Thursday, May 27, 2021

යුධ බිමෙන් ලියුමක්



රණ බිමෙි  එක්තරා රණවිරුවකු සිටියේය. තම මවට වඩා පෙම්වතියට ඇළුම් කරන ඔහු ඇය වෙනුවෙන් සතියකට ලිපි හතරක් පහක් ලීවෙිය. මසකට එක් ලිපියක් හෝ දෙකක් පමණක් තමාගේ විස්තර ලියා මවට තැපැල් කලේය. කඳවුරට පියුම් එන වෙලාව ආසන්නයේ මෙම සෙබළා කඳවුරේ ප්‍රධාන ගේට්ටුව අසලට දුවගෙන යන්නේ දිනපතාම ඔහු වෙනුවෙන් පෙම්වතියගෙන් ලිපියක් එන බැව් දන්නා නිසාය. ලිපියක් නාවොත් ඒ එහෙමත් දවසක පමණි. දෙදෙනාගේ විස්තර හුවමාරු කරගන්නට එකල ලිපි තරම් වෙනත් සන්නිවෙිදන මාධ්‍යයක් නොවීය. එබැවින් ලිපි ලිවීම හා එන ලිපි කට පාඩම් වන තෙක් කියවීම මොහුගේ පුරුද්දයි. 


තෙරුවන් සරණයි!

මගේ ආදර පොඩිපුතා වෙත සෙනෙහසින් ලියන වගනම්,

ඔයා සුවෙන් ඇතැයි සිතමි. තාත්තාත් මෙි දවස්වල ටිකක් අසනීප ගතියෙන් ඉන්නෙ. එයාට බෙහෙත් ගන්නට ගියාම පපුවෙ සෙම කිව්වා. කොච්චර කීවත් අරක්කු බොන එක නවත්තන්නෑ. ඔයාවත් මෙි පාර නිවාඩු ආහම තාත්තට ටිකක් තේරුම් කරල දෙන්න පුතේ. අපි කිව්වට අහන්නෑ. නංගිත් මෙිපාර විබහගෙන් හොඳට ලකුණු අරන් තිබුනා. ඔයා අරන් දෙනවා කිව්ව තෑග්ග ගන්න පොඩි එකී ගොඩක් අමාරුවෙන් පාඩම් කරල ලකුණු ගත්තෙ. පව් පුතේ පොඩ්ඩි. අක්කනං හැමදාම ඔයාව මතක් කරනවා. එයාගෙ යාලුවන්ට පෙන්නන්න ඔිනේ කියල ඔයාගෙ පොටෝ එකක් එවන්න කියල මතක් කරලම කියන්න කිව්වා. ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි. පරිස්සමට ඉන්න.


මීට ආදර අම්මා.


මාස දෙක තුනකට සැරයක් පමණක් නිවාඩු ලැබෙන ක්‍රියාන්විත සේවයේ සිටි ඔහුට මව විසින් පුතාගේ ඡායාරෑපයක්ද එවන ලෙස ආදරණීය ඉල්ලීමක්  කර තිබුනි. එ ඔහුගේ අක්කාට ආඩම්බරෙන් යාලුවන්ට පෙන්නන්නටය.ඒ සමගම ඔහු පෙම්වතියටත් පොටෝ එකක් යැවීමට අදහස් කර, ඇල්බමයේ තිබූ පොටෝවක් ඒ සඳහා තෝර ගත්තේය. ඒ පොටෝ එක යාලුවන් සමග ඇල්ලක නාන්න ගොස් ගත්තු පොටෝවකි. යාලුවන් සමග ගත් පොටෝ අතර නිරුවත් ඡායාරූපයක් විය. එක පොටෝ එකෙන් අවශ්‍යතා දෙකම ඉටුකරගන්නට ඔහු කල්පනා කලේය. ඒ පොටෝව අරගෙන ඔහු එය දෙකට කැපුවෙිය. ඉන් උඩ කොටස මවටත් යට කොටස තමා මතක් වෙන්නට පෙම්වතියටත් තැපැල් කලේ ඊට පෙම්වතිය දක්වන ප්‍රතිචාරය කුමක් වෙිදැයි යටි හිතින් කල්පනා කරමිනි. දින කීපයකට පසු ඔහුට පෙම්වතියගෙන් ලිපියක් ලැබිණි.


නිවසේදීය.

සදාදර මගේම සූටික්කා වෙත ලියමි. ඔයා එවපු ලිපිය ලැබුනා. පොටෝ එකත් ලැබුනා. ඒකට ගොඩක් ස්තූතියි. ඔයා ගොඩක් ලස්සන වෙලා. මං ආසාවෙන් ඉන්නෙ මෙි විදියටම ඔයාව හැමදාම දකින්න. ඉක්මනින් නිවාඩු එන්න. දැන්නම් මට ඔයාව නොදැක ඉන්න බෑ රත්තරං. පරිස්සමට ඉන්න. තෙරුවන් සරණයි. 

මීට ඔයාගේම ඔයාට සදාදර ලතා.


ඒ ලිපිය සියවතාවක් පමණ කියැවූ ඔහු සිටියේ ගොඩක් සතුටිනි. ඒ ඔහු යැවූ පොටෝ එකේ විදියට ඇයත් සමග ගත කිරීමට ලැබෙන කාලය ගැන සිත සිතාය. මීට පෙර ඇයත් සමග ඒ ආකාරයට තනි වෙන්නට අවසරයක් නොලැබුනත්, පොටෝ එකේ පිහිටෙන් ඒ අවසරය ලැබිම ගැන ඔහු ගොඩක් සතුටින් පසුවිය. 

ඊට තවත් දින දෙක තුනකට පසු මවගෙන්ද ලිපියක් ලැබිණි. 


නිවසේදී

තෙරුවන් සරණයි.!

මගේ ආදර පොඩි පුතා වෙත. 

පුතේ අපි හොඳින් ඉන්නවා. තාත්තටත් දැන් ටිකක් සනීපයි. පුතාගේ පොටෝ එක දැක්කට පස්සෙ මට ගොඩාක් දුක හිතුනා. පව් දෙයියනේ මගේ පොඩ්ඩට රැවුල කපාගන්නවත් වෙලාවක් නැතුව ඇති. ඔයා එවපු පොටෝ එකෙත් මූන පුරා රැවුල වැවිලා. නාහෙත් දික්වෙලා. ඒ මදිවට නිකටත් දෙපැත්තට බෙිරිලා.මූනත් ඇදවෙලා. ඔයා ඇදිල ගිහිං වගේ මගේ පුතේ. ඔයා ඔහෙට වෙලා දුක්විඳිනවාද මයෙපුතේ.  ඔයාලාට කන්නවත් වෙලාවට ලැබෙනවද. අක්කනං කිව්වා ඒ පොටෝ එක යාලුවන්ට පෙන්නන්න බෑ කියලා. රැවුල කපපු කලින් විදිහේ ලස්සන පොටෝ එකක් යුනිපෝං එක පිටින් ගහල එවන්න කියන්න කියලා අක්කා කිව්වා.

මං නවතිමි. ඔයාට දළදා සමිඳු පිහිටයි. මීට ආදර අම්මා. පරිස්සමිං ඉන්න.


 මවටත් පෙම්වතියටත් යැවූ පොටෝ දෙක මාරුවී යවා ඇති බැව් ඔහුට මීටර් වුනේ ගොඩක් වෙලාවකට පස්සේය.


රුවින් පමුදිත යද්දෙහි ආරච්චි

2021.05.27

Sunday, May 23, 2021

නෑනා



මුව පුන්සඳක් මෙනි දත් ඉදිරියට                 නෙරූ

චවි කල්යානෙ අරගෙන ගොස් වගෙය      හොරූ

නෑනන්ඩියේ මට පැවසිය නොහැක            බොරූ

කට ඔිදිරිස් හිරමනයක් කැඩුන                        යුරූ


දෙහි ගැට වගේ ගෙඩි යුගලකි පපුව               මැද

මාගල් කන්ද සිහිකරවයි නෙරපු                       බඳ

ගෝමර, සුදු කබර මෙන් සිහි කරන                 සඳ

මෙිවැනි යුවතියන් තව මෙහෙ සිටින               වද


වාසිටි කරලියෙත් හොඳ හොඳ රවුම්             ගැසූ

ජම්මෙන් ගෙනා හොර වැඩ බොරු වලින්     වැසූ

ඇන්දම සාරියක් සව්කොළ වලින්                    මැසූ

ලන්තෑරුමක් වගෙ හරකෙක් පයින්               ගැසූ


මුහුනේ ඇත්තෙ අලි නාවන                     වලවල්ය

කොල්ලෙක් දැක්කහම හැම මවිලම            වල්ය

නියරේ වගෙම කුඹුරෙත් මහ තුරු                වැල්ය

උදයක දැක්කොතින් දවසම                     කුරුවල්ය


නා දලු දෙතොල් ගොක් අතු මෙන්          මනහාරයි

දවසින් දවස අල මෙන් කඳ බඩ                      ආරයි

යල මහ වැඩ කරපු කෙත්වතු සරු                සාරයි

සිහිපත් කරපු හිත මගෙ සිතුවිලි                   පාරයි


කලිසම සාය ඇන්දට නොරැඳෙතිය              ඇඟේ

වියතක් වැහුනෙ දයිවයෙ සරදමද                 මගේ

සිතිවිලි අවදී වී කොඩි කණු ඉහල               නැගේ

දැන් කෝමාරිකා පිත්තක් කැඩිල                   වගේ


අරගෙන තිබෙි එක් දරු මව්                   සම්මානේ

එනමුත් මාව වල්මත් කර                       දැම්මානේ

ආවම ගෙදර එන සතුටද                       නිම් නෑනේ

නව පුන්සඳක් පායල මෙනි                    ගම්මානේ


ලස්සන රූපෙ ගැන අද ඇස් කොනෙන්          දැක

පැවසිය නොහැක ඒ විස්තර එකින්                 එක

අවසන කියමි දුරුකරවා මෙයින්                     සැක

සිරිකත වගෙයි අත්තනගලු බැරල්                  එක


ලංවී ඉන්න ගෙන එමි                         යෝජනාවක්

ඈතින් තියන්නට නැහැ                       උවමනාවක්

⁣නුඹ වැනි අය ලැබීමද                             වාසනාවක්

නෑනා කියන්නෙම මට                            බාවනාවක්


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.05.22

මුතියන්කට්ටු

 ඒ මුතියංකට්ටු. ඔය පාසලේ මං කලින් හිටියෙ උපදේශකයෙක් විදියට. මෙි කතාව වෙද්දි එහෙ ප්‍රධාන උපදේශක තුමා හිටියෙ මෙිජර් ටීඩී ක්‍රිශාන් කියල සර් කෙනෙක්.(ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බළමුළුව.).

මුතියංකට්ටු ස්කූල් එක ඩිස්බෑන් කරන්න කලින් ඒකෙ අපේ ඒකකයට අයත් බඩු භාරගන්න කව්රුත් හිටපු නැති නිසා මට ආයෙත් මුතියංකට්ටු යන්න වුනේ දෛවෝපගත සිද්ධියක් විදිහට. ඒවා අපේ බඩු උනත් දීල තිබුනේ 59සේමු හරහා නිසා 59සේමු හරහාම  තමා ඒව ගන්න ඔින.එතෙක් ඒවා මිසින් වෙන නිසා තමා මට යන්න වුනේ.ඒ යද්දි  පාඨමාලාවක් ඉවර වෙලා ඔක්කෝම නිවාඩු ගිහින්. ඒ නිවාඩු ගිහින් ආව ගමන් තමා 59සේනාංකයෙන් ලියුමක් ආවෙ ආයෙ කෝස් කරන්නෑ, උපදේශකයින් ඒකකවලට යවන්න කියලා.එයාලාත් පාඨමාලාවට ඇවිත් හිටිය අයත් යැව්වම ඊට සති දෙකකට විතර පස්සෙ මෙි කඳවුරේ ඉතිරි වුනේ අපි 21ක් දෙනයි. ඒ අයත් පාලන කටයුතු වලට අනුයුක්ත කරල හිටපු අය. ඒකක වලින් ඇවිත් තමන්ට අයත් බඩු අරන් යනකං තමා ඒ හිටියෙ. එතකොට මෙිජර් ක්‍රිෂාන්  සර් ගාවට හිටිය සීනියර්ම මනුස්සය වුනේ මං. තව කෝප්‍රල්ලා පහක් විතර හිටියා. සර්ගෙ නීති ටිකක් ලිහිල් වුනාට මගේ නීති ඊට තදයි. ඒ වෙද්දි මම වැවෙි නෑම  මාළු ඇල්ලීම හවස හතෙන් පස්සෙ කඳවුරේන් පිට ඇවිදීම තනියෙන් විසීම සහ තනියෙන් නිදාගැනීම සම්පූර්ණයෙන් තහනම් කරල තිබුනෙ. තනියෙන් නිදා ගැනීම කියන්නෙ මෙහෙ බිලට් රාශියක් තිබුනු නිසා ඒවයේ හිටපු අය ඒ ඒ තැන්වලම තමා කට්ටිය ගියාට පස්සෙත් හිටියෙ. මම ඒ අය ඔක්කෝම එක බිලට් එකකට ගෙන්නුවා.  ඒවටත් බරපතල හේතු තිබුනා. වැවෙි නෑම තහනං කලේ ඉස්සර යුද්ධ කාලෙ ගුවන් ප්‍රහාරයකින් බෝම්බ වැටිලා දරුණුවට වලවල් හෑරී තිබීම සහ ඒවායේ මඩ පිරී තිබුනු නිසා.කෝස් ඇඩ්මින් හිටපු ඉංජිනේරු බළකායේ සෙබලෙක් ඒ වලක වැටිල එරිල මියගිහින් තිබුනෙ. ඒ මීට කලින්. ආයෙ යුද්ධෙ කාලෙ කොටි විසින් වතුර අඩු දවස්වල ඒවගේ කපපු වලවල් නිසා. ඒව කපල තිබුනෙ ආටි මෝටාර් ගන් ස්ථානගත කරන්න. ඒ වෙද්දි වැවෙි වතුරත් පිරිල තිබුනෙ. ඔක්කොගෙම ආරක්ෂාවට ස්ටෝර්ස් එකේ තිබ්බ  රොබින් පොම්පයකින් නාන්න මුන හෝදන්න ටැංකි දෙකකට වතුර ගහන්න හදල දුන්නෙත් මමමයි. ආයෙ මෙහෙ හිටියා කොටියෙක්. මෙිකා කොටි විසින් ඇතිකරල උං යද්දි කැලේට ඇරල ගියපු එකෙක්. මහ කුස්සියේ ඉඳුල් වලට වහ වැටිල හිටපු බල්ලො එකා දෙන්නා  අතුරුදහන් වෙනකොට ඒ පිළිබඳව කල විමසිල්ලකදි තමා දිවියා ගැන දැනගත්තෙ. ඒ ලොකු පාරෙ ඉඳල කෑම්ප් එකට එන්න තියෙන පාරේ තිබ්බ අඩි වගේකින්. අඩි දැක්ක ගමන් අපි තේරුම් ගත්තා සතා මොකාද කියලා. ඒ හිංද එදා ඉඳන් හයෙන් හතෙන් පස්සෙ කෑම්ප් එකේ තනියෙන් හැසිරීම තහනම් කලා. අත්‍යවශ්‍ය කරුණකටත් ඇවිදින්න පුලුවන් දෙන්නෙක් එක්ක විතරයි. ඒවා පනවන්නෙ කව්ද කියල කාටවත් අදාල නෑ.පහල නීතිත් පිළිපැදීම හමුදාවෙි සම්ප්‍රදායක්.

ඔහොම ඉද්දි තමා දවසක් ප්‍රධාන උපදේශක තුමාට අසනීපවුනේ. ඉස්සෙල්ලම උණ කැස්ස හැදුනා. ලෙඩක් හැදුනොත් බෙිත් ගන්න යන්න ඔින ඔඩ්ඩුසුඩාන් 64 සේනාංක ඉදිරි සැරහුම් මධ්‍යස්ථානයට.ඒ කිලෝ මීටර් විස්සකට වඩා වැඩි දුරක්. මුලින් බෙිත් ගන්න යමු කියල කොච්චර කිව්වත් සර්රුත් හොඳවෙයි හොඳවෙයි කියල හිටිය මිසක් උවමනාවක් කලේම නෑ. අපිට තිබුනෙ වාහනයකට කියල ලදරම් බයික් එකක් විතරයි. ඒකත් ගමනක් ගියොත් එන්නෙ තල්ලු කරගෙන. අනික් වාහන ඒවා අයත් තැන් වලින් කලින්ම අරගෙන ගියා. 


සතියක් විතර යද්දි සර්ට හොඳටම අමාරුවුනා. මුතියංකට්ටු කියන්නෙ මහා පතාක වනාන්තරයක්. ඔිකෙ අලි රැලේ හිටියා පට්ට ඇත් ඉලංදාරියෙකුත්. මෙි කැලේ මැද හතෙන් විතර පස්සෙ ඇහැට ඇන්නත් පේන්නෑ. මාත් ටිකක් අවධානයෙන් හිටියෙ කැලයක් හිංදත් ළඟ අහල පහල කඳවුරක් නොතිබූ නිසාත් සහ ඒ වෙද්දි සර්රුත් අසනීප නිසා. 

වෙලාව ඇති රෑ එකොලහට විතර.ඒ දවස්වල මැච් එකකුත් යනව. ටීවී එකත් යන්තම් පේන්න බොහොම අමාරුවෙන් හැදුවෙ. ඒක තිබුනෙත් සර් ඉන්න තැන. සංඥා සම්බන්ධතා කිසිම දෙයක් තිබුනෙ නෑ.  අපිත් ප්‍රවෘත්ති බලන්න යන්නෙ එතැනට. එදා කරුමෙට වගේ මට නිකමට හිතුනා මැච් එකේ තත්වෙත් බලල සර්රුත් බලල එන්න ඔින කියල. සර් බලන්න හිතුනෙ එදා හවස ටිකක් සර්ට අමාරුවෙලා තිබුනු නිසා. ඒත් හිතුවක්කාරකම කියන්නෙ පෙනඩෝල් බිබී හිටියා මිසක් බෙිත් ගන්න ගියේම නෑ. 


මම යද්දි සර් ගිඩි ගිඩි වෙව්ලනව. ඇගට අත තියල බැලුවම සහලෝල උණ. කතා කරන්නත් බෑ. ඔලුවෙ ඉඳන් පොරෝගෙන. අපේ මෙඩිකල්ලත් ඒ වෙද්දි තමන් අයත් තැන්වලට ගිහින් හිටියෙ. බලාගෙන ඉන්නත් බෑ. කරන්න තිබුනු එකමදේ කොහොමහරි රෝහල්ගත කිරීම. ඒකට වාහනයකුත් ඔින. හිත හිත හිටියෙ නෑ එසැනින් කලේ  5 ගජබා ඒකකයට අයත්  අපේ ආමරිය භාරව හිටපු කෝප්‍රල් සේනානායකත් ඇදගෙන ඒ වෙද්දි මගේ ළඟ තිබුනු තොරනක් වගේ ලයිට් පත්තුවෙන ඇල්කාටෙල් පෝන් එකේ එලියෙන් කිලෝමීටර් හතහමාරක් නොනවත්වා එකම වෙිගයකින්  642 බළසේනාවට දිව්ව එක. බයිසිකලේ යන්න ඒකෙ ලයිට් නෑ. අනික ආරක්ෂාවට කොහෙත්ම හොඳමදි. ඒ කොටියා ගෝනා සහ අලි රෑන නිසා.  ඔහෙ පතරංග ගෝනෙකුත් හිටියා. හානියක් නොකලත් හතෙන් අටෙන් පස්සෙ ගස් බල්ල ඉන්නෙ පාරෙමයි.බයිකෙ ලයිට්  අපි ඊට කලින්ම කරපු සැත්කමකින් ඉවත් කරල තිබුනෙ.ඒක එල්ටීටීඊ බයික් එකක්. අපි දෙන්න  ගියෙ තව කෝප්‍රල්ලා දෙන්නෙකුට ඇහැරවලා සර් ගාව තියල වතුර ඉල්ලුවොත් චුට්ට චුට්ට දෙන්න කියලා උපදෙස් දීල. සර් ඒත් කිව්ව හෙට උදේ වෙනකම් ඉන්න පුලුවන් කියල. ඒ කියල බලා ඉන්න පුලුවන් තත්ත්වයක් නෙමෙි එතන තිබුනෙ. වෙන දෙයක් වෙද්දෙන් කියල තමා අපි දෙන්න පිටත්වුනේ. ගිහින් ඒ කඳවුරේ හිටපු මුරපති මාර්ගයෙන් මෙිජර් පාලන භකාස සර් හම්බවෙන්න උත්සාහ කලා. යවන්න බෑම කිව්ව. කොහොමත් ඒක හමුදාවෙ සදාචාරසම්පන්න නෑ. පස්සෙ එහෙ හිටපු සංඥා අංශභාර නිළධාරිට (එදා ඩියුටි ඔෆිසර්)  කතා කරල කියල තමා අවසරය ඉල්ල ගත්තෙ. මොකද මෙිජර් කෙනෙක්ට රෑ දෙගොඩහරියෙ ඇහැරවනවට වඩා 2ලුතිතන් කෙනෙක් ඇහැරවන එක සේෆ්ටි. බනින්නෑනෙ. බැන්නත් අවුලක් නෑ ලුතිතන් නෙ. අනික මං සිග්නල් කියලම කතා කරපු නිසාත් එතුමාගෙ සෙක්ෂන් එකේ නමක් නොවන නිසාත් කලබලයක් ඇති කියලම හිතලද මංද  නැගිටල ආව. විස්තරේ කිව්වම සර්ම අපිව  මෙිජර් පාලන භකාස සර්ගාවට එක්ක ගිහින් කතා කරලා දුන්නා. සර්රුත් ටක් ගාල නැගිටල ආව. ඇයි කියල ඇහුවා. විස්තරේ කියල සර්ව හොස්පිට්ල් එක්කං යන්න වාහනයක් ඉල්ලුවා. ඇත්තම කතාව ඒ වෙලාව වෙද්දි එහෙත් එක වාහනයක් තිබුනෙ  නෑ. බ්‍රිගේඩ් කමාන්ඩර්රුත් නිවාඩු ගිහින්. හදිසි අවස්ථාවලට බ්‍රිගේඩියර් කියල නෑ, වාහනේ දෙනවා. හැබැයි සර් කිව්වා ට්‍රක් එක මුලතිව් ගියේ අදම එන්න. දහය වෙනකොටත් ඇවිත් තිබුනෙ නෑ. ඇවිල්ලනං ඒක අරන් යන්න කියලා. නැත්තං ආපු ගමන් අරන් යන්න කිව්වා. මුරපති ගෙන් අහපුවම තාම ඇවිත් නෑ. දැං දොලහත් පහුවෙලා.හිතටත් මහ මෙව්ව එකයි.  පස්සෙ සංඥා අංශයට  ගිහින් ඒකෙ ගියපු කෙනෙකුට කෝල් එකක් ගත්තම ළඟ එන ගමන් ඉන්නෙ කිව්වා. සතුටක් මෝදුවුනා. විනාඩි විස්සක් විතර යද්දි වාහනේ ආවා. සාජන් පටි පැත්තක තියල ඒකෙ තිබ්බ මුට්ටවලට කර ගැහුවෙ තත්ත්වෙ ගොඩක් සංකීර්ණ නිසා.  ඒක ගිහින් තිබුනෙ ඉදිරි මාසෙට වියලි සළාක ගේන්න. ඒකෙ තිබ්බ බඩු ලෝඩ් එකත් මහ රෑ අපිම බාලා හැකි ඉක්මනින් ට්‍රක් එකත් අරන් ගියා. හැබැයි මහන්සියි කියල නෑ, රියැදුරත් බඩු බෑව. ඒ තිබුනු හදිස්සිය නිසා. අපිත් හැකි ඉක්මනින් ට්‍රක් එක අරං ආවා. ඒ එද්දි උදේ වෙනකං අල්ලං ඉන්න පුලුවන් කිව්ව සර්ගෙ සිහිය විකල්. සිහියත් ඇති නැති ගාන. හදවත දාල පිච්චිලා ගියා. පස්සෙ සර්ව උස්සලම අරං ට්‍රක් එකෙන් තියලා අපිත් හතර දෙනෙක් පිටුපස්සෙන් නැග්ගා. ට්‍රක් එක යනව නෙමෙි ඉගිල්ලෙනව. සර්ට අවුලක් නෑ. පාරෙ හැටි දන්න නිසා කොට්ට වලින් සීට් එකයි ඔලුව තියාගන්නයි හදල තිබ්බෙ. කොහොමහරි ඔඩ්ඩුසුඩාන්වලට ආවා. ඒ කිලෝමීටර් විස්සකට වැඩි දුරක්. අපි එතැනට ආපු ගමන්ම ආමි ඩොක්ටර් ආව. සර්ව බැලුව. සේලයින් දුන්නා. කරන්න තියෙන කෙම්පහන් ඔක්කොම  කලා. 


 එදා අපේ ඩොක්ටර් කිව්ව එක දෙයක් අදටත් මට සිහිපත් වෙන්නෙ හදවත පොපියන චමත් කාරයකින් යුතුව.

" හොඳ වෙලාවට ඔයාලා සර්ව එක්කගෙන ආවෙ. තව පැය භාගයක් පරක්කු උනානං සර් ගැන කොහොමත් හෝප්ස් තියන්න බෑ.දැනටත් තත්ත්වය ටිකක් ඩෙින්ජර් ,  අපිටත් දැන් කරන්න දෙයක් නෑ, වව්නියා යවන්න වෙනව" කිව්වා. ආයෙ වව්නියාවට යවනකං මුකුත් කියන්න බෑ කියලත් කිව්වා.  ඩොක්ටර්ට විස්තර කිව්වෙ මම. ඒ වෙද්දි සර්ට කතා කරන්න අමාරුයි. පස්සෙ අපිට එතන ඩියුටි (වෝඩ්) හිටපු සාජන් මෙිජර් කෙනෙක් උනුසුම් බෝතලේකින් තේත් හදල දුන්නා. අපි ඒකත් බීල ස්තුතිත් කරල සර්ටත් කතා කරල ආපහු කඳවුරට ආව. ඇත්තටම හමුදාව කියන්නෙ එකම පවුලක්. අපි හතර දෙනා එනකම් කෑම්ප් එකේ කට්ටියම මදුරුවො තල තලා මහ පාරට ඇවිත් ගල් උඩ ඉඳගෙන බලාගෙන ඉන්නවා.  


පහුවදා සර්ට කතා කරද්දි එදා පාන්දරම  ආයෙ අමාරුවෙලා වව්නියා යවල. එහෙ සති දෙකක් දෙකහමාරක් විතර නේවාසිකව ප්‍රතිකාර ගත්තා. සර්ට තිබිල තියෙන්නෙ ඩෙංගුවලට සමාන උනක්ලු. ඒකටත් පේට්ලට් අඩුවෙනවලු.  ඒ වෙද්දි අන්තිම අඩියෙ ඉඳල තියෙන්නෙත්. පස්සෙ මං හැමදාම සර්ට කතා කරල විස්තර ඇහුවා. හොඳම හරිය වුනේ ඊට පස්සෙ.


සර්ගෙන් පස්සෙ මෙි කඳවුරේ කිසිම නිලධාරියෙක් හිටියෙ නෑ. සළාක ස්ටොක් එකත් ඉවරවීගෙන ආවා. ඒ සර් ගිහින් දවස් පහක් විතර යද්දි. 59 සේමු කතා කලාට කිසිම වැඩක්වුනේ නෑ. ඇහුවම කියන්නෙ වාහන නෑ කියල.  පස්සෙ 17 කාලතුවක්කු හමුදා කඳවුරට ගිහින් ඒකෙ රෙෂන් භාර සාජන් මෙිජර් හමුවෙලා ටික දවසකට කෑම ගන්න අවසරය ඉල්ලගත්තා. එහෙන් ටික දවසක්  ගද්දි ආයෙ දෙන්න බෑ කිව්වා. ඊට පස්සෙ 30 ශ්‍රිලංජාබමු කඳවුරට ගිහින් විස්තරේ කිව්වම එහෙනුත් දවස් කිපයක් දෙන්න පුලුවන් කිව්වා. මෙි කඳවුරු ළඟ ළඟ එවා නෙමෙි. ඒවත් අඩුම කිලෝමීටර් ගණන් පයින් යන්න ඔින ඒවා. ඒකෙනුත් දවස් කීපයක් යද්දි බෑ කීවා. එතනින් එහාට එහෙන් කෑම ගත්තෙ කඳවුරේ ජෙනිවලට ගෙනත් ඉතිරිවෙලා තිබුනු භූමිතෙල් බැරල් දෙකක් දීල. 


ඒ අතර දෙන්නෙක් අත්‍යාවශ්‍ය හේතුන් මත නිවාඩු යවන්න ඔිනවුනා. එක්කෙනෙක්ගෙ වයිෆ්ට කුළුඳුල් දරුවා ලැබිලා. අනෙක් කෙනාගෙ අම්මා නැතිවෙලා. ඒ වෙනුවෙන් ඔහු අයත් ඒකකයේ සීඔිට කතා කරලා සෑම දෙයක්ම මැනේජ් කරල දුන්නා. එයාගෙ අම්ම නැතිවුනා කියල මගේ ෆෝන් එකට කෝල් එක ආවෙ. මෙිවා ගැන යමක් ඔබට නොතේරෙන්න පුලුවන්. නමුත් සංවිධානාත්මකභාවය අතින් ලංකාවෙි අංක එක ස්ථානයේ ඉන්න යුධ හමුදාව වෙතින්, මෙිවගේ දෙයක් වුනාම කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔිවා ඉතින් මං අකුරක් නෑර දන්නෙ කැරලි ගැහුවට ලිපිකරුවෙක් වශයෙන් රාජකාරි කරල තියෙන නිසා.  ඊට පස්සෙ ආයෙ චෙක් එකක් මාරු කරන්න සිදුවුනා. චෙක් එක මෙහෙ හිටපු හමුදා සිවිල් සේවකයන්ගෙ පඩි. එයාලා අයත් ස්ථානවලට ඔවුන් යැව්වා කියල ලියුම් ගහල, ආයෙ මෙි ගිණුමට ප්‍රේෂණපත් එවන්න එපා කියල තියෙද්දිත් ලියුම ලැබෙන්න පරක්කු වෙලා නිසා එවලා. සර්ට කෝල් අරං විස්තරේ කිව්වම සර් කියන්නෙ "ඒක හරි" කියල.  ආයෙ  "ඩන්"  කියනව. "ඩන්" කිව්ව ගමන්  සර්ගෙ අත්සන මං ගහනව.  මං තමා ඔය හැම එකක්ම අත්සන් කලේ. චෙක් එකත් මමම අත්සන් කරලා පරාක්‍රමපුරට ගිහින් ඒකත් මාරු කරලා ලක්ෂ දෙක හමාරකටත් ටිකක් වැඩි සල්ලිත් අරං, ඒවා 59 සේනාංකයට ගිහින් නිවැරදිව භාර දීලාත් තමා ඒ මෙහෙයුම අවසන් කලේ.  පරාක්‍රමපුර ගිහින් එන්න ඒ දවස්වල හරියටම දවසක් යනව. බයික් එක දෙපාරක් හිට්ටා. අන්තිම පාර කැඩිල කිලෝමීටර් ගානක් සහායකයාත් එක්ක දාඩිය දාගෙන තල්ලු කරං  නැදුන්කර්නිවලට ආවටත් පස්සෙ තමා එතන හිටපු සීසීඑම්පී කෝප්‍රල්  කෙනෙක් මාර්ගයෙන් ඒක හදවා ගත්තෙ.  ඒ පාරවල් වල වලවල් නෙමෙි තිබ්බෙ වගා ලිං. 


ඔඩ්ඩුසුඩාන්වලින් එහාට මෙහාට යන්න බෑ හමුදා ලයිෂන් එක නැත්තං. ඒකත් බැලන්ස් කලේ එතන ස්ටාෆ් කෙනෙකුට කියල. එම්ටී එකෙන් අවශ්‍ය පෙට්‍රලුත් ඉල්ලා දුන්නෙ ඒ ස්ටාෆ්. අදටත් සර්ගෙ අත්සන තිතක් නෑර හොඳට පුරුදුයි. හරිම හොඳ සර් කෙනෙක්. මට වඩා අවුරුදු දෙකයි වැඩිමල්. 


සති දෙකහමාරකට විතර පස්සෙ සර් සනීප වෙලා එයා අයත් ඒකකයෙන්ම ඇවිත් එක්ක ගිහින්.  හදවතට ගොඩාක් දුක දැනුනා. පස්සෙ ආයෙ අපි තනිවුනා. කන්න හිඟවුනා. මෙිව හමුදාවෙ වෙන්නෑ කියල ඔින කෙනෙකුට තර්ක කරන්න පුලුවන්. නමුත් 59 සේනාංකයෙන් මුතියංකට්ටු උසස් පාබල පුහුණු පාසලට එදා තිබුණු ප්‍රමුඛත්වය තමා ඒ. එහෙ එහෙම වුනා. එදා තිබුනු පරම සත්‍යය මෙික. ඒ තමා ඒ ස්කූල් එකට දක්වපු ඔිනෑකම. අපිත් කාටවත් සෙකන්ඩ් වෙන්න කැමතිවුනේ නෑ. ටිකිරි මොළෙන්  ඒකට උප්පරවැට්ටියක් කල්පනා කලා. සුපුරුදු පරිදිම මොලේ දකුණු පැත්ත හිරිවැටිල ඇඟ කිළිපොලා ගිහින් ගැස්සුනොත් හිරේත් යන්න වෙන මරු අදහසක් ආවා. මෙි වෙද්දි ඇමෝඩ්‍රම්ප් එකකුත් ඇබ්සන් අයගෙ අවි දෙකකුත් එක්ක අපේ අවිත් තියෙන ආමරියකුත් මෙි කඳවුරේ තිබුනා.මාත් ඇඟේ ලේ නැතුව හිටියෙ බයට. මයෙ අප්පේ රටින් පිටුවහල් කරන කේස්නෙ අප්ප ඔිව. ඒ හිංදම මායි ඇමෝඩ්‍රම්ප් එකේ කෝප්‍රලුයි සතර කම්මන්ත්‍රණයක් කරලා විශ්වාසවන්තම ලා/කෝ කෙනෙක් අල්ලගෙන කුප්ප දරුණු ගේමක් ගැහුවා. ගහල අපි ගියා ළඟ ළඟ අහල පහල කැලේ ඇවිදින්න. මෙතන එකට කඳවුරු තුනක් තිබුනෙ. අපි හිටියෙ මෙි වෙද්දි දෙවෙනි කඳවුරේ.අපි ඇවිදින්න ගියේ තුන් වෙනි එකට. ඒ ගිහින් පැය භාගයක් යන්න හම්බුනේ නෑ ගේම ගහන්නත් කලින්ම  ලා/කෝ එදිරි කෑ ගහගෙන ආව "සාජන් සාජන් ඇමෝ ඩ්‍රම්ප් එක කව්ද කඩලා" කියාගෙන. හත්තිලව්වයි. ඇඟ කිළිපොලාගියා. ඇස් දෙකේ භීතිය උතුරා ගියා. තොල කට වියැලුනා. අවසිහියෙන් මෙන් අපි සියල්ලෝම ඇමෝඩ්‍රම්ප් එකට දුවගෙන එනකොට ඒක කඩල දුම් බෝම්බ තුනකුත් අල්ලල විසි කරල. ඒවා පේන්නම දාල තිබුනෙ.  දොරත් හායි ගාල ඇරල දාල. 

කරන්න දෙයක් නෑ. ගත්ත සයිකලේ.තව එකෙක් නග්ග ගත්තා. ඒක භාරව හිටපු කෝප්‍රල්ට එතන ඉන්න කියල ගියා 64DIV සීසීඑම්පී එකට. ගිහින් රිපෝර්ට් කලා. අම්මට සිරි, විනාඩි දහයක් යද්දි මං දැක්කා සේනාංකාධිපතිගේ කාර්යාලය පැත්තෙ විශාල දුමක් නගිනවා. ඒ කියන්නෙ සීන් එකට ඒක ගිනි අරගෙන. එසැනින් ලෑන්ඩ් රෝවරයක සීසීඑම්පී කෙනයි සාජන් මෙිජර් කෙනෙකුයි ආවා.යමු කීවා.අපි ගියා. මෙි කඳවුරු තුනටම පිට ඒකක වලින් මරිසි හොයාගෙන එනවා. ඒ තහඩු,බැරල්,වතුර ටැංකි,බූමිතෙල්, ආදිය හොයාගෙන. ඊට කලින් දවසෙත් 17 කාතු එකෙන් ඇවිත්  බැරියර් එකත් ගලෝගෙන ගිහිං තිබුනෙ.හොරෙන් නෙමෙි අපෙන් අහල ඒ කරන්නෙ. අපෙන් අහපුවම අපි "හා" කියනව. මොකද අපි ඔිව ගෙදර ගෙනියන්නයැ.


එදා සිසිඑම්පී එකෙන් දුම් දාගෙන ඇවිත් විමර්ෂණය කරල අපෙන් කටඋත්තර ගත්තා. බඩු කිසිවක් අඩු නෑ. දැන් නැගල යන්නෙ කඩපු කේස් එක. මගේ පළවෙනිම කට උත්තරේ. ආටි සාජන් මෙිජර් ඉස්සරහ සීසීඑම්පී කෝප්‍රල්ට. කිව්වෙම අපි තහඩු ගලවන්න තුන්වෙනි කෑම්ප් එකට ගිය අතරෙ කව්රු හරි කඩල කියල. කේස් එක පාවි පාවි යන්න ගියේ 17කාතු එකට. ඒක තමා කිලෝමීටර් පහක් විතර ලඟින්ම තිබුනු එක. කව්රු උනත් කඩපු එකාට දඬුවම් ලැබෙන්න ඔිනමයි. අපි කියන්නෙත් ඒක. හමුදාවෙ හොරකම් කරන්න බෑනෙ. අනික පුපුරණ ද්‍රව්‍ය. ඒ වුනාට අපි කියන එකක්වත් සාජන් මෙිජර්ට සුවර් නෑ.අපි දිහා  බලන්නෙම වපර ඇහෙන්. බලන්නෙම වපර ඇහෙන්. ඒ ඒ වෙද්දි මෙි කඳවුරේ තිබුනු තත්ත්වය නිසා. පස්සෙ පැත්තක තියෙන යුනිට් එකක් අසරණ නොකර, එයාලත් ගහකටවත් කියන්නෑ කියල  පොරොන්දුවුනාට පස්සෙ ඇත්තම කිව්වා. ඊට පස්සෙ කිව්වා 

"කිසි දේකට බයවෙන්න එපා සැරයන්, ඔිගොල්ලො දවස් දෙකක් ඇතුලත යුනිට්වලට යවනවා. ඇහුම්කන් නෙදෙීපු අය එතකොට බලයි, අපි මෙිකට ඉහලටම රිපෝර්ට් එකකුත් යවනව" කියල. 

හම්මටසිරි කියන්නෙ පහුවදා උදේ අට වෙද්දි වාහන නෑ නෑ කිය කිය හිටපු 59 සේනාංකෙ වගකිවයුතු නිලතල ඔක්කෝම එතන. අපිට එයාල ආවොත් කියන්න ඔින විදියත් අරගොල්ලොම කියල ගියෙ. අපිත් ඒ එක වචනයක් වෙනස් නොකර කිව්වා. එදා හවස් වෙද්දි අපි සේරම 59 සේනාංකෙ. ඊට පහුවදා එහෙ සීසීඑම්පී එකට කට උත්තර දීල එදා හවසම මාවත් යුනිට් එකෙන් ඇවිත්ම එක්කං ගියා. සංදෝෂයි ඉදිං..


මං මගේ මුළු සේවා කාලයටම  හදවතට එකඟව අවංකවම රාජකාරි කලේ ඔන්න ඔය  මාස තුනක හතරක  කාලෙ විතරයි. අනෙක් විසි එකයි මාස නවයක කාලෙම ගෙවිල ගියේ ආතල් එකේ.  තව නිදහසේම හිටපු කාලයකුත් හිංද මං තාමත් මුතියංකට්ටු සිහි කර කර,  හිතෙන් මහා සතුටක්, තෘප්තියක් ලබනවා. කාලයක් යනකම් මෙිජර් ක්‍රිශාන් සර් කතා කලා. පස්සෙ නම්බර් වැඩනෑ. මුහුනු පොතෙත් කීප වතාවක්ම එක එක විදියට නම ගහල හෙව්ව.ඒත් නෑ. මෙි කතාව බලන කියවන හමුදාවෙ කව්රු හරි ඒ සර්ව දන්නවනං ඉන්න තැනක් හරි දන්නවනං කන්ට්‍රෑක්ට් නම්බර් එකක් තියෙනවනං හරි කොහොමහරි සම්බන්ධකරල  දුන්නොත් ඒකත් ලොකු උදව්වක්. අන්තිමට කතා කරද්දි හිටියෙ ලිඳවැව පුහුණු පාසලේ. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.05.23

Friday, May 21, 2021

තවත් එක් මිලිටරි කතාවක් නොවෙි



ලෝකයේ මිනිස්කම මිය ඇදෙමින් තිබෙි. මිනිසා යන සත්ත්වයා මෙි පෘතුවි ගෝලයට බිහිවූ මොහොතේ පටන්  මිනිසා නැතිවී යාමෙි ආරම්භයත් ඇරඹුනි. ඒ  "යමක නැතිවීම ආරම්භ වන්නේ එය ඇතිවූ මොහොතෙනි" යන සනාතන දහම සත්‍ය කරවමිනි. මිනිසා තවත් කාලයක් මෙි ලෝකයේ ජීවත් වෙනු ඇත. නමුත් මිනිසා ගල්යුගයෙන් පසු අද සිටින තත්ත්වයට පත්ව ඇත්තේ අහම්බයකින්නම් නොවෙි. ආදි මිනිසා විසූ මධ්‍යතන යුගයෙත්  සොහොන් භාවිතාව ඉහල මට්ටමක තිබුනිනම් ඔවුන්ගේ ගුණ දහම්ද ඒ තරමටම දියුණු නැතැයි කිව හැක්කේ කා හටද?. මිනිසා පරිනාමය වෙමින් ආ ගමනේදී මෙි දක්වා ගුණ දහම්ද පරිනාමය වී අද පවතින තත්ත්වයට පත්ව  තිබෙි. එය අදින් මෙතෙකින් නවතින්නේ නැත. තව තවත් පරිනාමය වෙි. මිනිසා තුත්තිරි ගස් සෙවනේ විවෙිකය ගත කරන කාලයක් පැමිණේ. ඒ තරමටම මිනිස් ගුණයද හීන වෙි. නමුත් තාමත් මිනිස්කම මිහිතලයෙන් අතු ගෑවී නැත. එබැවිනි ඉඳ හිට හෝ තැනකින් මෙි ලෝකයේ මිනිසත් කමින් පරිපූර්ණ මිනිසුන් එකෙකු හෝ කිහිප දෙනෙකු බිහිවෙන්නේ. නූතන තාක්ෂණයට (MODERN TECHNOLOGY ) අනුව මිනිසාට සියලු දේ පහසු කරවන නවතම සොයා ගැනීම් කර ඇත්තේ ඉතාම ස්වල්පයකි. සොයාගැනීමට හෝ නිපදවීමට තවත් බොහෝ දේ ඇත. ඒවා සියල්ලෙහි බිහිවීමත් සමග මෙි මන්දාකිණියේ අවසාන මොහොතත් ලඟාවෙනු ඇත. 


නූතන ලෝකයේ රටවල් අතර බල අරගලයක් බිහිව තිබෙි. එයට ආසන්නතම සහ වත්මන් උදාහරණය ලෙස ඊශ්‍රායලය හා පලස්තීනය දැක්විය හැකිය. කිසිම රටක් ජාතියක් තවත් රටකට ජාතියකට නොදෙවෙනි වීමට ඇති අකමැත්ත මත එය මොහොතෙන් මොහොත දරුණුවනු ඇත. ඒ ඒ රටවල මිනිසුන් විනාශ භාවයටද පත්වනු ඇත. නමුත් තමන්ගේම මතයේ එල්බගෙන සිටින නායකයින් තම අරමුණු උදෙසා මිසක් තමන්ගේ හෝ තවත් මිනිස් කොට්ඨාශයක් හෝ කොට්ඨාශයන් කෙරෙහි අවධානය නොදක්වනු ඇත. එයින්ම මෙි සූර්‍යග්‍රහ මණ්ඩලයේ ජීවින් බිහිව සිටීම අතින් හුදෙකලා ලෝකයක් ලෙස පෘතුවියද දිනක විනාශ වී යනු ඇත. එහෙත් එවැනි " මිනිසාගේ මිනිස් සතුරන්" නැවැත්වීමට ⁣ඊට වඩා බලවත් යුග පුරුෂයෙකු මෙි ලෝකයේම තැනකින් බිහිවනු ඇත. ඒවාට විරුද්ධව හඬ නගනු ඇත. ඒවා වළක්වා ඔවුන්ව විනාශ කරනු ඇත. ලෝකය බෙිරා ගනු ඇත. නැවත සාම කාලයක් ඇරඹී දසරාජ ධර්මයෙන් ලෝකය පාලනය කරනු ඇත. මෙි එවැනි කතාවක් නූනත්, තමන්ට හැකි පරිදි මිනිසාට විරුද්ධව නැගී සිටින මිනිස් සතුරෙකුට එරෙහිව නැගී සිට,  මෙි ලෝකය වෙනුවෙන් යමක් කර සතුටින් මියගිය මිනිසෙක් පිළිබඳවයි. මෙි ඔහු වෙනුවෙන් රෝස මල් මිටකි. 


ඔහු උපත ලබන්නේ මොරොක්කෝවෙිදී දුගී දුප්පත් පවුලකයි. අනන්තවත් අඟහිඟතා අතුරින් නමුත්, සතුටින් ජීවත් වන පවුලක එකම දරුවා වූ ඔහු පාසැල් අධ්‍යාපනයක් ලබන්නේ නැත. ඒ වෙනුවට ඔහුට උරුම වෙන්නේ බැටළුවන්, ගවයන්, ආදී සතුන් බලාගැනීමෙි පියාගේ උරුමයෙන් ලැබෙන රැකියාවයි. නමුත් යන්තම් ලිවිමෙි කියවීමෙි හැකියාවක් ඇති පියා වැලි පියසිවල තම එකම දරුවාට අකුරු හුරු කරවන්නේ බස් එකක බෝඩ් එකක්, බෙහෙත් තුංඩුවක් හෝ කියවාගත හැකි පරිද්දෙන් දැනුමක් ලබා දීමටයි. නමුත් තම පියාගේ දහඩිය සුවඳට වඩාත් ඇළුම් කරන ඔහු පියාගේ සෑම වචනයක් අකුරක්ම සිතේ දැඩිව ධාරණය කරගනු ලබන්නේ, දිනක  "කවදා හරි මෙි ලෝකය වෙනස් කරමි. මගෙන් මතු දරුවනට වැලි පියසිවල අකුරු කරවන යුගය නැති කර දමමි" යන ඒකායන බලාපොරොත්තුවෙන් යුතුවයි. සතුන් බලාගැනීමෙන් ලැබෙනා හැම සතයෙන්ම පොත් පත්තර කියවීමට මිලදී ගන්නේ ඔහුගේම සැලසුමකට අනුවයි. ඔහුට ඉගෙනීම තරම් ප්‍රිය විෂයයක් මෙි මිහිතලය මත නොතිබිනි.

කාලය වියැකින. ඔහු ක්‍රම ක්‍රමයෙන් ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයකට ඇතුළු විය. ඒ සඳහා ඔිනෑවටත් වඩා සුදුසුකම් ඔහු ස්වඋත්සාහයෙන් ඇති කර ගෙන තිබුනි. ⁣මුල් යුගයේ පටන්ම ඔහුගේ නවාතැන වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිකල ගමෙි එකම පුස්තකාලයයි. ලෝකය වෙනස් කිරීමෙි තරමටම නූනත් ඒ සඳහා නිසි පන්නරයක් විශ්ව විද්‍යාලයෙන් ඔහුට ලැබිණි. නායකත්ව ගුනාංග ඔහුගෙන් මොනවට පැහැදිලි විය. සරසවියෙන් පිටවීමත් සමග හමුදාවට බැඳෙන ඔහු තරු දෙකක කපිතාන් වරයෙකි. කඳවුරේ ඔහුගේ කාමරය පුරා අලවා තිබුනේ අඩ නිරුවත් කෙල්ලන්ගේ පින්තූර වෙනුවට ජෙනරාල් කොලින් පවෙල්,AK 47 අවිය නිපදවූ රුසියානු ගොවිපවුලේ 17වැනි දරුවා වූ මෙිජර් ජනරාල් මිහායල් කැලැස්නීකොෆ්,ෆීල්ඩ් මාර්ෂල් සාමි මණික්ෂෝ,ෆීල්ඩ් මාර්ෂල් අර්වින් රොමෙල්,මාර්ෂල් ෂුකෝෆ් සහ තවත් හමුදා ප්‍රධානීන්ගේ පිංතූර විය. ඒ තමන්ගේ ගමනට තෝරාගත් විෂය පථයට අදාල රට රටවල ශ්‍රේෂ්ඨ හමුදා නායකයින්ගේය. හොඳ වෙලාවට එකල ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නොසිටියේය. සිටියානම් ඔහුගෙත් පින්තූරයක් ඒ අතර අලවා සීයට තුනකගෙන් කුණුහබ්බ අසන්නට ඉඩ තිබුනි. එහෙත් තමාත් කවදා හෝ ඔවුන් පත්වූ තත්ත්වයට පත් වෙියැයි අද කතානායකයාද නොදැන සිටින්නට ඇත. අවාසනාවට මුලින්ම ඔහුට මුහුන දීමට සිදුවන්නේ මුස්ලිම් ත්‍රස්ථවාදයට විරුද්ධවයි.


 පුහුණුවෙන් පසු ඔහුව මුස්ලිම් ත්‍රස්ථවාදීන් ගහණ නගරයකට පළමු රාජකාරිය සඳහා කැඳවීය. ඒ තම රටෙි ප්‍රධාන නගරයකට එල්ලවූ ප්‍රහාරයක් හේතුවෙනි. ඒ ඔහුගේ පළමු යුධ අත්දැකීම වන අතර ඊට සීමිත භඨ පිරිසක් පමණක් සහභාගි විය. කුඩා කණ්ඩායමක් සමග සතුරාගේ භූමියට ඇතුල්වී නගරබද,කැලෑ බද මෙන්ම කාන්තාරයේද ඔහුට සටන් කරන්නට සිදුවිය. පළමු අත්දැකීමෙන්ම ඔහුගේ නායකත්වයෙන් යුත් භඨ පිරිස් ජයග්‍රහණය ලබා ගත් අතර,  නිතර නිතර එවැනි කුඩා කණ්ඩායම් සමග සතුරු භූමියට ඇතුල්වී විශ්මය ජනක ප්‍රහාර එල්ල කොට ඔවුන් පොදි පිටින් මරා දමන්නට ඔහුට සිදුවිය. වරෙක බරපතල ලෙස සටනකදී තුවාල ලබන ඔහු ඒ තුවාල සුවවීමත් සමග නිළ උසස්වීමක්ද ලබා නැවත සටන් බිමට පැමිණියේය. එසේ පියවරෙන් පියවර ඉහලට ආ ඔහු සහභාගිවූ සටන් එසේ මෙසේ ඒවා නොවෙි.  යුධ සැලසුම් අතින් එදා මෙදා තුර ලෝකයේ බිහිවූ "ක්ලෝස්විට්ස්"ගේ  "සතුරාට රිංගීමට කිසි ඉඩක් නැති" වැනි යුධ සැලසුම් සකස් කරමින් ඔහු සතුරන් හඹා ගියේය. පහර පිට පහර දීය. ඉන් ත්‍රස්ථවාදී සමාජයේ මහත් කැළඹීමක් ඇති කරවන්නට පවා ඔහු සමත්වීය. 


වරෙක මොවුන් ඉතා රහසේ තම නගරයට රිංගා සිටින බැව් දැනගත් ත්‍රස්ථවාදීහු ඒ නගරයේම කොටසක් ප්‍රාන ඇපයට ගත්හ. මීට පෙරද මෙම නගරයේ ඇතිවූ සටනකින් සුනු විසුනුව ගිය ගොඩනැගිලි පවා අලුත්වැඩියා කිරීමට පෙර නැවත වරක් එම නගරයටම ඇතුල්වූ මොහු හා සගයන් මතුවන්නේ උමගකිනි. ඒ සටන්කාමීන් විසින්ම සැඟවීමට භාවිතාකල උමගකි. ඒ උමග තුල සටන සැලසුම් කරමින් එක්වරම මතුවූ ඔවුහු සැඟවී පහරදීමෙි කලාව අනුගමනය කලහ. ඉන් යම් හානියකට පත් සටන්කාමීන් ප්‍රාන ඇපයට ගත් මිනිසුන් තිදෙනෙකු මරා ප්‍රදර්ශණය කර හමුදා සාමාජිකයන්ට යටත් වීමට අණ කලේය. එහෙත් යටත්වීමක් ගැන සිතිවිල්ලක් පවා නොදන්නා ඔවුන් ඉතා සංකිර්ණ එහෙත් භයංකාර සටනකට මුල පිරීය. එහි අවසානයවූයේ ඒ නගරයේ සිටි බොහොමයක් සටන්කාමීන් මරාදමා ප්‍රාණ ඇපකරුවන් නිරුපද්‍රිතව බෙිරා ගැනීමයි. පැරදුණු සටන්කාමීහු පළා යන්නට පටන් ගත් විගස මොවුන්ද හඹාගොස් ප්‍රහාර එල්ල කරන්නට විය. ඉන් පළා ගිය සටන්කාමීහුද සමූලඝාතන යකින් අවසන් කිරීමට ඔහුට හැකිවිය. ගුවනින් කිසිදු සහයක් නොලබා කාන්තාරයකදී දින දෙකක් පුරා කල දරුණු සටනකදී ඔහු නැවත වරක් සුළු තුවාල ලැබුවෙිය. ස්වාභාවික දුහුවිලි කුණාටු මැද  නමුත්, එහි සිටි සටන්කාමීන් එකිනෙකා මරා දමමින් ඔවුන්ට භීතිය දනවා එතනිනුත් පලවා හරින්නට මොහු හා සගයින් සමත්විය. ඉන් තමාගේ භඨ පිරිසෙන් හරි අඩක් ඔහුට අහිමිවිය. නමුත් නියම වීරයෙකුට නිවැරදි සැළසුමක් ඇත්තේනම් භඨ පිරිස් ඌනතාවය ගැටළුවක් නොවෙි. එය මනාවට ඔප්පුකල ඔහු අඩු සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගන්නට විය. 


වරෙක ඔහු සිටි අණුකණ්ඩයට කඩාවදින විශාල සටන් කාමීන් පිරිසක් මොවුන්ට දැඩි ප්‍රහාර එල්ල කරන්නට විය. අවාසනාවකට එයට මුහුන දීමට  ඇති තරම් භඨ පිරිසක් සිටියත් ඒ සියල්ලෝම මොහු වාගේ දක්ෂයින් නොවීය. දක්ෂයා සතුරාට කොටුවූවත් ඔහුගේ සටන ජයග්‍රාහීය. දින එක හමාරක කාලයක් තිස්සේ ඒ බැව් ඉතා හොඳින් ඔප්පු කරමින් වරින් වර විස්මය ජනක ප්‍රහාර එල්ලකරමින් මෙි හිතුවක්කාරී සටන්කාමීහු මට්ටු කරන්නට ඔහු උත්සාහ ගත්තේය. සටන දිග් ගැස්සින. ඔහු සිටි ගොඩනැගිල්ලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල විය. ඉන් මොහුගේ දක්ෂයින් කිහිප දෙනෙකුම මරුමුවට පත්විය. සමහරක් බරපතල තුවාල ලැබීය. නමුත් සටන පැවැත්විණ. බළකොටුවට ඇතුලුවූ සටන්කාමීන් මොහු සොයා බළ කඳවුරම පීරන්නට විය. එයින් උද්දාමයට පත් සටන් කාමීන් තමාගේ විනාශ මුඛයම එය බැව් තේරුම් නොගන්නට තරම් මූඪ විය. දක්ෂයාට තැනක් නොතැනක් නැත. ඉතිරි භඨ පිරිස්ගෙන් ප්‍රථිසංවිධානයවූ ඔවුන් සතුරා එන තැන්වල රැකවල් ලා සිටියේය. ප්‍රහාර එල්ල කලහ. නමුත් සටන දිග්ගැස්සුනා විනා දෙපාර්ශ්වයම සටන අත්හරින්නට සූදානම් නැත. 


සටන්කාමීන්ට සහය සඳහා තවත් පිරිස් ඇදී එන්නටවිය. නොසිතූ ලෙස සටන්කාමීන්ගේ පිරිස් බලය වැඩිවී ප්‍රහාර දැඩිවන්නට විය. ඉතිරිවී ඇති සීමිත භඨ පිරිස් නිර්භය ලෙස හසුරවන්නට කුමන තත්වයේ සිටියත් ඔහුට හැකිවිය. මෙි වන විට අතිරේක භඨ පිරිස් මොහුට සහාය සඳහා පැමිණෙන්නට විය. ඔවුන්ට මඟදීම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලවූවත්, ඉන් නොනැවතුනත්, පැමිණීමෙි වෙිගය අඩාලවිය. ඒ වන විට සටන්කාමීන්ට මුහුණ දීගත නොහී උහුහු ගොඩනැගිල්ලේ සඳලුතලය කරා පැමිණ එක් එක් සතුරා ඉලක්ක කර එකා දෙන්නා මරා දමන්නට විය. ඒ වනම තව මොහොතකින් ගුවන් ප්‍රහාරයක්  එල්ලවීමට නියමිත බැවි සටන්කාමීන්ට දැනෙන්නට විය. ඒ නිදහස් අහස්තලය කාර්‍යබහුල කරමින් පියාසර කල එම්අයි 24 ප්‍රහාරක යානා දෙකක් පැමිණෙන ශබ්දය නිසාවෙනි. එයින් කලබලයට පත් සතුරන්, සිටි සිටි තැන්වලින් පසුබා එලියට පැමිණ සැඟවෙන්නට උත්සාහ කලේය. වැලි කඳු ආවරණය කරමින් ස්ථානගත කර තිබූ මෝටාර් ප්‍රහාරකයන් ඒවාද දමා හිස් ලූ ලූ අත දුවන්නට විය. එහෙත් ගුවනේ සිට ඉලක්කපත් සියල්ල පැහැදිලිව දුටු නියමුවන් තමන් රැගෙන ආ බෝම්බ එකිනෙක ඔවුන් ඉලක්ක කර නිදහස් කරන්නට වූයෙන්, එ සමග ඔවුන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කලේය. සීසීකඩ සටන්කාමින් මැරී වැටෙන්නට විය. එයින් තවත් ශක්තිමත්වුනු කතානායකයා සිටි තැනින් නැගිට දුවන සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කර ඔවුන්ද මරා දමන්නට විය. 


නමුත් වෙිලාව පැමිණි විට කොයි මිනිසාත් යා යුතුය. එය නියදමකි. මුස්ලිම් සටන්කාමීන්ගේ සමාජයම භීතියට පත්කරවමින්ද වරෙක සමූල ඝාතනය කරමින්ද, ඔවුන්ගේ කඳවුරුවලට කඩා පනිමින් මුරුගසන් වරුෂාවක් මෙන් වෙඩි උණ්ඩ සී සී කඩ වස්සවා ඔවුන් ඝාතනය කරමින්ද, තමන්ගේ අයට ආදරණීය නායකයකු වූ ඔහු ඈත ගල්කුලක මුවාවී සිටි සැඟවුන වෙඩික්කරුවෙකුගේ උණ්ඩයකට බිලිවිය. සටනේ අවසානය දැක දැකත් එසේ වා තලයට තම හුස්ම පොද එක්කල ඔහු වෙනකෙකු නොව නම කී පමණින් මුළු ලොවම හඳුනන උප කර්නල් ස්ට්‍රින් ග්‍රේය. සටන්කාමින් රැසකට මරණය ගෙනා ඔහු සටන්කාමියෙකුගේම වෙඩි උණ්ඩයට බිලිවී මහ පොලොව සිපගත්තේ එය දකින කාගේත් දෙනෙතට කඳුළක් එක්කරමිනි. එතෙකින් "හිංදි ඩබොඩ් පුල් ඇක්සන් මූවි එච්ඩී -2020 නිමාවට පත්විය. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.05.21

Tuesday, May 18, 2021

රෑහු ගස්

 යුධ හමුදාවෙ රාජකාරි කරනකොට අටෝරාසියක් විතර  පස්න එනවා. ඒ ප්‍රශ්ණ හමුවෙි නොසැලී නොබියව ඒවාට මුහුන දෙන එකට තමා හමුදාව කියන්නෙ. ඒ ප්‍රශ්ණ ලොකු පොඩි බෙිදයක් නෑ, ප්‍රශ්ණ නම් ප්‍රශ්ණ තමා. ඒක තමා හමුදාවෙ ඇල්පබට් එකට "ප්‍රශ්ණ" කියන වචනය එකතු කරල නැත්තෙ. අපි බාවිතා කරන වචන අසූහාරදාහක් විතර අතරින් හමුදාවෙ  වචන තුනක් භාවිත වෙන්නෑ. ඒ "ප්‍රශ්ණ"  "බෑ" සහ "නින්ද" කියන වචන තුන.  ඒ වෙනුවට භාවිතා කරන්නෙ "ගැටළු" "අපහසු" සහ "විවෙිකය". ප්‍රශ්ණ කිව්වොත් ඌ ගැටළුවා. බෑ කිව්වොත් හක්ක පන්නනවා. නිදා ගත්තොත් කෙලවර වෙන්නෙ මරණයෙන්. හමුදාවෙ බංකරයක රාජකාරි ඉද්දි "කුකුළා ගැසීම" නොහොත් "නිදි කිරීම" "කුකුල් නින්ද" දෙපාර්ශ්වයෙන්ම මරුවා කැඳවනවා. ඒක සතුරා දැක්කොත් බෙල්ල කපල කඳවුරට ඇතුල්වී කඳවුරම විනාශ කල හැකියි. ඒක නොවිච්චි දෙයක් නෙමෙි වෙච්චි දෙයක්. ඒකට එක් උදාහරණයක් මගේම බැචෙක් වූ ජයපාල දුන්නා. වාසනාවකට කඳවුරට ඇතුල් වෙන්න බැරිවුනා. අනිත් පාර්ශ්වය අපේම නීති රීති. කුකුළා ගසා හසුවුවහොත් ඩිෆෙන්ස් එක උඩට නග්ගල වෙඩි තියල දාන්න පුලුවන් කියල එකල මගේත් එක්ක පොයින්ට් එකක රාජකාරි හිටපු අමරනායක ට මෙිජර් සෙනෙවිරත්න නොහොත් එවකට අපිට අණ දීපු නිඅ තුමා කියල තියෙනව. ඒ කියල අපි කුකුළා නොගසා හිටියෙත් නෑ. ක්‍රමෙිට හැමදේම කලා. ආධුනිකයා කාලෙ හොරෙන් සිගරට් බීල බීල පොයින්ට් එකට ගියාම ඒ කුකුල් නින්ද වදින්නෙ අපිත් නොදැනුවත්වම. මටත් එක දවසක් කිරාන් වලදි කුකුල වැදිල පැය දෙකක් තිස්සෙ මහ අපා දුකක් වින්දා. ඒ විසිට් එකකට අහුවෙලා.  කඳවුර පාවා දීම වගේ බරපතල වැරැද්දක් ඒක. 


මං තල් කොටෙිකට හේත්තුවෙලා අවියත් තල් කොටෙි උඩින් තියාගෙන ඉදිරි භූමිය දිහා දෑස් දල්වගෙන බලා හිටියෙ එන කොටියෙක් වරෙවි..දෙන්නං ජම්බු කියල හිතාගෙන. ඒත් එහෙම ඉද්දි දන්නෙම නැතුව නින්ද ගිහින් මට ජම්බු හම්බුනා දවසක්.  ඒ අතර විසිට් එකක් ඇවිත්,


*ඒහ් උඹට නින්ද ගියාද?

*පිස්සුද කෝප්‍රල් නෑ..

*ඔව් මට පිස්සුනේ.. තොට නින්ද ගියේත් නෑනෙ නේද කියල අහල ලඟට ආපු කෝපල් හදවතින් බුර බුරා නැගෙන අප්‍රමාණ අල්පප්‍රාණ මහප්‍රාන ආදර ස්නේහයෙන් සහෝදර ප්‍රේමයෙන් ඇඟේ උපරිම හයිය දාල හක්කෙ දෙපැත්තම අතගාල 

*තොට නින්ද ගියේ නැත්තං තෝ දැක්කද මගේ රැපියල් පහක් මෙි කානුවට වැටෙනවා...

ඒත් නින්ද ගියා කියල පිලිගන්න බැරිවුනු මං

*ඔව් කෝපල් "ජබොක්" ගාලනෙ වැටුනෙ.මං අහගෙන .

*ඔවි ජබුක් ගාල වැටුනෙ එහෙනං ඒක බැහැල හොයල දීපංකො හොඳ මල්ලි වගේ..

කියනවත් එක්කම අවිය බංකරේ ඇතුලෙන් තියන්න අවිය ගන්න හදනකොට අවියත් නෑ. මොකද එහෙම උනාම සෑහෙන වෙලාවක් යනකං සෙන්ට්‍රි ඉන්න වෙන්නෑ කියල මං දන්නව.ඒක තමා අවිය බංකරෙන් තියන්න හෙව්වෙ.

හත්තිකේ කියන්නෙ එතකොට තමා දෙලෝ රත්වුනේ. මාත් ඉතින් ස්වයං වින්දනේ යෙදෙද්දි අම්මට අහුවුනා වගෙ හැඟීමකින් කෝප්‍රල් දිහා බැලුවෙ "නින්ද ගිහින් වගේ තමා කෝපල්" කියන විදියට. 


*හ්ම් කෝ ඉතින්. බැහැපං කානුවට.

දවස් ගානක් තිස්සෙ වැහැලා වැහැලා වතුර පිරීතිරී යන බොරම  බොර පාට කරවටක් දක්වා ගැඹුරු යුද අගලට යුනිෆෝම් එක පිටින්ම මාත් ස්විම්පූල් එකකට පනින ආකාරයට "ජබ්බූංං" ගාල පැන්නෙ අහිංසකයගෙ රුපියල් පහ හොයා දෙන්න. මොනහ්..පැය භාගයක්නං ඔට්ටුවුනා. ඒත් ඒකෙ රුපියල් පහක් තියා එක පයිසයක් තිබ්බෙ නෑ. ඒ අස්සෙ අහට්ට පීනනකොට මෙහට්ට වැටුනෙයි මෙහට්ට එනකොට අහට්ට වැටුනෙයි කිය කිය පැය භාගයක් විතර අහට්ටත් මෙහට්ටත් දක්කපු කෝපල් 

*නැත්තං ගොඩ වරෙන් ඒක ඔින්නෑ...කිව්වම ඉහිං කනිං මඩත් මඩ වතුරත් වැක්කිරි වැක්කිරි ගොඩට ආවෙ සේප් එකේ එතනින් බඩු ඉවර වෙයි කියලා හිතාගෙන. ඒත් මොනහ්...

*උඹ දන්නවද පුද්ගලික වාහන ගැන.

*දන්නව කෝපල්

*එහෙනං පුද්ගලික වාහනේම ගිහින් නයිට් ගාඩ් හතේ ඉන්න සෙන්ට්‍රි කව්ද කියල බලා වරෙං...

අනේ ඉතින් මාත් පෝවර්ඩ් රෝල් එකේ මීටර් සීයක් විතර දුර පොයින්ට් එකට ගිහින් ආයෙත් පුද්ගලික වාහනෙන් හිටපු පොයින්ට් එකට ආවෙ "නින්ද ගියා කියල පිලිගන්න වෙයි වගේ" කියල හිත හිත.ඒ ආකාරයට පැනි බඹරෙ, පුෂප්,ස්කොට්, හාෆ් ස්කොට් ආදී නොයෙක් වද බන්ධන වලට ලක්වූ මං, හංගපු   තුවක්කුවත් කෝප්‍රල්ගෙන්ම ඉල්ලගෙන මඩ පිටින්ම ඉතුරු පැය දෙකත් ඇහැරල හිටියෙ ඒ වෙද්දි නිදාගෙන හිටපු ඈයන්ට පව් කියල හිතුනු හිංද. පව්. මහන්සි වෙලා වෙලා නිදාගත්ත අනික් බැචාලා දෙන්නා. මං ඉතින් ඇහැරෙව්වෙම නෑ. එලි වෙනකං සෙන්ට්‍රි හිටියා. පරණ ආමි කාරයා  මෝඩයා කියන්නෙ උන් කවදාවත් මොලේ ඇති වැඩක් නං මං දන්න කාලෙක කරල නෑ. 


ඒ තමා මගේ පළමු සහ අවසාන කුකුල් නින්ද. එතනින් පස්සෙ ආයෙ කවදාවත් කුකුල ගැහුවෙ නෑ. එහෙම ඉන්නකොට තමා 116 බැච් එකෙන් ටීම් එකක් අපේ කණ්ඩායමට ආවෙ. අළුතෙන් බැච් එකක් ආහම ඊට කලින් බැච් එකට කරන්න තියෙන වැඩ ගොඩක් අඩුවෙනව. එතකොට අපි සීනියර්. ජූනියර්ල ලව්ව ඒව කරවීම තමා සීනියර්ලගෙ වගකීම. මාත් දන්නෙම නැතුව සීනියර් වෙලා ජුනියර්ල අපිටත් කෝප්‍රල් කියල අමතන කොට දැනෙන හැඟීම ඒ දවස්වල තරිඳු එකෙන්වත් ඩෙිවිඩ් එකෙන්වත් ගන්න බෑ. කඳවුරේ විසිට් එන්න පටන් ගන්නෙ රෑ 11 ඉඳලා. එතකං විසිට් ගියේ ආරච්චිත් තව බැචැල දෙතුන් දෙනෙකුත් විතරයි. ඒ යන්නෙ රෙක්කුට්ලා චෙක් කරන්න. කෝපල්ලට අහුවුනොත් හකු සම්බල් ⁣කරනව. ඒත් අපි ගියා. අපේ කණ්ඩ භාර සැරයන්ට මුළු කඳවුරේම කෝපල්ලා ලාන්ස්ලා සීනියර් ප්‍රයිවට්ලා බයයි. උන්දැට පටි ඇතා නැතා වැඩක් නෑ, හැරිච්චි හැරිච්චි අතේ  වනනව. මමත් දවස් දෙක තුනකට සැරයක් කාලම ඇති වෙලා හිටියෙ. පස්සෙ සාජන්  "තොට ආයෙ ගහන්න තැනක් නෑ, තොට ඔින විදියකට හිටු" කියල මාව නිදැල්ලෙ ඇරල හිටියෙ. ඒ වුනාට එයා මට හරි ආදරෙයි. කොච්චර අධික රාජකාරි බරවැඩ කලත් තව එකෙක් හිනස්සල අපිත් හිනාවෙන වැඩක් කරනවානං කලේ මමත් සේනාරත්න කියල පළවෙනි බැජ් එකේ එකෙකුත් විතරයි. 


අපේ සාජන් දවසකට සිගරට් පෙට්ටියක් බොනවා. පැටල් කරල එකපිට දෙකක් ඇදල තමා නවතින්නෙ. ආයෙ පැය බාගෙන් විතර ආයෙ දෙකක් පැටල් කරනවා. ඒ හිංදම පොරට සෙමත් හැදිල තියෙන්නෙ. හැම තිස්සෙම "උහුක් හුක්"ගාල බාගෙට කහිනව වගේ උගුර පාදනවා. ඒ සද්දෙ අපේ ලේවලට කැවිල තියෙන්නෙ. පොර ගාඩ් රූම් එක ගාවින් විසිට් එක එන්න පටන් ගත්තම කඳවුරේ පිටි පස්සෙම පොයින්ට් වල ඉන්න අපිත් දන්නවා බඩු විසිට් එකට බැහැල ඉන්නෙ කියලා. ඒ අර සද්දෙන්. ඒක පොර එක්තරා රිද්මයකට කරන්නෙ. ඒක මට හොඳට පුරුදුයි. එක දවසක් රෑ දහයට විතර මාත් ඒ ක්‍රමෙිටම බංකර් දෙක තුනක "උහුක්-හුක්" ගගා විසිට් එකක් ගියා. ඒ ටයිම් එකට ඉන්නෙ බැචාලා සහ අළුත් අය නිසා අවුලකුත් නෑ.බංකරයක් කිට්ටුවෙලා අර සද්දෙ දාපුවම ඈත ක්ෂිතිජය දිහා බංකර්වල වහල උඩයි අරහෙයි මෙහෙයි හොරාට ඉඳගෙන බලා හිටපු ඈයො තහඩු ජර බර ගගා බිමට පනිනකොට දැනුනු ආතල් එක මාරයි. මාරම ආතල් එක උං බනිද්දි. ඒ ඇම්ම නිට්ටාවටම සුවකලේ දවසක් එක්තරා අඳුරු රාත්‍රියකදි බැචෙක් වෙනුවට සෙන්ට්‍රි හිටපු ලාන්ස් කෝප්‍රල් කෙනෙක්. ඒ ඔෆිසර් මෙස් එක ළඟ පොයින්ට් එකේදි. හක්කත් අතගාලා නාහෙත් අතගාලා  පස්සෙ උන්දැ මාව අහු ගහක් ගහක්  උඩ නැග්ගුවා. නග්ගල කිව්ව "රෑහු ගහේ රැවු ඉදිලා රෑහු කන්න වරෝ" කියල කෑ ගහපං කියලා. හිමිං කෑගහන්න කිව්වට ගිරියෙන්ම කෑ ගහල කිව්වෙ මුලු කඳවුරටම ඇහෙන්න. කෝප්‍රල් "හිමිං හිමිං" කියද්දි වර්ඩ්  එකේ තිබ්බ ආතල් එකේ වැඩිකමට  මං තව හයියෙන් කෑ ගැහුවා. ඒක ඇහිච්චි ලුතිතන් විජේරත්න හට් එකෙන් එලියට ඇවිත් "කව්ද ඩෝ සබ්ජෙක්ට් එකට කතා කරන්නෙ" කියල බලද්දි වැඩෙි පුල් සීරියස් නැගල ගියා. අවසානෙ කෝප්‍රල් දවස් තුනක් කන්ටින්‍යු රෝඩ් බ්ලොක්. මං දවස් තුනක් බැට්ල් ඔිඩර් ගහගෙන දවස පුරා විසි ගහල තමා ඒකෙ දඬුවම ඉවර කලේ.





රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.05.18

Monday, May 17, 2021

වට්ස්ඇප් එකේ කවි සංවාදය

 වස්සැප් එකේ අක්කි බබෙක්ට  ටෝක් උනා ෆෙන්ස්

========================================


හාරිස්පත්තුවෙි දයාසීලි කිවිඳිය:


වැඩ වැඩ කියා යයි මහිමිය                      පිටවීලා

තරුණයි මමත් තනිකම ඇත                 වැඩිවීලා

පාලුව කාන්සිය යන්නට නැති                         වීලා

එනවද යන්න මෙි පැත්තෙන්                  කැරකීලා


රුවින්;


ඇරයුම ඇහී රස නහරද                        කැලතීලා

ගුම් ගුම් කියා කෑගැස්සුනි                       නැටවීලා

සැමියා ගිය විටදි නිවසින්                          පිටවීලා

එහෙනං බලනු මැන ගලකට                    පිටදීලා


දයා කිවිඳිය.;


කාගෙත් වරදකට පැවසිය නොහැක     දොසක්

එනමුදු හිතට නැත මට කිසි විටක       තොසක්

පෙම් පැනි කුරුල්ලෝ මෙි ගැන කරමි       පසක්

අපි දන්නවද ගල් වල රස පිරිමි                  මිසක්


රුවින්;


පවසයි කෙලින් අක්කත් පැවසිය               යුත්ත

එක ගල් පොත්තකින් පිහිටකි              අරගත්ත

අම රස විහිදුවන කුසුමක් සිප                    ගත්ත

තාමත් සිහි නැගේ ඇල ළඟ  ගල්             පොත්ත


දයා කිවිඳිය;


හඳපානට වඩා අඳුරක් ගෙයට                     එබෙි

ඒකෙත් අමුතු මිහිරක් තනිකමට               තිබෙි

මගෙ හිත ගත්ත පොඩි කොල්ලට කියනු ලැබෙි

මිලදී හරි ගනිම් අද රන් සුරය                       නුඹෙි


රුවින්;

රන් සුරයකින් යයි නිසි කල දෝස                   බිඳී

ඒකෙන් හොඳට වැඩගත් අය තාම                 හිඳී

කැඩුනේ ඇප නූල අවුරුදු                         දාසයෙදී 

ගොම්මන් අඳුරෙ උණ ගහ යට               සාදයෙදී


දයා කිවිඳිය


මස් සහ මාලු ඇතුවත් සම්බෝල                 කමී

ඒකට කලින් මෙිකත් පවසාල                        ඉමී

පෑඟිරි රසින් අමොදය කලතාල                   දෙමී

නූලක් මොකට මල්ලිට ජම්බෝල               හිමී


රුවින්;

මී පැනි වගේ සවනට කවි තාල           වැකෙන් 

තව පොඩි එකෙක් හිංදා ඉමි මාර         දුකෙන්

පැනයක් නැගේ මගෙ හිත  තුල තාම සැකෙන් 

මොනවා කරන්නද ඔය ජම්බෝල       දෙකෙන්


දයා කිවිඳිය;


ජම්බෝලා වලින් අම රස දැනෙන                 විට

සැකයක් නොමැත මල් මල් හිත        නටනවට

බමරෙක් වගේ පියඹා නුබ වියන                   යට

නුඹ එන සතුට හැර සතුටක් කොහෙද        මට


රුවින්;


කිවිඳිය විසින් පැවසූ වදනක්                      ළයට

වැදි වැදි රිදුම් දේ ඉන් ඇතිවුන                   බයට

අඬගැහුවොත් ආයෙ මට සමනල්             වියට

අම්මප  පනින්නෙමි අත්තනගලු              ඔයට


දයා කිවිඳිය;


වැඩිපුර දුකකි හිමියත් නැති                  කූඩුවෙි

සතුටක් ඇති තැනට කිරිලිය               ජෝඩුවෙි

ඉන්නට බැරිය නුඹ දැක දැක                 පාඩුවෙි

ගත වයසට ගියත් හිත කිරි               කෝඩුවෙි


රුවින්;


දැන් දැන් එනව මගෙ හිත සතුටට        නලියා

සූකිරි බෝලෙ මගෙ ආදර මන            ලොලියා

දඹ රන් කඳක් මෙන් නුඹෙ රෑපය             දිලියා

අද වෙිලාසනින්  ඒවිද තනි                        අලියා


දයා කිවිඳිය;


පවතින වසංගත තත්වය දුරක                ගියා

රජයෙන් කිව්ව දැන් ලිව් කැන්සල්ය        කියා

හදිසියෙ ඒවි කියලා බයවුනිද                    ඔයා

තව මාසෙකට එන්නෑ රත්තරනෙ             එයා


රුවින්;


පෙරලුනි හිත මගේ දැන්             මදහාසෙකට

සංචරණයේ සීමා ඇත                      දෝසෙකට

පෙරලනු පිනිස දිවියම              සංතෝසෙකට

මොකටද රැයක්  ඉන්නට එමි          මාසෙකට


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.05.15

Sunday, May 9, 2021

පුදුකුඩිඉරුප්පු

 ඒ 35 පාර පරන්තන් වලින් පටන් අරගෙන අවසන් වෙන්නෙ පුදුකුඩිඉරුප්පුවලින්. පුදුකුඩිඉරුප්පු කියන්නෙ මහ අමුතු නමක්.  ඒ පළාතේ ජනතාවට පමණක් හා සිතියමකට පමණක් සීමාවුනු  ඒ නම සිංහල ජනතාව අතරේ වඩාත් ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ අවසන් යුධ කාලයේදී ඇතිවූ සංග්‍රාමික හේතූන් නිසා. එවකට එල්ටීටීඊ සංවිධාන නායකයාගේ භූගත නිවස පිහිටීමත්, සංග්‍රාමික වශයෙන් මෙන්ම ඒ ක්‍රියාදාමයන්හි  මර්මස්ථානයක් වශයෙනුත් වැදගත් වූ මෙි ප්‍රදේශය ආක්‍රමණය කරන්නට පටන්ගත් රජයේ හමුදාවන්ට දරුණු ප්‍රහාර එල්ලකර ආපසු හැරවීමට ගත් නිශ්ඵල උත්සාහයත් නිසා තුඩ තුඩ රැවි දෙන්නට පටන්ගත් පුදුකුඩිඉරුප්පු නාමය ඒ 35 පැත්තට පාරේ දෙපැත්තෙන් කඩ කිහිපයකුත් යාපනය පාරේ කඩ කිහිපයකුත් තිබුනා හැරෙන්නට ඒක මහා විශාල නගරයක් නෙවෙයි. නමුත් යම් දියුණු මට්ටමක් ඒ නගරයේ තිබුනා වන්නට පුලුවන්. යමක් කමක් ඇති මිනිසුන් එහි වාසය කල බවටද සාක්ෂි දරන්නේ පළාතේ ඉදිවී තිබුනු නිවාස ගොඩනැගිලි පද්ධති. වන්නි මානුෂීය මෙහෙයුම අවසන් අධියරේ පවතිද්දි පුදුකුඩිඉරුප්පු ප්‍රදේශය මුදාගන්න කරපු සටන මට වඩා හොඳට දන්නෙ පාබල ඒකක වල සිටි සෙබළුන්. ඒ වෙද්දි මමත් හිටියෙ පාබල ඒකකයක් යටතේ. මං විතරක් නෙමෙි අපේ ඒකකයේ බොහෝ දෙනෙක්. දින කිහිපයක් පුරාවට ඉතා දරුණු සහ බිහිසුනු සටන් රැළි කිහිපයක්ම මෙි ප්‍රදේශයේ ඇවිලී යනවා. ඒකට හේතු කිහිපයක්ම තිබුනා. ප්‍රභාකරන්ගෙ ලොකු පුතා මෙි සටන් වලට පෙරමුණ ගෙන සහභාගි වීමත් ඒ වෙනුවෙන්  උපරිම ශක්තියක් මෙන්ම ආරක්ෂාවක්  පුදුකුඩිඉරුප්පු ප්‍රදේශය බෙිරාගැනිමට ඔවුන්ට යොදවන්නට සිදුවුනා. තවද සංග්‍රාමික වශයෙන් මෙි ප්‍රදේශය ඔවුන්ට ඉතා වැදගත්වුනා. ඔවුන්ගෙ ආත්මගරුත්වය රැඳිල තිබුනෙත් පුදුකුඩිඉරුප්පු කියන නගරෙ මැද. කිළිනොච්චි තමන්ගේ බළකොටුව බිඳවැටීමෙන් පසු වියරු වැටී සිටි ලේ පිපාසිත ත්‍රස්තයන් අඩුම වශයෙන් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයෙන් එහාටවත් රැකගැනීමට තමන්ට හැකි උපරිම ප්‍රයත්නය දරන්නට වුනා. මෙි වෙද්දි සීමිත ඉඩ ප්‍රමාණයකට කොටුවුනු ත්‍රස්තවාදීන් තමන්ගේ ඊනියා විමුක්ති ඊළම වෙනුවෙන් කාන්තා බලඇණි පවා සටන් පෙරමුනට කැඳවා තිබුනා.වැඩියම මැරුනෙත් කෙල්ලො මට හිතෙන විදියට. ඒ ශ්‍රෙණියේ මාර්ගයක්වුවත් ඒක අබලන් පාරක්. බොහොමයක් ප්‍රධාන මාර්ග පද්ධතිි තිබුනේ මැටි පාරවල් විදිහට. මුලතිව් වට්ටාප්පලෛ පිහිටි අදටත් ඉන්දියාවෙන් පවා බැතිමතුන් පැමිනෙන මහා කෝවිලක්වූ ගණපති කෝවිලට (මට මතක ඒ නම) එන්න තවත් ප්‍රධාන පාරක් වැටිල තිබුනෙ මෙි නගරය ආසන්නයෙන්. මෙි කෝවිල සම්බන්ධවත් ප්‍රසිද්ධ කතාවක් තියෙනව. ඒ මහා පූජාව දවසට කෝවිලේ පහන් පත්තු කරන්නේ ඒ අසලින් පිහිටි කලපු වතුරෙන් කියලා. ඒක වෙන්නෙ කොහොමද කියලනම් දන්නෑ.නමුත් අපේ දේවාලවල වගේ දිය කපන උත්සවය දවසට පහන් පත්තු කරනවා කියන්නෙ ඔය කලපු වතුරෙන් තමා.ඒකට දේවගැතිතැන දවස් කිහිපයක් යාග පවත්වලා අවසාන යාගය කලපුවට බැහැලා කරල ඒ අවස්ථාවෙ ගන්න කළපු වතුරෙන්ලු පහන් පත්තු කරනවා කියන්නෙ. ඇත්ත හෝ වෙිවා බොරු හෝ වෙිවා එහෙම කතාවක් තියෙනවා. ආයෙ ඒ කෝවිල් භූමියේ පිහිටි කොහොඹ ගහකින් එළකිරි ගලා යනව කියලත් කතාවක් තියෙනවා. විද්‍යාත්මකව විග්‍රහ කරනවනම් ඒව හුදෙක් ප්‍රයෝග විතරක් වෙන්න පුලුවන්. නමුත් කොහොඹ ගහේ කතාවනම් ඇත්ත කියල ඒ උත්සවයකට දන්සැලක් දෙන්න ගියපු අපේ හමුදා මිතුරන් කිහිප දෙනෙක්ම පසු කාලිනව මා අතින් කියල තියෙනව. එයාලත් දැකල තියෙන්නෙ ගහේ දෙබලකින් කිරි එනවා විතරයි. එන විදිය දැක්කට එන ක්‍රමය ඒ කව්රුත් දන්නෑ.  පරන්තන් පැත්තෙ ඉඳල නගරය දෙසට මුහුන ලා හිට ගත්තම දකුණ ඔඩ්ඩුසුඩාන් වලටත් වමට යාපනයත් ලෙසින් මෙි පාර මා දන්නා අයගෙන් අසා දැනගත් පරිදි පරණ නුවර - යාපනය පාර. මෙි ඒ 35 පාරෙ තිබිල එක් අවස්ථාවකදි ගුවන් හමුදාවට පහර දීල පැහැර ගත්තු ලෑන්ඩ් රෝවර් රථයක් හමුවුනා. ඒක ඒ වෙද්දි කැඩිල තිබුනත් ඊට ටික දවසකට කලිනුත් පාවිච්චි කරල තිබුනු බවට සාධක තිබුනා. ඒ, ඒකට බර අවියක් හයි කරල. ඒව අරන් යන්න බැරිවුනු තැන වාහනය දාල අවිය අරන් ගිහින් තිබුනෙ. 

 

 මානුෂීය මෙහෙයුමෙිදි ඊට ටිකක් පිටුපසින් හිටපු අපේ ඒකකයත් පියවරෙන් පියවර ඒ සටනට සහභාගි වෙන්න ලෑස්තිවුනා. ඒ වෙද්දි අණදීමත් ටිකක් වෙනස් වෙලා තිබුනෙ. නමුත් ගේම අතාරින්න දෙපාර්ශ්වයම දැක්වූ අකමැත්ත මත ත්‍රස්තවාදීන් තමන්ගේ භූමි ප්‍රදේශය වෙනුවෙනුත් හමුදාව රට වෙනුවෙනුත් ජීවිතාශාව කෙළ පිඩක් මෙන් ඉවතලා මෙි සටනට මුහුණ දෙන්න පටන් ගත්තා. පුදුකුඩිඉරුප්පු වලින් දකුණු පැත්තට වෙන්න, ඒ කියන්නෙ ඔඩ්ඩුසුඩාන් පැත්තට වෙන්න ඉතාම දරුණු විදිහට සටන් ඇවිලී ගියා. එහිදි ලාන්ස් කෝප්‍රල් වරයෙක් පුපුරණ ද්‍රව්‍ය පටවාගත්තු සතුරාගේ වාහනයකට ආර්පීජී ප්‍රහාරයක් එල්ල කරනවා. ඒක පුපුරා යාමෙිදී ඇතිවුන කම්පනයට ඔහුත් එතනදීම මිය යනවා. තමන්ගේ ජීවිතයට විය හැකි හානිය ඉවතලා තම සහෝදර සෙබළුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිතය පරදුවට තබමින් සිදුකල ඒ ක්‍රියවට ඔහු හමුදාව තුළත් ඔබෙිත් මගේත් හදවත් තුලත් වීරත්වයට පත් වෙනවා. මෙි සටන් වෙන රටක සිදුවුනානං ඒ ගැන නිශ්පාදනය වෙන සිනමාපටි ගණන මෙතෙකැයි කියල කියන්න බැහැ. ඒවා ලෝක පූජිත මට්ටමෙි සිනමාපටි වෙන්නත් පුලුවන් බොහෝදුරට. මොකද ගොඩක් රටවල් වල සත්‍ය පසුබිම් කරගෙන නිශ්පාදනය වුනු ඉතා ජනප්‍රිය සංග්‍රාමික සටන් ඇති චිත්‍රපටිවල පවා අපේ සිංහලයා තරම් කැපවීමෙන් වගකීමෙන් උපාය ශීලිව උපක්‍රමශීලීව මෙන්ම තමන්ගේ රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ ගාමිණී කුලරත්නලාගේ කතා වස්තු නෑ. කලින් කිව්ව විශේෂ බළකා සෙබළාගේ භූමිකාව නෑ.අවසන් කල මුහුදේ ඇතිවුනු දරුණු සටනකදි තමන්ගේ ඩෝරාවත් තම සගයන්ගේ ජිවිතත් වෙනුවෙන්,  ඩෝරාව දෙසට නාවික ආරක්ෂක වැටෙන් මිදී  පුපුරණ ද්‍රව්‍ය පුරවාගෙන වෙිගයෙන් හඹා ආ මරාගෙන මැරෙන ත්‍රස්තවාදියාගේ බෝට්ටුවෙි තමන්ගේ බෝට්ටුව හැප්පීමට සලස්වා එතෙක් තමාට අණදුන් නිලධාරියාගේ සහ සහෝදර නාවිකයන්ගේ දෑස් ඉදිරිපිට මරාගෙන මැරෙන නායක නැවි සෙබළාකුගේ භූමිකාව නෑ. මුහුදේම ඇතිවුනු තවත් සටනකදි තමා මියයන බව දැන දැනත් ඒ ගැන නොතකා කොටි බෝට්ටුවකට එල්ලකල ප්‍රහාරයකදි කොටි සෙබළාගේ ආර්පිජී උණ්ඩය පපුවෙන් පිළිගන්න ගමන් ඊට මිලි තත්පර දශම අරික්කාලකට පෙර ඒ ආර්පීජී ප්‍රහාර එල්ලකරන  කොටියාවද මරාදැමූ නාවිකයෙකුගේ භූමිකාව නෑ.  ඒ ගැන අපි දන්නෙ සටනට සහභාගි වූ නිසාත් ඔබ දන්නෙ ප්‍රවෘත්තිවලට පෙන්නපු විනාඩි දෙකේ විස්තරයනුත් විතරයි. 


අපිට මෙි සටනට සහභාගි වෙන්න සිදුවුනේ මහ රෑක. ඒ වෙද්දි දවසක් පුරාවට ඇතිවුනු සටන් හේතුවෙන්  භඨ පිරිස් නැවත ප්‍රථිසංවිධානය වන තෙක්. මෙි කතාවට අදාලව එදා මට හිමිවුනේ සටන් පෙරමුන⁣ට ආහාර සහ වතුර සැපයීමෙි භූමිකාව. ඒ දිවා කාලයට මෙන්ම රෑ කාලයටත්. ඒක රොටරියක්. අද මම, හෙට වෙන කෙනෙක්, ඊලඟ දවසට තවත් කෙනෙක් වශයෙන්. පිටුපස සිට 16×16 ලන්ච් ෂීට් එකේ එතෙන මෙලෝ රහක් නැතුව හැඳි ගෑවෙන මගේ බැචා වූ පේමරත්නයන්ගේ සහ සැරයන් සරත්චන්ද්‍රයන්ගේ ආදරණීය හැඳි මාළු පිනි එක්ක ඇට බාගෙට තැම්බිච්චි බත් පාර්සල් ඉදිරි පෙලට සපයනවා කියන්නෙ ලේසි පාසු කාර්‍යයක් නෙමෙයි. බත් ඇට බාගෙට තැම්බිච්චි දවසක සැරයන් සරත්චන්ද්‍රගෙන් බත් පාර්සල්වලට අමතරව ගිනි පෙනෙලි මිටියකුත් බැඳල ඉල්ලල ඒකටත් මං පරිප්පු   හොදි නෑඹිලියක් නාල හිටියෙ. *සැරයන් සරා.. අදනං ගිනි පෙනෙලි මිටියකුත් ඔින වෙයි ඈ.

*අර මක්කටැයි  ගිනි පේලි

*අදනං බත් ටිකක් ඉදිල මදි වගේ නේද බැචා??

*ඉතින් ඒකට මක්කටැයි හු*@&තො ගිනි පේලි

*සරලයිනෙ, කෑම පාර්සලෙත් එක්ක පොයින්ට් එකකට එක ගිනිපෙනෙල්ලක් දෙනවා *@&කේ ගහගන්න කියල. එතකොට ඉතිරි හරිය බඩෙිදි ඉදෙනවනෙ..

ඒක කියනවත් එක්කම තමා දූ @&#%ත්තිගෙ පුතා යන්ඩ කියල කෝප්‍රල් කෙනෙක් වෙච්චි ආරච්චිට අතේ තිබ්බ පරිප්පු හොදි නෑඹිලියෙන්  නෑවෙන්නම සැරයන් කෙනෙක් දමල ඇරියෙ. 


ඒ කෑම පාර්සල් උන් ඉන්න තැන් හොය හොයා ලඟටම ගිහින් දෙනවා කියන්නෙත් සටනට සහභාගිවුනාට වඩා අනතුරුදායක ක්‍රියාවක්. ඒක රෑකට කරනවා කියන්නෙ ඊටත් එහා ගියපු අනතුරුදායක ක්‍රියාන්විතයක්. එදා රෑ මුල් හරියෙ ටිකක් නිස්කලංකව ගෙවී යන්නෙ. දවසක් පුරාවටම පැවතුනු සටන් නිසා දෙපැත්තම ටිකක් පෙඩප් වෙලා හිටියෙ. අපිව අනුයුක්ත කරල හිටියෙ ගැමුණු බළ ඇණියක් එක්ක. උදේ කෑම දවල්ටත් දවල් කෑම හවසටත් ගෙනිහිං දීල රෑ කෑම ගෙනිහින් දෙන්න වෙලාවක් හොයාගන්න මටම සෑහෙන වෙලාවක් ගිහින් තිබුනෙ. ගණනින් පාර්සල් අසූ හතරක්. ගෙනියන්න ඔින කිලෝමීටර් තුනක් විතර කරේ. වාහන අරන් යන්න බෑ, උං දන්නවා කෑම එන්නෙ කියලා. එතකොට උංගෙ මෝටාර් අවදිවෙනවා. යන්න පොඩි පොඩි වාහනත් හමුදාවෙ නෑ. කෙමනටයි හබකෙටයි අරකටයි මෙිකටයි ඔක්කෝටම තිබුනෙ ළමයින්ගෙ වාහනේ (ට්‍රැක්ටරය) සහ  අපේ ඒකකය වෙනුවෙන් අනූපමෙිය මෙහෙයක් ඉටුකර විශ්‍රාම ලබා ගන්නා අටියෙන් හති ඇර ඇර හිටපු යුහ 6993 ආදරණීය සංඥා කොමළි පත ලේලන්ඩ් රාජිණිය. ඒකටත් ඒ වෙද්දි අපේ බැච් එකේ සේවා කාලයමයි. 


නච්චිකුඩා ලයින් එක කඩාගෙන ඉදිරියට යද්දි අපි ගංවතුරකට කොටු වෙනවා. එහිදී භඨ පිරිසක් කලපුවත් මුහුදත් අතරමැද කුඩා බිම් කඩකට කොටුවෙනවා.එතකොට පැවතුනු අධික වර්ෂාව නිසාත් ගමනා ගමනයට තිබුනු එකම පාරත් ගිල්මක් තරම් යට වෙද්දි ඊට ටිකක් කලින් සංඥා කොමළි යුද්ධය මැද්දෙම ඉස්සරහදි ගං වතුරට කොටුවෙනවා. එතකොට පාරවල් ඔක්කෝම මඩවෙලා ලිස්සනවා. ඒ වතුරට යට නොවුනු හරිය. ඒ පාරවල් කැපුවෙත් ඒ දවස්වලම ඉංජිනේරු බළකායෙන්. ඒක තමා අපේ ප්‍රධාන සැපයුම් මාර්ගය. මෙි පාරේ ගමනක් යද්දි එක තැනක කොමළි එරෙනවා. ගන්න මොන විදියකින්වත් බෑ. ටිකෙන් ටික ටිකෙන් ටික එරුණු කොමළි පෙරලෙන ස්වභාවයට පත් වෙනවා. ඒ පෙරලෙන එක නවත්තලා යලිත් සිව් පයෙන් නගා සිටවන්න බලාගෙන  එතනට යුධ ටැංකියක් එනවා. ඒකත් එරෙනවා. ඒ දෙකම ගන්න යුධ ටැංකි රිකවරිය එනවා. ඒකත් එරෙනවා. ඔය ආකාරයට හවස් වෙද්දි යුධ යැංකි තුනක් හෝ හතරක් එරෙනවා. තව ට්‍රැක්ටරයකුත් ලොරියකුත් එරෙනවා. එතකොට යුද්ධෙ පැත්තකින් තියලා මෙිව ගොඩ ගන්න තමා මූලිකත්වය තිබුනෙ. මෙි එකකින්වත් පළක් නොවුනු තැන කොමළි රාජිනිය පාරක් පල්ලෙ ඉඳන් අපේ හදවත් පාරමින් කාත් කව්රුත් නැති අසරණියක් විදියට කණපිට ගහනවා. ඒ වාහන එරිලා පෙරලිලා තිබුනු හැටි දැක්ක පළමු වතාවෙම මගේ සිහියට ආවෙම කලිෆායි අර තට්ටයගෙයි එක් ඉරියව්වක් ගැන. මං ඔික එතන හයියෙන් කියවද්දි මාත් එක්ක හිටපු උප අනි තුමා (දෙවන අණ දෙන නිළධාරි තුමා) කිව්වෙ "තොටත් ඔින්නැති හු*@&#%$ක් නෑ, කියලා. එතකොට තමා මට "2ICත් ඉන්නවනෙ යකෝ" කියල මතක්වුනේ. ඒ දවස්වල ඔය සයිට් බලන්න තරම් තාක්ෂණයක් මං ගාව නොතිබුනත් ඒවා අපිට හම්බවුනු පත්තර කෑලිවල යස අගේට ප්‍රින්ට් වෙලා තිබුනා. ඒව අපි යුධ බිමට අරන් යන්නෙ මැදවච්චියෙන්. නැත්තං අනුරපුර ශුද්ධවූ නගරයෙන්. එහෙ ඒව විකුනන්නම කට්ටියකුත් හිටියනෙ. එවුන්දැලා දැන් කෝටිපතියලු හමුදාවට පත්තර විකුණලම. ඔිව කියන්න ලැජ්ජ වෙන්න ඔින නෑ ෆෙන්ස්. ඒක තමා යථාර්තය. ඇත්ත ඇති සැටියෙන්ම කීවෙ ඒකයි. නම් දෙකනං වර්තමානයෙන් ගත්තෙ ඈ. අපේ උන්දැ කියනව වගේම "පිට ගියා". මං කිව්වෙ කතාව. උන්දැ කියන්නෙ වෙන එකක්නෙ. ඒ කණපිට ගහපු කොමළිය ගොඩ ගන්න දවස් දෙකක් ගත වෙනවා. අපේ රිකවරියකුත් පෙරලිලා එතන හෙන අංජබජල් තත්ත්වයක් උදාවුනාට පස්සෙ ඒ ඔක්කෝම ගොඩ දාගන්න පුලුවන් වුනේ ලමයිගෙ වාහනේකටත් තවත් යුධ ටැංකියකටත් විතරයි. අපි නොහිතන අය ළඟ හෙන ජවයක් තියෙනවා. ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කලේ ළමයින්ගෙ වාහනේ නොහොත් මහ ටැට්ටරේ. එතනින් පස්සෙත් කොමළි නිශ්ශබ්දව හිටියෙ නෑ. තමන්ගෙ සේවාව අඛණ්ඩව යුධ පෙරමුනට ලබා දුන්නා. එදා කෑම අදින්න තිබුනෙ ඔය වාහන දෙක විතරයි.


කෑම පාර්සල් 90ක් (නිළධාරින්ගෙ ඒවත් එක්ක)පෝර මලු දෙකක දාගෙන චප්ප චෝරු වෙනකං කිලෝමීටර් ගානක් පයින් යන්න බෑ. මොකද තියන අඩියක් අඩියක් පාසා යට කෑම තැලෙනව. උඩ කෑම තරුවලට, යට කෑම පටි වලට උනත් ඒවාට හානියක් නොවී ඔක්කෝම කෑම පෙරමුණට ලබා දීමෙන් මුවින් මුව පේමාට නිවන්සුව ප්‍රාර්ථනා කිරීමෙන් පිනකුත් ඇති වෙන නිසා පරවෙිසමෙන් හැමෝටම එක වගේ කෑම ලබාදීමත් වගකිමක්. ඒ නිසා කෑම ටික රෑ හයහමාරට විතර පෝරමලු දෙකක දාගෙන කරක් ගැහුවෙ අණදෙන නිලධාරි තුමාගේ යතුරු පැදියට ඉව අල්ලගෙන. ඒක මහ අමුතු බයික් රාජයෙක්.ඔිකෙ ගියපු එකෙක් කවදාවත් යහතින් ආපහු ඇවිල්ල නෑ. හොඳටම ආවෙ නැත්තෙත් අපේ කපිතන් කෙනෙක්ම තමා. ඒකෙ මූනටත් මාර අපලයක් තිබුනෙ. පොඩි වෙන්නෙම මූනමයි. මට ඒවා වැඩක් නෑ. මොකද  ඔික පැදපු හැම දවසකම මාත් ආවෙ මූන විතරක් නෙමෙි අතපයත් එක්ක ලෙලි ගහගෙනම තමා. ඒත් සීඔිගෙ බයිකෙ නිසා ඒක පරිස්සම් කිරීම ඇඟට වගේම පඩි පතටත් ගුණ දායක හිංද පරිස්සමින් ගිහින් පරිස්සමින් එන්න ස්ථිර අධිෂ්ටාන ඇති කරගෙන ගියා එම්ටී එක පැත්තට. ඒකෙ දළය ඉන්නෙත් මගෙ බැචෙක්ම තමා. නම පියදාස. මූ පියදාස කිව්වට උදේ ඉස්සරහට හම්බුනොත් ඇල්ටොත් නෑ,බුල්ටොත් නෑ සල්ලිත් නෑ, සනීපත් නෑ තමා. මට ඒ දවස්වල දෙවියෙක් හදිසියේ පහල වෙලා වරමක් දුන්නනං කෝටි ගනන් වස්තුව ඉල්ලන්නෑ. ඉල්ලන්නෙ අපේ ඒකකයේ හිටපු ඔය කීප දෙනෙක්ගෙ නම් වෙනස් කරල දෙන්න දෙවියනි කියල විතරයි. එකෙක් හිටියා කිරා කියල. ඉස්සෙල්ලම ඉල්ලන්නෙ උගේ ඒ නම වෙනස් කරල දෙන්න කියල. මුගේ නම කිරා. කිරන්නෙම නිදිමයි.නිදි කිරාගත්තු ගමන්මයි. පොයින්ට් එකක සෙන්ට්‍රි දැම්මොත් නිදි කිරන එකම තමයි වැඩෙි. කොටි දාහක් උගේ පොයින්ට් එක ඉස්සරහිං කුන්චනාාද බෙර හේවිසි තම්මැට්ටං ගහගෙන වරෙන්, ඌ බලන්නෙ ඌට ඇහැරිච්චි වෙලාවක තමා. පස්සෙ ඌව අපි තියාගත්තෙ අතවැසියෙක් විදියට.  හත්වලාමෙි කියන්නෙ ඔය උන්දැලාට නම් තියාපු ඈයො කවදාහරි මගෙ මූනට මුලිච්චි වෙයන් දෙයියනේ කිය කිය පලිසක්කර ගහපු කාලෙකුත් තිබුනා. 


මාත් එම්ටී එක පැත්තට ගිහින්;

*ඔි පියා පියා... කියල පියදාසව ඇමතුවා.

*කූ තුලාදියා කියල පියදාසත් බිත්තියට ඉටි රෙද්දක් ආවරණය කරල හදපු තාවලකාලික වල කක්කුස්සියක සබ්ජෙක්ට් එක කර කර ඉන්න ගමන්ම ඉටිරෙද්දට උඩින් හොල්මනක් වගේ ඔලුව දාල පිලිතුරු දුන්නා.

ගඳත් ඉවසගෙන පැමිණි අවශ්‍යතාවය වල කකුස්සියේ මෙපිට ඉඳන් කිව්වහම 

*සීඔි කියල තියෙන්නෙ කාටවත් දෙන්න එපා කියලා. ළමයින්ගෙ වාහනේ පලයන්

*පිස්සුද බං ඒකෙ යන්න. මැරුම්කන්ඩ වෙන්නෙ. අනේ බං සක දෙයියන්ට ටෝකක් දීල ඉල්ලා දියංකො. දෑස වගේ පරිස්සං කරලා ගේන්නං කියල කීප වතාවක්ම පොරොන්දු උනාම ඌ සක දෙයියන්ගෙන් අහල පිලිතුරක් දෙන්නං කිව්වා. මාත් බලාපොරොත්තුවෙි දෑස් දල්ලගෙන පියා පස්සෙන්ම වැටිලා දේව විමානෙට ගියේ සතුටුදායක පිළිතුරක් බලාගෙන. පිළිතුර හම්බුනා. ඒ පොරොන්දු අවවාද අනුශාසනා රැසකට පස්සෙ. දැන් ඉතින් කාට බයවෙන්නද? යතුරත් ඉල්ලගෙන බයිකෙත් අරං පූවා නොහොත් ජයසිංහයත් පටෝගෙන මාත් කට්ට කලුවරේ ඒත් හැත්තැවට ටිකක් අඩුවෙන් පැදගෙන පැදගෙන ගියේ ආයෙ සටනක් යන්න කලින් ලයින් එකට කෑම ටික දීලා උන්ගෙ බඩවල් ටික පුරවන්න බලාගෙන. මාත් ගියා. ලයිට් දාගෙන යන්න බෑ ලයින් එක කිට්ටුවෙ. ලයිටුත් ඔිප් කරගෙන ඇන්ජිමෙි සද්දෙත් අඩුකරගෙන හතලිහට විතර පාරෙ දක්කගෙන ගිහින් ලයින් එකට මීටර් 100ක් විතර මෙහායින් නවත්තල දෙන්නම උර දෙක කරේ තියාගෙන ලයින් එකට වැදුනා. ඒ ගිය ගමනනං මට ජීවිතේට අමතක වෙන්නෑ. එදා ලයින් එක කඩාගෙන ටෙරා පනින සයිස් එකක් තිබුනෙ. ඒ වෙද්දිත් කොනකින් ටෙරා පැනල ආටි ලයින් එකට රිංගලා කියල කතාවක් ගිහින් තිබුනෙ. එහෙම යන්නනං සොලා ලොසා වෙන්න ඔින. මංනං ඔය කට කතා විස්සාස කරන්නෑ. ඒත් ඒව විස්වාස කරන ගොන් කණු අනන්තවත් ලයින් එකේ හිටියා. ගැමුණු පොයින්ට් එකක් ගාවින් යන්න උනේ යුධාදිකරණයකින් අහන වගේ පස්න වැලකට උත්තර දීල. නැත්තං දෙකක් නෑ, උන් වෙඩි තියනවා. මා එක්ක කතා කලෙත් "ටික්ස්" සද්දෙන් අවියෙ සේප්ටිය පොකුරු උන්ඩ පිටවෙන තැනටම දාල. ඒ සද්දෙ මොකද්ද කියල අමුතුවෙන් සොලාට ඉගෙන ගන්ඩ ඔින නැති හිංදා , හිටියෙ මොකා උනත් මට එක පාරටම කියවුනෙ " සිග්නල් රෑ කෑම ටික හු%@$#තො" කියල. ඒත් මූ යවන පාටක් නෑ, හේමන්තයාට පාස්වර්ඩ් එක අමතක වෙලා විසිට් එකේ ආපු කෝපල්ලව කල් බැලෙව්වා වාගෙ මූත් මට කල් බලවන්ඩද කොහෙද හදන්නෙ කියල හිතුනා.  ඒකත් හොද වෙලාවට කෝපල් රාජනායක කියල පොරක් හිටපු හිංද පොර මගේ කටහඬ අදුරගෙන  "එවහං මල්ලි" කියල පොයින්ට් එකේ සෙන්ට්‍රිට කිව්වට පස්සෙ තමා අපි දෙන්නව ඇරියෙ. පස්සෙ පොරත් එක්කත් විනාඩියක් විතර ටෝක් කරලා ආයෙ ගස් පාමුලයි,මුල් පාමුලයි,ගල් පල්ලෙයි,කානු පල්ලෙයි වැටි වැටි කට්ට කරුවලේ ගිහින් කෑම ටික බෙදුවා. ඒත් එක් නිලධාරියෙක් හොයාගන්න සෑහෙන වෙලාවක් ගියා. යද්දි බඩිය සෙන්ට්‍රි තියල ලුතිතන් ජයන්ත බුදි. ඒකත් වැලි කන්දක් පාමුල. ඇගේ හැප්පුනාට පේන්නෑ. කට්ට කරුවල. මට ඇත්තටම එදානං පව් කියල හිතුනා. "හමුදාවකට කල යාද මෙහෙම ගස් යට" කියල හිතුනා. හැබැයි ඉතින් තව ටික දවසයිනෙ කියලත් හිතුනා. අනික  සොලාට රෝස පෙති ඉහිරිච්චි මල් යහනා උරුම නෑනෙ. ගස් ගල් යට තමා වාසෙ.

සර්ටයි බඩියටයි ගෙනාපු කෑමත් දීල ආයෙ අමුතුවෙන් පාරට එන්න ආවෙ ගිය පාර හොයාගන්න බැරුව නන්නත්තාරවෙලා. ඒ යද්දි එද්දිත් එහෙං මෙහෙං දෙපැත්තම සැරින් සැරේ ටොක් බා ගන්නවා. දෙගොල්ල අතර පරතරය ඒ හැටි දුරක් නෑ. මූනට මූන වගේ හිටියෙ. උං ටවුමෙ. අපේ අය ඊට මීටර පනහක් හැත්තැපහක් විතර මෙහා. ආයෙත් අර පාරෙම ඇවිත් ගෙවල් මංඩියකින් පාර වැරදිච්චි පාර මතුවුනේ බයිකෙටත් මීටර් දෙසීයක් විතර දුරකින්. ආයෙ එතන ඉදන් බයිකෙ දුන්නු පියාටත් බැන බැන බයිකෙ නවත්තල තිබ්බ තැනට ඇවිත් වැඩි සද්ද බද්ද නොකර ස්ටාර්ට් කරගෙන අපි දෙන්න එන්න පිටත්වුනා. ඒ ආපු ගමනෙ සිහි වටන ඇඟ පුරාමයි. ඒව තාමත් තියෙනවා. එහෙම අපි දෙන්න ඔන්නං කිලෝ මීටරයක් එකහමාරක් විතර එන්න ඇති. කට්ට කරුවලේ මතකෙන් ආපු ගමනෙදි කොහේදෝ දඩාවතේ යන ධාතු අවලං පජාත නස්කූනි පඩත්තල එලුපට්ටියක් පාරෙ බුදියං ඉඳල උන් දෙතුන් දෙනෙක්ගෙම ඇඟවල් උඩින් "දඩ දඩ දඩ දඩස් හුටස් පටස් බෑහ් බෑහ් "ගාන  සද්දෙන් ගියා කිහාල්ලකො බයිකෙ. මට "අම්මොහ්" කියල කියාවුනා විතරයි මතක. හොම්බ නැවතුනෙ තවත් එලිච්චියකගෙ පස්සගාත් අස්සෙ ගිහිං. ඊයා අනේ...හුජ්ජ ගඳ උං ළඟ. 

නිකමුත් නෙමෙි ගියෙ දාර ගොම්බෙටි රාජයන් කිහිප දෙනෙකුත් ඉඹගෙනමයි. මං දැක්කා කරුවලේ උනත් ක්ෂිතිජයත් කඩාගෙන, පූවා ගගනගාමී හැඟීමකින් උඩින් උඩින් පාවී පාවී ගිහින් "දොක්" ගාල බිම වැටෙනවා. මට නැගිට ගන්න අමාරුයි. පූවටත් අමාරුයි. කෙඳිරිගාල කෙඳිරිගාල මං හිටපු තැන ඉඳගත්තා. ඒ අස්සෙ ස්ත්‍රී වර්ගයාම දූෂනය කරපු දරුණු පොරක් අවුරුදු දොලහක පුංචි කෙල්ලෙක් දූෂනය කරන්න ඒකිව අල්ලන්න පස්සෙන් පන්නනව  වගේ එළු එළිච්චියො ටිකත් නොහිතපු වෙලාවක පාත් වෙච්චි කුන්ඩවාලියෙන් කුලප්පු වෙලා "බැහෑ බැහෑ බැහෑ" ගාගෙන හිස් ලූ ලූ අත දුවනවා. පූවගෙ කෙඳිරියක්වත් නෑ. විනාඩි කීපයකට පස්සෙ  බෝහොම  අමාරුවෙන් නැගිටලා ගමන් සගයාට මොකදවුනේ කියල බලන්න යද්දි අවියෙ කොකින් හැඬල් එකත් ඔලුවට කිඳා බැහැලා ඔලුවත් තැරි ගහගෙන උඩුබැලි අතට හැරිල ලේ විලක් වගේ එකක් මැද පූවා කෙඳිරි ගග ගගා තනිවෙලා. මං ගිහින් ඌව නැගිට්ටුවා. කකුලක් ආබාධයි. ඇඟ හැමතැනම තුවාල. ඒක නම් ඉතින් අවුලක් නෑ මටත් තුවාලයිනෙ. ඊට පස්සෙ කෙඳිරිගගා බයිකෙ කෙලින් කලා. නෝ ස්ටාට්. නෝ ලයිට්. නෝ කවුලින්. කවුලින් එකයි ලයිටුයි කුඩෙි කුඩු. ගියර් පැඩල් එකයි ෆුට් රැක් එකයි පලස්තීනෙයි ගාසා තීරෙයි වගේ විරසක වෙලා. එකතු කරන්න හැදුවා හැදුවා බැරිම උනා. සිග්නල් ලයිට්නං ඔිකෙ තිබුනෙත් නෑ. ඒවා අපෞන්දැලා කලින්ම කුඩු කරලා තිබුනෙ. පැට්ටෝල් ගඳේ බෑ. හැඬල් එක ඔහොක් වෙලා. හරවන්න බෑ ටැංකියෙ වදිනවා. ටැංකිය තෙමිච්ච වෙසක්කූඩුවක් වගේ. අට පට්ටං දහ අට පට්ටං වෙලා. බොහොම අමාරුවෙන් දෙන්න කෙඳිරි ගග ගගා සයිකලේ තල්ලුකරගෙන මූලස්ථානෙටත් ආවට පස්සෙ තමා මතක්වුනේ "යකෝ මෙික සීඔිගෙ සයිකලේ" නෙ කියලා. අන්න එතකොටයි ලේ පරයා දාඩිය නැගෙන්න ගත්තෙ. දැන් කොහොමෙයි මූනක් බලාගෙන මෙික බාර දෙන්නෙ??. අපි දෙන්නා ඇතුලට යද්දිම ඉස්සරහ ගාඩ් කමාන්ඩර් වගේ හිටපු කෝපල් සමරෙ ගාව මම "අම්මෝහ්" කියාගෙන ඇද වැටුනට පස්සෙ උන්දැ බයිකෙ තියාගෙන අපිව එම් අයි ගාවට අරං ගියා. එතනින් සීඔිගෙ වාහනේම එම්ඩීඑස් එකට ගිහින් බෙහෙත් දාගත්තා. මටනං රූටල ගියපුවට ලෙලි ගිහින් විතරයි.  ඒ දාර ලෙලි ගියාපුවට බෙිත් දාල එදා එහෙ ඇඩ්මිට් කලා. මට වඩා පූවාට තුවාලයි. ඔලුවටම මැහුම් හතරක් දැම්මා. කකුලට පත්තු බැඳලා. දකුනු කකුලට මැහුම් පහක්ද හයක්ද කොහෙද දාල. කොන්දත් අවුල් වෙලාලු කියල පූවාමයි මටත් කිව්වෙ. කෝප්‍රල් සමරෙ එහෙං හනුම වගේ මුලු කඳවුරම ගිනි තියල. සමහරුන්ගෙ කන්වලට පණිවිඩෙි ගිහින් තිබුනෙත් කෑම බෙදන්න යද්දි කොටි වෙඩි තියල කියල. කොහෙම හරි සීඔි පහුවදා ලයින් එකට යන ගමන් අපි දෙන්නවත් බලන්න ආව. ඇවිත් කිව්ව එකටනං හදවත දාල පිච්චිලා ගියා ෆෙන්ස්.


"බයික් එකනං හදා ගන්ඩ බැරියැ අයිසෙ. බොරුවට අමාරු පෙන්නලා ඇඩ්මිට් වෙලා  ඉන්නැතුව ඉක්මනට එනවා" කිව්වා. හැබැයි මට ඒ වෙලාවෙත් හිතුනා මං ඒ ඇක්සිඩන්ට් එක ගැන දැක්ක හීනයක්වද්දත් කියල. ඇයි යකෝ අච්චරත් තැරි ගහගෙන ඉන්නැද්දි බොරුවට අමාරුව පෙන්නලා කිවේවෙ ඒකට. හැබැයි ඉතින් ඒකෙ ගත යුත්තක් නැත්තෙමත් නෑ තමා.මාත් ඉතින් ඔලුවට කූඤ්ඤ ගහනව වගේ ඩොට්ටර්, පපුව රේක්කෙකින් අදිනවා අදිනවා වගේ සර්, යටි කයේ නැංගුරමක් දාල වගේ සර් කිය කිය සහ තවත් අරහෙ මෙහෙ කැක්කුමයි කිය කිය ඩොක්ටලත් වටෙි යව යව හිටියෙ සීඔිට මුහුන දෙන්න බැරි හිංදම තමා. එහෙං අර වල් පියදාසයා පනිවිඩ පිට පනිවිඩ එවනවා මාව වෙිලකට උයලා හරක් මස් කියල ලයින් එකට යවනවලු ඔක්කොමල්ලට කන්ඩ කියල. පස්සෙ ඉතින් සීඔිගෙ නොනිමි සෙනෙහස හා ආදරය පිට එදා හවසම ටිකට් කපාගෙන ආපහු ඇතුලට ආව. ටිකට් කපාගන්න ඔින වෙලා එතන හිටපු සාජන් මෙිජර් බැලන්ස් කරන්න ගියාම ⁣එයා;

*ටිකට් කපන්න බෑනේ, අන්ඩපුර යවනව දෙන්නම එස්රේ ගන්න

*පිස්සුද සර් මට දැන් නිට්ටාවට සුවයිනෙ

*එහෙනං තමුසෙ ඩොක්ටර්ට කිව්වෙ අරෙහෙ මෙහෙ රිදෙනව කියලා..

*ඒ උදේනෙ. දැන් නෑ සර්. දවල් අපේ ලොකු තැන ඇවිත් අමාරු ඔක්කොම හොඳ කරල ගියෙ  සර්. අනේ ටිකට් කප්පල දෙන්න සර් අද හවස ඈ..

ඔිං ඔහොමයි හවස ආවෙ. ඊටත් පස්සෙන්දා තමා බයිකෙ හරියටම ඇස් දෙකට වැටුනෙ. ඒ වෙලාවෙනං මට "අනේ අප්පේ ගියපු දුරක්" කියල හිතිලා සීඕ ගැන අනූපමෙිය දුකක් පපුවෙ වම් පැත්තෙ තැම්පත්වුනා..හැබැයි ඉතින් අපි කට්ටියක් එකතුවෙලා යුද්දෙ ඉවරවුනාම කොටින්ගෙ බයික් හතර පහකින්ම කෑලි ගලවල සල්ලි වලටත් ගෙනල්ල බයිකෙ අති සුපිරියටම හැදුව. හැබැයි මාසයයි. ඒකටත් කෙහෙතගෙ අපලෙනෙ.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.05.10

Saturday, May 8, 2021

ගෙදර දවසක්

 දවසක් ගෙවිල තව දවසක් උදාවෙන්නෙ නොහිතපු නොපතන සහ අදහගන්න බැරි තරමෙි පුදුම වෙිගයකින්. උදේ හය හමාරට විතර නැග එන හිරු රාජයා ආයෙ හවස පහ විතර වෙනකොට ගිනි බෝලයක් වගේ වෙලා පොල් ගස් කරටි අස්සෙන් බැහැගෙන බැහැගෙන යද්දි අහසේ විහිදිලා තියෙන වළාකුලු රෝස පාටින් අමුතු අමුතු රටා මවමින් පාවී පාවී යන්නේ විශ්වයට මෙි පොලෝ තලේ වෙන කිසිම දෙයක් අයිති නෑ වගේ. ඒක හරියට තරහ කාරයෙක්ගෙ ගේ ඉස්සරහින් යන මනුස්සයෙක් වගේමයි. මෙි දවස්වලනම් වලාකුලු තියෙනවා. ටිකක් අඳුරු පාටයි. හැමදාම හවසට වැස්ස. වැස්සනං එපා වෙනවා ඒයි. නැතිකොට තිබ්බනං හොදයි කියල හිතෙන වහිනකොට එපා තිත්ත වෙන අරුම පුදුම වතුර බිංදු ආශිර්වාදයක් වෙන්නෙ ලෝකෙට හොරෙන් අඩන මනුස්සයට විතරයි. 


මෙි දවස්වල මාත් වැඩිය බුකී යහන් ගත වෙන්නෑ. හැමදේම එපා වෙලා තියෙන්නෙ. එහෙං අපේ චිංචිමානවිකාව. උන්දැ ලෙඩ වෙලා කන් කෙඳිරි ගානවා. ඒ කෙඳිරිය මුලු ගමටම ඇහෙනවා. උන්දැට තියෙන ලෙඩ හොඳ කරන්න ජාතික රෝහලක් හෝදල වතුර පොවන්න ඔින. නැත්තං ඩීඇම්ඔි කෙනෙක් දිය කරල පොවන්න ඔින. මෙි ඊයෙ පෙරේදා දවසක උන්දැට බඩෙි අමාරුවක් හැදිල. ඒක කාපු දේකින් වෙච්චි දෙයක්. ඒ කුරුඳු තේ බීලා වට්ටක්කා උයලා කාලා. ගංගා බීඩි දෙකක් වගේ තියෙන කකුල් දෙක කුරුඳු තේ බීල බීල තවත් හීන් වෙලා. ගේනකොට තම්සර්ගේ සුරුට්ටු වගේ තිබුන ඒව දැං අතපත්තු බීඩි වගේ වෙලා. ගෑස්ටික් වැඩි වෙලාලු. සතියක වෙලේ ඉඳල වැඩට යනකම්ම කීවෙි " අදවත් වෙිලාසන එනවද බෙිත් ටිකක් ගේන්න යන්න" කියලා. මාත් සතියක වෙලේ ඉඳල කියනවා "මමද ඩොට්ට. තෞසෙ ගීං ගේනවා. මොකද අදත් පරක්කු වෙයි එන්න" එයා දන්නවා මගෙ හොඳ මිත්‍රයෙක් ඉන්නවා කියල බණ්ඩාරනායකේ. එයාව හම්බවෙලා තමා මෙයාට බෙිත් ගන්න ඔින. 


බැරිම තැන උන්දැ බංඩාරනායකේට ගියා.  ගිහින් ආයෙ කතා කරල අහනවා "ඒයි අනේ, කාවද හම්බවෙන්න ඔින ඩොට්ට අර ඔයාගෙ යාලුවා?" 

කියලා. මාත් වැඩ අස්සෙම කිව්වා "ඩොට්ට අයිඑන් පනී බං. යකෝ නම මතක තියාගනින්කො...රෙද්ද " කියල හීනි සද්දයක් දැම්මෙ ටිකක් ආඩම්බරෙන්. "කියාං මං එව්වෙ කියලා" 

ඊට හරියටම විනාඩි පහකට විතර පස්සෙ මට ආයෙත් කෝල් එකක්.

*අනේ ඩොට්ට ෆනී අද නෑනි

*ඒනං ඔිම්මම ආපං ඩොට්ට එනම තුල්ලේ ඉන්නවද කියලා?

*මොනවද අනේ අමුතු නම් තියෙන ඔයාගෙ ඩොට්ට යාලුවො???

 මාත් පෝන් එක කට් කලා. ඊට පස්සෙ ආපු කෝල් එකක්වත් මං ආන්සර් කලේ නෑ. ඒවා ආන්සර් කරන්න ඔිනනං කව්රුත් එන්නැති කව්රුත් යන්නැති මල් පෙති ඉහිරුනු මල් පාරක කොනේක ඉඳන් තමා  ආන්සර් කරන්නෝන. කිව්වට විස්සාස කරන එකක් නෑ, මිස් කෝල් 73ක් තිබුනා. 


එදා නං මහ අංජබජල් දවසක්. වැඩ අස්සෙ කන්න ඔින කියල මතක් වෙලා කෑම කඩයක් හොයාගෙන ගියා ගියා ගියා.. යන හැම කඩෙිකම බෝඩ් එකේ ගහල තිබුනෙ 


                     "උදේ }

                      දවල් }    බත් 

                      රෑ }


කියලා. උදේබත් දවල්ටත් කාල ආයෙ රෑටත් කාහල්ලකො. කන්ඩ පුලුවන් කඩයක් හම්බවෙනකොට හවස හතරයි. ඒකෙත් ගහල තිබුනෙ "උදේ බත්, දවල්ට බුෆේ" කියලා. උදේ බත් වුනත් මොකෝ දවල්ට බුෆේනං කියල හිතාගෙන වාහනෙන් බැහැලා කන්න කියලා හිතාගෙන කඩෙිට යනකොට හොඳ වෙලාවට ඒකෙ බත් නෑ. ඉවරයි. අර උදේ බත් දවල්ට රෑට කඩ පහු කරන් එන ඔක්කෝම මෙි කඩෙන් කාල ගිහින්. කඩෙි හිටපු එස්පයර් වෙන්න ලං වෙච්චි ඇන්ටි අක්ක ඩෑල්ලෙකෙන් "අක්කෙ බත් තියේද?" අහපුවම "බත් තිබුනා ඉවරයි මල්ලි" කිව්වා. මොනාක්කත්ම නැද්ද අහපුවම  කියනවා "කනවනං ලැවරිය තියෙනවා"ලු. මටත් කියන්න හිතුනා ආරච්චිගෙ කෙහෙලුත් තියෙන එකේ කන්ඩනං බැරියැ කියලා. ආයෙ ඔින්නෑ කියල හිතුනා. මොකටද නිකන් එස්පයර් වෙන්න ලං වෙච්චි ආන්ටිලා වගේ අක්කලාටත් නිකන් පදිරි වෙන්නෙ. 


එදා දවල්ට කෑවෙ නෑ. මගේ රස්සාව අනුව කන්න වෙලාවක් හදාගන්න අමාරුයි. යන ගමන් කඩෙිකින් තමා කන්නෙ. සේල්ස් රෙෆ් එකක් කරනවා කියන්නෙත් ඉතින් ගිනි ගොඩක් උඩ ඉන්නව වගෙ තමා. කොහොම හරි යාන්තං වැඩ ඇරිල ගෙදර එද්දි මගදි තමා අපේ චිංචිගේ කේස් එක මතක් වුනේ. අප්පටසිරි. හීන් දාඩියකුත් දැම්මා "අද රෑටත් බත් නෑනෙ යකෝ" කියල මතක් වුනාම. සෙනිකව මගින් බයික් එක හරවගෙන ආයෙ ටවුමට ඇවිත් ග්‍රෑම් එකසිය හැත්⁣තෑවෙ පාන් රාත්තලක් ගත්තා. ඒ පාං ගෙඩියත් මාපට ඇඟිල්ලට වඩා ඔන්නං චුට්ටක් මහත ඇති. මැද්ද නිකන් වටලප්පං පුඩිං වගේ. හරී මෙලෙකයි. පැනි රස විතරයි නැත්තෙ.  

ඔය බෙිකරි කඩෙි එකාගෙ නම "චයිනා" ඒ නම දාල තියෙන්නෙ චීනෙක් වගේ හිංදා. දාං අදින්ඩ රුසියා. මාත් ටිකක් දන්නවා දාං අදින්ඩ.  එක දවසක් මාත් සෙට්වුනා පොරත් එක්ක දානක් අදින්ඩ. ඔිකා මට වඩා අවුරුදු හතරයි වැඩිමල්. මම හත වසරෙ ඉද්දි තමා මූ ආන්ඩුවෙ මහ විබාගෙ කලේ. ඒ වුනාට හෙන සයිස්. මිනිහ හෝමෝ සේපියන්ගෙන් පරිනාමය වෙච්චි එකෙක් නෙමෙි. "හෝමෝ උදරෝපියන්" ගෙන් පරිනාමය වෙච්චි එකෙක්. හෙන බඩ. ඒ කියන්නෙ සමර් හට් එකක් ගහන්ඩ පුලුවන් බඩ යට. මුදුන් කනූ ඔිනෙත් නෑ. කනුවත් උගෙන්ම ගත්තැකි. 

මිනිහත් එක්ක දාමට සෙට්වුනාම කියමුකො. මගේ ඉත්තො ටිකක් වැඩිය කැපුනම මිනිහ මානසිකව වැට්ටුවොත් විතරයි දිනන්න පුලුවන්. ඒක මෙයාගෙ ආත්ම ලක්සනේ. මාත් ඉත්තො කැපීගෙන කැපීගෙන යද්දි එදා 

*ඇත්තට ජයසිරි අයියෙ උඹ හෙන දස්සයා බං

*හ්ම් 

මිනිහා වැඩි කතා බහට එන්නෑ දාං අදිද්දි. දන්නවා මොකක් හරි කුන්ඩවාලියක් අදින්න තමා සැරසෙන්නෙ කියල.

*උඹෙි ඇඟ වගේමයි මොළෙත් ඈ

*හ්ම්

*ඇත්තට ජයසිරි අයියෙ කෝමද බං ඔය පෙනුම ලැබුනෙ?

*ඇයි තොට දැනගන්නම ඔිනද?

මං යන්තං හිනාවුනා. වටෙි පිටෙි බස් එකේ යන්න ආපුවුනුත් මෙි ගේම දිහා බස් එකක් එනකං වට වෙලා බලං හිටියෙ.

*ඇයි තෝ හිනා වෙන්නෙ?

*නෑ නිකං.

*නිකං නෙමෙි කියහං කියහං

*බෑ උඹ ගහනවනෙ

*ගහන්නෑ කියපං. 

දැං දාං නෙමෙි අදින්නෙ වෙන එකක්. මිනිහට හිනාවෙච්චි හේතුව දැන ගන්න ඔිනමලු. 

*ඇත්තට බං ජයසිරි අයියෙ උඹෙි පෙනුම මට තිබුනනං මං දනී ඔිකෙන් වැඩ ගන්ඩ

*ඇයි තෝ මොනා කරන්නද

*නෑ ඉතිං, චීනෙක් කියල ඔිනම එකෙක් රැවටෙනවනෙ. ඇත්තට බං තාත්ත ලංකාවට ආ..... වද කියල අහන්ඩ හම්බුනේ නෑ

දාං බෝඩ් එක දෑතින් උස්සගෙන *නෑ අපේ මහ එකී චීනෙ ගියා හු%@*$තො" කියාගෙන දාං බෝඩ් එකෙන් දමල ඇරිය කියාල්ලකො ඉත්තො සීසීකඩ යන්ඩ. ඉත්තො පාර පුරාම. දාං බෝඩ් එක කෝපි පඳුරක මුදුනෙ නැවතුනෙ. අන්තිමෙි දාං අදින්ඩ ගිහින් උඩ දාං දුවල තමා බෙිරුනෙ. 


මිනිහගෙ කොත්තු රයිස් ගහන එකා ඉන්නවනෙ. ඔිකත් හෙන අබ්බ ගොබ්බයෙක්  ඌ මූට හපං. එක දවසක් ඌට පුල් රයිස් දෙකක් දාල දියං මල්ලි කිව්වම

*කන්ඩද ගෙනියන්ඩද?

*පුල් රයිස් දෙකක් තනියෙන් කන්ඩ බෑනි මල්ලි. ගෙනියන්ඩ

*හා හා දාල දෙන්නං දාල දෙන්නං කිව්වා. ඒක දාලත් මූ අහනව 

*කවරෙකට දාන්නද කියලා.

මාත් ඉතින් 

*නෑ, මං පෙන් එකක් ගෙනාව. ඒකෙ පෝල්ඩරයක් හදල රයිස් කියල සේව් කරපං කිව්වම ඌ මං දිහා බලං හිටියෙ කන්ඩ වගෙ.


හවස වැඩ ඇරිල ගෙදර ආහම හෙන ගිනිවිජ්ජුම්බරයි මෙහෙ. ඩොක්ට අයිඑම්පනීයි ඩොක්ටර් එනමතුල්ලේයි හොයල හෙන මහන්සි වෙලා. දාඩිය දාගෙන පාං රාත්තලත් උස්සගෙන ගෙට ගොඩවුනා විතරයි හෙන හෑල්ලක් කියෝගෙන කියෝගෙන ගියා. මිසීල ඉස්සරහ නෝන්ඩි උනාලු. හෙන වස ලැජ්ජාවලු. නම අහද්දි ඇහිච්චි උන් නෝන්ඩියට හිනාවුලාලු. තේ එකක් දුන්නෙත් නෑ. 

ඔින මගුලක් කියල හිතාගෙන දාඩිය ටිකක් නිමෙන්ඩ කියල පෑන් එකත් දාගෙන පුටුවෙ ටිකක් ඇලවුනාම ඒ රෙද්දත් හිමීට හිමීට කැරකෙන්නෙ පටං අරන් මැද්දක් යද්දා "මරපං මරපං"ගග ගගා තමා කැරකෙන්න පටන් ගත්තෙ. ඒක අපෞන්දැට වැඩිය හපං. මල පැන්න පාර පෑන් එකටත් පයින් එකක් ඇනල ගිහින් වොෂ් එකකුත් දාගෙන ආව. ඒ කවමදාහරි දවසක වනගත වෙනවාමයි කියල හිතාගෙන.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.05.07