Sunday, January 24, 2021

මාවිල්ලාරු 04



කල්ලාර් සෝමපුර ගත කරපු කාලය ජීවිතයේ ටිකක් විනෝදෙන් ගත කරපු කාලයක් කියන්න පුලුවන්. යුධ හමුදාවෙි පළවෙනි වතාවට පාඨමාලාවක් වර්ජනය කරපු අවස්ථාවකුත් මෙි කඳවුරේදී සිදුවුනා. ඒකකයේම පැවැත්වුනු මූලික සංඥා පුහුණු පාඨමාලාවක් තමා එහෙම වර්ජනයකට ලක්වුනේ. ඒක ටිකක් බර කතාවක්.


අපේ ඒකකය පාබල ඒකකයක් විදියට ස්ථාපිත කරපු ඒකකයක්. ඒ වෙද්දි සංඥා බළකායේ පාබල ඒකක දෙකක් තිබුනා. ඒ 5වන සංඥා සහ 6වන සංඥා ඒකකය. 

6වන සංඥා ඒකකය මෙි වෙද්දි ස්ථාපිතව තිබුනේ යාපනේ නගරයේ. අදටත් යාපනේ.  රිවිරැස ක්‍රියාන්විතයට සමගාමීව ඔිපන් කරපු 6වන සංඥා ඒකකයත් පහේ හිටපු අපිත් අතර තිබුනේ ටිකක් විතර දුරස් බවක්. ඒකට හේතුව මෙහෙම කියන්න බැහැ. ඒත් අපි ඔක්කෝම සංඥා මාතාවගේ දරුවන් වශයෙන් ඔිනෑම තැනක ඔිනෑම අවස්ථාවක සහෝදරත්වයෙන් කටයුතු කිරීමට කටයුතු කලා. පසු කාලීනව හය වෙනි ඒකකයේ  සෙබළුන් අපේ ඒකකය යටතේත් අපේ ඒකකයේ සෙබළුන් ඒ ඒකකයේත් වශයෙන් යම් යම් අවස්ථාවල මාරු කර රාජකාරි කිරීමට සැලැස් වූ ඉහල නිළධාරින් කලේ නුවණැති ක්‍රියාවක්. එයින් දෙගොල්ලගේ සහෝදරත්වය ඉහල මට්ටමකට ආවා පමණක් නොව අපේ ඒකකයට ආපු වෙනත් කෙනෙක් ආපහු යන්නත් බලවත් අකමැත්ත ප්‍රකාශ කරන්නට පටන් ගත් පසු ඒ ඒකක දෙකේ මාරු වෙලා හිටපු අය ඒඒ ඒකකවලටම පත්වීම් කරන්නටත් කටයුතු කලා. 

හය වෙනි ඒකකයේ හිටියෙ 90%ක්ම පාබල ඒකක වල සෙබළුන්. ගැමුනු, පාබල, සිංහ, ගජබා විජයබාහු ආදී ඒකකවල සෙබළුන් රාශියකගේ සහභාගිත්වයෙන් පිහිටවපු ඒ ඒකකයත් යුද්ධය වෙනුවෙන් පාබල ඒකක එක්ක උරෙනුර ගැටෙමින් සාර්ථක මෙහෙයුම් කීපයකටත් සහභාගි වී තිබුනා. 


කෝස් එකක් වර්ජනය කලා කිව්වනේ. මෙි කෝස් එකේ සීන් එක යුධ හමුදාපති දක්වාම ගිය කතාවක්. මමනං ඒ කෝස් එකට හිටියෙ නෑ. ඒත් අපි දැක්කා වෙච්චි දේවල්. අන්තිමෙිට තීරණයවුනේ සැරයන්,කෝප්‍රල්,ලා/කෝ සහ සාසෙ නිළයේ සෙබළුන් විශාල සංඛ්‍යාවක් එකම දිනක යුධාධිකරණය වෙත පමුණුවා ලීම. ඒත්  එච්චර ප්‍රමාණයකගේ නිළතල පහත හෙලීම්,දඬුවම් ලබා දීමට සිදුවීමෙන් ඒකකයටත් සමස්තයක් වශයෙන් යුධ හමුදාවටත් වෙන හානිය මත ඒ කටයුත්ත ඉහලම මූලස්ථානයෙන් අවලංගු කර ඒ සියළුම සෙබළුන් නව සංඥා ඒකකයක් පිහිටුවා ඒකට අනුයුක්ත කර අපේ ඒකකයෙන් පිටමං කරන තැනට  කටයුතු සිද්ධවුනා. ගොඩක් උපදේශයකයින්ගේ උපදේශකත්වයත් අහිමිවීමට ඒක කාරණාවක් වුනා. එලෙස පිහිටෙව්වෙ හත්වැනි සංඥා ඒකකය. ඒක විවෘත කලේ වන්නි මානුෂීය මෙහෙයුමට සහභාගි වෙන්නමයි. ඒ ඒකකය 57 සේනාංකය සහ 59 සේනාංකය යටතේ ඉදිරිපෙළ සටන්වල නියැලුනු රට වෙනුවෙන් විශාල මෙහෙයක් කල සහ සටන් බිමෙි දක්ෂයින් බිහිකරපු ගෞරවනීය ඒකකයක්. මුලින්ම ඒ ඒකකය 59 සේනාංකයට අනුුක්ත කර  ඉතා කෙටි කලකින් නැවත 57 සේනාංකයට යා කරනු ලැබුවා. ඔවුන් නව ඒකකය පිහිටුවීම සඳහා පිටත්ව යාමෙිදී අපි ගොඩක් දුක්වුනා. සමහරු ඇඬුවා. කොච්චර රණ භූමියේ විකුම් පෑවත්, දරුණු අවි ආයුධ පරිහරණය කලත් යුධ සෙබළා යනු ඉතා සංවෙිදී චරිතයක්. පියයන්ගෙන් වෙන්වීම කියන එක ඔිනෑවටත් වඩා විඳින විඳවන හමුදාවෙි, අපි සමහරුන්ගේ වෙන්වීම් දරාගත්තේ ලෝකයට හොරා ඇස් වලින් කඩා හැලෙන කඳුලු වලින්. 

මටත් එහෙම සමු දෙන්න අපහසු කිහිප දෙනෙක්ම ඒ අතරේ හිටියා. ඒකෙනුත් ආතල් එකක් ගනු ඇර, අපි වෙන කුමක් කරමුද?


එක දවසක් උදේ නවයට මෙි අය ඔක්කෝම පෝලිම් කරලා සියළු බඩු භාහිරාදිය සමග ආපු ට්‍රක් වලට නැංගෙවුවම ඔවුන් අපි දිහා කඳුලු පිරුනු ඇස්වලින් බලා ඉද්දි අපිත් බිම ඉඳන් ඔවුන් යන්න යන දිහා බලාගෙන හිටියේ පපුවට අත තියාගෙන. මමනම් එහෙම බලාගෙන ප්‍රාර්ථනා කලේ ඒ අහිංසක ජීවිත වලට කුරාකුහුඹු වෙකුගේවත් බලපෑමක් එල්ල නොවෙිවා, නැවත රණ භූමියකදි හෝ අඩුම ජයරත්න එකේදිවත් හෝ  අපි අපි මුන ගැසේවා කියල. අපේ ඔිසී කපිතන් ජයතිස්සත් මං දැක්ක දාං හිටපු කණ්ණාඩියට යටින් ඇඟිල්ල දාලා ඇස් දෙක පිහදානවා. ඒත් අපි ඔවුන්ට වෙිදනාබර හිතෙන් සමුදුන්නා. ඉහල ඔිඩර්ස් නෙ. 

ඔවුන් ගියපු එකෙන් එච්චරකල් වැඩ පෙන්නපු  අපේ ඒකකය ටික කාලයක් යනකම් ගොඩක් පසුගාමී වෙන්නත් ඒක හේතුවක් වුනා. 


ඔවුන් ගිය පසු මටනං දරාගන්න ටිකක් අපහසු වුනා. අවුරුදු ගණනාවක් එක කුස උපන් සහෝදරයො වගේ, එක පවුලක් වගේ එකට ඉඳලා යුද්ධයේදිත් දුකටත් සැපටත් අවුවටත් වැස්සටත් එකට එක ඉඳලා ගහ මරා නොගත්තත් රණ්ඩු වෙවී තරහ වෙවී යාලුවෙවී ඉඳලා එකම පිඟානෙ කාපු, එකම කෝප්පෙ බීපු සෙට් එක එහෙම එක පාරටම සමුගත්තම කාටත් දරාගන්න ටිකක් අමාරුයි. 


ඉවසං ඉඳලා ඉඳලා බැරිම තැන පහුවදා මමත් මගේම පොටෝ කොපියක් වුනු කෝප්‍රල් විජේසිංහ කියල එකෙකුත් පැය 8ක කෙටි නිවාඩුවක් දැම්මෙි ඔිසීට අල්ලේ පැලවෙන ටොම් පචයක් අතෑරලා කන්තලේ යන්න. ඒකට අවසර ලැබුනා. අපි කන්තලේ ගියා. කන්තලේට යද්දි දවල් දොලහට ඇති. අපි දෙන්න කතාවෙලාම  ආවෙ හොඳට බොන්න. විජේසිංහත් කීවෙි "ඔව්වනං මොනවද අනේ, හැබැයි පලිගන්න එකනං ඉහලින්ම තියෙන්න ඔිනේ ඈ" කියල.  අපි දෙන්න තරහයි දුකයි ආතල් එකයි ඔක්කොම එකට එකතු කරලා ගල් බෝතල් දෙකක් ගත්තා. දෙකක් ගත්තේ එකක් ගෙනියන්නත් එක්ක. පස්සෙ ඒවට අවශ්‍ය අඩුම කුඩුමත් සිරි සිරි මල්ලක දාගෙන පයින් කිලෝමීටරයක් විතර කල්ලාර් පැත්තට ඇවිත් ඉලුක් ගාලකින් වට වෙච්චි හොඳ හෙවනක් එහෙම තියෙන කමතක සෙට්වුනා. මෙහෙ එතකොට ගොයම් පීදෙන දවස්. අපි දෙන්නා පීදෙන ගොයම් දිහා බලාගෙන හිතේ හැටියට නිදහසේ පුලුවන් තරම් බිව්වා. එක බෝතලක් බොමු කියල කතාවුනත් දන්නෙම නැතුව තව එක සොට් එක ගානෙ ගමු කියල දෙකම කැඩුවා. දෙවෙනි එක කඩන්න පටන් ගන්නකොට අර අනුන්ගේ කුඹුරු වල ගොයම් කපපුවම බිම වැටිලා ඉතුරු වෙන ගොයම් ගස් එකතු කරලා ඒවා විකුනලා සුනාමියක් අරන් ඒක කුලියට ගොයම් වැඩවලට යොදවලා ඒ සල්ලිවලින් කැන්ටර් දෙකක් අරගෙන ඒවගෙන් වී ඇදලා, විකුනලා, වී මෝලකුත් හදලා රටෙි හාල් අවශ්‍යතාවයෙන් සීයට පනහක්ම අපි දෙන්න සපයන තත්වෙට ආවා. ගෙවල් දෙකකුත් හැදුවා කෝමද දන්නවද ඒ කුඹුරු අයිතිකාරයින්ට ඇඬෙන්ඩ. දියුණුව කියන්නෙ එහෙමයි පෙන්ස්. ඒ දවස්වල සුපිරි ප්ලෑන් අපි ගාව තිබුනෙ, අද මෙිම හිටියට. 


එහෙම කඩපු බෝතල් දෙකම නැතත් සිහිය ඔල්මොරොන්දම් වෙන්න හිමීට හිමීට බොන එක  බිව්වා. අපි දෙන්නා කතාවුනේ අද යන්න බැරිවුනොත් කෝල් එකක් දීල පාරෙ හරි බුදියල හෙට කෑම්ප් එකට යමං කියලා. අපි දෙන්න බිව්වා. බොනව විතරයි මතක. අදටත් මග හරි⁣යක ඉඳන් කඳවුරට ආපු විදිහ මතක නෑ නෙමෙයි දන්නෙ නෑ. හැබැයි මට මතකයි චුට්ටක් සිහියෙන් ඉද්දි සීඑස්එම්ගෙන් කෝල් ආවා, කොල්ලන්ගෙන් කෝල් ආවා, දැං කොහෙද ඉන්නෙ අහන්ඩ ද කොහෙද . ඒත් මුලින් ඒ එකකටවත් ආන්සර් කරේම නෑ. පස්සෙ හොඳට වැදිල ඉද්දිනං මොනා වුනාද දන්නෑ. මං ගාව එතකොට තිබුනෙ සෝනි එරික්සන් කේ 530 පෝන් එකක්. පහුවදා තමා හරියටම දන්නෙ කෝල් වලට ආන්සර් කරාද නැද්ද කියලා. ඒව ඒ ඒ ගොල්ලොම මට  කිව්වා. ඔිසීට කෝල් අරං බාප්පෙ කොහොමද කියල අහලා,  සීඑස්එම්ට මචං කියලා, (හොඳම එක කියන්නෙ සීඑස්එම් වෙනුවට වැඩ බැලුවෙ සරඹ උපදේශක තුමා)ආයෙ  එයාගෙන් බබා හුකුන්ද කියල අහලා,එයා බැන්නම අන්තිමෙිට මං ආයෙ කෑම්ප් එකට එන්නෙත් නෑ පුලුවන් දෙයක් කරහං කියල, ඒක එතුමා ප්ලැටුන් සාජන්ට කියලා, ප්ලැටුන් සාජන් කෝල් ගත්තම පොරට බැජී කියල, සීඑස්එම් බැන්න කියලා එතුමාව බාවනව කියල, එහෙම කිව්වම පොර අපිට බැනල පොරට මායි අරුයි පට්ට කුනුහරපෙන් මාරුවෙන් මාරුවට බැනලා, එහෙ එක ගිනි විජ්ජුම්බරයක් වෙලා සැරයන් ඔිසීට රිපෝර්ට් කරලා, ඔිසීගෙන් "බාප්පෙ කෑම වලට ලුනු ඇද්ද" "කෑම හොඳයිද"  ඇහුව කියල, ඒක එතුමා සාජන්ට රිපෝර්ට් කරලා, මුලු කඳවුරම ගිනියම් වෙලා ,පස්සෙ ඔිසී අපිව ඉන්න දිහාකින් හොයාගෙන වරෙව් කියල  හතර දෙනෙක් එවලා, ඒ ආපු එවුන් අපි ඉන්නෙ කොහෙද කිය කිය අහ අහ කරදර කරනකොට උන්ව වෙන කොහෙද යවල, පස්සෙ ආයෙ මං බය බැචෙක් එක්ක තව එකෙක් එවල මගේ දණහිසට පල්ලැහැං කකුල් දෙකම කඩල ඉන්න දිහාකින් හොයාගෙන අරං වර කියල. හොයාගන්න බැරිවුනොත් උන්ටත් ආපහු කෑම්ප් එකට එන්න එපාමයි කිව්වලු. දැඟලුවොත් හරි බැරිම උනොත් හරි බෙල්ල අංසක එකසිය අසූවක්ම පස්සට කරකල ඇලකට විසි කරන්න කියලත් කිව්වලු. එයා වග කියන්නං කියලත් කිව්වලු. මොකද උන්නාන්සෙලම දන්නව මාව වෙඩි තියල මැරුවත් ගෙම්බෙක් වෙලා හරි ආපහු කඳවුරට එනව කියල

  උං ඒව මට පස්සෙ දවසෙ කිව්වෙ. ප්ලැටූන් සාජන් එක්ක සමලිංගික සේවනයේ යෙදෙන්නත් ආසාවක් තියෙනවා කිව්වලු මං. ඒ නං පට්ටපල් ⁣බොරු උන්දැගෙ. මං ඒ සබ්ජෙක්ට් එකට නෑ. ඊටත් සැරයන් කෙනෙක් එක්ක. හොඳ වෙලාවට මං සීඔිට කෝල් අරං නෑ. ඒ නම්බරෙත් පෝන් එකේ සේව් කරල තිබුනෙ. එහෙනං නාහෙත් විදල තාම තල් ගහක කකුල් දෙකෙනුත් එල්ලල පැද්දි පැද්දි ඉන්නව පැන්සනුත් නැතුව. 


එතන බීල ඇති වෙලා අපි දෙන්න බෝතල්වල ඉතුරුවයි ඉස්සර පයිට් ⁣කුප්පියයි වඩෙි උන්ඩියයි කිහිලි ගන්නගෙන පාරෙ පුලු පුලුවන් විදියට එන්න ආවා. ඒ පයින් කෑම්ප් එකට එන්න. ඒ එද්දි මට මතකයි  මග එක දොරක් ඇරල තිබුනු පුංචි කඩෙිකින් ඒකෙ කන්න දෙයක් ඇත්තෙම නැතුව අමුවෙන් සෝයාමීට් පැකට් එකකුත් අරන් කෑව කෑව වගේ.අපි ආවෙ අරුන්දැලට කියපුව ගැනත් කතා වෙවී හිනාවෙවී ⁣"මැමැමැමැ..චැං ම්ම්ම්ම්මැමැචෝ  වෙවෙවෙවෙවෙන ද්ද්ද්ද්දෙයක් ව්ව්ව්වෙන්නෙ හෙහෙහෙහෙහෙහෙටනෙ" කිය කිය. ආයෙ එහෙම එද්දි ආමි වාහනයක් ඇවිත් නතර කරලා "කොහෙත් තොපි යන්නෙ" ඇහුවා. අපි එවුන්දැල ගෙනුත් ගේම ඉල්ලුවා. දසම අනූ නමෙං කියපුවට ගුටි නොකා බෙිරුනේ. ඒත් අපි ආමි කියල කිව්වෙ නෑ. එතකොට සිහිය යාන්තම් තිබුනා. එ් වෙද්දි ඇති හවස හතරට පහට විතර. ඔහොම අපි සෑහෙන දුරක් ආවා. ඒ ආවෙත් බිබී. නවතිනවා, සොට් එකක් ගහනවා, ආයෙ එනවා. නවතිනවා සොට් එකක් ගහනවා ආයෙ එනවා. වැටෙනවා, ආයෙ නැගිටිනවා, වැටෙනවා ,ආයෙ නැගිටිනවා. එකෙක් වැටිල උස්සන්න යනකොට දෙන්නම වැටෙනවා, ආයෙ දෙන්නම එකතු වෙලා කොහොම හරි නැගිටිනවා.

අපි බිව්වෙ පාරෙ තියාගෙන. (මෙි වෙලාවට ඒ පාරවල්වල බලු බල්ලෙක් නෑ.ඒ කොටි කචල් හා අලි හිංද.මෙි වෙලාවට හමුදාවෙ පොලිසියෙ වාහනයක් ඇරෙන්න වෙන වාහනයක් ගියත් ඒ කලාතුරකින් බයම නැති එකෙක් විතරයි) අපි ආපු පාර දිගේම වඩෙියි බයිට් ගත්තුවයි හැලිලා. ඒ ආතල් එක වැඩි වෙලා කරපු දේවල්. 


මට මතකයි ගස්වල වහල හිටපු කොක්කුන්ටත් වඩෙි වලින් ගහලා "සිංදුවක් කියපිය" කියනවා.


 අරුන්දැලා අපිව හොයන්න ආවත් එන්න ඔින ටීවීල් එකක් හයර් කරං. එහෙම එකක් එනව දැක්කොත් අපි දෙන්න කතාවුනේ දෙපැත්තෙ ඇලවල් දෙකට හරි බැහැල හරි හැංගෙන්න. මොකද මං දන්නවා ඔිසී අනිවාරෙන්ම  බැචාව එවනවාමයි කියල. ඊට කලිනුත් ඔික වුනානෙ. ඒකාට අණක් ගුණක් නෑ පෙන්ස්. 


ඒ අස්සෙ පිටිපස්සෙං ටීවීල් එකක් ඇවිත් අපි දෙන්න ගාවින් "කාස්" ගාල නැවැත්තුවා. ඒකෙ ආපු බුවා ඇහුවා "මල්ලිලා කොහේටද?" කියල. අපිත් කිව්වා කල්ලාර් වලට බුදු අයියේ කියල. පොරත් අපිව ගිහිං දාන්නං කියල පොරොන්දු වෙලා නග්ග ගත්තා. ටිකක් දුර එනකංම මං ඌව බැලන්ස් කලේ ඉතුරුව බොන්න තැනකින් නවත්ත ගන්න. පස්සෙ අපි තුන්දෙනාම මග නැවතිලා ඉතුරුවෙලා තිබ්බ බාගෙයක් විතර ඉවර කලා. ඒත් අනේ මංද මදි මදි වගේ. ආයෙ අර හාදයව ආපහු හරෝගෙන ඌත් එක්කම කන්තලේට ඇවිත් ආයෙ බෝතලයක් අරන්  ටීවීල් එකට තෙලුත් ගහගෙන ඇවිත් මගට වෙලා ආයෙ බිව්වා. දැං දුක දෙපිටින් ගිහින් ආතල් ලෝකයක් මැවිල තිබුනෙ. ඒ බෝතලෙන්  සොට් දෙක තුනක් ගැහුවට පස්සෙ තමා අපි දෙන්නට මොනව හරි වුනේ. ඒ කියන්නෙ සිහිය නැතිවුනා වගෙ දෙයක් වුනේ. පහුවදා දොලහට විතර සිහිය එද්දි ඉස්සරහින් කලු පාට දඩ සයිස් යකඩ කබ්මි වලින් හදපු දැල් දැල් දොරක් තියෙන කාමරේක හිටියෙ. කබරයානම් දාල නෑ සැප නින්ද. මං ඔලුව උස්සල බලල ඉන්නෙ කොහෙද කියල වැඩි තේරුමක් නැතුව ආයෙ නිදා ගත්තා. පස්සෙ ආමි යුනිපෝම් ඇඳගත්තු කොල්ලෙක් අපිට කෑම දෙකක් ගෙනත් දුන්නා. හැබැයි ටිකක් පොරව දැකල පුරුදුයි පුරුදුයි වගේ ගතියකුත් ඒ වෙලාවෙ තිබුනා. මාර පුදුමෙ කියන්නෙ ඌ මට "කෝපල් ආරච්චි" කියලත් කතා කලානෙ. ඊට පස්සෙ තමා උගෙන් "මෙි කොහෙද බං" කියල ඇහුවෙ. යකෝ මාරයිනෙ. ඒ අපේ කඳවුරලු. අපි ඉන්නෙ  සෙල් එකේලු කියලත් කිව්වා. ඒකත් මාරයි. මට යන්තම් හීන් දාඩිය දාගෙන ආවෙ වෙරි හිඳෙන්න හිඳෙන්න වගේ. ඔිසීට සීඑස්එම්ට කියපුවයි, සාජන් හපුගොඩට බැනපුවයි මතක් වෙලා ඒ දාඩිය පාර දෙගුණ වුනා. 

ඔිසී නං කිව්වලු එයාගෙ අනුදැනුමක් නැතුව අපි දෙන්නව එලියට දාන්න එපාම කියලා. අපි ඇහැරිලා පැයක් විතර යද්දි සීඑස්එම් ආවා. ඇවිත් බැනල බැනල ගියා. ඊලඟට සාජන් හපුගොඩ ආවා. එයා නං වැඩිය මුකුත් කියන්න ගියේ නෑ, කිව්වෙ එළියට වරෙල්ලකො, තොපි දෙන්න ඇල බංටෙක උඩට අරං ගිහින් හිටෝලා වෙඩි තියල මරනවාමයි කියල විතරයි කිව්වෙ. නිකංමත් නෙමෙි  බිත්තියෙ අත ගහල දිව්රල කිව්වෙ. අන්තිමෙිට හවස හතරට විතර ඔිසී ඇවිත් අපිට හරි ආදරෙන් කතා කලා. ආදරෙන් කතා කලා කිව්වෙ, ඒ කියපු වචන අස්සෙ ආදරණීය වචන දෙක තුනකුත් තිබුනා තෝ, බල්ලා,වෙිසාවා, ගස් ගෝනා, ගොං ප&@%යා වගේ එව්වා. මට ඇහුනා එතුමා ගාඩ් කමාන්ඩර්ට කියනවා "දොර ඇරපිය, මට මුංව මරල කන්ඩ" කියල කියනවත්. හැබැයි කයිම කියල හිතුන හිංදමද මංද ගාඩ් කමාන්ඩරුත් දොරනං ඇරියෙ නෑ. අපි දෙන්නා වැනි වැනි සීරුවෙන් හිටගෙන හිටියෙ. එතකොටත් වෙරි. ගාඩ් කමාන්ඩර්ගෙ වැඩෙි ගිනිගත්තු ඔිසී නිමන එක. එහෙම වෙච්චි හිංද හොඳා. 


කන්තලේ යද්දි ඇඳන් ගිය ඇඳුමෙන්ම ශෙල් එකේ එදා රැයත් ඉඳලා පහුවදා රැයත් ඉඳලා එලියට ආවා. සුදු පාටට ඇඳගෙන කන්තලේ ගියපු අපි මෙි වෙද්දි බොරලු පාරක් වගේ පාට වෙලා. මුළු කඳවුරම දැනගෙන සීන් එක. ගොඩක් අය හිනාවෙන එක තමා කලේ.අපේ සෙට් එකේ උන්නං කිව්වෙ ඔිසීගෙන් ලුනු ඇද්ද අහපු එකනං පව්, සාජන්ටයි ඩී අයිටයි බැන්න එකටනං හොඳමයි කිව්වෙ. පස්සෙන් පහුවදා උදේ නවයට අපි දෙන්නව එලියට ගත්තා. අරං ඔිසී හමුවට පැමිණෙව්වා. මං කෝල් ආන්සර් කරල කියපු දේවලුයි, කෝල් අරං කියපු දේවලුයි ගොඩක් දේවල් මං කිව්ව කියල ඔිසී කිව්වා. රෑත් මගෙ වැඩෙිම ඔිසීගෙ සීඔිගෙ ඉඳන් හමුදාපති දක්වාම බැන්න එකලු. කුණු හරපත් කිව්ව කියල කිව්වා. එක පාරක් සිහිය ඇවිත් ගාඩ් කමාන්ඩගෙන් තුවක්කුවකුත් ඉල්ලුවලු අපි දෙන්නව සෙල් එකේ දාපුවනුයි කෑම්ප් එකේ එවුනුයි බාවල හිරේ යන්ඩ. අපිව ගේට්ටුව ගාව ඉඳන් මිනී දෙකක් වගේලු උස්සං ඇවිත් ශෙල් එකට දැම්මෙ කියලත් කිව්ව. අර හාදයා දන්නැතුව බැචාගෙන් ගේම ඉල්ලුවම ඌටත් අම්බානක නෙලවලු මූ. 


පස්සෙ සීඔිට දාල චාජ් එකේ දක්කනවමයි කියල ඒ වෙලාවෙ අවවාද අනුශාසනා ගොඩක් දීලා, ඔිසීගෙ පන තියෙනකං අපි දෙන්නට පාස් කැන්සල් කරල අවසානෙට තමා පර්ස් එකයි,පෝන් එකයි,චෙින් එකයි දුන්නෙ. ඊටත් පස්සෙ තමා අපි දෙන්නව ඩීඅයිට බාරදුන්නෙ. එතුමානං මුකුත් කිව්වෙ නෑ ඇහුව විතරයි. "තොපි ආයෙ ඔය වාගෙ කැ%@$ වැඩ කරනවද? කරනවද? කියල අහ අහ ඔන්නං එක  කනටට පාරවල් හතරක් දෙන්න ඇති. ඒක එතනින් ඉවරවෙන්ඩ යද්දි ප්ලැටුන් සාජන් හොම්බ දාන්ඩ එනකොට තමා අපි දෙන්නට මාරා වෙිශවුනේ. ඒක දැනගත්තු හිංදමද මංදා ඩී අයිතුමා සාජන්ව ඒ ෆීල්ඩ් එකෙන් අයින් කලා. හැබැයි ඉතින් සැරයන් එක්ක අපිත්,අපි එයත් එක්කත් තරහක් නෑ. එයාගෙ හිතේනං මං දන්නෑ, මගේ හිතේනං නෑ. සින්නපරන්තන් වලදි මගේ ටීම් එකත් එක්ක තව කීපදෙනෙක් කොටින්ට අහුවෙන්ඩ යද්දි පන පිටින් බෙිරගත්තෙත් එතුම ගේ ටීම් එකෙනුත් එයාගෙ අණට ආව තව ටීම් කීපයකුත් විසින් තමා.

හැබැයි එදා ඉඳන් අපිට ආයෙ කවදාවත්ම පාස් ලැබුනෙම නෑ. බොන්නම උනෙත් නෑ.  චාජ් එකේ ගියෙත් නෑ. සීඔිට කොහොම කටක් ඇරල කියන්නද අපි කියපුවා කියල හිතෙන්න ඇති. බැරිවෙලාවත් චාජ් ෂීට් ගැහුවනං ඒක දෛවයේ සරදමක් වෙනවා. ඇයි යකෝ මගෙ චාජ් ශීට් එක මමම එපෑ ගහගන්න. හැබැයි පස්සෙ දවසක ඔිසීම කිව්වා ඩීඅයි හිංද තමා තොපි දෙන්න බෙිරුනේ, නැත්තං තාම පයිවට් කියල.


මම විටින් විට කරපු ලිපිකරු ජීවිතයේ දරුණුම චාජ් ශීට් එක ගැහුවෙත් කල්ලාර් වලදි අපේ කොල්ලෙකුට විරුද්ධව. ඒ "මරණ දඬුවම ලැබිය යුතු සතුරා සම්බන්ද වරදවල් (95ඊ) වගන්තිය ඇතුලත්ව තවත් වගන්ති දෙකකින්. ඒ හේතුව දරුණු ඝනයේ එකක් වුවත් ඒක මෙහිලා පැවසීම නුසුදුසු හෙයින් කියන්නෑ. පසුව ඔහු යුධමය හේතූන් මත යම් මානසික අවුලක් ඇති බව ඔප්පුවී ප්‍රථිකාර වලට යොමුකලා වුවත් ඒ තත්ත්වය සුව වූ බවක් නම් දැන ගන්න ලැබුනේ නෑ. එකම එක දවසක් පනාගොඩදි ඔහු මට හමුවුනා. ඒ ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ. ඒ වෙන විටත් ඔහු සුව වී තිබුනෙ නෑ. පනාගොඩ නිදැල්ලෙ ඇරපු හරකෙක් වගේ හිටියෙ.


ඉවර නෑ...............



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.01.25

Saturday, January 23, 2021

සෙබලෙකුගේ භූමිකාව

 අද කියන්න යන්නෙ නම් රටෙි ඔබ කව්රුත් නොදන්න ඒත් හමුදාවෙි 58 සේනාංකයේ ඔිනෑම කෙනෙක්  දන්න පුද්ගලයෙක් ගැන. මෙයා 11 ශ්‍රීලපාහ ඒකකයට අයත් සැරයන් වරයෙක්. මෙි සිදුවීම වුනේ නච්චිකුඩා ලයින් එකේ උනත් අඳුරගත්තේ ඊට ටික දවසකට කලින්. . 


කව්රුත් දන්නවනෙ නච්චිකුඩා ලයින් එකේ අපි ටික කාලයක් හිරවෙලා හිටියා කියලා. ඒ මාස තුනකට ආසන්න අඩු වැඩි කාලයක්. අපේ ඉලක්කය වී තිබුනේ ලයින් එක කඩාගන්න අමාරුවුනාම උන්ට ලයින් එක එපා කරවන එක. හැමදාම රෑට ලයින් එකට රෙකී ගිහින් පහුවදාට ඒ රෙකී කරපු බංකර් වලට පහර දෙනවා. අපේ ලින්ක් එක තමා 11 ශ්‍රීලපාහ ඒකකය. ඒක සැරෙන් සැරේ වෙනස්වුනා. මෙි වෙද්දි හිටියෙ ඒ ඒකකය. 


එක දවසක් මෙි ලයින් එකේදි මට හරි අපූරු සෙබළෙක් මුනගැහෙනවා. එදා  දෙගොල්ලම එකම රාජකාරියකට දෙපැත්තකට යන අතරේදි හමුවුනු අපි, අපි ගැන මදක් විවෙිකීව සිටි අවස්ථාවක විස්තර කතා කරගත්තා. කුරුණෑගල ජන්ම භූමිය වුනු මොහු මට වඩා වසර කිහිපයකින්ම  බාල සහ මට වඩා අඩු සේවාකාලයක් තිබුනු පුද්ගලයෙක්. (මට මතක විදියට ගෙවල් තිබුනෙ වාරියපොල පොලිසිය ගාවින් වමට හෝ දකුණු පැත්තට තියෙන පාරක මග)  මෙයා මට ඉස්සරලාම හම්බවුනේ ඉලුප්පකඩවායි පාලම පැන්න ගමන් වුනත් ඇඳුනුම් කමක් ඇති කරගන්න තරම් කාල වෙලාවක් හා ඒකට යෙදවිය හැකි තරමෙි කාලයක් එදා අපි අතර තිබුනෙ නෑ. 


11 ශ්‍රීලපාහ ඒකකයට අයත් ඔහු ටිකක් සුදු, කෙසඟ සිරුරක් හිමි, උස, සැරයන් නිළය හෙබි අයෙක්. කොන්ඩෙ පිස්සෙක්ගෙ වගේ වවල තිබුනෙ. මට ඔහුව හම්බවෙද්දි , ඔහු දවස් දහතුනකිනුත් මම දවස් දා හතකිනුත් නාල නෑ. දෙන්න දෙගොල්ල ගාවම හෙන සුවඳ.  මෙයාට කන්ටෑක්ට් තිබුනෙ එවකට අපේ 58 සේනාංකාධිපතිතුමා වුනු වත්මන් යුධ හමුදාපති තුමා සහ මෙි සේනාංකයට අයත් 581,582,583 බළසේනාවන් හි බළසේනාධිපතිවරුන් හා 1 කාර්‍ය සාධක බළකායේ ඉහලම නිළධාරි එක්ක. එදා රාජකාරියකට ඇවිත් හිටියෙත් ඒ ඉහල නිළධාරියෙක්ගේ සැලසුමක් ක්‍රියාවෙි යෙදවීම පිණිස බව ඔහු මට කීවා. පැමිණි රාජකාරිය අවසන් කර ආපසු යන ගමනේදී, ඒ වෙද්දි අපේ ඒකකයට අනුයුක්ත කරල හිටපු ස්නයිපර් කෙනෙක් වූ ස්ටාෆ් සාජන් කෙනෙක් (නම සඳහන් නොකරමි) දින දෙකකට ඔහුගේ ඒකකයට කැටුව යාමටත් නියමිත බව මට කීවා. ඉදිරිපෙළ සටනේදි අපි දෙගොල්ලම කලේ එකම රාජකාරිය නිසා 581 බසේමු සහ 1 කාර්‍ය සාධක බළකාය යටතේ සිටි ඒකකවල ඒ රාජකාරියම කරන ටීම් අතරේ පොඩි මෙව්ව එකක් තිබුනා. ඒ හේතුවෙන්ම තමා වැඩිම සම්බන්ධතාවයක්  නැති වුවත් පෙර හමුවී කතා කර දැක හුරු පුරුදු කාරණාව මත ටිකක් නිදහසේ් කතාකරන්න හමුවුනේ. මොකක් හරි අමාරු කාර්යයක් හමුදාවට පැවරුනහොත් කතා කරන්නෙ මෙි සැරයන්ට. පාලමක් අල්ලා ගැනීම, අල්ලන්න අමාරු බංකරයක් අත්පත් කර ගැනීම, අමාරු ඉලක්කයක් සාර්ථක කර ගැනීම ආදී කාරණාවක් යෙදුනොත් මෙයාව රාජකාරියේ යෙදෙව්වෙ ඒ ඉහල නිළධාරින් විතරයි. මාත් අහල තිබුනු විදියට වැඩකට අතගැහුවා කියන්නෙ අති සාර්ථකයි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම වැඩ්ඩෙක්. මහ අමුතු අමුතු සැලසුම් මෙයා ගාව තිබුනෙ. බඩ ගාන්න ඔින තැන්වල මෙයා බඩගාන්නෙ නෑ. අපි තැනකට පිටුපස්සෙන් පහර දෙන්න තීරණය කරොත් පොරගෙ ප්ලෑන් එක ඉස්සරහින් පහර දීම. අපි දුවන්න තීරණය කලොත් පොර කරන්නෙ නවතින එක. ආං ඒ වගේ. අපි නොහිතන පැත්තකින් ඉතා සියුම් යුධමය ඉන්ද්‍රියයන් අතගෑම තමා මෙයාගෙ සාර්ථකත්වයේ රහස. 


එදා තීරණාත්මක දවසක්. මොකද කියනවනං උදෑසන හිරු කිරණ පොලවට වැටෙනවත් එක්කම උන්ගේ ලයින් එකට පහරදී බංකර් අත්පත් කරගැනීමට  තමා සියළුම සැලසුම් සකස්වී තිබුනේ. අපිනං මෙිවා ගණන් ගත්තෙත් නෑ. කොහොමත් සතියකට සැරයක් දෙසැරයක් මෙහෙම උත්සාහ කරනවා. ඒත් උන්ගෙ උපරිම ශක්තිය මෙි ලයින් එකට යොදවා තිබුනු නිසා අපිට හැප්පෙන්නවුනේ ඒ ශක්ති දාමයක් එක්ක. සමහර දා රෑට උන් ලයින් එකේ එහා පැත්තෙ ඉඳගෙන ස්පීකර් දාගෙන අපේ මානසිකත්වය වට්ටන්න එක එක දේවල් කියනවා. ඒත් උන් දන්නෑ අපි ඒවා සත පහකට මායිම් නොකරන වගක්. එක දවසක් පොඩි කෙල්ලක් මෙි ස්පීකරෙන් කතා කරලා සිංහලෙන් කියනවා එයාලගෙ භූමියේ පාඩුවෙි ඉන්න දීලා ආමි මාමලා ආපහු ගෙවල්වලට යන්න කියලා. ලොකු එකෙක් කියනවා "උඹලා සටන් කරන්නේ උඹලගෙම පන්තියේ අහිංසක මිනිසුන් එක්ක, ඒත් උඹලගෙත් අපෙත් වෙනසක් තියෙනවා, මෙික අපේ නිජ භූමිය, උඹලා ආපහු පලයල්ලා" කියලා. ආයෙ පොඩි ළමයින් ලව්වා සින්දු, කතන්දර කියෝනවා. උන් හිතන්නෙ අපි ඒව අහල ආපහු යයි කියලා. ඒ ඔක්කොම "මනෝවිද්‍යා මෙහෙයුම්" මීට වඩා දේවල් මෙි තේමාව යටතේ කතාකරන්න පුලුවන්. නමුත් එදා වුනේ අර සිදුවීම. ඒ වෙද්දි අපි රෙකී ගිහින් හිටියෙ උන්ගෙ කකුල් පාමුලටම. 


මෙි දවසේ  උදෑසන 0542ට උදාවූ සුභ මුහුර්ථයෙන් අපි ලයින් එකට පහර දෙන්න පටන් ගත්තා. උඩින් එමිඅයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දෙකක්, යුධ ටැංකි ප්‍රහාරක කණ්ඩායමක් (5ශ්‍රීලසසබ) , මල්ටි බැරල් රොකට් ප්‍රහාර, කාලතුවක්කු සහ මෝටාර් ආධාර මැද ඇරඹුනු ඒ සටන උදේ හත පහුවෙනකොට කෙමෙන් කෙමෙන් ඉතා දරුණු ස්වභාවයකට පෙරලෙන්න ගත්තා. ඒත් උනුත් ගේම ලේසියෙන් අතාරින්න සූදානමක් තිබුනේ නෑ. අපේ තිබුනෙත් නෑ.. උන්ගේ උපරිම ශක්තියත් මෙි වෙද්දි ලයින් එක රැකගැනීම සඳහා යොදවලා තිබුනේ. උදේ අට විතර වෙද්දි කෆීර් යානා දෙකකුත් ඉහල අහස තමන්ගේ අණසකට යටත් කරගනිමින් කැරකි කැරකි උන්ගේ මර්මස්ථාන වලටත් ආධාරක පිරිස් එන ට්‍රැක්ටර් වලටත්  පහර දෙන්න පටන් ගත්තා. එතකොට උන් බෝට්ටු වලින් ඇවිත් මුහුදෙ ඉඳන් බීච් එකේ අයිනේ ඉදි කර තිබුනු අපේ බංකර් පේලියකට පැති ප්‍රහාර එල්ල කරන්න ගත්තා. ඒවා ඉතා වෙිගයෙන් එනවා... "සර සර සරස් සරස්" ගාල ගහනවා ආයෙ ආවටත් වඩා වෙිගයෙන් පලා යනවා. අපිත් මෙි පැත්තෙ ඉඳන්  "මියෙත් නම් මියෙත්වා, සටන දිනා මිස, පසු නොබසිමි" යන නියායෙන් උන්ගෙ ලයින් එකටත් සමහර තැන් වලින් ලයින් එකෙන් ඇතුලටත් ගහගෙන ගහගෙන ගියා. සමහරු පස් බැම්ම උඩටත්  නැග ගත්තා. ඒත් අපිට බැරිවුනා. අපිට අහුවෙච්චි හරියෙ තිබුනෙ මඩ වගුරක් කරපු ගැඹුරු එහෙත් පළල් යුධ අගලක්. ඒක නියමිත කලට වෙිලාවට අපිට තරණය කරගන්න බැරිවුනා. ඉන්පසු ඇති වුනේ ඛේදනීය තත්ත්වයක්. දෙපැත්තෙන් ලයින් එක කඩලා, මැද්දෙන් කඩාගන්න බැරිවුනා. 11ගැහේබ ඒකකයටත් යුධ අගල තරණය කිරීමට ඉතා අසීරු තත්ත්වයක් උදාවීමත් සමග දහවල් දොලහ ආසන්න වෙද්දි නියෝගයක් ආවා පසු බහින්න කියලා. පසුව ඉතා කල්පනාවෙන් ගිය විදියටම අපි සියල්ලෝම ආපසු ආව. එදා උන්ගෙ ලයින් එකේ පළවෙනි බංකරය ඇල්ලුවෙි සැරයන් නිශාන්ත. එයාලා දරුණු ප්‍රහාරයකට කොටු වෙලා. පසු බහින්න අවස්ථාවක් ඇත්තෙම නෑ. ඒක දැනගත්තු හමුදාව, නැවත සැරයන් නිශාන්තව අරන් එන්න යන්න ආපහු හැරුනා. අපේ අපි හිටපු කොටස ගියේ නෑ. ඒ ආසන්නෙයේ හිටපු අපේ බාගෙකුයි එයාලගෙ ඒකකයේ භාගයකුයි 11 ගැහේබ භාගයකුයි තමා ගිහින් සැරයන් නිශාන්ත ඇතුලු අට දෙනා නිරුපද්‍රිතව අරන් ආවෙ. පස්සෙ දැනගත්තා තව විනාඩි දෙකක් පරක්කු උනානං සැරයන් නිශාන්ත වඩාගෙන අරන් යයි කියලා. ඒ කියන්නෙ ලඟ තිබුන පතුරම් අවසාන අවස්ථාවෙ තමා ඉඳල තියෙන්නෙ. 


මෙි සටනින් අපේ පාර්ශ්වයටත් උන්ගේ පාර්ශ්වයටත් දැඩි හානි සිදුවුනා. අපේ ඒකකයේ කිහිප දෙනෙකුත් අනිත් ඒකකවලත් සැලකිය යුතු මට්ටමෙි පිරිසක් මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරල තිබුනා. ඒ වගේම පිරිසක් තුවාල වෙලත් තිබුනා. හැබැයි සතුටු වෙන්න පුලුවන්, මොකද අපිට රෑ දැනගන්න ලැබුනා උංගේ ඩෙත් බොඩි ඇද්දෙ ට්‍රැක්ටර් ගණනාවකින්ම කිහිප සැරයක් ඇවිත් ගිහින් ඇවිත් ගිහින් කියලා. යුද්ධයක කොහෙද අනේ සතුටක් තියෙන්නෙ. සමහරු දුවද්දි ඇදවැටෙනවා සියැසින් දැක්කා. සමහරු පස් බැම්ම උඩ වෙඩි වැදිලා පල්ලෙහාට රූටගෙන නැත්තං රෝල් වෙලා එනවා දැක්කා. ජබෝස් ගාල කානුවට වැටෙනවාත් දැක්කා. කානුවෙ එරිලා හිටපු අයත් අපේ අය බෙිරගත්තා. ඒවා අමිහිරි සිදුවීම්. ඒක මෙතනින් නවත්තමු.


මෙිත් ඒ වගේම දවසක්. ඒ විදියටම ලයින් එක,  එක ටයිම් එකටම අප් වෙලා අරවගේම උන්ගේ ලයින් එකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා. හැබැයි එදානං යුධ අගලෙ පස්නෙට අපි ගාව විසඳුමක් තිබුනා. ඒ ඉනිමං. අපිත් එක එක ක්‍රමෝපායයන් වලට ගිහින් ලයින් එකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ ප්‍රහාරය පටන් ගත්තේ උදේ හයයි තිස් දෙකට. අපි බුද්ධාගං කාරයෝනෙ. ජ්‍යෝතිෂ විෂය සම්බන්ධ අය අඳුරන ඉහල නිළධාරින් සුභ මුහුර්ථ අසාගෙන එහෙම තමා ගේමකට බහින්නෙ. එදා හයයි තිස්දෙකට පහර දෙන්න පටන් ගත්තා. හැබැයි එදා අච්චර වෙිලාවක් ලයින් එකට ගහන්න වුනේ නෑ. හේතුව ප්‍රහාරයේ දරුණු කම. උදේ දහය වෙනකොට පසු බහින්න අපිට අණ ලැබුනා. 

මෙි පසු බැහීමෙි විශේෂත්වයක් තිබුනා. 


එදින උන්ගේ ලයින් එකට පහර දෙද්දිත් පෙර සේම සැරයන් නිශාන්ත අයත් ඒකකයෙන් තමා ඉස්සෙල්ලම ලයින් එක කැඩුවෙි. නමුත් එයාලාගෙ ලයින් එකට මෙහා පැත්තෙන්, ඒ කියන්නෙ වමෙන් ලින්ක් වෙච්චි ඒකකයට ලයින් එක කඩාගන්න බැරිවුනා. ඒ ඒකකයට දැඩි හානි සිදුවීමත් සමග භඨ පිරිස් හිඟතාවය මත එයාලට අඩියක්වත් ඉස්සරහට යන්න බැරිවුනා. අපිත් මෙහෙන් බංකර කිහිපයක් අල්ලගෙන තිබුනෙ. පොඩි වතුර පාරක් ගලාගෙන යද්දි ඒ මැද්දෙන් කකුල තියල වතුර පාර බ්ලොක් කරාම ඒ බ්ලොක් වෙච්චි හරියට නැතුව ඊට දෙපැත්තෙන් වතුර ගලාගෙන යනව වගේ සීන් එකක් තමා මෙතන වුනේ.  මෙි බ්ලොක් වෙච්චි තැන බංකර් පේලිය ඉලක්ක කරගෙන ලයින් එක කඩන්න හිටපු අයට උදව්වක් විදියට ලයින් එක කඩපු නිශාන්තගේ ටීම් එකත්,ඒ ඒකකයේ භඨයිනුත් වමට හැරුනා. එතකොට අර දෙපැත්තෙන් ගලාගෙන යන වතුර පාර ටිකක් වැඩිවුනාම හිඩැස පුරවන්න දෙපැත්තෙන් ගලන වතුර එන්නා වාගෙ දෙපැත්තෙ ඒකක දෙක ඒ බංකර් පැත්තට හැරුනා. වමට ඉස්සරහින්ම ඇවිත් තියෙන්නෙ නිශාන්ත. මෙහිදී එදා කොටි විසින් අපූරු යුධ ප්‍රයෝගයක් සිදු කර තිබුනා. ඒ තමා ලයින් එකට රිංගන අපේ අයට රිංගන්න ඉඩදීල පසු බැහැල සිටින බව හඟවමින් මද දුරකට ගොස් සැඟවී සිටීම සහ අපේ අය ලයින් එකට ආහම වට කරගෙන පහරදීම. උන්ගේ ප්ලෑන යස අගේට වැඩ කලා. ඒක කොච්චර බලවත්ද කියනවනං දකුණු පැත්තෙන් ගිහින් වමට හැරුනු සැරයන් නිශාන්තගේ ටීම් එකත් තව ටීම් කිහිපයකුත්  ඒ උගුලේ පැටලුනා. අවසානය වුනේ මුහුණට මුහුන සටන් කරලවත් ඒ ටීම් දෙකක් පස්සට ගන්න බැරිවීම. රැලි පිට රැලි වෙරලට එන්නේ යම් සේද, එසේම උනුත් ඉස්සරහට දරුණුම ආකාරයේ ප්‍රහාරයක් ආරම්භ කරමින් ඉදිරියට ආවා. ඉන් පස්සෙ ඇතිවුනේ මං එතෙක් මෙතෙක් මුහුණ දීපු දරුණුම සටන් වලින් දෙවෙනි ප්ලේස් එක ලැබෙන තරමෙි සටනක්. අපේ සහයෝගයත් ඒ කණ්ඩායම් බෙිරාගැනීම වෙනුවෙන් ක්ෂණිකව ගත්තු තීරණයක් මත ඉස්සරහට ඇදුනා. ඒත් අපිටත් ඉදිරියට තව එක අඩියක් ⁣තියන්න නොදෙන්න උන් වග බලාගත්තා. මෙතනදී ගුවන් ප්‍රහාර එල්ල කරන්න කිසිම අවස්ථාවක් ආවෙ නෑ. ඒවගෙන් වෙඩි තිබ්බනං අපිත් මැරෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ වෙද්දි චොපර් දෙකත් ආපහු ගිහින් තිබුනේ. 


උන්ගේ උපරිමම ශක්තිය නිශාන්තලව මරා දැමීම සහ අපගේ උපරිමම ශක්තිය ඔවුන්ව ⁣ජීවග්‍රහයෙන් බෙිරාගැනීම.  එහෙත් කුමක් හෝ කාගේ හෝ අවසානාවකට එතනදී ඔවුන් කොටි කණ්ඩායමට කොටුවී තිබුනා. අපේ අය කොතෙක් උත්සාහ කලත් කොතරම් පිරිසික් හිටියත් නිසි කාල වෙිලාවට ඇවැසිම දේ කරගත නොහැකිවුනා. ඒ සටනින් පස්සෙ සැරයන් නිශාන්තට ආයෙ කවමදාකවත් තමන්ගේ රට වෙනුවෙන් යුද්ධ කරන්න ලැබුනේ නෑ. ශරීරයේ උණ්ඩ රාශියක් වැදීම නිසා සිදුවු අධික ලේ වහනයෙන් එතුමා එම රණ භූමියේදිම තමන්ගේ රටෙි ඒකීය භාවය වෙනුවෙන් තම ජීවිතය පූජා කලා. ඒ ඔහුත් සමග ගියපු සහ හිටපු සියල්ලෝම සමග. හැබැයි කොච්චර යුධ උපායයෙහි නිපුනයෙක් වුවත් නිශාන්තට එක තැනක් වැරදී ඇති බවනම් හොඳටම පැහැදිලි කාරණාවක්. ඒ ඔහු බංකර් ලයින් එක දිගේ ඇවිත් එහෙමම නැවතී හිටියනං මෙහෙම දෙයක් නොවෙන්නට බොහෝ දුරට ඉඩ තිබුනා. සමහරවිට ඔහු හිතන්න ඇති ලයින් එක කඩලා, අනෙක් අයත් තමාට සමගාමීව දෙපැත්තෙන් ඉස්සරහට එයි කියලා. නැතිනම් කොටින්ගේ ප්‍රහාරය මදකට අඩුවු නිසා ඊටත් ඉදිරියෙන් තිබූ ඔවුන්ගේ පාලන කටයුතු කල බංකර කිහිපයත් අල්ලගන්න ඔහු තීරණය කරන්න ඇති. කොහොම හරි ටීම් තුනම අපේන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉස්සරහට ගිහින් තිබුනා. එහෙත් රණකාමිත්වයෙන් ඉදිරියෙන් සිටි, උපායයන් අතින් ඉදිරියෙන් සිටි ඔහු, නිර්භීතබව අතින් ඉදිරියෙන් සිටි වීර පුතෙක් වූ ඔහු, රණ භූමියට අහිමි වීම ලක්මෑණියන් කෙසේ දරාගන්නද? ඔහු සහ සගයන් බෙිරාගැනීමට ගියපු ඒකක තුනකට අයත් තවත් සෙබළුන් සැලකිය යුතු ප්‍රමාණයක් එම සටනේදිම තම තමන්ගේ කර්තෘව්‍යයන් ඒ රණ භූමියේදීම අවසන් කලා. එදා බැරිවෙලාවක්වත් සැරයන් නිශාන්තගේ උපාය හරි ගියේනම්, 2009.05.18 නෙමෙි යුද්ධය ඉවර වෙන්නෙ. එහෙනම් ඊට මාසයකට විතර කලින්. 


සැරයන් නිශාන්ත, සැරයන් නිළය දක්වා උසස්වීම් ලබා තිබුනේ එකදු නිළ උසස් කිරීමෙි පාඨමාලාවක්වත් නොහදාරා, රණ භූමියේ පෑ දස්කම් වෙනුවෙන්ම ලද උසස් වීම් නිසා. ඔහුට උසස් වීම් නිර්දේශ කල එක්කෙනෙක් වෙන්නෙ වත්මන් යුධ හමුදාපතිතුමා. (ඒ දවස්වලම කල පසු විපරමකදී දැනගත් පරිදි). 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.01. 20

Sunday, January 17, 2021

පුහුණුවෙිදි හෙලන දහඩිය

 සූර්යයා හරියට වලාකුලකටත් පහතින් ඉඳන් ගිනිකඳු හතක් ප්‍රසාරනය වෙලා වාගෙ රස්නයක් මෙි පෘථිවි තලයට දුන්නෙ තමා ගැනවත් නොසිතා ඒකීය සිරි ලංකාවක් වෙනුවෙන් දිවිහිමියෙන් සටන් වදින්නට සුදානම් සෙබළුන්ට කිසි අවසරයක් නොදී ගිනි ගින්දර රස්නයක් ලබා දෙන්න. විවෙිකයක් නැතුව එක දිගට අදින, හරියට වෙලාවට කෑම තියා තිබහට වතුරවත් නැතුව පැවරෙන ඉතා අසීරුවූත්, කඨෝරවූත්, වෙහෙසකර වූත්, පුහුණුව මදිවට ඉරට හිතෙන්න ඇති මාත් සැපක් දීල බලන්න ඔින කියල. ඒ අවු රස්නෙට කාකි නිළ ඇඳුම ඇතුලෙ ඉඳන් ශරීරය තැම්බෙද්දි උඩු තොලයි නාසයයි අතර නගින දාඩියයි හෙල්මට් එකෙන් වැහුනට ඉහ මුදුනේ ඉඳන් හිසකේ අතරින් බෙිරිලා කම්මුල් දිගේ ටැප් එකකින් වගේ බෙිරි බෙිරි කටට වම දකුණින් ඇතුල්වෙන දාඩිය ගංගාවයි දිවට වැටී දෙන ලවණ රසය අපිටනං දැනුනේ අමු ලේ රහක් විදිහට.ඇවිදිද්දි දුවද්දි පනිද්දි කන්වලට ඇසෙන නොඇසෙන තරමෙි සියුම් "චිරි චිරි" හඬට දාඩ්යෙන් තෙත්වූ සහ මඩ දුහුවිලි වලින් අවපැහැ වූ කළුපාට නිළ ඇඳුමෙි කමිසය කනට කොඳුරා කීවෙ "දැන් උඹට මහන්සියි, ටිකක් විවෙික ගනින්" කියල. ඒත් ගිනියමට රත්වූ පරිසරයෙන් ගලා එන සිහින් සුළං දහරාව, ඇලකින් වැවකින් ගොඩ දැම්ම වගේ තෙතට දාඩියෙන් පිට කොන්දටම ඇලුනු කමිසයත් ටී ෂර්ටයත් හරහා ගලා ඇවිත් තමන් අරන් ආපු උණුසුම වෙනුවට රත්වූ ශරීරයට ලබා දුන්නේ සනීපදායක මද සිසිල් බවක්.එමගින් ශරීරයටත් සිතටත් දැනුනේ මුදු මොළොක් සීතල බවක්. හිටගෙන උනත් නින්ද යන තරමෙි ඒ අති සියුම් සනීපය සුළං රැල්ලක් වගේම ඇවිත් දෙසවනට කොඳුරා කියන්නේ "උඹට තාම පුහුණුව මදි, තව එක් වරක් උත්සාහ කරල බලපන් උඹ සාර්ථක වෙනවාමයි" කියල.  ඉර,  "ඉවසීම" යන පාඩම එසේ නිහඬව කියාදෙද්දි අපි ගැන අනුකම්පාවක් හිතිලදෝ මංදා, ඒ පාඩමට පිටින් නොයා එයාම උණුසුම් උනත් සිහින් සුළං රැළි අඛන්ඩව අපි ඉන්න දිහාට එවන්නේ, නැවත නැවතත් අපිව දිරිමත් කරන්නම නේද? කියල හිතෙන්නෙ සොබාදහම ගැන අචල විශ්වාසයක් ගෞරවයක් තියෙන හිතකට පමණයි. සෙබළෙකු කියන්නේත් සොබා දහමෙිම තවත් නිර්මාණයක්. එහෙමයි මම විශ්වාස කරන්නේ. 


උදේ ඉඳන් දත කන්නෙ මෙි සතුරු බංකරයක් සහ යුධ අගලක් අත්පත් කර ගන්න අඛන්ඩව සිදුකරන පුහුණුවක් ලබාගන්න. කිලෝමීටරයක් විතර දුරක් බඩ ගාගෙන එනවා කියන්නෙ ලේසි පාසු දෙයක් නෙමෙි. පොඩි කාලෙ අම්මගෙ දෙතනේ එල්ලී බිව් කිරි වල රසයට අනූනව ගලා එන මෙි දාඩිය කඳ දකුණු අතේ දබරැගිල්ලෙන් හූරල පැත්තකට දැම්මත් දිගට දිගට ගලාන එන දාඩිය සාගරයයි ගතට දැනෙන විඩාවයි මෙතෙකැයි කියා කියන්නම බැහැ. පුහුණු භූමියේ සරුවට වැඩී ඇති පළු වීර, කෝන්, අහු,තල්, මොර කොහොඹ බුරුත ආදී අටෝරාසියක් රූස්ස ගස් වලින් ඉදී වැටී තැනින් තැන විසිරී තිබූ කොලයි වැටී තියෙන කෝටු බෝටු දරයි ඉලුක් යායයි මෙි අවු රස්නයටම කරවී තිබුනත්, බඩ ගාද්දි ඒ එක කොලයක් පොඩිවෙන සද්දයක්වත් නොනැගෙන්න මෙි ව්‍යායාමය කරන්න ඔින. නිරන්තරයෙන් දඩ සයිස් ඇහැළ පොලු අතින් අරන් කෑකෝ ගසමින් අප අසලම ගැවසෙන උපදේශකයින් නිතරම උත්සාහ කලේ සුළු හෝ වැරැද්දක් වෙන්නට ඉඩ නොදී අපිව සහ ඉරියව් නිවැරදි කරන්නමයි. පුහුණුවක් අවසානයේ ගණන් කර බැලුවොත් ඇහැල පොලු පහරවල් විස්සක් තිහක් නම් තට්ටම් දෙකට පත බෑවෙන්න ඇති. හොඳින් හෝ නරකින් බැරිනම්, කොහොම හරි සාර්ථකව පුහුණුව ලබා දෙන්න උපදේශකයිනුත් දත කෑවට ඒ ඒ අවස්ථාවන්වලදී ඔවුන් ගැන දැනෙන්නේ පුදුමාකාර තරහක්. ඒත් ඒ තරහ පුහුණුව  අවසානයේ සිද්ධවෙන සාර්ථකත්වයේ අගය කිරීමත් එක්ක හිරු දුටු පිණි මෙන් වියැකී යන්නේ ඔවුන් ගැනද ලොකු ගෞරවයක් සෙනෙහසක් ඇති කරවමින්. 

අපි රටක නිළලත් හමුදාවක්. ඒත් ගරිල්ලා සෙබළුන් සිටින හමුදාවක් වූ පෙබාකරන්ගෙ හමුදාවටත් අපිට වගේම සටන් කිරීමෙි හොඳ හැකියාවක් තියෙනවා. හොඳට කන් ඇහෙනවා.  සෙබලෙකුට කන්වලට වගේම හිතටත්,ඇසටත්,පපුවටත් හොඳට ඇහෙනවා. උකුසු ඇසක්,ඌරෙකුගෙ කටක්,බූරුවෙකුගෙ පිටක්, වගේම අශ්වයෙකුගේ මෙන් කකුල් සහිත හරි අපූරු මිනිසා වෙිනම් ඒ සොල්දාදුවෙක් මිසක් වෙන කව්රුවත් නෙමෙයි. වඳුරෙක්, දිවියෙක්, වගේ ගමන් කරන්න පුරුදු පුහුණුවීමත් එච්චර ලේසිපහසු දෙයක් නෙමෙි. "දිවි ගමන" මටනං එපාම කරපු එකක්. බඩගාද්දි වැලමිටෙත් දෙකලවා වලත් දණහිස් දෙකත් ඇනෙන ගල් වලින්  තුවාල උනාම, එයින් දැනෙන වෙිදනාව අජරාමරයි. ලංකාවෙ සෙබළුන්ට සම්මත පුහුණුවට අමතරව ගරිල්ලා සටන් ක්‍රමත් හදාරන්න සිදුවුනේ එවැනි ගරිල්ලා සංවිධානයක් එක්ක හැප්පෙන්න සිදුවී තිබීම නිසාමයි. 


සතුරාට නොපෙනී සතුරා වෙත ලඟා වීමට ක්‍රම රාශියක් පුහුණුවෙිදී අපට උගන්වනවා. නමුත් මා විශ්වාස කලේම ඒ තනි පුහුණුවට වඩා පුද්ගලයෙකුට ජන්මයෙන් හිමිවන කපටිකම සහ හැකියාවට ඒ පුහුණුවත් එකතුකලාම ඔක්කොටම වඩා සාර්ථකයි කියල. වරක් මා හා මගේ සහායකයෙකු විසින්, හදාරපු නිළ උසස් කිරීමෙි පාඨමාලාවකදී මගේ මෙි නියායට අනුව ගිහින් සතුරාගේ කඳවුරට ඇතුළුවී  සාක්ෂි වශයෙන් උපදේශකයෙකුගේ ටී56 අවියකුත් අරගෙන ගිය තැනින්ම ආපහු ආව කතාවක් තියෙනව.

 

ඒ කල්කුඩා කඳවුර. පාඨමාලාව සාසෙ සිට ලා/කෝ දක්වා නිළ උසස් කිරීමෙි පාඨමාලාව 2002 අග. 

එදා රාත්‍රී හතට ආරම්භ වූ පුහුණුව අවසන් වෙන්න තිබුනේ පාන්දර තුනට.(කණ්ඩායම් දෙකක් නිසා). අපේම සහ මාත් අයත්වන "චීටා" විශේෂ ප්‍රහාරක කණ්ඩය යටතේ ලබපු ඒ පුහුණුවෙිදී අපිට දුන් අභියෝගය වුනේ,කලින් පෙන්වූ යම් සීමාවක් ඇතුලත ඔවුන්ගේ ඇස නොගැටී කඳවුරට ඇතුල්වී පෙන්වීමයි. ඒකට හැට දෙනෙකුගෙන් සමන්විත අපේ පුහුණු කණ්ඩය අදියර දෙකකින් තමා පුහුණුවීම අවසන් කරන්න තිබුනේ. මං අයත්වුනේ පළවෙනි ටීම් එකට. මෙිකට තනි තනිව හෝ දෙදෙනෙකු වශයෙන් ක්‍රියාකාරකමට සහභාගි වෙන්න පුලුවන්. මම මුලින් ලෑස්තිවුනේ තනිවම ගේමට බහින්න. ඒත් මගේ බැචෙක් කල කන්නලව්ව ඉවත දාන්න බැරි නිසා "මාත් එක්ක එනවනං, අංක අනුව සද්ද නොකර මං යන පාරෙ මං යන විදිහට වරෙන්" කියා ඔහුවත් සහභාගි කරවා ගත්තා. මා තෝරාගත්තු තැනට ටිකක් එහා පැත්තෙන් තියෙන්නෙ මෙස් එක. ඒකෙ කුණු කානුව පුදුමාකාර ගඳක් තියෙන්නෙ. මෙික ඇවිස්සුනාම ඊටත් වඩා ගඳයි. මගේ ඉලක්කයවුනේ මෙි කුණු කානුව දිගේ ඇතුලට බඩ ගාන්න. මොකද ඒකත් අපිට පෙන්නූ සීමාව ඇතුලෙ තිබුනෙ. අනික මෙතන ගඳ නිසා කව්රුත් වැඩිය රැඳෙන්නෑ. වතුර නිසා සද්දය ඇහුනත් මුහුදේ රැලි නගින  සද්දෙත් ආධාරයට අරගෙන ගේමක් ගහන්න පුලුවන්. මුහුදෙන් එන ලුනු සුවඳත් කුණු කානුවෙන් එන ගඳත් මිශ්‍ර වුනාම පුදුම ආතල් එකක් නාහෙට දැනෙන්නෙ. පැය හතරක පුහුණුවට අදාල නැවත මතක් කිරීම් කර අපිව විසිරුවා හැරියේ හරියටම මීටර් පන්සීයක් වගේ දුරක ඉඳන් " දැන් පුලුවන්නම් ඇවිත් පෙන්නපියව්" කියල. උපදේශකයින් බලා ඉන්නෙ කඳවුරේ පස් බැම්ම උඩ. පාඨමාලා භාර නිළධාරි ග්‍රවුන්ඩ් එක අයිනෙ තාවකාලිකව අටවාගත් බිවැක් එකක් ඉස්සරහා පුටුවක වාඩිවෙලා හිටියෙ. පුහුණුව ආරම්භවුනා. මාත් කුමාරනායකත් පඳුරු සහ ඉලුක් ගාල්වලට මුවාවෙවී මුහුද පැත්තෙන් කුණු කානුව ගාවට ආවෙි විනාඩි විස්සක්වත් යන්න කලින්. ඒ ඇවිත් හොඳට බලාගෙන හිටියා මෙයාලාගෙ හැසිරීම. ඒ කියන්නෙ කොයි හරියෙද වැඩිපුර නැවතිලා ඉන්නෙ,කොයි හරියෙද ටෝච් ගහන්නෙ, කොයි හරියෙද කෑ ගහන,කතාකරන  සද්දෙ ඇහෙන්නෙ කියල. ඒකට අපිට පැය භාගයක් විනාඩි හතලිස් පහක් විතර ගියා. මොකද උපදේශකයන් කයියක් ගහගෙන පාඩුවෙි ස්වාභාවික කඳවුරක කටයුතු වෙන විදියට තමා ඒ වෙලාවෙ හැසිරෙන්නෙ. අපි දෙන්නා ඒ අතරේ බැලුවෙ මුහුදෙ සද්දෙ කොහොමද කියලා. ඒකත් අවුලක් නෑ. ඊලඟට කිසි හිරිකිතයක් නැතුව කුනු කානුව පල්ලෙන් ඩවුන් ගිහින් නාහෙන් කටින් ඉඳුල් අපද්‍රව්‍යවලටම හැදිච්ච පණුවන් වැටෙද්දි මුහුදු රැල්ලක් හෝහ්ස් ගාගෙන ඇවිත් චපාස් ගාල වැල්ලෙ වදිනකොට අපි දෙන්න ඒ සද්දෙට අනුව බඩ ගාන්න පටන්ගත්තා. රැල්ල ගියාම ආයෙ රැල්ලක් එනකම් ඉන්නවා. එහෙම පැයක් එක හමාරක් විතර යනකොට අපි දෙන්නා නැවතුනෙ පස් බැම්ම යටින් වතුර බහින්න දාල තිබ්බ බෝක්කු කට ඇතුලෙ. තව අඩි දෙකයි කඳවුරේ. කතා කරන හඬත් මීටර් විස්සක් තිහක් වගේ දුරකින් මගේ දුකුණෙන්  ඇහෙන්නෙ. හොඳට ඔට්ටපාලු ඇහැ දාල බලල ඒ කට්ටිය අනික් පැත්ත බලන වෙලාවක සහ ටිකක් එහෙ මෙහෙ වෙනකම් ඉඳල කුමාරනායකයට එතනම ඉන්න කියල මම නැවත බඩගාන්න පටන් ගත්තා. ඒ ඩිෆෙන්ස් එක අයිනෙන්ම වමට. ඒ ගිහින් හේත්තු වුනේ මෙස් එකේ මෙහා පැත්තෙ ටකරම් බිත්තියට. එහා පැත්තෙ කොල්ලො කනවා. මාත් සද්ද නැතුව අජරාමර පට්ටපල් ගඳ ගහන කලිසමයි ෂර්ට් එකයි ගලවල දාල යටට ඇඳන් හිටපු ටීෂර්ට් එකයි ජොකායි පිටින් කළුවරට මුවා වෙවී පාඨාමාලා භාර නිළධාරි හිටපු හට් එක ලඟට ආවා. ඇවිත් ඩවුන් ගිහින් ඉතා පරිස්සමට අර කබොකෙ ආයෙ බඩගාන්න පටන් ගත්තා. අරමුණ කඳවුරට ආවා කියල සාක්ෂියක් ලබා ගැනීම. මගෙ හිතේ තිබුනෙම ඒ සාක්ෂියත් අරන් ආයෙ ආපු විදියටම  එලියට යන්න. පිටිපස්සෙන් හිමීට බඩගාගෙන බඩගාගෙන ඇවිත් හට් එක ඇතුලෙ ගොඩ ගහල තිබුනු අවි ගොඩෙන් එක අවියක් ගත්තා. ඒකත් අරගෙන පස්සට බඩගාලා මෙතනට ආපු විදියටම නැවත බෝක්කු කට ගාවටම ගියා. ඒ ගියෙත් කුණු කානුව ගාවට ඇවිත් හිටපු උපදේශකයින් තවත් කඳවුරට ඇතුල්වෙන්න ආපු එකෙක් අල්ලගන්න ඌ ලඟට යද්දි. මං යද්දි කුමාරනායක අහුවෙලා. ඒත් ඌ කියල නෑ මාත් එක්ක ආවෙ කියලා. මං අහගෙන කුමාරනායකයට "තපහ් තපහ්" ගාල හෙන පොල්ලකින් අතාරින සද්දෙ. කොටින්ටනෙ අහුවෙලා තියෙන්නෙ. ඉතින් කොටි, හමුදාවෙ එකෙක් අල්ලගත්තම දෙන ආතල් එක අරුන්දැලා කුමාරනායකයට දෙනවා. එතනත් කීප දෙනෙක් රැස්වෙලා. උන්දැලාගෙ කෑ ගහන සද්දෙයි, කුමාරනායකට දක්වන අවධානයයි ප්‍රයෝජනයට අරන් මං නැවතත් කුණුකානුව දිගේ එළියට.  ඒ ගියෙත් ගලවල දාල ගියපු කලිසමයි ටීෂර්ට් එකයි ආපහු ඇඳගෙන,ගත්තු අවියත් නමල පැක් එකට දාගෙන. කිසි අමාරුවක් නැතුව එළියට ගිහින් ඉලුක් ගාලක රෝල්වෙලා රෝල්වෙලා මඩ ගතිය ටිකක් අඩු කරගත්තු මං, ටයිම් එක ඉවරවෙනකං විනාඩි හතලිස් පහක් විතර සුවඳ ගග ගගහ හොඳට නිදාගත්තා. 


ටයිම් ඉවරවුනා. උපදේශකයින් කෑ ගහනවා. අපේ උං හිටපු හිටපු තැන් වලින් ඇතුලට අරගෙන. සමහරු ඇතුලට එන්න තියා හිතලවත් නෑ. ගොඩක් අය පස් බැම්ම ගාවදි අහුවෙලා. ඒත් අපිට බනිනවා "බලපියව්,තොපි එකෙක්ගෙන්වත් කිසි වැඩක් නෑ, තොපි එකෙකුට බැරිවුනා කඳවුරට ඇතුල්වෙන්න, තොපි ඔහොම කොරයි ලයින් එකකට ගිහින්, බලපියව් කියාදුන්නු පාඩමවත් හරියට තොපි තේරුම් අරන්නෑ, ඇතුලට ආපු විස්සක් විතර ආං ඉන්නවා පලු ගහේ එල්ලලා,ගිහින් බලපියව්" කිය කිය. කට්ටිය ඒ පැත්තට යන්න හැදුවට මං ගියේ නෑ. මං නැවතුනා. ඒක දැකපු කණ්ඩභාර සැරයන්;

"ඇයි ආරච්චි, උඹට වෙනම ආරාධනා කරන්ඩෝනද?" ඇහුවා. මං සත පහකට ගනන් ගන්නැතුව "ඒ ඇතුලට එන්න බැරිවෙච්චි අයනෙ සාජන්, මං ඇතුලට ඇවිත් ගියේ" කිව්වා. 

*පලයං ප%@$යා.. බොරු කියන්නැතුව,

බබා හුකුංද උඹ??

*බබාද නැද්දනම් දන්නෑ සාජන්. මං ගාව ඇතුලට ආව කියල ඔප්පු කරන්ඩ පොඩි බඩුවක් තියෙනවා.. පෙන්නන්නද?

ඒක ඇහුණු කණ්ඩ භාර නිළධාරියි, පාඨමාලා භාර නිළධාරියි, උපදේශකයිනුයි, ගහේ එල්ලපු උං බලන්ඩ ගියපු එවුන් ආපහු හැරිලයි අපි හිටපු තැනට ආවා. 


*මොකද්ද උඹ ගාව තියෙන්නෙ?

*ටුවක්කුවක්.

*කාගෙද?

*කාගෙදනම් දන්නෑ, ඒත් ටුවක්කුවක් තියෙනවා. 

*කෝ..ගනින් බලන්ඩ..

මං පැක් එක ගැලෙව්වා. බට් එක නවල මැගසින් එක ගලවල බැරල් එකේ පොඩි කොටසක් විතරක් එලියට එන්න (ඔක්කොම දාගන්න බැරිනිසා)  පැක් එකේ හරහට දාං හිටපු අවිය එලියට ගත්තා. මං ඒක එහෙම දාගත්තෙ ආපහු යද්දි යුනිෆෝම් කලිසමයි ෂර්ට් එකයි ඇඳගන්න වෙලාවෙ. 


හම්මට කියාල්ලකො. පත්තුවුනා වැඩෙි. අවි නම්බරේ චෙක් කරනකොට අපේ පලවෙනි සෙක්ෂන් කමාන්ඩර් කෝප්‍රල් ජයසිංහගෙ (හූටර් ජයා) තුවක්කුව. එතනින් එහාට හෙන ගිණිකෙලියයි. අපිට ලොසාලා කියල බැනපු අයට කෝස් කමාන්ඩර් බනිනවා. එයා නවත්තනකොට ප්ලැටූන් කමාන්ඩර් පටන් ගන්නවා. මගෙන් ඇහුවෙ

*⁣ඒ ෛඑෂේ තෞසෙ ඛෝමධ ඇථුළඨ ආවෙ? කියල විතරයි.

මං ඔක්කෝටම ඇහෙන්න ගමන ආරම්භ කරපු තැන ඉඳන් අවසානය දක්වා ගමන් විස්තරය කිව්වා. මට ලකුණු 10ක් හමුවුනා. ඒ ලකුණු 10ක් කියන්නෙ කෝස් එකට මාර වටිනවා. මොකද පළවෙනියා ඉඳන් හත් වෙනියා දක්වා ස්ථාන වලට ලාන්ස් කෝප්‍රල් නිළය හම්බවෙනවා. මට ලකුණු හම්බවුනාට වැඩක් නෑ. පටි අඳින්න දැන්ම බෑ. ඒ වෙද්දිත් ඇඳපු එකක් ගලෝගෙන පරිවාස කාලෙ ඉවරවෙච්චි ගමන් හිටියෙ. ඒත් පාඨමාලාවෙ මෙහෙම දෙයක් කලා කියන තත්ත්වය මට තියෙනව. 


අන්තිමෙිට ඒ පුහුණුව ඉවරවුනා. පසුදින ඉරිදාවක්. අපේ රෙස්ට් ඩෙි එක. රෙද්දක් හැට්ටයක් හෝදගෙන වෙලාවට කාල සතියකට තියෙන වැඩ ඉවර කරගන්න තියෙන දවසක්. ඒත් අපි බලා පොරොත්තු වෙච්චි විදියට එදා නිවාඩුවක් හම්බවුනේ නෑ. අණදෙන නිළධාරිගේ උපදෙස් මත කුණු කානුවට මීටර් විස්සක් විතර මෙහායින් මුලු දවසෙම මහන්සිවෙලා අපි බංකරයක් හැදුවා. ඒ මෙි කුණු ඇල දිගේ ආරච්චි ආව වගේ කොටියෙකුට එන්න බැරිවෙන්න රාත්‍රී මුරයක් ස්ථානගත කරන්න. 


කතාවට යමුකො. එදත් ඔිවගේම දවසක්.ඒත් ඒ පුහුණුව වගේ නෙමෙි මෙික. දවස් දෙක තුනක් තිස්සේ කල පෙර පුහුණුවීම් අනුව ජීව උණ්ඩ සහ ජීව අත් බෝම්බත් එක්ක කරන ⁣මෙි සෙල්ලම හරියටම නොකලොත් බඩුම තමා. මෙි යුධ අගල සහ බංකර අත්පත් කරගන්න සහභාගි වුනේ වරකට හතර දෙනයි. අපිත් බඩ ගාගෙන ගාගෙන අපිට ඉස්සරහින් තිබුනු යුධ අගලට මීටර් විස්සක් තිහක් පමණ කිට්ටු කරලා,කන්සිට්නා කම්බි අතරිනුත් රිංගලා හතර දෙනාම එකට නැගිටලා, එක දිගටම වෙඩි තියාගෙන තියාගෙන කානුවට පැන්නෙ කොන්ඩිත්තම් පාරකුත් ගහගෙන කෑ ගහගෙනමයි. යුධ අගලට පැන්න මාත් මගේ අනෙකාත් වමට සහ ,අනෙක් දෙන්නා දකුණටත් හැරුනෙ ක්ෂණයකින් යුධ අගල අත්පත් කර ගනිමින් ඊට ඉදිරියෙන් තියෙන බංකර් අත්පත් කරගන්න. එකිනෙකා පසුපස ඇදෙමින් ගිය මෙි ගමනේදී යුධ අගලෙත් වංගු වංගු තිබ්බ තැන් හරහා යන විදියට වෙඩි තබමින් ඉදිරියට ගියපු අපි, එක තැනක ක්ෂණිකව නැවතුනා. ඒ ඉදිරියෙන් තිබුනු බංකරයට පිටුපසින් මීටර් පහක් වගේ  ආ පස්සට වෙන්න. ඊලඟට මට ඉස්සරහින් ගියපු එකා කේ400 වර්ගයේ අත් බෝම්බයක් කඩල බංකරේට දානවත් එක්කම අපි දෙන්නම ඩවුන් ගියේ ඒ බෝම්බෙන් බෙිරෙන්න. ඒක පුපුරනවත් එක්කම බංකරේට පැනපු අපි දෙන්නා බංකරේ ඇතුලෙ හිටපු දෙන්නටම වැටෙනකම් වෙඩි තිබ්බා. ඒත් එක්කම වගේ තමා දකුණට ගියපු දෙන්නත් දකුණු පැත්තෙ තිබුනු බංකරය අත්පත් කරගත්තෙ. මෙික කියනකොට දිග වුනාට සම්පූර්ණම ක්‍රියාකාරකම වෙන්න ගියේ විනාඩි දෙකක් තුනක් උපරිම පහක් වගේ කාලයක්. අපි යුධ අගලේ කොටසක් සහ බංකරයක් අල්ලගත්තා. ඒත් ඉස්සරහින් තව බංකරයක් ඉතිරියි. ඊලඟට ඒක. ඒකත් පෙර පරිදිම කරල බංකරය අල්ලගත්තා. එසේ අපි හතර දෙනා මීටර් දෙසීයක් වගේ දුරකින් තිබුනු බංකර් හතරකුත් සම්පූර්ණම යුධ අගලත් අත්පත් කරගත්තා. ඊලඟට පසු බැසීම. ඒකත් අපි ඉගෙන ගෙන තිබුනු විදියටම කරල අවසන් කලා. ඊට පස්සෙ තමා බංකර්වල සෙන්ට්‍රී විදියට හිටෝල තිබුනු පඹයින්ගෙයි කානුවෙි වංගු වංගු වල හංගල වගේ තිබුනු ඉලක්කපත් වලයි වැදුනු උණ්ඩ ගාන බැලුවෙ. ඒක කරන්නෙ උපදේශකයින්. ඒ අනුව මෙි පාඨමාලාවෙ තුන්වෙනි තැනට වැඩිම ලකුණු හම්බවුනේ අපි දෙන්නට. විශේෂ ප්‍රහාරක කණ්ඩ පුහුණු පාඨමාලාවෙි මෙි ප්‍රායෝගික පුහුණුවීම් අවසන් කලේ අවසානයට සිදු කරන ජීව උණ්ඩ පුහුණුවීමත් එක්කමයි. එක මැගසිනයකට උණ්ඩ පහලොවක් බැගින් මැගසින් හතරක් සහ බංකරයට අත්බෝම්බ ප්‍රහාරය එල්ල කරන කෙනාට කේ400 අත් බෝම්බ දෙකක් ලැබුනා. මෙික සජීවීව කරන්න අපිට දින දෙකක් තිස්සේ අඛන්ඩව කමාන්ඩෝ සහ විශේෂ බළකා නිළධාරින් තිදෙනෙකුගේ අධීක්ෂණය යටතේත් විශේෂ බළකා උපදේශකයින් යටතේත් පුහුණුවීම්වල නිරත වෙන්න සිදුවුනා. වෙඩි තබමින් ඉදිරියට යාමෙි පුහුණුව අවසානයේ සවස දෙකට පටන් ගත්තු මෙි පුහුණුවම රෑත් අපිට කරන්න වුනා. රාත්‍රී පුහුණුව තිබුනේ පුහුණු උණ්ඩ භාවිතයෙන් විතරයි. ඊට පසුදා තිබුනේත් වෙඩි තබමින් ඉදිරියට යාමෙි ජීව උණ්ඩ සහිත පුහුණුවෙි අවසාන අධියරය. ඒක තමා භයානකම එක. එක පෙළක් මෙහෙ ඉඳන් වෙඩි තියාගෙන  ඉදිරියට යන අතරේ, තවත් පෙළක් වෙඩි තියාගෙන මූනට මූන ඉදිරියට එනවා. මෙික දෙගොල්ල අතර මීටර් සියයක් තරම් පරතරයකින්, දුරකින් තමා ආරම්භ වෙන්නෙ. දෙගොල්ල ක්‍රොස් වුනාම තමා ව්‍යායාමය අවසන් වෙන්නෙ. මෙි පුහුණුවෙිදී අපි වරද්දන එක් ඉරියව්වක සුළු වරදකින් ජීවිතය උනත්,අතක් පයක් වුනත් අහිමි වීමෙි සම්භාවිතාව ඉතා ඉහලයි. නූලට පරිස්සමට පරිප්පු ඇටෙන් නාඩියෙන් කරන්න ඔින ඒ දේට ඉවසීම ඉතාමත් ඉහල මට්ටමක තියාගන්න ඔින. අර රූස්ස ලන්දක දාගෙන පැය එකහමාරක් තිස්සේ දෙන අති උත්තම වද තිස් දෙකේ කික් එකෙන් සිරුර උනුසුම්  (WARM UP)කරගෙන ඒ අවසානයේ සිදු කරන මෙි පුහුණුව ඉතාම වෙහෙසකර එකක්. ඒ ජීව උණ්ඩ පුහුණු මාලාව අවසන් වෙන්නේ මීටර් දෙසීයක්  අපිව ඉස්සරහට දාලා මෙහා පැත්තට බඩගාපියව් කියල, ඒ බඩගාද්දි උපදේශකයින් මෙහා පැත්තෙ ඉඳන් අපේ ඔලු උඩින් යන්න එල්එම්ජී (LIGHT MACHINE GUN) හතරක් දාගෙන  වෙඩි තියද්දිමයි. හැමදාම මෙි පෙර පුහුණු අවසන් වුනේ ටයි එකක් වගේ බුරිය ගාවටම ඇදෙන දිවත්, අත පය සහ මුහුණු කඳ බඩවල් හීරිලා තුවාල වෙලා ගලන ලේ පාරවල් එක්කමයි. පට්ට ගිනි මද්දහනක ලේ සහ දාඩිය ගලද්දි දැනෙන සනීපය මෙතෙකැයි කියානම් කියන්න බැහැ. ඊට කලින් හම්බවෙන පිඹුවා ගරිල්ලා පීටී පාර අපිටනම් ගෙනාවෙි පට්ටම ආතල් එකක්. මීට  පසු කාලීනව මෙි ක්‍රමය ටිකක් වෙනස්වුනත් ඒ දවස්වල මුලින් හදාරපු පාඨමාලාවලින් හරි අපූරු මතකයන් රාශියක් අපේ ජීවිතේට ඉතුරුවුනා. සිංහපුර,පූනානි ආදී වෙඩිපිටි වලත් මහ ඝන කෑලෑ මැද ලබපු පුහුණුවීම් ආදියත් මතක් වෙද්දි අද හිතට දැනෙන්නේ මහත්ම වූ ආශ්වාදයක්. 


මෙි කලින් කල ලද සාර්ථක පුහුණුවීම් නිසා ලබාගත් ජයග්‍රහණ නම් සීමාවක් නෑ. නච්චිකුඩා ලයින් එක අත්පත් කර ගැනීමෙිදී ඇතිවූ දරුණු සටන් මැද 58 සේනාංකයට අයත් මන්නාරම් මුහුදු තීරයෙන් ගොඩබිම පටන් ගන්න තැන තිබූ පළවෙනිම බංකරයත් අත්පත් කරගත්තේ ඒ කණ්ඩායම යටතේ ගිහින් හිටපු ආරච්චි,සුසන්ත,කුමාරනායක ඇතුලු සෙක්ෂන් එකෙන් වීමත් විශේෂත්වයක්. 


"පුහුණුවෙිදී හෙලන දහඩිය, යුධ බිමෙිදී රන් මිණි මුතු වෙි"  


ඉතා දරුණුවූත්, භයානකවූත්, මහා යුධ සංග්‍රාම මාලාවකින් පසු පනපිටින් යුධ හමුදාවෙන් විශ්‍රාම ලබා ගැනීමට තරම් භාග්‍යයක් වාසනාවක් මා ලද්දේ එවැනි පුහුණුවීම් ලබාදුන් උපදේශකයින්ටත්, ඇහැල,කොහොඹ,අහු ආදී දරුණු (පොලු) ආයුධවලටත් පිංසිදු වෙන්නටමයි. ඔවුන් මගේ ජීවිතයේ හමුවූ සැබෑම ගුරුවරුන් ලෙස අදටත් ගෞරවයෙන් සිහිපත් කරමි. 



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.01.17


Thursday, January 14, 2021

මගේ පස්නෙ

 කොරෝනා වසංගතය නිසා අපේ රටෙි එක් එක් ප්‍රදේශ දින දා හතරක් හෝ ඊට මඳක් වැඩි දින ගණනක් හුදෙකලා කිරීම තාමත් අවසන් වෙලා නෑ. ඊයෙ පෙරේදා දැනගත් පුවතකට අනුව මෙි වසංගතයට මුහුන කට විතරක් ආවරණ කරගෙන දොට්ට පිලට බැහැපු අපට, මුළු ශරීරයම ආවරනය කරගෙන ගෙයින් එලියට බහින්න වෙන දිනය වැඩි ඈතක නෑ. මොකද කියනවනං ඒකට හේතුව යුරෝපීය නව කොරෝනා ප්‍රභේදය සමෙන් ඇතුළුවී වුනත් ආසාදනය වෙන්න පුළුන් කියන පණිවිඩය. මං අහන්න ගියේ ඒක නෙමෙි.


ලොක් ඩවුන් එහෙමත් නැත්තං හුදෙකලා කිරීම නිසා අපට එදිනෙදා මුහුන පාන්නට වෙන අකරතැබ්බ මෙතෙකැයි කියා කියල නිම කරන්න බැහැ. ඒකට අපිට ගොඩක් ප්‍රවෙිශම් වෙන්න වෙනවා. මොන කොරෝනා නෙමෙි ඒඩ්ස් ⁣වෛරසයත් මෙහෙම ආසාදනය වෙනවා කිව්වත් සිංහලයා හා මෙි රටෙි ඉන්න ජනතාවගේ ජානවල තියෙන අඩුපාඩුවක් නිසා මුලින් ඇතිවන පරිස්සම දවසින් දවස ගෙවෙනකොට මගහැරිල යන්නෙ බඩගින්නට මොනවාහරි දෙයක් බඩට දාගත්තු ගමන් බඩගින්න නැතිවෙලා යනව වගේ වෙිගයකින්. ඒකට හේතුව බහුතරයක් දරණ දේශපාලන මත හා රජය විසින් අනිවාරයෙන්ම මෙි ව්‍යසනය පහකල යුතුයි කියන අදහස. එදිනෙදා රැකියාවක් කරලා දෛනික වැටුපෙන් පවුල නඩත්තු කරන කෙනෙකුට මෙි ලොක්ඩවුන් කියන වචනය තරම් එපා කරපු වචනයක් වෙනත් නැතුව ඇති. තුන්වෙනි ලෝකයේ රටක් වෙන ⁣සිරි ලංකාව තාමත් බහුතරයක් කුලීවැඩෙන් හෝ පුද්ගලික ආයතන වෙතින් මාසික හෝ දෛනික වැටුපක් එක්ක ජිවත් වෙන මිනිසුන් ඉන්න රටක්.

මං අහන්න ගියේ ඒක නෙමෙයි. 


කොරෝනා නිසා ඉදිරි අනාගතයේදී, ලෝකයා නොහිතපු පැති කිහිපයකින් එකක් ගැන මගේ අදහස දක්වන්න ඔින. 


සමතුලිත තාවය

==============

මෙික පැති කිහිපයකින් ගන්න පුලුවන්.

අපි කතාකරමු ජන ගහනය ගැන.

දැනටමත් ලෝකයේ ජන ගහනය වැඩි නිසා තමයි මෙි වගේ දේවල් වෙලා පිරිස් අඩු කරන්නෙ. නැත්තං ලෙඩ වෙලා ඇක්සිඩන්ට් වෙලා, නානාප්‍රකාර ලෙඩ හැදිලා අඩු වැඩි වයසින් මැරෙන්නෙ, මනුස්ස ලෝකෙ ඉපදෙන්න එන්න ඉන්න පිරිසට පෘතුවි තලයේ ඉඩ ලබාදෙන්න. මිනිස්සු මැරෙන ඔක්කොම නැවත මිනිස්සුම වෙලා ඉපදෙන්නෑ. ඒක අපිට බුදු දහමෙි උගන්වනවා. කූඹි ගුලක් ගත්තොත් ලක්ෂ කෝටි ගණනින් කූඹි ඉන්නවා. තිරිසන් ලෝකෙත් එහෙමයි. අපේ පියවි ඇසට නෙපෙනෙන භූත ප්‍රේත ආත්මවලත් අපායෙත් එහෙමයි. ඒත් හිතන්න ඔින කරුන "එහෙනම් මෙතරම් මිනිසුන් ඉපදෙන්නේ කොහොමද?". අද ජෝඩුවක් බැන්දොත් අවුරුද්දක් දෙකක් යනකොට පැටව් ගහනවා. එහෙම එහෙම දිගටම යනවා. එතකොට මැරෙන හැම මනුස්සයාම මනුස්සයෙක් වෙලා නොඉපදුනත් සමහර ප්‍රථිශතයක් ඉපදෙන්න පුලුවන්. ඒ තම තමන් රැස්කල කර්මය සහ කර්ම ඵලය අනුව. දිවිය ලෝකෙන් චුත වෙන අය එන්න පුලුවන්. සතර අපායෙන් මිදෙන සමහරෙක් එන්න පුලුවන්. තව හේතු තියෙන්න පුලුවන්. කොහොම හරි ඉපදෙනවා. ඒ සංඛ්‍යාව, ලොක් ඩවුන් ඇඳිරිනීතිය වගේ සිද්ධාන්ත අනුව වැඩි වෙලා. මනුෂ්‍යයෙක් වෙලා ඉපදුනාම ඔහු වැඩිවියට පත්වෙනකම් ඔහු වෙනුවෙන් රජයක් විසින් විශාල පිරිවැයක් දරනවා. ඒකට අපේ රජය ලෑස්ති වෙන්න ඔින. අනික ඔහු විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් වුනොත් තව වියදමක්. රජයක් සල්ලි හම්බ කරන්නෑනෙ. හම්බ කරන පිලිවෙල සකස්කරනවා සහ කරල/කියල දෙනව විතරනෙ. මං කියන්න ගියේ ඔික නෙමෙි.

මට දරුවො හතරක් ඉන්නවා. ආං පහත් හරිලු. අපෞන්දෑ ඊයෙ එලිවෙච්චි යාමෙ ඉඳන් මාව මරන් කන්ඩ හදනවා. පුප්පනවා. ගස්සනවා, කඩෙි යවනවා..ඉවරයක් නෑ. මූන රොබින් පොම්පෙ වගේ වෙලා. හතරැස් වෙලා. අපේ උන්දැගෙ වටිනාකම රුපියලයිනෙ. සරීර කූඩුවෙ වටිනාකම සත අනූපහයි, මූන  සත පහයි රුපියලයි. දරුවොනං කොච්චර හිටියත් මදි මටනං. තුන්වෙනියානං කියන්නෙ මහන වෙනවාමයි කියල. මදෑ ඉතිං.

අපේ උන්දෑ කවදාක්කත් නැතුව මං ඊයෙ දවල් මහගෙදර ගිහින් ආව ගමන් ඇහුවෙ  "තමුන් කෑවද?" කියල. "රට ජාතිය ආගම කාපු මට තවත් මොනාද වස්තුවෙ කන්න කියල ඉතිරිවෙලා තියෙන්නෙ" කියල අහපුවම තමා කිව්වෙ "ඇයි තෞසෙ මාව කෑවෙ. ඒකත් ඔිකට එකතු කරගන්නවා" කියල. එහෙම තමා අර සුභ පණිවිඩෙි මට දුන්නෙ. 


කොරෝනා කියන්නෙ ආශිර්වාදයක්නම් මම විතරමද මංද ඒ අශිර්වාදෙ ලබපු ලැංකන් පීපල් එකම එකා. ඒක නෙමෙි මං අහන්න ගියේ. 


මෙි දවස්වල හරි වැස්ස. කාලගුණේ තුස්නිම්බූත වෙලා අපි විලම්බීත වෙලා සමාජෙ වල් වැදිලා රටට හෙන ගැහිලා අපි අම්බලමකට වෙලා දැං ඉන්නෙ. 

 

අද දවාලෙ මට කෝල් එකක් ආවා. ඒ මැනිකෙගෙං. උන්දැ මට කෝල් එකක් ගත්තම පලවෙනි විනාඩියෙ කරන්නෙ හෙලෝ කියන එක විතරයි. මං කියන දේ ඇහෙන්නෑ වගේ බොරුවට  "හෙලෝ හෙලෝ" කිව්වට එවුන්දැට හොඳට කං ඇහෙනවා. ඒ එහෙම කරන්නෙ මං ඉන්න තැනෙන් ඇහෙන සද්ද බද්ද මීටර් කරන එක. බැරි වෙලාවක්කත් එහෙම වෙලාවක ටිංකි ටිකිරි කිංකිනි සීනු හඬකින් ලංතෑරුමක් හරි කතා කරනවා ඇහුනොත් උන්දැට ඇති. දෙකෝටි හැට දෙමිලියන හැටහුට පන්දාස් කෝටි පනස් හයයි දසම තුන්සිය තිස්දෙකක් විතර පස්න මාව හඹාගෙන හඹාගෙන එන්නෙ ගෝටාබය ජනාදිපතිකම දින්න දවසට බෙංගාලෙ බොක්කෙ දරුණු සුලි කුණාටුවකින් අවපීඩන වැසි වටයක් එන්නා වාගෙ. එයා හිතන්නෙ මං ඒක දන්නෑ කියලා. මං එයැයිට වඩා අණ්ඩයා. ඒ වගේ වෙලාවට කරන්නෙ කෝල් එක ආන්සර් කරලා ලොරියෙ යන ගමනක් නං ඇන්ජින් කවරෙ උඩින් පෝන් එක තියල හයියෙන් රේස් කරල විනාඩියක් හිතෙන් කෞන්ට් කරල වාහනේ අයින් කරල නවත්තල කතා කරන එක. කඩෙික පාරක ඉන්නවනං පාරෙ යන වාහන වලට පෝන් එක අල්ලනවා. නැත්තං පෝන් එකේ මෛක්‍රෝෆෝන් එක අල්ලල අපේ ලොරියෙ කැබ් එකේ උඩ හයි කරල තියෙන අර දඩාර් සයිස් හෝන් එක ගහනවා. ඒක හරියට ඇහුනම උන්දැගෙ අතින් පෝන් එක අතෑරෙනවා. ඒකෙ රිසාල්ට් එක හරියටම දැන ගන්න පුලුවන් කතා කරන්න පටන් ගත්තු ගමන් ඇහෙන වචන සෙට් එකෙන්. ඒ වෙලාවට පෝන් එක හැන්ඩ් ෆ්‍රී දාල පැත්තකින් තියනවා. මෙිව ඉතින් මගේ සහායක මහත්තැන්ටත් හොඳට පුරුදුයි. මං කඩෙික ඉද්දි කෝල් එකක් ආවොත් ඒ කෙම්පහන් ටික ඔක්කෝම කරල තමා මට පෝන් එක දෙන්නෙ. ඌ වැඩිපුරම කරන්නෙ කැබ් එක උඩ තියෙන හෝන් සෙට් එක ඉස්සරහින් පෝන් එක ආන්සර් කරල තියල හෝන් එක දෙතුන් පාරක් ඔබන එක. බැරි වෙලාවක්කත්  එයැයි කෝල් එක කට් කරල තිබු⁣නා කියන්නෙ රෑට බත් නෑ කියන එක. ඉතින් ඒ වගේ දවසකට පාං රාත්තලක් අරන් යන එක තමා මගෙ පුරුද්ද. ඔික නෙමෙි මං අහන්න ගියේ. 


අපෞන්දැගෙ බාලයා ඉන්නවනෙ. මගේ ලොකු පුතාගෙ මල්ලි. ආං ඒ ආනාදියා ගලකින් කෙලලලු ටීවි එකට. ලොකු පුතා කෝල් එකක් අරං මට කිව්වා "තාත්තෙ ඔයාගෙ බාල පුතා, ආං ටීවී එකට ගලකින් සොට්ටෙක දීල දැන් පේන්නෑ" කියල. මුකුත්ම පේන්නැද්ද කියල අහපුවම කිව්වෙ "සූර පප්ප වගේ තැනක තින්ත බොඳවෙලාලු, එක මුල්ලක රජ ඉබ්බෙක් වගෙත් පේනවලු, මැද හරිය කුඹුරු යායක් වගේලු..ඒ විදියටලු දැං එල්සීඩී තිරය හැදිල තියෙන්නෙ. බාලයා ඉන්නවනෙ. ඇත්තටම මං වෙලාවකට ඌ දිහා බලාගෙන කල්පනා කරන්නෙ "ඇත්තටම මෙි පෙබාකරන්ගෙ දෙවෙනි ආත්මෙ වෙන්න බෑද?" කියල. ඔික නෙමෙි මං අහන්න ගියෙ. 


අල්ලපු ගෙදර රේඛා උන්දැ ඉන්නවනෙ. හෙන ඇම්ම ඈ. මං පාරට ආපුවම තමා උන්දැගෙ එව්ව මෙව්ව වැඩි. එවුන්දැගෙ මිදුලට ආව නයෙක් පන්නන්ඩ ගිහින් වෙච්චි සෙලංකොට්ටි වැඩකින් පස්සෙ තමා මෙවුන්දැට මෙව්ව එක වැඩිවෙලා තියෙන්නෙ. එදා ඉඳන් මෙිකි සෝට් අඳින්නත් ගත්තා කිහාල්ලකො. හැබැයි එදා නයා මට පෙන්නද්දි ඒකිට වැඩිය මං බයවුනා. ඒත් මට ඔින වුනේ මෙි ඉටු දෙවියගෙන් පෙයෝජනයක් ගන්න විදියක්.  ඒකි නයා පෙන්න පෙන්න උඩ පනිද්දි මං කිව්වා "ඔික කිසි පලකට නැති හුඹහක් හොයන්නෙ, කෝකටත් උඹ පරිස්සමින් " කියලා. ලෝකෙ කාල වතුර බීලා, ඩුබායි බාබා කෙනෙකුත් කාලා ඒකගෙ පවුල් ජීවිතෙත් අංජබජල් කරල ලංකාවට ඇවිත් හිටපු එවුන්දෑට මෙික තේරුනා නොතේරුනා මංදා, ඒකිත් මදහසක් පාලා තොල් දෙක උන්ඩි කරල කිව්වෙ "හුඹස් තියෙද්දිත් නයි මගෑරල යන එකනෙ වැඩෙි" කියල. මටනං ඔිව ගැන වැඩි තේරුමක් නැතත් මං කිව්වෙ "හැම නියන් කාලෙකටම නයි වතුර හොයාගෙන එනවා, වතුර ටිකක් දෙන එක තම තමුන්ගෙ යුතුකම" කියල. එදා ඉඳල මගේ බයික් එක ඒ ඉඳිකඩ ලඟ චෙින් එක පයිනවා. නැත්තං ⁣පැට්ටල් ඉවර වෙනවා.ඊලඟට  වට පිටෙි කව්රුවත් පේන්න නැත්තං මාවයි බයිකෙයි බර්මියුඩා තිකෝනෙට අහුවෙලා වාගෙ අන්තරස්දහන් වෙනවා. ඔික නෙමෙි මං අහන්න ගියේ. 


වැස්ස පටන් ගත්තනෙ. ඇත්තටම වැස්ස කවද විතර ඉවරවෙයිද පෙන්ස්??










රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.01.14

Wednesday, January 13, 2021

මාවිල්ලාරු 03



සටනක් යද්දි ඒ සටනට සහභාගි වෙන්න සෑම සොල්දාදුවෙකුටම තියෙන්නෙ හෙන උණක්. ඒ උණ මටත් තිබුනා. ඒ අනුව මටත් තව හතර දෙනෙකුටත් විශේෂ බළකායේ ගුවන්විදුලි ක්‍රියාකරුවන් වශයෙන් රාජකාරි සඳහා යාමට අවස්ථාවක් ලැබුනා. ඒත් මට හිතපු තරං කාලයක් එහෙ ඉන්න බැරිවුනා. රැවුලත් වැවීගෙන ආව විතරයි මූලස්ථාන කණ්ඩායමෙි පැවති ලිපිකරු හිඟතාවයක් මත මට නැවත මූලස්ථානයට ඇවිත් කණ්ඩායම් මූලයේ ප්‍රධාන ලිපිකරු විදියට රාජකාරි භාරගන්න වුනා. 

 ගිහින් එස්එෆ්ලත් එක්ක හිටපු ටික කාලෙදි හමුදා ජීවිතේට පුදුමාකර අත්දැකීම් කිහිපයක් එකතු කරගන්න හැකිවුනා. හමුදා ක්‍රමෙිට එස්එෆ්ලට ඔපරේටර්ස්ලා ඔින වුනාට ඒක කරගෙන ගියේ දෙගොල්ලොම සහයෝගයෙන්. බොහෝවිට එස්එෆ්ලත් එක්ක සමහර තැන්වලට යන්නත් සිදුවුනා. ඒ ක්ෂණිකව ප්‍රහාරයක් සැලසුම් කලාම, ඒ ප්‍රහාරයන්වලට කලින් ඒ ප්‍රදේශයට ගොස් පැය කිහිපයකට හෝ දවසකට, දවස් තුනකට ආදී වශයෙන් ස්ථානගත වෙද්දි ඒ අයට සංඥා සම්බන්ධතාවය පවත්වා ගැනීමට කටයුතු කිරීමට. මං ඇතුලත්වුනේ ඇල්ෆා ගෘප් එකට. ඒකෙ හිටියා ලුතිතන් විජේමාන්න (මතක විදියට) සහ සැරයන් ෆිනිෂ් කියල දෙන්නෙක්. සැරයන් ෆිනිෂ් කියන්නෙ භාරගන්න ඔිනම ටාගට් එකක් ඒ වෙනකම් මග හැරිල නෑ. ෆිනිෂ් කරලම තමා එන්නෙ. ලුතිතන් විජේමාන්නත් සැරයනුත් මට එකතුවුනේ සංසාරගත බැඳීමකට වගේ. මෙහෙ ආරච්චිගෙ රොටීවලට පුදුම ඉල්ලුමකුත් තිබුනා. එස්එල්එන්ජී ඒකකයකින් ඉල්ලගන්න පිටිවලට ටීපනස් හයෙන්ම ගාගන්න පොල්,සැමන්,කීං කැකර්,චීස්, රටඉඳි,කර දළු,කිරි පිටි,සීනි ආදී රෙෂන් පැකට්වල තියෙන ඒවත්, මදි වුනොත් කියල හිතුනොත් තේකුඩුත් දාල, අදටත් හොයා ගත්තු නැති හැඩෙිකට හැදෙන රොටී කාපුවම කෙලින්ම සතියක් නෝ ටොයිලට්ස්. නෝ ෆුඩ්ස්. ඔන්ලි බ්ර්ර්ර්ර්ර් බ්ර්ර්ර්ර්ර් බ්ර්ර්ර්ම්ම්ම්... පූක් ටුක් ටුක්..

වතුර විතරයි වැයවෙන්නෙ තිබහට. ආපහු ටොයිලට් යන්න ඔින්නම් ඇතුලට ආපු දවසට කොහොඹ පොත්තක් තම්බල බීවනං සුද්දයි,නිවාරනයි, කලිසමෙි නොයන්න තම තමන් වග බලාගන්න ඔින.


ලුතිතන් විජේමාන්න කියන්නෙ නිළධාරියෙක් වුනාට කොයි වෙලාවකවත් තරු පැලැන්දුවෙම නෑ. කඳවුරේ ඉන්නෙ ටීෂර්ට් එක පිටින්. රාජකාරියකට යන්න එකම විදියට කට්ටියම  නිළ ඇඳුම ඇන්දම සෙසුනිළයා කව්ද,නිළධාරියා කව්ද කියල හොයාගන්න අමාරුයි. මං ගිය දවසෙ මෙයාලා හිටියෙ රාජකාරියකට ගිහින්. ඇවිත් කට්ටියම එකට බංකරයක් ගාවට වෙලා තිබුන ගහක් යට නිදාගෙන හිටියෙ. මං හිටියෙ අහල පහල ගස්වල ඇන්ටනා  දද දදා සිග්නල් හොය හොය. මට ඔින වුනා මෙි ගහටත් ඇන්ටනාව දාලා සිග්නල් අහුවෙනවද බලන්න. ඒකට ගහට නගින්න ඔින. ගස් හෙවනෙ නිදාගෙන හිටපු කට්ටිය ඇහැරවන්නත් දුකයි. ඒත් තව පැය දෙකක් විතර කාලයක් ඇතුලත කූගර් බෙිස් දෙකකටත් ඒගොල්ලන්ගෙම සීඔි කෙනෙක්ගෙ ලෑන්ඩ් රෝවරයක හයිකරල තියෙන බෙිස් ස්ටෙිෂන් එකකටත් සම්බන්ධතාව දීල මාත් ඒ වාහනේම අත්‍යවශ්‍ය රාජකාරි ගමනක් යෑමට අනිවාර්යය වෙලා තිබුනෙ. ඊට කලින් කනෙක්ෂන් එක හදාගන්න ඔින නිසා ගහට හේත්තුවෙලා පපුවෙ අත්දෙක තියාගෙන නිදාගෙන හිටපු හමුදා කාරයට මට ඇහැරවන්න සිද්දවුනා.

*සමාවෙන්න කෝපල්. චුට්ටක් ඉන්න බෑද මං ගහට නගිනකං. 

මා දිහාත් ඇන්ටනාව සහ උපාංග දිහාත් බලල යන්තමට හිනාවුනු කෝපල් මට ගහට නගින්න ඉඩ දුන්නා. එතනට සිග්නල් අහුවෙනවා. සිග්නල් අහුවෙනවා කියන්නෙ ඒ වෙද්දිත් ලයින් එකේ දුර තිබුනු සෙට් දෙකක් ඇහෙනවා කියන එක. තැනින් තැන ගස්වලට යන්න උනෙත් ඒ සෙට් දෙකේ කෝඩ් සයින් කිය කිය ඇහෙනවද අහ අහ. ඒ ගහේ මුදුනටම ඇන්ටනාව දැම්මම ඒ සෙට් දෙක ඇහෙන්න ගත්තා. සෙට්වල කතා කලේ යට හිටපු මගේ සහායකයා සහ රේඩියෝ රූම් එකේ හිටපු එස්එෆ් ඔපරේටර්. ඔක්කොම සෙට් ඇහෙනවා කිව්වම මං ගහෙන් බැස්සා. බැහැල මට ගහට නගින්න ඉඩ දුන්නු කෝපල්ට;

*හරි කෝපල් දැං නිදාගන්න මගේ වැඩෙි හරි

*කෝපල් ඔයා අදද ආවෙ මෙහෙට..

*නෑ මචං..මං ඊයෙ ආවෙ

*හම්මට...කීදෙනෙක් ආවද?

*හතරයි

එතනින් එහාට ගිය කතාව මාව බයිට් කරනවා කරනවා වගේ තේරුනු හිංදත්,වැඩිය අඳුරන්නැති ඈයොත් එක්ක වැඩි කතාවට ගියොත් මගේ කටත් හොඳ නැති හිංද කැපිල එන්න හදද්දි එයාම එයාව මට අඳුන්නලා දුන්නා. එහෙම තමා ලුතිතන් විජේමාන්න මට සෙට්වුනේ. ඒත් මට නිකන්ම කියවුනා "නිළධාරියෙකුට මචං කිව්ව දෙවෙනි වතාව සර් මෙි" කියල.අනික් ඇහැරිල හිටපු උන්දැලත් ඉඟියකින්වත් මට කිව්වෙ නෑ මෙි ඉන්නෙ නිළධාරියෙක් කියල. 


නැවත ඒකකයට ආපු මාත් හිතෙන් දුක්වෙවී එස්එෆ්ලත් එක්ක ගත කරපු කාලය සිහිකර කර අදාල වෘත්තීයේ නියැළුනා. ඒ ඉද්දි තමා දවසක් මුරපති රාජකාරියෙන් නිදහස් වෙච්චි දවසෙම  මට වෙන කෙනෙක් වෙනුවට දවසේ කාර්‍ය භාර කෝපල් වශයෙන් රාජකාරියක නිරත වෙන්න සිදුවෙන්නෙ. දවසේ කාර්‍ය භාර කොනොනි කියන්නෙ හරි අමාරු රාජකාරියක්. උදේ අටයි තිහට ඇරඹෙන සෙබළාගේ නිළ ඇඳුමි පරීක්ෂණයේ සිට  රාත්‍රී කෑම එක දක්වාත්, රෑ දහයට කඳවුරේ විදුලි ලාම්පු නිවීම දක්වාත් රෑට පැය දෙකක මුර සංචාරයකුත් එක්ක කරන ඒ රාජකාරිය, වෙහෙසකර හා වගකීම් රාශියක් පැවරුනු මහ අමාරු එකක්. ඒ වෙද්දි මං ඔිසීටත් නිරීක්ෂණය වෙලා අනම්මනම් කතා ටිකකුත් අහල හිටියෙ. ඒ ඊයෙ මුරපති රාජකාරිය ඉඳපු දවසෙ හවස. (ඒ කතාව යට තියෙන්නෙ)


අපේ ඒකකයට අනුයුක්ත කරල හිටියා තාවකාලිකව ශ්‍රීලංජාආබමු ඒකකයට අයත් නිළධාරියෙක්. ඒ ලුතිතන් පියසේන. අපේ ඔිසී එදා හවස නිවාඩු යන්න  හිටියෙ. ලිපි ලේඛණ වල අත්සන් කරන්න සීමාවකට යටත්ව සමහර බලතල මෙි ලුතිතන් පියසේනට  ලැබී තිබුනා. එදා මහ මුස්පේන්තු දවසක්. උදේ නැගිට්ටෙත් ගාඩ්රූම් එකට කොල්ලන්ගෙ පතුරම් භාරදෙන්න ඇවිත් ඇහිච්චි ගොරනාඩු සද්දෙත් එක්ක.. දවස පටන් ගත්තෙත් මූන හෝදන්න ගිහින් ඉද්දි බිලට් එකේ වෙච්චි වලියකින්. කෑමට යද්දි කෑමත් ඉවරයි. මෙස් එකේ ඉන්න ඈයන්ට සද්දෙකුත් දාලා විනාඩි දහයෙන් කෑම එකක් හදා දියව් කියල මං ආයෙ ආව ඔෆීස් එකට. ඒ එනකොට හදිසි ලියුමක් ගහගන්න ලුතිතන් පියසේන කාර්යාලය ඉදිරිපිටට ඇවිත් මං එනකං බලා හිටියා. මාව දැක්ක ගමන් අතිනුත් කතාකරන ගමන් කටිනුත් කතාකරල:

"කෝපල් මෙි ලියුම ටක් ගාල ගහල දෙන්නකො හදිස්සියි" කියල ඉල්ලීමක් කලා. මාත් ඒ වැඩෙි තිබ්බ හදිසිතාවය මත ඒ4 කොල තුනකුත් රයිටරේට දාල ලියුම ගහගෙන ගහගෙන ගහගෙන ගියා. විනාඩි දෙකයි ගියෙ වැඩෙි ඉවරයි. එතුමා නියමිත තැනින් අත්සනුත් කරල මට කිව්ව, අපේ වාහනයක් ගේට්ටුව ගාව තියෙනවා,ඒකෙ මෙිජර් හේවාහැටට ගිහින් මෙික දෙන්න කියල. මෙතුමා අත්සන් කලේ එයාලාගේ ඒකකයේ උපකරණ අංශයට අයත් ලියුමක්. ක්වාටර් මාස්ටර් කෙනෙක් වුනු ලුතිතන් පියසේන අත්සන් කරල දුන්නු ලිපිය මාත්  ෆයිල් එකක් අස්සෙ ගහගෙන හැටට හැටෙි දුවල ගිහින් මෙිජර් හේවාහැටට දුන්නම ඒක ෆයිල් එකෙන් අරන් කියෙව්ව එතුමා;

*කව්ද අයිසෙ මං නොදන්න ලුතිතන් පයිසේන?

*පයිසේන කියලනං කව්රුත් නෑ සර්, ලෙෆ්ටිනන්ට් පියසේන කියලනං ඉන්නව කියල මං පිළිතුරු දුන්නා. ඒත් එක්කම ලුතිතන් පියසේන අයත් ඒකකයේ උප අණදෙන නිළධාරි වූ මෙිජර් හේවාහැට එයාගෙ සීඩීඑම්ඒ දුරකතනෙන් ලුතිතන් පියසේනට කෝල් එකක් ගත්තා.

*පියා, උඹ මටත් නොකියා නම වෙනස් කලාද බං? 

*නෑ සර්,ඇයි.?

*මං හිතුවෙ වෙනස් කරල කියල, මෙිකෙ තියෙන්නෙනං පයිසේන කියල.. කියන කොට තමා මට වැඩෙි මීටර් උනේ.

 හදිස්සියට ඉතින් ඉස්පිලි පාපිලි ටිකක් එහෙ මෙහෙ වෙනව තමා සෑර්.. ඔිකට ඉතිං එව්ව මෙව්ව කියන්ඩෝනෑ... ආයෙ ඒ ලියුම අමුතුවෙන් ගහල දීල දවසේ රාජකාරියට කට්ටිය ඉන්නවද බලද්දි ඔිර්ඩිලි කෝපල් ඉන්න බුවාත් තාම එලියට ගිහින් ඇවිත් නෑ. ඒ අස්සෙ ඒ රාජකාරියට දාන්න වෙන කෙනෙකුත් නැති නිසා රාජකාරියකින් ඔිෆ් වෙච්චි ගමන් ඒකටත් කර ගහන්න වුනේ මට.  ඒක එහෙම වුනේ මෙි වෙද්දි අපේ භඨ පිරිස් තැන තැන විසිරිලා සිටීම හා අධික රාජකාරි තත්ත්වය මත. මාත් එක්ක කඳවුරේම හිටියෙ කෝපල්ලාම හතර දෙනයි. තුන් දෙනෙක්ම එලියෙ රාජකාරි. මාත් "මට හොඳ වැඩෙි" කිය කිය ගිහින් සීඑස්එම්ගේ ඉල්ලීම මත අංක 06 නිළඇඳුමත් දාගෙන ඩබල් එකේ ඇවිත් කට්ටියව අටහමාර වෙනුවට නවයට පෝලිම් කරල ඒ රාජකාරියයි,කාර්යාලයේ රාජකාරියයි දෙකම කරගෙන ගියා. 

මෙි කාර්‍ය භාර කෝපල්ගේ තව කාර්යයක් තියෙනව හවස හයට කොඩිය බාන්න. උදේ හයට කොඩිය දැම්මම ඒක හවස හයට බියුගල් හඬත් එක්ක බාන්න ඔින. මාත් ඒ වෙනකං හිටියෙ කාර්යාලයේ වැඩ කකර කකර.

ඒ, කොඩිය බාලම ගිහින් මාවිල්ලාරු ඇලෙන් නාගන්නවා කියල හිතාගෙන.  හවස හයට පහක් තියල නැවත යුනිෆෝම් එකත් පිළිවෙලකට සකස් කරගෙන ගියා කොඩිය බාන්න. ගිහින් බියුගලේ නැති හිංද හවස හයට නලාව පිඹින්න ලෙන්යාඩ් එක ඇදල නලාව ගන්න හැදුවා. හම්මට කොයි යකෝ මගෙ නලාව,මොකාද යකෝ ඒක ඉස්සුවෙි??

මෙි කොඩිය බාන්න ගියාම ඒක කඳවුරට දැනුම් දෙන්නෙ විසිල් එක පිඹලා. එතකොට කඳවුරම සීරුවෙන්. ආයෙ කොඩිය බාලා විසිල් එක පිම්බම තමා කට්ටිය තම තමුන්ගෙ වැඩ කරගෙන යන්නෙ. මං විසිල් එක පිඹින්න ඒ රෙද්ද ගන්න හදනකොට ඒක වෙන එකෙක් උස්සලා. ඒත් දැන් විසිල් හොය හොය ඉන්න වෙලාවක් නෑ. මොලේ පැත්තක් හිරිවැටීගෙන පුරුදු පරිදි ඝණ දෙවි නුවණක් පහල වුනා. ඒ ලෙන්යාර්ඩ් එකේ නලාව පිඹින ආකාරයට අංක අනුව පෑනෙ කොපුව අරං "ෆූෂ්ෂ්" ගාල යටිගිරියෙන් පිම්බා. පෑන් කොපු විසිල් එකට කඳවුර සීරුවෙන්. කොඩිය බාලා ආයෙ විසිල් එක ගැහුවා. 


කොඩිය හතරට නමලා දකුණු අත උඩ තියාගෙන සරඹානුකූලව කාර්යාලයට එනකොට මගේ ඉස්සරහට හම්බවුනේ පීටී දුවල දුවල බුරිය ගාවට එනකං දිව ඇදගෙන හති ඇර ඇර එන ඇජුටන්. එතුමාට ලඟදි පීටී ටෙස්ට් එකක් තියෙනව කියල තමා මෙි හිටගෙන පීටී දුවන්නෙ. එතුමා සීරුවෙන් ඉඳගෙන සිද්ධාන්තෙ බලා ඉඳලා මං ෆ්ලෑග් එක තියන්න යනකොට මගින් අතදාල නවත්තගෙන නෝන්ඩි හිනාවකුත් එක්ක "කෝ ගන්නවා බලන්න තමුසෙ පිම්ඹ විසිල් එක" කියන කොට මං ආසියාවෙම අහිංසකය වගේ ඔලුව පහත් කරල හිනාවුනා. එතුමටත් ඔින නැති මගුලක් නෑ. 


*හ්ම් කෝ...කෝ.. ගම්මු බලන්ඩ කෝපල් කෙනෙක්ගෙ විසිල් එක..

*මාත් වැඩෙි වැඩිය දිග්ගස්සන්නැතුව පෑන් කොපුව අරන් පෙන්නුවා. 

*තමුසෙ හිතුවෙ අපි බබාල කියලද? හෙට උදේ නවයට ඇවිත් හම්බවෙනවා මාව.තේරුනාද?

*තේරුනා සර්. 

වෙච්චිදේට කොරන්ට දේකුත් නෑ. පහුවදා පලයංකො බැනුම් අහන්න. 

පහුවදා නවයට ගිහින් ඇජුටන් හම්බුනා. එතුමානං මට බැන්නෙත්ම නෑ. මුකුත් කිව්වෙත් නෑ. ඒක මගේ සතුටට කරුණක්. ඒත් කිව්ව එක දෙයක් නං මට ඇල්ලුවෙිම නෑ ෆෙන්ස්.

"සෙවන් ඩෙිස් ඔර්ඩ්ලි කෝපල්,හ්ම් පෝලවුට්" 

එක දවසක් කරගන්න අමාරුවෙන් හිටපු රාජකාරිය ඒ විදියට ඉවරවුනේ  දවස් හතක් එක දිගට ඇදලා. නිකන්මත් නෙමෙි "විසිලර් ඔෆ් ද ඩෙි" කියන ගෞරව නාමයත් එක්ක. 


ඊට කලින් නිරීක්ෂණය වෙලා ඔිසීගෙන් බැනුම් ඇහුව කිව්ව කතාව මහ අරුම පුදුම එකක්. ඒ දවස්වල මාවිල් ආරුව බලන්න නා නා ප්‍රකාර මිනිස්සු එනවා. එදා ඒ මොහොතේ ඇවිත් හිටියෙ ලුතිතන් නිළයේ නිළධාරියෙක්. අපිට උපදෙස් ලැබී තිබුනෙ කිසිම කෙනෙකු වග විභාගයකින් තොරව ඇතුලට ගන්න එපා කියල. ඒකට හේතුව තවමත් මාවිල්ආරු ප්‍රදේශයේ බිම්බෝම්බ ආදිය ක්ලියර් කරල නොතිබුනු එක. ඒ පැත්තට ගමන් කිරීම ජීවිත අවදානමකුත් එක්ක යන්න ඔින ගමනක්. නමුත් වෙන හැමදේකටම වගකිව යුත්තෙ අපේ ඒකකය බැවින්, ඒ රිස්ක් එක ගන්න අපේ නිළධාරි තුමන් කැමතිවුනේ නෑ. 

එදා හවස යුහ නම්බර් ප්ලේට් ගහපු සිවිල් වෑන් රථයක් අපේ කඳවුරට හැරෙව්වා. හවස හයයි කාලයි. රාත්‍රී මුරය පෝලිම් කරල නියෝග දිදී හිටපු මම, මෙි වෑන් එක දැකල බැරියර් එකේ සෙන්ට්‍රිට ටිකක් සද්දෙන් කිව්වා "කව්ද බලහං" කියල. ඌ වෑන් එක ගාවට ගිහින් ආපහු ඇවිත් "කෝපල් ටිකක් එන්නකෝ" කිව්වා. මාත් ගියා. කවදාවත් නෙදෙැකපු මූනක්. ඒකනම් අදාල නෑ කියමුකො, හමුදාවෙි නිළධාරියෙක් නේ. මාත් ගිහින් සැලියුට් එකකුත් ගහල ඇහුවා, "සර් කොහෙ යන ගමන්ද,කාව හම්බවෙන්නද,කොහේටද යන්න ඔින" කියල.මගේ ප්‍රශ්නෙ දිගවැඩි හින්දමද මන්දා එතුමා කිව්වෙ "අපේ බාප්පා ඉන්නවනෙ මෙහෙ. එයාව හම්බවෙන්න යන්නෙ" කියල. මට ඒ කිව්ව එක සහ කිව්ව විදිහ දිරෙව්වෙම නෑ. මාත් සැලියුට් එකක් ගහල;

" සොරි සර්, සිග්නල් එකේ බාප්පලා නෑ, ඉන්නෙ මහ එවුන් විතරයි, ගේට්ටුව අරින්න බෑ" කියල මං ආව එන්න. ඒ උත්තරේට ආයෙත් මූන රතු කරගෙන "ඒයි ඒයි කෝප්‍රල් කෝප්‍රල්" කියන කොට, මං ආපහු හැරිල... ඒයි ඒයි කෝප්‍රල්ලත් නෑ සර් හමුදාවෙ, ඉන්නෙ කෝප්‍රල්ල විතරයි" කිව්වා. ආපහු හැරිල එන ගමන් සෙන්ට්‍රිටත් "අරින්ඩෙපා බැරියර් එක" කියල නියෝග කරගෙනම මං ඇවිත් කර කර හිටපු වැඩෙි දිගටම කරගෙන ගියා. වෑන් එක හෝන් ගහල ගහල ආපහු හැරෙව්වා. ඊට විනාඩි දහයකට විතර පස්සෙ ඔිසීගෙන් පණිවිඩයක් ආවා "ගාඩ් කමාන්ඩර්ට එන්න කියහං" කියලා. මාත් ගියා. 

*කව්ද දැන් ගේට්ටුව ගාවට ආවෙ? සර් ඇහුවා.

*ආවෙනං කව්ද දන්නෙ නෑ සර්, ආවෙ බාප්පා හම්බවෙන්න කියල කිව්වා.ඉතින් සිග්නල් එකේ බාප්පල නෑනෙ සර්, මං ගේට්ටුව ඇරියෙ නෑ?

*මොකක්? එහෙම කිව්වද?

*ඔව් සර්. සර්මනෙ කියල තියෙන්නෙ මොකා ආවත් ප්‍රශ්ණ කරල ඇතුලට ගන්න කියල. බාප්පෙක් ගැන කිව්වෙ.

*යකෝ මං උගෙ බාප්ප තමා.මමයි එන්න කිව්වෙ. ඒ ටූ එස්එල්එන්ජී  ඔෆිසර් කෙනෙක්  ඔියි...

*හපොයි. දැං මොකෑ කරන්නෙ සර් කියල අහල "බාප්පල පුතාලා ඔින මගුලක්" කියල මං හිමීට කිව්වෙ සර්ට ඇහෙන් නැතිවෙන්න. 

*ආයෙ එයි...ආවොත් ඇතුලට ගන්නවා තේරුනාද??

*හරි සර් කියල මං ආව...ඊට විනාඩි පහකට විතර පස්සෙ ආයෙ අර වෑන් එක ආවා. ඒක යන්නවගේ ගියාට ගිහින් නෑ. මගින් නවත්තලා තමා කෝල් එකක් අරන් අපේ ඔිසී මෙිජර් ජයතිස්සට කෝල් කරල කියල තියෙන්නෙ බැරියර් එක ඇරියෙ නෑ කියල. ඒ සර්  ඇවිත් මං ගාවින් වාහනේ නවත්තල ආයෙ නෝන්ඩියට වගේ හිනාවෙලා කිව්වා, "බාප්ප හම්බවෙන්ඩ යන්නෙ කෝපල්" කියල. 

මාත් ඉතින් නිකමට වගේ "ඒකනෙ සර්, දැං අපිත් ඔිසීට බාප්ප කියල ඔය සර්ට පුතේ කියන්න ඔිනෙද?" කියල ඇඟට පතට නොදැනී හිමීට ඇහුවම ආයෙ මූනවත් බලන්නැතුව යන්න ගියා. 

එයා ඒකත් ගිහින් බාප්පට කියල. හැබැයි මෙිජර් ජයතිස්සනං පුතාට කිව්ව කිව්වෙ "උඹ දැනගන්න එපාය කඳවුරකට එන විදියකට එන්න, හැම එකාටම ජෝක් හරියන් නෑනෙ" කියල. ඒක එහෙම කිව්ව කියල මට කිව්වෙ ඔිසීගෙ බඩියා. ඔිසී උනත් මා එක්ක කතාකරනවනං ටිකක් කල්පනාවෙන් තමා කතා කරන්නෙ. '95 අවුරුද්දෙ කිරාන් වලදි වෙච්චි සිදුවීමක් නිසා මෙතුමා අවුරුදු 21ක් කපිතන් නිළයේ ඉඳල තමා මෙිජර් එක ඇන්දෙ. ටිකක් වයසයි. සර්රුයි මායි තමා සිවිල් සම්බන්ධීකරණ රාජකාරියත් කලේ මෙි ප්‍රදේශයේ. මෙි කතාවට මෙිජර් ජයතිස්ස කිව්වට ඒ වෙද්දිත් හිටියෙ කපිතන් නිළයේ. ඔයාලට මතකත් ඇති රණවිරු රියල් ස්ටාර් එකේ සිංදු කිව මෙිජර් සුමුදු ජයතිස්ස. ඒයා තමා මෙි


සර්, එක දවසක් වැදගත් රැස්වීමකට සහභාගි වෙන්න එන්න කියල මට පණිවිඩයක් කියන්න කිව්වේ "ආරච්චි හෙට උදේ නවයට ග්‍රාමසේවකලාට එන්න කියන්න ඈ.." කියල.

ඒ පණිවිඩෙි මට කියනකොට හවස හතරහමාරයි. දවල්ට කාලත් නෙමෙි හිටියෙ. මළම පැනල  හවස්වරුවම ගත කරපු මට ඒ පණිවිඩෙත් කියන්න කිව්වම "හා සර්" කියල භාරගත්තෙ යටි හිතින් අම්ම මෝ නැතුව බැන බැන" මාත් පණිවිඩෙි ගොම්මන් කලුවරේම ගිහින් කිව්වා. ඒ පණිවිඩෙි එක ග්‍රාමසේවක කෙනෙකුට කිව්වම එයා අනික් ඔක්කෝටම කියනවා. ඉතින් මාත් කල්ලාර් සෝමපුර ග්‍රාමසේවකට පණිවිඩෙි ගිහින් කිව්වා. ඒත් පහුවදා නවයට ආවෙ දෙහිවත්ත ග්‍රාමසේවක විතරයි. පණිවිඩෙි දුන්නු ග්‍රාමසේවකවත් ඇවිත් නෑ. ඔිසී;

*ආරච්චි.. ඔක්කෝටම එන්න කියලා පණිවිඩෙි කියන්න කිව්වද. මෙි මිස්ටර් ලාල් විතරනෙ ඇවිත් ඉන්නෙ. මොකද අනික් අය නැත්තෙ?

*ඉතින් හරිනෙ සර්. සර් මට කිව්වෙ ග්‍රාමසේවක ලාල්ට එන්න කියන්න කියලනෙ... මං පණිවිඩෙි යැව්වා සර්

ඒක කිව්ව ගමන් සර්ගෙ කටෙන්

*"අප්පට හුක්" වදන ඔටෝම පිටවෙලා විනාඩියක් විතර මා දිහා බලන් හිටියා. මාත් බිම බලාගෙන හිටියෙ. පස්සෙ සර්, 

*බුදු මල්ලියෙ. මගෙ ආරච්චියෙ මං කිව්වෙ ග්‍රාමසේවක ලාල් නෙමෙි, ග්‍රාමසේවකලාට, ග්‍රාමසේවකලාට... එහෙම වචනයක් තියෙනව කියල දන්නවද ඔයා??? ම්ම්ම්ම්?? ග්‍රාමසේවක  ලාට කිව්වම ඒකෙ තියෙනව "ඔක්කොම" කියන තේරුම. දැන් මෙි මනුස්සයා ඉස්සරහ ඔයා මගෙන් කුණුහබ්බ අහගන්නැතුව  මගෙ දෑහැට නොපෙනී යන්නකො. උවමනා උනොත් මං අනිකාට කියල වැඩටික කරගන්නං....දැන් යන්න..කිව්වා.

ඉතින් මයෙ මොකෑ.  මං ඒ ආරාදනාවෙන් ආපහු බිලට් එකට ඇවිත් දහයෙ තේ එකත් බීල ඇඳට වැටිච්චි පාර ආයෙ ඇහැරුනේ දවල් කෑමට. එදා ඉඳන් සර් මා අතේ කාටවත් පණිවිඩ යවන්නෑ. ඒකම ලොකු දෙයක්...

හැබැයි එදා බන්ඩටනං අම්බ වහක්වුනා කිව්ව පණිවිඩ අරන් ගිහින්.. මං අහගෙන ඌ බිලට් එකේ කියෝ කියෝ ඉන්නවා... කෝපල්ල හිංදනෙ මෙි හැම දුකක්ම...කිය කිය. මා දිහාත් හොරෙන් බල බල" ආයෙ නිවාඩු ගියාම එන්නෙත් නෑ" කියල කිව්ව.  


ඉවර නෑ...


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.01.14

මාවිල්ලාරු 02



මාවිල්ආරු ක්‍රියාන්විතය ඇලකින් පටන් අරන් වෙන්න ඔින දේවල් ඔක්කොම වෙලා ක්‍රියාන්විතය, නැගෙනහිර ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීම දක්වා යන ගමනේදි වටෙන්ම ඇහෙන්න ගත්තෙ "ඒකීය ශ්‍රී ලංකාවක්" කියන බර වචන සෙට් එක. ඒකීය සිරි ලංකාවක් කොහොම වෙතත් රේඛීය ලංකාවක්නම් අද වෙද්දි ඉතුරු වෙලා තියෙනව කියල හිතෙනව. චීනෙට බාගයයි,ඇමරිකාවට බාගයයි. 

මාවිල් ආරුව සටන ආරම්භවුනේ කමාන්ඩෝ රෙජිමෙින්තුවෙි මට මතක විදියට සෙබළුන් තිහක් හෝ ඊට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වෙමින්. වරක් පූජ්‍ය එල්ලාවල මෙිදානන්ද හාමුදුරුවො මෙික බලන්න ඇවිත් ඒ සෙබලු මැරිච්ච තැන දිහා සෑහෙන වෙලාවක් බලන් හිටියා. 

උන් වහන්සේ අන්තිමට කිව්වෙ එක දෙයයි. 

"මෙි අපේ රත්තරන් කොල්ලො නේද?"


මාවිල් ආරුව විල්ලුවෙි බංකර් පේලිය අත්පත් කරගැනීමත් එක්ක එතනින් හැරිල යනකොට විල්ලුව ඉහත්තාවට කිලෝ මීටර් දෙක තුනක් දුරින් මහ කැලේ මැද දරුණු සටනක් ඇතිවුනේ සෙබළුන් බරගානක් ජීවිතක්ෂයට පත්වෙමින් සහ තුවාල වෙමින්. පැය කිහිපයක් තිස්සේ ඇති වෙච්ච ඒ සටනට අපිටත් සහභාගි වෙන්න වුනේ නොසිතූ විදියකට. ඒ අපේ සහෝදර  ඒකකයකට උන් දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් අපිව ආපස්සට හරවන්න ගත්තු උත්සාහයක්. විටෙන් විට දේශපාලන අභිමතය මත වෛවාරන්න විච්චූරණ යුද්ධයක් විතරක් දැකල තිබුන උන්ට සෘජු සහ පැහැදිලි දේශපාලන සහ හමුදා අණක් යටතේ කඩාවදින හමුදාවක් ගැන හරි අවබෝධයක් තිබිල නෑ. ඒකනෙ නන්දිකඩාල් දක්වා ගිහින් එතනින් ජීවිතෙන්ම යන්න වුනේ. ඒ වෙනකොට හමුදාවට අණ දුන්නේ මෙිජර් ජෙනරල් නන්ද මල්ලවාරච්චි සර්. සටන දිග්ගැස්සෙන්න පටන් ගත්තට පස්සෙ  කමාන්ඩෝ රෙජිමෙින්තුව, විශේෂ බළකාය සහ තවත් පාබල ඒකක කිහිපයක් මෙි සටනේ බර කරට අරන් තිබුනේ. ඒ අතරේ කමාන්ඩෝ රෙජිම යටතේ මගේ අයියාත් විශේෂ බළකායට අනුයුක්ත කරපු ඉංජිනේරු බළකායෙ මගෙ මල්ලීත් ඉදිරිපෙළ සටන් වල නියැලී හිටියා. මල්ලිගෙ රාජකාරිය බිම්බෝම්බ මර  උගුල් ඉවත්කරමින් විශේෂ බළකා සෙබලුන්ට ආරක්ෂිතව ගමන් කිරීමෙි මාර්ග සකසා දීම. මර උගුල්, සහ භූමියේ වාසිය උන්ගෙ පැත්තට අර ගනිමින් කල සටන් අදටත් අද ඊයෙ කලා වගෙ මතකෙ තිබුනත්, ඒවා සමහරක් මෙි වගේ සයිබර් අවකාශයක කියන්න අමාරුයි. ඒවා හිතේම තිබිල අපේ මරණයත් එක්කම මහ පොළවෙ වැළලී යාමට ඉඩ දීම තමා සුදුසුම දේ. හැබැයි අපිට යුද්ධය වෙනුවෙන් සම්මතයට අනුව තීරණ ගන්න පූර්ණ නිදහස ලැබිල තිබුනා. ඉස්සර අපිට නොදුටු භූමිය ගැන නියෝග දුන්නු නිළධාරින්ට ඒ වෙනුවට, අපි ඒ භූමියට ගිහින් භූමිය සියැසින් දැකල අපි කියන දේ නිළධාරින් පිළිගන්න මට්ටමටත්, භූමියට අනුව සමහර සටන් සැලසුම් කිරීමට උදව් කිරීමටත් සෙසුනිළ අපිටත් අවස්ථාවක්  ආවට පස්සෙ හැම තැනකින්ම ඇතිවුනේ ජයග්‍රහණයක්ම පමණයි. වෙනත් ඒකක ගැන මම දන්නෑ, මම කියන්නෙ එදා අපේ ඇතුලෙ තිබුනු අපේ ඒකකයේ තිබුනු තත්ත්වය. 


 සටන නොනවත්වා ඉදිරියටම යද්දි සහ සටනේ සමහර අරමුණු සමහර තැන්වලදි වෙනස්වුනාට පස්සෙ තවත් පාබල ඒකක දෙකක් සටනට එකතුවීමත් සමග අපේ ඒකකය මුතූර් කොටි ග්‍රහණයෙන් මුදාගැනීමට සටන් කල විබ සහ කමාන්ඩෝ වගේම පාබල ඒකක සඳහා සහායක බළ ඇණියක් විදියට පරිවර්තනය වෙන්න  වුනා. කමාන්ඩෝ රෙජිමෙින්තුව සමහරක් තැන්වල අසාර්ථක වෙන්න පටන් ගත්තම හමුදාවෙිම නායකත්වයෙන් දෝෂාරෝපණ එල්ල වෙද්දි විශේෂ බළකායත්, පාබල ඒකකයක් සමග අපිත්(සමහර තැන් පමණයි)   කමාන්ඩෝ රෙජිමට සහාය දක්වමින් අළුත් ජවයකින් ඉදිරියට යන්න වුනා. ඒ අතරෙ තමා රෙකියක් ගියපු අපේ ලාකෝ වෛද්‍යරත්නගේ ටීම් එක ඔරුවකින් කලපුවක් තරණය කරන්න ගිහින් ඒ ටීම් එකකට කොටි වෙඩි තියල, ඒ ඔරුවට වෙඩි වැදිල ඔරුව පෙරලිලා ගිලිල අපේ සෙබළෙකුටත් ජීවිතය අහිමිවුනේ. එදා මෙහා ඉවුරෙ ඉඳගෙන විශේෂ බළකාය සහ අපේ ඒකකයේ ඒ අය තමන් ඉන්න කොටසකට එනව කියල සෙට් එකේ කියල තියෙද්දි, ඒ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටපු කමාන්ඩෝ භඨ පිරිස අපේ අය එන දිහා බලා ඉද්දිම කොටි ප්‍රහාරයක් එල්ල වෙච්චි වෙලාවෙ ඒ දෙගොල්ල එකතුවෙලා ගේමක් නොගැහුවනං ඔරුවටත් ඔරුවෙ ආපු අයටත් වෙච්චි දේ දැනගන්න හමුදාවට සාස්තරත් අහන්න වෙනවා. (ඒක ටිකක් දිග කතාවක්). 


ඔය අස්සෙම තමා රැකසිට පහර දීමකට සම නිළයේ, එහෙත් මට වඩා නම්බරයෙන් ජේෂ්ඨයෙක් යටතේ  ගිහින් ආරච්චිගේ කුණුහරප මාලාවකට පින්සිද්ද වෙන්න ආරච්චි ඇතුලු අට දෙනෙකුගේ ජීවිත බෙිරුනේ. 

එදා කෝකටත් තෛලය වුනු අපිව කැඳවපු අණදෙන නිළධාරිතුමා හමුදාවෙි ප්‍රහාරයන්ට මුහුන දීගත නොහැකි සංවිධානයේ සමහර කණ්ඩායම් පළා යන බවත්, එසේ පළායන කණ්ඩායම් සඳහා ප්‍රහාරයක් එල්ල කල යුතු බවත් කීවා. අණදෙන නිළධාරි තුමාගේ නම් කිරීම් අනුව මාත් සම නිළයේ එහෙත් මට වඩා ජේෂ්ඨයෙක් (බිලිං චුට්ටා)  එක්ක  ක්ෂණික රැකසිට පහරදීමෙි රාජකාරියක නියැලුනා.  වෙලාව සවස පහ මාරට ඇති, පැහැදිලි අහස. මෙි වෙද්දි හය හමාරට විතර තමා මෙහෙට අඳුර වැටෙන්නෙ. අපිට අණ ලැබුනේ වැදගත් මංකඩක් ආවරණය කරන්න. ඒ පහල තෝප්පූර් හරහා වාකරේ පැත්තට පනින කොටි නවත්තන්න.  එතනින් සීයක් ගියත් අපි අටදෙනා පහර දිය යුතුයි. අනුකම්පා කරන්නම එපා කිව්වා. ටාගට් එක විතරක් සෑහේ කියල වැඩිදුරටත් කිව්වා. ඒ නිසාම කෝප්‍රල්ලා දෙදෙනෙක් යටතේ, ටීම් දෙකක් වශයෙන් අට දෙනෙක් නියමිත තැනට යැව්වා. එක ටීම් එකකට අණ දෙන්නා වුනේ ආරච්චි. අනෙක් එකට බිලිං චුට්ටා. මෙි ගමන අපි යන්න ඔින කැලෑ පාරක් දිගේ ගිහින් කුඹුරු යායකට ඇවිත්,ඒක තරණය කරල නැවත කැලයකට වශයෙන්. ඒ දෙවන කැලය හරහා තමා උන් ක්‍රොස් කරන්නෙ. අපිත් පිටත්වුනා. නමුත් ඇඳිරිය ආසන්නයේ තියාගෙන මෙිවගේ ගමනක් යනව කියන්නෙ මරණයත් කිහිල්ලෙ ගහගෙන යනව වගෙ වැඩක්.  අන්ධයා අලියව වර්ණනා කලා වගේ  අඳුරෙ යුධ කටයුතු කරන්න බෑ. හේතුව අවධානම. මෙි යන්නෙ අපි උන්ට ගහන්න උනාට, උන් දැනගෙන හිටියොත් උන්ට ගහන්න හමුදාවෙන් එනවා කියලා, උන් අපිට කලින්ම ඇම්බුෂ් කරනවා. අපි දෙවන කැලය කිට්ටු වෙනකොට ඉස්සරහ එකා විතරක් පේන නොපෙනෙන මට්ටමට ඇඳිරිය වැටිල තිබුනෙ. අපේ වුන්ට වෙඩි වැදිල මැරුනත් ඇඟේ වතුර ගෑවෙන්න බැරි ගතියක් තිබුනු හිංද ඉස්සරහ ගිය එවුන් කුඹුරු යාය හරහා හිමීට ගමන් කලේ. මෙිකට මට ගමනේ මැද හරියෙ ඉඳන්ම මළ පැනල හිටියෙ. කීප පාරක්ම අඩිය ඉක්මන් කරපියවු කිව්වට ඇහුවෙම නෑ. අපි වෙල් යායෙනුත් ගොඩ වෙලා ලන්දත් තරණය කරල ඇම්බුෂ් එක දාන්න ඔින තැන කිට්ටු වෙනකොට මුං තවත් ස්ලෝ වුනා. මළ පැනලම හිටපු මම පිටි පස්සෙ ඉඳන් ගහන කොටියෙක් ගහපුවාවෙ,මැරෙන එකෙක් මැරුනාවෙ කියල හිතල ටිකක් හයියෙන්ම "අර ඉස්සරහ යන හු&@%ගෙ පුතාලට අඩිය ඉක්මන් කරන්ඩ කියපියව්, වෙි&@ බල්ලො අහවල් දේ කර කර වෙද ගෙදර යනව වගේ යන්නෙ, අප්පට හැ&@%$ඩ" කිව්වා..  එහෙම කියල එතන ඉඳන් මීටර් පනහක් යන්න හම්බුන්නෑ, සෙට් එකේ කිව්වා "ඉන්න තැනම වහාම නවතින්න" කියල. මාත් කට්ටියව නවත්ත ගත්තා. ඊට පස්සෙ කිව්වා ඔතන  එස්එෆ්ල ඉන්නවා, වෙඩි තියන්න යන්න එපා වහාම ඩවුන් යන්න කියල. සෙට් එකේ කිව්ව දේවල් අපිත් කලා. කිව්වට විශ්වාස කරන්න හිතෝතුනි අපිට කලින් එස්එෆ්ල ඇවිත් කොටින්ට ඇම්බුෂ් කරන්න. ඒක නොදන්න අපිත් ඒ කොටින්ටම ඇම්බුෂ් කරන්න ඇවිත්. අන්ධ කරුවලේ අපේ එවුන් (එස්එෆ්) කොටි කියල හිතල අපිටම ගහන්න බොහෝ දුරට ඉඩ තිබුන. ටිකක් එලි පහලිය තියෙන වෙලාවක අපි ඇවිත් කරුමෙකට හරි එස් එෆ්ලව ඉන්නව දැක්කනං අපිත් අනිවාරයෙන්ම කොටි කියල හිතල වෙඩි තියනව. අපි සිංහල සහ හමුදාවෙ කියල එස්එෆ්ල දැනගෙන තියෙන්නෙ ආරච්චිගෙ කුණුහරප වලට පින්සිද්ද වෙන්න. ඊට පස්සෙ තමා එස්එෆ්ල එක්ක හිටපු අපේ ඔපරේටර් මූලස්ථානය හරහා අපිට කතා කරවල තියෙන්නෙ. කොහොමද කට පියාගෙන සද්ද නැතුව තව මීටර් පනහක් ඉස්සරහට ගියානං. එහෙනං ආන්ඩුවෙ පතුරොමකින්ම කාල, ආන්ඩුවෙ හමුදාව අතින්ම උත්සවාකාරයෙන්ම භූමදානෙත් වෙන්න තිබුන සැපට. එතන හිටපු නිලධාරි කුණු හරපෙනුත් බැන්න අපිට. වෙන්න ගිය මහා විනාශය ගැන කියල. කෝපල් ගුණතිලකත් කිව්වෙ ඒව ඉතින් අපිට කියල වැඩක් නෑ සර්, කොතනක හරි අඩුපාඩුවක් නිසානෙ වෙලා තියෙන්නෙ කියල. පස්සෙ දෙගොල්ලගෙම වැඩෙි සද්ද බද්ද එක නෝන්ඩිවුනාට පස්සෙ ආයෙ එතන ඉඳල තේරුමක් නැති හිංද දෙගොල්ලම පෝලිමට වෙල්යායෙ  ඉස්මත්තට ඇවිත් මහ පාරෙ තමා එලිය වැටෙනකං  හිටියෙ. ආයෙ කොහාටවත් යන්න බෑ. මොකද තව කොහෙ කොහෙ අපේ හදිස්සි ටීම් බැහැල ඉන්නවද කියල කවිද දන්නෙ. පස්සෙ දෙගොල්ලම පාරට ඇවිත් පේලියට ඉඳගෙන එස්එෆ්ලගෙන් ලැබුන රෙෂන් පැකට් හදාගෙන කාල ටර්න් එකක් කරගෙන රෑ නිදාගත්තා. ඒකනං දවස් ගානකින් ලැබුන විවෙිකයක් කිව්ව හැකි. මොකද යුද්දෙත් ඩීඑස් ගුණසේකර බස් කොළඹ එනවටත් වඩා වෙිගෙන්නෙ යන්න හදන්නෙ. දවස් ගානක් හරියට නෙත පියවන්න නැතුව හිටියෙ.  තිබ්බ වතුරවලින් කෑම හදලයි,බීලයි ඉවරවුනාට පස්සෙ තිබහට බිව්වෙනං ඉතින් කුඹුරෙ ඇලේ ගියපු වතුර. ඒ වතුර ටිකක් තිත්ත වුනත් අවුලක්මත් තිබ්බෙ නෑ. 


 හැබැයි මුතූර් මුදා ගැනීමට තෝප්පූර්, පහල තෝප්පූර්, ගල්කන්ද ආදී ප්‍රදේශවලත් අලිඔලුව සේරුනුවර වැනි සිංහල ප්‍රදේශවලත් තැනින් තැන ස්ථානගත වෙමින් ගිය ඒ ගමන ඉතා දුෂ්කර වූවක්. හේතුව හැමතැනම විවෘත භූමි පිහිටීම හා කොටින්ගේ ස්නයිපර් කරුවන් තැනින් තැන යොදවා තිබීම. උන්ගේ කුඩා කණ්ඩායම් ගම් මැද ඉඳගෙන අපිට ප්‍රහාර එල්ල කරන්න ගත්තම ඒවාට ප්‍රතිචාර දැක්වීමත් ඉතා අසීරු තත්ත්වයකට පැමිණුනා. 

 අනෙක් කරුණ වුනේ සීසීකඩ විසිරිලා හිටපු කොටි සමහර තැන්වලින් පැනල ඇවිත් පිටුපස අංජබජල් කරන්නට තැත්කිරීම.  


ඊටත් පස්සෙ තමා වෙනත් ඒකකයක් ඇවිත් අපව නිදහස් කරන තෙක් කොටි ග්‍රහණයෙන් මුදාගත් ප්‍රදේශ රැකගැනීම සඳහා අපේ ඒකකයට ඒ වගකීම භාර ගන්නවුනේ.  මුතූර් නගරය අත්පත් කරගැනීම දක්වා සහායක බඨ පිරිස් වශයෙන් ගමන් කල කණ්ඩායම් දෙකකුත්,ඊච්චිලම්පත්තු සිට ලංකාපටුන,වෙත්තිලකර්නි වෙරුගල්, දක්වා කණ්ඩායම් දෙකකුත් ගිහින් නැවත එකතුවී එතනින් ආපස්සට හැරුනු ඒකකය, ඒකක මූලස්ථානය 225 බසේමු යටතේ  මුතූර්, තෝපූර්, සේරුවාවිල, අළිඔළුව,සේරු නුවර, නීලාවල, දෙහිඅත්ත සෝමපුර,කල්ලාර්, ආර්චිබෝක්කුව,ඊච්චිලම්පත්තු ආදි පෙදෙස්වල ස්ථානගත වුනේ.ඒ  අපේ ඒකක මූලස්ථානය ඒ වෙද්දි මුදාගෙන තිබුනු තෝපූර් ප්‍රදේශයෙත් මූලස්ථාන කණ්ඩායම කල්ලාර්වලත් වශයෙන්.  අනාත කඳවුරු පවත්වාගෙන යෑම වෙනම ඒකකයකට පැවරුනා.


මෙි වෙද්දි 1කමාන්ඩෝ ඒකකය යටතේ ඩෙල්ටා ගෘප් එකේ පෙරමුණේම සටන්කල මගේ අයියා මෝටාර් ප්‍රහාරයකට අහුවෙලා සුළු තුවාල වෙලා බෙිත් දාගෙන නැවතත් සටනට එකතුවෙලා  හිටියෙ කියල පණිවිඩයක් ලැබුනා.


 


ඉවර නෑ.......


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.01.10

Wednesday, January 6, 2021

මාවිල්ලාරුු01



මාවිල්ආරු පය ගහනවත් එක්කම දුටු සහ වෙච්චි දේවල්වලින් හිතට ඇතුළුවූ සිතුවිලි සහ හැඟීම් ටිකෙන් ටික පහව යන්නට පටන් ගත්තෙ නැවතත් පුරුදු යාළුවන් සමග ආශ්‍රය ටිකෙන් ටික ඇතිවෙන්නත් වැඩිවෙන්නත් පටන්ගත්තට පස්සෙ. මාවිල්ආරු සොරොව්ව ඇරීමත් සමග කාලයක් වියලි තත්වයෙන් පැවති ඇල, ඉහත්තාවෙ පිහිටි විල්ලුවෙන් ගලාගෙන ආව ජල කඳෙන් පිරී ඉතිරී යන්නට වුනේ බොරදිය විදියට බුබුලු නංවමින්. වතුර නැතුව ඉරිතලල ලොකු කිරිබත් කැට විදියටත්, ඒවත් කුඩුවෙලා ගිහින් දූවිලි බවටත් පත්වෙලා තිබුනු ඇලේ, ඒවා පොඟවගෙන, අස්සෙන් අස්සෙන් ටිකෙන් ටික ගලා ආව ඒ ජල කඳ වගේම හිතත් ටිකෙන්ටික පිරී එන්න පටන්ගත්තට පස්සෙ දැනුනේ කවදාවත් කාටවත් කියල විඳගන්න පුලුවන් තරමෙි සතුටක් නෙමෙි. ඒක මහා අමුතු නිරාමිස සතුටක්. ඇළ දෙපැත්තට රොක්වුනු අහිංසක මිනිසුන් අත්පුඩි ගසමින් ප්‍රීති ඝෝෂා නගන අයුරු දැක්කම හිතට ආවෙ කියාගන්න බැරි තරමෙි ආඩම්බරයක් සමග සතුටක්. පසුපෙළ සටන් කරුවෙකු විදියට ඒ දේවල් මං හොඳට බලාගෙන හිටියෙ. සෝමපුර පංසලේ ලොකු හාමුදුරුවො හිමීට හිමීට පිරිත් කියන්න පටන් ගත්තෙ අපි වෙනුවෙන්ද,ඇලේ ජල කඳ වෙනුවෙන්ද කියල නම් දන්නෑ,ඒත් උපේක්ෂා සහගත සිනාවකින් මුව පුරෝගෙන මුමුණ මුමුණ කියන්න පටන්ගත්තු පිරිතට ඇල දෙපැත්තට එක්වුනු මිනිසුන් එකා දෙන්නා එකතු වෙමින් අත් දෙක ඉහ මුදුනෙ තියාගෙන සාධු කාර දෙන්නනම් පටන් ගත්තා. අත්පුඩි ගසමින් කෑ ගසමින් හූ කියමින් ජයඝෝෂා කරපු මිනිස්සු කොච්චරනම් අහිංසක සතුටක්ද ඒ විඳින්නෙ කියල හිතුනම හිතට ආව සිතුවිලි මෙහෙමයි කියල විස්තර කරන්නම බෑ. 


 සමහර තැන් මීටර් හතරක් පහක් පමණ පළල සමහර තැන් පමණක් මීටර් දහයක් විතර ආසන්න පළලකින් යුත් කරවටක් ගැඹුර ඇලේ වතුර ටිකක් හිංද කොටි සංවිධානය "මදෑ කොරගත්තු හරියක්" කියල හිතෙනකොට කට කොනකට නැගෙන සිනහවත් එක්ක සිහියට එන්නෙ ඒ වෙනකං හමුදාවත් එක්ක අරියාදු කරගන්න ගිහින් උන්දැලා කොරගත්තු දේවල් ගැන. ඒවයි මෙිකයි දෙකම එකට සිහිපත් වෙද්දි හිනායාම ස්වාභාවිකයි. තුවක්කුවෙන් හැම ප්‍රශ්ණයම විසඳන්න බෑ වගේම සාකච්ඡා වලිනුත් හැමදේම විසඳන්න බෑ. විසඳන්න පුලුවන් වචන⁣යක තියෙන බලය උන්දැලත් විශ්වාස කලානං. කොහොමත් මෙි වෙද්දි එයාලාට උවමනා වෙලා තිබ්බෙ කොහොම හරි නැවත යුද්ධය පටන් ගන්න. යුද්දෙ තියනකං ලංකා රජයේ දේශපාලඥයා වැජඹෙනවා වගේම තමා ප්‍රභාකරනුත්. ප්‍රභාටත් යුද්ධය නැතුව පැවැත්මක් නෑ. ඒ හිංද උවමනාව තිබුනෙ කොහොම හරි ජාමෙත් බෙිරගෙන හමුදාව අතින් සාමය කඩ කරව ගන්න. එතෙක් කොච්චර දැඟළුවත් කරගන්න බැරිතැන ඇලක් වහන්න ගිහින් වෙච්චි හරිය ප්‍රභාට මැරිලත් මතක තියේනං ඔය යකා ඉපදෙන හැම ආත්මෙකම ඇරපු ටැප් එකක්වත් වහන එකක් නෑ. උන්ගෙම ඈයො බයවෙලා හිටියෙත් ප්‍රභාකරන්ට නෙමෙි. උන්දැගෙ තුවක්කු පතුරම් වලට. ඒවා බිම තිබ්බ කාලෙක  ප්‍රභාට වෙන්නෙත් මහින්ද මහත්තයට වෙච්චි දේම තමා. ඒක දැනගෙන හිටපු හිංදමද මංද පොරත් දේශපාලන ප්‍රවාහයට එකතු නොවී යුද්දෙටම හූමිටි තිබ්බෙ. හැබැයි එයැයිට එයැයිගෙ එකෙක් අතින්ම පරලොව යන්නත් ඉඩ තියෙන්න තිබුනා එහෙම උනානං. ලෝකය කියන එක වෙනස් වෙනවා වගේම මිනිස්සුන්ගෙ චින්තනය කියන එකත් වෙනස්වෙනවා හැම තත්පරයක් ගානෙම. 


මෙි අහු අස්සෙ මං තව සුන්දර දසුනක් දැක්කා. ඒ ඇල දිගේ ඇලේ සිරි නරඹ නරඹ උඩහට යන අතරෙ. තඩිම තඩි කිඹුල් රාජයෙක් "ජබෝස්"  ගාල ඇලට පැන්නෙ සතුටටද මට බය වෙලාද මංදා. උන්ටත් සතුටු හිතෙන්න ඇති ඇලේ ගලාගෙන එන බොර පාට  වතුර කඳ දැක්කම.


ඇල දිගේම උඩහට ගියපු මම ටිකක් වෙලා ඇල දිහා  බලාගෙන හිටියෙ ටිකෙන් ටික වැඩිවෙන ජල කඳත් හරියට අපේ හමුදා ජීවිතේ වගේම නේද කියල හිතිල. වෙලාවකට ඔතෑනිව ගලාගෙන යන ජීවිතේ තවත් වෙලාවකට  ප්‍රචන්ඩ මාරුතයක් වගේ වෙන්නෙ තුවක්කුවක් නිසා නේද කියලත් හිතුන.  ඇත්තට මනුස්සයෙකුට කෑම නැතුව ඉන්න පුලුවන් උනත් වතුර නැතුව ඉන්න බැරි හැටි. මහ බඹා බුලක් ගහල මනුස්ස සරීරෙ මැව්වද මංදා. ඔිකට අරක්කු නැතුව ජීවත් වෙන්න බැරි විදියට මැව්වනං, එහෙනං අද මෙි ඇලේ ගලා යන්නෙ අරක්කුනෙ. අපරාදෙ එහෙනං බෝතල්වලට පුරවං ගිහින් උදේ හවස බැදුමක් හපන ගමන් ඩිංග ඩිංග සප්පායම් වෙන්න තිබුනා.


 මෙි ඇලේ ගලාගෙන ආවෙ වතුර විතරක් නෙමෙි. සිංහලයගෙ ආත්මය. සිංහලයගෙ ලේ, දහඩිය, කඳුලු, නෑදෑකම්, බෞද්ධකම ක්‍රිස්තියානිකම ඔක්කොම.  ඇලක් හිංද ඇරඹෙච්චි සටන ටිකෙන් ටික රජයේ තීරණත් එක්ක නැගෙනහිර ත්‍රස්ථ ග්‍රහණයෙන් මුදවා ගැනීම අරමුණු කරගෙන මානුෂීය මෙහෙයුමක් බවට පරිවර්ථනය වෙන්න පටන් ගත්තා. පෞද්ගලිකව මගේ අදහස තිබුනෙ "ඒ බං, එහෙම කරන්න පුලුවන් වෙයිද බං" කියන එක. ඒකට හේතු වුනේ සාම කාල දෙකක් පුරාවට මාත් හමුදාවෙ හිටපු හිංද. අනික තමා කවදාවත් විශ්වාස නොකරන රටෙි දේශපාලන තත්ත්වය. සිරාවටම මහින්ද රාජපක්ෂ කියල කෙනෙක් රටෙි ඉන්නව කියල දැනගත්තෙත් ඡන්දෙ හිංද. ඒක ගැනනම් කියන්න ලැජ්ජ නෑ. මොකද අපිට මෙි කැලේ පත්තරයක් බලන්නවත් ප්‍රවෘත්ති ටිකක් බලන්නවත් විදියක් නෑනෙ. අපි දන්නෙ උදේ කාල කඳවුරෙන් පිටත් වුනාට පස්සෙ ජීවත් වෙලා හිටියොත් ඊලඟ වෙිල් දෙක කන්න ලැබෙයි කියල විතරයි. සහතික වශයෙන්ම මට මගේ ජීවිතේ ගැන සිරාවටම විශ්වාසයක් තිබුන්නෑ. ජීවිතේ සමහර වැදගත් තැන් නැවත ප්‍රතිසංස්කරණය කරගන්න බැරි විදියටම වැරදුනේ ඒ හිංද.  ආධුනික කාලෙ දෙන දෙයක් කාල සීනියර්ලයි කෝප්‍රල්ලයි ඉන් එහා අයයි කියන දේවල් කරගෙන ගුටි කාගෙන හරි නොකා හරි හිටිය මිසක් අපිට එතනින් එහා ලෝකයක් මෙි කඳවුරු ජීවිතේ තිබුනෙ නෑ. ඒක ඒ කාලෙ හැටි. මානව හිමිකම්, මානුෂීය සංවිධාන, ඒවයෙ තියෙන නීති රීති, එව්ව මෙව්ව මොනවද කියන්නවත් මුල් කාලෙ දැනන් හිටියෙ නෑ. අපිට ඉගැන්නුවෙත් නෑ. රණ බිම් ක්‍රම, මූලික යුධෝපක්‍රම, අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි, සිතියම් කියවීම,ආදී  දේවල් තමා අපේ ජීවිතේ වෙලා තිබුනෙ. කොටින්ම අපි ඒ දවස්වල නිවාඩුවක් දාන්නෙත් කව්රුහරි "උඹ හෙට නිවාඩු දාහං" කියල කිව්වොත් විතරයි. එතකං මාසයද දෙකද පහද අවුරුද්දද අදාල නෑ, කිව්වොත් නිවාඩු දාල යනව. එහෙමයි. අහන්නවත් යන්නෑ. අහන්න ගියොත් හක්කත් තලාගෙන අනික් පැත්තට හැරිල ඒම තමා ඒකෙත් ප්‍රථිපලය වෙන්නෙ. කඳවුරු ජීවිතේත් හරියට ලිඳේ ඉන්න ගෙම්බගෙ කතාව වගෙ. ඒක එක්තරා හිර ගෙයක්. වෙනසකට තිබුනෙ මාස කීපයකට හරි සැරයක් නිවාඩුවක් හම්බවෙන එක විතරයි. ටිකක් හරි ලෝකය දකින්න පටන් ගත්තෙ ලිඳේ ඉන්න ගෙම්බට වතුර පිරෙනකොට ටිකක් වැඩිපුර ලෝකය පේනවා වාගෙ අපිටත් ප්‍රමෝෂන් එකක් දෙකක් ලැබෙන කොට තමා ටිකෙන් ටික ඇස් ඇරෙන්න පටන් ගත්තෙ. එතකම් දුකට සැපට අව්වට වැස්සට හැමදේටම ලඟ හිටියෙ පස්ලෝහයෙන් හැදුනු ටී පනස්හය විතරයි. 


මානුෂීය මෙහෙයුමත් එක්ක මාවිල්ආරු ඇල ඇරියට පස්සෙ එතනින් එහාට යන්න අපේ අයට ටිකක් අමාරුවුනා. ඒකට හේතුව ගැඹුරු විල්ලුවත් විල්ලුව ඉහත්තාවෙ උං හදාගෙන හිටපු බංකර පේලියකුත් හිංද.  බංකර පේලිය කිව්වට අපිට තිබුනෙ මාවිල්ආරු හොරොව්ව උඩින්  පොලොන්නරුව පැත්ත බලාගෙන හිටගත්තම විල්ලුවට වම්පැත්තෙන් ඉස්සරහට තිබුන බංකර කිහිපයක් විතරයි. මෙික "මාවිල්ආරු සටන" කියල නම් කලාට ඒ සටනෙත් එහා පැත්තක් තියෙනවා. ඒ එහා පැත්තෙ කතාව තමා මෙි. 


 බන්ට් එක දිගේ ටික දුරක් යනකොට මීටර් සීයක් විතර දිග වාන වගෙ තියන කොටසකින් මීටර් හත්අට සීයක් එහා පැත්තටත් එතනින් දකුණට වෙන්න ටිකක් දුරකිනුත් තිබුනු බංකර දෙකක් තමා ඒවගෙනුත් පුදුම හිසරදයක් වෙලා තිබුනෙ. අපිට තිබුනු ඉලක්කය අනුව ඉස්සරහට යන්නනම් මෙි බංකර දෙක අපේ යටතට ගන්නම ඔින. එතනින් එහා ටික අපෙන් දකුණුට ගියපු අය අල්ලගන්නවා. එයාලත් පිලිවෙලින් මරාගෙන මරාගෙන වටෙන් එන තෙක් අපි රැඳිල හිටියෙ හොරොව්ව ලඟමයි. ඒ ඉන්න අතරෙ හිටපු ගමන් කොල්ලෙක්ගෙ ටී 56ක් අරං අර බංකර දෙක තියෙන පැත්තට දික් කරල "ඩෝං - ඩෝං" ගාල දෙකක් අතෑරියාම විනාඩි ගානක්ම යනකං හතර වටෙිටම 12.7 අවියකිනුත් මැෂින් ගන් කිහිපයකුත් දාගෙන මිරිකගෙන ඉන්න උන්දලා ආරච්චිටනම් නම් දුන්නෙ පට්ටම ආතල් එකක්. සොරොව්වෙි වම් පැත්තෙ කන්ඩිය උඩටම නැගල බිම දිගාවෙලා උන්ගෙ බංකර පේලියට එහෙම දෙකක් තුනක් අතෑරපු සැනින් පොඩිවුන් පස්ස බිම තියාගෙන කන්ඩියකින් පල්ලෙහාට රූටනව වගේ "බිරූස්" ගාල පල්ලෙහාට රූටල එන මං, ආයෙ ඔලුව උස්සන්නෙ "ඇකැක්,ඇකැක්,ඇකැක්", තාලෙට ඇහෙන 12.7 එකේ සද්දෙයි, "පොපොප් රිලීස්, පොපොප් රිලීස්" යන හඬින් ඇහෙන මැෂින් ගන්වල සද්දෙයි ඉවරවුනාට පස්සෙ. ඒක කීප සැරයක්ම කලාට පස්සෙ ආරච්චි කියල එකෙක් ගන්න ආතල් එකක්මද මංද කියල හිතිලද කොහෙද උන් වෙඩි තියන එක නැවැත්තුවා. මට ඔින වුනෙත් උන්ගෙ ගාව තියෙන තුවක්කු වර්ග මොනාද කියල බලාගන්න නිසා, එකම ආතල් එක කීප පාරක්ම ගන්නත් වුනා. 


  මම මෙි සටනෙ හිටියෙ ඉදිරිපෙළ නෙමෙි. පසුපෙළ සටන්කරුවෙකු විදියට ආධාරක කණ්ඩායමෙි.  එල්එම්ජියක් කිහිලි ගන්නගෙන ඒකට අවශ්‍ය පතුරම් සහ ඇති තරමට වතුරත් ලෑස්ති කරගෙන හිටියෙ ඉස්සරහ සටන් වදින භඨ පිරිස්වලට ආධාරක කණ්ඩායමෙි(බැකප්) සහායක් ඇවැසි වෙච්චි ගමන් ඇවැසි සහාය ලබාදීමෙි පරම යුතුකමින් ඔද්දල්ව සටනට සම්බන්ධ වෙන්න යන්න බලාගෙන. අපිත් ඉස්සරහ යන අයත් එක්කම යනවා.නමුත් ටිකක් පිටුපසින්. ඔහොම යන දවසෙ තමා අර ඉහතින් කිව්ව බංකර පේලියේ අමාරුම බංකරයක් ගැන තීරණයකට එළඹෙන්න සිද්ධවුනේ. 


ඒ සඳහා අපිත් එක්ක ගියපු ගැමුණු ඒකකයක ටීම් එකකට ඒ බංකරය ගන්න කිව්වට පස්සෙ එයාලා ගිහින් ඒක අල්ලගන්න බැරුව ආපහු ආව. නැවත ටීම් දෙකක් ගියා. ඒත් බැරිවුනා. එන්න එන්නම එයාලට හානි වැඩිවෙන්න ගත්තම ඒ බංකරය අල්ලගන්න එක පැවරුනේ අපිට. අපේ අණදෙන නිළධාරි තුමත් අපරාදෙ කියන්න බෑ, කිසි දේකට නෑ බෑ කියන්නෙනම් නෑ. කුඹුක් ගස් මංඩියකුත් තල් ගස් මංඩියකිනුත් ලඳුමංඩියකුත් ආවරණයකට අරන් සකසා තිබුනු පොලව යට බංකරය හෝ දෙක අල්ලනවා කියන්නෙ ලේසිපාසු දෙයක් නෙමෙි. අනික මෙි වෙද්දි අපේ ඒකකයටත් අළුතෙන් සාමාජිකයින් (ආධුනිකයන්) බැච් එකක් ඇවිත් තිබුනු හිංදා හා, ඔවුන්ට යුද්ධය ගැන නිසි වැටහීමක් නොතිබුනු අවකාශයක් තුල ඒ වගේ දේකට ඔවුන්ව සම්බන්ධ කරගැනීමත් අපේ අවාසියට හේතු වෙන්න පුලුවන්. හැබැයි අද මෙි මොහොතෙ මං ඉතා ආඩම්බරෙන් අභිමානයෙන් කියනවා, උන් බැච් එකනං ගිනි ගින්දර වගේ බඩු ටිකක්. එහෙන් මෙහෙන් මොංගල් ඩෑල් දෙක තුනක් හිටියට බහුතරය රියල් බුලට්. දෙයක් කිව්වම "යං කෝපල්,ඔිවනං මොනාද අනේ" කියල තබා බහින්නේ. මොකද උං එක්ක අපි තව මහ යුද්ධෙකුත් (වන්නි මානුෂීය මෙහෙයුම) කලානෙ. ඒ බැච් එකෙනුත් ඒ වෙද්දි ආධාරක වෙඩි කණ්ඩයට ටීම් දාල තිබුනෙ. උන් අපිට වඩා කඩිසරයි. උන්ගෙත් වාසනාව කියන්නෙ ආධුනික කාලෙම මෝටාර් ලේ කරන්න මෝටාර් ගහන්න ලැබුනනෙ. ⁣ඉතින් කොයි වෙලෙත් ෆයර් වෙච්චි ගමන්. 


මෙි බංකර පේලියේ වම් කොටසේ තිබුනු අමාරුම බංකරය අල්ලන්න භාරවුනේ මගේ බැචෙකුට. ඒ අපේ නඩෙි හිටපු නාහෙට අහන්නැති එකෙකුට. නමින් ජයන්ත බණ්ඩාර. ගැමුණු ටීම් දෙක තුනකටම බෑ කියල පස්සට ආපු ඒ බංකරය අත්පත් කරගැනීමෙි මෙහෙයුම ප්ලෑන් කලේ අපේ අනි තුමා. ඒකට ඌණ පූර්ණ සපයාගනිමින් එතෙක් මෙතෙක් ලද අත්දැකීමුත් එක්ක ගේමට ජයන්ත බැස්සෙ අමුතු විදියකට. උපදෙස් වලට කිව්වෙ "අඳුර වැටෙනවත් එක්කම, ඒ අඳුරත් එක්ක ප්‍රහාරය ආරම්භ කරන්න" කියල. අවශ්‍ය නියෝග,උපදෙස් ලබාගත් ජයන්ත තමන්ගෙ අට දෙනත් අරගෙන පිටත් වෙද්දි "පරිස්සමෙන් ගිහින් වරෙන් මචං" කියන්නවත් මට ඒ වෙලාවෙ ඉස්පාසුවක් තිබ්බෙ නෑ. මාත් තව කෝප්‍රල්ලා කිහිපදෙනෙකුත් එක්ක ජයන්තගේ සහායට මගට ගිහින් උවමනාවෙන් පරිස්සමින් බලාගෙන හිටියෙ අවශ්‍යතාවයක් වුනොත් එක්වරම මළා හෝ නොමළා, ඉස්සරහින් බංකර්වලට කඩා වදින්න බලාගෙන. ඒ ගියෙ එල්එම්ජී තුනයි එම්පීඑම්ජී තුනයි, ආර්පීජී දෙකයි.ටී පනස් හය හතරයි.  මටත් එල්එම්ජියක් තිබුනු හිංද යන්න ලැබුනා. ජයන්ත එයාට ඔින විදියට ටීම් එක සිලෙක්ට් කරගෙන අපිට පස්සෙ පිටත්වෙලා ඇවිත් "භූමියට ගිහින් තමා ප්‍රහාරය සැලසුම් කරන්නෙ, කෝකටත් කවර් වෙලා ඉඳපියව්" කියාගෙන උපක්‍රම ශීලීව අපිව පසු කරගෙන ගියා. ජයන්තයා ගියා කියන්නෙ මාත් තව එකෙකුත් බැකප් එකේ බැජීල හිටියා. සත්තයි ඇස්පිල්ලන්වත් ගහන්නැතුව තමා බලං හිටියෙ. ඒක බැච් එක හිංද විතරක් නෙමෙි. කව්රු ගියත් එහෙම තමා. අපේ එවුන්,අපේ කොල්ලො,අපේ මිනිස්සු, අපේ සෙබළු, අපේ ජීවිත තමා ඒ යන්නෙ. සපෝර්ට් එකක් උවමනා වුනොත් නියමිත තැනට යන්න විනාඩියක් හරි පරක්කුවෙයි කියන සැකේට අපිත් ටික ටික තව ටිකක් මගට කිට්ටු කලේ එක පාරටම "අප්පට හුක්" කියාගෙන බංකර් පේලියට කඩා වදින්න බලාගෙන. ජයන්ත කියන්නෙ මහ හිතුවක්කාර පොරක්. ඒ අපේ ඒකකයේ වැටුප් හා දීමනා සකසන ලිපිකරු. කව්රුත් ආදරය කරන චරිතයක්. ⁣වැටුප් දීමනා සටහන් කරල දෙන කොලේ අතටත් දීල එක එකා ගාවට ගිහින් "මොනාද තියෙන ගැටළු" කියල අහන්නත් තරම් නිහතමානි චරිතයක්. අපිටත් පනාගොඩ පැත්තෙන් කරගන්න මොනවහරි වැඩක් තියෙනවනං කොලේක ලියල ජයන්තගෙ අතට දුන්න කියන්නෙ අපිම ගිහින් වැඩෙි කරගත්තටත් වැඩිය හොඳට ඒ වැඩෙි කරන කෙනෙක්.   පනාගොඩ ගිහින් දවස් ගානක් ඉඳලා ඒකකයටත් ඇවිත් යුද්ධෙටත් යන්නෙ ස්ව කැමැත්තෙන්. මෙි බංකර අල්ලන ක්‍රියාන්විතයට ඉදිරිපත් වුනෙත් වෙන කෙනෙක් "හා" කියන්න කලින් ස්ව කැමැත්තෙන්.  අනි තුමත් මිනිහ ගැන දන්න නිසා අනුමැතිය ලැබුනා. 


අපිව පහුකරගෙන ගියපු ජයන්ත පැය දෙකකට විතර පස්සෙ (අද මට මතක විදියට) තමා ගේමට එන්ටර්වුනේ. ඒකට හේතුවත් කියලමයි ගියේ. මෙි බංකර පේලියට ඉස්සරහින් ගහල අල්ලන එක කරන්න අමාරු දෙයක් නෙමෙි,කරන්න බැරි දෙයක්. ඒකෙන් අපිටමයි අවාසි. ගැමුණු ටීම් කීපයෙන්ම කීප දෙනෙක් තුවාල වෙලා එක්කෙනෙක් මියගියා මෙික අල්ලන්න ගිහින්. මෙි බංකරේ අත්පත් කර නොගෙන කීයටවත් මෙතනින් ඉස්සරහට යන්න බෑ. ඒ වෙද්දි දකුනත් අපිට සමගාමීව ඉස්සරහට ඇවිත් තිබුනෙ. අපි මෙි බංකරේ අල්ලගෙන ඉස්සරහට යනකං එයාලාත් නැවතිලා. 12.7 බර අවියකින් සහ මැෂින් ගන් කිහිපයක් දාගෙන තමා උන් පේලියට ඉඳගෙන දෙන්න තියාගන්නෙ. ඒ ෆයර් එකට අහුවුනා කියන්නෙ ආයෙ ඔලුව උස්සනව බොරු. අනික මෙි සටන රෑට කරන්න බෑ. හවස තමා ගේමට බැස්සෙ. ඒකට හේතුව අපිට භූමිය ගැන අවබෝධයක් තිබුනෙ 1:50000 මීටර් ග්‍රිඩ් සිතියමෙි තියෙන තොරතුරු වලින් විතරයි. රෙකී අරව මෙිව යන්නත් බෑ. ගහනවනං එකපාර ගහල අල්ලන්න ඔින කතාවක් තමා හැමෝම කිව්වෙ. ඒ නිසා ඉදිරියෙන් හෝ පිටුපසින් පහරදීල මෙික අල්ලනවට වඩා පිටුපසින් ගිහින් උන්ගෙ බංකරේ ඇතුලටම එකවර පහර දෙන්න වෙනව කියල තමා හැඟීම තිබුනෙ. මෙි වගේ පුහුණු කීපයක් අපි හදාරල තිබුනත් අන්තිමෙිටම පුහුණුවෙන්න අවස්ථාවක් හම්බවුනේ සිංහපුර බළඇණි පුහුණු පාඨමාලාවෙදි.  (Trench clearing  and bunker acquisition) අතපයවල් උලුක් කරගෙන කොඳු ඇමැට්ටි කරගෙන ඔලු පලාගෙන බෙලි අඹරවාගෙන දවස් දෙක තුනක් තිස්සේ කරණම් ගග ගගහ පුහුණු වෙච්චි ඒ දේවල් ප්‍රායෝගිකව කරන්න වෙන්නෙත් මෙි වගේ තැන්වල තමා.  (ඔයාලාට මතක ඇති මං මීට කලින් මුල් කාලෙ කතාවක් කිව්වා ආධුනික පුහුණු පාඨමාලාවෙ සිගරට් බීල අහුවෙලා පොකුනක බස්සලා  පනිෂ් කරපු එකක් ගැන. ඒ බුවා තමා මෙි)


ජයන්ත පිටත්වෙලා පැය දෙකක් හෝ තුනකට ආසන්න විතර කාලයක් ගියාට පස්සෙ ගොම්මනත් එක්කම එක පාරටම අපිටවත් හිතාගන්න බැරි වෙලාවක එකවර බංකර දෙකකට පහර දෙන්න පටන් ගත්තා. මුලින්ම ඇහුනෙ අත්බෝම්බ පුපුරන හඬ. අපිත් බලං හිටියෙ "දැං ගහයි,දැං පටන් ගනියි" කියල. හිත හිත හිටිය විදියටම එක්වරම ප්‍රහාරය ඇරඹුනා. ඒ ප්‍රහාරයත් එක්ක අපිට නියෝගයක් ආවා පුලුවන් තරම් ඉක්මනින් බංකර පේලියට කිට්ටු කරන්න කියලා. අපිත් සූදානම් පිට හිටියෙ. ඒත් අපිට යන්න බෑ. අරුන්දැලා දෙගොල්ලොම වෙඩි තියන ඒව කන පල්ලෙන් හූ කියාගෙන යන්නෙ. ඒක කිව්වට පස්සෙ ආයෙ සෙට් එකේ කීවා, අදාල නෑ, පුලුවන් ඉක්මනින් ආවරණ අරං  ඉස්සරහට යන්න කියල. ඒ කින්නත් කලින්  අපි ආවරණ බල බල හිටියෙ නෑ, හැකි ඉක්මනින් දුවන වෙිගෙන් කිට්ටු කරමින් හිටියෙ. බංකරේට මීටර් පනහක් හැටක් වගේ ලං කරල තියෙද්දි, එතනින් ඉස්සරහට ගමන් කලේ අපේ ටීම් එකෙන් පස් දෙනයි. (එයාලා යද්දිත් බංකර අල්ලලා කියලා පස්සෙ අපිත් එක්ක කිව්වා) මාවත් ආර්පීජී දෙකත් තව දෙන්නෙකුත් ටී 56 දෙකකුත් ඒ කෝපල්ලා විසින් මග නතර කලා. ඒ ආයෙ දෙගොල්ලටම සපෝර්ට් එකක් අවශ්‍යවුනොත් "මරාගෙන මරාගෙන ඉස්සරහට එන්න තමා තියෙන්නෙ" කියලා. අපේ ගමනට සමගාමීව මීටර් සීයක් විතර පිටුපස්සෙන් අනි තුමාත් අපේ කණ්ඩායම් අණදෙන්නත් තව බැකප් එකකුත් ඇවිත් නැවතිලා හිටියෙ. ඊටත් පැය කාලකට විතර පස්සෙ සෙට් එකේ කියනව ඇහුනා "ඩන් සර්, බංකර් දෙකක් ඔිකේ"  කියල. ඒ ඇහුනෙ ජයන්තගෙ කටහඬ. ඒ බංකර් දෙකට එහා පැත්තෙන් ගැඹුරු ඇලක් තියෙන නිසා උන්ගෙ කට්ටියට සපෝර්ට් එකට එන්න බෑ. ආවත් පිටිපස්සෙ නැවතිලා හිටපු අපි කීයටවත් එතනින් මෙහාට මැස්සෙකුටවත් එන්න දෙන්නෙත් නෑ.  ජයන්ත බංඩාර බංකර් දෙකම ඇල්ලුව කියපු වෙලාවෙ සතුට වැඩිකමටමද මංද මටත් නොදැනිම මගේ අතින් මගේ අවියට පහරක් වැදුනෙ. මෙතෙක් වෙලා ඇඟේ ලේ නැතුව හිටිය එක, ඊලඟ මොහොතෙ තමා ලේ ටිකක් ඉනුවෙ. ඒ කියන්නෙ ජයන්ත එක බංකරයක් අත්පත් කරගන්න ගියත් එක ලඟ දෙකක් තිබිලා, අට දෙනා ටීම් එක දෙකකට බෙදිලා, බංකර දෙකටම කඩා වැදිල එකවර දෙකම අල්ලලා. අහපුවම කීවෙ "සෑහෙන දුරක් බඩගාන්න වුනා බං" කියල. ඒව එහෙම තමා. සතුරාට නොපෙනී සතුරා වෙත ලංවීමට ක්‍රම කිහිපයක් තියෙනවා. ඒකෙත් වැදගත්ම අමාරුම එක තමා බුරිය ගෙවෙනකං බඩගෑම.  අඳුර වැටෙනවත් එක්කම අඳුරත් එක්ක අල්ලපු බංකර් දෙක පහුවදා එළිය වැටෙනකං රැකගන්න එක අපිට පැවරුනා. එතනින් ඇරඹුණු සටන රෑත් දිගට දිගට ගියා. ජයන්තලත් ගියා. කිසි කෙනෙකුට හානියක් නොවී මෙි බංකර් දෙක අත්පත් කරගැනීමම විශාල ජයග්‍රහනයක් වුනේ, තවත් දවසක් මෙතන රැඳෙන්න වුනානං වෙන්නෙ නැගෙනහිර යුද්ධය ඉවරවෙන්න තව දවසකින් කල් යන එක. පසුව ඒ බංකර් ඇල්ලීමෙි පූර්ණ ගෞරවය ජයන්තට හිමිවුනා.  එදා රෑ අපි හිටියෙ නෙතට නින්දක් නැතුව මිනීමරු කිඹුලන් පවා ඉන්න විල්ලුවෙි උඩ "රෑට ආපහු මුං එයිද" කියල බල බල. ආවත් ඉතින් දෙගොල්ලගෙන් කාටහරි මරණයක් මිසක් හොඳ දෙයක් වෙන්නෑ. ඒ වෙද්දි දකුණු පැත්තෙ කට්ටියත් උංගෙ හැංගිච්ච බංකර් හොය හොය රෑ එළිවෙනකං සටනක හිටියෙ. මෙි සටනට, මෙහි නමක් සඳහන් කල නොහැකි තවත් කණ්ඩායමක් සෝමාවතිය පැත්තෙන් අපේ පැත්තට එන කතාවක් ආරංචිවුනා. මෙි අනුව බලද්දි දෙතුන් ගොල්ල මරාගන්නවට වඩා හොඳයි පසු බහින එක කියල තීරණය කරපු කොටි ත්‍රස්ථවාදීන්, එතනින් එහාට වෙරුගල් වාකරේ කදිරවෙිලි දිසාවට පසු බහින ආකාරයක් තමා තිබුනෙ. මාවිල් ආරු ඇල ඇරල දවස් දෙකක් හෝ තුනක් යනකොට ඒ ඇල පෝෂණය කරන මහා විල්ලුවත් විල්ලුවට කිලෝමීටරයක් විතර එහාටත් සම්පූර්ණයෙන්ම හමුදා පාලනයට අයිතිවුනා. එදා රෑ අපි අත්අඩංගුවට ගත් අවි සහ ත්‍රස්ත මළසිරුරු පහුවදා ටීවී එකේත් පෙන්නුවා කියලත් අපිට කිව්වෙ අපේ ඔිසී. 


"වතුර පාරක් කරපු හදියක්"


ඉවර නෑ... 



රුවින් පමුදිත යද්දෙහිආරච්චි.

2021.01.07

Sunday, January 3, 2021

කිරාන් අදුරු රැයක්

 ඒ මහ අඳුරු රැයක්. පුර පෝයටත් දවස් දෙක තුනක් වගේ තිබුන නිසා ක්‍රම ක්‍රමයෙන් මෝරන හඳ ඉර බැසයනවත් එක්කම  අඳුර වැටෙන්න පටන් ගන්න ලෝකයට ඉර වගේම නැතත් ටිකක් හරි එළිය දෙන්න තමන්ගෙ රාජකාරිය භාරගත්තා. ඒත් මෙි අතර තව කෙනෙක් උඩ ඉඳන්  ලෝකය දිහා බලාගෙන හිටියා. ඒ වැහි වළාකුළු. පෝය දවස කිට්ටු වෙන්න වෙන්න වැහි වළාකුළුත් හරි බරි ගැහුනෙ පෝය දවස අල්ලල හොඳට පැල් බැඳගෙන දෙන්නද කොහෙද.  ඒ අඳුරත් එළියත් නොවන ආලෝකය අස්සෙන් මද සුළගට ලෙලදෙන තල් අතු තාලෙට සෙලවීමෙන් එන "සර සර"  සද්දෙ ඇහෙද්දි හිතට දැනෙන්නෙ පොඩිකාලෙ වෙසක් එක දවසෙ රෑට හැතැප්ම එකහමාරක් විතර පයින් පෝලිමට මිනිස්සු දාස් ගානක් එක්ක පන්සල් ගියපු හැටි. මග දිගට ගෙවල්වල එල්ලල තියෙන ඒත් තාමත් පත්තු නොකරපු වෙසක් කූඩු දිහා බල බල ලස්සන එක තෝරමින් යන ගමනෙදි හමා එන සුලඟින් පොල් අතු හෙල්ලෙද්දිත් එන්නෙ මෙි සද්දෙමයි. ඒත්  එදා ඇහුනු සද්දෙ මිහිරයි අද ඇහෙන සද්දෙ මිහිරයි අතර තියෙන්නෙ අහසට පොළව වගෙ හැඟීමක්. එදා අපි ඒකෙන් මිහිරක් වින්දට අද ඇහෙන ඒ හැම සද්දයක් ගැනම ගොඩාක් අවධානය දෙන්න වෙනවා. ඒක හරියට පොඩිකාලෙ බයිසිකල් පදින්න පුරුදු වෙනව වගෙ දෙයක්. 


ඒ අඳුරු රෑ අපි හිටියෙ ගොඩක් අවධානයෙන්. මොකද හඳ නැග එන කාලෙට සාමාන්‍යයෙන් ත්‍රස්ථවාදීන් පහර නුදුන්නත් පවතින කාල ගුණයත් නැගෙනහිර කොටි නායකයා විසින් කඳවුරට පහර දීමට පූර්ණ සැලසුමක් ඇති බවටත් බුද්ධි තොරතුරු වලින් සනාථ වෙලා තිබුන නිසා හා මෙි කඳවුරේම සැලැස්මක් හදලා ඒකට පහර දෙන විදියේ මොඩ්ල් ට්‍රෙිනින් පවා කරල තියෙනවා කියල තොරතුරු ලැබී තිබුන  නිසා වෙනදට වඩා ගොඩක් කල්පනාවෙන් තමයි අපි හිටියෙ. 


රෑ එකොලහට විතර ගමට දකුණු පැත්තෙන් බල්ලො බුරන සද්දයක් එක දිගටම ඇහෙන්න ගත්තා. කාටහරි හපන්න පනින විදියට තමා ඒ බුරන්නෙ. එක බල්ලෙක් දෙන්නෙක් නම් විශේෂයක් නෑ. නමුත් තැන් කිහිපයකින් එකම වෙලාවට බල්ලො කිහිප දෙනෙක් මෙි විදිහට හැසිරීම අස්වාභාවිකයි. ඒ සද්දෙ පටන් අරන් විනාඩි කිහිපයක් යද්දි නෑසී නැතුව ගියත්, බල්ලන් බුරන හඬත් එක්ක අපේ කඳවුරම ඇලට්වුනා.  මෙි සිදුවීමෙි හිතන්න පැති කිහිපයක් තිබුනා. කඳවුරට පහර දෙන්න එනවනම් ගම පැත්තෙන් ආවෙ ඇයි? සහ ආවත් බල්ලන් ඇවිස්සුනේ ඇයි. මඳ වෙලාවක් ගතවෙද්දි 2/ලුතිතන් ලොකුසූරියත් 2/ලුතිතන් මෙන්ඩිස් යන නිළධාරිත් විසිටි එකක් ඇවිත් අමුතු කතාවක් කිව්වා. ඒ දෙන්නම ආවෙ කඳවුරේ පිටුපසට. මමත් රාජකාරි හිටියෙ කඳවුරේ පිටුපස පැත්තෙ. නමුත් බල්ලො බුරන්නෙ කඳවුරේ ඉදිරියෙන්. 


*හොඳ කල්පනාවෙන් ඉන්න. භූමියේ සුලු වෙනසක්වත් නොතකා හරින්න එපා. තේරුනානෙ. තව ටිකකින් සීඑස්එම්මුයි සෙක්ටර් කමාන්ඩරුයි මොටාර් ටික ලේ කරලා (Lay) මෙතනට එයි. පැහැදිලියිනෙ. ක්ලේමෝ ටික බැලුවද?

*බැලුවා සර්. ගැටලුවක් නෑ. ඒ පිලිතුරු දුන්නෙ බංකරේ සීනියර් හිටපු සාසෙ සෙනෙවිරත්න. 

*හරි. අපි ගිහින් ආයෙත් එනවා. හොඳ කල්පනාවෙන් ඉන්න මෙි රෑ එළිවෙනකං.

පැහැදිලියිනෙ.

*ඔව් සර්.

ඒ දෙන්න ගියා. පැය භාගයක් විතර යද්දි එනව කිව්ව දෙන්නත් ආවා. අපේ කඳවුරේ රෑ දහයට ජෙනිය ඔිෆ් කරනවා. අපිට කරන්ට් එක තිබුනෙ නෑ. ජෙනියෙන් තමයි හැමදේම කරන්නෙ. අ⁣පේ ඉලෙක්ටීෂියන් වැඩ කරන්නෙ හෙට්ටිආරච්චි. රෑ ජෙනිය ඔිෆ් කලාම කරන්ට් එක සෙට් කරන්නෙ ඉස්සරහම තියෙන කම්බි පොටවල් වලට. ආරක්ෂිත ලාම්පු(Security Light) පවා හැමදාම නිවනවා. එදත් නිවල තිබුනෙ. මගේ හිතටත් මහා අමුතු අමුතු හැඟීම්  ඇතුල් වෙලා තිබුනෙ. දවල්ට මෙි කිසි දේක හැඟීමක් නෑ. ඒත් රෑ වෙද්දි හැමදාම ඔහොමයි.


ටික වෙලාවක් යද්දි සෙක්ටර් කමාන්ඩර් ඇවිත් පණිවිඩයක් කිව්වා. ඒ හදිසියේ ඇම්බුෂ් තුනක් ගමට යවන එකක් සහ ඒ සඳහා කඩිනමින් සූදානම් වී පොයින්ට් එකකින් එක්කෙනා ගානෙ ගිහින් මුරහල ඉදිරිපිට පෝලිම් වෙන්න කියල. සෙනෙවිරත්න ඇම්බුෂ් එක යන්න ලෑස්තිවෙලා ගියා. ඒ ගිහින් ටික වෙලාවක් යද්දි ආයෙ බල්ලො බුරන්න  කෑ ගහන්න පටන් ගත්තා. ඇම්බුෂ් තුනම පිටවුනේ කඳවුරේ පිටිපස්සෙන්. එහෙම පිටිපස්සෙන් පිටවෙලා කඳවුරට වමෙන් සහ දකුණෙන් ලඳු කැලෑව මැද්දෙන් ගමට යෑම තමා අරමුණ. මාත් එක්ක හිටපු අනෙකාත් මමත් බලාගෙන හිටියේ මොකද වෙන්නෙ කියල. මෙි වෙද්දි කඳවුරේ හැම බංකරයකම ඉන්නේ දෙන්නයි. ඒ මෙස් එකේ ඉන්න ආමි කුක්ල දෙන්නත් දාල, උයන්න හිටපු සිවිල් තිලකරත්නත් බංකරේකට එවලා. සිවිල් කියල නෑ එදා තිබුනු තත්ත්වය එහෙමයි. අනික තිලකරත්න අයියත් කැමැත්තෙන් මෙිවට සහභාගි වෙන්නෙ. ඒ දවස්වල සිවිල් ආමි කියල නෑ, ගේමනම් ගේමටම තමා හිටියෙ. තුවක්කු නෑ. බලාගෙන ඉන්නව ඇහැරලා. මොකක් හරි සිදුවීමක් දැක්කොත් අපිව දැනුම්වත් කිරීම තමා එයාගෙ රාජකාරිය. තිලකරත්න මීට පස්සෙ දවසක අපේ කඳවුර වටකර පහරදීපු අවස්ථාවක තුවක්කුවකින් සෑහෙන්න වැඩ පෙන්නුවා. අපිත් එක්ක හරි හරියට, කරට කර. ආරක්ෂක අම්‍යාංශයට අනුයුක්ත කරල ඉන් යුධ හමුදාවට ඇතුලත්වුනු සිවිල් සේවකයන් අතරින් ලංකාවෙන්ම තුන් දෙනෙක් විතරයි ආර්එස්පී පදක්කම් ලාභියන් වුනේ. ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක් තිලකරත්න. තව එක්කෙනෙක් ඉන්නව ඒත් තිලකරත්න. එයා දැන් මෙිජර් ජෙනරාල් හත්නාගොඩ(එවකට මෙිජර්/මතක විදියට)  බෙිරගන්න ගහපු ගේමක් හා ඒ බෙිරගෙන කිලෝමීටර් ගණනාවක් කරේ තියාගෙන වව්නියාවට අරන් ඇවිත්. ආබාධිතයි වෙඩි වැදිල. පසු කාලෙක එයත් අපිත් එක්ක 583 බළසේනාවෙ රාජකාරි කලා. 


ඇම්බුෂ් තුනම ගියා. ඒ ගියේ එකක ලුතිතන් මෙන්ඩිස් සහ ගම ඇතුලටම යන ටීම් එකේ 2/ලුතිතන් විජේරත්න. අනික් එකේ සැරයන් කෙනෙක් ගියේ. එන්නෙත් එතනින්ම කිව්ව නිසා අපිත් හොඳට බලාගෙන හිටියා. පැයක් ගතවුනා. තවත් පැය භාගයක් ගතවුනා. අනෝරා වැස්සක් වැටෙන්න අතලඟ. යන්තම් කුඩුපොද වැටෙමින් තිබුනෙ. ඒත් අපි ඒක ගණන් ගත්තෙ නෑ. එළියටම වෙලා හිටියෙ. වෙනදා වගෙ නිදිමත එනකොට හිංදි සිංදුවක තාලෙට හුරුවම් බාලා නින්ද කඩාගන්න විදියක් එදා තිබුනෙ නෑ. අපිට කිසිම සද්දයක් නැතුව ක්ෂිතිජය නොකැඩෙන ආකාරයට හැංගිලා වගෙ තමා ඉන්න වුනේ. වැස්සත් පටන් ගත්තා. එතකොට බංකරේට රිංගපු අපි දෙන්නා දෙපැත්තෙ තියන කවුලුවලින් ඉස්සරහ බලාගෙනම හිටිහා. වැස්ස වැටිල පැය භාගයක් විනාඩි විස්සක් විතර යනකොට ගම පැත්තෙන් එක දිගටම වෙඩි හඬ ඇහුනා. කඳවුර උඩිනුත් "සිග්-සිග්" ගාල වෙඩි උන්ඩ යන්න පටන් ගත්තා. විනාඩි දහයක් වගේ යනකොට එක දිගටම ගිය ෆයර් එක අඩුවෙලා සැරින් සැරේ එක දෙක තුන ඇහෙන්න ගත්තා. ඒ කියන්නෙ ෆයර් එක ඉවරයි. 

ඒ ෆයර් එක අවසන් වෙලා විනාඩි තිහක් විතර යනකොට එක ඇම්බුෂ් ⁣ටීම් එකක් ගියපු තැනින්ම ඇතුලට ආවා. බූට් අඩිය තියනකෙටෙ ඇහෙන චොරොස් චොරොස් සද්දෙත්, අවි සද්දෙත් ඇරෙන්න කඳවුරට එනකම් කවුරුවත් කතා කරන හඬ ඇහුනෙ නෑ. වෙලාව ඇති පාන්දර දෙක හමාරට විතර. එයාලනම් ගිනි මහ පාන්දරත් ඇතිවෙන්න නාලා. අපිට තමා ඒ වාසනාව නැත්තෙ. ලුතිතන් විජේරත්න තෙත බෙිරි බෙිරි බංකරේට ඇවිත්  ඇතුලෙන් තුවක්කුව තියල අනික් කට්ටියට ඉන්න කියලා ගියා.(එයා තමා අපේ සෙක්ටර් එක භාර නිළධාරි) එයා ආවෙ ආයෙ පැය භාගයකට විතර පස්සෙ. ඇවිත් කිව්වා "නිදිමත යන්නත් එක්ක ආං ගිහින් බලනවාලා,ලෙෆ්ටිනන්ට් මෙන්ඩිස් එකක් ගෙනහ්ලා" කියලා. එතකොට වැස්ස පායලා තිබුනේ. මට ඉස්සරලාම ගෙනාවෙ මොකද්ද කියල බලන්න යන්න ඔින වුනත් මට වඩා සීනියර් අනෙකා උගේ බලතල පාවිච්චි කරල ඉස්සෙල්ල ගියා. ඌ ආයෙ ආවෙ පැයකට විතර පස්සෙ. ඌ ආවම මාත් ගියා බලන්න. හම්මට කොටි මළ සිරුරක්. නිකන්මත් නෙමෙයි, තුවක්කුවකුයි, ක්ලේමෝ දෙකකුයි එක්ක. ක්ලේමෝ කිව්වට ඒවා අඩි දෙකක් විතර දිගයි. උන් හදපුවා. 


පහුවදා උදේම අපෙ පිකට් එකට පහර දෙන්න ආපු ටීම් එකක් ඒ විදියට නවත්තන්න මහ වැස්සෙම අපේ අයට හැකිවෙලා. යකඩෝ..මාත් පහුවදා පිකට් යන්න හිටියෙ. 

තල් කැලේ මැද්දෙන්, අපේ අය නොහිතපු අනෝරා වැහි වෙලාවක මතුවෙද්දි මොකුත් කරකියාගත නොහැකිවූ ඔවුන්ගෙන් ඉස්සරවෙලා ආපු අය වෙඩිතියද්දි පස්සෙන් ආපු අය දුවලා. අපේ අයත් නොහිතපු තැනකදි මූනට මූන හම්බවුනු ටීම් එකට කලබලේ වෙඩි තියද්දි තමා ඒ කොටින්ගෙන් එකෙක් මැරිල තිබුනේ. අපි පහුවදා එළිය වැටෙන්න ඔන්න මෙන්න කියල ගිහින් සටන් ඇතිවුනු ප්‍රදේශය සෝදිසි කිරීමෙිදී සටන ඇතිවුනු තැනට මඳක් දුරකින් තිබුනු තව අවියකුත් මැගසින් කිහිපයක්,අත්බෝම්බ හතරක්, එල්එම්ජී පතුරම් වැල් දාපු පැක් එකක් සමග ලින්ක්ස් තුනක්, සරමක්, සහ ගේකට රිංගලා හැංගිලා හිටපු සැපටම තුවාලවුනු තවත් එල්ටීටීඊ සාමාජිකයෙක් අත්අඩංගුවට ගත්තා. තව තැනක සැපටම වැටුනු ලේ පාරක් තිබුනා. ඒ තල් ගහක් යට. එදා හවස බුද්ධි අංශයට උන්ගේ සෙට් එකේ කියපු දෙයක් මොනිටර් වෙලා අපේ ඔිසී වුනු මෙිජර් සෙනෙවිරත්නට දැනුම් දීලා එතුමා එදාම හවස අපිව ඒ ගැන දැනුම්වත් කලා. ඒ එක් අයෙකු මිය ගිහින් තුන්දෙනෙක් තුවාල වෙලා කියලත් එක් අයෙක් ආගිය අතක් නැති බවත්. ආගිය අතක් නැතිව හිටපු මනුස්සයා අපි  වාලච්චෙින පොලිසියේ ආරක්ෂාව යටතේ ප්‍රථිකාර ලබාදෙන්න භාරදුන්නා.  එල්ටීටීඊ සංවිධානයට අයත් මැගසින් බහාලනයක් (පූචසයක්) පැළැඳ, හමුදාවෙි අපි අඳින කම්බෑට් කලිසමක් හා ⁣කොටි අඳින සිවිල් කලුපාට ටීෂර්ට් එකකින් සැරසී සිටි, එදා පාන්දර කඳවුරට ගෙනාපු මියගිය සාමාජිකයා උදේ හවස දකින ⁣අපිත් එක්ක හොඳට කතාබහ කරන,අපි කඩෙි යවල සිගරට් පවා ගෙන්න ගන්න කිරාන් සමූපකාරයේ මුරකාරයා කියලා ටෝච් එලියෙන් උනත් අපි පැහැදිලිව අඳුනගත්තා. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.01.03