Monday, July 19, 2021

යකා



කිසිවිට පිළි නොගමි හොල්මන්             පලා'පල

මා වැනි අයට එය විසකිය                       හලාහල

අඳුරට බර වුනත් පාවෙන                      වළා පෙල

අස්සෙන් දුටිමි අව සඳ, හිත                   මුලා කල


අවසන් කරල සුපුරුදු වැඩ මුරය                 මගේ

එලියට බැස්සෙ රෑ දහයට විතර                  වගේ

කැළයක් මැදින් පාරකි කඳු වැටිය                දිගේ

තනියම එද්දි එක එක දේ හිතට                නැගේ


කන්දක් නගින විට කාටත්  වෙහෙස         දැනේ 

ඒකයි කැලේ  මැද හරියෙදි  නතර               වුනේ

ඒ පොඩි ඇසිල්ලෙදි අමුතුම වැඩකි            වුනේ

සීපත් වෙද්දි ලොමු ඩැහැ ගැන්වෙනව       අනේ


නැවතුන තැනින් වල් දෙල් ගහ තියෙන     තැන

සුදු  ගුලියක්ය, "සර-සර" සද්දයකි                 එන

වැහි බර වෙලාවක මෙි කරුමයද             මොන

කෙනෙකුට දැනෙන බය චුට්ටක් හිතනු     මැන


බුදු බණ වලින් පිට පිහිටක් නොමැත      සුකෝ

එනමුත් මෙි වෙලාවෙදි ගතියකිය              දුකෝ

මහසෝනා වුනත් දැන්නම් මෙමට       මොකෝ

තනියම එද්දි හොල්මන් කරනවද             යකෝ


මහසෝනගේ මව් පිය සිහිවුනා                    වන්

හත්මුතු පරපුරේ ගුණ ගායනා                      වන් 

අහසයි බිමයි එකටම යාවුනා                        වන්

හොල්මන ගියොත් නම් මට වාසනා             වන්


එලෙසට අසැබි දේ පිට වෙද්දිම              සද්දෙන්

කොරහත් බිඳගෙනම ඔය යන යකු      යද්දෙන්

හිත හිත ඉන්න විට යකු පැරදුනි            යුද්දෙන්

ඉස්සුනි සුදු ගුලිය වල් දෙල් ගහ           මැද්දෙන්


මා කිව්වටත් වැඩියෙන් කුණු හරප           කියා

නැගිටපු යකා එතැනින් අඩියකුදු           නොයා

පැන ඉදිරියට මාගෙත් මව් ගුණය             ගයා

අත උස්සද්දි අඩියක් පිටු පසට                    ගියා


නොදැනිම මගෙත් දකුණත              ඉස්සුනාය

ඒකෙන් යකා චුට්ටක්                        ගැස්සුනාය

අඳුරේ වුනත් ඔහු මුව                          දිස් වුනාය

හද්දෙයියනේ ඒ මගෙ                          මස්සිනාය


දහවල කෑ දෙයක් වැරදී කියන                  මෙන

වැඩ අහවර වෙලා ඔහු ගමනකිය               යන

කිස කර ගනු පිණිස ඉන්නට බැරිම          තැන

රිංගල වෙච්චි දේ කිය කිය සිනහ               සින


සුදු ඇඳුමක් ඇඳන් කැලයක් මැදින්               යන

ඒ ගිය නමුත් යන පාරේ මගින්                       පැන

කිස කල මස්සිනට පාඩම ඉගැන්                  වින

ඉන් පසු "යකා" යන නාමෙන්              හැඳින්වින


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.07.19

Tuesday, July 13, 2021

බාලා සමග කාලයක්

 ජීවිතේ කියන්නෙ හරියට මෝය කට කපපු තැනකින් මුහුදට වැටෙන්න ලංවෙච්චි ගඟක් වාගෙ. උඩින් වතුර නිසලයි. ඒත් යටින් මාර සැරක් තියෙන්නෙ. ගොඩක් දෙනා මතුපිටින් දකින නිසල බව නිසා "ඒක හරි නිසල ගඟක්" කියල හිතල "මටත් මෙි වගේ  ගංඟාවක් වෙන්න ඇත්නම්" කියල හිතනවා ඇති. ඒත් ඔවුන් දන්නෑ ඒ ගඟ මෙතනට එන්න මග දිගේ කාපු කට්ට කොහොම එකක්ද කියලා. කඳුවලින් පල්ලෙහාට වැටෙමින්, ගල්පර වල හැපෙමින්, වංගු  වලින් චංචල වෙමින් , කටු පඳුරු අස්සෙන්, හෙල් තැනිතලා මැද්දෙන් මෙි සා දුරක් එන්න ගත්තු වෑයම දන්නේ ඒ ගංගාව විතරයි. ඒ ගංඟාව නිසාම  ඇතිවුනු ශිෂ්ටාචාර වල මිනිස්සු හිතුමතේ ඒ ගංගාවෙි පාර වෙනස් කරන්න හැදුවත් ස්වභාව ධර්මතාවය අනුව ඒවා කඩා බිඳගෙන හරි අන්තිමෙි මූද නැමැති ස්වාමියා හම්බ වෙනකම් ගලා ඒම තමා ගංගා කුමරියගේ සිස්ටම් එක. ඒ ගමන අතරමැද මුහුන දෙන බාධක හිංදාම හයි හත්තිය ඇති හෝ නැති සමහර තැන්වලදි ඒ බාධක මැද යම් තරමකට ගංඟාව දුර්වල වුවත් වංගුවක් දාල හරි ඇවිත්  සාගර හිමියාට උණුසුම් හාද්දක් දෙන්න පුලුවන් හයිය තියෙන ගංඟාවකට විතරයි. තැනක තර වී එහෙත් තවත් තැනක ක්ෂය වෙමින් රන්වන් පුලින තලා මැද බඩගාගෙන ආයෙත් අමාරුවෙන් පෝෂණය ලබන ඒ ගංඟා කුමරිය,  මඟ අහුරන අහිංසක ජනතාවට කවදාවත්  ගැරහුවෙි නෑ. ඔවුන් වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දේ කරමින් නිසලව ගලා යන්න හැදුවත් , හැබැයි දෙ'ඉවුර  ඉන්න රුදු යක්ෂයන් වැනි මිනිසුන් ගංඟාවෙි චරිතය දූෂණය කලේ හරියට පුතා තම මව දුෂණය කරන පරිද්දෙන්. ඒත් මග නැවතීමක් නොමැති ගංඟාව අවසානය තෙක් ගලනව. ඒක තමා ධර්මතාවය. මෙි ගංඟාව නමින් කොච්චරක් කවි ගීත ලියැවුනත් ඒවායේ යථාර්ථය දකින්නේ මෙි ලෝකයේ බොහොම ටික දෙනයි. සුතමය ඥානයෙන් ගඟක් ගලන හැටි දැක්කත් අවබෝධ ඥානයෙන් ගඟ ගලන හැටි දකින්නේ සංසාරයේ පින තියෙන කෙනා පමණයි. 


ඒ ගංගාව වගේ ගලාගෙන යන ජීවිතයේ බොහෝ හැල හැප්පීම් මටත් සිදුවුනා. සමහරක් කියන්න බෑ. සමහරක් නොකියා කියන්න පුලුවන්. නමුත් වැඩි ප්‍රථිශතයක් කියන්න පුලුවන්. මෙිකත් ඒ වගේ දෙයක්. හැබැයි මං අද දවසෙත් සමස්ථ යුධ හමුදාවටම බැන්නා."ශවී" දන්නවනම් මං උන්නැහේට බැනපු තරම්, මගේ මූලික පරීක්ෂණ උසාවිය වෙනුවෙන් උන්නැහේ නිවාඩුවක් දාල ඇවිත් මගේ ප්‍රශ්ණය විසඳනවා. එතකම් මම හෙටත් බනිනවා අනිද්දත් බනිනවා. ඒ මගේ හැටි.  නමුත් පන ඇරලා මං මගේ යුද්ධ හමුදාව කියන  තාත්තාට  ආදරෙයි. මෙිවාට වග කියන්න ඔින "සැකී අංකල්". ඒවා ඉතිම් උයාලට අදාලම නෑ හුඳේ..


මෙිත් එක්තරා කාලයක සිදුවෙච්චි කතාවක්. මෙි එකල  සදීස් කුමාර් වුනු මමත් බාලාත් කරපු දෙයක්. නම් ගම් මන:කල්පිත නැතිවුනත් එකල අපිට දීපු නම් ඔිවා. දැං මෙිව කිව්ව කියලත් බය වෙන්න දෙයක් නැතිවෙයි. 

දුම්පාටට හැරිච්චි මීදුමෙන් වැහුනු තොප්පියක් වගේ වුනු කන්දක් පාමුලට ගිහින් ආතල් එකක් අරං එනව කියන්නෙත් ඒ දවස්වල එසේ මෙසේ දෙයක් නෙමෙි. ඒක සෙබළෙකු වශයෙන් ඔහුගේ ජීවිතේ පන එපා කියල කරපු හරිම වීරත්වයක් ඇති ක්‍රියාවක්. ඒ එදා තිබුනු තත්ත්වය අනුව වීර සම්මාන වලින් පිදුම් ලැබිය යුතු මට්ටමෙි ක්‍රියා.


 අද මම කියන්න යන තැන  තිබුනේ එවුන්දැලගේ මාර්ග බාධකයක්. මමත් ඒ දවස්වල "අමු ගොනා" කියන්නෙ හොයා ගන්න තොරතුරුවලට අනුව ඒ ඒ තැන්වලට ගිහින් උන්ට කොනිත්තලා රිද්දලා එන්නත් යම් යම් අවස්ථාවලදී කැමැත්ත ප්‍රකාශ කරපු එක. ඒක නම් මොකද්ද අනේ. වැනට් සුදු වෑන් එකේ නිලාම් (කර්නල් මුතාලිෆ්- මියගිය) සර් එක්ක තවත් චරිත කිහිපයක්  උන්ගෙ කඳවුරුවලට ගිහින් කාල බීල පාටි දාල එන්නෙ. ඒත් උං එකෙක් දන්නවද ඒ "ආමි" සෙට් එකක් කියලා. හැබැයි දැනගෙන හිටියා එක්කෙනෙක්. ඒත් ඒ කඳවුරේ එල්ටීටීඊ ලීඩර්. පස්සෙ මිනිහත් හමුදාවට උපරිම සපෝර්ට් කරලා ඒ අංශයටම බැඳිලා, රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු පොරක්. පහු කාලෙක අපිත් ඉතින් පොරට  "සර්" නොකිව්වාමත් නෙමෙි. ඒකනං මොකද්ද. කොටි සෙප්පඩයින්ටත් සර් කියල කතා කරපු මිනිස්සු අපි. 


සිරාවටම කියන්නෙ; අදත් යුද්දෙ ඉවර නැතුව ඒ රාජකාරියෙම යෙදී ඉන්නවනම් ඒ ඉන්නැද්දි නායකත්වය ඇහුවොත්  "මෙි ගේමට උඹත් එනවද" කියල, මං ගත්තු කටටම කියන්නෙ "බෑ" කියල. බයකට නෙමෙි, ඇත්තටම දැන් තමා ඒවා තේරෙන්නෙ. 

ඒකත් හරියට අනූවට සීයට විතර වෙිගයෙන් බයික් එකක කිලෝමීටර් සීයක් පනහක් පැදල අනතුරක් නැතුව ගෙදරට ආවටත් පස්සෙ, ආපු හැටි මතක් කරද්දි   "මං කොච්චර මී හරකෙක්ද යකෝ, පුදුමයි මං බෙිරිලා ගෙදර ආපු එක" කියල හිතෙන එක වගේ .  එහෙමයි කියල පහුවදාට පරිස්සම් වෙනවද? නෑ. නැවතත් සීයට වෙිගයෙන් ගමන යනවා. 


බාලා සමග ට්‍රැක්ටරේ වැඩ කරද්දි වාකනේරි ඒරියා එකේ සංවිධානයේ මාර්ග බාධකයක් සෙට් වෙනවා. මෙතන ඉන්නෙ හයයි. හයම ඉන්නේ වාකරේ වාකනේරි වාලච්චෙින පැත්තෙන් එන මිනිස්සු පරීක්ෂා කරන්න. උන්ට උන්ගෙ පැත්තෙ ඉඳන් මෙහා පැත්තට එන එවුන් වැඩක් නෑ. උන් කොහොමත් දෙමළනෙ. ඒත් මෙහා පැත්තෙ ඒ දවස්වල යක්ඛ පුත්තු ජාතියක් හිටියා, උන්ට ජාතියක් ජන්මයක් නෑ. දවසක් සතියක් මාසයක් නෑ. කෑමක් බීමක් වැඩක් නෑ. කඳවුරෙන් එළියට යනව විතරයි දකින්නෙ එන දවසක් වෙලාවක් කව්රුවත් දන්නෑ. මුන්දැලාට උන් පන ඇරලා බයේ හිටියෙ. අනික තමා ඒ යක්ඛ පුත්තු උන්ගෙ කනෙන් රිංගීම. මෙි කනෙන් රිංගුවානං ඇතුලටත් ගිහින් මොලෙත් කාල බොටුවත් විකල කන්බෙරේ රණ ගීතත් ගයල තමා අනෙක් කනෙන් එළියට එන්නෙ. හැබැයි විශේෂත්වය කියන්නෙ අදටත් අපිනං ඒ යක්ඛ පුතුන්ට කියන්නෙ "බත් කමාන්ඩෝ" කියල. ඔය ගියපු බත් කමාන්ඩෝ ගොඩේ මගේ අයියත් හිටියා. ඒ දවස්වල නම් මං වගේම පච්ච ප්‍රයිවට් උනාට, හැසිරුවෙි ලයිට් මැෂින් ගන් එකක්. පොරත් කමාන්ඩෝවෙි නම ගියපු පොරක්. ආන්න ඒ යක්ඛ පුත්තු අරුන්දැලාගේ කනෙන් රිංගයි කියල තිබුනු බය නිසා තමා මෙි පැත්තෙං ඒ පැත්තට යන ඈයන් බරටම චෙක් කරන්නෙ. ඒ කොච්චර චෙක් කලත් වැඩක් නෑ, බත් එකේ සැරයන් කෙනෙකුයි තව කෙනෙකුයි මෙි පාරෙන් ගිහින් ආපහු මතුවුනේ මාදුරු ඔයෙන්. අදහන්න ඔින චරිත දෙකක් තමා ඒ. ඒ ඩබල ඒ වගේ ආව ගිය පළමු ගමනත් අවසාන ගමනත් නෙමෙි ඒ.  ඔවුන්දැල දෙන්න දවසක් අපේ රෝඩ් බ්ලොක් දෙකකිනුත් කනෙන් රිංගල, උංගෙ ඒවගෙනුත් කනෙන් රිංගල වාකරේ හරහාත් ගිහින් සේරුනුවරින් මතුවෙච්චි ඩබලක්. අවාසනාව කියන්නෙ අය්යනම් කිව්වා සැරයන් වරයා පහු කාලෙකදි ත්‍රස්ත ප්‍රහාරයකදි  නැතිවුනා කියලා.  ඔය සිදුවීමෙන් පස්සෙ අපිට බය ටිකක් ඇරිල තිබුනෙ. මොකද ඒ දෙන්න ගිහින් නිකා හිටියෙ නෑ. ඇවිත් සර්ව සම්පූර්ණ විස්තරය කිව්වට පස්සෙ අපේ භූමි පරිමාව තවත් දිගු කරල වැලි, පස්, ගඩොල්, දර, කොටන් හා වී අදින්න, කුඹුරු හාන්න  ඒ පැත්තටත් යන්නවුනා. මංනං බයෙන් හිටියෙ මුල් දවස් ටිකේ. ඇයි යකෝ රසවත් කෑමක් උනත් බඩගිනි නැතුව කන්න පුලුවන්ද කියහල්ලකො. අනික බාලා. ඒ දවස්වල නිකන් ඉඟියකින් හරි දැනගෙන හිටියනං බාලා කියන්නෙත් මං වගේම "හිපාටුවෙක්" කියල, එහෙනං ඊට වැඩිය ලොකු ගේමක් එහෙ ඒ කාලෙ ගහන්න තිබුනා.


 වාකනේරි මූකුරාල් ඒරියා එකේ ලීඩර් වෙච්චි "බාස්කරන්" මගේ යාලුවෙක් වුනු නිසා තවත් බය ටිකක් ඇරිල තිබුනත් මොනයම් විදියකින් හරි ඌත් මම ආමි කියල දැනගත්තනං හිතාගන්නවත් බැරිවෙයි වෙන දේ. සදීස් කුමාර් වෙච්චි මට දෙමළ කියල ඔප්පු කරන්න අනන්‍ය තාවයකට තිබ්බෙත් ග්‍රාමසේවක විදිහට සීල් තියල අත්සන් කරල හමුදාවෙන්ම හදල දුන්නු හැඳුනුම්පත විතරයි. පර්ස් එකේ දාගෙන හිටියෙත් දෙමළ නළුවන්ගෙයි නිළියංගෙයි එක එක ලස්සන පිංතූර. ඒවගේ පිටුපස්සෙ කැලැන්ඩරුත් තිබුනා. ඇතුලෙ තිබුනෙ ගණ දෙයියන්ගෙ පිංතූරයක්. ආයෙ තිබුනා කොටි සංවිධානයට කට්ටිය බඳව ගන්න ඒ පැත්තෙ අලවල තිබුනු පොඩි පෝස්ටරයකුයි එක්සත් ජාතින්ගෙ සංවිධානය විසින් බෙදා හැරපු පෝස්ටර පිංචකුයි. එල්ටීටීඊ පෝස්ටරේ ලියන්න පටන් අරන් තිබ්බෙ "වරුග," කියල. ඒ කියන්නෙ "එනු" කියනව වගේ එකක්. ඒක හරියට "අපි වෙනුවෙන් අපි" වගේ දැන්වීමක්. ඒකෙ විස්තරනම් එච්චරටම මතක නෑ. ඒත් එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙන් බෙදපු පෝස්ටරය අදටත් කට පාඩම්. අපි දෙන්න එක දවසක් ට්‍රැක්ටරේ යනකොට උන් ඒක බෙදනවා. අපේ ට්‍රරක්ටරෙත් නවත්තල අපි දෙන්නටමත් දෙකක් දුන්නා. ඒකෙ තිබුනේ


මීනා එයාගෙ ගිරවත් එක්ක ඉන්න විදියට ඇඳපු කාටුන් චිත්‍රයක්. මීනා කියන්නෙ හරියට අපේ කාලෙ  "මල් මාමා" වගේ ප්‍රසිද්ධ චරිතයක්. ඒකෙ තිබුනෙ "අංගේ පෝගාදේ, අංගේ වෙඩික්කුණ්ඩු ඉරුක්කලාම්, සංදේහමාන පොරුලෛයික් කණ්ඩාල් පෙරියෝරිගලිඩම් තෙරිවික්කවුම්" 

"එහෙට යන්න එපා.එහෙ ( බෝම්බ වැනි) පුපුරන ද්‍රව්‍ය තිබිය හැකියි. සැක සහිත යමක් දුටුව හොත් වැඩිහිටියෙකුට දන්වන්න" ඒ ඒකෙ තේරුම. 


අපි දෙන්නත් මාසයක් විතර කාලයක් තිස්සේ හොයාගත්තු තොරතුරු ඇතුලට දුන්නම දවසක් ලෑස්තිවෙලා තිබුනා "බත්" මෙි රෝඩ් බ්ලොක් එක හරහා රජයේ පාලන ප්‍රදේශය පැත්තට උන්ගෙන් එන ක්ලියරින් පාර්ටි එකකට පහර දෙන්න. ඒක වෙන්නෙ උදේ දහයත් එකොලහත් අතර. අපි දෙන්නට එතකම් මෙි පාර හරහා යන්න බෑ.(පහු කාලෙක "බාලා"  ආමි කියල දැනගත්තු නිසා ඔහුත් ඈඳාගෙනම තමා කතාව කියන්නෙ) එදා අපි දාගත්තෙ දවස් ගානක් තිස්සේ කන්නලව් කරලා කරලා වැලි දෙකක් ගෙනත් දියවි යකුනේ කියල අඬපු පේතාලේ පැත්තෙ කඩෙිකට වැලි දෙකක් ගිහින් දෙන්න. ඒක මං දන්නෑ. බාලා තමා මටත් එදා උදේ මාව ගන්න කාවත්තමුනේ ආවම කිව්වෙ"අරුංගෙ වැලි දෙක ගිහින් දෙන්න ඔින අදවත්" කියලා. එහෙම කියල තමා එහෙට වැලි දෙක අරන් ගියේ. ආයෙ අර පැත්තෙ ගියේ හවස දෙකෙන් පස්සෙ. ඒ යද්දි රෝඩ් බ්ලොක් එක නන්නම වෙලා. උන්ගෙ හතර දෙනෙක් හමුදාවෙන් මරල කියල හෙන ගාලගෝට්ටියයි එහෙ. සිවිල් එවුන් මීක් කියල සද්දයක් නෑ. හමුදාවෙන් ඇවිත් මරල තියෙන්නෙත් රෝඩ් බ්ලොක් එක ආසන්නයේදිමයි.උන් මාරම පොරවල් කියන්නෙ, යකෝ ගහල ඉවරනම් වරෙව්කො. ඒත් නෑ. උන් මගක් ඇවිත් එහෙ නැවතිලා.ඒකෙන් අන්තිමෙිදි වුනේ අපිට දවස් තුනක් විතර යනකම් ඒ පැත්තටවත් යන්න වෙච්චි නැති එක. එහෙම උනොත් උං සැක හිතන්න පුලුවන්. අනික අපි අපේ උංදලා කව්ද කියල දැන ගත්තත් උංදැලා අපි කව්ද කියල නොදන්න එක. කීප දෙනෙක් ඒරියා එකේ ඉන්නව කියල දැන ගත්තට ඒ කව්ද කින්ද මන්ද කියන්න ඔය ටීම් එක දන්නෑ. කමාන්ඩෝස්ලා යුනිෆෝම් ඉන්න නිසා අපි දන්නව ඒ ආමි එකෙන් කියල. 


ඒ අතර මැද්දෙ දවසක  ඔය සීන් අකා මකා වෙලා ගියාට පස්සෙ තමා මට ගොං කරත්තයක් මීටර් වෙන්නෙ.ඒක ඊට කලින් මට මීටර් වෙලා තිබුනෙ. ඒත් ක්‍රියා මාර්ගයක් ගත්තෙ නෑ.  ඉස්සර එල්ටීටීඊ කඳවුරු වලට හාල් තුනපහ අරන් එන්න යන්නෙ එක කරත්තයක් විතරයි. මොකද ඒක කරන්නෙ හමුදාවට හොරෙන්. හමුදාව දැන ගත්තොත් හෙන නඩු ඔව්ව. ඒත් මෙි පොර මං අනන්තවත් දැකල තියෙනව කරත්තෙ ගිහින් එක්කො වී කොටාගෙන එනවා. ටවුමට යද්දි රටකජු ඉරිඟු අරන් යනවා. එද්දි තියෙන්නෙ හාල්,පාං පිටි, මස්, මාලු, එළවලු කිරිපිටි සීනි වගේ දේවල්. ඒවත් කරත්තෙ පුරෝලම. ඒ යන්නෙත් සතියෙ බ්‍රහස්පතින්දා දවසට විතරයි. මං හෙනට ඔය කරත්තෙ මීටර් කරගෙන හිටියෙ පහු කාලෙක ගේමක් දෙන්නම්මයි කියල හිතාගෙන.අර උණුසුමත් එක්ක  දවස දවස යද්දි පස්සෙ මට හිතුනා මූට ගේමක් අදින්න ඔිනමයි කියලා. ඒ අනුව පුංචි ⁣වාර්ථාවක් හැදුවා. හැබැයි මෙි එකම පාරෙ වැඩ කරන දවස්වලම නෙමෙි. පොර යන එන පාරවල් වෙලාවල් මං මීටරේට මීටර් කරගෙන හිටියෙ. ඒ අනුව කතාවත් හදලා විස්තරෙත් දාල විමලෙ අයියට දුන්නම දවස් දෙකකින් මට අපේම නගරාශ්‍රිතව හිටපු බුද්දික කෝපල් කෙනෙක් ගෙන් ඒකට රිප්ලයි විදියට ඔහු පිළිබඳව පණිවුඩය ලැබුනා.


"පොරත් එක්ක කතා කරන්නවත් විස්තර අහන්නවත් නවත්තන්ඩවත් යන්ඩ එපා. උඹ ඒවා නොදැක්ක නොදන්න තාලෙට ඉඳපන්. ඒ අපේම සාජන් කෙනෙක්, එයා තමා උන්ගෙ බෙිස් එකේ උයන්නෙ. උඹ කව්ද කියන්නත් උඹ කරන්නෙ මොනවද කියන්නත් ඒ සාජන් දන්නවා. එච්චරයි. වැඩි විස්තර පුවක් ගස් වලින්. සරලයි සෞම්‍යයි සුගමයි, සෞම්‍යාට ඇන්නෙ සාජන් ඉලන්දර එච්චරයි" . කිව්වා. සෞම්‍යා කියන්නෙ (එක්කොත් ඔිව ඔින නෑ. මං කැමති නෑ කේළාම් හැගිස්සෙනවට). ඔිං  ඒ කෝපල් කිව්ව දේ. ඉතින් මළ පයින්නැද්ද කියාල්ලකො.


"If you don't fight for what you want, Don't cry for what you" 


ඉතින් යාළුවනේ, මං ලබන සතියෙ මුහුනු පොතෙන් සමුගන්නවා. ඒත් මං මගේ බ්ලොග් එක නිතිපතා යාවත්කාලීන කරනවා. කතා කියවනවනම්,කියවන්න ආසයිනම් "ෆලෝ" කරන්න. 


www.rasadawatha.blogspot.com



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.07.13

Sunday, July 11, 2021

අපායේ දවසක්



මගේ ආදරණීය චිංචිමානවිකාව මීට මාසෙකට විතර කලින් ඉඳන් කිය කියා හිටියෙ එවුන්දැලගෙ මහ ප්‍රාණ පැත්තෙ රවුමක් ගසන්ඩ ඔිනෑය කියාලා. මාත් ඒ මාසෙක විතර කාලෙ ඉඳන් බලා බලා හිටියෙ ඒ වාසනාවන්ත දිනය අද එළඹෙිදෝ නැත්තං හෙට එළඹෙිදෝ  කියාලා. ඒ දවස දවසින් දවස කල් යන්ට පටන් ගත්තේ බෙංගාලේ බොක්කේ කැළඹීම් නිසාවෙන් හැම නිතරම හුනා හුජ්ජ කරන්නැහෙ චිරි චිරි ගගා වැහි පොද වැටෙන හංද. කෝම කෝම හරි ඊයේ පෙරේදා රාත්තිරිය පුරාවට ගහපු හුළං පාරවල් වලින් එවුන්දැලගෙ උත්තම පරපුරේ එකියක්ගෙ ගේකට සපු ගහක් වැටිල, ඒක හෙන අංජබජල් එකක් වෙලා මෙවුන්දැට ඇමතුමක් ආවා "ඉක්කන්ට ඇයිත් බලාපං, මෙි අවසාන හෝරා කිහිපයයි" කියාලා. ඊට පස්සෙන් පහු මෙවුන්දෑ දරුමල්ලොත් එකතු කරන් කිලෝමීටර් දෙකක් දෙකහමාරක් විතර දුර එවුන්දැලගෙ පිං පරම්පරාව වැ⁣ජඹෙන අත්තනගල්ල ගමට ගියේ මට මෙි අවුරුද්දෙ දෙවෙනි පාරටත් හිංගල අවුරුද්දක් උදාකරමින්. මං යනකොටත් කියල යැව්වෙ "සතියක් මාසෙයක් උනත් කමහ් නෑ මයෙ මැණිකේ, එවුන්දැලට උදව් කරාලා එවුන්දැලාවත් කාලා ඇති වෙච්චි දවසක ආවාට කමහ් නෑ" කියාලා. ඒ මගේ පාර්ලිමෙින්තුව නැතිවුනාම බණක් භාවනාවක් කරාගෙන පාඩුවෙි  ඉන්ට පුලුවන් හංදා. එවුන්දෑ ඊයෙ ගිය ගමන්මයි මං භාවනාව වඩන්ට පටන් ගත්තේ.


වෙනදා වගේම සුපුරුදු තැන එරමිණියා ගොතාගෙන ඉඳගෙන පංසිල් අරගෙන කරන්න තියෙන කෙම්පහන් ඔක්කොම කරලා, බුදුන්ට හිතෙන් භාරයකුත් වුනේ අද මගේ අරමුණ ටිකක් වෙනස් නිසා. මම දවසක් දිව්‍ය ලෝකෙ ගියානෙ. ඒත් ඊට පස්සෙ දවසෙ ඉඳන් ලොකු ආශාවක් තිබුනෙ  අපායෙ රවුමක් ගහල එන්ඩ යන්ඩ. අපාය ටිකක් අනතුරුදායක හිංද තමා බාරයක්වුනේ ටිකක් එහෙ මෙහෙ උනොත් මටත් එහෙම්මම නතර වෙන්න වෙයිදෝ කියල පුංචි බයක් හිත කොනේක තිබුන හංද. ඒ නිසා බුදුන් ගැන තිබුනු අප්‍රමෙිය අප්‍රතිහත විශ්වාසය නිසා ටිකක් බය අඩු කරගෙන බාවනාවට හිත යොමු කරලා පිළිවෙලින් චතුර්ථ ධ්‍යානයට සමවැදී එහිදී ඇතිවෙන ප්‍රිතීයත් අනිත්‍යයයි කියල අනිත්‍ය මෙනෙහි කරන ගමන් ප්‍රිතිය එපා කියල ප්‍රාර්ථනාවක් කරල, අනිත්‍යම මෙනෙහි කරමින් ඉන්නවිට තමා අමුතු ඥානයක්  පහලවුනේ. එමගින් අපායට යන්න මං ඇරුනු වෙලාවෙ හිත අපායේ පිහිටුවාගෙන එහි දොරකඩටම ගියා. 


ඒ දොරකඩට පය තියනවාත් එක්කම මාව පිළිගන්න ආවේ අපේ ගමෙි පංසලේ හාමුදුරුවො. ඉන්නකං දේශපාලනේට වැඩ කරලා කරලා, මිනිස්සුන්ට දේශපාලන බණ කියාලා උන්නාන්සෙ අපාගත වෙන්න ඔන්න මෙන්න කියල හිටියෙ. 

*හාමුදුරුවනේ ඔබ වහන්සේ මෙතන මොකෑ කරන්නෙ??

*කරපු දේවල් තමා බං මාව මෙතෙන්ට ගෙනාවෙ

*යන්න බලාපොරොත්තුවක් නෑ. 

*බලාපොරොත්තුවට යන්න බෑ බං. ඒත් කොයි වෙලේක හරි නම අඬගහයි

*හ්ම් මට උදව්වක් කරන්න බෑද??

*කියාපම්. 

*මාත් එක්ක රවුමක් යමුද මහ අපාය පැත්තෙ

*උඹ පලයන්.මං කොහොමත් යන්නනෙ ඉන්නෙ.

*එතකං විසිට් එකක් ගිහින් එමු...

බොහොම අමාරුවෙන් මං උන්නාන්සෙව කැමති කරවාගත්තෙ මටත් ටිකක් හරි ආරස්සාවක් තියෙයි කියල හිතුනු හිංද. මං කරල තියෙන උදව් නිසා බෑ කියන්න බැරිකමට උන් නාන්සෙ කැමතිවුනා. අපි දෙන්නම දැං ඇතුල් වෙන්නයි සූදානම.

දොර අසලටම එනකොට ඇත්දළ වගේ සියගුණයක් විතර විශාල දළ දෙකක් තියෙන කාල වර්ණ රෝමුවන් පිරිච්චි දුටු දුටුවන් මහත් බියකින් අළලන දොරටුපාල යකෙක් ඉස්සරහට ආවා

*තොප කොහා යන ගමන්ද?

උගේ බාසාවෙන්ම නුවර පැත්තේ එකෙක් කියල හිතපු මං, අපි දෙන්නගේ අවශ්‍යතාවය කිව්වට පස්සෙ උන්දැගේ ආරක්සාව යටතේ අපි දෙන්නව ඇතුලට එක්කරගෙන ගියා. හැබැයි හාමුදුරුවො දිහා බැලුවෙ කන්න වගේ. උන්නාන්සෙ බයේ ගැහි ගැහි තමා අපි දෙන්න පස්සෙන් ආවෙ. 

ටිකක් දුර යද්දි වංකගිරිය වගේ තැනකට අපි ඇතුල්වුණා. එක පැත්තක ලෝදිය පිරිච්චි මහා ළිඳක් වගේ තැනකුත් අනෙක් පැත්තේ කටු ඉඹුල් ගහත් තිබුනා. ලෝදිය තියෙන තැන මහා සෙනඟක් පොරකමින් හිටියා. මං දකිද්දි එතැන එකෙක් අමුඩෙ ගහනවා. ඒ කොරෝනා කාලෙ හොර අරක්කු බීල මිය පරලොව ගිහින් පළමු වතාවට ලෝදිය පානය කරන්න ඉන්න එකෙක්. කටු ඉඹුලෙත් ප්‍රයිඩ් රයිස් දන්සැල් පෝලිමක වගේ පිරිසක් පෝලිමෙි හිටියා. මං ඒව බලන්න ගියේ නෑ. 

*තොපට දැන් කොතනටද යන්න ඔින?

මුර යකා ඇහුවා.

*මාව පෙරේතයො ඉන්න තැනකට එක්ක යනු

මගේ ඉල්ලීමෙන් පස්සෙ අපි දෙන්නව පෙරේතයන් බිහිවෙන තැනට එක්කගෙන ගිය මහ යකා;

*තොපට ඔනෑනම් කැමති කෙනෙක් එක්ක කතා කල හැකි. හැබැයි ලංවෙන්ඩ තහනං. 

මාත් මගේ ගජමුතු දෙකම දකුණු අතින් අතගාන ගමන්...

*හොඳමයි. කිව්වා.

මාත් එතන ඉඳන් හාත්පස සිසාරා බැලුවෙ අඳුරන එකෙක්වත් ඉන්නවද කියලා බලන්න. ටික වෙලාවක් ඒ දිහාම බලා ඉන්න මට යාන්තම් දැකල පුරුදු එක චරිතයක් දෙකක් කොනකින් මතුවුනා. එක්කෙනක් හිටියා මූන 8'8 කිඹුලා උදැල්ල වගෙ හරි හතරැස්. පොර කරල තියෙන පාප ක්‍රියා අනුව එක පාරටම රටක ජනාධිපති කෙනෙක් වගේ වෙනවා, තුවක්කු ගොන්නක් උස්සගෙන කොහේදෝ මංදා කැලේකට යනවා, ගිහිං එනවා, ආයෙ පෙළපාලියක් වගේ එකක් යනවා ලේන්සුවක් වනනවා, කන් බිහිරි කරවන පිපිරුමක් එක්ක පොර සුන් වෙලා ගිහින් ආයෙ අර මුල්ලෙම ඉපදෙනවා. ඒ සිදුවීම මටත් ටිකක් හුරු වගේ නිසා මං යකාගෙන් ;


*පිංවත් යකානෙනි, අර කෞද? කියලා. 

* ආ... ඒ තොපගේ රටෙි නරයෙක්. ඉන්නකං දහදුරා වැඩ කරලා කරලා අන්තිමෙි මෙහෙට ආවා. 

*තව කොච්චර කාලයක් ඉන්න වෙයිද එවුන්දැට?

*මෙි කල්පයම මෙහෙ තමා. මෙි අපායෙ කලපයක් ආයු තියෙනවා..යකා කිව්වා. මං ඒ චරිතෙ අඳුරගත්තු නිසා සැනසුම් සුසුමක් හෙළුවෙි තව කල්පයක් යනකම් මිනිහගෙන් අපිට බලපෑමක් කරදරයක් නෑ කියල හිතුනු හිංද. ආයෙත් ටික වෙලාවක් යද්දි මූන පුරා රැවුල වවාගත්තු ලෙදර් තොප්පියක් දාගත්තු පොරක් එනවා. තොප්පියේ තරුවකුත් තිබුනා. ඒ තරුවෙන්ම මං මිනිහා අඳුර ගත්තා. මිනිහට තිබුනෙ වෙනම විපත්තියක්. මිනිහ ඉස්සරහට එනවා. දේශණයක් කරනවා, ඒ දේශණය අතරමැදදි තවත් රැවුලක් වවාගෙන එවැනිම තොප්පියක් දාගත්තු සුදු පොරක් දීප්තිමත් එළියක් එක්ක ඇවිත් අරුන්දැ මැරෙනකම්ම කම්මුල් දෙකට ගහනවා. ඒ එන පුද්ගලයගෙ බෙල්ලෙ වෙද නලාවකුත් තිබුනා. ඒත් මිනිහ අපායෙ නෙමෙි ඉන්නෙ. විශේෂ අවසරයක් මත දිවිය ලෝකෙන් තමා මෙි එක පාරටම කඩා පාත් වෙන්නෙ. ඒ මනුස්සයගෙ පෙනුමත් ටිකක් හුරු වගේ නිසා මං ඒක තහවුරු කරගන්න යකාගෙන්;

*පිංවත් යකානෙනි, අර එළියක් එක්ක ආවෙ කෞද?

*ඒ "චෙි" දෙයියො. මිනිහ භූමට්ට දෙවියෙක්. මිනිහගෙ ප්‍රතිපත්ති විකෘතිකලා කියලනෙ ඔය ඇවිත් හකු දෙක තලන්නෙ.. මං උඩ ගියා. 

*ඒත් එහෙම වෙන්න විදියක් නෑනෙ යකෝ.

*ඇයි වෙන්න බැරි? උන්දැකලත් එකයි, උන්දැගෙ එවුන් කලත් එකයි. දඬුවම එකයි.

*හ්ම්....

මං ආයෙ එතනින් එහාට මුකුත් අහන්න ගියේ නෑ. 

ආයෙ ටික වෙලාවක් යද්දි තව පෙරේතයෙක් ආවා මූන පුහු වෙච්චි පොල්ගෙඩියක්වගේ උල්. මිනිහගෙ ඔලුවෙන් බාගයක්ම කොන්ඩෙ තිවුනෙ නෑ. නාහෙ අක්කරයක් විතර දිගයි. ටිකක් කෙසඟයි. ඒ පෙරේතයා එක්ක තව පෙරේත රෑනක්ම හිටියා. ඒත් මෙයාට තිබුනෙ අමුතු දඬුවමක්. මිනිහ ඉස්සරහට අඩියක් තියන තියන ගානෙ අර පෙරේත රෑනම මිනිහගෙ ඔලුවට නැගල පොර කකා පොර කකා ටොකු අනිනවා. ටොකු වදින වදින තැන්වලින් ගෙඩි මතුවෙලා සැරව ගලනවා. මහ පෙරේතයා මහා වෙිදනාවකින් විලාප දෙනවා. ඊලඟට තට්ටෙ අතගානවා..එතකොටම මහා ගින්දරක් ඇවිත් මිනිහ ඉස්සරහ මැවෙනවා. ඊලඟ මොහොතෙ පයිල් එකක් මැවිලා ඒකෙ ලියුමක මොනවදෝ කුරුටු ගාල අත්සන් කරනවා . ඒත් එක්කම පෙරේතයෙක් උන්නද නැද්ද කියල හොයාගන්න බැරිවෙන්න දැවී අලුවී යනවා. එතන ටොකු අනින තව ⁣ප්‍රධාන මළ පෙරේතයෙක් හිටියා. මිනිහ තමා පොර කකාම ටොකු ඇන්නෙ. මහ මළ පෙරේතයා අඳුරගත්තත් ඊලඟ එකා අඳුරගන්ඩ බැරි නිසා මං විශ්මයෙන් ඒ දිහාම බලන් හිටියෙ ඒ මොන මළ පෙරේතයෙද්ද කියල දැනගන්න නොඉවසිල්ලෙන්. ඒත් අපේ යකානා ඒ දෙසම ඇස් පිල්ලන් නොගහා බලන් හිටියා. ටික වෙලාවක් යද්දි ආයෙ මළ පෙරේත පොර මතුවෙච්චි ගමන් යකා අතුරුදහන්වුනා. මාත් "මු කොහෙද යකෝ ගියේ" කියල බලද්දි යකා පෙරේතයා ගාවට ගිහින් පොරට ටොකු අනින එවුන් සේරම පැත්තකට ඇදල දාල මහා ගෝරණාඩුවක් විලාශෙන්  "දැං මෙිං මෙහෙම" කියන ගමන් අත දිගෑරල මහ මළපෙරේතයගෙ මූනට කම්මුල්වලට නාහෙට ඇන ගෙන ඇනෙගෙන යනවා. ඒ ඩිමෝ එකෙන් පස්සෙ යකා නැවත අපි ගාව පහලවුනා. වෙච්චි දෙයින් අඤ්ඤකොරොස්වූ මම යකා දිහා බලාගත්වනම බලාගෙන හිටියෙ ඒක අපායේ සංස්කෘතියට පටහැනි දෙයක් නිසා. මගේ බැල්මෙන් කුපිත වු යකා මං දිහාට හැරී "ඇයි තෝ ඒ එහෙම"  කියල ඇහුවා. මම නිහඬවුනේ කියන්න දේවල් තිබුනත් මෙි උගේ තැන හිංද කතා නොකිරීම ඇඟට ගුණදායකයි කියල හිතුනු නිසා. ඒත් යකා තුන්වරක් අහපු තැන මට කතා කරන්නම සිද්ද වුනා.

*ඇයි යකෝ තෞසෙ අරුන්දැට අමුවෙන්ම තැලුවෙ??

*අයිතියක් තියෙන හංද

ඒ පිලිතුරෙන් අන්දමන්ද වුනුමම නැවතත්

*පිංවත් යකානෙනි ඔබ කෞද?

මගේ ඒ පැණයෙන් මූනට මහා ආඩම්බරයක් මවාගත් යකා දිගු හුස්මක් අරන් ගරුගාම්බීරව තමා කවිද කියල කියන්න පටන් ගත්තා.

*මම ඩිංගිරි බංඩා විජේතුංග ඇයි පස්නයද්ද?

*අනේ නෑ අනේ නෑ යකානෙනි. ඒත් ඇයි ඔබ යකෙක්වුනේ??

*අරූ කියන හැම රෙද්දටම අත උස්සපු හිංද ඒ පාපෙන් තමා මා යකෙක්වුනේ

*එතකොට අර පෙරේතයට ගහන ටොකු අනින අනිත් පෙරේතයා මොකාද??

ඒ ප්‍රශ්ණයෙන් කුපිතවූ යකා කුපිත වූ හඬින්ම

*ඒ ගෝනවල සුනිල් හු*@&$%තො

කිව්වා. එතකොටයි මට වැඩෙි මීටර් වුනේ.ඒත් එක්කම මාත් එක්ක හිටපු හාමුදුරුවො දිහා බලපු යකානා..

*හ්ම්.කාලෙ හරි... සිව්ර ගලෝලා වැඩ්ඩනං මෙහට්ට කිව්වා. මං කොච්චරවත් කන්නලව් කරලා උන්නාන්සෙව ආපහු අරන් එන්න හැදුවත් බැරිවුනා. තව පොඩ්ඩෙන් මටත් අමුවෙන්ම ආයු කාලය අඩුකරගෙන අපායෙ ලගින්නවුනු සීන් එකක් එතන තිබුනෙ. 

ඒ අස්සෙ තමා යකා කිව්වෙ "තව බළඇණියක්ම මෙහෙ එන්ඩ ඉන්නවා,තෝත් ඒ එක්කම එන්ඩ ලෑස්තිවෙලා හිටු" කියල. ඒ ගමන්ම "ෂයියෝ මං කරගත්තු පාපයක්" කියල මටත් හිතුනා.

ඒ සීන් එ⁣ක එහෙම වෙද්දි මහ මළ පෙරේතයා කිහිප වරක්ම මා දෙසත් හාමුදුරුවො දෙසත් සැරින් සැරේ බලන්න පටන් ගත්තා. ඒක දැකපු මම යකාගෙන් ඒ ගැන ඇහුවා. 

*යකානෙනි අරූ මං දිහා බලනවා.

*බයවෙනඩ එපා. බැලුවට තෝ ගාවටවත් එන්ඩ ඌට හයියක් නෑ. ඒත් හිතන සිතුවිලි පවා ඌට ඇහෙනවා..යකා කිව්වා.

බමබුව තමා. යකා දන්න ඉටිගෙඩිය. අපි සිතන සිතුවිලිත් උන්දැට ඇහෙනවනම් මගුලටෑ අපායට එන්ඩ පාර කපා ගත්තෙ... මට හිතුනා..


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.07.11