ වගකීමත් කකුල් දෙකට භාරදීල ඔලිම්පික් මීටර් පන්දාහ දුවන්න පටන් ගත්තා. වෙල් යායක්, ඇලක්, ලඳු කැලෑ මන්ඩි කිහිපයක් ඒ විදියට වෙිගයෙන් පසු කරපු අපි නියමිත තැනට එනකොට වාහනේ එතැන පඳුරක් අස්සෙ තිබ්ල එලියට ගත්තා. අපිත් නැගල කිසිම කතා බහක් නැතුව කඳවුරට එනකම් ආවා. පහුවදා ප්‍රතිඵල අපේ සෙට් වලට මොනිටර් වෙලා තිබුනෙ එල්ටීටීඊ තුනක් මැරිල එක්කෙනක් බරපතල තුවාල කියල. නමුත් අපි ගන්න ගියපු ටාගට් එක ඒ කැබ් දෙකේම ඇවිත් නෑ. කොහෙවත් යන පඩත්තල සෙට් එකකට වරදවා හිතල ගේමක් දීල අපිත් පන එපා කියල දුවල තිබුනා. ඒකෙන් අපි කාටවත් එරමිනියා ගස්වලට හීරිලා ලේ බිංදුවක් පැන්නා ඇරෙන්න වෙන කිසිම හානියක් වුනේ නෑ.

පස්සෙ පස්සෙ මෙි පොරවල්ල ටික ආශ්‍රය කරන්න පටන්ගත්තට පස්සෙ අපිට අපි ගැනම ටිකාක් විතර ලැජ්ජ හිතුනෙ "අපරාදෙ මුංව සැක කලේ" කියල හිතිල. අපිට වඩා එල්ටීටීඊ එකෙන් පළිගැනීමෙි වුවමනාවක් මුන්දැලට තිබුනා. ඒත් දවස් පහ හයක් කරපු ආශ්‍රයෙන් මිනිස්සු මනින්න බෑනෙ. අපිත් සාධාරනයි. හැබැයි සිරාවටම කියන්නෙ, සේනාධිරාජා ගැන මගේ හිතේ අදටත් තියෙන්නෙ ගෞරවයක්. අපේ සිතිවිලියි වැරදි.මිනිහ නෙමෙි. අනෙක මෙි කාලය මට යලි යලිත් සිහිපත් වෙද්දි හිත ඇදී යන්නෙ පළවෙනි ලෝක යුද්ධය ගැන බලපු ෆිල්ම් වලට සහ ලෝක යුද්ද ගැන කියවපු පොත්වලට. 


පසු කාලෙක තලෛවන් සේනාධිරාජා සහ තලෛවන් ගනේෂ් එක්ක තවත් රාජකාරියක් කරන්න හම්බවුනා. ඒ මඩකලපුවෙ ඇතුළු ගම් ප්‍රදේශයකදි කෝප්‍රල් සේනාධි රාජා සහ කෝප්‍රල් ගනේෂ් එක්ක ඒ යටතේ. එතනොට මෙි දෙන්න හමුදාවට බැඳිල හිටියෙ. ඒ ඉඳුරාම "කෝප්‍රල්" නිළයට.  පසු කාලෙකදි කෝප්‍රල් සේනාධිරාජා මෙවැනිම ක්‍රියාන්විතයකදි කොක්කඩිචෝලෙදිම මිය ගිහින් තිබුනා. කෝප්‍රල් ගනේෂ් මඩකලපුව ඔරලෝසු කණුව ළඟ ගාන්ධි මාවතේ කෙරවලේදි පට්ට දවාලෙ මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකට ලක්ව සහ ලාකෝ රාජා කොටින්ගෙ පිස්තෝල කල්ලිය විසිනුත් වෙඩි තබා මරා දමා තිබුනා.ඒ හරියටම මඩකලපුවෙ පාළම ළඟ මාකට් එක ඉස්සරහදි පුට් සයිකලේක පොලිස් නිළ ඇඳුම ඇඳගෙන ආපු කොටියෙක් විසින්.  මාත් ඔතන තිබ්බ රෝඩ් බ්ලොක් එකෙන් අපේම පාබල හමුදාවෙ සාමාන්‍ය සෙබළෙක්ගෙන් අනන්‍යතාවය හෙළි කරන්නෙ නැතුව ඉඳල දවසක් කන් අඩි දෙකම පිරෙන්න ගුටි කෑවා. ගුටි කෑව කියල ඉතින් වැඳල හරි එතනින් බෙිරිල එනව මිසක් අනන්‍යතාවය හෙළි කරන්න ගිහින් වීරයෙක්නම් වුනේ නෑ.ගුටිකාල කන් දෙකම අත ගගා අඬ අඬා ආව මිසක්කා. හැබැයි ඉවසගන්න බැරිම තැන එවකට 233 බසේමු බළසේනාධිපතිවුනු අපේම අංශය භාර රෙජිමෙින්තුවෙි සේනාවිධායක වූ කර්නල් අහවලාට  කෝල් එකක් දාල කිව්වම අරුන්දැව ආපහු පනාගොඩටම යැව්ව කියලත් අපේ ඔිසීට කෝල් එකක් දාලම කියල තිබුනා. 


කතාව මෙිකයි. අහම්බයක්ද දෛවයේ සරදමක්ද නම් මම දන්නෑ  එදා හිටපු එක් අයෙක් අපේ අන්තිම සටන ඉවරවුනු දවසේ සිවිල් පුද්ගලයින් බෙිරාගනිද්දි ඒත් එක්ක ඇවිත් "ෆාදර්" කෙනෙක් විදියට අපිත් එක්ක කතා කර කර ඉඳලා යන්න ගියා. ඒකත් හරි ලස්සන සිදුවීමක්. මට මෙි ෆාදර් දැකල හුරු ගතියක් තිබුනත් කව්ද කින්ද මන්ද කියල අඳුරගන්න තරම් මතකයක් තිබුනෙ නෑ. මම කතා  කලා. කැඩුනු සිංහලෙන් පැයක් විතර අපිත් එක්ක කතා කර කර හිටපු ෆාදර් එල්ටීටීඊ ප්‍රදේශයේ පිහිටි පල්ලියක ඉඳල තියෙන්නෙ අවුරුදු ගානක් තිස්සෙම. පසුබහිද්දි කොටි විසින් මෙයාලවත් පස්සට පස්සට අරන් ගිහින් තිබුනා. තව ෆාදර්ස්ලා තුන් දෙනෙක් ටිකක් එහායින් වෙනම කතාවක හිටියා. මෙයා විතරයි කතා කලේ. ඒත් මට දැකල හුරු ගතිය නිසා මට හිතුනා කව්ද කියල කතා කරල දැනගන්න. එතකොට තමා කතාකලේ. කතාව ඇදිල ගිහින් නැවතුනා යට කී කතාවෙ. එතකොට මෙයා ඊපීආර්එල්එෆ්. එදා සීන් එකත් ෆාදර්ට හොඳට මතක තිබුනා. එදා ආපු ටීම් එකේ තව දෙන්නෙක් මඩකලපුව ඒරියා එකේදිම මැරැනා කියලත් කිව්වා. මං ඒත් කිව්වා හමුදාවට බැඳුනනං ඉවරනෙ මෙි වගේ කොටිත් එක්ක ඉන්නවට වඩා, කියල. එහෙනං අපිත් එක්ක යස අගේට ඉන්න තිබුනා කියලත් කිව්වා. මං ඒ අංශයේ ගහපු කැරැල්ලක් නිසා බෑඩ් රිපෝර්ට් එකක් එක්ක ආපහු යුනිට් එන්න වුනා කියලත් කිව්වා. මෙි සිදුවීම වෙද්දි  මම "තාම" කෝප්‍රල් සහ වෙන්ඩ සාජන්. මං කියපු ඒකට මිනිහ මුකුත් උත්තරයක් දුන්නෑ. යන්තම් හිනාවුනා විතරයි. එහෙම පැයක් විතර කතා කර කර ඉන්නකොට ඒසී කරපු කොලපාට බොලේරෝ එකකින් කර්නල් කෙනෙක් බැහැලා ආවා. එයා එනව දැක්කම ෆාදර්ස්ලා හතර දෙනාම ඒ සර් ගාවට ඇවිත් අතට අත දුන්නා. විනාඩි පහක් වගේ කාලයක් කතා කර කර ඉඳලා මාත් එක්ක කතා කරපු ෆාදර් මං ලඟට ඇවිත් මහ එපා කරපු කතාවක් කිව්වා.

*මචං මං සාජන් ××××.. අර ෆාදර්ස්ලත් එහෙමයි. අපේ රාජකාරිය මෙතනින් ඉවරයි අපි යනවා..අපේ සීඔි තමා ඒ ආවෙ කියල පැහැදිලි පට්ට සිංහලෙන් කතා කරල කිව්වා. 

මාත් ඇරියෙ නෑ. සීන් එකෙන් ඔල්මොරෙන්දම්වුනු මම

*ඉතිං හු&@%$තො කලින් කියන්ඩෙපෑ. කිව්වනං සාජන් කියලම කතා කරනවනෙ කියල. &@%$වචනෙ මගේ පුරුද්දට අනුව ඔටෝම කියවුනේ. සාජන්ට බකාස් ගාල හිනා ගියා. පොර මගෙන් සමාවත් ඉල්ලල පාට හතරකින් නිමෙන පත්තුවෙන බල්බි ඇතුලට දාල හදපු හරි ලස්සන පෑනක් සිහිවටනයක් විදියටත් දීල අතට අතත් දීල බොලේරෝ එකේ නැගල යන්න ගියා ගියාමයි අදටවත් පොර ආයෙ හමුවුනේ නෑ. සිරාවටම සහෝදර මෙව්ව එකකින් මගේ හදවත පිරීගියා.


මෙි වගේ කතා දෙක තුනක්ම මගේ ජීවිතේ තියෙනව. ඒත් අන්තිමට වුනු අර සිදුවීම ගැන මං මගේ දරුවන්ටත් කියාදීල කිව්වෙ "කවදාවත් ඇඳුමෙන් මිනිස්සු මනින්න එපා" කියල. ඇත්තටම මට හමුදාව ගැන පට්ට ආඩම්බරයි. හැබැයි ඊටත් වඩා හමුදාවට බනින්න පුළුවන් සාධාරණ හේතුත් මා ගාව තියෙනවා. 


කෝප්‍රල් සේනාධිරාජාගෙ ෆියුනරල් එකට හමුදාවෙ දෙසීයකට වැඩි පිරිසක් කාණ්ඩ තුනක් යටතේ සහභාගි වුනා කියල මම දන්නව. ඒ වට ආරක්ෂාව වළළු දෙකක්, මාර්ග ආරක්ෂාව සහ අවමංගල්‍යෝත්සවයට සහභාගිවුනු කණ්ඩයත් එක්ක. මෙි ලක් දෙරණේ අද අපි විඳින සාමයේ නිදහස වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත විඳපු කටුකත්වය, විඳපු හිරිහැර සහ කාපු කට්ට මෙන්ම ඔවුන්ගේ ගතින් වැටුනු අප්‍රමෙියවූ දහඩිය බිඳුවක් ගානේ අපි සදා ණය ගැතිවෙමු. 


යටින් තියෙන එක පිංතූරෙක තියෙන්නෙ ඒ දවස්වල මං පාවිච්චි කරපු පුද්ගලික අවිය (ඉනේ ගහගෙන). අතේ තියාගෙන ඉන්නෙ කෝප්‍රල් සේනාධිරාජාගෙ අවිය. ඒක අනුස්මරණීය පිංතූරයක්. මෙි පොටෝවල මං රැවුල් කොන්ඩෙ කපල පිලිවෙලකට හිටියෙ වැදගත්ම හේතුවක් නිසා. ඒක අනුස්මරණය කලයුතුම අවස්ථාවක්.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.06.21

Thursday, June 17, 2021

පොලිසියෙ රාලහාමිගෙන්




උදේම ඇඳගෙන කාකි සූට් එක අව් වැසි  වල දහඩිය මැද්දේ

මහ ජනතාවගෙ ආරක්සාවට පාරක් ගානෙය යම යුද්දේ

යන එන ගමනෙදි අත දිගු කෙරුවම  දැම්මට හරියනවද සද්දේ

කාගෙත් ආරක්ෂාවට මිස ඔබ නෑ නිකමට නවතන ලද්දේ


දිනාගන්න තම අභිමත දේවල් පිකටින් කෙරුමය හරි ලේසී

වාසිටි කලබල මදිවට හර්තාල් අපරාදද තව තව රාසී 

නුඹත් මාත් එක පන්තියෙ වූවද ඉන්නෙද කන් පියවා නෑසී

මුගුරක් ගත්තට පහරක් ගැහුවට අපිට ලැබෙන්නෑ කිසි වාසී


කෑ කොස්සන් දී හරුපෙන් බැන බැන ගල්මුල් ගැහුවට හතර වටින්

ඉවසන්නේ ඉවසිය යුතු හිංදයි නැත කිසිවක් නීතියට පිටින්

කලබල ඈයන් සංසුන් කරන්න කෑ ගැහුවට අපි යකඩ  කටින්

මනුස්සකම පොඩියක් හරි තියෙනව පිත්තල බොත්තම් වලට යටින්


කඳුළු ගෑස් මැද බැටන් පාර මැද ඉල්ලීම් දිනන්න පාර තොටෙි

කෙරුවත් කලබල, දහසක් සේවා මුත් ඉටුකල යුතු වෙිය රටෙි

ඒ හිංදාමය පහරක් ගැහුවෙි  එක වචනයකුදු නෑර කටෙි

අපගෙත් දෑසින් කඳුලු වැටෙනවා ප්‍රවෘත්ති බැලුවම රෑට අටෙි


මගේම පන්තියෙ මගේම මිතුරා වාසිටි කරලිය වෙත ඇදුනා

ගණනක් වැරදී පෙර පිං පව් මැද මගෙ හිත නිළ ඇඳුමට බැඳුනා

මුහුන පෙනි පෙනී දෑත ඉස්සිලා මිට මොලවා පහරක් වැදුනා

ලද ඒ පහරට වැඩියෙන් හිතවත දහස් වරක් හදවත රිදුනා


වසර කිහිපයක් අග නුවරයි මගෙ සේවා කාලය ගෙවී ගියේ

ඒ ටික කාලෙට අපමන තරමක් තරුණ පොලිස් හිත රිදී තියේ

වරදක් නොහිතනු මැන කවදාවත් නුඹත් මාත් එක කැලෑසියේ

අදත් හෙටත් මතු කාලෙත් දිගටම රාජකාරියයි පොලීසියේ




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.06.17

උඩුගුවන් ආතල්

 මෙි කතාව වෙන්නෙ මහපොලවෙනම් නෙමෙි. උඩුගුවනෙදි. ඒවට කියන්නෙ උඩු ගුවන් ආතල් කියල.


 මම අන්තිම කාලෙ සේවය කලේ පළාලි යුධ හමුදා කඳවුරේ. විශ්‍රාම ගන්න හරියටම මාස දෙකකට විතර කලින්. මම ගුවනින් එන්න කැමතිම නෑ. වෙන මොකුත් හිංද නෙමෙි, මොනාහරි උනොත් බැහැල දුවන්ඩ කියලද. බෙිරගනියෝ කියල කෑ ගහන්ඩද. ඉස්සර වගේ නෙමෙි දැං කාලෙ ප්ලයිට් එක ගොඩ බාන්නෙ කටුනායකට. එදා ගොඩ බාන්න තිබුනෙත් කටුනායකට. ගුවනින් එන්න කැමතිම නැත්තෙ හේතු දෙකක් හිංද. එකක් ඊට කලින් ගමනකදි ගත්තු ආතල් එකක්. අනික කට කැඩිච්චි වචනයක්. එක දවසක් කෆීර් දෙකක් කෑගලු අහසෙ කුරුක්කං ගග ගගහ අහට්ට යනවා මෙහට්ට යනවා. ආයෙ මෙහා ඉඳන් අහට්ට යනවා එහා ඉඳන් මෙහට්ට එනවා. මම ග්‍රවුන්ඩ් එකේ වොලිබෝල් මැච් එකක් බල බල ඉද්දි තමා මෙි දෙක වැඩ දාන්නෙ. මං හිතන්නෙ ට්‍රෙිනින් එකක්. ඊට හරියටම පැය දෙකකට පස්සෙ අහස්යාත්තරා තුනක් එක සමාන දුරින් අඩි තුන්දාහක් විතර උඩින් පිලිවෙලකට වැදගත් ගමනක් ගියා. ඒක වට කිහිපයකම ට්‍රෙිනින් එකක්. එදා අහස දිහාමයි ඇස් දෙක තිබුනෙ. හරිම ලස්සනයි. අපිත් මෙික දිහා බල බල එක එක දේවල් කතාවුනා. අපෙත් ඉන්නව පයිලට්ල. උන්දැලට වටයක්ම යන්න ඒ දවස්වල වියදම් වෙන්නෙ රුපියල් තුන්සීයයි. හත් අටසීයටත් ගුවන් ගත වෙන එවුන් හිටිය. ඒත් වැඩිපුර යන්නෙ ලාබ එකෙන්. එදා ඒ ප්ලේන් ටික කැරකෙනකන්ම අපේ කතාව වුනේ මෙි ගැන. ඔය හරියෙ එකෙක් පටන් ගත්තා කෆීර් යානා ගැන. ඇත්තටම ඒවා පරණයි තමා. මූ ජීවිතේට කපිර් එකක් ලඟින්වත් ගිහින් නැතිවුනාට කතා කලේ කපීර් එලවන ලෝකෙ හොඳම වැඩ්ඩ මූ වගේ. ඒ වගේ එවුන්ගෙන් තමා ඉතින් ආතල් එක ටිකක් විතර වැඩිපුර එන්නෙ. කපීර් කතාව යද්දි එක තැනක මගේ කට වැරදුනා. අරුන්දැ කපීර්වලින් ලයින් එකට ගහපුවා ගැන කියද්දි මං කිව්වා "ඔිවගෙන් යුද්දෙ කෙරුව එකත් ලොකු දෙයක්. ඔිව දැන් හද්ද කසිකබල් බඩුනෙ, ඔිං බලහන් කොයි මොහොතක හරි ඔිකක් කඩාවැටිල තියෙයි ඔන්නං බලහං බොරුද කියල" කියල. කට්ටියම ඒකට අනං මනං කිව්වත් මගේ කතාවට තමා තැනක් තිබුනෙ. එකෙක් කිව්ව "එකනං ඇත්ත සර්, ඔිව කාගෙ හරි ඔලුවකටවත් වැටිල තියෙයිද්දන්නෑ" කියල. පපුවට අත තියල මෙි කියන්නෙ මාස තුනක් යද්දි එකක් තැරිගැහිලම ගියා කිහාල්ලකො කන්තලේ පැත්තෙ. සත්තකින්ම මං එදා ඉඳන් අනාවැකි කියන එක නැවැත්තුවා. 

ඒක තමා කටකැඩිච්චි කතාව. 

ප්ලයිට් කතාවට යමුකො. එදා මට විශ්‍රාම යන්න ලියකියවිලි වගයක් හදාගෙන එන්න නිවාඩුවක් යන්න ආවා. එදා පැහැදිලි අහස. හුලඟ තිබ්බෙ අපේ යුනිට් එක උඩින් යන ගානට. ඒ කියන්නෙ මුහුද පැත්තට. උදේ අටට එයාෆෝස් එකට ඇවිත් නම දීල ලේඛන වැඩ කටයුතු ඔක්කොම කරල බලාගෙන හිටියෙ ප්ලයිට් එක එනකං. ප්ලයිට් එකේ යන්න එදා සෑහෙන්න පිරිසක් හිටියත් අවශ්‍යතාවය හා ජේෂ්ඨතාවය අනුව කට්ටිය අරගෙන සීට් ගානට පුරවලා අනික් අය ආපහු ඇරිය. එක ටර්න් එකයි දුවන්නෙ. සමහරදාට විතරක් දෙපාරක් අප් ඇන්ඩ් ඩවුන් ගහනව. නමුත් එදා එක පාරයි. මාත් ප්ලයිට් එකේ යන්න නම දාල කැන්ටිම පැත්තෙ කරක් ගග ගගහ හිටියෙ මගේ තව බැචෙක් එක්ක. ඌත් ප්ලයිට් එකේ යන්න හිටියෙ. අපි දෙන්නම විශ්‍රාම ලියකියවිලි ගේන්න තමා යන්නෙ. ටිකක් වෙලා යද්දි මෙිජර් ජයලත් සර් ආව ප්ලයිට් එකේ යන්න. එයාල කලින් දවසෙ ලිඛිතව දැනුම් දෙන අය. අපේ මූලස්ථාන කණ්ඩායම්භාර නිඅ තුමා. සර් අපි දෙන්න එක්කත් ටික වෙලාවක් කතාකර කර හිටියා. නමය හමාරට ලෑන්ඩ් කරන ප්ලයිට් එක එද්දි දහයයි තිහයි. මටනං ටිකක් තදවෙලත් වගේ හිටියෙ. උදේට කෑවෙත් නෑ ගෙදරින්ම හරි කටුනායක කඩෙිකින් හරි කන්න බැරියැ කියල හිතාගෙන. ප්ලයිට් එකට නගින්න යනකොට අපිතුන්දෙනාම එකට ගියේ. ගිහින් ඉඳගත්ත. ඒත් ටෙික්ඔිෆ් කරන පාටක් නෑ. ඒ අතරෙ මං හිමීට කිව්ව "මෙි රෙද්ද කඩං වැටෙයිවද්ද දන්නෙත් නෑ බං, ඒ තරමට අපේ වෙලාව හොඳයිනෙ" කියල. කිව්ව නෙමෙි ආයිබෝං ඒක මට ඔටෝම කියවුනා. ඔය ඇවුරෝ සී130  දණ්ඩවල් සතපහකට සුවර් නෑ, කොච්චර ආවත් ගියත්. පරණ බඩුනෙ. ඒක හිමීට කියවුනත් මං හිතන්නෙ පයිලට්ට විතරයි ඇහිල නැත්තෙ. ඒක මට දැනුනෙ අහල පහල අසල්වාසී සීට්වල ඉඳගෙන කටවල් එහෙක් මෙහෙක් කරගෙන බුම්මගෙන හිටපු කට්ටිය සයික්කණ්ණාඩිවලින් මා දිහා බලන්ඩ පටන්ගත්තට පස්සෙ. සර්නං කිව්ව "මිස්ටර් කට පරිස්සමින්" කියල. මොකද ඒ සර් අපේ යුනිට් එකේ ඇජුටන් හිටපු කාලෙ කියපු අනාවැකියක් හරි ගිහින් තිබුන හිංද හරි බයෙන් හිටියෙ. මං ඉන්න තැනක ලියුමක්වත් කඩන්නෑ. බැජියනං හිමීට හතරපාරක් ප්ලයිට් එකේ මුල්ලකටම අල්ලල කෙල ගැහුවා. තව මට එහාපැත්තෙ හිටපු ආර්එස්එම් කෙනෙක් මා දිහා බලාගෙනම හිටියා. ඒත් මට හිතුන්නෙම නෑ එයා මං දිහා බලං හිටියෙ කියල. මොකද ඒ සර් බත් මුට්ටිය බලනකොට මාලු ඇතිලිය පේන ජාතියෙ කෙනෙක්. ටිකාක් විතර වපරයි. ආයෙ ලුතිතන් කර්නල් කෙනෙක් ටිකක් එහායින් හිටිය. වැඩෙි කියන්නෙ කතාව එච්චර දිග්ගැස්සෙන්නෑ, කරුමෙ කියන්නෙ කතාව ඔටෝම කියවිලා ඔටෝම මට හයියෙන් හිනා ගියපු කේස් එක නැත්තං. මට හිනත් ගියානෙ. කොහොමහරි කට්ටියට ඔික හිතේ තිබුනත් අමතක වෙලා ගියා වගේ පෙන්නද්දි ප්ලයිට් එක ගමන් ඇරඹුවා. රනවෙි එකටත් දාල නියමිත පොට් එකටත් ගිහින් හයියෙන් රේස් කරල කරල දරදඬු වෙලා වෙලා ගැහිල ගැහිල දුන්නෙං අතෑරපු හීය වගේ කෙලගෙනම යන්න පටන් ගත්තා. දැං නැග්ගුවා. මං බලාගෙන අපේ සර්රුත් ඒක නැග්ගුවට පස්සෙ අල්ලං හිටපු හුස්ම ටික හිමීට අතෑරල පපුව අතගානව.විනාඩි පහක් ගියා.  එත් යනවා කියල හිතුවට මෙි රෙද්ද යන පාටක් පේන්න නෑ. කන්ද නැග්ගා විතරයි ආයෙ සෙනිකව යූටර්න් එකක් ගහල පල්ලමක් බහින්න පටන් ගත්තා.  වට දෙකක් ගහල බාන්ඩෙ ලෑන්ඩ් කලා. කට්ටිය දැං බැහැල සිවිල් ඇඳගෙන ගෙවල්වලට යන්නයි ලෑස්තිය. දන්නෝ දන්න අයට වෙනසක් තේරුනත් කලබලයක් පෙන්නුවෙ නෑ. යකෝ මෙිං මෙි රෙද්ද ආයෙ අපි නැගපු තැනමයි. ප්ලයිට් සාජන් අපිට බහින්න කිව්වා. බැස්සට පස්සෙ කිව්වා දකුණු පැත්තෙ ඇන්ජිමෙි ඔයිල් ලීක් එකක් තියේලු. ඒක හදාගෙනයි යන්නෙ කියල. නග්ගන්න පරක්කු වෙලා තියෙන්නෙත් ඒක හදල. යන්න පුලුවන් විදියට හැදුවට පස්සෙ නැග්ගුවා,ඒත් ආයෙ අවුලක් ගිහින් බැස්සුවා. අපිට කිව්වා තුනට ප්ලයිට් එක ආයෙ යනවා, කැමති කට්ටිය  යන්න ඉන්න කියල. කටුනායකින් ඉංජිනේරුවො ගෙන්නල හදන්න වෙන්නෙ කියලත් කිව්වා. මමනං හිතාගත්තා යන්නෙ මෙිකෙමයි කියල. මොකද මං ආසනෑ අප්ප කෝච්චියෙ රැයක් පුරාවට ගෝසාව මැද්දෙ යන්න. මෙිකෙ ගෝසාව තිබ්බත් විනාඩි 50-55යිනෙ. කටුනායකටම. 


මංදැක්ක අහල පහල හිටපු ඈයො සයික්කන්නාඩියෙන් මංදිහා බල බල යනව. මං ඒව දැක්කෙ හිනාව තද කරගෙන මාත් ඒ ඒ අය දිහා සයික්කන්නාඩියෙන් බලපු හිංද. 

අපි පෝලිමට එද්දි මෙිජර් ජයලත් සර්;

*මිස්ටර් මමනං ආයෙ මළාට ඔිකෙ යන්නෑ, ප්ලීස් ඔයා මෙිකෙ යන්න ඉන්න මං කෝච්චියෙ යන්නං.

බැජා කනට කරල;

*අඩෙි තෝ හු*@&$%ගෙ කට තමයි කට,තෝ මෙිකෙම පල කෝච්චියෙනං යන්ඩ එන්ඩෙපෑඈ...

යුනිට්එකේ මෙිල්මන්;

*අම්මප සර්, මට සිරාවටම හිතුනා මොකක් හරි අංජබජල් සීන් එකක් වෙයිම කියල ඈ...

තව අයටත් කි⁣යන්න දේවල් තියෙන්න ඇති. ඒත් කියන්න නැතුව ඇති. හවස තුනයි තිහට නග්ගපු ප්ලයිට් එකට හිටියෙ අපි එකොලොස් දෙනයි. කටුනායකට එනකං ආතල් එකේ ආවෙ.ඇත්තටම මෙිජර් ජයලත්,බැචා,මෙිල්මන් තුන්දෙනාම ප්ලයිට් එකට ආවෙ නෑ. මට මූනු මතක විදියට ළඟ හිටපු එකෙක්වත් ප්ලයිට් එකේ හිටියෙ නෑ. අඩුගානෙ අර කර්නල්වත්. අනේ මංදප්පා ඉතිං ඔව්ව. උං කේකේඑස් වලින් ට්‍රෙින් එකට නගිනකොට මං ගෙදරත් ගිහින් නාල බීල කාල වයිෆ්ට ෂෝටකුත් අන්දන්න ට්‍රයි කරනවා. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2022.06.16

Thursday, June 10, 2021

 මෙි සීන් එක මට වෙච්චි දෙයක්නම් නෙමෙයි.ඒත් කියන්න හිතුනා. අවුරුද්ද '97 මට මතක විදියට. නැතිනං '98.


 එවකට 7(ස්වෙිච්ඡා) ගජබා ඒකකය තිබුනෙ සන්දිවෙිලි,සිත්තන්ඩි ආදි තැන්වල ස්ථාන ගත වෙලා.සන්දිවෙිලි කියන්නෙ කිරාන් කඳවුරේ අසල්වාසි කඳවුර. පිට ඒකකයක් වුනත් අපි ඔක්කොම හමුදාකාරයො නිසා සහයෝගයෙන් කටයුතු කරගෙන ගියෙ. එයාලා මාර්ග සෝදිසිය කෝරකල්ලිමඩු දක්වා එද්දි අපිත් එතනට යන්න ඔින. ඒත් එකම ටයිම් එකකට නැතුව දෙගොල්ලගෙන් කව්රු ඉස්සෙල්ලා බෝඩරේට ආවත් අනික් පාර්ශ්වය එනකං නැවතිලා ඉන්නව. එහෙම ඉන්න ඔින කියල එකක් නෑ. නමුත්  අපි එතනට කලින්  ගියොත් එයාල එනකං අපි ඉන්නව,එයාල අපිට කලින් ආවොත් අපි එනකම් එයාලා ඉන්නව. ඒ සූදානම් ශරීරෙන්. නැතුව ඔය පලාතෙ ගේම ගහන්න බෑ. ඒ වගේම තමා ඒ ගොල්ලො අපේ ගුවන් විදුලි ජාලයටත් ඇවිත් එක එක උපදේශ ගන්නව. අපි පාබල රාජකාරි ඉටුකරන ඒකකයක් වුනත් රෙජිමෙින්තුව සංඥා නිසා රේඩියෝ සෙට්, බැටරි චාජින්, නෙට්වර්ක් ගැන අනංමනං දේවල් ගැන එවුන්දැල අහනව. අපේ ⁣සංඥා මැදිරිවල හිටියෙත් හොඳම රාජකීය බඩු. ටැල් ටැල්(කෝප්‍රල් කරූ)(කොයි වෙලේත් කාට හරි බැනපු ගමන්) , සජිත්වීර(අහිංසක), ජයන්ත(ලතා/යුනිට් එකේ සුපිරිම වැඩ්ඩ), හපුගොඩ(මල් කාන්ති), එකනායක ඊඑම්කේ(මෙවුන්දැ මෙික කියවන හින්ද "සඳා" කියල කියන්නෑ පව්නෙ) , දිසානායක(ඇටවීර), සිල්වා(බබා/බුරුස් /පසු කාලෙක අධිකාරිලත්),රූපසිංහ (බෙල්ලා/පසුකාලෙක අධිකාරිලත්)ජයරත්න ඒඑම්යූ (පසු කාලෙක අධිකාරි ලත් අපේ ලොකු නංගි) සහ මිරහවත්ත (බබා/බුලතා) ආදින් ඔය සබ්ජෙක්ට් එකේ කෙළ පැමිණියන්. සතුටක් තියෙන්නෙ ඔය නම් ගොඩ ඇතුලෙ මගෙ නමත් තිබීම. කතාව කියන්නෙ මම හිංද මම මගේ ගැන කියනව නෙමෙයි, කාලයක් මූලස්ථානයේ මෙින් රේඩියෝ රූම් එක හැඬ්ල් කලේ ඔය නම් අතුරෙන් කෝප්‍රල් හපුගොඩ, කෝප්‍රල් ඒකනායක සහ මම.(අවස්ථා කිහිපයකදිම මම හිටිය.එක දිගටම මාස දෙකතුනක්  මාව කොතනකවත් තියන්නෑ.කුජීත වැඩක් වෙච්චි ගමන් අල්ලල වීසික්ක කරනවා කෙහෙට්ට හරි)  ආරච්චි කියන්නෙ ඔිල්රවුන්ඩ් චරිතයක්. ගිනූම් කටයුතු  කැන්ටින් වෙල්ෆෙයා(ර්)නම් එහෙමයි,ක්ලාක් ,උපදේශක,මෙඩිකල්, ෆීල්ඩ් ඩියුටි නම් එහෙමයි. කාඩ් නිර්මාණය කිරීම, වටෙි යැවීම, කෙටවීම, ආතල් දීම සහ ගැනීම ඒවනං එහෙමයි. මුතියංකට්ටුවලදි වාහනත් එලෙව්වා. අන්තිම වරට රේඩියෝ රූම් එකෙන් වීසික්ක වුනේ එවකට අනිතුමා වූ (මෙකල බ්‍රිගේඩියර්) වෛද්‍යරත්න සර් එක්ක සහ ⁣දෙවන අනි තුමා වූ මෙිජර් ඩයස් එක්ක සහ උපානි තුමා එක්ක දාර කේස් එකක් වැටිල. ඒ නාවල්අඩිවලදි. එදායින් පස්සෙ ආයෙ කවමදාකවත් මං විශ්‍රාම ලබා එනකල්ම රේඩියෝ රූම් එකක රාජකාරි කරල නෑ. 


කතාවට යමුකො. එක පාරටම එදා අපේ ගුවන් විදුලි ජාලයට ආපු සන්දිවෙිලි ඔපරේටර් බස් එකක නම්බර් එකක් කියල ඒක ආපහු  එද්දි බෝඩරෙන් නවත්තගෙන එයාලට කතා කරන්න කිව්වා. ඒක කදුරුවෙල මඩකලපුව දුවන දෙමළ ජාතිකයෙකුට අයත් එකක්. ඒ වාහනවල නම්බර් කියනවට වඩා සාර්ථක බස්එකේ නම කියන එක. නසීරා ට්‍රැවල්ස්,රාජා ට්‍රැවල්ස්,කොලම්බු ටුවර්ස්, විදේශ රැකියා ආදි නම් තියෙන බස් ගොඩක් මෙි පාරෙ දුවනවා. රණ මොනරි මොනර පැටික්කි විසේකාරි වගේ තියෙන නම් ඔිව. 

 හැබැයි ඒ නවත්තන්න කිව්ව බස් එකටත් නමක් තියෙනව.ඒක මෙිකෙ කියන්නෑ. වෙලාව දෙකට විතර ඇති. සයිකලේක ආපු කවදාවත් නොදැක්ක දෙමළ මනුස්සයෙක් අපේ පිකට් කමාන්ඩර් ගාව පුස් සයිකලේ නවත්තල හෙන හෑල්ලක් කියෝනව. මාත් ඒ වෙනකොට පාරෙ හිටපු නිසාත් සර්රුත් ටිකක් ළඟින් හිටපු නිසාත් මොකද්ද සීන් එක බලන්න මාත් ඒ පැත්තට කර පෙව්වා. වෙලා තියෙන  සීන් එක ඉතිහාසගතයි. සිත්තන්ඩිවලින් අපේ කොල්ලෙක් බස් එකකට නැගල නිවාඩු යන්න. ඒ එයාගෙ අම්ම නැතිවෙලා. ඒ වෙද්දි පිකට් දාල නෑ. මෙහෙ නිවාඩු යවන්නෙ කොන්වොයි එකේ විතරයි. ඒත් මූට තියෙන හදිස්සියට බැරියර් සෙන්ට්‍රිව බැලන්ස් කරලා කෑම්ප් එකට නොපෙනෙන දුරකට ඇවිත් සිවිල් බස් එකේ යන්න හදල තියෙන්නෙ. මෙික නීති විරෝධීයි වගේම ඉතාම අනතුරුදායකයි. ඒත් මෙයාට තිබ්බ හදිස්සියෙ හැටියට වැඩෙි සිද්ද කරගෙන. කව්රුත් නැති තැනකින් නැවතිලා ඉද්දි ආපු බස්එකට මෙයා අතදාද්දි බස්එක නවත්තල නෑ. චුටි දුරක් ගිහින් පස්සෙ ස්ලෝ කරලා. මෙයා පන්නගෙන ගිහින් යන බස් එකේ එල්ලෙද්දි ඇතුලෙ හිටපු එකෙක් පයින් ගහල. හරියට අල්ලගන්නත් කලින් පුට්බෝඩ් එකෙන් වැදුනු පයින් පාරට කොල්ල විසිවෙලා ගිහින් වැටිල. බස් එකේම හිටපු එකෙක් දුවගෙන ඇවිත් පිහියෙන් ඇනල. පපුවට දෙපාරක් ඇනල තිබුනලු. කොල්ල එතනමයි. වැඩෙි දැකල තියෙන්නෙ දුරක හිටපු මෙි මනුස්සයා. ඇනපු එකායි තව එකෙකුයි එතනින්ම බස් එ⁣කෙන් බැහැල ගිහින්. වැඩෙි කෑම්ප් එකේ ඉහලටම යනකොට තවත් පැයක් විතර ගිහින්. විස්තරේ කියද්දි මිනිහට ඇඬෙනව. සිරාවටම මටනං එක තැනක ඉන්නම බැරිවුනා. පණිවිඩෙි ආව ගමන්ම අපේ රෝඩ් බ්ලොක් වලට කියල බස් එක නතර කරන්න හදද්දිත් ඒ හැම තැනකින්ම බස් එක පිටත් වෙලා. මෙි මනුස්සයා තමා සිත්තන්ඩි කෑම්ප් එකට ගිහින් විස්තරේ කියල තියෙන්නෙ. එතන ඉඳන් හැම කඳවුරකටම එයා පණිවිඩෙි කියාගෙන කියාගෙන යනව. අන්තිමට කියන්නෙ "කවදාවත් සිවිල් බස්වල යන්න එපා සර්" කියල. කඳවුරෙන් ඇවිත් බලද්දි කොල්ල මැරිලලු. මෙිවට අතගහන්න සිවිල් මිනිස්සු බයයි. සමහරවිට ඒ වෙලාවෙම කොල්ල කෑම්ප් එකට අරන් ආවනං බෙිරගන්නත් හැකියාවක් තියෙන්න ඇති. ඒක අහපු වෙලේ ඉඳන් අපිට මෙලෝ සිහියක් තිබුනෙ නෑ. දවසේ වෙලාව ගියේ හරිම හෙමින්. මෙි බස් එක එන්න රෑ වෙනවා. අපේ තැන්වලින් රෑ අටට විතර ආපහු යන්නෙ. ඒ වෙලාව වෙනකොට අපි කෑම්ප් එකටත් ගිහින් අනෙක් රාජකාරි වලටත් ගිහින්. අපි ආපහු යද්දි කුඹුරුමුල්ල කෑම්ප් එකට වැඩෙි භාරදිල ගියෙ. කොහොම උනත්  එකක් පැහැදිලියි. කව්රු ගේම අතෑරියත් සන්දිවෙිලිවලින් එහාට චෙංකලඩිවලට යනකං ඔය ගේම අතෑරෙන්නෑ. අපි පහුවදා එහෙට කතාකරල අහද්දි තමා සහසුද්දෙන් විස්තරේ දැනගත්තෙ. පයින් ගහල තියෙන්නෙ කොන්දොස්තර. පිහියෙන් ඇනල තියෙන්නෙ කොටියෙක්.ඇනපු  ඒකත් ඒ කිට්ටුව ගම ඇතුලට වෙන්න පදිංචි එකෙක්. එතනින් එහාට බ්ලා බ්ලා අපේ අය කොන්දාවයි  ඩ්‍රැයිවර්වයි පොලිසියෙ ඇත්තන්ට බාරදීල. සැක නොහිතෙන්න ඒකෙ හිටපු මිනිස්සු බස්සල වෙන බස් එකක යවල තමා මුන් දෙන්නා පොලිසියට භාරගෙන තියෙන්නෙ. බස් එකත් දවස් කිහිපයක්ම එතන තිබුනා. පස්සෙ මොනා උනාදනම් දන්නැ.😁


මෙි හරියෙ අපිට කාලයක් හෙන හිසරදයක් තිබුනා. ඒ හිසරදය හැදෙව්වෙ පූසාරියෙක්. අපිට රෑ ඇම්බුෂ් එකක් යන්න නෑ, මූ හොරාට පස්සෙන් එනවා. අපි යනකම් ඉඳලා පඳුරෙන් පඳුරට මුවා වෙවී ඇවිත් බැරිවෙලාවක්වත් අපි දැක්කොත් වෙිට්ටිය උස්සල බොග දාන්න වගේ ඉඳගන්නවා. ඒ දවස්වල එස්එෆ් ටීම් එකක් ඇවිත් හිටියා අපේ කඳවුරේ. ඒ එන්නෙ ලෝන් රේන්ජ් රෙකී යන්න. ඒ ගියාම එන්නෙ දවස් ගානකින්. අපේ කෝපල් කෙනෙක් මෙි ආපු තව කෝප්‍රල් කෙනෙකුට පූසාරිගේ විස්තරේ කියල. අපිට විසඳිය නොහැකි භූමියේ සමහර ප්‍රශ්ණ එස්එෆ්ල හරි අපූරුවට විසඳනව. අපෙන් විස්තරේ අහගෙන එතන හිටපු ඔෆිසර් එදා මහන්සි නොබලාම අපේ ඇම්බුෂ් එකත් ගියා. ඒ එදා යන්න හිටපු අපේ කට්ටියට යන්න එපා කියල නවත්තල.  එයාලත් දවස් පහකින් විතර ඇතුලට ආපු ගැම්මෙන්ම තමා රෑ අපේ ඇම්බුෂ් එකත් ගියේ. ඉතින් ඊට පස්සෙ කවමදාකවත් අර පූසාරිට කක්කි බර හැදුනෙ නෑ. එයාල රෑම පූසාරිව අල්ලගෙන ගිහින් පොලිසියට භාරදීල. ඉතින් කතා දෙකේම අවසානය එකක් හිංද කතා දෙකම එක පාර කිව්ව.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.06.10

Monday, June 7, 2021

මඩකලපුවෙ ආදරේ

 සුදු සඳ රැසින් නැහැවෙන විට මල් පොකුරූ

නල් තරු උනත් බබලයි තව දී රුසිරූ

සත්සර අතර රඟදෙනවිට පද මියුරූ

මගෙ හද මඬලෙ කවියක් වූයේ කව්රූ




රසනි හංසිකා තිලකරත්න. ඒ මං කාලයක් ගොඩක් ආදරය කල නමක්. ඒ වගේම ආදරණීය ප්‍රේමණීය නමක්. නමුත් බුදු හාමුදුරුවො දේශනාකල හැම බන පදයක්ම හැම තිස්සෙම අපිට පසක් කරන එක ඇත්තක් තියෙනව. ඒ මෙි ලෝකෙ හැමදේම තාවකාලිකයි කියන එක. අනික පියේහී විප්පයෝගෝ දුක්ඛෝ එහෙමත් නැතිනං පියයන්ගෙන් වෙන්වීම දුකක් කියන එක. ඒ බන පදයෙන් කියැවෙන අරුත මං ඔීනෑවටත් වඩා අත්විඳල තියෙනව. කෝවක ගිනි අඟුරු ගොඩෙි තම්බ තම්බ පන පොවා හදන පිහියක් කැත්තක් යවුලක් අලවංගුවක් වගේ මාත් ඒ මයින හමෙන් ඉස්සෙල්ලම එන්නෙ හුස්ම ගන්න නැතිවම බැරි හුලඟ කියල සතුටුවුනාට යටින් ගිනි අඟුරු තියේය කියල හාන්කවිසියක් සිහියට ආවෙ නෑ. ඒ නිසා නොයෙක් වද වෙිදනා විඳ විඳ හරි මං මගේ ගමන ගියා. මට රසනි ගැන කිසි තරහක් නෑ. මොකද මතක්කර කර හිනාවෙන්නයි මතක් කර කර දුක්වෙන්නයි ගොඩාක් මතක සැමරුම් මට එයා ඉතිරි කලා. ⁣ඒ ප්‍රේමණීය ඇස් හිතුවක්කාරෙට වසාගද්දි මට ඇස් පියාගන්න බැරිවුනේ ඇය හිතුවක්කාරියක් නිසා. ඇය විවාහනොවී ඉන්නත් මට කිව්ව කරුණු කාරනා ගොඩක් තියෙනව. නමුත් මට ඒ කතාව සයිබරයේ හරි, කාට හරි කියනකොට හරි ඒක එක් සීමාවකට යටත් වෙනවා. නොකියමනා දේවලුත් මෙි කතා අස්සෙ තියෙනවනෙ. ඒ කිසි දෙයක් මං නොකියා හිතුවක්කාරකම ගැන කීවෙ ඒක ලේසි කතාවක් නිසා. එහෙම කියන්න බැරි  කතා කිහිපයක්ම ඇගේ ජීවිතේ තිබුනා.ඒවා සුළු අතුවැරදීමකින් වෙච්චි දේවල් නෙමෙි. ඒව වෙනම කතා. ඒ නිසා මම ඇයට වෛර කරන්නෑ. නමුත් ඇය ඉතිරිකර ගිය මතකයන් තව තියෙනව. 


ඒ 233 බසේමු කඳවුරේ වැලිකතර බලප්‍රදේශය නොහොත් කොට්ඨාශ අංක 03 ප්‍රදේශය. ඔය වැලිකතර බිලට් එකේ උන්නෙම මල්ටි බැරල් කාරයො. ඔය අස්සෙ හිටියා "විසිට්" කියල පොරකුත්. මෑන්ට "විසිට්" කියන්නෙ එක හේතුවක් නිසා. ඒක අමතක කරමුකෝ. පොර එක දවසක් ආවා මාව හම්බවෙන්න. ඇවිත් කතාකර කර ඉන්න අස්සෙ මූ රසනි ගැනත් මතක් කලා. ඒ වෙද්දි මෙයත් කෙල්ලෙකුට ටෝක්. ඒ ටෝක් වෙන අම්මන්ඩි තනිකර දෙසිය දහයෙ තාර පීප්පයක් වගේ. ගෞමක් ඒම මහනවනං උරහිස මිම්ම විතරක් ගත්තනං හොඳටම ඇති. අනික්ව එක සමානයි. මූ කතාව කියනකොටම මට "හීග්" ගැවුනේ "යකෝ මූ කෙල්ලො කියන ජාතිය දැකල නැද්ද? බං" කියල හිතුනු හිංද. මං කවදාවත් හිතුවෙ නෑ මෙිකටත් ට්‍රයි කරනවුං හමුදාවෙ ඉන්නවැයි කියල. නම මෙිඝරානි. දෙමලද සිංහලදනම් කියන්න දන්නෑ. හැබැයි හොදට සිංහල පුලුවන්. ඇහුවමත් කිව්වෙ සිංහල කියල.

මූ ඇවිත් හිටියෙ මගෙ ලයිටරෙන් උගෙ පාන දල්ලගන්න. මාත් ඉතින් ඔව්වට බෑ කියන එකෙක් නෙමෙිනෙ. මාත් හා කිව්වා. විස්තරේ අහපුවම මූ ට්‍රයිකරනවලු මාස ගානක් තිස්සෙ.නමුත් අහන්න ලැජ්ජයිලු. මට තමා දැන් අහන්න කියන්නෙ. සිරාවටම කියන්නෙ මං ඒකිගෙන් නිකමට හරි අහල බෑ කිව්වනං, අම්මප මංනං වෙඩි තියාගන්නව. ඇයි යකෝ, ඒකකින් අහලත් බෑ කියනවනං ඒ පිරිමිකමෙනුත් වැඩක් යෑ. ඇයි යකෝ.. 


පස්සෙ මාත් ඉතින් තෙවරප්පෙරුම බෝතලේකට ලංසුව තියලා වැඩෙිට කැමතිවුනා. ප්ලෑන් කලේ රෑ ඒකි ඉන්න පොයින්ට් එකට යන්න. අපිට රෑ ඔය අම්මන්ඩිලාගෙ පොයින්ට් ගානෙ යන්න සම්පූර්ණ තහනං. නමුත් හොරෙන් යනව. එදත් දෙන්නම එහෙම ගියා. මං කිව්වා විසිට් එන්නෙ කව්ද කියල බලාගෙන හිටපිය මං අහල එනකං කියල. ඒ යද්දිත් මං මූට කිය කිය ගියෙ "තව පාරක් හිතල බලපං මයෙ අම්මා"කියල. 

මෙි පොයින්ට් එකට විසිට් එක ලඟට එනකං පේන්නෑ. 

කොහොමහරි මං මෙිගරානිගෙන් විසිටාර් ගැන ඇහුවට පස්සෙ වැඩෙිට කැමතිවුනා. ඒකිත් එව්ව මෙව්ව දාහක්නං කියල තමා කැමතිවුනෙ. මයෙ අප්පේ ඒකි කියපු අහපු දේවල්. යකෝ අපෞන්දැ  අපිට දණ්ඩ නීති සංග්‍රහයම පැනෙව්වත් මදි මෙිකි එක්ක බලද්දි. 

 කොහොම හරි ඒකත් සුභදායක අයුරින් විසඳුන සතුටට අපි දෙන්නා එන්න ආවෙ වැඩිය එතන ඉන්න එක සරීරකූඩුවට අවදානම් නිසා. මගට ඇවිත්  දෙන්නා දෙපැත්තට බෙදිලා ගියා. මීට පොයින්ට් තුනකට එහා පෝස්ට් ඔෆීස් එකගාව පොයින්ට් එකේ රසනි ඩියුටි. මටත් මෙවුන්දැගෙ මුහුන චුට්ටක් බලන්න උවමනා වෙලා සෝට් කට් දදා පොයින්ට් එකට ඇවිත් 

*කව්ද සෙන්ට්‍රි...මං කටහඬ වෙනස් කරල ඇහුවා

*කාසෙ වෛද්‍යරත්න. කව්ද? කෝප්‍රල්.. ඒකි ලාමක ටිං ටිං හඬින් ඇහුවා.

*මං ඩියුටි ඔෆිසර්.

*ගුඩීන් සර්.

*ගුඩීනින් ගුඩීනින් ආයෙ කව්ද පොයින්ට් එකේ ඉන්නෙ.

*කාසෙ තිලකරත්නයි කාසෙ පුෂ්පලතායි සර්.

*පාස්වර්ඩ් එක එහෙම දන්නවද?

(නිස්සද්දයි. ) 

මෙිකිට පාස්වර්ඩ් එක මතක නෑ. මටත් හෙන මෙව්ව එකයිනෙ. කටහඬ වෙනස් කරල තමා මං කතාකරන්නෙ. රඟ පෑමත් ඩියුටි ඔෆිසර් විදියට. 

මම දැන් මෙිකිට බැන්නා. 


*හෙට දවල් දොලහ වෙනකොට පාස්වර්ඩ් එක දෙසිය පනහක් ලියල මගෙ මෙිසෙ උඩ තියෙන්න ඔින තේරුනාද. තමුන්ල ගහන බුල්  හිංද දාහක් දෙදාහක් ඉන්න කඳවුරක් වුනත් අනතුරේනෙ අයිසෙ. ඉස්සරහ පාරෙන් හැමතිස්සෙම යන්නෙ එන්නෙ කොටි. ඒ එකෙක් මෙතනින් රිංගුවනං තමුසෙටත් වැඩෙි කරල අනික් දෙන්නටත් කරල අපෙත් පස්සට කරල යන්ඩත් යයි.. කියල ටිකක් තදින් ඇම්මටත් එක්ක බැනල බැනල ආව. මං පාස්වර්ඩ් එකත් කියල ආවෙ. 

*නිල් අරලිය පාස්වර්ඩ් එක. දැන්වත් මතක තියාගන්නව ඔික. මං එහෙම පාස්වර්ඩ් එක කිව්වට මොකද, මමත් පාස්වර්ඩ් එක දන්නෙ නෑ. කටට ආපු එකක් කියල දාල තමා ආවෙ. අරුන්දැලා නිදි හිංද මං කතාකලෙත් නෑ. 

ඔය අස්සෙ මං දැක්කා තව කෙනෙක් විදුලි පන්දම දල්වගෙන ටිකක් දුරින් විසිට් එක එනව. මං ග්‍රවුන්ඩ් එක මැද්දෙන් ශෝට් කට් එකක් දාල දුවගෙන දුවගෙන බිලට් එකට ආව.

හරියටම පැය බාගයක් යනකොට මුලු කඳවුරම පෝලින් කලා. හේතුවක් දන්නෑ.

අපිත් ගිහින් පෝලින් උනා. ඩියුටි ඔෆිසර් තමා පෝලින් කලේ. 

*මෙි දැන් ටිකකට කලින් ඩියුටි ඔෆිසර් කියල කෙනෙක් පොයින්ට්වල විසිට් එකක් ගිහින් තියෙනව. වැරදි පාර්ස්වර්ඩ් එකකුත් කියල තියෙන්නෙ. 

කට්ටිය කබ කඩ කඩ ඇස් දෙක කටෙි දාගෙන බලා ඉද්දි මං කටත් ඇරගෙන බලා හිටියෙ "වැඩෙි පත්තුවෙලාවද්ද " කියල දැනගන්න. 


සීන් එකෙන් මට "හීග්" ගෑවුනත් පුරුස දහිරිය හිතට අරං බලාගෙන හිටියෙ ඊලඟට මොකක්ද වෙන්න යන්නෙ කියල දැනගන්න. හොඳවෙලාවට එහා කරුවල. මාව එකෙක් හරි අඳුරගෙන තිබුනොත් එහෙම යන්තං හරි.. බුදාම්මෝ...පැනල යනව හොඳා.

වැඩෙි දුරදිග ගියා. ටික වෙලාවකින් "ඒ" මුරහලේ මුරපති ආවෙ "සර්, ග්‍රවුන්ඩ් එක හරහා දුවල තියෙන්නෙ" කියාගෙන.

රෑ මද්දහනෙ විසිට් ගිහින් බොරු පාස්වර්ඩ එකකුත් කියල ග්‍රවුන්ඩ් එක හරහාත් දුවල තියෙනව කියන්නෙ වැඩෙි සීරියස් නැගල යනව. බීඑම්ට විස්තරේ කිව්වම කඳවුරම සර්ච් කරන්න කිව්වා. නියෝග අනුව අපිත් ගිහින් විනාඩි පහෙන් පුල් යුනිෆෝම් සන්නද්ධ වෙලා ඇවිත් උසාවිය ගාව පාරෙන් හරහට තනිපෙලක් ගහල මුලු කඳවුරම සෝදිසි කලා.  මෙි අවට හැමතිස්සෙම කොටි ගැවසෙනව, එක පාරක් සූ සයිඩ් එකෙක් කඳවුරට රිංගන්න හදල කේස් එකක් ගිහින් තිබුනෙ. ආයෙ අඳුරන්නැති එකෙක් සාජන් මෙස් එකෙන් කන්න ඇවිත් ඒකත් අල්ලගෙන තිබුනෙ මීට මාස හයකට විතර කලින්. මෙි කඳවුර හෙන විශාලයි. සිවිල් ආයතනත් කඳවුර ඇතුලෙම තියෙන නිසා අනතුරුදායකයි. අනික ඒකක කිහිපයකටම අයත් ආයතන මෙි කඳවුර ඇතුලෙම තියෙන නිසා සමහර ඈයො අපි අඳුරන්නෙත් නෑ. 

පැය දෙකක් යද්දි ක්‍රියාන්විතය අවසානයි.ඒත් දුවපු එකෙක් ආ ගිය එකෙක් හොයාගන්න බැරිවුනා. පස්සෙ රෑ 1230 ඉඳන් 0300 වෙනකං උපක්‍රමික සීරුවකුත් තිබ්බා. උපක්‍රමික සීරුව තිබ්බම මුළු කඳවුරම ඇහැරල ස්ටෑන්ඩ්බයි ඉන්න ඔින. හැබැයි මෙි වැඩෙි කලේ කව්ද කියල මුලු කඳවුරේම දෙන්නයි දැනගෙන හිටියෙ. එකෙක් විසිටා. අනිකි රසනි. 

හැබැයි ඔය දෙන්නම හිට්ටෝල වෙඩි තිබ්බත් මාව පාවල දෙන්නෑ කියන්න මං  ඉර හඳ වගේ දන්නව.

 පහුවදා රසිනි;

*තෞසෙ මාර වැඩනෙ හලෝ කරන්නෙ.

*ඇයි.

*ඇයි කියන්නෙ තෞසෙ පොයින්ට් එකට ආපු වෙලාවෙ මං ඇහැරිල හිටියෙ. මං ඔිෆ් වෙලා පැය කාලක්වත් නෑ. හිතුවද මට කටහඬ අඳුරගන්න බෑ කියල. 




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.06.07