Wednesday, July 29, 2020

අතීතයෙන් කතාවක් 09

අතීතයෙන් කතාවක් 09

අපි තේකත් බීල උදේටත් කාල නැවත ශාරීරික අභ්‍යාස ඇඳුමෙන් උදේ අටයි තිහට ඒකක කාර්යාලය ඉදිරියේ පෙල ගැසුනා.  අපි විසි දෙදෙනා හතරට පහට කඩල එදින එක එක වැඩවලට දැම්මා. මම අහුවුනේ විසිගහන්න. විසි ගහන එකනං මොකද්ද. මට මාස තුන හතරකම පලපුරුද්දක් තිබුනා ඒ වෙද්දි විසිගහල. ඒ විසි කැති උනත් ඇල්නිලම්  ග්‍රහ ලෝකෙන් ගෙන්නපුව කියල අඳුනගන්න අපිට වැඩි වෙලාවක් ගියේ නෑ. දෙපැත්තෙ කැපෙන තලේ විතරක් කකුලෙ මහපට ඇඟිල්ල වගේ මහතයි. ඒ මදිවට විසි ගහන්න උස්සද්දි තලේ මිට වටෙත් වටයක් කැරකිලා ඔලුව වටෙිත් වට කිහිපයක්ම කැරකිල තමා පල්ලෙහාට එන්නෙ.  බැරිම තැන ලී කෝට්ටක් හිරකරල තමා වැඩෙි කරගෙන ගියෙ. අපිව භාර හිටියෙ කෝප්‍රල් බංඩාර.(මෙයා OTHER RANKS  අධිකාරි ලබා පසු කලෙක අපේ ඒකකයේම වැඩ බලන අණදෙන නිළධාරිත් වෙලා තමා ගියෙ)
එයා කිව්වෙම අපි රෙස්ට් කලාට කමක් නෑ,විසි කැත්තට රෙස්ට් කරන්න දෙන්නම එපා කියල. ඒත් එදින දොලහ වෙනකන්ම අපිටවත් විසිකැත්තටවත් විවෙිකයක් ලැබුනෙ නෑ.

ඔය අස්සෙ මං දැක්කා කැප්ටන් කෙනෙක් අපි හිටපු පාරෙ  දෙතුන් විටක් එහෙට මෙහෙට ගියා. මට හොඳට දැකල හුරුපුරුදු මූනක්. ඒත් කපිතන් කෙනෙක් නිසයි, අපිට කා එක්කවත් කතාකරන්න තහනම් කරල තිබුනු නිසයි කතාකරන්න ගියේ නෑ. නමුත් කතා කරන්නම හිතුනා. මං කෝප්‍රල් බංඩාර හමුවෙලා ඇහුව ඒ කවුද කියල.
*එක්ස්කියුස්මී කෝප්‍රල්. අර කව්ද දැන් මෙතනින් ගිය සර්??
*ඇයි??
*නෑ. නිකන් ඇහුවෙ.
*නිකන්නං කමක් නෑ. ඒ අපේ විධායක අධිකාරි. (ඇජුටන්ට්) තමුන්ලට අද හවස ඒ ඔක්කොම කියාදෙයි පීටීඅයි තේරුනාද?
*තේරුණා කෝප්‍රල්.
*හ්ම්...වැඩ වැඩ වැඩ..
මං ආයෙත් අර පිටසක්වලින් ගෙන්නපු විසිකැත්තෙන් වැඩෙි පටන් ගත්තා. ඒත් මගේ හිතේ තිබුනේම අර සර් දැකල පුරුදු කොහොමද, කව්ද කින්ද මන්ද කියල දැනගන්න. හරියටම අඳුරගන්න බෑ නිල ඇඳුමයි දාල හිටපු කැප් එකයි නිසා.
එදින සවස පීටීඅයි විසින්  අපිට අපේ ඒකකයේ සෑම තනතුරක්ම හා ඒ තනතුරේ ඉන්න නිළධාරීන් /සෙසුනිළයින්ගේ නම් කියා දුන්නා. ලියාගන්නත් දුන්නා. ඒ තවත් නියෝගයක් එක්ක.
*තමුන්ලා මෙි නම් කට පාඩම් කර ගන්න ඔින. මං කොයි මොහොතේ හරි අහවලා කව්ද කියල අහපු ගමන් තමුන්ලාට ඒ නම කීමෙි හැකියාවක් තියෙන්නත් ඔින තේරුනාද?
*තේරුණා කෝප්‍රල්.
*දැන් මං තමුන්ලාට කියාදුන්නු  තනතුරක් බැගින් වෙනමම ලියල ඒ තනතුර යටින් තනතුරේ ඉන්න කෙනාගෙ නම දහය බැගින් ලියල පැය බාගයක් ඇතුලත මට පෙන්වන්න ඔින. පැහැදිලිද??
*පැහැදිලියි කෝප්‍රල්.
අපිත් ඒ කිව්ව විදියටම කලා. එදත් අපි කිසිම ඩියුටියක් නැතුව කාල බීල නිදාගත්තා. ඊට කලින් රෑ අටට විතර අපිට මහා භයානක පුවතක් පීටීඅයි කෝප්‍රල් කිව්වා.
*තමුන්ල ඊයෙනෙ  මෙහෙට ආවෙ. ඒත් ඊයෙ දවල් මෙහෙ තිබුනු තත්ත්වය දන්නවද?
*නෑ කෝප්‍රල්.
*තමුන්ල කොහොමද ට්‍රක් එකේ ආවෙ. හිමීටද,නැත්තං එන්න පුලුවන් උපරිම වෙිගෙන්ද.
*ඒකනං දන්නෑ කෝප්‍රල්, මල්ලක දාල පොලවෙ ගහනව වගේ උඩයි බිමයි දෙපැත්තෙයි වැදි වැදි තමා ආවෙ. ආවෙනං ඉතින් ඉගිල්ලෙනව වගේම තමා.
මං එහෙම කිව්වම පීටීඅයි කෝප්‍රලුත් අපේ කට්ටියත් හයියෙන් හිනාවුනා.
* ඒ හේතුව තමා මං මෙි කියන්න යන්නෙ. තමුන්ලා පහුකරගෙන ආව මෙි කඳවුරට කඳවුරු දෙකකට එහා තමා 126 කඳවුර තියෙන්නෙ. 126 කඳවුර කියන්නෙ ඒක හඳුන්වන නම. 126 කිලෝමීටර් කණුව ලඟ තියෙන හිංද තමා එහෙම කියන්නෙ. ඊයෙ දවල් දොලහට විතර ඔය කඳවුරේ අපේ හය දෙනෙක් නැතිවුනා. ඒ හය දෙනාම මගේ බැච් එකේ. එතන තමුන්ල වගේම මගේත් එකම ප්ලැටුන් එකේ දෙන්නෙක් මැරුණා. ඒ අස්සෙ තමා මට කිව්වෙ තමුන්ලා කට්ටියක් අද මෙහෙ එනවා, ඒ අයව භාරගන්න කියල. ඒ හිංදම මට මෙි බිලට් එක හදන්න කට්ටිය දාගෙන වැඩ කරපු නිසා ඒ මගේ බැචීලත් අවසන් වතාවට බලාගන්න යන්න බැරිවුනා.
ඔහු ඒක කිව්වම මට ඉබෙිටම බිලට් එකේ වහලෙ බිත්ති දිහා බැලුනා. ඇත්ත තමා. මෙි පරන බිලට් එකක්නෙ අලුත් කරල තියෙන්නෙ. තැනින් තැන අලුත්ම අලුත් ටකරන් දාල, මැටි ගහපු කොට බිත්ති කැඩුනු තැන්වලට අලුතින් මැටි ගහල ලස්සනට හදල තිබුනා. මං නැවත කෝප්‍රල් සිල්වගෙ මූන දිහා බැලුවම එච්චර දුකක් පේන්නනං තිබුන්නෑ. මට ඇත්තටම පුදුමත් හිතුනා. අපි මාස හතරහමාරක කෝස්එකක් කරල අවසානෙ විසිරයද්දි දැනුනු දුකවත් මෙයාට නෑනෙ, බැජීල මැරිලත්. මහ පුදුම මිනිස්සු කියල හිතුනා. මටත් නොදැනිම මගේ කට ඉස්සරවුනා.
*ඉතින් කෝප්‍රල් දුක නැද්ද? බැජීල මැරුනම??
*කොච්චරක් කියල දුක්වෙන්නද බං. ඒ ඊයෙ විතරනෙ. අනික ඔිවගේ මරනයක් කියන්නෙ සෙ⁣බලෙකුට තවත් මරණයක් විතරයි බං.
*තේරුන්නෑ කෝප්‍රල්
*ඒ උඹල දන්නෙ ඊයෙ සිදුවීමනෙ. ඒත්  දැන් ඔිව සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙන්නෙ බං.
අපිත් කට ඇරගෙන බලා හිටියෙ ඊයෙ වාලච්චෙිනට පය ගහපුම දවසෙත් ඒ එන පාරෙම කොටි ගහල ඒකටත් පැය කිහිපයකට පස්සෙ ඒ පාරෙම අපිත් ආව එක ගැන.
ඒ කියන්නෙ අපි මෙි අරං ඇවිත් තියෙන්නෙ හරි පලාතකට. බයනං පොඩ්ඩක්වත් දැනුනෙ නෑ. නමුත් පොඩි කුතුහලයක්නං හිතේ ගොඩ නැගුනා.

අපි කලින් දවසෙ වගේම මෙදිනත් පාන්දර පහමාරට නැගිටල මුහුන හෝ දල තේ බීල ශාරිරික අභ්‍යාස ඇඳුම දාගෙන උදේ හයයි තියට කාර්යාලය ඉදිරියෙන් පෙළ හැදුවා. ඒ වෙලාවෙ අපිව දැම්මෙ කඳවුර පිරිසිදු කිරීමෙි කටයුතු වලට. අපිත් ඉදල් අරගෙන අපිට භාරදුන්නු කොටස් හොඳට අතුගාල පිරිසිදු කරල ගොඩ ගහපු කුණුත් අරන් දැම්මා. එහෙම වැඩෙි කරගෙන යනකොට ආයෙත් ඊයෙ දැකපු කපිතන් වරයා ශාරීරික අභ්‍යාස ඇඳුමෙන්  ලෑස්ති වෙලා කාර්යාලය පැත්තට එනව දැකල මං හිමින් සැරේ ඒ පැත්තට කිට්ටු කලා. හැබැයි ඒ වතාවෙනං මම සර්ව දුරතියාම අඳුර ගත්තා.
*මගෙ අම්මෝ.. ප්‍රසාද් අයියා. මෙයා කොහොමද ආමි එකේ කැප්ටන් කෙනෙක් වුනේ.  මෙි සර් එහෙමත් නැත්තං මං අයිති ඒකකයේ විධායක අධිකාරි තුමා අපේ ඉස්කෝලෙ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක්. ඊයෙ යුනිෆෝම් හිටපු නිසා අඳුරගන්න බැරිවුනා. අද පීටී කිට් එක නිසා පුලුවන්වුනා. මට එකපාරටම ගිහින් කතාකරන්න හිතුනත් ලඟ හිටපු උපදේශක කෝප්‍රල් කෙනෙක් නිසා කතා කරන්න ගියේනෑ. හැබැයි මගේ වාසනාව කියන්නෙ සර් මාව දැක්ක ගමන් අඳුර ගත්තා. සර් ලඟටම ආවට පස්සෙ මං සීරුවට ඇවිත්
*ගුඩ් මෝනින් සර්..
*ගුඩ් මෝනින්.. අම්මටසිරි උඹ... සර්රුත් මාව අඳුරගත්තා.
*උඹ මොකටද ආමි ආවෙ. ඒත් මෙහෙම.
උඹ හොඳට ඉගෙන ගත්තනෙ බං. සර්ම කතාව ආරම්භ කලා.
*ඉගෙනනං ගත්තා සර්. ඒ වුනාට ගණං එෆ්නෙ.  ඊට පස්සෙ ආමි එකට ආව සර්.
*උඹ මාර පොරක්නෙ බං. හරි හරි. මට හදිසි පොඩි වැඩක් තියෙනව. මං පස්සෙ කතා කරන්නංකො. කියල සර් ගියා.
*හොඳයි සර්.
දැන්නං බය නෑ. මෙහෙ අඳුරන කව්රු හරි ඉන්නවනෙ කියල පුංචි ෆිට් එකකුත් හිතට ආව. අපිත් කඳවුර පිරිසිදු කරන වැඩ අවසන් කරලා ගිහින් කෑමට ආව. කාල ආයෙත් අටයි තිහට බර වැඩ සඳහා පෝලිම් උනා.
එදා මාව වැටුනෙ කඳවුරේ සෙක්ටර් තුනේ විසිට් පාත් එක සුද්ද කරන්න. මෙි පලාත මාර ලස්සනයි. පේපර් මිල් එකෙන් එන කුණු ගඳ නැත්තං ජීවත් වෙන්න උනත් හොඳ පලාතක්. මං වැඩ කරන අස්සෙත් ආරක්ෂිත පස් බැම්මට බාහිරින් පේන ලෝකය ගැන හැම තිස්සෙම ඉස්සි ඉස්සි බැලුවා. ඒ බලන ගමන් තමා වැඩ කලේ. පේන තෙක්මානෙම ඔිපන් එක. තැනින් තැන පතාක යෝධයන් වගේ ඉහලට එසවුනු තල් මංඩි පුදුමාකර අලංකාරයක් මෙි පරිසරයට එකතු කලේ. දුරින් දුරින් පේන ගෙවල්, කුඹුරුවලට මිනිස්සු එහෙ මෙහෙ යන හැටි මට පෙනුනෙ කූඹි රැලක් වගේ. ඒ තරං පොඩියට.

 එහෙම වැ⁣ඩවල යෙදී ඉද්දි දහයට විතර පීටී අයි කෝප්‍රල් ඇවිත්
*කව්ද මෙතනින් අමිල කියන්නෙ??
*කෝප්‍රල් මං. මං සීරුවට ඇවිත් අත ඉස්සුවා.
*ආං උඹට ඇජුටන් කතාකරා. ටක්ගාල ගිහින් අතපය හෝදගෙන යුනිෆෝම් එක දාගෙන ඔෆීස් එක ඉස්සරහට වරෙන්. මං ඉන්නව එතන.
මාත් උදැල්ල වෙන කෙනෙකුට දීල ඉක්මනින්ම භඨ නිවාසෙට දුවල ගිහින් මූන අතපය හෝදගෙන නිළ ඇඳුම දාගත්තා. පස්සෙ කාර්යාලය ඉස්සරහට එනකොට එතන පීටීඅයි කෝප්‍රල් හිටියා. මං එයාව හම්බුනාම මගේ නිළ ඇඳුමෙ අඩුපාඩු බලල සකස් කරල විධායක අධිකාරි තුමා හමුවට පමුණුවන්න ප්‍රධාන ලිපිකරු තුමාට භාර දුන්නා.
*උඹ ඇජුටන්ව අඳුරනවද? සීසී ඇහුවා.
*ඔව් සර්.
*උඹෙි ගම කොහෙද?
*නිට්ටඹුවෙ සර්.
*ආ සර්රුත් එහෙ තමා. වරෙන් යන්න.
මාත් සීසී එහෙමත් නැත්තං චීෆ් ක්ලාක් පස්සෙන් වැටී විධායක අධිකාරි තුමාගේ කාර්යාලයට යන්න ගියා. ඒ යද්දි සර් රාජකාරි ලියුං වගයක් බල බල හිටියෙ. ඒක ඉවරවෙනකං මට පැත්තකට වෙලා ඉන්න කියලා සහ, සර් ඒක ඉවරවුන ගමන් සීසීට කතාකරන්න කියල එයා ආයෙ තමන්ගෙ මෙිසෙට ගියා.
 පැයක් විතර යද්දි සර් මෙිල් එක බලල ඉවරවුනාම මං සීසීට කතා කලා.
*මං උඹව ඇතුලට එක්ක යනකොට හයියෙන් හෝල්ට් එකක් ගහල සැලියුට් කරපං හොඳද.
*හා සර්.
එහෙම කියල සීසී තනියම ගිහින් ඇජුටන් හමුවෙලා මට "මල්ලී" කියල සර්ගෙ ඔෆීස් එක ඇතුලට කතාකලා. මාත් හයියෙන් හෝල්ට් එකක් ගහල සැලියුට් කරල "ගුඩ් මෝනින් සර්" කිව්වා. සර්රුත් මට ගුඩ් මෝනින් කිව්වා.
*ඇයි අයිසෙ තමුන් ආමි එකට ආවෙ.
*ආසාවට සර්.
*හරි ඒකට කමක් නෑ, රිසාල්ට්ස් කොහොමද තමුන්ගෙ.
*ඩී දෙකයි සී එකයි එස් හතරයි එෆ් එකයි සර්.
*මොනාටද සම්මාන තියෙන්නෙ?
*සිංහලයි සමාජ අධ්‍යානය ඩී.ඉංග්‍රිසි සී සර්.
*අපරාදෙ අයිසෙ.තමුසෙ තනිකර පිස්සෙක්නෙ. තව වතාවක් එක්සෑම් එක කරල ඊට පස්සෙ ආමි එන්න තිබුනනෙ ආසනං. හරි කමක් නෑ දැං කරන්න දෙයක් නෑනෙ. තමුසෙට මොනාම හරි ප්‍රශ්ණයක්, උවමනාවක් වුනොත් කෙලින්ම මට කතාකරනව තේරුනාද.
*ඔව් සර්.
*නිවාඩු ගියාද?
*නෑ සර්. අපේ කෝස් එකේ කාටවත් නිවාඩු හම්බුන්නෑ. අපි යන තැන්වලින් නිවාඩු දෙයි කියල තමා එව්වෙ.
*ඒකටනං මටත් කරන්න දෙයක් නෑ. මොකද ඔිගොල්ලන්ට මෙහෙත් දවස් දාහතරක කෝස් එකක් තියෙනව. ඒක අනිද්ද පටන් ගන්නව. ඒක ඉවරවුනාම නිවාඩු යන්න පුලුවන්. තේරුනාද?
*ඔව් සර්.
*සර්, මෙයා ගමෙිද? සීසීත් පැත්තක ඉඳන් ඇහුවා.
*ඔව්. අපේ ගමෙි අපේ ඉස්කෝලෙ.
*හරි. මොනවද අඩු පාඩු තියෙන්නෙ.
*මුකුත් නෑ සර්.
*වියදමට සල්ලි එහෙම තියෙනවද?
*ඔව් සර්. සල්ලි තියෙනව.
*හා.දැන් යනව. මොනවහරි උවමනාවක් වුනොත් මට බැයිනං මෙි සීසීට හරි ඇවිත් කියනව. සීසී මට කියයි තේරුනාද? සීසී මෙයා මොනව හරි කිව්වොත් මට ඇවිත් කියන්න ඔින තේරුනාද. සර් ඒක සීසීටත් එහෙම්මම දැනුම්දුන්නා.
*හොඳයි සර්.
*හරි දැන් මෙයාව එක්ක යන්න.
මාත් ආයෙ සැලියුට් එකක් ගහල සීසීත් එක්කම එලියට ආව. ඒ ඇවිත් සීසීගෙ ඉන්ටවීව් එක.
*මල්ලි සර් කිව්ව මතකනෙ. සර් හොඳ මහත්මයෙක්. මොනම හරි දෙයක් තිබුනොත් සර්ට කලින් මට කියන්න ඔින තේරුනාද. ඊට පස්සෙ මං සර්ට කියල උවමනාව කරල දෙන්නං. ඒක නෙමෙි, මෙහෙට එනව පොඩ්ඩක්.
මාත් ආයෙත් සීසී සර් ගාවට ගියා. සර් කොල කෑල්ලකුත් දීල එයාගෙම පෑනත් දීල මගේ සම්පූර්ණ නම ලියන්න කීවා. මාත් ලීවා. තව තව වාක්‍ය කීපයකුත් ලියන්න කිව්වා. ඒ කිව්ව හැමදෙයක්ම මාත් ලීවා. ඉංග්‍රීසි පත්තරේක ඡේදයකින් භාගයක්මත් ලිව්වා.
*උඹෙි අකුරු ලස්සනයිනෙ බං. මෙතන ක්ලාක් ජොබ් එක කරන්න කැමතිද?.
*පුලුවන් සර්. මං එහෙම කිව්වෙ ප්‍රසාද් අයියත් එක්ක වැඩ කරන්න තිබ්බ ආසාවට මිසක් ක්ලාක් ජොබ් එකට ආසාවෙ නෙමෙි.
*හරි. සර් කිව්ව වගේ තමුසෙලගෙ කෝස් එක පටන් ගන්නව අනිද්දා, ඒක ඉවරවුනාම ලෑස්තිවෙනවා ක්ලාක් මහත්තයෙක් වෙන්න. තේරුනානෙ.
*ඔව් සර්. ඒත් මොකද්ද කෝස් එක සර්.
*තරු වර්ග කිරීමෙි පාඨමාලාව. ඒක හැම කෙනෙක්ම අනිවාරෙන් කරන්න ඔින කෝස් එකක්. ඒකෙ වැඩි විස්තර පස්සෙ දැනගන්න පුලුවන්. දැන් බිලට් එකට පලයං.
මාත් පීටීඅයි කෝප්‍රල් එක්ක නැවත භඨ නිවාසෙට ඇවිත් යුනිෆෝම් පිටින්ම හිටියා. ඒ දවල් කෑමටත් වෙලාව ලංවෙලා තිබුනු නිසා. ඒ එන ගමනෙදි පීටීඅයි කෝප්‍රල් මගෙන් විස්තර ගොඩක් ඇහුවා. ඇජුටන් අඳුරනවද කියලත් ඇහුවා. මං විස්තරේ සම්පූර්ණයෙන්ම කිව්වා. එයානං මුකුත් කිව්වෙ නෑ. කිව්වෙ මොන දේ තිබුනත් අපිට තාම කෙලින්ම ගිහින් සර්ලව හම්බවෙන්න බෑ කියල විතරයි. ඊට කලින් ඒක පීටීඅයිට කියන්න කියලත් කිව්වා.

මාත් කට්ටියම බිලට් එකට ආවට පස්සෙ ආයෙ කෝස් එකක් තියෙනව කියල කිව්වා. ඒක අහපු අහපු අයගෙ කන් කඩා පාත්වුනා. කටවල් ඇදවුනා. ඒක හරියට ඇඬුම් ස්වරයක් වගේ.
*ඒ කියන්නෙ නිවාඩු නැද්ද බං.
*නෑ. ඇජුටන් කිව්වෙ මෙි කෝස් එකත් ඉවරවුනාම නිවාඩු දෙනව කියල. මෙිකත් කරලම තමා බං යන්න වෙන්නෙ. අනේ මංදා. එපා වෙනවනෙ.සික්. මාත් ඒක කිව්වෙ ඇත්තටම දුකෙන්.

කෝස් එකත් පටන් ගත්තා. ඒක ආධුනික පුහුණු පාඨමාලාවට වඩා වෙනස් එකක්. සිලබස් එක ⁣ටිකක් සමානයි. නමුත් වැඩිපුර තිබුනෙ ලියන්න විතරයි. සරඹ පීටී එහෙම තිබුනෙ නෑ. ඒ වෙනුවට අපිට හවස කැමති ක්‍රීඩාවක් කරන්න අවස්ථාවක් තිබුනා. ක්‍රිකට්,වොලිබෝල්,බැඩිමින්ටන්,ෆුට්බෝල් සහ බාස්කට් බෝල්, ක්‍රිඩා පහම හැන්දෑවට මෙි කඳවුරේ සෙල්ලං කරනවා. හවස හතර වෙද්දි මුලු බ්‍රිගේඩ් එකමයි අපේ යුනිට් එකමයි  ග්‍රවුන්ඩ් එකේ. මං ආසම ක්‍රිඩාව ෆුට්බෝල්. ඒකෙ ෂට්ල් රන් ටිකට තමා වැඩිපුරම ආස. ඉක්මනින්ම හතිවැටෙනව වගේම කකුලෙ මසල්ස්වල ෆයිබර් එහෙම ගොඩක් හයිවෙනව. පපුවත් එහෙමයි. ඒ නිසාමයි මං වැඩිපුරම ෆුට්බෝල් වලට ආස. ප්‍රසාද් අයිය නොහොත්  කපිතන් රාමනායක සෙල්ලම් කලේ ක්‍රිකට් විතරයි.

එක දවසක් හවස ග්‍රවුන්ඩ් එකේදි ප්‍රසාද් අයිය ආයෙ මට කතා කලා. ඒ කිව්වෙ ඊලඟ අවුරුද්දෙ  ගණිතය විතරක් හරි බාහිර අපේක්ෂකයෙක් විදියට ලියල සාමාන්‍යපෙළ ගොඩ දාගනින් කියල. ඒත් එක්කම නිවාඩු ගියාම ඒකට අවශ්‍ය පොත් පත් අරගෙන එන්නත් කිව්වා. එයා කිවවෙම ආමි ආවට කමක් නෑ,කොහොමහරි ගණිතය ගොඩ දාගනින් කියලමයි.
මාත් ඒ හැමදේකටම හා කියල සර්ගෙ උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින්න ඉටාගත්තා. ඒ කිව්ව වගේම මට පහසුකමුත් ලැබුනා.

ඔහොම ඉද්දි තමා සර් එකපාරටම ට්‍රාන්ස්ෆර් ගියෙ. ඒ යාපනේ ක්‍රියාන්විත රාජකාරි වලට. සර් ස්ථානමාරුවීම් ලබල ගියාම මට ගොඩක් දුක හිතුනත් මෙි වෙනතෙක්ම  අපි කාටවත් නිවාඩු නොදුන් එකට ටිකක් තරහෙන් හිටියෙ. මගෙ අධ්‍යාපන කටයුතු වලටත් ඒ එක්කම නැවතීමෙි තිත තියන්න වුනා. 

ඒකට හේතුව මීයන්කුලම් කඳවුරට කොටි පහරදීල අපේ කීප දෙනෙක් මියගිහින් තුවාල වෙලා නිසා ඒ පුරප්පාඩුවලට අපි කීපදෙනෙකුට   මීයන්කුලම් කඳවුරට යන්න සිදුවීම.

 මමත් මීයන් කුලම් හිටපු කාලයේදී ඒ කඳවුරට  පහර දෙන්න ආපු කොටිත් එක්ක දරුණු සටන් දෙකක් ඇවිලී ගියා. ඒ සටන් දෙකේම පෙරමුනටම මාව මැදිවීම මගින් එතෙක් මගේ හිතේ තිබුනු "මරණ බය" පලවා හැර මගේ හිතේම මා වීරයෙක් බවට පරිවර්තනය වෙමින් තිබුනා. මෙි ප්‍රහාර දෙකම අපේ මාර්ග ආරක්ෂක මුරයට තමා එල්ලවුනේ. දෙවෙනි සටනෙන් පස්සෙනං මට හිතුනෙ මං තාම ජීවත්වෙනව උනත් ඇති කියල. ඒක නං පුදුමම අත්දැකීමක්.

 ඔහොම ටික දවසක් ගියාම තමා මීයම්කුලම් රාජකාරි කරපු අපේ කණ්ඩයට මාදුරුඔය යුදහමුදා පුහුණු පාසලේ සටන් පාඨමාලාවක් හා විශේෂ බළකා පුහුණු පාසලෙත් පාඨමාලාවක් එක්ක පාඨමාලා දෙකක්ම එක පිට හදාරන්න සිදුවුනේ.
ඒ පාඨමාලා දෙකත් හදාරල නැවත මූලස්ථානෙටත් ආවට පස්සෙ  එහෙන් තමා මගේ යුධහමුදා ජීවිතේ පළවෙනි නිවාඩුව යන්න ලැබුනෙ.  ඒ මාස නවයයි දවස් විසිතුනකට පස්සෙ. එදා තමා මං ජීවිතේ වැඩියෙන්ම සතුටුවුන දවස. මෙි වෙද්දි මගේ බැජ්එකේම දෙන්නෙක් ජීවිතක්ෂයට පත්වෙලා, එක්කෙනෙක් බට්ටෙක් පෑගිලා පූර්ණාබාධිතයෙක් බවට පත්වෙලා තිබුනා.  එයාලාට නම් එයාලා ගියපු කණ්ඩායම් වලින් නිවාඩු ලැබී  තිබුනා.

මගේ පළවෙනි ඒ නිවාඩුව දවස් දා හතරක්. ඒ පාඨමාලා දෙකෙන්ම අපි පළවෙනි ස්ථානය ගත්තා කියල සතුටට තමා දවස් දා හතරක්ම නිවාඩු ලැබුනෙ. ඒ නිවාඩු කාලෙ ගෙවුනෙත් මහ අපූරු විදියකට. මොකද මෙි වෙද්දි මගේ පෙනුම වගේම ශබ්ද කෝෂයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුනෙ. තාත්තට සර් කියල බැනුම් අහපු වාර කිහිපයක්ම තිබුනා. නංගිට කෝප්‍රල් කියල එයා අඩි ගානක් උඩ ගිහින් එයාගෙ රෙදිත් මට හෝදන්න වෙන හැඩයක් එතන තිබුනෙ. යාලුවන්ටත් එයාලගෙ නම් වෙනුවට කෝප්‍රල් කියල කතා කරලා සමහරුන්ට සර් කියල කතා කරල එයාල මට හිනාවෙලා මගෙන් ගුටිත් කාල හිටියෙ දෙතුන් දෙනෙක්.

 ඔය නිවාඩුව ඉවරවෙලා ආපුදාට පහුවදා අදටත් මතක් වෙද්දි ඇස්වලට කඳුලු උනන මහා දුක්බර සිදුවීමක් වුනා. එදා උදේ අටෙි විතර ඉඳල  කඳවුරකට එක දිගටම කොටි ගහනව. තුවක්කු හඬ,කාලතුවක්කු සහ මෝටාර් පිකප් වෙන හඬ, ඒව බිම වැටිල පුපුරණ සද්දෙත් එක්ක මෙි වෙද්දි අපේ ශරීර පවා වෙව්ලන තත්වෙකට පත්වෙලා තිබුනෙ. බයකට නෙමෙයි. ඒ, ඒසටනට මැදිහත් වෙන්න අවස්ථාවක් නොලැබීම නිසා. කඳවුරේ සමහරු කතාවුනේ සිංහ රෙජිමෙින්තුවට තමා ඒ පහර දෙන්නෙ කියල.  දවල් දොලහ එක විතර වෙනකම් තිබුනු ඒ සටනෙන් තුවාල ලැබූ හා මියගියවුන් ගුවන් මගින් රෝහල් කරා ගෙනයන්න ඒ වෙද්දි හෙලිකොප්ටර් දෙකක්ද පැමිණ තිබුනා. මාව දාල තිබුනෙ චොපර් වලට තුවාල හා මියගිය අය දාන කොටසට. මිය ගිහින් ගේන අය ඉටි කවරවලට දැමීමත් අපේ රාජකාරියක්. මාත් නිළ ඇඳුම දාගෙන අපේම වාහන මගින් ගෙනෙන අය පැටවීමට සූදානමින් හිටියෙ. ඒ චොපර් දෙක එකපාරක් ගිහින් ඊලඟ පාර එද්දි මෙතන තුවාලකරුවන් ගොඩ ගැහිල තිබුනා. මාත් චොපර් එනකං මෙතනට ගේන අය අතරින් දන්න කියන කව්රු හරි ඉන්නවද කියල බල බල තමා හිටියෙ. ඒ වෙද්දි කිරාන් ස්ථානගත වෙලා හිටියෙ 4වන සිංහ රෙජිමෙින්තුව සහ 4 වෙනි ගැමුණු හේවා බළඇණිය.

4 වන සිංහ රෙජිමෙින්තුවට අයත් භඨ පිරිස් අතරින් මට එක් සුපුරුදු රුවක් දිස්වුනා. ඒ මියගිය අය හිටපු ගොඩෙන්. මට ඔහුව පිලිබඳව තිබුනෙ සැකයක්. ඒ මං හිතා ඉන්න කෙනාමද මෙි කියල. ඊලඟට ඔවුන්ව පරීක්ෂා කර කර හිටපු හමුදා වෛද්‍යවරයා එතනින් ඉවතට  ගියපසු මං ඔහුට කිට්ටු කරල සැකය හරිද කියල තහවුරු කරගන්න ලඟටම ගිහින් බැලුවා.
හද්දෙයියනේ.. ධර්මෙයා..මගේ බැජියා. රෙකෲට් කෝස් එකේ මගේ බඩියා... රත්තරනේ..උඹට මෙි මොකදවුනේ.?.

මට මගේ ඇස් අදහගන්න බැරි උනා. ඉන්න තැන අමතකවුනා. ඔහුගේ ඔලුවත් අතගාල බැලුව. මට කියාගන්න බැරි මහා පුදුම දුකක් වෙිදනාවක් දැනුනා. පපුව හෙල්ලුම් කාල ගියා. කකුල් දෙක පනනැති වෙලා ගියා. මුලු ඇඟම වෙව්ලන්න ගත්තා.

දෙයියනේ... ධර්මෙගෙ ඔලුවෙන් කෑල්ලක් තිබුනෙත් නෑ. ඒ මදිවට ඇඟෙත් තැනින් තැන උන්ඩ වැදිල තුවාල වෙලා. රෙකෲට් යුනිෆෝම් එකත් එක්කම මුළු ශරීරයම රක්තවරණ ලේ වලින් පෙඟිල කැටි ගැසිල. මෙික දරාගන්නම අමාරු සිදුවීමක් නිසා මම ඉක්මනින්ම එතනින් ඉවත්වුනා.

එදා පනාගොඩදි මහත් දුකෙන් මට එයාගෙ ඔරලොසුවත් දීල වෙන්වෙලා ආපු ධර්මෙ. මං ආසාවෙන් තියාගෙන හිටපු තීන්ත පෑන අත් දෙකෙන්ම අරගෙන මුහුනත් බලා ඉඳලා "අපි කවදාහරි කොහේදි හරි අනිවාරයෙන්ම මුන ගැහෙනවාමයි මචං" කියපු ධර්මෙ. අද මළ මිණියක් වෙලා මගේම ඇස් ඉදිරිපිට වැටිල. මට මෙිකනං ඉවස ගන්නම බැරිවුනා. මටත් නොදැනිම උණු කඳුලු ගංගාවක් ඇස්දෙකෙන්ම ගලා ගියා. ආයෙ එතන වැඩක් කරගන්න තියා හිටගෙන ඉන්නවත් බැරි තත්වෙට මාව පත්වුනා. මං පැත්තක තිබුනු කොටයක් උඩට වෙලා අතීතය සිහිකර කර කාටත් හොරෙන් කැප් එකෙන් මුහුන වහගෙන අඬද්දි එතනට ආපු කපිතන් කෙනෙක් මාව එතනින් ඉවත්කරල ඇයි ඇහුව. මං විස්තරේ කිව්වම ඒ සර්ටත් කතාකරගන්න බැරිවුනා. 
 හමුදාවෙ ඉන්නෙ ඇත්තටම ගොඩක් සංවෙිදී මිනිස්සු. එතන හිටපු ගොඩක් අය මෙි තුවාල සහ මියගිය අය දැකල හිතේ වෙිදනාව තදකරගෙන අමාරුවෙන් ඉවසගෙන හිටියත් මගේ ඒ සිදුවීම දැකල නං කීප දෙනෙකුටම ඒ ඉවසීම කඩා බිඳගෙන ගියා මං දැක්කා.විශේෂයෙන්ම හමුදාවෙ කාන්තා බළකායෙ කිහිප දෙනෙක්.
 මාව එතනින් ඉවත් කරපු කපිතන්ම දෙතුන් පාරක්ම ලේන්සුව අරන් මුහුන පිසදානවත් මං දැක්කා. මට මෙික ඉවසගන්නම බැරි තැන පැත්තකට ගිහින් ඉඳගෙන ධර්මෙට නිවන්සුව ප්‍රාර්ථනා කලා. නැවත උපදින කිසිම ආත්මෙක මෙච්චර වෙිදනාබර සිදුවීමක් හෝ අකල් මරණයක් හෝ නොවෙිවා කියල මුලු හදවතින්ම ප්‍රාර්ථනා කලා.
"අපි අනිවාර්යෙන්ම කොහෙදි හරි කවදාහරි මුනගැහෙනවාමයි මචං" කියල එදා පනාගොඩ පුහුණු පාසලෙන් මගෙන් සමුගත් ධර්මෙ මෙි විදියට හමුවෙන්නනං මං කවදාවත් හිතුවෙ නෑ. එදා කිරාන්වල අසූ පස් දෙනෙක් සදහටම අපව අතහැර දමා ගොස් තිබුනා. තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තිබුනා. නමුත් ඒ සේරටම හරියන්න මටම විශේෂ කෙනෙක්වූ ධර්මෙත් සදහටම ඇස් පියාගෙන තිබුනා.

ඇත්තමයි ධර්මෙ, උඹ සිවුරෙ හිටියනං අදටත් ජීවතුන් අතර ඉන්නව. එක බඩවැල කඩාගෙන නාවත් උඹයි මායි අතර තිබුනු බැඳීම ෆිට් එක අදටත් එහෙමමයි මචං. ඒත් උඹ කිව්ව විදියට අපි මෙි ආත්මෙ හමුවුනේ නෑ. අපි ආයෙත් කවර හරි ආත්මෙකදි හමුවෙමු. හැබැයි ඒ සහෝදරයො විදියට.  උඹට නිවන් සුව ලැබෙිවා. ඒ තමා මගේ ජීවිතේ මං තියපු සංවෙිදීම සටහන. එදා පිටු එකසිය විස්සෙ පොතක් අරන් ඒ අවුරුද්ද ඉවරවෙනකං ඉරි ගහ ගහ දින පොතක් විදියට පාවිච්චි කරල 1997 අවුරුද්දෙ ඉඳන් තමා දිගටම දින පොත් නඩත්තු කරන්න පටන් ගත්තෙ. ඒ දිනපොත් තාමත් සුරක්ෂිතයි. ඒ සිදුවීම  මගේ යටි හිතේ කොච්චරක් දුරට තැන්පත් වෙලා තියෙනවාද කිවහොත් අදටත් සමහර දවස්වලට ධර්මෙවත් හමුදාවත් හීනෙන් පේනවා. මට මතකයි මීට මාස හය හතකට කලින් දවසකත් ධර්මෙව හීනෙන් දැකපු සිදුවීමක්.

තවත් එකක්. ඒකත්  මහා දෛවෝපගත සිදුවීමක් කියන්නෙ මගේ ඊලඟ නැවතුම උනේත් කිරාන් කඳවුර. ඒ එහෙදි ප්‍රහාරයට ලක්වුනු ඒකක දෙකේම අය වෙනුවට අපේ ඒකකයේ ඒ කණ්ඩායම කිරාන් කඳවුර භාරගැනීමත් හා ඒ යටතේ මටද පහුවදාම කිරාන්වලට රාජකාරි සඳහා යෑමටත් සිදුවීම.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.07.29

Sunday, July 26, 2020

අතීතයෙන් කතාවක් 08



අපි එදින වැලිකන්දට එනකොට ඇති හවස දෙකට විතර. දවල්ට කෑවෙිත්  වැලිකන්දට ඇවිත් වැලිකන්දෙන් වම් පැත්තට තියෙන සිංහපුර පාරේ මාර ගස් සෙවන යට ඉඳන්. ඒ මාර ⁣ගස් සෙවන යටින් ඇරඹෙන කෙත්වතු යාය පෙනෙන තෙක් මානයේ විහිද ගිහින් තිබුනා. ඒ වෙල්යාය මැද තැනින් තැන ඉහලට එසවී තිබුනු බාගෙට වෙිලුනු තල් ගස් දෙක තුනක් නොකියා කීවෙි මෙි පලාතේ තියෙන දුෂ්කර බව. නමුත් මංනං ඒක දැක්කෙ කපුටො රැළක් මැද මොනරෙක් ඉන්නවා තරම් අලංකාරවත් විදියට. මට කොහොමත් මෙිව හැම එකක්ම පෙනෙන්නේ අනෙක් අයට පේනවට වඩා ටිකක් වෙනස් විදියට.

 මාර ගස් සෙවන යට ට්‍රක් එක නවත්තලා "ඉක්මනින් කාල ඉතුරු ටික යන්න ලෑස්තිවෙන්න" කියල බනි 1 නිමල් සර් දුන්නු නියෝගය අපිට ඇහුනේ ජීවිතේටම ඇහිච්චි මීහිරි මීපැනි වාක්‍යයක් විදියට. මොකද අපිත් මෙි වෙද්දි හිටියෙ වාහන දුම් දූවිලි මැද ට්‍රක් එක වමට හරවනකොට දකුනටත් දකුනට හරවනකොට වමටත් බ්‍රෙික් ගහන කොට ඉස්සරහටත් අද්දනකොට පස්සටත් විසිවෙවී ඒ අඩම්තේට්ටම් මැද කෑ ගහ ගහ සිංදු කිය කිය ඇවිත් බාගෙට මැරිල වගේ.  අපි දෙන්න දෙන්න එකතුවෙලා වාහනෙන් බැස්ස ගමන්ම මාර ගස් යට පේලියට ඉඳගෙන උදේම පනාගොඩ කඳවුරෙන් ඔතල දුන්නු කෑම එක දිගෑර ගත්තෙ මෙි වෙද්දි නහරයක් නහරයක් පාසා බඩගින්න ඉහවහා ගිහින් තිබුනු නිසා.

ඒ කෑම එකට විනාඩි දෙකෙන් වග කිව්ව අපි බඩෙි ඉතුරු බාගෙ පුරෝගත්තෙ බෝතල්වල අරන් ආපු වතුරවලින්. මෙි ඔතාදුන්නු කෑම එක අපි කාටත් මදි. ඒත් ඒක ජීවිතේ ලැබුනු අවසන් කෑම වෙිල නොවන හිංද හිත හදාගෙන අත් දෙකත් හෝදල තෙත අත් දෙක ඇදන් හිටපු කලිසම් සාක්කුව ඇතුලට දාගෙන හොඳට පිහදා ගත්තා. ඉක්මනින් කාල බීල ඉවරවුනු අපි  එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියෙ ජීවිතේ පලවෙනි වතාවට පය ගහපු වැලිකන්ද ටවුන් එකේ පේන පේන හරියෙවත් සිරි නරඹන්න.
 නිට්ටඹුවෙ පන්ති යද්දි වැලිකන්ද කොළඹ කියල බෝඩ් ගහපු බස්  කනට ගහනව වගේ ගොරහැඩි සද්දෙට හයියෙන් තත්පරෙන් තත්පරේට හෝන් ගගහ දූවිලි වලාවන් නංවගෙන ගිය සතියෙ යන්න තිබුනු ගමනක් අනිද්දා යනව වගේ විදුලි වෙිගෙන් යනව කොතරම්නම් දැකල ඇද්ද. ඒ දවස්වල මං වැලිකන්ද ගැන හිතාගෙන හිටියෙ ගම්පහටත් වඩා ලොකු ටවුන් එකක් වෙන්න ඇති කියල. ඒ වුනාට අපිට පේන්නනං තිබුනෙ මිනිසුන් කීපදෙනෙකුත් මාලු ලෑල්ලකුත් කඩ කිහිපයකුත් විතරයි. මෙික කඩ දහයක් විතර තියෙන පුංචි ටවුන් එකක්නෙ. ටවුන් එකක් කියන්නත් බෑ. කඩමණ්ඩියක් වගේ.

අපි ටිකක් එහෙ මෙහෙ ඇවිද ඇවිද සිරි බල බල ඉද්දි අපිව භාරව ආව බනි 1  ඩබ්ඒ නිමල්  ට්‍රක් එක ලඟට  ඉක්මනින් එන්න කියල අතිනුත් සන් කරන ගමන් කටිනුත් කතාකරල කිව්වා. අපිත් ඒ අණට අනුව කඩිනමින් ඔහු අසලට ගියේ ඊලඟට කියන්න යන්නේ මොකද්ද කියල බලන්න.
*ළමයි. අපි මෙතනින් යන්නෙ තුනයි තිහට. එතකං මෙතනම ඉන්න කොහෙවත් යන්න එපා.  මෙතනින් එහාට තියෙන්නෙ ටිකක් ඩෙින්ජර් ගමනක්. තව ටිකකින් ඔිගොල්ලන්ට පතුරම් එකසිය විස්ස ගානෙ හම්බෙනව.ඒක මැගසින් වලට පුරෝගෙන එකක් අවියට කවා ගන්න. රෙඩි කරන්න එපා. හදිසියක් වුනොත් හරි, රෙඩි කරන්න ඔිනවුනොත් හරි මෙි දෙන්න ඔයාලට කියයි. මෙච්චර දුරක් ආව වගේ මෙතනින් එහාට සිංදු කියන්න කෑගහන්න බෑ. ඊලඟ ගමන ගොඩක් පරිස්සමට යන්න ඔින ගමනක්.  තේරුනාද? හැබැයි බැරිවෙලාවක්වත්  අපේ වාහනයට කොටි ගැහුවොත් කලබල වෙන්නවත් කලබල කරන්නවත් එපා. ඒ වෙලාවට කරන්න තියෙන දේ අපි කරමු.ආයෙත් කියන්නෙ බය වෙන්න එපා. ඔිගොල්ලොත් දැන් පුහුණු වෙච්චි සොල්දාදුවොනෙ.පැහැදිලිද?
*පැහැදිලියි සර්.
*අනික තමා වාහනේ එක ගොඩෙි වැටිල යන්න එපා. විසිරිලා ඉන්න. කිසිම විදිහකින් වාහනේන් එළියට ඔලුව දාගෙන රිලව්වගේ එල්ලිලා යන්න එපා. පැහැදිලිද. අපේ ගමන මෙතන ඉඳල තව සෑහෙන දුරක් යන්න තියෙනව. පරිස්සමින් කිව්ව විදියට එන්න ඔින පැහැදිලිද? අනික තමා කොටි නෙමෙි දෙයියන් නාන්සෙ ගැහුවත් වාහනේ වෙඩි වැදිල හැප්පිලා පෙරලිලා කුඩුවෙලා ගියෙ නැත්තං ඇරෙන්න ඊලඟට වාහනේ නතර කරන්නෙ වාලච්චෙිනෙ. ඒ හිංද කල්පනාවෙන් හයියෙන් අල්ලගෙන ඉන්න ඔින. තේරුනානෙ.?.
*තේරුනා සර්.
 ඒ කියන්නෙ මෙතනින් එහාට අනතුරුදායකයි. මං අහන්න ආසාවෙන් හිටියෙත් ඒ වගේ දෙයක්. මං දන්නෑ ඒක මොන වගේ බලාපොරොත්තුවක්ද කියල. හැබැයි මං දන්න කාලෙක ඉඳල ආසාවෙන් හිටියෙ මෙි වගේ අනතුරුදායක දේවල් අස්සෙන් ජීවිතේ ගෙනි යන්න. ඒක හරියට මැරෙනවාමයි කියල දැනගෙන හෙලකින් වැටෙන ගමන් ඒ අහු අස්සෙ තියෙන ගහක අත්තක හරි එල්ලිලා ජීවිතේ රැකගෙන ඒ හෙලෙන් ගොඩ ඇවිත් වීරයෙක් වගේ ඉද්දි ගොඩ ඉන්න මිනිස්සු මං වෙනුවෙන් චියර් කරනවා වගෙ වෙන්න. මගේ පොඩි කාලෙ ඉඳලම පුරුද්දක් වෙලා තිබුනෙ වෙන කව්රුත් නොකරන තියා කරන්න හිතන්නෙවත් නැති ජාතියෙ වැඩ කරන්න. ඒක හරියට මෙි වගේ.

සැඩ දිය පාරක වෙිගෙන් එගොඩ මෙගොඩ පීනන දක්ෂ පිහිණුම් කරුවෙක් අභිබවා, කවදාවත් දනිස්සෙන් උඩට තියෙන වතුර පාරක පිහිනා නොමැති කෙනෙක් අර පිහිනුම් කරු අභිබවා පීනා ගිහින් එක වෙන්න හදනවා වගෙ එකක්.
හොඳ ජැන්ඩියට ඇඳල පැලඳල මාසෙකට දාස්ගනන් පඩි ගන්න මිනිසුන් හරි ලක්ෂ ගණනින් ලාබ හොයන ව්‍යාපාරිකයන් ඉන්න සමාජයක මැද්දෙ හරි වටිනා නිල ඇඳුමක් ඇඳගෙන ඔවුන්ව මෙහෙයවන්න ලැබෙනවා වගේ.
නැතිනං ඔක්කෝම නිල ඇඳුම් අදිද්දි මං විතරක් වෙනස් ඇඳුමක්, ඒ කියන්නෙ වැරහැලි කිලුටු ඉරුනු ඇඳුම් ඇඳගෙන වෙස්වලාගෙන හරි වෙනස්ම වටිනා කාර්‍යයක් ඉටුකරන පුද්ගලයෙක් වගේ. ඒව තමා මට තිබුනු සරළ හීන. තව මෙතන නොකී  ගොඩක් දේවල් තියෙනව. හැබැයි විශ්වාසයෙන් යුතුව මට කියන්න පුලුවන්,  තිබුනු සමහර හීන ක්ෂිතිජයේන් මැකීයන්න ආසන්න ඉරු රාජයා එකවර දීප්තිමත් එලියක් විහිදලා ඊලඟ මොහොතේ අඳුරෙන් හාත්පස වෙලා ගන්නවා වගේ බලාපොරොත්තු ඇතිවී නැතිවී ඊලඟ මොහොතේ අර ඉරම මුහුදේ ගිලී යනව වගේම මගේ ඒ ගොඩක්  හීනත් අඳුරේම කඳුලු සයුරේම ගිලී ගියා. නමුත් දහ අටෙි විස්සේ කොල්ලෙක්ගෙ හිතේ තියෙන වීරත්වය පිළිබඳව තිබුනු හැඟීම් හෝ අර ඉහතින් කියපු හීනනං මගේ හමුදා ජීවිතය තුල ඔිනවටත් වඩා එළිවුනා. ඒ සමහර අවස්තාවන්වලදී මටත් එපාම වෙන විදියට.

අපි නිමල් සර්ගේ කතාවත් අහගෙන මාර සෙවනේ එහෙ මෙහෙ ඇවිද ඇවිද අපි අතරෙම එක එක කසු කුසු  නැගෙද්දී  වැනට් වර්ගයේ සුදු පාට වෑන් එකක් වෙිගයෙන් ඇවිත් අපි ආව ට්‍රක් එක ගාව නැවැත්තුවා. ඉන් බැසගත්තෙත් ආමි එකේ දෙතුන් දෙනෙක්. ඒ බැහැල ඇවිත් කව්රුහරි බනි 1 නිමල් එක්ක යමක් කතා බහ කර කර ඉද්දි වෑන් එකේ ආපු ඔවුන්ගෙන් දෙදෙනෙක්  පිටි පස්සෙ දොර ඇරල සුදුපාට අඹලෑලි පෙට්ටි කිහිපයක් අපි ආපු ට්‍රක් එකට දැම්මා. ඒ අපි ට්‍රෙිනින් වෙද්දි වරායෙ නැවෙන් බාපු ජාතියේ පතුරම් පෙට්ටි. ඒක අපිට හොඳට අඳුරගන්න පුලුවන්.

 ඒත් එක්කම අපි හිටපු තැනට ආ නිමල් සර්
*ළමයි... ටක් ගාල එනවලා..
ඒ නියෝගයත් එක්ක අපි ඉකිමනින් නිමල් සර් ගාවට ගිහින් ඇයි ඇහුවා.
*අන්න ට්‍රක් එකේ තියෙනව ඔිගොල්ලන්ගෙ පතුරම්. හැකි ඉක්මනින් තම තමන්ගෙ මැගසින් හතරට පතුරම් ටික ගහගන්න.
*හා සර්

ඒ ඇවිත් තිබුනේ අපිට පතුරම් ගෙනාපු වෑන් එක. ඒකත් අපේ ඒකකයේම වෑන් එකක්. එයාලා ගෙනාපු පතුරම් පෙට්ටි ටික ට්‍රක් එකට දාල ආවටත් වඩා වෙිගයෙන් දූවිලි වලාවක් නංවගෙන පවනට බඳු වෙිගයෙන් කොළඹ පැත්තට ඉගිල්ලිලා ගියා. අපිත් ඉක්මනින්ම ට්‍රක් එකට නැගල පතුරම් පෙට්ටි ටික කඩල මැගසින් වලට  පුරෝගත්තා. ඊලඟට ලැබුනු නියෝගයත් එක්ක පුහුණු කාලෙන් පස්සෙ ජීවිතේ පළවෙනි වතාවට පතුරම් තිහක්ම පුරවපු මැගසින් එකක් අවියට ගැහුවා. ඒක මහ ගරු ගාම්භීරකමත් ආඩම්බරකමත් වීරත්වයත් ඉස්මොල්ලෙ යන තරමෙි අමුතු හැඟීම් රාශියකින් සංකලනය වූ එක්තරා මහා අමුතු හැඟීමක්. ඒක මටනං දැනුනෙ බාගයක් පිරිල තිබුනු ජීවිතයක්  එකපාරටම සම්පූර්ණ වුනා වගේ හැඟීමක්. ඒක අත්විඳින්න හැම සොල්දාදුවටමත් බෑ. මං ඔික දැනගත්තෙ පසුකාලෙක උපදේශකයෙක් විදියට රාජකාරි කරන්න පටන්ගත්තටත් පස්සෙ.

හරියටම තුනයි තිහට කෙසේ වෙතත් හතරට අපි වැලිකන්දෙන් ගමන් ඇරඹුවා. පනාගොඩ ඉඳල වැලිකන්දට ආවට වඩා වැඩි වෙිගයක් රියැදුරා විසින් ට්‍රක් එකට ලබාදී තිබුනා. මෙි ට්‍රක් එකත් අලුත්ම අලුත් තාම තීන්ත සුවඳ පවා නාස්පුඩු වලට දැනෙන  කොලපාට ලේලන්ඩ් ට්‍රක් එකක්. සංසෙ ජයන්ත කිව්ව විදියට මෙික ලැබිලත් තාම මාස දෙකක් විතර වෙන්නෙ. සද්දෙත් අහං ඉන්න පුලුවන් ආසා හිතෙන ශබ්දයක්. හැබැයි මෙි වෙලාවෙ මගේ ශරීරය ගමන් ගත්තෙ ට්‍රක් එකේ වුනාට හිතේ තිබුනෙ හදිසියේවත් මෙි ට්‍රක් එකට කොටි ප්‍රහාරයක් එල්ලවුනොත් අපි මොකද කරන්නෙ කියල වටහාගන්න.

මං ඒ හැඟීමට අනුගතව පිටිපස්සටම වෙලා බලාගෙන හිටියෙ අපිට පහුවෙන භූමිය දිහා. ටික දුරක් ගියාම පටන්ගත් තෙ පාර දෙපැත්තම ලඳු කැලෑවකින් ආවරණය වූ භූමියක්. ලඳු කැලෑවක් කිව්වට ගොඩක් පඳුරු මීටර් දෙකක්වත් උස නෑ. පාර දෙපැත්තෙන්ම මීටර් පනහක් වගේ ඇතුලට උදුලු ගාල වගේ එලි කරල තිබුනා. සංසෙ ජයන්තගෙන් අහපුවම කිව්වෙ කොටින්ට බිම්බෝම්බ තියන්න බැරිවෙන්නත් බැරිවෙලාවක්වත් තිබ්බොත් හොයාගන්න ලේසිවෙන්නත් කියල. අපේ ගමන් මාර්ගයේ සමහර තැන් වැටිල තිබුනෙ හරියට කුණාටු රැළි නැගෙන මුහුදක් මැදින් නැවක් යන්නා වගේ පාරක. මුහුද මැද්දෙ නැගෙන විශාල රැලිවල වැදෙන නැව ඉහල එසවී ඊලඟට පහල වැටෙනවා වගේ ට්‍රක් එකත් මහපාරෙ උස්සල හදපු බෝක්කු කඳුවලින් උඩට විසිවී ආයෙ බිම වැටෙමින් නොනවත්වාම එකම වෙිගෙකින් ඉදිරියට ඇදුනෙ. කිසිම තැනක ඇක්සලේටරේනං අඩුවුනේම නෑ. මොන වලක් ගොඩැල්ලක් බෝක්කු කන්දක් තිබුනත් එකම වෙිගෙකින් ට්‍රක් එක ගමන් ගත්තා. අපිටත් ඒ ඒ තැන්වල උඩ ගිහින් වහලෙ වැදී ආයෙත් බිම වැටෙන කොට "හිග්" ගෑවුනා. සංසෙ ජයන්තනං කිව්වෙ මෙි රියැදුරාලු අපි අයත් ඒකකයේ ඉන්න දක්ෂම රියැදුරා. එයාගෙත් බැචීලු. නම සංසෙ හේරත්. මෙයාට වඩා අංක කිහිපයකින් ජූනියර්ලු. ඒ කෙසේ වෙතත් අපිනං ඒ දුර  ආවෙ හුඟක අමාරුවෙන්. සමහරුන්ට වමනෙත් ගියා. මටනං ආසාව වැඩි හිංදමද මංදා වමනෙනං ගියේ නෑ. හමුදාවට බැඳෙන්න කලින් මං ටවුමෙ හිටපු හැම දවසකම වගේ හමුදාවෙ අය පුරෝගත්තු බස් සහ ට්‍රක් පෝලිමට ගමන් කලා. මාත් පාරට පැනල ඔවුන්ට නොපෙනී යනකම්ම අතවැනුවෙ ගොඩක් ආසාවෙන්. ඔවුනුත් අපිට අතවනනවා. නමුත් අද ඒ තත්වෙ වෙනස් වෙලා. අද මමත් ඒ ට්‍රක් එකක ගමන් කරනවා. අපිටත් පනාගොඩ ඉඳල වැලිකන්ද දක්වා එන ගමනෙදි පහුවුනු  හැම ටවුන් එකකම වගේ හිටපු කොල්ලො කෙල්ලො අතවැනුව. දෛවයේ හැටි කියන්නෙ ඒවට අත වන වනා හිටපු මටත් අවස්ථාවක් ලැබිල ඒ විදියට ගමන් කරන්න.
අ⁣පි ආපු පාරෙ සමහර තැන් වැටිල තිබුනෙ කඳවුරු මැදින්. වාහනේ වෙිගය ටිකක් හරි අඩුවුනේ ඒ තැන්වල විතරයි.
එතකොටනං ඇඟට මහ පුදුම සනීපයක් දැනුනෙ. පෝර මල්ලක දාල පොලවෙ ගහනව වගේ ට්‍රක් එකේ ගැස්සි ගැස්සි ආපු අපිට ඊලඟට වාලච්චෙින කඳවුර කිය කියා හිතුනු වාරනං අනන්තයි. ඒත් ඇත්තටම වාලච්චෙින කඳවුරට අපි ආවෙ හරියටම පැය දෙකකට එකහමාරකට විතර පස්සෙ.

*ඒයි, ඔක්කොම කැප්ස් දාගනිල්ලා. කෑම්ප් එකට ආව. දිගු ගමනකින් පස්සෙ වංගු වංගු හැරී ඒ තැන්වලත් වෙිගෙන් ආපු වාහනේ එක්තැනක නතර කලායින් පසු සංසෙ ජයන්ත අපිට කිව්වා. මං එදාතමා නිවන කියන එක අත්වින්ඳ පළවෙනි අවස්ථාව. හිතට පුදුම සැනසීමක් දැනුනෙ. පනාගොඩ ඉඳන් වැලිකන්දට ආවත් හරි මෙි ටිකත් හරි. මෙි ටික අපි ආවෙම මල්ලක දාල වෙිගෙන් ගලක ගහනව වගේ අමාරුවකින්.
වාහනේ නතර කරල විනාඩි පහක් විතර යනකොට සීසීඑම්පී කෝප්‍රල් කෙනෙක් ඇවිත් ට්‍රක් එකේ ෆුට් රැක් එකට ගොඩ වෙලා අපි දිහා බලල කට කොනකින් හිනාවුනා. අපි ගනන්ගත්තෙවත් නෑ. ගනන් නොගත්ත නෙමෙි එච්චර පැහැදිලි ශරීර සෞඛ්‍යයක් අපිට ඒ වෙලාවෙ තිබුනෙ නෑ.
එයා නැගල නිකන් හිටියෙත් නෑ. අපි හැමෝගෙන්ම ගම ඇහුවා. අපි හිටපු ඔක්කොම අය බස්නාහිර පළාතෙ. පාදුක්ක පානදුර ගම්පහ කලුතර හොරණ කිරිඳිවැල නිට්ටඹුව දිවුලපිටිය හංවැල්ල ආදී ප්‍රදේශවල අය. මං නිට්ටඹුවෙ කීවම ඔහු මගෙන් ප්‍රශ්ණ කිහිපයක්ම ඇහුවා. ඉස්කෝලෙ ගියෙ කොහේටද කියලත් ඇහුවා.
*ඌරාපොල ප්ලස් ගම්පහ බන්ඩාරනායක ප්ලස් නැවත ඌරාපොල සෙන්ට්‍රල් කෝප්‍රල් කියල මං උත්තර දුන්නා. ඒ වෙලාවෙ මං දිහා ටිකක් වෙලා බලා හිටපු ඔහු වෙලාවක් තිබුනොත් ඇවිත් හම්බවෙන්න කියලත් කිව්වා. මං පස්සෙ දවසක ගිහින් ඔහු හම්බුනාම කිව්වෙ එයා අත්තනගල්ලෙ කියල. බලනකොට එයාත් ඌරාපොල සෙන්ට්‍රල්. මට අඳුරගන්න බැරිවුනේ කාලෙකින් දැකපු නිසා හා ඔහු අපිට වඩා ගොඩක් වැඩිමල් නිසා ඉස්කෝලෙ හමුවී තිබුනු ප්‍රවනතාවය අඩු නිසා. ඒ කෝප්‍රල් මාත් එක්ක ගොඩක් හිතවත්වුනා පස්සෙ.

එදා අපිව අරං ගිහින් පෝලින් කරල දැම්මෙ පුහුණු ප්‍රදේශයට. අපිව භාරව හිටියෙ ලා/කෝ ද සිල්වා ඩබ් කියල පීටීඅයි කෙනෙක්. එදා රෑම අපිව අරං ගිහින් ඒ තිබුනු භඨ නිවාසෙකට දැම්මට පස්සෙ වෙනම නීති කිහිපයක් පැනවුනා. ඒ කඳවුරේ වෙනත් කිසි කෙනෙකු සමග කතා කිරීම තහනම්, තනිවම ගමන්බිමන් තහනම් හා කිසිම අවස්ථාවක පීටීඅයිට නොකියා වැසිකිලියටවත් යෑම වගේම පුහුණු ප්‍රදේශයෙන් පිටවීම තහනම් වගේ දේවල්. අපිත් එදා හවසම කඳවුරු සංචාරයත් ගිහින් නාල කාල නිදාගත්තා. මෙහෙ දේශගුණය නම් අපේ පලාතට වඩා හාත්පසින්ම වෙනස්. පුදුම රස්නයක් තිබුනෙ. රෑටත් ඉරක් පායල  වගේ රස්නෙයි දාඩියයි.
පසුදා පහයි තිහට හූටරේ ශබ්දයෙන් අවදිවුනු අපි ලැබී තිබුනු උපදෙස් පරිදි නැගිටල මූන සොදාගත්තා. ඒ වෙද්දිත් පීටීඅයි කෝප්‍රල් සිල්වා අපේ දෙන්නෙක් එක්ක ගිහින් තේ එක ගෙනවිත් දුන්නා. අපි ඒ තේ එක බොන්න ගත්තෙ අපේ පුහුණු පාසලෙන් ලැබුනු තේ එක විදියට.  මෙච්චර කාලයක් අපි පනාගොඩ බිව්ව තේ එකේ පිටියි සීනියි කහටයි විතරයි නොතිබුනේ. අනිත් සේරම ඔිනෑවටත් වඩා තිබුනා.ඒව කිරි තේ කියල අඳුනගන්නත් කෝප්ප කිහිපයක්ම බීල බලන්න උනා. නමුත් මෙහෙනං එහෙම නෑ. ගානට හැමදෙයක්ම ගැලපිලා තිබුනා. ඒකෙන්ම මගේ හිතටත් මෙි ඒකකය ගැන වැදගත්කමක් තේරුනා.
පස්සෙ තමයි මතක්වුනේ ඒ පුහුණු පාසලක්,මෙි කඳවුරක් කියල.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.07.25

Thursday, July 23, 2020

නච්චිකුඩා බුල්ගැසීම

අපි යුධ සෙබළු වශයෙන් යුධ බිමෙි අත්දැකීම් ගොඩක් තියෙනව. ඒ අත්දැකීම් අතර සමහර ඒව තියෙනව කිව්වම ඔබටවත් කෙරුව මටවත් සමහර වෙලාවල්වලට විශ්වාස නොකල හැකි හිතාගන්න බැරි දේවල්. මටවත් කියල මං මෙතනට දැම්මෙ ඒවා ඒ ඒ වෙලාවල් තුළ ලද මානසිකත්වය මැද මුහුන දී සාර්ථකව සිදුකලත් ඒවා පස්සෙ ආවර්ජනය කිරීමෙිදී  "ඒ මමමද යකෝ ඒක කලේ" කියල මටම හිතෙන දේවල්.  ඒකත් හරියට බයික් එකක පැ.කි.මී.80 විතර වෙිගයෙන් වාහන අතරින් බාධක දිගහැරගෙන ගෙදර ආ පසු කල්පනාවෙන "ඇති මං ඒ විදියට ගෙදරටවත් ආවා" කියල ඇතිවෙන හැඟීම වගේ. නැතිනං "උන්න විදියට මළා මදෑ" වගෙ වෙච්චි සිදුවීම්.
සටන් බිමෙි තව සමහර අත්දැකීම් තියෙනව කාටවත් කියන්න බැරි ඒව. ඒ එක්කො අපි ගහපු දාර බුලක්,නැතිනං උඩ බලාගෙන කෙල ගහන්න බැරුව කියන්න බැරි දෙයක්.

ඔිනෑම සොල්දාදුවෙකුට යුධ පිටියෙත් බුල් වදින අවස්ථා ඔින තරම් තියෙනව. සමහර ඒව ජීවිතෙන් යන්න තරම් දුරදිග යන දේවල් වුනත්, ගොඩක් එව්වා තියෙනව පස්සෙ යාලුවොත් එක්ක කිය කිය හකු බහිනකං හිනාවෙන්න පුලුවන් තරමට වෙච්චි වැරදීම්. (බුල යනු සෙබළ භාෂා සංස්කෘතියේ වැරදීම, අතපසුවීම, වැරැද්ද, අත්වැරැද්ද හඟවයි. ඒවා එක ලඟින් යන වචන වුනත් ඒ ඒ සිදුවීමට අනුව තේරුම් වෙනස් වෙනව).
මටත් කියල ඔිවා අනන්ත වෙලා තියෙනව. සටනක් යන අතරතුර ඔය එකක් වුනොත් ඉතින් බොහෝදුරට  ජීවිතෙන් තමා වන්දි ගෙවන්න වෙන්නෙ.
ඔයාලට විශ්වාස කරන්න බැරි කතාවක් කියලම මගේ කතාව පටන් ගන්නංකො. ඒ දවස්වල අපේ හෙල්මට් අපි හදාගෙන තිබුනේ අව් කාස්ටකේ නිසා රත්වෙන එක ටිකක් හරි අඩුවෙන්න කියල රෙදිපටි දාල කොන්ඩයක්වගේ දාල හදාගෙන. ඒක දාගත්තම තනිකර කොන්ඩයක් දැම්ම වගේමයි. දුරට පේන්නෙ කාන්තාවක් වගේ. මෙිකෙ උපක්‍රමිකව යම් වාසියක් තිබුනත් වැඩිපුර තියෙන්නෙ අවාසිය.
මෙි ආලංකුලම ගමෙිදි වෙච්චි දෙයක්. මෙි ගමෙි අපි පැය 72ක රැකසිට පහරදීමෙි රාජකාරියක් යනව. සම්පූර්ණම එල්ටීටීඊ එක යටතේ තියෙන ගමක්. ඉන්නෙත් උන්ටම උදව් කරන ඈයො.ඒ එල්ටීටීඊ එකේ ඉහල පෙලේ මධ්‍යම තරාතිරමෙි නායකයෙකුගේ ගමක්. ඌ ගමට එන එක නැවැත්වීම තමා මෙි රාජකාරියේ අරමුණ. එක දවසක් හවස තුනට විතර අපිට මෙි ගමෙිදී උන් ගැහුවා. ගම්මන්ඩියකයි කැලේකයි කරන සටන් එකිනෙකට වෙනස්. මෙතන කරන්න තිබුනෙ ඒ දෙකම එකතු කරල වෙනම එකක්. මෙි ඇම්බුෂ් එකේ අපේ එල්එම්ජියක් දාල තිබුනු තැනකට උන් පැල් බැඳගෙන දෙන්න තියාගත්තා. ඊට ටිකක් ඉස්සරහින් හිටපු අපේ එකෙකුට ඒ ගහන කොටි ඉන්න තැනට ග්‍රෙනේඩ් එකක් ගහන්න අවස්ථාවක් ආව. ඌ K400 වර්ගයේ බෝම්බයක් ගහන්න ඇදල ගත්තත් පද්දල වීසි කරන්න හදනකොට උගේ කොන්ඩෙ වගේ දිගට දාල තිබ්බ හෙල්මට් එකේ රෙදි පටි වල මෙික පැටලුනා. මූ ක්ෂණිකව කලේ හෙල්මට් එකත් බෝම්බෙ එක්කම ගලෝල විසිකරන එක. ඒ විසිකරලත් මූ මීටර් පනහක් විතර පස්සට දුවල තමා බෙිරුනේ. මෙි සිදුවීම අපි ඇතුලට ඇවිත් කිව්වත් හරි එදායින් පස්සෙ අපි කවුරුත්ම හෙල්මට් එකේ දාරෙන් පල්ලෙහාට රෙදිපටි එල්ලෙන්න දැම්මෙ නෑ.
මෙි මට වෙච්චි දෙයක්.
මෙික නච්චිකුඩා ඩිෆෙන්ස් ලයින් එකේදි මට වෙච්චි හරි ආතල් වැඩක්.
මම එතකොට ඇම්බුෂ් ටීම් එකකට අණදෙන්නෙක්. ඒ කියන්නෙ පෙළ භාර කෝප්‍රල් වරයෙක්.
එදින සවස හතරට පමණ  පණිවිඩයක් එනව වහාම ඇවිත් නිළධාරි අණදෙන තුමා හම්බවෙන්න කියල. මාත් ගියා.
*ආරච්චි උන්නැහේ, හෙට රෑට ඔයාගෙ ටීම් එකෙන් අරුන්දැලගෙ අහවල් කලාපයෙන් ලයින් එකට ප්‍රහාරයක් එල්ල කරන්න ඔින. ඒකට අදාල වෙන ඒ ඒරියා එකම රෙකී කරන්න ඔින අද රෑටම. තේරුනානේ.??.
*ඔව් සර්.
*ඔක්කොම යන්න එපා.හතර දෙනෙක් ගියානං ඇති. හැබැයි පුතා ඔයයි හෙට උන්ගෙ ලයින් එකට ගහන්නෙ, ඒ නිසා ජොබ්එක හන්ඩප්පසන්ට් කරගන්න ඔින ඈ.
*හරි සර්.

මාත් එතුමාගෙන්ම අවශ්‍ය අනිත් විස්තරත් අහගෙන ඇවිත් රෑ නවයට විතර ලයින් එකට යන්න පිටත්වුනා. අපි ගියේ හතර දෙනයි. අරමුන රෙකී කිරීම.
 රෑ දොලහ එක වෙනකොට බඩ ගාල බඩගාල අදාල තැනට ගිහින් හොඳට උන්ගෙ ලයින් එකේ වෙනදේවල් බලාගෙන අහගෙන හිටියා. බංකරවල පිහිටීම,සෙන්ට්‍රි ඉන්න තැන්,සෙන්ට්‍රි මාරුවෙන වෙලාවල් සහ අනෙක් වැදගත් තොරතුරු ඔක්කොම මීටරේට දාගත්තා. අපි ගිහින් හිටපු තැන ඉඳන් කොටින්ගෙ ලයින් එකට මීටර් විස්සක්,උපරිම තිහක් දුර ඇති. මෙතනට උන් කතාවෙන දේවල් පවා හොඳට ඇහෙනව.

අපි හතර දෙනාම ගියේ පොල් ඉරට්ටක්වත් කැඩෙන තරම් සද්දයක් අපෙන් ඇති නොවන ආකාරයට. ඒ තරම් සූක්ෂ්ම විදියට එතනට ගිහින් පාන්දර තුන හතර විතර වෙනකං මට අවශ්‍යවෙන විස්තර ඔක්කොම එක්රැස් කරගත්තා.
ඒ වෙද්දි උන්ගෙ ලයින් එකේ ඈතින් ලයිට් ඔිප් කරමු වාහනයක් එන සද්දයක් ඇහුනා.
අපි බලාගෙන හිටියෙ මෙි වෙලාවට මොකා මෙි හරියෙ කරක් ගහන්න එනවද කියල. අපේ වැඩෙි ඉවරවුනාට පස්සෙ ගියපු විදියටම ආපහු එන්නත් ඔින. අපි කතාවුනා හිටිය ඇති පස්සට යමු කියල.
අපි පස්සට පස්සට එනකොට අපේ එකෙක් අඩුයි. ඒ මට දකුණෙන් කෙලවරේම හිටපු එකා. මීටර් පනහක් විතර පස්සට ආහම තමා මං බැලුවෙ කට්ටිය හරිද කියල. මොකද ටෙරා ඔයවගේ වාහනයක් එනකොට ඒ ශබ්දය වහගන්න අපිට ප්‍රහාර එල්ල කරනවා. එතකොට අපිත් ප්‍රහාර එල්ල කරනවා. ඒවා ආටි මෝටාර් ගහන්න තරම් දුර යන ඒව නෙමෙි වුනත් සුවර් නැති බව දන්න නිසා තමා  පස්සට ආවෙ. ඇවිත් එක තැනක නැවතුනා.

*කෝපල් ආරච්චි, කෝ වීර නෑනෙ.
*දැන්ද කියන්නෙ හුක්.මොකාද ඌ ලඟ හිටිය එකා.
*මං හිටියෙ කෝප්‍රල්, කියල සංජීවයා ඉදිරිපත්උනා.
*ඒනං තෝම ගිහින් එක්කවර. ගොං ප&@%$යා කියල මාත් සද්දයක් දැම්මා.(මෙිව කතාකරන්නෙ රහසින්.)
මූ ආයෙ අර විදියටම බඩගාගෙන ගාගෙන වීරසේකර හිටපු තැනට ගිහින් බලද්දි මූ සැපට නිදිලු. කොහොම හරි මූවත් ඇහැරවගෙන ආපහු එද්දි ටෙරාට දැනිල අපි ඉන්න දිහාට වෙඩි තියන්න පටන්ගත්තා.
ඒ වෙද්දි අපි හිටියෙ කැඩිච්චි ගේක ඉතුරුවෙලා තිබ්බ බිත්තියකට කවර් වෙලා.
කොහොම හරි අරුන් දෙන්න නොමැරී අපි ඉන්න තැනට ආව. ආයෙ මුල ඉඳන් අපි පස්සට එන්න හදනකොට ඒක එච්චර අපේ සරීර සවුක්කියට හොඳ නැති බව හැඟුනු නිසා ඇති තරමක් වෙඩි තියපියව්කො කියල අපි හැංගිලා බලා හිටියා.
ඔය අස්සෙ එතනට තවත් කොටි කීප දෙනෙක් එන බව තේරිල අපි ලෑස්තිවුනා අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න. මෙිව රෙකී පාටියකින් නොකරන දේවල් වුනත් දැං කොහොමත් අපේ වැඩෙි මාට්ටු නිසා වෙන දෙයක් වෙච්චාවෙ කියල තමා ඒ තීරණේ ගත්තෙ.
වෙඩි සද්දෙ ඇහුනු ගමන් සෙට් එකේ අපිට කතාකරල ඇහුව මොකද්ද අවුල කියල. අපි කිව්වා අපිට අවුලක් නෑ, උන් සැකේට ගහන්නෙ කියල. එතනින් ඒ ප්‍රශ්නෙ ඉවරවුනත් අපි පස්සටත් යායුතුයි. මටත් එකපාරටම මොලේ දකුණු පැත්තෙන් විදුලි කොටන්නාක් මෙන් මරි මෝඩ අදහසක් ආව.
මං මගේ ඉස්සරහ හිටපු එවුන් දෙන්නට
*ඒ.තොපි දෙන්නා ගහපියව් ග්‍රෙනේඩ් දෙකක්. දැං කෝමත් එකයිනෙ.
*අවුලක් යයිද කෝප්‍රල්.
*අවුලක් ගියොත් දැනගන්න පුලුවන්. ඊට කලින් ගහපල්ලකො.
මුං දෙන්නත් නැගිටල ග්‍රෙනේඩ් දෙකක් අරන් පින් පන්නල උන්ගෙ ලයින් එකට විසිකලා. එකක් සද්දයක් නැතුව අභ්‍යවකාශෙ පාවෙලා ටාගට් එක හොයාගෙන  ගියාට එක ගෙනේඩ් එකක අමුතු සද්දයක් ආව. ඒක නිකන් "ගිඩිස්" ගානව වගේ සද්දයක්. ඒ සද්දෙ ඇහිච්චි සැනින් මාත් බස්සත් හැකි ඉක්මනින් උන්නු තැනින් නැගිටලා
*දුවපියාව්... කියාගෙන කකුල් දෙකට උපරිම හයිය අරන් දිව්වා. එහෙම දුවන්න පටන් ගන්නකොටම "සලං ටොක්,ටරං,ටරං" සද්දෙකුත් ⁣ඇහිලා අපි තවත් වෙිගෙ වැඩි කලා. අඩි දහයක් විස්සක් එහෙම දුවද්දි බෝම්බ ගහපු එවුන් දෙන්න එක එල්ලේ කෙලින් බලාගෙන අපිවත් ඉස්සර කරගෙන  දුවනව. ඒ පිම්ම නැවතුනේ අපේ ලයින් එකේ.
අපේ ලයින් එකත් උන්ගෙ ලයින් එකත් අතර ඒ හරියෙ දුර මීටර් සීයක් එකසිය පනහක් වගේ තිබ්බෙ. වීරසේකරය ගහපු ග්‍රෙනේඩ් එක අපි හිටපු තැන කොහොඹ ගහෙත් වැදිල අතුවලත් වැදිල බිමට වැටෙන සද්දෙ තමා අර ඇහුනෙ. එතන හිටියනං හතර දෙනාටම බඩුම තමා.අපි හිටපු තැනමයි පුපුරල ගියෙ.

 ඔහොම දුවගෙන ලයින් එකට එනකොට ඒ අහුඅස්සෙ එතන හිටපු සැරයන් පේමලාල් ආර්පීජී ගන් එක අරගෙන අපිට වෙඩි තිබ්බ උන්ට එක එක සෙල්ලං දාන්න පටන් ගත්තා. එයා අපි බලා ඉද්දිම ආර්පීජී දෙකක් ගැහුවා. ගැහුවෙ අරුන්දැල ගෝනි දාල  ලයින් එක වහල තියෙන තැනකට.එතැන තමා උන්ගෙ බංකරේ තියෙන්නෙ. ඒත් දෙකම ටාගට් ගියේනෑ. පට්ට කලුවරේනෙ. ඒක එච්චර ඇඟට ගුණදායක නෑ කියල හැඟුනු මම;

*සැරයන් ඔය වැඩෙි හරියන්නෑ. වහාම නවත්තන්ඩ. ඔයාගෙ හොඳටයි කිව්වෙ ඈ..
*ඇනැප්පැලයැන් යැන්ඩ. මුන්ට දෙන්ඩම ඔින සොට්ටෙක. කියල ආයෙ ගන් එකට බෝම්බයක් දැම්මා.
මාත් වැඩි යමක් කියන්න ගියේනෑ. එයා සාජන් කෙනෙක්නෙ. මං කෝකටත් කියල වම්පැත්තෙ පොයින්ට් එකට දෙ⁣න්නෙක් යවල,මායි සංජීවයි දකුණු පැත්තෙ පොයින්ට් එකට ගිහින් ට්‍රෙන්චස් එකට බැහැගත්තා.
විනාඩි පහක් යන්න ඇති. ගිනි දැල් විහිදුවාගෙන ආපු කොටින්ගෙ ආර්පීජී එකක් සැරයන් පේමලාල් හිටපු තැන තිබුනු කොහොඹ ගහේ වැදී පුපුරා ගියා. ඒකෙන් එයා සුළු තුවාල ලැබුවා. අනෙක් අයට අවුලක් වෙලා නෑ. මාත් දඩිබිඩි ගාල සැරයක්ට මොකද බලන්න දුවගෙන එද්දි පොර අතින් මූන වහගෙන අපි ඉන්න පැත්තට එනවා.
"කෙලවුනා බං" කියාගෙන.
*කොහොමද සාජන් සැප හොඳයිනේ. ඔික තමා මං කිව්වෙ. කියන කොට
*තොගේ කටහිංද තමයි මෙික වුනේ ප*@&$යො.
*කට හිංද නෙමෙි උනේ. පාඩුවෙ හිටියනං ඉවරනෙ. දන්න හිංද තමා කිව්වෙ. මොකද මාත් ඔහොම උන්ට ටුක්කන්ඩ ගිහින් දෙතුන් පාරක් මට්ටු වෙලා හිටියෙ.
පස්සෙ එයාව පස්සට අරං ප්‍රථිකාරවලට යොමුකරල අපිත් එන්න ආව.

පහුවදා මොන ලයින් එකට ගැහිල්ලක්ද. ඔිසීගෙන් බැනුනුත් අහල ආයෙ පහුවදා රෑ, අමුතුවෙන් මුල ඉඳන් රෙකී එකක් ගියා.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි.
2020.07.23

Monday, July 20, 2020

පුඩිපංචිකල් සටන්බිම

අවුරුද්ද 1998 දෙසැම්බර්
මම මෙි වෙනකොට හිටියෙ කල්කුඩා මූලස්ථාන කඳවුරේ. නමුත් මෙි සිදුවීම ආරම්භ වෙන්නෙ කිරාන් කඳවුරෙන්.

කිරාන් පාලම උඩට ඇවිත් මන්මුනේ පැත්තට හැරිල හිටගත්තම කෙලින්ම ඉස්සරහින් පේන්නෙ තොප්පිගල. දකුනට පුඩිපංචිකල්. තොප්පිගලට වමෙන් පේන්නේ ඒ දවස්වල මගේ හිතේ තියෙන විදියට තාරාවිකුලම්. සිතියමක් ආදාරයෙන් නෙමෙයි මගේ මතකයේ හැටියටයි මං මෙි කිව්වෙ. කිරාන් කලපුවෙි ඉහල කොටසත් පහල කොටසත් කියල දෙකට වෙන්කරල  තියෙන කොන්ක්‍රීට් පාර දිගේ ටිකක් ඇතුලට ආවම මාදුරුඔයට, වැලිකන්ද,වාලච්චෙින පැත්තට යන්න පාරවල් තිබුනා. ඒවා මැටි පාරවල්. නැත්තං ට්‍රැක්ටර් ගිහින් හැදිච්චි පාරවල්. නමුත් කිරාන් මන්මුනෛ කියන්නෙ බී ශ්‍රේණියෙ ප්‍රධාන පාරක්.මෙි ඔක්කොම එල්ටීටීඊයට නතු ප්‍රදේශ.

ඒ ඉතා වැසි අධික කාලයක්. මෙි වෙද්දි කිරාන්,කුඹුරුමුල්ල,කින්නිඅඩි,වාලච්චෙින, නාවල්අඩි, 126 කඳවුර,මීයන්කුලම් ස්ථාපිත අපේ කඳවුරුවලට නිතරම පහරදීම් සිදුවුන කාලයක්. එවකට උතුරේ පැවැත්වුනු ක්‍රියාන්විත මෙහෙයුම් කඩාකප්පල් කිරීම තමා උන්ගෙ උත්සාහය වෙලා තිබුනෙ. මෙි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කොච්චර දරුණු මට්ටමක තිබුනද කිව්වොත් හැම දවසකම වාගේ කොහේ හරි කඳවුරකට පහර දෙනවාමයි. ඊට අමතරව එක්තරා ඒකකයක නිවාඩු ගොස් පැමිණෙන සහ නිවාඩු යන සෙබළුන් කිහිපදෙනෙකුත්  අවස්ථා කිහිපයකදි කොටි විසින් ජීව ග්‍රහයෙන් අල්ලගෙන ගිහින් තිබුනා. මෙි තත්වයම අපේ ඒකකයටත් බලපෑ නමුදු අපේ කිසිවෙකුත් උන්ට අල්ල ගන්න බැරිවුනා. ඒකට හේතුව  අපිට පනවල තිබුනු දැඩි නීති මාලාව. අපේ වචන වලින් කිව්වොත් "බබා හුකුම්" නෑ. සිවිල් වාහනේක ගිහින් අහුවුනොත් බඩුම තමා. කෙලින්ම ශෙල් එකේ. ඊට පස්සෙ චාර්ජ් ශීට් ගහල එක විකාරයයි. මෙිකට තිබුනු බය නිසා අපි කව්රුත් සිවිල් වාහනවල නිවාඩු ආවෙ ගියෙ නෑ. මොනයම් හේතුවක් නිසා හරි එක දවසෙන් කඳවුරට එන්න බැරිවුනොත් ලඟම තියෙන කඳවුරකට රපෝර්තු කරල, තමා අයත් කඳවුර දැනුම්වත් කරන්න ඔින. එතකොට අපිට ගැලවීමක් තියෙනව. නිවාඩු යවන්නෙ අපේම වාහනේකින් වාලච්චෙින දක්වා. අපේ සී කණ්ඩායමට අයත් කෝප්‍රල් කෙනෙක් කරගන්න දෙයක්ම නැතුව සිවිල් බස් එකක නිවාඩු ඉවරවෙලා එද්දි වාලච්චෙින කොකාකෝලා පොයින්ට් එකේදි කොටි දෙන්නෙක් විසින් අල්ලගෙන තිබුනා. නමුත් ඒ කෝප්‍රල් උන් දෙන්නටත් ගහල පොර බදල වෙඩි තියද්දි දුවල බෙිරිලා තිබුනා.

මෙි වෙද්දි වැසිකාලයත් නිසා විශේෂයෙන් අපිත්, කිරාන්, කින්නි අඩි, නාවල්අඩි මාර්ග ආරක්ෂක මුරය, 126 කඳවුර, උපරිම සීරුවෙන් හිටියෙ. ඒකට හේතුව නැගෙනහිර එවකට හිටපු තාවකාලික කොටි නායකය මෙි කඳවුරුවලින් එකකට ගහල  අල්ලනව කියල දැනුම් දී තිබීම. අපි ඒව බුද්දි තොරතුරු මාර්ගයෙන් දැනගත්තෙ. ඒ නිසා අව්ව  වැස්ස රෑ දාවල් එකයිනෙ කියලා පුල්ම ඇලට් එකේ හිටියෙ. නමුත් අපි ඇලට් එකේ හිටියට ගැහුවෙ 126 කඳවුරට. අපේ දෙදෙනෙක් මැරිලා දෙදෙනෙක් තුවාල ලැබුවා.
මීට අමතරව අපේ තව කඳවුරකට පහර දෙන්න පුඩිපංචිකල් ප්‍රදේශයේ කොටි පිරිසක් ඇවිත් ඉන්නවා කියල අපේ වාලච්චෙින බුද්ධි අංශයට මොනිටර් වෙලා තිබුනා. නමුත් උන් පහර දෙන්නෙ කොයි කඳවුරටද කියල දන්නෙ උන් විතරයි.

එදා හරි සුන්දර ආදරණීය දවසක්. උදේ ඉඳන් චුරු චුරු වැස්ස. අපිත් ඒ වෙද්දි කල්කුඩා මූදු සුළඟෙන් ගේන සීතලටත්, අහසින් වැටෙන ධාරානිපාත වැහි කෝඩෙටත් මන්මත් වෙලා ආතල් එකේ තෙමි තෙමි රාජකාරි හිටපු කාලයක්. සුගාගෙ සිද්දියෙන් පස්සෙ මාව රාජකාරි යොදවන්න පටන් අරගෙනත් තාම ඒ හැටි කාලයක් නෑ.
 ඔය ඉන්න අතරේ එක් ආදරණීය හැන්දෑවක තමා අපේ ප්ලැටූන් එකට පණිවිඩයක් එන්නෙ "පෝලීම්" කියල.

අපිත් හිටපු හිටපු විදියට ගිහින් පෝලිම් උනාට පස්සෙ අනි තුමා කිව්වෙ හරි අපූරු දෙයක්.
*හෙට පුඩිපංචිකල් ඒරියා එක ක්ලියර් කරනවා. ඒකට ලෑස්තිවෙන්න. අවශ්‍ය සෑම දෙයක්ම ඉතා ඉක්මනින් රෙඩි කරගන්න. අද රෑ වෙද්දි ඔිගොල්ලො කිරාන් කඳවුරට යනව.
අපිත් ආපු වෙලේ ඉඳන් දඩ බඩ ගගා වැඩෙිට ලෑස්තිවුනා. මගෙ එල්එම්ජී එකේ තිබුනු පතුරම් පන්සීයට අමතරව  තවත් වැඩිපුර තුන්සීයක් කවපු ලින්ක්ස් තුනක් අරන් පැක් එකේ අඩුක් කරගත්තා. වතුර බෝතල්, ග්‍රෙනේඩ්, සළාක මළු සේරම රෙඩි. එදා රෑම කරුවලේ අපි කිරාන් බලා සංඥා කොමළිගේ පිටෙි නැගල පිටත්වුනා. රෑ නවයට විතර පසුවදා සිදුකිරීමට නියමිත ක්‍රියාන්විතය ගැන නියෝග සහ උපදෙස් ලැබුනා. අපිත් පුඩිපංචිකල් ඇස්ගෝ (ASGO OPs/ආවොත් සෙන්ට් ගියොත් ඔිඩිකොලොන්) ක්‍රියාන්විතයේ ප්‍රධාන නළුවන් ලෙස එදා රෑ හොඳට නිදාගත්තා. ඒ පහුවදා උදේම චිත්තරපටිය රඟපාන්න පිටත් වෙන්න තියෙන නිසා. ඒ වෙද්දි මෙි ක්‍රියාන්විතයට අවශ්‍ය සියලුම දේවල් එකක් නෑර සූදානම් වෙලයි තිබුනෙ. අඩුගානෙ කාලතුවක්කු ටාගට් පවා.
පහුවදාට එලිවුනා. වැස්ස නිසා කලපුවෙි වතුර මට්ටමත් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහල ගිහින්. නමුත් මෙි කාලගුණය හමුදාව විසින් ක්‍රියාත්මක කරන ඔිනෑම මට්ටමක ක්‍රියාන්විතයකට බලපෑමක් බාධාවක් නෙවෙයි. රැයක් දවාලක් කියන්නෙ සාමාන්‍ය දෙයක් විතරයි. අපේ කඳවුරු කිහිපයකට ප්‍රහාර මාලාවක් දියත් කිරීම සඳහා පැමින ඇතැයි කියන සතුරු හමුදාව සොයා කැලෑ පීරන්න අපි සියලු දෙනා සූදානම්. ඒ සඳහා කිරාන් කඳවුරේ භඨ පිරිසකුත් අපේ සහයෝගයට ලැබුනා. ඒ අතර මං කැමතිම පුද්ගලයෙකුත් හිටියා.  එයා ලා/කෝ ජයරත්න. සුගා වෙනුවෙන් මගේ වැඩිමල් සහෝදරයෙකුගේ භූමිකාව ඉටුකරපු සහෝදරයා. අපි හතලිස් පස් දෙනයි මෙි ක්‍රියාන්විතයට ඇතුලත්වුනේ.  ASGO කියන වචන සෙට් එකේම තියෙනව මෙිකෙ  මරාගෙන මැරීමක් තියෙන්නෙ කියල. අපිට දුන්නු නියෝගවලින් සහ බුද්ධි තොරතුරු වලින් අනාවරණය වෙලා තිබුනේ කොටි සීයත් එකසිය පනහත් අතර ප්‍රමාණයක් ඒ ඒරියා එකේ රැඳී ඉන්නව කියල. එදා නියමිත වෙලාවට අපේ ගමන ඇරඹුනා. බැකප් එක සූදානමින් අ⁣පේ ගමන දිහා බලාගෙන හිටියා. ඒ හදිස්සියක් වුනොත් අපේ සහායට එන්න.

එදා උදේ වෙද්දිත් අවට පරිසරයම තෙත් බරයි. ඒ කලින් දවසෙ රෑ පුරාවට ඇදහැලුනු මහ වැසි වටය නිසා. පාලම් පොයින්ට් එකේ පහල කොටසේ පාර මට්ටමට වතුර පිරී තිබුනා. මන්දාරම් කාලගුණයක්. තවමත් යන්තමින් වැටෙන වැහි බිංදු දාගෙන හිටපු හෙල්මටි එකේ වැදිලා  ගලාගෙන ඇවිත් කම්මුල් දිගේ පපුවටත් පිට දිහාටත් වැටී දාඩිය වෙනුවට අපේ ගත  තෙමාගෙන මද සීතලකුත් ලබාදෙමින් හිමීට හිමීට දාර දිගේ ගලාගියා. කලු වලාකුලුවලින් පිරිච්චි අහසත් අපිට මොන මොනවා හරි කිව්වා. ඒත් ඒ සොබාදම් පණිවිඩය තේරුම් ගන්න තරම් අපේ හිත් දියුණු මට්ටමක තිබුනෙ නෑ. තිබුනත් ඊට වඩා ලොකු රාජකාරියක් අපේ දෙවුරමත පැටවිලා තිබුනු නිසා කරන්න දෙයක් ඉතුරුවෙලා තිබ්බෙත් නෑ.
සීරුවට පය තියමින් වතුර පිරීගෙන එන පුරන් වූ කුඹුරු යාය හරහා අපි දිගටම ගමනේ යෙදුනා. මෙි වෙද්දි යාන්තමට අව්වකුත් වැටීගෙන එමින් තිබුනා. මගේ පෙළ භාර කෝප්‍රල් හිටියෙ කෝප්‍රල් බණ්ඩාර.
මම ඒ යන ගමනෙදිත් කතාකර කර ගියෙ කෝප්‍රල් ජයරත්න එක්ක.
*ආරච්චියො... ඇත්තටම ඇස්ගෝ එකෙන් මොනා වෙයිද බං. එන්න පුලුවන් වෙයිද? යන්න පුලුවන් වෙයිද.
*මූසල කතා කියන්ඩෙපෝයි.. පයිවෙට්ටාරච්චි පස්සෙන් ඉන්නවා මැරුනත්.
*පල හු&@%$ත යන්ඩ කියල පොරසුපුරුදු හඬින් හි:හි: ගාල  හිනාවුනා.

අපි නියමිත ඉසව්වට ආව. කිසිම හැල හොල්මනක් නෑ. පුංචි හට් එකක් විතරයි තිබුනෙ. අපිත් ඒකට පැනල ඒකෙ තිබුනු හට්ටි මුට්ටි පෙරලලා චෙක්කලා. කලින් දවසෙ ඉවුවට පස්සෙ ආයෙ උයල නෑ. ලිපත් ඒ වගේ. පැයක් විතර යනකනුත් කිසිම හැල හොල්මනක් තිබුන්නැති නිසා අපි මහන්සිය ටිකක් ඇරගන්න බිමින් ඉඳගත්තා. ඒත් ආවරණ අරගෙන. මෙි වෙද්දි අපි කිලෝමීටර් පහක් විතර දුර ඇවිත් හිටියෙ.
*බඩු නෑ කෝපල්. බත් ඉන්ට් එකේ බොරුවද්ද කොහෙද. අපරාදෙ ලේ පුච්චගෙන ආවෙ. මං කෝප්‍රල් ජයාට කිව්වා.
*ඔව් බං. බලහංකො. මොන කරුමෙටද බං අපි මෙි වැස්සෙ තෙමුනෙ. අපරාදෙ ඇතුලෙ හිටියනං මොනාහරි කාල ඉන්න තිබුනත් එක්ක.
අපි පිටිපස්සට වෙලා වල්පල් කිය කිය ඉන්න අතරේ ඉදිරියේ හිටපු අය අවට සෝදිසි කලා. කොටියෙක් තියා ඉගිලෙන කපුටෙක්වත් නැති තැන අපි හිටපු හිටපු තැන්වලම ඉඳන් කයියක් ගහගෙන හිටියා. එසේ පැයකුත් ගෙවිලා ඊලඟ පැයෙනුත් විනාඩිය විනාඩිය ගෙවී යන්න පටන් ගත්තා. ඉස්සරහ ක්ලියර් කරන්න ගිහින් හිටපු ටීම් එක, එක පාරටම  කැලෑව පොඩි කරගෙන දුවගෙන ඇවිත් නියරක් පස්සට පැනගෙන ඩවුන් ගිහින් "බඩු එනවා,බඩු එනවා" කියල හිමීට කිව්වා.. ඒක දැකපු ඇහුණු  අපිත් හිටපු හිටපු තැන්වල ඩවුන් ගියා. මෙිවගෙ අත්දැකීම් තියෙන නිසා අපි ඔිනෑම ප්‍රහාරයකට මුහුන දෙන්න ලෑස්තිවෙලා ආවරණ අරං හිටපු නියර උඩින් ඉස්සරහට  අවි ටිකත් දාගෙන ඇස් මට්ටමෙන් ඉස්සරහ බලාගෙන හිටියා. විනාඩි දහයක් විතර ගතවෙලා ගිහින් ඊලඟ විනාඩියේ අපිට හිතාගන්නවත් බැරි විදියේ එකපාරටම හතර වටෙන්ම වැස්සක් වහිනවා වගෙ දරුණුම ප්‍රහාරයක් එල්ලවෙන්න පටන් ගත්තා. අපිට කරන දෙයක් හිතාගන්න බැරිවුනු තැන යන කැකිරිවත්තකින් පලයන් කියල අපේ ඉදිරියෙන් හිටපු අයත් එක්ක එකතු වෙලා ඒ ප්‍රහාරයට මුහුණ දුන්නා.පලවෙනි විනාඩි දහයෙන්ම මගේ පලවෙනි සීයෙ වැල ඉවරයි.
ඔලුව උස්සන්න තියා පිටි පස්සෙ තිබ්බ නියර පිටිපස්සටවත් පැනගන්න ඉඩක් නොතබාම එක දිගටම එල්ලවුනු ඒ ප්‍රහාරයෙන් අපි අන්ත අසරණ තත්වෙට පත්වුනා. මං අවියට අලුත් ලින්ක්ස් එකක් දාගෙන නැගිට්ටෙ කොටින්ගෙත් එම්පීඑම්ජියක් තිබුනු තැනකට සොට් එක දෙන්න ඒ පැත්තට පැන ගන්න. ඒත් මට අඩි දෙකක් යන්න බැරිවුනා. මට සිද්දවුනෙ ආවරණයකුත් නැතිවම අමු අමුවෙ ඩවුන් යන්න. ⁣ඒක දැකපු කෝපල් ජයරත්න කෑ ගහල කිව්වා "පස්සට පැනපිය  පස්සට පැනපිය" කියල. දෙපාරක් නොහිතාම මාත් ආවොත් සෙන්ට් ගියොත් ඔිඩිකොලොන් නියායෙන් නැගිටල ගැලවෙච්චි හෙල්මට් එකත් එහෙම්මම දාල බොහොම අමාරුවෙන් ආයෙ හිටපු නියර පස්සටම පැනගත්තා. එතන ඉඳන් අපිට වැඩිම බලපෑමක් ආව දකුනු පැත්තට එක දිගටම වෙඩි තිය තිය ඉද්දි විනාඩි පහක් දහයක් විතර  යනකොට උන්ගෙ එම්පීඑම්ජිය නිහඬ කරන්න මට හරි අපෙන් කාට හරි  පුලුවන් වුනා. ඒත් එක්කම පිටි පස්සෙ හිටපු සෙට්එක කෑ ගහන්න පටන් ගත්තා..
*වට කරනවා..වටකරනවා. පස්සට වරේව්...කිය කිය. ඒ වනවිට අපේ දකුණු පැත්තෙන් එන වෙඩිබලය නිසා හැරෙන්නවත් බැරුව හිටියෙ. අවියෙ තිබ්බ ඊලඟ පතුරම් වැලම ඉවරකලේ ඉස්සරහ උන් ටික පස්සට පැනගන්නකන් දකුනු පැත්ත නවත්තගන්නයි එම්පිඑම්ජියෙන් බෙිරෙන්නයි. ඒත් හිතපු තරං වැඩෙි ලේසි උනේ නෑ. උන් මීටර් සීයකටත් අඩු දුරක් වෙනකං අපිට ලංකරල.

ඒ ප්‍රහාරයට අපිට කීයටවත් මුහුන දෙන්න බෑ. අපි හිතුවෙ සීයක් එකසිය පනහක් විතර ඇති කියල. මෙතන ඊට වැඩිය හිටියා.
අපේ පිටිපස්සෙ හිටපු ටීම් එක කොහොම හරි පස්සට පැනල අපිට ආවරණ වෙඩි දුන්නා. අපිත් එක ලියද්දක් පස්සට පැන ගත්තා. ඒත් ඉස්සරහ අය එහෙම්මමයි. අපේ සෙක්ෂන් කමාන්ඩත් එතනට කොටුවෙලා. ජයා කෑ ගහනව වරේව් වරේවි වෙඩි කාගෙන හරි වරේව් කියල.
අපි ඉතුරු උන් ටික එක පේලියට එකම විදිහට නොනවත්වාම ඉස්සරහටත් දෙපැත්තටත් වෙඩි තියාගෙන ඉන්නකොට ඒ වෙඩි අස්සෙන් කොහොමහරි ඉස්සරහ ටීම් එක පස්සට ඇවිත් අපිට එකතුවුනා.
උන් තව ලඟට එන බවක් පේන්නෙ. උන් ලඟට එන්න එන්න අපි පස්සට යනව. වෙන කරන්න දෙයක් ඇත්තෙම නෑ. අපේ ටීම් ඔක්කොම එකතුවුනාට පස්සෙ ආටි මෝටාර් වලින් ආවරණ වෙඩි එක දිගටම ලැබෙන්න ගත්තා.ඒ වෙලාවෙ  මීටර් පනහක් විතර ආයෙ බොහොම අමාරුවෙන් පස්සට ආව. ඒත් උන් නවත්තන්නෑ. එන්න එන්නම මුහුදෙ රැලි නගින විදියට අපිට පහර දීගෙන ඉස්සරහට එන්න හදන්නෙ. අපිට කරන්න තිබුනෙ  එකම දෙයයි. ඒ  කොහොම හරි ටික ටික හරි පස්සට එන එක. ඒ වෙද්දි අපේ දෙතුන් දෙනෙක් තුවාල වෙලා. ඒ අයත් අරගෙනම  තමා පස්සට පස්සට එන්නෙ. ඔහොම එද්දි එක තැනක අපි ආයෙ හිරවුනා. ඒ අපිට වමෙන් එල්ලවුනු ප්‍රහාරය නිසා.අපේ අවසානය ලංවෙලා. කරගන්න කිසිම දෙයක් ඉතුරුවෙලා නෑ. එක්කො උනුත් මරාගෙන අපිත්  මැරෙන්න ඔින.නැත්තං වෙඩි තියාගෙන මැරෙන්න ඔින. ඒත් දෙවෙනි නියාය සෙබලෙක් කවදාවත් නොකරන දෙයක්. විශේෂයෙන් සිංහල හමුදාවක්. අපි ලෑස්තිවුනේ මරාගෙන මැරෙන්න. මෙි වෙද්දි  අපිව තුන් කාලකට ආසන්න වෙන්න වටකරල.  මගෙත් හතරවෙනි ලික්න්ස් එකත් අවියට දාල තිබුනෙ. ඒ පාර සෙට් එකෙන් තත්වය ඇතුලට කිව්වට පස්සෙ ආටි මෝටාර් දෙගුන තෙගුණ වෙලා පිට පිට වැටෙන්න ගත්තා. අපි හිටපු කිට්ටුවටම මෝටාරයක් වැටුනට පස්සෙ මට දෙයියො බුදුන් සිහිවුනා. කෑ ගහල එපා කියන්නද. ඊයා.හලෝ.. කටෙි හිටං මඩ. ගිලුනත්ද මංදා.
ඒත් අපි ඒ වෙඩි ආවරණය ඔස්සේ තව ටිකක් පස්සට ආව. මෙි වෙද්දි අපේ බැකප් එක මග එනවා. එවුන්දැලා ආවනං ගේමක් ඇත්තෙම නෑ. ඒත් උන් තාම පරක්කුයි. අල්ලං ඉන්නත් බෑ.

ඔය අස්සෙ වමෙන් ආපු කොටි ටීම් එක අපිව පිටුපසින් වටකරන එක නවත්තගන්න  කෝපල් ජයරත්නත් සමරතුංගත් (ගොත) සාසෙ රත්නායකත් තව කිහිප දෙනෙකුත් හෙන ගේමක් දෙමින් හිටියෙ. මමත් තව කීප දෙනෙකුත් නැවත ඉස්සරහ අය පස්සට ගන්න හෙන ගේමක.  තව කට්ටියක් දකුණු පැත්තෙන් පේස්ටු පේස් සටනක.
ඔය අස්සෙ කෝපල් ජයරත්නට මල පැනපු පාර බැරිම තැන උන් ලින්ක් වෙන එක නවත්ත ගන්න නැගිටල වෙඩි තියන්න පටන් ගත්තා. ලා/කෝ බංඩාර ඩීජීඑස්කේ කුණුහරපෙන් කෑ ගහල කිව්වා ඩවුන් පල හු&@%$තෝ කියල. මං හිතන්නෙ කෝප්‍රල් ජයරත්න මගේ ආදරණීය සහෝදරයා අහපු අවසන් වචන පේලිය වෙන්නැති ඒ.  ඊලඟ තත්පරේ මං දැක්කෙ පොර වැටෙනවා විතරයි. මට ඉහිලුම් නැතිවුනා. දරාගන්නම බැරිවුනා. මං ඉස්සරහට දාගෙන හිටපු අවිය ජයාගෙ පැත්තට දාගෙන දත්මිටි කාගෙන වියරුවෙන් වගේ වෙඩි තිබ්බා.

 කෝපල් බංඩාර අර වෙඩි වරුසාව මැද්දෙ දුවල ගිහින් කොහොමහරි ජයාව නියරක් පස්සට දාගත්තා. අපේ වෙඩි බලයත් ආටි මෝටාර් ප්‍රහාරයත් නිසා උන්ට ඉස්සරහට එන්න බැරි ගතියක් ඒ වෙද්දි තිබුනා. නමුත් උන් ගේම අතාරින්න සූදානම් බවක් පේන්න තිබුනෙ නෑ. කොහොමහරි ඒ නිමෙිෂයේ අපි ඒකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන නැවත ආවරණ වෙඩි ඉල්ලගෙන තුවාල වෙච්චි අයයි මැරුනු අයයි ටික ටික පස්සට ගත්තා. දැං ආයෙ අපි එක ලයින් එකක. ඒකම මදෑ හිටපු විදියට.

එතනදි ආයෙ එක දිගටම ගිනි ඇවිලුනා.උන්ට ඔින අපි පස්සට යන එක නවත්තගෙන වටකරල පහර දීල අපි ඔක්කොම මරාදාන්න. ඒ වෙලාවෙනං අපිට අපේ අය ගැනවත් බලන්න බැරි ආකාරයට වෙඩි හුවමාරුව පටන් ගත්තා. ඒ සටන ඇවිලුනේ මුහුණට මුහුණ ආකාරයට. ඒකෙන්නං අපි කාටවත් බෙිරිල්ලක් නැතිම වුනා. බලා ඉන්නැද්දිම ආවරණවලට දුවන අපේ දෙන්නෙක් මහපොලව බදාගෙන වැටිලා හෙල්මට් එක රෝල් වෙලා යනව දැක්කා.
බැකප් එකේ අයටත් උන් කට්ඔිෆ්  කරල සොට් එක දෙනව.ඒ වෙලාවෙ කරගන්නම දෙයක් නැති තැන අපි අර වෙඩි වරුසාව මැද්දෙ තුවාල කාරයො ටික විතරක් අරගෙන පුලුවන් තරම් වෙිගෙන් පස්සට පස්සට ආව. මං කෝප්‍රල් ජයාව ගත්තා. එහෙම ඇවිත් ආයෙ එක තැනක නතරවුනා. එතන ඉඳනුත් සටන දරුණුවටම ඇවිලිලා ගියා. මෙතනදි අපිට අමාරුවුනේ වම්පැත්ත.

මැරිච්චි ලා/කෝ ජයරත්නට එකපාරටම පන ආව. මං දැක්කා අනික්පැත්ත පෙරලෙනවා. ඒ වෙලාවෙ එතන ලඟ හිටපු එකෙක් ජයාව ඇදගෙන ඇදගෙන ගිහින් තව ටිකක් පස්සට දාල ආයෙ ඉස්සරහට ආව. ඒ වෙලාවෙ ප්‍රහාරය කොච්චර දරුනුද කියනවනම් අපිට එක තැනක ඉඳන් වෙඩි තියන්න වුනේම නෑ. අහට්ට මෙහට්ට ආවරණයෙන් ආවරණයට පැන පැන දුව දුව තමා ඉන්න වුනේ. ඒ අපි පස්සට එන්න අරන් තිබුනු තීරණය නිසා. එත් කොහොම හරි තුවාලකාරයො ටිකයි මම ලාකෝ ජයරත්නවයි අරගෙනම තමා ආවෙ.  නමුත් මෙතනින් එහාට මගේ අවියත් එක්ක ජයාව ආංබාං කරන්න බැරි නිසා ඒක වටහාගත්තු තව එකෙක් කෝප්‍රල් ජයාව භාරගත්තා. නමුත් එතනින් එහාට යාමක් අපිට තිබුන්නෑ. ඒ අරුන්දැලගෙ වෙඩි බලයත් එක්ක අපේ තුවාල අයයි මිය ගියපු අයයි අරගෙන එන්න බැරි නිසා. ඒ අස්සෙ අපිට පිටිපස්සෙන් එක පාරටම "ගිඩීරියාාාං" ගාල හෙන සද්දෙයක් ඇහුනා. පස්ස බලද්දි කෝපුල් ජයරත්න ඉන්න තැනින් කලු දුම් රොටු අහසට නගිනව. ඉහලට විසිවුනු මඩ කැටි තාම බිමට වැටෙනව.
කොහෙන් හරි ආපු ග්‍රෙනේඩ් එකක් ජයාගෙ ලඟට වැටිලා. ඒ පාරනං ජයා හිටපු තැන කෙඳිරියක්වත් නෑ.

ඔය සිදුවීම් අස්සෙ  අපි අපේ උපරිම වීරියෙන් අන්තිම ලේ බින්ඳුව දක්වාම මරාගෙන මැරෙන නියායෙන් කරපු දරුණුම සටනකින් අනතුරුව සැලකිය යුතු තරමක් පස්සට ආව. ඇවිත් තුවාල අය, ඒ වෙද්දි ආපු බැකප් එකට ගන්න දීල ආපු ඉතිරි අයත් එක්ක ප්‍රථිසංවිධානය වෙලා මරාගෙන මැරෙනවා කියල හිතාගෙන ඉස්සරහට ඉස්සරහට ගියා. බැකප් එක අපිට එකතුවෙනවා දැකපු උන් ආයෙ දැඩි ප්‍රහාරයක් දියත් කලා. ඒ වෙද්දි ඉස්සරහම හිටපු අපේ තුන් දෙනෙක් කොටුවෙලා කෑගහනව. ඒ තුන්දෙනා බෙිරගන්න කරපු සටනනං අන්තිම අමාරු එකක්. ඒත් ගේම අතෑරියෙම නෑ. ඔලුවෙ එක දශමයක් පන තියේනං සෙබලෙක් කවදාවත් තව සෙබළෙක් තනි කරන්නෑ. එක සෙබළෙක් බෙිරගන්න සෙබළු දහයක් වුනත් මැරෙන්න ලෑස්ති හමුදාවක් මෙික. අපිට අපේවුන් සෑහෙන පිරිසක් මෙි වෙද්දි ඇවිත් එකතුවෙලා හිටියේ.පස්සෙ ආටි මෝටාර් හෙවන යට ලාස්ට් ෆයර් එක කියල හිතාගෙන වෙඩි තියාගෙන තියාගෙන ගිහින් කොහොමහරි මැරුනු අය සේරමත් කොටුවෙච්චි තුන්දෙනාත් තුවාල වෙච්චි එකෙකුත් බෙිරගත්තා. බෙිරගෙන පස්සටත් ආව. අපේ වාසනාවකට උන්ට මෝටාර් සහායක් තිබුනෙ නෑ.බැරිවෙලාවත් තිබුනනං මෙි සටනත් අද වෙනකොට කාලයේ වැලිතලාවෙන් යටවෙලා ගිහින් ගොඩක් කල්.

සටනේ ෆීඩ් බෑක් එක. හතලිස් පහක් ගියපු තැනින් ආපහු ආවෙ විසි හයයි.ඒ විසිහයෙනුත් හතර දෙනෙක් තුවාල. මගේ ආදරණීය සහෝදරයා ලා/කෝ ජයරත්න අපි කාටවත් අයිති නැති පුරන් කුඹුරක හීනි වැහි බිංදු වැටෙන වැහි පොදක මන්දාරම් වෙලාවක ඒත් මඩගොඩක සදහටම ඇස් පියාගෙන තිබුනා.  කලින් කතාවක කිව්ව ගොත සමරෙත් ආයෙ කවදාවත්ම ගොත ගැහුවෙ නෑ. මගේම ප්ලැටූන් එකේ රත්නායක ආර්එම්එස්ජේ, ලා/කෝ තෙන්නකෝන් ටීඑම්, දෙන්නත් සදහටම ඇස් පියාගෙන තිබුනා. මගේ අවියෙත් අන්තිම ලිනික්ස් එක ඉතුරු වෙලා තියෙද්දි සටන නිමාවුනා. ඒ බැකප් එකේ ගෙනාපු තව ලින්ක්ස් තුනකුත් අරගෙන ඒවත් වෙඩි තියල.
කොටින්ගේත් හතලිස් ගණනක් මැරිල තියෙනව කියල සෙට්වලින් මොනිටර් වෙලා තිබුනා. උදේ දහය හමාරට විතර පටන් ගත්තු සටන අවසන් වෙද්දි හවස දෙකත් පහුවෙලා තිබුනා.

සුගාගෙ මතකය නැවතත් අවුස්සමින් ඒ වෙනුවෙන් ජීවමානව හිටපු එකම සාක්ෂියත්, සතියෙන් සතියෙ මා ගැන හොයල බලපු සහ මගේ හිත හදපු ලා/කෝ ජයරත්නත් මෙි සටනෙන් මිය ගියාට පස්සෙ මට හමුදාව එපාම උනා. තිත්තම අරහංම තැනක් බවට පත්වෙමින් තිබුනා. තනිවෙන හැම මොහොතක් පාසා ඔහු කරපු කියපු දේවල් මතක් වෙලා දුක
ඩබල් ටිබල් වෙලා දැනෙන්න ගත්තා. බැරිම තැන  ඊට සති එකහමාරකට විතර පස්සෙ බොරුවක් කියල නිවාඩුවක් දාල ගිය මං හරියටම මාසයක් යනකං හමුදාවට ආයුබෝවන් කියල හිටියා. මගෙ තීරණය තිබ්බෙ ආයෙ කිසිම දවසක හමුදාවට එකතු වෙන්නෑ කියල.
නමුත් ටික දවසක් යනකොට ආයෙ උන්නත් එකයි මලත් එකයි කියල හිත හදාගෙන මාසයයි දවස් හතරකට පස්සෙ පනාගොඩට ගිහින් භාරවුනා.
ඊට පහුවදා නැවතත් කල්කුඩා බලා ගමන් ඇරඹුනා.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි.
2020.07.20

අනේ මංදා



ළය තෙත් කරන වදනින් හැම තැනම     රඟා
⁣ණය වෙන වචන ගානට ගුණ කරන      ලඟා
ගෙය පිටුපස ඉඳන් ඉදිරිය බලන             නගා
නියමෙට කලිසමට කරනව නොවෙද    නිගා

හැදියාවනං නිල් කොතැනත් පාත්           වෙත කොළඹට නුදුරු තැන ඔිකට බෙිත්           ඇත
නුඹ දිය රෙදි අැඳන් නැලවෙන තාක්       පුත
රුවින්ගෙ වචනවල කිසිවිට බ්‍රෙික්          නැත

ගොරහැඩි රුවයි මුත් දුටුවෙි සුද්ද          වතයි
කෙසරුන් දුටුව තැන නරියන් ඔන්න     චුතයි
අවවාදයක ලෙස මෙිකත් දෙන්න          හිතයි
සරමෙන් කලිසමට මිස දිය රෙද්ද         කැතයි

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.07.20

Friday, July 17, 2020

වටගොඩගේ අභාවය

මෙි සීන් එක වෙන්නෙ කිරාන් වලදි.
අපි එස්එෆ් කෝස් එකක් කලානෙ මාදුරුඔය. ඒකෙ විස්තරයක් මං ඔයාලට කලින් කිව්වනෙ. මෙි ඒකෙ එපිසෝඩ් ටූ එක.

අපි ඒ පාඨමාලා දෙකම පිට පිට හදාරල දවස් දා හතරක් නිවාඩු ගිහින් ආවෙ මූලස්ථානෙටමයි. ඒ ඇවිත් ඉන්නකොට එක දවසක් අපේ ප්ලැටූන් එක පෝලින් කරල කෑලි පහකට කැඩුව. කඩල ඉවරවෙලා අපිව එක එක කම්පැනිවලට නම් කලා. මං වැටුනේ ඒ කණ්ඩායමට. ඒක කිරාන් තියෙන්නෙ.
මෙි කාලෙ කිරාන් කිව්වම හෙන භයානකයි. ඒකට හේතුව නැගෙනහිර කොට්න්ගෙන් වැඩිපුරම බලපෑමක් තිබුනු කෑම්ප් අතරිනුත් ඉස්සරහින්ම තිබුන කඳවුරක්.
කව්රුහරි මෙි ඒකකයේ දඬුවම් ලැබිය යුතු වරදක් කලොත් චෝදනාපත්‍ර විභාග කිරීමෙන් අනතුරුව පනිෂ්මන්ට් එක විදියට එවන්නෙ මෙි කඳවුරට. ඒකට හේතුව තමා මෙිකෙ තිබුනු නිමක් නැති අධික රාජකාරි. දවසකට පැය තුනයි හතරයි උපරිම නිදාගන්න පුලුවන්. මුලු කඳවුරම රෑ එකොලහේ ඉඳන් දෙක වෙනකං පැය තුනක් ඇහැරිලා. හේතුව කොටි ප්‍රහාරයක් එල්ලවෙයි කියල අනුමාන කරන ටයිම් එක නිසා.

රේල් පිකට් එකට අපේ යනව දොලොස් දෙනෙක්. ඒ යද්දි වතුර,කෑම,අමතර පතුරම්, සීනි ටිකක් ලුනු පැකට් එකක් එනමල් කෝප්ප දෙක තුනක් තේ සළාකය එහෙම අරන් කිලෝමීටර් දොලහක් පයින් යන්න ඔින. ඒ ගිහින් වටෙිම සෝදිසි කරල එහෙම තමා පිකට් එක ස්ථාන ගත වෙන්නෙ. ආයෙ රාත්‍රී හතට අන්තිම ට්‍රෙින් එක ගිහාම තමා කඳවුරට එන්නෙ.
ඊලඟ එක ප්‍රධාන මාර්ග ආරක්ෂක මුරය. ඒකට යනව හැටක්. තුන්දෙනා ගානෙ පොයින්ට් විස්සක් දානව. ඒකට කිලෝමීටර් පහක් විතර අඟලක් නෑර රේක්ක කර කර ආර්මඩ්ප්ලේට් ජැකට් සහ හෙල්මට් දාගෙන දාඩිය ඉහින් කනින් පෙරාගෙන ජීවිතේ විශාල අවදානමකුත් අරන් කරන්න ඔින රාජකාරියක්. අවදානමක් කිව්වෙ කොයි වෙලේ කොහෙන් සතුරා පහර දෙයිද කියන එක විතරක් නෙමෙි. මර උගුල්, බට්ටො, ස්නයිපර් ප්‍රහාර ඒවත් මෙි අවදානමට අයිතියි.

ඊට අමතරව වලලුකරට විතර එරෙන වැල්ලක්. ඒ පිකට්  එක ආපහු එන්නෙත් රෑ හතට අටට විතර. පිකට් එක විශේෂයෙන්ම ඩෙින්ජර් ස්නයිපර් ගහන නිසා. කොහෙන් කොයිවෙලාවෙ "ටකොස්" ගාල සද්දෙයක් ඇහිල කව්රු කොතන මැරිල වැටෙයිද කියල කියන්නම බෑ. ඒ නිසා අපි උදේ දාගන්න හෙල්මට් එක කීයටවත් එලියට ගිහාම ගලවන්නෑ. එක තැනක එක විදිහට තත්පර දෙක තුනකට වඩා ඉන්නෙත් නෑ. නිකන් හරි හෙල්ලි හෙල්ලි පැද්දි පැද්දි තමා ඉන්නෙ. ඉඳගන්නෙම නෑ. කොතන හරි තියෙන ගහකට ගේක බිත්තියකට කවර වෙලා පාරත් බලාගෙන ජීවිතෙත් ආරක්ෂා කරගෙන ආපහු කඳවුරට පය ගහනව කියන්නෙ විශාල ජයග්‍රහනයක්. කඳවුරට ගිහිල්ලත් පැය භාගයක් විතර යනකම් යුනිෆෝම් එක ගලවන්නෑ. ඒ අපේ රෙල් පිකට් එක සහ ඒ එන අයගෙ ආරක්ෂාවට මග තැනින් තැන දාල තියෙන අපේ කොල්ලන්ට ප්‍රහාරයක් එල්ලවුනොත් ඉතාම ඉක්මනින් ඒ කියනනෙ විනාඩියෙන් දෙකෙන් තත්පරෙන් ඔවුන්ගේ සහායට යා යුතු නිසා.

 එහෙමත් ඉඳල නාල කාල පොයින්ට් එකට ගිහින් පැයක්, හමාරක් ඉන්නකොට රෑ එකොලහයි වෙලාව. ආයෙ නිදාගන්නෙ පාන්දර දෙක වෙනකං තුන්දෙනාම හරි දෙන්නෙක් හරි ඇහැරිලා ඉඳල, දෙකෙන් පස්සෙ එක්කෙනෙක් සෙන්ට්‍රී තියල දෙන්නෙක් විතරයි. දෙකේ ඉඳන් හය වෙනකං තියෙන පැය ගාන තුන්දෙනා බෙදාගෙන සෙන්ට්‍රි ඉන්නව. සමහර දිනවලට පොයින්ට් එකේ දෙන්නෙක් විතරක් ඉන්න දවසුත් තියෙනව. ඒ කව්රුහරි නිවාඩු ගිහින් එන්න බැරි උනාම එයාව දාල තියෙන පොයින්ට් එකේ දෙන්නා.

 අපි තුන්දෙනාම ඇහැරල  ඉන්නෙ කරුනා නැගෙනහිරට ආවහම. නැතිනං මාසෙ පෝය දවස් සහ හඳේ කලාව අනුව අව පස දවස්වලට. ඒ කොහොම හිටියත්  ආයෙ පහුවදා උදේ අටෙි ඉඳල ආයෙ පිකට්. එක්කො මෙින් පිකට්,නැතිනං රේල් පිකට්. ඊට අමතරව කඳවුරට කොහෙන් කොයි වෙලාවෙ පහර දෙයිද, කොයි වෙලාවෙ ආටි ගහයිද, කොයි වෙලාවෙ කොහෙන් ස්නයිපර් පහරක් එයිද දන්නෙ නෑ... නමුත් අපි රාජකාරියේ.
පිකට් දෙකටම එහෙම අවදානමක් තිබුනා.
ඉතින් ඔය පසුබිමක් තියෙද්දි තමා අපි සැරයනුත් එක්ක හය දෙනෙක් ඔය කඳවුරට ගියෙ. ඒ මම, වටගොඩ, ගුණසේකර, කණ්ඩභාර සැරයන්,රත්නායක සහ ගොත සමරතුංග.(සමරෙ ගැන කතාවක් කලින් මං කිව්වා)

අපි යන දවසෙ දවල් කිරාන් පිකට් එකට ගහල එක්කෙනෙක් තුවාල වෙලා තිබුන. ඒ ගියාට පස්සෙ අලුත් යාලුවො සහ මගේම බැච් එකේ අයත් නැවත හමුවුනා. රාජකාරි කරන හැටි කලයුතු නොකලයුතු දේවල් බට්ටෝ දාල තිබුනු තැන් ක්ලේමෝ දාපු තැන් අපිට පෙන්නුව. මෙිව සෙබලෙක් අනිවාරයෙන් දැනගත යුතුම දේවල්. ඊට පස්සෙ මෙි කඳවුරේ ස්වභාවය කිව්වා. ඒ කෑම්ප් විසිට් එක.

 මීට කලින් මෙහෙ හිටියෙ 4 ගැමුණු හේවා බළ ඇණියෙ සෙබළුන් සහ 4 සිංහ රෙජිමෙින්තුවට අයත් සෙබළුන්. මීට මාස දෙක තුනකට කලින් මෙි ඒකක දෙකේම අසූ හතර දෙනෙක් මැරිල තිබුනා පිකට් එකට ගහල. ඊට පස්සෙ ඉතුරු  භඨ සංස්ථාව මදි නිසා තමයි අපේ ඇල්ෆා කණ්ඩායම මෙි කඳවුර භාරගෙන තිබුනෙ.  මෙිව කියද්දි මට බය හිතෙනව වෙනුවට හිතුනෙ මං ඇවිත් තියෙන්නෙ හරිම තැනට කියල. මොකද තිබුනු ඇම්ම සහ උණේ හැටියට.
අපි එදා ඉඳන් නොයෙක්  බාධක දුක් කම්⁣කටොලු දුක් සීන් සතුටු සීන් අතරින් ජීවිතය සහ මරණය අතර කාලය ගත කලා.

 ඔය කඳවුරේදි තමා අපේ වලිග කැපුවෙ. අපි අලු ගසාදාල ආවෙ. ඇට්ටරවුනේ. ඇට්ටකුනා වෙච්චි  නසරානියො බිහිවුනෙත් මෙි කඳවුරෙන්. මතක සිහිවටන, ඇඬෙන, හිනායන, විනෝදාස්වාදය, බැරැක්ක ආතල් උපරිමම තිබුනු තැනක්.
ඔහොම ඉද්දි තමා අපේ බැච් එකටම සංග්‍රාමික නිළ ඇඳුම ඇඳීමෙි අවසරය ලැබුනෙත් සහ රෙජිමෙින්තු අංක ලැබුනෙත්.

අපි ඒ සංග්‍රාමික නිළ ඇඳුම අඳින්න  විතරක් පැය දෙකක විතර මහ අපා දුකක් වින්දා. ඔය යුනිෆෝම් එකට වැන්දා. හැමදාම ඔය කිට් එකෙන් රෑ නවයට ඉන්ස්පෙක්ෂන් තිබුනා. ඒ ඉන්ස්පෙක්ෂන් වලදි එක නූල් දශම කාලක් කොතනකින්වත් ඇදිල තියෙන්නත් බැහැ. හරියට තිතට අයන් වෙලා තියෙන්නත් ඔින. ඒක තිබුනා දවස් හතක්. ඒ කට්ටත් කෑවට පස්සෙ අපිට අවසරය ලැබුනා ඔින ඔින විදියට අඳින්න.
අපි මොන ඩියුටි ගිහින් ආවත් කීයට ආවත් රෑ නවයට පෝලින් කරනව ඔය කිට් එක පිටින් ඉන්ස්පෙක්ෂන් එකට. ටෝච් එළියෙන් අපිව චෙක් කරල ඉවරවුනාම ආයෙ ඒක ගලවල වෙන එකක් ඇඳගෙන ඩියුටි යන්න ඔින. චෙක් වුනොත් ඒවට වෙනම දඬුවම්.  හිතන්නකො කොහොමද ඒ සැප කියල.
 ඔිවත් පාස් කරල දින දින යද්දි  අපිට තිබුනු පලවෙනි බැච් එකේ  "තද" ගතිය ටික ටික ලිහිල් වෙන්න ගත්තා. පළවෙනි බැච් එක කියන්නෙත් ඒ වෙද්දි මහ ලොකු සර්විස් එකක් තිබුනු අය නෙමෙයි. අපිට වඩා අවුරුද්දයි සීනියර්. එහෙම ආයෙත් ටික දිනක්  ගතවෙලා යද්දි කෝපල් කෝපල් කියල කතා කරපු පලවෙනි බැච් එකේ සාමාන්‍ය සෙබළුන්ට නම කියල කතාකරන්න අවසරය ලැබුනා. ආයෙ ටික දවසක් යද්දි උන් මචං වෙලා ලා/කෝ ට කෝපල්ට බැජී කියන තත්වෙටත්, උන්දැල සමගම එක සිගරැට් එක බොන තත්වෙටත් පත්වුනා.
අපි එකම සහෝදර කැලක් බවට දිනෙන් දින පත්වීමත් එක්ක නාස්ලනුව ටික ටික බුරුල්වෙලා ලඟ පැලයි දුර පැලයි අල්ලපු කොටුවෙ පැලයි හතර වටෙිම පැලයි කන්න පුරුදු වුන අපට "කිරාන්" යනු ගෙදරක්ම උනා. මමත් ඇට්ටරයෙක්ම වෙලා ගුටි කන එකෙත් සීමාවක් නැතුව ගිහින් "තොට ඔින විදියකට හිටු" කියල බැරිම තැන මාව ලනුවෙනුත් අතෑරල දැම්මා.

මෙි වෙද්දි මං ලොකු බොකුටු පොල් කට්ටක් තුවක්කුවෙි බැරල් එකේ ගානට අඩියෙන් හිල් කරල සුද්ද කරල පිලිවෙලකට තියාගෙන හිටියෙ. ඒක මගේ කැටපත් පවුර වගේ.
කුරුටු ගී තිබුනා අම්බානක ලියල.
සමහර ඒවනං මතකත් නෑ. සමහරක් මතක ඒවත් තියෙනව.

පලවෙනි තිහ පොකුරු උන්ඩ
ඊලඟ ටික ඩබල්            උන්ඩ

සතුරා, සෙබළාගේ ඉලක්කය මිස සෙබළා සතුරාගේ ඉලක්කය නොවෙි.

කටුකොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මෙි..

ඒ පොල් කට්ට හිල් කරල තියන් හිටපු එකේ තේරුම තමා වෙඩි තියන කොට  පොල් ⁣කට්ටෙ ඇතුල් පැත්ත ඉස්සරහට තියෙන්න බැරල් එකට බස්සල වෙඩි තියන එක. එහෙම දැම්මම මාර සද්දෙයක් ඇහෙන්නෙ. ඒක හරියට මෝටාර් ආර්පීජී ගහනව වගේ කංඅඩි සලිතවෙන සද්දයක්. ඒ දවස්වල හැමදාම වගේ කොහෙ හරි වෙඩි තැබීමක් තියෙනවමනෙ.  එතකොට අවස්ථාවක් ආපු ගමන් මං කරන්නෙ ටක්ගාල බෙල්ට් ඔිඩර්යෙන් පොල් කට්ට අරං බැරල් එකට දානව.දාල තමා වෙඩි තියන්නෙ. ඔික මං හොරෙන් කර කර හිටියෙ. පස්සෙ කෝපල් කෙනෙකුට මාට්ටුවෙලා මං ගුටි කෑව. ඒත් මං නෙමෙි ඔික අයින් කලේ. පස්සෙ පස්සෙ ගුටි කාලම ඇතිවෙලා විසික්කරල දැම්මා.

එදා උදේ මං පිකට් හිටියෙ. වටගොඩයා උදේ හයට පොයින්ට් එකෙන් ඇවිත් තේ ගෙනල්ල අපිට පනිවිඩෙිකුත් ඒවිවා තේ බොන්න එන්න කියල. අපිත් කෝපල්ලට තේ කෝප්පවලට දාල වහල තේ බිල ගියා මූන හෝදන්න. අපි මූන හෝදන්න ගියත් කරන්නෙ නාන එක. කලපුවෙ නිකන් තියෙන වතුරනෙ. උදේටත් නානව, හවස ඇවිල්ලත් නානව.
අපි නාන්ඩ ගියාම හැමදාම  අල්ලන සෙල්ලම කරනව. ඒ සෙල්ලමෙිදි  අහුවෙන අහුවෙන එකාගෙ ඇඳන් ඉන්න ජොකා ගලෝල ගොඩට විසිකරනව. එතන ඉඳන් හෙලුවෙන් තමා ඉන්න වෙන්නෙ. කෝපල් කෙනෙක් අහුවුනත් එච්චරම තමා. අපි ගොඩට එනකොට පතෝල වැටකොලු මැස්සක් වගෙයි ගොඩ.
එදත් උදේ අපි කලපුවේ දන්න දන්න සෙල්ලං දාල නාගෙන එහෙම ඇවිත්  ලෑස්ති වෙලා ගියා පිකට්. ඊට කලින් දවසෙ තමා සංසෙ හේරත් ගෙ කකුල බට්ටෙකුට ගියෙ. ඒ කිරාන් ටවුමෙ කෝවිලට දකුණු පැත්තෙන් තියෙන තැපැල් මහත්තයගෙ ගෙදර මිදුලෙ දාල තිබ්බ බට්ටෙකුට. ඒකටත් අපිට මල පැනල හිටියෙ.

අපි මෙදා පිකට් එක  හතරට ඇකිලුවා. එදා නෝමල් පිකට් එක තිබුනෙ. මෙිකට යන්නෙ පහලොස් දෙනයි. හැට දෙනෙක් යන්නෙ මෙින් පිකට් එක දවසට. ඒ කියන්නෙ මඩකලපුව කොළඹ කොන්වොයි එකට. (CONVOY)

 එහෙම පිකට් එක ඇකිලුවම කිරාන් ටවුමට මීටර් හාරසීයක් විතර දුරින් කඳවුර පැත්තට වෙන්න තුන් දෙනෙක් නතර වෙනව. ඒ නතරවෙන අය රාත්‍රී හතට සවන්දීමෙි මුරය ආවම තමා  ඇතුලට එන්නෙ.
මෙදින ඒකට නම් කරල තිබුනෙ ලා/කෝ පේමජයන්ත,සාසෙ ප්‍රේමසිරි සහ වටගොඩ.

අපිත් ඇතුලට ඇවිත් හෙල්මට් ජැකට් ගලවල මහන්සියට කකුල් දෙකත් අල්ලගෙන ටංක පෙට්ටිය උඩින් ඉඳගත්තේ උදේ ඉඳන් තැමිබිල තැම්බිල තියෙන කකුල් දෙකට හුලං ටිකක් වද්දවාගැනීමෙි අරමුනෙන් බූට් දෙක ගලවන්න. පිකට් ගිහින් ආවම ඇත්තටම ගොඩක් මහන්සියි. සමහර වෙලාවල් වලට කතාකරගන්න බැරුව එන්නෙ. මහන්සියට කටෙන් එන කෙල, සෙම වෙලා, ඒ සෙම කට වටෙි මිදෙනකං පයින් ඇවිල්ල ඇවිල්ල ඉඳගෙන බූට් එකට අත තියන කොටම "ටකොස්-ඩුම්" ගාල සද්දයක් ඇහුන.

ඒ සද්දෙ මහ කරුමක්කාර සද්දයක්.  අපිත් අර මහන්සිය නොබලා ආයෙත් බෙල්ට් ඔිඩරෙයි හෙල්මට් එකයි අරං තුවක්කුවත් අරං  ඊලඟ තත්පරේ සද්දෙ ආව පැත්තට දිව්වෙ  ඇඟේ ඉතුරුවෙලා තිබුනු අන්තිම හයිය බිඳුවත් කකුල් දෙකට පවරල හැකි උපරිම වෙිගෙන්. ඒ දුවද්දි තමා බෙල්ට් ඔිඩරෙත් දාගත්තෙ. අපිත් විනාඩි දෙකක් යනකොට එතන. ඒ යද්දිත් කෝපල් ජයරත්නයි ප්‍රේමසිරියි එක සීරුවට වෙඩි තියනව. අපිත් ඒකට සහභාගි වෙලා කලපුවත් තරණය කරල ටවුන් එකටත් පැනල පුලුවන් හැම තැනකම හෙව්ව වෙඩි තියපු ස්නයිපර්ව. ඒත් අපිට හම්බුනේ නෑ. මොකද උන් වෙඩි තියනව,ඊලඟ තත්පරේ දුවනව. දන්නවනෙ අපි එතනට එනව කියල. එක දවසක් එහෙම ස්නයිපර් ගහල සපෝර්ට් එකට එන කෙනෙකුටත් වෙඩි තියල දුවල තිබුනා.

අපි ඒ පන්නල වැඩක් වුන්නැති තැන ආපහු පොයින්ට් එකට ඒද්දි වටගොඩ අපිව අතෑරල දාල ගිහින්.හරියටම නලල මැද්දට ස්නයිපර් පහර වැදිල තිබුනා. මෙයාල ඉඳගෙන හිටියෙත් වතුර ගිය පරන පොඩි ඇලක. ඒක වෙිලිලා තියෙන්නෙ.
එතන ඇලේ ඉඳගෙන හිටපු වටගොඩ මොකක් හරි දේකට හෙල්මට් එක ගැලෙව්ව.ගලවපු සැනින් තිබ්බා.
උදේ ඉඳන්ම ඔික දාගෙන ඉඳල ඉඳල එපාවෙලා හුලං චුට්ටක් වදින්න ගලවන්න ඇති සමහර විට. ඒත් ඒක කෙලවර වුනේ මරණයෙන්. සෙබළ ජීවිතයක් කියන්නෙ මහ පුදුමාකාර ජීවිතයක්. විශේෂයෙන්ම යුධ අවධියක.

අපි මාදුරුඔය කෝස් එක කරද්දි මෙස්එක ලඟදි කොඩැක් 110 කැමරාවකින් ගත්තු  වටගොඩගේ පොටෝ එක තමා මෙි යටින් තියෙන්නෙ.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.07.17

Wednesday, July 15, 2020

මෝහිනී



අඩු කුල ඉහල කුල දෙක යසට                 පෑහිනී
වසඟෙට ගත්තෙ මාව අඩවන්                   දෑහිනී
රත්වුනි අහෝ! මාගෙත් රුදිර                    වාහිනී
උඹ මගෙ පැලට එනවද රෑට                   මෝහිනී

ඔය පපු කැවුතු මැද්දේ පේමෙ  මා                  වුනී
හදකට හදක් නොසිතූ අයුරු යා                     වුනී
එනවිට ගෙදර මගදිම අඳුර බෝ                    වුනී
රෑ මද්දහනෙ හැඟුමන් පිබිද පා                      වුනී

නැවතී නොමැත තැන තැන අම්බලන්           වල
නොතබමි තට්ටු එක එක දොර පියන්           වල
කඩුපුල් මලේ දෙවියන් එක රැයින්                 කල
ගැස්මක් ඇතිවුනේ ඇයි ඇස් පියන්                වල


රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.07.15







Tuesday, July 14, 2020

මයිලංකරච්චි එළකිරි

මෙි මයිලංකරච්චි වලදි වුනු සිදුවීමක්.
අවුරුද්ද කියනවනං 2004. එවකට ඔතන අපේ නිරීක්ෂණ මුරයක් කරනව.  තැනත් හරියටම කියනවනං වාලච්චෙිනෙ ඉඳල පොලොන්නරුව පැත්තට එද්දි ඔිට්ටමාවඩි පාලම පැනල මීටර් පන්සීයයි. දැං එතන තියෙන්නෙ ක්‍රිස්තියානි පල්ලියක්. ඉස්සරත් ඔික තිබුනා. නමුත් පාවිච්චිකලේ නෑ.දැං පාවිච්චි කරනව.

ඒ කාලෙ මගෙ යාලු ගෑල්ලමයි තුන්හතර දෙනෙක් හිටිය ඔය හරියෙ. උන්දැලා ඔක්කෝම මට හරීම මෙව්ව එකයි. ඒ කිව්වෙ මට  ආදරෙයි. ඒ හතර පස් දෙනා  සෙට්කර ගත්තෙත් හෙන කට්ටක් කාල.
මං එක දවසක් ඔතන රාජකාරි ඉන්නකොට මෙි ගැන්සිය එනව පාර දිගේ ඇවිද ඇවිද.. වන..වන තාලෙට අඩිය තිය තිය ආතක් පාතක් නැති හැලි වඳුරු රංචුවක් නෑදෑ ගමනක් යනව වගේ. මාත් පාරට පැනල කතාකලා. ලැජ්ජනැතිකම කියන්නෙ මුංට ආමි මාම කෙනෙක් කතාකලා කියල කිසීම ගානක් නෑ. බය නැතුව ලඟටම ආව. මෙයාලට තිබ්බ තං බුරුලු හතර ගානෙ. එතන හිටපු නාඹර එකියකට මහ පුදුම විසයක් තිබුනෙ. ඒකිත් ඔය හතරම පද්ද පද්ද මං ලඟටම ඇවිත් කඩල දුන්නු අතු කෑලි ටිකත් කටින් ඇදගෙන කක කකා යන්න ගියා.
මට මෙි වෙද්දි ඇඟ කිලිපොලා යන හැඟීමක් ඇතිවෙලා තිබුනෙ.
ඒ තමා මුංදැලගෙන් කිරිටිකක් දොවාගන්න තිබ්බ ආශාව. මං ඒකට අමුතුම ක්‍රියාන්විතයක් දියත් කලා.

ඒකෙ පලවෙනි මෙහෙයුම තමා මුංදැලා ටික යාලුකර ගන්න එක. මෙි පට්ටියෙ ඉන්නව බඩු කෑලි සීයක් එකසිය පනහක් විතර. හැමදාම උදේට ට්‍රාන්ස්පෝමර පොයින්ට් එක හරහා තනකොල කක කකා ඇවිදගෙන ගම්මානෙ පැත්තට ගිහින් ආයෙ හවස හතර පහ වෙද්දි පාර දිගට කක කකා ගාලට එනවා. හැමදාම යන්නෙ එන්නෙ එකම පාරෙන්. මං මෙි වෙද්දි හිටියෙ පාලමෙි. පාලමෙන් තමා ඔය නිරීක්ෂන මුරය යන්නෙ. මෙි එක පොයින්ට් එකක ඒ දවස්වල එක්කෙනෙක් තියන්නෙ සතියයි. මට ඊලඟ ට්‍රාන්සර් එක ට්‍රාන්ස්පෝමරයට. ඒ නිසා මෙවුන්දැලව ඉක්මනින් යාලුකරගන්නත් උවමනාවක් මට තිබුනා. මොකද කියනවනං ඔය පට්ටිය තිබුනෙ අපේ ට්‍රාන්ස්ෆෝමරේ ලඟ. හරක් ටික බලාගන්න කෙනා මුස්ලිම් මනුස්සයෙක්. එයත් මගේ හිතවතෙක්.නම ෆාරූක් අංකල්. ෆාරූක් අංකල් මා එක්ක යාලුවුනේ එදාට අවුරුද්දකට විතර කලින්. ඒ කලින් පාර මෙහෙ ඇවිත් ඉද්දි.

කියන්න බැරිවුනා.අපේ පාලම් පොයින්ට් එක තිබුනෙ ⁣පොලොන්නරුව මඩකලපුව රේල්පාර උඩමයි. සාමෙන් පස්සෙ කෝච්චියත් යනව ඒ දවස්වල.
පේපර් මිල් එකට, කඳවුරට, වාකනේරි, මූකුරාල් පැත්තට යන ප්‍රධාන පාරත් තිබුනෙ ඔතනින්මයි. කෝච්චි එන වෙලාවට පාර අරින්න වහන්න හිටියෙ කනගරට්නම් කියල අංකල් කෙනෙක්. මිනිහට සිංහල බෑ. මං එයාට කතා කරන්නෙම කනගරත්නම් නම "කනෙයියංකල්" "කනාංකල්" කියල  ටිකක් කෙටි කරල. මෙයාගෙ ගමත් මයිලංකරච්චි. මෙි රටෙි ප්‍රධාන භාෂා තුනක් තියෙනවනෙ. මෙවුන්දැ ඒකෙන් දන්නෙ දෙමල විතරයි. ඉතින් මට මිනිහ ගැන පව් කියල හිතිල සිංහල ටිකක් ඉගැන්වීම මං නිතරම කරාගන ආව දෙයක්. ඉස්සෙල්ලම ඉගැන්නුවෙ කෝච්චිය සම්බන්ද වචන.

රෑ හතෙන් පස්සෙ කෝච්චි එන වෙලාවට සිග්නල් දාන්නෙ අරින්නෙ මං.ඒ ආසාවට අරුන්දැගෙන් අහගෙන තමා කරන්නෙ. මෙයා මෙි සිග්නල් දාන අරින ලිවර් එකට කියන්නෙ "ජුන්ඩා පොල්ල" කියල. කෝච්චිය ඈතින් හූ කියාගෙන එනකොට එයා එයාගේ කාමරේ ඉඳන් කෑ ගහනව" ආරච්චි ෂේර්" ෂුන්ඩ පොල්ල උෂ්ෂාන්ඩෝ.." කෝච්චිය ගියාම "⁣ෂුන්ඩා පොල්ල බාන්ඩෝ" කියල. සිග්නල් එකට කියන්නෙ "වුසන කෝස" කියල. මිනිහට ඔික කියවෙන්නෙම උෂ්ෂන කෝෂ කියල.
මෙයා මට සිග්නල් දාන විදිය ඔිප් කරන විදිය කියාදීල ඒක හරියට වැටිලද කියල ඇස් මට්ටමින් බලන්නත් කියල කියාදීල තිබුනෙ. ඒකට හේතුව ඒ කාලෙ වාහනවලටයි කෝච්චියටයි යන්න එකම පාලමයි තිබුනේ. ඒවගේ පාලං දෙකයි ලංකාවටම තිබුනෙ. ඒ මනම්පිටිය සහ ඔිට්ටමාවඩි පාලම.
*ආරච්චි ෂේර් මෙන්න මෙිම ෂුන්ඩා පොල්ල උෂ්ෂන කොට්ට පලාන්ඩ උෂ්ෂන කෝෂ අරියට වෙට්ටිලද කියල. යිතකොට ශරි.
රෑට ලාම්පුවක් අල්ලනවනෙ මෙතන.ලාම්පුව කියන්නෙ පර භාෂාවක්නෙ. මං ඒකෙ සිංහල නම උගන්නල තියෙන්නෙ එයාට.

*ආරච්චි ෂේර්. රේට උෂ්ෂන කෝෂ තාල ඉතරක් මති. කෝච්චියෙක යෙනකොට මෙිම මෙිම අම්බුඩෙි උෂ්ෂලත් උෂ්ෂන කෝෂ යෙක පෙන්නාන්ඩ ඔිනෙ. යිතකොට ෂරි. එතකොට්ට කොච්චි එලෝන උත්තලට දන්නව රෝට් යෙක ක්ලියර් කියල.
මාත් ඉතින් උන්දැ කියන කියන විදියට ඔය රෙද්දවල් සේරම  උස්සලත් පෙන්නනවා.
මෙන්න මෙයාගෙ වත්තක තමා අර හරක් පට්ටිය ගාල් කරන්නෙ රෑට.

අර ගෑනු ලමයි ටික යාලුකරගත්තත් කියමුකො. ටාන්ස්පෝමරේටත් ගියාම කියමුකො. එතන ඉන්චාජ් ලා/කෝ ඇන්ටනි.. මට එක දවසක් ඔහොම ඉන්නකොට චූටි ආසාවක නිමිත්තක් පහල වුනා එළකිරි ටිකක් බොන්ඩ තිබුනනං හොඳයි කියල. පස්සෙ එතන හිටපු කෝපල් ඇන්ටනීටත් කියල ලීටර් එකහමාරේ ප්ලාස්ටික් බෝතල් දෙකකුත් කිහිල්ලෙ ගහගෙන ⁣කිරි දෙවීමෙි කියාංවිතයට මා එක උදේක පිටත්වුනා.
මෙතනට කිරි දොවන්ඩ ෆාරුක් අංකල් එන්නෙ උදේ හයට විතර. මාත් ගිහින් අදහස කිව්වම මෙයත් හරී සතුටින් කැමතිවුනා. ඒත් මට ඔින වැස්සියෙක්ගෙ හරි කමක්නෑ තං බුරුලු ටිකක් අතගාල කිරි දොවාගන්ඩ. අනික ඒ දවස්වල මටම කියලත් ඔිව අතපත ගාන්ඩ එකක් හිටියෙ නෑ. ඉතින් ඒ ආසාවත් එක්ක,
*අංකල් මාත් දොවන්ඩද
*හා.හා. යේකට කමහ්නෑ. වෙඩෙි කරගන්ඩ ශේර්. මාත් එයාටම කියලා මගේ යාලු කෑල්ලක් පොට් එකට අරගෙන  තං බුරුලු හෝදන වතුර බාල්දියත්, දොවල කිරිදාන බාල්දියත් අරගෙන ඉඳගත්තා අරුන්දැගෙ දෙපරහැන්ද ලඟින්ම බංකුවත් ලගට අරගෙනම. ෆාරුක් අංකල් කියාදුන්නු විදියට අරව ටිකත් හොඳට හෝදල එහෙම වැඩෙි පටන් ගත්තා. මයෙ අප්පේ ඒවැං අදින්න අදින්න ආසයි.අදින්න අදින්න ආසයි. මාත් හොඳට අතපත ගාල එහෙම "ප්රූස් ප්රූස්" සද්දෙන් බාල්දියෙන් බාගයක්ම දෙව්වා. ඒ විදියටම දෙන්න එක්ක කීප දෙනෙක්ගෙම දොවල ඉවරවුනාට පස්සෙ මට යන්න ඔින වුනා.
*ෆාරුක් අංකල්..මට යන්න ඔින.
*අප්පේ සේර්.. වෙෂ්ෂියෙක්ගෙ අරි කමහ් නේ මිරික්කාන්ඩ ත්යේනං නෙහ්?? හා හා..යන්ඩ මාත්තියා..

මට ඒකට කුලිය වශයෙන් කිරි ලිටර් තුනක් හම්බුනා. ඊලඟට ඔිකත් කිහිලි ගන්නගෙන පොයින්ට් එකට ඇවිත් මුට්ටියක් එහෙම හෝදල අරං ඒකට කිරිටික දාල ගැහුව හීටරේ. සෝට් ටැන් සුවීට් ඉක්මනින් කිරිටිකක් බොන්ඩ කියල හිතාගෙන. විනාඩි පහයි ගියෙ මයෙ අප්පේ පෙන බුබුලු දාගෙන ආපු මුලු කිරි හට්ටියම දුඹුරු පාට වුනා. ඒවල තිබුනු යොදය සම්පූර්ණයෙන්ම හීටරේට අල්ලල. මුලු කිරි හට්ටියම බැදුං රහයි. අපරාදෙ. පස්සෙ හට්ටිය දිහා විනාඩි පහක් විතර බලං ඉඳල අල්ලල විසිකලා.

ඔිකට කෝපල් ඇන්ටනී මට අනංමනං කිය කිය හිනාවෙවී ඉද්දි මට මල පැන්නා. පස්සෙ කිරි හට්ටියත් අල්ලල විසික්ක කරල එයා ලඟින් ගිහින් වාඩිවෙලා කයියකට අල්ලගත්තා. මෙයා හෙන ගායකය. පුන්සිරි,ජෝතිපාල,⁣බෙග් මාස්ටර් එහෙම තමා මෙයාගෙ සිහින ලෝකෙ හිටියෙ.ඒත් අනික් සිංදුත් නොකියනවම නෙමෙයි. කොයි වෙලාවෙ බලහං අරුන්දැලගෙ සිංදු කෑල්ලක් මුමුණ මුමුණ ලඟ තියෙන මොකේකට හරි තට්ටුවක් දාගත්තු ගමන් තමා ඉන්නෙ. එදත් එහෙමයි.  සිංදු කෑල්ලක් කියනව. මංදිහා බලනව. ආයෙ සිංදු කැල්ලක් කියනව සයිඩ් කන්නාඩියෙන් මා දිහා බලනව. ඒ සිංදුවලට  මගෙ එලකිරි දෙවීම සහ උනුකිරිම ගැනත් දාල තව නැති කෑලිත් දාල තමා මිනිහ මෙි කියන්නෙ. නිකන්මත් නෙමෙි. අපි හවසට විවෙික සුවයෙන් පසුවෙන්න හදල තිබුන සමර්හට් එකේ ලෑල්ලටත් තඩි බබ බබා.

මාත් මට ගහන කාඩ් අකා මකා වෙලා යන්න වගේ ලඟින්ම ඉඳගෙන එයාට පුංචි සපෝට් එකකුත් දුන්නා සිංදු ටික රසවත් වෙන්න කියල හිතාගෙන. ඒ එයා සිංදු කියන කොට මං රැප් කරලා.

*හොඳනං කලාට කම්නෑ...මානම් පියේ තරහා නෑ...හොඳනම් කලාට කම්නෑ...මානම් පියේ තරහා නෑ..රුචිරානනේ අහන්න... එක පාර මා මරන්න...
එතකොට මගේ...රැප් එක..ටී පනස්හයේ පලවෙනි පාඩමෙන්ම පටන් ගත්තා.
*චෙක් සේප්ටි සිලෙක්ටර ඔිපන්ද පූචහ්..
රිමූද මැගසින් ඉන්ටුද පූච....අ:
රපියොන් ගොං මෙිරි රපියන් ගොං හෙයි
සිත්තන පත්තන මයික්ක පොන සිතානෙමයි... කඳුරට රැජිනිය බ්‍රිතාන්නෙමයි..හේයි..කන්ගජුලේසන්ස් සිතානෙමයි.... සීග්‍රයේන් කල් බලාන් ලෙප් රයිට් ලෙප් රයිට්..
*පොඩි කාලේ මරඳ වැල්ලේ.. එයා ආයෙ පටන් ගන්නව..
ඔහොම ටික වෙලාවක් මගේ එකේක නානාප්පකාර රැප් සීන් මැද ගීත කිහිපයකුත් ගායනාකරල අවසානයේ...
*බලන්ඩ උඹ කියාපන් සිංදුවක්...දැං කෝපල් ඇන්ටනි මට ඇරයුමක් ගෙනාවා..
*අනේ මං කියන සිංදු.. මට බෑ..අනේ..
*හරි හරී බං. කියහං දන්න තාලෙන් එකක්. අනේ මට බෙිරෙන්නම බැරිවුනා..
අම්මට සිරි කියන්නෙ මගෙ ආදරණීය නානාප්පකාර යාලුවනේ.. මට ගණදෙවි නුවණ පහල වෙන්නෙ කිය කිය නෙමෙිනෙ. ඒ අදහසක් මග එනවනං මගේ මොලේ දකුනු පැත්ත නිකන් ලාවට හීනියට වගේ හිරිවැටීමක් සිද්දවෙනව. ඉතින් මෙි වෙලාවෙත් මට ඔිකම උනානෙ... බෙිරෙන්නම බැරි තැන මාත් එකක් පටන්ගත්තා..හැබැයි රබර් ඇහෙන් එයා දිහාම බලාගෙන ලඟ තිබුනු අවියේ මැගසින් එකටත් තට්ටුවක් දාන ගමන්ම.......

*සුවඳයි මුවෙි මල්පැනීඊඊඊ
නෙතගින් හැලේ නිල්මිනීඊඊඊ
මා ජීවිතේ පනවැනීඊඊඊඊ
ඇරපන් &@%$කේ ඇන්ටනී...ඊඊඊඊඊ
ඇරපන්.......පු&@%$ ඇන්...

කියල සම්පූර්ණ කරන්න උන්නෑ..හත්තිකේ කියන්නෙ... ඒක ඇහිච්චි ගමන් කෝපල් ඇන්ටනී අර ලෑල්ල උඩ පැත්ත දාගෙන තට්ටු දද දදා හිටපු අවියෙ මැගසින් එක ගලෝල ගත්තෙ විදුලි වෙිගෙන්. ඊලඟ තප්පරේ මං සෙනිකව බංකු ලෑල්ලත් පෙරලගෙන පැනල දුවන්න හදද්දිම "ඔහිටුප් පරයා" කියාගෙන පැන්න පාර මගේ අතක් අහුවෙලා ඇදල අල්ලගෙන ...
ආයෙ කියපං ඒ සිංදුව..
බෑ.කෝපල් ගහනවනෙ.
නෑ ගහන්නැ කියපං..
සුවඳයි මුවෙි බල් පැනී
නෙතගින් හැලේ නිල්මිනී
මා ජීවිතේ පන වැනී
නාඬන් දුවෙි නිල්මිනී

අපරාදෙ කියන්ඩ බෑ, මං කිව්ව ඒ සිංදුව එයා කිය කිය
ඔලු වට එකයි....
කොන්ද මැද්දට දෙකයි..
ආයෙ ඔලුවට එකයි..
කොන්ද මැද්දට දෙකයි. එදා විතරයි මං අහුවෙලා ගුටි කාපු එකම දවස..පස්සෙ මං ඔලුව අතගාල බලද්දි මැංගුස්ටින් සයිස් ගෙඩි වල්ලයි ඔලුව මැද.

මා ජීවිතේ පනවැනී
දුන්නා දෙකක් ඇන්ටනී

අයියෝ එළකිරි

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.07.12

Saturday, July 11, 2020

කින්නිඅඩි සටන

ඒ 1997 වසර. කින්නිඅඩි. මෙි කතාවට මුහුනදුන්නෙ අපේ බී කණ්ඩායම. එතකොට මං කිරාන් හිටියෙ.

වාලච්චෙින ඔිට්ටමාවඩි ටවුම මැද්දෙ තියෙන හතරමං හංදියෙන් මඩකලපුව පැත්තට එනකොට දකුණු පැත්තට තියෙන පාරේ කිලෝමීටර් කිහිපයක් ගිය තැන තමා ගමක් අයිනෙ කින්නිඅඩි කියන මෙි කඳවුර තියෙන්නෙ. වාලච්චෙින කඩදාසි කම්හල් භූමියේ ස්ථාපිත 232 බළසේනාව ආරක්ෂා කිරීමෙි වගකීම ගිනිකොන දිශාවෙන් තම දෙව්රමත පටවාගෙන අනේකවිධවූ බාධක කම්කටොළු දුක් ගැහැට මැද රාජකාරි කල අපේ බී කණ්ඩායම මුළු නැගෙනහිර පලාතේම කරුණා ප්‍රමුඛ එල්ටීටීඊ ත්‍රස්තවාදී පරම්පරාවත් ප්‍රභාකරන් නැමැති අමනුෂ්‍ය රාජයාත් නැගෙනහිරෙන් සසල කල වැඩක් අපේ ඒකකයේ බී කණ්ඩායමෙන් සිදුකලා.
ඊට පෙර තවත් කතාවක් කියන්න ඔින.

මෙි සිදුවීම ආසන්නයේ ඊට පෙර දිනක කින්නිඅඩි කඳවුරේ කිහිප දෙනෙක් අමු සළාක අරන් යන්න ඇවිත් හිටියා වාලච්චෙිනට. ඒ ඇවිත් හිටියෙ ට්‍රැක්ටරේකින්.  අපිත් කිරාන් ඉඳල දවසක් ඇර දවසක් යනව වාලච්චෙින පිහිටි සළාක අංශයට දවස් දෙකකට හිමි අමුසළාකය ගේන්න. එදා ඒ ගිහින් ඉද්දි මගේ එක්කුසේපන් බැචෙක් හමුවුනා. එක්කුසේපන් බැචෙක් කිව්වෙ ආධුනික පුහුණු පාඨමාලාව එකටම හදාරපු බැචා කෙනක්. මෙයා මට එදා හමුවුනා. ඒ අවුරුදු එකහමාරකට විතර පස්සෙ. අපිට කතාකරන්න ලැබුනු අවස්ථාවෙ අපි ගොඩක් දේවල් කතාකලා.පොර එදා මා එක්ක වැඩිපුරම කියෙව්වෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් බූට් එක තියපු එකක් ගැන. ඒකට හේතුව වශයෙන් කිව්වෙ මෙයා ආමි ආපු නිසා ගෑණු ලමයගෙ ගෙදරින් කැමති නෑ කියනව කියල. මාත් ඒ දවස්වල අමු හිච්චා හිංද ඔිව ගැන වැඩිපුර දැනන් හිටියෙ නෑ. දැනන් හිටියත් හිතුවෙ නෑ. අනික මං ඒ වෙද්දි යාලුවෙලා හිටියෙ දෙමළියක් එක්ක නිසා සිංහලියො එක්ක ඇතිවුනු ඇයි හොඳයියක් ගැන කියන්න එච්චර දැනුමක් තේරුමක් තිබුනෙත් නෑ. අත්දැකීම් තිබුනෙත් නෑ.

ඒ වෙද්දි කිරාන් හිටපු මගේ ප්‍රාන සමානා දමිළ පෙම්වතිය  මට සිංහල කෙල්ලකගෙ අඩුවක් දැනෙන්න කවදාවත් ඉඩ තිබ්බෙම නෑ. හැබැයි එහෙම නොදැනුනත් මෙයා කිව්ව කතාව නිසා මටත් චුට්ටක් බය හිතුනා. ඒ කොයි වෙලාවෙ කවදා මෙික අරුන්දැලා දැනගෙන මොන ගිනිගෙඩියක් පාත් කරාවිද කියලා. අරුන්දැලා කිව්වෙ කොටි.

ඒ බැචාගෙ නම ආරියසේන කේඑම්ඩී. ඌ මා එක්ක ගොඩක් දුකෙන් කතාකලේ. ඇත්තටම සොල්දාදුවො ඔක්කොම අට පාස් නෙමෙි. ආරියසේන කැම්පස් යන්න මට්ටමෙිට එනකං උසස්පෙළ සමත් කොල්ලෙක්. රස්සාවක් ඔින නිසාත් තමන් ආදරය කරන කෙල්ලටත් ඔහුගේම බාල සහෝදරයන් දෙන්නටත් හොඳට උගන්වන්න ඔින නිසා තමන්ගෙ අනාගතය කැපකරපු අහිංසක කොල්ලෙක්. මට මතකයි අපේ ආධුනික පුහුණු පාඨමාලාව හදාරද්දි ආරියසේනටත් සිවුරු ඇරල හමුදාවට බැඳිල දෙවෙනි ප්ලැටූන් එකේ හිටපු විජේසිංහටත් කමිෂන් යන්න ලියුම් ඇවිත් තිබුනු හැටි.ඉස්සර අපිට එන ලිපි අපේ පුහුණුවේ මූලික අධියරේදී පුහුණු අංශයෙන් කඩල බලල තමා දුන්නෙ. මෙිවා අපිට දෙන්නෙ පෝලිං කරල ඉන්න වෙලාවල්වලට. මෙි ලිපි දෙක යුධහමුදාවෙන්ම සීල් ගහල එවල තිබුනු නිසා කඩල බලල.
ඒ වෙලාවෙ එතන හිටපු අපේ කණ්ඩභාර නිළධාරි එවකට ලුතිතන් එම්ඒඑස් ජයරත්න (ඉසේරෙ) සර් මෙි දෙන්න යුධහමුදාවෙන් අස්කරල දෙන්නං කියලත් කිව්වා කමිෂන් යනවනම්. මෙයාලා බෑම කිව්වා. නිකමට හරි හා කිව්වනං අද උන් දෙන්න කොච්චර උසස් තැනක ඉන්නවද කියල අදත් මට මතක් වෙන දෙයක්. මං ඇහුවම කිව්වෙ උන් ඒ ඉන්ටවීව් වලට ඇප්ලිකේෂන් දාලා රිප්ලයි පරක්කු නිසා මෙහෙම බැඳුනා කියල. නමුත් රිප්ලයි එනකොට මෙයාලා හමුදාවට ආධුනික සෙබළ මට්ටමෙන් බැඳිල පුහුණුවෙත් අමුකට්ටක් කමින් හිටිය නිසා මාස තුනක් වෙනුවට අවුරුදු දෙකක් කට්ට කන්න අකමැති වෙන්න ඇති.

මට කිව්වෙ ඌ බොක්කෙන්ම ලව්කරපු එකීලු. ඉගෙන ගන්න වියදම් කෙරුවෙත් මෙයාලු. උසස්පෙල කරල කැම්පස් යන්න තරම් ලකුණුත් ආවම නොයෙක් හේතු කියල තමා මෙයාට බෑ කියල තියෙන්නෙ. මෙි හේතුව නිසාම ආයෙ නිවාඩුත් යන්නෑ කිව්ව කාලෙයක් යනකං. ඒකට හේතු කිව්වෙ ඒකි උපාධියක් ගත්තම කොහොමත් මූව අමතක කරයි කියල හා ඒකිට හරියනවනං, හොඳයිනං කවදාවත් ඒකිට බාධා කරන්නෑ කියල. පව් අහිංසකය කියල මට ඒ වෙලාවෙ හිතුනා.

කොටින්ම මට තිබුනෙ ඔය කතාව  අහගෙන හූ මිටි දෙන්න විතරයි. එදා එයා⁣ලගෙ සීඑස්එම් ඇවිත් තිබුනා මූලස්ථානෙ වැඩකට. ඒ සාජන් මෙිජර් වීරකෝන්. එදා තමා මං ඒ සර්ව දැක්කෙ සහ අඳුරගත්තෙත් කතා කලේත්. අපි එකිනෙකාට හමුවෙන අවස්ථා බොහොම විරලයි. මෙි විදියට ආවොත් හරි තමා කව්රුහරි හම්බවෙන්නෙ.
මං පුලුවන් තරම් ආරියසේනගෙ හිත හැදුවා. ඇත්තටම ඌ කිව්ව විදියට ඒක මටත් උනානං දරාගන්න හරි අමාරු සීන් එකක්. ආරියසේන තව එකක් කිව්වා. ඒ කින්නිඅඩි කඳවුරට වටකරලා පහර දෙන්න අර තුන්දාහක්ද හාරදාහක්ද මංද මරල තියෙනවාය කිව්ව බුවාගෙ සූදානමක් තියෙනවා කියන කතාවක්. ඒ නිසා ඌ කිව්වා "උඹලත් රෙඩිපිට ඉඳපල්ලා බැජී, කෝකටත් පරිස්සමින්" කියල. මෙි වෙද්දි අපි විසි දෙදෙනගෙන් තුන්දෙනෙක්ම ගිහින් හිටියෙ. ඒ තුන්දෙනා  ජයපාල,මහින්ද සහ තෙන්නකෝන් ටීඑම්ආර්. එකෙක් සදාකාලික ආබාධිතයෙක් වෙලා.ඒ රාජපක්ෂ යූඒකේ.
මෙහෙම කියන්න හේතුව අරුන්දැලා යන්නෙ කොහෙද මල්ලෙ පොල් සේනාවක්නෙ. ගහනව කියන්නෙ කින්නිඅඩි වලට. නමුත් ගහන්නෙ වැලිකන්දට.නැත්තං අම්පාරට. ඒව ඉතින් උන්දැලගෙ සයිඔප්ස් නෙ.
අනික මෙි වකවානුවෙම තමා කිරාන් අපේ කඳවුරටත් ගහනව කියල තිබුනෙ. කිරාන්වලට ගහන්න මොඩ්ල් ට්‍රෙිනින් කරනව කියලත්  බුද්ධි අංශයට මොනිටර් වෙලා ඒක අපිටත් දැනුම් දීල තිබුනෙ.

 අපේ ගාව නැව ගිලුනත් ගැට්ටෙහරි බජව් දාන ගතියක් තිබුනත් කින්නිඅඩි එහෙම නෑ. හේතුව කින්නිඅඩි කඳවුරේ සුළු පිරිසකුත් අපේ කඳවුරේ එකසිය පනහක් විතර ඉන්න කඳවුරකුත් වීම. අනික අපේ හිටපු භඨ සංස්ථාව මහ පුදුමාකාර ඩෑල් ටිකකින් සමන්විත වෙලා තිබුනෙ. ඒ උදයක් දවාලක් රැයක් නැතුව එල්ලවුනු අරුන්දැලගෙ ගේම් වලින්ම පදම් වෙලා ඒවටම ලොල් වෙච්චි පිරිසක් මෙි කඳවුරේ හිටියෙ. සී කණ්ඩායම කිව්වම අපේත් සමහර එවුන් බයයි අපි එක්කත් කතාකරන්න.

 අපේ සී කණ්ඩායමෙි අපේ ඒකකයට අයත් අය අතුරින් එකම එක්කෙනයි මෙි වෙද්දි බැඳල හිටියෙ. ඒකත් හොරෙන්.අනිත් ඔක්කොම කොල්ලො. සම වයස්වල පට්ට පිට් එකේ ඉන්න ගින්දර වගේ කොල්ලො තමා ඉස්සර අපේ ඒකකයේ හිටියෙ. ඒකට හේතුව රෙකෲට් බැච් එකකින් ඒකකය ඔිපන් කිරීම සහ එන තරමක් ආධුනිකයො වීම. අපි යුනිට් එකේ දෙවෙනි බැච් එක. දෙසිය හැත්තැ තුනක් අපේ සමකාලීනයො හිටියා මෙිකෙ.ඒත් බැච් එකේම තමා. මෙි සිදුවීම වෙද්දි අපේ ඒකකයට යන්තම් අවුරුදු තුන පිරුනා විතරයි.

මෙි කින්නිඅඩි කඳවුරේ එවකට නිළධාරි අණදෙන තුමා වූයේ ලුතිතන් මංජුල විජේරත්න. තරුණ කාර්‍යශූර උපක්‍රමයෙහි නිපුනයෙක්.ගිනි මකරෙක්.  එතුමා දැන් කර්නල් වරයෙක්. හැබැයි එතුමගෙත් එක කකුලක් නෑ. ඒ බට්ටෙක් පාගල. (ඒකත් පසු කාලෙක මෙහෙදිමයි වුනේ).

කතාවට යමුකො.
අපි එදා කතාබහ කරල ආයෙ රේඩියෝ සෙට් එකෙනුත් කතාකරමු කියල  විසිරිලා ගියා.
අපිත් අපිට හිමි සළාක අරගෙන විසිරගියා. එහෙම කුඹුරුමුල්ල කඳවුර පහු කරල ඔන්නං කිලෝමීටරයක් යන්න ඇති. එකපාරටම මහවිශාල පිපිරුම් සද්දයක් ඇහුනා. ඒක හරියට කනපල්ලෙ පිපිරුවා වගෙ තමා දැනුනෙ. අපි කුඹුරුමුල්ලත් පහුකරල හිටපු නිසා හැකි උපරිම වෙිගෙන් කඳවුරට ගියා මොකද්ද සිද්දිය කියල දැන ගන්න. මං ගෙනාපු බඩු බාන්නවත් ඉන්නෙ නැතුව කෙලින්ම දිව්වෙ රේඩියෝ රෑම් එකට. මොකද ඉන්තේරුවෙන්ම සද්දෙ ඇහුනු වෙලාව හා දිශාව බලද්දි  අනිවාරයෙන්ම කින්නිඅඩි ටැට්ටරේමයි කියල හිතුනු හංද. ඒ යද්දි මුළු නෙට්වර්ක් එකම ගිනි අරන්. අපි හිතුව හරි. ඒ කින්නිඅඩි වලින් ආපු ට්‍රැක්ටරය බ්ලාස්ට් එකකට අහුවෙලා. රියැදුරත්, ඉස්සරහ මඩ්ගාඩ් දෙකේම ඉඳගෙන ආපු සාජන්මෙිජර් වීරකෝන් සහ ආරක්ෂක මුරයට ආපු තව කෙනෙකුත් ටෙිලරේ ආපු එක්කෙනෙකුත් බ්ලාස්ට් එකෙන් එතැනදිම මෙි ලෝකෙ අතෑරල ගිහින්. මට හදිස්සිය තිබුනේ ආරියසේන ගැන දැන ගන්න. හිත සන්තානයම ගිනි අරන් පිස්සුවෙන් වගේ එහාටත් මෙහාටත් ඇවිද ඇවිද හිටියෙ ඒ වෙලාවෙ සෙට් එකේ කතාකරන එක සදාචාරයට පටහැනි නිසා සෙට් එක පොඩ්ඩක් නිවෙනකං.
අපේ රේඩියෝ රූම් එකේ ඒ වෙලාවෙ හිටියෙ කෝපල් සජිත්වීර.
හරි හොඳ පුද්ගලයෙක්. අපි මොකක් හරි කෑම්ප් එක ඇතුලෙ ගුටිකන කේස් එකක් දාගත්තොත් කෙලින්ම දුවන්නෙ  කෝප්‍රල් සජිත්වීර ඉන්න තැනට. එතනට ගියාම අපිව ආයෙ බිලට් එකට යවන්නෙ ගින්න නිවිලා අගුරුත් හීතල වෙලා අලුත් අරන් දාපුවම. එක දවසක් හරි සෝක් වැඩක් වුනා.

මං සිගරට් දෙකක් එක්ක කෝපල් කෙනෙකුට මාට්ටුවුනා. එයා මගේ හක්ක අතගාලා සිගරට් දෙකත් තියාගෙන තව පහක් අරන් එන්න කිව්වා  පොව්වන්න. ඒක පුෂප් පොසිෂන් එකේ තියල ⁣දෙකක් පත්තුකරලා නාස් පුඩුවල ගහල ඉතිරි පහ පත්තුකරල කටෙි තියලා අදින්න දෙන මිහිරි ආතල් එකක්. ඊට පස්සෙ අලුටික කොලේකට එකතුකරල දියකරල පෝනව. එතකොට හරි සනීපෙට මත්වෙලා මත්වෙලා වමනෙ ගිහින් දවස් දෙකතුනක් යනකං සිගරට් බොනව තියා හිතන්නවත් බෑ. මතක්වෙන කොටත් වමනෙ යනව. මං ඊට කලිනුත් එක දවසක් ඔිකට මාට්ටුවෙලා ඔය සැපම අරං වෙඩි තියාගන්න හිතිල තිබුනෙ. එදත් ඔිකම වෙයි කියල මං සිගරට් ගේන්න යන විදියට ගිහින් රිංගුවෙ රේඩියෝ රූම් එකට. විනාඩි පහයි දුන්නෙ සිගරට් ටික අරන් එන්න.
ඒත් පැයක් යද්දිත් මං නැති නිසා හැමතැනම හොයල කට්ටියම. අන්තිමෙි හොයල හොයල නැතිතැන හේරත්  ( පලවෙනි බැජ් එකේම ) රෙඩියෝ රූම් එකට හොයන්න එද්දි  මං රේඩියෝ රූම් එකේ කෝපල් සජිත්වීරගෙ ඇඳේ හොඳ සැපට නිදි.
එතනින් එයා කන් පිරෙන්න අහගෙන ගිහින් කෝපල්ට සීන් එක කියල. එතනින් ඒ පනිෂ්මන්ට් එක ඉවරවුනා. හේතුව කෝපල් සජිත්වීරට මෙයාලා බයයි. අපි බයනෑ.

පස්සෙ මං කිව්වා අනේ කෝපල් නැතිවුන කට්ටියගෙ නම් ටික කින්නිඅඩි වලින් ගන්නකො ගන්නකො කියල. එයත් ඇහුවා විස්තරේ. ආරියසේනට කිසිකරදරයක් වෙලා තිබුන් නැතත් හතරදෙනෙක් නැතිවෙලා එක්කෙනෙක් තුවාලයි කියල කිව්වා. එකම දවසෙ හමුවෙලා කතාබස් කරල සමු අරන් පැයක් යන්නත් කලින් සාජන් මෙිජර් වීරකෝන් නන්නාඳුනන පලාතක මහපාරක ජීවිතයටත් සමුදීලා. ඒ තමා සොල්දාදුවාගේ ජීවිතයේ හැටි.

මගේ හිත ටිකක් හරි ගියත් ගොඩක් දුක හිතුනා. ඒත් අපිට කරන්න දෙයක් නෑ.
ඔහොම දින කීපයක් යනකොට තමා මෙි කතාව වුනේ.
හැම කඳවුරකින්ම රෑට යනව සවන්දීමෙි මුර. මෙදින කින්නිඅඩි වලින් ටිකක් වැඩිපුර පිරිසක් එලියට යවල තිබුනා. හේතුව කලින් කිව්වනේ. මෙි අමාවක දවසක්. අපි ඉස්සර හඳේ කලාව හොඳට බලනව. හඳ හොඳට පායන කොට කොටිගහන්නෑ. ගැහුවොත් ගහන්නෙ හඳ නැගීගෙන එනකොට,නැත්තං හඳ බැහැගෙන යනකොට. අමාවක කියන දවස සතපහකට ෂුවර් නෑ.

මෙදිනත් ඒ සතපහකට ෂුවර් නැති දවසක්.

එදා කලපුව කිට්ටුවට ගිය සවන්දීමෙි මුරයට(LP)  වෙනසක් තේරිලා තියෙනව. කලපුවෙ තත්වය,භූමිය සහ බල්ලො බුරන, හරක් කෑ ගහන හඬ වෙනස්. හිතටත් ආවෙ අමුතු හැඟීම් කියල පස්සෙ කෙනෙක් කිව්වා. භූමියේ වෙනස මෙයාල ඔීසීට සෙට් එකේ කිව්වට පස්සෙ හොඳට බලාගෙන ඉන්න කියල. ඊට කලින් මෙි හැමදේකටම ඔිසී කලින්ම ලෑස්ති වෙලා ඉඳල තියෙන්නෙ.
කොහොමහරි පාන්දර දොලහයි තිහ වෙද්දි පලවෙනි වෙනස තේරුනාට පස්සෙ ආයෙ සෙට් එකේ කියල. එයාලගෙ දෙවෙනි සැලසුම අනුව ඒ එල්පී එකයි තව වැදගත් එල්පී එකකුයි ඇරෙන්න එලියෙ හිටපු අනිත් කට්ටිය ඇතුලට අරන් මුලු කඳවුරම ස්ටෑන්ඩ්බයි කරල. හවස ඉඳන්ම ජෙනිය ඔිෆ් කරල තිබිල තියෙන්නෙ.අපි  අපේ රේඩියෝ යන්ත්‍රවලින් පොඩි උපක්‍රමයක් අනුගමනය කරනව ආවෙිනික රහස් දැනගන්න. ඒ ක්‍රමය මගින් අදාල අදාල තැන්වලින්  අනිත් කඳවුරුත් දැනුවත් කරනව. අපිටත් ඒ පණිවිඩෙි ඇවිත් අපේ කඳවුරත් මුලුමනින්ම ඇහැරල  ස්ටෑන්ඩ්බයි හිටියෙ. අපේ අල්ලපු බංකරේ සෙක්ටර් කමාන්ඩ(ර්) ගාව පීආර්සී 4700 වර්ගයේ සෙට් එකක් තියෙනව. අපිත් සැරෙන් සැරේ ඒ බංකරේට ගිහින් රහස් චැනල් එක දාගෙන විස්තර අහගෙන ඉඳල එනව. ඒක හරියට මැච් එකක් අහනව වගෙ සීන් එකක්.

තව පැයක් යනකොට බඩු ඇවිත් බඩ ගගා. මෙයාලා ඒකත් කිව්වම ඊලඟ පියවර අනුව ඔක්කොම  එල්පී ටික ඇතුලට අරං. පාන්දර එකයි පනහට කඳවුරට පහර දෙන්න පටන් ගන්නකොට තමා බඩු බනිස් වෙලා තියෙන්නෙ. සම්පූර්ණ ජෙනි කරන්ට් එක කම්බි වැටටයි වැටෙි තිබ්බ ලයිට් වලටයි. (මෙික මට කිව්වෙ ජෙනරල් ජානක පෙරේරා සර්ගෙ වැලිඔය ක්‍රියාන්විත සැලැස්ම විදියටම ක්‍රියාත්මක කරපු එකක් කියල.) මුන්දැලව ලඟටම අරගෙන ලයිට් එලිය දාගෙන තමා පහර දීල තියෙන්නෙ. ⁣තිස් ගානක් හිටපු තැනට තුන් සීයක් විතර ඇවිත් තියෙන්නෙ කඳවුර අත්පත් කරගන්න. ඒත් පැය දෙකක පමණ මුහුනට මුහුන කල දරුණු සටනකින් අනතුරුවත් උන් හිතපු එක දෙයක්වත් කරගන්න බැරුව එකාපිට එකා මැරිල වැටිල.

අපි කිරාන් ඉඳල බලාගෙන අහගෙන හිටියෙ සීන් එක. බලාගෙන කිව්වෙ පැරා එලිය. එක දිගටම නොනවත්වාම යන ෆයර් එකක්. ඒ අස්සේ "දෝහ්-දෝහ්" ගගා වැටෙන ආටි මොටාර් සද්දෙ. ආයෙ "ගීඩීරියාංංංං" ගාල පුපුරන ආර්පිජී සහ ටොම්බා (40MM ග්‍රෙනේඩ් ලෝන්චර්) සද්දෙ. පට පට සද්දෙන් පුපුරණ වෙඩි මාලාවෙ සද්දෙත් එක්ක ඔව්ව කලවම් උනාම දැනෙන ආතල් එක පුදුමාකාරයි. අනික ට්‍රෙිසර් උන්ඩ. ඒවා මල්වෙඩි සංදර්ශනයක් කරන්නා වගේ සීසී කඩ ඉලක්කයන් හොයාගෙන යද්දි දැනෙන හැඟීම මෙහෙම වචනවලින් විස්තර කරන්න කවදාවත්ම බැහැ. ඒවා ඊට දකුණෙන් හිටපු අපේ ඔලු උඩිනුත් "සිංග්-සිංග්" ගාල පියාඹා යද්දි අපි ඇවිස්සෙන්නෙ හරියට අවුරුද්දකින් කිසිම ආහාරයක් නුදුටු පතාක සිංහයො වගේ.

ඔහොම ෆයර් එකක් යනකොට  සෙබළුවුනු අපිට අමුතුම තාලේ ත්‍රිල් එකක් ඒ වෙලාවට දැනෙන්නෙ.  අපිත් තත්පරෙන් තත්පරේට වාලච්චෙනෙන් පිකප් වෙලා කින්නිඅඩි මහ පොලවෙ වැදිල  බ්ලාස්ට් වෙන ආටිවලට බයේ ඔලුවෙ අත්දෙක තියාගෙන ආරස්සා වෙලා හිටියෙ. කියන්න බෑනෙ. ආටිනේ. විනාඩි පහෙන් දහයෙන් රෝසපාට එලිය විහිදුවන පැරා ආලෝකයත් එක්ක අපේ කඳවුරත් එලිය වැටිල තිබුනේ. කින්නිඅඩි සහ කිරාන් කියන්නෙ ගුවන් සැතපුම් දෙකක්වත් දුරනැති ලඟ ලඟම කඳවුරු දෙක.

අපි කිරාන් ඉඳගෙන පලවෙනි උන්ඩයේ ඉඳන් සද්දෙ අහගෙන. ලඟ කඳවුරකට පහර දීමක් වෙනකොට අහල පහල ගං හතේම කඳවුරු ස්ටෑන්ඩ්බයි වෙනව. අපිත් දෑස් දල්ලගෙන හිටියේ මෙි සටනේ ෆීඩ් බෑක් එක දැනගන්න  සහ ඒ සමගාමීව අපිටත් කොකං පාන්න අරුන්දැගෙ ටීම් එකක් එයි වද්දෝ කියල බලාගෙන. අපි ඒ දවස්වල ඇත්තටම යුධ ඇම්මෙන් හිටියෙ. ඒ ඇම්ම තාම ඉවරවෙලා නෑ. ඒක ලේවලටත් ඇටමිදුලුවලටත්  ජීර්ණය වෙලා දැං.

අපේම පලවෙනි උන්ඩයෙන් ඇවිලුනු සටන එක පොකුරට ආටි මෝටාර් ආර්පීජී ටොම්බා පිකප්වෙන සහ බ්ලාස්ට් වෙන සද්දෙත් එක්ක  මැෂින් ගන් පොකුරක්, ටීපනස්හය තුන්සිය පනහක් හාරසීයක් නොනවත්වා එක දිගටම පැය භාගයක්, පැයක්, දෙකක්, පතුරවන සද්දෙත් ට්‍රෙිසර් උන්ඩ(රාත්‍රි කාලයේ ඉලක්ක පෙන්වන සහ ගිනිතැබීමට උපකාරිවන එලිය විහිදුවන උණ්ඩ වර්ගයක්,මෙිවා දීප්තිමත් කොලපාට සහ රෝසපාටින් එලිය විහිදුවනව) ගමන් කරනවා දැකීමත් එක්ක අපේ කන් අස්සෙ නින්නාදයත් ඇස් අස්සෙ දර්ශනය වීමටත්  පටන් ගත්තම අපිට එකතැන ඉන්න බැරි "කහන"  ගතියක් තිබුනත් පුදුම අමාරුවකින් ඒක ඉවසගෙන හිටියේ.

පාන්දර හතරහමාර විතර වෙනකොට අන්තිම වෙඩිල්ලත් පත්තුවෙලා විනාඩි කිහිපයක් ගතවෙලා ගිහින් තිබුනා. ඊටත් ටිකකට පස්සෙ  පොයින්ට් එකේ හිටපු ලා/කෝ ජයරත්න රේඩියෝ රූම් එකේ ඉඳල ඇස් දෙකත් ලොකු කරගෙන නැවත පොයින්ට් එකට ආව.  ඇවිත් කිව්වදේ අපේ සහ විශේෂයෙන් මගේ පපු පතුලටම වැදිච්චි දෙයක්.
*මල්ලි හොඳින් බං. මල්ලි විතරක් නෙමෙි ඔක්කොම. කිසි අවුලක් වෙලා නෑ.අඩෝ..කියල කිව්⁣ව සතුට අදත් ඇස්වලට කඳුලක් එකතු කරන මතකයක්.

කෝපල් ජයරත්නගෙ මල්ලි අපේ බැච් එකේ සාසෙ ජයරත්න. ඒ එක්කුසේපන් අයියයි මල්ලියි. මෙයා සටන පටන් ගද්දිමයි රේඩියෝ රූම් එකට පන එපා කියල දිව්වෙ. ඒ මල්ලි කින්නිඅඩි හිටපු නිසා. මට සුගන්දිනීගෙ ලව් එකට බොක්කෙන්ම උදව්කලේ අයියා ජයරත්න. ජයා කොතනද මම එතන.

ඔයාලා මෙිවා චිත්තරපටි වලින් දැකල ඇති. නමුත් අපි ඒ වගේ දේවල් සජීවීව දැක්කා. ඒ වගේම අත්වින්දා. එකකුස උපන් සහෝදරයන් දෙදෙනෙකුගෙන් බාලය ජීවිතයත් මරණයත් අතර දරුණු ත්‍රස්ථවාදි සටනකට මැදි වෙලා ඉද්දි අල්ලපු කඳවුරේ ඉන්න අයියා කෙනෙක්ගේ හදවත සහ හිත මොන තත්වෙකට පත්වෙලා තියෙන්න ඇද්ද. ඒ හිතට "මගේ මල්ලි දෙයියනේ,මගේ මල්ලි දෙයියනේ" කියල කියවෙන්න ඇති ලක්ෂ වාරයක්නං.

එදා එලිවෙනකං  අපිත් එක්ක ඒ දෙන්නගෙ අතීතය ගැන කියව කියව ඉද්දි අපි ඒ හැම වචනයක්ම අහගෙන හිටියෙ පුදුම දුකකින්. මල්ලි පොඩි කාලෙ රන්ඩු වෙච්චි හැටි සෙල්ලං කරපු හැටි ඉස්කෝලෙ ගියපු හැටි පවා අපිට කිව්වා. හමුදාවට බැඳෙන්න ඔින කිව්වම මල්ලි⁣ට එපා කියන්න ගිහින් රන්ඩු වුන එකකුත් කිව්වා. හැබැයි ඒ සටනෙන් පස්සෙ මල්ලිගෙ කඳවුර වෙනස් කරන්න අණදෙන නිළධාරි තුමා වහාම කටයුතු කලා. ඒ මල්ලිව වැඩි අනතුරක් නැති කඳවුරකට යවල. නමුත් අයිය කිරාන්මයි.

මෙි සටනේ ෆීඩ් බෑක් එක උන්ගෙ පනස් නම දෙනෙක් පරලොව යවල දාසයක් තුවාල සහ මෙි සටනට අණදුන්නු පලවෙනියා දෙවෙ⁣නියා දෙන්නම සෙත්තපොච්චි වෙලා. අපේ එක්කෙනෙක් විතරක් සුළුතුවාල ලබල ලයින් එක කඩාගෙන කඳවුර ඇතුලට පනින්න හදපු රෑනකට ඩිෆෙන්ස් එක(ආරක්ෂිත පස් කණ්ඩිය) උඩටම නැගල වෙඩි තියන්න ගිහින්. එතන කෙල්ලොත් මැරිල හිටිය කියල පස්සෙ අපි දැනගත්තා. කරුණා කියන්නෙ බයගුල්ලෙක්. ඒක එදත් කිව්වා.අදත් කියනව. එදා කින්නිඅඩි වලට ගැහුවෙත් වෙන නායකයො දෙන්නෙක්. මෙයා පිටි පස්සෙ සහාය නලුවෙක්.

ඒත් එක්කම ඔය තුන්හාරදාහක් හමුදාවෙ සෙබළු මැරුවාය කියන පුද්ගලයා නැගෙනහිරෙන් කෙලෝගත්තු පලවෙනි සටන. මෙි ප්‍රහාරය අසමත් වෙච්චි එකට ප්‍රභාකරන් මෙයාට සෑහෙන්න සැප දීල තිබුන කියල බුද්ධි අංශයෙන් සනාථ කරගෙන තිබුනා. වෙන ලීඩර් කෙනෙක් නැගෙනහිරට පත්කරල එවන්න තරම්  ඒ කේස් එක දුරදිග ගිහින් තිබුනා. කරුණා කියල තිබුනා නිල් පාට ලෙන්යාර්ඩ් එක දානවුන්ගෙන් තමා බෙිරෙන්නම බැරි කියල. ඒ කිව්වෙ අපේ රෙජිමෙින්තුව.

මොකද මෙහෙම අසාර්ථක සටනකට අණදුන්නු කරුණා පහුවදාම යාපනයට කැඳවලා තියෙනව කියල සෙට්වලින් මොනිටර් වෙලා. ඒ බුද්දි තොරතුරු අනිවාරයෙන්ම සෑම කඳවුරකටම  එනවා. ඒ සෑම සෙබලෙක්ටම එල්ටීටීඊ ක්‍රියාකාරකම් පිලිබඳ  වත්මන් තත්ත්වයන් ගැන දැනුම් දෙන්න.

ඊට  දින කිහිපයකට කට පස්සෙ ඒ සටනින් අලාභහානිවුනු බංකර් නැවත සකස් කිරීමෙි වැඩවල යෙදී සිටියදී මගේ ආදරණීය බැජී ආරියසේන තවත් එල්ටීටීඊ ත්‍රස්තවාදියෙකුගේ ස්නයිපර් ප්‍රහාරයකින් සදහටම අපෙන් සමුගත්තා. විසි දෙකක් ඒ ඒකකයට ගියපු බැචාලා අතරින් අන්තිමට පැන්ෂන් ආවෙ හතර දෙනයි. එකෙක් මම.

Jayantha bandara

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.07.11

Thursday, July 9, 2020

ජනාධිපති සිහිනය



මහජන මනාපය ගෙන රට කර               වන්න
සැමටම රටෙි සමතැන දී වැජ                ඹෙන්න
දිනකට දෙවෙිලක්වත් හරි හැටි              කන්න
අවසර ලදිමි දියවන්නාවට                        එන්න

ගිනිකොන ආසියාවෙහි හිත් තුළ          වෙළුන
පුබුදා කඩිනමින් නෙළුමක් වැනි             කුළුන
බටපොල ඇන්ටනාවක් හයිකර            තැළුන
කාටුන් බලන්නෙමි ආසාවෙන්               පෙළුන

ලොව අන් ජාතියන් හට වන්නට           ගොදුර
කලියෙන් තරුණ අය කැඳවා ගෙන          නුදුර
බිහිකල යුතු හෙයින් හෙළ පඬිවරු          විදුර
පෙර පාසලක් කරනෙමි අරලිය                මැදුර

කළු ගල් පිරුණු මාගම් තොට රටට         පොදූ
උසුලන බරක් මිස මොනයම් සැපද            හැදූ
මහජනයාගෙ හිත ගත සුව පිණිස              හුදූ
පිහිණුම් තටාකයකට දිය යුතුය                   බදූ

යටකල මුදලවත් ගන්නට විටින්                 විට
එන යානයක් නැත ඒකත් බරක්                 මට
ලද පාඩුවක් මය මත්තල ගුවන්              තොට
ගබඩාවකට වත් විකිණිය යුතුයි             හෙට

වැසි දිය නැතුව ගොවිතැන් වැළකුණා    යලේ
මහ ගැටළුවකි ඒකයි කල්පනා               කලේ
මහවැලි වතුර පුරවන්නට දමා              කැලේ
විකුණමි තෙල් බැරල් ටික තිරිකුණා       මලේ

සඟ වෙද ගුරු ද ගොවි කම්කරු බල     වෙිගේ
අරගෙන සමානව සැමගෙන් සහ         යෝගේ
නිසි කල් බලා සකසාගෙන ගහ            යෝගේ
ජනපති විය යුතුය නැවතත් වෙඩි           වාගේ

ලැබදුන් මනාපෙහි උපරිම ගුණය              රැකූ
මම නායකයි තුන් හෙළයට ලොකුම      ලොකූ
ජනපති සිහිනයේ කෙඳිරිය සවන              වැකූ
ගෙඩි එනතුරුම තව අනිනව  බිරිඳ        ටොකූ

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.07.09

Wednesday, July 8, 2020

කිව්එම්ගේ කනේ පහර

මෙිකත් මඩකලපුවෙ. මම අවුරුදු දොලහක් නැගෙන හිර රාජකාරි කලා. ඒකෙනුත් මඩකලපුව වාලච්චෙින අවුරුදු දහයක්. තානායම් කඳවුර කියන්නෙ ම⁣ගෙ ජීවිතේ වැදගත්ම සුවිශේෂිම කඳවුරක්.  ඒ නිසාම මගහැරුනු කතා බෝමයි. ඒවත් ඉතින් එකින් එක කියන්නංකෝ.

මෙි තානායම් කඳවුරේ ඉද්දි මට ගොඩක් ලොකුම අභියෝගයකට මුහුන දෙන්න වෙන්නෙ රසී කියන ගෑල්ලමය හංද. ඒ කොහොමහරි එවුන්දැව සෙට් කර ගන්න එක සහ එන කැපිලි වලින් බෙිරිලා ඉන්න එක. ඒ කතාත් මං කියල තියෙනවනෙ. මතකයි නේ.

 ඔය රසිනි කියන භාන්ඩෙ මට හෙනට ගනන් උස්සලයිනෙ හිටියෙ. මුල් දවස්වල තව කීප දෙනෙක්ම මෙි අයිටම් එකට කෙල හල හල පස්සෙන් ගියා.ඒක මමත් දන්නව. මෙිකිගෙ තියෙන ගෙම්බර් එක හංද උං අතෑරල දැම්ම. මා එක්කත් කියල තියෙනව.. "උඹ ඔය යන්නෙ මිදිවැලක් පස්සෙ..වෙන එකියට්ට බැහැපං" කියල. නමුත් මට අතාරින්න හිතුන්නෑ. ඒ ඇට්ටිමිබි මගේ මුලු හදවතම හොරා කාගෙන හිටියෙ. තල ඇටෙි පාට උනත් මහ අමුතු සිරියාවක්නෙ ඒ මූනෙ තිබුනෙ. ඒත් අන්තිමෙි මගේ යාලුවො කියපු එක ඇත්ත උනානෙ.

මෙයාල ඔක්කොම හවස පහට එනව කෑම අරං යන්න. මාත් නොවරදවාම ඒ ටයිම් එකට කුස්සිය පැත්තෙ කරක් ගහනව අයිටම් එක ඇහැට දාගන්න ඔින හිංද. ඒ ගියාම ඉන්නෙ බෙික⁣රියෙ.
කුමාරසිරි ඉතින් මං ගියාම පාං ගෙඩියක්, දවස් දෙක තුනක් පරන බනිස් ගෙඩි හතරක් පහක් එහෙම තිබුනොත් මෙිසෙ උඩින් ගෙනත් තියනව කාපිය කියල.මං අලුත් පාං ගෙඩිය කාල පරන බනිස්ටික රසිනිට අරං යනව. පරන බනිස් කන්න හොඳනෑ අගුනයි. ඒ හිංද.

වෙනදා වගෙ නෙමෙි එදා මං බෙිකරියට එද්දි  කුමාරසිරියා  කන්දෙක සාක්කුවෙ දාගෙන මූන එල්ලගෙන මහා අසරන ලීලාවකින් හෙන කල්පනාවක හිටියෙ. මාත් ඇහුව මොකෑ බං ගෑනිට පොතු කබර  හැදිල වගේ කල්පනා කරන්නෙ කියල.

*මාර සීන් එකනෙ බං. මට ඇබ්සන් ගහලනෙ. බලහංකො බං අනාගතේම පුල් අනාතයිනෙ..
*ඉතින් ඔික යවන්න එපා කියල කිව්වනෙ.
*කිව්වට යවලනෙ බං. දැං ඒක ක්ලියර් කරන්න චාජ් එකේ යන්න වෙනවලු.
*ටහුඩු. දැං මොකෑ කරන්නෙ. කිව් එම් දන්නවද.
*සර් තමා කිව්වෙ.

මෙයා ගිය පාර නිවාඩු ගිහින් ට්‍රෙිල් බයික් එකක් අරං. ඒක සෙට්වෙලා තියෙන්නෙ නිවාඩු ඉවර වෙන්නෙ හෙට කියල. මූට මෙික පදින්න තියෙන තන්හාව හිංද හේරත්වත්(මං සෙට් කරල දුන්න ආමි එක)දාගෙන දවස් දෙකක් රවුම් ගහල ගහල ඇතිවුනාම තමා කෑම්ප් එකට ඇවිත් තිබුනෙ. මෙිකා ඇවිත් කිව්වෙ එකක්.අරකි කිව්වෙ වෙන එකක්. කොහොම හරි අපේ ක්වාටර් මාස්ටර් අපේ කීමත් අහල මුගේ අහිංසක ආසාවටත් සලකල සානුකම්පිත හේතුන් මත නිවාඩු අනුමත කරල යැව්වත් ඒක පනාගොඩ යවල නෑ. කාටහරි බුලක් වැදිල.
දැං මෙයාට ඔෆීස් එකෙන් කියල ලිකිත ප්‍රකාශණයක් දෙන්න කියල චාජ් ෂීට් එක ගහන්න. ඒහෙම එකක් තමා හමුදාවෙ තියෙන්නෙ. අපි වැරැද්ද හරි නිවැරැද්ද හරි ප්‍රකාෂ කරල ඒකට හේතුව දක්වල  කොලේක ලියල දෙන්න ඔින. ඊට පස්සෙ තමා චාජ් ෂීට් හදන්නෙ.

*දැං උඹට මගෙන් මොකද්ද කෙරෙන්න ඔින. මං ඇහුවා
*දැන් කරන්න දෙයක් නෑ. මට පුලුවන්නං ලිඛිත ප්‍රකාශනයක් ලියා දියං.මගේ අකුරු කැතයි බං.
*දෙඤ්ඤං.  පාං ගෙඩියක් දියං.
මාත් අවශ්‍ය විස්තර ටිකත් අරං කුමාරසිරිය දුන්නු රස්නෙන්ම පාං ගෙඩියත් උන්ඩි කරල සාක්කුවෙ දාගෙන ආව බිලට් එකට. ඇවිත් ප්ලේන්ටියක් හෙම දාගෙන පාං ගෙඩියත් අරං පැත්තකින් ඉඳගෙන හිතින්ම ඩ්‍රාෆ්ට් එක දාගත්තා ලියන විදිය.

දැං මූට කොලේ ලියල දෙන්නත් එපෑ.තේ එකත් බීල ඔෆීස් එකටත් ගිහින් ඒ4 කොල දෙක තුනකුත් අරං මෙිසෙන් ඉඳගෙන දැන් මං ලියනව.

 ඉහත රෙජි අංකය නිළය හා නම සඳහන් මා 1996 වසරේ අහවල් මාසෙ අහවල් දින ශ්‍රීලංකා  යුධ හමුදා නිත්‍ය බළසේනාවට ආධුනික සෙබලෙකු වශයෙන් බැදී... කියල පටන් අරන් මූ කිව්ව ඒවත් ලස්සනට ගලපල දාල ලිවුවත්  අන්තිම ඡේදය මං නොහිතපුම අමුතුම විදියටකට ලියවුනා.

මං ඔික ලිව්වෙ ජෝක් එකටත් එක්ක. හරියටත් එකක් ලිව්වා. මූ මෙික බලල ඇවිස්සුනාම ඒකට කාඩ් එකකුත් ගහල වෙනම ආතල් එක්කුත් අරං හරියට ලියපු එක දෙනව කියල හිතාගෙන තමා
ඔික දුන්නෙ.

මාත් ඔික ලියල ටක් ගාල කුමාරසිරිට කෝල් එකක් අරං කිව්වා "කොලේ ලිව්වා ඇවිත් අරං පලයන්" කියල.
  මූත් අර මෝලියක්ද මංද අන අන ඉදල බක්කර ඇඳුම පිටින්ම  දුවගෙන ඇවිත් ප්‍රකාශනය කියවන්නෙත් නැතුවම අත්සනකුත් ගහල මුව නොසෑහෙන්න ස්තුතිත් කරල කොලෙත් රෝල් කරල අරං ගියා.මටත් හිනැස්සක් ගියා.
 ඒ යද්දි මගටත් ගිහින් ආයෙ හැරිල කිව්ව "මං රොටී වගයක් හැදුව,කනවනං වරෙන්" කියල.
මාත් ඒ සැනින්ම ගිහින් තඩි සයිස් රොටී දෙකකුත් අරං ඇවිත් බිලට් එකේ මෙිසෙ උඩින් තියල  ඔෆිස් එකේ චූටි වැඩකුත් කරා.
අපේ ඔෆීස්එක දෙපැත්තක් ටකරං වලින් තමා ආවරනය කරල තිබුනෙ. ඒකෙ තමා ක්වාටර් මාස්ටර් ඉන්නෙ. ඉස්සරහම තියෙන්නෙ හෙන පරන ටයර්  ගොඩක්.

ඔය ටයර් ටික හංදා මං කලපුවෙ ගිල්ලෝල මරන්නත් මෙි කඳවුරේ ප්‍රධාන මාන්ඩලික නිලධාරි 111 තුමා ප්ලෑන් එකක් ගහල තිබුනෙ4. මං හෙන අකමැතියි සත්තු මරනවට. එක දවසක් උදේ මං ඔෆීස් එක අතුගාන්න  යනකොට ඇහෙනව "කුරු කුරු" සද්දෙයක් මහ දරුණුවට. හරියට කනට සබ්බෙක් රිංගල වගෙ. හෙව්ව හෙව්ව ඒත් සද්දෙ එන දිහා හොයාගන්න බැරිඋනා.
පස්සෙ මිදුල අතුගානකොට තමා වැඩෙි මාට්ටුවුනේ. බලද්දි ගල් ඉබ්බො කිරි ඉබ්බො රෑනයි අර ටයර් ඇතුලේ.
ඔික කරන්න ඇත්තෙ අපේ දුමින්දයා.
මං අතුගාන එක පැත්තකින් තියල අරුන්දැලව ටික පෝර මල්ලක දාගෙන බැරි බැරි ගාතෙ උස්සං ගිහින් ආයෙ අතෑරිය කලපුවට. ඔය කලපුවෙ ඉන්නව මුං දාහක් විතර. කෙරෝලටම ගිහින් තමා අතෑරියෙ . එදා හවස දුමින්දයා...

*⁣යකෝ ඊයෙ රෑ එලිවෙනකං මැරීගෙන අල්ලපු ඉබ්බො ටික නෑනෙ බං.
*මොකක්?? ඉබ්බො නෑහ්??? ඒ සුසන්ත බංඩාර.
*ඔව්. ඉබ්බො ටික නෑ.
*දැං මොකද කරන්නෙ.
මටත් ඔය කතාව සුලඟේ ගසාගෙන ඇවිත් "ආං ඉබ්බොටික හොයනව" කියල කනේ වදිනව වගේ දැනිල  හිමින් සැරේ ඒ දෙබස්වලට රබර් කන දාගෙන කිට්ටු කලා.
*ඇත්ත කියාං,උඹ නේද ඉබ්බො ගල් කලේ.
*ඔව්. තොපිට කන්න ඔන්නං මස් දෙන්නෙ මෙස් එකේ. ඒව කාපියව්,ඉබ්බො කන්නැතුව. අඩු කුලේ පර හැත්ත. මට මල පැන්නා.
*යකෝ ඒ G111 ගෙ ඉබ්බො ටික. හම්බෙයි උඹට.
*මට මොකෑ. කියහං මං කලපුවට ගිහින් දැම්ම කියල.
කොහොම හරි මෙි සීන් එක දුරදිග ගිහින් මට ඇමතුමක්..
*G111, තමුන් දැන්ම ඇවිත් මාව හම්බෙනව.මෙි දැන්ම.
මාත් ගියා. ගිහින් හම්බුනා.
*ඈ ඔියි,... තමුසෙ ඇයි අරුං ටික ආපහු කලපුවට දැම්මෙ.
*පව් සර්.සත්තු ටික.
*ඒ පවෙන් පිනෙන් මට වැඩක් නෑ.හවස හතර වෙනකොට ඒ හිටපු ගානම ආපහු අල්ලල ⁣හිටපු තැනින්ම ගෙනත් තියනව.තේරුනානෙ. හ්ම් දැං යනව.
*සර්.
*ඇයි.
* මංනං ඉබ්බො අල්ලන්නෑ සර්.
*ඇයි තමුන්ට නිලධාරියෙක් කියන දෙයක් කරන්න බෑද?
*පුලුවන්. හමුදාවට ආවෙ ඒකටනෙ. ඒ වුනාට ඉබ්බො බෑ සර්.
*ඇයි තමුසෙ ඩෝං කෙයාර්ද?
මට හිනාවක් ගියා.
*මං ඉබ්බො අල්ලන්න හමුදාවට ආවෙ නෑ සර්. සමාවෙන්න. කරන දෙයක් මට කරන්න. මං ඉබ්බො අල්ලන්නෑ. අනික සර්ගෙ බඩු කියල දන්නවනං මං ඔවුන් ටික ගිහින් දාන්නෙත් නෑ. මං කිව්වා.
එතුමත් ෆන් එකටම බර කෙනෙක්. මං කලින් කතාවකත් ඒක කියල ඇති. හරිම හොඳයි. ඒත් අමුතුයි. ඒ දවස්වල තිරගතවුනු නැගෙනහිර කුසලාන පුට්බෝල් තරඟෙකට මින්නේරි ගිහින් ඉද්දි එතුමා මට එවපු බෝලයක්ට ඔලුව දාන්න ගිහින් ඒක නාහෙ වැදිල මාසයක් විතර මං මුක්කං වෙලත් හිටියා.
එතුම ටිකක් මංදිහා බලං ඉඳල...
*යනෝයි යන්න කියල අතකුත් අහසට දික්කරල කිව්වා. හැබැයි එදා ඉඳන් ආයෙ කවදාවත් කව්රුවත් ඉබ්බො ඇල්ලුවද. නෑ. ඇල්ලුවා.ඒ මට අහු නොවෙන්න. G111ත් කිව්වලු "අරූට අහුනොවෙන්න තැනකින් ගෙනත් තියපියව්" කියල. මට තියෙන බයකට නෙමෙි. ආයෙ මට අහුවෙලා ගිහින් දැම්මොත් ඉබිබො කලපුවට දැම්ම කියල කනපලන්නයැ.

කතාවට යමුකො. පහුවදාටත් එලිවුනා. උදේ අටයි තිහත් උනා. අපිත් ඔෆිස් එකේ. මෙි වෙද්දි මට මෙික මතකෙන් අයින් වෙලාම තිබුනෙ. ඒ වෙද්දි මං බර වැඩකට අතගහල හුස්මක් කටක් ගන්න නැතුව ලෙජර් වගයක් දිගෑරගෙන ඒව චෙක් කර කර හිටියෙ. ඒ ආන්ඩුවෙ ඔඩිට් එකක් ඇවිත් හිටිය හංද. එහෙං ඒ මදිවට වෙන එකෙකුට අංචියක් ඇදල ඒකත් ගැස්සිලා "දෙන්නං උඹට,දෙන්නං උඹට" කිය කිය එකේකා අතේ ඌ පනිවිඩ එවනව.  ඒකටත් මං චුට්ටක් ගැස්සිලා හිටියෙ.

ඔය අස්සෙ උදේ දහයට විතර මගේ කරුමෙ කියන්නෙ මූ මෙික පයිල් එකක් අස්සෙන් තියාගෙන ඇවිත් ක්වාටර් මාස්ටර්ට දීල. එයානෙ ඇබ්සන් මැසේජ් එක යැව්වෙ. අනික අංශභාර නිලධාරි මෙික ෆෝවර්ඩ් කරන්නත් එපෑ.
 සර්රුත් මෙික පයිල් එක අස්සෙන් අරන් කියවගෙන යද්දි  අන්තිම හරිය දැකල මලම පැනල පැනපු ගමන් මූගෙ මූනට අත දිගෑරල දෙකක්ම අතෑරල. මූට බැලන්ස් එක නැතිවෙච්චි පාර ඔෆීස් එකේ ටකරං දෙකකුත් ගලෝගෙන බඩු එලියෙ. අපි දඩ බඩ ගාල සද්දෙ මොකද්ද කියල බලන්න සර්ගෙ ඔෆිස් එකට දුවං එද්දි මං දැක්ක මූ වැලි ගස ගස නැගිටිනව. අනික් එවුන් ඒතනට දුවං යද්දි  සීන් එක දැක්ක මං  මගින්ම ආපහු හැරිල බිලට් එකට දිව්ව. දන්නෙම නැතුව වැඩෙි පත්තු වෙලා. ඉඳකින් පට්ටි ගොනා. මූ වගේ තව එකෙක් හිටියනං බය නැතුව අඳේට දෙන්න තිබ්බ කරත්ත බඳින්න.
ඒ පාර මං කෙලින්ම නැවතුනෙ බිලට් එකේ.
විනාඩි දහයෙන් බිලට් එකේ පෝන් එක.
*ට්රීං ට්ටීරීන්න්න්...ට්රීන් ට්ට්රීඊඊඊන්න්න්න්
* ගුඩු මෝනින් ක්‍යු බිලට් සර්..
*ආං උඹට දැන්මම ඇවිත් කිව් එම් හම්බෙන්ඩ කිව්වා. අඬු කඩනව කියලත් කිව්වා. සුසන්ත බන්ඩාරගෙන් පනිවිඩෙි.
*මල පැනලද බං ඉන්නෙ?? මං බයෙන් ඇහුව. කන්න වෙන සයිස් එකක් තියෙන්නෙ.
*මං දන්නෑ.උඹම ඇවිත් බලහං කියල පෝං එක තිබ්බ. ඒ අනිකා.
දැං ඉතින් උන්නත් එකයි මලත් එකයි.. ගියා කිව්එම් හම්බවෙන්න.
ඔෆීස් එක ගාවට යද්දි අපේ ස්ටාෆ් එක
*ආං පලයන් දෙන්ඩ බලාගෙන ඉන්නෙ.කෝකටත් ටිකක් දුරින් හිටාං... කියල අවවාදෙකුත් දුන්නා.
මාත් ඔව්ව එකින් එක අහගෙන ඒත් පපුව ඉස්සරහට දාල කිව් එම්ගේ ඔෆීස් එකේ දොර ගාවට ගිහින් හයියෙන් හෝල්ට් එකකුත් ගහල හරි ලස්සනට සෙබල ගතිය ඉස්මතු වෙන්ඩ ඉදිරිය කෙලින් බලාගෙන "ගුඩ් මෝනින් සර්"  කියල සැලියුට් එකකුත් ගහල කෝකටත් කියල මීටරේ පරතරය තියාගෙන එන හැම අබියෝගෙකටම මුහුන දෙන්න සූදානමින් පසෙකින් හිට ගත්තා.
*මෙම්මෙම්මෙම්මෙම්..මෙහෙ ව්ව්වව්වව්වව්වරෙන් වල් පප්පප්පප්පප්පරය අ...අ..අ..අඅබ්බගොබ්බය කක්කක්කක්කක්කාලකන්නියා හොහ්හොහ්හොහ්හොහ්..හෝතම්බුවා වව්වව්වව්වව්වව්..වල් මොනරා සුස්සුස්සුස්සුදු පප්පප්පප්පරෙවියා මුහුදු අස්සයා කැක්කැක්කැක්කැත සස්සස්සස්..සමනලයා කියල නං වගයක් කියාගෙන කියාගෙන ගිහින් ආයෙත්.. වරෙන් මෙි ලඟට වරෙන් වල් පරයා..කිව්වා. අපේ QM ගෙ හැටි එහෙම තමා. කැලේ ඉන්න සත්තු ඔක්කොගෙම නමි කියල බැන්නත්  කවදාවත් "සිංහයා" කියලනං බනින්නෙම නෑ.අහන්න ආසම නමත් ඒක.

මං කෝකටත් මීටරේ දුර තියාගෙන තමා ආයෙත් ලංවුනේ. කියන්න බෑනෙ..අර ලියුං හුලගෙ යනවට ති⁣යන බබා මෝටාර් එකක ටෙිල් එකකුත්  තියෙනව මෙිසෙ උඩ.
*ථොථ් ථොථ් ථෝථ් ථෝ:ධ භ්භ්භ්භ:ළ්ළෝ මෙිඛ ල්ල්ල්ල්ලිව්වෙ??
මං සද්ද නෑ.
*ඛ්ඛ්ඛ්ඛි්‍යපිය ථෝධ ල්ල්ල්ල්ලිව්වෙ???
*ඔව් සර්..
*අ..අ..අ..අ..අ..අයිසෙ ත්ත්ත්තමුසෙල මාව ජෝ:ක් එ..එ..එ..එ..එකකට ග්ග්ග්ග්ගත්තද?? ම්ම්ම්ම්..මෙි සස්ස්ස්ස්සාරි ගප්පියට මෙිම ම්ම්ම්ම්..මෙිව ලිල්ලිල්ලිල්ලියල දෙන්නෙ.
ඉතින් මටත්
"ම්ම්මොම්මොම්මොම් මොකද්ද ස්ස්සස්සස්සස්සසර්  කෙක්කෙක්කෙක් කේස් එ..එ..එ..එඑක"  කියල අහන්න හිතුනත් අහන්න ගියේ නෑ. මොකද එතන මිනීමැරුම් සීන් එකක් ගියොත් කියල බය හිතුනා.
*සර්..
*සස්සස්සස්සස්..සර් තමා අ..අ..අ..අඅයිසෙ.
(අඳෝමැයි අපේ සර්ට මෙි පුංචි දේකටත් හෙනට මල පැනල)
*සර් මං තමා ලිව්වෙ. මං ඩ්‍රාෆ්ට් එකක් විදියට ලිව්වෙ. කුමාරසිරි ඒක බලන්නැතුව  අරං ඇවිත් වෙන්නැති සර්..
කුමාර සිරිගෙ දකුනු කම්ඹුල රතුම රතු පාටයි. ඇස් දෙක ලේම ලේ පාටයි.
බයේ බෑ. තොල් දෙකත් උල්වෙලා. ඇස් කොනෙන් මං දිහා බලන්නෙ.
අපේ සර් හරි ඉක්මනට උනුවෙනව.
*ක්ක්කොක්කොක්කොක් කෝපල් ව්විව්විව්විව්විජේසිංහ.... සර් අපේ කෝපල් කෙනෙකුට කතාකලා.
*ක්ක්කිකකික්කික්..කියවනව ආආආආයිසෙ මෙික ක්ක්කක්කක්කක්කට්ටියටම ඇහෙන්ඩ. කියල ලියුම දුන්නා. දැං කට්ටියම වටවෙලා මෙතන.
කෝප්‍රල් විජේසිංහත් මෙික කියෙව්වා.අන්තිම හරිය කියවද්දි ඔක්කෝටම හිනාගියා. කිව්එම්ට ආයෙ මලපැන්නා.

තුමණි,
මා මෙි වැරැද්ද හිතාමතා නොකල බවටත්, සයිකලේ පැදීමට තරුණයෙකුගේ හදවතේ බුර බුරා නැගෙන්නාවු ආසාවටත් එසේ වූ බව කාරුනිකව දන්වා සිටිමි. තවද,  මින් ඉදිරියටත් හා මතු උපනූපන් ආත්මවලදිත් මෙිම වැරදි නොකරන බවට දිවුරා පොරොන්දු වෙමි. ආයෙ කවදාවත් බයිසිකලේ නොපදින බවටත් මෙයින් සපථ කරමි. මගේ සයිකලේ දිනේවා...
මා නවතිමි.  ඔබ තුමාටත්, ආර්කිව් සර්ටත් අනෙක් අයටත් ස්ස්සස්සස්සස්සම්මා ස්ස්සස්ස්සස්සස්.සම්බුදු සස්සස්සස්සරණයි. ජජ්ජජ්ජජ්ජය හා සතුට වෙව්වෙව්වෙව්වෙිවා...!!!
මීට හෙහහෙහ්හෙහ්හේරත්ගේ  ආදර,



සෙ/******* සාසෙ කුමාරසිරි කේඒපී.

පස්සෙ ඒ කියවන එකත් අහං හිටපු කිව්එම් සර්, "ත්ත්තොත්තොත්තොත්තොගෙ අප්පට" කියාගෙන දකුණු අතත් මිට මොලෝගෙන මං ලඟට පැන්නා. මං අර ගැලවිච්චි ටකරං අස්සෙන්ම එලියට පැනල ජීවිතේ රැක ගත්තා.

*මම්මම්මම්මං තමුසෙව විව්විව්විව්විස්වාස කලා නෙන්නෙන්නෙන්නෙමෙි තත්තත්තත්තමුසෙට ර්ර්ර්ර්රැවටුනා අයිසෙ. මම්මම්මම්මං හිතුවෙ තත්තත්තත්තමුසෙ හොහ්හොහ්හොහ්හොඳ එකෙක් කියල.  මම්මම්මම්මං මෙි අ..අ..අ..අ..අනික් හ්හ්හ්හ්හැම එකා ගැග්ගැග්ගැග්ගැනම  දන්නව ඒත් තත්තත්තත්තාම තත්තත්තත්තමුසෙ කව්ද කියල අදුර ගග්ගග්ගගග්ගන්ඩ බ්බ්බ්බ්බැරි උ..උ..උ..උනානෙ ඔියි. ආ..ආ..ආ..අම්මප...

මට ඒකටනං හිනා යන්න ආව. වැඩියෙන්ම ඒක කිව්ව විදියට. මං බිම බලාගත්තා. පස්සෙ අපි දෙන්නටම ඇතිවෙනකං  බැනල බැනල එලෝගත්තා. අනික්වුන් හයියෙන් හිනාවෙනව. ඒත් කමක් නෑ කියහල්ලකො..කුමාරසිරිය තරහවුනොත් පාං කාලත් ඉවරයි. මූ එලියට ඇවිත් මං ඉස්සරහට කොලේ දික් කරල ඒක ඉරල ඉරල උන්ඩි කරල කුනු කූඩෙට දාල ගියා ගියාමයි මං ආයෙ කුස්සිය පැත්තෙ ගියෙ හරියටම සතියකින්. පව් අසරණයා. අපි හිංදනෙ මෙිම වුනේ දෙයියනේ...


රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.07.08

බබා මෝටාරයක් තමා ඔය පැත්තකින් තියෙන්නෙ.