Monday, April 27, 2020

සෝක් පිස්ටෝලෙ

ඔිගොල්ලො ජීවිතේ ගැන හිතන්නෙ කොහොමද? මටනං හමුදාවට බැදිල අවුරුදු කිහිපයක් ගතවුනාම ඔන්න ඔික තිබ්බත් එකයි නොතිබ්බත් එකයි.. මගුල..කියල තමා හිතිල තිබුනෙ.ඒකට ඉතින් හේතුවකුත් මං යටගිය කතාවක කිව්වනේ. ඒ විදියට ජීවිතේ ගැන හිතන්න මගේ හිතට ආවෙ අන්න ඒ කාල ඉදල.
කිරාන් වෙච්චි තව සිදුවීමකුත් කියන්නංකෝ.හැබැයි මෙි කාලෙ මගෙ ආදරයත් එකසේම පැවතුන කාලයක්.
මම ඒ නිවාඩුව ගිහින් තිබුනෙ මාස නවයකුත් දවස් විසිතුනකට පස්සෙ. ඊට කලින් යන්න තිබුනා.නමුත් මං ගියේ නෑ.නොයන හේතුවත් කිරාන්ම තමා තිබුනෙ. මං ඔහොම අම්මල තාත්තල බලල එන්න කියල නිවාඩු ගිහිල්ලත් තාත්තගෙන් කීප වරක්ම බැනුම් අහලත් හිටියෙ.
ඒ තාත්තට කෝපල් කියල තාත්තගෙන් බැනුම් ඇහුව.අම්මට සර් කියල කතාකරල එයාගෙනුත් හැදිපාරක් කාල නංගිට මචං කියල ඒකි අප් වෙලා මගෙ දතක් ගලවන්න හදල ඒකි මගෙන් අම්බානක කාල එහෙම තමා ඒ නිවාඩුව ඉවරවුනේ.
මගේ නංගි ඉන්නවනෙ. ආපෝ..අහල ගං හතකවත් නෑ ඒවගෙ කේප්ප වැස්සියක්.
අපේ අම්ම ඔිකිව රෝස කැලෙන් නෙමෙයි ගෙනත් තිබුනෙ..
අඹෙිවෙල පට්ටියෙන් පැනල පාර දිගේ උම්බෑ කිය කිය යනකොට තමා ඔිකි අපේ අම්මට හම්බ වෙලා ගෙදර උස්සාගෙන ඇවිත් තිබුනෙ.
මං එක දවසක් එ්කිට කිව්ව..
*.නංගි බබා සුදු මැනික ...මයෙ ඇදුම්ටික හෝදල දාපන් මයෙ අම්ම ඈ..
*මට බෑ එක එකාගෙ ඇදුම් හෝදන්ඩ.
*හා හා එහෙම කියන්ඩෙපා යකෝ.මං තවුසෙගෙ අයියනෙ.අනික ඔය කලිසං සාක්කුවල සල්ලිත් ඇති.හෝදනකොට හම්බ උනොත් මට ආපහු දියං ඈ.
*මට බෑ ඔියි හඩු හෝදන්ඩ..
කොහොම කොහොම හරි සාක්කුවල බැරිවෙලා සල්ලි ඇති කිව්වම බාන්ඩෙ සැරෙන්ඩර් උනා.ඔිකිට සල්ලි කිව්වොත් මැරෙයි.වෙන මොකේටවත් නෙමෙි..ඉස්කෝලෙ ඉන්න ඉසකුඩිච්චියොත් එක්ක කඩසෝරු කෙලින්ඩ.
(ඒ දවස්වල එයා උසස්පෙල පන්ති යන කාලෙ ඈ)
මගේ කලිසංවල සල්ලි බැරිකරන්ඩ තරම් මං මොංගල්ද යාලුවනේ..නෑනෙ නේද..
මෙන්න මෙිකි හිමින් සැරේ මගෙ ඇදුම් ගොඩගහනව හෝදන්ඩ.
මාත් ඉතිං කරපු වැඩෙි පර්ස් එකේ තිබ්බ රැපියල් විස්සක් හීංසැරේ කලිසමක සාක්කුවකට දැම්ම.දාල මං ශේප් වෙලා එතනින් ඇවිත් මගේ වැඩ කරගෙන ගියා.හැබැයි මං නිවාඩු ඉවරවෙලා එන දවසට කලින් දවසෙ ඒකි කියනව කලිසම් අච්චරක් හේදුව.සර්ට් ටීසර්ට් මෙච්චරක් හේදුව..පලවෙනි දවසෙ විතරයි විස්සක් හම්බුනේ කියල.
ඉතිං මං කිව්ව
තමුසෙට මං හැමදාම හෝදන්ඩ කිව්වෙ නෑනෙ.තවුසෙනෙ සාක්කුවල සල්ලි ඇති කියල ඒව උස්සන්ඩ බලාගෙන හෙදුවෙ.
*ආයෙ නිවාඩු එනවනෙ නේ..??
මාත් ඉතිං සතාව අදුරන හිංදයි පලවෙනි දවසෙ විතරක් විස්සක් දාල හැමදාම රෙදිටික හෝදව ගත්තෙ.☺️☺️☺️😁😁😁
බනින්ඩ නං එපා මගෙ ආදරණීය යාලුවනේ..ඒ අපේ මී වැස්සිගෙ හැටි හොදේ.පවුනෙ කියල ආයෙ විස්සක් දුන්න මං එයාට පස්සෙ.
ඉතිං ඔහොම කාලෙ ඉවර වෙලා මං ආව කදවුරට යන්න එදා.වාලච්චෙිනට එනකං ආව.
අපි අනිවාරයෙන්ම වාලච්චෙින ඔිට්ටමාවඩි පාලම ගාවින් බැහැලා මාර්ග ආරක්ෂක මුරය දාල තියෙනවද කියල සෙට් එකේ අහන්න ඔින.තිබ්බොත් විතරයි එතනින් එහාට එන්න පුලුවන්.නැතිනං එදා රෑ වාලච්චෙන කදවුරේ නැවතිලා පහුවදා තමා කදවුරට යන්න වෙන්නෙ.
මාත් ඉතින් එතනට එද්දි ඇති පහට විතර.
හරියටම පහට පිකට් ටික අකුලනව.ඒ කියන්නෙ මාර්ග ආරක්ෂක මුර තමන්ගෙ ඩියුටිය ඉවර කරල කදවුරුවලට යනව.
මටත් දැං මග නවතින්න මොකද්ද මොකද්ද වගෙ.හිතට හරිම නෑ.එහෙම උනොත් කෑල්ල බලන්නත් තව දවසක් කල් යනවනෙ.
ඒ නිසා මං සෙට් එකේ අහල පිකට් එක නෑ කිවුවම වාලච්චෙින කදවුරට යනවිදියට යන්න ගිහින් මගින් කැරකිලා ඇවිත් හොරෙන් නැග්ග බස් එකකට.
නසීරා ටුවර්ස් ඇන්ඩ් ට්රැවල්ස්..
දැං එනව.පිංවතුනි පපුව දහ් දහ් දහ් ගානව.මොකද පිකට් ඇකිලුවම තනිකරම කොටි රජදාන තමා මහ පාර කියන්නෙ.
ඒකෙනුත් කොකාකෝලා පොයින්ට් එක පට්ටම අනතුරුදායකයි.එතන බඩු බොහෝදුරට ඉන්නව.(මෙි විදියට ගිහිපු අපේ ගොඩදෙනෙක් අතුරු දහන්වුනා.)මටත් වීරය වගේ නැග්ගට මොකද හෙන බයයි.තනියෙන්මනෙ.
මාත් කෝකටත් කියල දොරගාවට කිට්ටුවෙලා හිටියෙ.හදිස්සියෙ නැවැත්තුවොත් පැනල දුවනව කියල හිතාගෙන.
කිරාන් එනකම්ම අවුලක් උනේ නෑ.මොකද පිකට් ඇකිලුවා විතරමනෙ.එන්න කාලය මදි නිසා වෙන්න ඇති.
මං බැස්ස කිරාන් වලින්.කිරාන් ටවුමෙ ඉදල හරියටම කිලෝමීටර් එකයි කාලක් විතර තියෙනව කෑම්ප් එකට.
මෙිටික පයින් යන්න ඔින.
වම්පැත්තෙ කෝවිල..දකුනු පැත්තෙ මීටර් හැත්තැපහක් විතර ගියාම වී මෝලක්.(මගෙ කෑල්ලගෙ නෑදෑයෙක්) එතනින් පැන්නහම ගෙවල් තුනයි කම්බි වැටවල් දෙකයි ඊට එහාපැත්තෙ කලපු කෑල්ල.ඊට පස්සෙ ඔිපන් එක.
වම්පැත්තෙ කෝවිලෙන් පස්සෙ කඩ කෑල්ලක් ඊට පස්සෙ ඔිපන් එක..ආයෙ කලපු කෑල්ල.
මෙිව කිව්වෙ උවමනා හිංද හොදේ.
මං කිරාන් ටවුමෙන් බැහැල එතැන තිබ්බ බස් හෝල්ට් එක ගාවම කඩෙිට ගියා. බඩුවගයක් ගන්න. කඩෙි ඇතුලට ගිහින් බඩු ඉල්ලන ගමන්ම සල්ලිත් රැපියල් සීයක් දික් කලා .මගේ අතින් අල්ලගත්තු මුදලාලි හුස්මගන්නෙත් නැතුව ඇස් දෙක නලලෙ තියාගෙන මට ඉතා මිහිරි කනට මීපැනි වක්කරනව වගෙ දැනෙන කතාවක් කිව්වා.
*පුද්දු ෂේර්..මෙි දෙන් බඩු ඉටියා..පිස්ටෝල් ටීම් යෙක..දුවාන්ඩ දුවාන්ඩ යේක දුවපිය ෂේර්..
කිව්වා..
ඔිවනං මොනාද මයෙ ආදරණිය යලුවනේ ඔිවට බයනං අපි හමුදාවට එයිද.
මං හීන් සැරේ වටපිට බලල බෑග් එකත් කැෂියර්ගෙ මෙිසෙ යටට විසික්ක කරල කඩෙන් එලියට ආව..ඉස්සරහ තිබුනෙ අලිය බීම කේස් වගයක් උඩට උඩට ගහලා.ඊට එහා පැත්තෙ කොකොකෝලා ඉස්සරපයිට් හතප් වගේ දේවල් කේස් ගොඩක්.
මං එකතැන පිකප් කරා පිකප් කිරිල්ලක් මහත්වර්ණි, කොකාකොලා අලිය බෝතල් කේස් ටිකත් පෙරලගෙන ඊටත් උඩින් පැනල කෙලින්ම පාරෙ පැද උඩින්ම. වැටිල ඉන්ද වෙන්න ගියත් ඒක එහෙම උන්නෑ.මං දැක්කා කෝවිල ඉස්සරහ දෙන්නෙක් ඉන්නව කලුපාට කොට කලිසම් ඇදගෙන ඊට උඩින් නිල් පාට කොටු කොටු සරම් දෙකක් ඔතාගෙන.අනිවා ඒ තමා බඩු දෙක.
කඩෙන් පැන්න පැනිල්ලට බෝතල් කේස් පෙරලිලා ගිය සද්දෙට උං බැලුව ඒ පැත්ත..ඒත් එක්කම එකෙක් මගෙ පැත්තට දුවන්න හදනව දැක්කා.
ඔයාල හිතනවද සුසන්තිකා ඔලිම්පික් ලෝකඩ පදක්කම ගන්න එච්චර හයියෙන් දිව්වා කියල?? පිස්සුද මිත්රොර්ණි මමයි එදා එයාටත් වඩා වෙිගෙන් දිව්වෙි.
පිකප් එක විතරක් කෝමද කියනවනං මං දැක්කා මගෙ ඔලුවටත් උඩින් මං දාං හිටපු සපත්තු දෙකම ගුවන්ගතවෙලා ගිහින් බිමට වැටෙනව.
මුලු පුරුස හත්තියමයි පන ඩිංගෙ වගකීමයි මගෙම කකුල් දෙකටම බාරදීල ඇරියා ඇරිල්ලක් පිංවතුනි කන්වල වැලිගැවෙන්න..අරුං දෙන්නත් මං පස්සෙ පන්නනව.පාරදිගේ කෙලින්ම දිව්වොත් අනිවා පිස්ටෝල් පාරට බඩු බනිස් වෙනා.පිමි දෙකයි ඇල්ලුවෙ වී මෝල වහල තිබුන ටකරමත් ගලෝගෙන (මං ඒ විමෝල ගැන හොදට දන්නව.මොකද මයෙ සුදාම්මියගෙ චිත්තප්ප කෙනෙක්තමා ඒ මෝල දාල තිබ්බෙ.)ඒකත් කෙලිං කරගෙන මැද්දෙං පැන්න මිදුලට. මීටර විස්සක් විතර යනකොට පොටවල් තුනයි කම්බි වැට..ඔිවනං මොනාද..ඔිවයැ අපි පහුකරල තියෙන්නෙ.. ඒ කම්බිවැටත් උඩින්....
එහා පැත්තේ ඊලගට ටොයිලට් එකක් ඒක වටෙන් දෙවැට.ඔය බාධක ඔක්කොම තරණය කරගෙන දැං දෙවැට දිගේ අරිනව ඇරිල්ලක් හම්බන්තොටට නැවෙන් බාපු අලුත් කාර් අදි වෙිගෙ කොලඹ එනවට වඩා වෙිගෙන්..
ඒත් එක්කම කලපුකෑල්ල.ඒකට පනිනවනං කම්බි පොටවල් හයක වැටක් පනින්න ඔින.
මොනාද පිංවතුනි ඔිවනං..ඔිව ඉතා සුලු දේවල්නෙ.. ටෙික් ඔිෆ් කලා කෙ⁣රිල්ලක් කෆීර් පරාදයි..උඩීන්ම උඩීන්ම උඩීන්ම ගිහින්
ජබ්බ්බෝස්ස්ස්......කලපුවෙ..ඒක එච්චර ගැඹුරු නෑ.නමුත් පීනන්ඩ ඔින. පිමි දෙකයි පීනුවෙ අතපය ගහල... මීටර් පනහක් විතර පලල කලපුවෙන් එගොඩ.පස්ස බැලිලි අදාල නෑ..දුවන්ඩයි තියෙන්නෙ.
.දැං හරියට මඩකරියෙක් වගේ...ඒ පැනලත් තව දුවනව හොඳේ..
මං ඒ පැත්තම තෝර ගත්තෙ 24×7 අපේ නිරික්ෂණ මුරයක් තියෙනව ඉස්සරහ කෝවිලේ.එතන ඉන්නව හතර දෙනෙක්.ඒක ටාගට් කරගෙන තමා දැං දුවන්නෙ..
දැං ඔිපන් එක..මං හොදටම දන්නව උන් මාව පස්සෙන් කලපුවෙන් මෙගොඩට පන්නන්නෑ..නමුත් ආ වෙිගෙන්ම දුවන්නෙ ඔිපී එක කිට්ටුවට ගිහින් කෑගහල කිව්වොත් එතන ඉන්න වුන් මම පන බයේ දිවුවට වඩා වෙිගෙන් ටවුමට දුවං එනව අරුං දෙන්නව බාවන්න.ඒකයි වෙිගය අඩු නොකර දිව්වෙ.
ඒ පොයින්ට් එක කිට්ටුවෙන කොටම මං කෑගහගෙන ගියා පිස්ටල් ගෘප් එකෙන් පන්නනව පිස්ටල් ගෘප් එකෙන් පන්නනව කියල.. ඉස්සරහම හිටියෙ තිලකරත්න කියල පොරක්..
පොරත් මයෙ අප්පා පිකප් කරා පිකප් කෙරිල්ලක් දූවිලි වලාවක් විතරයි පෙනුනෙ බඩු නෑ..ඔහොම තුන්දෙනෙක් ටවුමට පාර දිගේ දිව්වා.මාත් නැවතිලා අනේ වෙච්චි දෙයක් කියල හිත හිත හැති අරින ගමන් හිමීට පාරට ඇවිත් ආයෙ ටවුම පැත්තට යන්න ගියා.
මාත් දැං සාමාන්ය වෙිගෙන් දුවනව..ඒ යනවත් එක්කම එක සීරුවට වෙඩි ප්රහාරයක් ඇහුනා. මෙි වෙඩි තියන්නෙ අපෙ පන්නපු තුන් දෙනා.මාත් වෙිගෙ ටිකක් වැඩි කරල ආයෙ ඒ සද්දෙ එන පැත්තටම දිව්ව.
අපේ ඉස්සල්ලම දුවපු තිලක රත්නට අරුං පිස්ටෝල පාරක් දීල.නමුත් වැදිල නෑ.උං බලපොරොත්තු වෙන්න නැත්ව ඇති අපේ එවුං ඔච්චර ඉක්මනට ඔතනට එයි කියල.අනික උං කල්පනා කර කර ඉන්න ඇත්තෙ මං දුවපු දිවිල්ල ගැන වෙන්න ඇති.ඒක දැකපු තිලකෙ අතෑරලා අතෑර්ල්ලක් සල සල ගාල තිහම.උන්ටත් වැදිල නෑ.නමුත් පිස්තෝලයක් දාල ගිහින් තිබුනා.වැටිල වෙන්ඩ ඇති.අපි විනාඩි දහයක් විතර ක්ලියර්කරනකොට කෑම්ප් එකෙන් රොත්තක්ම එතනට ආව. උංගෙන් ආපු එකෙක් තමා පිස්තෝලෙ හොයාගත්තෙ
.
පස්සෙ ආයෙ ටවුමට උං එක්කම ගිහින් බෑග් එකත් අරං සපත්තු දෙකත් හොයාගෙන ආව කෑම්ප් එකට.
අම්මෝ...අරුං දෙන්නගෙන් වෙඩි කාල මැරුනනං හොදයි කියල හිතුන පස්සෙ.
වැඩියම අවුලක්වුන්නෑ ඉතින් පිස්තෝලයක් අත්අඩංගුවට ගත්හිංද.
බ්රවුනින් වර්ගයේ පිත්තල ප්රිස්ල් ග්රිප් එකක් ගහපු සෝක් පිස්ටෝලෙ අප්පා..සැක්.😁😁☺️☺️☺️☺️

රුවින් පමුදිත යද්දෙහිආරච්චි

වවිනතිව් මාරුව



මං මෙි වෙනකොට හිටියෙ කල්ලඩි වල. අපේ කෑම්ප් එක මෙහෙ ස්ථාන ගත වෙලා ඉන්නකොට තවත් රෙජිමෙින්තුවක් අපේ කදවුරට ආවා තාවකාලිකව නවතින්න. ඒකත් හාරසිය ගානක්. මෙි අය අතර හිටියා අලුතෙන් පත්වීම් ලබාගෙන ආව අලුත් නිළධාරීන් පස් දෙනෙකුත්. අපිත් ඉතින් අපේ පාඩුවෙ රාජකාරි කරගෙන හිටියා.

එදා මහ මුස්පේන්තු දවසක්.අව්ව උනත් පායල තිබුනෙ කුප්ප විදිහකට.

මං එදා රාජකාරි හිටියෙ කල්ලඩි රේඩාර් එකේ.අපේ එතන පැය විසිහතරෙ රාජකාරියක් කල යුතුයි.මෙතැන ටිකක් රෙස්ට් කරන්න පුලුවන් තැනක්.මොකද මෙතන රාජකාරියට දාන්නෙ සතියක් විතර බොහෝ දුකසේ පාමුර සංචාරයේ යෙදී මහන්සිවුනු අය විතරයි.ඒ දවසක් දෙකක් රෙස්ටි කරන්න.මමත් පුරා සති එකහමාරක්ම මෙහෙම ඇදල ඇදල ඇවිදල තමා මෙි පොයින්ට් එකට වැටුනෙ. මගෙත් කකුල් තුනටියට එනකං ගෙවිල තිබුනෙ ඇවිදලම. පොයින්ට් එකට ගියෙත් තුනටියෙන් පැන පැන 😁😁😁

ඉතිං එදා මං පාමුර සංචරයට ගිහින් කෑම්ප් එකට එනකොට පාංපිට් කිලෝ දෙකකුත් කඩෙිකින් අරගෙන ආවෙ. අනික්ව ඉතින් අපේ කුස්සියෙ තියෙනවනෙ☺️☺️.වෙන මොකේටවත් නෙමෙයි පිංඔතුනි..සොටී පුච්චන්න. මොකද අපේ කුස්සි කුකා පබිලිස් සිල්වා මොඩල් එකේ උනාට ඌ උයන ඒව අපි කන්නෙ උගෙ හත්මුතු පරම්පරාවටම පිං අනුමෝදනා කරලනෙ.😁😁 ලේසියෙන් කන්න බෑ.ඒවටත් පිනක් තියෙන්න ඔින.වෙන මොකේටවත් නෙමෙි ඒව දිරවගන්නත් සංසාරෙ කුරපු පින් තියෙන්න ඔින.

මං ඇවිත් ඩියුටි බලනකොට ඒ පොයින්ට් එකට දාල තිබුනා.මොකද ඒ පොයින්ට් එකට වැටෙන්න කාලෙ හරිකියල හිතිං මං මැනගෙන හිටියෙ. හවස හතරට පොයින් එකට යන්නෝන.මායි තව එක්කෙනෙකුයි ඒ පොය්න්ට් එකේ රාජකාරි භාර ගන්න යන්න ලෑස්ති වෙලා ගියා කුස්සිය පැත්තෙ කරක් ගහන්න. ඒ රොටී පුච්චන්න අවශ්‍ය අනෙක් අඩුම කුඩුම ටිකක් ඉල්ලගන්න.

ඉතින් මං ගිහින් එකපාරටම පබිලිස්ට ටෝක් නොකර කන්න උයන්නෙ මොනවද..උයල තියෙන්නෙ මොනවද කිය කිය එහෙම ඩිකිස් පියන් ඇරල බල බල ඉද්දි පේමා ආව.

*මොනාද උඹ ඇර ඇර බලන්නෙ. ඇරියට කමහ් නෑ තිබ්බ විදිහට වහපන් ඔිව ඈ..

*හරි හරි බැජියෝ..මගෙ මැනිකේ.

මං එහෙම කිව්ව විතරයි මූ හෙන ලිස්ට් එකක් කියාගෙන කියාගෙන ගියා කියහංකො.

*ලූනු නෑ.. මිරිස් නෑ. ලුනු නෑ...තුනපහ මුකුත්ම නෑ.පොල් ඇත්තෙම නෑ..කුකුල්ලු සතියකින් ආවෙනෑ..බිත්තර ගේන්නෙ නෑ...

යකෝ මුගෙ අප්පට... හාල්ගැරුවත් මදිනෙ

අහන්නත් ඉස්සරල ලිස්ට් එකම නෑ නෑ කියාගෙන ගියා..

*⁣යකෝ මං තොගෙන් දැං ඒව ඉල්ලුවද.

*ඉල්ලුවෙ නැති උනාට උඹ බැජිය කිව්වනෙ.තව මැනිකෙ කියලත් කිව්වනෙ.

*ඒ ඉතිං වස්තුවෙ ආදරේටනෙ..

*හරි දැං පලයං.මුකුත් නෑ කිව්වනෙ.

*ආ උඹ ඒමද..ඒකනෙමෙි වැඩිය මුකුත් එපා.පොල් ගෙඩි දෙක්කුයි ලුනු ලුනු ටික්කුයි මිරිස් කරල් ටික්කුයි දියං බැජී..

මූ දෙන්න බෑම කිව්වා.මාත් වඳින්න ගියෙනෑ හිතෝතුනි.. ආව එන්න.

මූ මොන දේ කරත් පහට නාන්න යනව.මොකද හයහමාරෙ ඉදන් රෑ කෑම දෙන්න පටං ගන්න හිංද. මං ඇරල බලපු ඩිකිස්වල තිබුනේ ජාතික ආහාරය පරිප්පු.ඒක හරියට අවුරුදු දෙකේ තුනේ පොඩි එකෙකුට බඩගිහින් වගේ තමා උයල තිබුනෙ.අනිකෙ බෝංඩි.සුවඳනං තිබුනා.ඒත් කන්ඩ ගිහාමනෙ අවුල.

ඒ වෙනකොට සුවදට සුවදේ කුකුල් හටිටියක් ලිපේ පැහි පැහි තිබුනෙ. ඒත් කන්න ගියාපුව පව් හිතෙනව. අපිට වඩා කොච්චරනං වැඩිමල් ඇද්ද.පව්..අපිට වඩා මෝරලත් එක්කනෙ😁😁😁. අනිකනං මොකද්ද කියලවත් මතක නෑ.

මං මගට ඇවිත් අනිකට කිව්ව පොය්න්ට් එකට යන්න කියල.මොකද පේමා නාන්න ගියාට පස්සෙ අවශ්‍ය බඩුටික ස්ටෝර්ස් එකෙන් ගල් කරගන්න ඔින නිසා.

පේමා නාන්න යනකං මාත් බිත්ති කොනකට වෙලා ඩයිනමෝ දෙක කො⁣හාටවත් හරවන්නැතුව ඌ දිහාටම හරෝගෙන හිටියා.

ඌත් නාන්න ගියා කියමුකො.

මං හීන් සැරේ ඇදුනා කුස්සියට. ගියපු ගමන් ටකර⁣මකින් වහල තිබුන ස්ටෝර්ස් එකට පැනල අවශ්‍ය අවශ්‍ය දේවල් දඩ බඩ ගාල සිලි සිලි මල්ලකට පුරෝගත්තා. පැත්තක ගොඩ ගහල තිබුනා කූරිය බැරල් වගේකුත්.දෙපාරක් හිතුවෙ නෑ..එකක් උස්සලා දාගත්තා සාක්කුවට.

ඒ ක්‍රියාන්විතය සාර්ථකයි.මං බිලට් එකට ඇවිල්ල මගේ අනික් බඩුත් අරගෙන ගියා පොයින්ට් එකට.

ගිහින් දඩ බඩ ගාල නාගෙන එහෙම ලෑස්තිවුනා අනික් වැඩෙිට.

මාත් දඩ බඩ ගාල තුනපහ කලමනා ටික එහෙම ගානට දාල පිටි ටික එහෙම අනල ගත්තා.ආයෙත් දාඩිය පොල්ල දාගෙන හට් එක ඇතුලෙ අපි වැඩ.මං දැං රොටි වඩනව.. අරූ පුච්චනව.ඌම පුච්චනව මං වඩනව.

ඔය අස්සෙ ආව කෑම්ප් විසිට් එකක් අර අලුත් නිළධාරි පස් දෙනත්.

*ආ..කෝපල් මොනාද කරන්නෙ.

මං උඩ විසික්ක වෙලා බිමට වැටුනෙ.ඇයි හද්දෙයියනේ ලගට එනකං දැක්කෙනෑ කියහංකො.

*ම්ම්මුකුහ් නෑ.සර් මෙි පුංචි රොටියක් පුච්චන්න කියල හැදුවෙ.

*යකෝ ඒක මාරයිනෙ.පොයින්ට් එකේ සෙන්ට්‍රියෙක්වත් නැතුවද රොටී පුච්චන්නෙ.

*අපි රෑ නවයට පටන් ගන්නෙ සර්.

*ආ අමුතු එකක් වෙන්න ඇති..

හ්ම් හ්ම් බලමු මොකද්ද කරන්නෙ කියල.

එක්කෙනෙක් ආව පුච්චල තිබ්බ රොටියක් ගත්තා.කෑව.තව එකක් ගත්ත එකත් කෑව.

නියම රහයි ඉතින්..අත්තටම.මං පුරුදුවෙන්න පුච්චනව නෙවෙයිනෙ.

කොහොම කොහොම හරි අපි ඔක්කොම රොටී පුච්චල ඒ වෙලාවෙ හරි සතුටින් කාල බීල හිටිය.එතුමන්ලටත් සතුටුයි.අපිටත් සතුටුයි.එයාලා කිව්ව පට්ට වැඩෙි කෝපල්..ඔයාලා මොනා නැතත් ආතල් එකේ ඉන්නව නේද කියල.මාත් එක්ක ඒ පැයට එතුමන්ලා ඔක්කොම හිතවත් වුනා.

දැං සර්ලත් ගියා අපි සෙන්ට්‍රි. මුහුදු හුලං හරි සනීපෙට ගලාගෙන ගලාගෙන එනව.ඒත් අහස හරි මූසලයි.පයිනස් ගස්ටික නිකන් මරණයක් වෙලාවගෙ සෝකාකූලව පැද්දෙන්න ගත්තා.ඈතින් බල්ලො උඩු බුරන සද්දෙකුත් ඇහුනා.තඩිබස්සෙකුත් හුම් හුම් කියාගෙන පොයින්ට් එකේ වහලෙ යටලීයෙ දිගේ ඉගිල්ලිලා ගියා. මට හෙන මෙව්ව එකයි දැං.⁣බැලුව වෙලාව.රාත්‍රි අටෙි කණිසම ඔරලෝසුවෙි සටහන් වෙලා තිබුනා.

මං තඩි තල් කොටයක් උඩ වාඩිවෙලා හිටියෙ. මං ඒ වෙලාවෙ දැක්කා ඈතින් ටෝච් එලියක් අපේ පොයින්ට් එක පැත්තට එනව.

ඒ ආපු ටෝච් එක මග ඉදන් මුහුදෙ සද්දෙ පරයා මහ හයියෙන් මගෙ නම ආමන්ත්‍රනය කරනව ඇහුන.

*ආරච්චි ඉන්නවදෝ...

*කවිදෝඔිඔි.... ඒ මම

* මං ලස්මෝන්... ආරච්චි ඉන්නවදෝ...

*ඔව්..ඒ හු&&$%#ත තමා කතාකරනේඒඒ..ඇයි මෝකෝ...

*ආං ඒ හු&%$@ට සාජන් මෙිජර් එන්ඩ කිව්වෝ...

ඒ ආපු එකා පනිවිඩෙි කියල යන්ඩ ගියා.

මාත් ඩබල් එකේ ටෝච් එකත් අරං ගමනෙ යෙදුනා.

මං නිවස්නෙට ගිහින් සර්ව බැලුව නෑ.

ඔෆීස් එකට ගියා...

ම්හු හිටියෙ නෑ.

එකෙක් එනව ඉස්සරහට කාල ඉවරවෙලා.

*මචං සීඑස්එම් දැක්කද.

*අම්මටහුඩු උඹ.. අන්න පලයන් මෙස්එකේ ඉන්නව.උඹ එනකං දෙකේ දෙකේ පොල්ලකුත් තියාගෙන.පලයන්..ටූ අයිසීත් ඉන්නව.කිව් එම්මුත් ඉන්නව.

අමිමටහුඩු යකෝ.. මං උස්සපු බඩුගැන ආරංචිවෙලා වද්ද.අවුලක් නෑ ඇත්තම කියල ශේප් එකක් දාගන්නව කියල පපුවත් ඉස්සරහට දාල ගියා.යද්දි දැක්කා මෙස්එක ඉස්සරහ කොහොඹ ගහේ තඩි ගොනෙකුත් බැඳල ඉන්නව. ඒ නං අයාලෙ යන එකෙක්.මොකද ගම්මානෙං එන හරක් කෑම්ප් එකේ ඔිනම වෙලාවක එකෙක් දෙන්නෙක් සැරිසරණව.

මං ගනන් ගත්තෙ නෑ. ගියා ටූඅයිසී සර්ටත් විශ් කරගෙන.

*ගුඩි ඊවිනින් සර්..

*ගුඩ් ඊවිනින්... සීඑස්එම් මෙන්න ආව..

මෙස් එක ඇතුලෙ හිටපු සීඑස්එම්ට මං ආපු බව කිව්වෙ ක්වාටර් මාස්ටර්..

*ආ උඹ ආවද.මෙහෙ වරෙන් මෙි ලඟට

මටත් මෙික හෙන පෙහේලිකාවක්..තේරුනේම නෑ.සීන් එක.මාත් ලගට ගියා.

ගියපු ගමන් අතින් අල්ලගෙන අරං ගියා ස්ටෝස් එක ඇතුලට.

*තෝ හවස මෙස් එකට ආවද.

*ඔව් සර්. කියනගමන් ස්ටෝස් එක සිසාරා ඩයිනමෝව යැව්වා.

කියන්න විලිලැජ්ජාවෙි සන්තෝසේ බෑ.හිතෝතුනි.

ගොම්බෙටි තොගයයි ඇතුලෙ. ඒ මදිවට මං යනකොට පහුවදාට උයන්න තිබ්බ මුකුනුවැන්න කැරට් රාබු එහෙම තිබුනෙම නෑ.

*මොකටද ආවෙ.

*මං විස්තරේ කිව්වා.

*ඊට පස්සෙ..මොකද කලේ.

මං ඇත්තම කිව්වා.මිත්‍රවර්ණි..ආයෙ මොකටද බොරු කියන්නෙ.

*චට්ට්ට්ට්ටාාස්...දැං පල එලියට.😁😁😁😁

*බලනව අයිසෙ තමුසෙ කරපු ගොං වැඩෙන් වෙලා තියෙන දේ.අර හරක මෙික ඇතුලට පැනල ඔක්කොම කාල.ඒ මදිවට ගොමත් දාල.

තමුසෙ ඒ වැඩෙි හොරෙන් හරි කරානං මෙිකෙ දොර වහල යන්න තිබුන්නැද්ද.දැං මොනවද හෙට දවල්ට තමුසෙලට කන්න දෙන්නෙ.

පේම දත්මිටි කක කකා මං දිහා බලාගෙන හිටිය.

මං බැලුවෙ හරක දිහා.උගේ අප්පට යකෝ ඌ තාමත් ඒ කාපුව වමාර වමාර තලුමරනව.කාලක්නියා.මට මූව මරන්ඩ කේන්තියි..

කරන්ඩ දෙයක් නෑ.වෙලා තියෙන දේ මදෑ.

*සාජන් මෙිජර් හෙට මෙියාව දාන්න සීඔිට.මං කියන්නං සීඔිට කතාව.

*හරි සර්.

මං දැනගත්ත බඩු බනිස්ම තමා කියල.

උදේ නමයට සීඔි හම්බුනා.

මොනාද කියන්නෙ පිංඔතුනි මගේ ඉතිහාස කතා එමට ඇදිල ආව එතැනට.සමහර ඒවට මටම හිනා යනව.සමහර ඒව මංම කලා කියල මටවත් හිතාගන්න බෑ.සමහර ඒව මටත් මතක නෑ☺️☺️☺️😁😁

ගැහුව මෙිසෙ බෙල් එක.

එකෙක් ඔලුව දැම්ම.

එන්න කියනව සීසීට

සීසීත් ආව.

මෙි මනුස්සයව දැන්ම යවන්න ලැහැස්ති කරනව වවිනතිව් වලට.😒😒😒🤨🤨🤨🤨

මං ඒ අකුලගෙන යන පොටෝ එක තමා පහලින් තියෙන්නෙ.ලස්සනයිද බලන්න.මගෙ ආදරණීය යාලු⁣වනේ.





රුවින් පමුදිත යද්දෙහිආරච්චි

Sunday, April 26, 2020

කල්මුනේ හරහා මඩකලපුවට

මං මෙි වෙනකොට මඩකලපුවෙ හිටියෙ. දන්නවනෙ ඉතින් පිස්ටෝල ගෘප් හැම තැනමනෙ. ඒත් ඔිකෙ එච්චර වෙනසක් ගානක් අනතුරක් පෙනුන්නෑ. එදා මට ජීවිතේ පළවෙනි වතාවට ගොවිසෙතකින් රුපියල් පන්සීයක් ඇදිල තිබුනා. ඒ වන විට මගේ ඔරාලා්සුවත් පාව්ච්චි කලා ඇති කියල හිතිල තිබුනෙ. ඉස්සර මගේ සිරිතක් තිබුනා ගත්තු දෙයක් ඒ විදියට තියාගන්නැති. මොක උනත් මොඩිෆයි කරනව. තිබ්බ ඔරාලා්සුවත් බ්ලේඩ් එකකින් හූරල සිගරට් අලු දාල මැදල කණ්නාඩ්ය වගෙ හදාගෙන තිබුනෙ. ඔික අන්තිමෙි බ්රිගේඩ් එාක් හැමෝම කරන්න ගත්තා.(රසීත් කැමැත්ත දුන්න ගමන් මොඩිෆයි කරන්න හිටියෙ)
රුපියල් පන්සීයක් කියන්නෙ ඒ දවස්වල ලොකු ගානක්. හිතාගන්නකො මෙහෙම.. ගල් බෝතලයක් දෙසිය දහයයි.පැලවත්තක් එකසිය අසූවයි. තේරුණා නේ. ඒ වුනාට මං ගන්න යන ඔරලෝසුව කැසියෝ එකක්. ඒක නවසීයක් වෙනව.
මාත් ඉතින් හතරට විතර කට්ටියට එම්අයි රූම් යනව කියල පචයක් අතෑරල පැන්න කෑම්ප් එකෙන්. (අපේ ගැන් එකට පැයක් දෙකක් මාව නැතුව ඉන්න බෑ..උන් බයේ මං උන්ටත් නොකිය උන්ව කාටහරි විකුනලවත් දායි කියල.😁😁😁 ඉතින් යන හැමතැනම හොයනව) එලියට හොරෙන් පැනල ගිහින් මුස්ලිම් පල්ලිය ගාවින් ඇතුලට දාල ටිකට් එකත් මාරුකරල ආයෙත් ටිකට් පහකුත් අරගෙන ඔරලෝසුවකුත් ගත්තා..සල්ලි තිබ්බ මංගාව. මාත් ඉතින් කඩ කඩ ගානෙ ගිහිල්ල මට ඔින ඔින කරන ඒව අරගත්තා.
මට ඔය අස්සෙ මතක් උනා රසීවත්. එයාටත් මොනාහරි අරන් යන්න එපෑ.සමෝසා පහයි එලවලු රොටී පහයි..රෝල්ස් පහයි.ඔය මදෑ...මටමනෙ කන්න වෙන්නෙ. මෙිව අරගෙන ගිහින් දුන්නට මට බනිනව මිසක් ඒ උන්දා මෙි එකක්වත් කන්නෑ. ආපහු දෙනව තමුසෙම කනව කියල. මාත් ඒකයි ඒවම ගත්තෙ. බැනුම් අහ අහ ඔිව කනකොට මාර ෆිට් එකක් එනව ඇඟට. ඒකයි. .😁😁😁
මාත් හවස හතට විතර කෑම්ප් එක ඇතුලට ආව. එනකොට හෙන කේස් එකයි එහෙ..මාව හොයල හැමතැනම.. බිලට් එකට ආව විතරයි "කොහෙද භළ්ළො ථෝ ඝ්යෙ??කිය කිය අහනකොට මාත් එක එක තැන් කිය කිය හිටිය. හේතුව අපේ කොල්ලෙක්ගෙ තාත්ත නැතිවෙලා. ඒකට බැනර් එක යවන්න තමා හොයල තියෙන්නෙ.(ඊයෙ හවස මැරිල තිබුනෙ.මට හිතිල තිබුනෙ කැටෙිට මාවම යවයි කියලත්)
කොහොම හරි රෑ මට ඔය කැටෙි සෙට්වුනා. සල්ලිත් මදි අතේ. අම්පාරට යන්නත් ඔින.
ඒ යන පිළිවෙල මනම්පිටියට ඇවිත් මහඔය හරහා තමා යන්න තියෙන්නෙ.පාරවලුත් අන්තිම සවුත්තුයි. හෙනම දුරයි.
කෝම කෝම හරි පහුවදා උදේම මං යන්න ලෑස්තිවුනා මළගෙදර. විශේෂයෙන්ම මට කිව්වෙ මළගෙදරම පළයං කියල.මොකද මලගෙදර තියෙන්නෙ අම්පාරෙ..මං යන්නෙ අනුරාදපුරේ. මාතර මලගෙදර නං යාපනෙන් තමා මතුවෙන්නෙ. මාත් ආසයි කියන දිහෑ එකපාරින්ම ගිහින් එන්න.ඒත් ලිකර් සෝප් කාරයො කැමතිනෑනෙ.. මට එක පාරක් වවිනියාවෙ වැඩකට ගිහින් එන්න කියල පාස් එකකුත් දීල යැව්වම මං මතුවුනෙ පදවියෙන්. අපි හිටියෙ මුලතිව්.බලන්ඩ ඉතින්😁😁😁☺️☺️☺️..
මටත් හිතුනා පුන පුනා කිව්ව විදියට කොාහාම හරි මලගෙදරම යන්න වෙයි කියල.😁😁
ඉතින් මල ගෙදර ගහන්න බැනර් එකත් හැත්තැපහකට විතර නමල නමල මල්ලක දාගෙන කෝකටත් කියල උවමනාවුනොත් ගන්න කාටත් හොරෙන් සරමකුයි පප්ප බැනියමයි අත්දිග නැසනල් සුදු කමිසෙයි (මං ඉස්සර නිවාඩු යන්න ඇන්දෙ නැෂනල් එක.ඒකත් වෙනම ආතල් එකක් ඈ.) තම්බි තොප්පියයි රෝල් කරල පත්තර කොලේක ඔතාගෙන ඒකත් සිරි සිරි මල්ලක දාගෙන රසීගෙනුත් නයට අතමාරුවක් ඉල්ලගෙන කෑම්ප් එකෙන් දොට්ට බැස්සා.(රසී ඉල්ලපු ගමන් සල්ලි දෙනව මට.මං ඒ වෙනකොටත් හතක් හතාමාරක් ණයයි බුවීට..දවස් තුනහතරක් කනක් ඇහිල හිටියැකි කියල .. හැබැයි ඉතින් ඒකත් මූනටම කියල තමා දෙන්නෙ).
අරමුණ මළගෙදර යන්න.
මඩකලපුවෙ නිවාඩු යන්න ඔින අනිවාරයෙන් කොන්වොයි එකේ. මාත් අද යන්න ඔින කොන්වොයි එකේ. ගිහිං මනම්පිටියෙන් බැහැල තමා අම්පාර යන්න ඔින.
ඒත් ඒකෙ යන්න හිත දුන්නෙම නෑ. අහුවුනොත් අහුවෙච්චාවෙ කියල මං අර බඩු ටිකත් අරගෙන කාලගුනේ පොයින්ට් එකට ඇවිත් සරමයි පප්ප බැනියමයි කමිසෙයි තම්බි තොප්පියයි දාගෙන එලියට ඇවිත් පයින්ම ආව ටවුන් එක මැද්දට රෙදි බෑග් එකත් කරේ දාගෙන.කල්මුනේ අක්කරපත්තු අම්පාර හරි යන බස් එකක් අල්ලගන්නයි දැං ඔින.
මේක තනිකර නීති විරෝධී ගමනක්. මොකද කොටින්ට අහුවුනොත් ජීවිතෙන් වන්දි ගෙවන්න තමා වෙන්නෙ. කොටි ඉන්නව අනිවාරයෙන් මග. මං ආමි කියල කිසිම දෙයක් අරන්ගියෙ නෑ.අයිඩෙන්ටිය තියල ගියෙ.නිවාඩු කොලේත් රෝල් කරල සරමට තියල ඔතාගෙන ගැට ගහගෙන අනික්ව කිසි දෙයක් නෑ.
ආව අම්පාර බස් එකක්ම.වෙලාව හොදයි.මොකද අම්පාර බස් අඩුයි මෙහෙන්.ඉදල හිටල තමා යන්නෙ.ඒකත් යන ටයිම් හොයන්න අමාරුයි. නමුත් මගෙ වෙලාවට බඩු එකක් ආව. දැම්ම අත.නැග්ග.
මොනාද හිතෝතුනි කට කපලා එකයි සෙනග.
මාත් බොහොම අමාරුවෙන් එල්ලුනෙ. ඒ එල්ලුනත් දකුනු පයෙන් කාලකුයි දකුනු අතේ වලලු කරයි විතරයි බස් එකේ තිබුනෙ.අනික්ව ඔක්කොම එළියෙ. ඔහොම දත කාගෙන කාත්තන්කුඩි කලවංචිකුඩි දක්වා ආව. කලවංචි කුඩි රෝඩ් බ්ලොක් එක.එස්ටීඑෆ්.
මෙිකෙ යන හැම වාහනයක්ම පුද්ගලයෙක්ම චෙක් කරනව. මට බය හිතුනෙ කොටින්ට නෙමෙි මුංට අහුවෙයි කියල.කෙලින්ම නඩුවක්නෙ..
*නානා කොහෙද යන්නෙ.
*අම්බාරෛ ෂේර්.
*ඌර් එංගේ.
දීපල්ලකො උත්තර.මං දන්න මගුලක් නෑ කියන්නද.මොකද අම්පාර පැත්තෙ ගම්වල නං මං දන්නවෑ.😮😮😮
*යේක පොඩි වෙඩ තමා තීනවා ෂේර්,, බිෂිනේෂ් යෙක.යේකට තමා යනවා..😁😁😁
*ඌර් එංගෙ.
*මට්ටක්කලප්පු ෂේර්.
*එන්න බෑග්වල?? (උං අහපු විදියටමයි කියන්නෙ හොඳේ)
*උඩුප්පු කිඩෙක්ක ෂේර්..මත්තදු ඉටිකොල යෙක තීනවා. (ඇඳුම් තියෙන්නෙ..තව ඉටිකොලයක් තියෙනව කිව්ව)
*බලමු. (කාල වරෙල්ලකො.. බැනර් එක දිග ඇරලවත් බලයිද.බයේ බෑ.)
*⁣මොකද්ද මෙි.
*යේක ෂේර් මං බුදියනව යෙක.අද රේ මක්ක තමා යින්නවා.යෙතකොට බුදියනව යෙක ශේර්. වෙන මුක්කත් නේ..
පොර මංදිහා බැලුව.මං කිව්වෙ අදරෑ මග ඉන්න වෙනව.එතකොට එලාගෙන බුදියගන්න එක තමා මෙි කියල.පොර මං දිහා මහා අනුකම්පාවකින් බලල
*හ්ම් හම්..පෝංග පෝංග..
ඔන්න සිංහලයට වරදින එක ⁣තැනක්.අනුකම්පාව. අපි අදහන ආගමෙන්ම අපේ සංස්කෘයෙන්ම එනදේ.ඔික හරි දුර්වලකමක් අපේ..දන්නවද??
මාත් යිතින් අල්ලාහ්ට පිං යෙක දිදී එවිත් ආයෙ පස් යෙකේ..
පාරත් අවුලක් නෑ.සීටීබීයත් අරිනවා ඇරිල්ලක්..පෙරේද යන්න තිබ්බ ගමනක් අද යනව වාගෙ.
සමහර තැන්වල නමන නැමිල්ලට කටෙි හිටං වැලි.
කොහොම හරි එස්ටීඑෆ්ලගෙ එකෙන් බෙිරිලා ආව.ඊලඟට තව එකක් හම්බුනා මග.එකෙනුත් බයිල පාරක් ගහල පැනගත්තා.එකෙන් පනින්න වුනෙ තාත්ත මැරිල මල ගෙදර යනව කියල. කතාව ඇත්තනෙ ඉතින් මගෙ තාත්ත මොකද යාලුවගෙ තාත්ත මොකද.
කෝමහරි ආව සමන්තුරේට එනකං. එතනින් ආමි පොයින්ට් එකක්.
අහුවුනොත් ශෙල් එකේ..
*කොහෙද නානා යන්නෙ...
*ෂේර් යේක එංඩ වාප්පා පෝනෛ.අදු පාක්ක පෝරාං ශේර්..(තාත්තා මැරිල ඒක බලන්ඩ යනව කිව්වෙ)
*බෑග්වල මොනාද.
*එන්ඳුං ⁣ෂේර්..(ඇදුං)
*බලමු
*යන්තං ඇරල පෙන්නුව. මොන යන්තමක්ද. ලා/කෝ කට්ටෙක් හිටියෙ.බෙිරෙන්ඩම බෑ.
*එක එක අරං තිබ්බා.සපත්තු දෙක.කලිසම ටීෂර්ට් එක..අනං මනං ඔක්කොම.
*කාගෙද මෙිව.
*මගෙ ෂර්..
*ඉතින් තමුසෙට ඔික ඇදගෙන එන්න තිබුනනෙ මෙි සරං කෑල්ලක් ගහගෙන යන්නෙ.
*ඉල්ලෛ ශේර්.
*මොනාද නැත්තෙ?
*ෂිංගලන්ඩා විලංගාදු ශේර්.
*හා හා යනව යනව..
ටහුඩු..පැන්නා ඔියි..එතනිනුත්.තව මොනා ඇහුවත් සිංහල දන්නෑම කියල තමා කියන්නෙ.ශේප් වෙන්නෙ ඒමයි..බැරිම උනොත් මට ගැහුව පොලිසි යනව කියල හරි කේස් එකක් දාල පනිනවම තමා.ඉතින්.මොකද මං මං ගැන දන්නව උනාට උං ආරච්චි ගැන දන්නෑනෙ.😁😁😁
හවස හතර වෙනකොට අම්පාරෙ.අර වටෙන් ආවනං තාම මනංපිටියෙ.
කොහොම හරි අහගෙන අහගෙන රෑ අට විතර වෙනකොට මළගෙදරට ආව. පයින් යන්න තියෙනව කිලෝමීටර දෙකක් විතර.ඇල බන්ට් එකක් දිගේ..මාත් හොදට වට පිට බලා සියලු ඇඳුම් උනා තමා මෙලොවට බිහිවුන පරිද්දෙන් නාන මංකඩකින් ඇලට බැහැල හොඳට නෑව. අලි කපන කලුවර..මෙලෝ දෙයක් පේන්නෑ.ඒත් ඉතින් සෙබලෙක්නෙ නේද කියල මෙලොවට බිහිවුන පරිද්දෙන්ම තමා බැහැල නෑවෙ.ඒ අස්සෙ කව්රු හරි ආවනං ඒම මට ජීවිතේටම ගොඩ යන්ඩ වෙන්නෑනෙ කියල ඒ වෙලාවෙ හිතුනෙම නෑ. උං යනකං ගොඩ එන්ඩත් බෑනෙ... පස්සෙ අනික් පප්ප බැනියම විතරක් දාගෙන මලගෙදරට ගියා.(දවස් හතරකට ඇතිවෙන්න බඩු අරං ගියෙ )
මයෙ කිරිඅප්පුච්චියො එකම කේස් එකයි එහෙ තම්බියෙක් මලගෙදර ඇවිත්.
*ආ නානා එන්ඩ එන්ඩ.. (ඔන්න සිංහල මිනිස්සු.)
අපි ඉතිං ආගිය විස්තර කතාකරනව.උං දෙමල දන්නෑ.මං සිංහල දන්නෑ.😁😁😁😂😂😂.
මටත් හිතුනා ආතල් එක උපරිමෙන්ම ගන්ඩ.
යාලුවත් කතාකරන්නෙ කවිද කියල බලන්ඩ ඇවිත් දොර ගාවින් එබිල බලල එහෙමත් ගියා.ඌටත් ගානක් උනේ නෑ.මාව.තම්බියෙක්නෙ .මුස්ලිම් ගමකුත් පහුකරං මං ආවෙ.අනික අපි හිටපු හරියත් ටිකක් එලියට වගේ.මොකද ගමන් මහන්සිය යන්න මාරි කැට පැකට් එකක් දෙකක් කාල බීම ලීටරයක්වත් බොන්ඩ වෙනව.විටකුත් කන්ඩ ආසාවක් තිබුනා.
*නානා කොාහද මෙහෙ.
උං සිංහලයි දන්න දෙමලයි දාල මගෙන් අහනව.මං දන්න දෙමලයි නොදන්න සිංහලයි දාල උත්තර දෙනව.
*මං අම්බාරෛ මාත්තියා. යේක මෙරුනු මාත්ති මගෙ ඔඳ යාලු යෙක්කෙනා අප්පා..පාවුං.. මං අත්දෙකත් බාගෙට අහසට දික්කරල මහා අනුකම්පාවකින් කිව්වා. ඒ අස්සෙ මාරි ට්රෙි එකෙන් බාගෙකට වග කියල..බීම වීදුරු තුනක් බිව්වා. මාරි සුවර් නෑ එචිචර.පස්සෙ කෝපි එකකුත් ගෙන්නගෙන බොන්ඩ උනා..කයියෙං කයියෙං කෑව විටකුත් කට පුරෝලා.පැය කාලෙන් මිදුලම බතික් කලා විට කෙල වලින්..
එතන හිටපු ඔක්කොම මට හිතවත් උනා.
මං කිව්වෙ මැරුනු කෙනා මගෙ හොද යාලුවෙක් කියල.නම ගම විස්තර මං දන්නවෙන.දන්න දන්න ඒවගෙන් උපරිම වැඩ ගත්තා.
දැං මාව දෙණ බලන්න එක්ක යන්නයි ලෑස්තිය. මං කිව්වා ඒව අපිට හරාම්..ඒ නිසා ඒක කරන්න බෑ කියල.(ගියොත් අරූ දකිනව.එතකොට ආතල් එක කැඩෙනව)
කොහොමහරි මගෙ යාලුවත් පැය එකහමාරකට දෙකකට විතර පස්සෙ එතන්ට ආව.ඇවිත් කයිය ගහන අය ඉන්න තැනින්ම ඉඳගත්තා.කව්ද තම්බිය බලන්න වෙන්න ඇති.
මූ ටිකක් වෙලා ඉඳල එකපාරටම ඔලුව නමල ඇස් පුංචි කරල කකුලෙ වහපු මදුරුවෙකුත් මරන ගමන්ම මං දිහා බලලා...
*අඩෝ ආරච්චිය උඹ..
*ඔිං මාත්ත්යා..ඌ තමා..කිව්වා.
*යකෝ මුගෙ අප්පට හැ&@%$@%න මොකෑ හු%@$*තො ඔිම?? පොර ඉන්න තැනත් අමතක වෙලා මගෙන් ඇහුවා.
*මෙහෙම ඇයි හොඳ නැද්ද.
බලන්න හිතොත්තුනි සිංහල වචනයක්වත් දන්නැති එකා එකපාරට සිංහලෙන් කතා කරන කොට මගෙ එතන හිටිපු බොක්කලාට දැනෙන පීලිං එක..😁😁😁😁
වයසක පොරවල් අනික..
*පුතා අදුරනවද මෙයාව?.
*මොකද නැත්තෙ මාමා..මූ මෙි අපේ කෑම්ප් එකේ එකෙක්නෙ..දිගෑරිය..කියහල්ලකො..
*බුදු අම්මෙි. පුතා.. ඇත්තට මොකද ඔහොම.
අපිත් හිතං හිටියෙ ඇත්තටම මුස්ලිම් කෙනෙක් කියල. බලන්නකො ඔයානං මාර මිනිහෙක් තමා..
කම්මුලට අතුත් තියාගත්ත..
*මචං මං ආවෙ කල්මුනේ පැත්තෙං.ඒකයි මෙහෙම ආවෙ..ආයෙ ඇදුම් ඇද ඇද හිටියෙ නෑ..මං මග අැලෙනුත් නාල ආවෙ ඇගත් තෙත හිංදා..ඒකයි.
*මොකක් උඹ ඇලෙන් නෑව???
පොර විස්මෙන් වගේ ඇහුව)
*ඔිඔිඔි..
*යකෝ අද ඇල අරල තිබ්බෙ.පලාතෙවත් මිනිහෙක් නාන්නෑ උඩහිං ඇල ඇරියම.අපිත් ගිහින් ආපහු ආව.
*ඇයි??
* වැව ලඟ සැඩ වැඩියි පුතා...ඔයා පුදුම යකෙක්නෙ..දන්නැති ඇලවල් වලත් බැහැල..එන්නෙ.අනික මල ගෙදරක තනියම..එවනවද ඔිම..(අංකල් මගෙන් අහගන්ඩ හදන්නෙ)
*ඔිවනං මොනාද මාමා..මං එක පාරක් බොල්ගොඩ ගඟේ නාන්ඩ බැහැල කැලනි ගගෙන් ගොඩ ආවෙ...වතුරනම් මොනාද අනේ...😁😁😁☺️☺️☺️කටට ආපු එකක් අතෑරල දැම්ම.නැත්තං තව කියෝනව.
දැං මං කල්මුනේ පැත්තෙං ආව කිව්වම කලින්ටත් වැඩිය මුං බයවුනා...මොකද කිසිම ආමි පොලිස් තියා සිංහල අයටත් ඩෙින්ජර්ම පාරක්ලු ඔික.ඒත් ආරච්චි ගියා.මගෙ යාලුවත් කිසිම දාක කල්මුනේ පැත්තෙන් මඩකලපු ඇවිත් නෑලු.
මාත් ගිහින් බැනර් එක ගහල කාල ඇදගෙන හිටපු එක පිටින්ම ආයෙ පොට් එකෙන් ඉදගත්තා.
ඒ වෙලාවෙ පිට් වෙච්චි පිට්විල්ල කියන්නෙ අංකල්ලා ටික..එලිවෙනකං මගෙන් රාමායනය අහනව වගේ වීර කතා අහනව. මාත් නේද හිතෝතුනි...නමල දුන්නෙ නමල. අපේ ආච්චිම එතන දෙපාරකටත් වැඩිය මැරුණ.මාම ප්ලේන් එකක හැප්පිලා අන්ඩක් කඩාගත්තා .තාත්තා ඇමරිකා ගියා..නංගි ඉංදියාවෙ ජනාදිපතිවුනා..මං තුන් හතර පාරක් අප්රිකාත් ගිහිං ආව. ඩෙන්සිල් කොබ්බෑකඩුව ජනාදිපති කරල පේමදාස මහත්තයා ආමිකමාන්ඩ කරල චන්ද්රිනා මැඩම් මගේ නැන්දවත් කරගත්තා..😁😁😁.අනේ අර වයසක මාමන්ඩිල ටික ආරච්චිට අහුවෙලා එලිවෙනකං නිදි මැරුව..😁😁😁
මෙිව නොකෙරුවනං ඉතින් සොලෙකුත් නෙමෙයි හොඳේ..

රුවින් පමුදිත යද්දෙහිආරච්චි

වඳුරු මෑ

මෙි සිදුවීම වෙන්නෙ 1999 මුල් භාගයේ

වාලච්චෙින 232 බළසේකා මූලස්ථානයේදී.දන්නවනේ මෙි කාලෙ ගැන.හරිම අමාරුවෙන් තමයි ජීවිතේ රැක ගත්තෙ.ඒ වුනාට ඉතිං එහෙමයි කියල අපි ආතල් ගන්න එකත් කාටවත් නවත්තන්න බැරිවුනා අඩුම ගානෙ කරුණාටවත්.

මෙි බ්‍රිගේඩ් එක වටෙිට දාල තිබුනා ආරක්ෂක මුර කපොළු කිහිපයක්.ඒ එකක් තිබුනේ කිරි මංඩලේ කියල.

නෑ.නෑ.ඔයා හිතපු එක වැරදියි.කිරිමංඩලේ කිව්වෙ ඒක නෙවෙයි මනුස්සයෝ.... ඒ පොයින්ට් එකේ නම.එතැන තිබුනේ නෙස්ට්ලේ කිරි එකතු කිරීමෙි මධ්‍යස්ථානයක්.ඒ කිට්ටුව තමා අපි උපක්‍රමිකව ස්ථානගත වෙලා හිටියෙ.මෙික දවල්ට මාර්ග බාධකයක් විදියටත් රෑට රැකසිට පහරදීමෙි කණ්ඩයක් විදියටත් රාජකාරි දෙකක් ඉටු කරනවා.මොනාද ඉතින් රෑට එක තත්පරයක් නිදියන්නෙ නෑ.බයට නෙවෙයි.කොහෙන් කොටි ගහයිද කියල බලාගෙන ඉන්නවා.දවල්ට ඉතිං ඇහැරල ඉන්නව කියන්නෙ මළාම තමා.ඇස් දෙක මාරම අමුතුම කහට රහක් එනව නිදි මතට.

ඔය පෙයෙින්ට් එක වටෙි තිබුනා පරණ, ගඩොල් කපන්න පස් ගත්තම හැදෙන වලවල් කිහිපයක්.මමත් මගේ බැජියෙකුත් තව එකෙකුත් සෙට් වෙලා කරන්නෙ හවස තුනෙන් පස්සෙ වගෙ වැලි කොට්ට ගහන්න ගෙනාපු පොලිසැක් උර කිහිපයකුත් කිහිලි ගන්නගෙන කාටවත් නොකියා අර වලවල් වලට බැහැල ඒ ඇතුලෙ තියෙන පඳුරු අස්සට රිංගලා ශේප් එකේ සිගරැට්ටුවක් එහෙම ඇදලා කට කපල නිදන එක.දවල්ට ටර්න් එකට නිදියන්න අවසර තිබුනත් මෙි වගේ කුප්ප තැන්වල රිංගන්න අවසර නෑ.මොකද හදිසියෙවත් ටෙරා ගැහුවොත් එකතු වෙන්න බැරිවෙන එකයි, අපිත් ඒ අහු අස්සෙ පොයින්ට් එකට රිංගුවොත් අපිත් කොටි කියල හිතල වෙඩි අතාරින එකයි දෙකම වළක්වගන්න ඔින නිසා.

නමුත් අපි ඇහුවෙ නැත්තෙත් ඔිකමයි.ගහන කොටි ගහපුවාවෙ කියල අර පඳුරු අස්සෙ රිංගන එකමයි වැඩෙි.අනික ඔිව සංසාර පුරුදුද කියල කව්ද දන්නේ.ඒ අවට කිලෝ මීටර ගානක්ම තියෙන්නෙ විවෘත භූමියක්.ඒ ඔිපන් එකෙන් හමාගෙන එන හුළං පාරත් එක්ක ඒ එන නින්ද ආයෙ දිවිය ලෝකෙ එක්කවත් සසඳන්න බෑ.අර පොලිසැක් උරේ එලන කොට ඇස් පියවෙලා නින්දත් ගිහින්ම තමා වැටෙන්නෙ.ඒ තරමට සනීපයි.

ඉතින් ඔන්න දවසක් අපි එහෙම නිදා ගන්නත් ගියාම කියමුකො.කියන්න බැරි උනා.දවල්ට මෙි රෝඩ් බ්ලොක් එකේ ගෑල්ලමයි දෙන්නෙකුත් රාජකාරි කරනව හොඳේ.අපිට ඉතින් ඒව අදාල නෑ.අනික අපි ඔිවට ඇත්තෙත් නෑනෙ.අපි දෙන්න (එදා දෙන්නයි) නිදාගන්න යනකොට ඇති දෙකහමාරට විතර.පුරුදු විදියට පොලිසැක් දෙකතුනකුත් කිහිල්ලෙ ඇනගෙන හොරෙන් කෙහෙල් කපන්න යනව වගෙ හීන් සැරේ කම්බි වැටත් පාත් කරල රිංගල අපේ කට්ටියට හොරෙන් පැන්නා.පැනල ගිහින් නිදාගන්නවා විතරයි මතක.මට ඇහෙනව නිකන් හීනෙන් වගෙ ලඟ ලඟම චික්කා...!! චික්කා...!! ආරච්චි,, ආරච්චි,, බංඩාර ...බංඩාර... කියල සත්තු වගේකට කතා කරන හඬක්. ඒ අස්සෙ සීදේවි කට හඬකුත් ඇහෙනව... ගෑල්ලමෙක්ගෙ වගෙ..හාරච්චි හාරච්චි... කියල.

මං වල පල්ලෙ ඉඳගෙනම ...ඔිහ්... කීව විතරයි පත ගලක් රෝල් වෙලා ආව අපි දෙන්න නිදාගෙන උන්නු තැනට. මං දඩස් ගාල අනිකගෙ ඇඟටත් උඩින් රෝලින් පාරක් දාල යන්තම් අර ගල් ගෙඩියෙන් බෙිරිල අනික් පැත්තට පැන්න.අනික් එකා බංඩාරෙය ඌ ඒ ඇසිල්ලට බඩයි ඉස්සරහ පශ්චාත් භාගෙයි බෙල්ලයි බදාගෙන එක පාරටම 'බුදු අම්මෝහ් 'කියල විලාප තියන්න ගත්තා.ගල් ගෙඩිය වැදිල නෙමෙි.මං හරි දක්ශතාවයෙන් ගහපු රෝලින් එකට උගෙ බඩයි "කරුව" හරියයි බෙල්ලයි පාගගෙන තමා පැනල තියෙන්නෙ.ඔය "කරුව" කියන එක පෑගුනාම එන පීලිං එක දන්නෙ තවත් පිරිමියෙක්ම විතරයි.ඒ නිසා මෙික බලන ගෑල්ලමයි ඒව හොයන්න යන්න එපා හොඳේ.

ඉතින් පැන්නම කියමුකො.අම්මට සිරි උඩින් ඇහෙනව වදන් පෙළක් ආයෙ මොනාද රත්තරනේ මං හිතන්නෙ අපෙ මී මුත්තවත් ඒ කුනුහරුප මොනාද කියන්න දන්නැතුව ඇති.සමහර ඒව මම අහල තිබුනෙත් නෑ.ඒත් අනාගතේ දවසක ඔින වෙයි කියල අහගෙන හිටිය.

අන්තිමට-

*වරෙව් ප&%#$ල දෙන්නම උඩට

*ඇයි කෝපල්. ඒ මම

* කොහෙද ප&@%යො තොපි හැංගුනේ.තොපිට කියල තියනව නේද මෙිකෙන් එළියට යන්න එපා කියල

*ඔව් කෝපල්... කියනවත් එක්කම අතත් උළුක් කරගෙනම පොර පැන්න මගෙ හක්කට දෙකක් අනින්න.මං මොනාද ආයෙ ඉතින් සෙනිකව අනිකා අතින් ඇදල ඉස්සරහට දාන ගමන් පැන්න පැනිල්ලක් පස්සට ඉස්ස වගෙ.පැනල අහක්වෙලා දුවන ඉරියව්වට ආව විතරයි...කෝපල්..

* මෙහෙ වරෙන් ප&@%..තෝ තමා ඔක්කොම කරන්නෙ.ඔහෙ හිටාං..දුවන්ඩෙපා.දිව්වොත් තොට වෙඩි තියනව මෙතනම මැරිල යන්න..හිටපිය ප&$%$.ය..හිටපිය ඉතිං කිව්වම.

මට ගොඩාක් බය හිතිලා ජීවිතේ අවසාන මොහොත තමා මෙි..වෙඩිත් කාල දැං ආරච්චි ගුටිත් කයි...පව් දෙයි⁣යනේ...සෙබළු..පව් ආරච්චි...කියල ඔයාල හිතුව වැරදියි.

මොන පිස්සුද අනේ එයා කොහෙද මාව අල්ලන්නෙ.මං පිකප් එක ගත්තෙ නිකන් සීටීබියක් යනව දැකපු ඩීඑස් ගුණසේකර බස් එකක් වගේ. එකම තැන දුම දාන්න පිකප් කලේ. ඒ ගැම්මෙංම මං ආයෙ නැවතිල පස්ස බැලුවෙ පොයින්ට් එකටත් රිංගල.දැං එනව කට්ටියම අම්ම මෝ නැතුව බැන බැන.කෙල්ලො දෙන්න හිනාවෙනව.මට මලේ මල ඉතිං.අරූටනං හක්ක ඉදිමෙන්නම දෙක තුනක් ඇනලම දාලද කොහෙද කුදලං එනව පේන්නෙ..සීන් එක මීටර් වුනේ නෑ නේද.මං කියන්නං.අපි දෙන්න වලට බැහැල නිදාගත්තා.සනීපෙට නින්ද ගියා.හයට ඇම්බුෂ් එකට පොලිං කරනවනෙ.එතකොටත් අපි නිදි.හොඳට නින්ද ගිහින්.මෑන්ස්ල දෙන්න නැති හිංදා පැය බාගයක් තිස්සෙ හොයල.අපිට ඇහැරුනෙ නම් අඬගහන සද්දෙට.හයයි හතලිස් පහට හතට විතර ඇති වෙලාව.කෙල්ලො ආපහු කඳවුරට ගෙනියන්න ආව වාහනේ අයත් බැහැල අපි දෙන්නව හොයල.

ඉතින් දැං ඇතුලට ආපු කෝප්‍රල් කිව්ව 'විනාඩි දෙකක් දෙන්නං ගහපියව් ප&$%#ල දෙන්නම බැටල්ඔිඩර් කියල..(ඒකෙ රහ සොල්දාදුවො විතරයි දන්නෙ හොඳේ)අපි දෙන්න දිව්ව කිට් එක දාගන්න.ඒ අස්සෙ මං හෙල්මට් එක තියපු තැන නෑ.මං ඒක හොයනව.අනිකා යුනිෆෝම් එක අඳිනව.මට ඉතින් ඔිවගෙ පුරුදු වෙන්න දෙයක් නෑ.⁣ස්ටෑන්ඩ් බයි කිට් එක හදල තියෙන්නෙ.මං කොහොමත් දවස් දෙක තුනකට සැරයක් අනිවා බැටලෝඩ ගහනවම තමයිනෙ ඉතිං.

මමත් ඉතින් හට් එක ඇතුලෙ ඉඳන්

*අනේ කව්රු හරි බෙල්ට් එකක් අරං මට ඩබල් එකක් දෙන්නකෝ.. කිය කිය හිමින් සැරේ ලේස්ති වෙනව. ඒ කාලෙ ඉතින් කෙනෙකුට ගහන්න ලේසිම දේ බෙල්ට් එකනෙ.කෝස්වලත් වැඩියෙන්ම තලන්නෙ බෙල්ට් එකෙන්මනෙ.මාත් ඉතින් ඒ පුරුද්දටම අනේ කව්රු හරි බෙල්ට් එකක් අරං මට ඩබල් එකක් දෙන්නකෝ කිය කිය ලේස්ත් වෙවී හෙල්මට් එක හොයනව.ඔික ඇහුන කෝප්‍රල්ට.(කෝප්‍රල් ජයරත්න.එයා තමා ඉන්චාජ්.මං ගරු කරන චරිතයක්.සුපිරිම උපදේශකයෙක්.බඩෙි බොක්කෙ තියෙන දේ හරි උගන්නනව.ඒ වගේම දෙනව.හරි හොඳයි.හොඳයි කිව්වට මෙි වෙලාවෙ එයා හරී නපුරුයි හොඳේ.උපදේශකයෙක්නෙ)ඔය අහුඅස්සෙ මං අර නෝන්ඩියට වගේ කිව්ව බෙල්ට් කතාව ඇහුනා පොරට.මුකුත් නෑ ආයෙ.. "තොගේ අප්පට" කියාගෙන දැතිවත් කපපු නැති තල්පිති අවියකුත් දෑතින්ම අමෝරාගෙන හට් එක ඇතුලට පැන්න මට ෂොට් එක දෙන්න.ඒ හට් එක වටෙිට ගහල තිබුනෙ ටකරං.මං ඒ ගහල තිබුන ටකරමකුත් ගලෝගෙනම ඇඳ ඇඳ හිටපු ෂර්ට් එකේ බොත්තමුත් දාන ගමන්ම පැන්න එළියට.ඇයි දෙයියනේ අර තල් පිත්තෙන් එකක් කෑවොත් දෙකක් තුවාලයි. එකක් වැදිල තුවාල වෙනව.අනික ඒකෙ දැතිවලට කැපිල තුවාල වෙනව.මං එ් හිංද ටකරමුත් ගලෝගෙනම පැන්න එළියට.දැං පොර වටෙන් ආව ආයෙ මට නෙලන්න.මං ආයෙ අතනින්ම ඇතුලට පැන්න.පොර ආයෙ ඇතුලට එනකොට මං අමුතුවෙන්ම ආායත් ටකරමක් ගලෝගෙන එලියට පැන්න.මෙික ඉවර වෙන්නෙ නෑ ටකරංටික ගැලවෙන එක විතරයිනෙ වෙන්නෙ කියල කෝප්‍රල් බැන බැන යන්න ගියා අමුතුවෙන් ආයෙ ලේස්ති වෙන්න විනාඩි දෙකකුත් දීල.දැං බැටලෝඩ ගහගෙන ගියා.ඉස්සරහට.

* වරෙව් මං ඉස්සරහට

*කෝප්‍රල්

*කෝ තොගෙ හෙල්මට් එක.(මට හෙල්මට් එක හොයාගන්නම බැරිවුනා.)

*නෑ.කෝප්‍රල්.

*නැති හිංද තමයි ප*&%යො ඇහුවෙ.කෝ තොගෙ හෙල්මට් එක.

*කෝප්‍රල් ඒක මීයො.......කියන්න හම්බුනේ නෑ."චට්ට්ටාස්ස්ස්"

මං කියන්න ගියෙ ඒක මීයො කාලද්දන්නෑ කෝපල් තිබ්බ තැන නෑනෙ කියල.ඊට කලින් මං කියන්න යන එක තේරිලද මංද චට්ටාස් ගාල අතෑරිය.

*පල ගිහින් හොයංවර හෙල්මට් එක.(අනිකට) තෝ මූ එනකං පල නට්(ඌට මර ආතල්)

මං ඉතින් පැය කාලක් යනකං හෙල්මට් එක හෙව්ව හෙව්ව හම්බුන්නෑ.එතකං අරූ නට්.😁😁😁

පස්සෙ බැරිම තැන මං ආව හිමීට හිමීට ගහන්න හැදුවොත් දුවන්ඩ බලාගෙන.

හැබැයි තරහ ටිකක් නිමිල වගෙ.

* ඇයි නැද්ද??

*නෑනෙ කෝප්‍රල්..

*හරි වරෙං මෙතනට.

කිව්ව තැනට ආව.දැං ලෙක්චර් එක.පැය බාගයක් විතර හෙන දේශණයක් දීල අපිට කිව්ව දුරක් පෙන්නල විනාඩි දෙකෙන් ඒ දුර දුවල වරෙව් කියල(හැබැයි ඊට පස්සෙ හක්කනං තැලුවෙ නෑ)අපි දුවල ගිහං ආව.ආයෙත් යැව්ව.ඔහොම දෙපාරක් දුවල ආවම ආයෙ තැනක් පෙන්නල කිව්ව දුවල වරෙව් කියල.අනිකට උපරිමෙිටම මල පැනල.ඌ කියනව--

*අහට්ට දුවන්ට කියනව..මෙහට්ට දුවන්ට කියනව..මක්කැයි කෝපල් දොඩන්නෙ.??(ගම කොහෙ වෙන්න ඇතිද උගෙ😁😁😁)

මෙික ඇහුන විතරයි මට උන්හිටිතැන් අමතක වුනා.හයියෙන්ම හිනාගියා.බලෙනුත් එක්ක හිනාවුනා.ඒකට කෝපල්ටත් හිනා ගියා.ඊට පස්සෙ දඬුවම් දීම නවත්තලා

*"ගිහිං කාල ලෑස්තිවෙයව් ඇම්බුෂ් එක යන්න."කිව්ව.අපි දෙන්නත් ඉතින් අනේ වෙච්චි දෙයක් කියල හිත හිත ආසියාවෙම ඉන්න අහිංසකයො දෙන්න වගේ ඉදිරි කටයුතු කරගෙන ගියා.

දැං පහුවදා.

මට අමතක නෑනෙ කලින් දවසෙ රෑ වෙච්චි දේ.අපි නාන ටැංකියට පොඩ්ඩක් එහායින් තියෙනව දේවත්වයෙන් සලකන කොහොඹ වෘක්ෂයක් දැඩිව වෙලාගත්තු දඩ සයිස් වඳුරු මෑ වැලක්..දේවත්වයෙන් සලකනව කියන්නෙ ඔය අහලින් පහලින් කව්රුත් යන්නෑ.ගියත් කහනව..ඒතරං වදුරු මෑ⁣ වැලේ සයිස් එක. ඒකෙන් හරි ලස්සනට කරල් පල්ලෙහාට බෙිරිලාාා එල්ලෙනව.හරියට වැටකොලු පතෝල මැස්සක වගේ.අපේ කෝප්‍රල් හවසට නාල එහෙම අඳින්නෙ ෆ්‍රී ස්ටයිල් ඉන්න ඔින නිසා කලුපාට ටය්ටි ශෝට් එකක්.මං නාන්න යනකොට ඒක ටැංකිය ලඟ වැලේ හෝදල දාල ලස්සනට වැලේ මද සුලඟෙ වැනි වැනි තියෙනවත් දැක්ක..මට ආව මරු අදහසක්.ඒත් ඒක ක්‍රියාත්මක කරන්නනං මං නාන්න යනකොට නනා හිටපු එකා දෙන්න යන්නෝන.මොකද මිනිහෙක් මැරුවත් සාක්කියක් නැතිවෙන්න කරන්න ඔිනනෙ කියන ප්‍රථිපත්තිය මං කොතනත් අනුගමනය කරන දෙයක්.පස්සෙ.මං අරුං දෙන්න නාල යනකම්ම බයිලා පාරකුත් ගහගෙන පාඩුවෙ හිටියා කෝපල්ගෙ ටයිට් ශෝට දිහා හොරෙන් බල බල.දෙන්න නාගෙනත් ගියා කියමුකො.ඉතින් මාත් හොඳට වටපිට බලල වඳුරු මෑ වැල ගාවට ගිහින් පාතින්ම තිබුනු හොඳට බූව තියෙන කරල් දෙකතුනකුත් කඩාගෙන කෝප්‍රල්ගෙ ශෝට ගාවට ඇවිත් අර කරල් ඔක්කොම හොඳට ඇතිල්ලුවා ශෝට ඇන්දම අයිටම් එකට හරියටම සෙට් වෙන පොට් එකේ..පස්සෙ මාත් පටස් ගාල උඩින් පල්ලෙන් වතුර ටිකකුත් නාගෙන ආව.දැං තුනට විතර ඇති.මෙි ටයිම් එකට තමා කෝප්‍රල් නාන්න යන්නෙ.මාත් රෝඩ් බ්ලොක් එකේ මෙිසෙ උඩට වෙලා ඉඳගෙන කෙල්ලො දෙන්නත් එක්ක බර කයියක් දාන ගමන් කෝප්‍රල් ජයරත්න නාන දිහා බලාගෙන හිටියා.මෙිසෙ උඩ ඉඳගත්තම නාන ටැංකිය හොඳට පේනව.කෝප්‍රල් නාල ටවල් එකත් ඇඳගෙනම ගියා ශෝට ගාවට.ගත්තා..ඉම්බා..ඇන්දා.

දැං හෝදපු ඇඳුමුත් වැලේ දැම්මා.

ඔන්න දැං එනව බාල්දියත් එල්ලගෙන වන වන.මං සීන්කෝන් එක හොඳට බලාගෙන.එයාගෙ හට් එක ඇතුලටත් ගියා.ඊට පස්සෙ මුකුත් වෙනසක් වුනෙත් නෑ.අම්මට සිරි විනාඩි දහයක් විතර යනකොට මෙන්න පොර ආව එලියට.ශෝට නෑ.ටවල් එක විතරයි..කසනව කැසිල්ලක් ⁣මයෙ අම්මා ආයෙ මොනාද බස බස ගාල.අයිටම් එක අතට අරගෙන අම්ම්ම්ඹරනවා..😁😁😁

ඉවරයක් ඇත්තෙම නෑ.අායෙ ටවල් එකත් කඩල වෙන ශෝටක් දාගෙන ආව එලියට.ඒත් අර විදියමයි.කසනව කැසිල්ලක් බස බස බස ගාල.මට හිනා ගියා බකස් ගාල.මං සද්ද නැතුව බලගෙන හිටිය සීන් එක.එක එක ඇඳුම් මාරු කර කර කසනව.පැය බාගයක් විතර..ගියා.ඒත් ඉවරයක් නෑ.මං ශේප් එකේ ඒ පැත්තට ඇදුනා.

*මොකෝ කෝප්‍රල්.කසානාද.ඔච්චර කසන්නෙ.

* නෑ බං.ශෝටෙ දැළඹුවෙක්ද කොහෙද ඉඳල ගෑවිලා.දැවිල්ලයි බං.ඒ මදිවට කහනව." කිය කිය අතුල්ලනව අයිටම් එක අතටත් අරං කහනව.මං ඊයා.....අනේ.. කියන ගමන් එතනින් මගෑරිය.පැයක් විතර ගියා.තවම කහනව.ඒ මදිවට පොල්තෙල් නාවල.පොල්තෙල් බෝතලේම හලලද කොහෙද.මං කිට්ටු කරා.විස්තරේ ඇහුව.දළඹු කතාවම කිව්ව.මං කෝ බලන්න කියල කියන ගමන්ම ටවල් එක ඈත්කරා.(සෙබළු අපි ඉන්නෙ එක්කුස උපන් සහෝදරයො වගේ.ඒව ලොකු දේවල් නෙවෙයි.අපිට අපි විතරනෙ යුධපිටියෙත්.)මං බැලුව අම්මට සිරි අයිටම් එක පට්ටෙට ඉදිමිලා.කහලම නිය පාරවල් හිටං තිබුනා.මගේ පපුව හෝස් ගාල ගියා.දඬුවමට දඬුවම සැරවැඩී කියල තේරුනා.ඇස්දෙකට කඳුලුත් පිරුනා.මං ඒකට ත්යෙන එකම බෙිත ගාල නිදාගන්න කියල ආව.ඔිකට එකම බෙිත තමා දෙහි දළු.දෙහි වෙනුවට දොඩං ගහක් තිබුනෙ.ඒකෙන් දළු මිටක් කඩාගෙන ඇවිත් හොඳට තලල හැම තැනම ගෑව.ගාන්න ගාන්න දැවිල්ල චුට්ටක් අල්ලනව තමා.ඒ වගේම ලෙඩෙි නිට්ටාවටම සුව වෙනව.මං ඒ පුතිකාර කරන ගමන් හිතාගත්තා ආයෙනං කවමදාකවත් මෙි වගෙ ගොං වැඩක්නං කරන්නෑ ආයෙ කියල..."""ඔයාලත් එහෙමද?""



රුවින් පමුදිත යද්දෙහිආරච්චි