Sunday, March 28, 2021

පරාන බය

 මට හමුදාවෙ ඉද්දි පරාන බය ඇතිවුනේ එකම එක අවස්ථාවයි. ඒ කෝපල් නිළයේ ඉඳල  සාජන් දක්වා නිළ උසස්වීම් ලබපු දවසෙ. 20විද්යාල වල මොන රැග්ද ෆෙන්ස්. ආං බඩුනං බඩු. 


මම 59 සේනාංකෙ ඉඳලා ඒකෙ කර්නල් GS තනතුරේ හිටපු සර් එක්ක කේස් එකක් දාගෙන යුනිට් එකට එවන්න හැදුවනෙ. ඒත් ඉතින් හද කොනක රැඳුන සහෝදර ප්‍රේමයේ අල්පමාත්‍රවු ඩොටක් වැනි ඡායාමාත්‍රයෙනුත් අංශුවක් තරමෙි ඩිංගිත්තක් තිබිල ඒක දවස් කීපයකට පරක්කු කරන්න එතුමා කටයුතු කලානෙ. ඊටත් පස්සෙ තමා  මං ඒකකයට ආවෙ. එච්චර පරක්කුවුනේ මං වෙනුවට එන්න හිටපු අනුප්‍රාප්තිකයා ඒ වෙද්දි නිවාඩු හිටපු නිසා. 


හමුදාවෙ සාමාන්‍යයෙන් නිළයක් උසස් කරනවනම් ඒ උසස්වීම් ලබන නිළධාරි සෙසුනිළ ඔිනෑම කෙනෙක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් සමත්විය යුතුයි. මෙික සීයට සීයක්ම බලනවා. මටත් මෙසේජ් එකක් එවල තිබුනා ඒ පරික්ෂණය සඳහා අහවල් දින අහවල් පැයට  සහභාගි වෙන්න එන්න කියලා. මාත් බොහොම අමාරුවෙන් තමා ගියෙ. ඒ ගියෙත් කේස් එකක් දාගෙන. අපේ ඔිසී හිටියෙ ජාශිබ කපිතන් කෙනෙක්. එක්කො එතුමාට අපි කියන ඒව තේරෙන්නෑ.නැත්තං එතුමා කියන දේවල් අපිට තේරෙන්නෑ. ඉස්කෝලෙ සමාජ අධ්‍යනය ඉගැන්නුවට ඉතිහාසය කොටස එක්කො එතුමා අහගෙන ඉදල නෑ. නැත්තං උගන්නනකොට පන්ති කට් කරලා. 


ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙනවා කියන එකත් මට ඉතා සාමාන්‍ය දෙයක්. අපි ගියාම නිළ උසස්විම් ලබන්න නියමිත සියළු දෙනාම උදේ හයට පෝලිම් කරලා වැඩ සටහන පටන් ගත්තා. පළවෙනි එක විනාඩි 14ක් ඇතුලත සැතපුම් දෙකක් දිවීම. දෙවෙනි එක පුෂප්. ඒක විනාඩි දෙකක් ඇතුලත නිවැරදි ඉරියව්වෙන් 40කට වඩා ගහන්න ඔින. ඊලඟ එක බාර් එක්සසයිසස් එක. ඒ ඔක්කොම මං සමත්වුනා. කිහිප දෙනෙක් එකක් දෙකක් ෆේල් වුනත් ඒක එච්චර ගණන් ගත්තෙ නෑ. ඔික හන්ඩපසන් බලනව කීවට පීටීඅයි පාස් පේල් ඔක්කෝම කොම්පීතරෙන් පාස් කලා. ඒ කියන්නෙ මාක්ෂීට් එක හදද්දි ඔක්කෝටම අවශ්‍ය ලකුණු ප්‍රමාණයන් කී බෝඩ් එකෙන් දීල පාස් කලා.  


හැබැයි ඉතිං ආරච්චි පාස්වුනේ හදෝතට එකඟවමයි. ඔිව මහලොකු දේවල් නෙමෙි. හැම එකා පිටිපස්සෙන්ම එන්න පීටී අයිල නෑනෙ. වැඩ්ඩා වාගෙ එක හැල්මෙි දුවං ගිහින් හති වැටෙන කොට තල් අතු ගහපු දෙවටක් අස්සට රිංගලා ඉඳලා කට්ටිය සීමාවට දුවලා එනකොට චූට්ටක් මැදින් පැනලා දිව බුරිය ගාවට ඇදගෙන් "හාහ් හාහ්" ගගා කට්ටියට එක්වෙන්ඩයි තියෙන්නෙ. පුෂප් උනත් ඒමයි. ඔය ටෙස් අර ටෙස් මෙි ටෙස් කොයි ටෙස් එකෙත් ආරච්චිගෙ ඉලක්කං සාත්තරේ අනුව දහනමය ගාවට එන්නෙ තිහ. තිස් නමය ගාවට එන්නෙ පනහ. ඒක ඉතින් තමාගේ බඩිය අනුව තමා තීරණය වෙන්නෙ. දවසක් වාර්ෂික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වෙද්දි ඔික සීඑස්එම්ට මාට්ටුවෙලා මං ලඟට ඇවිත් කිව්වා "දැං මං ගයින්නං තෝ ගහපිය" කියල. ඉතින් එතුමා හරියට ගණන් කරපු නිසා මට පහුවදත් ඔික කරල තමා පාස්වෙන්න වුනේ.  ඒ තෝර ගන්න බඩියා තමන් වගේම නස්කූනියෙක් කාපාලුවෙක් වෙච්චි තරමට දෙන්නටම ඉතිං වාසියි. ඔය දෙකටම "ඒ" සාමාර්ථයන් ගත්තු ආරච්චිත් උගේ බඩියත් ඇන ගත්තෙ බාර් එක්සසයිසස් එකේදි. ඒකෙ ආ(ර්)ම් බෙන්ඩින් නිවැරදිව පහක් ගහන්න තිබුනත් හරියට ඇන ගන්න පුලුවන් වුනේ තුනයි. අනිත් දෙකටම "ඒ" තිබුනු නිසා හා මාත් උපදේශකයෙක් වෙච්චි නිසා ඒකත් "බී" සාමාර්ථයක් එක්ක සමත්වුනා. හැබැයි ඒකට හේතුවකුත් තිබුනා. ඒ වෙද්දි මට කය වෙහෙසා කරන්න හොඳ නැති වැඩ කිහිපයක් මගේ හමුදා වෛද්‍යවරයා විසින් නම්කර තිබුනා. ඒ කැටගරි ලිස්ට් එකේ තිබුනෙ  xpt  x fd (field duty) continue කියලා. (⁣මීට මාස කිහිපයකට කලින් මං ඒව සේරම ෆිට් කලා.හේතුව ඉතිං නිළය තමා). හැබැයි ඔය ඔක්කෝමෙන්ම කියවුනේ එකම දේ. ඒ තමා මූව ඩියුටි දාන්න එපා. මූට තුවක්කු දෙන්න එපා. මූ ලව්වා පීටී කරවන්න එපා කියල. ඒ වුනත් හැමෝම කරනවනං මට විතරක් බලං ඉඳීමෙි පුරුද්දක් නොතිබුනු නිසා ඔය හැම එකකටම මම සහභාගිවුනා. ඒකට ඒ දවස්වල කොල්ලො කිව්වෙ "අනේ.. කෝපල් ආරච්චිට මාර &@%කේ අමාරුවක්නෙ තියෙන්නෙ ඈ..." කියල. හැබැයි ඉතිං මා ගැන වැඩිය හෙව්වෙත් නෑ. ඒකත් කියන්නම ඔින. 


 එදා ඒ පරීක්ෂණයෙන් සමත් වෙලා මං ආයෙ ගියා 59 සේනාංකෙට. ඒ නිළ පැළඳීම සඳහා අනි තුමා අනුමැතිය දෙනකම්.මෙි වෙද්දි මං අලුත්ම යුනිෆෝම් එකක් මහලා පටිත් අල්ලලා ගෙනත් නමලා පෙට්ටියටත් දාල තිබුනෙ. හමුදාවෙ බොහෝ දෙනෙක් කියන කතාවක් තමා "නිවාඩුව තිබ්බනං ඇති, වෙන මුකුත් ඔින්නෑ " කියන කතාව. හැබැයි ආරච්චිට තිබුනෙ ඔික නෙමෙි. නිවාඩු වැටුප් වැඩක් නෑ, ප්‍රමෝෂන් එකයි වැදගත්.  ඒ හිංද හැමදාම බලං හිටියෙ ඒක නිවැරදි වෙලාවට ලැබෙනවද නැද්ද කියල. 


දවස් කිහිපයකට පස්සෙ අනුමැතියත් ආවා. මට ආයෙත් මෙසේජ් එකක් ඇවිත් තිබුනා නව නිළ ගාංඡන පළඳා අනි හමුවට පැමිණවීම සඳහා නිල ඒකකයට රපෝර්තු කරවන්න කියල. ඒකට මට යන්න වුනේ දවස් කිහිපයක් පරක්කු වෙලා. මං යද්දි තව සෙට් එකක් සාජන් එක ඇඳලා සීඔිට දාලා. තවත් කිහිප දෙනෙක් තැන් තැන් වලින් එන්න තිබුනත් උන්ගෙත් රාජකාරි ස්ථානවලින් වෙලාවට නිදහස් වෙන්න බැරි හේතුව නිසා ඇවිත් තිබුනෙ නෑ.  ඒකට හේතුව අපි හිටපු හිටපු තැන්වල තිබුනු රාජකාරි මට්ටම. ලාහට ගෙම්බො එකතු කරනව වගේ එකා දෙන්නා එකා දෙන්නා තමා ඒ ඒ තැන් වලින් ඇවිත් තිබුනේ. ඒකකයෙයි ඒ යටතේ කණ්ඩායමි වලයි හිටපු අය තමා ඊට සතියකට පෙර සාජන් එක අන්දලා  පාටියත් දීලා මෙස් එකටත් අරන් තිබුනේ. මාත් ගිහින් ආර්එස්එම් හම්බුනාම "බිලට් එකට වෙලා හිටපං, හෙට උදේ අටට ඇවිත් මාව හම්බු වෙයං" කිව්වා. මාත් බිලට් එකට ගිහින් අළුතෙන්ම මහපු අංක හය නිළ ඇඳුම ඉර තියලා මැදලා හැඟර්ස් එකක එල්ලලා මගේ ඉතිරි වැඩ කටයුතු කරගෙන ගියා. ඒ වෙද්දි හතර පස් දෙනෙක් සීඔිට දාල බිවැක් ගහගෙන මෙස් එකේ මිදුලේ පදිංචි වෙලා හිටියෙ. ඒ තව කීප දෙනෙක් එකතුවුනාම එකපාරම මෙස් එකට ගන්න. 

 මාත් ටිකක් බය වෙලා හිටියෙ. ඒ අපේ ආර්එස්එම් මාත් එක්ක ඩිංගක් ඖල්. මොන හේතුවක්ද මංදා එයා කෝපල් කාලෙ ඉඳලම මාව පෙන්නන්න බෑ. එයාට විතරක් නෙමෙි, තව කීප දෙනෙකුටම. මෙි වෙද්දි මට හැඟිල තිබුනෙ මෙස් එකට ගද්දි මට අම්බානක කන්න වෙයිවද්දෝ කියලා.  තව කෙනෙක් අපේ සීසී. උන්දැටත් මාව නයාට අඳුකොල වගේ. සංසාරේ... කියන්නෙ මටත් පොරවනං දෑහැට පේන්න බෑ. ඒව සංසාරයේ ගෙනාපු එදිරිවාදිකම්.  ආයෙ සීනියර් සැරයන්ලා දෙතුන් දෙනෙක්. 


එදා සීඔි හමුවට දාන්න මම විතරයි හිටියෙ. 


 උදේ අටට ගිහින් ආර්එස්එම් හම්බුනාම හරියටම දහයට අළුත් රෑන්ක් එක ඇඳගෙන සීඔිට දාන්න  ලෑස්තිවෙලා එන්න කිව්වා. මාත් අළුත් නිළ ඇඳුම ඇඳලා මහත් අභිමානයෙන් ආඩම්බරෙන් අනි තුමා බැහැ දකින්න නියමිත වෙලාවට ගියා. සන්නද්ධ හමුදාවක සාජන් රෑන්ක් එක කියන්නෙ ඉතා සුවිශේෂී නිළයක්. මං අදටත් ආදරේ කරන නිළයක්. ආධුනිකයෙක් විදිහට හමුදාවට බැඳිල කට්ට කාලා කාලා, සීනියර්ලාට බත් වතුර ඇදලා ඇදලා දහ දුක් විඳලා ඌ "සාජන්" වෙනව කියන්නෙ සත්‍යවශයෙන්ම ජයග්‍රහනයක්. සීඔිගෙ ඔෆීස් එක ඉස්සරහට මාව අරං ගිහින් යුනිෆෝම් එකේ අඩුපාඩු බලල මාව සීරුවෙන් තියලා ආර්එස්එම් ගියා සිඔිට මතක් කරන්න.   මගේ පපුවට අත තියල මෙි කියන්නෙ ෆෙන්ස්, ආර්එස්එම් මං ඇවිත් ඉන්නවා කිව්වම සීඔි කිව්වෙ "ආ,ආරච්චියටනම් මොනා කියන්නද මිස්ටර්, මං ඌ ගැන දන්නෙ සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් කාලෙ ඉඳන්නෙ, ඔන්න ඔය මනුස්සයව අරං ගිහින් ඉතුරු කටයුතු ටික කරන්න මිස්ටර්" කියල. මං ආසාවෙන් හිටියෙ සීඔි මට මොනා කියයිද කියල බලන්න. එත් එසේ ඒ අවස්ථාව මගහැරී ගියාම පපුවට වාවන්නැතුව ගියා.


 ආර්එස්එම් ඇවිත් මට බඩු ඔක්කොම ටික අරන් ඇවිත් බිවැක් එකක් හදාගෙන මිදුලෙන් පදිංචි වෙන්න කිව්වා. මාත් ඒ කටයුතු ටික කරල ඉවර වුනා. 


ඒ එදා රෑ. හරිම ජොලි රාත්‍රිය. රෑ හතට අපි පස් දෙනා පෝලින් කරලා, පත්තර කොලවලින් අමුඩෙ ගස්සලා මියුසික් දාලා සිංදුවලට නැටෙව්වා. ඒ නටද්දි සීනියර් සාජන් ඇවිත් අපිට වතුර ගැහුවා. පත්තරවලට වතුර වැටුනම මොකෝ වුනේ. යටට ජොකෙක්වත් නැතුව පත්තරෙන් අමුඩ ගහපු අපි ඒ වතුර පාරට නෑවිලා අමු නිරුවස්තර වුනා. එහෙම කියල නැටුම අතාරින්න පුලුවන්ද අනේ. දන්න දන්න ජාති දාල අපි තව තව නැටුවා. ගන්ටාර හොල්ල හොල්ල පද්ද පද්ද අපි නැටුවා. මීඩියම් සයිස්, ස්මෝල් සයිස් බිග් සයිස් ගන්ඨාර පද්ද පද්ද නටන එකෙත් මාර ආතල් එකක් තියෙන්නෙ ෆෙන්ස්. එකෙක් හිටියා උගේ එක යුනිට් එකේ බැරියර් එකටත් ගන්න පුලුවන් සයිස් එකේ එකක්. ගජමුතු දෙක දනිස්සෙ ගෑවෙනවා. මයෙ අප්⁣පේ අපිට කට නිකන් තියන් ඉන්න බෑ කියන්නෙ, අර නට නටාත් අපි කලේ උගේ එකේ දිග මනිනවා. මහත බලනවා. අන්තිමෙි පොරට "බැරියර් විකී" කියල නමකුත් වැටුනා. පහු කාලෙ වික්‍රමසිංහ යන නම අතෑරලා හැමෝම පොරව අමතන්න ගත්තෙ "බැරියර්" කියලා. ඒකෙ නිර්මාතෘ මම. ආඩම්බරයි ඉතින්. මං රෙජිස්ටර් කරපු කාඩ් එකක් කවදාවත් මගින් හැලුනෙ නෑ. පොර පැන්ෂන් යනකනුත් "බැරියර්ම" තමා. එහෙම නටලා ඉවරවුනාම පටන් ගත්තෙ විලාසිතා තරඟය. ඒකට අපි සහභාගිවුනේ ලන්ච් ෂිට් එකෙන් අඹුඩෙ ගහලා. ඒකත් කරලා තව දේවලුත් කරලා  ඉවර වෙලා රෑ එකොලහට විතර අපි නිදාගත්තා. 

 

එදා අපිට රෑ ගත කරන්න වුනේ මෙස්එකේ ඩයිනින් හෝල් එක ඉස්සරහා අපේ ග්‍රවුන්ඩ් ශීට් වලින් ගහපු අඩි එකහමාරක් විතර උස බිවැක් ඇතුලෙ. මෙික සම්ප්‍රදායක්ලු කියල කිව්වෙත් සැරයන් කෙනෙක්. එයාලත් එහෙම හිටියලු. ආයෙ පාටිය දෙනකං මෙහෙම ඉන්න වෙනවා කිව්වා. අපිත් බඩු පෙට්ටි දාගෙන යුනිෆෝම් එල්ලගෙන ඒ⁣ බිවැක් ඇතුලේ දවස් දෙකක් හිටියා. කෑවෙ බිව්වෙ ඒ හට් එක ඇතුලෙමයි. 

පහුවදා පහ මාරට නැගිටලා මෙස් එකේ මුලු මිදුලම අතුගාල මූන හෝදල කාල ප්ලෑන් කලේ එදා දවල් අපිව නිවස්නයට ගන්න වැඩසටහනට සහභාගි වෙන හැටි සහ පහුවදා රෑට දෙන අරක්කු පාටිය ගැන. සල්ලිත් එකතු කරලා අපි ලෑස්තිවුනේ මෙස් එකට ගන්න වැඩසටහනට සහභාගි වෙන්න. 


ඒකට දවස් ගානක් තිස්සෙ ඉඳුල් වතුරයි ඉඳුලුයි එකතු කරල හදපු බැරල් තුනක් තිබුනා. අපි ඒවට බැහැල නාන්න ඔින. අපිත් මාරුවෙන් මාරුවට බැස්සා. එලියට එනකොට කටෙි හිටන් සිරි සිරි ගාල පනුවො. මෙිව ටයිමින් වලට කරන්න ඔින. ඒව ඔක්කෝම හොඳට කරල ඉවර වෙලා නාලා ට්‍රන්ක පෙට්ටි පරීක්ෂා කරන කොට තමා මට දෙයියො සිහිවුනේ. සීනියර් සාජන්ලා පෙට්ටියෙ තියෙන බඩු එකින් එක ඇදල එලියට දානකොට මගේ සංග්‍රාමික නිළ ඇඳුම අස්සෙ තිබිලා බාගෙ බෝතලෙන් තුන්කාලක් විතර අඩුවෙච්චි ගල් අරක්කු බාගෙ බෝතලක් වැටුනා. අප්පටසිරි කිහාල්ලකො. මෙස් එකම ගිනි ගත්තා. දුම් විතරයි පේන්න තිබ්බෙ නැත්තෙ. 

සාජන් කෙනෙක් ආර්එස්එම්ට ඒක පෙන්නලා;

"හම්මටසිරි, සර් මෙිං බඩු, ආරච්චියාගෙ පෙට්ටියෙ තිබුනෙ." කියල ඒක උස්සලා පෙන්නුවා. විනාසයි. කව්ද දන්නෙ පෙට්ටි චෙක් කරයි කියලා. ආර්එස්එම් සාජන් කෙනෙකුට කතා කරලා මගේ කට ඉඹින්න කිව්වා. කට ඉම්බ සාජන්;

"මූ මෙික මෙි දවල් බීල තියෙන්නෙ සර්" කිව්වා. ඒක කොහොම දැනගත්තද දන්නෑ. ඒත් වැඩෙි මාට්ටු. ඔික බිව්වෙ මායි බකමූනයි. බකමූන කිව්වෙ ජයසේන. ඌ බකමූනගෙන් පරිනාමය වෙච්චි ඩෑල්ලෙකක්. නිවාඩුවට ගමෙි ගියාම එක කෙල්ලෙක් හයෙන් පස්සෙ එලියට බහින්නෑලු මුගේ මූනට බයේ. 

ආර්එස්එම්;

*ඇත්ත කියපම්. කව්රු කව්රුද බීවෙ.

*මං විතරයි සර්. 

මං එහෙම කිව්වට සැරයන් බුදු ගුනේට කිව්වා අපි පස්දෙනාගෙම කටවල් ආයෙ ඉඹල බලන්න කියලා. සාජන් ගුණරත්න හොඳ කොල්ලෙක්. එයා කට්ටියගෙම කටවල් ඉඹගෙන ඉඹගෙන ගිහින් ජයසේනගෙ කටත් ඉඹලා උගේ මූන දිහාත් බලනව මං සයිඩ් කන්නාඩියෙන් දැක්කා. ඒත් පාවල දුන්නෑ. මාට්ටු වෙච්චි මාව විතරයි අහුවුනේ. අවංකවම මෙි කියන්නෙ ෆෙන්ස්. මට සාජන් එක එපාවුනා.කඳවුරෙන් පැනල ඉගිල්ලිලා ගෙදර එන්න හිතුනා. ආයෙ කල්දේරම් බත් කන්නෑමයි කියල හිතුනා. හොඳ වෙලාවට ඒ කලිසම් සාක්කුවෙ තිබුනු අනික් බාන්ඩෙ අහුවුනේ නෑ. අහුවුනානං කල්දේරම් බත් නොකනවා නෙමෙයි කන්න මාව ඉතුරු කරන්නෑ. මාත් දෙයියන්ට ,ඒකනං අහු කරන්න එපා බුදු දෙයියො කිය කිය හිටියෙ.


මාත්  ඒ ලැබුන අමතර ඒවත් කාල බිවැක් එකට ගියේ කොර ගග ගගහ. ගිහින් ආයෙ අලුතෙන් නිළඇඳුමක් ඇඳගෙන අහුවුන්නැති එකත් කටෙි දාගෙන ගියා ඩයිනින් හෝල් එකට. ඒ කටයුතුත් එදා ඉවර කලා. පහුවදා තිබුනෙ පාටිය. ඒක පටන් ගන්න පැයකට විතර කලින් සිවිල් වෙිටර් මහත්තයා ඇවිත් මට පැත්තකට අඬගහලා රහසක් කිව්වා. ඒ මට රෑට කට්ටිය කරන්න යනදේ ප්ලෑන් කරනවා කියලා. ඊටත් පැය භාගෙකට විතර පස්සෙ ආයෙ මට එයාම මොනවද මංදා දාල හදපු ගුලියක් ගෙනත් දුන්නා  බොන වෙලාවට හක්කෙ තියා ගන්න කියලා. මාත් පොරට කටපුරා ස්තුති කරලා ඉටි කොල කෑල්ලක ඔතල දුන්නු දේත් සාක්කුවට දාගෙන ගියා පාටියට. මට මතක බෝතල් තුන් කාලක් විතර බොනවා විතරයි. බොනවා නෙමෙි පෙව්වා. මුලින් මුලින් නම් වැදුනෙ නෑ. ඒත් අමුවෙන්ම එක එකා ගානෙ දෙන ඒව බීල වැඩිවුනා.  රෑ එකොලහ වෙනවත් මතකයි. ඒ වෙද්දි මට මතක විදියට බෝතලේකට චුට්ටක් වැඩිපුර වගේ බීල හිටියෙ. මෙි පාටිය කියන්නෙ එක එකාට පරන ආරෝවන් මතක් කරලා කන අතගාන ටයිම් එක. මට මූත්‍රා කරන්න ඔින වෙලා නැගිටලා ගියාම කව්රු හරි පස්සෙන් ආපු එකෙක් මගේ කොලරයෙන් ඇද්දා. මං බැලුවෙ කව්ද කියලා. හම්මට මාව පෙන්නන්න බැරි සාජන් කෙනෙක්. මටත් පොරව පේන්න බැරුව හිටියෙ. මෙි වගේ ටයිම් එකක් එනකන් මාත් කාලයක් බලාගෙන හිටියා. ( ඒක ලොකු කතාවක්.)පොර කලුවරේම  "අඩොහ්...උඹ චන්ඩියෙද්ද" කියල හිමීට  අහල මූනට එකක් ඇන්නා. ආං එතනයි පොරට වැරදුනේ. මට ගහපු එකාට මාත් ගැහුවා. ඌ මට ගහනවා,මං ඌට ගහනවා. දෙන්නා ටොයිලට් එක ලඟ බිත්තිය අයිනෙ සද්ද බද්ද නැතුවම "දිඩි දිඩි" ගාල දී ගන්නවා.  මට බෙිරෙන්නම බැරි තැන බිම තිබ්බ හිස් අරක්කු බෝතලයක් අරන් දෑත බදල ඔලුවටම දෙන්න හදන කොට පොර දිව්වා. පොර පස්සෙන්ම මාත් වැනි වැනි ආව ආපහු ටෙිබල් එක ගාවට. එනකොට පොර තව සාජන් කෙනෙකුට නැමිලා මොනාද මන්දා කනට කරල හිමීට හිමීට කියනවා. මං වෙරි පිටම  ටෙිබල් එකේ අරක්කුත් තිබ්බ බෝතලයක් අතට ගන්නකොටම ආර්එස්එම් "ඔිං ඔිං ඔිකා.." කිව්වා. ඔිං ඔිං එක ඉවරවෙන්නත් කලින්ම මං ආයෙ පොරගෙ කොන්ද මැද්දටම එකක් අතෑරියා. මට මතක පොර එතන එක්කො ඉඳගත්තා. නැත්තං  වැටුනා. වැටිච්චි ගමන් මං ආයෙ පයිනුත් එකක් ඇන්නා. එච්චරයි පුලුවන් වුනේ. මාව ඇදල අරං පුටුවකට දැම්මා. සැරයන් තිස්ස බණ්ඩාර තමා මාව අල්ලගත්තෙ. මට නැගිටින්න දුන්නෙත් නෑ.කාටවත්ම මට ලංවෙන්න දුන්නෙත් නෑ. එයා මට ගොඩක් ආදරෙයි. පාටිය පටන් ගන්න කොටම මට රහසින් කිව්වා "උඹ බීවට කමක් නෑ,තනියම කොහෙවත් යන්න එපා,යනවනං මට කතා කරපං" කියල. බීවම ඔිව මතකෙට ආවෙ නෑ. 


 ආං එදා තමා සීඔි අපේ සාජන් මෙස් එකේ අරක්කු තහනම් කලේ. නිදහසේ බොන්නං කියල සාජන් මෙස් එකට ආවට මොකද ඒ සීඔි මාරුවෙලා යනකම් අපිට ආයෙ කවදාවත් බොන්නත් බැරිවුනා. මට යුනිට් එකේ ඉන්නත් බැරිවුනා. ඒ සීන් එකෙන් පස්සෙ මට සිහිය එද්දි පහුවදා දවල් දෙකත් පහුවෙලා. යාන්තම් මතකයි, රෑ ආර්එස්එම් හක්ක අතගානව වාගෙ. ඒත් එතනින් එහාට මට මුකුත්ම මතක  නෑ. මට ඇල්කොහොල් වැඩිවෙලා.ගෑස් ටික් වැඩිවෙලා හෙන කේස් එකක්. සිහිය එද්දි හිටියෙ එම්අයි රූම් එකේ සේලයිනුත් දීලා. හැබැයි ආර්එස්එම් පහුවදා බැන්නා මිසක් අනම්මනම් නෑ. ආර්එස්එම්ටනං සීඔි හොඳටම  බැන්නා කියල කිව්වෙ මෙඩිකල් ඔන්ලි. එතනදිලු බැන්නෙ. ඒ සීන් එකෙන් දවස් දෙකකට පස්සෙ මං ආයෙ නැවතුනෙ 593 බ්‍රිගේඩ් එකේ. ඒ ඇවිත් ආයෙ ඒකකයට ගියෙ අවුරුද්දකට විතර පස්සෙ. ඒකත් කෝස් එකක් යවන්න ගෙන්නල තිබුනෙ. එදා ඉඳන් මං පැන්ෂන් එනකනුත් අර සැරයන් මට කවදාවත් හමුවුනේ නෑ. එයා අපේ අළුත් ඒකකයක් ඔිපන් කරන්න යැව්වා කියල තමා කට්ටිය කිව්වෙ. මාත් කෝස් එක ඉවරවෙලා ඇවිත් සතියයි. මාවත් අන්තර් ඒකක මාරුවීම් මත අපේ හත් වෙනි ඒකකයට  යැව්වා දියතලාවට. හැබැයි මාව බලන්න එම්අයි රූම් එකට ආව ආර්එස්එම් නම් "මට අමතක වුනානෙ, උඹවයි,අරූයි දෙන්න එකට තියන්න හොඳ නෑ කියල" කිව්වා.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.03.26

පුංචිපරන්තන් 01


චින්න පරන්තන් හෙවත් සිංහලෙන් පුංචි පරන්තන් කියන්නෙ අලංකාර භූමි ප්‍රදේශයක්. දශක දෙකක් හෝ ඊට වඩා කාලයක් සිංහලයාගේ පාද ස්පර්ශය නොලැබූ මෙි බිම කාලාන්තරයකට පස්සෙ පය ගහපු සිංහල සේනාව වෙන්නෙ යුධ හමුදාවෙ අපිමයි. පරන්තන් -පුනරීන් මාර්ගයේ රමණීය තැනිතලා භූමියකින් හා ඊට එහා කලපුවත් කලපු තාවුල්ල දිගේ වැවී තිබුනු තල් ගස් පේලියත් වම් පසින්  පෙනෙන තෙක් මානයේ පිහිටි කුඹුරු යායත් ඇත්තටම නෙතට රසඳුනක්. ඒ ශ්‍රේණියේ පාරක් වුවත් ත්‍රස්ත කලබල වලට පෙර එම පාරට දමා තිබු තාර  තැනින් තැන ගැලවිලා සමහර තැන් ගුරුපාරකටත් වඩා අන්ත විදියට තිබුනෙ. පාරේ සමහර තැන් වල වලවල් වෙනුවට තිබුනේ වගා ලිං. සටන් පෙරමුනත් අපේ ජීවිතත් අතර දෝලනය වූ වොලිබෝල් ක්‍රිඩාව මෙතැන්දි පැවැත්වුනේ මහත් දරුණු විදියට. මෙි වෙද්දි නිළ උසස් කිරීමෙි පාඨමාලාවකට සහභාගිවී සිටි මා ඇතුලු අපේ ප්ලැටූන් එකට පළවෙනි වතාවට ලැබුනේ පීරා සෙවීමෙි රාජකාරියක්.   සටන් පෙරමුනේ සිටි සතුරන් එතැනිනුත්  තවත් පස්සට එළවා දමා ඔවුන් කිළිනොච්චි දිසාවට පසු බැස්සවූයේ වීර වික්‍රමාන්විත සිංහල හමුදා සේනා විසින්. ඒ සේනාවෙි මාද සෙබළෙකු වීම සංසාරයෙන් ගෙන ආ පල පුරුද්දක්ද දන්නෑ.  ඔවුන් එතැනින් එළවා දැමීමෙි දරුණු සටනකට සහභාගිවී අපි පසුපසට ඇවිත් සිටියේ වෙිදනාබරම සිදුවීම් දෙකක් එක්ක නිළ උසස් කිරීමෙි පාඨමාලාවක් හදාරන්න. මහ යුද්ධයක් යන අතරමැදදී වුවත් හමුදාවෙි පරිපාලන කටයුතු කිසි විටක නැවැත්වූයේ නෑ. ඒ වෙද්දි මා කෝප්‍රල් නිළයේ සිටියත් ඒ නිළය ස්ථීර කිරීම වෙනුවෙන් අත්‍යාවශ්‍ය නිළ උසස් කිරිමෙි පාඨමාලාව සහ ඊලඟට සැරයන් නිළයට සුදුසුකම් ලබන්නට ආසන්න අපි ගොඩක් දෙනා මෙි පාඨමාලාව හදාරා තිබුනේ නෑ. වෙිදනා බර සිදුවීම් කිව්වෙි මෙි පාඨමාලාව හැදෑරීමට සිටි  මං ලඟින්ම ආශ්‍රය කරපු බැජියෙකුගේ වෙන්වීමක්. අනෙක එවැනිම කෙනෙක්ගේ දෑස් අන්ධවීමට තරම් තුවාල වී සිටි, ඒත් මගේ බැචෙක්ගේ වෙිදනාව සහ ඔහු මින් ඉදිරියට ලෝකය කෙසේ දකීවිදැයි යන සිතේ පැවතුන විග්‍රහයකුත්.  


ඒ තමිල් චෙල්වම් ගේ උපන් ගම. අපිට අණ ලැබුනේ තමිල් සෙල්වම්ගේ ගම සහ ඒ ඒරියා එක පීරා සෙවීම. මා ඇතුලු අපේ පාඨමාලා කණ්ඩය කිලෝමීටර් ගණනාවක් කකුල් දෙකේ දිය පට්ට දානකම් පට්ට ගිනි අව්වෙි පුනරීන් සිට පුංචි පරන්තන් පැත්තට එද්දි දකුණට තිබූ ගුරු පාරක් දිගේ ඇවිදගෙන ගියේ දුර තියාගෙන එකා පසුපස එකා විදියට පෝලිමෙි. මෙි ගමනට ඉංජිනේරු බළකායේ දෙදෙනෙකුත් සහභාගිවී සිටියා. දවස් තුනකට අවශ්‍ය කෑම බීම වතුර සහ අවශ්‍ය ප්‍රමානයට පතුරම් අපේ ලඟ තිබුනා. අපිට උපදෙස් සහ නියෝග දෙද්දි දෙවන අනි තුමා කීවෙි සමහර විට ලයින් එකෙන් පැනපු කොටිත් හැංගිලා ඉන්න පුලුවන් කියලා. ඇවිදින එකනම් මොනාද අනේ. අපි නිවාඩු යන්න වෙල්ලම්කුලම් ඉඳල කුරුස හංදිය දක්වා කිලෝමීටර් තිස් ගණනක් පේලියට පයින් ආපු මිනිස්සු.  


පැය කිහිපයකට පසු අපි නිශ්චිත ස්ථානයට ආවා. අපේ උපදේශකයනුත් එහෙන් මෙහෙන් අපිට සත්තම් දාගෙන හිටියෙ. මට තැන මතක නැහැ. ඒ වෙද්දි අපි ගමනාන්තයට ආසන්නව ඇල බන්ට් එකක් දිගේ පාරේ යමින් හිටියෙ. මගේ සෙක්ෂන් එකේම හිටපු සිරිවර්ධන මට කිව්වා "මචං ආරා, මෙතනින් එහාට මට මොකද්ද වගේ බං" කියල.  මං ඇයි ඇයි අහපුවම කීවෙ උගේ හිතට මහ මෙව්ව එකයිලු. ඇත්තම කියනවනං මටත් ඔික හැඟිල තිබුනෙ. අපි ඇවිත් නතර වුනේ කොටින්ගේ පස් බැම්මක් ලඟ. ඒවගේ තැන්වල අනිවාරයෙන්ම ට්‍රැපින් (මර උගුල්) බට්ටො සහ තව අපි නොදන්න නොදන්න දේවලුත් තියෙන්න පුලුවන්. ඒ නිසා අපි කෝකටත් පරිස්සමින් තමා මෙච්චර දුරක් ආවෙ. උන් ලයින් එකේ සමහර තැන් හදල තිබුනෙ ඇලේ දකුණු ඉවුරත් අල්ලලා . සියඹලා කුඹුක් පලු මොර ආදී රෑස්ස ගස් ඇලෙන් එහා පැත්තෙ තිබුනා. බංකර් හදල තිබුනෙ ඒවා යට. ඒ බංකර් ලඟට යනකම් ඒවා පේන්නෑ. මෙි ප්‍රදේශයෙන් ඉස්සරහට ගියේ මට මතක විදියට සිංහ රෙජිමෙින්තුවට අයත් ඒකකයක්. ඔවුන් මෙි හරියෙන් කොටි එළවා දමන්න සෑහෙන කට්ටක් කාල ඇති බවනං මෙිවායේ පිහිටීම අනුව හිතාගන්න පුලුවන්. ඇලේ කට මට්ටමට ගලා බහින වතුර පාරත් ගිල්මක් තරම් ගැඹුරවූ ඇලත් කොහොම ක්‍රොස් කරන්න ඇත්ද. අපි මෙි බන්ට් එක දිගේ ඇතුල් ප්‍රදේශයකට ආවට මෙතනින් කිලෝ මීටරයකට හෝ දෙකකට එහා පැත්තෙ යුද්ධෙ යනවා. අපිට හොඳට වෙඩි සද්ද මෙහෙට ඇහෙනවා. ඒ නිසා අපිත් බලාපොරොත්තුව හිටියේ පැනපු කොටි ඇති කියලා. මෙි වෙද්දි කිළිනොච්චි බළකොටුව යටත් කරගන්න කිට්ටු කාලයක්. 


මෙි යුද්ධයේදි හමුදාවෙි සැලැස්ම අනුව හමුදාවෙ ලයින් එකෙන් ඇතුලට පනින්න සතුරාට කිසිම ඉඩක් නෑ. දෙතුන් පාරක් දරුණු සටන් මැද උන් උත්සාහ කලා. නමුත් වීර සිංහල ලේ සහ ජානවලින් ජනිත වීර සෙබලුන් තමන්ගේ ජීවිත පුදා හෝ එම උත්සාහන් සියල්ල ව්‍යර්ථ කොට තිබුනේ. 


මං සිරාගෙන් එහෙම හිතෙන්න හේතුව අහපුවම කීවෙ "අනේ මංද බං" කියල. 

මෙි වෙනකොට සිංහයො වගේ ඉස්සරහට යමින් හිටියෙ අපේ උපදේශකයින්. දන්නවනෙ. යුධ බිමෙි කොච්චර වැඩ පෙන්නුවත් වරදින වෙලාව හරියට කියන්න බෑ.  තමන් උපදේශකත්වය දෙන ටීම් එකක් පිටිපස්සෙන් එද්දි ඉස්සරහ ඉන්න උපදේශකයන්ට ඇතිවෙන මාන්නයත් ඒ වගේ. උන්දැලා එක සීරුවට කයිය ගහගෙන ඉස්සරහට ගියත් අපි ප්‍රවෙිශමෙන් තමා ඉස්සරහට ගියේ. උපදේශකයින්ට බෝම්බ මර උගුල් පත්තු වෙන්නෑ. ඒවා ඔවුන්ට මාර බයයි. අනික මෙතැන හිටියෙත් පිට ඒකක දෙකකින් ආපු  උපදේශකයින් කිහිප දෙනෙක්. අපි මොනවා හරි කිව්වම ඒවා 

තඹෙිකට මායිම් නොකිරීම එයාලාගෙ ගති ගුණයක්. සිරා එහෙම කිව්වම මං මට පස්සෙන් එන අය ටිකකට නතර කරලා "හොඳට බලාගෙන වරෙල්ලා" කිව්වා. මං ආවෙ සිරාට පිටුපසින්. මං කට්ටිය නතර කලාම පෙළභාර හිටපු සැරයන් "ඇයි" කියල ඇහුවා. කෝස් එක වෙනම දෙයක්. යුද්දය සහ යුධ භූමිය වෙනම එකක්. 

මං කිව්වා "ඉස්සරහ ඩෙින්ජර් වගේ සාජන්. ඒකයි නැවැත්තුවෙ. ඔී ගොල්ලත් පරිස්සමින් බලාගෙන ඈ" කිව්වා. 

ඒ සැරයන් වෙන ඒකකයකින් අපේ ඒකකයට අනුයුක්ත කරපු කෙනෙක්. මං හිතන්නෙ වෙඩි සද්දෙ ඇහෙන්නත් ඇත්තෙ අපේ ඒකකයට ආවට පස්සෙ වෙන්න ඇති. එයා;

*අනේ මෙි, බබා හුකුං නැතුව වරෙන්. උඹ කෝමද ටීම් එක නවත්තන්නෙ??

*සාජන් මෙි. මෙි  3ලංසංබ නෙමෙයි. පහ ලංසංබ. ලෑන්ඩ් එක සර්ච් කරාට පස්සෙ කට්ටිය ගමු. 

මා ගැන දන්න කෝපල් තිස්ස බණ්ඩාරත් කෝපල් ජයසිංහත් කෝපල් හපුගොඩත් වහාම නැවතිලා මං කියපු එක අනුමත කලා. එතකොට තමා කට්ටියට මතක්වුනේ.


"සාජන් ඔිකා කිව්වොත් කිව්වා තමා ඈ. බඩුම තමා ආයෙ.. අපි මෙි හරිය චෙක් කරල ඉමු" ඒ සැරයන්ට වඩා සීනියර් අපේ යුනිට් එකේ කෝපල් සුසන්ත. . එයා මගේ අල්ලපු ගමෙි. පොරත් මා ගැන දන්න නිසා කට්ටියම හෝල්ට් කලා. 


අපි රේක්ක අරන් ගියෙ. බිම හූරලා දාඩිය දැම්ම වගෙද අප්පා ජීවිතේ. එහෙම නැත්තං කකුල්. ඔය අස්සෙ කෝපල් විජේපාල නොහොත් සුදු සීයාට චු බරක් හැදුනා. මෙහෙ ගෑනු ඉන්නව කියල එකක්යැ. හිටියෙ පාර මැද. එතැනම ඉඳන් සිප් එක ඇරලා අපිට පේන්නත් එක්කම  "චොර චොර" සද්දෙන් හොඬවැල ඇඟිලි දෙකෙන් අල්ලගෙන ගුරු පාරෙ මැදම රවුම් රවුම් ඇන්දෙ ජෝක් එකට. ඒ පොරගෙ හැටි. අපිත් එහෙම තමා ඉතිං. නමුත් චූ බරක් තිබුන්නෑ. පොර චු කර කර ඉද්දි වටයක් කරකිල බැලුවෙ අපිට දකුනු පැත්තෙන් ගෙයක් වටා බැඳ තිබුනු තාප්පය දිහා. ඒ රවුම කැරකිලා පොර එකපාරටම නැවතුනේ බාගෙයක් චූ කරලා ඉතුරු බාගෙ ස්ටොප් කරගෙන. 

"අප්පට &@%මිනෙනවා අං ට්‍රැපින් එකක් හු&@%තො"  කියල පොර කෑ ගහගෙනම පස්සට පැන්නා. එතකොටත් උගේ බිංදුව බිංදුව බෙිරෙනව. සැරයන් බය වෙච්චි පාර කටෙි කෙල හිඳුන මං හිතන්නෙ. 

අපි ගල් ගැහුනා. හිටපු හිටපු තැන්වල එහෙම්මම අඩියක්වත් නොඋස්සා ගල් ගැහිල වගේ හිටියා. මාත් බකමූනත්, ධර්ම කීර්තිත් සිරිවර්ධනත්  කෝප්‍රල් තිස්ස බන්ඩාර කෝප්‍රල් රත්නසිරි කෝප්‍රල් සුසන්ත ඉස්සර උනා. අපිටනං මෙිවා සාමාන්‍ය දේවල්. ඒත් අපි බයවුනේ කොටි එක ට්‍රැපින් එකක් විතරක් දාල නවතින්නැති නිසා අනෙක්වා කොහෙ කොහෙ ඇද්ද කියල දන්නැති නිසා. අපි ඔක්කෝම කෝප්‍රල්ලා හිටියෙ. සැරයන්ලා දෙන්නයි. අපි අපේ අතේ තිබ්බ රේක්ක වලින් මුලු පලාතම ඒත් පරිස්සමට හීරුවා. හූරන්න හේතුවත් අපි අනිවාරයෙන්ම දන්නවා උන් අත්බෝම්බ සහ බට්ටොත් මෙි ට්‍රැපින් එක්ක දාන බව. පාරත් හීරුවා. මෙි දකුණු අත වම් පපුවට තියල කියන්නෙ ෆෙන්ස්, ඒ සංග්‍රාමයෙන් අපි බට්ටො 36ක් ගැලෙව්වා. සුදු සීයගේ චූ රවුමක් ඇතුලෙත් බට්ටෙක් තිබුනා. ඒ පාර අයිනෙ. ඒව දාල තිබුනෙ සිග් සැග් ක්‍රමයට. අපි පහු කරන් ඇවිත් තිබුනෙත් බට්ටො තවානක්.ඒවා මීටරෙන් මීටරේට දුර තියලා පාර අයිනෙ දිගටම දාල තිබුනේ. බඩු හම්බ වෙන්න හම්බවෙන්න පස්සට පොඩර් කරනකොට තමා ඒවා දැක්කෙ. ඒත් අපි කව්රුවත්  එච්චර පව් කරල තිබුන් නෑ. බට්ටො මැද්දෙන් ආවත් එක බට්ටෙක් පිපිරුවෙ නෑ. බට්ටෙක් පිපිරුවානං අපි රොත්ත බුරුත්තම මැරෙනවා. ඒ හැම බට්ටෙක්ම පුපුරද්දි 60 මි.මී. මෝටාර් බෝම්බ දාල අටවපු ට්‍රැපින් පත්තු වෙන්න උන් හදල තිබුනෙ. අපිි රෑන්ක් බෙිදයක් උපදේශක ශිෂ්‍ය බෙිදයක් නැතුව හතර වටෙිම ක්ලියර් කලා. ට්‍රැපින් එකොලහක් තිබුනා. ඒවා තිබුනු තැන් සහ අටවලා තිබුනු විදිය නිරීක්ෂණය කරපු අපි  ඊලඟට කලේ වම් පැත්තෙන් තිබුනු ඇල ඉවුර පරිස්සමට ක්ලියර් කරන එක. ඇල ඉවුරෙත් බට්ටො දාල තිබුනා. හොඳටම රේක්ක කරලා කරලා එක බට්ටෙක්වත් නෑ කියල ස්ථීර කරගෙන අපි කලේ වෙනම ආතල් එකක් ගන්න එක. අපිටත් අතපය නිකන් තියන් ඉන්න බෑනෙ. ඇඟේ හැම මවිලක් මවිලක් ගානෙම තියෙන්නෙ ගොං කමනෙ. නැත්තං මහ යුද්දෙයක් යනකාලෙ හමුදාවට බැඳෙයියැ.  අපි, අපි ඔක්කෝටම ඇල ඉවුරෙ ඉන්න පුලුවන් විදියට සකසලා ඊලඟට කලේ අර ට්‍රැපින් පුපුරුවා හරින එක. ඒක කලේ මෙහෙමයි.


අපි ට්‍රැපින් එකොලහම සෙට් වෙන්න ලණු ඇද්දා. ට්‍රැපින් දාන්නෙ මෝටාර් හතරක් එකට ඔතලා ඒකෙ පියුස් එකට ඩෙටනේටර් ගහලා හරහට මාලු බාන්න ගන්න තුංගුස් නූලක් ඇදලා ඒකෙ කෙලවර හෑන් ග්‍රෙනේඩ් එකක පින් දිග ඇරලා ඒ ග්‍රෙනෙඩ් පින් එකේ අනෙක් කෙලවර බැඳලා. පොලවෙන් අඩියක් විතර උසට ඒව හරහට ඇදලා තිබ්බම අපි ඇවිදන් යනකොට නුලෙ කකුල වැදුනු ගමන් ග්‍රෙනේඩ් එකේ පින් එක ඇදිලා ඒක පුපුරනවා. ඒ කම්පනයට මෝටාර්වල ඩෙටනේටර් පුපුරනවා. එතකොට මෝටාර් ටික පුපුරනවා. බට්ටො දාන්නෙ අපි කාට හරි බට්ටෙක් පෑගිච්චි ගමන් තුවාල කාරයව ගන්න අපි දඩිබිඩියෙ එතනට යනකොට අර ට්‍රැපින් තියෙනවා දන්නැතුව එතනට කිහිප දෙනෙක් කඩාගෙන බිඳගෙන දුවගෙන එනවා. ඒ එද්දි අර නූල් පෑගිලා ඒවා පුපුරලා වැඩි හානියක් අපිට වෙනවා. අනෙක් ට්‍රැපින් හදන්නෙ හෑන් ග්‍රෙනේඩ් වල පින් පන්නලා සේෆ්ටි ලිවර් එක උඩට හිටින්න පොඩි වලක් කපලා ඒකට බෝම්බෙ දාලා ලිවර් එක පනින් නැතිවෙන්න ගඩොල් බාගයක්  ඒ උඩින් තියල පස් දානවා. කුමන හේතුවකින් හරි බට්ටොත් පුපුරන්නැතුව ට්‍රැපින් පුපුරන්නෙත් නැතුව අපි රේක්ක කර⁣න කොට අර හෑන් ග්‍රෙනේඩ් දාපු වලට රේක්කෙ වැටිලා ⁣ග⁣ල් කැටෙි අයින් වෙලා බෝම්බෙ උඩට ඇවිත් පුපුරනවා. මොකද ඔිනම කෙනෙක් රේක්ක කරන්නෙ තමන් දිහාට. එතකොට බෝම්බෙත් අපේ කකුල් ගාවට එනවා. ඒක පුපුරපුවම එයාව ගන්න දුවන් එන කට්ටියට බට්ටො පෑගෙනවා. එයාට බට්ට පෑගිල වැටෙන්නෙත් එක්කො තවත් බට්ටෙක් උඩට. නැත්තං ට්‍රැපින් එකක් උඩට. මිනිස්සු මරන්න තියෙන උපක්‍රම කොච්චරක්නම් තව ඇද්ද. අපි ලණු ඇද්දෙ ඔය ට්‍රැපින් වල හරහට දාල තියෙන නූල් වලට කොක්කක් හිටින්න ලණු කෙරවලට වැටකින් කපා ගත්තු කම්බි,  කොකු  විදියට හදලා. ඒකෙ පෙර ගමන්කරුවන් වුනේ ඉංජිනේරු බළකායෙ සෙබළු දෙන්නා. එවුන්දැලාත් ඒව ලඟට ගිහින් මංතර ජප කරනවා වගේ මොන මොනවද මන්දා කරලා  කරලා  මොනවද මංද හයි කලා. ඒ කරලා ඩෙට් කෝඩ් එකකුත් හයි කරලා ගිනි තියලා ආවා. ඒ ඩෙට් කෝඩ් එකපාරටම ඇවිලෙන්නෑ. ටික වෙලාවක් යනවා.  ලනුවෙන් ඇදලා පත්තු නූනොත් ඩෙට්කෝඩ් වලින් පත්තු වෙන්න තමා අරයලා ඒක හැදුවෙ. 


අපි ඔක්කොම ඇල ඉවුරට හේත්තු වෙලා බිම දිගාවුනා.  ඉංජිනේරු සෙබළෙක් අරවා අමුණපු ලණු කෙලවර අරගෙන පල්ලමට බැස්සා. බැහැලා "එකායි, දෙකායි, තුනායි, ඔන්න එහෙනං" කිව්වා. කියල ඔක්කෝම එකතු කරලා අරන් ආපු  ලනුවෙන් එකපාරට ඇද්දා. මෙිවා මෙහෙම සාමාන්‍යයෙන් කරන්නෑ.ඒත් ආතල් එකට කලා.  ඒක අදිනවත් එක්කම මුලු පළාතම ගිගුම් දෙමින් කලුම කලුපාට දුම්ගුලි දූවිලි කැටි විහිදුවමින් ගිනි කන්දක් පුපුරනවා වාගෙ සද්දෙට ඒ සියල්ල පුපුරා ගියා. අපේ කං අඩිත් මොනාද මංද වුනා. හැබැයි ට්‍රැපින් දාහක් පිපිරුවත් අපි හිටපු තැන අනුව අපිට හානියක් නෑ.  ලණුවෙන් ඇද්ද බුවා අපිටත් පල්ලමෙන් හිටියෙ. එකපාර අහසට නැගුනු දූවිලි බිමට පතිතවුනේ අපිවත් නාවගෙන. සමහර තැනක හෑන්ඩ් ග්‍රෙනේඩ් පවා උං ට්‍රැපින් විදියට අටවලා තිබුනා. 


 ඒ කිට්ටුව හිටපු කෝපල්ලා අපිට වඩා දූවිලි නාලා. කෝපල් සුසන්තලා කලුම කලු පාට වෙලා. දූවිලි නාලා. ඇස් පිල්ලං වල හිටං දූවිලි.  ඒක තමා යුධ බිමෙි ආතල් එක. ඒවා පුපුරණ සද්දෙට සෙට් එකෙන් කතා කලේ දෙවන අනි තුමා. නැත්තං දෙවන අණ දෙන නිළධාරි තුමා. අපි කිව්වා අවුලක් නෑ කියලා. 


 ඒවා ඔක්කෝම ඉවර වෙලා අපි පාරට ආවා. ඇවිත් ට්‍රැපින් තිබ්බ ඒරියා ටික ක්ලියර් කලා. ඒව අටවලා තිබුනේ බට්ටෙක් ගියත් පුපුරන විදියට. අපි රේක්ක කලේ ඉංජිනේරු සෙබළුන්ගේ උපදෙස් සහ ගුරුහරුකම් මැද. එයාලා ඔිවා ගැන විශාරදයින්. අපිට වඩා ඒ ගැන දන්නෙ එයාලා. ඒවත් ඉවර වෙලා හතර වටෙි ඇවිද ඇවිද බැලුවෙි තවත් ආතල් ගන්න බඩු මොනවහරි තියෙනවද කියලා. හවස හය විතර වෙනකොට තව ට්‍රැපින් හතරක් හොයා ගත්තා. ඒව දාල තිබුනේ මනුස්සයෙක් ඉඩමකට ඇතුල් වෙනකොට ඉස්සරලාම අඩිය තියන කොට කරන දේවල් අනුව. ඒ ගේට්ටුව අරිනකොට පුපුරන්න සහ පුපුරන මට්ටමට නූල ඇදෙන්නෙ නැතිවෙන්න චූට්ටක් ඇරියොත් අඩිය තියන තැන්වල බට්ටො දාලා ඒව පුපුරන්න හදල තිබුනෙ. ඒ කොටින්ගෙ පරි පාලන කටයුතු කෙරුනු හොඳ තත්ත්වෙකට තිබුනු ලස්සන ගෙයක්. ඒ ගේ ඇතුලත් මිදුලත් අවටත් වත්තත් අපි එලිය තියෙද්දිම සෝදිසි කලා. කාමර වල මැරිච්ච කොටි සමරන්න හදපු පෝස්ටර් හෙන ගොඩක් තිබුනා. පුටු දෙකක් මෙිසයක් ආදියත් තිබුනා. උන්ගෙ ලයින් එකේ පැලෑනක් බිම දාල කඩල බිදල දාල තිබුනා. ඇඳුම් තිබුනා. නොකඩපු ටී පනස්හය පතුරම් පෙට්ටි කීපයකුත් උන් දාල ගිහින් තිබුනා. ඒ වෙද්දි මං පාවිච්චි කලෙත් උන්ගෙන්ම ගත්තු මල්ටි පර්පස් මැෂින් ගන් එකක්. කෝස් එකට විතරක් ටී පනස් හය ගත්තට මෙි රාජකාරියට එනකොට ඒක භාර දීල මගේ ඒ අවියත් අරං මං ආවෙ. 


එදා රෑ අපි පට්ටම ආතල් එකක් ගත්තා. දැන් බයත් නෑ. අපි මෙි ඒරියා එකේ ඉන්නව කියල 58 සේනාංකයමත් දන්නවා. භූමිය ගැන වැඩි බයකුත් නෑ ක්ලියර් කරපු නිසා. අපි කලුවර වැටුනහම කලේ පාරට ඇවිත් අර පෝස්ටර් සහ ඇඳුම් එක්ක දර කොට හිස් ලී පතුරම් පෙට්ටි දාල ගිනි මැලයක් ගහපු එක. ඒ එලියෙන්ම තමා අපි රෑ කෑමට රෙෂන් පැකට් හදා ගත්තෙ. වතුර පහල ඇලෙන් වෝටර් ටැබ්ලට් දාල අරගත්තා. ගෙනියපු වතුර බීමට පමණක් තියා ගත්තා. රෑ එකොලහ විතර වෙනකොට අපි ලා අඩ සඳ එළියෙ අහස දිහා බලාගෙන ග්‍රවුන් ශීට් එලාගෙන නිදාගත්තා. එලි වෙලත් දර කොටන් ඇවිලුනා. මෙිව සේරම අපි කලේ මුර සෙබළු යොදවලා. අපිම තමා මුර සෙබළුන්ටත් හිටියෙ. කාලෙකින් හොඳට නිදාගත්තා. අපි එකා දෙන්නා නැගිට්ටෙ උදේ අටත් පහුවෙලා. 


උදේ නැගිටලා තේ හදාගෙන බිලා කෑමත් හදාගෙන මෙස්ටින් වලට දාගෙන අපි සූදානම් වුනේ ඊලඟ රාජකාරියට. ඒ කොටි අත්හැරල ගියපු බංකර ලයින් එක සෝදිසි කරන්න සහ, ගම පීරා සොයන්න. පැනපු කොටි නෑ කියල අපි දැනගෙන හිටියත් කරුමෙ කියන එක කොටි විතරක්ම නෙමෙිනෙ. ඒවට පුපුරණ දේවලුත් අයිතියි. සෙක්ෂන් එකක් බංකර් ලයින් එක ක්ලියර් කරද්දි අනෙක් සෙක්ෂන් දෙක ගමට ගියා. මම හිටියෙ ගමට ගිය ටීම් එකේ. අපි කතා වෙලා ගියෙ හරියටම දෙකට මෙික නවත්වමු කියලා. ඒක අමාරු රාජකාරියක්. ආමර් ප්ලෙට් දමපු ජැකට් සහ හෙල්මට් අපි පාරෙන් දාල ගියෙ. ඒව දාගෙන වැටක්වත් පනින්න බෑ. ගෙනාපු වතුර රෙෂන් මළු අමතර දේවල් අමතර පතුරම් ඔක්කෝම අපි දාල ගියෙ. එතන තුන් දෙනෙක් නැවතුනා බඩු බලා ගන්න. 


අපි ගමට ගියා. ඒ ගම හරිම ලස්සනයි ෆෙන්ස්. මල්ලාවි පැත්තට වෙන්න තිබුනු ගමක් ඒ. ගෙවල් එහෙම හොඳට හදල තිබුනෙ. අපි ගෙයක් මිදුලක් වැටක් වත්තක් නෑර හැම තැනම සර්ච් කලා. ඒ කොටින්ගෙ අවි ආයුධ එහෙම දාල ගිහින්ද කියල බලන්න සහ උන් හංගල ගියපු දේවල් හොයන්න. මොන්ටිසෝරියක් තිබුනු තැනක අපි සැක සහිත වලවල් දෙකකුත් හෑරුවා. ඒ වගේ තිබුනේ අහිංසක මිනිස්සුන්ගෙ ප්ලාස්ටික් පුටු, වැඩි ඇඳුම්, හට්ටි මුට්ටි ආදිය දේවල්. ඒවා ඒ මිනිස්සු යද්දි වලලලා ගිහින්. ආයෙ ආපු දවසක ගන්න. සමහර වලවල් වල ටීවී පවා පැකින් කරලා දාල ගිහින් තිබුනා. පව් අප්පා අසරන ජීවිත. ඒව මතක් වෙනකොටත් පපුව දනවා. 


අපි ඉස්සරහට යද්දි හම්බුනා ආයෙ කොටි හිටපු උන්ගෙ කාර්යාලයක් තිබුනු ගෙයක්. ඒ ගෙට යටින් පොලව යට බංකරයකුත් කපලා තිබුනා. ඒකෙ තිබුනෙ බෙහෙත් ජාති. සේලයින් බෝතල් පෙට්ටි කිහිපයකුත් තිබුනා. ඒව ගන්න බැරිවෙන්නම නාස්ති වුනා අපේ එකෙක් හෑන් ග්‍රෙනේඩ් එකක් දාලා. ඒවනං අපිට වැඩකුත් නෑ. ඒ බංකරේට බහින්න කලින් අපි ආරක්ෂාවට එහෙම බෝම්බයක් දෙකක් දානවා. මොනවා හරි අටවලා තිබුනොත් ඒකෙන් ඒවා බ්ලාස්ට් වෙනවා. අපි දවල් එක විතර වෙනකම් තෝරාගත්තු ග්‍රිඩ් අංකයම පරීක්ෂා කලා. විශේෂ දෙයක් හම්බුනේ නෑ. මට හම්බුනා උන්ගෙ පොටෝ ඇල්බම් එකක්. මං ඒක ඒකකයටත් අරන් ආව. ඒකෙ ගොඩක්ම තිබුනෙ ප්‍රභාකරන් සම්මානද මොනාද මන්දා දීපුවයි උත්සව වලට සහභාගි වෙලා ගහපු පිංතූරයි. ඒ එල්ටීටීඊ එකේ තදයෙක්ගෙ ඇල්බම් එකක්. කොටි විරු සමරුවෙ පොටෝ,තමිල් සෙල්වම්ගෙ පොටෝ ආදියත් තිබුනා. ඒක අරං ඇවිත් අපි ඒකට්ටියත් එක්ක එකතු වෙලා ඒව බැලුවා. 


එදා දවල්ට අපි කෑවෙ ගඩා ගෙඩි. අඹ, පේර, කුරුම්බා, පොල්, ගස්ලබු ආදිය. ආපහු එද්දි බඩවල් පුල් කරගෙන  ආවෙ. තල් රාත් තිබුනා, බොන්න බය හිංද බිව්වෙ නෑ. මං උගුරක් දෙකක් චෙක් කරන්න බිව්වා. තිත්තයි. ඒව නරක් වෙලාද කොහෙද. ඒ හිංද තල් රා මුට්ටි ටික බෙිරුනා. ආපහු එද්දි හේනකින් ලා බඩ ඉරිඟු කරලුයි හොඳට පැහුනු වට්ටක්කා ගෙඩි තුන හතරකුයි කරේ තියං ආව. ඒ රෑට ගිනිමැල ගහල  තම්බන්න. බඩ ඉරිඟු කිරි රහට අමුවෙන් කාල, වට්ටක්කා රෑ තැම්බුවා. ඒ ගමෙන්ම අරන් ආව ඇලුමිනියම් මුට්ටි වලට දාල. ලුනු, මිරිස්කුඩු, ලූනු ගෙඩි ටිකක් අපේ පැක්වල නැති වෙන්නැතිම දෙයක්. අපි වට්ටක්ක කෑවෙ ටී පනස් හයෙන්ම ගාගත්තු පොල් එක්ක. රෑ මැද්දක් වෙනකොට ගමට ගියපු අපි කාටත් ඉන්න බැරිවුනා. එකා එකා ඇලට බහිනවා, බෝතලේට වතුර එකක් පුරෝ ගන්නවා, බැද්දට රිංගනවා. මාත් දෙතුන් පාරක්ම ඒ විදියට රිංගුවා. ගස්ලබු පුදුම විදියට වැඩ කලේ. පඩයක් අරින්නවත් බය තරමට බඩවල් බුරුල් වෙලා තිබුනෙ. එක ජාතියක් නෙමෙිනෙ. පහුවදාට ගන්න අපි රටකජු හේනකුත් ඇහේ තියාගෙන ආවෙ. එදා රටකජු ගැලෙව්වෙ නැත්තෙ කාපු දේවල්වල තරම නිසා හා ඒ වෙද්දි වට්ටක්කා කඩගෙන තිබුන නිසා. ආතල් කෝටියයි ඉතින්. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.03.28

Sunday, March 21, 2021

අම්මෙි

 



෴අම්මෙි෴

==========



නම ටිකිරාය ගම නොදනිමි මම              තාමත්

නිතරම කරන්නෙමි නුඹ ගැන            විමසීමත්

කවදාහරිම  හමු නූනත්                       හමුවූවත්  

දුක හිතුනාට තරහක් නෑ                     කවදාවත්


බඩගිනි කියන එක හොඳටම         හැඳින්නෙමී

ඒ හැම වෙලාවෙම නුඹෙ රුව           දකින්නෙමී

උනනා කඳුලු වැල් දෑතින්                    පිසින්නෙමී

තනිකම "අම්ම" යන වචනෙන්        මනින්නෙමී


අදටත් ඇතිය නුඹ, නොදනිමි තරුණ         වියේ

නොදුටුව මූන එනමුත් හිත ඇඳිල              තියේ

හමුවුවහොත් දිනක, මව් පදවියට             බයේ

නොකියනු මැනවි කිරි එරුනා කියල          ළයේ


පොඩි කල පටන් හිටියෙමි මඩමකට      වෙලා

එහෙ සිටි ලමයි මට හරියට  විහිලු            කලා

අසරණ කමට කඳුලැල් යන විටදි                ගලා

පැනලයි ආවෙ ඉන් එක කොල්ලෙකුට       තලා


කලු කොට එකා යැයි නිතරම කියනු       ඇහේ

කොට්ටෝරුව කියයි හිඟමන් යදින        රැහේ

ඇහුනම ඒව කඳුලින් ඇස් දෙකම           වැහේ

කැත කොල්ලෙකුට මම විතරද හිටියෙ  එහේ


දවසක දවල් දානෙට දීසියක                        දමා

තිබු ජෙලි ටිකක් අරගෙන රස බැලුව       තමා 

කල ඒ වැරැද්දට ඉල්ලූ නමුදු                        සමා

නෝනා තැලුවෙ මට අතැඟිලි පිටට          නමා


කලිසම් කමිස අපි ලඟ වැඩිපුර             නෑනේ

දවසක සෙල්ලමෙදි කලිසම            ඉරුනානේ

ඔච්චම් කරද්දිත් කොල්ලන් එක              රෑනේ

පොඩි කලිසමක් වත් දුන්නද අඩු           ගානේ


මගෙ වයසෙම උනත් ඒ අය හරිම          වසයි

හිටියොත් පාඩුවෙි දුවවිත් පිටට             ගසයි

බොරුවට ඇඟෙව්වෙි ඒවා රිදුනු          ලෙසයි

රිදිලා නෙමෙයි ඇඬුවෙි දුක හිතුනු        නිසයි


කවදත් අපිට එහෙ දහවල             අවිවෙිකයි

සෙල්ලම් කලෙත් හවසට සමහර        දාකයි

අපි පොඩි අයයි එහෙ නෝනල හරි     නාකයි

හිටියම මඩමෙ අත්වෙන ඉරණම         ඔිකයි


දුක සහ රිදුම් සිතිවිලි එහෙ මෙහෙ      පීනයි 

වැඩිපුර රිදෙව්වෙි මඩමෙි කොලු           රෑනයි

⁣සමහරදාට නින්දක් ඇති නැති             ගානයි

දුටුවෙම නුඹ තුරුල්ලේ නිදියන            හීනයි


අවුරුද්දෙන්ලු මා එතැනට දමල             ගියේ

දැන් අවුරුදු අටයි නෝනා කියල             තියේ

නොඇසුවෙ අම්ම ගැන, ගහවිද කියල බයේ

මඩමට දමද්දිත් දුක නොතිබුනිද            ළයේ


කවදා හරිම පුතු සොයමින් පැමිණි         දින

හිඟනා කිව්ව ලමයින් බය කරන         මෙන

නොකියන ලෙසින් ඒ ලෙස  දරුවෙකුට වෙන

චුට්ටක් බැනල චුට්ටක් සැර කරනු         මැන




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.03.21




Tuesday, March 16, 2021

මම රජවුනොත්



මම රජ වුනොත් ගෙවි ගෙවි යන තරුණ     යුගේ

කලයුතු දේ ගොඩක් ගැන අද හිතට            නැගේ

පෙන්නා බලය තේජස තද ගුණය                  මගේ

මෙි රට ගොඩනගන්නෙමි වසරකදි               වගේ


පළමුව මුදල් සහ බලයම පසු                     පස්සේ

යන නායකයො අල්ලාගෙන හැම               තිස්සේ

ටොකු ඇන ඇනද  හිස හප්පා උළු              වස්සේ

ගහනව පොදි බැඳල සක්වල ගල               අස්සේ


ටෙලි විෂනයේ යන ඇඩ් වල මිලට                  හිඳ

පොඩි දරුවන්ට තව වස විස කවන                 සඳ

අල්ලාගෙන සැවොම එක මිටියකට               බැඳ

තොල් පටි දෙක මහමි ඇල දිව පිටට              ඇද


ඉස්තිරි දූෂණය කල වුන් කොහෙද                කියා

ගම රට පීර පීරා හරි ගනිමි                          සොයා

මහිලා සමිතිවල නීතිය කරනු                        නියා

ගජමුතු දෙක තලන්නෙමි ගල් උඩක            තියා


ජීවත් වෙන්නෙ දැන් දැන් අමුතු                 රටකය

බණ පද රැකුනෙ චීවර දරපු කට                    කය

අණ කර කැඳවමින් සඟ ඝණයෙ           කුලකය

දස වසරක්ම  කියවම් විනය                     පිටකය


ගිජුවුන මත්පැනට සහ කුඩු වලට                පවා

ජාවාරමුන් එක්කර එක තැනක                 හොවා

යනතුරු මාසයක් දිගටම උදය                        හවා

ඇස් දෙක බැඳල ගස්සන්නෙමි ගැහැණු       ලවා


උස්තැන් දැකල කොඳු නවමින් දෙක          තුනට 

පොඩි තැන් වලට ගොරවන පුප්පන         තැනට

පිළියම් විලස වැඩ කරණට එක                  අණට

සළු පිළි අන්දවමි නීතියෙ                     දෙවඟනට


පරිසර හානි කල වුන් ගැන මතක                මකා

නොදමමි ඉවත ඒවා සුළු ලෙසට                  තකා

රැස්කර කැලයකට ඇතිවන විලස                 දුකා

එක පේලියට තබමින් ගස්සවමි               කොකා


ඇති කරවන්න සංහිඳියා කියන                      එක

පන්සල් පල්ලි කෝවිල් ගත යුතුය                  රැක

පහකර දමා දර්මය ගැන සියළු                      සැක

දවසට වරක් පන්සල් වෙත යැවිය                 හැක


මහලුව සිටින මව් පිය මඩමකට                    යවා

සහ වැඩිහිටි අයට නිතරම බලන                   රවා

විමසා කරුණු උන්ගෙන් ගිරි කුලක            හොවා

ඇස්දෙක උගුල්වමි ගිජු ලිහිණියෙකු             ලවා


හොර මැර කම් කරන බොරු පතුරන          උන්ට

බොරුවට රජයෙ පඩි කන                සේවකයින්ට

අල්ලස් ගන්න දත කන හැම                  මිනිසුන්ට

සතියක් තලමි ඉලපතකින්,  උන                  ගන්ට


මග අනතුරු වලට මෙහෙයුම් දියත්           කොට

කලයුතු දේ කරල දුක නෑ මළත්                     හෙට

මහජනතාව වෙත ඒ ගැන මතක්                කොට 

අවසර දෙන්නෙ සයිකලයට                කරත්තෙට


තව රජ කෙනෙකු නොව ලෝකය          හිනැස්සූ

මට සම්පතයි මගෙ අතවැසි                     මිනිස්සූ

දඬුවම් වලින් මුලු ලෝකෙම                    තිගැස්සූ

ගඩොලක් වගෙයි හරි ගානට                    පිලිස්සූ


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.03.16

Sunday, March 7, 2021

පුනරීන්

 වැස්ස ඊයෙයි පෙරේදයි වගේම අදත් කඩා හැලෙන්න යන්නෙ  හරියට අපෙන් පලිගන්න වගේ. ඊට දවස් කීපයකට කලින් ඇරඹුනු වැහි වටය එන්න එන්නම අනෝරා වැහි බවට පරිවර්ථනය වෙන්න පටන් ගත්තේ කිසිම අනුකම්පාවක් නැති විදියට.  මුහුදු සුළඟේ දිය වී හමා එන  ලවන සුවඳ අපේ නැහැපුඩු හරහා හමාගියේ  "උඹලත් මට යටත් දරුවන්" කියන්නා වාගේ. මනුෂ්‍යා අයිති ස්වභාවධර්මයාට තමයි. ඒත් මිනිසා හිතන්නෙ සොබාධර්මය මිනිසාට අයිතියි කියල. ඒකනෙ හැම දාම උඩුගං බලා පීනන්නේ. එකම විදියට ඉපදිලා එකා වගේ ඉඳලා එක දෙයක් බෙදා ගන්න දෙපිල බෙදිල  පොර කන මෙි විචිත්‍රවත් කඩු තුවක්කු හරඹය ස්වභාව ධර්මයාට අයිති නෑ.  කිසිවෙකු විසින් කෘතීමව ඇතිකල දෙයක පශ්චාත්තාප වෙන කොටස බෙදාගන්න අවුරුදු ගණනාවක් තිස්සේ දෙගොල්ලක් පොර කෑවේ මොන එහෙකටද මංදා. ඊට පස්සෙ  ඒ කොටස තමන්ගෙ ප්‍රතිවාදියාට පාස් කරන්න දෙපාර්ශ්වයම බෝල් තරඟයක යෙදෙනවා.  දිනුම තමන්ට ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් ප්‍රභාකරන්  උඩ පනිද්දි, හමුදාව ඒ බලාපොරොත්තුව උදුරගන්න දත කනවා. ඒත් නියත වශයෙන්ම දිනුම ලැබෙන්නෙ එක පාර්ශ්වයකට විතරයි. මිලේච්ඡයා මුලින් කොච්චර දිනුවත් අන්තිම කොටස හරි පරදින එක රීතියක්. යුද්දය ඇති කරපු ඈයන් ඔල්වරසන් දිදී වෙිදිකාවෙි ප්‍රීති ඝෝෂා නගද්දි මෙලෝ හසරක් තේරුම් නැති තමාගේම රටෙි දෙගොල්ලක් තමාගෙම ඈයන් එක්ක ගිනිරාමෙට මරා ගන්නවා.ඒකත් හරියට චිත්‍රපටයක රඟපාන නළුවන්ගේ වෘත්තීය අපි රස කර කර බලනවා වාගෙ.  ඔිවා ඉවසගන්න බැරුව දුන්නු දඬුවමකටද මන්දා යුද්දයටත් මෙච්චරටම බාධක මැද්දෙන් තරණය කරන්න උනේ. යුද්ධය කියන්නේ මෙි ලෝකෙන් තුරන්විය යුතුම දෙයක්. කිසිම භාෂාවකට යුද්ධය කියන වචනයවත් ඔින නෑ. 


හොඳ උදාහරණයක් මැරිච්චි කොටි කෙල්ලකගේ යුනිෆෝම් සාක්කුවක ඉතිරි වෙලා තිබී හමුවුන සතියක් විතර පරන පරාටා රොටී ⁣කිහිපයක්. පව් අසරන ජීවිත. හමුදාවෙන් ලැබුනත්, සටන අතහැරියොත් තමන්ගෙ පැත්තෙන් ලැබෙන මරණයත්, මරණයමයි. ඒ මරණය මොවුන්ට ලබා දුන්නේ බලහත්කාරය මයි. සතියකට ඇතිවෙන්න එකපාර ලැබෙන කෑම ටික ඇඳන් ඉන්න නිළ ඇඳුමෙි දාගෙන ඒව කකා මරණය එනතෙක් දෑස් හැර බලා සිටින යුවතියන් සහ තරුණයන්ගේ මරණය මතින් ගොඩ නගන ඊනියා රාජ්‍යයක සිහිනය ප්‍රභාකරන්වත් ඔල්මොරොන්දම් කරන්න ඇති. 


හමුදාව සාම්ප්‍රදායික පැරණි සටන් ක්‍රම වලින් අයින් වෙලා යුද්ධයත් මොඩර්න් විධියට පරිවර්ථනය වෙන්න ගත්තෙ ඒ වෙනකොට තිබුනු අවශ්‍යතාවය අනුව. විධායක බලයෙන් පාලනය වන රටෙි විධායකයටම අයිති යුධ හමුදාවත් ප්‍රතිසංස්කරණය වී  ගොඩ බිමෙි සිටින සතුරා සොය සොයා විනාශ කර දැමීමෙි අරමුණ  පරම යුතුකමක් සේ සලකා රණ භූමියට වන්නේ "පළමුව රට, නැතිනම් මරණය" යන තේමා පාඨය ආදර්ශ කොට ගෙන. 

මෙයින් ඇතිවුනේ දෙපාර්ශ්වයටම විනාශයක් මිසක් හොඳක් නෙමෙි. ඒකට හොඳම සාක්ෂිය දහස් ගණනක් මිය ගිය කොටි සෙබළුන් වැළලූ නච්චිකුඩා කනත්තත්,  දකුණේ කඳුලු බිබී, මිය ගිය තමන්ගේ කුසින් වැදූ තරුණ දූ පුතුන්ගේ මතකයන් තාමත් ආවර්ජනය කරන මව්වරුන් සහ අතීතය සිහිකරන පියවරුන්. "මව් බිම" යන වචනයෙන් උන්මාදවූ හමුදාවෝ දස දහස් ගණනක් තමන්ගේම රටෙි මිනිසුන් මරා දැමූහ. "ඊළම" යන වදනින් උන්මාදවූ කොටි හමුදාවෝ තමන්ගේම ලේ නෑයත්, සහෝදර සිංහල ජනතාවත් පොකුරු පිටින් මරා දැමූහ. මිලේච්ඡත්වය යනු එයයි.  දේශපාලන හෝ පුද්ගලික අරමුණු සාක්ෂාත් කර ගැනීම අරමුණු කර රජයට බලහත්කාරය පටවමින් ජනතාව වෙත භීෂණය පැතිරවීම හා මුදාහැරීම ත්‍රස්තවාදයයි.


මෙි වෙද්දි අපි හිටියේ පුනරීන් නගරයේ. ඒක පුනරීන් කිව්වට නගරයක්වත් නෙමෙයි. වම්පසින් ඇති ඉස්කෝලයත් දකුණු පැත්තෙන් ඇති පැරණි කොටුවත් විතරයි මෙි පුනරීන් කියල  කියන්නෙ. අපි එහාට යද්දි සුජාතා අත්තනායක මහත්මියගේ (මතක විදියට නම හරි වෙන්න ඔින)  පුතා හිරවී පන පිටින් පිච්චී මිය ගිය යුධ ටැංකිය සකසා හැදූ ස්මාරකය ඒ විදියටම තිබුනා. කොටුවක් කිව්වට ඒකත් පර්චස් විස්සක් විතර භූමියක් පුරා තනා තිබුනු බල කොටුවක්. (මගෙ මතකය අනුව) මෙි වෙද්දිත් හතර වටෙන්ම අහස කළු කරගෙන ගොරවමින් තිබුනේ. ඊයේ පෙරේදා වගේ ඇද හැලුනු මහා වැස්සක පෙරනිමිති හවස දෙක විතර වෙනකොටම අදත් පෙනෙන්න ගත්තා. මෙි වෙද්දි දවස් කීපයක්ම වැස්සේ තෙමී සිටි අපිට මෙි වැස්සත් තවත් එක් වැස්සක් විතරයි. හුළඟත් එක්ක ගසාගෙන එන වැහි බිංදු මූනේ ගැටෙද්දි වැලි බොරළු වලින් දමලා ගහනවා වගේ වෙිදනාවක් දැනෙන්නෙ. අපි පුනරීන්වලින් දකුණට හැරිලා ඉදිරියට යද්දි ආයෙත් හමුවුනේ දිග පස් බැම්මක්. මෙික එච්චර උස නැතත් බංකර් සවිමත්ව හදා තිබුනා. ඩෝසරයකුත් පැත්තක දමා තිබුනා. එතන ඉස්සරහා අපි මදක් නැවතුනා. ඊට පස්සෙ තමා  කලපුව දෙසින් ඉදිරියට ඇදුනු අපිට "සියළුම රැකසිට පහරදීමෙි කණ්ඩ"  වහාම මූලස්ථානයට පැමිණෙන්න කියල පණිවිඩයක් ආවෙි. 

අපිත් හැකි ඉක්මනින් වාර්ථා කලා. 


ඉන් පසු අපිට පැවරුනේ භාරදූර වගකීමක් සහිත අනතුරුදායක රාජකාරියක්. ඒ "අද රෑට කොහොම හරි මෙි ලයින් එක කඩන්න ඔිනේ. ඒ වෙනුවෙන් තමාගේ වගකීම සහ යුතුකම  අකුරටම ඉෂ්ඨවිය යුතු" බව උප අණදෙන නිළධාරි අපිට පැවසුවා. ඒ වෙනුවෙන් ඒකකයේ සියළුම දෙනාගේ සහයෝගයත් ලැබෙන බව පැවසූ එතුමා "සතුරාට නොපෙනී සතුරාව නිරීක්ෂණය කිරීම හා, වතුර පිරුනු භූමිය ආවරණය කරමින් එකම වෙලාවට ලයින් එකට සියල්ලෝම සමග ප්‍රහාරය එල්ල කිරීම" යන කොටස් අපිට භාරදුන්නා. මෙික ඉතාම අනතුරුදායක කටයුත්තක්. "ආවොත් සෙන්ට්, ගියොත් ඔිඩිකොලොන්" ක්‍රියාන්විතයට අපි සියළු දෙනාම එක්වී පිඹුරුපත් සැකසුවෙි ඒ වෙනවිටත් අපි යම් ප්‍රමාදයක සිටි නිසයි. අපේ ලයින් එකට සමගාමිව අනෙක් ඒකක මෙි වන විටත් ඒ රාජකාරිය ආරම්භ කර තිබුනා. අපිට ටිකක් බය හිතුනේ මෙි වෙද්දි අපේ අණදෙන නිළධාරි තනතුර වෙනස් වී තිබුනු නිසයි. ඒ වෙද්දි අපට අණදුන්නේ අනි තුමා විදියට වැඩ බලන උප අනි තුමා. 


අපිට සටනක් කිරීමෙිදී අණදීමට  හිතට "ෆිට්" කියල දැනෙන චරිතයක් නොහිටියොත් අපිත් ටිකක් පසුගාමී වෙනවා. ඒත් ඒ මිම්මෙන් හැමතැනම මනින්න බෑ. අණ ක්‍රියාත්මක කලයුතුයි. අපි සියලු දෙනා කතාකරගත්තු විදියට වැහි අඳුරේම පිටත් වුනා. අපිට යන්න වුනේ ඉනක් දක්වා වතුර පිරිච්චි කුඹුරු යායක් ආවරණය කරන්න ඒ හරහා. අපි කිසිම සද්දයක් නොනගා මගට ගිහින් වතුරේ බැහැගෙන නාහෙ මට්ටමට එනකම් වතුරේ ගිලිල හිටියෙ. ඒ තව ටිකක් වටපිටාව අඳුරු වෙනකම්. මීට වඩා ඔලුව ඉස්සුවොත් හා සතුරාට නිරීක්ෂණය වුවහොත් අත් වෙන්නේ මාරාන්තික සැප සමුදායක්. වෙලාව ආවම අපිත් හිමින් සැරේ වතුර කොටස ක්‍රොස් කරලා එගොඩට පැනලා ගොඩ බිමට පය තිබ්බා. ඒත් බඩගාගෙන නියරවල් ආවරණයට අරන්. මට එහායින් කෝප්‍රල් බිලිං චුට්ටාත්, ඊට එහායින් කෝප්‍රල් සුසන්තගේ කණ්ඩායමත් ඊටත් එහායින් සෙනරත් කුමාර මගේ බැචාගේ කණ්ඩායමත් මෙි වෙද්දි වතුර කොටස තරණය කරල තිබුනේ.ගමනේ අමාරුම හරිය පසු කරපු අපි සහ මා,   මඩ ගොඩෙි උඩුබැලි අතට දිගාවී අහස දිහා බලාගෙන හිටියේ "දැං වැහැපං,බුදු වැස්ස, උතුරන්ඩ වැහැපං" කිය කිය.එහෙම අඳුර කිට්ටු වෙනකං ඉද්දි  ගොරවලා අකුණු ගහලා මහා අනෝරාවක් කඩා හැලුනා.මෙි මහ වැස්සෙ තමයි අපේ ඊලඟ රාජකාරිය ආරම්භ වෙන්නෙ. අපි මඩ ගොඩෙි "කබරයි" යන්නා වාගෙ බඩ ගාගෙන ටික ටික ඉස්සරහට ගියා.රෙෂන් පැකට් ගිලලා ගිලලා,චීස් ටින් සැමන් ටින් රටඉඳි ක්‍රීම් කැකර් බිස්කට් කෙලලා කෙලලා  මහ වැස්සේ වුනත් බඩෙි පිරිල තියෙන වෙිරම්භ අධෝ වාතය "පෝ:හ්" ගාල මහ සද්දයෙන් පිට වෙද්දි ලඟින් යන එකා මූන දිහා බලන්නෙ උඩු තොලෙන් නාහෙත් වහගෙන. ඌටත් නෝන්ඩියට හිනාවෙමින් ගත්තු ආතල් එකත් සටනේ අවසානයත්  ජීවිතේටම අමතක වෙන්නැ. කෑ ගැහුවොත් ඇරෙන්න අපේ ශබ්දයක් පිටට යන්නැ. මෙි මහ වැස්සෙ, ඊටත් ඝණ අන්ධකාරයේ කොටියාවත් හිතන්නෑ හමුදා කාරයා ලඟටම එයි කියලා. අපිට පැවරුනේ වතුර පිරිච්චි කොටස ආවරණය කරමින් අපේ අනෙක් සෙබළුන්ට සහාය වෙන විදියට ලයින් එකට එකවිට ප්‍රහාරයක් එල්ල කිරිම. ඒ එල්ල කරන ප්‍රහාරය 58සේනාංකයම එකට කරන්නේ. එතෙක් ඉවසා සිටිය යුතුයි. මෙිකට රැයක්ම තෝර ගත්තෙ භූමියේ තිබුනු අවාසිදායක බව  හිංද.


අපේ තේරීම අනුව අපි කතාකරගත්තු තැන්වලම රැඳී හිටියා. ඒ "ෆයර්" කියන අණ වචනය එනකම්. හවස හතයි තිහට ඇති. මෙි වෙද්දි අපි සීතලට "දඩ -දඩ" ගාල ගැහෙන වෙලාව. වැස්ස චුට්ටක් තුරල් කරලා තිබුනා. නමුත් මගේ අත්දැකීම අනුව කොටින්ගේ මෙි ලයින් එකේ මහ අමුත්තක් මට දැනුනා. ඒක හරියටම වචනවලට පෙරලන්න තේරෙන්නෑ. ඒත් ලඟින් යන අදහසක් දෙන්න පුලුවන්. ඇත්තටම මට කීප වරක්ම හිතුනා "මෙි මම මුහුන දෙන අන්තිම සටන විය හැකිය" කියල. ඒ තරමට මහා කාලකන්නි අදහස් ඔලුවෙි පිරුනේ. ඒකට හේතුව උන්ගෙත් තිබුනු "නිහැඬියාව හා උපාය මාර්ගික ක්‍රම තව ඇතිය"  කියල. හිතත් කිව්වෙ "මරන එකෙක් මරාවි' උඹ නියරක් අස්සට වෙලා හිටපං" කියලා. සීතලට පහල වෙච්චි සිතුවිලිද මංදා. එක පාරකුත් පරිප්පු ඇටෙන් ගිහින් නොමැරි විතරක් බෙිරුනේ "ඔිවගේ සිතුවිලි සමුදායක්" පහල වෙච්චි දවසකමයි. මෙිකත් ඒ වගේ එකක්වත්ද දන්නෑ කියලත් හිතුනා. කෝකටත් මගේ ටීම් එකේ දෙවෙනියාට අපි සැලසුම් කරපු දේවල් සියල්ලම නැවත මතක් කරල දීල කීවෙි "හදිසියක් වුනොත්" පසු බැහීම ලේසි කරගන්න. මා ගැනනම් බලන්නම එපා කිව්වා. කොල්ලො ටිකත් අරන් කෝම හරි ගේම ගහල පලයන් කියලත් කිව්වා.


 රතු රාත්‍රිය එළැඹුනා. එක පාරටම පිටුපසින් "ෆයර්" අණ වචනය  දෙන්න කලින් ඇහෙන සුපුරුදු "චකෝස් චුකුම් භු:හ්ම්" සද්දෙන් මල්ටි බැරල් රොකටය  අවදිවුනා. ඊට පස්සෙ කලින් වැටුන අනෝරාවට වඩා තීව්‍ර විදියට "ආටි" වැස්සක් වස්සන්න පුලුවන් තරමට ඒ අවි ටිකටත් පන ආවා. ඒවා පත්තුවුනා කියන්නෙ "ෆයර්"ම තමා. අපිත් හරි බරි ගැහිලා සටනට අවතීර්ණවුනා. එකම යුද්දයයි එතන. සිරි බිරි ගගා වැටෙන හිරිපොද වැහි බිංදුු මැද්දෙ ඒවා කපාගෙන බට කැලේකට ගිනි තිබ්බා වගේ සද්දෙන් බර්ස්ට් එකේ "ටක ටක ටක ටක ටක ටකස් ටකස්" යන හඬින් තුවක්කුවෙන් පිටවෙන මූනිස්සම් සතුරාගේ පපු කැනති හොයාගෙන පියාඹා ගියේ එතකොට තිබුනු සහ දරාගෙන හිටපු සීතල දෙපිටින් යවමින්. එහෙම විනාඩි දෙකක් විතර යද්දි ආපු උන්ගෙ මෝටාර් ප්‍රහාරයනම් දරාගන්නම අපහසුවුන දෙයක්. මෝටාර් උණ්ඩ එක පිට එක පොකුරු පොකුරු බිම වැටී පුපුරා යද්දි ඒ ගැනවත් තැකීමක් නොකල හා ලඟ ඉන්න එකා ගැනවත් බලන්න පුලුවන් තරමෙි අවකාශයක් නොවුනු අපි  මෙි වෙද්දි දරුණු සටනකට අවතීර්ණ වෙලා හිටියෙ. සමහරු පස් බැම්ම ආසන්නයේ මයි. අපි තව ටිකක් පසුපසින්. 


අපිත් ඒ ලයින් එකට සමාන්තරව ඉස්සරහට ඇදෙද්දී පස් බැම්ම ආසන්නයේම තිබුනු බංකරයක් මහ වදයක් වුනා. මැෂින් ගන් දෙකක්ම දාගෙන "පොපොප් රිලීස්,පොපොප් රිලිස්" සද්දෙන් එක දිගටම අපිට වනන්න තියාගත්තේ හරියට ඒ බංකරේ උංගෙ නායකයා ඉන්නවා වාගෙ හැඟීමකින්. ඒ අවදානම මට නෙමෙි තිබුනේ. අපිට දකුනෙන් ගිය "බිලිං චුට්ටා⁣ ⁣" ගේ ටීම් එකට.  මෙතනින් යන්නනම් මෙි බංකරය නිහඬ කරවිය යුතුමයි. මොකද ඊලඟ ඉලක්කය අපි. අපි වෙඩි තියමින් පස් බැම්ම තරණය කරලා අර බංකරයට පහර දෙන්න පටන් ගත්තා. ඒක හරිම ලේසි දෙයක් බවට පත් කලේ උන්ගෙද අපේද මංද ගුවනේ පියාඹා ආපු මෝටාර් බෝම්බයක්. ඒක එසේ සිදුවෙද්දි මං බැලුවෙි නැවත ප්‍රතිසංවිධානය වෙන්න මගේ ටීම් එක හරිද කියලා. දකුණු පැත්තෙන් ආපු ඔක්කොම ටික හරි. ඒත් වමෙන් ආපු දෙකම නෑ. ෆයර් එක ටිකක් අඩු වෙද්දි මං ආයෙ වට පිට නම කතා කරල බැලුවෙ ලඟට ගෙන්න ගෙන ලබාගත් ජය උන් එක්ක සමරන ගමන් ආතල් එකක් ගන්න.  ඒත් මගේ වමෙන් ආපු "ගුරුකාස්" නොහොත්  මම, "මා ගැන බලන්නවත් එපා කොල්ලො ටිකත් අරන් ගේම ගහපං කියල උපදෙස් දුන්නු"  ලා/කෝ වීරා මඩ ගොඩක ලයින් එක ඔන්න මෙන්න තියලා මහ පොලව බදාගෙන වැටී සිටියා. හැබැයි ආයෙ කවදාවත්  වීරානම් නැගිට්ටෙ නෑ. වීරප්පන් නම් අදටත් ආබාධිතයෙක් විදියට ජීවත් වෙනවා. 




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.03.10

Friday, March 5, 2021

සහෝදර කම

 කලින් කතාවෙ කිව්වනේ එකම පවුලෙ අයියයි මල්ලියි එකම දවසෙ නැතිවුනා කියලා. ඒක සත්‍ය කතාවක්. අපි නොසිතන නොපතන සහ සිදුවෙියැයි නොසිතන කතා කොතෙක්නම් ඇත්ද?. 

තමන්ගෙ පුතාගෙ සිරුර යට කරන දවසෙ නැතිවුන පුතා ගෙදර නිවාඩුවට ගෙදර ආපු කතාත්, ඒකට බය වෙච්චි ගම්මු සීසීකඩ දුවපු කතාවකුත් තියෙනවා. සජීවීව වෙච්චි කතාවක් දෙකක් කෙටියෙන් කියන්නම්. 

මම නුවර ස්කූල් එකේ පාඨමාලාවක් හදාරද්දි අපේ ප්ලැටූන් එකට එකම දවසෙ අවමංගල්‍ය උත්සව කිහිපයක්ම  සිදු කිරිමට සිදුවෙනවා.ඒකෙ පළවෙනි සිරුර මල් ශාලාවෙන් භාරගෙන මළ ගෙදරට අරන් ගියෙත් අපේම පාඨමාලාවෙි දෙන්නෙක්.

එයාලා රෑ එකොලහට විතර සිරුර අරගෙන ගම්පොල පැත්තෙ එයාලගෙ ගෙදර ගියා. පස්සෙ බැනර් අරගෙන තව දෙන්නෙක් ගියා. පහුවදා දවල් 12.30ට තමා අවමංගල්‍ය උත්සවය කරන්න කටයුතු යොදාගෙන තිබුනෙ. ඒ එදාම තවත් අවමංගල්‍ය උත්සව තුනක් සිදු කිරීමට අපිට භාරව තිබුනු නිසා කාලය කළමණාකරණය කරගැනීම හේතුවෙන්. අන්තිම එක ඉවර කරද්දි රෑ 7යි. 12.30ට කරපු එකේ සියළු කටයුතු අවසන් වෙලා අන්තිම එකට යද්දි අපි භාරව ගිය නිළධාරිට කෝල් එකක් ආවා. ඒ, වහාම පළවෙනි එක කරපු ගෙදරට යන්න කියල. අපිත් ගියා. යද්දි ඒ ගෙදරට කෝල් එකක් ඇවිත් එයාලාගෙ පුතා ජීවතුන් අතර ඉන්නවා කියලා. අපේ නිළධාරිත් කතාකලේ මොකක්ද දැන් කරන්න පුලුවන් කියල බලන්න. පස්සෙ ඒ ගමෙි අයත් පවුලේ අයත් කිව්වා "ඔහොම වැරදීම් වෙනව ඇති පුතාලා, කාගෙ උනත් දරුවෙක්නෙ.ආයෙ මුකුත් කරන්න එපා. ඒක එයාලගෙ ගෙවල් හොයලා එයාලාට දැනුම් දෙන්න කියලා. 


ආයෙ දවසක් මෙහෙම සිරුරක් අරන් ගියාම කොල්ලගෙ අම්මා ඉදලක් අරගෙන අපිට ගම වටෙි ගහන්න පැන්නුවා. ඒ, තොපි මගේ කොල්ලා මරා ගත්තා" කිය කිය. අපිත් ඉතින් දුවලාම බෙිරුනා. පස්සෙ ගමෙි වැඩිහිටියෙක් බැලන්ස් කරලා, පොරට සිද්දිය තේරුම් කරල දීලා තමා "දෙන"  ගෙදරට භාර දුන්නෙ. ඒ ගෙදරින් අපිට වතුර ටිකක්වත් දුන්නෑ. මග ඉඳලාම ෆියුනරල් එක ඉවර කරලා මගින්ම හැරිලා කෑම්ප් එකට ආවා. අපි කියලා මොනවා කරන්නද?. අද එයා. හෙට අපි හෝ මම වෙන්න පුලුවන් තත්ත්වයක් එදා තිබුනෙ. එහෙම තැනුත් තිබුනා. තව පුනරීන් (1992 අවුරුද්දෙ මතක විදියට) වලදි නැතිවුන මගේ නැන්දගෙ පුතාගෙ දෙන ගෙදර අරන් ආවෙ උදේක. අපි ඉස්කෝලෙ යන්න බස් එක එනකම් පාරෙ ඉද්දි ආමි වාහනයක් ඇවිත් පාර ඇහුවා. අපි පාර කිව්වට සිදුවිම මොකද්ද කියන්න තේරුමක් තිබුන්නෑ. ඉස්කෝලෙ යන්නැතුව ඒ වාහනේ පස්සෙන් ගිහින් තමා මරණෙ ගැන දැන ගත්තෙ. අපිට ඒ කාලෙ ආපු ආමි මහත්තුරු මිනියක් ගෙනාවා කියලවත් කිව්වෙ නෑ. අපි දන්නෙත් නෑ. අම්මලානම් දැනගෙන ඉඳලා තියෙනවා. අපිට කිව්වෙ නෑ. ඉතින් ඔහොම කාලයක් තමා ගෙවිල ඉවරවුනෙ.


අද කතාවට යමුකො. මෙි කතාව කල්ලාර් වලදි වෙන්නෙ. 

ඇත්තටම අපේ රටත් මහ පුදුම රටක්. අපි ඉගෙන ගත්තු අපේ රටෙි ඉතිහාසය පිරිල තියෙන්නේම මහ යුද්ධ වලිනුයි, එක එක රටවලින් යටත් කරගන්න දත කාපුවයි,පුතා තාත්තට විරුද්ධවයි, සහෝදරයා සහෝදරයට විරුද්ධවයි ඇති වෙච්චි සටන් සහ ඒ ගැන කතා වලින්. 1505 පෘතුගීසි ලංකාවට ආ දා ඉඳන් 1948 අවුරුද්ද වෙනකං ඇති වෙච්චි අවි සටන් සහ දේශපාලන ගැටුම් අනන්තයි. මෙි සටන් මෙි පුංචි රටෙි ඉතිහාසයේ සමහරක් තැන් වෙනස් කරන්න පවා සමත්වුනාලු. 1948 අවුරුද්දෙ දේශපාලනික වශයෙන් නිදහස ලැබුනත් ආයෙත් පටන් ගත්තේ යුද්ධයක්. අවුරුදු 33ක් තිස්සේ තමාගේම එවුන්ට විරුද්ධව ඇති වෙච්චි සටනක් අපි කාටත් තාමත් මතකයි. ඒ එල්ටීටීඊ සංවිධානයත් රජයත් අතර ඇති වෙච්චි සටන්. ඒ යුද්දෙ ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් ඒ සංවිධානයත් අතර තිබුනට, මෙි යුද්දෙ කරන්නේ රජයත් එක්කලු කියල පෙබා කරනුත් කීප අවස්ථාවකදිම කියලත් තියෙනවලු. 


තමාගේම යටතේ ඇති ගුවන් හමුදාවක්, නාවික හමුදාවක්, ගොඩබිම සටන් කල හැකි හමුදාවක්,ශක්තිමත් බුද්ධි බළකායක් හා සන්නද්ධ කාන්තා බළකායක් එක්ක පෙබා කරනුත් ගහපු ගේම සුළු පටු දෙයක් නෙමෙි. අවුරුදු තිස්තුනේම හමුදාපතිවරු, ජනාධිපතිවරු ගණනාවක් එක්ක හැප්පුනු ඒ තනි මිනිහා, තමන් තෝරගත්තු සිස්ටම් එකේ වැරැද්ද නිසා අන්තිමෙි මඩ ගොහොරුවක මැරිල ගියා. 


ඒ වගේ දරුණු යුද්ධයකට මැදිවෙච්චි මෙි පුංචි රටෙි ඒකීය භාවය හා රටට සාමය ඇති කරලීමෙි පරම උදාර චෙිතනාවෙන්  තමන්ගේ කුසින් වැදූ පිරිමි දරුවන්ම පස් දෙනෙක් ඇති මාතාවක්, ඒ දරුවන් පස්දෙනාම  හමුදාවට පූජා කරල තියෙනවා කියල කිව්වොත් ඔබ සමහර විට පුදුම වෙන්නත් පුලුවන්. නමුත් ඒක ඇත්තක්. දරුවන් හතර දෙනෙක් යුධ හමුදාවටත් බාලම දරුවා නාවික හමුදාවටත් රට වෙනුවෙන් බැඳෙද්දි ඒ අම්මා ඔවුන්ට මොනවා කියන්න ඇද්ද. ඒකත් මහ යුද්ධ යන කාලෙ. අපේ ඒකකයේ හිටියා ඒ තුන් දෙනෙක්. ඒ සේන ලලිත්,සේන අජිත් සහ සුමිත් ධමිමික. පාබල හමුදාවෙ හතර වෙනියා. පස් වෙනියා නාවික හමුදාවෙ. සේන අජිත් සහ සුමිත් ධම්මික බැඳුනේ 1998 අවුරුද්දෙ. ඒ දෙන්නම බැචාලා. සේන ලලිත් වැඩිමලා 1993 අවුරුද්දේ. පාබල හමුදාවෙ එක්කෙනා 2000ත් අන්තිමයා 2001ත් බැඳිල තියෙන්නෙ. මං ඒ විස්තර හොඳට දන්නවා. මොකද මං එයාලගෙ ක්ලාක්නෙ. එත් තව එකක්. ඔය සේන ලලිත් අවුරුදු හයක විතර කාලයක් මාත් එක්ක එක වචනයක් කතා කරල නෑ. මාත් එක්ක පුදුම තරහක් තිබුනෙ. මාව පෙන්නන්න බෑ. අපිි දෙන්න තරහ නිසා ඔය අවුරුදු ගානටම එකට රාජකාරියක්වත් වැටිල නෑ. බැරිවෙලාවක්වත් රාජකාරියක් වැටුනොත් ඒක පළමුවෙන් දකින කෙනා සීඑස්එම්ට වැඳල හරි ඒක වෙනස් කර ගන්නවා. ඒ තමා අර හොදි පාං කේස් එක. මගේ බෙල්ල කපල පනාගොඩ පුට් බෝල් ගහන්න යවන්න ගේම ගහපු එක්කෙනෙක් තමා ඒ. 


මෙි අතරින් සේන අජිත් කියන්නෙ ලක්ෂපතියෙක්. සිගරට් එකක් බොන්න අතේ රුපියලක් නෑ. ඒත් ලක්ෂ ගණනින් කතාව. කට ඇරියොත් දාර නයෙක්. නිකන් නයි ත් නෙමෙි.මල් මල් දාර කොබෝ නයි අරින්නෙ.  පොර මගේනං හොඳ හිතවතෙක්. අපි දෙන්නයි, ජෙනි ජයසිංහයි එකතුවුනා කියන්නෙ අනිවාරයෙන්ම මොකක් හරි ගුටි කන කේස් කේස් එකක්ම තමා. වැඩිමල් සේන ලලිත් කියන්නෙ හෙනම මීටරයක්. ගහන ඔිනෑම ගේමක් නාඩියෙන් ගහන්න මෙයාට තියෙන්නෙ සහජ හැකියාවක්. එක පාරක් පොර පොඩි කේස් එකකට චාජ් එකේ ගිහින් සීඔි ; "අදාල චෝදනාව සම්බන්ධයෙන් තමා වැරදි කරුද?,නිවැරදි කරුද" කියල අහපුවම


"එම චෝදනාව සම්බන්ධයෙන් මා වැරදි කරු වුවත්, චෝදනා පත්‍රයේ ඇතුලත් වගන්ති අනුව මා නිවැරදිකරු තුමණි" කියනවා. ඒක කිව්ව විතරයි සීඔිගෙ කාර්‍යාලයේ හෙන කේස් එකක්. අන්තිමෙිට එම චෝදනාවලින් එයාව නිදහස් කරල චාජ් ෂීට් එක ගහපු ක්ලාක් චාර්ජ් එකේ ගියා. මොකද සේන ලලිත්ගේ මීටරේ තමා ඒ.  එහෙම සිදුවීමුත් හමුදාවෙ තියෙනවා.


මෙි තුන් දෙනාම එකකුස උපන් සහෝදරයන්. පිලිවෙලින් 1,2,3. හමුදාවට බැඳිල මෙි ඔක්කොම හිටියෙත් ක්‍රියාන්විත සේවයේමයි. අවසන් යුද්ධ දෙකේදිත් ඉස්සරහින්ම හිටියෙ. 


ඒ විශ්වමඩු සිවිල් මිනිසුන් පෙරහැරක් වගේ ඇවිත් හමුදාවෙන් බෙිරගන්න දවස. එතකොට මම මාස ගණනකින් නිවාඩු ගිහින් හිටියෙ නෑ. අපි එතකොට නිළ උසස් කිරීමෙි පාඨමාලාවක හිටියෙ. සුමිත් ධම්මිකත් ඒකෙ හිටියෙ. මට කපිතන් වන්නිනායකගේ ඔපරේටර් විදියට යන්න ලෑස්තිවෙන්න කිවුවම මං බෑ කියල නිවාඩු යන්න ඔින කියනව. ඒකට කපිතන් වන්නිනායකත් අනුමැතිය දෙනවා. මං නිවාඩු යනවා. සුමිත් ධම්මික මෙි රාජකාරියට යොදවනවා. (මීට පෙර කතාවක මෙි කොටස පළ කලා). එදා සිවිල් මිනිස්සු අතරේ හැංගිලා මරාගෙන මැරෙන කාන්තාවක් සිවිල කාන්තාවක් විදියට අපේ කට්ටිය ගොඩක් රැඳිල හිටපු තැනකට ඇවිත් සූසයිඩ් කරගන්නවා. එතනදි කපිතන් වන්නිනායක ඇතුළු දහ නව දෙනෙක් ජීවිතේ හැරයනවා. ඒකට කාන්තා සෙබළියන් දෙදෙනෙකුත් අහුවෙලා ජීවිතේ හැරයනවා. මෙිකට සුමිත් ධම්මික අහුවෙනවා. බ්ලාස්ට් එක වෙච්චි වෙලාවෙම ඒක සේන ලලිත් දැනගෙන පිස්සෙක් වගේ කෑ ගහගෙන එතනට දුවගෙන ගිහින් තියෙනවා. එතකොට සේන ලලිත් ඉඳල තියෙන්නෙ පිටුපස මූලස්ථානෙ. එතන ඉඳලා තමා පිස්සෙක් වගේ දුවල තියෙන්නෙ. යද්දි තැන තැන මැරිල වැටිල හිටපු අපේ කට්ටිය දැකල පොරට ක්ලාන්තය හැදෙනවා. හැබැයි පොරට සිහිය එනකොට ලඟ ඉඳල තියෙන්නෙ තමන්ගෙ මල්ලි සුමිත් ධම්මික. තමන්ගෙ මල්ලිගෙ දිහා මොහොතක් බලා ඉදපු සේන ලලිත්ගෙ දෑස් වලින් කඳුලු වැටුනා කියලා දැනගත්තා. ඒ තමා සහෝදර කම. අවුරුදු ගණනාවක් උඩුහමවත් නොකැඩි හැම සටනකමත් ඉඳලා, මෙි සටනේත් අවසානය පෙනි පෙනී තමන්ගෙ මල්ලි "මැරුණා නේද" කියල හිතුනම පවුලේ වැඩිමලා වෙච්චි අයියට මොනවා හිතෙන්න ඇද්ද. හැබැයි සේන ලලිත් එදා විතරයි මල්ලි වෙනුවෙන් කඳුලු හෙලුවෙ. අනික් හැම දවසකම මුන් තුන් දෙනා මරා ගන්නවා. වෙඩි තියාගන්නැති එක විතරයි. සමහර ඒව බෙිරන්නෙ අපි. ඒත් පුංචිම පුංචිම දේවල් වලට. එක්කො මල්ලි අයියගෙන්  "බබා හුකුංද කෝපල්" කියල අහයි. නැත්තං සිගරට් එකක් නැද්ද කෝපල්" කියල අහයි. කරන්න දෙයක් ඇත්තෙම නැත්තං හොරෙන් ට්‍රන්ක පෙට්ටිය ඇරල සල්ලි හරි උස්සනවා. එහෙමයි උන් තුන්දෙනා. මුං වෙඩි තියාගන්නැති ටික විතරයි. එක දවසක් සේන ලලිත් සේන අජිත්වුනු තමන්ගෙ මල්ලිගෙන් ඔළුවෙ ගාන්න තෙල් ටිකක් ඉල්ලපුවම මොකද්දෝ ෂැම්පු බෝතලේකින් ෂැම්පු ටිකක් දීලා. ඒක ඔලුවෙ අතුල්ලපුවම කොණ්ඩෙ අලෙනව කියල ඔලුව හෝදනකොට පෙන ඇවිත්. එතකොටයි දන්නෙ තමන්ගෙම මල්ලි තමන්ව අන්දලා කියලා. ඔිකටත් හෙන වලියක් ගියා බිලට් එකේ. අපිටනං මැරෙන්ඩ හිනා සීන් එකට. අය්යා බනිනවා, මල්ලි බක බක ගග ගගා හිනා වෙනවා. ආයෙ දවසක් සුමිත් ධම්මික මල්ලි එක්ක කෝපල් සේන ලලිත් අයියා රෑ කඳවුරෙන් එලියෙ ඩියුටියකට ගියා. පහුවදා බිලට් එකට හෙන ගිනිවිජ්ජුම්බරයයි බිලට් එකේ. අයිය සෙන්ට්‍රි තියල මල්ලි නිදියල. මූට ටර්න් එකට ඇහැරවද්දි නැගිට්ටෙම නෑ කියල තමා කේස් එක ගියෙ. ඒ වගේ දවස්වලටනම් මල්ලිලා ටිකක් අයියගෙන් ඈත් වෙලා ඉන්නෙ. නැත්තං අයිය මල්ලි නෑ, සේන ලලිත් හක්ක අතගානවා. අයිය කෝපල්, මල්ලි ලාන්ස් කෝප්‍රල්. අයිය සාජන් වෙනකොට මල්ලි ස්ටාෆ් සාජන්. අයිය මල්ලිට නම කියල කතා කරනකොට "ඇයි සාජන් සේන ලලිත්, ස්ටාෆ්ට සර් කියන්ඩ ලැජ්ජද? " කියල අහපුවම ආයෙ මෙස් එකේ වලි. සේන ලලිත් ප්‍රමෝෂන් වලින් ජූනියර් වුනේ චාර්ජ් ෂීට් කේස් එකක් නිසා. ඒත් මල්ලි අයියගෙ දත ගලෝලා ⁣බාර් එකෙන් අරක්කු ගන්නවා. එහෙම තමා උන්දැලගෙ ජීවිතේ ගෙවිලා ගියෙ. හැබැයි සිවිල් එකේ මොකක් හරි ලොකු කේස් එකකට, ඒකට සම්බන්ධ සෙට් එකකට ගහන්ඩ අයියල මල්ලිලා හතර දෙනාම (පාබල හමුදාවෙ කෙනත් එක්ක)  නිවාඩු ගිහින් උන්ට ගහලා හතර දෙනාම දවසක්  කූඩුවෙත් ඉඳලා, අපේ සාජන් මෙිජර් කෙනෙක් ගිහින් තමා ඇප දීල අරන් ආවෙ. 


සුමිත් ධම්මික උපදේශක පාඨමාලාවක් කරලා හිටියෙ. පොර කල්ලාර් ස්ට්‍රයික් කරපු කෝස් එකේ උපදේශක හිටියෙ. අයිය පාඨමාලාවෙ ශිෂ්‍යයෙක්. අයිය, මල්ලිට විරුද්ධව කුමන්ත්‍රනය කරනවා. මල්ලි අයියටත් ටෝක් කරනවා. පී ටී යද්දි අහන්නෙම "ඇයි ඇයි, කෝපල් සේන ලලිත් කියන දේ කරන්න බෑද?"

"ඔෆිසර් මෙස් එකේ බත බුදල බුදලා කඳ ආරලා මෙතන හැතැම්මක් දුවා ගන්න බෑ" කියනවා. ඔිව ඇහෙන අපිත් හිනා වෙවී අයිය මල්ලිලාගෙ සෙල්ලං බලාගෙන වෙනම ආතල් එකක් ගන්නවා. ඔිං ඔහොමයි අයියලා මල්ලිලා. 


එයාලාගෙ අම්මට "වීර මාතා" පදක්කම යුධ හමුදාවෙන් ලැබුනා.  අදටත් ඒ පස්දෙනාම ජීවතුන් අතර ඉන්නවා. මෙි තුන් දෙනාම දැන් විශ්‍රාම සුවයෙන් කල් ගත කරනවා ඇති. නැත්තං තවත් මරා ගන්නවද දන්නෑ. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.03.04