Tuesday, June 30, 2020

විරහවෙි පැතුම



අඳුරක ගිලෙන නුබ ගැබ තරු පිරිස           අරා
අහිමිව වසත් කාලය පිණි කඳුළු                පුරා
බටහිර අහසෙ හිරු වැලපේ මියෙන         තුරා
පුරහඳ නැගේ හන්තානෙන් ලොවට      හොරා

තඹරුන් සුපිපි විල දස දෙස සුවඳ           කෙරූ
බමරුන් සමග රැඟුමන් වෙති සිතැඟි       යුරූ
අමතක නොකල මැන ලෝකය තිබෙන   තුරූ
මම වෙමි එ විල විකසිත කල එකම         හිරූ

සත්සර බිඳුනු තාලය සවනට                 නාසත්
දැල්වුනු පහන් එළි මැද විය මද             හාසත්
නෙත් යුග ලබන්නට දී කඳුලැලි             පාසත්
ඉස්මතු කලෙමි නුඹ ඉදිරියෙ ගති       බෝසත්

මතු අත් භවක මා මිහිමව කුසේ               අරා
සමතිස් පෙරුම් බලයෙන් පින හිසේ          දරා
විවරණ ලබා පව අව්ඳුව ලෙසේ                 ඉරා
බුදු වෙන භවෙි වෙනු මැන මගෙ යශෝ     දරා

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.06.30


Sunday, June 28, 2020

කල්ලඩි බෙිබදු අංකල්

මෙික වෙන්නෙ කල්ලඩි කඳවුරේදී. 2005 අවුරුද්දෙ. මෙි කඳවුරේ රාජකාරි ටිකක් අමාරුයි. එක පා මුර සංචාරයක්ම දවසකට කිලෝමීටර් දොලහක් යනව.ඒ ඇවිදල ඇවිදල පස්න ගොඩගැහිල තිබුන කාලයක්. දනිස් ජොයින්ට් වල  වල පොට ගිහින්, තුනටියෙ ඇණ කැඩිල පපුවෙ ඇණ බුරුල්වෙලා, මොලේ කරප්පං හැදිල, මතකය අලංපාත්තු වෙලා තිබුනෙ.

මෙි කඳවුරේ අපි විශේෂ රාජකාරියක් කරනව. ඒ තමා දුම්රියට ආරක්ෂාව සැපයීම. එල්ටීටීඊ එකෙන් මඩකලපුව පොලොන්නරුව කෝච්චිය බ්ලාස්ට් කරල ඊලඟට සාමකාලෙ නැවත පටන්ගත්තම අපිට මඩකලපුව ඉඳල වැලිකන්ද දක්වා දුම්රියට ආරක්ෂාව සපයන්න පැවරිල තිබුනා. මෙි 2005.04.15 දින වෙච්චිදේ.

 අපි කල්ලඩි ඉඳල ස්ටේෂන් එකට එන්නෙ පයින්. හවස පහට මඩකලපුවෙන් පිටත්වෙන දුම්රියට වැලිකන්ද දක්වාත් පාන්දර තුනට වැලිකන්දට එන දුම්රිය අපි නැවත මඩකලපුව දක්වාත් අරන් එනව. ඒක මඩකලපුවට ආවම අපේ රාජකාරිය ඉවරයි. දවල්ට වෙන ටීම් එකක්.ඒක කරන්නෙ 4 ගැමුණු හේවා බළඇනියෙන්. අපි යද්දි රෑ කෑමත් අරන් යන්නෙ. මෙදත් අපි කෑම වතුර හෙම අරගෙන තුනහමාරට විතර ස්ටේෂන් එකට යන්න පිටත් වුනා. මෙි යද්දි ලස්සන සිංදු කියන නලලේ තිලක තියන කිරිල්ලියො එහෙම සයිකල් පැදගෙන පැදගෙන පේලියට එනව. අවුරුදුනෙ. අපිටනං මොන අවුරුදුද. ඒකත් අවුරුදු විසි දෙකටම තවත් එක දවසක් විතරයි වෙලා තිබුනෙ.

අපිත් ඉතින් කිරිල්ලියො දිහා ඇස්පිය නොහෙලා බල බල හිනාවෙවී සැලියුට් දම දමා ආව. එයාලත් හරී හොඳයි.ටික දෙනෙක් තමා හෙන ගණන්.

ඉතින් අපි හතරයි කාල විතර වෙද්දි ස්ටේෂන් එකට ආවා. ඒ එද්දි සිංහල ක්‍රමෙිට ඇඳගත්තු අවුරුදු හැට හැත්තෑවක් විතර පෙනුම තියෙන වයසක පුද්ගලයෙක් කනපැලෙන්න ගහල බිම වැටිල දොයි.
ඒක ඉස්සරහම ගියපු අපේ සැරයන් හේරත් දැකල කතාකරාම ඉංග්ලිස් ටෝකක් දීල කොර වෙන්න. සැරයනුත් දන්න ඉංග්‍රීසියෙන් කියල මෙතන ඉන්න එපා ගෙදර යන්න,නැත්තං පොලිසියට බාර දෙනව කියල. පොර "හා,පුලුහන් දෙයක් කරන්න" කියල. සැරයන් හේරත් කුකුල් කේන්ති කාරයෙක්. ඒත් මුකුත් කියල නෑ පෙර වාසනාවට. මට කැඳවීමක් ඉදිරියෙන්.
*ඒ.ආරා..බලපං මෙි මනුස්සය කව්ද කියල.උඹ ඉංගිරිස් දන්නවනෙ.
*අපොයි ඔව් සාජන්. මට ලියන්න කතාකරන්න කියවන්න විතරයි බැරි. අනික්ව ඔක්කොම හොඳට පුලුවන්.
*හා එහෙනං බලහන්කො කතා කරල.

ඉඳකින් මට එතන යන කෝච්චියකට බෙල්ල තියන්න උනා. කෝකටත් මෙහෙ ඉන්නෙ දෙමල හිංද මං දෙමලෙන් පටන් ගත්තා.
*හේයි මිස්ටර් කියල. මූ බීල බීල තව කඩපු නැති හැනපියර්  බෝතලේකුත් අයිනක හේත්තු කරල  තමා බුදි. ඒ මදිවට දොඩෝනව. බෙිබද්දෙක්නෙ කියල  හිතුනත් මනුස්සයෙක් හංද කතා කලා.
මං පොරට දෙමලෙන් කතා කරනකොට පොර මටත් ඉංගිරි⁣සියෙන් ටෝක් කලා. මාත් ඇරියෙ නෑ. සොල්දාදුවො කියල සෙකන් වෙන්න පුලුවන්ද පෙන්ස්.

*චෙක් සේප්ටි සිලෙක්ටර් ඔිපන්ද ටූ පූච් රිමූද මැගසින් පිලින් හියර් මිස්ටර්??
*වාට් අයිසේ..ස්පීකින්
*ස්පීකින් නෝ. ස්කීපින් ඇන් සයිඩ් ජම්ප් බිගින් ඉන්ද එකතැන ජම්පින්. ඒමින් බීතින් පයරින් පලෝ ත්රූ ඩවුන් ඔන්ද ප්ලැට් පෝං මිස්ටර්.
*වාට්..වාට්..
*මැගසින් පිලින් සයිට් සෙටින් ලෝඩින් ඉන්ද රේල් ස්ටෙිෂන්,වට්ද ඩවුන් පක් යූ??
අනේ මංද පොරට තේරෙන්නැද්ද දන්නෑ ඉංගිරිස්. මහලොකුවට කයියනං.
*අයිසේ මිස්ටර් අයි කාන්ට් අන්ඩස්ටැන් යුව පකින් ඉංග්ලිස්.
*ඔිකේ ඔිකේ. යු ස්පිකින් ඉංග්ලිස් ඇන් දිස් ප්ලැට් පෝම් ආ යුවර් මදර්. ඩවුන් ඉන්ද හැපි නිවු ඉය ද හැපි බර්ඩ් ඩෙි?? යූ නෝ අයි ගොයින් විත් යූ ඇන් කල්ලඩි පාලං ඔන්ද ඩවුන්ද සී... ආ.. ඩෝන් සෙල්ලං විත් මී..

මට ⁣ඉංගිරිසියෙන් ටෝක් කරපු පොරව මාත් කොහොම හරි කඩ්ඩෙන්ම කොර කෙරුව.
ආව මෙතන ලොක්ක සෙල්ලං දාන්ඩ.පස්සෙ මිනිහ කියනව
*මහත්තයො මෙි අහන්ඩලාකො. මට අවුරුදු හැට තුනක් වෙනව මෙි එන නොවැම්බරේට. මට බාසා එකොලහක් කතා කරන්න පුලුවන්. ඒත් අද තමා ඔහේ කතා කරපු ඉංගිරිස් ඇහුවෙ.?
*ආ ඒක වෙන්නැති මිස්ටර්. මොකද මං  කතා කරපු ඉංගිරිසි මාත් ඇහුවෙ අදම තමා. මොකද මෙි දපනෙ දාලා.

මං ඇහුව තමන් දෙමලද ලංසිද නැත්තං සිංහලද කියල. දෙමල කිව්වා. මාත් ඇහුව තමුන් දෙමලෙක් වෙලා තවත් දෙමලෙක් එක්ක පර ඉංගිරිසියක් කතා කරන්නෙ මොකද්ද තමුසෙගෙ තියෙන මහන්තත්තකම කියල. ඒකට පොරට කට උත්තර නැතිවෙලා ඉඳගත්තා. ඉඳගෙන බිත්තියට හේත්තු වෙලා කතා කරන්න පටන් ගත්තා.
*නී තමුලා?
*ආමාම්.
අන්න පටන් ගත්තා පොර මාත් එක්ක කයිය.
පොරට අවුරුදු හැට තුනයිලු කියල පටන්ගත්තෙ. ඊලඟට ඇදල ගත්තෙ හෙන දේශපාලනේ.ඒක ලප් තැනම ලොප් කලේ..
*යා යා..මිස්ටර් අයි ලයික් ටු පොලිටිකල් ඇන් මල්ටි කලර් දැටීස් ස්කයි ඔන්ද හෝල් ඇන් නව් නව් කමින් ට්‍රෙින් ඔන්ද බෙඩ්. පීස් ස්ටෑන් ඇන් ගෝටු යුවර් හවුස් ඇන් වම්බටු කරවල පකින් පිෂ් කරි යූ ඊටින් මහින්ද රාජපක්ෂ පසිඩන් ඇන් ඉලෙක්ෂන්.  මාත් මහින්ද මහත්තය ගැන ඒ ඉංගිරිස් වලින් කියපු දේට පොරට දේසපාලනෙත් එපාවෙන්න ඇති. පව්.

පොර කියපු විස්තර අනුව පොර බැඳල නෑ.  ගෙවල් එහෙම තට්ටු දෙකට සුපිරියට හදලලු.කාර් එකකුත් තියෙනවලු. මාත් ඇහුව බැදලත් නැත්තං කාට දෙන්නද ගෙවල් කාර් හදල කියල.
පොර කියනව බැන්දෙ නැත්තෙ හැමදාම බීල බීල ආතල් එකේ ඉන්න ඔින නිසා කියල.   ඒක තමාලු පොර මෙි කරන්නෙ. මටත් කට උත්තර නෑනෙ.

මං නෝන්ඩියකුත් දැම්ම ඉතින්..
බොනව කියල හිඟන්නෙක් වගේ හැසිරිල වැඩක් තියේද හලෝ කියල.
ඒත් පොර කව්ද කියල තාම කිව්වෙ නෑ.මං ඇහුව පාරක්.ඒක කපල දාල තමා පොර මා එක්ක කතාකලේ. මං කිව්ව මං නුවරඑලියෙ කියල.
මගෙ විස්තර අහනව අහනව ඉවරයක් නෑ..අප්පේ ඉතින් ආරච්චිටනෙ පදිරි උනේ. මං අපේ තාත්තා වත්තක සුපිරින්ටන් කෙනෙක් කරල අම්ම විදුහල්පති කෙනෙක් කරල අයියා වාලච්චෙින පොලිසියෙ ඔිඅයිසීත් කරල මං කැප්ටන් කෙනෙක් කරගන නංගි කැනඩාත් යැව්වා.
*අයිසේ තවුසෙ කැප්ටන් නං තරු තියෙන්ඩෙපැයි. අතේ එක පටියයිනෙ තියෙන්නෙ.
*ආ..ඒ අංකල් මං චූටි වැරැද්දක් කරල මාට්ටු වෙලා ඒකටනෙ ඔය  එක පටියක් දුන්නෙ. ලොකු සර් තරු තුන ඉල්ල ගත්ත තාවකාලික එතකං පවුනෙ කියල. හෙට අනිද්දට තරු හතරක්ම හම්බෙයි.
*හෑබෑට. තමුසෙ ඒනං තරු තුනට හරියන්න වැරදි තුනක් කරල පටි තුනක්ම ඉල්ල ගන්නෙපැයි අයිසෙ.
*ඒක හරි. දැං දෙවෙනි වැරැද්ද වෙන්නනෙ යන්නෙ අංකල්.
*ඒ කොහොමද??
*පහට කෝච්චිය එන්න කලින් අංකල් මෙතනින් ගියේ නැත්තං මගෙන් ගුටි කනවනෙ. එතකොට වැරදි දෙකයි.පටි දෙකයි. ඒත් නොගියොත් වෙඩි තියනවනෙ. එතකොට අත පුරෝලම පටි ලැබෙයි.
*වාට්ටයිසේ. තමුසෙ මට වෙඩිත් තියනවද??
* දන්නැ ඉතින්. මෙිකෙන් රෝසමලක් පිට⁣වුනොත් පිපෙයි. පතුරමක් ගියොත් රිදෙයි. මාත් තුවක්කව අල්ලල පෙන්නල කිව්වා.
මූ හිටගත්තා බිත්තියත් අල්ලගෙන. ඇස් දෙකත් විසාල වෙලා කටත් බාගෙට ඇරිල.

එහෙම හිටගෙන  පොර කව්ද කියල මට කියන්න පටන් ගත්තා. ඉස්සෙල්ලම අයිඩෙන්ටිය දුන්නා. ඒකෙ පොටෝ එකත් එක්ක "ජාතික රූපවාහිනී සංස්ථාව" කියල ලියල තිබුනා. බැලින්නං යකෝ පොර ඒකේ භාෂා පරිවර්තකයෙක්නෙ. අපිට වැඩිය සිංහල පුලුවන්.බාෂා එකොලහක් කතාකරනවලු පොර. මාත් එක්ක ඒ චූටි වෙලාවට පට්ට පිට්වුනා. මාත් එක්ක හිටපු කට්ටිය මාව එතන තනියම දාල යන්න ගියා.  මං පස්සෙ ඇයි ගියෙ කියල ඇහුවම කිව්වෙ මං කියන ඒවට උන්ට හිනාගියොත් මගෙ ආත්ම ගවුරවෙි කෙලෙසෙන හිංදලු. ඇයි දෙයියනේ නයා අතටත් දීල බඩත් ගාවල ඇවිද්දෝලත් ඉගිල්ලෝනව. හතරවරං කෙලින කොට කාටද අහං ඉන්න පුලුවන්.
පොර මට කිව්ව ලොකු උදව්වක් කරන්න කියල. මොකද්ද ඇහුවම කාර් එකක් පෙන්නල පුලුවන්නං කව්රුහරි හොයා දෙන්නලු ගෙදර යන්න කාර් එක එලවං යන්න.පට්ට වංඩියක් ඈ.හිතන්නවත් බෑ.
මං තනතුරක් බැලුවෙ නෑ..ආත්මෙම නෝන්ඩිකලා පොරගෙ. වයසින් වැඩිවුනත් මටත් වඩා බාලයිනෙ කිව්වා.පොරට ලැජ්ජම වෙන්ඩ කිව්වා. ඊට පස්සෙ තමා කෙනෙක් හොයල දෙන්න කිව්වෙ ගෙදර යන්න.
මං කිව්ව ඉතින් මිස්ටර් ජාතික රෑපවාහිනියම වගේමනෙ ඔයත්.මෙලෝ රහක් නෑනෙ.කොටින්ම ජිල්බෝල හොද්දක්නෙ. ඔිකෙ ඔක්කොම ඔහොමද? කියල ඇහුවම පොර බැරි බැරි ගාතෙ අඩි දෙකතුනක් තියල ඉස්සරහට ගියා.. ආයෙ "දිහ්-ඩොග්" ගාල බිම.
මාත් ඉතින් පවුනෙ කියල සැරයන්ට කතා කරල ත්‍රීවිල් එකක් ගෙන්නල දීල ගෙදර යැව්වා මොනා උනත් ප්‍රානියෙක්නෙ කියල.
හැබැයි මට බෙිරෙන්න බැරිවුනා පොරගෙන්. අතන බිත්තිය අයිනෙ තිබ්බ හැනපියර් එක ගනින්ම කියල හෙන පොරේ. මං එපාම කිව්වා පෙන්ස්. ඔිව මහ කැත වැඩ. අනික පව්නෙ පොරට. රෑට බොන්න ගත්තු එකනෙ.

පස්සෙ පොරව ත්‍රීවිල් එකකටත් දාල පොර ගෙන්ම සල්ලිත් ඉල්ල ගන්න කියල  ගෙදරටත් යවල මං ආව.

පස්සෙ අපි රෑ කෝච්චියෙ යද්දි සාජන්ටත් උගුරක් දීල හැනපියර් එක හිස්කලා.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.06.28

Thursday, June 25, 2020

ආච්චිගේ කොළම

ඉස්සර අපේ  පුරුද්දක් තිබුනා නිවාඩු ගිහින් එද්දි කඳවුරේ ඉන්න අයට කන්න මොනව හරි රසවත් කෑමක් ගේන. ඒක චිරාත් කාලයක් හමුදාවෙ තිබ්බ සම්ප්‍රදායක්. හැබැයි ඉස්සර ඒකෙදි ප්‍රමුඛත්වය දුන්නෙ කඩෙන් සීයට එකසිය පනහට ගේන බිස්කට් කේක් හුචක්කු නෙමෙයි.
කැවුම්,අලුවා, හැලප, වැලිතලප ආදි අම්මගේ අතින්,ගෙදර  හැදෙන රසවත් කෑමක්.

මගෙත් හමුදා ජීවිතේ මුල් කාලෙ ඉඳලම ඔික පුරුද්දක් වෙලා තිබුනෙ. අම්මත් ආසාවෙන් මොනවාහරි කෑමක් හදල දෙනවමයි.  මං වැඩි පුරම අරන් එන්නෙ වැලිතලපයි හැලපයි. මොකද මාත් ඔය දෙකට පන ඇරල ගොඩක් ආසයි. පස්සෙ කාලෙකදි නම් මෙිවත් නූතන තාක්ෂණයට මුසුවෙලා ග්‍රෑම් පන්සීයෙ වෙිපස් පැකට් එක දක්වා පරිවර්ථනය වුනාට පස්සෙ මෙලෝ රහක් නැතුව ගියා. නමුත් මම කවදාවත් එහෙම කලේනෑ. වැලිතලප කෑලි පනහක් විතර ගෙනත් විසිපහක් විතර මට කෑමට තියාගෙන ඉතුරුව ඔක්කොම බෙදනව. හැලපත් ඔහොමයි. නමුත් ඒ කෑම පස්සෙ කන්න කියල තිබ්බට කවදාවත් කන්න බැරිවුනා. එක්කො කව්රු හරි උස්සනව,නැතිතං කූඹි මල්ලිලා ඔිවට වග කියනවා.

නමුත් මිනිහෙක්ගෙ කර්මය කියන එක කැරකෙන්නෙ හරි මෙව්ව එකක් විදියටනෙ. මං එහෙම කිව්වෙ අරුන්දැ අර අනුත්තරා එකී කරේ එල්ලගත්තනෙ.  ඊට පස්සෙ අපේ අම්මාත්  ඉතින් ඔිවගෙන් නිදහස් වෙන්නෝන කියල හිතල අලුත ගෙනා මනමාලි දැරිවිට මෙි සාම්පදායික සිරිත් විරිත් ගැන පොඩි දේශනයක් හෙම දීල තිබුනෙ. ඒත් මෙි වගෙ කෑම හදන්න  ඉගෙන ගන්න කිසි උනන්දුවක් තිබුන්නෑ. අපේ උන්දැත් වැඩිපුරම හැදුවෙ හැලප කියමුකො. ඒක ලේසිලු මෙවුන්දැට. මයෙ අප්පේ බලන්නෙපැයි ඒ හදන හැලප වල රස. හුරුල්ලො හොද්දකට මිරිසුයි ගොරකයි චුට්ටක් වැඩිකරල ඒදල ගත්තනං ලෝබ නැතුව හැලප විස්සකට විසිපහකටනං ලෝබ නැතුව වග කියතෑකි. සිරාවටම.

දැං ඔය පිංවතුන් බලනව ඇති "යකෝ, හැලප විසිපහක් කන්න ඔිකත් බඩක්ද?." කියල. නැත්තං මෙහෙම හිතනව ඇති. "සුවර් මුගේ බඩෙි මුඩුක්කු හිඟන්නෙක් ඇති" කියල. ඒ දෙකම නෙමෙයි මිත්‍රොර්ණි, ඒකි හදන එක හැලපයක් ඔන්නං මාරි කැටයක්   විතර ඇති. ඉතින් ඔිකෙන් විසිපහක් කන්න බැයිනං ඔික බඩද්ද.ආං ඒකයි.

ඉතින් මෙිකත් ඒ සම්බන්ද කතාවක්.

එක දවසක් මං නිවාඩු ඉවරවෙලා යන්නෙ හෙට කියල මෙවුන්දැයි මගේ මස්සිනාගෙ කේප්ප වැස්සියි  ඩබල ඉහිං කනින් දාඩිය දාගෙන හැලප හදනව. හදනව කිව්වට පැයක් විතර අනනව. පිටි දානව,වතුර දානව සීනි දානවා,ආයෙ වතුර වැඩිවුනා කියල පිටිදානව,පිටි දාපුවම පැනිරස මදිවෙයි කියල  සීනි දානව,ඔය දෙකම දාල සීනිත් දියවුනාම තෙත වැඩී කියල ආයෙ පිටි දානව. ආයෙත් මුල ඉඳන්ම අරකමයි. මං කීප වරක් කුස්සිය පැත්තෙ කරක් ගහල බැලුවෙ පැය ගානක් තිස්සෙ හැදිච්චි තැම්බිච්චි හැලපයක් තියෙනං දෙන්නගෙ ඇස් වහල එකක් උස්සන්න බලාගෙන. ඒත් හතරට අනන්න ගත්තු හැලප වඩිය හය වෙනකොටත් තාම අනනව. එකියෙකුට අමාරු වෙනකොට අනිකි පටන් ගන්නවා. ඒකිට අමාරු වෙනකොට ආයෙ අනිකි පටන් ගන්නවා.

මාත් බලං ඉඳල ඉඳල බැරිතැන කිව්ව දෙන්නට කකුල් දෙක හෝදගෙන ආවොත් ලේසියෙන් අනන හැටි කියල දෙන්නං කියල. මෙි ගොං බඳින කනු දෙකත් බාත්රුම් එකට ගිහින් පට පට ගාල කකුල් දෙක හෝදගෙන ආව. දැන් කන්නලව් කරනව කියපිය කියපිය කියල. මං කිව්වා දැන් තොපි දෙන්නම කොරහට බැහැල ඔික මැටි වගේ පාගපියව් කියල. හැබැයි ඒ පොල්කටු හැඳි පාර වැදුනෙ කෙලින්ම මස්සිනාගෙ ඔලුවට.
දැන් තවත් ටිකක් වෙලා යනකොට මං ඇහුව ඔිකට බිත්තරයක් දැම්මෙ නැද්ද කියල. අපේ එකීත් නෑ කිව්වා. මං කිව්වා යකෝ එහෙනං මොන හැලපද.මටනං එපා කියල. අපේ මස්සිනාගෙ කේප්ප වැස්සිටත් මෙි මුකුත්ම මීටර් නෑ. ඔහේ අනනව. නලලට දාන දාඩිය ටික දකුනු අතේ දබරැගිල්ලෙන් හූරල විසිකරල ආයෙ අනනව. කයි කියල තමා බය. මං කිව්වා
*මයෙ අම්මා,මට විතරක් හරි බිත්තරයක් දාල හදපං එකක් ඈ.
*හ්ම්. රසට එකක් හදල දෙනව ඉස්සරහට වෙලා හිටියොත්.
මාත් වැඩිය ගනන් ගත්තෙ නෑ. ඒත් බලන්න හිතොත්තුනි, මෙවුන්දල දෙන්න කතාවෙලා අර වඩියටම බිත්තර හතරක් කෙලලනෙ. මං පැයකට විතර පස්සෙ ආයෙ ගිහින් බලද්දි දීසියකින් එකයි බිත්තර කටු. දැං කාහල්ලකො හැලප.
අම්ම හිටපු නැති එකේ අසරනකමනෙ.
කොහොම හරි අපිට එදා හැලප කන්නත් බැරිවුනා, තනි තනියෙන් මටයි මස්සිනාටයි නිදාගන්නත් උනා. ලගට ගත්තෙම නෑනෙ.
ඒත් කමහ්නෑ කියමුකො. මෙච්චර සද්දාවෙන් බලාපොරොත්තු දල්ලගෙන හිටපු හැලප ටික කදවුරටත් අරන් යන්නත් බැරි වුනානෙ.

දැං මං කෑම්ප් එකට ගියා. ඒ යද්දි ඇති පහමාරට විතර. අපේ කෑම්ප් ⁣එකේ ඩියුටි රෝස්ටරේ ඩියුටියට නම වදින්න ගන්නෙ අපි ගෙදරින් පිටත් වෙන්නත් කලින්නෙ. එදත් මං මග එද්දිම ඩියුටි දාල තිබුනෙ.
ඒ ඇවිත් නාල කාල ඩියුටියටත් යන්න ලෑස්තිවෙලා අටට විතර කැරම් අතකුත් ගහලම යනව කියල හිතාගෙන කට්ටියත් එක්ක කතාවෙලා ඉඳගත්තා.
කව්රුත් දන්නවනෙ මං නිවාඩු ඉවර වෙලා එද්දි මොනාහරි කන්න ගේනව කියන්න. අපි කැරම් ගගහ ඉන්න අස්සෙ කෝපල් විජේපාල තව එකෙකුට කියල  රෑ නවයට විතර බොන්න කහට එකක් හදන්න කියල. එකෙක් හීටරේ ගහල කහට එක්කුත් වක්කරල අහක්වෙලා,

*ආරච්චි කෝ ගනින්කො බං ගෙනාපුව
*මොන ගෙනාපුවද?
*යකෝ නිවාඩු ගිහින් ගෙනාපුවා.
*ගෙනාව. මෙතන දිගාරින්ඩ බෑ. දෙපැත්තට වැනෙනව.  ඇනැප්පලයන් යන්න,මගුලක් ගේන්න ගිහින් මට වෙච්චි වැඩෙි දන්නෙ මමනෙ
*දැන් උඹ මුකුත් ගෙනාවෙම නැද්ද.
*ගෙනාව. ඒත් මගදි මාර සීන් එකක් උනානෙ බං බස්සෙකේදි.
*ඇයි මොකෝ උනේ. අමතකවුනාද. කවුරුහරි උස්සලාද. මගේ කැරම් ප්‍රතිවාදියෙක් ඇහුවා.
*ඒ එකක්වත් නෙමෙි බං. කියන්නත් ලැජ්ජ සීන් එකක් .
*ඒ මොකද්ද බං ඒ?? කිහාංකො බලන්ඩ.
දැන් කියන්න දෙයක් නැතුව දහඅතේ කල්පනා කලා. අරුන්දැලා හැලප හැදුවෙ බිත්තර දාල කියල කියන්නද. ඒත් මං මෙහෙම අසරන වෙන්න ඔින කොල්ලෙක් නෙමෙි. ගනදෙවි නුවණවල්ම පහල වෙලා මගෙ මොලෙත් මෙි වෙද්දි ඉරිතලල දාර ගෙවිල, නහර ගැට ගැහිල, ගැට ඇලවෙලා තිබුනෙ.

බොරු කියන්ඩෝන් නෑනෙ.ගණ දෙයියොත් මා එක්ක මෙි වෙද්දි ටිකක් ඇරියස් එකෙන් හිටියෙ. වැඩ ගන්නවා විතරලු, ඒකෙන් එයාට කිසි පතිපලයකුත් නෑලු කියල.
හැබැයි මෙි වෙද්දි මගේ මොලේ දකුනු පැත්තෙ සූටි දාරයක් හීනියට කෙඳිරි ගාගෙන නුවණක් මග එමින් හිටියෙ. ඒක පහල වෙච්චි ගමන් මාත් අතෑරල දැම්මා.

*නෑ,බං මෙි අහපල්ලකො.මං එද්දි හැලප පෙට්ටියක් අරං ආවෙ. ඒත් බස්සෙකේදි මාර සීන්නෙකක්නෙ උනේ කියහල්ලකො.
*ඒ මොකද්ද.
*අහපංකො මං ආපු බස්සෙකට හබරනින් වයසක ආච්චියෙක් නැග්ගානෙ. බස් එකෙත් හෙන ලෝඩ් එක.ඒ මදිවට මෙවුන්දැගෙ අතෙත් තඩි මලු දෙකක්.උඩට වත් නැග ගන්න බැරි තැන ආච්චි පුඩ් බෝඩ් එකේ හිටියෙ. ඒ තරං සෙනග.
*ඉතින්,
*ඉතින්,මෙයා කොහොම හරි බෝම අමාරුවෙන් අමාරුවෙන් බස්එකේ උඩට නැග්ගා කොහොම හරි. නැගල හිටගත්තා. කව්රුවත් සීට්එකක් දෙන පාටකුත් නෑ. මටත් ගොඩක් පව් කියල හිතුනා. වයසක මනුස්සයෙකුටවත් සීට් එකක් දෙන්නැති කුරිරු සමාජයක් බං මෙික.
*ඉතින් උඹ ඒ ආච්චිට හැලප පෙට්ටිය දුන්නා.පව් කියල. නැත්තං උඹ නැගිටල සීට්ටෙක දෙන්නෙපැයි..
*කට හුක්. මට පිස්සුද උඹලට ගේන එක එවුන්දැට දෙන්න. දෙයියංගෙ නාමෙන් අහගෙන හිටාංකො කියනකං.
*එහෙම දෙනවද බං.කෑම්ප් එකට ගේන හැලප එක.පිස්සුද උඹට. ඒ තව එකෙක් මට උදව් කරනවා.
*ඒ හැලප පෙට්ටියයි ආච්චියි අතර මොකද්ද තියෙන සම්බන්දෙ. කෝපල් විජේපාල ඇහුවා.
*ඒක කෝපල් සංසාරගත ආපදාවක්. කතාව කියන කොට තේරෙයි මොකෑ උනේ කියල. මං කිව්වා.
*ඉතින් ඉතින් කියාංකො සීන්නෙක.
*කොන්දා බස් එකේ මැද.ඒකත් යටිගිරියෙන් කෑ ගහනව "ටිකට් ගනියාවු,ටිකට් ගනියාවු" කියල.
මටත් එපා වෙලා තිබුනෙ.ගමෙි ඉඳන්ම හිටගෙන ආවෙත්.  ඒ අස්සෙ අර වයසක උන්දැ මට සීයක් දික්කරල කියනව පිටිපස්සෙම ඉඳන්  "පුතේ මටත් කදුරුවෙලට එකක් අරන් දියං" කියල වෙව්ව වෙව්ල. මොකද ආච්චි හිටියෙ මට එහාපැත්තෙන්.එයාට කොන්ද ගාවටවත් යන්න බෑ ටිකට්ටෙක ගන්ඩ.
මාත් පව්නෙ කියල හිතල ටිකට් එකක් අරං ඉතුරු පනහත් එක්ක දුන්නා. ආයෙ මෙි ගෑනි ටිකක් දුර ඇහිත් මගෙන් අහනව"ඉතුරු කෝ" කියල
*ඉතින් උඹ දුන්නනෙ.ආයෙ මොනාද ඉල්ලන්නෙ.
*ඒකනෙ බං කියන්නෙ.මහ කපටි ගෑනු බං.වයසට නෙමෙි වැඩ.
*ඉතින් ඉතින් කියහංකො ඉතුරු ටික. දැං මුං මගේ කතාවට වශීවෙලා. කැරම් නැවතිලා.
*ඊට පස්සෙ මචංලා මං ඇහුවා "ඇන්ටි,මං ඔයාට ටිකට් එකත් එක්ක ඉතුරු පනහ දුන්නනෙ. ආයෙ මොනාද ඉල්ලන්නෙ කියල. ඊට පස්සෙ මෙයා කියනව,ඒ මහත්තයා සීයකනෙ. මං දාහක්නෙ දුන්නෙ. තව නමසීයක් මදිනෙ මනුස්සයො කියල. මට මල පැන්න මචං.පොලෝතලේ තව්වක් විදගෙන ගිහින් එහාපැත්තෙන් මතුවෙන්ඩ හිතුන. ඒත් කරන්න දේකුත් නෑ. ලැජ්ජාවෙ බෑ ඊට එහා. මං කොච්චර කිව්වත් පැහැදිලි කලත් වැඩක් වුනේ නෑ.දුන්නෙ දාහක්ම කියනව. කොච්චර කිව්වත් පිලිගත්තෙම නෑ. මං ඒ සීය ගන්නකොට ලඟ එකෙක් බලාගෙනත් හිටියා. මං කිව්වා "මං ⁣කියන්නෙ බොරුනං මෙි මහත්තයගෙන් අහන්න" කියල. මගේ කරුමෙ කියන්නෙ ඌත් කිව්වනෙ දැක්කෙ නෑ.දාහක් වෙන්නැති දුන්නෙ කියල. මට නේද මචංලා මුංව මරාගෙන මැරෙන්න හිතුනා. හමුදාවෙ වත් හිටියනං මං හොඳ පාඩමක් උගන්නනව. ඒත් මං තනිවුනා එතන. කරගන්න දෙයක් ඇත්තටම නැතිවුනා.

*අම්මට සිරි බං,ඒ ආච්චිට බුදුබව ලැබෙන්ඩෝනෙ බං. එකෙක් කිව්වා.
*ඇයි උඹ එහෙම කියන්නෙ.මං උගෙන් ඇහුවා.
*නෑ. උඹෙි ගොං වැඩවලට අපි හැමදාම අහුවෙනවා. ඒත් ඒ ආච්චිට උඹ පදිරි උනානෙ. ඒ ඇති. හැලප කෑව වගේම තමා. ඉතින් කියහංකො.ඉතුරු ටික.
*කොහෙද ඉතින් තොපි කියන්න දෙන්නෑනෙ. ඊට පස්සෙ හෙන කේස් එකයි බස් එක ඇතුලෙ. ආමි එව්නුත් හිටිය.ලැජ්ජාවෙ බෑ බං. ඒ අස්සෙ තව  එකෙක් කියනව, මොනාද මහත්තයා,වැදගත් විදියට කකුල් දෙකටම ඇඳගෙන වාහනවලනං යනව. ඒත් අහිංසක මිනිස්සුන්ගෙ රුපියලටත් අරින්න තමා බලන්නෙ. ඔිව කැත වැඩ මහත්තයො.ගත්තනං දෙනව,ගත්තනං දෙනව කියල. කොච්චර කිව්වත් විස්සාස කරන්නෙම නෑ. දැන් හෙන ගිනිවිජ්ජුම්බරයයි බස්එකේ. පස්සෙ මං දන්නවනෙ මගේ ගාව තිබ්බ ගාන. ඊට පස්සෙ පර්ස් එකත් අතට අරන් දිගෑරල පෙන්නල කිව්වා.,තමුසෙලා දන්නැතුව කතාකරන්ඩෙපා,මං සන්තකේටම තියෙන්නෙ රුපියල් පන්සිය හැටයි. මං ආමි එකේ සොල්දාදුවෙක්. සෙබළු ඔය දහදුරා වැඩ කරන්නෑ ඔියි. අනික සෙබලෙක් තියෙන දෙයක් නැති එකෙකුට දෙනව මිසක්,නැති එකෙක්ගෙන් කඩාවඩාගන්නවදෝයි?? කියල. මට දැං කඳුලුත් වැටෙන් ඔන්න මෙන්න ලැජ්ජාවට.
*හොඳවැඩෙි. ඉතින් ඉතින්,
*දැං මචං කදුරුවෙලටත් කිට්ටුයි. මෙිකෙන් බෙිරෙන්නත් බැ.ලැජ්ජාව ඊට එහා.සැක්. කෑවයිං කෑවෙනෑ මෙිවගේ පරිප්පුවක් බං.

මං ඔික කියද්දි මුං මට නක්කලේටමයි හිනාවුනේ. මුං මට කොච්චර පදිරිවුනත් මං පදිරිවුනේ ආච්චි කෙනෙකුටලු. හොඳ වැඩෙිලු.
මංම ආයෙ කතාව පටන් ගත්තා.

*දැං මචංලා මං බහින්නත් එපෑ.
*ඉතින් උඹ හොරෙන් බැහැල යන්න ඇති. නැත්තං යන බස්සෙකෙං පයින්නැති.
*ලබ්බ තමා, මං වෙන කරන්න දෙයක් නැති තැන, මෙහාට එන්න හැටක් ඉතුරු කරගෙන අරුන්දැට මං සන්තකේටම තිබ්බ පන්සීය දීල බුදු සරණයිත් කියල පොඩි ටෝකකුත් දුන්නා.
මුංදැං කටවල් ඇරගෙන බලාගත්තු ගමන් මං දිහා.
*කියහංකො මොකද්ද කිව්වෙ.
*මං කිව්වා මචං, බුදු ආච්චියෙ. සල්ලි නැත්තං නෑ කියල ඉල්ලගන්න ලැජ්ජ වෙන්න එපා. ඔහොම බලුවැඩ කරනවට යන්න වෙන්නෙ අපායෙ. නහින දෙහින කාලේ නේද මෙි දෙයියනේ. යන තැනකට දෙයක් කරගන්නව ඇරෙන්න තවත් අපායෙ යන වැඩම කරන්නෙ පව් ආච්චියෙ ඔයා කියල. ඊට පස්සෙ ආච්චි කියනව
*අනේ මෙි මගෙන් කුනුහබ්බ නාහා හිටහං මහත්තයෝ. හිතං ඉන්නෙනං මහ වැදගත්තෙවුං කියල නෙ.ඒත් අසරණයෙක්ගෙන් කඩාවඩා ගන්නමයි බලා ඉන්නෙ. මං යන තැනක් මං බලාගන්නං. කියල තූ: නොදකින් කියල කෙලත් ගැහුව බං. මට මරන්න හිතුන බං.
*ඒකනං කැතම කැත වැඩෙි. අපි දන්නවනෙ බං උඹ ගැන. සතුටුවෙයං උඹ පිනට යමක් දුන්නා කියල.උඹට හැබැයි එහෙමවත් නොකිය ඉන්න තිබුනෙ බං. උඹ දන්නවනෙ උඹ කැත වැඩෙි කලේ නෑ කියල.
*නෑ බං මට හෙන වෙිදනයි. මං අසරණ විදියට බිං බලාගත්තා.
*ඊට පස්සෙ මොකෑවුනෙ.??
*මෙි ගෑනි කදුරුවෙලින් බැස්සා. බැහැල මං දුන්නු සල්ලි ටිකත් පට පට ගාල හැඹිලියට ඔබාගෙන අර සෙනග අතරින් වෙිගෙන් මාරුවෙලා ගියා. කලබලේ කියන්නෙ මෙයාට ගෙනාපු අර මලු දෙකත් අමතක වෙලා තමා යන්න ගියෙ.
*හම්මට යකෝ. මහ බලු ගෑණු බං.ඒ එකෙක්
*උඹට ඒ බෑග් දෙක ගේ්න්න තිබුනෙ බං.නැත්තං අල්ලල විසි කරන්න තිබුනෙ.

*ඔව් බං. සිරාවට. මට මලපැනල ඉන්න අස්සෙ ආයෙ කොන්දා කියනවා මචං, මහත්තයා ඔිව ගනන් ගන්න එපා, ඔය ගෑනි ඔහොමමයි,ඔය එවුන්දැගෙ රස්සාව.කාව හරි අමාරුවෙ දාල කීයක් හරි හොයාගන්න එක තමා  කරන්නෙ.අද මහත්තයා තමා ඔය ගෑනිට අහුවුනෙ කියල. පස්සෙ මගේ ඉවසීම හන්තානෙ වෙිල්ල කැඩුන වගේ දෙදරලා ගියා. මං උගෙන් ගේම ඉල්ලුවා ඊට පස්සෙ. ගහන්නමයි ගියෙ. කොන්දා එහෙම කියනව ඇහිච්චි දෙතුන් දෙනෙක් මාව අල්ල නොගන්න අම්මප මං ගහනව ඔිකට.එකක් ගහල ගුටි කෑවත් මොකෝ.පස්සෙ මං කිව්වා  ඉතින් කාලකන්නියෝ තෝ ඒක දැං කියන්නෙ ඒක බස්සෙකේදි කියන්ඩෙපැයි වයසත් නොබලා හක්කත් අතගාල ආයෙ ජීවිතේට ඔිවගේ වැඩ නොකරන්න පාඩමක් උගන්නනවනෙ. ඔික දැං කියන්නෙ අප්පට ....කියල මාත් පටන් ගත්තා.
*අපිත් රස්සාව කරගන්නෙපෑ මහත්තයෝ.. දැං ඔිකට කෑ ගහල වැඩක් නෑ. හැබැයි මහත්තයා අදනං ගෑනිට ගෙනාපු මලු දෙකත් අමතක වෙලා දාල ගිහින් තියෙන්නෙ. කියල මට බිම තිබුනු අරුන්දැ ගෙනාපු මලු දෙක පෙන්නුවා..පෙන්නල කිව්වා,"මහත්තයටත් පාඩු නොවෙන්න මෙි මලු දෙක අරන් යන්න. මෙිවගෙත් වටින කියන දේවල් ඇති කියල අර මලු දෙක අත් දෙකින්ම උස්සල මට දුන්නා. ඉතින් මටත් මොකෑ..මාත් මලුදෙක අරගෙන එන්න ආව.දිගෑරලත් බැලුව මලුවල මොනාද තියෙන්නෙ කියල. වැඩක් නෑ මචං.... මාත් එහෙම කියල  ටිකක් නිහඬවුනා. වශීවෙලා වගෙ මගෙ කතාව අහං හිටපු එකෙක් එකපාරටම ඇහුවා
*මොනාද මල්ලෙ තිබුනෙ බං ඇත්තට.

*තිබුනෙ ආච්චිගෙ හු&@%$ත. ආව මෙතන හැලප කන්ඩ. ප:ලයව් පොයින්ට් වලට  බල්ලො ටික.

කියල මං සද්දෙන්ම කියන කොට මග නතර වෙලා තිබුනු කැරම් ගේම සදාටම එපාවෙලා මගේ අනිකා තොගෙ අප්පට හුක්...කියල කැරම් බෝඩ් එකට පයින් ඇන්නා  මගේ ඇඟට පෙරලෙන්න. මල්ලෙ තිබ්බෙ මොනාද කියල අහපු එකා, ඌ ඉඳන් හිටපු ප්ලාස්ටික් පුටුව දෑතින්ම බදල ගත්තා මට ගහන්න. මගේ හැටිත් දැනගෙන වටෙි වටවෙලා සේප් එකේ කතාව අහන් හිටපු අනික් එවුන් හයියෙන් හක හක ගාල හිනාවෙද්දි තේ වක්කුරපු එකා ඒක උස්සල අරං "චෝස්" ගාල ජනේලෙං එලියට විසිකලා. එන පොට හොඳ නෑ කියල හිතුනු මං  ලඟ තිබ්බ ඇඳට හේත්තු කරල තිබුනු  තුවක්කුව  අතට ගත්තා. ලඟම තිබුනු උඩ ඇඳේ හූ මිටි තිය තිය කතාව අහං හිටපු කෝප්‍රල් විජේපාල ආර්ඩී(සුදු සීයා)
මහා වල් ජාතියේ කුනුහරපෙකුත් කියාගෙන සෙනිකව බිමට පැනල මට ගහන්න බූට් එකක් උස්සල ගන්නකොටම මං එලියට පැනගත්තා.
ඇත්තටම පෙන්ස්, හැමදාම මට පදිරිවෙච්චි වුන් මං ආච්චි කෙනෙකුට පදිරිවුනා කියල සතුටෙන් පසුවෙද්දි, උන්ම ආයෙත් මටම පදිරිවෙලා කියල දැනගත්තම දැනෙන හැඟීම මොනවගේ වෙන්න ඇද්ද?.

ආව මෙතන හැලප කන්ඩ



රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.06.26

Monday, June 22, 2020

වැලිකන්දේ අවුරුදු උත්සවෙි

ඒ අපේ අවුරුදු උත්සවයක් පැවැත්වුනු දවසක්. ස්ථානය 231 බසේමු.වැලිකන්ද

ඒ දවස්වල සාමාන්‍යයෙන් සෙබලෙකුට අවුරුද්දකට වගේම අනෙකුත් වැදගත් අවස්ථාවලටත් බොහෝ දුරට තමන්ගෙ පවුලේ සාමාජිකයන් සමග එකට ඉන්න ලැබෙන අවස්ථා බොහොම අඩුයි. ඒ දවස්වල තිබුනු ත්‍රස්තවාදි ක්‍රියාකාරකම් අනුව ඒක හමුදාවෙ කොයි කාටත් පොදුවුනු කාරණාවක්. මම වගකීමෙන්ම ඒක කියන්නෙ, අපේ තාත්තා අන්ත්‍රාවෙලා ගෙදරටත් ගෙනත් දවසකුත් ගියාට පස්සෙ තමා මට මළගෙදරට එන්න පුලුවන්වුනේ. ඒවගේ වටපිටාවක් තමා ඉස්සර හමුදාවෙ තිබුනෙ.

ඉතින් ඒ වගේම කාලෙක තමා මෙි අවුරුදු උත්සවයත් පැවැත්වුනේ. සෙබළුන්ගේ චිත්ත ධෛර්යය නගා සිටුවීමට මෙි වගේ උත්සව ඒ ඒ කාලයන්වල හැම කඳවුරකම පැවැත්වෙනව. ඒ වගේම අපේ කඳවුරෙත් පැවැත්වුනා. අප්‍රේල් දා හතර වැනිදා උදේ අටට තමා ආරම්භ කරන්න සැලසුම් කරල තිබුනෙ.  දුවන තරඟයි හිනාවෙන තරඟයි ජොලි තරඟයි මෙලෝ රහක් නැති තරඟයි අර තරඟයි මෙි තරඟයි ඔක්කොම කලවමෙි පැවැත්වුනේ මෙි අවුරුදු කීඩා භූමිය තනිකර ජිල්බෝල හොද්දක් වගේ කිසිම ආතල් එකක් නැතුව. කොටින්ම කිව්වොත් මෙලෝම රහක් නැතුව.

මාත් හිමීට හිමීට කිට්ටු කරල බැලුවා මෙි අවුරුදු උත්සවෙි වෙන්නෙ මොකද්ද කියල. නිවෙිදක වැඩෙි කරපු කෝප්‍රල් සුභසිංහ යටිගිරියෙන් කෑ ගහල කියනවා වරෙව්!වරෙව්!! අවුරුදු උත්සවෙිට වරෙව්!!! කියල.  ආයෙ කොහෝ! කොහෝ!! කියලත් කෑ ගහනව.මොකද කෝපල් සුභසිංහට කියන්නෙ "කොහා" කියල.
 මෙිකට එකා දෙන්නා තම තමන් ඉන්න බිලට් වල බිත්ති වලට  ගහල තියෙන තහඩු කොනක්  උස්සලයි ඒ තහඩුවෙි හිල්වලට තනි ඇහැක් තියලයි පිටිය දිහා බලන් ඉන්නෙ අර බිලට් එකේ උන් ගියොත් මාත් යනව කියන්නැහෙ.

මං මෙි වෙලාවෙ හිටියෙ කැන්ටිමෙි හත යූපී පැණි බීම කුප්පියක් තොල ගග ගගා . හක්කෙ විටකුත් නොතිබුනාම නෙමෙි. ඒක දිවෙන් එක හක්කකට ඇදල දාල අනික් හක්ක පැත්තෙන් දියර වර්ග පානය කිරීමටත් ඔය සුලු සුලු හැපුම් වර්ගත් ගිලල මට අවුරුදු විස්සක හොඳ පලපුරුද්දක් තියෙනවා.
කොහොම හරි මෙි වෙද්දි විසි තිස් දෙනෙක් පමණ  ආරම්භයේ තියෙන පොඩි පොඩි වැඩවලට උදව්වෙන්න ග්‍රවුන්ඩ් එකට  ඇවිත් හිටි⁣යා. මාත් ඔිකට අහුවෙයි කියල හිතල තමා මෙි කැන්ටිමෙි හැංගිල වගේ ඉන්නෙ.

 කොහොමහරි නවයට විතර මෙික පටන්ගත්තාම කියමුකෝ.
දැන් එක එක ඉසව් පටන් අරගෙන සංවිදායකයන් තම තමන්ගෙ පාඩුවෙි වැඩෙි කරගෙන යනව. හැබැයි කිසිම "කික්" එකක් නෑ. මටත් හිතුනා කික් එක නැති තැනට මගේ ගානෙ "පොඩි කික්" එකක් දීල  සුපුරුදු ආතල් ගොඩට තව ආතල් එකක් එකතු කර ගන්න.
 මොලේ ඉරිතලනකං කල්ප⁣නා කලේ මොකද්ද අද නටන ජෝගිය කියලා.  එක පාරටම අදහසක් ආවා. ඒ අදහස කියාත්මක කරන්නනං ලොකු වැඩ කොටසක් කරන්නත් සිද්දවෙනව. හිත හිතා හිටියෙ නෑ. මටත් විදුලි කොටනව වගේ එක පාරටම පහල වෙන අදහස් තමා හැමදාටම හරිගියෙ. එසැනින් ගත්තා කැන්ටිමෙන් ජෙල් පැකට් පහක්. අරගෙන ගියා අපේ වාහන අංගනේට. එතනින් ගත්තා මජං ගෑවුනාම අත පිහින්න තියල තිබුන ටී ෂර්ට් එක. ඒක කලුපාට ඉරුනු චාටර් කොල්ලෝ ටීෂර්ට් එකක්.චාටර් කොල්ලෝ කියන්නෙ  ඒකාලෙ ජනප්‍රිය CK ටීෂර්ට් එකක්.
ආයෙ එතනම වැලක තිබුනු පරන පහේ මජං ටිකක් ගෑවිච්චි යුනිපෝම් කලිසමකුත් අරං ගියා ඊලඟට මෙස් එකට. මෙස් එකෙන් හාල් උරයක් අරන් ඒකත් ලිපේ අඟුරු අලුගොඩෙි කලුපාට වෙනකං අතුල්ලල අතුල්ලල ,අඟුරු කෑලි කිලෝ එකක් විතරත් අරං ආව බිලට් එකට. බිලට් එකේ කව්රුත්ම හිටියෙ නෑ. මං එම්ටී එකෙන් ගත්තු කලිසමෙි එක කකුලක් දනිස්ස ගාවින් කපල සිප් එකට යටින් චුට්ටක් පැලුව. අනික් කකුල තැනින් තැන කලාවකට ඉරුව. එහෙම තව අඩු පාඩු කල්පනා කර කර ඉන්නකොට ආව මරුම මරු අදහසක්. මෙිකෙ ඉන්නවා මාත් එක්ක වාලච්චෙිනෙදි ෆිට් වෙච්චි   ලාකෝ මල් කාන්ති. මගෙ හෙන ප්‍රෙඩා.  කතාකරන්නෙත් මචං කියල. කට ඇරියොත් කුනු හරපමයි කියන්නෙ. අපි මොන වල්ද හලෝ. ආන් වල් නං වල්.ඒකිගෙ ඇඟ හැමතැනම ,හැම මවිල් ගහක්ම  වල්. වල් කිව්වට වචන විතරයි. කුපාඩිකම නෑ.  වල් කියන්නෙ කුනු හරප කියන හිංද.
මං ගත්තා බිලට් එකේ ඉදන්ම ඒකි ඉන්න බිලට් එකට කෝල් එකක්.
*ගුට් මෝනීන් විමෙස්කෝ බිලට් සර්.
*ලා/කෝ ආරච්චි. කෝ  මල් ඉන්නවද.
*මල් හිටියා. දැන් ග්‍රවුන්ඩ් එකට ගියා ඇති කෝප්‍රල්.
*මචී.ලොකු උදව්වක් කරාංකො මයෙ අම්මා.
*මොකද්ද කෝපල්
*ඔතනින් පොඩ්ඩක් ඔලුව දාල පේන්න ඉන්නවද බලල හූවක් කියල ලයින් එකට දියංකො බං. හදිසියක්.
එවුන්දැලාගෙ බිලට් එකට එහා පැත්තෙ තමා ග්‍රව්න්ඩ් එක තියෙන්නෙ. ඒකිත් හෑන් සෙට් එක තියල ගියා. විනාඩි පහක් විතර යනකොට මෙිකි ලයින් එකට ආව.
*අඩෝ..ඇයි කියාං.
*මට පොඩි බඩුවක් ඔින බං.ඒක ඉල්ල ගන්න කතාකලේ  කියල මං මට ඔින කරන ඒව කිව්වා. ඒව සිරි සිරි මල්ලක දාල ඒකිම අරං ආව බිලට් එකට. මෙිකි ගැන මුලු සේනාංකෙම දන්නවා. හෙන කටර් එකක්. ඒ නිසා කව්රුත් වැඩිය යන්නෑ. හැබැයි මටනං පන ඇරලා. ඒකි මට හෙන කැමතියි. ඒ මගේ වැඩ හිංදයි කට හිංදයි.(පස්සෙ කාලෙක සාජන් මෙිජර් නිලයෙන් අපි දෙන්නම එකම කඳවුරේ ආයෙත් රාජකාරිත් කලා. මෙිව කිය කිය අපි ඉල ඇදෙනකං හිනා වෙනවා  ඒ දවස්වල)

එතකොටම බිලට් එකට ආවා  අපේ සෙක්ෂන් එකේ "බෙල්ලා" තමන්ගෙ රාජකාරියෙන් ඔිෆ් වෙලා අවුරුදු උත්සවෙි බලන්න යන්නත් එක්කලම. පොරවත් මං මගේ සහායකයා හැටියට පත්කර ගත්තා.
*මාව ලෑස්තිකරපල්ලාකො බං. කව්රුත් එන්න ඉස්සෙල්ලා. මං දෙන්නගෙන්ම උදව් ඉල්ලුවා
*හිටාං හිටාං..තොපිට ගෑනුකං කරන්නත් ඔින ආමි එකේම අපිනේ.
*අනේ හුක් කටවාගෙන කරනවනං කරාං.නැත්තං පලයන් යන්ඩ. මට පුලුවන් ලෑස්තිවෙන්න.තොට ගෑනිට කරන දේ කරනවනං ගෝනි පහක්වත් ඔින බං.
*මං කිව්ව කියල හිතාගං. තොට මතකද මට අහවල්දේ කරගන්න කියල වාලච්චෙිනෙදි ගෝනියක් එවපු එක. ඒකෙ රිටන් එක තාම තියෙනව හරිය..(එවුන්දැත් එක්ක මං ⁣වාලච්චෙිනෙ ඉන්නකාලෙ පොඩි ඇරියස් එකකුත් තිබුනා. ඒ ඔිකි අසනීපවෙලා ඉන්නව කියල දැනගෙන ගෝනියක් යවල😂😂)
හිටපං ඉතින්.මං බෑ කිවිවෙ නෑනෙ.

මං යටට ශෝටක් ,ඊලඟට තව ඉරුනු කලිසමක්, ඊලඟට කපල හදපු කලිසම ඇඳගත්තා. කලුම කලුපාට වෙච්චි මජං පිරිච්චි ඉරිච්චි ටී ෂර්ට් එකත් ඇඳගත්තා.

ජෙල් පැකට් ටික කඩල ඔලුවෙ ගාලා කොන්ඩෙ ඉත්තෑකුරු වගේ හැදුවෙ බෙල්ලා.
හාල් උරේට අවශ්‍ය කලමනා ටිකත් දාල හදල දුන්නෙ මල්.
ඊලඟට අඟුරු ටික කුඩු කරලා සපත්තු පොලිෂ් එක්කයි බුදු මැදුරෙ පාන පත්තු කරන්න ගෙනාපු පොල්තෙල් වලිනුයි චුට්ටකුත් දාල කලවම් කරලා මූනෙයි ඇඟ පේන පේන හැමතැනමයි කලිසමෙයි ටීෂර්ට් එකෙයි හොඳට උලාගත්තා. අවසානෙට එක කකුලකට මගේ සෙරෙප්පුවකුයි අල්ලපු ඇඳේ එකාගෙ සන්ස්පෙයාර් එකකුයි කකුල් මාරු කරල දා ගත්තා. උගේ ඇඳේම නෙට් බඳින්න ගැට ගහල තිබුනු පොල්ලකුත් ගලෝ ගත්තා.

*ෂා.මරු බං. තෝව මෙලෝ යකෙකුට අඳුරගන්න බෑ. මල්  එහෙම කීවෙ ඉතුරුවෙච්චි අඟරුටිකෙන් මගේ තව තිබුනු අඩුපාඩු ටික හදන ගමන්. 
*දැං උඹ පලයන්. කව්රු හරි දකී. හැබැයි කිසිම කෙනෙකුට කියන්න එපා මෙි එන්නෙ මං කියල හොඳේ. අඩුගානෙ කෙල්ලෙකුටවත්. හා දැන් පලයන් මට කියල මුකුත් කොරව ගන්නැතව.
*අඩෝ.තෝ හු&@%$ත වැඩෙි කරගන්නකං විතරයි නේ මාව ඔින වුනේ.බලපිය ඒක කිව්ව කැත.
*වැඩෙි කරගත්තට පස්සෙ ආයෙ මොකටද බං.
ඒකිත් ගියා.
ඉතුරුටික කරල දුන්නෙ බෙල්ලා නොහොත් චන්ද්‍රසේන.
 මාත් වැඩෙි ඉවරවෙලා කන්නාඩිය ඉස්සරහට ගිහින් හැඩ බැලුවා. අම්මප කියහල්ලකො. තනිකර පිටසක්වල ජීවියෙක්නෙ මෙි ඉන්නෙ. මටවත් මාව අඳුරගන්න බෑ.
අන්තිමෙිට තවත් ටික වෙලාවක් බිලට් එකේ ඉඳල  කකුල් පිහදාන්න තිබ්බ දුඹුරුපාට වෙච්චි ටවල් එකකුත් ජටාව වගේ බැඳගෙන කවරෙත් කරේ එල්ලගෙන එකෙකුගේවත් ඇ⁣හැක නොගැටී කම්බි වැට අයින දිගේ  ටවුන් එකේ අන්තයෙන් ග්‍රවුන්ඩ් එකට බැස්සා. ඒ බහිද්දි මං දැක්කා කොල දියවෙච්චි නූල් පොටකුත් එක්ක සැකිල්ල විතරක් තියෙන පරන සරුංගල් කෑල්ලකුත් ගහක පාත අත්තක පැටලිලා තියෙනව.
ඔිකත් ගලෝගත්තා.
මං බෙල්ලාට කරන්න විශේෂ වැඩ කොටසක් පැවරුවා. පොරත් සතුටෙන් ඒවට කැමතිවුනා.

දැං  හිමීට හිමීට නැවති නැවති වට පිට බල බල එනවා. අඟුරුයි සපත්තු පොලිෂුයි පොල්තෙලුයි නිසා දාඩිය දැම්මත් අවුලක් නෑ.

පැය බාගෙයක් විතර යනකොට උත්සවෙි කිට්ටුවට ආව. හැබැයි ටිකක් දුර තියල. ග්‍රවුන්ඩ් එකේ තරඟවලටයි අරවටයි මෙිවටයි යනවුන් මං කිට්ටුවෙන්වත් යන්නෑ. බය හිතිලද දන්නෙත් නෑනෙ. එදා බෑන්ඩ් එකකුත් ගහනවා ග්‍රවුන්ඩ් එකේ.  ඒකෙන් තමා මියුසික් ඒම දෙන්නෙ. නිවෙිදකය ස්ටේජ් එක උඩ ඉඳන් උගේ වැඩෙි කරනවා. මෙි වෙද්දිනං සීයක් එකසිය පනහක් විතර ග්‍රවුන්ඩ් එකේ පිරිල හිටියෙ.
මාත් හෙවනක් අල්ලල කම්බිකනුවකට හේත්තුවෙලා උරෙත් බිමින් තියල උස්සවෙි දිහා බලං හිටියා. හැබැයි හෙල්ලෙන්නෙවත් නෑ. ආයෙ ටිකක් කිට්ටු කලා. ඒත් පෙරසේමයි. මං අහලින් පහලින් එකෙක් යන්නෑ.
දැං වෙලාව ඇති එකොලහට එකොලහමාරට විතර විතර.නිලධාරීනුත් ග්‍රවුන්ඩ් එකේ.
එකපාරටම සීසීඑම්පී පොරක් ඇවිත් මාව එලෝගන්න හැදුව. මාව අඳුරගනී කියල බයට ටිකක් දුරට ගියාට අනික් පැත්තෙන් ආයෙ ආව. ඒ ඇවිත් බලාගෙන ඉන්නකොට කුනුහරපෙකුත් කියාගෙන ආයෙ සීසීඑම්පී පොරක් ආව. ආයෙ මාව එලෙව්වා. උන්දැගෙනුත් බෙිරිලා මං කොහොමහරි ග්‍රවුන්ඩ් එකේ ටැග්ගැහුනා. මගේ ප්ලෑන හරි. ඒ කියන්නෙ එකෙක් මාව අඳුරන්නෑ.

මං පැවිලියන් එකගාව බිත්තියකට හේත්තු වෙලා ආයෙ බලං හිටියා.
දැන් මම තනිකර පිස්සෙක්. පිස්සෙක් කිව්වට අර පාරවල්වල ඉන්නෙ එක එක එව්ව අහුල අහුල ඇති වැඩකුත් නැතුව පැයට කිලෝමීටර් පනහෙ හැටෙි වෙිගෙන් ඇවිදගෙන යන ඩීප්‍රෙසන් හැදිච්චි පොරවල්. ආං ඒ එකෙක්  දැං.

මං ආයෙ ග්‍රවුන්ඩ් එක මැදට ආව ඇවිත් බිමින් ඉඳගත්තා. දෙතුන් දෙනෙක් ඇවිත් මාව එලවන්න හැදුවා.මං ගියේ නෑ. මං එතකොට කලේ ග්‍රව්න්ඩ් එකේ තිබ්බ කඩදාසි කෑලි ටිං බෙලෙක්ක රෙදිකෑලි අහුල අහුල කවරෙ පුරෝ ගන්න එකයි ගල් කෑලි ටිකක් අහුලගෙන වියත් දාන සෙල්ලම කරන එකයි. වියත් දානව කියන්නෙ ගල් කැටයක් ටිකක් දුරට විසි කරල ඒකට තව ගල් කැටයක් අතින් වියතක් හිටින්න දාන එක. ජිල් ගහනව වගේ.

මාව එලවන්න කව්රුහරි එනකොටම  ඔය වැඩෙි පටන් ගන්නවා. ඔතන හිටියා ආර්පී කෝප්‍රල් කෙනෙක්.වැඩිය අඳුරන්නෑ. මං මෙි කඳවුරට ඇවිත් මාසයක් විතර වෙන්නෙ. පොරගෙන් බෙිරෙන්නම බැරිවුනා.
මං තඩි ගලක් අරගෙන පොරට දමල ගැහුවා. පොර ඒකෙන් බෙිරිලා  ගිහින් ආයෙ තව දෙතුන් දෙනෙක් එක්ක ආව. ඇවිත් පලයන් පලයන්  කියනකොට  "පුංඩෙි ආමි.පුංඩෙ ආමි"..කිය කිය බනිනව. කිට්ටුවට එන්න ආවොත් ගල් උලුක් කරනවා. පස්සෙ බැරිම තැන උංදැලා ගියා.
ඔික දැක්කා ඔෆිසර් කෙනෙක්. එයා කාට හරි මාව පෙන්න පෙන්න මොනාහරි කියනව.
 අම්මට සිරි කියාල්ලකො. ටිකක් වෙලා යනකොට මට තඩි කෑම පාර්සලේකුයි වතුර බෝතලේකුයි ගෙනත් දුන්නා කියහල්ලකො. ඒ ගෙනාවෙත් මාව එලවන්න ආපු ආර්පී. මගේ අතේ ගලක් තිබුනෙ. මංදන්නව මෙි එන්නෙ කෑම එකක් දෙන්න කියල. ඒත් මට පිස්සුනේ.
පොරත් බයෙන් බයෙන් කිට්ටුවට ආවෙ. ඒත් කිට්ටුවෙන්න හදනකොට  ගලෙන් ගහන්න හදනවා. පොර දුවන්න හදනව. ආයෙ මං ගහන්න හදනව.පොර දුවන්න හදනව.
පස්සෙ බැරිම තැන කෑම එක බිමින් තියල ඔන්නං ඇවිත් අරං කාපිය කිව්වා. මාත් හෙන ගෙම්බර් සහ රෙස්පට් ලෙවල් එකෙන් පල් හිනාවකුත් දාල ගිහින් කෑම එක අරං අතේ තිබ්බ පොල්ලත් උලුක් කරගෙන ගහන්න වගේ මීටර් විස්සක් විතර පස්සෙන් එලෙව්වා. පොරලා ආවට වඩා වෙිගෙන් දුවං ගියා.  පස්සෙ  කෑම එකයි වතුර බෝතලෙයි මල්ලට ඔබා ගත්තා. 
ආයෙ ඔහොම්මම ටික වෙලාවක් ඉඳල ,  තව ටිකක් කිට්ටුකරල අර දූවිලි ගොඩෙි හෙවනක බිම තනකොලේ කෑම එක දිගෑරගත්තා.ඒත් කන්ඩ බෑ.මං අල්ලත් කලුපාට කරගෙනනෙ හිටියෙ. ඇස්දෙක පවා පාට කරල හිටියෙ. මං කන්න හදනව දැකල කීපදෙනෙක් මට කිට්ටු කලා.
*මෙික කන්ඩෝන්නං මට හැන්දක් ඔින. අපි ගෑරුප්පුවෙන් කන මිනිස්සු අයිසෙ.
*අප්පට කෙලින්ඩ යකෝ මූ බලහල්ලකො.
ඒ ආපුවුන් කියෝ කියෝ යන්න ගියා.
මං ආයෙ කතාකරල හැන්දක් ඉල්ලුවා. ඒත් ලැබෙන පාටක් නෑ. මං ඔික කනවා,ඒත් අතේ සපත්තු පොලිෂ් නිසා කන්න බෑ.

පස්සෙ බිම තියලම කෑම එක  දිගෑරගත්ත නිසා හුලඟත් එක්ක දූවිලි පාරක් ඇවිත් කෑම එකටත් වැටුනා.දැං  දූවිලි එකයි ඒකෙ. ඒ කිව්වෙ කෑම එකේ. මං ඒකට කට්ටියටම පේන්න තව වැලි ටිකක් දාගත්තා..දාල හොඳට ඇනුව. අනල  කනවිදියට අඟවල
*ඒකෙ වැලි කන්ඩ බෑ අයිසෙ. කියනව විසික්කරනව. ආයෙ කටක් ගන්නව ඒකෙ වැලි කන්න බෑ අයිසෙ..කියනව විසික්කරනව. කෑම එක ඉවරවෙනකංම ඔික කලා.
මෙික දකින දකින එකා ටික ටික මට කිට්ටු කරනව. මං කිට්ටුවෙන්න දෙන්නෑ..ගල් ගහනව. නැත්තං පොල්ල අරං පස්සෙන් පන්නනව. ඒ වෙලාවෙ ග්‍රවුන්ඩ් එකේ හිටියෙ  ⁣G 11  SO11 MTO G111  යන මහත්තුරු සහ අපේ ඔිසී ලුතිතන් ධම්මික ද සිල්වා. ස්ටෙිජ් එකේ හිටියෙ බළසේනාධිපතිතුමා සහ එතුමාගෙ දුව,පුතා,මැඩම්.

මාත් ටිකක් වෙලා ගියාට පස්සෙ  ටික ටික කිට්ටුවට ඇවිත් හිමීට නටන්න පටන්ගත්තා. මියුසික් එකක් නෑ. ඒත් නටනව.  එහෙට්ට දුවනවා මෙහට්ට දුවනවා. නටනවා වගෙ උඩ පනිනවා. මෙිකට කට්ටියටම චූන්වුනා. කීප දෙනෙක් මට කිට්ටුකලා. පස්සෙ තමා දැනගත්තෙ ඒ 1⁣ ක්ෂේත්‍ර  ඉංජිනේරු බළකායෙ 11 බළඝණයෙ සෙබළු කියල. අපේ ඔිසීත් කට කන්දෙක ගාවට එනකං හිනාවීගෙන බලාගෙන ඉන්නවා. මං නටනව.උංදැලා හිනාවෙනව. උන්දැලා හිනාවෙන වෙන ගානට මං චූන් වෙනව. බයවෙන්න දේකුත් නෑ.ඔිසීත් ඉන්නවනෙ මොනාහරි උනොත් "මෙි ආරච්චිනෙ යකෝ" කියන්න. (එයාත් මාව වැඩිය අඳුරන්නෑ.ඒ එතනට යද්දි හිටපු සිග්නල් ඔිසී. මං ඔතනට ගියේ අතරමැදි කඳවුරේ තාවකාලික ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාකරුවෙක් විදියට) 

දැං තරඟ පැත්තක. බෑන්ඩ් එකත් චූන් වෙලා පාස් නම්බරයක් දුන්නා විනාඩි දහයක විතර.ඒකටත් නැටුවා. නට නට මං චන්ද්‍රසේනට ඉන්න කියල තිබුනු තැනට  ගිහින් කාටවත් පේන්නැතිවෙන්න ආයෙත් අඩුපාඩු හදාගෙන කැමාෆ්ලාජ් වුනා. ආයෙ ටිකකින් ග්‍රවුන්ඩ් එකේ.  දැං නටනව. ග්‍රවුන්ඩ් එකේ එහෙට්ට මෙහෙට්ට දුවනව. උඩ පනිනව,හූ කියනව. හයියෙන් හිනාවෙනව. විසිල් ගහනව. එකම සංදර්ශනයයි එතන.  කෑම ටයිම් එකට තමා ආතල්ම ආතල් එක දුන්නෙ. ඒ ආතල් එකනං රැස් විහිදෙන්ඩම දුන්නා. බලසේනාධිපති,මැඩම් සහ දැරුවො දෙන්නා "හක,හක" ගාල හිනාවෙනව. බ්‍රිගේඩ් කමාන්ඩරුත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. හෙන සැරයි.

ඊලඟට මගේ ප්ලෑන අනුව බෙල්ලා මගේ උරේ පොරගෙ වගේ අරගෙන කරේ තියාගෙන නටනව. කෙල්ලො කොල්ලො කාලතුවක්කු අනුකණ්ඩ භාර නිළධාරි,තවත් නිලධාරි දෙන්නෙක් කට්ටියම මට කිට්ටු වුනා. මං නටන ගමන් බෙල්ලගෙන් කවරේ ඇදල අරන්  ඒකෙ තිබ්බ වතුර එක බීගෙන බීගෙන ගියා.  ඒ අස්සෙ බෙල්ලා ආයෙ මගේ මල්ල අරගෙන  ඒක අදිනව. සැරින් සැරේ එකින් එක අරං එලියට අරං කට්ටියට පෙන්න පෙන්න විසික් කරනව. ඒවටත් කට්ටිය හිනාවෙනව. ඉස්සෙලම ආවෙ මල්ගෙ පරන සායක්. ඒක දම් පාටයි. ආයෙ පරන සායක්,ඒක සුදු පාටයි. පස්සෙ හැට්ටෙයක්, ඊලඟට අපේ වැ⁣ලකින් උස්සපු අඩිය හිල්වෙච්චි අටෙි ඉලක්කම වගේ ගලෝපු ජොකෙක්.
අටෙි ඉලක්කම කියන්නෙ අපේ වුන් ඔිව ගලවන්නෙ දාරෙට අත තියල රෝල් කරලනෙ. වලලු කර ගාවට එනකොට ඔික අටෙි ඉලක්කම වගේ. ඒක එහෙම්මම ගලවල කකුලෙ මාපට ඇඟිල්ලට අරං වටයකුත් කරකවල තමා ඇඳ උඩට විසික් කරන්නෙ. මාත් ඒක එහෙම්මම ඔබාගෙන ආව. මුං ටික හයියෙන් හිනාවෙවී ගෑනු ඇඳුම් ටික ඇදල ඇදල ඊලඟට ගත්තෙ අලුත් ඊවා එකක්. ඒක අලුත් එකක් වුනාට අරුන්දැලා ඇල්ලුවෙ ඇඟිලි දෙකෙන්. ඒකත් අරං ඈතටම විසිකලා.  ඊටපස්සෙ මල් පොලෙන් ගෙනත් තිබුනු රුපියල් විස්සෙ අලුත් ජංගියක්. ඔිව දිහා මං තාමත් තනි ඇහෙන් බලාගෙන නටනව.  අන්තිමටම ගත්තෙ මල්කාන්තියගෙ පරන බෙසියර් එකක්. ඒක මං එක පාරටම බෙල්ලගෙන්  උදුරගත්තා. උදුරගෙන උස්සගෙන ඔලුව වටෙි කරක කරක නටන කොට දුන්නා ඔිඩියන්ස් එකෙන් හූ පාරක් දෙවනත් වෙන්න. නැටුවෙත් සෙස්සි එකක්.  කෙල්ලො බඩවල් අල්ලං හිනාවෙනව. කොල්ලො හූ තියල හිනාවෙනව. එදානං  මුලු ග්‍රවුන්ඩ් එකම හිනැස්සුවා.සුපිරිම ආතල් එකක් දුන්නා.  ඔය අස්සෙ ඉරුන සරුංගලේ උඩ යවාගන්නත් මං මාර ගේමක් දුන්නෙ. ඒත් උඩ ගියේම නෑ. මං අහට්ට උස්සං දුවනවා මෙහට්ට උස්සං දුවනවා. ඒත් ඒක නෙමෙි උඩ ගියේ. පස්සෙ ඇඳන් හිටපු ටී ෂර්ට් එක ගැලෙව්වා. කලිසමකුත් ගැලෙව්වා. එතකොටත් හූ පාරක්. ආයෙ ටිකකින් බල්ටි දෙකක් ගහල ඒ කලිසමත් ගැලෙව්වා. ඒකත් කරකෝ කරකෝ නැටුවා. දැං ශෝට පිටින්. බ්‍රෙික් ඩාන්ස් උඩරට නැටුම් පහත රට නැටුම් රොබෝඩාන්ස් වඩිගපටුන වන්නම් දහඅටමත් කලවම් කරල අමුතුම තාලෙ එකකුත් නැටුවා. නටල නටල ඉවරවෙලා ශෝටත් ගලවන්න වගේ හැදුවා. ඒකට ආව කං බීරිවෙන්න හූ පාරක්. ඊට පස්සෙ ඒක ගලවන්නැතුව බිම ඉඳගත්තා. කව්රුත් කෑමට යන පාටකුත් නෑ. මං වටෙිමයි. මටත් මහන්සියි. බ්‍රිගේඩ් කමාන්ඩගෙ ෆැමිලි එක නොහිටියනං මං ශෝටත් ගලවනව එතන. ආයෙ දෙකක් නෑ. ඒ කරල ජොකා පිටින් නටනව එහෙනං.
එතන හිටපු ආර්පී කෝප්‍රල්ට "පිස්සට පවුනෙ කෝපල්" කියල බෙල්ලා කෑම එකකුත් ගෙන්නල දුන්නා.
 ඒකත් අරං ජිම්එක ගාව ටැප් එකෙන් අත්දෙකත්  හෝදල  හෙවනක බිම දාගෙනම ඔික කෑව.  කාල වතුරත් බීල ඔක්කෝටම පේන්න බෙල්ලගෙන් ඉල්ලගත්තු ගෝල්ලිප් එකකුත්  එතන ඉඳම්ම කට්ටියට පේන්නම  බිව්වා. ආයෙත් එතනම ටිකක් වෙලා විනාඩි විස්සක් පැය බාගයක් විතර නිදාගෙන ඉඳල කවරෙත් අරං ආයෙ ඉස්සරහට ආව. ඇවිත් ඊලඟ ප්ලෑන් එක අනුව බෙල්ල ගිහින් නිවෙිදකයට කිව්වා මං කව්ද  කියල. එකපාරටම බෆල් එකෙන් කියනවා ඇහුනා
*  ෆයිව් සිග්නල් ලාකෝ ආරච්චි කියල.
මාත් සීරුවට ඇවිත් අත ඉස්සුවා. ඒක දැක්ක මුලු ග්‍රවුන්ඩ් එකම තත්පර ගානකට නිහඬ වෙලා ගියා.
අම්මට සිරි උනා කියන්නේ අපේ ඔිසී ඒක ඇහිච්ච ගමන්  හිටගත්තා නෙමෙි හිට්ටවුනා. එයාට හිතෙන්න ඇති අලුතින් ආපු ගෝලයා "යකෝ මූ පිස්සෙක්නෙ"  කියල. අර නිලධාරින් ඔක්කොම මූනට මූන බලාගත්තා. අත්පුඩි ගගහ හිනාවෙන්නත් පටන් ගත්තා. බ්‍රිගේඩ් කමාන්ඩත් ෆැමිලි එකේ අයත් හිටගෙන අත්පුඩි ගග ගගහ හිනාවුනා. පස්සෙ විසිල් පාරවල් හූ පාරවල් අත්පුඩි පාරවල් මැද්දෙන් මාව ස්ටෙිජ් එකට ගෙන්නුවා. මාත් සෝට පිටින්ම නැග්ගා.
කෝප්‍රල් සුභ සිංහ
*ඔබ අදුනගන්න අමාරුයි අපි කාටත්.කොටින්ම මටත් බෑ.  කියන්න හඬනගල මෙි ඉන්න ඔක්කෝටම දැනගන්න ඔබ කව්ද කියල
*මං කසුන් ප්‍රභාත් රුවින් චාමර අචිර ඉරෝශන් යද්දෙහිආරච්චි නොහොත් හමුදාවෙනං  ලා/කෝ ආරච්චි. කව්රුත් කතාකරන්නෙ "චික්කා" කියල. අම්මා චූටි පුතා කිව්වට තාත්තනං කතාකරන්නෙම "ගොනා" කියල. ඒත් තාත්තගෙ "ගොනා" නමට තමා මං ආස.
එතකොට දෙන්නම එකයිනෙ.

ආයෙ හූ පාරක්.
*ඇත්තටම ඔබට ඇයි ඔහොම දෙයක් කරන්න හිතුනෙ.
*ජීවිතේනං ආතල් ආතල්නං ජීවිතේ. නැව ගිලුනොත් ගැට්ටෙත් බජව් දාල ගිලෙනකං වතුරෙත් බජව් දානව. ඒක තමා මගෙ ආදර්ශ පාඨය.
*ඔබට බය හිතුන්නැද්ද
*අර මක්කටැයි බය වෙන්නෙ. අපි සොල්දාදුවොනෙ.
*නෑ. මෙච්චර නිලධාරි මඩුල්ලක් ඉන්න ඉස්සරහ සහ බළසේනාධිපතිතුමාත් ඉස්සරහ ඔබ කරපු දේවල් ගැන.
*අනේ නෑ. ඒක අවුලක්නං එතුමන්ලම කියයිනෙ. වැඩිම උනොත් ආයෙ සිංහපුරනෙ. වැඩි ඈතක් නෙමෙිනෙ.
ඒකටනං බ්‍රිගේඩ් කමාන්ඩත් හිනාවුනා.

කට්ටියම කිව්වෙ විකට තරගෙට හිටියනං හරිනෙ කියල. ඒකට හිටියනං මෙච්චර ආතල් එකක් ගන්න බෑ ලොවෙත්. පස්සෙ ඒ අහන ඒවටත් උත්තර දීල ගලවල විසිකරපු ඇඳුම් අහුලගෙන ආයෙ ඇඳල පොටෝ එකකටත් පෙනී ඉඳල මං බිලට් එකට ගිහින් හොඳට නාල එහෙම ලෑස්තිවෙලා ආයෙ ග්‍රවුන්ඩ් එකට ආව. මාව අඳුරන්නැති සමහරු මං ඉන්න තැන මං ගැන කතාවෙනව. "කව්ද සිග්නල් කෝපල් කෙනෙක් ඇවිත් මාර ආතල් එකක්නෙ ඔියි දුන්නෙ" කියල. ආතල් ජීවිතේ අප්පා. එදා ඉඳන් මට මාර තැනක් තිබුනෙ ඒ කෑම්ප් එකේ. ඊට හරියටම මාස කීපයකට පස්සෙ මෙි කතාව එහෙම්මම "රණවිරුවා" සඟරාවෙ පළවෙලා තිබුනා පොටෝ එකත් එක්කම නිර්මාණයක් ආකාරයට  මං ලියපු එකක් විදියට.  ඒක ලියල තිබුනෙ ශ්‍රිලංකා යුධ හමුදා සේවා බළකායෙ කපිතන් කෙනෙක්. එවකට එහෙ හිටපු නිළධාරියෙක්.

"ජීවිතේනං ආතල්,ආතල්නං ජීවිතේ,නැව ගිලුනොත් ගැට්ටෙත් බජව් දාල ගිලෙනකං වතුරෙත් බජව් දානව. ඒක තමා මගෙ ආදර්ශ පාඨය"



රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.06.22

Saturday, June 20, 2020

කිරිමන්ඩලේ සටන

ඒත් 1999 අවුරුද්ද. මෙි වෙනකොට මම හිටියෙ වාලච්චෙින යුධ හමුදා කඳවුරේ.
 මෙි කඳවුර වටෙිට තියනව පොයින්ට් පහක්. එයින් එකක් කිරිමණ්ඩලය පොයින්ට් එක සහ ඒක මාර්ග බාධකයක් විදියටයි රාජකාරි කරන්නෙ. මෙි මාර්ගබාධකයෙන් එහා පැත්ත සම්පූර්ණයෙන්ම එල්ටීටීඊ බල ප්‍රදේශයක්. මෙහා පැත්ත යුධ හමුදාව යටතේ පාලනය බල ප්‍රදේශයක්.මෙික සිද්දවුනේ කාවත්තමුනෛ ප්‍රහාරයෙන් හරියටම මාසෙකට පස්සෙ වෙසක් පෝයට කලින්.

ඒ මූකරාල් තොප්පිගල වාකනේරි තාරාවිකුලම් උතුර ප්‍රදේශයේ වී අස්වනු නෙලන කාලය. මෙි ගොයම් කැපෙන කාලයේ රෑ තිස්සේ කමත්වල ගොයම් පාගා වී ගෝනි කර ට්‍රැක්ටර්වල පටවාගෙන උදේ නවයෙන් පස්සේ රජයේ පාලන ප්‍රදේශයට ගේනවා. ඒ වී ගෝනි අට්ටි ගැසූ ට්‍රැක්ටර් උදේට අපි පාර අරින තෙක්  පෝලිමට පෝලිමට නවත්තගෙන ඉන්නවා. උදේ අටයි තිහට විතර තමා පාර අරින්නෙ. ඉන් පස්සෙ වී පැටවූ ට්‍රැක්ටර් එකින් එක ඇතුලට අරගෙන පරීක්ෂා කරල සැක කටයුතු මුකුත් නැතිනම් මුදා හරිනව. එදා මාත් රාජකාරි හිටියේ මෙි මාර්ග බාධකයේ. අපේ සහයට කාන්තා සෙබළියන් දෙන්නෙකුත් මෙතනට එනවා. එයාලා කාන්තා පිරිමි දෙපාර්ශ්වයම පරීක්ෂා කරනව. ඒ සයිකල්වල යන අය. අපිත් චෙක්කරනවා. නමුත් මෙි ගොයම් කැපෙන කාලයට රාජකාරිය ගොඩක්  අමාරුයි. මොකද ට්‍රැක්ටරයක් පරීක්ෂා කරල ඉවරවෙන්න විනාඩි විස්සක්වත් අඩුම විනාඩි දහයක්වත් ගතවෙනවා.

එදින උදේ අටයි තිහට පාර අරිනකොට අපි දැක්කා ට්‍රැක්ටර් විස්සක් විතර දිගට දිගට පෝලිමෙි ඉන්නව. වැඩිය පරක්කු නොකර මෙිවා චෙක් කරලා යවන එක අපේ රාජකාරිය වුනත් එහි වගකීම ටිකක් බරපතලයි. ඒ නිසා අපේ තුන්දෙනෙක් වෙනම චෙක් කරන අයගේ ආරක්ෂාවට මෙි පොයින්ට් එකට ඇතුලුවෙන තැනට මීටර් පනහක් විතර දුරින් රඳවල තමා අපි වැඩෙි පටන් ගන්නෙ. ඒ වී ට්‍රැක්ටර් මුවාවෙන් එල්ටීටීඊ එකට වුනත් ඇවිත් ප්‍රහාරයක් එල්ල කරල යන්න පුලුවන් නිසා. මෙතනින් ආවගිය බොහොමයක් මුස්ලිම් අය. ඔවුන්ව සැක කරන්න හේතුවක් නොතිබුනත් සල්ලිවලට සහ තර්ජන වලට ඔිනම දෙයක් කරන්න පුලුවන්. අපිට අපේ ජාතියවත් විශ්වාස නැති වටපිටාවක මුස්ලිම් මනුස්සයා වුනත් දෙමළ මනුස්සයා වුනත් අපි හරියටම පරීක්ෂාකරල තමා යවන්නෙ.
හැමදාම දවසේ මැද්දක් විතර වෙනකොට අපි හොඳටම මහන්සිවෙලා ඉන්නෙ. ඉහිං කනින් දාඩිය පෙරාගෙන වක්කඩකින් වතුර ගලනවා වගෙ එන  ට්‍රැක්ටර් පෝලිමට නැගල බැහැලම හන්දිත් බුරුල් වෙලා තියෙන්නෙ.

සමහර වෙලාවල්වලට කතා කරන්නත් එපාවෙනව. ඒ අතර තුර ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවුනොත් අපිට අඹ සරණයි. දුවාගන්නවත් පන නෑ. නමුත් සෙබළෙකුගේ දරාගැනීමෙි ශක්තිය සහ මනස වැඩ කරන ආකාරය සාමාන්‍ය සිවිල් මිනිසෙකුට වඩා හාත්පසින්ම වෙනස්. ඒ නිසා අපි ජොබ් එක එපා කරගන් නැතුව පරිස්සමට කරගෙන යනව. ඒ මහන්සියට සිසිල් දිය බිඳක් එක්කරන්නෙ අපේ කාන්තා සෙබළියන්. එවුන්දැලත් එක්ක විහිලුවක් ⁣කාරිය කරල සැරෙන් සැරේ හීටරේ ගහල වලලු දාන අත්වලින් වත්කරල දෙන කහට එකත් මෙි වෙලාවට දිවිය අවුසදයක් වෙනව.

මෙි කතාව වෙන දවසෙත් අපේ රාජකාරි මට්ටම ඉතා ඉහල ආරක්ෂාවකින් කරගෙන හිටියත් මහන්සියට අපි "රිලව් ගුලි කාල වගේ"  මත් වෙලා හිටියෙ.ගිනි කාස්ටකේ ඊට එහා. අපේ පොයින්ට් එකට එදා අණ දුන්නෙ කෝප්‍රල් කිරිමුදියන්සේ (ශ්‍රිලපාබල හමුදාව-40 කල්ලිය😊.)
දහවල් 12.30 - 1300 පැයට විතර අන්තිමට ආවෙ ඔිට්ටමාවඩි ඩුබායි කඩෙි මුදලාලි. මිනිහා මෙි කන්නයේ කුඹුරු අක්කර හැත්තෑපහක් කරල තිබුන කිව්ව.  මෙි කඩෙිට ඩුබායි කඩෙි කියනවට වඩා හමුදාව අතර ප්‍රචලිතව තිබුනෙ මරිසි කඩෙි කියල. මෙිකෙ තියෙන්නෙ තනිකරම ඉලෙක්ට්‍රොනික් බඩු. රේඩියෝ,ෆෑන්,වීසිඩී, ටීවී, බෆල් වර්ග කාර් සෙට් ආදිය. මිල ගණනුත් ගොඩක් අඩුයි.
මෙයා මගේ හිතවතෙක්. මගේ ලොඳ පැනපු KPE රේඩියෝ එක දැකල ඒ වෙනුවට මට ගෙනවිත් දීල තිබුනා කො⁣කාකෝලා ටින් එක විදිහේම අලුත් රේඩියෝවක්. ඒ වෙනකොට ඒකත් මෙි පොයින්ට් එකේ දාල තිබුනෙ. කොච්චර සල්ලි තිබුනත් මිනිහා යන්නෙ පුට් සයිකලේ. අපිට කෑමක් ගෙන්න ගන්න කඩෙිකට  වුනත් අපි යවන්නෙ වැඩි ඇඳුනුම්කමක් තියෙන කෙනෙක්. විශ්වාස පුද්ගලයෙක්. ඒ ලිස්ට් එකේ මෙයත් හිටියා. නම මීරාන්. මෙයාගෙ පුරුද්දක් තියෙනව. ඒ එයාගෙ වී ට්‍රැක්ටරේ එනවනං මෙයා ඉස්සරලා සයිකලේ පැදගෙන ඇවිත් පොයින්ට් එකේ නතර වෙනවා. එතකොට අපි දන්නවා එයාගෙ වී ලෝඩ් එක තමා ඊලඟට එන්නේ කියල. කොච්චර ඇඳුරුම්කමක් තිබුනත් ඒ විශ්වාසයේ හැටියටම බඩු පරීක්ෂා කිරීමත් අපි කාගෙත් වගකීමක්. මොකද අඳුරන මනුස්සයා අතින් තමා වැරදි වෙනව වැඩි. මෙයාට නොතේරෙන්න අපි හැම දෙයක්ම ඉතා හොඳට චෙක් කරනවා. ඒ හිතවත් කමත් තියාගන්න ඔින නිසා. නමුත් කිසිම දාක සැක කටයුතු කිසිම දෙයක් මෙයාගෙන් අපිට ලැබිල නෑ.

එදා දවල් ඔය ආපු වෙලාවෙ මෙයා අපිට කතාවක් කිව්වා. ඒ කිව්වෙ අපේ ඉන්චාජ් හිටපු කෝප්‍රල් කිරිමුදියන්සෙට. මං ට්‍රැක්ටරේ උඩ හිටියෙ. මට කතාකරල කිව්වා ටක් ගාල බැහැල වරෙන් මල්ලි කියල. මාත් කර කර හිටපු වැඩෙි නවත්තලා ඉක්මනින් එතැනට ගියා. ඊට පස්සෙ කතාවෙ ඉතුරු හරිය මුදලාලි මටත් එක්කම කිව්වා.
*සර්, මගේ තව ට්‍රැක්ටරයක් එනවා,ඒක එන්නෙ අන්තිමට. එතනින් පස්සෙ කිසිම වාහනයක්වත් මනුස්සයෙක්වත් නෑ. ඒත් සර් මෙතන ඉඳල හරියටම හැතැප්ම තුනකට විතර එහා සංවිධානෙන් කට්ටියක් ඇවිත් නැවතිලා ඉන්නවා. ගොඩක් පරිස්සමින් ඉන්න.
ඊට පස්සෙ මං ඇහුව
* බඩු ටික කොයි පැත්තටද වැඩිපුරම බර වෙලා හිටියෙ.
මෙි පැත්තට. මෙහෙට නූනොත් නාවල්අඩි පැත්තට.
*හරි, ඔයා දැක්කෙ කීයට විතරද?
*දැං පැය දෙකකට විතර කලින්.
*ටහුඩු. ඒනං බඩු බනිස් වෙලාද දන්නෑ මෙි වෙනකොටත්.
*සර්, ඔයාල මගේ දරුවො වගේ.ඒකයි කිව්වෙ. කෝකටත් පරිස්සමින් කරන දෙයක්.
*හරි අංකල්,බොහොම ස්තූතියි. අපි බලන්නං කියල එයාවයි එයාගෙ ටැක්ටරෙයි ඉක්මනින් යැව්වා.

කෝප්‍රල් කිරිමුදියන්සේ මට කිව්වා
 ඉස්සරහ අපේ ආරක්ෂාවට ඉන්න අයට ⁣විස්තරේ කියල ගොඩක් කල්පනාවෙන් ඉන්න කියන්න කියල. එතන බයිනො එකකුත් තියෙනවා. මාත් බයිනො එක දාල හතර වටෙිම බැලුව. ට්‍රැක්ටර් දෙකයි පෝලිමෙි තියෙන්නෙ. අර මනුස්සය කිව්ව දේ හරි. ඒ ඇවිත් තිබුන ටැක්ටර් ටිකයි මිනිස්සුයි ඇරෙන්න බලුබල්ලෙක් පාරෙ නෑ. ඒ කිව්වට භූමියේ වෙන කිසිම වෙනසකුත් මං දැක්කෙ නෑ.
හැබැයි  මගේ හිතටත් ඇත්තටම අමුත්තක් තේරුනා. මෙි ට්‍රැක්ටර් දෙක ගැනත් බය හිතුනා. ඒත් කරන්න දෙයක් නැති තැන අර තුන්දෙනාව පුල්ම ඇලට් කරල මාත් හිමීට ගිහින් එතනම ඉඳල ඇතුලට ගන්නැතුව ටැක්ටර් දෙකට කිට්ටු කරල හොඳට බලල උඩටම නැගල චෙක් කලා. මොන දේ වුනත් සිවිල් අය ලඟ තියාගන්න බෑනෙ. උන් මැරුනොත් එහෙම ඊට වඩා පස්නයක්නෙ වෙන්නෙ. මාත් බයෙන් බයෙන් ඒත් කල්පනාවෙන් විනාඩි දෙකෙන් චෙක් කරල උන් ඔක්කොම ටික ඉක්මනින්ම යැව්වා.

මෙිකට අපි පුලුවන් තරම් ඉක්මනින් ඇක්ෂන් එකක් ගන්න ඔින.
හොඳටම බඩගිනි වෙලාව. කෑම ඇවිත් තිබුනෙත් නෑ.

 ඒකත් කරල  පොයින්ට් එකට ඇවිත් කෝප්‍රල් කිරිමුදියන්සේට විස්තරේ කිව්වා. එයා ඒ වෙනකොටත්  සෙට් එකේ කඳවුරට පණිවිඩෙි කියල.
ඒ කිව්වම අපිට නැවත කියල තිබුනා කල්පනාවෙන් ඉන්න,චෙක්කරන උදවිය ලඟට ගන්නෙපා,දුරතියල චෙක් කරන්න කියල. ආපු අය යැව්වට පස්සෙ ආයෙත් පොයින්ට් එක ඇතුලට කව්රුවත් ගන්න එපා කියල පාරත් වහන්න කිව්වා.

තව තවත් වෙලාව යනව කියන්නෙ, ඒ අපේ පොයින්ට් එකට ගහන්න ආපු ටීම් එකක්නං අපි ඔක්කොම මෙි වෙද්දි ලොකු  අනතුරක ඉන්නෙ. හැබැයි අර මහන්සිය,  විඩාව, බඩගින්න, නිවිල ගිහින් උනක් තිබිල හොඳ වුනා වගෙ අමුතු නැවුම් පනක් මෙි වෙද්දි මටනං ලැබිල තිබුනෙ.

*කෝප්‍රල්, උන් ගැහුවොත් කෙල්ලො එක්ක බෑ. කතාකරල යවන්නකො.අපි ජොබ් එක කරමු.
කෝප්‍රල් කිරිමුදියන්සේත් එසැනින් ඇතුලට කතා කරල කෙල්ලො දෙන්නත් එවෙලේම යැව්වා. මොකද හදිසි ප්‍රහාරයක් එල්ලවුනොත් අපිට එයාලව රකින්න බෑ. කොල්ලෙක් මැරුනා වගෙ නෙමෙි කෙල්ලෙක් මැරුනොත්.ඒක අපිටත් වෙඩි තියාගෙන මැරෙන්න තරං හිතෙන දුක් සීන් එකක්.  අනික ආරක්ෂාවට තියන්න තරම් පිරිසකුත් මෙතන නෑ. ඔහොම විනාඩි විස්සක් යනකොට අපි සම්පූර්ණයෙන්ම ඔිනෑම හදිසි ප්‍රහාරයකට මුහුන දීමෙි අධිශ්ඨානෙන් ලක ලෑස්තිවුනා. සීයක් ආවත් නවයක් හොඳටම ඇති විනාඩි දහයක් අල්ලන් ඉන්න.

අපේ සහායට උවමනාවුනොත් කියල ඇතුලෙ කට්ටියත් ස්ටෑන්ඩ් බයි කලා. අපිට මෙි කඳවුරේ රයිඩර් ටීම් එක තමා හැමදේටම හයියකට හිටියෙ.මොකද අනිත් අය පයින් හැතැම්ම දෙකක් විතර දුවල එනකොට මෙයාලා විනාඩි පහෙන් අපි ලඟ. ඔතන හිටපු කෝප්‍රල් රණසිංහ(නම මට මතක විදියට) තමා ඉස්සෙල්ලම කඩාගෙන බිඳගෙන ඔින තැනකට එන්නෙ. බැරියර් පෙන්නන්නම බෑ.පොර  ඒව අරිනකං ඉන්නෑ. එක්කො යටින් එක්කො උඩින් තමා දාල එන්නෙ. එහෙම මීට කලින් කීප අවස්ථාවකදිමත් උනා.
ඒත් එක්ක අපිට උපදෙස් ලැබුනා ඉස්සරහට  ගිහින් ටිකක් විපරම් කරන්න කියල.
  අන්තිමෙිදි  කෝප්‍රල් කිරිමුදියන්සේ මට කිව්වා
*ආරච්චි උඹයි ලොක්කයි සයිමයි මෙතන බලා ගනින්
*පිස්සුද කෝපල් තාත්ත මොනා නොකියයිද. මට බෑ මාත් එනව.
*අනේ මෙි හුරතල් වෙන්නැතුව මෙිං මෙහෙ හිටහං.
*මට බෑ.මට බෑ.මං එනවා.ඒ සිසිර උඹ නැවතියන්. මට ටිකට් එක තියෙන්නෙ උඹට නෙමෙි. ආවොත් සෙන්ට් ගියොත් ඔිඩි කොලොං..කියල මංම මං වෙනුවට සිසිර කුමාරව නවත්තල ගමනට සහභාගිවුනා.

  අපි ඉස්සෙල්ලම රයිඩර් ටීම් එක පුල්ම ඇලට් කරවල පරිස්සමින් හෙමීට හෙමීට ඉස්සරහට ගියා. අපි ගියේ හරස් පෙලක් විදියට දුරින් දුරින් දෙන්නෙක් අතර පරතරය මීටර් විස්සක් තිහක් විතර තියාගෙන. එහෙම ගියාම බැරිවෙලාවත් ප්‍රහාරයක් එල්ලවුනොත් අපිට වෙන හානිය අවමයි. වැඩි වෙඩි බලයක් දෙන්නත් පුලුවන් වගේම වැඩි ප්‍රදේශයකුත් ආවරණය වෙනව.

ඔය හරියෙ තියෙනව පරණ ගඩොල් කපපු වලවල් ගොඩක්. ඒවගෙ පං ගසුයි අහු ගසුයි සරුවට වැවිල තිබුනෙ.  ඊට එහා පැත්තෙන් කලපුව. ඒක පොඩි ඇලක් වගේ. පේපර් මිල් එකේ කුනු බහින්නෙ ඔය ඇලේ.
අපි හිමින් හිමින් ඉස්සරහට ගිහින් ඔය වලවල් කට ගාවට ඇවිත් දණහිසෙන් නැවිල ඉඳගෙන ඉස්සරහ නිරීක්ෂණය කලා.(KNEELING POSITION). කිසිම හැල හොල්මනක් නෑ. හොඳට අපි හයදෙනා ඇස්වලිනුයි මොලෙනුයි ඉස්සරහ නිරීක්ෂණය කලා. ඒත් කිසිම වෙනසක් නෑ. මෙි හරියෙ වලවල් වැඩි හින්දා මමයි අපේම ඒකකයේ රණසිංහයි කෝපල් කිරීට කියල දකුණු පැත්තට ටිකක් ඇදිල බිමට නැවිල ඇස් මට්ටමින් ඉදිරි භූමිය නිරීක්ෂණය කරගෙන හිටියෙ. ඒත් වෙනසක් නෑ.
පස්සෙ අපි ආයෙ ඉස්සරහට ගියා.කලපුව කිට්ටුවට. මොකද අපිට ප්‍රහාරයක් එල්ල කරනවනං  මෙි තමා උන්ට ලේසිම තැන.  අපි වැඩි අවධානයක් දෙන්නෙත් මෙි ඒරියා එකට. ඒ වලවල් හිංද.
ඊට පස්සෙ හෙමින් හෙමින් කල්පනාවෙන් තව චූට්ටක් ඉදිරියට ඇදුනා. වෙනසක් නෑ. අපිට ඇත්තටම හිතුනා මීරාන් කාරයා අපිව ඇන්ඳුවවද්ද කියලත්. අපි දෙන්න, ඒ කිව්වෙ මායි රණෙයි ඔිකත් ඔතන කතාවුනා. එතකොට පට්ට ගිනි කාස්ටක අව්වක් තිබුනෙ.

ආයෙත් අපි නැවතිලා  පැය කාලක් විතර  හිටපු හිටපු තැන්වල KNEELING POSITION එකේ බලාගෙන හිටියා. ඔය අස්සෙ මට පට්ටම "චූ" බරක් හැදුනා. ඉන්න තැනම දනිස් දෙකම බිම ඇනල මං මගේ වැඩෙි කරාගත්තා. ඔික දැකපු අපේ උන්ටත් ඉන්න බෑනෙ. මොකද සිංහලය එකතු ඔිකට විතරනෙ.  අර මහ යුද්දෙකුත් දිනුවලුනේ ඒ කාලෙ භඨ සේනාවෙ එකෙකුට ඔය බර හැදිල ඒකෙන් නිදහස් වෙනව දැකල අනික්වුනුත්  පෝලිමට ඔික කරල. මෙතනත් ඔිකමයි උනේ.
එකා එකා ඉන්න විදියටම ⁣තම තමන්ගෙ වැඩෙි කර ගත්තා.කෝප්‍රල් කිරී අන්තිමෙිටම හිටගෙන සිප් එක ඇරල ඇල්ලුවෙ ඉස්සරහම තිබ්බ වලට.
බුදුන්පල්ලයි මෙි කියන්නෙ, පොරගෙ කරුමෙ කියන්නෙ ඔය වලේනෙ බඩු හිටියෙ. ඇඟිලි දෙකෙන් අල්ලගෙන "සී" කියල වක්කරන්න පටන් ගත්තා විතරයි වලේ ඉඳල උඩට  පට පට සද්දෙන් වෙඩි හඬ කීපයක් පිටවුනා. මං එසැනින් ඒ පැත්ත බලද්දි කෝප්‍රල් කිරී ඇදගෙන වැටුනා. ඊලඟ මිලි තත්පරේ අපි පටන් ගත්තා. ඒ සූදානමින්ම හිටපු හංද.
ඇවිලුනා සටන. දෙගොල්ල මරා ගන්න පටන් ගත්තා. බට්ටො රතිඤ්ඤා වැල් සීයකට විතර එක පාර වෙඩි තිබ්බා වගෙ සද්දෙන් එක දිගටම වෙඩි සද්දෙ.

 මං ඉන්න තැන ඉඳන් මුන්ට වෙඩි තියන්න බෑ. වම්පැත්තෙන්  රණසිංහය.

මං කුණු හරපෙකුත් කියල කෑගැහුව  ගහපිය හු%@&තො ග්‍රෙනේඩ් එකක් කියල .රණය උගේ ග්‍රෙනේඩ් එක අරුං හිටපු වලට අතාරිද්දි මාත් එකක් ඇදල අරන් කඩල ඊට ඉස්සරහින් තිබුනු  වලට විසිකලා. දෙකම එකවර පිපිරුවෙ. අම්මට සිරි කියහල්ලකො. ඒ සද්දෙට අපිට මීටර් තිහක් විතර දුරින් ඇලක් වගේ තිබුනු දිග ගඩොල් වලකින් පැනල දුවන්න තියාගත්තනෙ විස්සක් විතර. එසැනින්ම අපිත් ඇල්ලුව ඇල්ලිල්ලක් "සට පට" ගාල  කෑ ගහගෙනම. මට ඔය පොකුරු උන්ඩ කෙළිය හරියන්නෙම නෑනෙ. සිංගල් නැත්තං ඩබල් ටැප් එක තමා සුපිරියට වැඩ කරන්නෙ. ඇල පනිද්දිම එකෙක් ඩවුන්. වලෙන් ගොඩ වෙද්දිම තව එකෙක් ඩවුන්. අපි පස්දෙනත් ඇරියෙම නෑ. එක දිගටම වෙඩි තිබ්බා.උනුත්  කලපුවෙ එහා පැත්තට පැනල ඉවුරෙ ඉඳල අපිට දෙන්න තියා ගත්තා ඔලුව උස්නන්නම බැරි වෙන්න.  කෝප්‍රල් කිරා සද්දයක්වත් නෑ. කලබලේට ඇහුනෙ නැද්ද මංදන්නෑ. සද්දෙයක්වත් ඇහුනෙනං නෑ.
මීටර් තිහක් හතලිහක්  විතර ලඟ ලඟ මූනට මූන දරුණු සටනක්. දෙගොල්ල මරාගන්නව හෝ ගාල. කලුදුම් වලාවයි.ඒ අස්සෙ එකින් එක බෝම්බත් පුපුරන්න ගත්තා.
 මං ආයෙ දැක්කා එල්එම්ජියෙ දිසානායකය එක දිගටම "පොපොප් රිලීස්"  සද්දෙන් වෙඩි තියනව වුනත් උගේ කමිසෙ ලේ තියෙනව. ආයෙ ඒව බල බල හිටියෙ නෑ. වැඩෙි දිග්ගැස්සෙන්න කලින් මායි රණෙයි තව චුට්ටක් දකුණු පැත්තට පැන්න.
අපි දෙන්නට ලේසියි ඉස්සරහට පනින්න. ඒ එතන තිබ්බ භූමිය අනුව. අපි දෙන්නා වෙඩි තියන ගමන් දකුණට ඇදිල ඇල කන්ඩියට කිට්ටු කලා. ඒ අස්සෙ රණය ඇලේ හිටපු තව එකෙක් නිහඬ කලා. දැං අපි දෙන්නගෙ ටාගට් එක ඇල ක්‍රොස් කරන්න. ඒත් පොඩ්ඩ මිස්වුනොත්  ඔිඩි කොලොන්ම තමා. මොකද ඇල පැනල උන්ට වෙඩි තිබ්බෙ නැත්තං උන්ට වදින්නෙත් නෑ, මෙික ඉවර වෙන්නෙත් නෑ. මෙතන හිටියොත් සෙන්ට් ගහන්න වෙන්නෙ ලබන ආත්මෙි. එතකොටම මට ඇහුනා මහා කුණු හරප පේලියක් කියාගෙන කෝප්‍රල් සඳනායකයි එයාගෙ  ගැන්සියයි කම්බි වැටවල් කෙලින් කරගෙන දුං දාගෙන  පිටි පස්සෙන් දුවගෙන එන සද්දෙ. ආයෙ නව බලාපොරොත්තුවකුත්  එක්කම කට්ටියකට වෙඩි ආවරණයක් දෙන්න කියල අපි කීප දෙනෙක් ඇල ක්‍රොස්කලා. ඒ ක්‍රොස් කරල දෙන්න තියාගත්තා දීමනාවක්... ආයෙ මොනාද රැස් විහිදෙන්ඩයි කනෙන් දුං විසිවෙන්ඩයි.අහවල්තැන මයිල් කෙලින් වෙන්ඩයි "ප්‍රීති" හීනෙන් දකින්ඩයි. උන්ට එක තත්පරයක් ආයෙ ඔලුව උස්සන්න දුන්නෙම නෑ. කෝප්‍රල් සඳනායකට එල්එම්ජියක් තිබුනෙ. ඒක ඉනේ තියාගෙන වැනුවෙ හතර අතේම තරු පායන්ඩ. ඒව බිම වැදිල පස් සීසීකඩ යනවත් හොඳට දැක්කා.
කොහොම හරි මුන්ට අපේ වෙඩි බලයට මුහුන දෙන්නම බැරිවුනා. උන්ගෙ මැරිච්චි තුවාල වෙච්චි වුන් දාල දුවන්න පටන් ගත්තා. අපි පැන්නුව. පන්න පන්න වෙඩි තිබ්බා. පන්න පන්නා වෙඩි තිබ්බා. පස්සෙන් එලෝගෙනම ගියා.දැං  එකම යුද්දයයි. රයිඩර් ටීම් එක ඇවිත් උන්ව පාරෙන් කොටු කරල පාර පනින්න බැරි වෙන්න.  අරුන්දැලා උන්ටත් වෙඩි තිය තිය දුවනව. රයිඩර් ටීම් එකේ අයට මෙි දුවන අයට වෙඩිතියන්න බෑ අපිට වදින හිංද. එයාලා ආවරණ අරගෙන හිටියා අවස්ථාවක් එනකං. ඒ අස්සෙ මං දැක්කා අපේ එකෙක් අවු ගහකත් හැප්පිලාද මංද තැරි ගහගෙන ඇදං වැටෙනව.  (උගේ අතක් ඇමැට්ටි වෙලාලු ඒ අස්සෙ)

මගේ ජීවිතේ තියෙනව  මෙහෙම පස්සෙන් පන්න පන්න වෙඩි තියල තියන අවස්ථා කීපයක්ම. මෙි තුන්වෙනි පාර.
අපි කිලෝමීටරයක් එකහමාරක්  විතර ඔහොම පස්සෙන් පන්නගෙන ගිහින් නැවතුනා. ඒ තවත් ඉස්සරහට ගියොත් අපිව පස්සට ගන්න මුලු  බ්‍රිගේඩ් එකටම එන්න වෙයි කියල හිතුනු හංදා. කෝප්‍රල් සඳනායක තමා ඒ වෙලාවෙ අපට අණ දුන්නෙ. පොරත් ගිනි මකරෙක්. මෙිවගෙන් පදම් වෙච්චි කෙනෙක්. පොරනං කිව්වෙ තව පන්නමු කියල.අපි බෑ කිව්වා.(එයා ආර්එස්එම් එකත් කරල තමා පැන්ෂන් ගියේ.)
මෙි වෙද්දි සටනත් ටික ටික තුනී වෙමින් තිබුනා. වෙඩි බෙහෙත්වල සැරට මාර වතුර තිබහක් එන්නෙ. ඒකයි සෙබළෙක් අවියක් දරණ හැම අවස්ථාවකම වතුර බෝතල් දෙකක් ලඟ තියාගෙන ඉන්නෙ. ඒත් ඒ වෙලාවෙ මගේ ලඟවත් කා ගාවවත් වතුර තිබුනෙ නෑ. මෙි වෙද්දි සටන් භූමියට ප්‍රධාන මාණ්ඩලික නිළධාරි 111 තුමා සහ අපේ ප්ලැටූන් කමාන්ඩරුත් (ලුතිතන් එන් සොයිසා)  ඇවිත් රෝඩ් බ්ලොක් එක පැත්තෙන් පාරෙ ඉස්සරහ හිටියෙ.

අපිට පුදුම වතුර තිබහක් දැනුනා. හිටියෙත් බඩගින්නෙ. පැය දෙකක් විතර ගියපු සටනක්. ඒ අස්සෙ මැරෙන්න වතුර තිබහ. අර ඔක්කෝම ඉවසන්න පුලුවන්,වතුර තිබහ ඉවසන්න බෑ. තොල් දෙක එකට ඇලිල.දිව උඩුතල්ලට ඇලිල. කට වටෙිම සෙම. (මෙිව සිරා සිද්ධි හොඳේ. මෙි තිබහ ගැන දන්න කෙනෙක්ගෙන් අහල බලන්නකො සැප කෝමද කියල) අපිට සටන ඉවරවෙලා පස්සට එන්න කිව්වට එන්න බෑ. වතුර නැතුව ඇන්ජිම දුර්වලයි. විජලනය වැඩී.
ඔය අස්සෙ දුවපු එවුන් ප්‍රථිසංවිධානය වෙලා ආපහු හැරුනොත් සේරටෝම නොමිලේ මල්වඩම්.

මෙික බලපෑවෙ රෝඩ් බ්ලොක් එකේ හිටපු අපිට විතරයි. හොඳට වටපිට බලද්දි මං දැක්කා තව ටිකක් ඉස්සරහින් ඇල කෑල්ලක් යනව. මෙිකෙ වතුර සමහර දවස්වලට නෑ. සමහර දිවස්වලට තියෙනව. මෙික එන්නෙ වාකනේරි වැවෙන්. ඇලක් කිව්වට මීටරයක් පලල ඇති ඔන්නං.
 කුඹුරුවලට වතුර එන ඇල. මං දුවගෙන ගියා ඔතනට. යද්දි දැක්කා ඇලෙන් එකයි වතුර. ඒත් කලුම කලුපාටයි. කලු පාට උනත් වතුරනෙ..අතින් වතුරෙ රොඩු දෙපැත්තට කරල එහෙම්මම ඩවුන් ගිහින් රහක් ගුණක් බලන්නැතුවම බඩ පිරෙන්න වතුර බිව්ව. රණයටත් කතා කලා . ඌ ඊට එහා. ආපු ගමන් මං දැක්කා උගේ ඇස් දෙක විසාල වෙලා දිලිසෙන හැටි.. ආයෙ මං දිහාවත් බැලුවෙ නෑ. ඩවුන් ගියා..ඇදගෙන ඇදගෙන ගියා.

අපි පස්සට ආව. ඇවිත් සටනේ ෆීඩ්බෑක් එක ගත්තා. කෝප්‍රල් කිරිමුදියන්සේ මැරෙයි කියලමයි කිව්වෙ. වෙඩි පොකුරක්ම වැදිල තිබුන කිව්වා. නමුත් අදටත් ජීවත් වෙනව. හැබැයි අබ්බගාතයෙක් විදියට. පස්සෙ එකම එක දවසක් හමුවුනා මූලික පරීක්ෂණ උසාවියට ඇවිත් ඉද්දි. එයාට ඇවිදින්න තව කෙනෙක් ඔින.
දිසානායකගෙ බෙල්ල හූරගෙන එක උන්ඩයකුත් අතේ උඩබාහුවෙ තව උන්ඩෙකුත් වැදිල තිබුනා කිව්වා. බරපතලම නෑ කිව්වා. වාසනාව කියන්නෙ මස් විතරයි හිල්වෙලා තිබුන කිව්වෙ. බෝන් ඩැමෙිජ් නැතිලු. තව එක්කෙනෙක් බරපතල තුවාල ලබල තිබුනා කිව්වා.ඒ කෝප්‍රල් සඳනායකගෙ ටීම් එකේ පුෂ්ප කුමාර.
අපිව මරන්න ආපු උන්දැලාගෙ දහ හතරක් මැරිල තිබුනා. තුවාල තුනක් ඉන්නව කියල සෙට්වල මොනිටර් වෙලා තිබුනා කිව්වා. එකෙක්  රණයගෙ හරි මගෙ හරි ග්‍රෙනේඩ් පාරකින්ම මහ පලවෙනියෙන්ම නිදහස් වෙලා තිබුනා. ඒ අතන වලේ.

 දැං ඔය හිතවතුන් කල්පනා කරල බලන්න උදේ ඉඳන් විහිලු කර කර හිනාවෙවී එකම පිඟානෙ කාල කෙල්ලො වක්කරල දුන්නු කහට එකත් එකම කෝප්පෙ බීල එකම රාජකාරිය එකම තැන කරල එකටම හිටපු සහෝදර සෙබළු නව දෙනෙක්ගෙන් තුන් දෙනෙක් මොහොතකින් අපෙන් වෙන් වෙලා ගියහම ඒ වෙලාවට දැනෙන දුක වෙිදනාව කොහොමද කියල. ඒ දුක වෙිදනාව දරන්න පුලුවන් සොල්දාදුවෙකුට විතරමයි. මගේ තාත්තා මැරුනට වඩා වෙිදනාවක් මං යුධ පිටියෙ විඳල තියෙනව. ඒක එක වරකුත් නෙමෙි. සිය දෙසිය වාර ගානක් විතර.
ඒත් අපි සටන ඉවරවෙලා පොයින්ට් එකට ඇවිත් ආයෙ රාජකාරි. කෝප්‍රල් කිරිමුදියන්සෙ වෙනුවට කෝප්‍රල් සඳනායකත් තුවාල වුනු දිසා  වෙනුවට තව කෙනෙකුත් වැඩිපුර තව තුන් දෙනෙකුත් දීල කඳවුරෙන් ආපු අයත් යන්න ගියා. අපේ තනියට ලුතිතන් සොයිසා විතරක් නැවතුනා. එයානං එක වචනයක් කතාකලේ නෑ. බලා⁣ගත්තු අතේ බලාගෙන හිටියෙ. අපිත් ජීවිතේම එපාවෙලා උනත් නැවත හොඳ මානසිකත්වයක් ගොඩනැගෙනකං පරිස්සමට ඉදිරි රාජකාරිය කරගෙන ගියා.

පහුවදා ආපු මීරාන් අංකල්ට අපි විස්තරේ කීවම පැය බාගයක් විතර මහ පාරෙ බිම ඉඳගෙන හොඳටම ඉකි ගගහ ඇඬුවා. වැඩියම ඇඬුවෙ එයාගෙන් පනිවිඩෙි අහපු කෝප්‍රල් කිරිමුදියන්සේ මැරුන කිව්වම. අපිත් ඉවසාගෙන හිටියෙ බොහොම අමාරුවෙන්. අපිත් ඒ වෙද්දි ඇත්තටම හිතාගෙන හිටියෙ එයා අපිව අතෑරල ගිහින් කියල. පහුවෙනිදත් රෑ තමා දැනගත්තෙ එයා ජීවතුන් අතර ඉන්නව කියල. ඒ අඬල අඬල ඉවරවෙලා මගෙත් ඔලුව අතගාල මූනත් ඉඹල කුඹුරු වැඩ පස්සට දාල  ආපහු යන්න ගියා.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.06.20

Thursday, June 18, 2020

රිටන් එක

මට මෙි දවස් ටිකේම එක දිගටම අසාදාරනකං සිද්ධවෙනව. මතක විදියට ඒක පටන් ගත්තෙ එදා අරුන්දැව කරේ එල්ලගන්න ගත්තු දවසෙ උස්සවෙි ගැනයි මෙි බඩුකෑලි ටික අත්තනගල්ල පන්සලේ පඩිපෙලේ බැහැපු කතාවයි කිව්ව දවසෙ ඉඳල.

අහන්ඩලාකො. මං ඔවුන්දැ ගැන කලින් මධ්‍යට නොකී කතාවක් කීවනෙ. ඒක හරි ආසාවෙන් කියවන්න මෙවුන්දැ දත්කූරු කක කකානෙ හිටියෙ. මගේ කටට බ්‍රෙික් නෑ කියන්නෙ ඔතන මීට කලින් හෙවනැල්ලටවත් නොකී කතාවකුත් මට නොදැනිම කියවෙලානෙ. මලගිනිවිජ්ජුම්බරයයි මෙහෙ.
දැං අහනව."ඇත්ත කියනවා.. තවුසෙ කවද්ද මල්වානෙ කොටුව පැන්නෙ" කියල. මට හිතිල තිබුනෙ ඔික කවද හරි අහයි කියල. ඒත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු උන්නෑ.
අර කසි කබල් මල්වානෙ හුටප්පරේ අපිට ගොඩක් පස්සෙ බැන්දෙ. ඒ වුනාට පැටව් ගැහුවෙ බැඳල මාස හයෙන්. ඒ මදිවට අර පැටික්කිගෙ මූනත් මයෙ වගේමලු. අපි ඒ සප්තලංට දූ පැටිය හම්බුනු දවසෙමයි බලන්න ගියෙ.   ඒ යද්දි ඇස් ඇරලවත් හිටියෙ නෑ. ඒත් මෙි ගෑනි බබා හම්බුන වාට්ටුවට ගිය වෙලේ ඉඳන් අර බබාගෙ මූන බලනවා,මගෙ මුන බලනව. ආයෙ මගෙ මූන බලනව අර බබාගෙ මූන බලනව. මං මෙි පපුවට අත තියල කියන්නෙ මගෙ ආදරනීය යාලුවනේ, මං කවදාවත් මල්වානෙ තනියෙන් ගිහින් නෑ නෑ නෑ නෑමයි.
ඒත් දැන් අර හිතේ චූට්ටි කොනක තිබුනු කොස්ස පරාලයක් බවට පත්වෙලා වගේ කියලයි මට හැඟෙන්නෙ.  උන්දැත් කතාව බලපු වෙලේ ඉදන් එක දෙයයි අහන්නෙ.
*ඇත්ත කියනවා, තවුසෙ කවද්ද එහා ගියෙ??
*මයෙ ආදරණීය බිරිඳ, මං තනියෙන් ටොයිලට් එකටවත් ගිහින් නෑ.  මෙි අහස පොලව, අර පේන වලාකුලු,මහා සාගරය, මෙි කොලපාටින් දිලෙන පරිසරය ගැන දිවුරා පවසන්නෙ මං තනියෙම කොහොවත් ගිහින් නෑ. අම්මපාව්.
*නැතිවෙන්න බෑ. මට මගේ යාලුව සුවර්.ඒත් තමුසෙව  සුවර් නැති එකයි පස්නෙ.
බලාපල්ලකො මං මෙිවට උත්තර දෙන්න ඔින කොහෙන්ද කියල.
පිලිගන්නෙම නෑ.

ආයෙ ඒ කතාව බලපු වෙලේ ඉඳන් මං දැක්කා මෙවුන්දැත් අපේ "වැලී කිලී බැටී" එක්ක එකතු වෙලා මොන මොනවදෝ පෝන් එකේ කුරුටු ගානව හුටු හුටු ගගා. කිලී කිව්වෙනං "ටාට්ටෙ ටාට්ටෙ.., ඔිං ඔයාටත්  බබාම්බෙන්ඩ නන්නෙ ඈ" කියල. මොකදෑ අහපුවම,එවුන්දැත් මට විරුද්දව කතාවක් කොටනවලු. මටනං කමහ් නෑ. ඔින දෙයක් ⁣කිව්වට. මං දන්නවනෙ මං අහිංසකයි කියල.
දැං ඔයාලා බලනව ඇති "වැලී කිලී බැටී" කියන්නෙ කව්ද කියල. ඉන්නකො පහදල දෙන්න.
"වැලී" ඒ මයෙ ලොකු එකා. අපේ වයිප්ට ඒ රත්තරං දරුවව හම්බුනේ මං වැලිකන්දෙ ඉන්නැද්දි ඉතින් හොයාගන්න ලේසි නිසා නම දැම්මා "වැලී"  කියල.
ඊලඟට දුව. මයෙ අප්පේ කියන්නත් මෙව්ව එකයි ආං දූවරුනං දූවරු. අම්මට හපන් ඔිකි. කවදා කොහොම කොතන මොන මිනිහා මරයිද දන්නෑ. කොටින්ම මාත් පරිස්සමින් ඉන්නෙ. ඒතරං  මරුමුස් ඩෑල්ලෙකක්. එයාගෙ නම "බැටී"

මං ඔය ගහක් ගලක් ගානෙ ටංක පෙට්ටියත් අඩිය අඟලට තැලෙනකං  උස්සගෙන අහට්ට මෙහට්ට අතොරක් නැතුව දුවන කාලෙ ආයෙ තැනක තාවකාලිකව නැවතුනා බැටී.  (රසනිගෙන් පස්සෙ කාලෙක.) ඒ කියන්නෙ මඩකලපුවෙ. මඩකලපුවෙ කිව්වට සතුරුකොන්ඩාන් වල. සතුරුකොන්ඩාන්වලට එන්නවුනෙත් මගේ පැවැත්මෙි  පුංචි දෝසයක් හටගෙන.
ඉතින් මෙි දැරිවිට තියෙන පෙනුමත් එක්ක "සතුරු"කියල නම දාන්න ඩිංගක් බයයි වගේ හිතුනු හිංද නම දැම්ම ලඟම තිබුනු ගමෙි නම "බැටී" කියල.

ඊලඟ එකානං දරුවෙක් නෙවෙි. තනිකර ත්‍රස්තවාදියෙක්. මට එහා ඌ. තුවක්කුවක හැඩෙි තියේනං හිරමනේ හරි කමක් නෑ..කිහිල්ලෙ ගහගෙන ඩෝං ඩෝං ගාන එකමයි වැඩෙි. උදේ ඉඳන් රෑ වෙනකං ගේ වටෙිම මහා දරුනු සටන්. මටත් හිටපු ගමන් පැනල වෙඩි තියනවා. හැබැයි වැඩිය එන්නෑ. "ඇනැප් පැලයං යකෝ යන්න" කිව්ව ගමන්. ආපහු දුවනවා.
එයාගෙ නම "කිළි" මෙයා අපේ උන්දැ සෝස කැලෙන් උස්සාන ආව කියන්නෙ මං කිලිනොච්චියෙ ඉද්දිලුනෙ.මටනං ඒ හැටි මතකයක් නෑ. ඒත් මං  අහගෙන කීප වතාවක්ම ගෙදර උංදැ ඔය කතාව කියනව  කිලිනොච්චියෙ ඉද්දි තමාලු හම්බ වුනේ කියල. සමාජෙං කොන් වෙයි කියල බය හංද මෙි ඔක්කෝගෙම නම් ටිකයි උපන්දින ටිකයි මං ඩයරියෙත් ලියාගෙන ඉන්නෙ. නැත්තං තාත්ත කෙනෙක් වශයෙන් කෝමද ජාති යන්තරේට මූන දෙන්නෙ. උවමනාවක් වෙච්චි ගමන් ඩයරිය බලල අහන එකෙකුට කියනවා. හරී සරලයි.

හැබැයි වැඩ ඇරිල එද්දි ගේන ටොපියක් උනත් බෙදන්න එච්චර අමාරුවක් නෑ
"වැලී ඉඳා"
"බැටී ඉඳා"
"කිළී ඉඳා"
 හරි සරල ජීවිත අප්පා. ඔය හතර බෑ ජටිලයොම එක්කාසු වෙලා තමා මට එරෙහිව කුමන්ත්‍රණය කරන්නෙ.
 සෙට්ටෙක අටම්පහියටම කතාව දායි සමහර විට. එහෙම එකක් කිව්ව කියල මට ආරංචියකුත් ආව. ඇපෘ කරන්ඩනං එපා මයේ දෙයියෝ.මට ඇඳුමක් ඇඳන් පාරෙවත් බැහැල යන්න බැරිවෙයි ඈ.

අහන්ඩලාකො.. ඔය කිලී කියනකොට මතක්වුනේ. මං හිටියනෙ කිලිනොච්චියෙ. ඔහෙට ආවෙත් එව්ව මෙව්ව පොඩි සීන් එකක් වෙලානෙ. අපේ මූලස්ථානෙ තිබුනෙ එතකොට තුනුක්කායි. එහෙ ඉද්දි ගෙවල්වල ඇතිකරපු හරක් බල්ලො පූසො සුදහගින්දරේ කුසුපොතු කොඳු නාරටියට ඇලිල යන එන මං නැතුව හිටියනෙ. පවු අහිංසක සත්තු. සංසාරෙ කලකිරෙන්න බාවනා කරන්නම ඔින නෑ. එක දවසක් ඒ දවස්වල මෙි සත්තුටිකයි මැරිච්චි සත්තු ටිකයි දැක්කනං සංසාරෙ ඔටෝම  කල කිරෙනව. මං වටාපිටාවෙ සිරි බලන්න තව එකෙකුත් ගෙන්නගෙන විසිට් එකක් යන අතරෙ මනුස්ස කටහඬක් ඇහිල දූවිලී වලා අහසට සුලි ආකාරයෙන් විහිදුවාගෙන විහිදුවාගෙන තමා ඒ සත්තු මයෙ ගාවට  දුවගෙන ආවෙ. එදා මට මෙි සත්තු දැකල සංසාරෙ විතරක් නෙමෙි,මට මාවත් කල කිරුන. එදා පාරවල් ගානෙ තිබ්බ හට්ටි හට්ටි එක්කහු කරල ලිඳකින් වතුර ඇදල ඇදල පිරෙව්වා. ඒත් තනි මං ඊට එහා මක්කරන්නද.
  හැබැයි ඊට පහුවෙන්ද ඉඳල කලේ හැමදාම මෙස් එකේ ඉතුරුවෙන කෑම පෝර උරේකට දාගෙන ඒකටම ඉතුරුවෙන හොදිත් දාගෙන කරේ තියාගෙන කිලෝමීටර් තුනක් විතර ටයර්වත් නැති රිම්දෙක විතරක් තියෙන සයිකලේක  පාගනව දවසට දෙපාරක් මෙි සත්තු ඉන්න ගම්මානෙට. ඒ යද්දි  ඉතුරුවෙන බත්වලට දාං යන මස් මාලු හොදි මගේ කොඳු නාරටිය දිගේ බෙිරි බෙිරි ඇවිත් තට්ටං දෙක මැද්දෙන් ගලා ගිහින් කකුල් දෙක දිගේමත් බෙිරිලා සෙරෙප්පුවලින් බිංදුව බිංදුව බිමට වැටෙනව. සෙරෙප්පු දෙකත් යටිපල්ලට ඇලිල සයිකලෙන් බහිද්දි. ඒක හරි අමාරු කාරියක්. මොකද මං ඒ කිලෝ මීටර් තුන යනකොට මුලු ඇඟම ඉඳුල්වලට දැවිල්ල අල්ලනව. ඒත්  ගේම අතෑරියෙ නෑ. දෙමලද මුස්ලිම්ද සිංහලද මට අදාල නෑ, ඒ අහිංසක සත්තු මෙි ලෝකෙ උපන් සත්තු විතරයි. බල්ලො හිටියා තිස් නවයක්,පූසොනං දාසයයි. හරක් පස් දෙනයි මට හම්බුනේ. කිව්වට විස්සාස කරන්ඩ, යුද්දෙක තියෙන භයංකාරත්වය කියන්නෙ , අර අහිංසක සත්තු පොකුරු පොකුරු තැන් තැන්වල මැරිල මුලු පලාතම ගන්දස්සාරෙ බෑ. මැරිල තියෙන්නෙ බඩගින්නෙ. සමහරු ආටි වලට වෙන්නැති. නෑඬි තියෙයිද මයෙ අප්පලා.
ඉතින්  මං අපේ කඳවුරේ ඔක්කෝටම හොරෙන් එලි පහලිය තියෙන වෙලාවෙ ඔිව ටික අරං ගිහින් අරුංට දාල කනකං බලං ඉඳල හරක් දක්කගෙන එනව ඉරනමඩු කොටින්ගෙ රනර් වෙි එක ගාවට. ඇවිත් උං කනකං බලා ඉඳලා ඔලුවත් අතගාල තමා එන්නෙ.
ඔික කොහොමහරි අපේ විදායක අධිකාරිතුමාට දවසක් මාට්ටුවුනා. ඊට පස්සෙ රට පහක කේස් දැම්ම කියන්ඩලාකො මට.  අපේ ඒකකයට අලුත් ඔපිසර් කෙනෙක් හිංද වැඩිය ආරච්චි ගැන දන්නෑ. ඒ නිසා මං තනියෙන් ගමට ගියාය කියල මගෙන් එස්පනේසනුත් ගත්තාම කියමුකො.
මාත් ඉල්ලන පමාවෙන් ලියල දුන්නා. හැබැයි අවංකෙම්ම කියන්නෙ ඒ සර්ගෙනං වැරැද්දක් නෑ. ඒ නිසා මං කවදාවත් උන්නාන්සෙට දොස් කියන්නෑ. මට මොනාහරි වුනානං වග කියන්නත් ඔින එතුමලාමනෙ. අනික යුද්දෙත් ඉවරනෑනෙ. හැබැයි මගෙ තිබ්බ හිතුවක්කාරකම කියන්නෙ මං  වැඩෙි කොච්චර එපා කිව්වත් නැවැත්තුවෙත් නෑ.

හැමදාම උදේ නවය වෙද්දි කෑම උරේ කරේ තියාගෙන පාගනව. ආයෙ තුන වෙද්දි පාගනව. වැස්සියො හතරදෙනාටත් වස්සටත් කවනව. බූරුවෙකුත් හිටිය ඔය අතරෙ. මාත් ඔවුන්ට ඉතුරුවුනොත් බතුත් දෙනව. තව රහසකුත් කියන්නංකො. මං ඔවුන්දැලාව දකින කොට හේමත් වෙලා එක එක තැන වැටිල හිටියෙ නැගිටගන්නවත් පන නැතුව වතුරවත් නැතුව. තව සමහරු ඒ වෙද්දි  පන අදිනව. මං පලමුව වතුර අල්ලෙන් පටන් ගත්තෙ. දෝතින්ම තමා ඉස්සෙල්ලම  ඔිකුංට  වතුර පෙව්වෙ.

පලවෙනි දවසෙ සර් කිව්වා "ආරච්චි ආයෙ අහුවෙන්න එපා පස්සැන් ලාස් චාස් කිව්වා. ඇහුවෙනෑ.
තව දවසක ටූඅයිසී සර්ට මාට්ටු. සර්නං හෝන් එක්කුත් ගහන්ම ගිහින් මං ඇතුලට ගියාම  ගෙන්නලම ඇහුවට පස්සෙ මං විස්තරේ කිව්වා.සර්රුත් මංදිහා විනාඩි පහක් විතර බලන් ඉඳල යන්න කිව්ව මිසක් වචනයක් කිව්වෙ නෑ. ඒත් ආයෙ විදායක තුමාටම කීප වරක් මාට්ටු වුනා. ඊට පස්සෙනං මට සමාවක් ලැබුන්නෑ. ඒකෙ පතිපලය වුනේ මං කිලිනොච්චියෙ තාවකාලික පදිංචියට යෑම.

ඒකනං අවුලක් නෑ කියමුකො. මං මාසයකට කිට්ටුවෙන්ඩ  අරුන්දැලාට කෑම දීල දීල පුරුදුවෙලා තුනුක්කායි ගමට ගිහින් ඩාලින්, රෙපා, සූටා, චලා, බට්ටා, අඩා, බුරියා, ඇටයා,කොස්සා, ලබ්බා කියල කෑ ගහපුවම මං වටෙි රෑනයි බල්ලො පූසො. ගොනයි ගොනියි කිව්වනං පස්දෙනයි හරක්. පුත්තලාන් කිව්වනං බූරුවෙකුත් එනව හිමීට හිමීට ඔලුව දෙපැත්තට වන වන බූරුවෙක් වගේ.  ඒකනං මෙි සංසාරෙටම ඇති දෙයියො.
ඔිං ඔහොම ගිහින් ඉන්න කාලෙ තමා අපිට "කිලී" හම්බුනා කියන්නෙ.. එතකොටත් යුද්දෙ ඉවර නෑ. අපි තාවකාලිකව ඒකක සංවත්සරයක් හිංද ඔතන නැවතිලා හිටියෙ. නැවත ආයෙ ඉතින් ඩෝං ඩෝං  තමා.

මං එදා දාපු කතාවෙන් අපේ උන්දැගෙ මදන යකා ඇවිස්සුනා කිව්වනෙ. ඒක ඇත්ත. මුරුංගා තෙල්දාල උයපු කතාවක් කිව්වනෙ. ඒකත් බොරු හොඳේ. මගේ ආදරණීය පිංයබිකාව ඉන්නවනෙ. එයාට මුරුංග එහෙම හොඳට උයන්ඩ පුලුවන් ඈ. මං නිකමට විහිලුවක් කලේ හොඳේ. (තාම මගේ ඉස්සරහ පොල්ලෙලි දත් දෙක ඇදුං කනව හලෝලා. ඒක එහෙමයි කියල කියන්ඩ කිව්වෙ පිහියකුත් බෙල්ලට තියල)
අපේ ඉස්තිරී පරානෙ  ආයෙ සෝක් දෙකයි. ලංකාවට ඉස්සර පිස්සො නැව්තුනක් ගෙන්නනවත් එක්කම ගොං බඳින කණු නැවකුත් ගෙන්නුවලුනේ.ඒක මට මතකයි ගැසට් කරලත් තිබ්බා ඒ දවස්වල. මං මෙි නිකමට වගේ වගකීමෙන් කියන්නෙ අපේ එක්කෙනා ඒ ගොං බඳින කණු ගෙනාපු නැවේ කුඹ ගහේ මුදුනෙ එහෙම නෙවෙයි ආවෙ හොඳේ. එයා ආවෙ ඒකට චූට්ටක් එහාපැත්තෙන් ආපු අර කණුවල බඳින්න රට හරක් ගෙන්නපු නැවෙි.
මයෙ අප්පලාට කියන්න දැන් හෙන මෙව්ව එකයිනෙ අපේ ගෙදර. ආං අද කෑමට බිත්තර ඔම්ලට් දාල තිබුන බුල්සයි කරල. මෙයානං කියන්නෙ ඔිකට බොන්සායි කරනව කියල.මං මෙි ඒක කන්නෙ කෝමද කියල හිත හිතා ඉන්නෙ. ඒකෙ කෑල්ලක් කඩල ගන්නකොට ඇඟිලි පල්ලෙන් ඉස්ම බේඒඒඒඒරෙනව.අනේ මංදාප්ප.

ඇත්තටම එයා මට ගොඩක් ආදරෙයි.ඒකත් කියන්න එපායැ. එක පැයක් මාව දකින්නෙ නැතුව ඉන්න බෑ. මං කොහේ ගියත් පැයෙන් ගෙදර එන්නෝන. එතකොට තමා මෙයා සතුටෙන් ඉන්නෙ. මාව නොදැක්කොත් එක පැයක්, මෙයාට වෙිල් සීයක් කෑවෙ නෑ වගෙ. ඊයෙත් මට උදේ අතට සල්ලි දීල කිව්වා

*අයියෙ, කඩෙිට ගිහින් ඉක්කන්ට මෙි බඩුටික ගෙනත් දෙනවකො.
*ඉතින් ඔික මිනිහට කියහංකො ගෑනියෙ.මට කියන්නෙ.
*ඉතින් මිනිහට තමා කිව්වෙ.නැතිනං ඔය ඉන්නෙ මොකාද.
*ආ එහෙමත් එකද්ද කියන්නෙ. මං ඇත්තටම කසාදත් බැඳලද බං. මාත් ඇස්දෙක ලොකු කරගෙන ඇහුව.
*නැහ්නං.
*ආ එතකොට මං උඹෙි මිනිහද ඒ කියන්නෙ. අයියෙ කිව්ව හිංද මං බැලුවෙ.
*නැත්තං, මෙි පැටව් හැදුනෙ හුලඟින්ද.
*ඒකනං සමහරවිට කියන්න බෑ. මොකද බෝක්කු දාල හුලං කව්ලු තියන හැටියට මට ඔිකත් සුවර් නෑ..
*අනේ මෙහ්..මෙිං මෙි බඩු ටික ගේනවා ගිහින් මගෙන් මුකුත් අහගන්නැතුව. හැබැයි රෝන්දෙ ගිහින් වෙනද වගේ පැයෙන් එනව කියල හැන්දෑවෙ පහට විතරනං එන්න එපා. දවල්ට උයන්ඩ හාල් නෑ. එහෙම උනොත් ඒ ඉන්න තැනකම නවතිනව ඈ.
 ඔහොම කියලා මට බඩු බඩු වල නං වගෙයක් ලියපු කොලකෑල්ලකුත් අ⁣තට දුන්නා.

මං ඒක කියෙව්වා.
1. නාල් සමීබා 5යි කි.ගෑ
2. සීති 1යි කි.ගෑ
3. 3×5 පැක 01යි 250 ගෑම්
4. පරිපු නැතිනං මුංඇට හොඳයි. 1යි කි.ගෑ
5. කීං කැකර ලොකු 1 යි පැ.
6. ෆෙයාර් ඇන්ඩ් ලව්ලි 01 යි (ඇඩ්වාන්ස් මල්ටි විටමින්,සොෆ්ට් ස්කින්,අල්ට්‍රා වයලට්, විටමින් B+ මිල්කි වයිට්නින්)
මං අර උඩ ඔක්කෝම ටික ගෙනාව. අන්තිම එක ගෙනාවෙ නෑ.
මාත් උදේ නවයට විතර කඩෙි ගිහින්  තුනහමාරට විතර පැයෙන් ගෙදර ආව.
අවුලක්මත් නෑ. තාවකාලික දියර වර්ග විතරයි තාම පුලුවන්. හැබැයි රෑ ඇඳේදිත් දෙකක්ද තුනක්ද මන්ද දනිස්සෙන් යටි බඩ දිහාට ඇන්න. මං ගනන් කලේනං නෑ. ගනන් කරල ලියනවනං එහෙම පිටු දෙසීයෙ සීආර් පොතක් සතියටත් මදි.

හැබැයි මාත් මගේ රත්තරං කඳට ගොඩක් ආදරෙයි. බොරු කියන්න ඔින නෑනෙ. මං ආදර කතා දෙකකින් නන්නස්තාර වෙලා ඉද්දිනෙ මෙයාව හම්බුනේ. මාත් පපුවෙ ඉතුරු වෙලා තිබ්බ ටිකෙන් පන ඇරල මෙවුන්දැට ආදරේ කලා. එක දවසක් උදේ පාන්දරක මයෙ පපුවෙ තියෙන සෙනේ කඳ මෙවුන්දැට පෙන්නන්න ඔින කියල හිතල ඇඳෙන් නැගිටින්න කලින් සුදු නලල් තලය ඉඹල "ගුඩ් මෝනින් වස්තුවෙි" කියල විශ් කලා. ඔලුවත් විනාඩි දහයක් විතර අතගෑව. එහෙම කරන්න හිතුනෙ, ආදරයෙන් පිරුන පවුල් ජීවිතයක් ගත කරන්න ඔිනනං පලමුවෙන් අපි එයාව සතුටෙන් තියන්න ඔින. එයාගෙ හැම දෙයක් ගැනම හාර හාර හොයල බලල කරල දෙන්න ඔින. එයාට සුවාමිපුරුසය ගාව විතරයි ආරක්ෂාව තියෙන්නෙ කියල හැමතිස්සෙම අඟවන්න ඔින. වැඩට පලට උදව් කරන්න ඔින. බැඳපු දවසට උපන්දිනේ දවසට පොඩි විශේෂයක් කරන්න ඔින නිසා.
කොටින්ම හැම දේකින්ම මං එයාට ගොඩක් ආදරෙයි කියල ඇඟවෙන්න අරින්නම ඔින. ඔික මං තේරුං අරන් කොරන්න ගිය ඉස්සරලාම දවසෙ මගෙන් එයා ආදරයෙන් ඇහුව එක වචන පේලියක් ලවන් පෙති යුග අග්ගිස්සෙ තාමත් රැව් දෙනව. "කවදක්කත් නැතුව මූනත් ඉඹල,ඔලුවත් අතගාල තවුසෙ  පාංදරින්ම මොකාටද මෙි එන්න හදන්නෙ??."
එදයින් අදත් මං ඔය යෝදිට අනංමනං කරන්න ගියෙ නෑ. ඉන්න විදියටම ඉන්න දුන්න.

එයාගෙ උපන් දිනය තිබුනෙ මට මතක විදියට පෙබරවාරි 24. මතක විදියට කිව්වෙ මං එයාගෙයි ලමයින්ගෙයි උපන්දින සම්පූර්ණ නම ආදි අරව මෙව්ව  ලියල තිබුනු ඩයරිය කිලී පෑනක් අහුවෙලා බිම දාගෙන කුරුටු ගාල. ඒ කුරුටු ගාපු හේතුවෙන් මං දැක්කෙ දෙකේ ඉලක්කම තුනේ ඉලක්කම වගේ. ඉතින් මාර්තු විසි හතර වෙනිදා මාත් දහයෙ චොකලට් එකක් එහෙම සාක්කුවෙ දාගෙන ඇවිත් නලල ඉඹල "හෑපි බඩ්ඩෙි මයෙ ෂුධාම්මීඊඊඊ" කියල විශ්කලා. කරුමෙ කියන්නෙ සාක්කුවෙ දාං හිටපු චොකලට් එකත් රස්නෙට දියවෙලා කියහල්ලකො. කෙලින් කරල දෙන්න හැදුවම ඒකත් දෙකට මැද්දෙං  නැමුන. එදානං මෙයා වඩිග පටුනත් නටල තාමත් නමක් නැති නැටුමකුත් නටල මහ පිරිතත් කියල ඇම්ජී ගුණසේනගෙ විරිදු බණ පංතියකුත් කියල තමා නැවතුනෙ. තාම රැව්දෙනව කංවල.

උපන් දිනේ කිව්වම මතක්වුනේ. එවුන්දැගෙ මල්වානෙ යාලුවා ආවනෙ බඳින්ඩ කලින්  දවසක අපේ දිහා. ඒත් අපේ ගෙදර එක්කෙනාගෙ උපන්දිනේ දවසකනෙ. ඒ අවුරුද්ද⁣දෙ මෙයැයිගෙ උපන්දිනේ දවස් තුනකට විතර කලින් අහම්බෙන් මතක් වෙලා මං කාබන් පෑනක් අරන් අල්ලෙ තදින් පාට කරලම ලියාගත්තා. නැත්තං අමතකවුනොත් එහෙම කියන්න බෑනෙ. ඒ ලිව්වපාර කියන්නෙ දවස්ගානක් ඔික නොමැකී අතේ තිබුනා. උපන්දිනේ දවසෙ මං ගියා මෙයාට තෑග්ගක් ගන්න. ටාගට් එක තිබුනෙ හෑන් බෑග් එකක් ගන්න. මෙයාගෙ තිබ්බ එකෙත් අන්ඩක් ගැලවෙලා බත් ඇටවලින් අලවල වගෙ තිබුනෙ. ටිකක් තදින් අල්ලපු ගමන් "හුටස්" ගාල ගැලවෙනව. පව් කියල හිතුනු හංද ගියේ ඒකක් ගන්න කිරිබත්ගොඩ තිලකවර්ධනේට. මෙවුන්දැ පදින්නෙ ඩිස්කවරියක්. කොලඹ කෙල්ලොනේ. මගේ පෙර පිනේ හැටි කියන්නෙ මල්වානෙ කෑල්ලත් මං ටවුමෙ කරක් ගගහ ඉන්නව දැකල රූං ගාල ඩිස්කවරිය හරවලා දූලි වලාවක් එක්ක ඇවිත් මං ගාවින්ම නැවැත්තුව. ඒකිගේ පපුවෙ තියෙන්ඩ ඔින එව්ව ටැංකියෙන් එකයි.තිබ්බෙත් ටැංකිය උඩ,කට දෙකොන කනේ.
*ආ අයියා..
*මරන්ඩ හදනවද හුක්.  මං ඇහුවා. ඒකට හැප්පිලා මැරුනටනං කමක් නෑ, තුවාල වෙලා බෙිරුනොත් මැරෙනකං වෙනිවැල්ගැට තම්බ තම්බ බොන්න වෙනව සයිකලේ මලකඩ ඇගේ ඇනිල.
*හෙට අක්කගෙ උපන්දිනේ නේ??
*ඔව් ඔව් මටත් ආරංචියි.
* ආරංචි නෙමෙි..ඇයි මතක නැද්ද.
*දැං කියහන් ඔිකත් ගිහින්. මං මෙි හෑන් බෑග් එකක් ගන්න යන්නෙ.හෙට දෙන්න.
*වාව්.. කැට කැටනෙ. වරෙන් යන්න මං එකක් තෝරල දෙන්න.
*අනේ මෙි. මං හොඳ එකක් ගන්නං. පිං සිද්දවෙයි දැන් ඔයා මෙතනින් යන්න සුදු නංගි.
*ආ.. ඇයි මෙි..අය්යා බය වෙලා?? .ඔහොම බෑ හොඳේ. ඔහොම බය වෙලා පුලුවන්ද හලෝ..
*බය වෙන්නැතුව පුලුවන්ද නංගි. අපි දෙන්න මෙහෙම කතාකර කර ඉන්නව දැක්කොත් රට්ටු මොනවා නොකියයිද. දැං ඔයා මෙතනින් යන්න සුදු නංගි.
*අනේ මං උඹව උස්සගෙන යන්න ආවෙ නෑ. වරෙන් වරෙන් එකක් තෝරල දෙන්න.
*අනේ මට බයයි සුදු නංගි. අපිව අඳුරන කව්රුහරි එහෙම ආවොත්..මාත් ඉවරයිනෙ.
බොහොම අමාරුවෙන් කියල කියල එවුන්දැව එලෝගත්තෙ.ඇත්තටම මගේ ආදරණීය යාලුවනේ මං හරි බයයි ඔව්වට. ඊලඟට කරේ අතදායි.ඊට පස්සෙ අරහෙන් මෙහෙන් අල්ලයි මිරිකයි. අසරණ අපි තැලෙයි. ඔිකනෙ අද සමාජෙ.
කොහොම හරි ඒ අවුරුද්දෙ මං ලස්සන හෑන් බෑග් එකක් මයෙ සුද්දිට තෑගි දුන්නා. ඒක රැපියල් වලින්ම එකසිය පනහක් විතර උනා. ගෙනත් සතියයි මං දැක්ක දරමැස්සෙ යටලීයකත් එල්ලල තියෙනව ගමෙි ඈයොන්ට පේන්න. කොයි ගෑනු කෙනත් කැමතියිනෙ තමන්ගෙ මහත්තයාගෙන් උපන්දින තෑග්ගක් ලැබුනම කාට කාටත් පෙන්නන්න.

හැබැයි මං තාමත් එයාට ගොඩක් ආදරෙයි. මගේ පනටත් වඩා. කොටින්ම වෙනදටත් වඩා.

අඟහරු තුනේ උච්චය මගෙ සිකුරු හත
මෙි දීගයෙන් හැමදාමත් ලැබුනි       සෙත
බුදු වස්තුවෙි උතුරයිනං  පපුවෙ      තෙත
පතුරනු මැනවි තම සැමියට කුලුනු  හිත

" I'll Forget many things in my life time. But my darling i can't foget you."
අයි ලව් යූ සූමච් මයි බෙයිබෙි..😁😁😁😁


රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.06.18

Monday, June 15, 2020

සොඳුරිය



නිතරම කරන කරදර ගැන කුමට            දොඩා
පලනැත කිසිම විට හිමිනැති දෙයට        හඬා
නිමකර ගන්න ජීවිතයෙදි නැගෙන           විඩා
නුඹ මට අගෙයි  ලඳුනේ වෙනකෙකුට      වඩා

වියපත් මනස මත නැගෙනා             සිතිවිල්ල
නුඹ ලැම මත තිබෙි කවියක           සැනසිල්ල
එනමුදු සෝ තැවුල් ලංකර                මැසිවිල්ල
නොනගනු සොඳුර පසුවට වෙයි      ලතැවිල්ල

ඉතිරී තිබෙන සෙනෙහස පුදකල        සොඳුරේ
පැතිරී තිබෙි එය මගෙ හදවත               මැදුරේ
මැතිරී කෙඳිරියක සිරි ලතැවිලි               නුදුරේ
වැතිරී හිඳින් එනතුරු ගල්ලැහැ             පැදුරේ

තව තව හුනංගුව නැත එළි              නිවන්නද
මුව අග නැගුනු කෙඳිරිය නිම            කරන්නද
නුඹ නැති තැනක මොන මිහිරක්      ලබන්නද
යුදයට නොමැති කඩුවෙන් කොස් කොටන්නද


රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.06.15

Sunday, June 14, 2020

මගේ වෙඩින් එක

මට හැමදාම මළ කරදරේ අපේ ගෙදර උන්දැගෙන් එයා ගැනත් කතාවක් දාන්න කියල. ඉතින් මාත් අදහස් කලා මගෙ පිංයබිකාව නොහොත් කේප්ප කුලප්පු උම්බෑවලාගේ පරුසලතා ගැන පොඩි ටෝකක් දෙන්න. මං මෙයාව හම්බවෙච්චි හැටි කියන්නං කියල හිතාගෙන හිටියත් ඔලුවට ආවෙිම වෙඩිං උස්සවෙි ගැනම කියාපිය කියල.  පස්සෙදි ඔන්නොහෙ යන කැකිරිවත්තකින් පලයන් කියල කලවම් කරලම දානව කියල හිතාගෙන මෙි කොටාගෙන කොටාගෙන ගියා.


මෙයා මට හම්බුනේ අත්තනගල්ලෙදි.  අත් තන ගල්ලෙ නෙමෙි. අත්තනගල්ලෙදි. අපේ ගමෙි පන්සලේ විලාසිතා තරඟයක් පවත්තනව ඒ දවස්වල මාසෙකට සැරයක්. ඒකට සහභාගි වෙන්නෙත් ගමෙිම ඉන්න කේප්ප වැස්සියො ටික තමා. සාය ගවුම දණහිස්සෙනුත් වියතක් දෙකක් උඩට  කොටයි. බුලිලටත් මෙිකප් දාලා එන්නෙ මුං. බැරිවෙලාවක්කත් අපි වගේ හැදිච්ච එකෙක්ගෙ අතක් පයක් වැදුනොත් හැට්ටෙ දනහිස්සෙ සාය වලලුකරේ. වැඩිය කල්පනාවක් නැතුව වගේ වැටිච්චි දෙයක් අහුලන්න නැමුනොත් ඒම මයෙ අප්පේ පිටිපස්සෙන් අහසත් පේනව. ආං එහෙමයි අපේ විලාසිතා තරඟෙ පවත්තන්නෙ. ඒක තියෙන්නෙ හැම මාසෙකටම සැරයක් පසලොස්වක පෝයදාට.

මාත් එදා තව එක අතීසාර මිත්‍තරයෙකුත් එක්කහු කරගෙන ගියා මෙි විලාසිතා තරගෙ බලන්න. මං ගියාම පල්ලෙහා අන්තිම පඩියෙ පැයක්නං ඉන්නවා. ඒ උඩින් තරඟ කාරියො බහින හැටි බලාන. ඒ බලල ඇතිවුනාම තමා උඩට නගින්නෙ. එදත් ඒමයි. අපිත් පස්සෙ ගෙදරින් අරන්ගිය අරලියමල් වට්ටියයි කටරොලු වට්ටියයි අනික් කලමනා ටිකයි අතිනුයි කටිනුයි එල්ලගෙන මදි උනාම කිහිල්ලෙත් ගහගෙන උඩට නැග්ගා. ඒ නගිද්දි මං දැක්කා ලස්සනම ලස්සන, මුහුන පායපු හඳක් වගේ දිලෙන, වරළ සිකි පිළ  වගේ හැඩ, තාලෙට පියවර ඔසවන, හැදිච්චි තැනක ගෑණු ලමෙක් හිමීට හිමීට බිම බලාගෙන පල්ලෙහාට බහිනව. හැබැයි ඒ උන්දැට අනුව. මම දැක්කෙ කකුලෙ මහපට ඇඟිල්ලෙ ඉදල ඉහලට කබර හැදිච්ච ඇස්දෙක වපර වෙච්ච හෙන වැදිච්චි පොල්ගහක් වගේ අයිටම් එකක්. මූනෙන් එකයි කුරුලෑ. දත් අරියාදුවට හිටෝපු පොල් පැල වගේ. ඇඳගෙන හිටියෙනං සුදු ඇඳුමක්. හැබැයි ඒකෙන් මෙි පංචස්කන්දෙ වැහිල තිබුනෙ. පල්ලෙහාට බැස්සෙත් එක අච්චුවෙන්ම හදපු ඉස්පංචි වගේ කෑලි ටිකක් එක්ක කිචි බිචි ගගා. මං රබර් ඇහැ දාල බැලුව මෙි දිහා. හැබැයි මෙි ලස්සන හැඩ පොඩි කොල්ලාව දැක්කම මෙවුන්දැගෙ හෝමෝන කියාකාරිත්වය වැඩිවෙලාද මංදා එක පාරටම ගැස්සිලා වගෙ ගියා.

මගෙත් කටට බ්‍රේක් නෑ.ඒ හුචක්කු ටික ලගට ආවම
*නංගි වැඳලද බහින්නෙ.
*ආ නෑ අයියා.අපි උඩ සිංදු කියලනෙ බහින්නෙ. ඒ උත්තර දුන්නෙ එවුන්දැගෙ මිත්‍ර පාක්ශික පරානයක්.
*මං ඔහේගෙන් නෙමෙි ඇහුවෙ. මෙවුන්දැගෙන්.
*කාගෙන් ඇහුවත් උත්තරේ ලැබුනනෙ.
*දේවාලෙටත් ගියාද?
*නෑ. කෝවිල් ගියේ.
*ලොකුද මං ඇස් දෙකත් ලොකු කරල ඇහුව.
*මොකද්ද
*කෝවිල.
*බලාගන්නව උඩට ගිහින්.
*හා මං බලාගන්නං. හැබැයි මීට පස්සෙ අනුන්ගෙ බුලත් නැටි පාගන්න එපා.
*ඇයි.
*නෑ. නෑ. මං අහපු කෙනා නෙමෙිනෙ උත්තර දුන්නෙ.ඒකයි. ආපෝ. කෙල්ලො නේද. ඇයි මෙි ඇවිස්සිලා??
*අනේ මේහ්... වදින්න ආවනං වැඳගෙන යනව. ආව මෙතන.
*වඳින්න කෝවිලක් නෑනෙ. ඒකනෙ මෙි කියන්නෙ.  මං කිව්ව.
එවුන්දලා කිචි බිචි ගගා පල්ලෙහාට ගියා. මාත් උඩට යන එක නවත්තලා හිටපු තැනින්ම යූ ටර්න් එකක් ගහල මුන්දැලගෙ පස්සෙන් පල්ලෙහාට ආව.

අපේ පංසලේ පල්ලෙහා හරියට මහපොල වගේ. නැති දෙයක් නෑ. මෙයාලා රටකජු ගන්න නැවතුනා. මාත් ඒ ගොඩෙන්ම මෙයාලා ගත්තු ගානම ගත්තා. මුන්දැලා බූන්චි ගත්තා.මාත් ගත්තා. ඔහොම ඔහොම ඇවිත් කෝම හරි ටෝක් කලා මෙිකිට. මයෙ අප්පෙ ඔලුව උස්සල බලන්නෑ.ඒ තරං හැදියාව. කොහොම හරි ඇඩ්‍රස් එක දුන්නා.දීල තමා උඩට නැග්ගෙ. අර ඉසකුඩිච්චියො ටික මෙයාගෙ බාප්පලාගෙ දුවල. නිවුන්නු කපල් දෙකක්. එකම විදිය. ඇඳගෙන හිටියෙත් එකම විදියට. දැන්නං හිතෙනව ඒවගෙන් එකක් එල්ල ගත්තනං සෝක්නෙ කියල. අක්ක නංගි මාරුවුනත් අවුලක් නෑනෙ.

හැබැයි අපි ඒ පැයට චුට්ටක් විතර හිතවත් වුනා.
මං ඔය අස්සෙ මෙිකිගෙ නම ඇහුව. නම කිව්වා. මගෙ නම ඇහුව.
*මගෙනං ඔයාගෙ වගෙ ලස්සන නමක් නෑ වස්තුවෙ.
*කියන්නකො.
*සීනි කරිඤ්ඤං අලෝදි අප්පුහාමිලාගෙ බංකු සේන. ඒත් ගොඩක් අය කතාකරන්නෙ බංකු කියල. ඔයත් එහෙම කතා කරන්න.මගෙ තරහක් නෑ.
මෙිකි නෙමෙි පිලිගත්තෙ. පස්සෙ ඇත්තම නම කිව්වා.
*සාප සාපති සා දිසාපති සාදින්නක්කාර මුදියන්සේලාගේ බෙලිකටු හැඳිනගේ වැදගැම්මකට නැති මුදියන්සේලාගේ කසුන් ප්‍රභාත් රුවින් චාමර අචිර ඉරෝෂන් යද්දෙහිආරච්චි.
*මොකක්.
*රුවින් කියල තමා ගොඩක් අය කතාකරන්නෙ. ඔයත් එහෙම කතාකරන්න.
පස්සෙ රුවින් "රුවින් අයියා" විදියට දික්කරල කතා කලා.

ඉතින් අපි පංසල් ගිහින් ඇවිත් ගෙදරත් ගියා.මං කඳවුරටත් ගියා. මාසෙකට විතර පස්සෙ මුතු කැට අකුරින් ලියුමක් ආව. මයෙ අප්පේ...ඒකෙ තිබුනු දේවල්.
එක තැනක තිබුනා "ඔයා දුනු ඇඩ්ඩස් එක තිබෙ මගෙ කොටෙි යට, ඔයා කරප වීලු මට හැමමත් රූට රූට  හරියට සිහිවෙි" කියල. ඉතිරි ටිකත් රාජකාරි ලියුමක් කියෙව්ව වගෙ
කිසිම ගතියක් නෑ. මාත් ලියුමක් යැව්වා. ඔහොම ⁣ඔහොම ලියුං හුවමාරු කරගෙන මාස දෙක තුනක් ගියාම අපි අත්තනගල්ලෙ පන්සලේදිම කතාවෙලා හමුවුනා. හැබැයි පෝය නැති දවසක. එදා ඇවිත් හිටියෙත් අර කපල් එකක් එක්ක.

එදානං පට්ටම පට්ට දවසක්. ඇතිවෙන්න උන්දැලව හිනස්සලා මාත් හිනාවුනා.  අපි ගොඩක් දේවල් එදා කතා කලා. මං මගේ විස්තර ඔක්කෝම කිව්වා. එයත් කැමති වුනා. එයත් විස්තර කිව්වා.මාත් කැමතිවුනා. දැං බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා අපේ ආදර කතාව ගලාගෙන ගලාගෙන යනව. හැබැයි මගේ අතින් අතපසුවීම්නං කීපයක්ම වුනා. සමහර වෙලාවල්වලට එයාගැන හොයා බලන්නත් බැරිවුනා. ඒත් එයා ඒව ගණන්ගත්තෙ නෑ. මං ඉතින් එහෙම වුනේ ඇයි කියල අහපුවම දවසක ඇත්තම කිව්වා. පපුවෙ තුන්කාලක් පිරිල තියෙන්නෙ.කාලයි ඉතුරු කියල.එයත් ගොඩක් දුක්වෙලා ඒ කාල එයා වෙනුවෙන් ඉතුරුකර ගන්න කිව්වා.
බලන්නකෝ නේද මගෙ ආදරණීය යාලුවනේ කරුමෙ කියන එක කැරකෙන හැටි.

අපි ගෙවල් වලින් කතාකරල දෙගොල්ල බලන්නත් ගියා. බැලින්නං මුන්දැගෙ අප්ප අපේ අම්මගෙ පන්තියෙ ඩෑල්ලෙකක්. ඔිස්ටෙිලියානු සම්බවයක් තමා තියෙන්නෙ. දැක්කගමන් නම කියලම කතාකලා. මටත් ඉතින් සංදෝශයි.
ඔය කටයුතුත් සිද්දවෙලා අපි වෙඩින් එකත් ගත්තාම කියමුකො.
බලන්නකො ඒකෙත් හැටි.

හැබැයි ඒ දවස්වල වුනත් මට වෙච්චි අසාදාරන ගැන කියන්න කව්රුත් හිටියෙ නෑ. පිරිමි අපි කොතනත් අසරණයි. සමහරු හිතන්නෙ පුරුෂාධිපත්‍ය තමා මෙි ලෝකෙ තියෙන්නෙ කියල. බම්බුව තමා. ඒව පොතකට පතකට සීමාවෙච්චි නිකන්ම නිකන් බහුබූත. ඔය කියන අය අරං ගිහින් පෙන්නන්න ඔින පවුල් කන පිරිමි ඉන්න ගෙවල්, සෙල්ලම බලන්න. හෙනයක් පාත්වෙනවනං පිරිමිය ඉදිරියට. වාසියක් වෙනවනං කාන්තාව ඉදිරියට. පපුවට අත තියල කියන්නෙ අපේ ගෙදරත් ඔය ටිකම තමා. මෙිකිට කඩෙි යන තරං මං ඉස්කෝලෙවත් ගිහින් නෑ.
 බලන්නකො මං අසරන වෙච්චි තැන්.
මං මෙික  පලමුවරට තමා  මාධ්‍යට කියන්නෙ.

මගේ ජීවිතේ එක එක හැලහැප්පීම් එක්ක ගලාගියේ ගලන ගංගාවක් වගේ. ඒක දැං ඔිගොල්ලො දන්නවනෙ.  බාධක හෙල් කඳු බෑවුම් තැනිතලා ගල්පර දියඇලි කටු පඳුරු වංගු වංගු  එකී මෙකී නොකී අරව මෙව්ව වල හැපී හැපී ගලාගෙන ගිහින් හිටියෙ හෙම්බත් වෙලා. මොකක් හරි කරුමෙකට ඔය තේ උඩිච්චියත් කරේ එල්ල ගන්න තැනටත් කරුනු කාරනා යෙදුනනෙ.

බැලින්නං මෙි උන්දැට මට වඩා පිස්සු. හැබැයි එකතුකරං එනකොට මෙලෝ හසරක් බෑ. හොද්දෙ ලුනු බලන එකේ හිටං කරන්න වුනේ අපේ අම්මට. අපරාදෙ කියන්න බෑ ඒකටත් එක්ක දැං. ඒ කියන්නෙ දැනුත් බෑම තමා.
ඊයෙ ඔය මුරුංගත් උයල තිබුනෙ තෙල්දාල රහට. තාම හට්ටිය වහලෙ.

අපි කසාද වෙඩින් මගුල් උත්සවය ගත්තනෙ. ලොකුවට නැතත් නිකන්මත් නෙමෙි. මෙවුන්දැට හරි ගායක් තිබුනා. ඒ තමා පාඩුවෙ ඉන්න බැරි ගතිය.
ඒක හරි සෝක් කසාදෙයක්.

අපේ වෙඩින් කසාද මගුල් උස්සවය දවසෙ උදේ තමා පලමු වරට මං මෙි උන්දැගෙ අතවරේට ලක්වුනේ.
 අපි හරි ලස්සනට ලෑස්තිවෙලා ඉන්නැද්දි  නැකත ආව ගෙදරින් පිටවෙන්න. මගේ දෙවෙනි මනමාලය හිටියෙත් ආමි එකෙන් හොයාගත්තු අම්බ අමන ඩෑල්ලෙකක්. ඌටත් රට පහක නැති පස්නම තමා තිබ්බෙ. ඇමරිකාවෙ ජනාදිපතිටවත් නෑ මූට තියෙන තරං පස්න.
 මට නිතරම කිව්වෙ "කල්පනාවෙන්" කියල. පොතේ අස්සන් කරන්න ගියාමත් කිව්වෙ"හොඳට හිතල බලහන්" කියල.දැන්නං තේරෙනව ඌ කිව්වෙ ඇත්ත කියල.

එදා  මං බයේ හිටියෙ පෝරුවෙදි මෙයැයිට ජබර කලංතෙ දාල හායි ගාල පෝරු මස්තකෙත් බදාගෙන පුන්කලසුත් තැරි ගහගෙන පත්තුකරල  තිබ්බ ලාම්පුත් පෙරලගෙන  දෙරි ගහගෙන ඇදන් වැටිලා මගුල් සාරියටත් ගිනි ඇවිලිලා මටම නිමන්ඩත් වෙයි වද්දෝ කියල. හැබැයි වුනේ නෑ. හිත හයියයි. නෑ.නෑ. දැං ඔයාල හිතපු දේ නෙමෙි ඒකට කාරණාව. මෙවුන්දැ හෙන නිළිය. මට කලින්ම කියල තිබුනෙ ඔක්කොම අඬද්දි මාත් අඬනව, නැත්තං හරි නෑනෙ කියල.

මං මගෙ දෙවෙනි මනමාලයට කලින්ම කියල තිබුන *මචං අපිට හැම දේම වමට ගහලනෙ පුරුදු.ඒ නිසා අවස්‍ය අවස්‍ය තැන්වල මට තියන්න ඔින කකුල මතක් කරාපං ඈ" කියල. මොකද අපේ සඟිස්කුරුතියට අනුව සුභ කටයුතු වලදි දකුණු කකුල පෙරට තියල පටන් ගත්තත් හමුදාවෙ හැම රෙද්දටම පුරුදු කරන්නෙ "වම" තියල පල කියලනෙ. හමුදාවෙ සුභ කටයුතු නෑ. තියෙන්නෙම අසුභ කටයුතු. ඔය වම කතාව නිසා මාත් වමටම ගහන්න පුරුදු වෙලා හිටියෙ. එහෙම වමට ගහන්න ගිහින් ඉල්ලංකාපු තැනුත් නොතිබුනාම නෙමෙි. දැං මෙිකා මගේ වෙඩිම ඩ්‍රිල් පෙරඩ් එකක් කරාගෙන ඇවිදින්නෙ කොතනද කොයි වෙලාවෙද අදාල නෑ..ලෙප්‍රයිට් ලෙප්‍රයිට් ලෙප්‍රයිට්.. නවතීන්..පෙරට යා...කල්බලාන්..නවතීන්..ඔිං ⁣ඔහොම.

උදේ මම ටොයිලට් යන්න  ලෑස්ති වුනාම "කොල්ලෝ දකුණ" කියනව. කෑම පිඟානත් අරං බංකුවෙන් ඉඳගන්න ගියාම "කොල්ලෝ දකුණ". මංගල ඇඳුම අදින්න කාමරේට ඇතුල් වෙන්න හදනකොටත් "කොල්⁣ලෝ දකුණ"

*හැම රෙද්දටම දකුණ දකුණ ගාන්න එපා වෙි&@%$වො. අවස්සිය තැන්වලදි විතරක් කියන්න ඔික ඉතුරු කරගං කියල ඌටත් පොඩි සත්තමක් දාන්න උනා ඒක නවත්ත ගන්න.

අපි වෙඩින් කසාදෙට හොටලේට ගියාම ගේට්ටුව ගාවදි
"කොල්ලෝ දකුණ"
⁣උත්සව ශාලාවට ඇතුල්වෙන්න ගියාම  "කොල්ලෝ දකුණ"
ආපු යාලුවන්ට අතට අත දෙනකොට කොල්ලෝ "දකුණ"
උන්ගෙ ගෑනු ටිකගෙ මෙිකප් තවරා කලු පාට සුදු කරල එකසිය විස්ස වැලිකොලන් කපල වාර්නිස් ගාල දිලිසෙන සුදු කම්මුල් ටික ඉඹිද්දිත්  "කොල්ලෝ දකුණ"
පෝරුවට නගින්න ලෑස්ති වුනාම විතරක් "කොල්ලෝ වම" කිව්වා.

*ඇයි උඹ පෝරුවට නගිනකොට විතරක් "වම" කිව්වෙ
*හරක් කරත්තෙට බදින්න ගන්නෙ වමෙන්නෙ..

අපි වෙඩින් හෝල් එකට ඇතුල් වෙනකොටම මාසෙම කැන්ටින් එකෙන් කඩසෝරු ගිලින්න ආසාවෙන් ලියුං කවරෙන් ගාන බලාපොරොත්තුවෙන නංගි බබාලා ටිකට ඇදල පැදල ජයමංගල ගාතා ටික කිව්වම උන්ටත් පනහ ගානෙ දාපු ලියුං කවර ටික දික්කරල අපි ගියා ඇතුලට.

පෝරුවෙ වැඩත් පටන් අරං කරගෙන යනවම කියමුකො. ස්තෝත්තර කිව්වෙ ජයේ මාමා. එයා මාව හොදට දන්නව.පොරගෙ මූන විතරක්  මිරිකල  වෙඩින් එකටම ඇතිවෙන්න කසිප්පු ටික ගන්න පුලුවන්. එයත් මං දිහා බැලුවෙ හරියට ගල් බෝතලයක් දිහා බලනව වගෙ.
 මෙි වෙඩින් කසාදෙට ඇවිත් හිටියා මෙවුන්දැගෙ නංගි. මයෙ අප්පේ බලඩෙපැයි වැඩෙි. ඒකි හිතං ඉඳල තියෙන්නෙ මෙි ඒකිගෙයි මගෙයි වෙඩිම කියල. අවුරුදුත් ඔන්නං ඉතින් දහඅටක් විතර ඇති. මගෙත් ඒ හැටි අකමැත්තක් තිබුනෙත් නෑ. ඒත් ඉතින් මං අපේ උන්දැටම හිරවෙලා හිටිය. නැත්තං හරිනෑනෙ කියල.

ටික වෙලාවක් යද්දි කිරිකච්චිය උස්සං ආපු අම්ම අඬනව හෝ ගාල. ඒ අස්සෙ අම්ම අඬනව දැකල මෙිකි අඬනව අම්මට එහා. මගෙ වැඩෙි වම් අතින් මෙිකිගෙ ඉඟටියට අනින එක. ඒත් නැවැත්තුවෙ නෑ.පස්සෙ රහසින් කනට කරලත් කිව්වා, "නාඩා හිටිපියව්කො යකෝ කනක්කැහිල ඉන්ඩ. හක්ක පන්නගන්න ආසද??
*ඇයි බම්බු ගහන්ඩද?
*නෑ බම්බුවෙ ගහන්ඩ..කට පියාගෙන හිටු. මෙිව මං කියන්නෙ කනට කරල. ඒක බලාගෙන හිටපු මාමෙක් කියනව, පුතේ වැඩිය අනින්ඩ යන්ඩෙපා  "ඔිකිට කිචි" කියල. පොර පොඩ්ඩක් දාගෙන හිටියෙ. මං ඒත් කෝකටත් කියල එදා රෑ මෙිකිගෙ හැමතැනටම ඇනල බැලුව කොතනද කිචි කියල බලන්න. කොතනකවත් කිචි තිබුන්නෑ. බොරු මාමගෙ.

ඒ අස්සෙ පොටෝ ගහන කැමරාමන්ට මෙිකි ටෝක් කරනව අඬ අඬාම
*අයියෙ මෙහෙමත් එකක් ගන්න,අයියෙ මෙහෙමත් එකක් ගන්න..කිය කිය
අනේ අරුත් හරකා වගේ මෙිකි කියන කියන විදියට පොටෝ ගන්නව. ගෑනුනේ. මනමාලිනේ. එක විකාරයයි එතන.
මෙිකි හරියට නිරූපන සිල්පිනියක් වගේ. ඔිකත් ඉවසගෙන හිටිය කියමුකො.

පෝරුවෙන් බැහැල කේක් ගෙඩිය කපන්න ගිහාම...
හෙන කේක් එකයි දපනෙ දාල මෙිසෙ උඩ.අච්චර ලොකු කේක් එකක් කපන්න තිබුනෙත්  රිබන් පටියක් දාපු චූටි මෙච්චර විතර පිහියක්.
ඉතින් මං දෙවෙනි මනමාලයට කිව්වා,
*මෙිකෙන් මෙි වැඩෙි කරන්ඩ බෑ බං.මන්නෙයක් ගෙන්නල දියංකො.
*යකෝ ඔික කේක් ගෙඩියක්. පාංගෙඩියක් නෙමෙි..
*මනමාලි වස්තුවෙ,ඔයාට කපන්න පුලුවන් වෙයිද. මෙච්චර කාලයක් එව්ව මෙව්ව කපල තියෙනවද.
*කට වහං ඉන්නවද. නැත්තං මං යන්නද.
*වඳින්නං පලයං. තව කල්තියෙනව යනවනං.
ඔන්න වෙඩින් කසාදෙ දවසෙත් මිනිහට මෙිකි කතාකරපු විදිය.
ඒකෙ රිටන් එක මං ඒ වෙලාවෙම දුන්නා.
මට හරි ලස්සනට මෙිකි කේක් කෑල්ලක් කපල වැදගත් විදියට  කැව්වට කට වටෙි චුට්ටක් ගෑවුනා. කටට දැම්මෙත් අච්චර ලොකු කෑල්ලෙන් චූටි කෑල්ලක්.
මං ගත්ත කපල පාං කාලක් විතර ලොකු පලුවක්.. ඉලුව කාපිය කියල කටෙි..මල හත්තිලව්වයි කියන්නෙ නාහෙටත් එක්ක අයිසිං ගිහින් "හච්ච්ච්චෝස්ස්ස්" ගාල කිබුහුමක් ඇරිය පාර කේ⁣ක් එකෙං එකයි හොටු. ඊයා හලෝ...

දැං මෙි මනමාලිගෙ පාර්සවයෙන් ඇවිත් හිටපු එයාගෙ ගමෙි ඩෑල් ටිකෙන්  උපදෙස් කෝටියයි. උං බැඳලත් නෑ සමහරු. ඒ වුනාට අපිට උපදෙස් දෙනවා. එකියක් කියනවා..
*වෙච්චි දේ වුනා අනේ. දැං ඔිව ගැන කල්පනා කරල වැඩක් නෑ. හොඳට පවුල් කාල ඉන්න තියෙන්නෙ. මූත් එල හරකෙක්නෙ.නැත්තං උඹටම කරගහයියැ..අනේ මතක ඇතුව මුගේ ගාය හොඳ කරපං. පිං සිද්ද වෙයි.
*ඒක නෙමෙි..අද රෑ කොහොමද බං මම හැසිරෙන්න ඔින.. මං ඒ කියපු එකීගෙන් ඇහුවා.
*ඒක මගෙන් අහල හරියනවද? බං.
*මටත් පෙර අද්දැකීම් නෑ බං.පලවෙනි කසාදෙනෙ. ඉතින් මෙච්චර උපදෙස් දීපු හැටියට මං හිතුවෙ උඹල අපිටත් කලින් පෙරහුරුවීම් කරල ඇති කියල.. බැයිද මට පුරුදුකරන්න.
ආයෙ ආවෙ නෑ..ඒ අම්මන්ඩිල.

ඊලඟට පොටෝ සූට් ටික.
මයෙ අප්පේ ඒක හොලිවුඩ් චිත්තරපටියක් රඟපෑව වගේ. පොටෝ ගහල ගහල ඉවර වෙනකොට මගේ කොන්දත් රිදෙනව. අතකුත් ඇමැට්ටි වුනා මෙි බරබාගෙ උස්සල පොටෝ එකක් ගහන්ඩ ගිහින්.

ඔහොමත් ඉතින් වෙඩින් එක ඉවරවුනා කියමුකො.

රෑට ඇඳට නගින්න ගියත් නගින තැන්වලට නගින්න ගියත් උන්දැ හවස මට දාපු විනය නීති වලින් එකක්.
*විනය පවත්තා ගැනීම අනිවාර්යයි. රෑ ඇඳට නැග්ගත් එස්කියුස් කල යුතුයි. රාත්‍රි දහයෙන් පසු ඇඟට අත නොතැබිය යුතුයි(ඒකනං මෙිකිට තිබ්බ හදිස්සිය වෙන්ටැති මයෙ හිතේ.එතකොට ඊට කලින්ම අත තියනවනෙ)
ඉතින් එදා ඉඳන් අහිසංක මං ඇඳට නගින්න ගියත්
*එස්කියුස් මී රත්තරනේ ඇඳට නගින්නද,
*හ්ම්. සද්ද බද්ද නැතුව  බෙල්ල පාගන්නැතුව නගිනවා..
*එස්කියුස්මී වස්තුවෙ නැගල ඉන්නෙ (ඇඳට) ඊලඟට මොකද කරන්නෙ.
*නැගලද ඉන්නෙ.
*ඔව්.
*නිදි මතයිද.
*නිදාගන්නත් ඔින ඉතින්,ඊට කලින්
*එහෙනං කරුනාකරල අනික්පැත්ත හැරිල නිදාගන්නවා.

*මං විනය තියාගන්නං. හැබැයි මට රෑට ඇම්බුෂ් එකක් දාපු විදියට ජොබ් එක කරන්න ඔින.
*ඒ මොකද්ද ඒ..
*නෑ ඉතින් ඇම්බුෂ් එක ටැට්ටිස් අනුව තුවක්කුවත් අමෝරාගෙන ගිහින් සතුරා ලඟට ආහම එකපාරටම ගහගෙන ගහගෙන ගිහිල්ල නවත්තන එකනෙ කරන්නෙ..
ආයෙ ආවෙ නෑ විනය නීති පනවන්න උන්දැ.
මෙි දෙවෙනි දවස.
මෙි අවඩිට අන්දන්න ආපු අක්කි බබා පොඩ්ඩ.. අප්පේ බලන්ඩෙපැයි වැඩෙි. මට මෙිකිව අතෑරල ඒකිව පෝරුවට නග්ග ගන්න තිබුනෙ කියල හිතුනු වාර අනන්තයි. අපේ උන්දැට ගගහ එලවන්න හිතුනා ඒකි දැකල. ඒතරමට ඒකි  මනාලි වෙලා.
මං නිකමට මූන බැලුව අඟලක් පලලයි මුනෙ මෙිකප් තට්ටුව. ඒකත් උලල උලල එකසිය විස්සෙ වැලි කොලේකිනුත්  කපල වාර්නිසුත්  ගාල දිලිසෙනව දිලිසිල්ලක් ඇස් දෙකම ඇදුං කන්න. හෝටල් කාබරේට රිංගුවම මුලු හෝටලේම තාමත් නමක් හොයාගත්තු නැති මල් ජාතියක සුවඳමයි එන්නෙ.

මොනා කරන්නද හිතෝතුනි. ඔිං ඔහොමයි  මං එතන අසරන වුනේ. හැබැයි ඉතින් ටික කාලයයි.
කසාදෙත් ඉවරවෙලා ගෙදරත් ඇවිත්
නිස්කලංකව ඉන්න අතරෙ අපි සුහදව කතාබස් කලා. දෙන්නට දෙන්නා පොරොන්දු උනා කිසිමදාක යුධ ප්‍රකාශ නොකර ඉන්න. එක්කෙනෙකුට තරහ ගියොත් අනිකා ඉවසන්න. කන්න පරක්කු උනොත් උයල දෙනකං ඉන්න කඩෙිට යැව්වොත් ටක්ගාල ගිහින් එන්න. (දැං මෙි මෙයා මට කියන්නෙ)
මාත් හැම එකක්ම අහගෙන ඉඳලා ඇහුව.."දැං ඔිව කරන්න ඔින මොන වෙලාවටද?"
එතනින්ම යුධප්‍රකාශ පතිපත්තිය බිඳවැටුනා.

අපි ගියා එයාලැයි අම්මලා දිහා. මෙයාට හිටියා කිව්වනෙ නංගි කෙනෙක්. ඒ දවස්වල අවුරුදු  දාහතක් දහ අටක් විතර ඇති. හෙන ගාය.
අපි යද්දි කොටම කොට ගවුං කෑල්ලකුත් ගහගෙන හිටියෙ රඹුටන් ගහේ මුදුනේ.
මටත් රඹුටන් කෑමෙි දොලක් උපන්නා මෙික දැකල. මං මෙයැයිගෙ අතත් ගසාදාල ගෙඩියක් කඩාගන්න කියල නංගි හිටපු තැන ගහ යටට යන්න හදනකොට  යන්න දුන්නෙම නෑනෙ. අර රට වැස්සි බහිනකංම හිටියනෙ අප්පා මගෙ අත අතාරින්න.
ඒකිත් ගහෙන් බැස්සම මට රඹුටන් ඔින්නෑ කියල හිතුන.
මෙයැයිගෙ නංගි සුදුයි. මාරම ලස්සනයි.හිංදි නිළියක් වගේ. ඇවිදිද්දි මදුරි ඩික්සිත් වගෙ. හිනාවෙද්දි කත්‍රිනා කපූර් වගේ. ඉඳගද්දි නැවෙද්දි වැඩක් කරද්දි ජුහී චව්ලා වගෙ. ලඟින් යද්දි පිච්ච මල් සුවඳමයි එන්නෙ. ඒ තරං. හැබැයි ඒ ඒකිට අනුව. මට අනුව
තනිකර ගොං පලුවක්. වල් ඌරු බෑයක්, තනිකර රක්සිතයකින් පැනපු චිංපන්සි දේනුවක්.
ලඟින් යන්ඩ බෑ ගස්ගඳ. එදා අපි ගිහින් දවස් දෙකක් ඉඳල ආවෙත් බොහොම අමාරුවෙන්. මෙිකි ගෙට ආහම ගේම ගස් ගඳයි.
දැං ආයෙ අපේ ගෙදර. අම්මත් අක්කලෑ දිහා ගියා. ඒ නිවාඩුව ඉවරවෙනකං කෑවෙ ගලුයි ලුනුයි මිරිසුයි. බැරිම තැන කඩෙන් ගෙනත් කෑව. අම්ම ආවට පස්සෙ තමා බඩ පිරෙන්න බත් කටක් හරි කෑවෙ. උයන්නවත් දන්නෑ එක්කහු කරන් එද්දි.
පිරිමි දාහක් වරෙන් උන්දැ නෙමෙි ඉන්න ඉරියව්ව වෙනස්කරන්නෙ.
එකදවසක් ආව මෙයාගෙ යාලුවො ටිකක් ගෙදර අපිව බලන්න. එතන හිටියා හරි ලස්සන අම්මන්ඩි කෙනෙක්. ගෙවල් මල්වානෙ ගෝනවල. මෙයා තමා මාත් එක්ක වැඩිපුර කයියට ආවෙ. මෙයාත් බොරුව දෙපැත්තට දාල ඇත්ත මැද්දට දාල අරින්නෙ තනිකර බඹ ගණන් දිග අලිපත කොබෝ නයි. කට ඇරියොත් කොබෝ නයෙක්. මටත් සෙකන්ඩ් වෙන්න බැරි එකේ මාත් ඇත්ත දෙපැත්තට දාල බොරුව මැද්දට දාල චූටි චූටි නයි ඇරල අරුන්දැත් ඉන්න තැනම කතිකා කරගත්ත එයාලගෙ ගෙදරත් රවුමක් කාරිය ගහල එන්න යන්න.
මං කිව්වා
*මාත් එන්නංකෝ නංගි ඔච්චර ලස්සන පලාතෙ රවුමක් ගහල යන්න.
*හා හා මං නෙමෙි අපි. දැන් දෙන්නෙක්නෙ ඔයා.
*අනේ පලයං . මල්වානෙ යද්දි කව්ද බං ගෙදරින් රඹුටන් අරන් යන්නෙ.
ඒකිට කතාව තේරුනා. අප්පේ... මෙිකි දාපු හිනාවට මට එදාම යන්න හිතුන එහෙ. ඒ අතින් මං හෙන වාසනාවන්තයි. කීප වාරයක්ම  මල්වානෙ  ගියා. හැබැයි ගෙදරින් රඹුටන් අරගෙනම තමා යන්නවුනේ.

අපි දෙන්න ඒ දවස්වල හැමතැනම ඇවිද්දා. මගෙ එක් විනෝදාංශයක් තමා රට වටෙි ඇවිදින්න යන එක. ඒකටත් ඒක්ක දැං. දැනුත් කියල විශේෂයක් නෑ. තාම ඇවිදින එකම තමා. හැබැයි තනියම. මෙි කතාව කියන්න හේතුවුනේ අර මුලින් කිව්ව වගේ මං හැමදාම මගේ අත්දැකීම් ලිය ලිය ඉන්නව මිසක් එයා ගැන හරි අපි දෙන්න ගැන හරි කතාවක් දාන්න කියල අඬෝවැඩියාව හිංද දැන් දවස් කීපයක ඉඳන්. ඉතින් මාත් එයාට පොරොන්දු වුනා..එයාගේ ජීවිතේ ලස්සනම දවසක් වුනු  වෙඩින් එක ගැන ලියල දාන්නං කියල. දැං ආසාවෙන් ඉන්නෙ මෙික කියවන්න. මං පෝන් එක පැත්තකින් තියනකං.

 බලල වරෙන් මයෙ අම්මා..හැබැයි රෑට ඉඳන් බත් තියහං වස්තුවෙි ඈ..


රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.06.14

Saturday, June 13, 2020

අළුත් සොඳුරිය



හදවත සිදුරු කොට සෙනෙහස් තණු        වයන
තරු කැට කඳුලුකැට විය බොඳවුනි          නයන
දවසක නිහඬ වෙි හදවත නුඹ               සොයන
පළවෙනි කවිය මෙි ඔබ වෙනුවෙන්          ගයන

හිමි වී අහිමි වී හිමිවන තුරු                   ලෝකේ
පියවර එසවුනා වරදක් නැත                      ඒකේ
දවසින් දවස අඩු කරගෙන දුක               සෝකේ
නුඹ සැනසුව පපුව පිටගම් යනු                නාකේ

පළවෙනි ආදරේ කෙටිවිය                   නොදැනීම
ඇය වෙන දීගයක ගොස් විය                  තනිවීම
අවසන් නොමැත ජීවන තණු                 මිමිණීම
ආඩම්බරයි මට ඔබගේ                         පැමිණීම

ආරිය සිහල බිම ඉපදුනු මා                      වැනිම
වීරිය කරන සොඳුරිය තුටු ගෙන                දුනිම
කාරිය අපේ ජය ගැන්මයි මෙි                     ඉනිම
බාරිය වෙලා මා රැකපන් පන                   වැනිම

පිටරට ඉපිද හෙළබිම ගති සිරිත                  දිනා
දිනයක පැමිණ පපුවක සොඳුරියක             උනා
ජයටැඹ පෙන්න පෙන්නා දිරි ගෙනෙනු       විනා
නොපතමි අන් දෙයක් බාරියෙ අලුත        ගෙනා

ආටානාටි සුතුරට හිත පෑමක්                            ද
බාටා දාපු ⁣පා, එළියට  ලෑමක්                              ද
ගාටා ආව ගිය කාලය හේමක්                           ද
ටාටා කාපු මට ඉසුසුව ගේමක්                          ද

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.06.13

Friday, June 12, 2020

යුධ බිමක ප්‍රේමය

හැමදාම උදේ පාන්දර පහට විතර අපේ කඳවුර වටෙිටම ඉන්න වළි කුකුලන් රෑන්  හඬ තලන්න පටන් ගත්තම ඒ සද්දෙත් එක්කම  අපේ කඳවුරේ ඉන්න කුකුළ්ලු ටිකත්  තරඟයකට වගේ හඬලන්න පටන් ගන්නව. ඊලඟට පටන් ගන්නෙ කඳවුරේ මෙස් එක පිටිපස්සෙ තියෙන කොහොඹ ගහේ ගම්මානේ පදිංචි වෙලා ඉන්න මයිනන්ගේ සද්දේ. ඒ අතරින් පතර කඳවුරට උතුරින් තියෙන කැලෑවෙන් මොනරුත් එකෙක් දෙන්නෙක්  "කෑවෝහ්,කෑවෝහ්" කියලත් හඬ තලන්න පටන් ගන්නව. කලපුවෙි ගොඩගැහිල රැඳිල තියෙන පාසි ගො⁣ඩ තම නවතැන කරගත් පන් කුකුලන්ගේ "ක්‍රෝක් ක්‍රෝක්" සද්දෙත්ට  එක්ක උදේ ආහාරය සකසන ඩිකිස් පියන්වලින් නිකුත්වෙන සද්දෙත්, අනෙක් කුරුළු සද්දත් අපේ ඇඟේ ලේ වලට කැවිල තිබුනෙ ඒ දවස්වල. රෑ පුරාවටම ඇහැරිල ඉඳල නිදාගන්න තියෙන පැයෙත් මෙහෙම සද්ද බද්ද ඇහෙනකොට සමහරෙකුට තරහ යන එක සාධාරණයි. ඒත් රේල් පාරක් අයිනෙ තියෙන ගෙදරක සුව නින්දක පහස විදින කෙනා කෝච්චියට වෛර කරන්නෑ. ඒ සද්දය නැලවිලි ගීතයක් වගේ විඳගෙන නිදා ගන්නවා. අපිත් එහෙමයි. මෙි කුරුළු නාදය තව තවත් රසවිඳිමින් නිදාගන්නව. බැරිවෙලාවක්වත් ඇහැරුනොත් වෙලාව එනකම් ඇස්දෙක පියාගෙන ඒ හඬට කන්දීගෙන එක එක කුරුල්ලන්ගේ සද්දේ මිහිරි පහස විඳ ගන්නව. තවත් අලුත් දවසක් උදාවීමෙි සතුට උන් එහෙම සමරද්දි අපේ හිත්වලටනං දැනෙන්නේම සතුරු භූමියක තිබෙන වික්ෂිප්ත වූ තවත් දවසක ආරම්භයක් විදියට.
හාත්පස සිසාරා හමන වියලි සුලඟින් උනත් හිතට දැනෙන්නේ ටිකක් භයංකාර සිතුවිලි සමුදායක්.ඒකට හේතු ගොඩක් මෙි භූමියේ තිබුනා.

මෙි හොඳම යුද්ධ කාලෙ ස්නයිපර් ප්‍රහාර, රැකසිට පහර දීම්, මාර්ග ආරක්ෂක මුරයට පහරදීම්, කාලතුවක්කු ප්‍රහාර හා මර උගුල් ආදියෙන් අපේ ගොඩක් මිතුරන් සදහටම සමුගත්තා. බට්ටො නිසා විස්සක් විතර සදාකාලික අබ්බගාතයො උනා. මෙික අපිට දරාගන්න බැරුව හිටිය කාලයක් මෙි. උදේට එක කෝප්පෙ දෙකට බෙදාගෙන  බීල යන එකා හවස ආපහු එන්නෙ නෑ. එක්තරා දවසක අපේ සෙබළුන් අසූතුනක් නැතිවුනා ඔය මූසල කඳවුරේ. ඉතිං ඔහොම තැනක්තමා ඒ.හැබැයි මෙික හිනාවෙන කතාවක්නම් නෙවෙයි.අදටත් මං හිතෙන් දුක්විදින කතාවක් කිව්වොත් නිවැරදියි. මෙි මගේ බිරිදත් දන්න කතාවක් නිසා මෙිකත් දාන්න කිව්වෙ එයාමයි.
ඒ ඇරයුමත් එක්ක මෙික මට ඔයාලාට කියන්න ඔින කියල හිතුනා..ඒ මගේ ජීවිතේ අවසන් වෙනතුරුත් සමහරවිට මතු ආත්මවලත් අමතක කරන්න බැරි අමතක වෙන්නෙ නැති කතාවක් හිංද.

මෙි කතාව වෙනකොට මං ආමි එකට ඇවිත් අවුරුදු දෙකක් විතර ඇති.මගේ දෙවෙනි සේවා ස්ථානය වුනේ  කිරාන්. අපි මෙි කඳවුරෙන් යනව මාර්ග ආරක්ෂක මුරය පනස් පහක් දවසකට. ඉතින් මෙදත් අපි ගියා. මං එතකොට හෙන විසේකාර පැඟිර .කෙල්ලෙක්වත් නෑ ඉතින්☺️☺️☺️..යාලුවෙන්න කෝට්පති තරුණියක් ඒ දවස්වල සෙට්වුනෙත් නෑ.

එක දවසක් ඔහොම පිකට් ගිහින් පාරෙ ඉන්න කොට මං දැක්කා ලස්සන සූටි හුරු බුහුටි සුදු  සුදාම්මි කැටයක් පාරෙ පැද්දි පැද්දි පොත් ටිකකුත් අතින් අරං ඉස්කෝලෙ ඇරිල කෝරකල්ලිමාඩු පැත්තට යනව. මං එදා සෙට් එකකුත් කරේ දාගෙන හිටියෙ කණ්ඩ භාර සැරයන් එක්ක. අපි දෙන්නට විතරයි පාරෙ ඇවිදින්න පුලුවන්.අනෙක් අය පාරට ඒම සපුරා තහනම්.මොකද "පළමුව ආරක්ෂාව" නිසා.

මං ඒ සූකිරි කැටෙි පද්ද පද්ද යන හැටි දැකල සාජන්ගෙන් ඇහැවුව..
*"සාජන් කෝරකල්ලි මඩු පැත්තට යමුද."
* හා යමං.
දැන් දෙන්නම එනව.අර ළමය හිමින් සැරේ යන්නෙ.
මං එයා කිට්ටුවට ඇවිත් අමුතු හිනාවක් ඒම දාල ඇහුවා 
*ආ නංගී කොහොමද ජීවිතේ
* නල්ලා ෂුවන් ෂර්
*අප්පඩියා..කොහෙද ගෙවල්?
*කෝරකල්ලිමාඩු ෂර්..
*කෝරකල්ලිමාඩු කොහෙද..?
දැං ගෙවල් තියෙන තැන කිව්වා.මං මෙයාව කලින් දැකල තියෙනව වුනාට කතාබහ කරල නෑ. මාත් ඔික මතක තියාගෙන සද්ද නැතුව සාජන් පස්සෙං ඇදිල ඇදිල ගියා.
අපරාදෙ කියන්න බෑ සුපිරි කෑල්ල ඈ. නලල මැද තිලකය නැත්තං එයා දෙමල කියල කියන්නම බෑ. මෙයාව කලින් දැකල තිබුනට ඒ වෙලාවෙ දැකල කතාකරාම වෙනදට වඩා අමුතු හැඟීමක් එක පාරටම එදා ඇතිවුනේ. ඒක හරියට අධි වෝල්ටීයතාවයකින් කරන්ට් එකක් වැදුන වගේ හැඟීමක්. ඔලුවෙ කෙස් ගස්වලින් පටන් ගෙන කකුල් දෙක දක්වා හිරිගඩු පිපෙන කනේ මයිල් කෙලින් වෙන නිකන් කියාගන්න බැරි ටිලිං ටිලිං වගේ හැඟීමක්.
ඔහොම ඉද්දි ආයෙත් දවසක එයාව හම්බවෙනව.
ආයෙත් ඇහුව විස්තර 12 වසරේ පලවෙනි අවුරුද්දෙ ඉන්නෙ.මැත්ස් කරන්නෙ..නම සුගන්ධිනී. තාත්ත වාලච්චෙින පේපර් මිල්ස් එකේ ෆෝමන් කෙනෙක් විදියට වැඩ.
පස්සෙ පස්සෙ මට නිකන් මෙයාව දකිද්දි පපුව නිකන් ඉදලකින් අතුගානව අතුගානව වගේ හැඟීමක් දැනෙන්න පටන් ගත්තා. එයාව දකින දකින වාරයක් පාසා පපුව රේක්කෙකින් අදින්නා වගෙ වුනා. පපුවෙ මැද්ද හරියට කැලැත්තුනු සෝඩා කුප්පියක් වාගෙ වෙන්න පටන් ගත්තා.
මං දැන් ඉල්ලල පිකට් යනව.අනික් උන්ට කලින් සෙට්එක කරේ දාගන්නව.
නැත්තං කෝරකල්ලිමඩු පොයින්ට් එකට වැටෙන තුන්දෙනා අතරට පැන ගන්නව.
ඔහොම දවස දවස යද්දි අමුතු හැඟීම් රාශියකින් පපුව පිරෙන්න ගත්තා. පොයින්ට් එකේ සෙන්ට්‍රි ඉන්න ගමනුත් මෙයා ගැන හිතෙන්න කල්පනාවෙන්න පටන් ගත්තා. අපි යාලුවෙලා කෝවිලේ උත්සවෙි අරං ගමට යනහැටි හීන බැලුවා.  ඒ දවස්වල ඩෙක් පීස්වලින් බලපු හිංදි චිත්‍රපටි දෙමළ චිත්‍රපටි වල වගේ හිතෙන් සින්දු කෑලිත් කියනව.  නිදාගන්න ගියාමත් මෙයාගැනම කල්පනා වෙනව. දවස ආරම්භයේදිම මතක් වෙන්නෙත් මෙයාව. ඒක වචන වලට පෙරලන්න හරි අමාරුයි. නැවුම් අදහස්වලින් හිත පිරෙන්න ගත්තම මාත් "හෙන වැඩ්ඩෙක් දැන්" යන සිතිවිල්ල පහල වෙන්න ගත්තා. තනියට හැමතිස්සෙම කව්රුහරි ලඟ ඉන්නව වගෙ දැනුනා. එයත් එක්ක කතාකරන ඒව හිතන්න වුනා. ඒක අමුතුම ලෙඩක් බවට පරිවර්තනය වෙමින් තියෙන අතරතුර  ටික දවසක් යද්දි අපි දෙන්න ඇත්තටම හිතවත් උනා.

පස්සෙ  මං පිකට් යනකොට ඉක්මනින් ගිහින් පෝලිං වෙන්නෙ එයාගෙ ගෙවල්ගාව දාන පොයින්ට් එකට. මම එයාව කයියට අල්ලගන්නෙ අහම්බෙන් හම්බවෙලා කතාකරන විදියට. ඒත් මං නොඉවසිල්ලෙන් ඉන්නෙ ඉස්කෝලෙ ඇරිල එනකං. ඒ පොයින්ට් එක ඉස්සරහ තියෙනව විශාල කොහොඹ ගහක්. ඔය ගහ යටට වෙලා තමා මං පාරෙ ඈත බලාගෙන ඉන්නෙ මෙයා ඉස්කෝලෙ ඇරිල එනකං.
ඉස්කෝලෙ ඇරිල පාරට ආවම මං ලඟට එනකං ඇස් දෙක එක මොහොතක් ඉවතට ගන්නැතුව එයා දිහාම බලාගෙන ඉන්නව. හිමීට හිමීට ලඟට එනකොට අනිත් පැත්තෙන් පාරට පැනල ඉස්සරහට යනව. එයත් හරි ලස්සනට හිනාවෙනව. මාත් හිනාවෙනව. මෙි වෙද්දි මට දෙමළ ටික ටික පුලුවන්. හොඳටම බෑ.

ඔහොම ටික දවසක් ගතවෙලා ගිහින් මං එයාගෙන්  ඇහුව යාලුවෙන්න.
අම්මොහ්..මෙයැයිට බයට කලන්තෙ විතරයි හැදුන්නැත්තෙ. හීනි ඇස්දෙක විශාල කරල මා දිහා බැලුවා. පිරුනු හඳක් වගේ මූන අඳුරු වළාවකින් වැහිල ගියා වගෙ වුනා. එකපාර කතාකරගන්න බැරුව විනාඩි කිහිපයක් මා දිහාම බලාගෙන හිටියා.

අක්කත් ඒ වගේමයි. ලස්සනයි. අක්ක ඒ වෙනකොට අපේ කෝප්‍රල් කෙනෙක් එක්ක යාලුවෙලා හිටියෙ.(මාත් පස්සෙ දන්නෙ.ඒකි ඒ කෝප්‍රල්ම එක්ක විවාහවුනා. එයා දැන් වැලිමඩ බෝගහකුඹුර කියන පැත්තක ඉස්කෝලෙක ටීචින් කරන්නෙ.)
මං යාලුවෙන්න අහපුවම මෙයා බයවුනා. එහෙම ඉඳල හිනා වෙන්නෙවත් නැතුව වචනයක්වත් නොකිය යන්න ගියා. මට බය හිතුනා. ඒ එයාගේ ප්‍රතිචාරය කොහොම එකක් වෙයිද කියල.

මාත් ගේම අතෑරියෙ නෑ. ඒ දවස්වල ආමි පොයින්ට් ලඟ තියෙන ගෙවල්වල කෙල්ලො වැඩිය එලි පහලියට එන්නෑ. බයයි. ඒ වුනාට මං හැමදාම හැමතිස්සෙම ඇස් දෙක හරෝගෙන ඉන්නෙ එයාගෙ ගේ පැත්තට. වෙිලුනු තල් අතුවලින් වට කරල  වැටක් ගහල තිබුනු ⁣ඉඩමෙ එක තැනකින් මං හොරෙන් තල් අත්තක් අයින් කරල ගේ දොර හරිය පේන්න හදා ගත්තා. මෙයා ඉස්කෝලෙ වැඩ එහෙම කරන්නෙ දොරගාව. මට එතන හොඳට පේන්න පුලුවන් තැනක් හොරෙන් හදාගත්තා. දැන් කොහෙ ඔලුව හරවලා බැලුවත් ඇස් දෙක නතර වෙන්නෙ එයාගෙ ගේ දොරගාව.
මං එකපාරටම යාලුවෙන්න අහපුවම මට වැඩිය මූන දෙන්න ආවෙනෑ. මට බයත් හිතුන දැකපු හීන වතුරේ ගහගෙන යයි වත්දෝ කියල. ආයෙ දවසක් මෙයා හම්බුනාම මං අරකම ඇහුව. ඊට පස්සෙ මෙයා ගෙදර එන පාර වෙනස් කලා. ඉස්කෝලෙ ඇරිල එද්දි එයාගෙ යාලුව වුන දීපනීගෙ ගෙදරට ගිහින් ඒ පැත්තෙන් දෙවැටක් දිගේ මෙයා එන්න පටන් ගත්තා. ඒ වුනාට මෙි පලාතෙ ගහක් ගලක් ගානෙ දන්න මට එකම එක දවසයි මෙයාව මගහැරුනෙ. පස්සෙ ඒ දෙවැට ගාවට ගිහින් මෙයා එන දිහා බලාගෙන හිටියා. නමුත් කතාකරන්න ගියෙ නෑ ගෙවල් වැඩි නිසා.
ඔහොම ඉද්දි එක දිගටම කීප වරක්ම කරච්චල් කරනකොට දවසක ලස්සන හැන්දෑවක මාත් ආදරවන්තයෙක් වුනා.
එහා ඔලුව වනල බිම බැලුවම මගෙ පපුව වෙිගෙන් ගැහෙන්න පටන්ගත්තා. මටත් නොදැනිම ලොකු හුස්මක් ගැන්නවුනා. ඉන්න තැනත් අමතක කරල දෝතටම ආදරෙන් සුදුමූන අරගෙන කාගෙන කාගෙන යන්න හිතුනා. එච්චර කාලයක් එයා මට කතාකලේ සර් කියල. ඒත් ඒ කටින්ම මගේ නමම කියල කතාකරන්න පටන් ගත්තම පට්ටම පට්ට ෆිට් එකක් ආඩම්බරයක් සතුටක් දැනෙන්න ගත්තා. මරතෝන්ඩිවලින් පාට කරල තිබුනු අත්දෙක උදුරලා අරන් ඇඟිලි ටික හපාගෙන හපාගෙන යන්න හිතුනා.
ආයෙ මොන මගුලකට මුං මෙච්චර ලස්සන වෙනවද කියල හිතුනා.

මෙයා ඉස්කෝලෙ යනව කිව්වට ඉතින් මුකුත් හිතන්න එපා. මටත් ඒ හැටි වයසක් නෑනෙ ආමි එකේ හිටියට.අපි අතර අවුරුදු හතරයි පරතරය.ඒක ඉතා සාමාන්‍යයිනෙ.

අපි දෙන්නත් ඉතින් තල් අතු ගහපු එයාලගෙ වැට අස්සෙන් හැංගි හැංගි ආදරය කලා. මං තල් අත්ත අයින් කරපු තැන එයාට පෙන්නුවම එයාටත් මාව හොඳට පේන තැනකින් ඉඳගෙන තමා ඉස්කෝලෙ වැඩ කලේ. මං වෙන දිහාක් බලල ඒ සැනින් මෙයා දිහා බලද්දි මෙයාත් ඒ හැම සැරේම මං දිහා බලන් ඉන්නව මාත් දැක්ක. අපි හොරෙන් ඒ විදියට එකිනෙකා දිහා බල බල විහිලු කරනව. හිනාවෙනව. කෝලං කරනව. ගොලු බාසාවෙන් කතා කරනව. ඇස්වලින් කතාකරනව.  එක එක ඉරියව් පාල තරහ අවුස්සනව. එයා කන වෙලාවට මට කෑම කටක් දික් කරනව. තේ බොනකොට අපි තුන්දෙනාටම ගෙනත් දෙනව. ඒත් කොච්චර මෙයා දිහා බලං හිටියත් මං කවදාවත් එයාගෙ ශරීරය විනිවිද දැක්කෙ නෑ. ආදරය විතරයි දැක්කෙ. කොටින්ම කියනවනං මෙයාට මං  දැන් වශීවෙලා. එයා හිනාවෙනකොට කම්මුල් දෙකේ පොඩි වලක් හැදෙනව. ඇස්දෙක පුංචිම පුංචි වෙනව. මෙයාගෙ ඒ ඉරියව්, කාන්තා ලක්ෂණ දැක්කනං  ඔිනම ඍෂිවරයෙක්ගෙ උනත් දැහැනක් බිදෙන්න පුලුවන්. ඉතින් අපි ගැන කවර කතාද. මාත් වශීවුනෙ මෙි ලස්සනට.

ඔහොම කාලෙ ටික ටික ගෙවී යන්න වුනා.
හැබැයි එදා පළවෙනිම දවසෙ මෙි කතාව ජොලියට වගේ පටන් ගන්න හිතුනත් පස්සෙ පස්සෙ ඒ ආදරය, ආදර හැඟීම් පපුව හරහා ලේ නහර දිගේ ඇටමිදුලු දක්වාම කිඳා බැස්සා. ඒකිටත් එහෙමයි.

මෙයා අ⁣පි දෙන්නගෙ කතාව එක දවසක් එයාගෙ අම්මට කියල. අම්ම මට කතාකලා. මාත් ගියා. ඊට පස්සෙ  මගෙන් ඇහුව. මං ඇත්තම කිව්වා.අම්ම කිව්ව "මෙිව පුතා කවදාවත් කෙරෙන දේවල් නෙවෙයි. අපිවත් අමාරුවෙ නොදා වහාම නවත්තන්න" කියල. දෙමළ උනත් මෙික වෙනම සීන් කෝන් එකක්නෙ. එයා කිව්වෙ ගමෙි ඉන්න එල්ටීටීඊ සපෝර්ට් කරන අය දැනගත්තොත් එහෙම එයාලවත් මරල දායි කියල. එතකොටනං මටත් බය හිතුනා. මොකද එහෙම උනොත් ඒකට මාත් වග කියන්න එපැයි. ඒ උනත් මෙි වෙනකොට මං හිටියෙ කීයටවත් මෙික නවත්තන්න බැරි අවදියක. සුගාටත් එහෙමයි. අපි ලියුම් පවා  හුවමාරු කරගත්තා. එයා ලියුම ලියල ගෙනත් තියනව ගේ ඉස්සරහ තියෙන බෙනයක් තියෙන කණුවක බෙනය ඇතුලෙන්. ඒ කරල කියනව ගොලු බාසාවෙන් ලියුමක් තියනව ගන්න කියල. මාත් ලියුම් ලියනව. ඒ සුගාගෙ අක්කත් එක්ක යාලුවෙලා ඉන්න කෝප්‍රල්ගෙන් අහගෙන. ඒ වුනාට කෝප්‍රල් දන්නෑ මං ලියුම ලියන්නෙ එයාගෙ නෑනට කියල. නම විතරක් වෙනස් කරනව.

පස්සෙ එයාගෙ අම්මගෙ කීම පිළිනොගත්ත තැන ඒක තාත්තට කියල තාත්තත් මගෙන් ඇහු⁣ව.
මාත් ඔව් කියල කීවත්, තාත්තත් කීවෙ වහාම නවත්තන්න කියල. මං කිව්ව ඒක නං කරන්න බෑ. දැන් පරක්කු වැඩී. ඔන්නං මං අපෙ ගෙදරටත් කියල ගෙදරින් එක්කං එන්නං කියල. ඒත් මෙයා කොක්කමයි දැම්මෙ.  පස්සෙ දවසක ඔක්කොම ඉන්න වෙලාවක අම්මයි තාත්තයි දෙන්නම මට ආයෙ ගෙට කතාකලා.

එදා ඒ පොයින්ට් එකේ හිටියෙ මායි කෝපල් ජයරත්නයි. කෝපල් ජයාට සුගා කතාකරන්නෙ "අන්නා" කියල. මෙයාගෙනුයි මෙයාගෙ යාලුවන්ගෙනුයි වැඩිපුරම බයිට් වුනෙත් කෝපල් ජයරත්න. අපි දෙන්නගෙ ලව් එක අපේ කිහිපදෙනෙක් දැනගෙන හිටිය. ඒ අතරිනුත් කෝප්‍රල් ජයරත්න තමා මට බැහැලම සපෝර්ට් කලේ. මොකද කෙල්ල අවුලක් නෑ. කෝප්‍රල් ජයරත්නත් හොඳ මනුස්සයෙක්. එයා මං වෙනුවෙන් මෙයාලගෙ පරම්පරාවත් හෙව්ව.(එයත් ඊට පස්සෙ එක් දවසක කිරාන්වලදිම අපි හැමෝවම අතහැරල දාල යන්න ගියා)
අපේ පිකට් දවසට හැමදාම කෝපල් ජයාව තමා කෝරකල්ලිමඩු පොයින්ට් එකට දාන්නෙ. ඒ එයාගාව මැෂින් ගන් එකක් තියෙන නිසා හා කරන හැමදේම මීටරෙන් කරන හිංද. එතන ඩෙින්ජර් පොට් එකක්. සන්දිවෙිලි කඳවුරේ අයයි  අපේ අයයි ලින්ක් වෙන්නෙ එතනින්.
 මොකක් හරි හේතුවකින් මට එයා ගාවින් පෝලින් වෙන්න බැරිවුනොත් මට කියනව"ඒහ්... උඹ වරෙන් මෙතෙන්ට" කියල. එතකොට එතනින් කෙනෙක් එක්ක මං මාරුවෙලා එතනට යනව. එහෙමත් මට උදව් කලා.

 ඒයාගෙ පවුලත් වැදගත් දෙමළ කුලයක.වැලි දෙමල නෙවෙයි.

සුගාගෙ තාත්ත මට ගෙට කතාකලාට ඇතුලට ගියෙ අපි දෙන්නම.  අම්මයි තාත්තායි පැයක් විතර මට හෙන ලෙක්චර් එකක් දුන්නා..කිව්වෙ ජාතිය ආගම මගෙ රස්සාව සහ එයාලට එල්ටීටීඊ එකෙන් වෙන්ඩ නියමිත කරදර ගැන. අනිවා මෙික ටෙරාල දැනගත්තොත් මාවත් මරනව.ඒකිත් මරනව.පවුලත් මරනව.එහෙම වෙලත් තියෙනව ඊට කලින්. ඊට පස්සෙදිත් වුනා.
ඉතින් එයාලා කොච්චර කිව්වත් මට මෙික නවත්තන්නම බෑ කිව්වා.එයත් ගේම අතාරින්න සූදානම් නෑ. කොපල් ජයරත්න කිව්වෙම බයවෙන්න එපා හමුදාව පැත්තෙන්, අපිට දෙමළ කෙනෙක් විවාහ කරගන්න එපා කියල කොතනකවත් නෑ. මෙයාගෙ උසස්පෙළ ඉවරවුනාම හමුදාවෙත් අනුමැතිය ඇතිව බඳින්න ලෑස්ති කරමු කියල. එයත් දරුණුවට කරුණු පැහැදිලි කලා. ඒත් වැඩක් වෙන පාටක් තිබුනෙම නෑ.

හැබැයි අපි ඇත්තටම ඇත්තටම ආදරේ කලා. කොපල් ජයරත්නත් කිව්ව "මෙිකිව අතරමං කලොත් එහෙම මමයි තොට වෙඩි තියන්නෙ දැනගනිං"කියල.

මං හැම මාසෙකම මොනවා හරි ප්‍රසන්ට් එකක් මෙයාට ගෙනවිත් දුන්නා. මං එයාට සල්ලි පවා දීල තියෙනව. ඒ දෙන්නෙ ලියුං අස්සට දාල. මහ ලොකු ගණන් නෙමෙයි. කැන්ටිමෙන් යාලුවො එක්ක කන්න, ඉස්කෝලෙ ට්‍රිප් යන්න, කෙල්ලො ආසයිනෙ මූනෙ ක්‍රීම් එහෙම ගාල මෙිකප් දාගෙන වගෙ ඉන්න. ආං ඒවට තමා දුන්නෙ. සිගරට් තියා අරක්කුවත් ඒ දවස් වෙනකොට මං කටෙි හරියෙ තියල තිබුන්නෑ. බොන්න උවමනාවක් උනෙත් නෑ.
අපි මෙහෙම මාස හයක් විතර ගොඩාක්ම ආදරෙන් හිටියා. ඒ වෙද්දි උදාවෙලා තිබුනෙ අපිට අපිව නොදැකම ඉන්න බැරි කාලෙ. ඒක මට වචනවලට පෙරලගන්න තේරෙන්නෑ. මං කොටින්ම ආදරය කියන්නෙ මොකක්ද කියල  ඉගෙන ගත්තෙ එයාගෙන්. එයා පොඩි එකියක් උනත් මහ අම්මන්ඩි කෙනෙක් වගේ මට උපදෙස් දෙන්නෙ.මාත් හරි ආසයි එයා දෙන උපදෙස් උනත් පිළිපදින්න. එයා ඒ අස්සෙ මරතෝන්ඩි ගාල මගේ නියපොතු පවා පාට කරනව.

 ජීවිතයක තියෙන තනිකම, පාලුව, බලාපොරොත්තු කියල දෙයක් මෙි ලෝකෙ තියනව කියල ඉගෙන ගත්තෙ මෙයාගෙන්.අත්වින්දෙ මෙයාගෙන්. ඊට කලින් කවදාවත්ම මට කොතනකවත් හුදෙකලාව කියන එක දැනිල නෑ. එහෙම එකකුත් ජීවිතයක තියෙනව කියල ඉගෙනගත්තෙ මෙයාගෙන්.
 කොන්ඩ කරල් දෙක ගොතල හතරැස් කර තියෙන ගවුම ඇදල ඉනෙන් පළල් පටිය බැඳල  සපත්තු දාල ඉස්කෝලෙ යනකොට මාරම හැඩයි. ඒයාම මට කියල තියෙනව ඉස්කෝලෙම කොල්ලො බර ගානක් මෙයාට ට්‍රයි කියල. ඒ හැම දෙයක්ම මාත් එක්ක කියනව. දවසක් කොල්ලෙක් දුන්නු ලියුමකුත් මට දුන්නා. ඒ ලියුමෙ ලියන්න ආරම්භ කරල තිබුනේ "සන්දිරන්" කියල සිංදු කෑල්ලකින්.

මෙයා ඉස්කෝලෙ, ගෙදර වෙන හැමදෙයක්ම මට කියනව. මං දෙමල ලියන්න ඉගෙන ගත්ත එයාගෙන්.ඒව ඉගෙන ගන්න ආසයි කිව්වම මට හෝඩ්පොත් සහ ඒව ලියන පොත් පවා මට ගෙනත් දුන්න.ලියන විදිය කියල දුන්නා.ඒවගෙ හරි වැරදි බැලුවෙත් මෙයා. අකුරු ලියපු හැම පිටුවකටම ලකුණුත් දහයෙන් දහයම හම්බුනා.

කතා කරන්නත් ගොඩක් දුරට ඉගෙන ගත්තෙ එයාගෙන්. ඒත් අම්මල තාත්තල අකමැත්තෙන්ම ඉද්දි. හැබැයි මට මුකුත් නොකිව්වෙ මොකද මං ආමි නිසා එයාලට හමුදාවෙනුත් කරදරයක් වෙයි කියලත් බයක් තියෙන්න ඇති.මට වැඩි නීති දැම්මොත් මං වෙඩිවත් තියලදායි කියලත් හිතේ තියෙන්න ඇති. ආදර කතාවක්නෙ. ඒ නිසා හිතේ තරහ අකමැත්ත හංගන් ඉන්නත් ඇති. තාත්තා නං මට වැඩිපුර හම්බුනෙත් නෑ. එයා වැඩට යනවනෙ. ඉන්න දවස්වලට පලාතෙවත් ගියෙත් නෑ. මං මෙි දෙන්නට කතාකලෙත් අම්ම අප්පා කියල.
මටත් කටපුරා පුතේ කිව්ව.ඒ වුනාට මෙිකට කැමති නෑ. මම ආමි උනත් අපි අපිටම වෙන්වුනු ආදරණීය ලෝකයක හැමතිස්සෙම තනිවෙලා හිටිය. බංකරේ හිටියත් වැඩක හිටියත් ගමනක් ගියත් මොනවා කලත් ඉස්සල්ලම මෙයාව තමා මතක් වෙන්නෙත් මතක් කරන්නෙත්. එතකොට නිවී සැනසිල්ලෙ කරන වැඩෙත් කෙරෙනව. රෑට පොයින්ට් එකක හිටියත් එයා මගෙ ඉස්සරහ ඉන්නව ඉන්නව වගේ දැනෙනව. දවසගානෙ යන කෝවිල වෙනදට සතපහකට මායිම් නොකරත් ඊට පස්සෙ හැමදාම මලක් හරි තියන්න පුරුදුත් වුනා.

ඒත් මං අයුතු අදහසකින් කිසිම අවස්ථාවක අතින්වත් අල්ලල තියා ඒවා ගැන හිතුවෙවත් නෑ. මොකද එයා තනියෙන් ගෙදර ඉන්න අවස්ථා මට ඔින තරම් ලැබිල තියෙනව. නිළ ඇඳුමෙි ගරුත්වයයි, අපේ ආදරයේ ගරුත්වයයි රැකගන්න මං හැමතිස්සෙම ඇප කැපවී හිටියා. එයා තනියෙන් ඉන්න වෙලාවල්වලට මං පාරෙන් ගේ මිදුලටවත් අඩිය තිබ්බෙ නෑ. මෙයාගෙ නෑදෑ⁣යො වටෙිම හිටියෙ. නීල් පද්ම කුමරන් කියල බාප්පෙක් හිටිය. මට මාර සපෝර්ට්.මං ඒයාගෙ ගෙදරට යනවනං ඉස්සෙල්ලම යන්නෙ නීල් සිත්තප්පා හම්බවෙන්න.

එයා තමා මගෙ ඔත්තු සේවයෙ ප්‍රධානිය. ගමට කොටි ආවත් කියනව. දවසක් කෑම්ප් එකට හැරෙන තැන එයාගෙ නංගිගෙ ගෙදර ඉඳන් මං එනව දැකල එක පාරටම ගෙට කතාකලා. මාත් වෙනසක් වගේ දැනුනු හිංද එකපාරටම ගෙට රිංගල ඇහුව ඇයි කියල.

*පුතා, ඊයෙ  හරියට බල්ලො බිරුවා කලපුව පැත්තෙන්. රෑ දෙතුන දෙනෙක් අපේ දෙවැට පාරෙන් යන සද්දෙත් ඇහුනා. ගොඩක් කල්පනාවෙන් යන්න. අනිත් අයටත් කියන්න.
"මාත් තෑන්ක්ස් සිත්තප්පා" කියල ඇවිත් අපේ නිළධාරියට විස්තරේ කිව්වම එයා පිකට් එකම නවත්තලා එක එක්කෙනා ලඟට ගිහින් පණිවිඩෙි කිව්වා. එදා අපි ජොනී බට්ටෙකුත් එක්ක බට්ටො හතරක් හොයාගත්තා. පලවෙනිවතාවට ජොනියෙක් දැක්කෙත් එදා.

සිත්තප්පා මට කියල තිබුනා කෙල්ලව කවදාවත් අතරමං කරන් නැත්තං ඔිනම උදව්වක් කරන්නං කියලත්. සමහර දවස්වලට නීල්ලගෙ ගෙදර හදන කෑම පාර්සල් වෙලා මගේ ගාවට ආව. සුගාගෙ තාත්ත කියන්න ඔින දේවල් මට කිව්වෙ මෙයා. සුගා වෙනුවෙන් හැම දෙයක්ම කලේ නීල්.

ඔහොම කාලෙත් ගතවුනා.මං මාස අටකින් නිවාඩු ගියෙනෑ. ගියොත් මෙයාව දකින්න ලැබෙන්නෑනෙ.ඔහොම කොහොමින් කොහොම හරි මෙික අපේ නිඅ තුමාගෙ කනට ගියා.අම්මට සිරි..එතන කේස්එක අම්බානකයි.මට බනිනව බනිනව බනිනව ඉවරයක් නෑ. පස්සෙ බැනල බැනල  එදාම හවස මාව මාරුකලා මුලස්ථානෙට. එතකොට අපේ  මුලස්ථානෙ තිබ්බෙ කල්කුඩා.

 මට මෙික මහා දුකක් වුනා.ඉන්න හිටින්න පවා බැරිඋනා. දරාගන්නම අමාරු කාර්යයක් උනා. මාව පිච්චෙනව පිච්චෙනව වගේ ගතියක් හැමතිස්සෙම දැනෙන්න ගත්තා. එකතැනක විනාඩියක් රැඳිල ඉන්න බැරිගතියක් දැනුනා. කන්න බොන්න පවා බැරිවුනා. කෑම්ප් එකෙන් පැනල යන්න හිතුනා.

 පස්සෙ මටම තේරුනා මෙික හරියන වැඩක් නෙමෙි කියල. මාත් නිදැල්ලේ ඇරපු හරකෙක් වගේ කඳවුරේ හැමතැනම ඇවිද ඇවිද කල්පනා කර කර නොකා නොබී කාලෙ ගෙව්වා. එහෙම දවස් දෙකයි හිටියෙ. ඒත් අදටත් මට දැනෙන්නෙ එහෙම මාස ගානක් හිටිය වගේ. අන්තිමෙිට මෙික ඉවසන්නම බැරිතැන වෙන දෙයක් වෙද්දෙන් කියල හිතල ඒ කදවුරේ හිටපු අපේ පලවෙනි බැච් එකේ සාජන් කෙනෙකුට කිව්වා. (එතුමා පස්සෙ කැප්ටන් කෙනෙක් දක්වා නිළ උසස්වීම් ලබල  හමුදාවෙන් අයින් වෙලා දැන් රට ඉන්නෙ.)  ඒ සාජන් මං වැඩිය ආශ්‍රය කරල තිබුනෙත් නෑ.නමුත් අනික් අයට වඩා ටිකක් හොදයි කියල හිතුනු නිසා මං එයාට කිව්වා. සාජන් කිව්ව වරෙන් යන්ඩ සාජන් මෙිජර් හම්බෙන්ඩ කියල. මාවත් ඇදගෙනම ගිහින් මගෙන් අහගත්තු කතාව එතුමාටත් කිවිවා. හැබැයි මෙි සහෝදරයන් ගැන කිවම යුතුයි මාව නක්කලේකට ගත්තෙ නෑ.හිත රිදෙන්න වචනයක් කතාකලේ නෑ. ඒ ඒ උත්තර හරිවෙලාවල් වලට දුන්නා. සාජන් මෙිජර් මට පැය ගානක් තිස්සෙ කිව්ව ඔික නවත්තපං ඒකිට ආදරේනං කියල. හේතු කෝටියක්නං කියන්ඩ ඇති. ඒත් මට ඒ එකක්වත් ඇහෙන මට්ටමක නෙමෙි හිටියෙ.  හේතුව කොටි හිංද. මොන පිස්සුද මෙික නවත්තන්නම බෑ. අමතක කරන්නම බෑ. සර් පැයගානක් තිස්සෙ කියපුව මගේ එක කනකට වැටුනෙ නෑ. මං අන්තිමෙිට කිව්ව "සර්,මාව මැරෙයිද දන්නෑ සර්.මාව මැරෙන්ඩ වගේ එන්නෙ සර්" කියල. එතුමටත් කරන්න වෙන දෙයක් නැති තැන "බලමු සීඔිටවත් කියල,වරෙන්කො යන්න" කියල කර කර වැඩ ඔක්කෝම නවත්තල මාව සීඔි ගාවට අරං ගියා.එවකට හිටියෙ කර්නල් ***නායක කියල සර් කෙනෙක්. එතුමා හමුවට මාව පැමිණුවම  මගෙන්  කතාව ඇහුවා. මමත් ඇත්තම කිව්වා. මුල ඉඳන් අගටම කතාව සාවදානව අහං ඉදල හේතු අහේතු විභාග කරල කරුණු කාරණා පහදල දැඩි අවවාද කීපයක් එක්ක හා නිරීක්ෂන අධීක්ෂණ පිට නැවත මාව කිරාන් යවන්න කැමති උනා. මට පිකට් යාම සපුරා තහනම්.ඒකට හේතුව තාම එයා ඉගෙන ගන්න නිසා කියල සර්ම කිවා. එයාව හම්බ වෙනවනං ආරක්ෂාවක් ඇතුව ගෙදරටම ගිහින් කතා බස් කරන්න පැයක කාලයක් දුන්නා. හැබැයි ඒක සතියකට වතාවයි පුලුවන්.උන්නු හැටියට මලා මදෑ කියල හිතල මං හා කිව්ව. මට එතුමාට දනගහල වඳින්න හිතුනත් හමුදාවෙ එහෙම එකක් නෑ කියල හිතුනම නිකා හිටිය.

සීඔි මෙි තීන්දුව දුන්නම මට එකපාරට හිතාගන්න බැරුව ගියා.මට හිතුනෙ විහිලුවටවත් කිව්වද කියල. ඇස් දෙකෙන් කදුලු කැට කිපයකුත් කඩා නොහැලුනාම නෙවෙයි. මං ටික වෙලාවක් සර් දිහාම බලාගෙන හිටිය හිතාගන්න බැරුව. සර් හරි ලස්සනට හිනාවෙලා කිව්වා.
*ආරච්චි...ඔයාට දැන් යන්න පුලවන්.පරිස්සමින් රාජකාරි කරගෙන ඉන්න. කියපුවා මතකයිනෙ??
*ඔව් සර්
 මං මගේ ජීවිතේ පලමුවරට මුලු හදවතින්ම නැගී එන අප්‍රමාන පිය සෙනෙහසත් එක්ක එකතු කරල එතුමට සැලියුට් කලා.
ආයෙත් එතුම ලස්සනට හිනාවුනා.
සාජන් මෙිජර් තුමා මට එදාම කිරාන් යන්න අවස්තාව හදල දුන්නා.

 කුඹුරුමුල්ලෙන් ආපු ට්‍රැක්ටරේට මාව දාල කිරාන්වලටම ගිහින් බස්සල සෙට් එකේ සනාථ කරන්නත් කියල ඒකෙ ආපු සාජන් කෙනෙකුට කිව්වා.
මං එතුමටත් සැරයන්ටත් කරන්න පුලුවන් උපරිමෙන්ම ස්තුති කරල ආව.
ඒ දෙන්නම එක දෛයයි මට කිව්වෙ. ඒ
*ඒක තමා බං මනුස්සකම සහ රාජකාරිය කියන්නෙ..උඹත් පුරුදුවෙයං.කවදාවත් වරදින්නෑ. පරිස්සමින් හිටහං යන තැනක..කියල

දැං නිඅ තුමාගෙනුත් කරදරයක් නෑ.හැම ඉරිදම මං හවස පහේ ඉදන් හය හත වෙනකං එයාලගෙ දිහා යනව.තාත්ත කැමතිවුනා.අම්ම කැමතිවුනා.අපේ ගෙදරින් පුදුම බර බරයක් ආව.පස්සෙ තොට ඔිනමනං ඉන්ඩම බැයිනං එක්කවර කියල තාත්තත් කිව්වා.අවුලක් උනේම නෑ.අම්මනං කිව්වා දරුවෙක් මල්ලෙක් ඉන්න කාලෙක කොහොමද පුතේ උන්ගෙ අම්මගෙ නම ඉස්කෝලෙකදිවත් ලමයි ඉස්සරහ කියන්නෙ කියල.ඒ අම්මලගෙ හැටිනෙ.
දෑවැද්දට අස්වැන්න කැඩෙන පොල් අක්කරයක්. අලුත්ම ටැක්ටරයක්. ගෙයක් හදනවනං හදන්න සල්ලි දෙනව කිව්වා.මොකද හමුදාව ප්‍රශ්ණයක් නෑනෙ.ඒ පැත්තෙන් යන්න ඔින උපරිම තැනට ගිහින්නෙ තිබුනෙ.බයවෙන්න දෙයක් නෑ දැං.
ඒ ගොල්ලංගෙ ආරක්ෂාවට ඇම්බුෂ් එකකුත් ඒ කිට්ටුවෙන් දිනපතා ස්ථානගත කරන්න නිඅ තුමා උපදෙස් දුන්නා.

කාලෙත් ගෙවිල ගියා..
ඒ අතර එක්තරා කාලකන්නිම මහ මුස්පේන්තුම දවසක් උදාවුනා. එදා උදේ ඉඳන් ධාරානිපාත වැස්ස. හෙන ගගහ වැස්ස. ඊට සතියකට විතර කලින් මෙහෙට වැස්ස පටන් ගත්තත් මෙදා දරුණුවටම කඩා හැලුනා. පරවල් යටවෙන තත්වෙට පත්වුනා. මුලු දවසම අඳුරුයි. එදා රෑ මං හිටපු පොයින්ට් එකත් වැහිවතුරෙන් යටවුනා. ටකරමක් යටට වෙලා බාගෙට තෙමි තෙමී සෙන්ට්‍රි හිටියෙ මුලු රෑ කාලෙම අවදියෙන්. නිදාගන්නවත් තැනක් නෑ.

 මෙදින බංකරේ රෑ මාත් නිදි මරන අතරේ අනෙක් පැත්තෙන් සුගාට මහ විපතක් වෙලා තිබුනා. අපි දෙන්නගෙම බලාපොරොත්තු ආශාවන් හීන මහ සැඩ ගග දියකට හසුවී ඈතට ඈතට ගසාගෙන ගිහින් තිබුනා.ඒ වැස්සත් එක්කම මගේ හැමදේම දියවී ගිහින් තිබුනා.ඒ අකුණුත් එක්ක මගේ පපුව කෑලි කැලීවලට කැඩිල සීසීකඩ වෙලා ගියානං හොඳයි කියල හිතුනා.ඒකෙන් වුනේ අදටත් මගේ පලවෙනි ආදරය දකින්න නොලැබීම. එහෙම දෙයක් එදා රෑ වෙනබව දන්නවනං හරි, ඉඟියකින් තේරුනානං හරි  මම කොහොම හරි යනව සු⁣ගාගෙ ගෙදර. ඒත් හිතන්නවත් කාලයක් නොදී දෛවය කියන අලුගුත්තේරුවා අපි කාටවත්ම නොකියා අමුම අමු මහා නින්දිත පාදඩ පසික්කාඩු වැඩක් කලා.

මං ඊට පස්සෙ මහ පුදුම පුදුම විදියට ජීවත් වුනේ.
හිත හදාගන්න බැරිම උනා.පිස්සෙක් වෙන ලකුනු පහල වුනා. අර අහිංසක අම්මයි තාත්තයි නොකා නොබී දවස් ගණන් ගෙවල තිබුනා.අක්කා පහුවදාම වාලච්චේන කඳවුරේ ඇතුලෙ තියෙන ගුරුවරියකගෙ ගෙදරක නැවැත්තුව.ඒ පවුලත් සීසීකඩ වෙලා ගියා. කිසිම දෙවිකෙනෙකුට එයාව බෙිරගන්න බැරිවුනා.දේව විශ්වාසය කියන එක මං දෑතින්ම අරං කිරාන් හංදිය මැද්දෙම පොලවෙ ගහල පාගල පාගල  චප්ප කරලම දාල කෙලත් ගැහුව. අදටවත් මං දෙවියො කියන එක බහුභූතයෙක් විශ්වාස කරන්නෑ.
මං කිරාන් කෝවිල ඉස්සරහටම ගිහින් කෝවිලට කෙල ගැහුව. තුවක්කුවෙන් එයා වෙනුවෙන් හැමදේම කරන්න පුලුවන් කියල හිතාගෙන හිටපු හැම එකක්ම අන්තිමෙි බොරුවක් කියල ඔප්පු වුනා.

අන්තිමෙිදි මට අවියක්වත් නැතුව කදවුර තුල මාස ගානක් ලගින්න වුනා. මට හැමෝම සැලකුවෙ පිස්සෙක් ගානට. මාත් එක්ක කව්රුත් වැඩිය කතා කලේ නෑ. මාව ශෙල් එකෙන් එලියට දාන්න කලින් එතෙක් බිලට්වල ලඟ තියාගෙන හිටපු රාජකාරියෙන් තොර සෑම අවියක්ම මුරහලේ තියල ඉබියතුරු දැමීමට නියෝග වුනා.කිසිම අවස්තාවක මගේ ඇස් දෙකට කිසිම අවියක් බෝම්බයක් ගැටීමට සැලැස්වීම තහනම් වුනා.ඒ වෙනුවෙන් කටයුතු ඉටුවුනා.. උපරිම මානසිකව වැටිල හිටි නිසා කිසිම ඩියුටියක් නෑ.ඒ අතර තුර බොහෝ අවස්ථාවල මටත් ජීවිතෙන් යන්න පවා හිතුන. මං තනිවෙලා හිටියෙ.නමුත් මගේ වෙනස දන්න නිසාදෝ මා ගැන අවදානයෙන්ම ඉන්න කියල කඳවුරේ රාජකාරි කල වෛද්‍ය බළකායෙ සෙබලෙකුත් යොදවල තිබුනා.කන්න ගියත් බොන්න ගියත් ටොයිලට් ගියත් ඔහු ආරච්චි...ආරච්චී...කියාගත්තු ගමන්.
එක පාරක් මට දවස් දහයක් නිවාඩු දීල යන්න කිව්වා මං බෑම කියද්දි.ඒත් මට යන්න හිතුන්නෑ. කදුරුවෙලට ගිහින් ආයෙ කඳවුරට ආව. ආයෙ පාරක් තව කෙනෙක් එක්ක එයාට මාව නිවාඩු යනකං  බලාගන්න කියල නිවාඩු එව්වා. ඒත් මං ඔිමාරගොල්ලෙ තේ බොන්න බස් එක නවත්තපුවම එතන නවත්තල තිබ්බ බස් එකක නැගල අරයටත් හොරෙන් ආයෙ කඳවුරට ආව.

ඒ ආදර කතාවෙි අවසානය දුක්බර උනේ එදා කාලකන්නි වැස්ස දවසේ රෑ  සුගාව එල්ටීටීඊ එකෙන් උස්සං ගිහින්   තිබුනා.ඒ කියන්නෙ උස්සල බලෙන් සංවිදානෙට බදවගෙන. ඒක වුනේ කොහොමද කියල අදටවත් මට හිතාගන්න බෑ. කෑ ගහන්නවත් ඉඩ දීල තිබුන්නෑ. තුවක්කු කටවල් වල ඔබල තමා එයාලව මෙල්ල කරල තිබුනේ.එයා විතරක් නෙමෙි..තවත් ගොඩක් දෙනෙක් අරං ගිහින් තිබුනා.සමහරු අවුරුදු දා හතරක පහලොවක තරම් වයසක ලමයි. මං එයාව  එක්කගෙන එන්න උසස්පෙල කරනකං හිටියෙ.. එයාට හොදට ඉගෙන ගන්න පුලුවන්. කැම්පස් යන්නමයි ආසාව තිබුනෙ. ගණන් තමා ආසම විෂය.
නමුත් මෙි වෙද්දි උසස්පෙල විභාගෙ  ලංවෙලා තිබුනු නිසයි සද්ද නැතිව හිටියෙ. තව එක මාස දෙකක් හිටියනං අදටත් එයා ජීවතුන් අතර...එහෙනං මම ගෙදර එක්කගෙන ඇවිත්. අර නින්දිත පාදඩ කාලකන්නි ටික මලක්වගේ හිටපු මගේ සුගාව මෙල්ලකරගෙන කොහෙම අරං ගියාද දන්නෙ නෑ. එයා මෙි විපත කොහොම ඉවසුවද දන්නෑ. මාවත් මතක්වෙලා හයියෙන් කෑ ගහල අඬන්නත් ඇති. සුගාගෙ තාත්තා කිව්වෙ බිම දිගේ මඩෙි ඇදගෙන ගියේ කියල. ඒ වෙලාවෙ ඉඳල මං හිටියෙ වියරු වැටිල වගේ. හත් දෙයියනේ සුගා කොහොමද දන්නෑ මෙිව දරාගත්තෙ. ඉන්න තැනකින් පැනලවත් එන්න බැරිවෙන්න ඇති. ඒ ආවත් කොහෙ කියල කොච්චර දුරක් කියල එන්නද. එයා මට වැඩිය දුක්කන්දරාවක් විඳින්න ඇති. හමුදාවෙන් මාත් එක්ක ඇවිත් එයාව බෙිරගනී කියල බලාපොරොත්තුවෙන් හිටියද දන්නෙත් නෑ.  පපුව පැලිල මැරිලද දන්නෙත් නෑ. එයාව අත්දෙකෙන් අල්ලගෙන බිම දිගේ ඇදන් යද්දි මොනව හිතුනද දන්නෑ.

එදායින් පස්සෙ තමා ඔය සමස්ත දෙමල ජාතියටම මට පුලුවන් විදියට පහර දෙන්න පටන් ගත්තෙ. අහිංසක මිනිස්සුන්ට නෙමෙි. අර පාදඩ කාලකන්නි යක්කුන්ට. සිවිල් වුනත් කමක් නෑ, එක වචනෙ මිස්වුනානං ඇති. කටක් කියල එකක් තිබුනෙ අපරාදෙ කියල හිතෙන්න දුන්නෙ.

සුගාගෙ අක්කවත් කොටි උස්සන් යන්න කලින් එයාව හොරෙන් පන්නල අරං ගිහින් අර කේප්‍රල් විවාහ කරගත්තා. අම්මල තාත්තල දැනුවත්වම.
ඒ පවුලටත් අනෙක් ලමයි අරන්ගිය පවුල්වලට වගේම ශෝචනීය අවසානයක් ලගාවුනා.එයාලගෙ අම්ම නැතිවුනා අවුරුදු හතරකට විතර පස්සෙ අඩුවයසෙන්ම දුක් වෙලාම.

අපි මෙි හැමදෙයක්ම දැනගත්තෙ ඔක්කොම සිද්ද උනාටත් පස්සෙ. එදා රෑ සුගාලගෙ ගමෙි ඇම්බුෂ් එක ගියපු අටදෙනාගෙන්ම මම ගේම ඉල්ලුවා. කෝපල් පේමතිලක ඉන්න තැන හොයාගෙන ගියා වෙඩි තියන්න.  පස්සෙ මට ගැහුව. මාත් ගැහුවා. අපි ගහගත්තා. ඒත් කට්ටියම වටවෙලා මට හොඳටම ගහල ගහල  අවුගහකට තියල බැඳල තිබුන එදා හවස ඉඳන් රෑ එලිවෙනකම්ම. ගහේ බැන්දෙව්වෙ ඔිසී. එයාටත් ඒ පාපෙටම හමුදාවෙ ඉන්න බැරිවුනා. හිරේ මාස ගානකුත් ඉදල ආවම හමුදාවෙනුත් අස් කරල දැම්ම. මං එදා අඬ අඬා සීතලේ ගැහි ගැහී මදුරුවො කකා මුලු රෑම ඇහැරිලා හිටියා. පහුවදාට එළිවුනු ගමන්ම තමා මාව කල්කුඩා වලට යැව්වෙ. ඒ ගිහිනුත් සතියක් විතර ශෙල් එකේ හිටියෙ. අන්තිමෙි පීටී යනගමන් හිටපු සීඔිම ඇවිත් මාව එලියට දාන්න කියල මුරපතිට කිව්වා.

මට උදව් කරපු කෝපල් ජයරත්න සැරින් සැරේ මාව බලන්න බැඳල තිබුනු තැනට ආව.ඇවිත් එකඑක දේවල් කියල හිත හදාගනින් කියල යනව. මෙි ⁣විදියට මෙික අවසාන වෙන බවක් එයත් දන්නවනං කීයටවත් උදව්කරන්නෑ කියලත් කිව්වා. අඩුගානෙ කෝපල් ජයරත්නවත් එදා ඇම්බුෂ් එකේ හිටියනං......
මාව බලන්න අනෙක් යාලුවොත් ආව. මගේ බැජියෙක් මං ගාවටම වෙලා මුලු රෑම ඇහැරිලා වැහිපොදේ තෙමි තෙමී කියෝ කියෝ හිටියා. හැබැයි එදා මට මාව බැඳපු එක ලනු පොටක් ලිහාගන්න පුලුවන්කමක් තිබුනනං සත්තකින්ම අද මං මරණ දණ්ඩනය නියම වෙච්චි හිරකරුවෙක්.

මං සීඔිට විස්තරේ කිව්වම විභාගයක් පවත්තලා අර අටදෙනාම චාජ් එකේ අරං ගිහින් පටි තිබ්බ එවුන් ප්‍රයිවට් කරල පටි නැතිවුන්ට දඬුවම් දුන්නා.
හැබැයි පසුකාලෙක කෝපල් ප්‍රේමතිලක ගැන හිතේ පැසව පැසව තිබුනු තරහ හිතේ හැටියට කල්ලාර් වලදි අවසන් කරගත්තා. එතකොටත් පොර ප්‍රයිවට්.මං කෝපල්. පොර ඇබ්සන් වෙලා ඉඳල ආවෙ අපේ කඳවුරට. ඒ ඇවිත් ඉන්න  අතරේ එයාම දාගත්තු කේස් එකක් හරහා මං මගේ හිතේ තිබුනු සම්පුර්නම කේන්තිය පිටකලා. කිරාන් මතක්කර කරම තමා කේන්තිය යවාගත්තෙ. මොකද මට වටවෙලා ගැහුවෙත් මෙි උන්දැලම තමා. හැබැයි එදයින් අදත් තව වෙනකං ඒ සුදුමූන මං හමුදාවෙ දැක්කෙ නෑ. රෑම ආයෙ කඳවුරෙන් පැනල ගිහින් තිබුනා.

ඔහොම ඉද්දි කාලයත් එක්ක මගෙ හිතත් ටික ටික යතාතත්වෙට පත්වෙන්න පටන් ගත්තා. නමුත් අදටත් ඒ හැඟීම් එහෙම්මමයි. සමහර දවස්වලට නම් මෙික මතක් වෙනකොට ඉවසගන්නෙ බොහොම අමාරුවෙන්.

ඒයාගෙ තාත්ත විතරයි ගමෙි අදටත් ජීවතුන් අතර ඉන්නෙ.නීල් එකතැන්වෙලා.කකුලක් කපල දියවැඩියාවට.මෙි ආදරයට දැනට අවුරුදු විසිතුනක් වෙනව. මං මෙි ජනවාරි විසිපහත්  ඒ තාත්තව බලල ආව ගිහින්. ⁣2020.06.09 ත් ගිහින් ආවෙ එහෙ තමා. අවුරුදු දෙක තුනකට සැරයක් එයාගෙ අක්ක මදී ලවත් බලන්න යනව.මං එල්ටීටීඊ එකත් එක්ක පුදුම වෛරෙකින් ඉන්නෙ අදවුනත්.ඒ දවස්වල එල්ටීටී ඊ ප්‍රහාරයක් එල්ලවුනත් මරාගෙන මැරෙන ලයින් එකක් තිබුනෙ.නැගෙනහිර කොහෙ හරි ගහල බොඩිස් තියෙනව කිව්වොත් මං අනිවාරයෙන්ම ඒ තැන්වලට සෙට්වලින් කතාකරල අහනව කෙල්ලො මැරිල ඉන්නවද කියල.එකපාරක් 126 කදවුරේ කෙල්ලො දෙන්නෙක් මැරිල ආරංචියට ගිහින් බැලුව.එයා නෙවෙයි.ඒත් මට 2009 දි එක දෙයක් හරියටම පැහැදිලි උනා.ඒ ..එයා කොහෙදි හරි කැලේක මැරෙන්න ඇති.අපේම කාගෙ හරි වෙඩි උන්ඩෙකින්.

.අන්තිම මෙහෙයුමෙි දක්වා මං එයා ඉන්න තැනක් බැලුව.නමුත් අද මෙි මොහොත වෙනතුරුත් එයා නෑ.යුද්දය ඉවර වෙලා හරියටම මාස හතරකින් නැවත මාස හතරකින් නැවත මාස හයකින් වගේ පිට පිටම කිරාන් ගියා.ඒ වාසනාවකට හරි ජීවිතේ බෙිරගෙන ඇවිත් ඉන්නවද බලන්න.නමුත් අදටත් නෑ. අනාත කඳවුරු වල හිටියෙ ආමි අය. එයාලගෙ නම්බර් හොයාගෙන මං වෙනම කතා කරල ඇහුව ඒ නම තියෙන කෙනෙක් පුනරුත්තාපනය වෙනවද කියල. ඒත් නෑ.

මෙි කතාව මෙච්චර දුක්බර සිදුවීමකින් අවසානයක් දකීවි කියල එදා මට නිකමට හරි හිතුනනං කීයටවත් සැරයන්ට පිකට් එකේදි කෝරකල්ලිමඩු යං කියල කියන්නෑ.එහෙනං අනිත්පැත්තට එක්කං ගිහින් පුරුදු විදියට කිරිහට්ටියක් හරි කනව.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි.
2020.06.12