Thursday, May 11, 2023

නාවල්අඩි ටකරං

 මෙික වෙන්නෙ නාවල් අඩි කඳවුරේදී.මෙදින මං හිටියෙ රාත්‍රී මුර රාජකාරියෙ. දවල්කාලෙ පට්ට බරවැඩ කණ්ඩයක හිටියෙ. ඒ බංකර් වලට යන්න ට්‍රෙන්චස් කපනව.යකඩ ඉන්න ඒ කට්ට පොලවෙ ඇන්නම මොන කාණුද මිත්‍රවර්ණි යකඩින්න බම්ප් වෙලා ඇවිත් නාහෙ වදින්නෙ නාහෙ..ඒ තරම් කට්ට වෙන්ඩ වෙිලිලා. ඒ කියන්නෙ අපිට වඩා පොලව මෝරලා..

ආයෙ බංකර් ගහන සීන් එකක්. යුද්දෙ පටන් ගත්තොත් අපි හයියට ඉන්න ඔින කියල තමා ඔිව පටන් ගත්තෙ..එදා මං හිටියෙ බංකර් හදන්න තල්  තල්කොට කපන සීන් එකක.ඉතින් තල්ලු ස්ටාර්ට්  ටැට්ටරෙත් අරං කැලේ ගිහින් තල් ගස් කපන්නත් ඔින.කපල කුට්ටිත් කරල ටැට්ටරේ කට කපල බඩු ගේන්නත් ඔින. ⁣හැබැයි මෙි සාම කාලෙ.රනිල් උත්තමය ගෙනාපු සාමෙ මතකයිනෙ..අන්න ඒ කාලෙ.ඉතින් අපි උදේම බත් මුල් ටිකකුත් ඉන්න ගානට බැඳගෙන තඩි සයිස් වතුර කෑන් එක්කුත් පටෝගෙන  තල්ලු ස්ටාර්ට් ටැට්ටරෙත් අරගෙන  වල්වැදුන.ඒ කියන්නෙ මිෂන් පැල්මයිරා ට්‍රීස් කටින් ඔපරේෂන් එක බැස්සා.මගෙන් කව්රු ඇහුවත් උඹ මොනාද අද ඉන්නෙ කියල මං උත්තර දෙන්නෙ ඔහොම තමා.යන්ඩ තියෙන්නෙ කැලේ.කියන්න දුකේ බෑ මහත්වර්ණි, පොරවෙ කැපෙන තලේ හරිය අතේ මහපටැගිල්ලට වඩා මහතයි.ඒ කියන්නෙ ආමි එකේ පොරෝ කැපෙන්නෑ.කැපුවොත් තැලෙනව.තැලුවොත් ඉදිමෙනව.ඉදිමුනොත් ඇඬෙනව.ඔන්නෝවගෙ සීන් එකක්.ඒකටම හරියන ඩෑල් දහයක් විතර තමා ඔය වැඩෙිටත් නම් කලේ.

ඉතින් අපි නොවිදිනා දුක් විදල විදල තල්ගස් දෙකක් බිම හෙලා ගත්තා.අත්වල විතරක් නෙමෙයි දනිස් වලත් එක්ක දිය පට්ට දාල.ඇයි  ඉතින් අර කෙහෙම්මල් පොරෝ කැපෙන්නෑනෙ.ගහ වටෙි කැරකි කැරකි කපන්නත් එපායැ.පොරවෙන් දෙකක් ගහට කොටනව.එකපාරක් දනිස් අතගානව..😪😪😪.ඉතින් හරීම දුකසේ ඔය ගස් දෙකත් කපාගෙන කුට්ටිකරගෙන ටැට්ටරේට පටෝගෙන කෑම්ප් එකට එද්දි රෑ හතයි.

මැරෙන්න මහන්සියි. ඒ එනගමන්ම ගාඩ්රෑම් එකෙන් බැහැල බැලුව ඩියුටි පේපරේ.අම්මටහුඩු රාත්‍රී මුරය අංක 07 රාජකාරි. කාලවරෙංකො.දවල්තිස්සෙම මැරිල මැරිල ඇවිත් නයිට් ඩියුටිත් දාල.හරි කමහ් නෑ..හමුදාවනෙ කියල හිතත් හදාගෙන නාලකාල තුවක්කුබටෙත් අරං ගියා ⁣නමය වෙනකොට පොයින්ට් එකට. ගිය ගමන් නිදාගත්තා.දොලහෙ ඉඳන් දෙක වෙනකං මගේ මුර කාලය තිබ්බෙ.දොලහට පහක් තියලමාව කීද්දුව.ඇඟපත වල්ඌරෙක් තලාපු ගානයි.හොල්ලන්න බෑ සිදෙනව. කොහොම හරි හිත හදාගෙන නැගිටල හිටිය සෙන්ට්‍රි. මෙික හරි පුදුම කාල පරාසයක්..යක්කු ගස් නගිනව.අපි නිදිමරනව. කොහොම හරි අඩවන්වූ දෙනෙත් පියවෙන්න නොදී හරීම අමාරුවෙන් දල්ලගෙන හිටිය.ඒ හිටියෙත් තනි ඇහෙන්.අනික් ඇහැ රෙස්ට් කරනව.

කොටි එනවට නෙවෙයි පිංවතුනි..බය

අපේ විසිට් එන සාජන්ල කෝපල්ල ගෙන්නෙ බෙිරෙන්න බැරි..නිදාගෙන ඉදල අහුවුනොත් මයෙ අම්මා දෙන්නෙ දීමනාව මොනවද ආයෙ... ඉතින් ටින්කිරි ටින් කටින් එන්ඩ...

මාත් ඒ හිංද සුපිලිවෙතින් ඔහොම ඉන්න අතරෙ එක පාරටම ඇඟ කිලිපොලා ගිහින් කනේ මයිල් කෙලින් වෙලා පට්ට අයිඩියා එකක් ආව.

අපි බංකර වලට යන්න කානු කපනවනෙ.ඔය කානු කදවුර වටෙිම යනව.එදා මං හිටපු පොයින්ට් එකෙත් දෙපැත්තෙන්ම කානු කපල තිබුනට එන්න පාලම් හදල තිබුන්නෑ.දකුනු පැත්තෙ කානුව පැනල ආවොත් අනිවාරයෙන්ම පනින්න වෙන්නෙ පොඩි ඉඩක ඉතුරුවෙලා තිබුනු අඩිපාර කෑල්ලකට.නැත්තං අලුතින් කපපු බංකර වලට.ඒක අඩි හයක් විතර ගැඹුර හිංද පන්නින ඔින පාරටමයි.ඒක හොදට ලගටම ගිහින් සර්ච් කලා.මෙි වෙනකොට එකවිසිට් එකක්වත් ඇවිත් තිබුන්නෑ.ගියා වම්පැත්තට.අම්මටසිරි කියහංකො ඒකත් තිබුනෙ එලෙසමයි.කානුව පනිනවනං තව ටික දුරක් ගිහින් වටෙන් එන්න ඔින.නැත්තං පාරටමයි පනින්න ඔින.

මොකද අපේ පොයින්ට් එකතිබුනෙ කදවුරෙන් එලියට නෙරපු පොට්ටෙක්ක

මගෙ අයිඩියාස් එකට වැඩෙිහරි.මං ආව අපි රෙස්ට් කරන හට් එක ගාවට.ඒව අඩි හතරක් පහක් තමා උස.ඇවිත් ඇඳන් දෙකේම මෙට්ට දෙකඋස්සල බැලුව.අම්මට හුඩු තියෙනව එක ඇදක ලැල්ලක් වෙනුවට දාපු ටකරම් බාගෙයක් දිලිසි දිලිස.ඒ තිබුන්නැත්තං වහලෙන් හරි ගලවනව ඉතින් ආයෙ හරිය..

අපි ඔිව ඇතුලෙ මළාට නිදාගන්නෑ.මොකද ඒ තරං මකුණො මෙට්ටවල.එකමදුරුවෙකුට උස්සන් යන්න බැරිවෙන්න මකුනො යටින් තදින් අල්ලං ඉන්නෙ.කෑවට තරහක්නෑ..ඒත් රෑට ඇඟ පුරාම දුවල දුවල කිති කවන එකනෙ ඉවස්න බැරි  .ඉතින්  නින්දට බාදවෙන නිසා අපි බුදියන්නෙ එලියෙ..මොකක් හරි එලාගෙන.

ඊලඟට මගේ වැඩෙි පටං ගත්තා.බැලුව හොඳට වට පිට..සන්නද්ද ඇඳුම ගැලෙව්ව.ගත්ත ටකරම.. ඉරුව දෙකට... ගත්ත අත්දෙකට... ඉස්සෙල්ලම ගියේ දකුනට.ගිහින් දැම්ම කානුව ගොඩවෙලා ක්‍රොස් කරන කොටම  වැටෙන පාර මැදටම එක පලුවක්..

නෙක්ස්ට් වම.ඒකත් එසේමයි.පැන්න ගමන් වැටෙන තැනට ඒකත් දැම්ම.ආවට ගියාට දැම්මෙ නෑ මිත්‍රෝර්ණි.මං ඉස්සෙල්ල පැනල බලල තමා දැම්මෙ.😁😁☺️☺️

ඔය විසිට් එක එනව නේද මගේ ආදරණීය යාලුවනේ..?? අපි තනි ඇහෙන් හරි සෙන්ට්‍රි හිටියත් විසිට්  එන එකා එන්නෙ ඇස් දෙකම පියාගෙන..ඒ නින්ද කැඩෙයි කියල බයට.පොයින්ට් එකේ ටෙරෙක් රිංගල සෙන්ට්‍රි හිටියත් ඇස් ඇරල බලන්නෑ ආයෙ.පැයේ විසිට් එක පැය බාගෙන් කවර් කරන්නයි ට්‍රයි එක...

දැං මං ආව පොයින්ට් එකට.වෙපන් එක අතේ.බෙල්ට්ඔිඩර් වතුර බෝතල් බිම.මං බංකරේ වහලෙ උඩ..ඉඳගෙන... දැං  දෙපැත්තටම රබර් ඇහැ දාගෙන  විසිට් එක එනවද කියල  දෙපැත්ත බල බල ඉඳගෙන ඉන්නව.ටික වෙලාවක් යද්දි එක්කෙනෙක් ඈතින් එනව පේනව.ඒ කියන්නෙ..පොයින්ට් එකකට ඇතුල් වෙනකොට සෙන්ට්‍රි ටෝච් ගහනවනෙ එන්නෙ කවුද බලන්න. මාත් ඔික බල බල අල්ලපු පොයින්ට් එකටත් එනකං හිටිය.

පස්සෙ බිමට බැහැලා ආපසු සන්නද්ද වෙලා ඉස්සරහ බලාගෙන සුපිරියට සෙන්ට්‍රි හිටිය.

ඊලඟට මගෙ පොයින්ට් එක.දැං එනව..දිගටම..මං බලාගෙන හොදේ සීන් එක.

නැග්ග කානුවෙ පස්කන්දට.. පැන්න කානුවෙන් මෙි පැත්තට.ජරාස් .ජරබරාස් ජරාස් සරාං..සලං සලං ... ඇයි පිංවතුනි ටකරම උඩට එපෑ භාණ්ඩෙ පනින්ඩ.ඒ සද්දෙ තමා ඔය ඇහුනෙ..ඊට අමතරව මොන හු&@%$ක්ද යකෝ මෙි..කියනව වගෙත් සද්දයකුත්  ටිකක් හයියෙනුත් ඇහුනා.

මං එකපාරටම ඇහුව "කව්දහ්??" කියල

*මං මං කෝපල් ආරියරත්න.. ආ බයවෙන්න දෙයක්නෑ.එයා අනිවාරයෙන්ම ඇහැරුනෙ දැං ටකරං සද්දෙට. මොකද මං එයාලාගැන දන්නවනෙ.☺️☺️ එයා ආයෙ ඒක ඉවත් කලේත් නෑ..දිගටම ආව.පොත අත්සන් කලා. මගින් පැන්න ගියා.. අනික් ටකරම දකින්නෙ මෙි පැත්තට ආවොත් විතරයි හොඳේ.මොකද එන එන විසිට් එක මගින් කානුව පැනල තමා යන්නෙ.එයා ගියාට පස්සෙ ටකරම හරියට තියෙනවද බලල ආව..

මං ගැලෙව්ව පැක් එක.ගත්ත වෙපන් එක අත්ට.ආයෙ වහලෙ උඩ.

නැවත විසිට් එන්නෙ පැයකිං.

ඊලඟට ආවෙ සැරයන් කලු බංඩා..එයා එන්නෙ අලුව කප කප.මොකද එයා බොනවනෙ මෙස් එකේ රෑට.. එයත් ආව..පැන්න ටකරමට..අම්මට කියල පටන් ගත්ත.. බැනගෙන බැනගෙන යනව ටකරමට..මට එහෙම නෙමෙි.ටකරමට.මාත් කව්දහ් ඇහුව.. එනකොටම පොත දික්කලා.අත්සන්කලා මගින් පැන්න ගියා..

ඔහොම ඉතින් මගේ පැය දෙකේ මං උපරීම තත්තෙ ආතල් එකක් ගත්ත.අනික පිනක්නෙ.මගෙ පොයින් එකට එනකං නිදාගෙන ඇවිත් එතනින් එහාට ඇහැරිල යනව.

මං සද්ද නැතුව අනිකට සෙන්ට්‍රි භාර දීල මං නිදාගත්තා.

එලිවෙනකොට ඡන්ද ප්‍රථිපලේ.පාන්දර පහට ප්‍රධාන සරඹ උපදේශක තුමා විසිට් එකේ ඇවිත්..හරි ජංජාලයයි එතන.එයා ඇවිත් තියෙන්නෙ වම්පැත්තෙං.අනික එයා ඇහැරිලාමයි විසිට් එක එන්නෙත්. එතුමා කානුව උඩට නැගල සෙන්ට්‍රිට කතාකරල ටකරම අයින් කරවල.පොරත් එක්කත් කතාකරල යන්න ගිහින්.යනකොට දැකල අනික් පැත්තෙ ටකරමත් අර විදියටම තියෙනව.පස්සෙ එතුමාගේ උස්හඩින් ප්‍රකාශකල අසභ්‍ය වචන සංගායනාවට මං උඩ ගිහින් ඇහැරුනා.එතුම බනිනව තෝ තමයි මෙික කලෙ.තෝ නිදාගෙන නේද හිටියෙ.ප&@%$යා...කියල පස්න වැලයි..දැං...

අරූ පිංසෙන්ඩු වෙනව නෑ නෑ සර්..මං කලේ නෑ.කියනව.මං බෙඩ්ශීට් එක සූ⁣ට්ටක් එහෙ මෙහෙ කරල තනි ඇහෙන් බලාගෙන සීන් කෝන් එක.ඒත් එක්කම "දිහ්".."දිහ්" ගාල ඩබල් ටැබ් එක්කුත් ඇහුනා.ඒ කියන්නෙ අරූට නෙලුව.දෙකක්.

මං ටක්ගාල ඔලුව වහගත්තා...


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2023.05.11


Saturday, April 15, 2023

චෙින් චුට්ටෙ.

 "පුන් සඳ රෑට ඇවිදින් හේනේ අඳුර බිඳ

රන්කෙඳිම රන්වන් ඉරිඟු සිඹිනවද

තුන් යම හීන දැක දැක මොටදැයි ගෙදර හිඳ

රන්කඳ තාම පැල් රකිනවදෝ නිදි නැතුව" 


මගේ ලොඳ පැනපු කේපීඊ රේඩියෝ එකෙන් 96,97 කාලෙ  ඔය සිංදුව ඇහෙද්දි  මගේ හිතෙන් නිවාඩුවට ගෙදර යන වාර ගණනනම් අනන්තයි අප්‍රමානයි. ඔිනම හිතක අනන්තවත් ලස්සන ලස්සන චිත්‍ර මවන ඒ ගීතය අදටත් කොහෙන් හරි ඇහෙද්දි අතීතයට යන වාර ගණනත් අනන්තයි. 

එදිනෙදා පත්වෙන මුරපතිල අපිට  බංකර් වල රේඩියෝ දාන්න එපා කියල කොච්චරනං කීවත් අපි ඇහුවෙ නැති එකම නියෝගයත් ඒක. ටෝච් එකෙන් අයින් කරන බැටරි කෑලි දෙකක් කාඩ්බෝඩ් කෑල්ලක ඔතල ධන ඍණ වයර් දෙක දෙපාත්තෙන් ගහල අමුනල අමුනල හදන රේඩියෝ එක මගේ බෙල්ට් ඔිඩරයේ නම් කවමදාකවත් වැරදුනේ නෑ. රෑ මද්දහනේ තනියම බංකරේකට වෙලා පැය ගානක් සෙන්ට්‍රි ඉන්නකොට හිතට නැගෙන තරුණ හැඟීම්, දැනෙන පාළුව තනිකම, කාංසිය එක්ක සටන් කරන අපිට සිංදුවක් ඇහෙනකොට තරම් මොහොතකටවත් අමතක වෙලා යන්නෑ වෙන මොක කලත්. රේඩියෝ දාන්න එපා කියන්නෙ, ඔය සමහරුන්ට සිංදු ඇහෙනකොට නිදි මත එනවා. ඒත් සමහරුන්ට නිදිමත යන්නෙ සිංදු ඇහෙනකොට. 


පෝයක් ලංවෙද්දි චුට්ට චුට්ට හඳ මෝරනකොටත් හඳ සම්පූර්ණයෙන් පායන දවස් දෙක තුනටත් මමනං පුදුම ආසයි. කඳවුරෙන් පිටත බට්ටො ලයින් එක ආසන්නයේ ඉඳලා කඳවුරෙන් පිට සෑහෙන දුරක් යනකම් දණක් උසට වැවිල තියෙන ඉලුක් මානා ගස් කරටිවලට ඒ හඳ එළිය වැටුනහම පුදුම ලස්සනකට වටපිටාව පේන්නෙ. මඳ සුලඟටත් එහෙ මෙහෙ වැනෙන පුංචි පුංචි පඳුරු දිහා දෑස් රිදෙනකං බලා ඉන්නෙ "අනතුරක සේයාවක්දැ"යි කියන විමසිල්ලෙන්. ඒ පරිසරයට අනුව වෙස්වලාගෙන හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කරන්නට එන ලේ පිපාසිත රුදුරු ත්‍රස්තවාදීන් "හැමතැනකම ඇත"  කියන සංකල්පය නිසා. ඒක සංකල්පයක්මත් නෙමෙි. ඒ, ඒ කාලේ හමුදාවෙි ගෙවිච්චි බොහෝ රැයවල් වල යතාර්තයන් බවට පත්වෙච්චි සිදුවීම්. හඳ පායන කාලෙට ⁣ප්‍රහාර අඩුවුනත් හඳ කාලෙට ප්‍රහාර එල්ල නූනාමත් නෙමෙි. ඒ නිසා තමා රේඩියෝ අහන්න එපා කියන්නෙ. ඒත් තල්කොටයක් අස්සෙ තියලා මට විතරක් ඇහෙන්න තරම් හීන් ශබ්දයකින් දාගන්න රේඩියෝ එකේ රෑ එලිවෙනකම් යන සිංදු සෙන්ට්‍රි පැය දෙකේ තුනේ අහන එක තරම් ආශ්වාදයක් මටනම් වෙන කිසිම දේකින් ලැබුනෙ නෑ. කන්දෙකට සිංදු ඇහෙද්දි ඇස් දෙක තිබුනෙම ඈතින් පේන ක්ෂ්තිජය දිහා. හඳපානත් දුම්පාටට බිමට වැටෙන මද පින්නත් ගතට දැනෙන හීන් සීතලත් එක්ක ඈත තල් ගස් කරටි මැද්දෙන් ඉදිච්චි කෙසෙල් ගෙඩියක පාටට හඳ පෙනෙද්දි කල්පනා සයුරක කිමිදෙන්නෙ මම මගේ හිතටත් හොරා.


 ඔහොම දවසක තමා මීයන්කුලම් ඉද්දි හඳ පායන්නත් නියමිතව තිබුනු දවසක හඳ හංගලා අඳුරුවලාවන් අහසේ අරක් ගන්න පටන් ගත්තෙ. 


මීයන්කුලම් වාලච්චෙින වැලිකන්ද මුළු අහසම වැහි වළාවන්ගෙන් ගැබ්බර වෙද්දි අපේ සුපුරුදු රාජකාරි රටාවත් ඒ අනුව වෙනස් වෙනවා. ඒ අනතුරක් වෙයි කියන අරමුණෙන්. මෙි දවස්වල අපේ සෙට් වලටත් මොනිටර් වෙලා තිබුනෙ මෙි ඒරියා එකේ කොහි හෝ කඳවුරකට ප්‍රහාරයක් එල්ල විය හැකියි කියල. ඒ නිසා සීමිත සංඛ්‍යාවක් හිටපු අපේ කණ්ඩායමෙත් හදිසි අවස්ථාවකට යොදවන්න භඨ පිරිසක් නම් කරල තිබුනා. අනෝරා වැසි වටයක් එයි කියන බලාපොරොත්තුවෙන් එදා රෑ සවන්දීමෙි මුර දෙක තුනක් ඇරෙන්න රැකසිට පහරදීම් කණ්ඩ තුනම එළියට ගියේ නෑ. ඒ ඒවා අනිවාර්‍යයෙන් තෙමෙන ඒවා නිසා.  මාත් හිටියෙ අපේ සීනියර් කෝප්‍රල් පෙරේරා එක්ක රැකසිට පහර දීමෙි කණ්ඩයක. එදා ඇම්බුෂ් නොයන අය කඳවුරේ විශේෂ තැන්වල ස්ථානගත කරල ඩියුටියක් නම්කරල තිබුනෙ. මාත් හිටියෙ එහෙම පොයින්ට් එකක. නමුත් හදිසි කෙටි දැනුම් දීමකින් අපිට මුරහල ඉදිරියෙහි පෙළ හදන්නත් නියමව තිබුනා.



ඔහොම ඉන්න අතරේ තමා රෑ දහයට විතර පෙර දැනුම් දී තිබුනු විදියටම මුරහලේ එල්ලා තිබුනු රේල් සපත්තුවට රේල් ඇණයකින් තට්ටු කරන සද්දය ඇහුනේ.  එතකොට අපි කරන්න ඔිනෙ හැකි ඉක්මනින් ලට්ට ලොට්ට අකුලගෙන මුරහල ඉදිරියෙ පෙළ සැදීම. අපිත් ගිහින් පෙළ හැදුවම ඔිසී ඇවිත් හවස දී තිබුනු නියෝග අනුව සහ අලුත් උපදෙස් කීපයක් ලබාදී අපිව එලියට යැව්වා. ඒ, මෙි කඳවුරට ප්‍රහාරයක් එල්ලකිරීමට කොටි ආවොත්, ඒ උන්ට එන්න පුලුවන් තෝරාගත් මාර්ග කිහිපයක් ආවරණය කරන්න. කෝප්‍රල් පෙරේරා එක්ක මම හිටපු ඇම්බුෂ් එකට නියමව තිබුනේ මීයන්කුලම් කඳවුරෙන් වාකනේරි මූකුරාල් පැත්තෙ ඈත විවෘත භූමියක් මැද තිබුනු තල්ගස් තුන හතරක් හා කෝන් ගහක් තියෙන තැනක ඇම්බුෂ් එක ස්ථාන ගත කරන්න. 


අපිත් උපක්‍රමානුකූලව කෑලි කැපෙන ඝන අඳුරේ හැකි තරම් සද්දය අඩුකර ගමන පටන් ගත්තා. 


පැයක් විතර වෙද්දි අපි නියමිත තැනට ගියා. අපි අට දෙනාට නියමව තිබුනේ හතර දෙනා බැගින් කලින් නම් කර තිබූ තැන් දෙකක ස්ථාන ගත වෙන්න. වෙලාවත් ⁣රෑ මැදියමට ආසන්නව තිබුනා. කලින් දවසෙත් මෙි වගේම වෙන තැනක ඇම්බුෂ් හිටපු අපි ඔක්කොම සිරාවටම නිදි මතේ හිටියෙ. මොකද මෙහෙම ගියාම අපිට පොඩ්ඩක්වත් රෙස්ට් කරන්න ලැබෙන්නෙ නෑ. කෑම්ප් එකේ හිටියත් රෙස්ට් කරන්න ලැබෙන්නෑ. දවල්ට බරවැඩ, රෑට සෙන්ට්‍රි. කට්ටිය ඇම්බුෂ් ගියාම බංකරේ ඉතුරුවෙන්නෙ දෙන්නයි. ඒ දෙන්න තමා රැය එළිවෙනකම් සෙන්ට්‍රි ඉන්න ඔින. එක අතකින් මෙි රාජකාරිය ටිකක් නිදහස්. විසිට් එන්න කව්රුත් නෑනෙ. ආවොත් එන්නෙ දෙපා කොටි විතරයි. 


අපිත් නියමිත තැනට ගිහින් පැයක් විතර ඉද්දි කෝප්‍රල් පෙරේරා කිව්වා එක්කෙනෙක්  සෙන්ට්‍රි ඉඳලා දෙන්නෙක් රෙස්ට් කරන්න කියලා. එයා එහෙම කිව්වම අපිට හිතට හයියකුත් එනවා. මොකද කෝප්‍රල් පෙරේරා කියන්නෙ පට්ටම වැඩ කාරයෙක්. ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කරල පෙන්නපු අවස්ථා කීපයක්ම තිබුනා.  මෙහෙම එලියට ගියාම එයා කවදාවත් එක විනාඩියක් ඇස් පියවන්නෙ නෑ. අවදානම උපරිමයෙන් අරන් අපිට රෙස්ට් කරන්න දෙනවා. එයා දන්නවා අපි නිදිමතේ ඉන්නෙ කියල. 


එක දවසක් මෙි කෑම්ප් එකට කොටි වට කරගෙන ගහද්දි පෙරමුනේම හිටියෙ කෝප්‍රල් පෙරේරා. 66බැච් එකේ හොඳ අත්දැකීම් තිබුනු කෙනෙක්. මට අදත් මතක්වෙනවා උන්දෑ ඒකට ෆේස් කරපු හැටි. විදුලි වෙිගෙන් අහට්ට මෙහට්ට පැන පැන හිස් ගෙඩිම ඉලක්ක කර කර තියපු පොකුරු උණ්ඩවලින් අරුන්දැලාටනම් ගැලවෙන්න ලැබුනේම නෑ. අපිට සිද්දවුනෙ සටන් කරනවා වෙනුවට මැගසින් වලට පතුරම් පුරවන්න විතරයි. අපිත් සටනට ආසාවෙ අවියත් අරන් නැගිටින්න හදන කොටම "ඔළුව පාත් කරගිය හු&@%#$තෝ.." කියල කෑ ගහන ගමන් උන්දැ වෙඩි තියල ඉවර කරන හිස් මැගසිනය අපි ඉන්න තැනට විසිි කරනවා. පලවෙනි බැච් එකේ ලාන්ස් කෝප්‍රල් කෙනෙකුයි කෝපුල් පෙරේරයි බංකරේ වම සහ දකුණු පැත්තෙ ඉඳගෙන ගහපු ගේම තමා පට්ටම. මෙි සටන උනේ පට්ට මද්දහනක රූට් ක්ලියරින් යන්න ලෑස්⁣ති වෙද්දි. විනාඩි හතලිස් පහක් පැයක් පුරා පැවතුණු ඒ සටනේ මටනං එක පතුරමක්වත් වෙඩි තියන්න ලැබුනෙ නෑ. කෝප්‍රල් පෙරේරා තමා මුරපති රාජකාරියෙ හිටියෙත්. උන්ගෙ පලවෙනි වෙඩිල්ල පත්තුවෙලා දෙවෙනි එක පත්තු වෙන්න කලින් පොර විදුලි වෙිගෙන් බැරියර් එක ළඟ. රෙකාලා වෙච්චි අපිටත් ඉතින් හෙනම ගැම්ම.


චෙින් චුට්ටෙ. ඒ තමා අපේ සීනියර් හිටියෙ. පොර එදා අපේ ඇම්බුෂ් එකෙත් හිටියා. චෙින් චුට්ටෙ නොහොත් අංගම්මන එක්ක අපි වැඩිය බජනෙට යන්නෑ. හේතුව නමෙිම තියනව. එයාගෙ බැචාල එයාට කතාකරන්නෙත් "චෙින් චුට්ටෙ" කියන විශේෂ නාමයෙන්.  ඒ, ගමෙි හෙන අයිආර්සී පොරක් වගේ. හෙන තදයෙක් ⁣වගේ.ආමි එකේ ⁣එහෙම අයත් ඉන්නවා ඉතින්. පොර හමුදාවෙ හිටියෙත් ටිකක් ඒ ලෙවල් එකෙන් වගේ. ඒ නිසා අපි පොරගෙන් ටිකක් ඈත්වෙලා හිටියෙ. සතා මොක වුනත් නම චෙින් චුට්ටෙනෙ. පොර ටිකක් මෝඩ සැරයි. මටම කිහිප වතාවක් ඉදල් මිටි කැඩෙන තරම් ගහල තියෙනව. එහෙම ගුටි කාලත් ආපහු ඉදලක් මමම ගෙනහ්ල දෙන්නත් ඔිනි. ඒ නිසා චෙින් චුට්ටෙ එක්ක මං වැඩි බජනෙට ගියෙම නෑ. කියන්න බෑනෙ බයිසිකල් චෙින් එකකින්වත් දමල ඇරියොත් එහෙම. මට චෙින් චුට්ටෙ කියන නම ලැබුනෙ කොහොමද කියලත් දැනගන්න පුදුම උනක් තිබුනත් සතා ටිකක් අවුල් හිංද කතා කලේ උපරිම වචන පහයි හයයි. වැඩි හරියක්ම මමත් බැචාලත් කලේ පොරව මගහරින එක විතරයි. අපි බැචාල කතා වෙලා හිටියෙ වැඩි බජනෙට යන්නෑමයි කියල.



එදා චෙින් චුට්ටෙ පලවෙනියට සෙන්ට්‍රි හිටියෙ. පාන්දර එක වෙනකොට ධාරානිපාත පොල් ගෙඩි වතුර සයිස් වැහි බිංදු පොකුරු පොකුරු වැටෙන්න ගත්තා. අපි දන්න කියන අඳුනන නාඳුනන හැම දෙයියන්ටම කිය කිය හිටියෙ "වස්සන්නනම් එපා දෙයියො" කියල. මොකද,  මුවා වෙන්න ගසකුත් නැති වෙලාවෙි විවෘත භූමියක මෙහෙම වහිද්දි දැනෙන ආතල් එක පට්ටයි. ඒක තවත් දෙගුණ වෙන්නෙ සැංගි සැංගි එන කපුටු සයිස් තඩි මදුරුවොත් ගීතයක් ගයාගෙන ඇවිත් කොහෙ හරි වහල කොටන්න ගත්තම. හයියෙන් තලන්නත් බෑ, සද්දෙ ඇහෙන නිසා. ඒ හංද මම නං කලේ උංව අඹරලම දාන එක. හැබැයි ඔහොම වැස්සක ටිකක් තෙමුනනං ඇති, ඇවරි දෙකත් සට සට ගාල ගැහෙන්න පටන් ගන්නෙ. වැඩියම හීතල දැනෙන්න පටන් ගන්නෙ හෙල්මට් එකේ දාරෙ දිගේ ගලා එන වතුරයි බෙල්ලට වැටෙන වතුරයි පේළියට පේළියට කොඳු නාරටිය දිගේ ගලා ගොස් ලංකට් එකේ අඩිය පෙඟෙන්න ගත්තම. දැන් වහිනවත් කියමුකො. 


අපි ස්ථානගත වෙලා හිටපු තැනෙනුත් වතුර චුට්ට චුට්ට ගලා යන්න පටන් ගත්තා. වැස්ස එද්දිම බිමට එලල තිබුනු මගේ ග්‍රවුන් ශීට් එක ඇදල අරං මං ඇඳ ගත්තා. (ඒක රේන් කෝට් එකක් වගේ අඳින්න පුලුවන්.)  දැං නිදි මතේම හිංද වතුර ගංගාවක් ගලා ගියත් මමනං නැගිටින්නෑ. ඊට පස්සෙ රෙස්ට් කර කර හිටපු මමයි බැචයි කලේ බෙල්ට් ඔිඩර් දෙකත් ගලෝගෙන ඒක ඇඳේ පොලු වගේ හිටින්න හරහට බිමට දාල ඒක උඩින් නිදාගත්තු එක. ඊළඟට කලේ ඒක මදිවුනාම  කෝපල් පෙරේරයි චෙින් චුට්ටෙයිත් ඒ වෙද්දි ඇඟෙන් පන්නල තිබුනු බෙල්ට් ඔිඩර් දෙක හිමීට ලඟට ඇදල ගන්න එක. සද්ද නොනැගෙන්න සෙමින් සෙමින් තමා ඇදල ගත්තෙ. ගුටි කන්නෙ හෙට උදේනෙ. දැං රෑනෙ. මං ඒ දෙකත් ඇදල අර විදියටම දාගත්තා. දැං අපි දෙන්නා ඇඳේ වගේ බෙල්ට් ඔිඩර් හතර උඩ නිදි.  තවත් ටික වෙලාවක් යද්දි ඇඟට තෙතඅඅ.. සීතලක් දැනෙනවා. බලද්දි බෙල්ට් ඔිඩර් උඩිනුත් ඇඟේ ගෑවි ගෑවි වතුර යනවා. අපි හිටපු තැන ටිකක් විතර පල්ලමක්. ඒත් කෝප්‍රල් පෙරේරා නැගිටින පාටක් නෑ වෙන තැනකට යන්න. ඒක එයාගෙ හැටි. අපි නිදා ගත්තා. උඩින් අනෝරා වැස්ස, යටින් වතුර ගංගාවක්. මට ඔහොම නිදියල අවුරුදු විස්සක පලපුරුද්දක් ඒ වෙද්දිත් තිබුනා. 


එතකොට වැස්ස පායල තිබුනෙ. පාන්දර තුනට විතර කෝප්‍රල් පෙරේරා මට කතා කලා.  ඒ මහ පාන්දර තඩි කුනුහරුප වැලකුත් එක්ක. එයා "මට කියල %@&#$% ගන් නැතුව දීපිය &@%# යා බෙල්ට් ඔිඩරේ"  කිව්වා. මාත් ඉතින් නිදිමතේම ඔික ඇදල දුන්න. ඊට පස්සෙ එයාම කිව්වා "හිටපිය සෙන්ට්‍රි" කියල. මාත් නැගිට්ටා. හතරට අනිකට කතා  කරන්න  කියලත් මතක් කලා. අංගම්මන වෙනම ඇල වෙලා මගේ බෙල්ට් ඔිඩරේම කොනකට හිස තියාන. පව්.


පාන්දර හතර වෙනකම් මං සෙන්ට්‍රි. ඒ වෙද්දිත් හොඳටම තෙත බරි වෙලා හිටියෙ. කොහොම හරි මං වෙපන් එකත් කරේ එල්ලගෙන ඈතට පේන්නැතිවෙන්න ගහේ කඳ කෙලින් හිටගෙන හිටියෙ. හම්මෝ සීතල පරයා නැගෙන නිදිමතක මහිම. මං ආයාසයෙන් දෑස් ඇරගෙන හිටියා. ඔහොම තුනහමාරට මං අවසන් වතාවට වොච් එකේ වෙලාව බැලුවා. තුනහමාරයි. තව පැය බාගයක් මෙහෙම ඉන්න ඔිනෙ. බූට් දෙක අස්සෙත් වතුර පිරිල කකුල පොඩ්ඩක් හොල්ලද්දි "චොක...චොක.." ගාල සද්දයක් එනවා. ඒ නිසාම එකම තැනට වී සෙබළෙක් විලස හිටගෙන හිටියා.

ඒ අතර තුර තමා නොසිතූ දෙයක් වුනේ පෙන්ස්.  එහෙම හිටගෙන හිටපු මම තුවක්කුවත් එක්කම හිටගෙනම නින්ද ගිහින් තැරි ගහගෙන වැටුණ කිහල්ලකෝ කෝපල්ගෙම ඇඟ උඩට "සට පට ගිඩීං" ගාල.  මට මතක එච්චරයි... ගතේ නැගෙන සිහිතල පරයා ගත උණුසුම් වන අයුරින් මුහුණේ දකුණු පැත්තට "සට්ටාස්" ගාල එකකුත් වැදුනම කියමුකො. දැං මෙතන සද්දෙත් වැඩීනෙ.. ඊ ලඟට අර උන්දැ මහ පාන්දර අපිවත් ඇදගෙන එතනින් වෙන තැනකට ගියා. ඒ වෙද්දිත් කෝප්‍රල් ඇහැරිල ඉඳල තියෙන්නෙ. දැං වෙන තැනකටත් ගියා කියමුකො.( උදේ අට නවය වෙනකම් ඇතුලට යන්නෙත් නෑ. ආයෙ කඳවුරට යන්නෙ රූට් ක්ලියරින් එකත් ගියාට පස්සෙ.) ආයෙ එතනට ගිහින් අපි එළි වෙනකම් ඇහැරිල හිටිය. කෝප්‍රල් පෙරේරානම් මොනාක්කත්ම කීවෙ නෑ. ඒත් අංගම්මනගෙන් තමා බෙිරෙන්නම බැරිවුනේ. පොර සැරින් සැරේ කනට කර කර එක එක විලම්බීත කියවනවා. ඒ, යමංකො %@&$ යා අද ඇතුලට" වගේ එව්වා. 


දැං ඇතුලටත් ගියා. ඒ යද්දි එකොළහට විතර ඇති. බිලට් එකට ගිය ගමන් පොර "අරං වර %@&$යා  සුරම්‍ය දණ්ඩ" කියල නියෝග කලා. මාත් පෙරේදා මමම වාලච්චෙනෙන් ගෙන්නපු අලුත්ම ඉදල පොරගෙ අතේ තිබ්බා. 

*පල ඉසිපෝසන් &@%#$යා

මාත් ඊසි පොසිෂන් එකට ගියා. ඒ කියන්නෙ ඩිෆ් පොසිෂන් එකට.

ඒ ගමන් "දො:හ් දො:හ්" ගාල තට්ටම් දෙකට තුන හතරක් අතෑරල හෙන ලෙක්චර් එකක් දුන්නා. තට්ටම් වලට ගැහුවටනං මට අවුලක් නෑ, මට රිදෙන්නෑනෙ.ඒව තට්ටංනෙ. ඒත් සීරුවෙන් හිටගෙන ලෙක්චර් අහං ඉන්නනෙ බැරි. ඒක එතනින් ඉවරවුනා.


 මට පට්ටම තරහක් පොර එක්ක තිබුනෙ. මටත් හෙන උවමනාවක් තිබුනා,  "චෙින් චුට්ටෙ" කියල පාතාල නමක් තියෙන පොරට ඒ නම හැදුනෙ කොහොමද කියල දැනගන්න. ඒකට මට උදව් කලේ පොරගෙම බැචෙක්..සාසෙ බංඩාර. 


මෙයාගෙ ගම මැදිරිගිරිය. දවසක් නිවාඩු ගිහින් ඉද්දි පුස් බයිසිකල් එකේ පොර ටවුමට ගිහින්.  වෙර දාල හිටගෙන පාගද්දි චෙින් එක කඩල ගිහින්. ඊට පස්සෙ අර ගජමුතු දෙක පොල්ලෙ වැදිල, ඒ මදිවට  සමනල් ගැටෙිකුත් වැටිලලු. දවස් හතරක් ඉස්පිරි⁣තාලෙත් හිටියලු. ඒක මුන්දැ ඇවිත් විශ්වාසවන්තම බැචෙකුට කියල කාටවත් කියන්න එපා කියල. ඒක අහගත්තු පොර එයාගෙ විශ්වාසවන්ත බැචෙකුට ආයෙ කියල. ඊට පස්සෙ තමා නම පටබැඳිල තියෙන්නෙ " චෙින් චුට්ටෙ" කියල. අපි හමුදාවට යන්නත් කලින් තමා ඔික වෙලා තියෙන්නෙ. ඉතිං මාත් ඔික අහගෙන මගෙත් විශ්වාසවන්තම බැචා ලා ඔක්කොටම කිව්වා. ඒ වෙන කාටවත් කියන්න එපා කියල. පස්සෙ ඔික ආයෙ අලුතෙන් වෛරල් වෙලා නම නැවතත් අලුත් වුනා. අපිත් කතා වෙද්දි  එකෙක් "චෙින් චුට්ටෙ"  කියන කොට තව එකෙක් "සමනල් ගැටෙි" කියන්නත් පුරුදුවුනා. පස්සෙ කාලයක් අපි බයේ හිටපු පොරට තිබුනු  බය නැත්තටම නැතිවුණා. බැලින්නං පොරත් හොඳ කොල්ලෙක්. අපියි ආශ්‍රය කරල නොතිබුනේ.  මතකනෙ කාවත්තෙමුනේ ප්‍රහාරයක් ගැන කතාවක් කිව්වා. ඒකෙදි පොරගෙ කකුලකට වෙඩි වැදිල ආබාදිතයෙක් විදියට යුධ පිටියෙන් ඉවත්වුනා. එදායින් පස්සෙ ආයෙ කවදාවත් මට පොරව මුන ගැහුනෙ නෑ. 


එදා කෝප්‍රල් පෙරේරගෙ නලලත තඩි ගෙඩියක් ඇවිත් මගේ වෙපන් එක වැදිච්චි පාරට. පස්සෙ එයාට පවු හිංද මංම සිද්දාලේප එකක් ගෙනිහින් දුන්නා "ගා ගනින්" කියල. අපේ ඒකකයෙම ඉද්දි කෝප්‍රල් පෙරේරා සටනකින් මියගියා කියල ආරංචියක් ආවත්, ඒක ඇත්තද නැත්තද කියල හොයන්න මට බැරිවුනා. හැබැයි රණ ශූර පදක්කම ලැබුනා කියලනං දන්නව. ඔය ගෙඩිය චෙින් චුට්ටෙගෙ හෙම ආවනං මං තාමත් ගුටි කනවා.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි.

2023.04.15

Sunday, April 2, 2023

පරණ බඩු

 ඈත අහසත් හිතේ ගොඩගැහිල තියෙන සිතුවිලි සමුදායත් අනාගතේ කොහොම වෙනස් කරයිද කියල කාටවත් කියන්න බෑ. මට එහෙම හිතුනෙ පාලුවෙි කාන්සියේ ඇඳට වෙලා බර කල්පනාවක ගිලිල ඉන්න කොට. කොට්ටෙ ඇඳ වියලට හේත්තු කරල ඒකට ඔළුව තියාගෙන ජනේලයෙන් පේන ඈත ක්ෂිතිජය දිහා බලාඉන්නකොට හිතට එන්නෙම මහ අමුතු සිතුවිලි. උදේ හවස දකින ඇන්ටික් බඩු වලින් පිරුනු ගේ කෑල්ල දිහා බලාගෙන සුසුම්ලාපු වාර ගනන නම් මෙතෙකැයි කියල කියන්න බෑ. හිතටත් මහ බරක් දැනෙන්නෙ මෙහෙම තනියම ඉන්න වෙලාවල් වලට.අද තියෙන දානෙකට  පෙරේදා අපේ උන්දා උන්දැගෙ මහගෙදර ගියේ මට අවවාද අනුශාසනා ගොඩක් දීලා. මොකද මං එහෙ යන්නෙ අවුරුද්දට එක සැරයයි. නෑදෑයො උනත් ඔිනවට වඩා ලංකරගන්න හොඳනෑ. වෙලාවකට හිතෙනව නෑදෑයො කියන්නෙත් මෙි කොට්ටවගේමයි කියල. මහරෑ කට දෙපැත්තෙන් ගලායන විටමින් ගංගාවලින් දූෂිතවී පිලුනු ගඳ ගහන මෙි කොට්ටා උර වගේමයි කියල. අනික උන්දැ මාව එහෙ එක්කන් යන්න වැඩිය කැමති නැත්තෙ උන්දැගෙ නංගි ටෝක් කරයි කියල බයේ එහෙම නෙමෙි. 


ඇත්තටම මං ඇඳ වියලට බරදීල බර කල්පනාවක හිටියෙ. ගෙවල් දොරවල් අස් කරන්නත් බෑ. කරුමෙ කියන්නෙ මෙි වගෙම උන්දැ හිටපු නැති දවසක හිරු හිනැහෙන එක් උදෑසනක කුස්සිය අස් පස් කරන්න ගිහින් අපුන්දෑ තේ බොන කෝප්පෙ අතෑරිල  දෙකට මැද්දෙන් පැලිල වෙන්වෙලා ගියා. ඒත් ඒක මං අතින් නූන විදියට පයිප්ප ගම් ගාල අලෝල තියල, උන්දැ තේ වත්කරද්දි  උන්දැගෙම අතින් වෙච්චි එකක් ගානට හෙන අමාරුවකින් අටෝල තිබ්බා.  මාත් ගෙදර සුපිරිසිදුව අස්පස් කරල තියෙනව දැක්කම උන්දැ මා දිහාත් බලල හිනාවුනේ කට කන්දෙක ගාවටම ඇදල හිනාවෙලා. මාත් කට කොනකින් හිනාවෙන ගමන් හිතුවෙ " බීපිය තේත් එක්ක පයිප්ප ගම්" කියල. උන්දැත් 

 කලගුණ සැලකීමක් වශයෙන් "තේ ටිකක් බොමු නේද?, මහන්සිත් ඇතිනෙ ඔයාට" කිව්වම මුලු ගතම සලිත වෙලා ගියත්, මං නිස්සද්දව හිටියා. 


උන්දැත් එක්ක මට පරන ඇරියස් එකකුත් නොතිබුනාම නෙමෙි. මං දුර ඈත අම්පාර දිහෑ වැඩකට ගිහින් ඉන්නැද්දි ෆෝන් එකේ තිබ්බ ඩොකියුමන්ට් එකක් වට්සැප් දාගන්න ගිහින් පට්ට වහක් කෑවෙ. ඩෙිටා ඔන් කරල පැය බාගයක් ගිහිල්ලත් හතර ජී සිග්නල් ආවෙම නැතිලු. කියන්නෙම හච් කතිර සිකනල්, හච් නිකං සිකනල් සහ එටිසලාට් සිකනල් විතරමලු ආවෙ. රුපියල් දෙසීයක ක්‍රෙඩිට් ඉවරවෙනකම්ම සැරින් සැරේ කතා කලා මිසක් වැඩෙි කරගන්න හම්බුනේම නෑ. 

HSDPA,HSPA සිග්නල් වලට මුන්දෑ කියන්නෙ හච් කතිර සහ හච් නෝමල් සිග්නල් කියල. එටිසලාට් සිග්නල් කියන්නෙ EDGE සිග්නල් වලට කියන්නෙ එටිසලාට් සිකනල් කියල. මට එදා මල පැනල පොහොට්ටු දොට්ට පැනල කැවුතු ඇඹරෙන මට්ටමෙි තරහක් ආවත් ආයෙ ගෙදර එන්න ඔින නිසා ඉවසගෙන හිටියා. මං ඒත් ඇහුව ඩෑලොක් සිම් එකේ කොහොමද ගෑනියෙ හච් එටිසලාට් සිග්නල් එන්නෙ කියල. ඒක තේරුං කරන්න ගිහින් තමා සතියකින් ගෙදර ඇවිත් ආයෙ සතියක් යනකම් තනියම නිදාගත්තෙ.


කතාවට යමුකො. තේ එකත් පැහෙන සද්දෙ ඇහුනා. එහෙං මෙහෙං "ටලං ටලං ටක ටක" තාලෙට තේ හැන්දෙන් කෝප්ප වාටි වලට පහර දෙන සද්දෙත් ඇහුනා. ඒත් එක්කම තමයි මට ඇහුණේ මහා විලාපයක්. ඒක හරියට වල් ඊරියෙක් මරන මංචකේ කෑගහනව වගේ අමිහිරි සද්දයක් ෆෙන්ස්. පස්සෙ ඈ.. කෑ ගහගෙන බාත්රූම් එකට දුවද්දි සාලෙ පුටුවක ඈඳිගෙන හිටපු මං ගෙයින් එලියට දිව්වා. ඊළඟට පාරට පැන්නා. පස්සෙ පාර දිගෙත් දිව්වා. පැය ගණනකට පසු ගෙදර ආවම තමා ටිකක් ඇඟ කූල්වුනේ. මං ඒ එද්දිත් මුන්දා ඒ කෝප්ප ජාතිය හදපු උන්දැලගෙ මීමුත්තලට, කිරිකිත්තලට හිටං යමර බැනුම් බනිනවා. හොඳ වෙලාවට මට බැන්නෙ නෑ. මුන්දැ තේත් හදල "රහද" බලන්න අන්ඩෙන් උස්සල තොල ගාවට ගෙනාවා විතරලු.. චෝස්ස් ගාල ඇඟේලු. 

හැබැයි ඉතිං එළදෙනට පව් කියල හිතුනත් බුරුලක්  පෙන්නුනානං එහෙම මං තමා අහුවෙන්නෙ කෝප්පෙ කැඩුව කියල. 


අදත් ගෙදර අස්කරන්න ඔින. ඒත් හෙනම පාළුයි. මද සුලඟේ නැලවෙන ගස් කරටි ජනෙල් කම්බි අතරින් පේනකොට මහ මූසල ගතියක් හිතට එන්නෙ. ඇත්තටම වයිපරේ හිටියනං මෙි වෙලාවට කඩෙි දෙපාරක් හරි තුන්පාරක් හරි ගිහින්නෙ. අද ඒකත් නෑ. ගේ අස්කරන්න තියා ඇඳෙන් නැගිටින්න හිතෙන්නෑ. ඔය අතරමංදෑවෙ බුකියටත් ගොඩවෙලා වස්සැප් එකෙත් කරක් ගහල යූටියුබ් එකටත් ඇඟිල්ල ගහන්න හදනකොටම තමා මට ඈතින් මිහිරි කන්කලු ස්වරයෙන් නාදයක් ඇහෙන්නෙ.


"පරන බඩු වලට අපි දෙනවා අලුත් බෙිසාං...හට්ටි මුට්ටි පරන බැට්ටි,......පරන බයිසිකාල්....කැඩුණු පෙට්ටි වලට අපි දෙනවා අලුත් බෙිසාං... පොල් කටු ගන්නවා... පොල්කටු පොල්කටුඌඌ...

ඇත්තටම අද අපුන්දැවත් හිටියනං ලොරියට දීල  අලුත් බෙිසමක්වත් ගන්න තිබුනා..


මාත් විජහට නැගිටලා පාර අද්දරට ගියා. ගිහින් ලොරියම අරගෙන ආවා ගෙදරට. ඒකෙ හිටිය තුන් දෙනෙක්. අපරාදෙ කියන්න බෑ, අපි හතර දෙනාම එකමුතු වෙලා අපේ ගේ වටෙිම අස්කලා.  කාමර හතරමත් අස්කලා. කුස්සියත් අස්කලා. උන්දැලා උළුකැට ගන්නවනං එහෙම වහලෙ මකුළු දැළුත් කඩවගන්න තිබුනා. පස්සෙ ඔක්කෝමත් සුද්ද පවිත්‍ර කරලා දීල අතටත් බාගෙකට තුන්කාලකට වාගෙ සෑහෙන ගානකුත් දුන්නා. පරන පොත් බෝතල් ඔක්කොම දුන්නා., බියර් බෝතල්වලින්ම දාහකට ආසන්න මුදලක්. අපරාදෙ කියන්න බෑ. හරි රත්තරං මනුස්සයො ටිකක්. එතන හිටපු එකෙකුටවත් ගස් නගින්න බෑ. නැත්තං කුරුම්බ ගෙඩියක් බොමු කියල පොල්වලු තුන හතරකුත් බිමට ඇද දාගන්න තිබුනා. 


එදා හවසත් මුන්දා එද්දි මං හරි ලස්සනට ගේ හදල තිබ්බා. එදානං මට චුට්ටක් විතර වැදිල තිබුනෙ. මුන්දැ අහනව 

*"කෝ මං අර පිලිකන්නෙ ගොඩගහල තිබ්බ බඩු ටිකහ්?"  

*බඩු කාරයෙක් ආවනෙ. මං දුන්නා.

*අයියෝ...මං ඒව ටික එක්කහු කරල තිබුනෙ මං ඒව ටික දෙන්න. දැං කෝ ඒවට ගත්තු සල්ලි. 

*මෙි කතා කරන්නෙ ඒව තමයි.

*කෝ..සල්ලි ඒවෑ??

*යකෝ මෙි කතා කරන්නෙ ඒ සල්ලි තමයි.

*කෝ??

මද වෙලාවක් මා දිහා බලං හිටපු ඈ මැකිලා යන්න ගියා..

ඒ යද්දි තමා මගෙන් ඇහුවෙ

*කීයක් හම්බුනාද? 

*බාගෙකට විතරයි. තෞසෙ හිටියනං බෝතලයක් ගන්න තිබුනා ඈ..ෂික්.

*ඒක තමයි. අපරාදෙ සයිකලේට සෑහෙන ගානක් ගන්න තිබුනා.තෞසෙව රවට්ටලා අඩුවටම අරන් යන්න ඇති. අපරාදෙ

*නෑ. නෑ මැනිකෙ..ඒවටනං එච්චරම තමා හම්බෙන්නෙ.

*එහෙනං..?

*නෑ ඉතිං තෞසෙ හිටියනං කීයක් හරි ගන්න තිබුනා. පරණ බඩු කාරයොනෙ.

තෞසෙලාත් පරන කෙසේ වෙතත් බඩුනෙ...උං ඒ ඒ බනිස් වලට අපි දෙනවා කෙසෙල් ගෙඩි කියලත් කිව්වා ඔිං... විතරයි ෆෙන්ස් අපරාදෙ හම්බුන අලුත් බෙිසම. කොහොමත් මාසෙකින් විතර ආයෙ කන්දක් ගොඩ ගැහෙයි.




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2023.04.02

Wednesday, February 1, 2023

ගජබින්න පත්තරේ..

 එදා මහ වැහිබර දවසක්...උදේ ඉඳන්ම වැහි බීරුම. තව මහම මහ මූසල ගතියකුත් ඔය අතරේ පෙනෙන්න තිබුනා. 

අපුන්දෑ මාත් එක්ක තරාවෙලා අදට හරියටම දවස් අටක්.. ඒකට හේතුව අන්තිම හරියෙන් ලියන්නං. 


දැං මුංදෑ මාත් එක්ක කතා කරන්නෑ.මූන නිකන් ගොං පයින් ගහපු ලන්තෑමක් වාගෙ කරගෙන අහට්ට යනවා.. මෙහට්ට යනවා.. මෙහට්ට යනවා. අහට්ට යනවා..බාසා පරිවර්තක සහ පයිංඩකරු ඉන්නෙ උන්දැගෙම දෝනියන්දැ. 


*දෝනී..... ආං බත් බෙදල ඇති කන එකයි ඇත්තෙ.

*දෝනීඊඊඊඊ..තේ බොන්ඩොන්නං කහින එකයි ඇත්තෙ. 

ඔික ඇහිච්චි වෙලේ ඉඳන්ං මාත්  උන්දැගෙ මූන ඩබල් ටිබල් වෙන්ඩ හිතාගෙන දවසට දා හත්වතාවක්නං කහිනව. ඔය අතරමංදෑවෙනෙ කහින්න ගිහින් පුවක් කෑල්ලක් ඉස්පොල්ලෙ ගිහින් කැස්සක් හැදිල වතුර එකක් ඉල්ලුවෙ. ඒත් ඒ වෙනකොට මට ඇහෙනවා කුස්සියෙ ඉලෙට්ටික් කෙට්ල් එකට ආයෙ පාරක් අරුන්දෑ වතුර පුරවන  සද්දෙ.  අන්තිමෙි වතුර ජොග්ගුවක් ගෙනත් දුන්නෙ දෝනි. හොඳ වෙලාවට පුවක් කෑල්ලක් විතරක් ඉස්පොල්ලෙ ගියෙ. 


 හැබැයි ඉතිං දොදොල් පාටට හිටියට ආයෙ මක්කැයි  උන්දැට  මහ පුදුම විසේ. ඒ උනත්  දවස් අටක් මං පැදුරෙ. අර පඩිපෙල් පඩිපෙල් පැටව් ටිකත් තුරුළු ගන්නාගෙන උන්දැ ඇඳෙ. 

ඔහොම යාග හෝම ඉවර වෙලා සම්මුතියකට එලැඹිලා සාම ගිවිසුමකුත් ගහල නමවෙනි දවසෙ ඇඳට නැග්ගමත් කියමුකො. ඒත් කාටද ෆෙන්ස් මහ රෑ මද්දහනෙ සීපද කියවෙන්නෙ. මා රෑ දුටු දෙයින් කවි පද දෙකක්නං හිතට ආව...


දවස් අටක් වැඩ නොකරපු        ජුවල් පිට

තනකොල වලින් වැසිලා ඇත පතල් කට


 මං ඒ දවස්වල එළිවෙච්චි ගමන් පත්තර කඩෙිට ගිහින් "ලංකාදීප" පත්තරේ අරං එනවනෙ. එතන ඉඳන් දවස දෙකක් විතර යනකං  කරන්නෙ ඔය පත්තරේ අකුරක් නෑර බිම දිගෑරගෙන කියවන එක. ඒත් පසු කාලීනව තමා මට හරියටම සත්‍ය අවබෝධ වුනේ. ඒ සත්‍යය අවබෝධ වෙච්චි දවසෙ ඉඳන් මං පත්තර කඩෙි අරින මහ පාන්දර හතට අටට විතර මුදලාලි ඉස්සරහ පෙනී හිටල ඉල්ලන්නෙ...

*මුදලාලි ගජබින්න පත්තරේ ආවද?

*මුදලාලි ගජබින්න පත්තරේ දෙන්නකො..

එහෙම අහපු ගමන් පොර මද සිනහවක් මුවගෙහි නගාගෙන හුන් තැනින් නැගිටලා ඇවිත් නම් කෙළ කෝටියක් තියෙන පත්තර අතුරෙන් "ඉරිදා ලංකාදීප" පත්තරේ අතට දෙන්නෙ..

*මට අවුරුදු හැත්තැ තුනක් වෙනව ආයිබොංඩ.. ඒත් ඒ පත්තරේ නියම නම කියල ඉල්ලන්තෙ තෞසෙ විතරයි ඔිං..

කියාගෙන. මාත් ඉතිං හෙන පොස් මිනිහා වගෙ ගජබින්න පත්තරේ අරං ඇවිත් අකුරක් නෑර කියෝලා කියෝලා.... 

අන්තිමෙිට ලග්න පලාපලයි මරණ දැන්වීමුයි ඔක්කෝම ටිකත් කියෝලා... කියෝලා..

*හම්මට සිරා.. අදට වඩා හෙට දවස සුප්පා ඈ... කියල හිත හදාගන්නවා.


ඔහොම ඉන්න අතරේ තමා ජීව්තේ අවසාන ගජබින්න පත්තරේ ගෙදර අරං ආවෙ. ඒ රුපියල් එකසිය විස්සක් දීලා පිටු හතළිස් දෙකයි. කොටස් තුනයි" කියල ගහල තබුනු පත්තරේ. සල්ලිත් දීලා  පත්තරෙත් අරං  දෙකට නමලා ප්ලැටිනා හන්ඩ්‍රඩ් බයික් එකේ ඇක්සලේටර් කේබල් එකයි ඉස්සරහ  බ්‍රෙි්ක් කේබල් එකයි අස්සෙ ගහගෙන. එදාත් මං ඔික අරං ඇවිත් අකුරක් නෑරම කියෙව්වා. කිව්වාට විස්වාස කොරංඩ අන්ත්මේටම ඔිකෙ තිබුන මංගල කිංකිනි එකත් කියවල තමා මං පත්තරේ බිමින් තිබ්බෙ. 


එදා ඒ පත්තරේ තිබ්බෙ හුඟක්ම දේශපාලනය ගැන කතා. අරුන්දෑ අහවලාට දෙහි කපයි. ඒකා අරුට මෙහෙම කිව්වම ඒකා මෙි විදිහට පිළිතුරු දෙයි" වගේ ඒවා. මමත් ඉස්කෝලෙ යන කාලෙ ඉගෙන ගත්තෙ "සිරි ලංකාව යනු තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටකි" කියල.

අනේ මංද මටනං සිරාවටම දැං දැං හිතෙනව මට ඔය දෙසිය විසිපස් දෙනාගෙම තාත්තා වෙන්න බැරිවුනානෙ දෙයියනේ කියල.  


ඔන්න කතාව පටන් ගත්තා..


එක දවසක් සුන්දර හීතල සෙනසුරාදාවක උදේ  ගජබින්න පත්තරෙයි, ගෙදරට අඩුම කුඩුම ටිකයි ගේන්නැයි කියල, ඒ අවශ්‍ය දේවල් ලියල ලමයින්ගෙ අම්ම මගේ අතට තුන්ඩු කෑල්ලක් දුන්න. ඒකෙ අන්තිමටම බෝල බෝල අකුරින් ලියල තිබුනා 240/= මෙව්ව එකක් කියල. ඔය මෙව්ව එක මටත් මීටර් නැති හංද මං බඩු ගන්න කඩෙිට ගිහින් අනෙක් බඩු සේරම අරං, මුන්දැට කෝල් එකක් අරං ඇහුවා "මොකද්දෝයි මෙි මෙව්ව එකක් කියල ලියල ඉස්සරැහිං 240ක් දාල තියෙන්නෙ??? " කියල. උන්දැ කිව්වෙ ඒ දම්පාට එකක්ලු. ඒත් බඩු අරං ඉවර වුනාම අතේ තිබිච්චි සල්ලි ඉවරයි. මෙව්ව එකකුත් කෝම හරි ගන්න එපැයි. මාත් ඉතිං කෝම හරි බඩු ටික ගෙදරට ගෙනත් දීල, ඒ ගමන්ම ඇඳි පුටුවෙ ඈඳි ගත්තෙ පත්තරෙත් දිගෑරගෙනමයි. 


මාත් සද්දෙ නගා පැහැදිලි ලෙස..

*ප්ලේන්ටියක්වත් ගහමුතෙ??

*හා..කේතලේ ගහල තියෙන්නෙ...ඒඒ උන්දැ කුස්සියෙ ඉඳන් පිළිතුරු දුන්නා.


ටික වෙලාවකින් මට ඇහෙනව කුස්සියෙ හිටපු එවුන්දෑ වෙනදට වඩා කුස්සියෙ බඩු ටිකක් සද්දෙන් එහා මෙහා කරනව. ආයෙ කෝප්පයක් එහෙම ටිකක් හයියෙන් ටයිල් එක උඩ තියනව. ජොග්ගුවට සීනි දාල හැන්ද බිම අතාරිනව. මාත් ඒකට කන්දීගෙන තමා පත්තරේ දිගෑරගෙන හිටියෙ. මොකද සතා සුවර් නෑනෙ..


පස්සෙ අල්ලපු ගෙවල් දෙකටත් ඇහෙන්න "ටලාං ටලාං" සද්දෙට හැන්දෙන් ජොග්ගුවට ඇනලා ඇනලා සීනි ටික දිය කරලා තේ එකත් වක්කරල පාං බාගෙකුත් එක්ක, පොඟෝගෙන කාපිය කියල ගෙනත් දුන්නා කියමුකො.  මට "හිග් ගෑවුනා" 


එසැනින් තමා උන්දැ  මදක් හඬ නගා...

"කෝ මෙව්ව එක නෑනේඒ" කිව්වෙ.

ඉතිං මං ගත් කටටම කිව්වා 

*තෞසෙ මෙි පොඟෝගෙන කාපිය කියල එවල තියෙන්නේඒඒ"

*මොන හුක්.. ඔය පාංනෙ..

*ඉතිං සල්ලි මදිවෙච්චි හිංද තමා පාං බාගෙයක් ගෙනාවෙ..ඇයි මදිදඅඅඅ..?

 මගෙ ආදරණීය යහළුවනේ.. මට ඇහුණේ..සහ මං දුටුවෙ " අම්මපාා..මුගෙ අද මං......" කියාගෙන කාලි මෑණියංගේ වෙිසයෙන් කපීර් එකක වෙිගයෙන් මා ඉස්සරහට එන උන්දැ පමණයි. සෙනිකව ආව ලඟට, උදුරගත්ත පාං බාගෙ අතට... දුන්න එකක් පාං බාගෙන්ම... ඒක කරකැවිල ඇවිත් වැදුනෙ තේ කෝප්පෙට. මයෙ අප්පේ.. අර ලෝදිය තේ වතුර එක හැලිල එක්කෝටි හැටනම ලස්සෙම පිච්චුනා කිහාල්ලකො සෙනිකව.

මොනා කරන්නද?  මං සද්ද නැතුව කෝප්පෙ ඉතුරුවෙච්චි තේ ටික බොන්න පටන් ගත්තා. දැං මුන්දෑ කියෝනවා කියෝනවා... ඉවරයක් නෑ.හරියට මහයියාවෙ බෝක්කු කටෙන් දිය ගලන්නා වාගෙ..අන්තිමෙිටම ඇහුනෙ.. මෙි මනුස්සයකං ඔහොම්මමයි..ඔහොම්මමයි..කියනව වාගෙ එකක්.  දැවිල්ලත් එක්ක මටත් ඉවසුම් නැති වුනා ෆෙන්ස්.  ඉවසීමෙි සීමාව ඉක්මවා ගියා.ඇඟ වෙව්ලන්න ගත්තා. දත්මිටි කැවුනා..ඇස්දෙකට ලේ ගංගාවක් ගලා එන්නා වාගෙ දැනුණා.නලල රැලි ගැහුනා. අත් මිට මෙලවුනා. කකුල බිම හැප්පවුනා. කොටින්ම කියනවනං තදින්ම මල පැන්නා.... කියල මොනව කරන්නද...  නිස්සද්දව ඉඳලා... උන්දැගේ කට ටිකක් ස්ලෝ වුනාම තමා මං කිව්වෙ.

*අතේ සල්ලි තිබ්බ විදිහට තමා පාං බාගෙයක් ගෙනාවෙ. ඒක බැයිනං ගෝනියක් තෙමල හතරට නමල තියාගං... කිව්වම තමා වෙිල් හතරක් මිසින් වෙලා දවස් අටක් පැදුරෙ නිදියෑවෙ. හොඳ වෙලාවට ළමයි ටික හිටියෙ නැත්තෙ. හිටියනං ඔවුන්දැලා කවදාවත් ජීවිතේට කසාදයක් කරගන්න එකක් නෑ.


ඉතිං ආදරණීය යාලුවනේ.. ඔයාල එහෙම ඊවා ගේන්න කිව්වම පාං ගිහින් දෙන්න එපා හොඳේ. කන්න වෙයි හොඳ එකෙන්ම ඈ...



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2023.02.01

Sunday, January 29, 2023

මාංකේනි නවසි කුරුම්බා

 ඒ මාංකේනි කඳවුර. 2003. අපි මාංකේනි වලින් බළඇණි පාඨමාලාවක් යන්න ලෑස්ති වෙන ගමන්.


ඒ පෝයක් ඉවරවෙලා රෑ නවයට විතර හඳ පායන්න පටන් ගන්න කාලෙ. කතාවක් තියෙනවනෙ හඳ තියෙන කාලෙට සමහරුංගෙ මොලේ අවුල් යනව කියල. මටනං එහෙම එකක් ඒ කාලෙ තියා මෙි කාලෙත් නෑ. හැබැයි ⁣කරපු දේවල් ගැන මතක් වෙනකොටනම් හිතෙනවා සජිත්ට වඩා මට ටිකක් හරි පිස්සු චුට්ටක් විතර වැඩිවෙලා තියෙන්න ඇති කියල. 


හඳ පායන කාලෙට මාංකේනි පට්ට ලස්සනයි. අපේ කඳවුරට පිටුපසින් තියෙන්නෙ මහ මුහුද. හඳ පායලා පොල් කරටි අස්සෙන් අහස පේනකොටත්, ඒත් එක්ක හඳ එළිය වැටිල මුහුද කිරි පාටට පේනකොටත් හිතට කවි සිතුවිලි ගලා එන්නෙ හරියට මහයියාවෙ බෝක්කු කට කැපුව වාගෙ. අස්සෙන් පස්සෙන් රෙකා කාලෙ පුරුදු වෙච්චි කුණු හරප කවිත් නොකියවුනාම නෙමෙි. ඒත් හොඳ කවි ගොඩක් නම් කියවුනා. සිරාවටම කියන්නෙ,  මං ඔය හඳකාලෙට බංකර් උඩ ඉඳන් මුහුද දිහා බලාගෙන කැනඩාවට, නවසීලන්තෙට, ඔිස්ට්‍රෙිලියාවට නැව් දක්කන් ඉහේ කෙස් ගානට ගිහින් ඇති. කවදාවත් ඉටුනොවන සිහින දැකීමත් එක් කලාවක්. පුදුම හැකියාවක්. ඔහොම දවසක තමා කල්ලඩිවලදිත් කඳවුරෙන් පිටත පාර්ක් කරල තිබුනු ඩෝසරයක් ස්ටාර්ට් කරන්න ගිහින් කෝප්‍රල් ආරියරත්නගෙන් කනේ පාරවල් ටිකක් කෑවෙ. මෙි කතාව වෙද්දිත් මම හිටියෙ බීච් එක අයිනෙ බංකරේක. පිටිපස්සෙන් කාන්තා බළකා බැරැක්කෙ. උන්දැලා නිදිමරගාතෙ අරින පඩ සද්දෙත් ඇහෙන තරම් දුරකින් තමා මෙි බංකරේ තිබුනෙ. තව එකක් කියන්න අමතක වුනා. ඔය බීච් එක ටිකක් එහාට ගියාම පට්ට ගැඹුරුයි. මමනං එකම එක දවසක් වත් ඔය බීච් එකට බැහැල නෑ. දියවැලකුත් තියෙනවලු. 


එක දවසක් ගජබා රෙජිමෙ ටීම් එකක් අපේ කෑම්ප් එකට ආව. ආපු හේතුවනම් මතක නෑ. හැබැයි ඇවිත් ෆන්ෂන් එකකුත් ගත්තා. ඒ කියන්නෙ අටයි අටෙි බියර් ටින් ගහල බීච් එකේ නාන එකක්. අපි ඒ ආව හැමෝටම කිව්වා ඔතනින් බැස්සට කමක් නෑ, වැඩි දුර යන්න එපා කියල. කොහෙද ඉතින් ඒ ගොල්ලො පයිටින් යුනිට්නෙ. පෛවට්ටාරච්චිලා කියන දෙයක් අහන්නෙම නෑනෙ. මට මතක විදියට දහ දොළොස් දෙනෙක් මෙි මුහුදෙ බැහැල නෑව.  ටික වෙලාවක් යද්දි හෙන කලබලයක් අපේ බිලට් එක දිහාවට ඇහුනා. මුරහලත් තියෙන්නෙ ඔය කිට්ටුව. මාංකේනි කියන්නෙ සාමාන්‍යයෙන් පුංචි කඳවුරක්.  මමත් ඩියුටියක් ඔිෆ් වෙලා ඇවිත්  යුනිෆෝම් වගයක් හෝදන්න පෙඟෙන්න දාන්න යන්න ලෑස්තිවෙලා හිටියෙ. සද්දෙ ඇහිච්චි පැත්තට කට්ටිය දුවද්දි මාත් දිව්වා. වටෙි හිටපු අයත් දිව්වා.  ඒ දවස්වල අනිතුමා නිවාඩු හිටියෙ. මං දන්න විදියට අපේ දෙවන අනි තුමාත් එපා කියල තිබුන ඔතන මූදට බහින්න, බහිනවනං පරිස්සමින් කියල. කොහෙද ඉතිං ඒ ගොල්ලො ෆයිටින් යුනිට්නෙ. දුර යන්නැතුව පරිස්සමින් නාන්නං කියල තමා අවසර අරන් තිබුනෙ. 


කළබලේ තමා පොරොන්දු කඩකරලා ටිකක් දුරට ගිහින් මූදට බැස්ස එක්කෙනෙක් අඩුයි. ඒ කෝප්‍රල් කෙනෙක්. එක පාරක් වතුර උඩට ඇවිත් ආයෙ යට යනව දැකල තියෙනව තව කෙනෙක්. එයා ක්ෂණිකව එතනට පීනන ගමන් තමා කෑ ගහල තියෙන්නෙ. ඒ සද්දෙට ළඟ හිටපු අයත් කෑ ගහද්දි.  දුවගෙන ආපු මුරපතිත්  දඩබඩ ගාල බූට් පන්නලා යුනිපෝම් ගලවල මූදට පනිද්දි අපි කීප දෙනෙක් ඒ වෙනකොටත්  හිටියෙ මූදෙ. මුහුදෙ හිටපු අපි  හැම තැනම පීන පීන හෙව්වා මෙයා නෑ. මාත් ඇඳන් හිටපු යුනිෆෝම් කලිසම ගලවල තමා මුහුදට පැන්නෙ. නැත්තං බැලුම් පොකට්වලට වතුර පිරුනමයි, යුනිෆෝම් කලිසම තෙමුනමයි ගොඩක් බරයි. අනික මට මුහුදෙ ඔය හරිය ගැන තිබ්බ බය. ඒ නිසා තමා කලිසම ගලවල මුහුදට  පැන්නෙ. දැන් කට්ටියම පීන පීන හොයනව. ඒත් නෑ. තව ඩිංගෙන් මාතර වැල්ල කිට්ටුව උපන් ගම වෙච්චි අපේ ලුතිතන් කෙනෙකුත් අතුරුදහන් වෙනව එතෙන්දි.


  කොහොම හරි පැයක් විතර දත කාල කාල හෙව්වත් මෙයාව හම්බුනේම නෑ. පස්සෙ බැරිම තැන කට්ටිය ගොඩට ආව. 2IC, ඇජුටන්ට් අපේ ඔිසී ඇතුලු ගොඩ දෙනෙක් මෙතනට රොක් වෙලා හිටියෙ. අපි විස්සක් තිහක් විතර මූදෙ හිටියෙ. ඒ කෑම්ප් එක ඉස්සරහම හිටියෙ  සිංහල ධීවර පවුල් කීපයක්. ඒ අයයි, අපියි මෙයාව හැමතැනම හෙව්වා. ගස්ගල් අස්සෙ නෙමෙි..ගිලිල ඇති කියල හිතාගෙන මූදු පතුලෙ හෙව්වෙ.   පැය දෙකකට විතර පස්සෙ බැරිම තැන එකා දෙන්නා ගොඩට එනකොට තමා මටත් ගොඩට එන්න ඔිනවුනේ. මුදු රැල්ලයි, මද්දහනයි, මීටර්  දෙක තුන හතරක් ගැඹුරු මුහුදු පතුලෙයි කරක් ගහල ගහල  අපිත් හොඳටම  හෙම්බත් වෙලා හිටියෙ.


ටික වෙලාවක් යද්දි  ඔක්කොම ගොඩට ආවත්,  මං විතරක් මුහුදෙ වැල්ල ගාවට ඇවිත් දන ගහගෙන හිටිය. අහිංසක ජීවිතයක්නෙ දෙවියනේ නැතිවුනේ කියල කල්පනාවෙන පාරට පාරට මට ගොඩට එන්නම හිතුනෙ නෑ. ඒත් කට්ටියම කියනවා "තෝත් වර ගොඩට" කියල. ඒත් මට එන්න බෑ දුකයි..  වතුරෙ පීනලා මහන්සි උනත් ඇවිදගන්න බැරිකමක් තිබුනෙ නෑ. ඒත් එන්න බෑ. පස්සෙ මං කිව්වා "සර්ලා, ඔයාල යන්ඩලාකො, මං එන්නං හීන් සැරේ" කියල. ම්ම්ම්හු... ඒත් අහන්නෑ. මං ගොඩට එනකං කව්රුවත් එතනින් යන්නෙත් නෑ. ඒත් තාම සිවිල් අයයි අපේ කට්ටියයි බෝට්ටු වල  මහ මූදෙ කරක් ගහනව. පීන පීන හිටපු අපි විතරයි ගොඩට ආවෙ. පස්සෙ එයාලා මට ගොඩට එන්න කියනවා, මං බෑ කියනවා. මං බෑ බෑ කියද්දි එයාල අඬගහනවා. බැරිම තැන මං එතන හිටිපු එකෙකුට කිව්වා ටිකක් හිමින් "මං ගොඩට එන්න ඔන්නං ඔය කලිසම ගෙනත් දීපිය" කියලා. මූදේ හෝ හෝ හඬ මැද්දෙත් ඒක ඇහිච්චි 2IC මුහුදෙන් නැගෙන සද්දෙ පරයා නැගෙන හඬකින් "මුංනං හදන්නම බෑ, ඇජුටන්" කියනව වගෙ එකක් මගෙ සවනත වැකුනා. ඒක ඇහිච්චි සාජන් මෙිජර් ලයනල් "වරෙන්කො පරයා අද ගොඩට" කියනව වගෙ එකකුත් කියනව වගෙ ඇහුනා. ඒත් ඉතින් ඔය කොයි ගෝරනාඩුවත් හුරු මං හීං සැරේ කලිසම ඇඳගෙන ගොඩට ආවා. හැබැයි මං කියපු වෙලාවෙම ගොඩට ආවනං  මට වැදිල තිබ්බ කාඩ් අටෝරාසියට තවත් කාඩ් එකක් "බැරියර්" කියල වදින්නත් බොහෝ දුරට ඉඩ තිබුනා. 


ඒ නැති වෙච්චි කෝප්‍රල්, වෙන්න තිබුනු දේ එලෙසම වෙලා තියෙද්දි රැල්ලත් එක්ක ගොඩට ගහගෙන එද්දි අපිට හමුවුනා. ඉතිං අපේ කඳවුරත් අවමංගල්‍යක හැඩෙි ගත්තා. 


කමහ් නෑ, කතාවට යමුකො. කන බොන දේට මගෝඩි වැඩකට කවදාවත් පස්ස නොගහ ඉදිරිපත්වීමෙි කුරිරු හැකියාවක් ආරච්චිට තිබුනා. රිසාල්ට් එක පස්සට... ඒව හිතන්නෙ පස්සෙ. වැඩෙි තමා ෆස්ට්. අපේ කුස්සිය පිටිපස්සෙ තිබුනා "නවසි"කියල කට්ටිය හිතාගෙන හිටපු ටිකක් උස පොල් ගහක්. මයෙ අප්පේ..බලන්ඩෙපෑ ඒකෙ කුරුම්බා වලුවල තියෙන ලස්සන.. හඳපානට රත්තරං වාගෙ දිලිසෙන්නෙ. අනික ඒකෙ වතුරත් හෙන රහට ඇති. හැබැයි ගෙඩියක් කඩාගෙන බීපු එකෙක්නං ඔහෙ හිටියෙ නෑ. මොකද පොල් කැඩීම,කුරුම්බා කැඩීම "සම්පූර්ණයෙන්ම තහනම්" කියල අපි හැමෝවම නිළ දරණ අය විසින් දැනුම්වත් කරල තිබුනෙ. ඒත් මම විතරක්ම දෙතුන් පාරක් ඔය නවසි ගහෙන් ගෙඩියක් කඩා ගන්න ට්‍රයි කලත් ඒ සෑම උත්සාහයක්ම වතුරෙ ගියෙ හරියට මහා මුදෙ ගහගෙන ගිය අර කෝප්‍රල් වාගෙ. ඒත් මං උවමනාවකටත් නැතුව තියෙන කහන ගතියට ඔිකෙන් ගෙඩියක් බොන්න නොනිත් ආශාවෙන් හිටියෙ. ඒකට එකම එක අවස්ථාවක් පෙර දැනුම් දීමකින් තොරවම හඳ පායලා තියෙන පාන්දරක උදාවුනා.


මං හරියටම පාන්දර දෙකට ඩියුටි ඔිෆ්වෙලා ඔන් සෙන්ට්‍රිටත් "ටොයිලට් එකට ගිහින් එන්නං" කියල මගේ  ක්‍රියාන්විතය සඳහා පිටත්වුනා. ගොඩක් දවස්වලට  "ටොයිලට් එකට ගිහිං එන්නං" කියල මං මෙහෙම පොයින්ට් එකෙන් ගියත්, බොහෝ අවස්ථාවල මං ආයෙ බංකරේට ආවෙ ඉරත් පායන්න කිට්ටු වෙලා. ඒක දන්න නිසා මං යන්නෙ මොකටද,කරන්නෙ මොනවද කියල කව්රුවත් හොයන්නෑ. උං දන්නවා මං එහෙම ගියාම ආපහු එන වෙලාව. හැබැයි මොන වැඩෙි කලත්, ඒක හරියට කෙරෙනකං ආයෙ යකෙකුටවත් කියන්නෑ. එහෙම තමා මං හිතාගෙන හිටියෙ. මතකනෙ එක පාරක් ඔහොම ගිහින් ඔය කඳවුරේම සිංහල අවුරුද්දක් දාක හොරෙන් පුඩිං කෑවා. එදා ඉඳං බොහෝ දුරට මම තනියම තමා ගේමකට බැස්සනං බැස්සෙ. 


දැන් මමත් හීන් සැරේ කරක් ගහල ගහල  හොඳට වටපිටත් බලල බූට් දෙකත් ගලවල හංගල ඇඳන් හිටපු  යුනිෆෝම් එක පිටින්ම නගින්න පටන් ගත්තා ගහට. සුටුස් ගාල නැග්ගමත් කියමුකො. ඇම්බුෂ් ගිහින් මාලු කපන්න තියාගෙන ඉන්න මොට්ට පිහියත් අරන් දවස් කීපයක් තිස්සෙ බලල බලල "ඒ වල්ල කැපුවොත් නම් යකාටවත් හොයන්න බෑ" කියල මාක් කරගෙන හිටපු වල්ලට පිහිය අස්සෙන් දාල අතුල්ලලා අතුල්ලා පැය කාලක් විතර යනකම් අතුල්ලලා කොහොම හරි වල්ල ගහෙන් වෙන් කර ගත්තා. වැඩෙි ඉක්මන් කරන්න ඔින. විසිට් එකක් ආවොත් විනාසයි. විසිට් එකක් ඇවිත් ගහට නිකන් හරි ටෝච් එක ඇල්ලුවොත් තවත් විනාසයි. මොකද කියනවනං විසිට් එන මයෙ අප්පලා බිමට වඩා ටෝච් එක ගහන්නෙ ගස්වලට. නිදිමතේ තනි ඇහෙන්නෙ විසිට් එක යන්නෙත්. 


ගහෙන් වෙන්වෙලා තව වල්ලක් උඩට පාත්වෙච්චි ඒ ගෙඩි පහක් හයක් විතර තිබුනු වල්ල දත කාල කාල උස්සල අරං .ගස් කඳේ ඇනගෙන නමාගෙන හිටපු දකුණු කකුල උඩින් තියා ගත්තා. මට එහෙම වලු දෙක තුන අරං බැහැල අවුරුදු විස්සකටත් වඩා හොඳ පළපුරුද්දක් තිබුනා. ඒත්  පුදුම කරුමයක්. පලාතම දෙවනත් කරන ගමන් නැට්ට කපද්දි පිහියට ඇතිල්ලිච්චි ගෙඩි දෙකක් දෙපාරට නැට්ටෙන් කැඩිල වැටුණ කිහාල්ලකො " දිඩිහ්" "ඩිහ්" ගාල බිමට. එකක් වෙිලිච්චි පොල් අත්තක් උඩකිනුත් "සර සර සර බරස්" ගාල රෝල් වෙලා ගියේ හරියට මට නෝන්ඩියටත් වාගෙ.  ඊළඟ නිමෙිසෙ දනිස්ස උඩ තියෙච්ච වල්ලම අන් බැලන්ස් වෙලා වැටුණ කිහාල්ලකො "සරස් බු:හ් දො:හ්" ගාල බිමට. කරුමය කියන්නෙ කිය කිය පහර දෙන එකකට නෙමෙයි පෙන්ස්. නොකියම පහර දෙන එකට. 


මුලින්ම සද්දෙ ඇහුනු දිහාට ටෝච් එළිය ඇල්ලුවෙි ළඟ පොයින්ට් එකක රාජකාරි හිටපු මුලු යුනිට් එකම නමට වඩා "බෙල්ලා" කියල හඳුුන්වන සිසිරකුමාර. ඌට අහුවුනා කියන්නෙ සීඔිට අහුවුනා හා සමානයි. සිසිර කියන්නෙ මටවඩා සීනියර් බුවෙක්. පොරත් ටෝච් එක වටෙිටම අල්ල අල්ල මා ඉන්න දෙසට දුවගෙන ආවෙ විදුලි වෙිගෙන්. ඒ හිංදම මට ඉතුරු ටිකත් බැහැල දුවන්න කාලයක් තිබුනෙ නෑ. පොරත් ලඟට  ඇවිත් කෑ ගහන්ඩ හදනකොටම මම   "කෑ ගහන්ඩෙපෝයි, සීඔිට ඇහැරෙයි" කියන ගමන් ගහෙන් බාගයක් බැහැල හිටපු විදියටම ඉතුරු ටිකත් බැස්සා. මගේ දැන් කලබලයක් නෑ.වෙන්න ඔින දේ වෙලා ඉවරයි.  දැන් මං ඉන්න තැනට සද්දෙ ඇහිච්චි තව පොයින්ට් එකක සෙන්ට්‍රියෙක්  ගහෙන් ගහට ටෝච් එක අල්ලනව. ඒ අල්ලන ගමන් යටි ගිරියෙන් කෑගහල අහනවා. "කෞදෞත්තෝ කුරුම්බාආආආ... කඩන්නේඒඒඒඒ" කියලා. ඒක ඇහිච්චි එහා කොනේ හිටපු මුරපති කෝප්‍රල් හඬ නගා "කොයෙදෞත්තෝ කුරුම්බාආආආ... කඩන්නේඒඒඒඒ..." අහනවා.   වටෙිටම ටෝච් එකත් ගග ගගහ දුවගෙන ආව සිසිරත්  ගහ යටට ආව, ගැහුව ටෝච් එක මූනට ඊළඟට  මහා සද්දෙන් "ආරච්චියා කුරුම්බා කඩන්නේඒඒඒ" කිව්වා. ඊළඟට එහා පැත්තෙ පොයින්ට් එකේ හිටපු එකත් ආව. විසිට් එකත් මග එනව. ⁣ගාඩ් කමාන්ඩත් ආව. සෙක්ටර් කමාන්ඩර් හිටපු ප්ලැටුන් සාජනුත් ආව.  මාත් කලබල වුනේ නෑ, නපුරු දුෂ්ඨ කොටි රැලකට අහුවුන අහිංසක හා පුංචෙක්" වගේ ආසියාවෙම ඉන්න අහිංසකය ලෙසින් පැමිනි කට්ටිය කියන කියන දේවල් අහගෙන හිටිය. ඒ, ඒ කට්ටියගෙ හිත වෙනස් වෙයිද කියල බලන්න. මුරපති ඇවිත් පොයින්ට් වලින් ආපු කට්ටියට සද්දෙකුත් දාල "පලයව් පොයින්ට් වලට" කියල එලෝලා ආයෙ අමුතුවෙන් බනින්න පටන් ගත්තා. විසිට් එකේ ආපු සාජන්ට් නම් අතේ තිබ්බ ටෝච් එකේ අඩියෙන් ඔලුවට හිමීට එකක් ඇන්නා විතරයි.

හතර පස් දෙනෙක්  එතන ඉතුරුවුනා කියමුකො. ගෙඩි හයක්  තිබ්බ වල්ලෙ. හයම අර මොට්ට පිහියෙන් කප කපා "බීපිය බීපිය" කියල පෙව්වත් කියමුකො. ඒවත් හෙන පතරංග ගෙඩි. ලිඳකට වගේ වතුරත් තිබුනා. ගෙඩි හතරක් බොනකොට හුස්ම ගන්නත් බෑ. මාත් අඩ අඳුරේ හොරාම  ඇඟිල්ලක් උගුරට දාල වමනෙ පාරකුත් දැම්මෙ, කට්ටිය බයවෙලා "දැං ඇති" කියයි කියල වත් හිතාගෙන. ඒත් නෑ ෆෙන්ස් හයම පොවන හැඩක් තිබුනෙ.  දැන් තව එකක් ඉතුරුයි. අතේ දියපට්ටත් දාල පිහියටම. බොන්නනං කොහොමහරි බැරියැ.මෙි උලව්වෙන් කපන එකනෙ වැඩෙි. මං ඒත් කිව්ව කව්රු හරි කපල දුන්නොත් ඔන්නං අනිකත් බොන්නං කියල. ඒක ඇහිච්චිගමන් අපේ ප්ලැටුන් සාජන්ට් නම් ආයෙ ටෝච් එකෙන් එකක් විතරයි ඔලුවට ඇන්නෙ. නිකන්මත් නෙමෙි "මුගේ අප්පට යකෝ" කියන ගමන්. 


කොහොමහරි හයවෙනි එකත් මංම කපාගෙන බිව්ව කියමුකො. දැං එතන හෙන ලෙක්චර්. කෝපල් කෙනෙක් කියනව "හොඳ වෙලාවට සද්දෙ ඇහුනෙ, නැත්තං ඔිකට අපිනෙ අහුවෙන්නෙ" කියල. ඒක අනුමත කරපු සාජන්ට් ආයෙ අමුතුවෙන් බනින්න පටන්ගත්තා. දැං හෙට ඉහල උසාවියට දාන පොරොන්දුව පිට "උදේ අටට හම්බුවෙයන් ඇවිත්"කියල කට්ටිය විසිරෙන්න ලෑස්තිවෙලා "තෝත් දැං පල පොයින්ට් එකට" කියල මටත් යන්න කිව්ව. මාත් යන්න ලෑස්තිවෙලා බීල ඉවර කරපු කුරුම්බ ගෙඩි දෙකකුත් අත්දෙකෙන් අරං ඇඟට හේත්තුවෙන්න තියල අල්ල ගත්තා. එවිට විසිට් ආපු සාජන්

*දැං තොට ආයෙ මොකටද ඔය කෝම්බ? කියල ඇහුව.

මං කිව්ව "ලොඳ කන්නනෙ ඉතිං, නැත්තං අපරාදෙනෙ" කියල.

යමින් හිටපු ප්ලැටුන් සාජන් මං දිහාට හැරිල ආයෙ පටන් ගත්තෙ අතකුත් උරුක් කරන ගමන්  "නෙද්දකින් තොගෙ අම්....කියල විතරයි.  එතනින් එහාට වෙච්චි දේ නං අහන්නෙපා පෙන්ස් කියන්නෑමයි ඉතිං.


ඔය ප්ලැටුන් සාජන්ට් එක්ක මගේ ඉතිහාස කතාවකුත් තියෙනව. එතකොට මෙයා සාමාන්‍ය සෙබළෙක්.  එක දවසක් මම රෙකා කාලෙ වාලච්චෙින කෑම්ප් එකේදි මාව පොල් ගහකට නග්ගන්න  හැදුව. ඒත් මෙි වගෙම හොරෙන් කුරුම්බ බොන්ඩ. මං "ගස් නගින්න දන්නෑනෙ කෝපල්" කිව්වම පොර අර මහ රෑ පොයින්ට් එකේදිම බිම පොල් ගහක් අන්ඳලා "දැන් නැගපිය ඔය ගහේ" කියල බඩ ගාවල තමා ගස් නගින්න පුරුදු කලේ. මම ඒක එහෙම එතන කිව්වනං තාමත් ගුටි කනවා. මොකද මිනිස්සුන්ට හරි ඉක්මනින් මුල අමතක වෙනවනෙ. 


කොහොමහරි පහුවදා උදේ අටට ගිහින් මම ඔය සාජන් හමුවුනා. සාජන් සාජන් මෙිජර් ගාවට දැම්මා. එතනින් 2IC ට දැම්ම. 2IC මාව නැවත වරක් දැඩි තර්ජනාත්මක අවසාන නිවෙිදනයකුත් සමග ඇප පිට  නිදහස් කර හැරියා.  නිකන්මත් නෙමෙි, "තමුන් ආයෙ එහෙම මෙි වගෙ වැඩක් කරල අහුවුනොත් කපනවා යට තියෙන ගජමුතු දෙකම" කියන අවවාදෙකුත් එක්ක.  එතනින් පස්සෙ ආයෙ කවදාවත් කව්රුවත් එහෙ කුරුම්බ බීවෙ නෑ. හැබැයි මමනං බීව. ඒත්  කාටවත් අහු⁣වුනේ නං නෑ. 



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2023.01.29

Wednesday, January 25, 2023

රාළහාමිගෙ ඔරලෝසුව


 ඉස්සර නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරි කරද්දි හමුදාවෙ සහයට පොලිසියත් හිටියා. ඒ කියන්නෙ හැම කඳවුරකම පොලිසියෙ දෙන්නෙක් ගානෙ. මටනං ඒ කාලෙ ඉඳන්ම පොලිසියෙ ඈයො පෙන්නන්නම බෑ. ඒකට හේතුව මම අදටවත් දන්නෑ, හැබැයි පෙන්නන්න බෑ. මට හිතෙන්නෙ ඔය පොලිස්සියෙ සමහර ඈයො අපිත් එක්ක රාජකාරි කරද්දි වෙච්චි සමහර සිදුවීම් හිංද වෙන්න ඇති. හැබැයි ඒකට දැං. මයෙ අප්පේ දැං කියලත් මහ වෙනසක් නෑ, දැං ඊටත් වඩා පෙන්නන්න බෑ. ඒ කාලෙ හිටපු, නම්බරේට ඉස්සරහිං ඉංගිරිස් "ආර්" අකුර තියෙන රාළහාමිලානං ටිකක් විතර හොඳයි. ඒ ගොඩෙි, ගොඩක් ආමි එකේ කෝස් කරපු අය හිටිය. ඒ ෆයරින් කෝස් ෆයිටින් කෝස් අර කෝස් මෙි කෝස් වගේ ඒවා.පොරලා හොඳයි කියන්නෙ, අපේ සිතුම් පැතුම් ටිකක් විතර උන්දැලා දන්නවා. ඒ නිසා.

 රෙගියුලර් රාළහාමිල හිටියෙ ඔය ආර් කියන කට්ටියටත් සද්දෙ දාගෙන. ඒ හිංදමද මංද ආර් කට්ටිය පොලිසියෙ රෙගියුලර් කට්ටියටත් වඩා එකමුතු වෙලා හිටියෙ අපිට. එක දවසක් වාලච්චෙිනෙ ආලංකුලම මාර්ග බාධකේ හිටියා ඔය කියන ජාතියෙ රෙගියුලර් පොලිස් රාළහාමි කෙනෙක්. ඒ මං ටැම්පරියක් අදින්න කෝප්‍රල් හපුගොඩව නිවාඩු යවන්න තාවකාලිකව රේඩියෝ රෑම් එකේ වැඩ බාර අරගෙන හිටපු දවස්.  මෙි ⁣සිද්දිය වෙද්දි  මම හිටියෙ නාවල්අඩි රේඩියෝ රූම් එකේ රාජකාරි.

 හවස තුනට විතර ඒ රාළහාමි අපේ සෙට් එකකින් මෙින් රේඩියෝ රූම් එකට කතා කරල කිව්ව පොරගෙ අත් ඔරලෝසුව නැතිවෙලා තියෙනව කියල. ඒක ගෝල්ඩ් වොච් එකක්ලු. (එක මං දන්නෙ පස්සෙ) පොර කඳවුරට කතා කලා.

*හෙලෝ සෙවන් ටූ බ්‍රාවෝ සිග්නල් ඔිවර්
*සෙවන් ටූ බ්‍රාවෝකේ
*රොජර් මෙතන මගේ ඔරලෝසුව නැතිවෙලා තියෙනවා ඔිවර්
*මොන ඔරලෝසුවක්ද ඔිවර්
*මගේ අතේ බඳින ඔරලෝසුව ඔිවර්
*දැන් මොකක්ද ඔබ කියන්නෙ ඔිවර්
*ඒක මෙතන නැතිවෙලා තියෙනව ඔිවර්
*ඉතිං නැතිවෙලා, තියෙනවනං ගැටළුවක් නෑනෙ ඔිවර්. 
*නෑ,නෑ නැතිවෙලා තියෙනව ඔිවර්
*ඉතිං නැතිවෙලා තියෙනවනං ගැටළුවක් නෑනෙ. නැතිවුනානංනෙ ගැටලුව ඔිවර්..
එයා නැතිවෙලා තියෙනව කියන එකට මම "නැතිවෙලා" කියන වචනෙ ලඟට කොමාවක් දාලම තමා රිප්ලයි කලේ. පොර බැරිම තැන
*ඒක නැතිවෙලා ඔිවර් කිව්වා.
ඊට පස්සෙ මං ඇහුව...
*ඔබට ඔික පරිස්සම් කරගන්න බැරුවද රට පරිස්සං කරන්න ආවෙ?? කියල. ඔහොම සංවාදෙ විනාඩි දෙක තුන හතරක් ඇදිල ගියාම මම අපේ කෙනෙක් සෙට් එකට අරගෙන විස්තරේ ඇහුව. පොර කිව්වෙ පැයකට විතර කලින් ඒක ගැලෙව්වලු, පස්සෙ බැඳගන්න හොයද්දි නෑලු කියල.
මම ඒක අපේ රේඩියෝ රූම් එකේ අනෙක් කෝප්‍රල්ට කිව්වට පස්සෙ එයානං කිව්වෙ "තිබ්බ තැනක ඇති, උඹ නාඩ ඉඳිං" කියනව වාගෙ එකක්.
ඒ කියමනත් එක්ක පස්සෙ මටත් හිතුනා නිකං ඉන්න ඒ රාළහාමිගෙන් චූට්ටක් විතර ආතල් එකක් ගත්තත් "හෙන ගහනවෑ" වාගෙ එකක්.
මම පැය භාගෙකට විතර පස්සෙ ආතල් ගන්න අයිඩියා එක ඔළුවට ආව ගමන්  පොරව සෙට් එකට අරගෙන

*ඔබෙි ඔරලෝසුව හම්බුනාද ඔිවර්
*තාම නෑ, තාම හොයනව කිව්ව.
මාත් ඉතිං වැඩ්ඩ වගේ පොර ඒ කතා කරද්දි ඉන්න තැනත් අහගෙන
*ඔබ සෙට් එකත් අරගෙන පොඩ්ඩක් ඔබෙි වමට යන්න .ගිහින් ඔිකේ කරන්න ඔිවර්,
විනාඩියකට විතර පස්සෙ
*හරි ආවා ඔිව..ර්
*දැන් ඔබ කොයි පැත්තටද හැරිල ඉන්නෙ ඔිවර්'  මම ප්‍රශ්ණයක් ඇහුවා.
*කඳවුර පැත්තට ඔිවර්..
*කඳවුර පැත්තට නෙමෙි, ඔබ කැලේ පැත්තට හැරෙන්න ඔිවර්
*හරි හැරුනා ඔිවර් .
*දැන් ඉදිරියට පියවර දහයක් යන්න ඔිවර් (ඒ මම.)
*හරි ආව ඔිවර්. පොර මං කියන කියන එක කරලා මට ඔිකේ කරනවා. පොරට සතුටුබර හැඟීමකුත් ටිකක් විතර තියෙන්න ඇති. මොකද මං අපේ කව්රු හරි අල්ලගෙන ඔරලෝසුව තියෙන තැන දැනගෙන තමා මෙි කියන්නෙ කියල පොරට හැඟෙන්න ඇති. ඇත්තම කියනවනං මට පොරගෙ නැතිවෙච්චි ඔරලෝසුව තියෙන තැන නිකන් පේනව පේනව වාගෙ දැනුනා. ඊලඟට මම කොහොම හරි පොරව මට ඔින තැනට ගෙනත්...
*දැන් ඔබ මදක් ඉදිරියට නැමෙන්න.එතන ඇති වොච් එක ඔිව...ර්.
තත්පර කිහිපයකට පස්සෙ පොර ආයෙත්..
*කෝ නෑනෙ ඔිවර්..
*නැතිවෙන්න බෑ, තියෙන්න ඔින, හොඳට බලන්න ඔිවර්..
පොර ආයෙත් තත්පර කිහිපයකට පස්සෙ 
*ඔබ කියන තැන නෑ ඔිවර්  
පොර දැං මට ඔිනම තැනට ඇවිත් තියෙන්නෙ.
ඊට පස්සෙ මම .
*සෙවන් ටූ බ්‍රාවෝ .එහෙනං ඔබෙි දකුණු අත දිග හරින්න ඔවර්..
*හරි දිගෑරියා  ඔිවර්  
*දැන් අත ටිකක් වැලමිටෙන් නවල ඉඟටිය හරියට ගෙනත් ඉඟටියෙන් ඔබෙි වම් පැත්තට අඟල් හයක් විතර ගේද්දි පොට්ටනියක් වගේ එකක් අහුවෙයි. ඒක ටිකක් තදින් මිරිකල බලන්න, ඔරලෝසුව තිබ්බ තැන මතක් වෙයි  ඔිවර්... 
කිව්ව විතරයි පොරට මළ පැන්නා. හෑන්ඩ් සෙට් එක ප්‍රෙෂ් කරගෙනම කුණුහරුපෙකුත් කියල ඔිෆ් ලයින් ගියා. ඊට පස්සෙනම් පොර නැතිවෙලා තියෙනව කිව්ව වොච් එකක් තියා නැතිවෙච්චි මළකඳක් ගැනවත් ඇතුලටනම් කීවෙ නෑ. හැබැයි පොරටම ඒ ඔරලෝසුව හම්බුවෙලා තිබුනා, පොරගෙ බූට් එකක් ඇතුලෙම තිබිල. ආමි අපි පැය විසි හතරම ඔතන ෆුල් යුනිෆෝම් හිටියත්  රාළහාමි ඉන්නෙ හවස් වෙද්දි බූට් දෙක ගලවල සෙරෙප්පු දෙක දාගෙන රිලැක්ස් එකේ. කොහොම හරි ඒක බූට් එක ඇතුලට වැටිල. හවස කෑම්ප් එකට එන්න ලෑස්තිවෙලා බූට් දෙක දාන්න හදනකොට තමා බඩු හම්බෙලා තියෙන්නෙ. 
ඔය අයිඩියා එක මගේ ඔළුවෙ දකුණු පස හිරිවට්ටාගෙන ආවෙ ඔිවගෙ එකක් ඊට කලින් මට වෙලා තිබ්බ නිසා.. ඒ අනුසාරෙන් තමා මම ඔය ආතල් එක ගත්තෙ.
එතකොටත් මම නාවල්අඩි කඳවුරේ මයි හිටියෙ.පුක් කිචි  සුභසිංහ එක්තරා දවසක් ගෙදරට කෝල් එකක් අරන් "හෙලූව්ව්" කියද්දිම  මම පස්සා පැත්තට අනින්න ගිහින්, කිචිය හැම සයිලයක් ගානෙම දුවල, "තිය හු%@$ති පෝං එක" කියල හෑන් සෙට් එක ජනෙල් පඩියෙ ගහල කඩපු කතාවක් කිව්වනෙ. ආං ඒක කඩල මම හෙන කට්ටක් කාල ආයෙ හෑන්ඩ් සෙට් එකකුත් ගෙනත් දීල මාසයක් විතර ගියාම තමා මෙික වුනේ.

සාමාන්‍යයෙන් අපි රෑ හතට විතර කෑම කාල රොක් ගැහෙන්නෙ කැන්ටිම ගාව. එතන තමානෙ අපේ පාරිලිමෙින්තුව පවත්තන්නෙ. (ඒ කතා කලින් කියල තියේ). 

ඒ මම නිවාඩුවක් ඉවරවෙලා කෑම්ප් එකට ආපු දවසෙම රෑ.  එදා උදේ මං ඇඳුම් බෑග් එක හදාගෙන අල්මාරිය ලොක් කරලා යතුර තිබ්බ තැන වයිෆ්ට හොයාගන්න බැරුව, "අනේ අයියෙ ආරච්චි ඔතනට ආව ගමන් කෝල් එකක් දෙන්න කියන්න කියල, කැන්ටිමෙි එයාගෙ ජයවර්ධන අයියව (මගෙ බැචා) කීප වරක්ම දැනුම්වත් කරල තිබුනා..ජයා ගෙන් මටත් පණිවිඩෙි හම්බුනා. දන්නවනෙ ඉතිං නිවාඩුවක් ඉවරවෙලා කෑම්ප් එකට එනව කියන්නෙ,  ඒ වෙලාවට ඔළුව පුල් කචල් වෙලානෙ තියෙන්නෙ. ඇයි දෙයියනේ ආයෙ කවදා කියල නිවාඩුවක් යන්නද?,ආපහු නිවාඩුවක් එන්න ලැබෙයිද? කියලවත් දන්නැති කාලයක්නෙ තිබුනෙ.
මාත් ඉතිං බෑග් එක හදල යතුර කොහෙන් හරි තියල ඇති, තිබ්බ තැන මටත් මතක නෑ. අල්මාරිය හැමතිස්සෙම ලොක් කරන්නෙ අපේ ලොක්ක ඒ දවස්වල පොඩීනෙ. ඔික ලොක් නොකළොත් අල්මාරියෙ නිකන් ලොක් එක කරකවල දොරවල් ඇරල ඔික ඇතුලෙ තියෙන හැම සබ්බසකලමනාවම බිමට ඇදල දානව. ඊට පස්සෙ වැඩ ගොඩයි. ඒක හංද තමා හැම තිස්සෙම ලොක් කරලම තියන්නෙ.

එදා රෑ කාල බීල පොල් ඉරට්ටකින් ඇවරි දෙකත් හාර හාර රාම වාතෙ ඇර ඇර මාත් කැන්ටිම ලඟට ආවෙ ගෙදරට කෝල් එකක් ගන්න. ඒවෙද්දිත් එතනට කෝල් ගන්න ඇවිත් හිටපු ජුන්නල ටිකකටත් සද්දයක් දාල, හදිස්සියක් කියල ගෙදරට කෝල් එකක් ගත්තා. මාත් විස්තරේ අහගෙන,...

*හෙලූ උයා දැන් කොතනද ඉන්නෙ?
*මං සාලෙ ඉන්නෙ 
*එහෙනං දැං අපේ කාමරේ අල්මාරිය ගාවට යන්නකො
*හරි 
*දැං ඔයා මොකද්ද ඇඳන් ඉන්නෙ අනේ?? මං නිකමට වගේ ඇහුව.
*ඔයා ගිය පාර අරන් දීපු කළු සායයි ඔයාගෙ නිල්පාට ටීෂර්ට් එකයි අනේ වයිෆ් කිව්වා 
ඊළඟට මම...
*හරි හරි හුරතල් වෙන්ඩ එපා...මං නිකං ඇහුවෙ.එහෙනං දැං ඔයා අල්මාරියෙ කන්නාඩිය තියෙන දොර ගාවට යන්නකො.
*හරි.
*ගියාද?
*ඔව්.
*එහෙනං දැං ඔහොම්මම බිත්තිය පැත්තට හැරෙනවකො.
*හරි හැරුනා.
*හැරුනද? එහෙනං ඔයා ඔහොම්මම අල්මාරියෙ යට නැවිල බලන විදියට ඉන්නකො.
*අනේ මෙි..බොරු කරන්ඩෙපා හලෝ..අල්මාරියෙ යට යතුර තියන්නෑනෙ...
*හරි හරි තෞසෙ නැමෙනවකො..මමනෙ දන්නෙ යතුර තියෙන තැන.හොඳට නැමෙනවකො ටිකක්
*හරි හරි 
*නැමුනද?
*ඔව්..
*එහෙනං දැං ඇඳන් ඉන්න සාය පිටිපස්සෙන් උස්සල අල්මාරියෙ කණ්නඩිය දිහා බලපංකො. යතුර තියෙන තැන විතරක් නෙමෙි යතුර දාන තැනත්..පෙ.....නෙයි කියල කියන්න හම්බුනේ නෑ මගේ ආදරණීය යාලුවනේ...ඊළඟට මගේ සවනත වැකුනෙ "හුක්" සද්දෙකුත් එක්ක අවීචිමහ නරකාදි දුෂ්ඨ වචන පේලියක් . මම ඒව පිට කාටත් ඇහෙන්න කලින් "සුටුස්" ගාල පෝන් රිසීවරේ පෝන් එකෙන්ම තියල කට්කරන ගමන් කැන්ටිමෙි ජයා දිහා බැලුවෙ මුකුත් වුනේ නෑ කියන්ඩ වාගෙ. ඒත් මට නොතේරෙන්න වටපිටෙි හිටපු පවිටු දනන්  මගේ කතාව අහං ඉඳල කියල තේරුනේ..අනෙක් උං "හික්කි,හික්කි,හිකි හිකි" ගාල හිනාවෙද්දි හා ජයා මගෙන්  පැනයක් විමසුව විටදි..
*අහගත්තද මකයා ..... හොඳ වැඩෙි තොට...
අනේ මංදප්පා... ඒ දවස්වලත් මටමමයි තමා වුනේ..

රුවින් පමුදිත යද්දෙහිආරච්චි.
2023.01.25


*

Tuesday, January 24, 2023

වින්දනය

 ඔබ දන්නවාද??

* මෙි අඹ ගෙඩියෙ හැඩෙි ගත්තු රට ගොඩ ගන්න තරම් මෙි වෙන තෙක් කිසිම සුදුසු නායකයෙක් අපි අතර නැති වග?

* ඔබත් මාත් පය ගසා සිටින මෙි මහ පොළවෙි අයිතිය වෙනුවෙන් දෙපයින් සිට ගන්නට තරම් අපේ කොඳු කෙලින් කරන්න පුලුවන් නායකයෙක් තාම ඉපදී නැති වග?

* වරින් වර අරුන්ටයි මුන්ටයි උන්ටයි රැවටෙන අපිට කනට එකක් ගසා  "මෙික තමා ඩෝ...හරි පාර" කියන්න තරම් අත පය  කට පන තියෙන එකෙක් තාමත් දිවිය ලෝකෙවත් පහල වී නැති වග?


*74 වසරක් මුළුල්ලේ අපිව වහල්ලු වගේ කරගෙන හිටපු අපේ පංතියේම  එවුන් එහෙට ගියාට පස්සෙ උඹෙත් මගෙත් කොන්ද අඩු කුලේ පරහැත්තවුනු උන් ඉස්සරහ නැමෙන්නට තරම් හීනමානයක් උඹෙත් මගේත් හිත්වල ඇති කරපු බව?

* උන් මොනදේ කලත් ඒකට සුදු හුණු ගාන්න තරම් උඹෙත් මගෙත් මහ එවුන් උන්ගේ දේශපාලනයට වහල්කර ගත්තු වග? 

* මොඩර්න් පොලිටිකල් සිස්ටම් හරහා ඔබත් මාත් කරන්ට දෙයක් නැතුව "අපි හම්බු කලොත් අපි කනවා" කියන්න තරම් මැටි මෝල් විදියට හිතන්නට අපේ පරම්පරාව කොච්චර "ගොං" කරාද කියලා?


* අපේ රට,ජාතිය, ආගම, තම්බියා, දෙමළා,  අතරේ උඹත්, මාත්, අපේ දරුවනුත්, උන්ගෙ දරුවෝත්  ලෝකයේ ඉහළටම ඔසවා තියන්න වරම් අරන් ඇවිත් ඉපදෙන්න හිටපු නායකයාගේ තාත්තා එදා රෑ සරමෙි පිසදාගත් වග?

*එනයින්ම අපිට ශ්‍රේෂ්ඨ නායකයෙක්  අහිමිවුනු වග??


දුක් නොවන්න. ඒ අපේ සීයලා ආච්චිලාගේත්, අපේ  වැඩිහිටියන්ගේත් දුර්වලතාවයයි. ඒ වෙනුවෙන් අපි......


අඩා! සිංහලිනි නැගිටිවු!! දෙපයින් සිටගනිව්,!!!, නැත්තං මොලේ තැලෙයි.



"සොරුන්,මංකොල්ලකාරයින්,භීෂකයින්,කොමිස්කාරයන් සහ බලයට ප්‍රේතයින් බලයට පත්කරන රටක ජනතාව වින්දිතයින් නොව අපරාධයක හවුල්කරුවෝය"


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2023.01.06