Tuesday, September 29, 2020

නිල ඇදුමක අවභාවිතය

 මෙි දවස්වල මුහුනු පොත් සමාජ මධ්‍යයේ ප්‍රවෘත්ති මවන කතාවක් යනව දැක්කා. මෙි හැම පිංතූරයක් කෙරෙහිම අවධානයක් යොමු කිරීමෙිදී එම පුද්ගලයා පැළැඳි ලාංඡන හා පදක්කම් ගැනත්, ඔහු ගැනත් සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයින් විසින් විවිධ අදහස් දක්වා තිබුනාත් දැක්කා. සමහර ඒවා අසභ්‍යයි. සමහර ඒවා මධ්‍යස්ථයි. තව සමහරක් වෛරී ස්වභාවයකුත් අරන් තිබුනා දැක්කා.

ගොඩක් ඒවා තමා නොදන්නා දෙයක් ගැන නොදන්නා විස්තර කිරීම් ආදිය බොහොමයක් තිබුනා. ඉතින් මටත් හිතුනා ඒ ගැන පුංචි කතාවක් කියන්න. වැරදි ඇතොත් සමා වෙන්න. මං ආසයි හදාගන්න. 

 

සාමාන්‍යයෙන් ආයතනයක් පිහිටුවීමෙිදී ඒ ආයතනයට ආවෙිනික විදියට ඇඳුමක්, නිළ ඇඳුමක් නිර්මාණය කිරීම ඒ ආයතනය ස්ථාපිත අරමුණු අනුව සාධාරණය විය හැකියි. ඒකේ අරමුණ වෙන්නේ දාහක් පුද්ගලයින් අතරින් එම ආයතනයට ආවෙිනිකයා පැහැදිලිව වෙන්කර හඳුනාගැනීමෙි හැකියාවක් ඇති කිරීම.


 අපි ගමුකෝ හමුදාව ගැන. හමුදාවෙි තියෙනවා ඇඳුම් පිළිවෙත කියල එකක්. ඒකට කියන්නෙ Dress Regulation එක කියල. හමුදාවෙ සාමාජිකයෙකුටවත් ආවාට ගියාට ඒ නිළ ඇඳුම් සහ ලාංඡන පළඳින්න බෑ. ඒවට නිසි අවසරයක් අනුමැතියක් සුදුසුකමක් අත්‍යවශ්‍යයි. මෙි අනුමැතිය ලබා දෙන්නෙ ඒ සාමාජිකයා හමුදාවට බැඳීමෙි පිළිවෙත අනුව. හමුදාවෙි ඉන්නවා සාමාජික කොටස් දෙකක්. එකක් කොමිෂන් ලත් නිළධාරි. අනෙක සෙසුනිළ. එහෙමත් නැතිනම් කොමිෂන් නොළත් නිළයන්.හැබැයි මං මෙිකෙන් කියන්න යන්නේ කොමිෂන් නොලත් නිළයින්ගේ නිළ ඇඳුම් පිළිබඳව පුංචි කතාවක්. ඒක ඔබට වටී කියල හිතෙන හන්දාත්, නිළධාරින්ගේ Dress Regulation පිළිබඳව සියයට සීයක් නිවැරදිව අදහස් දැක්වීමට අපහසු වුවත් ගොඩක් දේවල් දන්නවා වුනත්, යම් වැරැද්දක් වුනොත් ඒකෙන් කාටත් හොඳ නැති හිංද. ඒක තමා ලේසිම එක තෝරගත්තෙ. 


මම හිටපු හමුදා සාමාජිකයෙක්ලුනේ. ඉතින් මෙි කතාව මගෙන්ම පටන් ගන්නම්. 

1. ලාංචන රහිත නිළ ඇඳුම.

-------------------------------------------

 වයස අවුරුදු දහ අටෙි විස්සේ නිකන්ම නිකන්  සිවිල් පුද්ගලයෙකු සොල්දාදුවෙකු කිරීමෙි වගවීම වෙනුවෙන් රජය විසින් විශාල පිරිවැයක් දරණවා. ඒක රුපියල් ලක්ෂ ගණනක්. ඒක එදත් අදත් හෙටත් එහෙම්මමයි. ඒක අතාරිමුකෝ. හමුදා සම්මුඛපරීක්ෂණයට සහභාගිවී එයින් තෝරාගැනීමෙන් පසු යොමුකරන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින්ද, වෛද්‍ය පරීක්ෂණයකින්ද මෙි සෑම කෙනෙක්ම සමත්විය යුතුයි. ඊලඟට සිද්දවෙන සියලු කටයුතුවල නිමාවෙන් පසු ඔහුව මාස කිහිපයක පුහුණුවකට යොමු කරවනවා. ඒ සඳහා තෝරාගන්නෙ හමුදා පුහුණු පාසැල්. හමුදා පනත අනුව සෙසුනිළයෙකුගේ පුහුණු කාලය අවුරුද්දක්. නමුත් යුගයේ අවශ්‍යතාවය මත එය අවුරුද්දේ සිට මාස තුන දක්වාත් යුධ සමයේ නම් මෙික මාස එක හමාරක් දක්වාත් කෙටිවුනා. නමුත් ඉගැන්වූයේ ඒ වසරක පාඨමාලාවෙි අඩංගු සෑම දෙයක්ම මාස තුනකදි. නැතිනම් එකහමාරක කාලයකදි. ඒ හේතුවෙන්ම මෙි පාඨමාලා බොහොමත්ම දුෂ්කර ස්වභාවයක් ගන්නවා. පුද්ගලික විනය,හමුදාමය විනය, දැනුම,හැකියාව,පලපුරුද්ද  ඇතුලු සියලු කාරණා සියයට සියයක්ම හොඳින් හෝ අපහසුනම් නරකින් හරි ලබා දෙනවා. කෙටියෙන්ම කියනවනම් මෙිකට කියන්නෙ "මකල හදනවා" කියල. පාන්දර හතරට අවදිවෙලා රෑ 10.15ට විදුලි ලාම්පු නිවන වෙලාව තෙක් හා ඉන් පසුවත් යන්තරයක් වගේ පුහුණුව ලබන කොල්ලො උනත් අඬන සහ ඇඬෙන අවස්ථා එමට තියෙනවා. මොන මගුලකට හමුදාවට බැඳුනාද කියලා තමන්ටම හිතෙන්න ගන්නවා. හිතෙන්න ගන්නවා නෙවෙයි වෙන්නෙ ඇත්තටම, හිතන්න සල්වනවා. ඒ තරමට පුහුණුවෙි තියෙන වෙිදනා සහිත දුෂ්කර  හා දරුණු බව නිසා. ඉතාම සුළු වැරැද්දකට වුනත් ගණ පිහිටෝලා දෙන එසැන දඬුවම්, සහ සමූහ දඬුවම් මගින් ඔවුන් කලින් හිටිය මානසිකත්වය සහ මාන්නය  බිංදුවටම වට්ටලා, පුහුණුවෙිදී ලබන වෙිදනාවත් එක්ක ඔවුන් සෑම කෙනෙක්ම මානසික වශයෙන් බිංදුවටම වට්ටනවා. ඒක හරියට කෝවකට වානේ කැබැල්ලක් දානවා වගේ වැඩක්.  මුල් සති කිහිපයේම කරන්නේ මෙි පුද්ගලයා තමන් කව්ද, කොහෙන් ආවද, තමාගේ වටිනාකම, තියෙන උගත්කම්, හැකියාවන් බිංදුවටම දැමීම. පස්සෙ මෙයා ඒකෙන් වටහා ගන්නවා තමා මෙි සමාජයේ තවත් එක් කෙනෙක් විතරමයි කියල.  අන්න ඊට පස්සෙ පටන් ගන්නවා පිළිවෙලින් ලෙසටම ඔහුගේ ඔලුවට, හමුදාව කියන්නෙ මොකද්ද, සෙබලෙක් කියන්නෙ කව්ද, සෙබළෙකු සතුවිය යුතු ගුණාංග මොනවද, ඔහුට පැවරෙන වගකීම් සහ රාජකාරිය මොකද්ද, තමන්ට කරන්න පුලුවන් සහ බැරි මොනාද ඔහුගෙන් හමුදාවට සහ රටට ඇති ප්‍රයෝජනය මොකද්ද ආදී පුළුල් පරාසයක විහිද ගිය හැමදෙයක්ම පිළිවෙලින් අඩුක් කරන්න. මෙික හරියට අර කෝවෙි දමාපු වානේ කැබැල්ල පිළිවෙලින් පන පොවලා ශක්තිමත් ආයුධයක් නිර්මාණය කරනවා වගේ දෙයක්. ඒත් හරි පරිස්සමට කලයුතු දෙයක්.


මෙික දවසකදි සතියකදි මාසයකදි කරන්න පුලුවන් දෙයක් නෙමෙි. අද හමුදාවෙ මෙි සෙසුනිළ කොටසෙ ඉන්නෙ අවුරුද්දක දේවල් ඒ විදියට මාස තුනකදි ඔළුවට දාගත්තු අය. ඒ පුහුණුව අවසානයේ නිර්මාණය වෙන්නේ  වෙනස්ම පුද්ගලයෙක්.  කෙටියෙන්ම කියනවනම් තමන්ගේ මව පියා සහෝදරයා ඥාතියා වුනත් රටට රජයට සමාජයට එරෙහි වැරැද්දක් කලොත් අත්අඩංගුවට ගැනීමට, ඒ ඥාති සම්බන්ධතා පසෙකලා මරා දැමීමට වුවත් පුලුවන් තරමෙි මානසිකත්වයකින් යුතු ශක්තිමත් විශේෂ පුද්ගලයෙකු බවට මෙයා පත්වෙනවා. මෙිකට පාන්දර හතරේ සිට තමා ලබන පුහුණුව තමයි මූලික  වෙන්නෙ. අනිවාරයෙන්ම පාන්දර හතරට අවදිවී මුහුන සෝදා භඨ නිවාසය වෙනත් කිසිම පුද්ගලයෙකුට සැකසිය නොහැකි ආකාරයේ පිලිවෙලකට හරි ලස්සනට සකසා උදේ 06.15ට ශාරීරික අභ්‍යාස පුහුණූවීම් සදහා යොමුවී, උදෑසන ආහාරයෙන් පසු නැවත භඨ නිවාස සකසා උදේ 0800ට පා සරඹ පුහුණුව සඳහා පිටත්ව යනවා. ඒකාලය පැය දෙකක්. ඉන්පසු දේශණ. හමුදාවට ආවෙිනික විවිද පැතිකඩයන් ඔස්සේ උගන්වෙන දේශණ හරියට විශ්ව විද්‍යාලයක වගේම තමා කෙරෙන්නෙ. නමුත් ඊටත් ගොඩක් එහා ගිය පිලිවෙලක් ලස්සනක් හැදියාවක් මෙි හැම වැඩකම තියෙනවා.


ගොඩක් පාඩම් තියෙන්නෙ දේශණ වලින් ඉගෙන ගෙන ඉන්පසු ඒවා ප්‍රායෝගිකව සිදු කිරීම. නින්ද ගියොත් ගුටි සහ එසැණ දඬුවම්.  ඒක ඉවර වෙන්නෙ හරියටම 1300 පැයට. ඊට පස්සෙ කෑම පැය. නැවත මළත් නොමළත් දෙකට අවි පුහුණුව. ඒක තියෙනව හවස හතරයි කාල වෙනකම්. ඊලඟට සන්ධ්‍යා ක්‍රීඩා. සන්ධ්‍යා ක්‍රීඩා කියල සිලබස් එකේ තිබුනට හැමදාම කෙරෙන්නෙ 1630 පැයේ ඉඳන් 1730 නැතිනම් 1800 පැය වෙනකම් ශාරීරික අභ්‍යාස පුහුණුවීම්. මෙිකට එක එක විෂයයන් ඇතුලත් වෙනවා. කඳ තැලීම, කඳ පොලවෙ ගැසීම ඒ අතරින් විශේෂයි. මෙි අතර තුර කාලයේදී ලැබෙන පුද්ගලික සහ පොදු වැරදි වෙනුවෙන් ලැබෙන දඬුවම් එමටයි. විවිධ ඉරියව් මත පිහිටුවා ලබාදෙන දඬුවම් ඉතාමත්ම වෙිදනාකාරීයි. මෙි හැම දෙයක්ම කෙරෙන්නේ සහ කරන්න පුරුදු කරන්නේ නියමිත කාල සටහනකට අනුවයි. හරිම තත්පරේට වැඩ කිරීම අනිවාර්යයි.


හමුදාවට බැඳෙද්දී මගේ ස්කන්ධ බර කිලෝ පනස් හතරයි. පාඨමාලාව අවසානයේ බර කිලෝ හතලිස් දෙකයි. පාඨමාලාව මාස තුනයි. රෑ දහයයි කාලට ලයිට් ඔිෆ් කරන්න නියෝග ලබා දී තිබුනත් අපි ඒ සම්පූර්ණ පුහුණු කාලය තුල කවදාවත් දහයයි කාලට නිදාගත්තේ නෑ. හැමදාම පාන්දර එකයි දෙකයි. ඒ පහුවදාට අඳින්න තියෙන නිළ ඇඳුම් සැකසීම, බූට් සපත්තු පොලිෂ් කිරීම, පාඩම් කිරීම, අවි පුහුණුවෙිදී ලැබෙන ක්‍රියාකාරකම් ඉරියව්, පුද්ගලිකව හෝ සාමූහිකව පුහුණුවීම, උගන්වන සෑම අවියකම පාඩම් සහ කොටස් කටපාඩම් කිරීම,  රූප සටහන් ඇඳීම, සටහන් පොත් සකස්කිරීම, ඊ ලඟට පොදුවැඩ කිරීම. මෙි හැම දෙයක්ම අපි රෑ ලයිට් නිව්වට පස්සෙ ඉටිපන්දම් එළියෙන් තමා කරන්නෙ. නමුත් ඒ කොච්චර කලත් කොච්චරක් නිවැරදිව කලත් පහුවදා උදේ ඒවා නිරීක්ෂණයට ලක්කරන උපදේශකයින්, ඒවා වැරදියි කියල අල්ලල විසිකරද්දි නැත්තං මූනටම දමල ගහද්දි,එහෙමත් කරලා හක්කටත් තුන හතරක් අතාරිද්දි ඇතිවන හැඟීම මොන වගේ එකක්ද කියලා දන්නේ තවත් ඒ පුහුණුව ලද්දෙක්  විතරයි. ඊට පස්සෙ පහුවදාට ඒවා කරන්න දෙන්නෙ ඩබල් කරලා. එතකොට නින්දක් ඇත්තෙම නෑ. එක තත්පරයක් ඇස් දෙක නොපියපු රැයවල් ඔින තරම් ඒ පුහුණු කාලයේ තිබුනා.

ඒත් අමාරුයි අපහසුයි කියලා මෙිව කිසි දෙයක් මග හරින්න බෑ. පහුවදාට කරල පෙන්නන්න කියන විනාඩියේ ඒවා අපි ඉදිරිපත් කල යුතුමයි. ඊට අමතරව ලැබෙන ශාරීරික වදහිංසා, දඬුවම් කොච්චරක්ද. නමුත් ඒවා බෑ කියල පැනල යන්නද? බෑ කියල අයින් වෙන්නද? ඔවුන්ව බෙිරගන්න ගෙදරින් අම්මා තාත්තා ඉදිරිපත් වෙයි කියලද?. නෑ. මෙි හැමදෙයක්ම නැවත නැවත වැරදියි කිය කිය කරවන්නේ පළපුරුද්දක් ඇතිකිරීමට. අහම්බෙන් හරියට කරල පාස්වෙනවට වඩා හමුදාවෙි තියෙන්නේ පළපුරුද්දෙන් පාස් කරන එක. අපි හරියටම ඒව කරල තිබුනත් වැරදියි කියා විසි කිරීම, සහ වැරදියට කලා කියල ලැබෙන ගුටි අනන්තයි අප්‍රමානයි. තැනක් නොතැනක් වෙලාවක් කලාවක් නැති මෙි ආධුනිකයා යන්තරයක් බවට පත්වෙන්නේ ඒ නිසයි. රැයකට පැය තුනකටත් වඩා අඩු කාලයක් නිදියන ආධුනිකයාට පසුවදාට එක විනාඩි පහක් ඇස්දෙක පියාගන්න දෙන්නෑ. කව්රුත් පව් කියන්නෙත් නෑ. එච්චර දුශ්කරව ලබාගන්නා  පුහුණුවකින් පස්සෙ ඔහුට ලැබෙන්නෙ මොකද්ද. කිසිම ලාංඡනයක් නැති ලෙන්යාර්ඩ් එකක් බෙරේට්ස් එකක්වත් නැති නිකන්ම නිකන් නිළ ඇඳුමක් විතරයි. 


2. ලාංඡන ලැබීම.

---------------------------


මෙි නිකන්ම තියෙන, එහෙමත් නැත්තම් ලාංඡන නැතුව පළඳින නිල ඇඳුමට ඒ ලාංඡන පැලඳීමට නම් මීටත් එහා ගිය අති දුෂ්කර පාඨමාලාවක් හැදෑරිය යුතුයි. අපේ රෙජිමෙින්තුවෙිනම් මෙි පාඨමාලාවට කියන්නෙ OWL COURSE (OPERATOR WIRELESS LINEMEN) කියල. නැතිනම් මූලික සංඥා පුහුණු පාඨමාලාව කියල. ඒකත් තනිකරම වෙිදනාබරිත දුෂ්කර අමාරු පාඨමාලාවක්. ඒ පාඨමාලාව හැදෑරීමෙන් පසු තමා ලාංඡන පැලඳීමට අවසර ලැබෙන්නෙ. මෙිකත් මාස තුනක් හෝ තුනහමාරක් හැදෑරිය යුතු පාඨමාලාවක්. ඒ කියන්නෙ මෙි පුද්ගලයාගේ කමිසෙ කොලරයේ ගහල තියෙන ලාංඡන දෙක වගේ තමන්ගේ රෙජිමෙින්තුවට අදාල දෑ. ඒ දෙකත් එක්ක බෙරේට්ස්,ලෙන්යාර්ඩ් පැළඳිය හැකියි.


ඔබ දැන් චුට්ටක් මෙිකෙන් ඇස් දෙක ඉවතට අරන් මොහොතක් කල්පනා කරල බලන්න  ලාංඡන රහිත නිකන්ම නිකන් නිළ ඇඳුමක් අඳින්නත්, ඒකට ලාංඡන පැළඳීමටත් සෙබළෙකු කොතරම් වෙිදනාවක් දුකක් විඳිය යුතුද කියල. ලේ කඳුළු දහඩිය කොතරම් හැලිය යුතුද කියල.

අනික අපි හිතමු මෙයා ඇඳන් ඉන්නේ MESS DRESS එකක් කියල. මෙික මොකද්ද කියල අඳුරගන්නත් අමාරුයි විගඩම් කරල තියෙන නිසා. නමුත් අපි හිතමුකො මෙහෙම. සෙසුනිළයෙකුට මෙි ඇඳුම අඳින්න ලැබෙන්නෙ සැරයන් නිළය ලැබුනට පස්සෙ හා ඉන් එහාට විතරයි. සැරයන් කෙනෙක් වෙන්න අර ඉහත කිව්ව වගේ පාඨමාලා පහක් අනිවාරයෙන්ම කල යුතුයි. ආධුනික පුහුණු පාඨමාලාව, තමා අයත් රෙජිමෙින්තුවට ආවෙිනික මූලික පාඨමාලාව, නිළ උසස් කිරීමෙි පාඨමාලා තුනක්. ඊලඟට විභාග හතරක් සමත් විය යුතුයි. ඒ වෘත්තීය පරීක්ෂණ 3,2,1, ශ්‍රේණි (අපේ රෙජිමෙින්තුවෙිනම් පළවෙනි ශ්‍රේණිය සමත් වෙන්න මාස දෙකකට එහා ගිය පාඨමාලාවක් තියෙනව). සහ භෝජනාගාර ගිණුම් තැබීමෙි පරීක්ෂණය. අර පාඨමාලා පහත් හදාරල සමත්වෙලා, මෙි විභාග හතරත් සමත් වෙලා ජ්‍යෙශ්ඨතාවයත් ආවට පස්සෙ තමා සැරයන් නිළය ලැබෙන්නෙ. අන්න එතකොට මෙි මෙස් කිට් එක අඳින්න පුළුවන්. මගේ අවුරුදු විසි දෙකක සේවාකාලය තුල උනත් ඔය නිළ ඇඳුම අඳින්න වාසනාව ලැබුනේ අවස්ථා තුනකදී විතරමයි. කොමිෂන්ලත් නිළධාරියෙකුනම් මෙිවා එකවර අවුරුදු දෙකක් හෝ තුනක් හැදෑරිය යුතුයි. සිලබස් එක සහ ක්‍රමය වෙනස් වෙන්න පුලුවන්. නමුත් එක දිගටම හැදෑරිය යුතුයි.

එතකොට අපි හිතමු මෙහෙම. මෙච්චර දුක් වෙිදනා විඳලා අති දුශ්කර පාඨමාලා කිහිපයක්ම හදාරල, විභාග පාස්කරලා දහඩිය කඳුළු වෙිදනා දුක් මැද්දෙන් අයිතිකර ගන්න ඒ නිළ ඇඳුම සහ ලාංඡන කිසිම සුදුසුකමක් නැති පුද්ගලයෙකු ලාබෙට පැළඳීම සෙබලෙකු කෙසේ අනුමත කරයිද කියලා. 


4. පදක්කම්

------------------

 ඒ ගැනනම් ඔයාලා ටිකක් දන්නවානේ. මෙයා පළඳල තියෙන එක් පදක්කමක් පළඳින්න අවුරුදු තුනක් උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටිය යුතුමයි. මෙිකට රටෙි කොහේ හිටියත් බෑ. ක්‍රියාන්විතයේම ඉන්න ඔින. එක දවසක් අඩුනම් ඒත් ලැබෙන්නෑ. ඒ අවුරුදු තුනක කාලය තුල රුදුරු ත්‍රස්තවාදීන් එක්ක ඇතිවූ සටනකදි පැරදුනොත්, ඒත් ඒ පදක්කම ලැබෙයිද? නෑ. ඒකටත් ජීවත්වෙලා ඉන්න වාසනාව තියෙන්න ඔින. ඉතින් මං කියන්නේ මෙච්චර අමාරුවෙන් අඳින නිළ ඇඳුමක් මෙි වගේ පුද්ගලයෙකු පැලඳීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ කියල. එයා එයාගේ උත්සාහයෙන් දියුනුවෙලා ලංකාවෙ අංක එකේ කෝටිපතියා උනත් සෙබළෙක් නෙමෙිනං මෙිව අඳින්න බැහැ. 


ඒ කොච්චර කලත් මෙි සෙබළාට තමන්ට හිමි නිළ ඇඳුමක් නිවසක තියාගන්න අවසර නෑ. කොටින්ම තමන්ගේ මංගල උත්සවයට අඳින ඒ නිළ අඅඳුමටත්, දෙවෙනි මනමාලයා මල්කුමාරයාට පවා අන්දන නිල ඇඳුමටත් විශේෂ අවසරයක් ලබාගත යුතුමයි. තමා නිල ඇඳුම අඳිනවානම් දෙවෙනි මනමාලයත් සෙබළෙකු විය යුතුමයි. ආයෙ ඒකට සිවිල් යාලුවෙක් යොදාගන්න බෑ. 

අවසානයට කියන්නේ මෙි වගේ ක්‍රියාවන් වලට විරුද්ධ වීමත් ඔබගේ සහ මගේ වගකීමක්. තමන්, තමන්ගේ සහෝදරයා,පියා,මිතුරා, ඥාතියා එතරම් අමාරුවෙන් අඳින ඒක පල්ලෙහාට වැටෙන්න නොදී ඒකට නිසි ගරුත්වය ලබාදීම ඔබගේ වගකීමක්. මොකද ඔය නිළ ඇඳුම හරියට තියෙනකම් ඔබත් ආරක්ෂිතයි.මමත් ආරක්ෂිතයි. 

අනික ලෝකයේ හොඳම මානුෂීය හමුදාව, ත්‍රස්තවාදයක් යුධමය වශයෙන් පරාජය කර මුලිනුපුටා දැමූ වගේම හමුදා ලෝකයේ දරුණු වෙිදානාබරිත දුෂ්කර පුහුණුවීම් ලබන ලෝකයේ තුන්වැනි තැන වැජඹෙන ශ්‍රේෂ්ඨ හමුදාවක නිළ ඇඳුමක් මෙසේ හෑල්ලුවට ලක් කිරීම ඇත්ත වශයෙන්ම ඔබගේත් මගේත් දුර්වලතාවයක්මයි. මං එහෙම කිව්වෙ හැමෝටම නෙමෙි. තමන්ගේ කෙනෙක් එහෙම ඇඳල "ලස්සනයිද" අහපුවම ලස්සනයි කියල අනුමත කරන අය ගැන.

හැමෝටම සෙබළෙක් වෙන්න බෑ. ඒකට පෞරුෂයක් තිබිය යුතුයි. නිකන්ම නිකන් ඒක අඳින කෙනාට, හමුදාවෙි ඉන්ටවීව් එකකට ගියපු කෙනෙකු ලඟවත් තියෙන හැඟීමක් පෙනුමක් පෞරුෂයක් ගන්න බෑ. කාටවත් බනින්න යන්න එපා. ඔබ නිවැරදි වෙන්න. මතු මෙි නිළ ඇඳුම අඳින්නේ ඔබ,ඔබගේ පුතා,මුනුබුරා වෙන්න පුලුවන්. එයාලට ඒ ආඩම්බරය ඉතුරු කරන්න. එතකොට එයාලා තව කල්පයක් හැකි උපරිමයෙන් මෙි රත්තරන් දේශයත් ඉන්නකන් අපවත් රැකගනීවි. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.09.28


.

Saturday, September 26, 2020

ඔිමන්තේ කැලෑ මෙහෙයුම

 ඒ ඔිමන්තේ මුරපොල. යුද්දෙන් පස්සෙ.


අවුරුදු තිහක් යුද්දෙ තිබ්බ රටකට , ඒ යුද්දෙත් ඉවරකරල සාම කාලෙ ආවම ඒ සාමෙ ගෙවාගන්න තියෙන අමාරුව දන්නෙ සොල්දාදුවො විතරමයි. ඒක කොච්චර අමාරුද කියනවනම් අපිට හිතිල තිබුනේ අපරාදෙ පෙබාකරන් මැරුවෙ කියල. මොකද ඇඟේ නහර වාගෙ තිබ්බ පසික්කාඩු කට්ට වෙච්චි පාරවල්වල ශ්‍රි නම්බර් වාහන එලෝපු ඩැයිවර්ලාට හයි වෙි හදල හයිබිඩ් කුරුල්ලො නොමිලේ අරන් දුන්න වගේ වැඩක් අපිට උනේ. යුද්දෙ කෙරුවට වඩා ස්පීඩ් එකකින් තමා යුද්දෙ ඉවරවුනාම කෝස් යුද්දෙ පටන් ගත්තෙ. අර කෝස් මෙි කෝස් මල් කඩන කෝස් වහ කෝස් බිකෝස් රට කෝස් එකී මෙකී නොකී හොකී අජූත අජපල් අංජබජල් කෝස් හැට හුටාමාරක් විතර එනව දවසකට ඒකක වලින් නාම යෝජනා ඉල්ලල. මෙි අතරින් මට ලැබිච්චි කෝස් දෙකක්නං සැප කනේ හිටන් හම්බ වෙන ඒවා. තනිකරම පංචස් කන්දෙ පොලවෙ ගහන්න තියෙන්නෙ ඒවායෙ. මෙි වෙද්දිත් කඳ පොලවෙ ගහන කෝස් බර ගානක් කරල හිටපු මට සාජන් ලිස්ට් එක පෙනි පෙනි තියෙද්දිත් ආයෙත් ඒ වගේම කෝස් එකකට නම දැම්ම කිව්වම "හීග්" ගෑවුනා. කන් කඩා හැලුනා. ඇස්දෙකෙන් හොටු බෙිරෙන තත්වෙට ඇඬුම් එන්න ආවා. සීසී උතුමා එක්ක මරා ගත්තා. අන්තිමෙි ඒක ඇජුටන්ට පින් සිද්ද වෙන්න කැන්සල් කරල දීල ඔෆීස් එකේ කෑගැහැව්වාය කියල පනිස්මන් රාජකාරි දවස් තුනකුත් අදින්න සිද්ද වෙලා,  ආර්එස්එම්ට පිංසිද්ද වෙන්න ඒකෙනුත් බෙිරිලා තමා නැවතුනේ. 


  ඒ එක කෝස් එකක් මට ලැබෙන්න ගියෙ මෙතුවක්කාලෙටම කරපු කියපු දේවල්වල හැටියට පළිගැනීමක් විදියට. ඒක මකුළුවා කෝස් එකක්. ඉංගිරිස් වලින් කියන්නෙ ස්පයිඩර් කෝස් කියල. මෙික ලේසිපාසු, දෙකයි පනහෙ ලී අස්සයගෙන් නේරංජනාව තරනය කරන්න බැරි ආවොත් සෙන්⁣ට් ගියොත් ඔිඩි කොලොන් සයිස් එකේ කෝස් එකක්. කවදාවත් මෙි කෝස් එකට ගිය එවුන් ඔක්කොම යහතින් ආවෙත් නෑ, ඔක්කොම පාස්වුනෙත් නෑ. මෙිකට කලින්  ඒ කෝස් එක ගිය අපේ නන්දසිරි කියල එකෙක් ආවෙ ඇවිදං ගිය එක කකුලක් කිහිල්ලෙ ගහගෙන ක්ලැචස් එකකින්. ඒ තරං හෙනම අමාරු එකක්. (ඒ දවස්වල). අනික මට මෙිව කරන්නත් බෑ. මොකද කියනවනං කලින්, යුද්දෙ කාලෙ  වෙච්චි දේක ප්‍රථිපලයක් විදියට කොහොමත් මං ආබාදිත වෙන ලකුනු පහල වෙලා තිබුනෙ. මෙිකෙ තිබ්බ බැරෑරුම්කම හිංදම, මෙච්චර කාලෙකට කිසි දේකට බෑ නොකිව්ව මං මෙිකට විතරක් හිමින් "බෑ"  කියන්න පටන් අරන් ඒක යටිගිරියෙන් බෑ කියන සයිස් එකට පත්වෙලා, ඒක පත්තුවෙලා  බෑ කියපු සද්දෙ වැඩි වෙලා තිබ්බ සබ්බ සකලමනාවම අකුලගෙන ඊට එහා ගිය වැඩක් තියෙන තැනකට යන්න සිද්දවුනා. ආං ඒහෙම තමා ඔිමන්තේ ආවෙ. මෙහෙ අපිට තිබුනෙ කැලෑ සෝදිසි කරන මෙහෙයුම්. කොටි මාමිලා හිටපු කැලේ සෝදිසි කරල ඒක ආරක්ෂිත තැනක් බවට පත්කිරීමයි අරමුණ. බෝම්බ කඩු කිනිස්සේ පටන් ටුවක්කු කාල ටුවක්කු සහ ඒවායෙ උන්ඩ, මිස් ෆයර් වෙච්චත් වගේම අරුන්දැලා වලදාපුවා වමාරපුවා තියේනම් ඒවත් සොයා ගැනීම තමා මෙි රාජකාරියෙන් කෙරෙන්නෙ. මාසෙකට කියල හිත හදල එව්වත් මං ආපහු ගියේ මාස හයකින්. ඒකත් ඩිව් කමාන්ඩර්ට පිං සිද්ද වෙන්න නම් ලියන්නැති ලියුමක් යවල ඒක පත්තු වෙලා. 


කෝස් කිව්වම මතක්වුනේ. මට ආවනෙ ඉංදියාවෙ කෝස් එකක් යන්න. ඒ සෙක්ෂන් කමාන්ඩර් කෝස් එකක්. මෙිකට යන්නෙ සැරයන්/ මාණ්ඩලික සැරයන් රෑන්ක් එක වුනත් අපේ ඒකකයේ ඔය දෙකම හිඟ හිංද සැරයන් පොරොත්තු ලේකනේ නම තියෙන අයටත් කැඳවීම් ආවා. පාස් උනොත් සාජන් රෑන්ක් එක අන්දල යවනව. නැත්තං හිටපු එකෙන් ආපහු එනව. මෙිකටත් මං වැදගත් විදියට බෑ කියල කිව්වෙ මගෙ පුද්ගලික ලිපි ගොනුව බලපු ගමන් මාව ඉන්ටවු යවාපු එකාලටත් මංඩලෙන් බනින බව සහසුද්දෙන්ම දන්න නිසා. ඒත් ඇහුවෙ නෑ. එව්වා. මාත් ගෙවල් පැත්තෙ රවුමක් ගහල එන්නං කියාල හිත හදාගෙන ආව. 


 පලවෙනි ඉන්ටවීව් එක තිබුනෙ පනාගොඩ. එතන හිටිය සභාපතිතුමා අපේ හිටපු අණදෙන නිළධාරි කෙනෙක්. එතුමා මාත් ඉන්ටවීව් එකට ඇවිත් ඉන්නවා දැක්කම බය බිරංතට්ටුවෙලා ඇස් දෙකත් ලොකු කරගෙන හයියෙන් හයියෙන් හුස්ම ගන්න ගමන් "අයිසෙ ආරච්චි, තමුසෙත්  ආවෙ ඉංදියාවෙ යන්නද?" ඇහුවා. 

මාත් , "අප්පටසිරි ඒ වගේම එකක් කියල තමා යුනිට් එකෙන් එව්වෙ සර්." කිව්වම ⁣එතුමා හිනාවෙලා පෙරලා ආයෙ ඇහුවෙ, "ෂුවර්ද" කියල. මාත්  ඔලුව කහලා "යන්න බැරි බවනං දන්නවා සර්, ඒත් චුට්ටක් විතර රෙස්ට් කරල යන්නත්තෙක්ක තමා ආවෙ සර්".  මං එහෙම කිව්වෙ වැඩි මහන්සියක් නොවී සර්ව මෙතනදිම බැලන්ස් කරගෙන ගෙදර පනින්න තිබුන හීනි බලාපොරොත්තුවකුත් එක්ක. (මොකද කියනවනං එතුමා මං පුද්ගලිකව අඳුරන නිසා) ඒත් ඒක කිව්වම එතුමා මගේ පරන සිද්දියකුත් එතන මණ්ඩලේට කියල ඒකටයි, මෙිකා ගියොත් ලංකාවත් විකුනලයි එන්නෙ කියල, ඒකටයි එතන හිටපු මංඩලේයි ඉන්ටවීව් ආපු වුනුයි හිනැස්සිලා මා දිහා මහ චොර විදියකට බලල මොහොතකට කෝප නහරෙත් උත්තේජනය වෙලා ගියා. මටත් ලැජ්ජාව කියල එකක් තිබුනනං එදා ඒ වෙලාවෙ එතනදිම පොලව පලාගෙන යනව. ඒ තරං හතර විලිලැජ්ජාවයි. පස්සෙ මට පවුනෙ හිතල දෙතුන් වෙනියට මාව අරං පර්සනල් පයිල් එක දිගෑරියා. මගුලයි කියන්නෙ,  පිටුවෙන් පිටුව චාජ් ශීට්.පිටුවෙන් පිටුව චාජ් ශීට්.ඒ සර්ම ගහපු චාජ් ශීට් එකකුත් ඒකෙ තියෙනව. තව, එතන බීල හවුවෙලා චාජ් එකේ ගියපුවම මට මතක විදියට හතරක් හරි පහක් හරි  ඒ වෙද්දි තිවුනා. සර් මගේ පර්සනල් පයිල් එකත් බලල දාං හිටිය කන්නාඩියට උඩින්  ඇස් දෙකත් කරකල ඔලුවත් පාත් කරල කිව්ව එක දෙයක් අදටත් මගේ දෙසවන්තුල රැව් පිළිරැවි දෙනවා. 

"ඉංදියාවෙ නැතුව සෝමාලියාවෙ, ඉතියෝපියාවෙ කෝස් එකක් ආවොත් නම එවන්නං,එතකං ඔය කෝපල් දෙයියනේ කියල යුනිට් එකට යන්ඩ ඈ".

මාත් ඔලුවයි කඳයි එක පාර  වනලා හා කියල සැලියුට් පාරකුත් ගහල රෙජිමෙන්ටල් එකේ ඇජුටන්වත් බැලන්ස් කරලා දවස් තුනක් තියල ගමන් නියෝගයත් ගහගෙන ඒ දවස් තුනම ගෙදරත් ඉඳල ,කෙලින්ම ගිහින් ඇජුටන් හම්බුනා කියල එහෙ සීසීගෙනුත් බැනුම් අහලා තමා ආපහු යුනිට් එකට ගියේ. එවකට එහෙ ඇජුටන් හිටියෙ අපේ "චීටා" ඉස්පෙෂල් ෆයිටින් ප්ලැටූන් එකේ හිටපු අපේ කණ්ඩභාර නිළධාරි තුමා. සීසීනං එදාම තමා දැක්කෙ. එයත් මගේ නේම් ටෑග් එක බලල අන්තිමෙිට කිව්ව "නමනං හොඳට හුරුයි,ඒත් මිනිහ දැක්කෙ අද" කියල. ඒ මදිවට බිලට් එකට යන්නැතුව රෙජිමෙින්තු පොලිස් අංශයට රිංගල එතන කෝපල් කෙනෙක්ට ටෝක් කරල ඉන්ටවීව් එකට යන්න යුනිෆෝම් එක අඳින්න ගිහින් ඒකත් සීනියර් කෝපල්ට මාට්ටු වෙලා, යන්තන් ජොකා පිටින් කෑම්ප් විසිට් එක යන්නැතිව බෙිරිල ආවෙ. ඒකට පනිස්මන් එක විදියට මල් පෝච්චි හයකුත් ගෙන්නල දෙන්න වුනා. "ඉඳකින්වත් යකෝ, උරුලෑවෙක් ගියා වගේනේ" කියල ආර්පී කෝපල් අබෙිරත්නත් මාව නෝන්ඩි කලා. 


කතාවට යමුකො. 

අපි ඒම උදේ නමයට විතර කැලේට රිංගුවම ආයෙ එන්නෙ කීයට හරි එදිනෙදා අපිට දෙන ටාගට් එක කම්ප්ලීට් කෙරුවම. කෑම කැලේදි. අතුරුපස ගස්වලින්. යද්දි වතුර අරන් යන්නෙ. ඒ ජොබ්බෙක අපිට භාරදෙන්නෙ ජීපීඑස් යන්තරේකුයි 1:50,000 මීටර් ග්‍රාඩ් සිතියමකුයි එක්ක. සිතියමෙි තමා ක්ලියර් කරන්න ඔින ඒරියා එක මාක් කරල තියෙන්නෙ. අපිත් මෙි සේරම කිහිලිගන්නගෙන කැලේ වැදිල හවස තුන හතර පහු වෙනකං කෑ කොස්සං ගග ගගහ අහට්ට මෙහට්ට ලයින් එක තියාගෙන ඇවිදල ඇවිදල, ඒ ඇවිදින ගමන් බිමට දඩ සයිස් පොලුවලින් ඇනල ඇනල බල බල තමා යන්නෙ. සැකයක් තියෙන තැනක් අහුවුනොත් හාරනව. ඒ කියන්නෙ මොනාහරි වලදාලා ඇතැයි කියන සැකේ. පොලු අරන් යන අනෙක් හේතුව, මෙි කැලෑවෙි වලස්සු එමටයි. කොටි ගහල මැරුන්නැතුව වලස්සු ගහල මැරුං කාහල්ලකො. 


මෙි කාලෙ ගන සැරේට පායනව. වෙිගෙන් හමා එන හුලං පාරේ ගහගෙන එන දූවිලි කන්දරාව බලුබෙටි ගොම්බෙටි පුසුඹත් එක්ක නාහෙන් කටින් ශරීර ගතවෙලා මූත්තරා මාර්ගයෙන් ගුද මාර්ගයෙන් තමා ආපහු පිට වෙන්නෙ. ඒ පෑවිල්ල කොච්චර සැරද කියනවනම් අපිට ෆුල් යුනිපෝම් නැතුව හාෆ් යුනිපෝම් අඳින්නත් ඉහල මූලස්තානවලින් අණ කරල තිබුනා. අපේ කණ්ඩ භාර නිළධාරි හිටියෙ මගේම බැචෙක්. (Other ranks commission). එවුන්දෑ තමා  කම්මැලිකමෙි ප්‍රතිමූර්තිය. කොටින්ම කියනවනං ලංකාවට යුද්දෙකාලෙ ගෙන්නපු කම්මැලි නැව එලවං ආපු කැප්ටන් තමයි ඒ. කෝපල් කාලෙත් එහෙමයි... කමිෂන් ගියත් එහෙමයි. වැඩි වෙනසක් වෙලා නෑ. 


ලස්සෙකට ගහන්න වගේ අපිත් එක්ක කෑ කොස්සං දිදී කැලේට රිංගලා පලු හරි කොහොඹ හරි ගහක් උඩට නැගලා දෙබලක ඇන තියාගෙන නින්දේයි සැප නින්දේයි වෙනස හොයන එතුමා ආයෙ කීයට හරි බහින්නෙ "අපි ආවෝහ්හ්හ්" කියල හූවක් තිබ්බම. ඒ මදිවට එලියට ආපුවම එයාට බ්‍රීෆ් කරන්නත් ඔින වෙච්චි දේවල්. ඊට පස්සෙ ඒව එයා කෙරුව වගේ අපෙන් අහගෙන ගිහින් ඉංජිනේරු බළකායෙ මෙි ෆීල්ඩ් එක භාරව ඉන්න සර්ගෙ කනේ තියනව. අපි නැවතිලා හිටියෙ 64 සේනාංකයෙ. වාහනෙන් තමා ගෙනත් දාන්නෙ. මෙිකට අපේ සෙක්ෂන් එකකුත්,තව යුනිට් හතරකින් සෙක්ෂන් හතරකුත් ඇවිත් තිබුනෙ. ඒ ඔක්කොම තමා වන වදින්නෙ. අපි පෝලිම් වෙන්නෙ ඔිමන්තේ රෝඩ් බ්ලොක් එකේ. මං තමා සීනියර් හිටියෙ. මගෙනං පෝලිම් කිරිල්ලක් නෑ. එනගමන් යන ගමන් කැලේ ආව ගිය ඔලුගෙඩි ගානම ඇවිත් තියෙනවද කියල හිතෙන් ගනන් කරල බලල එන ගමන්ම අහනව බඩු හරිද කියල. හරි කිව්වොත් සර් ගාවට ගිහින්" එස්කුස්මී බෑජී ඔක්කොම හරි,යම්න කියම්නම්ද මෙයාම්ලට" කියල අහපුවම "ඇයි කෝපල් බබාද,බැජ්ජෙකේ හිංදද? බබෙක්නං වෙන්ඩ හදන්ඩ එපා ඈ" කියල වචන පේලියක් අතෑරල යන්න කියනව. මෙයාට එතකොට තරු ඇවිත් තිබ්බෙ නෑ. ආවනං ඉඳලත් ඉවරයි.  සුදු ඇප්ලට් දෙකෙන් තමා ගේමෙ හිටියෙ. හැමදාම මෙතනට ආවට පස්සෙ තමා බ්‍රීෆ් කරන්නෙ. 


මාත් එදා මෙයාට කරපු දේවල් සහ නොවෙච්චි දේවල් වෙච්චි විදිහටත් අතින් පයින් දාලත් එක්ක දිග කෝටුවකුත් අරං හිටගෙනම ක්ලියර් කරන්න තිබ්බ ග්‍රිඩි ටික කට්ට වෙච්චි මහ පොලවෙ ඇඳලා විස්තර කර කර කිය කිය හිටියෙ. මොකද මං යුනිෆෝම් කලිසමට ටීෂර්ට් එක ඇඳල හිටියත් ඒක එයාට බෑ. එයා ෆුල් යු⁣නිෆෝම් ඉන්න ඔින. ඒකට කියන්නෙ "අඟුර බානවා" කියල. මෙයා අලුත් නිසා ඔින ඔින විදියට ඉන්න බෑ. 


ඒ කාලෙ මගේ කරේ තිබුනා රිදී පාට නූල් පහේ විතර ලොකු තුන්දාස් පන්සීයෙ මාලයක්. ඇඟිලි දෙකක පිත්තල මුදු. එක ඇඟිල්ලක මුව අං මුද්දක්. ඒව මමම හදපුවා. ඒ හැදුවෙ මහවැලියෙ ගැරේජ් එකක තිබ්බ මොකද්දෝ මැසින් එකකින් නට් දෙකක් හොරාට ගලවල. ඒ මුදු දෙක බ්‍රාසෝ කලාම රත්තරං මොනාද රත්තරං.අන්න රත්තරංනං රත්තරං. දිස්නෙ දෙනව ඇස් ඇදුංකන්න. ඒ මුදු බ්‍රාසො කරනවා. මාලෙයි මුව අං මුද්දයි සිගරට් අලුවලින් පොලිෂ් කරනවා. මුව අං මුද්ද හැදුවෙත් මමමයි. ඒකට දවස් ගානක් යනවා. කලුගලක වතුර දදා අතුල්ලලා අතුල්ලලා හැඩෙි ගන්න ඔින. ඊට පස්සෙ වැලි කොල කෑල්ලකින් මදින්න ඔින. ඇඟුල්ලෙ ගානට හිල විදින්නයි ලොකුකරන්නයි විතරක් දවස් හතරක් පහක් යනව. කොහොමහරි ඒක හැදුව කියමුකො. ආයෙ ඒක මුව අං මුද්දක් කියන්න බෑ. තනිකර ඇත්දළ මුද්දක්. ඒ කාලෙ මගෙ සිවිල් එකේ යාලුවන්ට ඒ ඇත්දළ මුද්දක් දෙදාහ ගානෙ විකුනල උං එක්කම අරක්කු බිව්වා. නැත්තං යැද්දොත් වදිනවනෙ.ඒ හිංද. 

 හරියට කලානං දියුණු වෙන මාර්ග ඔිවා. කියන්න ඔින, මං  මෙිව ගලවන්නෙ නාන්න විතරයි. 


මාත් ඔහොම බ්‍රී⁣ෆ් කර කරා ඉන්නකොට සර්රුත් නැමි නැමී එක එක එව්ව අහනව. නැත්තං ඉඳගෙනම අහගෙන ඉන්නව. එදානං නැවිල හිටියෙ. අනික් කෝපල්ලා හතර දෙනත් පිරිවරාගෙන එයාලත් එයාලගෙ ඒව බ්‍රීෆ් කරනව. මෙි වෙලාවෙ මෙතනින් යන්න ආව රෝඩ් බ්ලොක් එකේ කෙල්ලක්. ඒකි  යනින් ගමන් පීඔි කෙනෙක්ට බ්‍රීෆ් කරන මාව දැකල ටිංකි ටිකිරි රිදී සීනු හඬින් කටත් උල් කරල ඇස් දෙකත් නටෝ නටෝ ඇදල පැදල හරී ලස්සනට "ගුඩ්ඩීනින් සර්" කියල  දඩ්ඩාස් ගාල පතරංග සැලියුට් එකකුත් ඇදල ඇරියා. මගේ හද කිති කැවුනා. හිත ටිං ටිං වුනා. බුරියෙන් පල්ලෙහා සසල වුනා. කන්දෙක වෙන වෙනම හෙල්ලුනා. ඒකි දිහා බලාගෙන දකුනු කකුලේ මාපටැගිල්ලෙන් බිම හෑරුනා. මගෙන් බෙිරිච්චි පලවෙනි එකීද දන්නෙත් නෑ  කියන සිතිවිල්ලක් පහල වුනා.  බූට් දාගෙන හිටිය කියල මතක් වුනේ පස්සෙ. මාත්"ගුඩ්ඩිං බෙයිබෙිහ්" කියල ඒකිට ඇහෙන නෑහෙන ගානට කියල, එකිට පේන්න නිළධාරියෙක් වගේ ඔලුව හෙල්ලුවා. ඇයි අප්පා පීඔි  කෙනෙක් උනත් ඔෆිසර් කෙනෙක්ට බ්‍රීෆ් කරන්නෙ  වෙන කව්ද? මෙතනින් පටන්ගත් සැලියුට් එක ඉන් පස්සෙ සතියක් විතර යනකං හැමදාම එතනින් යද්දි මට වදින්න පටන් ගත්තා. පීඔිට නැති විෂ් සහ සැලියුට් මට ලැබෙන්න ගත්තා. මෙයින් හරකෙක් වගේ කුලප්පු උනු මං  වෙනදා රැළත් අරගෙන ඉස්සරහින්ම ගියත්, එදා ඉදන් රැළ දක්කාලා අන්තිමෙිට යන්න පුරුදු වුනා. වෙන වෙන ෆීලිංග්ස් කොච්චර අරන් තිබුනත් මෙි ෆීලින් එක අප්පට සිරිවෙන්න වෙනස් විදියකින්ම ලැබෙන්න ගත්තා. අනික් කෝපල්ලා මට හිනාවෙන්න ගත්තා. ඒ උනෙන්ම එතන හිටපු නාඹර එකියක්ව බැලන්ස් කරන්නත් පටන් ගත්තා.  මෙික බැචාට මාට්ටු උනත්, මට පැත්තකට කතාකරල බනිනවා මිසක් කව්රුවත් ඉන්න තැනක මොකුත් කියන්න ගියේනෑ. ඒකට හේතුව මගේ සප්තලන් බැචා සුදුම සුදුයි. හරියට මරණ ගෙදරක පාලම් කොඩියක් වගේ. මං කොල්ලො කාරයෙක් නොවුනත්  කට හොඳ නැති හිංද එයා ශෝට ගහල ඉන්න වෙලාවට හොරෙන් ඇඟිල්ලකින් හරි එයැයිගෙ කකුලක් අතගාල 

"කොහෙද යකෝ... මෙච්චරකල් හිටියෙ" කියල අහන පුරුද්ද නිසා එයත් පුදුම බයකින් හිටියෙ. ඒ වෙලාවට "පලයන් හු&@%$තො යන්ඩ" කියල කවිවත්  "හරි හරි බැචා.. තරු මොකද පටි මොකද, අපි අපිනේ" කියල අහපුවම ආයෙ පලාතෙවත් ඉන්නෙත් නෑ. මට සද්දයක් දැම්මොත් එයාටනෙ "ෆයින්" කරන්නෙ කියන බය තිබ්බා.


 ඔහොම සතියක් විතර හෙන ෆීලින්ග්ස් එකේ ආඩම්බරෙන් යද්දි එද්දි කෙල්ලොත්, උන්ගෙ ගාඩ් එකට හිටිය කොල්ලො එකා දෙන්නත් සැලියුට් කරන්න පටන් ගත්තා. මටත් ඔිනවුනේ මෙිකෙන් වෙනම ආතල් එකක් මිසක් වෙන මුකුත් නෙමෙි. මොකද මාත් ඒ ඇක්ෂන් එකෙන් මුන්ට පේන්නම එතනින් යනවා. එනවා. 


 ඊට සතියකට විතර පස්සෙ මෙතනට ආව අතුකෝරළ කියල ලේඩි කෝපල් කෙනෙක්. ඒකි මීට මාස දෙක තුනකට විතර කලිනුත් මට වැලපෙන හංදියෙදි හම්බුනා.වැලපෙන හංදිය කිව්වෙ මැදවච්චිය. මෙයා මාත් එක්ක වැලිකන්ද,මින්නේරිය හෙම හිටපු උත්තමාවියක්. කට තනිකර මහයියාවෙ බෝක්කු කට වගේ. ඒක ඇරියොත් කුනුහරපයක්, නැත්තං දෙපිට කැපෙන කතාවක්. ආයෙ ඇරියොත් පඩයක්. මයෙ අප්පේ මෙිකි බිස්කට් කෙලල කෙලල කෙඳිරිගාල කෙඳිරිගාල හීං සීරුවෙ මං නෙමෙි වාගෙ අරින පඩෙි ඉන්න බෑ ගන්දස්සාරේ. ඒක උහුලගන්න වෙනම කෝස් එකක් කරන්න ඔින.  මෙවුන්දැ තනිකර තල ඇටෙි පාටයි. හිනාවෙනකොට මට පේන්නෙම යකෙක් පොල් කාල වගේ.

කලු මූනට සුදු දන්ත කල්‍යානය ගැලපෙන්නෑ කියල මං ඉගෙන ගත්තෙ මෙිකිගේ මූන බලල. 

 මයෙ අප්පේ කියන්නත් මෙව්ව එකයි.ඒකි එකෙක් බැඳලා ඒක හරිනෑ කියල හිතිල,තව එකෙක් බැඳලා ඒකත් හරි නෑ කියල හිතිල මං හිතන්නෙ ඒ වෙද්දි බැඳල හිටියෙ පනහ. නැත්තං හැත්තෑ පහ. සමහර විට සීය වෙන්නත් බැරි නෑ. ඒකිත් එක්ක ඉන්න බෑ දෙය්යො. හෙන විසේ. 


එදා මං දුර තියාම දැක්කා මෙි චරිතෙ එතන ඉන්නවා. දැන් මෙතනින් මාරුවෙන්නත් බෑ. මාව දැක්ක ගමන් මගේ ආතල්ලෙකත් එතනින් ඉවරවෙනවා. කමහ්නෑ,වෙන දෙයක් වෙච්චාවෙ කියල පපුව ඉස්සරහට දාල නිකට උස්සල කෙලින් බලාගෙන රියන් එකාමාරට අඩිය තියන ගමන් මැගසින් එක බෙල්ලට හේත්තු වෙන විදියට තුවක්කුවත් කරේ තියාගත්තා. දැං එනව. මෙිකි මාව දැක්කා...හත්තිකේ කියන්නෙ මාව දැක්කා විතරයි,

*අඩෝ ආරච්චියා, අම්මට සිරි හු&@*$තා, තෝ කොහෙද යකෝ මෙහෙ,  උඹ එදා කිව්වෙ මුලතිව් කියලනෙ බං. මෙහෙ මොකෑ කරම්නේහ්?? වරෙන් වරෙන් බිස්කට්ටෙකක් කාල යම්න. කියල හොරුන්ගෙ අසපුවට වැටිච්චි ගිරවි වගේ කෑකොස්සන් දෙන්න තියා ගත්තා. 

 

*පිස්සුදෑ මංදා, මං දැන් කැලෑ හානවනෙ. පුරන් කුඹුරු හෙම තියේනං කියාං.නොමිලේ හාල දෙනවා.

*පල හුක් යන්ඩ. මෙිව පුරම් නෑ. යල මහ හොඳට අස්සද්දනව. වරෙන් වරෙන් බිස්කට් එකක් කාල යන්ඩ. 

මෙවුන්දැලත් ලෙමන් පප් බිස්කට් එකක් මෙිසෙ උඩ දිගෑරගෙන කක කකා ඉන්න ගමන් කතා කලේ. මාත් කතාකරපු ගමන් ලඟට ගිහින් බිස්කට් එකෙන් අහුරක්ම අරං "යන ගමන් කනව" කියල හිමින් සැරේ සාක්කුවට ඔබා ගත්තා.

එතෙක් මට සැලියුට් කරපු එකීලා.,

*ඉඳ......කින්වත් කෝපල්, කෝපල් කෝපල් කියල ⁣කෝපල් කිව්වෙම නෑනෙ කෝපල්.අපිත් අහුවුනානෙ කෝපල් කෝපල්ට.

තව එකියක්.

*අොපෝ කෝපල්ගෙ තිබ්බ රෙස්පෙට්ටෙක, වචනයක් කතා කලේ නෑනෙ අපිත් තෙක්ක. 

අතුකෝරල ඇහුව මොකද්ද සීන් එක කියල. මට හයියෙන් හිනා යද්දි එකියක් විස්තරේ කිව්වා. 

ඒකිත් හිනාවෙලා.. 

*ඇති උඹල මෙච්චරකල් හරි මුගෙන් බෙිරිලා හිටියා. මාත් බෙිරිලා හිටියෙ කලු හිංද කිව්වා. 


මෙතන ඔක්කෝම අහගෙන හිටපු, මෙිකි මට කතාකරන්නත් කලින්ම විස් කරාලා සැලියුට් කරාපු කොල්ලෙක්, මා දිහා හොරෙන් බලාලා හිමින් සීරුවෙි මාරුවෙලා යනව මං දැක්කා. ඒකත් වෙනම ආතල්ලෙකක් හලෝලා.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.09.25

Wednesday, September 23, 2020

වීථි දරුවා



ගිලෙමින් පිහිනමින් නිතරම කඳුළු             දියේ

අහරක් කුසට වැටෙනා තෙක් ඇවිද           ගියේ

සැතපී සිටින්නට වහලක් නොමැත            රැයේ

සුපිපේ නමුත් සුවඳින් මල් ළපටි                  ළයේ


සොය සොය කුසට අහරක් මහ මැදුරු        බලා 

එහෙ මෙහෙ ඇවිදමින් සිත ගත වෙහෙස කලා

සෙනෙහස කියන තනි වචනෙට  තුරුළු   වෙලා

වැහි මංදාරමට කඳුලක් එකතු                    කලා 


දැලි කුණු වැකුණු කමිසය පැහැයෙන්        අඳුරූ

සිහිතල වැඩි කරයි අඩු වැඩියෙන්              සිදුරූ 

නොහඬන බව දනිමි, මා වෙනුවෙන්        මැදුරූ

කුසගිනි අහෝ! කිම!! මෙි විලසින්              රුදුරූ


මසවුලු සුවඳ උතුරාගෙන ගුවන                    පුරා

පවනේ ගලා විත් සිත ගත ඔකඳ                  කරා

එසවෙි දෙපා මගෙ එදෙසට නොසිතු            යුරා

නොලදත් අහර සැනසෙමි ඒ සුවඳ                උරා


ලොකු පොඩි දොර පියන් ඇත පිට ලොවට වසා

පැවසිය නොහැක කිසිවිට කිසිවෙකුට     දොසා

හිත හිරි වැටෙන මුත් පිටවන වචන            අසා

නොසිතමි එගැන මම තව පොඩි එකෙකු  නිසා


සිඟමන් පතා ගම් පියසෙහි දොරින්           දොර

යන හැම දිනම පිළිගෙන දොර පියන්         හැර

කුස පිරෙනාතෙක්ම අදරින් අරුත්                බර

සැළකුව මව්නිි නුඹ වැඩියද නිවන්               පුර


එදවස පටන් අද වනතුරු කුස               පිරෙනා

අහරක් නොලැබ පා යුග ආපසු             හැරුනා

නගරේ වීදි කොන අතහැර පිය               නගනා

සිහිනය දකින රැය ලඟදිත් මග             හැරුනා


වටවැසි වලට අහසත් ඇත වියරු              වැටී

සිහිතල පවන් රුලි යයි සියොලඟෙහි        ගැටී

කඩ අගුපිලට යන්නට කාලයකි                 කෙටී

පුදුමයි කාලයත් පිළිකෙව් කරන                 හැටී


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.09.23

Monday, September 21, 2020

දහම් සිත බිඳුනි




සිත සුව පතා කන් දීගෙන බුදු                        බණට

පැදුරෙහි වාඩිවී සිටියෙමි පෙර                       පිනට

මැසි මදුරුවන් ගී කියුවත් කර                        කනට

ඉවසා සිටිමි වැඩ විය යුතු යන                      තැනට


වියතක් කොටට ඇඳගත් සුදු සළු                පිළියේ

සුසුවඳ වතුර තවරා ලූ                              සුරතලියේ

සුදු රතු කැකුලු බත් ගෙන එන විට            හැලියේ

නොනැමෙනු මැනවි සඳ තරු ඔක්කොම    එලියේ


දමනය කරන් සිත පන්සිල් පද                        පහට

බණ භාවනා කරනෙමියැයි  ජය                      පහට

අවනත වෙලා ආ මුත්  සමිඳුගෙ                      බහට

ගනිමැයි සිතුනි නුඹ දුටුවම                    පෙළවහට


පිළිගැන්නවෙන දානෙට පිළි ගෙන               ආවත්

රණ හස යුවල මගෙ දුක සැප                 විමසූවත්

නොදියුනු මනස කම්පා වෙි                    හැමදාමත් 

නිහඬව සිටිය හැකි වෙද මරඟන               ගාවත්


රුපියල් ඩොලර් දේපල වාහන                         යාන

අනියත බව දුටිමි නිවනෙහි සැප                   ගේන

එනමුත් ලියක සිරි දුටුවෙමි                        නිදුකාන

ගිනිගත් සිත නිවන්නට කාලය                          ඔින


උවැසියො නොමැති කල සදහම් සයුර            අමා

සිරි විඳගන්න එමි දිනයක් නොවෙමි               පමා

ගරුතර සමිඳුනේ මට වෙනු මැනවි                 සමා

සිඹ සිරිපතුල පිටවෙන්නෙමි සිරස                 නමා 



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.09.21









Sunday, September 20, 2020

පතෝල බංඩා

 මෙි මම උදයාර්කට්ටුකුළම් කඳවුරේ ඉද්දි සිදුවුනු දෙයක්. මෙි කාලෙ අපේ ඒකකයටම තිබුනෙ කම්පියුටර් එකක් විතරයි. තිබ්බ රයිටර් ඔක්කොම කැඩිලා. සාමාන්‍යයෙන් මම රයිටරේ ලියුමක් ගහන්න අකුරු කී  බලන්නෑ. ඒ තරම් මට රයිටරේ හුරුයි. හමුදාවට පිං සිද්දවෙන්න දාස් ගණන් වියදම් කරල ඒ දවස්වල කෙල්ලො කරපු රයිටර් කෝස් මං නොමිලේම හමුදාවෙන් ඉගෙන ගත්තා. මෙි රයිටර් අළුත් වැඩියා කරන්න උනත් මට හැකියාව තිබුනා. නමුත් ඒවට අවශ්‍ය අමතර කොටස් නැතිනිසා අතෑරල දාල තිබුනෙ. මෙි හේතුවෙන්ම ඒ කාලෙ මම ලියුම් සහ සංඥා පිළිබඳ ලේඛන කටයුතු කලේ අතින් ලිය ලිය. 


මං නිවාඩුවක් ගිහින් ඇවිත් දවස් දෙකයි. දෙවෙනි දවසෙ හවස බංඩාර කියන අලුත් කොල්ලෙක් 

*එස්කියුස් මී කෝප්‍රල්. කෝපල්ව චුට්ටක් හම්බවෙන්න පුලුවන්ද?

*පුලුවන්. දැන් බෑ. පැයකින් වරෙන්.

 ලොකු වැඩක ඉන්නෙ. මම කිව්වා.


  කව්රුත් දන්නවනෙ හමුදාව කියන්නෙ විනය අතින් අංක එකේ තියන ආයතනයක් කියල. ඔහොම තමා හමුදාවෙ හැටි. හැමදේම පිළිවෙලකට කරන්න පුරුදුකල ඒ හමුදාවෙ, යම් නිලයකට ගැටළුවක් ඉදිරිපත් කරනවා උනත් ඒක ඒ ආකාරයට සිදුවිය යුතුයි. මං ඒ වෙලාවෙ ලොකු වැඩකට අතගහල තිබුනු නිසා ඔහු කියන දේ තේරුම්ගන්න තරම් සුදුසු මානසිකත්වයක් ඇති කරගන්න සැලකිය යුතු වෙලාවක් යනව. ඒ නිසා තමයි පස්සෙ එන්න කිව්වෙ. මොකද මෙි වෙද්දි මං මූලස්ථාන කණ්ඩායමෙි ප්‍රධාන ලිපිකරු විදියට තමා වැඩකලේ. මෙතනින්නෙ මට මුතියන්කට්ටු යන්නත් පාර කැපුනෙ. 


මම එහෙම කිව්වම ටික වෙලාවක් මගෙ මුහුන දිහා බලා හිටපු බණ්ඩාර "එහෙනං පස්සෙ එන්නං කෝපල්" කියල යන්න ගියා. මගේ සහායක ලිපිකරුගෙ නමත් බණ්ඩාර. එතකොට ඌ ලා/කෝපල්. බංඩාර ගියපසු ලා/කෝ බණ්ඩාර මට පොර ගැන කතාවක් කිව්වා.


*කෝපල්, බංඩා ඔය ආවෙ නිවාඩුවක් ඉල්ලගන්න. සීඑස්එම්ටත් මං දැම්ම. කෝපල් නිවාඩු හිටිය හිංද.

මං කර කර හිටපු වැඩෙි නවත්තලා ඒ විස්තරේ ඇහුවා.

*මොකද්ද හේතුව. 

*ඌ නිවාඩු ගිහින් ඇවිත් දවස් හතලිස් අටක් වෙන්නෙ. මොකද්ද පෙරහැරකට නටන්න යන්න තියෙනව කියල තමා කිව්වෙ. 

*සීඑස්එම් මොකෑ කිව්වෙ?

*තව දවස් පනස් පහේ හැටෙි අය ඉන්න නිසා උගේ දවස්ගාන අඩු හිංද දෙන්න බෑ කිව්වා. පව් කෝපල්. පුලුවන්නං කෝපලුත් කතාකරල බලන්නකො.


මං මගේ වැඩෙි පැත්තකට දාල බංඩාරට එන්න පණිවිඩයක් යවල ආපහු ගෙන්න ගත්තා. ගෙන්නගෙන විස්තරේ ඇහුවා. මොකද අපේ කණ්ඩායමෙි සීඑස්එම් හැටියට වැඩ බැලුවෙ සරඹ උපදේශක තනතුරේ හිටපු සැරයන්. එයාට තියෙන වැඩත් එක්ක මෙිව හරියාකාරව කරගන්න බැරි නිසා කෙටි පිලිතුරු තමා දෙන්නෙ. එක්කො හා. නැත්තං බෑ. එච්චරයි. අනික්වා කරන්න ඔින ඊලඟට හිටපු මම. නමුත් මට ගැටලුවක් ඉදිරිපත් කලොත් ඒකට අනිවාරයෙන්ම පිලිතුරක් ලැබෙන බව හැමෝම දන්නවා. සාවදානව ගැටලුවක් අහන් ඉන්න මට පුලුවන්. මං වැඩ්ඩෙක් නෙමෙි. මොකද ඒක මගෙ රාජකාරිය නිසා. 

බංඩාර ආව. පොර ආවගමන් මං නිවාඩු ලේඛණය දිගෑරගෙන දවස් ගැන්නා. මෙි වෙද්දි දවස් පනහයි. නමුත් මාස දෙකේ සහ බණ්ඩාරට කලින් නිවාඩු ගිහින් ආව  අවිවාහක කෝපල් කෙනෙකුත් ලා/කෝ නිළයේ කිහිප දෙනෙකුත් සාසෙ නිළයේ දෙතුන් දෙනෙකුත් මෙි වෙද්දි කඳවුර තුළ හිටියා. ඒ නිසා මෙයාගෙ ඉල්ලීම සාධාරන එකක්ද බලන්න මට උවමනා වුනා. මං ලඟට ගෙන්නවගෙන විස්තරේ ඇහුවා.

බන්ඩාර කියන්නෙ ඌරුවරිගෙ පරම්පරාවෙ කොල්ලෙක්. රටෙි අවශ්‍යතාවය අනුව හමුදාවට බැඳිල තියෙන්නෙ. මෙි වෙද්දි යුද්ධය ඉවරවෙලා තිබුනත් ඒකෙ උණුසුම ගිහින් තිබුනෙ නෑ. මාස දෙකක් වගේ තමා ගෙවිල තිබුනෙ. නමුත් මෙි කාලෙ අපි කැලෑ සෝදිසි කරන ක්‍රියාන්විත සිදුකරමින් හිටියෙ. ඒ නිසයි නිවාඩු හිරවෙලා තිබුනෙත්. මෙයා නිවාඩු ඉල්ලන්නෙ කිරිකොරහ නටන්න යන්න. ඒක පාරම්පරිකව සිදුකරන දෙයක්. මෙයායි තාත්තයි බාප්පයි බෙරගහනව. ඒක සෙත් ශාන්ති තෝත්තරයක්ද මොකද්ද කියලත් කිව්වා. හැම අවුරුද්දකම මෙහෙම යනවලු. ගිය අවුරුද්දෙ යුද්දෙ නිසා යන්න බැරිවුනා කිව්වා. මිනිහා ඌරුවරිගේ උනත්,ආධුනිකයෙක් උනත්, යුද්ධය වෙනුවෙන් අපේ ඒකකයේ අපිත් එක්ක  කාපු කට්ට අදටත් අමතක නෑ. ඒ වෙනුවෙන් හිච්චි කොල්ලො උනත් මෙයාලගෙන් ලැබිච්ච දායකත්වය සුලුපටු එකක් නෙමෙි. අනික කවදාවත් කේස් දාගෙන බොරු කියල නිවාඩු ගියපු එකෙකුත් නෙමෙයි. මෙතෙක් නිවාඩු දාපන් කිව්වම නිවාඩු දාල ගිය අය මෙි බැච්වලත් කොයි බැච්වලත් හිටියා. 

බන්ඩාර ලැජ්ජාවක්වත් නැතුව ඇත්ත තත්ත්වය ඒ විදියටම කියල අවශ්‍යතාවයත් කිව්වාම මට පව් කියල හිතුනා. මං ඒ වෙලාවෙ එයාට කියල නිවාඩුවක් ඉල්ලුම්පත්‍රයක් පුරව ගත්තේ බලාපොරොත්තු තියාගන්න එපා. පුලුවන් උනොත් අනිවාරයෙන් දෙනව කියන පොරොන්දුව පිට. ඒත් මෙි වෙද්දි මං තීරණය කරල ඉවරයි කොහොමහරි නිවාඩුවක් අරන් දෙනවාමයි කියල. මිනිහා අයදුම්පත්‍රයත් පුරවල කටපුරා ස්තූති කරල රාජකාරියට ගියා. මං යද්දි කිව්වා හවසට ඇවිත් අනුමත වෙලාද බලන්න කියල. 


සරඹ උපදේශක,  සරඹ ඉගැන්වුවත් ඒ කාලෙ අපේ සෑම නිළයකටම පැවරිලා තිබුනෙ කැලෑ සුද්ද කරන එක. ඒ කියන්නෙ කැලෑ සෝදිසි කිරීමෙි මෙහෙයුම්. එදත් අඛණ්ඩව පස්වෙනි දවසටත් ඩීඅයි සාජන් මෙි රාජකාරි සඳහා කැලෑ වැදිලා හිටියෙ. එයා ඩීඅයි වුනත් සාජන් කෙනෙක්. අපේ ගොඩක් අය යුද්ධය නිසා මැරිල තුවාල වෙලා හිටිය නිසා ඒකකයේ පිරිස් බලය අඩු හේතුවෙන් ඉන්න අයගෙන් තමා හැම වැඩක්ම කරගත්තෙ. මාත් තවත් රාජකාරියක ඉදන් තමා කාර්‍යාලීය වැඩකටයුතු කරන්නෙ. ඒකත් ඔිෆ් ටයිම් වල. මාත් එදා මුරපති ඉන්නගමන් තමා ඔෆීස් එකේ වැඩ කර කර හිටියෙ. 

හවස දෙකට විතර ඩීඅයි සාජන් ඔෆීස් එකට එන්නෙ. ඒ දවල් කෑම ටයිම් එකට කැලේ ඉඳන් කඳවුරට එන ගමන්. 

ඒ ඇවිත් මෙතනත් කරන්න තියෙන දේවල් කරල තමා කෑමට යන්නෙ. ඒකට හේතුව ඔවුන්ගේ භෝජනාගාරය ටිකක් දුරින් තියෙන නිසා. 

ඔහු ආ විගස  බංඩාරගේ ගැටලුව සවිස්තරව කිව්වම එයාම කිව්වා ඔිසීගෙන් අහලා ඔිසි දෙනවනම් දීපන්, මුකුත් ප්‍රශ්ණයක් ආවොත් එයා බලාගන්නම් කියල. මටත් සතුටුයි. හවස හතරට පහුවදා යන නිවාඩු අත්සනට දාන්න ඔින. මං බන්ඩාරගෙ නිවාඩුවත් පුරවගෙන ගියා දෙවන අණදෙන නිළධාරිතුමා හම්බවෙන්න. එයා තමා අපේ ඔිසී විදියටත් වැඩ බැලුවෙ.(එහෙම කාලයක් හමුදාවෙ තිබුනා)  සර්ට විස්තරේ කීවාම නිවාඩු දෙන්න බෑ කීවා. නමුත් මං තව පාරක් සර්ට කන්නලව් කරල විස්තරේ තවත් පැහැදිලි කරලා "පවු සර්,යුද්දෙත් ඉවරයිනෙ" කිව්වම.

*කෝ දියං. තෝ කෝපලය හිංද තමා මටත් දවසක හිරේ යන්න වෙන්නෙ..තොගෙන්නෙ මෙතන බෙිරෙන්ඩ බැරි. කියල නිවාඩුව අත්සන් කලා. ඒ, ඒ සර්ගෙ හැටි. එතකොට අණදෙන නිළධාරි හිටියෙ මගේ හැම  ලිපියක්ම කියවන මනෝජ් ඩොක්ටර්ගෙ පියා ලුති/කර්නල් ඩයස්. 

ඔය විදියට බණ්ඩාරට  නිවාඩු ලබාදුන්නා. ඒ වෙලාවෙ මං දැක්කා බණ්ඩාරගෙ මූනෙ තිබ්බ එළිය. ඇස්දෙක ලොකු කරගෙන තමා අනුමත නිවාඩු ස්ලිප් එක අත් දෙකෙන්ම ගත්තෙ. 

ඒ නිවාඩුව ඉවරවෙලා එද්දි ඌ ගෙනාපු දේවල් අපි සතියක් විතර කෑවා. කැවුම් වර්ග, තව තව කැවිලි වර්ග හෙන ගොඩක් ගෙනත් තිබුනා. අදටත් මෙිව මතක් වෙනකොට හද⁣වතේ සියුම් තැන් අළුත් අළුත් වෙලා ප්‍රබෝධමත් වෙනවා.


එක දවසක් මෙි බැජ් එකේම කොල්ලෙකුට හරි වැඩක්වුනා. උගේ නම හේරත්. උස අඩි 5'11"ක්. හෙනට කෙට්ටුයි. බඩට ටුක්කැව්වත් දෙකට කැඩෙන සයිස්. එදා මං බිලට් එකේ තේ බොන්න ඇවිත් හිටියෙ. ඒ වෙලාවෙ ආධුනිකයො ඉන්න පැත්තෙන් හයියෙන් හයියෙන් කසුකුසුවක් ඇහෙනව. ආයෙ හයියෙන් කිහිප දෙනෙක් හිනාවෙන සද්දයක් ඇහෙනවා. එකෙක් හිමීට පිටට නෑහෙන තරමට කුණු හරප කියනවා උනත් මගේ කන්වලට ඒව හොඳට ඇහෙනව. එකම බිලට් එකේ කෝපල්ල ඉන්න පැත්තයි සාමාන්‍ය සෙබළු ඉන්න පැත්තයි ගණ කළු  ඉටිරෙද්දකින් වහල වෙන් කරල තිබුනෙ. යන්නෙ එන්නෙ ඒ ඉටි රෙද්දෙම දොරක් විදියට කපල තියෙන තැනකින්. 

මම හිටියෙ මගේ ඇඳ උඩ ඉඳගෙන තේ එක බිබී. ඒ ඉන්න ඉරියව්වෙන්ම උන්ගෙ කොටස පැත්තට හැරිලා හයියෙන්..

*මොකද්ද හුක්.. තොපේ සද්දෙ. දන්නැද්ද කෝපල්ලා ඉන්නවා කියල.හයියෙන්

 අහපුවම ඒ පැත්ත මීයට පිම්ඹාක් මෙන් නිශ්ශබ්ද උනා. විනාඩි කීපයකින් ආයෙත් අර සද්දෙ පටන් ගත්තා. මාත් කොල්ලොනේ කියල නිහඬව පාඩුවෙි හිටියත්, හිටපු ගමන් එකෙක් දුවගෙන ඇවිත් මට ලියුමක් දුන්නා. ඌට එන්න නොදී හේරත් පස්සෙ ඉඳන් ඌව ඇද්දත් ලඟ හිටපු එවුන් හයියෙන් හිනාවෙනවා. කොහොම හරි උන්ගෙන් බෙිරිලා ජයසිංහ මට ලියුම ගෙනත් දුන්නා. ජයසිංහ කියන්නෙ මගෙ ඔෆීස් එකේ ලිපිකරුවෙක්.මගේ ගෝලයෙක්. ඌත් හයියෙන් හිනාවෙවී තමා මෙික ගෙනත් දුන්නෙ. මාත් තේ එක බොන ගමන් ඒ ලියුම තනි අතකින් දිගෑරගෙන කියෙව්වා. කිව්වට විස්වාස කරන්න මගෙ ආදරණීය යාලුවනේ ඒ මං මගේ ජීවිතේට කියෙව්ව හොඳම ලියුම. ඒක කොච්චර හොඳ ලියුමක්ද කියනවනම් තේ එක ඉස්පොල්ලෙ ගිහින් කැස්සකුත් හැදුනා හොටුයි කඳුලුයි බෙිරෙන්නම. මම හිතුවෙත් මාව ඒ වෙලාවෙ මැරෙයි කියල. 


                                              ගෙදරදී.

අයියනායක දෙයි පිහිටයි.


මයේ ආදර දිගංචි කොලූ වෙත.

මයේ පුතේ, 

ඊයේ හැංදෑකොරේ උඹලෑ ලොකු නංගීගේ පුක මල පීදුනා. ඒකිත් දැං ඉංනේ ගේ මුල්ලේ. තාත්තානං කියෝ කියෝ ඉන්නවා මිසක් මුකුත් කරන පාටක් නෑ. ඒකි කියනව දම්පාට අලුත් ගවුමක් ඔිනෑමයි කියාලා.

ඒක මතක් කරාලාම උඹට කියන්ඩ කිව්වා. තව ඒකි අහනවා, උඹෙි අර අකුරුතුනේ යන්තරේ ඒකි ඉන්න කාබරේට අරගන්නේද කියාලා. හා කියන්ටද? ඒකි කොහොමත් පිචැර්වලට ආසයි නොවැ මයෙ පුතේ. ඔන්නොහෙ ගත්තාවැයි . උඹ ගිය මාසෙ එවපු සල්ලිත් ටිකයි තියෙන්නෙ. තාත්තාගේ බෙිත්හේත් ඔලටත් සල්ලි අහුරුගණන් ගියේ. 

කෙලීගේ උස්සවෙිගැන කියව ගන්ඩත් යන්ඩ ඔිනෑ. උඹටත් ඇහැක්නං මෙි අහ ඇහිත් පලයන්. මං දිනේ කියාලා එවන්නං.


මයෙ දිගංචට දළදා හාංදුරුවන්ගේ පිහිටයි.

මීට 

අම්මා


මෙි ඒකෙ තිබ්බ ටිකක් විතරයි. මෙික ලියල තිබුනු විදියට බොහොම අමාරුවෙන් කියවගෙන හිනාගියත් දෙවෙනි පාර ලියුම තේරුම් ගන්න කියෝපුවම මට මූ ගැන පව් කියල හිතිල, හිනාවුනාට මට මා ගැනම තරහක් ආවා. හේරත් ලැජ්ජාවෙන් බිම බලාගෙන හිටියත් උගේ හිත හදලා දවස් විසිතුනකට  දවස් හතක නිවාඩුවක් දෙවන අණදෙන නිළධාරිතුමාට කියල අනුමත කරල දුන්නා. අකුරුතුනේ යන්තරේ කියන්නෙ වීසීඩී එක කියල උගෙන්ම තමා අහල දැනගත්තෙ. එදා ඉඳන් හේරත් දිගංච වෙලා.. දිගංචා පතෝලයා වෙලා...අන්තිමෙිට පතෝල හේරත් බවට පත්වුනා. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.09.19

Friday, September 18, 2020

විරහවෙි පැතුම



අඳුරක ගිලෙන නුබ ගැබ තරු පිරිස           අරා

අහිමිව වසත් කාලය පිණි කඳුළු                පුරා

බටහිර අහසෙ හිරු වැලපේ මියෙන         තුරා

පුරහඳ නැගේ හන්තානෙන් ලොවට      හොරා


තඹරුන් සුපිපි විල දස දෙස සුවඳ           කෙරූ

බමරුන් සමග රැඟුමන් වෙති සිතැඟි       යුරූ

අමතක නොකල මැන ලෝකය තිබෙන   තුරූ

මම වෙමි එ විල විකසිත කල එකම         හිරූ


සත්සර බිඳුනු තාලය සවනට                 නාසත්

දැල්වුනු පහන් එළි මැද විය මද             හාසත්

නෙත් යුග ලබන්නට දී කඳුලැලි             පාසත්

ඉස්මතු කලෙමි නුඹ ඉදිරියෙ ගති       බෝසත්


මතු අත් භවක මා මිහිමව කුසේ               අරා

සමතිස් පෙරුම් බලයෙන් පින හිසේ          දරා

විවරණ ලබා පව අව්ඳුව ලෙසේ                 ඉරා

බුදු වෙන භවෙි වෙනු මැන මගෙ යශෝ     දරා


රුවින් පමුද්ත යද්දෙහිආරච්චි

2010.09.16

Wednesday, September 16, 2020

පොලේ ගියපු හැටි

 මෙි කාලෙ මට හරි වියදම්. ආයෙ මොනාද කියනවනං නිකන් ටවුමට ගිහින් එන්නත් තුන් හාරදාහක් යනව. ඒකටත් එක්ක අපේ බවලතීත් සෙට්ටුනානං ගොඩෙි ගොඩ. එවුන්දැට කඩෙික බෝඩ් එකක් බලන්නත් දාහක් දෙදාහක් යනව. ඒක මට විතරක් නෙමේ තව ගොඩක් අයටත් එහෙම තමා.


මං ගියානෙ මෙි ලඟදි පොලේ. මෙි ගමනටනං එවුන්දැ එක්කාසු කර ගත්තෙ නෑ. මොකද මං එයාව ගමනකට එක්කාසු කර ගන්නවනං ඒ අතේ යහමින් තියෙන දවස්වලට විතරයි. මෙදා මං තනියම ගියේ. ඒත් ඉතින් තනියටනම් ඔින තරම් මග ඉන්නව. මගේ පාඩුවෙි ගමන ගිහින් වැඩෙිත් කරගෙන එන්න මං ගොඩක් පරිස්සම්. එදා කිරිඳිවැල පොලට ලස්සන සුදාම්මි කෙනෙක් ඇහිත් හිටියා. දනහිසෙන් උඩට වියතක් කොටයි සාය. බුලිලත් පේනවා. මගෙ රබර් ඇහැත් මට නොදැනිම ඒ පැත්තට හැරිලා හිතට එව්ව මෙව්ව වෙන්න ගත්තා.  ආයෙ මොනාද මයෙ අප්පලා, බුලිලෙ බය නැතුව ඔිමි අතක් හත්වාසියක්,තුන්සිය හතරක් කැත නැතුව ගහන්ඩ පුලුවන්. පොලිසියෙන් පැන්නොත් හැංගෙන්ඩත් ඔින තරං ඉඩ. උන්දැ එලවලු තෝරන්න නැමෙද්දි මයෙ අප්පේ..... ඉතින්. අනවස්සිය ඒව සම්පූර්නයෙන් නොපෙනුනත් බාගයක්නං පේනවා. ඒ කෙලින්ම මෙහා පැත්තෙ පලතුරු විකුනන එකා යටි ගිරියෙන් මොරදෙනවා පලතුරු ටික විකුනගන්න. සාමාන්නියෙන් පලතුරු විකුනන්න කෙනෙක් කෑ නොගැහුවත්, මෙි චිත්තරේ දැක්කම මට හිතුනෙ මූට ඉබෙිටම කෑ ගැහෙන්න ඇති කියල.


ආ... එන්න නෝනා මහත්තයා.. අල්පොන්සු අඹ..අල්පොන්සු අඹ.. කිලෝව තුන්සීයයි කිලෝව තුන්සීයයි.අල්පොන්සු අඹ අල්ල පොන්සු අඹ.. අල්ල පොන්ස් අඹ.. ඉල්ලල අඹ ගන්ඩ..ඉල්ලල අඹ ගන්ඩ.. එන්ඩ එන්ඩ.. 


මෙිකා මෙි කෑ ගහන්නෙ අර ලමිස්සි එලවලු, ලූනු තෝරන්න නැමෙන නැමෙන පාරට සහ ඒ තාලෙට.


එන්ඩ එන්ඩ නෝනා.. උක්කන්ඩ උක්කන්ඩ, කලු උක්,ගැට උක්..දත් ඇතිදා උක්කන්ඩ... 


අරුන්දැ නැමෙනකොට..


අනෝදා ආනෝදා..ආන් නෝදා අන්න හොඳා... ගෙඩිය හොඳා.. 

අන්නාස්සී අන්නාස්ස්ස්සී ආන්නේස්ස්සී..ආන්න ඒසී.....


 මිනිහා බර්ස්ට් එකේම ගහනව.. එන්ඩ එන්ඩ උක් කන්ඩ, උක් කන්ඩ, ආන්නොහොඳා..අල්පෝන්සුවාඹ..ආන්නේස්ස්සී...

 ඉල්ලල අඹ ගන්ඩ ඉල්ලල අඹ ගන්ඩ..රෝස පාටයි රෝස පාටයි අල්ලපෝන්සුවාඹ....එන්න එන්න උක් ගන්ඩ උක්කන්ඩ


මූ කියන්නෙ මොකද්ද කියල මට තේරුනත් මං හිතන්නෑ වෙන කාටවත් ඔික තේරුනා කියලා. ඒකටත් කලාත්මක හිතක් තියෙන්න ඔින.

මාත් හිමින් සැරේ ඒ ඉටිරූපෙ ඉන්න තැනට කිට්ටුකලේ වල් කමටමත් නෙමෙි. ඒ දැරිවි ගත්තු එලවලු වලින් ටිකක් ගත්තොත් හොඳයි කියල හිතුනු හිංද. මයෙ අප්පේ බලන්ටෙපැයි පුසුඹ. ආයෙ මොනාදප්පා... පොලේ තියෙච්ච කුනු වෙච්චි ගෝවා ලීස් කොලවලිනුයි වැස්සට තෙමිච්චි කරවල වලිනුයි පුසුඹ අරං හමාඑන මද සුළග මෙයැයිගෙ පුසුඹත් කලවන් කරගෙන ඇවිත් නාහෙ වැදුනම මට, මද කලන්තෙ ගතියකුත් එන්න ආව. ඒකත් බෝම අමාරුවෙන් එව්ව මෙව්ව කරගෙන හිමින් සැරේ කිට්ටු වෙලා මාත්..

*උන්නැහේ.. ලූනු කියද.

*එසිය ඇටයි මාත්තයා..දාමුද කිලොවක්..

*මං ගොඩටම නෙමෙි ගාන ඇහුවෙ. කිලෝවක ගාන.

මිනිහ මට උත්තර දුන්නෙ අරුන්දැ නැමිල  බටු තෝරද්දි දියට පනින්න හදන හංසයො දෙන්නෙක් දිහා බල බල.

*එහෙනං පන්සීයක් දාන්නකො.

මුරුංගා කීයද?

*බාගෙ ඇටයි මාත්තය.

*බාගෙයක් දෙන්ඩකො. බටු කීයද?

*එලෝලුනං මෙි දවස්සල සුට්ටක් ගනන් මාත්තය, මාත්තයට හිංද පන්සියට අසූවක් දෙන්ඩකො.

*තමුන්නැහේ මාව අඳුරනවද?

*නෑ. ඇයි මාත්තයා ඒම ඇවුවෙ.

*නෑ මට හිංද අසූවක් ඉල්ලපු නිසා. බටු එපා. මෙි දවස්වල මං ගෙදරනෙ ඉන්නෙ.අනික ඔය බටු මදි.

කැරට් කීයද?

* එකසිය විස්සයි 

*ගොඩටම නෙමෙි ඇහුවෙ.

*මොන හුක්.. මුදලාලි එහෙම කිව්වම ඒ වෙලාවෙ අල්ලපු පොට්ටෙකේ මුකුනුවැන්න තෝරමින් හිටිය ඒ ලමිස්සිත් මා දිහා හැරිල බැලුවා. සිස්.. හීනි හැපියක් නහරවැල් දිගේ ඇදී ගියා. ඒ කියන්නෙ එයාලා අපි දිහාත් බලනව.


ඒ සුදාම්මි මං දිහා ටික වෙලාවක් බලා ඉන්නවා මගේ රබර් ඇහැට දැකල,මං හැරිලම එයා දිහා බැලුවා. එයා යන්තමට ඔලුව ඇල කරලා හිනාවෙලා අනික් පැත්ත බැලුවා. මෙික මට ප්‍රහේලිකාවක් වගේ වුනු නිසා මං එයාට නොදැනෙන්න එයාගෙ පස්සෙන් ගියා. එයා සිල්ලර අයිටම් තියෙන තැන නැවතිලා කව්පි මුංඇට ඉල්ලද්දි මං මැද්දෙන් පැනල මිරිස්කුඩු ඉල්ලුවා. එහෙම කලේ එයාගෙ අවධානය ගන්න ඔින නිසා. එයා ආයෙ හැරිල මං දිහා බලල හිනාවුනා. මොනා හරි අහන්නත් හැදුවා වගෙ හිතුනත් මොනාක්කත් ඇහුවෙ නෑ. හැබැයි මටත් මෙි ඩෑල්ලෙක චුට්ටක් හුරුයි. ඒත් සංසාරෙ පුරුද්දක්ද කියල කව්ද්දන්නෙ. මාත් තෝර පරිප්පුයි මුංඇට පැකට් එකකුයි අරං එයා දිහා බලද්දි,

*ඔයා මිස්ටර් ආරච්චි නේද?

*යේස් අයෑම්. බට් අයි ⁣ඩෝන් රිමෙම්බර් මච් එබවුට් යූ.. 

*යෑහ්.. පොබබ්ලි. අයි රිමෙම්බර් යූ. ඈම් වීරසේකර, රිමෙම්බර් බැටිකලෝ කෑම්ප්. 

*ඔිහ්.. යූ.... දයානි චන්ද්‍රිකා වීරසේකර

මතකයි මතකයි.. ඉතින් කෝමද? ගොඩක් කාලෙකට පස්සෙනේහ්...

ඉතින් අපි දෙන්නත් එකේකෙව්වා කතාකර කර බඩුත් අරන් කාලෙකින් හම්බුනු නිසා මංම යෝජනා කලා මොනා හරි බොමු කියල. ඒ වෙලාවෙත් මගේ හක්කෙ විටක් පුරෝල තිබුනත් ලමිස්සියෙක් එක්ක විට කක කකා යන එක කැතයි කියල හිතුනු හංද ඒකි අහක බලනකං ඉදල එක පාරටම කටෙි තිබ්බ විටෙි ගිලල දාල අඹුවයි සැමියයි වගේ ජූස් බාර් එක්කට රිංගුවා. 

බීම කටක් බොනව වුනත් හීනි සංගීතයක් තියේනං හිත හදාගෙන බොන්න පුලුවන්. අපි දෙන්නම ගියේ ඒවගේ හීන් ආතල් එකක් තියෙන තැනකට. ආදර වන්තයෝ වන්තියෝත් ජෝඩු දාගෙන කපල් දෙක තුනක් හෝ ගාලා බට වලින් ඔිසෙට ජූස් අදිනවා. හරියට ඇග්‍රිමෙක් පොම්පෙකින්  වෙිලිච්චි කුඹුරකට ඇලකින් වතුර ගහනව වගේ.

*අක්කා බොන්න මොනාත් තියෙන්නෙ?

කැසියර් සීට්ටෙකේ හිටපු අක්කා අයිටම් එකත් පලතුරු වර්ග විස්සක විතර නම් කිව්වත් අපි දෙන්නම එක දෙයක් තෝරගෙන කියල ඒක හදල මෙිසෙට ගේනකං කතාබහ කර කර හිටියා.

*සර් දැං රිටායර්ඩ්ද.

*ඔි. වැඩිකල් නෑ. අවුරුදු එකාමාරක් විතර වෙන්නෙ. උඹ බැන්දද.

 අර රසනි භාන්ඩෙ පස්සෙන් පාන් බනිස් ඇද ඇද යන්නැතුව මෙිකිගෙ පස්සෙන්වත් ගියානං කියල මට ඒ වෙලාවෙ නොහිතුනාමත් නෙමෙි. 

බලන්ඩෙපෑ, ඒ දවස්වල කෝපල් කෝපල් ගාගෙන හොටු පෙරාගෙන හිටපු උං අලුගසාදාල ආවම තියෙන අපූරුව.


*බැන්දා සර්. දැං මං කම්පැනි එකක වැඩ. මහත්තයත් ඒකෙමයි වැඩ.

*ඔයා ඒ දවස්වල කිව්වෙ රක්ෂනේක වැඩ කරන එකෙක් සෙට්ටුනා කියලනෙ. ඌවද බැන්දෙ.

*ඔි. අපි දෙන්නම දැං ඒකෙ වැඩ.

*සෝක්නෙ බම්. ඒත් බං රජේ ආයතනේක ඔහොම ඇඳුම් අඳින්න දෙනාද බම්.

*ස්සුනේ...අද නිවාඩු. එතනට සාරිය ඇඳල යන්නෙ. 

ඔහොම කතාබහ අතරේ ඒකි ඊලඟට පටන් ගත්තේ ජීවිතේ අනිත්‍යතාවෙ ගැන කියවන්න. මයෙ අප්පේ බුදු හාමුදුරුවො මොනාද දන්නෙ. මෙයාලනෙ ඒක ගැන හොඳට දන්නෙ. ඒත් මං එයාගෙ මාකටින්වලට අහුවෙන්න ගියේනෑ. බිකෝස් මාත් හොඳ ඇම්ඩෙක් තමා. 


 ඉස්සෙල්ලාම සොට් දෙක තුනෙන්ම ජූස්සෙක ඇදපු මං,කට වටෙත් පිහදාගෙන එතනම තියාගෙන සාක්කුවෙ දාඩියට බොඳවෙච්චි කරදාසියක ඔතා තිබුනු විටෙත් ඇදගෙන දිගෑරගෙන හොඳ විටකුත් ඒදල ඒකත් ඇඟිල්ලෙන් දකුණු හක්කට තියල තල්ලු කරා. සමාජ අධ්‍යන සර් වගේ ඇඳල හිටියට කටෙි විටක් තිබුනට වැරැද්දක් නෑ. ගිලීමලෙත් ඇත දත සුද්දෝ කිව්වට ගම්පහත් දත් කහට වුන් ඉන්නවා.


*සර්නං වෙනස්වෙලාම නෑ සර්. එදා හිටපු ජෝකර්මයි තාම ඉන්නෙ.

අපිත් එතන ඉදන් ගොඩක් දේවල් කතා කර කර ඉන්න අතරේ පසුබිමෙන් හීනි බයිලා සිංදුවකුත් ඇහෙන්න ගත්තා.ඒක අපිටම ගැලපෙන එකක්.


*මලකින් බෙිරෙන පැණි බිංදූ

මීමැස්සන් බමරුන් කැන්දූ

අත්තක මී වදයක් බැංඳූ

ලස්සන කටන්දරේ..ලස්සන කටන්දරේ..


මං මොනවා කතාකලත් හිත තිබ්බෙ ඒ සිංදුවට. ඒක හරියට අපි දෙන්නා ගැන හිතලම කියන සිංදුවක් වෙන්න ඇති. ඔහොම සිංදුවට කන තියාගෙන ඉන්න ගමන් කරුමෙ කියන්නෙ ඒ රෙද්දෙ සිංදුවත් එකපාරටම ප්‍රතිවාදනය වෙන්න පටන් ගත්තා.


*මලකින් බෙිරෙන පැණි බිංදූ

මීමැස්සන් බමරුන් කැන්දූ

අත්තක මී වදයක් බැංඳූ

ලස්සන කටන්දරේ..ලස්සන කටන්දරේ..


මලකින් බෙිරෙන පැ..පැ..පැනි බි....බි... බි... බි..ංංංදුඌඌඌ

මලක්...කින් බෙි... මලකින් බෙි... මල කින් බෙි... මල කින් බෙි...මල කිම් බෙි...


පැන්න ගමන් කඩෙි අයිති නෝනා කැසට් එකට වම් පයින් ඇන්නා බිමට රෝල් වෙලා වැටෙන්න. ඒ කරල නැති බැරි කමට කුඩු විකුනල අහුවෙච්චි අර අම්මන්ඩි වගේ අපි දිහා බලල ඔලුව කැහැව්වා. ඒක ඇහිච්චි ජූස් ඇද ඇද හිටපු කපල් මූනට මුන බලද්දි මං හිත හිතා හිටියෙ නෑ. නොදැනුවත්වම වීරසේකරගෙ අතින් අල්ලගෙන ඒකිවත් ඇදන් එලියට පැන්නා. 

අහන් ඉන්න පුලුවන් දෙයක්ද දෙයියනේ ඒ සිද්දවුනේ.


හොඳ වැඩෙි...


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.09.18

Tuesday, September 15, 2020

සිහිනය සැබෑ වෙිවා

 ෴සිහිනය සැබෑවෙිවා෴

=====================


අරි අට මගට පිලිපන් සිත පැව                 තීම 

සතුටකි ආරි ධර්මය තුල ගැව                    සීම

තවමත් ඉවර නැත සිරුරට සැප                 දීම

අවසන් කල යුතුයි සසරෙහි ඉප                 දීම


සුභ නැකතකට යොමුවී කහ සිවුර           දමා

ගමි ගමි වැළඳ සිරි සදහම්  පවුර              අමා

බණ භාවනාවන් කොහොමත් තිව්ර       තමා

සම්බෝධියට එළඹෙමි හිස, දෙව්ර          නමා


දොළසක් පමණ වයසෙදි පොඩි එකා      වියේ

එකලෙහි සිටන් අරමෙහි කල ගෙවී       ගියේ

තවමත් එ'අරමුණ නොවෙනස් වෙලා    තියේ

නැත නැත නිමක් දහමට ඇති පිපා        සයේ


සුවිසල් අරමුණකි යටි හිත තුල          තිබෙන

සිතුවිලි වලින් වුව මහ සතුටකි          ලැබෙන

එළඹෙන දසකයේ මැද නැකතකි           ලබන

නවතා දමමි පියවර සසරට                    තබන


හුරුකර තිබේ දැනටම බාවනා                  වන්

යටපත් වෙිය ගිහි ලොව පෑ සිනා              වන්

මුණිවර උතුම් ගුණ ලැබ ගත් කලා          වන්

මට වාසනාවන් මට වාසනා                      වන්


දැක දැක ගිහි ගෙයෙහි ඇති අන්ත         රාය

ඉවතට ගත නොහේ සිත රත් ක             රාය

මෙයටත් පෙරදි සිවුරට තැත් ක               රාය

එනමුත් බැඳීමන් මා කොන් ක                 රාය


දැක දැක සිහින සයනය මත උඩු          කුරුව

සිදුවීමක් වෙලා බිරිඳව  බය                 කෙරුව

මුහුනට වැදුනි පහරක් ඉවසනු             බැරුව

අවදිව වැඩට පල! පැවසිය අන              තුරුව


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.09.14

මීයන්කුළම් සටන

 ඒ 1996 අවුරුද්ද. හරියටම දිනය කියනවනං දුරුතු පෝය දවසෙ උදේ. 


මීයම්කුලම් කඳවුර කියන්නෙ අපේ ඒකකය ස්ථානගත කරල තිබුනු 232 බලසේනා සුලස්ථානය  බළප්‍රදේශයට අයත් බටහිරෙන් තිබුනු අන්තිම කඳවුර. මෙතනින් එහාට, ඒ කියන්නේ පොලොන්නරුව පැත්තට වෙන්න අයිතිය තිබුනේ 231වන බළසේනා මූලස්ථානයට. 

මෙි මීයන්කුලම් කඳවුර හැඳින්වූ තවත් නමක් තමා "කම්බෑට් කෑම්ප්" කියන්නෙ. කඳවුරටම තිබුනු ස්ථීර බිල්ඩින් දෙකෙන් එකක් අපි ප්‍රයෝජනයට අරන් තිබුනෙ කාර්යාලීය ප්‍රයෝජනය සඳහා. ඒක ආරක්ෂක හමුදාවන් විසින් අත්පත් කරගන්නට කලින් තිබුනු එල්ටීටීඊ කඳවුරක්.  


කොළඹ මඩකලපුව ප්‍රධාන පාරේ පූනානි ඉඳල 116 සහ 117 කඳවුරුත් සහ ඊලඟට  ටී හංදිය කඳවුර, ඊලඟට තමා මීයම්කුලම් කඳවුර පිහිටියේ.  එවකට පැවති ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් රටෙි මිනිස්සුන් මෙි පළාත වෙනම කොටසක් පළාතක් විදියට  හිතන්න, දකින්න පටන් ගත්තත්, ඔවුන් නොදැකපු එක දෙයක් තිබුනා. ඒ තමා රට මැද්දත් එක්ක මඩකලපු දිස්ත්‍රික්කය සම්බන්ධ කරගෙන සිටීමටත් එහි සිවිල් පරිපාලන කටයුතු කරගෙන යෑමටත් ආරක්ෂක හමුදාවන් සහ පොලිසිය,පොලිස් විශේෂ කාර්‍ය බළකාය දරපු උත්සාහය. මෙිකට තැනින් තැන නේවි එක,එයා ෆෝස් එක සම්මාදන්වුනත් වැඩිම වගකීම තිබුනේ භූමි මෙහෙයුම් සිදුකරන යුධ හමුදාවට.  

මෙය දේශපාලණික වශයෙන් අනාරක්ෂිත ප්‍රදේශයක් වුවත් එහි සිවිල් පරිපාලන කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් මෙි සෑම අංශයක්ම මහත් පරිශ්‍රමයක් දැරුවා. මෙි තමා රට මැද්දත්  එක්ක නැගෙනහිර සම්බන්ධ කරන  ප්‍රධාන සැපයුම් මාර්ගය. (MAIN SUPPLY ROAD)


වැලිකන්දෙන් මඩකලපුව දෙසට එනකොට මඩකලපුව දක්වා පිහිටි මෙි මාර්ගය ආරක්ෂා කිරීම ඉහත කියූ සෑම අංශයකම ප්‍රධාන වගකීම වුනා. ඒ කාලෙ රාත්‍රී 10ට මෙි පාර වහනවා. ආයෙ උදේ කීයට හරි මාර්ග සෝදිසි රාජකාරියෙන් පසු තමා පාර අරින්නෙ. මීයම්කළම් කඳවුරට නිරන්තරයෙන් කොටින්ගේ ප්‍රධාන බලපෑම් එල්ලවුනා. ඒකට හේතුව මෙි කඳවුරට අයත් භූමියේ භූගත කොටසක එල්ටීටීඊ ආයුධ හා පතුරම් ගබඩාවක් තියෙනවා කියන කතාව. මං දන්නා විදියට ඒක ආරක්ෂක හමුදාවන්ටත් හොයාගන්න බැරිවුනා. 2004/5 කාලයෙන් පසු වෙච්චි දේවල්නම් හරියටම දන්නැහැ. නමුත් ඒ කාලෙ නැගෙනහිර කොටි නායකත්වය විසින් නිතරම මෙි කඳවුරට ප්‍රහාර එල්ලකලේ පැය දෙකකට උන්ට කඳවුර අල්ලගන්න තිබ්බනං ඇති කියල. ඒ අර අවි පතුරම් ගබඩාව ඇදගන්න. නමුත් ඒකම තමා කවදාකවත් වුනෙත් නැත්තෙ. 


වැලිකන්දෙන් මෙහාට නාවල්අඩි දක්වා පිහිටි මාර්ගය පුදුම ලස්සනක් තියෙන්නෙ. සමහර තැන් ක්ෂිතිජයත් එක්ක ක්ෂිතිජය කැඩී පේන කොට හිතෙන්නෙ අහසට යන්න තියෙන පාරක් වගේ. පූනානි ඉඳන් මීයම්කුළම් කිට්ටු වෙනකන්ම දෙපැත්තම සම්පූර්ණ විවෘත භූමියක්. පුංචි පුංචි කඳුගැට දෙක තුනක් වටා සහ තව සමහර කඳුගැට මැද්දෙන් වැටී තිබුනු පාරේ, සමහර තැන්වලට කිලෝ මීටර් ගාණක් දුරකින් යන වාහන වුනත් හොඳට පේනව. මෙි ඒරියා එකේ මාර්ගය ටිකක් උස්කරල බෝක්කු දාල තියෙන හිංද ලඟ ලඟ බෝක්කු දාල තියෙන තැන්වලින් වාහනයක් යද්දි හිතට එන්නෙ නැවක ගමන් කරනවා වගෙ ෆීලින් එකක්.  මෙි පාරෙ දෙපැත්තෙන්ම ඇතුලට මීටර් 50ක් විතර හොඳට එළි කරල තිබුනෙ. ඒ අපේ සහ පාරේ යන එන අයගේ ආරක්ෂාවට. මඩකලපුව පැත්තට එනකොට දකුණුපැත්තෙන් ඈතින් පෙනෙන තල්මංඩි සහ කුඹුරු යායවල්,වාකනේරි වැව ඇත්තටම ඇසට රසඳුනක්. අපේ උසටත් වඩා වැවී තියෙන මාන ඉලුක් කැලේ දැක්කහම බඩ දනවා. ඒ අපි ඒවා හරහා දවස ගානෙම එහෙ මෙහෙ ඇවිදන් යද්දි ඒවා ගෑවිලා කහන හිංද. නැතිනං කැපෙන හිංද. වම්පැත්තට තියෙන්නෙ ලඳු කැලෑව. දකුණු පැත්තෙත් ටිකක් විතර ලඳු කැලෑව තිබුනත් ඒක මහා ලොකු කැලයක් නෙමෙි. ඈතින් පේන තල්මංඩි අස්සෙන් රතුපාටට පොඩිවට පේන පොඩි පොඩි ගෙවල්වල වහලවල්වලට හෙවිල්ලා තියෙන උළු, මෙි පරිසරයට අමතර ලස්සනක් එකතු කලා. මම ඒ වෙද්දි ආධුනිකයෙක් වීම නිසාත් තවමත් එකදු නිවාඩුවක් හෝ ගොස් නොතිබීමත් නිසා ඒ ගෙවල් දකිද්දි හිතට පුදුම දුකක් දැනුනා. ඒ "මට වඩා ඒ ගෙවල්වල මිනිස්සුන්ට නිදහසක් තියෙනවනෙ දෙයියනේ" කියල නිතරම හිතෙන හිංද. ඒ පැත්ත බලාගෙන හූල්ලපු වාර ගණන නම් මෙතෙකැයි කියා කියන්න බැහැ. ඒ තරමට දුක හිතෙනවා. අකුරුවලට නොපෙරලෙන හැඟීම් සමුදායක් අදටත් හදවතේ කොනක තිබිල  ඒ ගැන සිහිවෙනකොට එලියට ඇදිල එනව. 


 එවකට අපේ කණ්ඩ භාර නිළධාරි හිටියෙ ලුතිතන් එල්එච්බී රංජන්.(මට අවසන් වරට හමුවෙනකොට මෙිජර්/දැන් විශ්‍රාමික. මෙිජර් බැසිල් ළමාහේවගේ). මෙි සිදුවීමට පාදක වුනු දිනය හරියටම කියනවනම් ඒ  අවුරුද්දේ පළවෙනි පෝය දවස. අපි හිටියෙ මාර්ග සෝදිසි කිරීමෙි රාජකාරියේ සහ ඉන්පසු ස්ථානගත කරන මාර්ග ආරක්ෂක මුර රාජකාරියේ. උදේ අටට විතර අපිව පෝලින් කරල පිකට් පොයින්ට් වලට දාන අය නම් කරන්නෙ කණ්ඩ භාර සැරයන් විසින්. එදා කණ්ඩ භාර සැරයන් විදියට කටයුතු කලේ කෝප්‍රල් කෙනෙක්. එයා මාවත් ⁣ලා/කෝ බණ්ඩාරත්, සාසෙ විමලානන්ද දසනායකත්  ෆ්ලෑන්ක් එකට නම් කලා. මෙි ෆ්ලෑන්ක් එක කියන්නේ ඒකේ ඉදිරියට යද්දි මාර්ග ආරක්ෂක මුරයට පැති ප්‍රහාරයක්, ඉදිරියෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් එයට ප්‍රථමයෙන් මුහුන දෙන කණ්ඩය. ගොඩක්ම ඩෙින්ජර්. කඳවුරේ ඉඳන් වාලච්චෙින පැත්තට තියෙන පාර සෝදිසි කිරීම තමා අරමුණ. 


කණ්ඩ භාර නිළධාරි තුමා නියමිත වෙිලාවට අණකලේ "හරි පටන් ගන්න" කියන නියෝගයෙන්. ඉස්සෙල්ලාම සාසෙ විමලානන්දත් ඊලඟට මමත්,අන්තිමට එල්එම්ජී අවියකින් සන්නද්ධ  ලාකෝ බණ්ඩාරත් එලියට බැහැලා ෆ්ලෑන්ක් එක දාගත්තා. ඊලඟට වමෙි ෆ්ලෑන්ක් එකත් පිලිවෙලින් මාර්ගය සෝදිසි කරන හරස් පෙළත් එලියට බැස්සා. එහෙම බැහැලා ලයින් එක හදාගෙන අපි මීටර් සීයක් එකසිය පනහක් විතර දුරක් යනකොට කණ්ඩ භාර නිළධාරි තුමාගෙන් අණක් ආවා "වහාම නවතින්න" කියල. අපි හිටපු හිටපු තැන්වල නැවතුනා. ඊලඟ පණ්වුඩය ආවෙ " අද අවුරුද්දෙ පළවෙනි පෝය දවස නිසා කට්ටියම ආපසු ඇවිත් කඳවුරේ තිබුනු කුඩා බුදු මැදුරේ මල් පහන් පූජා කරල ආපහු යමු" කියන නියෝගය. ඒ කාලෙ අපි මාර්ග සෝදිසි මෙහෙයුමෙි යනකොට සැක සහිත පඳුරු වලට,ස්ථානවලට වෙඩි තිය තිය තමා යන්නෙ. ඒකට කාගෙන්වත් තහනමක් තිබුනෙ නෑ. අනික ඒක අපේ ආරක්ෂාවටත් හොඳයි. මාත් මෙි වෙද්දි පතුරම් දෙකක් තුනක් වෙඩි තියල තිබුනෙ පාරෙ වම්පැත්තෙ තිබුනු වලවල් සහිත භූමියේ පඳුරු කිහිපයක් ඉලක්ක කරගෙන. නමුත් පිටුපසින් ආපු නියෝගය අනුව අපි ආපසු හැරුනා. හැරිල මීටර් පනහක් එන්න ඇති. එකපාරටම අපිට පිටුපසින් ඒ කියන්නේ 126 කඳවුර පැත්තෙන් එක්වරම එල්ලවූ කොටි ප්‍රහාරයකින් අපි තුශ්නිම්භූත වෙලා  ගියා. ඒත් එහෙමයි කියල දුවන්න බෑ. ඒ වෙලාවෙි ගත් ක්ෂණික තීරණයක් අනුව අපි කලේ නැවත ඒ පැත්තට හැරිල එල්ලවෙන ප්‍රහාරයට ප්‍රථි ප්‍රහාර එල්ලකරන එක. මෙි ප්‍රහාරයට කෙලින්ම ඉස්සරලාම අහුවුනේ මමත් එක්ක හිටපු වම් පැත්තෙ ෆ්ලෑන්ක් එක සහ මාර්ගය සෝදිසි කරන කණ්ඩයේ හරස්පෙලේ වම් පැත්තේම ටීම් එක. 


එසැනින් වෙන දේ වටහාගත්තු ලාකෝ බණ්ඩාර භූමියේ අණදීම පටන් ගත්තේ ඉදිරියට කණ්ඩ භාර නිළධාරි එන තෙක් එල්එම්ජී අවියත් ඉස්සරහට දාගෙන වෙඩි තියන ගමන්. ලුතිතන් ළමාහේවගේ කියන්නේ මගේ හමුදා ජීවිතේ දැකපු පළවෙනි වීරයා. මොකද ඒ වෙද්දි එතුමා සමග වැඩි ඇයි හොඳයියක් නැතිවුනත්, අහල තිබුනු "යකෙකුටවත් බය නැති මනුස්සයෙක්" කියන දේ දැනන් හිටපු නිසා. ඒකට හේතුව කොතනක හරි ප්‍රහාරයක් එල්ලවෙනවනම් කඩාගෙන බිඳගෙන ඉස්සරහටම එන ගතියක් එතුමාගේ තිබුනු නිසා.


ලා/කෝ බණ්ඩාර ලඟම තිබුනු කෝන් ගහකටත් ඒකටම ඈඳිලා වගේ තිබුනු  පලු ගහකටත් මුවාවෙලා  එක දිගටම ඉස්සරහට වෙඩි තියන්න පටන් ගත්තා. මටත් කිව්වෙ "එල්එම්ජිය ලඟින් හිටහං එහෙ මෙහෙ දුවන්නැතුව"  කියල. මොකද මං පුල් අන්දොස්වෙලා හිටියෙ ඒ වෙච්චි වැඩෙන්. ඒ ගමන්ම විමලානන්දත් බෝක්කුවක් පල්ලට රිංගගෙන දණ ගහගෙන ටී පනස් හයේ මැගසින් මාරු කර කර ඒ ගේමට සහභාගි වුනා. මෙයින් බය ඇරුනු මම ඒ දෙන්නටම මැද්දෙන් දාගෙන දෙපැත්තෙන් ඉන්න දෙන්නා කියන විදියට ඉස්සරහට වෙඩි තියන්න පටන් ගත්තා. ඒ වෙද්දි බැකප්  එක කඩාගෙන බිඳගෙන ඉස්සරහට එන්න පටන් ගත්තා. ඒ සියල්ල ක්ෂණිකව එසේ සිදුවෙද්දී කොටි අපිට ඉස්සරහින් දරුණු ප්‍රහාරයක් එල්ල කරන්න පටන් ගත්තා. ඒ ප්‍රහාරය දරුණු වෙද්දි විමලානන්ද කලේ තමන්ගෙ ටී පනස් හය බිමින් තියල අමු තිත්ත කුණුහරප වැලකුත් එක්ක කරේ දාගෙන හිටපු 40මිමී ග්‍රෙනේඩ් ලෝන්චරය අරන් උන් වෙඩි තියන ඉසව් බල බල එක දිගටම බෝම්බ වෙඩි තියන්න පටන් ගත්තු එක.  

ඒ වෙනකොට අපේ ප්ලැටූන් කමාන්ඩර් අපේ ලඟට ඇවිත්. මමත් ලාකෝ බණ්ඩාරත් ඒ වෙද්දි  හිටියෙ කැලේ ඇ⁣තුලේ. මටනම් ඇහෙන්නෙ කෑ ගහනව විතරයි. කරන්න ඔිනදේ කියන්නෙ කෝප්‍රල් බණ්ඩාර. මං එයා කියපු  විදියට බඩ ගාගෙන මට ඉදිරියෙන් තිබූ හුඹහකට මුවාවුනා. ඒ මුවාවෙලා එයා කිව්ව පැත්තට එක දිගටම වෙඩි තියන්න පටන් ගත්තා. ඒ එල්එම්ජිය තිබුනු තැනට උන්ගේ ප්‍රහාරයේ වැඩි බලපෑමක් තිබුනු නිසා, ඔහුට එය තනියෙන් ආවරණය කරගත නොහැකි නිසා හා එන්න එන්නම ඒ ප්‍රහාරය ඔහුට දරාගත නොහැකි මට්ටමට පැමිණ තිබුනු නිසා. 


 ඒත් එක්කම මට මතකයි අපිටත් එක්කම 126 කඳවුරේ මාර්ග ආරක්ෂක මුරයටත් ප්‍රහාරයක් එල්ලවෙනවා. මෙි දෙකම පටන් ගත්තේ එකට. 126 කඳවුර කියන්නෙ අපෙ අසල්වාසී අපේම ඒකකයේ සී කණ්ඩායම ස්ථානගත කඳවුර. ඒ වෙද්දි අපේ සීමාව ඉක්මවා යන්න පටන් ගත්තත්, එතනින් එහාට යෑමට අපට අණ නිකුත් වී තිබුනෙ නෑ. අපිට එක දිගටම දැඩි ප්‍රහාරයක් එල්ලවෙද්දි වාලච්චෙිනෙ කාලතුවක්කුවලටත් කැහිල්ල හැදිල ගීඩීංං ගිඩීංං ගාල තැන තැන වැටී පුපුරා යන්න වුනා. ඒවා වැටුනේ අපිට ඉස්සරහින් පාරෙන් දකුණු පැත්තට. එක්වරම උන්ගේ වෙඩි ප්‍රහාරය එන්න එන්නම දරුණු වුනා. පිටිපස්සෙ හිටපු සියලුම දෙනා අපේ සහයට ඉස්සරහට ඇවිත් මෙිකට සම්බන්ධ වුනා. එයින් ශක්තිමත්වුනු අපි කොටින්ට එක්වරටම පුලුවන්තරමි වෙඩි බලයක් දීල උන්ව එළවා දමන්න උත්සාහ කලා. ඒ 126 කඳවුරේ සහයට අපි යා යුතුම නිසා. අපේ ඒ ප්‍රහාරයෙන් අඩපනවුනු කොටි විනාඩි කිහිපයකින් පසු බසින්න පටන් ගත්තා.ඒත් ඒ වෙද්දි 126 කඳවුරට පහර දෙන එක නැවතිලා තිබුනෙ නෑ. අපිට මෙතනින් ඉස්සරහට යන්නත් බෑ. අපි අපට එල්ලවුනු ඒ ප්‍රහාරය මැඩ පවත්වලා ටික ටික පිටුපසට ඇවිත් ප්‍රථිසංවිධානය වුනා. අපේ දෙදෙනෙක් තුවාල වෙලා තිබුනත් මරණ කිසිවක් නැහැ. පසුව දැනගත්තා 126 කඳවුරට එල්ලවුනු ප්‍රහාරයෙන් අපේ සීකණ්ඩායමෙි නිළධාරි අණදෙනතුමා ඇතුළු හයදෙනෙක් මෙලොව අතහැර ගිය බව. අපිටනම් එදා මුළු කඳවුරම මළගෙයක් වෙලා තිබුනේ. 


එදා උන්ගෙ ප්‍රහාරය එල්ලවුනේ 126 කඳවුරට. ඒ කඳවුරට පහර දෙනකොට සහයට අපි එනබව කොටි දන්න නිසා අපිව CUTOFF කරල තිබුනෙ. 126 කඳවුරට කලින් අපට ප්‍රහාරය එල්ලවෙන්න හේතුව වුනේ කණ්ඩ භාර නිළධාරි තුමා මල් පූජා කරන්න කියල පණිවිඩෙි එවීමෙන් අපි ආපසු හැරිල එන්න පටන් ගත්තම උන් හිතල තියෙන්නෙ අපි උන් ඉන්න බව දැනගෙන ආපහු හැරිල උන්ව වටකරන හෝ වෙනම ක්‍රියාන්විතයක් කරයි කියන බය. එදා එතුමා එහෙම පණිවිඩයක් නොඑවන්න අද මෙි කතාව කීයටවත් ඔයාලට කියවන්න වෙන්නෑ. ඒක කාගෙ හරි වාසනාව. මොකද උන් සහ අපි අතර තිබුනු දුර, හිටපු භූමිය අනුව අනිවාරයෙන්ම අපි ඊලඟට නවතින්නෙ උන්ගෙ බෙලිත් පා⁣ගගෙන ගිහින් උන්ගෙ ලඟමයි. එහෙම උනානං අපිට ටොකු දෙක දෙක ඇනල උන් එක්කම එක්කන් යන්නත් උන්ට හැකියාව තිබුනා.  


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.09.14


Basil Lamahewage


එවකට මගේ කණ්ඩ භාර නිළධාරි තුමා.

Thursday, September 10, 2020

හිතේ තනිකම



වැන්ද මුනි පා සිතින් සිප සිප කඳුළු පිරි නෙත් බිමට හරවා

වින්ද අපමන ගැහැට සිහිකර ගෙයි බුදුන්ගෙත් දෙයැස  පුරවා

ගෙන්දගම් බිම බලා ආ මුත් සකල සිතිවිලි  එනව ගොරවා

නින්ද තවමත් අහංකාරයි හිතට හැදිලද මන්ද බරවා


කැලේ ඉනිමිටි රහින අප්පට,හේනෙ වල් පැල කොටන අම්මට

පැලේ තනිවුන බාල නංගිගෙ වයස හරිනෑ තෝඩු දැම්මට

යලේ වෙිලුන හිංද කාසිත් ලැබෙන්නෑ කිසි දිනක සම්මෙට

හැලේ කඳුලැල් ගෙදර සිහිවෙන විටදි යන්නට හිතුනි පිම්මට


පිපුණු අරලිය ඉද්ද අත්තන සඳුන් සුවඳයි ගමම එ දවස

කැපුණු අස්වැනි හිංද කාගෙත් මුවින්මුව උතුරනව මදහස

පහුණු කාලේ ගෙවීගිය හැටි සිහිකරන්නෙමි නොවෙමි උදහස

වැවුනු රැව්ලත් වැව්නු කොන්ඩෙත් ගැට ගසා දැන් සොයමි නිදහස


ගෙදර සිහිවී දිවා රැයෙහිදි කිවුල් දිය රස කඳුලු බීවට

නිතර සීතල පෙට්ටියේ ඇති කෑම රත්කර වෙිල කෑවට

පහර පිට මට පහර දෙනවා නගරයත්,ගම අතැර ආවට

එතෙර වන්නට කරදරෙන් මෙි,කාසි දෙන්නං ගෙදර ආවිට


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.09.10

Friday, September 4, 2020

රන් මැණිකේ

 ලඳු තැනිතලාවල නිල් පාටට                      හැරුණූ

මැද ගඟ දිය ගලයි හිම සීතල                      පිරුණූ

මිහිදුම් සළු පැළැඳි මිහි සිරිකත                  තුරුණූ 

කුමටද මෙබිම මට පාවඩ බුමු                    තුරුණූ


ඉපදුනු මෙ ගම හද්දා පිටි                              සරේය

ගෙවුනේ කාලෙ නිතරම වන                        තුරේය

හිත ඇති වුනේ රන් මැණිකේ                    කෙරේය

ඇය සිහිවෙන විටදි හදවත                           පිරේය


පිණි කැට වැටී කුරහන් පැළ  මත                      රෑට

සිහිතල උපද්දයි දොස් කියමිද                             ඊට

⁣ගුලිවී නිදාගත්තත්  සමහර                                 දාට

අප පෙම් බැන්දෙ මහ පොලවට මිස               කාට


වන අලි සතා සීපාවා වන                                මැද්දේ

හිඳ මා බියකරන මෙන්  පතුරන                    සද්දේ

නැත කිසි බියක්  නැත කිසි දෙවියෙකු         යැද්දේ

මගෙ බට ලී හඬට උන් නැලවෙති               බැද්දේ


අලි කොටි වලස්සුන් මැද රැය ගෙවෙන        කලේ

තනියට නුඹව සිහිකොට අත් වකුටු              කලේ

අතහැර නොයන සීතල හී පිපෙන                වෙලේ

මට මා මිසක් වෙන කව්රුත් නොමැත          පැලේ


උරුමය මෙයම වී අප ඉපදුනා                       ලොවෙි

තනිවම ඉද්දි එක එක කල්පනා                       මැවෙි 

මිහිරාවියේ රැයකදි නොලබනා                         සුවේ

ඔය වෙිදනාවන් මට නොදැනුනා                   නොවෙි


නිදි නැති රැයේ මගෙ තනිකම                    මකාපන්

බට ලී හඬට කවි පද ගොනු                        කරාපන්

හෙමිහිට සෝ සුසුම් පිට කර                     හැරාපන් 

නිදිමත ඇති වුනොත් නොකියම                නිදාපන්


අරගෙන මුහුණ කැකුළක් මෙන්  පිපී               එන

හුනු සල් බතට සම්බෝලය                      හදාගෙන

මොහොතක් ඉන්න තුරුලට ගෙන         නිදාගෙන

එනුමැන අළුයමින් හිමියා                    හොයාගෙන



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.09.04









Tuesday, September 1, 2020

වව්නතිවු සටන

 සෙබළුන් නිසයි හැම බිම් අඟලම රැකුනේ

ඒ ලේ හැලුනු තැන්වල පොපි මල් පිපුනේ



ගිනියම් වූ අව්කාශ්ඨකෙත් අහස ගිගුම් දී ඇද හැලෙන අනෝරා වැහි මැදත් රැයක් දවාලක් කියා වෙනසක් නැතුව නෙතට නින්දක් කුසට අහරක් මහන්සියක් දුකක් වෙිදනාවක් ගැන නොසිතා පැය විසිහතරෙන් එක තත්පරයක්වත් තම වගකීමෙන් එපිටට නොයා හැම තිස්සෙම තමන් උපන් දේශය රැකගැනීමෙි පරම පවිත්‍ර චෙිතනාවෙන් අවසන් හුස්ම හෙලන තෙක් ඇප කැප වී සිටින්නේ සෙබළෙක් හැර අන් කවරෙක්ද? 


ගොදුරු සොයා වෙිගයෙන් පියාඹා යන උකුසු රංචුවක් මෙන් සතුරාගේ තුවක්කුවෙන් මුදවා හරින අඟලක් තරම් දිග වූත් ගිනියම් වූත්  ලේ පිපාසිත පොකුරු වෙඩි උණ්ඩ ඔිනෑම අවස්ථාවකදි මෙවන් වූ වීරයන් සදහටම නිහඬ කරවන්නට දක්වන්නේ මහත් වූ ඇල්මක්.  ගිම්හානයත් වසන්තයත් අතර පිබිදෙන හැඟුම් රාසී අවසන් හුස්මත් එක්ක වා තලයට මුදවා හරින මෙි සෙබළාගේ හෙට දවස ගැන තියා ඊලඟට උදාවෙන  මොහොත ගැනවත්, මාරයාටවත් නිශ්චය කල නොහැකියි. එතරම් අවිනිශ්චිත භාවයෙන් පිරුනු මෙි ජීවිත ඉතාම වෙිදනාකාරීයි.ඒ වගේම කටුකයි. එය මෙසේ යැයි කියා අකුරුවලින් කිසිවෙකුටවත් තේරුම් කල නොහැකියි. ඒක නිසියාකරවම හඳුනන්නේ තවත් සොල්දාදුවෙක්ම පමණයි. ඔවුන් කටු කොහොලින් පිරුණු, ගිනියම් වූ, මහ පොළව මත පය තබන්නේ ඊටත් වඩා දෙපයට රිදුම් දෙන අඩියේ කට්ටා විසිනවයක් තියෙන, ස්ලීව් විස්සකින් යුතුව ලේස් කල කලු පැහැති රළු බූට් සපත්තු යුගලයක් දෙපයට පැළැඳගෙන. තද අව්රශ්මියත්, එහිම ගිලී, එහෙත් නිමක් නැති ගමනකත් යෙදෙන ඔවුන්ව සරසන්නේ බොත්තම් තිස් දෙකක් ඇති වීරයන්ටම පමණක් ආවෙිණික වූ විශේෂ වූ නිළ ඇඳුමකින්. දහඩියෙන් මුළු ගතම නෑවුනත්, කොතරම් විඩා දැනුනත්, කුසගින්න,පිපාසය මැද රූරා හැලෙන දහඩිය කඳද එකසේ විඳ දරාගනිමින් එහෙත්, ඔිනෑම අවස්ථාවකදී මරණය ඉදිරියේදී මාරයාට වුව හිස නොනමන මහඟු එඩිතර භාවයකින් යුතු මෙි විශේෂ පුද්ගලයා,ගිනියම් වෙඩි උණ්ඩයකට හැර කා හටනම් නිහඬ කල හැක්කේද?. දවසේ ඔිනෑම කාල පරාසයකදී ඔබ අප වෙනුවෙන් අන්තරායකර ඔිනෑම අභියෝගයකට නිමෙිෂයක් තුල  මුහුන දෙන ඔවුන් මෙි පොලවෙිම ඉපදී මියයන ඔබගේත් මගේත් සහෝදරයන්මැයි. 


රණ බිම මැරුණේ සිංහලයෙකුනම් පපුවෙි වෙඩි සළකුණ ඇත්තේ....

සතුරට ළය දී මිස මැරුනේ නෑ, ලේ පැල්ලම් නෑ පිට පැත්තේ......

 

චන්ද්‍රිකා සිරිවර්ධන ගයන මෙි ගීතයට මා කිසිසේත්ම එකඟ නෑ. මොකද රණ බිමෙි මැරෙන්න සිංහලයා ඉපදුනේ නෑ. නොමැරී රණබිම ජයගන්නයි සිංහලයා ඉපදුනේ. මම කියන්නෙ සෙබළා මැරෙන කතාවයි ජයගන්න කතාවයි කතා දෙකක් කියල. 


සෙබළාණනේ නුඹ මැරුනා නොවෙි..

කුසුමක් වෙලා නුඹ පිපුනා ළයේ...

නීල් වර්ණකුලසූරිය ගයන මෙි ගීතය ඊට වඩා ගොඩාක් මන්දස්මිතයි.


ඒ වව්නතිව් රණභූමිය. අවුරුද්ද 1999. 

අපි ඒ වෙද්දි හිටියේ වව්නතිව්. මෙි කඳවුරට ඉදිරියෙන් සහ ආසන්නයෙන් පිහිටුවා තිබූ සතුරු බංකර් පේලිය දිහා එක මොහොතක් නෑර අපි ඇස් ඇ⁣රගෙන බලා ඉන්නේ මොනයම් වෙිලාවකදි හෝ අවස්ථාවක් පැමිණිවිට ඔවුන් සියල්ලෝම මරා දමා පරාජය කොට ජයග්‍රහණයම ලැබීමෙි මහත් වූ අභිලාශයෙන්. නිතරම නාසය ඉදිරියේ මාරයා අනග රැඟුම් රඟද්දීත් මාරයාවත් සත පහකට මායිම් නොකල අපේ සෙබළුන් මාරයාටත් විහිලු කලා. 


එදා මම හිටියේ කඳවුර ඇතුලේ. ඒ නැවත 233 බසේමු රාජකාරි සඳහා ස්ථාන මාරුවීමක් ලැබී යන්නට ආසන්න දවසක්. මෙදින තමා මාව එහෙ යවන්න සම්මුඛ පරීක්ෂණයට භාජනය කරන්නට නියමිතව තිබුනේ.


කෝප්‍රල් හේරත්ගේ නායකත්වයෙන් යුත් වල් එස්එෆ් වන්නිනායක,ඇතුලු පිරිස එදා හිටියේ රැකසිට පහරදීමෙි රාජකාරියේ කැලෑ මායිමක් සොයා යන ගමනක. වව්නතිව් කියන්නේ ඉතාමත්ම අනතුරුදායක තවත එක් කඳවුරක්. කොටින්ගේ ස්නයිපර් ප්‍රහාර, ආටි,මෝටාර්,මර උගුල්,බිම් බෝම්බ,රැකසිට පහරදීම් ඇතුළු සුළු අවි බර අවි ප්‍රහාරවලට අපි නිතරම ලක්වෙනවා. සමහර අවස්ථාවලදි එල්ලවෙන ප්‍රහාර දරාගන්නම අමාරු ඒවා. ඒත් අපි එකා වගේ මෙි සෑම ප්‍රහාරයකටම සාර්ථකව මුහුන දෙන්නේ මෙිවා අපේ ⁣ජීවිතයේ අංගයක් වෙලා තිබුනු නිසා.


එදාත් වෙනදා මෙන් දවස ආරම්භයේදී හාත්පස සුදුපාට රෙද්දක් ඇතිරූ විලාශයෙන් අඟලක් දෙකක් තුනක් තරම් උස ඇති තණකොල මතට අලංකාරවත් විදියට පිණි බිංදු වැටී තිබුනා. ඒක හරියට රටා වියපු සුදුපාට බුමුතුරුණුවක් වගේ.  අඟල් තුනක් හතරක් උස තණකොල මතට පිණි වැටුනාම පුදුම ලස්සනයි.  මම ආසම සෙරෙප්පු දෙකක්වත් නැතුව මෙි පිනි සහිත තණකොලේ ඇවිදින්න. එදත් උදේම නැගිටලා මූලස්ථානය බලායන්න මගේ බඩු ටික හදල මූන හෝදන්න ගියේ අද නැත්තං හෙට මෙි කඳවුරෙන් පිටවී යන බව දැනගෙන, ඒ වෙද්දි දවස් කීපයක් ඇඳල කිළුටු වෙලා ගොඩගහල තිබුනු දාඩිය ගඳ ගහන නිළ ඇඳුම් දෙකතුන හෝදල දාලා වෙිලගන්න තිබුන උවමනාව නිසා. ඒ යද්දි මගදි හම්බවුනු කෝප්‍රල් හේරත්ගේ ඇම්බුෂ් එකේ අය මට විහිලුවකුත් කලා. "එහෙ ගිහින්වත් පිස්සු කෙලින් නැතුව හිටාං" කියල. ආයෙ මෙහෙට එන්න හිතන්නවත් එපා කියලත් කිව්වා. එහෙම කිව්වෙ තරහකට නෙමෙි. මරණයෙන් බෙිරිලා එකෙක් හරි මෙි කඳවුරෙන් යන අවංක සතුටින් ඒ කිව්වෙ. මාත් විහිලුවක් කරලා විනාඩි කිහිපයක් එයාලව කයියට අල්ලගෙන හිනස්සලා තමා අතෑරියෙ. ඒ කරපු විහිලුවට කෝප්‍රල් හේරත්නං "තොගෙ අප්පට හුක්" කියල අතකුත් උළුක්කු කරගෙන මට එකක් අනින්න ඉස්සරහට පැන්නත් මං පැත්තකට පැනල ඒ පහර නිදැල්ලේ පාවෙලා යන්න ඇරියා. එතනින් නැවත ගමන ආරම්භ කල ඔහු කිව්වෙි "තෝ අහුවෙයන්කො ප&@%යා මට ආයෙ"  කියල විතරයි. 

එයාලා ගියා. මාත් ඒ වෙද්දි අතේ එල්ලං හිටපු  රෙදි ටිකත් බාස්කට් එකත් බිමින් තියල එතන ඉඳන්ම බුරුසුවට ටූත් පේස්ට් ටිකක් දාගෙන දත් ටිකත් මැද මැදම ටැංකියට යන්න ගියා. 


පැය භාගයක් යන්න ඇති. එක පාරටම කෝප්‍රල් හේරත්ලා ගියපු පැත්තෙන් අත් බෝම්බයක් පුපුරන සද්දෙකුත් එක්ක එක දිගටම වෙඩි තියන සද්දයක් ඇහුනා. මට හිතාගන්න බැරිවුනා. ඒත් එක්කම ඇතුලේ හිටපු අපේ අය කලබලයෙන් බිලට් එකට දුවනව දැකපු මාත්  ඒ වෙද්දි සර්ෆ්එක්සෙල් දාල පොඟන්න ඇරල තිබුනු බකට් එකෙන් තෙත පිටින්ම යුනිපෝම් කලිසමක් අරන් එතන ඉඳන්ම ඇඳගෙන අතට අහුවෙච්චි යුනිෆෝම් ෂර්ට් එකකුත් ඇඳ ඇඳ බිලට් එකට දිව්වෙි තත්පර ගානක් ඇතුලත. ඒ ගිහින් අනිත් අයත් එක්ක මගේ එල්එම්ජී අවියත් අරගෙන බෙල්ට් ඔිඩරයත් කරේ දාගෙන ඒ වෙඩි ප්‍රහාරය එල්ලවෙන දිහාට දිව්වා. නමුත් අපිට ගොඩක් දුරින් ඒ ෆයර් එක ඇහෙන්නෙ. මෙි හරියෙ තියෙන්නෙ ඔිපන් එක. ඒක පුරන් කුඹුරු යායක්. අපි එසේ කෝප්‍රල් හේරත්ගේ සහයට වෙිගයෙන් ඉස්සරහට දුවගෙන එද්දි මෙි කුඹුරු යාය මැද නියරවල් වලට මුවා වී අපි එනකම් රැකගෙන හිටපු කොටි රෑනක් එක පාරටම නැගිටල අපිට වෙඩි තියන්න පටන් ගත්තා. වෙන්නේ මොකද්ද කියල සැනෙකින් තේරුම්ගත් අපි හැකි වෙිගයෙන් නියරක් ආවරනය කරගෙන බිම දිගාවුනා. ඉන්පසු නියර උඩින් ඔලු උස්සල අපිට වෙඩි තියන කොටින්ට  එක දිගටම අපිත් වෙඩි තියන්න පටන් ගත්තා. ඒක නිමක් නැති සටනක්. හරියටම උන් සහ අපි අතර පරතරය ලියදි තුනක් පමණයි. මාත් මගේ අවියේ බයිපෝට් දෙකවත් දිග අරින්නැතුව නියර උඩ තිබුනු ලී කොට කෑල්ලක් උඩින් අවියේ බැරලය තියාගෙන තමා  එක දිගටම පළවෙනි ලින්ක්ස් එක උන්ව ඉලක්ක කරලා මුදා හැරියේ. නැවත අළුත් පතුරම් වැලක් දාගෙන අපි කතාවෙලා එකපාරටම ඔලුව උස්සල නැගිටලම උන්ට වෙඩි තියන්න පටන්ගත්තම උන්ගෙ එකා දෙන්නා දුවන්නත් සමහරු පොලව බදාගෙන ඇදගෙන වැටෙන්නත් උනා. නොනවත්වාම එක දිගටම එසේ විශ්මිත ප්‍රහාරයක් එල්ල කරද්දි  අපේ කීප දෙනෙක් අපේම වෙඩි වරුෂාව මැද දෙපැත්තෙන් එක ලියද්දක් ඉස්සරහට තරණය කලා. ඒ ගිහින් උන්ට කිට්ටුම කරල වෙඩි තියද්දි පස්සෙන් හිටපු අපිත් ඒ ලියද්ද තරණය කරල උන්ට තවත් කිට්ටු කලා. එතකොට උන් තිහක් හතලිහක් විතර හිටපු හිටපු තැන්වලින් නැගිටල සමහරු වෙඩි කාගෙනත් තව සමහරු වෙට්ටු දමදමාත් දුවන්න තියාගත්තා. අපි දුවන එවුන් පස්සේ ටිකදුරක් වෙඩි තිය තිය පන්නන්න පටන් ගත්තා. ඒ අස්සෙ වැල් සහ ඉලුක් ගාලකින් ආවරණය වෙලා තිබුනු මගේ උසට විතර ගැඹුර තඩි වලකට මාව අවියත් එක්කම  ඇදගෙන වැටුනෙ හකු පාඩා දෙකම එකට "හුටස්" ගාල වද්දමින්. ඒ වැටිච්චි පාරට යුනිෆෝම් කලිසමත් ඉරාගෙන දකුණු දනහිස්සත් තැරි ගහගෙන ගිහින් මාව අඩියෙ ඉන්දවුනා. ඊලඟ මොහොතේ මගේ අවිය මං පස්සෙන්ම ඇවිත් ඔලුව උඩට "ඩොක්" ගාල වැටුනා. එසැනින් ඔලුවත් අතගගා නැගිටපු මං කෑගහන්න හදනකොට සාජන් දිසානායක "කොයි අර හු%@$තා" කිය කිය මාව හොයනවා. මාත් වලේ ඉඳන්ම "මං වලේ හු&@%$තෝ..මාව ගොඩට ගනියාව්ව්" කියල කෑ ගහන්න පටන් ගත්තා. මොකද සාජන් කෙනෙක් ඉස්සරහ කුණු හරප කියන්න පුලුවන් මෙි වගේ වෙලාවල් වලට විතරයි.  දුවන එවුන්ට පන්න පන්න වෙඩි තියන එක නවත්තලා කට්ටිය උන්ට නැවතිලා වෙඩි තියන අතරේ සාජන් එක්ක දෙන්නෙක් ඇවිත් හිනාවෙවී මාව උඩට ඇදල ගත්තා. මටනං යකු නැගල හිටියෙ.


ඉන්පසු ඈතටම අරුන්ව පන්නා දැමූ අපි ඒ වෙද්දිත් ප්‍රහාරයකට කොටුවෙලා හිටපු කෝප්‍රල් හේරත්ගේ ටීම් එක කිට්ටුවට යන්න පටන්ගත්තා. අපි උපරිම වෙිගයෙන් දුවන්න පටන් ගද්දිම  අපේ පෙළ අණදෙන්නාට එහා පැත්තෙන් හිටපු සාසෙ රන්තිලක වීසිවෙලා ගිහින් බිමට වැටෙනව විතරයි දැක්කෙ. ආයෙ කවමදාකවත් ඔහු නැගිට්ටෙ නෑ. අපිටත් පස්සෙන් ආපු තව ටීම් එකකට ඔහුවත් වැටී සිටි අපේ තව කෙනෙකුත් ගන්න කියල අපි ඉස්සරහට දුවගෙන ගියා. ඒ වෙද්දි කෝප්‍රල් හේරත්ගෙ ටීම්එක දෙකට කැඩිල හිටියෙ. අපිට ඔහු ඉන්න තැනට යන්න පැය භාගයක් විතර ගතවුනා. ඒ යන්න වුනෙත් අපිටත් එක්ක වෙඩි තියන කොටින්ගෙ ප්‍රහාරය මැද්දෙ. තාම ෆයර් එක ඉවර නෑ. අපේ ඉස්සරහත් පය පාමුලත්  පස් වැලි සීසීකඩ විසුරවා හරිමින් බිම වදින උන්ඩ දිහාත්, අපේ කන් ලඟින්ම  උන්ඩ "ස්රින් ස්රින්" ගාල පියාඹා යද්දිත් ඒවා කිසිත් නොතකා හැකි උපරිම වෙිගයෙන් කෝප්‍රල් හේරත්ට කිට්ටු කලා. නමුත් ඒ වෙද්දි දෙන්න දෙන්න දෙකට කැඩී තිබුනු ඒ ඇම්බුෂ් එකේ ඉස්සරහින්ම ගිය දෙන්නෙක් අඩුයි.මෙි ඇම්බුෂ් එකේ හිටියෙ හතර දෙනයි. ඒ වෙද්දි අපි දැක්කා අපිට මීටර්  එකසිය පනහක් දෙසීයක්  විතර දුරින් කොටි රෑනක් දුවනවා.නිකන්ම නෙමෙි. මොකක් හරි බිම දිගේ ඇදගෙන. අපි එතන ඉඳන් කෝප්‍රල් හේරත් එක්ක වෙඩි තියමින් ඉස්සරහට ඉස්සරහට ගියා. ඒ යද්දි වෙඩි උන්ඩ කිහිපයක් වැදී දෙකට කැඩී සිටි සාසෙ යුගානන්ද කෙඳිරිගාමින් බිම වැතිරිලා හිටියා. නමුත් එතන හිටපු ගාමිණී නෑ. අපි ඔක්කෝම ඒ වෙද්දි දුවන කොටින්ට ප්‍රහාරයක් එල්ල කරගෙන පස්සෙන් යද්දී ටීම් එකක් ගාමිණීව හෙව්වා. ඒ හොයන ටීම් එකට හුඹහක බෙණයක් අස්සෙ  ගාමිණීගේ කරේ තිබුනු ගුවන්විදුලි යන්ත්‍රයේ හෑන්සෙට් එක තිබී හමුවුනා.ඒක කටින් ඇදල හපල කඩල හුඹහ අස්සෙ ගහල තිබුනෙ ගාමීනීමයි. ඒක දැකපු ඔවුන් යමක් තේරුම් ගෙන කෑගහද්දි  වියරු වැටුනු අපි  වෙඩි තිය තිය දුවන කොටි පස්සේ පන්නන්න පටන් ගත්තා. මගක් යද්දි එක පාරටම අපි එන්නටත් කලින් ගිහින් සිටි කොටි පිරිසක් නැවත ප්‍රථිසංවිධානය වී මුහුදේ රැල්ලක් නගින ආකාරයට නැගිටලා වෙඩි තබමින් අපි ඉස්සරහට එන්න පටන් ගත්තා. එයින් කට උත්තර නැතිවුනු අපි නියරවල් පල්ලෙ මහ පොලව බදාගෙන බිම වැතිරැනා. ඒ අස්සෙ පිටිපස්සෙන් ආපු  සාජන් නෑ. අණදුන්නෙ කෝප්‍රල් කෙනෙක්. එයා කිව්වා තව ටිකක් ලඟට එන්න ඇරල නැගිටිමු කියල. එල්එම්ජී එක තිබුනු මටත් එම්පීඑම්ජී එකේ හිටපු වන්නිනායකටත් නැගිටින් නැතුව නියර උඩින් අවි දෙක දාගෙන සපෝට් එක දෙන්න කිව්වා. බඩු ලඟට ආව ගමන් අනික් අය නැගිටලා පහර දෙමු කියල කතාවුනා. විනාඩියක් දෙකක් ගතවෙන්න ඇති.  උන්ට ලගට එන්න ඇරලා එකපාරටම වෙඩි වැස්ස මැදින් නැගිටපු අපේ අනිත් අය එක දිගටම නොනවත්වාම උන්ට වෙඩි තියන්න පටන් ගත්තා. සහතික වශයෙන්ම ඒක ආවොත් සෙන්ට් ගියොත් ඔිඩිකොලෝන් අවස්ථාවක්. මාත් වන්නිනායකත් පුලුවන් ආකාරයට ඔවුන්ට හයියක් වුනා. අන්තිම හරියෙ වන්නිනායකත් නැගිට්ටා. මට නැගිටින්න බැරිවුනා. ඒක හරියටම කියනවනම්  මියෙන කෙනෙක් මියෙම්වා පරමාර්ථයෙන් වෙච්චි සටනක්. නැත්තං ඔක්කොටම බඩු හම්බු වෙනවා.  අපේ ඒ ප්‍රහාරයට මුහුන දීගන්න බැරිවුනු කොටි ඊලඟට ආයෙ දුවන්න තියාගත්තා.නමුත් වෙඩි තිය තිය. අපිට මෙතනින් එහාට යන්න බෑ. ගියොත් ගිය එකා එනව බොරු. 

අපිත් පුලුවන් තරම් මෙච්චර වලිකෑවෙ ගාමිනිව බෙිරගන්න. නමුත් ඒ වෙද්දි එයා අපෙන් ගොඩක් ඈතට අරන් ගිහින් තිබුනේ.

අපේ ඇම්බුෂ් එක එනකම් ඒජී ඔෆීස්එකේ ගොඩනැගිල්ලේ හැංගිලා හිටපු කොටි කෝප්‍රල් හේරත්ගෙ ටීම් එක යද්දි ලඟටම අරන් තමා ග්‍රෙනේඩ් ප්‍රහාරය එල්ල කරල තිබුනෙ.  පලවෙනි  ප්‍රහාරයෙන්ම තුවාලවුනු ගාමිණීව ජීවග්‍රහයෙන් අල්ලගෙන.  යුගානන්දටත් වෙඩි වැදිල වැටිල. අපි එන්නත් කලින්ම ගාමිණිව අරන් දුවන්න පටන්ගෙන තිබුනු කොටි අපි එද්දිත්  සෑහෙන්න දුරක් ගිහින් තිබුනා. උන් තමා ඊට පස්සෙ දුවපු කොටින්ට ගාමිණීව දීල ප්‍රථිසංවිධානය වෙලා අපිට රැල්ලක් විදියට පහර දීගෙන ආවෙ.  ගාමිණීව ඇදන් ගියපු පාර පැහැදිලිව පොලව මත සටහන් වෙලා තිබුනා. අපි ගාමිණීව බෙිරගන්න  නැවත නැවත කොච්චර උත්සාහ කලත් එතනින් එහාට යන්න උන් ඉඩක් තිබ්බෙිම නෑ. ගාමිණී කියන්නෙ අපේ බැජ්එකේ කොල්ලෙක්. අහිංසක දාමරිකයෙක්.  මෙි වෙද්දි අපේ තව සහෝදරයෙක් මෙතන ජීවිතය අතහැර ගිහින් තිබුනා. මෙතනම තව කෙනෙක් තුවාල වෙලා තිබුනා. ඒ වෙද්දි අපිට පිටුපස්සෙන් පැමිණි අපේ ඒකකයේ රයිඩර් ටීම් එක යුගානන්දව බයික් එකේ දාගෙන මඩකලපුව රෝහලට අරන් ගිහින් තිබුනා. ඒ අපේ ජයන්ත බණ්ඩාර. මං ඒක දැනගත්තෙ පස්සෙ කාලෙක.


ඊට හරියටම දවස් තුනකට පස්සෙ ගාමිණීගේ ඩෙත් බොඩි එක පෝර උරවල ඔතා අපේ පාරක මගට ගෙනවිත් දාලා තිබුනා. ගාමිණීව ඇදන් ගියපු පාරට පිට කොන්දේ ඇටත් පෑදී තිබුනා. වද දීල තිබුනා. අන්තිමට මරල තිබුනා. පළවෙනියටම අපිව අතහැර ගිය රන්තිලකගෙ ඉනෙන් පල්ලෙහා කොටස කුඩුම වෙලා තිබුනා. දෙකට කැඩී සිටි යුගානන්ද ජයන්ත බණ්ඩාර ගෙ පිහිටෙන් අදටත් ආබාධිතයෙක් වෙලා හරි ජීවත් වෙනව. මෙි සටනින් අපේ ඔක්කොම හතර දෙනෙක් මියගොස් හතර දෙනෙක් බරපතල තුවාල ලබා තිබුනා. ගාමිණී අතුරුදහන් වෙලා තිබුනා. වලක් පල්ලෙ තැරි ගහගෙන වැටුනු මං කඳවුරට ගිහින් තුවක්කුව වැටිල පැලිච්චි ඔලුවටත් වැටුනු පාරට තුවාලවුනු කකුලටත් බෙිත් දාගෙන කොර ගගහ ඉන්ටවීව් එකටත් ගිහින් ඒකෙනුත් පාස් වෙලා පහුවදාම 233 බසේමු බලා පිටත්වුනා.  එදිනම 233 බසේමු මෙිජර් (A/Q) තුමා හමුවට පැමිණවූ මා තුවාල වෙච්චි හේතුව අහල විස්තරේ කීවම බළසේනාධිපති තුමාගේ අනුදැනුම ඇතුව තුවාල වෙිලෙනකම් කියල දින දාහතරක නිවාඩුවක් ලබාදුන්නා. 


  ⁣  




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.09.01