Wednesday, December 22, 2021

දවිය ලෝකෙ පැයක්

ඔිම් ශ්‍රී ඝණපතියේ නම හ: 

ඔිම් ශ්‍රී ඝණපතියේ නම හ: 

මෙික දේව මන්තරයක්. ඝණපති,අයියනායක, ඝණ දෙවි, ආදී විවිධ නම් වලින් අමතන අපි කව්රුත් ආදරය කරන සහ විශ්වාස කරණ දෙවි කෙනෙක් තමා ඝණපති කියන්නෙ. හස්තියෙකුගේ පෙනුමෙන් භාගයක්ද,ඉතිරිය මනුෂ්‍ය ශරීරයකින්ද සම්පූර්ණ පෙනුමක් ඇති මෙි දෙවියන් නුවණ සඳහා අධිපති විධිහටයි බුද්ධාගමෙි අපිත් හින්දු භක්තිකයනුත් සලකන්නෙ. මට ඔය මන්තරේ අහම්බෙන් හම්බවුනේ. මටත් හිතුනා ඒ මන්තරය ජප කරමින් භාවනාවක් කලොත් මොකක් හරි විශේෂත්වයක් ඇති වෙයි කියලා. ඒ ආශාවෙන් මාත් ඊයෙ හවස බුදුන්ට මල් පහන් පූජා කරලා පන්සිල් එහෙම අරං බුදු ගුණ සිහිකරලා වැඳලා කාමරේ පැත්තක එරමිණියා ගොතාගෙන ඉඳගත්තා. මෙික කරන්න මට පහසුවුනේ අපේ කාලි මෑණියන්ගෙ වැඩිමල් දුව නොහොත් අපේ එක්කෙනා ඊයෙ එයාලගෙ අම්මගෙ සුවදුක් බලන්න එහෙ ගියපු නිසා. නැත්තං භාවනා කරනව තියා එක තැනක විනාඩි පහක් ඉන්න දෙන්නෑනෙ. 


මාත් උපරිම භක්තියෙන් එරමිණියා ගොතාගෙන කය සෘජුව තබාගෙන අත් දෙක දිගහැර දෙපා මතින් තියාගෙන ප්‍රඥා ඉරියව්වෙන් අතේ ඇඟිලි සකසාගෙන ඇස් දෙක පියාගත්තා. මුලු ලෝකයමත්, ඇහෙන ශබ්දත්, නිමක් නැතිව ගලා එන සිතුවිලිත්  මොහොතකට අමතක කරල භාවනාවටම හිත යොමුකලා. අරමුණ ඉහත මන්ත්‍රය දහස්වරක් ජප කිරීම. 


මට දහස් වරක් සම්පූර්ණ කරන්න හම්බවුනේ නෑ, අටසීය පනිනකොට හිත දැහැන් ගතවුනා. කයට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්න ගත්තා. ඇත්තටම මට හිතුනේ මං ආකාශයේ පාවෙවී පාවෙවී යනවා වගෙ හැඟීමක්. මන්ත්‍රය ජප කරනවා කියල හැඟීමක්වත් ඇතිවුනේ නෑ. ඒත් මං හොඳ සිහියෙන් ඉතිරි ගානත් සම්පූර්ණ කරනවා කියල අධිශ්ඨානයෙන් වීර්යය අත නොහැර කරගෙන යන්න පටන් ගත්තා. මට තව සීයක් මෙි මන්ත්‍රය ජප කරන්න ලැබුනේ නෑ, සක්‍ර දෙවියන් දිස් වෙන්න පටන්ගත්තා. එයා මාත් එක්ක කතාකලා. 

*එම්බා නරය, තා කුමක් අරභයා භාවනා කරන්නේදැයි පවසව?

*අහෝ.. සක්‍ර දේවේන්ද්‍රයාණන්ට නමස්කාර වෙිවා... දෙවියනි මට දිවිය ලෝකෙ යන්න ඔින. 

*තට දිවිය ලෝකෙ යන්න අවශ්‍යනම් හොඳට කුසල් වඩව. පින් කරව. බුදුන් වදාල මාර්ගයේ ගමන් කරව. එවිට තට හැකියි දිවිය ලෝකෙ යන්න.

*⁣එසේය දේවේනද්‍රයාණනි, එහෙත් මට අදම යන්න ඔින. අඩුම ගානෙ ගිහින් එන්නවත්.

*තගේ ඒ තරමට කුසල් වැඩී නැහැ. ඒත් තා සමාධිගතවී සිටීම නිසා එක් අවස්ථාවක් දිය හැකියි. එසේනම් මාගේ රථයට නගුව. තා සමාධියෙන් බිඳුන හොත් ක්ෂණිකව මහ පොලවට පහත් වන්නේය. හෙයින් සමාධිය කඩ නොකර ගනුව. තේරුනාද?

*එහෙමයි දෙවියනි. 

මමත් මාතලී දිව්‍ය පුත්‍රයා විසින් පෙන්වන ලද රථයේ ලෑල්ලක් පමණක් ගැසූ අසුනක වාඩි ගතිමි. එහි පැත්තක ඇණ කිහිපයක් උඩට ඉල්පී තිබුනු නිසා පරිස්සමින් වාඩිවී,

*මාතලී දිව්‍ය පුත්‍රයාණන්ට නමස්කාර වෙිවා. එහෙත් මට ඇණ ගැසූ අසුනක් පැනවීමට කරුණු කිම්දැයි  දැනගැනීමට කැමැත්තෙමි.

*තා සීලංකන් වැසියෙක් නිසා. කට පියාගෙන හිඳුව. 

*මං ශ්‍රීලංකාවෙ තමයි.ඒක තාම බුද්ධ රාජ්‍යයක්. තාමත් බුදුන් වදාහල ධර්මය අපේ රටෙි පවතිනවා මාතලී දිව්‍ය පුත්‍රයාණනි, ඒ මදිවට හවස පහේ ඉඳන් හා උදේ පහේ ඉඳන් පංසල්වල ස්පීකර් වලින් පිරිත් පවා හඬ නගා මිනිස්සුන්ට ඇහෙන්න සලස්වනවා දිව්‍ය පුත්‍රයාණනි. 

*තගේ රටෙි ඉස්පීකර් වලට පමණයි සිල් තියෙන්නේ. ඒත් කිසිම නරයෙක් සිල් රකින්නෑ. 

*එහෙම විතරක් නෙමෙි දිව්‍ය පුත්‍රයාණනි. අපි හැම බෞද්ධයෙක්ම තමන්ගෙ හැම වාහනේකම බුදු සරණයි කියල ගහලත් තියෙනවා. තව තව ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහලවෙිවා කියලත් ගහල තියෙනවා. වාහනේ ඉස්සරහ හරි ලස්සනට එක එක පාට බල්බ් වලින් පත්තු වෙන බුදු පිළිම පවා තියා තියෙන්නෙ. අඩුම ලොරි වල පවා...

*ලොරිවල පවා? හහ්: හහ්: හා:  

ලොරිවල පවා කියල හයියෙන් හිනාවුනේ ඇයි දන්නෑ. මා අතින් වැරදි යමක්වත් කියවුනාදැයි කියමින් මා මොහොතක් කල්පනා කලෙමි. එවිටම මාතලී දිව්‍ය පුත්‍රයා,

*ලොරිවල ඉස්සරහ බුදු සරණයි කියල ගහල තිබුනට පිටි පස්සෙ ඉන්නෙ හොර හරක් නේදැ? යි විමසීමෙන් මා වික්ෂිප්ත වුනෙමි. එවිටම මගේ මතකය ඇදීගියේ රත්නපුරේ හොරෙන් හරක් පැටවූ සහ එයට දේසපාලඥයෙකුත් සම්බන්ධයි කියමින් ප්‍රධාන පුවත්පතක පලවී තිබුනු හෙඩ් ලයිමය. අහෝ.. පැවසු දෙයක් ආපසු ගත හැක්කේනම් මා මුලින්ම එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නෙමි.

*මොකද තා කල්පනාවෙි නිමග්නව? තව තියෙනවා..කියන්නදැයි කියා විමසීමෙන් මා පත්වුනේ මහත් අසීරුතාවයකට. මං දිව්‍ය පුත්‍රයාගේ මුහුන බලා නැවත ඉවත බලාගතිමි. 

*අඩෙි බලව! තගේ මහා පුන්‍ය භූමියේ ඉස්සරහ බුදු පිළිමයක් තැබූ වාහනේක රියැදුරෙකුගේ හැසිරීම.බලව! බලව!

මට නෝන්ඩියකට මෙන් එසේ කියනවාත් එක්කම  ඉස්සරහ අහසේ ඊඒපී පිචර් හෝල් එකක තිරයක මෙන් සරවුන්ඩ් ශබ්දයෙන් දිස්වුනු චිත්‍රපටිය දෙස එක්වරම නෙත් හෙලීමි. 

එහි වූයේ ත්‍රීවීල් එකක් හා ඇල්ටෝ කාරයක රියැදුරන් දෙදෙනෙකු අතර ඇතිවූ දෙබසකි. සිදුවීම ත්‍රීවිලරය දකුණට හැරවීමෙිදී පිටිපස්සෙන් ආ ඇල්ටොවක් ත්‍රී වීල් එකේ වැදීමයි.

*කොහෙද යකෝ තෝ ඇස් කටෙි දාගෙනද එලවන්නෙ. පේන්නැද්ද මං දකුණට හරවන්ඩ ආවෙ කියල?

*බොරුවට කෑ ගහන්ඩෙපෝයි. තෞසෙ දකුණට හරෝනවා කියල තේරෙන්න මට දිවියඥානෙ තියනවද? හරෝනවනං සිග්නල් දාන්ඩෙපාද? උගුඩුවෙක් වගේ ඇවිදින් මෙතන තව කෑ ගහන්ඩත් එනවා...

*ඓසෙ මෙි බලනවා.මං වයිට් ලයින් එක අයිනෙන් ආවෙ හරවන්ඩ තමා. ඒක නොතේරෙන්න කෞත්තෞසෙට ලෛසන් දුන්නෙ. මහ එකාද?? ඔිව කියාදුන්නැද්ද කෞරුවත්? අපොයි මගේ ත්‍රීවිල් එක.. දැං හදල දෙනවා මෙික?

*තෞසෙගෙ වැරැද්ද. සිග්නල් දාල තිබ්බනං මං දකුණෙන් දාන්නෑනෙයෝයි.

*යමං පොලීසි. උං කියයි කෞද හරි කෞද වැරදි කියල.

*යමං මාත්තෝන දේකටොට්ටුයි.

හම්මට යකෝ. ජාතකේම ඉවරනෙ. මං ඒ අස්සෙ බැලුවෙ වාහන දෙකේම ඉස්සරහ බුදු පිළිම තියෙනවද කියල. අප්පට සිරි දෙකේම තියෙනවා. නැත්තං බොරුවක් හරි කියල ශේප් වෙන්න තිබුනා ඉඳකින්. ඒ මදිවට ත්‍රීවිල් එකේ ඉස්සරහ වමෙන් අඩ කවාකාරව "තෙරුවන් සරණයි" කියල ගහල යටින් 

"චූටි දූ උපුලි" කියලත් ගහල. කාර් එකෙත් ඉස්සරහ වින්ඩ්ස්ක්‍රීන් එකේ කලුපාට ස්ටිකරේ සුදු අකුරෙන් ඉංග්‍රීසියෙන් "ඈම් බුඩිස්ට්. ඈම් ප්‍රෞඩ් ටු සේ දැට්" කියලත් ගහල. යකෝ මුං දෙන්න මෙි වෙලාවෙම ඔික ඇන ගත්තනෙ සික්. කරුමෙ. මට අහුනානං මකනවා මුන් දෙන්නවම.සැක්

*දැං මොකද කියන්නෙ. ඔිකද උඹලගෙ බෞද්ධකම? බලනු, තාම අවසන් නෑ. (සක්‍ර දෙවියනුත් මා දෙස ඇස් කොනෙන් බලාගෙන නෝන්ඩි සිනහවක් මුවගට නංවාගෙන කම්මුලේ අතකුත් තියාගෙන සිටි අයුරු දුටුවෙමි) 

ඊලඟට පේන්න ගත්තේ ඒ කිට්ටුව හිටපු ට්‍රැෆික්ල දෙන්නෙක් මෙි ගැටලුව විසඳන ආකාරය. එක්කෙනෙක් ත්‍රීවීල් කාරයා බැලන්ස් කරන අතර,අනෙකා කාර් කාරයාව බැලන්ස් කරන්න හෙන ගේමක් දෙනවා. දෙන්නම කියන්නෙ නිවැරදියි කියලා. කොහොම හරි කාර් කාරයා, බැලන්ස් කරපු නිළධාරියාගේ අතේ මොනවා හරි මිටි මොලෝනවා පේනවත් එක්කම. ත්‍රීවීල් එක දෙසට හැරී, 

*කෝ තෞසෙගෙ සිග්නල් වැඩ නැද්ද?

සිගනල් දාලද හැරෙව්වෙ ඈ. ඇත්ත කියපම්??

*ඒකනං ටිකක් අමතකවුනා සර්. ඒ වු...න්..නා..

කිියල සම්පූර්ණ කරන්න හම්බුන්නෑ, නිළධාරියා 

*ඒකනෙ ඓසෙ කියන්නෙ තෞසෙගෙ වැරැද්ද තියාගෙන කාටවත් දොස් කියන්න එපා. බලනවා වැදගත් මහත්තයෙක් වැදගත් ගමනක් යන්නෙ. වැරැද්ද පිළිගන්නවා. ත්‍රීවිල් එක ගන්නවා අයිනට.

පාරෙන් අයිනට වාහන දෙකම ගත් පසු

එක් නිළධාරියෙක් ත්‍රීවිල් එක පරික්ෂා කලා. 

*බලනවායිසෙ.මෙිකෙ සිග්නල් වැඩ නෑ. ඒ මදිවට බ්‍රෙිකුත් මදි. මොනාද මෙි ඉස්සරහ ගහල තියෙන රෙද්දවල්,ගලෝනවා ගලෝනවා. මෙිව නීතියෙන් තහනම්. කල්පනාවෙන් යනවා අයිසෙ යනකොට. එනවා මෙතන අපිටම වද දෙන්ඩ.

*ස්..ස්..සර්..

*සස් සස් ගාන්ඩෙපා, මෙිව ලිව්වොත් විසිපන්දාහට වැඩී. මෙික උසාවි කේස් එකක්. 

*අනේ.. සර්.. මං අහිංසකයෙක්.. ලයිට් හදාගන්ඩ හිටියෙ වෙලාවක් එනකං. 

*ඒකනෙ කියන්නෙ. මොකද කියන්නෙ ගොඩින් බෙිරගන්නවද?උසාවි යනවද?

මදක් කල්පනා කර

*ගොඩින් බෙිරගමු සර්.

*ඒක මං දන්නෑ, අර මහත්තයත් එක්ක කතා කරගන්නවා. (ඒත් එක්කම, ඒ තිරයේ වම්පැත්ත යටින් තුලාවක් එල්ලාගත් ඇස් දෙක කලු රෙදි පටියකින් වසාගත් කාන්තාවක් ලේන්සුවක් අතැතිව හොටු හූරන ආකාරයක් පෙනෙන්න ගත්තා. ඒක විස්තර කරන මාතලී දිව්‍ය පුත්‍රයා;)

*අඩා නරය බලව, අර දෙවඟනට ඉස්පාසුවක් නැතිව හච්චිං යනහැටි. ඒ මදිවට දැන් අවුරුදු ගානක ඉඳලා සුව නොවන හෙම්බිරිස්සාවක් පවතිනවා. ඒ තොපේ රටෙි මෙි දේවල් හිංදමයි. සක්‍ර දේවෙන්ද්‍රයාණන් මතක ඇති කාලෙකින් පඬුපුලේ වාඩිවුනෙත් නෑ. දැං අපි ඒක සීතලට ගිනි තපින්න අරන් තියෙන්නෙ.  අනුකම්පාවක් නැද්ද ඈ ගැන?

එවිට මා අහක බලාගෙන.

*එහෙම තමා, ⁣දිව්‍ය පුත්‍රයාණනි. නැතිනං අපේවුං එක්ක බෑනෙ. 

*එහෙමද? ඉතිරිය බලනවද?

*ඔින නෑ, ඊලඟට කාර් කාරයට අරුන්දෑ කීයක් හරි දීලා ශේප් වෙන එකේ මොනා බලන්නද? පුලුවන්නම් ඒ කොයි පළාතද කියල පෙන්නන්න පුලුවන්ද? මටත් ඔිනවුනේ ඇක්සිඩන්ට් එකකින් පටන්ගත්තු කේස් එක සිග්නල් ලයිට් එකකින් අවසන් කරපු පොලිසිය කොහෙ එකක්ද කියල බලාගන්න. 

*පුලුවන්. 

ඒත් එක්කම මට පෙනෙන්න ගත්තේ නිට්ටඹුව තිලකවර්ධන ⁣එක ඉදිරියේ තියන තුංමං හන්දිය. ඒක මට පෙනුනෙම ස්වර්ණවාහිනියේ  යටින් යන ඇඩ් තීරුව වගේ. ඒකෙ ඇඩ් එකකුත් යනවා, රතන හිමිට නැවත මංත්‍රීකම කියලා. ඒක දැකපු ගමන් දිව්‍ය පුත්‍රයා තව මොනාහරි අහන්න කලින් මං තදින් ඇස් දෙක පියා ගත්තා.

*එසේනම් කට පියාගෙන ඔය බංකුවෙි ඉඳුව.තවත් කතා නොකර. ඔිකත් තට සුව පහසු වැඩී. 

ඉන් පස්සෙ අපි අතර ඇතිවුනේ මහත් නිහැඬියාවක්. 

අපි එසේ ගමන් කලේ දිව්‍ය සභාව වෙත. 

එදා දේව සබාවට බෝම්බ ගහල වගේ. සමහරු හතර වටෙි පාවෙනවා. තව සමහරු ඉඳගෙන පොත් කියෝනවා. තව සමහරක් දෙවියන් ගීත කියනවා. තව ඈයො නටනවා.

ඒ අස්සෙ මං වට පිට බැලුවෙ දේව සභාවෙ මං අඳුරන එක මුහුනක් හරි තියෙනවද කියල බලන්න. ම්ම්හු.. එක ඩෑල්ලෙකක්වත් නෑ. කියන්නෙනං මහ ලොකුවට "අපේ අහවලා දැං දිය්ය ලෝකෙ ඉන්නෙ" "අනේ අපේ මෙයානං අනිවාරෙං දිය්ය ලෝකෙ තමා" කිය කිය.

එතකොට අපේ රටෙි මැරෙන ඈයො දිව්‍යලෝකෙ ඇත්තෙම නැද්ද කියන ගැටලුව ඊලඟට මතුවුනා. මාතලී දෙවියන්ගෙන් ඒ ගැන අහන්නත් බෑ.ඇහුවොත් වෙන මොනා හරිනෙ කියන්නෙ. හොඳට වට පිට බල බල ඉද්දි පොටෝවකින් දැකල පුරුදු එක මුහුනක් ඈතින් එනව පෙනුනා. ඒත් ලඟටම එනකං හරියටම කව්ද කියල හොයාගන්න බැරිවුනා. එයත් ටවල් බාගෙකින් මුහුන ආවරණය කරගෙන හිටියෙ. මං ලඟටම ඇවිත් මුනෙ ඉතුරු ටික පෙන්නුවම ඒ කව්ද කියල ටක්කෙටම මං අඳුරගත්තා.

*හම්මට කන්නංගර සර්. සීඩබ්ඩබ් කන්නංගර සර්... මට සතුට වැඩිකමට එතුමා ගාවට ගිහින් දණ ගහල වඳින්න හිතුනා. ඒත් මට වඳින්න දුන්නෑ. එතුමා කිව්වෙ,

*වඳින්න එපා. මට මෙහෙන් චුත වෙන්න කාලෙ හරි කියල. 

*ඒ ඇයි? මං ඇහුවා.

*තොපිට නිදහසේ අධ්‍යාපනේ හදාරන්න හදල දුන්නු පිනෙන් මං දිවිය ලෝකෙ ආවා. ඒත් තොපි ඒවැං ඉගෙන ගෙන කොරන හරිය දැකල මට මෙහෙන් යන්න වෙලා තියෙන්නෙ කියල මහත් දුකසේ කිව්වා.

*ඒක හරි සර්. ඔබ තුමා කොහේටද යන්නෙ.?

*කොහේ ගියත් තොපේ ලංකාවට ආයෙ එන්නෑ... යනව ඇමරිකාවට හරි. කොරෝනා හරි හැදෙයිනෙ 

*අපි ගැන අනුකම්පාවෙන් ආයෙ ලංකා භූමියට වැඩල, අපිට ආයෙ හරි අද්‍යාපනයක් හදාරන්ඩ හදල දෙන්න දෙවියනි. අනුකම්පා කරත්වා...!! කියල මං ආයෙ ලංකාවෙ උපදින්න එතුමාට ආරාධනය කලා.

*බෑ. මං ආවට වැඩක් නෑ. ටියුෂන් ගුරාලා ඔය යස අගේට කොරගෙන යන්නෙ. තෝත් ඉගෙන ගත්තෙ නෑනෙ. ඒකනෙ මෙි එක එක රෙද්දවල් කොටල පේස්බුක් දාන්නෙ. බලපිය ඔිකටත් පේස්බුක් එකේන් රට හදන ඈයො තොට කියන දේවල්.. කියල එතුමා එක පාරටම අන්තරස්දාන වුනා. ඇත්ත තමා කියල මටත් හිතුනා.

 ඒත් එක්කම ඝන යමක් මගේ කකුලෙ වදිනවා වදිනවා වගෙ දැනිල මගේ දැහැන බිඳුනා. හම්මට සිරි වයිප් ලමයවත් වඩාගෙන

*නැගිටහං මනුස්සයෝ.ඔය මදෑ නිදි කිරුවා. කඩෙිට ගිහින් ⁣ලමයට සෙරිලැක් එකක් අරන් එනවකො. සීනි කිලෝවකුත් අරන් එනවා මතක ඇතුව ඈ...

මං හුන් තැනින් නැගිටලා ආයෙත් පාරක් වයිප්ට කඩෙි ගියා. ඒ දිවිය ලෝකෙදි දැක්ක ඉතුරු හරිය පස්සෙ කියනවා කියල හිතාගෙන.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.12.19

Thursday, November 18, 2021

කොළඹ රස්සාව

 මෙි මං කොළඹ හිටපු කාලේ. 


ඒ දවස්වල රටෙි මහ යුද්දේ. කොළඹ වගේම රටෙි හැමතැනම බෝම්බ පිපිරීම් හා මියයෑම්. බස් බෝම්බ, සූ සයිඩ් ආදිය ඔිසෙට තිබුනු කාලයක්. ඒ මදිවට දවස ගානෙ අහුවෙන මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් හා පුපුරන ද්‍රව්‍ය. ඒත් එහෙමයි කියල මට පිටකොටුවෙ රස්සාව කරගෙන එහෙටම වෙලා ඉන්න වුනා. ඒ කාලෙ හතර වටෙි කරක් ගග ගගහ පේමන්ට් එකේ (පිටකොටුව පංසල ගාව)  ශෝට් විකුණ විකුණ හිටපු මට ඒ ජොබ් එක නම් එපා වෙලාමයි තිබුනෙ. රුපියල් හතලිහ පනහ හැට යන මිළ ගණන් වලට මහරගම පැත්තෙ ගාමන්ට් එකකින් සතියකට සැරයක් පිටකොටුව ටෙිලර් ෂොප් එකකට එවන ශෝට් ටිකක් අරගෙන එකක් රුපියල් සීයට විකුණ විකුණ පිටකොටුව, මහ වීදිය හරහා මල්වත්ත රෝඩ් රෝඩ් එකෙන් කොටුව දක්වා හා හැම හරස් වීදියක්, ගෑස්පහ වගේම ගුණසිංහපුර ස්ටෑන්ඩ් එකත් අනිකත් සමහර වෙලාවල් වලට ඔය හැමතැනමත් පීපල්ස් පාර්ක් එකේ තට්ටු දෙකෙත් ඇවිද ඇවිද කලේ මහ එපාවෙන රස්සාවක්. ඒත් දවසකට ශෝට් දහයක් පහළොවක් විකුණ ගන්න එක හෙන අමාරුයි. සමහර දවස්වලට ෂෝට් මදි වෙනව. ඒවා වෙිලාසන ඉවරවුනාම කරන්නෙ ගෝල්පේස් සහ කොල්ලුපිටි පැත්තෙ කරක් ගහන එක. ගෝල් පේස් එකට ඇවිත් පැයක් විතර මුහුද දිහා බලාගෙන ආනාපාන සතිය වඩලා වඩලා ආයෙම පයින් කොම්පඤ්ඤවීදිය හරහා කොටුව ස්ටෙිෂන් එක. කොට කලිසමක් සහ අත්දිග ටීෂර්ට් එකක් ඇඳගෙන ඇවිද ඇවිද ඒ නටපු නාඩගම අද වෙනකම් කලානං සිරාවටම මං අද කෝටිපතියෙක්. 


ඒ දවස්වල කොළඹ කියන්නෙ මහ එපාම එපාම එපාම කරපු තැනක්. ගඳ ඊට එහා. මෙි වගේ වැහි කාලයක් කියන්නෙ පණ පිටින් අපායෙ ගියා වගෙ.  ටොයිලට් උතුරපුවා, හෝටල් වලින් විසික්ක කරන බත් මාලු පිනි කෑම වර්ග කුණු වෙලා ගඳ ගහන මහපාරේ ඒවා නාහෙ වහගෙන "චුරු චුරු" හඬින් පාද ඇඟිලි කරු අස්සෙන් එළියට පනිනකම් පාගගෙන ඇවිදපුවා.. සංසාරෙකට අමතක වෙන්නෑ. ෂෝට් දහයක් පහළොවක් වැලක දැම්ම වගේ වමතේ එල්ලගෙන වීක් එන්ඩ් එකේ ගම රටවල් බලා යන සමනල් යුවතියන්ගේ දෑස් දිහාත්, හැම දෙයක් දිහාම හැම කෙනෙක් දිහාම සැකයෙන් බලන්න පුරුදු වෙලා හිටපු මම, සීයායි ශෝට් සීයායි ශෝට්"  කිය කිය ඔවුන් වටෙිම කැරකෙද්දි, අනුරාධපුර කොළඹ බස් එකක් කිසිම හිතක් පපුවක් නැතුවා වාගෙ කුණු වතුර පිරිච්චි පාරේ වතුර දෙබෑකරගෙන යද්දි ඒ ෂවර් එකට අහුවෙලා "කටෙි හිටං වතුර" වෙච්චහම දැනෙන සතුට.. මයෙ අප්පේ අවීචි මහ නරකාදියේවත් එහෙම අච්චු දෙන්නෑ. දවසෙ තුන් වෙිලෙන් දෙවෙිලක් කෑවෙත් බොහොම අමාරුවෙන්. සල්ලි නැතුවා නෙමෙයි, කුණු මයිලෙට කක්කුස්සි උතුරලා පාරෙ ගහගෙන යද්දි එන මළකඩ ගඳ සිහිපත් වෙලා කෑම එපා අප්පිරියා වෙනවා. 

පාන්දර හතරට පිටකොටුවට එන එකම බෝඩිමෙි නැවතිලා හිටපු අපි සෙට් එක උදේ හය වෙනකොට ශෝට් විකුණන අය ⁣ඒවා අරං, තැඹිලි කපන අය තැඹිලි අරන්, ඇපල් ලෑලි කරන අය ඒවා අරන් ස්ථානගත වෙලා ඉවරයි. සිංදු පොත් ඇඩස්සොල්ලි පත්තර සහ පොත් විකුණන අය ඒවා වික්කේ බස්වලට කෝච්චිවලට නැගලා. 


යනවානම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරං... නන්දාමාලනීගේ ජනප්‍රිය සිංදු සීයම රුපියාල් වීස්සයි, මහද නැමැති වන බමරා ඔබෙි කනට කොඳුරා කියන ජෝත්පාලගේ රහස් ගීත සීයක්ම තියෙන පොතාක්  රූපියල් වීස්සයි...විනෝද චාරිකාවකට ගැලපෙනම ගීත පොත සිංදු සීයායි රූපියල් වීස්සයි..දන්නෝ දනිති ගන්නෝ ගනිති චාමර වීරසිංහගේ තනමල්විල මල් රූපියල් වීස්සයි...


පත්තෙරේ පත්තෙරේ...පත්තෙරේ... බිරිඳ,පියාදරී වින්ද්‍යා පත්තර තුනම රූපියල් වීස්සයි..පත්තර තුනම වීස්සයි.. 

මෙි අය ගොඩක් වෙලාවට ඉන්නෙ ගුණසිංහපුර සහ පිටකොටුව ලංගම ස්ටෑන්ඩ් එකේ...


ටොප්පි සියරට් ටොප්පි සියරට් කූල් වතුරෙකාක්.. ටොපිස් සියරට් පෙපෙර් මින්ට් බබල්ගම් චුවින්ගම්..ටොපී ටොපී ටොපීඊඊඊ ගමන් වෙහෙසට පාළුවට තනිකමට හප හපා යන්ඩ..මහත්තයාට පෙපර් මින්ටෙකක් බබාට බබල්ගම්මෙකාක් නෝනාට චුයින්ගම්මෙකාක් සියරට්ටෙකාක්....


ඊළඟට තව එකෙක් නගිනව..රබානක් අරන්..

බුදු නෝනා මහත්තයා මං රබානක් අරගෙන මෙි බස්සෙකට නැංගේ ඔබලාගේ හුදෙක් විනෝදය පිණිස විරිදුවක් දෙකක් ගායනා කරම්න..අත පය හතරම තිබුනට අහක බලාගන්න එපා.. මට හැතිය, වලිප්පුව, මීමැස්මොරය, ,උණ හෙම්බිරිස්සාව කක්කල් කැස්ස ඔක්කොම තියෙනවා.බරවැඩක් කරලා පවුල ජීවත්කරවන්න බැරි නිසයි මෙහෙම විරිදුවක් දෙකක් ගායනා කරලා  ඔයාලාට අතපාලා දෙන කීයකින් හරි ජීවිතේ ගැට ගහ ගන්නෙ.පිංවත් ඔබ සැම දෙනා දෙන පුංචි රුපියල් පහෙන් දහයෙන් තමා මගේ පවුල ජීවත් කරවන්නෙ මගේ ලෙඩවලට බෙිත් ගන්නේ...


රපට පපම් රපට පපම්...

අතපය හතරම තිබුනට එපා අහක බලාගන්න...


ඊළඟට තව එකෙක්..

ඌ කරන්නෙම හොඳට ඇඳ පැළඳ ගත් නෝනලා ඉන්න මහත්තයාල ගාවට ගිහින්

"මහත්තයා නෝනා දීලා යන්න මහත්තයා නෝනා දීලායන්න" කිය කිය හිඟමන් ඉල්ලන එක.


ඔහොම ඉන්නකොට තමයි පිටකොටුවෙ පොලිසියෙන් අපිට කොක්ක ඇද්දෙ. නගර සභාවෙන් කිව්වා කියලා පේමන්ට්වල බඩු විකිණීම තහනම් කලා. වැහි දවස්වලට පාර අයිනෙ ඉටි රෙද්දක් එලාගෙන කොට කලිසම් ටීෂර්ට් විකුණ විකුණ ජීවිතේ ගැටගහගත්තු අපි පොලිසියෙන් එනව දැක්කම ඉටි රෙද්දෙ කොන් හතරෙන් උස්සගෙන උන්දැලාට නොපෙනෙන තෙක් දුවලා දුවලා ගිහින් උන්දැලා ආපහු ගිහාම ආයෙ එතැනටම ඇවිත් ඉටිරෙද්ද දිගෑරගෙන බිස්නස් එක කරනවා. ටික දවසක් යද්දි මට මෙික එපා වෙලාම ගියා. එක දවසක් පොලිසියෙන් කනේ පාරකුත් කෑවා. ඒ එකට එක කට ගහන්න ගිහින්. පස්සෙ මට ගෝල්පේස් එක සෙට්වුනා. හැමදාම මුහුදක් දැකපු නැති ඈයන් වගේම මුහුද දිහා බලාගෙන කුඩවලින් ඔලු  වහගෙන කටවල් හපාගන්න එන ජෝඩු නිසා බිස්නස් එකත් සරුවටම නැතත් ටිකක් විතර සරුවට නැගලා ගියා. රුපියල් දෙකේ කාසියක් විතර ලොකු වඩෙි එකකට අඟල් තුන්කාලක විතර දිග ඉස්සෙකුත්  නොවිච්චි කූනිස්සෙකුත් නොවිච්චි එකෙකුත් ගහගෙන ඒවා කූඩෙකට දාගෙන "වඩෙිව්ඩෙිවිඩෙි ඊස්සොවඩෙිස්සොවඩෙිස් උනු උනු වඩෙි ස්සොවඩෙිස්සොවඩෙිස්" ගග ගගා දවසකට කීප පාරක්ම දනහිසුත් ගෙවිලා තුනටිය ගාවට එනකම්ම ගෝල් පේසියෙ අහට්ටත් මෙහට්ටත් ඇවිදලා ඇවිදලා ගත්තු ආතල් එක, ඒකනම් මාරයි. මට ඒ වගේ මහන්සියක් දැනෙනකොට කරන්නෙ ජීවිතේටම මුහුද නොදැකපු ප්‍රාථමික පංතියක සිසුවෙක් වගේ  මහා පුදුමෙන් මුහුද දිහා බලා ඉන්න එක. නැතිනං වැල්ලට බැහැලා පංචා බෙල්ලො අහුලන එක. හෙන විනෝදයි ඉතිං.

එක දවසක් මං ගෝල්පේස් එකේ ඉන්නකොට ආරංචියක් ආවා, අපේ සෙට් එකේ නායකයාගෙන් හවස හතරට අහවල් තැනදි මුන ගැසෙන්න කියලා. ඒක මට ආවෙත් ගෝල්පේස් එකේ වඩෙි විකුණන අපේ ලීඩර්ගෙන්. නමුත් හොඳ බිස්නස් තියෙන වෙලාව. දාල යන්නත් දුකයි. ඒත් කරන්න දෙයක් නැති කමට කොළඹ 03 එලිෆන්ට් හවුස් එක ගාව කියපු තැනට නියමිත වෙලාවට ආවා. මෙතැනට පොත් කාරයො,ටොපි කාරයො,තැඹිලි කාරයො,ඇපල් කාරයො,ත්‍රීවීල් කාරයො, කීප දෙනෙක්ම ඇවිත් හිටියා. 

...................................................................

අපි විසිර ගියා. එදා හවස ඔය අතරින් කෙනෙකුට හෙන වගකීමක් පැවරුනා. ඒ අපේ කොල්ලෙකුට පිටකොටුවෙ පොත් සාප්පුව ගාව හිටපු රුපියල් පනහට බෙල්ට් විකුනන එකෙක් ගහලා. රුපියල් සීයට ඔරලෝසු විකුනන පොරකුයි ලංකට් විකුනන පොරකුයි තමා අරුන්දැට සපෝර්ට් කරල තියෙන්නෙ. ඒ සීන් එක කිව්වම මගෙයි රණතුංගගෙයි ඇඟේ මාළු නටන්නට වුනා. විනාඩි කිහිපයක් යනකම් කතා කරගන්න බැරිවුණා. ජයලතාගෙ ඇඟ වෙව්ලන්න වුනා කියල පොරම තමා කිව්වෙ. යකෝ... කොරනවා මදිවට තව ගුටිත් කාපල්ලකො. මටනං සිරාවටම උන්හිටිතැන් අමතක වෙලා දත්මිටි කෑවුනා. වැඩි වෙලාවක් පස්සට නොදා ෂොට් එක දෙන්නමයි මට නම් ඔිනවුනේ. කොහොමින් කොහොම හරි ලීඩර් මහත්තයා තමා අපිව ටිකක් කූල්ඩවුන් කලේ. ඒ කීයට හරි බුවාලට සොට් එක දෙනවා කියන පොරොන්දුව පිට. පොර දන්නවා සීන් එකට අපි බැස්සොත් පොරට තමා ඇප නැතිවෙන්නෙ කියලා. උන්දැ ටැමිල්. අපිත් කොළඹ නොම්මර එකේ ටැමිල් බුවාලා තමා.නලලෙ තුන්නූරු ටිකක් උලාගෙන වදමලක් නැත්තං පිච්ච මලක් කනේ ගහගෙන තමා දවස ආරම්භ කරන්නෙ.  


එදා හවස අපි හය වෙද්දි පොට් එකට ආවා. අපේ හිටියා 12 දෙනෙක්. ඔටුව පිටෝටුව කියන්නෙ ඒ දවස්වල අපිටනං නතිං ඉතිං. කාට හරි මෙිවගේ කේස් එකක් ආවොත් හෙඩ් ඔෆීස් එකට කතා කරලා තව කට්ටිය ගෙන්න ගන්නත් අපිට පුලුවන් කම තිබුනත් අපේ ලීඩර් බෝධිය ගාව හිටපු තනි තරුවෙ පොලිස් සර්ව දුරකතනෙන් බැලන්ස් කරල තිබුන නිසා එච්චර තරමක් දුර යන්න අපිට උවමනාවූයේ නැහැ. 

එතැනට ඇවිත් ජයලත් සහ තව දෙන්නෙක් අරුන්දැලාගෙන් අපේ බුවාට ගැහුව හේතුව අහද්දි පොර මෙයාලටත් ටෝක් කරන් ඇවිත්. මම හිටියෙ හරියටම බෝධිය ඉස්සරහා. ඒ ඔළුව ඉස්සරහට හරවගෙන හිටියත් ඇස් දෙක  දකුනු පැත්තෙ යන සීන් එකට එන්ටර් කරගෙන ඒ දිහා බලාගෙන. එතන චූටි කතාවක් ගිහින් බෙල්ට් කාරයා ජයලත්ගෙ උරහිසෙන් අල්ලල තල්ලු කරනවා මං දැක්කා. ජයලත් අත් දෙක දෙපැත්තට දාලා දෙපැත්තෙන් හිටපු අය නවතලා නැවතත් පොරම කතාවට බැස්සා. ඒත් බෙල්ට් කාරයා දමනය නොවෙන පාටකින් වැරදි මිනිහගෙන්ම ගේම ඉල්ලුවා.  විනාඩි පහක් යන්න ඇති. මං දැක්කෙ ජයලත් ඉන්න තැනම ඉඳලා වම් පැත්තට ටිකක් හැරිලා කකුල උස්සනවා විතරයි,බෙල්ටි කාරයා ඔරලෝසු බක්කියකුත් පෙරලගෙනම විසිවෙලා ගිහින් වැටුණා. අන්න ආරච්චිට මළ පැනපු තැන. මට උන් හිටි තැන් අමතකවුනා. කරන රස්සාව ගැන අමතක වුනා. මං ⁣අපේ තාත්තගෙන් ඉගෙන ගනිපු කුණු හරප දෙකකුක් කියාගෙන දුවගෙන ගිහින් බිම වැටිච්චි පොරට පයින් එකක් ඇන්නම එතන තිබුනු රෙදි කඩෙි පොරක් කතුරකුත් අරං එළියට බැස්සා. ඒ වෙලාවෙ මට කරන්න දෙයක් ඇත්තටම තිබුනෙ නෑ. ඒකට බැස්සෙත් ජයලත්. උගේම කඩෙි රාක්කෙකින් ඇදල ගත්තු කලිසම් රෙදි පීස් එකක් අත් දෙකෙන්ම අල්ලල කරකවලා බෙල්ලට එකක් එකයි දුන්නෙ, පොර කරකැවිලා ගිහින් වැටුණා. පස්සෙ පයිනුත් එකක් ඇන්නම ගුටි කාපු එකා කඩෙි ඇතුලෙ තිබුනු පඩිපෙළ උඩට වීසික්ක වෙලා ගිහින් වැටුණා කියලා ඒක දැකපු කෙනෙක්මයි කිව්වෙ.  හම්මට කියාල්ලකො, තව ත්‍රීවීල් කාරයො දෙන්නෙක් ආව කියාල්ලකො එතෙන්ට. ජයලත් දෙන්නෙකුට ගැහුවා,මං එකෙකුට ගැහුවා ලීඩර් මාත්තියා එකෙකුට එකයි ගැහුවෙ,ඌ අඬාගෙන වැඳගෙනම බිම ඉඳගත්තා. මෙිවා සේරම වෙන්න ඔන්නං විනාඩි දහයක් දොළහක් යන්න ඇති. එක පොලිස් මහත්තයෙක් ආවෙ නෑ සීන් එක සැන්ටිමැන්ටල් කරන්න, අපි අපේ ගේම අමු හැන්දෑවෙ දෙනෝදාහක් මැද්දෙ ගැහුවා. 

අන්තිමෙි වැඩෙි ශේප්වුනා. ඒ බෙල්ට් එකාට එතන කිසි විටෙක බෙල්ට් විකුණන්න බෑ. කඩ කාරය නෙමෙි ජයලත් එක්ක ඇවිලිලා තිබුනෙ, ගෝලයා. ඌව වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ කඩෙන් අස් කලා. අපි අන්තිමෙි පිට කෛාටුවෙ හෙන ගෙම්බර් එකෙන් හිටපු තුන් දෙනෙකුට හිතේ හැටියට වනලා, පිටකොටුවෙ පාතාලයෙ පුංචි කොටසක් අපේ අතට ගත්තා. හැබැයි අපිට ඔිවාගේ දේවල් බැරිවුනානං තාමත් පිටකොටුව ගිනිගන්නවා. ඊට පස්සෙ ලැව්ගින්නක් වගේ ඔික කඩවීදි පුරා පැතිරිලා ගියා.අපිත් ටිකක් බයෙන් හිටියෙ. ඒ කොහෙන් කොයිවෙලාවෙ දැලියෙක් ඇදේද කියලා. හැබැයි එහෙම එකක්නම් වුනේ නෑ. එදා අපිත් එක්ක හිටපු ත්‍රීවිල් කාරයෙක් තාම එතන ත්‍රීවීල් එලෝනවා මට ළඟ දවසකදි හම්බ වුනා. ඒ තව ත්‍රවීල් පහක් හයර් එකකටත් දීලා, තමනුත් එකක් හයර් කරන ගමන්. අපිට තමා කලිසනුයි වඩෙිය් පත්තරයි සිංදු පොතුයි විකුනලා ගොඩ යන්න බැරිවුනේ.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.11.18

Sunday, November 7, 2021

නුවර කෝස් එක

 නුවර බූවැලිකඩ පුහුණු පාසැලේදී වුනු සිදුවීමක්.......


නිළ උසස් කිරීමෙි පාඨමාලාව කෝප්‍රල් සිට සැරයන් දක්වා..


මෙි වචන ටික හරි ලස්සනට අඩකවාකාරව මුතු කැට අකුරෙන් ඒ4 කොලයක ලියා  තවත් දන්න දන්න වැඩ කෑලි දාලා ඇඳලා පිටු 200 සීආර් පොත් පිටකවරයේ අලවා සටහන් පොත හැදුවෙි ඉතාම භක්තියෙන්.මොකද මෙි පොතටත් ලකුණු කීපයක් ලැබෙන සිස්ටම් එකක් උපදේශක මඩුල්ල වෙතින් සකසා තිබුනු නිසා.පොත මෙහෙමනං අනිත් පුහුණු උපකරණ,නිළ ඇඳුම්,සිවිල් ඇඳුම් සහ නොයෙකුත් බඩු භාහිරාදිය ගැන කියන්න අවශ්‍ය වෙන්නේම නෑ.ඒ තරම් පිළිවෙලයි.අනික නිළ උසස් කිරීමෙි පාඨමාලාවක්නේ.

මෙි පාඨමාලාවෙි අන්තිමට සිදු කරන ලකුණු දීමෙි මස්ටර් පෙරඩ් එකට වෙනම ආයිත්තම් වෙන්කරනවා..ඒකට කෝස්  එකේ මුල ඉඳලම අලුතෙන් මහපු නිළ ඇඳුමක් වෙන්කරලා තියෙනවා  වගේම බූට් සපත්තු පවා වෙනම දිනපතා පොලිෂ් කරන්න උපදේශකයන් විසින් නියෝග කර තිබුනා.මගේ අත් අකුරු ගොඩක් ලස්සනයි ඇත්තටම.ඉතින් පොත් හදන ඒව වගේ  කෝස් එකේ පාලන කටයුතු ගොඩක් කෙරුනේ මගෙ අතින්.මට මෙික ඇත්තටම පස්සෙ පස්සෙ මහ වදයක් උනා .ඒකෙන් උනේ මගෙ නිදහස සීමාවුනු එක විතරයි.කොහොමින් කොහොම හරි සති දෙකක් විතර යද්දි අන්තිම ටෙස්ට් එකේ මස්ටර් පෙරඩ් එකට දාන්න වෙන් කරලා තිබ්බ බූට් දෙක දිනපතාම අරන් යන්න ඔින සරඹ පිටියට පරීක්ෂා කරන්න.ඒකෙන් කරන්නේ හොඳම තත්ත්වයට පොලිෂ් කරපු බූට් දිනපතා සිලෙක්ට් කරනවා.එහෙම සිලෙක්ට් වුනොත් ආයෙ අරන් යන්න ඔින නෑ.ෆේල් වෙන අය පාස් වෙනකං අරන් යන්න ඔින.මම කෝස් එකේ ඇඩ්මින් කරන අතරේ තමා මෙි වැඩත් කර ගන්නෙ.ඉතින් වෙලාව මදි වෙනවා හැමදාම මගේ වැඩටික කරගන්න.ඒකෙන් උනේ මට හැමදාම බූට් දෙකත් උස්සන් පෙරඩ් යන්න වීම.මෙි පාඨමාලාවෙත් හිටියා නැව ගිලුනත් ගැට්ටෙ හරි බජව් දාල ආතල් ගන්න සූදානම් මහ අමන ලොන්තපෝල් ඩෑල් ටිකක්.උනුත් හැමදාම බූට් දෙක අරන් යනවා.ඉතින් මාත් අරන් යනවා.ලැජ්ජාවක් නෑ.තනියම නෙමෙිනෙ.අනික මං මෙි වෙනකොටත් වැරදි කීපයකට උපදේශකයින්ට නිරීක්ෂණය වෙලා තිබුනේ.රෑට පාඨමාලාවෙි හොරෙන් මත්පැන් පානය කිරීම,පිසික්ස් උගන්නන උපදේශිකාවක් වුනු සැරයන් වරියෙකුට ටෝක් කිරීම,වෙනත් පාඨමාලාවක සිසුවෙකුගේ වැරදි වචන භාවිතාවක් සම්බන්ධයෙන් ඔහුගේ හක්ක පැන්නීම සහ තව ඉතාම සුලුවරදක් වුනු මෙස් එකේ ඩීෆ්‍රීෂර් එකේ හිටපු මටත් වඩා වැඩිමල් අහිංසක කුකුල්ලු කීපදෙනෙක් අන්තරස්දාන කිරීම(මෙි වරදෙන් පසු කිසිම දාක මාව කුස්සිය පැත්තට වැද්දාගත්තේ නැත) වැනි චෝදනා.ඉතින් මං මොනාහරි දෙයක් කිව්වොත් හරි කෙරුවොත් හරි ඒ දෙස වපරැහින් බලන ගතියකුත් උපදේශකයන් තුල තිබුනා.මින් ප්‍රධාන වුනේ සරඹ උපදේශක තුමා.ඔහුව මහ බඹු විසින් මවද්දි තෙල් තාච්චියෙ කරවෙච්චි ලෙවල් එකට බැදපු සයිස් එකේ කළුපාටින් තමා මවල තිබුනෙ.ඒ තරම් කළුයි.රෑ දොලහට විතර කරුවලේ කා එක්ක හරි ඔහු  හිනාවුනොත් අම්මප අනිකා බය වෙනවා.මොකද සුදුපාටට දත් ඇවරියක් විරිත්තනව ⁣ පේනවා.හිනාවෙන මිනිහෙක් පේන්නෑ.ඒතරම් කලුයි.මෙතුමට මාව පේන්න බැරි ගතියක් තිබුනා.ඉතින් මට ෆලෝ එකත් වැඩී.ඒ කියලා මගේ ලේවල තිබ්බ චරියාවෙන් බිංදුවක තරම් දෙයක  වෙනසක් වුනේත් නෑ.මෙතුමාගෙ නිතරම කටෙි තිබුනේ.. "යකෝ මට පොලව යටත් අඩි තුනක් පේනවා" කියන වගන්තිය.ඒ කියන්නෙ මෙතුමට ලඟ නවන්න බෑ කියල තමා ඒ කියන්නෙ.ඒ වුනාට මං පොරටමකීප වරක් නැමුවෙ ලඟම නෙමෙි...කන පාතින්මයි..පෙරඩ් එකේදි බූට් පරීක්ෂාකරන්නෙත් මෙතුමා. 

මෙහෙම සති දෙකක් විතර හැමදාම අපි කීප දෙනෙක් බූට් උස්සන් යනව.....පරීක්ෂා කරනව.... පොලිෂ් මදි කියනව,, අල්ලල වීසික්ක කරනව ටර්පන්ටයින් කැලේට.ඒ විසිකරාම ඒව හොයන්න වෙනම කාලයක් යනව.මට මෙික එපාම වෙලා තිබුනෙ..මොකද්ද යකෝ  මෙිකට කරන්නේ කියල හිත හිත ඉන්නකොට ආව මරු අයිඩියාවක්.

එදා රෑ අනික් වැඩටික සම්පූර්ණ කරල ටිකක් වෙනදට කලින් නිදා ගත්තා.පහුවදා සුපුරුදු පරිදි සරඹ පිටියට යන්න ඩීඑස් පෝලින් කරල මගේ පරක්කුවට ඩීඑස් කෑ ගහද්දි  මං හිතලම ටිකක් පරක්කු උනා.දැන් කෑ ගහනව කට්ටිය.පස්සෙ මාත් "රායිට් කෝච්චිය ස්ටාර්ට්...ගම  නේඒඒඒප් යා...වම දකුණ වම...නිකන් තියෙන කටනෙ කියල මමත් කෑ ගහගෙනම  ඇවිත් පෝලිම් වෙලා ආව ග්‍රවුන්ඩ් එකට.ඔක්කොම හරි.සරඹත් කලා.දැං තේ බොන වෙලාව.මෙි වෙලාවට තමා බූට් පරීක්ෂා කරන්නෙ.ඔන්න ප්‍රධාන සරඹ උපදේශක තුමා,කණ්ඩ භාර සැරයන්,පෙළභාර සැරයන්වරු පෝලිමට යනව බූට් බල බල..මගේ දෙක ගාවටත් ආව.බලල පාස් කිව්ව..හම්මට සිරා....කියන්ඩ සතුටෙි බෑ..මගේ බූට් දෙකත් පාස් ඔන්න.ඉතින් සැනසුම් සුසමකින් පපුවත් පුරවගෙන මාත් ගියා තේ බොන්න.(තේ තියෙන්නෙත් ඒ ලඟමයි.ග්‍රවුන්ඩ් එකට තේ ගේනවා.අපි)ඔහොම ඉන්න අතරෙ අපිට කලින් තේ බීපු සෙට් එක ගියා බූට් ලඟට..උන්ටත් ඔින්නැති රෙද්දක් නෑනෙ.පුරුද්දට යනව.මාත් ඉතින්  තේ එකත් අරගෙන තව එකෙක් එක්ක  හීනි කයියකුත් දාගෙන ඒක බොමින් හ්ටියා.ඒ අස්සෙ එක පොරක් ටිකක් හයියෙන් කියනව ඇහුනා

"" අඩෙි යකෝ..මෙන්න වැඩක්...මට කියන්නෙත් නැතුව මගේ බූට් දෙක ග්‍රවුන්ඩ් එකට ඇවිත්"" කියල

කිව්වට විස්සාස කරන්ඩ මිත්‍රෝරුනි,මං එතනට අිව නෙමෙයි...එවුනා..

ඔික ඇහුනා ඒ ලඟම කයියක් ගහගෙන හිටපු  සරඹ උන්නැහේට..ආයිෂ් අප්පා..ආයෙ මොනවද ඉතින්,, පොරට ප්‍රබාකරන් අහුවුනා වගෙ තමා යටිගිරියෙන් කෑගහල කීවෙ...

"මෙහෙ වරෙව් ඔක්කම""

"පෝලිම් වෙයායායාව්ව්ව්""

බිබී හිටපු තේ එකත් විසික්කරල ඩබල් එකේ පෝලිම් උනා..

*අද කව්ද බූට් ගෙනාවෙ..උන් ඔක්කොම වරෙව් ඉස්සරහට..

කොටිායකුට මුවෙක් අහුවුනාම කෝමද...අන්න ඒ වගේ අපි ටික දෙනා ඉස්සරහට ආව..

*ගනියව් තම තමුන්ගෙ බූට්ස් අතට..

ඔක්කොම තම තමන්ගෙ බූට්  ගන්න ඉස්සරහට හිමීට ගියා..මං ගියේ නෑ ඉතින්..කොහොමත් ඊලඟට කන එකනෙ තියෙන්නෙ.

*ඇයි සාජන් අාරච්චි..උඹෙි බූට්ස් දෙක නැද්ද මෙතන..

*තියෙනව සර්..

*කෝ

*ඔය තියෙන්නෙ සර්..

*තියෙනවනං ගනින් හු&@%#$*

*සර් ගහයිනෙ..

*නා..නා..මයෙ අම්මට ගහන්නා..එන්නකො..ගන්නකො ඇවිත්..

*නැත්තෙ මොකද සර් එහෙනං දැන් බැන්නෙ..

*ඈ බොල ප&@%#$ තෝ මාවත් විහිලුවට ගන්නද හදන්නෙ.ගනින් ඇවිත් බූට් දෙක..

මාත් බබා ලෙවල් එකෙන් ගන්න නැවුනා 

* බූට් ගත්තු එවුන් තනිපෙළක් ගහපියව්..

අපිත් ඉතින් තනිපෙලේ හිටියා..බූට් ටික්ත් ඉස්සරහට දික්කරගෙන.

*රායිට්...කෝ වරෙන් ඉස්සෙල්ලා අර බූට් කතාව කියපු එකා.

ඌත් ආවා.

*බලපං උඹෙි බූට් දෙක කෝකද කියල.

ඌත් ආසියාවෙම අහිංසකය වගේ බූට් බල බල ඇවිත් මං ගාවම නතරවුනා කාලකන්නියා..

(මං කලබල වුනේනෑ.හිත හදාගෙන හිටියෙ)

* අමිම්ට සිරි මෙින්..වැඩෙි.ප්ලැටූන් සාජන් කෝ...??? කියල යටි ගිරියෙන් කෑගැහැව්වෙ

*ඔව් සර්

(එතනින් එහා වර්ඩ්ස් ඇඩස්සොන්ලි)

පස්සෙ එතුමාම * දැනගනින් ප&@%$.මට පොලව යටත් අඩිතුනක් පේනව යකෝ..කිව්ව.ගත්ත බූට් දෙක..අතට..

ඇඟේ තියෙන ෆුල්ම හයිය දාලා ටර්පන්ටයින් කැලේ මැද්දෙන් උඩීන්ම කන්දෙන් පල්ලෙහාට වෙිගෙන් ෆැක්ස් කලා. ඒත් එක්කම  "චට්ටාස්"" ගාල සද්දයක් එක්ක කම්බුල් දෙපැත්තම එකපාර රිදෙන්න ගත්තා.වැදුනෙ එකයි..ඒත් දෙපැත්තම රිදෙනව.බැලින්නං ඒකත් මගෙ වෙලාව කියන්නෙ  මුනෙ අනික් පැත්ත ගිහින් ලඟම තුබුනු කොහොඹ ගහේ වැදිලා.ඒකත් ඔටෝම සමබර වෙලා.

කියන්න සන්තෝෂයි මිත්‍රෝරුණි.. මාත් ඒ බූට් දෙක දැක්ක අන්තිම අවස්ථාව.එදායින් පසු අදවෙනකංවත් දන්නෑ..ඒ බූට් දෙකට මොකද වුනේ කියල.උදේ පෝලින් වෙන්න හිතලම පරක්කු වුනේ ඔක්කොම එලියට ගියාට පස්සෙ හොරෙන් මං මුලු බිලට් එකම සර්ච් කරල සුපිරියටම පොලිෂ්කරපු බූට් දෙක අරන් එතනින් මගේ ලොන්ත බූට් දෙක තිබ්බා.හවසට මාරු ඇරගන්න පුලුවන් හිංද.මටත් ඔිනවුනේ පරීක්ෂාවෙන් සමත් වෙලා බූට් ගෙනියන වදෙන් බෙිරෙන්න.ඒත් අන්තිමට උනේ...නුවර ටවුන් එකෙන් සල්ලි දීල බූට් දෙකක් අරකෙ අයිති කාරයට ගෙනත් දෙන්න.ඌත් ජෝක් එකට කෑගහල තියෙන්නෙ..සීන් එක දැකල.ඒත් මගෙ සිකුරු හතේ හිංද ඒක අදාල තැනටම ඇහුනා.


-රුවින් පමුදිත යද්දෙහිආරච්චි-


#Militarymemes #MilitaryBoy 👮

Thursday, November 4, 2021

කිරාන් කඳවුරු ප්‍රහාරය

 මෙි කිරාන් කඳවුර. 1996 වසර මැද.


ඒ දවස්වල හමුදාවෙ රෙඩ් ඇලර්ට් (RED ALERT ) කියල එකක් තිබුනා. එල්ටීටීඊ සංවිධානය විසින් පමණක් ("පමණක්" කිව්වෙ හමුදාව විසින් ඒ සංවිධානයට එල්ල කරපු ප්‍රහාර මෙිකට ගත්තෙ නෑ) එතෙක් එල්ල කරන ලද සියළුම ප්‍රහාරයන් සමීක්ෂණය කරලා ඒ අනුව හමුදා භඨ පිරිස් වෙත දිවයින පුරාම වැඩිපුර ප්‍රහාරයන් එල්ලකල දින සහ කාල ගණනය කරලා බලල  කොයි වෙලාවටද කොයි දවස්වලටද වැඩිපුර ප්‍රහාර එල්ල කරලා තියෙන්නෙ කියල හොයල ඒ දවස් රෙඩ් ඇලර්ට් විදියට නම් කරලා වැඩි පරෙස්සමක් වෙන්න කටයුතු කරපු එක. ඒ අනුව මාසෙ දවස් කිහිපයක් සහ වෙිලාවන් කිහිපයක් හඳුනගෙන ඒ දවස්වල අපි පට්ටම ආතල් එකක් ගත්තා. හඳ බැහැගෙන යන කාල,හඳ නැගගෙන එන කාල, ඇඳිරිය වැටීගෙන සහ ඉර උදාව ආසන්නය වගේම උදේට බංකර් වලින් පසු බසින වෙිලාවල් තමා ගොඩක් වෙලාවට මෙි විදියට ගත්තෙ. ඊට අමතරව කලු කොටි සැමරුම, නායකයින්ගෙ උපන්දින,නොවැම්බර් මාසෙ කරන එව්ව එක,සංවිදානය වෙනුවෙන් මියගොස් වීරයන් සේ සලකන ඈයන් මියගිය දවස්  සිහිකරන උත්සව ආදියත් ඔිකට තිබුනා. ඒක ටික කාලයක් පැවතුනත් එච්චර සාර්ථක ක්‍රමයක් නම් නෙමෙි. අනික හමුදාව සාම්ප්‍රදායානුකූලව ඔය අතරින් දවස් කිහිපයක් කොහොමත් ඇලර්ට් වෙනව. හඳ බහින නගින කාලෙට රෙඩ් ඇලර්ට් එන්න කලිනුත් අපේ නිවාඩු පවා කැන්සල් කරලා රැය පුරාවට අපි උපක්‍රමික සීරුව කරලා තියෙනවා. මෙි උපක්‍රමික සීරුවට එහෙමත් නැත්තං Stand to එකට අපි කරන්නෙ බංකරේ ඉන්න තුන් දෙනාම ඇහැරල ඉන්න එක විතරයි. ඒත් ඒ දවස්වලට අපේ කඳවුරටනම් ගහපු කොටියෙක් නෑ. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ ඒ ඒ ටයිම් වලට හමුදාවෙ කොහාටවත් නොගැහුවා කියලා. මං කියන්නෙ අපේ කඳවුර ගැන විතරයි. අන්තිමෙිට ඒකෙන් වුනේ එහෙ තිබ්බ රාජකාරි කන්දරාවට අනුව අපි තවත් පෙඩප් වෙච්චි එක විතරයි. 


මෙි රෙඩ් ඇලර්ට් එන්න කලින් වෙච්චි සිදුවීමක්.


එවකට අපේ නිලධාරි අණදෙන තුමාට 232 බළසේනාවෙන්,ඒකක මූලස්ථානයෙන් සහ බුද්ධි අංශ විසින් තහවුරු කරල දැනුම් දීල තිබුනා අහවල් දවසෙ එලිවෙන්න මොහොතක් තියා හරි අපේ කඳවුරට ත්‍රස්ථවාදී ප්‍රහාරයක් එල්ල වෙනවාමයි කියලා. කිරාන් කඳවුර කියන්නෙ තනි වෙච්චි කඳවුරක්. අසල්වාසී කඳවුරු වම: කුඹුරුමුල්ල (අපේ ඒකකයට අයත්) දකුණ සන්දිවෙිලි(වෙනත් ඒකකයක කණ්ඩායමක්) වශයෙන් තිබුනෙ. කිරාන් කඳවුරට කිරාන් ටවුමෙ ඉඳලා කිලෝමීටර් එකහමාරකට ආසන්න දුරක් තියෙනවා. පිටුපසින් කලපුව,ඉදිරියෙන් විශාල විවෘත භූමියක්. කුඩා ගම්මානෙකුත් තියෙනව කඳවුර ආසන්නයේ දකුණෙන්. වමෙන් කුඩා විවෘත භූමියක් එක්ක කැලෑවක්. කඳවුරට පහර දෙනවනම් එන්න තියෙන්නෙ මෙි අන්තිමෙිට කිව්ව කැලේ හරහා විතරයි. කැලේ කිව්වට කුඩා කැලයක් ඒක. ඒ නිසා හැම දවසකම දවල් කාලයෙත් නිරීක්ෂණ මුර දෙකකින් සමහර දාට තුනකින් විතර මෙි ප්‍රදේශය ආවරණය කරනවා. මෙි කඳවුරේ විශේෂත්වය තමා අපිට ප්‍රහාරයක් එල්ලවුනොත් පසු බැසීම් නෑ. අසල්වාසී කඳවුරුවලින් සහායක භඨ පිරිස්  එනකම් අල්ලාහිටීම තමා එකම ක්‍රමය. ඒ කියන්නෙ "ආවොත් සෙන්ට් ගියොත් ඔිඩිකොලොන්" න්‍යාය. සහායක භඨ පිරිස් එනවා කියලත් ඒ එන්න අමාරුයි. හේතුව ඒ එද්දිත් හෙනම සටනක් දීල තමා කඳවුර කිට්ටුවට හරි එන්න වෙන්නෙ. කුඹුරුමුල්ලෙන් භඨ පිරිස් මෙහෙට එන්න දොට්ට බැස්සත් ඒ එන්න තියෙන්නෙ සංවිධානෙටම වාසිදායක විදියට පිහිටපු භූමියක් හරහා. අනික ඒක එච්චර සාර්ථක ක්‍රමයකුත් නෙමෙයි. හැබැයි ඉහළම විශ්වාසයක් තිබුනා අපේ එවුං සතුරු වළල්ලක් නෙමෙි වළලු සීයක් වුනත් කඩාගෙන කුඩු කරගෙන උඩින් හරි යටින් හරි අපේ සහායට එනවාමයි කියලා. ඒ විශ්වාසය උඩ තමා අපිත් කාලයක් ඔය කඳවුරේ ගණන් කර කර රැයවල් පහන් කලේ. අනෙක තමා රෑට කඳවුර ඇතුලෙ ඉන්නවට වඩා පිරිසක් හිටියෙ කඳවුරෙන් එලියෙ. කඳවුරෙත් කරන්ට් එක තිබුනෙ නෑ. රෑ හතේ ඉඳන් දහය වෙනකම් දුවන 1KVA භූමිතෙල් ජෙනියක් විතරයි තිබුනෙ.  හැබැයි කොටින්ටත් හිතන තරම් ලේසියෙන් පහර දීල ආපහු යන්නත් එහෙම ලේසියෙන් බෑ. ඒ ආවොත් අපි ආපහු යවන්නෙත් නෑ. ඒ තරම් පට්ට ගේමකින් තමා අපිත් හිටියෙ. මොකද කියනවනම් අපේ කඳවුරේ පරන සාජන්ලා දෙතුන් දෙනෙකුත් පරණ කෝප්‍රල්ලා කීප දෙනෙකුත් අපේ නිලධාරි අණදෙන තුමත් විතරයි ඒ දවස්වල විවාහකව හිටියෙ. තව එක් නිලධාරියෙක් හිටියා විවාහක. ඒ අවසන් සටනේදි ඔබෙත් මගෙත් නිදහස සතුට වෙනුවෙන් විශ්වමඩුවලදි එල්ලවුනු මරාගෙන මැරෙන ත්‍රස්තවාදි ප්‍රහාරයකදි ජීවිතය පූජා කල එවකට 2/ලුතිතන් ඩබ්එම්ඒඑස් වන්නිනායක  RWP RSP USP (FIELD COMMITION) (මිය යන විට තිබූ පදක්කම්) ඒ මං, හැමදාම ආදරය කරපු සහ තාමත් එතුමා සම්බන්ධ පැරණි මතකයන්  සිහිපත් කරන නිලධාරියෙක්. අනෙක් සියළු දෙනාම අවිවාහකයො. (මෙවැනි මරාගෙන මැරෙන සටන්වලදි විවාහක අවිවාහක බවත් ගොඩක් දුරට බලපානවා, හේතුව කියන්න ඔින නෑනෙ).අනික ඒ දවස්වල තිබුනා හමුදාව තුලින්ම එස්එෆ් එකට සහ කමාන්ඩෝ එකට සෙබළුන් ඉන්ටවීව් කරලා බඳවගන්න වැඩ සටහනක්. මාත් මරාගෙන මැරෙන්න යන්න හිතාගෙන හිටියෙ ඔය දෙකෙන් කෝකට හරි බැඳිලා. ඔිකට මං, මගෙ නමත් දාගන්න සෑහෙන ගේමක් ඉල්ලල ප්ලැටූන් සාජන්ට කියල හක්කත් එජස් කරගෙන හිටියෙ. මට විතරක් නෙමෙි ඔය උණ හැදිල තිබ්බ කීප දෙනෙක්ටම. අන්තිමෙි මට යන්න ලැබුනෙ නෑ, අපේ කණ්ඩායමෙන් එස්එෆ් එකට විතරක් හතර දෙනෙක් හෝ හය දෙනෙක් ගියා.  කොහොමත් මරාගෙන මැරෙන ලයින් එකෙන් තමයි අපි ඔක්කෝම මෙි කඳවුරේ හිටියෙ. පිකට් එකටද,ඔිපී එකටද,පිස්තෝල කල්ලිද,ස්නයිපර්ද, රැකසිට පහරදීම්ද, කේළාම් හොයන එකද (රෙකී)  ඔය කෝක උනත් සද්දෙ ඇහෙන ඇහෙන මානයේ ඉන්න අපිට ඔය කිලෝමීටරේද දෙකද තුනද, දුවගෙන යන්න උපරිම වැයවුනේ විනාඩි පහේ හෝ උපරිම දහයේ කාලයක් විතරයි. බෙල්ට් ඔිඩරය දාගත්තා, බැලස්ටික් හෙල්මට් එක දාගත්තා, අවිය ගත්තා,දිව්වා.(මෙි කඳවුරේ අපි කවදාවත් සිවිල් ඇඳුම් ඇන්දෙ නෑ.අඳින්න වෙලාවකුත් නෑ).  ආයෙ පෝලිම් කර කර හිටීම් ඒ දවස්වල තිබුනෙ නෑ. ඒ යන්නෙත් කැලෑ, ලඳු,ලදු පඳුරු කලපු කෑලි වෙිවැල් ගාල්  ඔිවා මෙිවා දෙබෑ කරගෙන. එහෙම තමා ඒ දවස්වල අපේ හැටි. 


කතාවට යමුකො.


අපේ කඳවුරට පහර දෙන්න උං දවස් ගානක් මොඩ්ල් ට්‍රෙිනින් කරලා. පාස් අවුට් එකකුත් කරලා. ඊලඟ කාරණය තමා පාස් අවුට් වෙච්චි ඈයන්ට අවි සපයගන්න එක. ඒ කාලෙ උන්ගෙ එකාට එක ගානෙ අවි තිබුනෙ නෑ.( ඒ  හිංදනේ රණසිංහ මහත්තය ගිහින්ම දුන්නෙ). ඒ දවස්වල උං කරන්නෙ පාස් අවුට් වෙන උන් එක්ක ඇවිත් මෙි වගේ තනි වෙච්චි කඳවුරකට පහර දීල අවි පැහැරගන්න එක. ඊට පස්සෙ පළායාම. අපිට ඔය තොරතුරු ආවෙ පහර දෙනවා කිව්ව දවසට සතියකට විතර කලින්. අපට හොඳ ශක්තිමත් බංකර් පද්ධතියක් තිබුනත් ගොඩක් කට්ටිය ඉන්නෙ රෑට එළියෙ නිසා ඇතුලෙ මෑන් වුනේ බංකර කිහිපයක් විතරයි. රෑට සිවිල් කුක් හිටපු කෙනත් සමහර දාට වෛද්‍ය බළකායෙ දෙදෙනත් ස්ව කැමැත්තෙන් රෑට බංකර්වල ඇහැරගෙන හිටපු දවස් ඔින තරම් තිබුනා. (මෙයාලා හෙන ගේමකදි අපිත් එක්ක කරට කර සටන් වැදුණා. වෛද්‍ය බළකායේ සාසෙ ගුණතිලක, සාසෙ රාජපක්ෂ,අරක්කැමි තිලකරත්න. ➡️මෙයා සිවිල් සේවකයෙක්). ඒ මෙි වගේ ඩෙින්ජර් දවස්වලදි.

සතියක් කියන්නෙ කඳවුරේ ඉහල රෑන්ක් වලට සහ අපේ මූලස්ථානවලට ඉතා කෙටි කාලයක් වුනත් අපිටනම් ඔිකෙ ලවක් දෙවක් තිබුනෙ නෑ. තියෙන දෙයක් කාල කියන දෙයක් කරගෙන වෙන දෙයක් බලාගෙන තමා හිටියෙ. දවස ගෙවෙන එකෙත් එච්චර අරුමෝසමක් තිබුනෙ නෑ. කොච්චර පරිස්සමින් කිව්වත් අපි ගණන් ගත්තෙත් නෑ. බයවුනෙත් නෑ, හැබැයි නිවාඩු ගියෙත් නෑ. මට හොඳට මතකයි, ඒ පණිවිඩෙි එනකොට නිවාඩු දාල හිටපු අයත් නිවාඩු අයින් කරගත්තා, ඒ,  මෙි සතිය ඉවරවෙනකම්. 

එක දවසක් හවසක නිඅ තුමා මුළු කඳවුරම පෝලිම් කලා.ඒ පණ ඇති සහ නැති ලෙඩ්ඩු කොරු කොක්කු දියකාවො සියලුම දෙනා. අරමුණ අපි මෙි ප්‍රහාරයට මුහුණ දෙන ආකාරය, ඒ වෙනුවෙන් ගත්තු ක්‍රියාමාර්ග සහ සැලසුම් පිළිබඳව නියෝග උපදෙස් ලබාදීම. කොටින්ම කිව්වෙ මෙි ප්‍රහාරයට මුහුණ දෙන හැටි. ඒ අතර තුර ජෙනි කරන්ට් එක කම්බි වැටට ඇදීම, නව යුධ අඟල් නිර්මාණය සහ තිබුනු ඒවා ප්‍රතිසංස්කරණ කිරීම,නිරීක්ෂණමුර ස්ථාපිත කිරීම, නියමිත දවස වෙනකම් රැක සිට පහරදීමෙි කණ්ඩ ගණන වැඩි කර රාජකාරයේ යෙදවීම, තොරතුරු රැස් කිරීම යන ආදියත් නියමිත දවසත් ඒ දවසට කලින් දවසත් මුළු කඳවුරම සතුරා එනවා කියන ප්‍රදේශය ආවරණය වන පරිදි රැක සිටීම ආදිය.  හැබැයි කඳවුර ඇතුලෙ මොනදේ සිද්ධ වුනත්,කලත් පිටට කිසිම වෙනසක් පෙන්වූවෙනම් නෑ.  අනෙක්වා කෙරෙන්නෙ ඇඳිරි වැටුනයින් පස්සෙ. සියළු වැඩ අවසන්. නියමිත දවසට කලින් දවස පැමිණුනා.  අපිත් සියළුම දෙනා උපදෙස් අනුව කලින් දවසෙ රෑ හතේ විතර ඉඳලා පාන්දර පහ වෙනකම් එළියට ගිහින් රැකගෙන හිටියා. කඳවුර ඇතුලෙ හිටියෙ ගුවන්විදුලි ඔපරේටර් 02යි,සීඑම්සී (වෛද්‍ය බළකාය) සෙබළුන් දෙන්නයි සිවිල් අරක්කැමියයි, ට්‍රක් රථ රියැදුරයි,⁣විතරයි. ජෙනියෙ කටයුතු කරන්නෙත් ගුවි යන්ත්‍ර ක්‍රියා කරුවන්මයි.  ඒ දවස්වල මුලින් කඳවුර ආරම්භ කරද්දි 157ක් හිටිය තැන ඒ වෙනකොට ඉතුරු වෙලා හිටියෙ 97 ක් වගේ පිරිසක්.  ගොඩක් අය තුවාල සහ බට්ටො පාගලා,ස්නයිපර් වැදිලා, එහෙ මෙහෙ වෙලා තිබුනෙ. ඒ වගේම පිරිසකුත් ඇබ්සන් වෙලා. මෙි කඳවුරේ රාජකාරි පට්ටම පට්ටම අමාරුයි. අපිත් කොලු කම නිසත් ආශාව හිංදත් තමා හමුදාව අල්ලගෙන හිටියෙ. නැතිනං හමුදාවෙන් පැනලා මෙි වෙද්දි අවුරුදු 25ක් විතර වෙනව.පොලවෙ අඩිය ගහන වාරයක් පාසා කකුල ෂුවර්ම නෑ. කඳවුරට එනකම් ජීවිතේ ෂුවර්ම නෑ. හෙල්මට් ජැකට් දාගෙන එක තත්පරයක් එක විදියකට ඉන්නැතුව හෙල්ලි හෙල්ලි ඉන්නෙ උන්ට ස්නයිපර් ගහන්න බැරිවෙන්න. වැල්ල වළලු කරක් එරෙනවා. අනෙක්ව කියන්න ඔින නෑනෙ. කවදාවත් කඳවුරෙන් එළියෙ තේ එකක් රස්නෙ පිටින්,බත් එකක් සීතල නොවී කාපූ බීපු කාලයක් තිබුනෙම නෑ. ලන්ච් ශීට් එකේ එතිලා චප්ප චෝරු වෙලා ගුලි ගැහිලා කැට ගැහිලා එන, දිගෑරලා ගුලිය කඩද්දි "සිරි සිරි" සද්දෙ ඇහෙන කෑම එකක් තමා අපිට ලැබෙන්නෙ.ඒකත් හවස තුනට තුනහමාරට.  ඔික කන්නෙත් ගුලි ගැහිලා ගහකට මුවාවෙලා ජැකට් එක ගලෝලා ඒක උඩ දිග ඇරගෙන. ඒත් හෙල්මට් එක ගලවන්නෑ. නැතිනම් බිම ඉඳගෙන පොලවෙ පිඟානක් වගේ පොඩි වලක් හදාගෙන ඒකට බත් එක දාලා දිග ඇරගෙන.වැලි පොලවනෙ. (සිරාවටම හොඳේ. පාන් ලැබෙන දවස්වලට හොදි එවන්නෙත් ලන්ච් ශීට් එකේ ඔතලා ගැට ගහල. එතකොට කරන්නෙ දීසිය වගේ ටිකක් ගැඹුරට වලක් හදාගෙන ලන්ෂීට් එක පිටින් ඒ වලට දාලා, ලන්ශීට් එක දිගෑරලා පාං කෑලි පොඟවගෙන කන එක. මමනං හුළඟෙ යනවට කොලේ මුලු හතරෙන් පොඩි ගල් කැට හතරකුත් තියා ගන්නවා. හුළඟකවත් ආවොත් ඉතින් කාල ඉවරයි. හුලඟට ගසාගෙන එන වැලි වලින් හොද්ද වැහෙනවා. ඒ තමා ඒ කාලෙ හමුදාව. මෙිව පපුවට අත තියල කියන කතා හොඳේ). පස්සෙ ඔික අපේ නිලධාරින්ට නිරීක්ෂණය වෙලා ඒක ඔිසීට කියලා පස්සෙ හැමෝටම ප්ලාස්ටික් පිගානක් බැගින් ගන්න කිව්වා. අපිත් පහුවදා ඉඳන් සිල් ගන්න යනකොට වගේ උදේට කඳවුරෙන් පිටවෙන කොට ඒ පිඟාන ජැකට් එකේ යකඩෙ දාන (ARMOR PLATE) සාක්කුවෙ දාගෙන ගියා. පස්සෙ ඒකත් අයින් වෙලා බකට් ගෙනාවා. මොකද කියනවනං බනින හිංද ප්ලාස්ටික් පිඟාන ගෙනිච්චා මිසක් ඔිකෙ මමනං කවදාවත් කාල නෑ. පුරුදු විදියටම තමා කෑවෙ. ඔිකත් මාට්ටු වෙලා තමා බකට් ගෙනාවෙ. එතකොට නං ටිකක් පිළිවෙළට කෑවා. ඒකත් එපා වෙන වැඩක්. ඇයි ඉතින් කට්ටිය පිකට් ගියාම  කඳවුරේ ඉතිරි වෙන්නෙ දහයක් දොළහක් විතරයි. හෝදපල්ලකො බකට් හැට හැත්තෑවක් තුන් වෙිලකට සබන් දාල.කඳවුරේ ⁣දහයක් හිටියත් වැඩ්යම එකතු පාදා කරගත්තොත් දෙකයි එකතු කරගන්න පුලුවන්. අනෙක් අය ඇතුලෙත් ඩියුටිනෙ. මෙි බකට් එක්කෙනෙකුට දෙක බැගින් තිබුනෙ. එකක උදේ කෑම එක එවනවා, එකක දවල් එක එවනවා. දවල් එක බෙදන්න එන ඈයන් උදේ එක එකතු කරගෙන අරන් යනවා. අපි හවසට ඇතුලට යද්දි දවල් ගේන බකට් සිරි සිරි මල්ලක දාගෙන පුට් බෝල් ගඟ ගගහ තමා අරන් යන්නෙ.නැතිනං වොලි බෝල්.  කොල්ලොනේ. කොලු කමනේ. පිස්සොනේ. ඉතින් ඔිවගෙන් ක්‍රිකට්, එල්ලෙ ෆුට්බෝල් ගහන වෙලාවලුත් තිබ්බා. ආයෙ සල්ලිවලට ගේනවා. මෙි ගේන්නෙ අපේම සල්ලිවලින්. හමුදාවෙන් ඔිවා දුන්නෙ නෑ.


නැවතත් කතාව. පළවෙනි දවසෙ අපි එළියට ගිහින් නොනිදා රැය පහන් කර කඳවුරට ආවා. කිසි විශේෂයක් තිබුන්නෑ. දවසනං අද තමා දවස. එදත් අපි දැඩි පරිස්සමින් එළියට ගිහින් වන මායිමට දෑස් දල්වාගෙන ආශාවෙන් බලාගෙන හිටියා. හවස පහට රෑට කාලා රැක ගන්න තිබුනු එකම වස්තුව වෙච්චි පර්ස් එකත් අරන් තමා මෙි ගමන යන්නෙ.කඳවුරේ මෝටාර් සියල්ලම සහ ඒවගේ ක්‍රියාකරුවන් කුඹුරුමුල්ල කඳවුරට පළවෙනි දවසෙම යවල තිබුනෙ. අපිට ප්‍රහාරයක් එල්ලවුනොත් එහෙ ඉඳන් තමා ආධාරක වෙඩි එන්නෙ. අපි මෙහෙම එලියෙ රැකසිට පහරදීම දාපු තැන තවත් විශේෂයක් තමා එක්කො කොටි එන්න ඔින මෙතැනින්, නැතිනම් වෙන කොහෙන් හරි රිංගල ආවොත් යන්න ඔින මෙතනින්. කොහොම උනත් අපිට මාට්ටු වෙනවා. දෙවෙනි දවසෙ මම හිටියෙ කන්ඩ භාර සැරයන්ගෙ ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියාකරු. එදානම් රෑ අට නවය වෙද්දි මටනං මාර නිදිමතක් ආවා. පළවෙනි දවසෙත් මුලු රෑම ඇහැරිලා, දවල්වත් විනාඩියක් ඇහැ පියවගන්න වුනේනෑ රාජකාරි හිටපු නිසා. ඊට එහා මහන්සිය. බිම මුනින් අතට හැරිලා කලින් දවසෙ කපාගත් වියතක් විතර දිග දෙබළක් පොලවෙ ඇනලා ඒක උඩින් අවියෙ බැරල් එක තියලා ටිකක් රිලැක්ස් වෙන කොට ගතේ වදින සිහිල් සුළං දහරා නෙතට තමා කියන්නෙ "බුදියගිය" කියලා. ඔන්න අදත් ඒකමයි වෙන්න යන්නෙ. මාත් ඉවසගෙන හිටියා හිටියා ඉන්නම බෑ. බැරිම තැන ගුටි කෑවත් කමක් නෑ කියලා සාජන්ට කිව්වා "දැන්නම් බෑ සාජන්" කියලා. ඒ සාජන් පට්ට වසයි. යුනිට් එකේ දරුණුම සාජන් තමා ඒ. ලයනල් කිව්වම මුලු රෙජිමෙම දන්නවා පොර ගැන. (මුන්දැට තමා පසු කාලෙක බය පැත්තකින් තියල (මට) තටු ආවම "ගෝරිං සිං" කියල මමම කාඩ් එකක් ගහල තිබුනෙ. හැබැයි ඉතිං පොර මට පට්ටම ආදරෙයි. පිස්සනේ. චික්කනේ. ගංජනේ. ). අපි බිම මුනින් අතට දිගා වෙලා ෆුල් ඇලර්ට් එකේ හිටියෙ. ඒ ඉද්දිම සාජ් මං දිහා බලල බිම පැත්තක පරිස්සමින් තියා තිබුනු රේඩියෝ සෙට් එකේ හෑන්ඩ් සෙට් එක ඉල්ලගෙන "තෝ නිදා ගිය,හැබැයි කතා කරපු ගමන් නැගිටපිය ප&@%$යා" කිව්වා. ඒ වෙලාවෙනං සැරයන්ට මගේ සාසෙ කම පැත්තකින් තියලා උන්දැගෙ බෙල්ල බදාගෙන උම්ම එකක් දෙන්න හිතුනත් ලෝකයා සහ පවිටු දනන් ඔික දැක්කොත් මොනවා නොකියයිද කියල හිතල මාත් උන්නු විදියටම ඇස් දෙක පියා ගත්තා. එහෙම පැය දෙකක් යද්දි සාජන් ඇඟිල්ලකින් ඇඟට ඇනලා කතා කරලා "දැං ඇහැරිය" කිව්වා. පොරට නිදාගන්න නෙමෙි. වෙලාව ඩෙින්ජර් නිසා.  ආයෙ "දැන් වෙලාව එකොලහමාරයි, දැං බලාගෙන හිටගිය" කියලත් කිව්වා. දැං අපි ඇහැරගෙන බලං ඉන්නවා. හරියටම රෑ දොළහයි, එක පාරටම නොහිතුව විලස කොටි ප්‍රහාරය එල්ලවුනා. අපිට හිතාගන්න බැරිවුණා. ඉස්සෙල්ලම දරුණු ආටි සහ මෝටාර් ප්‍රහාරයක් තමා එල්ලවුනේ. ඒත් එක්කම ඒකට යටින් කොටි ප්‍රහාරය. ඒක පැය ගානක් තිබුනා. හැබැයි ඒ ප්‍රහාරය එල්ලවුනේ අපි කොච්චර ආශා බලාපොරොත්තු පොදි බැඳගෙන හිටියත් අපිට නෙමෙි, මඩකලපුව වව්නතිව් කඳවුරට. උං අපේ කඳවුරට ගහනවා කියල වෙනත් කඳවුරකට තමා ප්‍රහාර එල්ල කරල තිබුනෙ. සයි ඔප්ස් (PSY OPs- මනෝවිද්‍යා මෙහෙයුම්) එකක් විදියට තමා උං "කිරාන්" කියල තියෙන්නෙ. නමුත් හැබෑවටම උන් ප්ලෑන් කරල තියෙන්නෙ වව්නතිව් වලට. ඒ ප්‍රහාරය කොච්චර දරුනුද කියනවනම් පහුවදා උදෙත් නවය විතර වෙනකම් දෙගොල්ල මරාගත්තා. වව්නතිව් කඳවුරටනම් දුක්ම සීන් එක වෙලා. අපිට පස්සෙ  තමා සියල්ල ආරංචිවුනේ. අපේ මෙින් රේඩියෝ රූම් එකේ තියෙන රේඩියෝ සෙට් වලට එහෙ  චැනල් වලට යන්න පුලුවන්. උන්දැලා මුල ඉඳන් සීන් එක සැරෙන් සැරේ ඒ ජාලයට ගිහින් අහගෙන ඉඳලා. වව්නතිවු කඳවුර පාන්දර පහ වෙද්දිත් උන්ට (කොටින්ට)  අල්ලන්න බැරිවෙලා. උන්ගෙ බර ගානක් මැරිලා. අඩුම පහර දෙන්න ආපු දෙවෙනියත් මැරිලා. (ඒ ප්‍රහාරය කරුණා තමා ලීඩ් කරලා තියෙන්නෙ) පස්සෙ බැරිම තැන උන් යන්න ගිහින්. කොටි පසු බැහැල කියල දැනගත්තු සෙබළෙක් සෙට් එකෙන් ඉස්සරහ ලයින් එකට පතුරම් ඉවරයි කියලා පතුරම් ඉල්ලලා. ඒක ⁣උන් මොනිටර් කරගෙන ඉඳලා තියෙන්නෙ. ආයෙ පැය කාලකින් බාගෙකින් පසු බැහැල ගිය උං ආපහු හැරිල ඇවිත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරලා. ඒ පාර තමා කඳවුර ලෙල්ලටම ගියෙ. දෙපැත්තෙම හානි ගොඩයි. වැඩිම හානිය හමුදාවට. 

අපි දැක්කා මඩකලපු අහස ඒකාලෝක කරමින් පැරා වලින් පවා සපෝර්ට් කරනවා. පත්තු වෙච්චි පළවෙනි උණ්ඩයේ ඉඳලා අවසාන උණ්ඩය දක්වාම අපි අහගෙන හිටියෙ. වෙලාවකට ටිකක්  විතර නිහඬ වෙනවා ආයෙ එක පාරටම පත්තු වෙනවා. ආයෙ චූටි වෙලාවක් හිමින් ෆයර් එක ගිහින් ආයෙ පෙරටත් වඩා දරුණුවට මරාගන්න පටන් ගන්නවා. කොටි පහර දෙන්න පටන් අරන් පැයක් යනකොට අපේ බ්‍රිගේඩයේ තියෙන කාලතුවක්කු වලිනුත් උන්ගෙ කඳවුරු වලටයි ආටි තියෙන තැන් වලටයි පහර දුන්නා. ඒකත් පැය ගානක් තිබුනා. බිමින් දුර වුණාට ගුවන් සැතපුම් වලින් උන්ගෙ ආටි ගහන තැනට අපේ ආටි රේන්ජ් එක තියෙනවා. ඒකනෙ ගැහුවෙ.  වාලච්චෙනෙන් පිකප් වෙන ආටි අපේ ඉහ උඩින්  "සිං සිං" ගාල හුලං කපාගෙන පියාඹාගෙන යන සද්දෙ අපිට හොඳට ඇහුනා. නැගෙනහිර අහස මහපොළ දාට වගේ තනිකර සංදර්ශනයක් වෙලා තිබුනෙ. පාන්දර පහ වෙනකොට ටිකක් "ෆයර්" එක අඩුවුන නිසා අපි හිතුවෙ එතනින් ඉවර වෙයි කියලා. මොකද ඒ දවස්වල තිබුනු අත්දැකීම් අනුව රෙක්කා වෙච්චි මම වුනත් දැනන් හිටියා කඳවුර අල්ලලා නෑ කියලා. නමුත් අර ඉස්සරහ ලයින් එකේ සෙබළාගේ පණිවිඩය නිසා නැවත සටන පටන් ගද්දි සිරාවටම හිතුනා "බඩුම තමා" කියලා. බලන්න ඉතින් වචන දෙක තුනක වැරැද්දකින් තීරණාත්මක දිනපු සටනක් ආපහු කණපිට පෙරලෙන හැටි. දුකෙන් වුනත් කියන්න ඔින,එදා වව්නතිව් කඳවුර, පරාජිත මුලතිවු, පුනරීන් යන කඳවුරුවලටත් දෙවෙනි වුනේනම් නෑ. වෙනසකට තිබුනෙ සිද්ධාන්තය එක වුනත් අර කඳවුරුවල වගේ එක් දාස් ගණන් සෙබළු හිටියෙ නැති එක විතරයි. එහෙම තමා යුද්දෙ සහ අපේ රටෙි හැටි.

(පසු බැහැපු කොටින්ට අපේ එකාගේ පතුරම් කතාව ඇහුනම, උං දන්නවා උන්ට ගේමක් දෙන්න ඉස්සරහ බඩු නෑ කියල. ඒකයි ගිය පයින්ම ආපහු හැරිල තියෙන්නෙ)  


එක පාරටම අහසෙන් කඩා වැටෙනව වගේ අපිටත් මෙි වෙච්චි සීන් ටික නිසා ආපහු හරියට ඔරියන්ටෙිට් වෙන්නත් දවසක් දෙකක් ගියා. කිරාන් වල මං ආසම කලපුවට. එක පාරක් මහ වැහි කාලෙක (1997 අග සහ 98 මුල් මාසෙ) ඔය කලපුවත් දෙගොඩතලා ගිහින් දුරින් කිලෝ මීටර් 15කට වඩා ප්‍රදේශයක් වතුරෙන් යටවුනා. ආයෙ මොනාද කර වටක් වතුර. අපි ශෝට් ගහගෙන ජැකට් හෙල්මට් දාගෙන සමහර තැන්වලින් නාහෙ විතරක් උඩට තියාගෙන වතුරේ බැහැගෙන පීනගෙන  පිකට් ගියපු කාලෙ ඒ. ඒ ගං වතුරට තමා ආරච්චිල මී ගොන් තවලමත් හැදුවෙ. (කතාව මතකනෙ) ඔන්න ඉතින් එදා අපි වතුරෙ කිලෝමීටර් එකහමාරම කඳවුරේ ඉඳලා බහිමින් පීනමින් ඇවිදිමින් පස්වනක් පීතියෙන් ඇලලෙමින් පිකට් එක ගියා. යන්නෙ ටවුමට. යන්නෙ පාර දිගේ. කඳවුරේ අපි දාපු බට්ටො ගහගෙන ඇවිත් වතුරේ පීන පීන අපිට හිනාවෙනවා. ඒක හරියට සීසන් කාලෙට මැණික් ගඟේ වාගෙ. හැබැයි මෙි ඒ බට්ටො නෙමෙි, මෙි පුපුරන බට්ටො. සමහර වෙලාවට නාහෙත් හැප්පෙනවා. ඒ වෙලාවට කරන්නෙ හීන් සැරේ අල්ලගෙන යටින් පියුස් එක ගලවල අරං සාක්කුවට දාගෙන බට්ටා පැක් එකට දාගන්න එක. ඒ කියන්නෙ නිශ්ක්‍රීය කරනවා. මෙික හෙන ඩෙින්ජර් කේස් එකක්. හරිම විදියට හරි කල්පනාවෙන් සීරුමාරුවට කරන්න ඔින දෙයක්. යන්තං අතට තද වුනොත් දනහිසෙන් කකුල ගලෝල යනව වාගෙ එක්කො බෙල්ල ගලෝල යනව. නැතිනං අත් දෙකයි ඇස් දෙකයි ගලෝල යනවා. අනික ඔය බට්ටො පුපුරන්න හේතු දෙක තුනක්ම තියෙනවා. එකක්, සමහර ඒවගෙ පියුස් එක ටිකක් තදින් ඇල්ලුවත් ඇති.  මාත් ඒ වෙද්දි ඔිවැයිං කීපයක් ගලවල පැක් එකේ දාගෙන හිටියට ඒව බට්ටො එකතු කරන අන්ඩර් ග්‍රවුන්ඩ් බංකරයට දාන්න අමතක වුනා. බය වෙන්න දේකුත් නෑ. ඒ දවස් ගානම මාත් පැක් එක ඔලුවට තියල නිදාගත්තෙත් ඔිව එක්කමයි. 

එදා අපි ගම කෙළවරට ගිහින් දෙපැත්තට ලයින් දෙක දාගෙන ගම ක්ලියර් කරන්න ලෑස්තිවුනා. එතන ලයින් එක හදාගන්නකං අපි පැය කාලක් භාගයක් ඉන්නවා කොහොමත්. මං හිටියෙ පුච්චල බාගෙට මැරිච්චි කුඹුක් ගහක් ආවරනයට අරගෙන, පාත තිබ්බ දෙබල උඩින් වම් කකුල තියාගෙන දකුණු කකුල බිම තියාගෙන වම් කකුල උඩින් අවිය පැත්ත දාල තියාගෙන ඉස්සරහට බරවෙලා  ඉස්සරහ බලාගෙන. රේක්ක පාටියෙ හිටපු දිසානායක පීජීබී ලඟට ඇවිත් "අහක්කෙයන් පහුරු ගාන්න" කිව්වා. මාත් අහට්ට මෙහට්ට වුනාම මං හිටපු තැනත් දිසා පොඩර් කලා. සහතිකයි මෙි කියන්නෙ මං එච්චර වෙලාවක් ඉඳලා තියෙන්නෙ අපේම බට්ටෙක් උඩ කකුල තියාගෙන කියන්ඩලාකො. ඒත් වාසනාවට පිපිරුවෙ නෑ. ආයෙ මොනාද එදා මට කලංතෙ හැදුන්නැති ටික විතරයි. මං හිතාගෙනම හිටියෙ බැරිවෙලාවක්වත් මට බට්ටෙක් පෑගුනොත් වෙඩි තියාගන්නව කියල. මක්කටැයි අනේ කකුලක් නැතිව දුක් විඳලා. මං විතරක් නෙමෙි උපතිස්ස කියල ලාන්ස් කෝප්‍රල් කෙනෙකුත් ඔිකමයි කිව්වෙ. එදා දවසෙම මගේ ඔලුවෙ වැඩ කලේ ඔිකමයි. එතකොටත් බට්ටෝ තුන් හතර දෙනෙක් මගේ පැක් එකේ හිටියා. අපේ හිටියා මං වගේම බට්ටන්ට බය තව කෙනෙක්. ඒ සාසෙ හේරත්(පොරනං පස්සෙ දවසක කිරාන් ටවුමෙදිම බට්ටෙකුට ගියා.) එදා හිටියෙ මං පොරත් එක්ක එක පොයින්ට් එකේ. මටත් අතපය නිකන් තියන් ඉන්න බෑ කියන්නෙ, මං කලේ කල් බලලා බලලා ප්ලෑන් කරලා කරලා පියුස් එක ගලවපු පැක් එකේ හිටපු බට්ටෙක් අරන් පොරට හොරෙන් පොරට පෑගෙන්න දාපු එක. මංමයි බට්ටා පෑගුවම පෙන්නුවෙත්. ආයෙ මොනාද කියන්නෙ ඒක දැක්ක විතරයි පොරගෙ කටෙි කෙල හිඳිලා, ඇස් දොට්ට පැනලා, බඩ කැවුතු වකුගඩු ඇඹරිලා, සිහි විකල් වෙලා කට දෙපැත්තෙන් සෙමත් දොට්ට පැන්නා. වැඩෙි කියන්නෙ ඒ සීන් එක දැකලා මට බකස් ගාල හිනැස්සක් ගියපු එක. ඊළඟට  පොර බෙල්ට් ඔිඩරේ ගහගෙන හිටපු පිහිය ඇදල අරන් බට්ටව උඩට ගත්තා. අරං ඇඟිලි දෙකෙන් උස්සලා පියුස් එක ගලවන්න හදනකොට පියුස් එකත් නෑ. මිනිහට වැඩෙි තේරිලා පැනපු ගමන් මිටි මොලෝලම  ඇන්න කියන්ඩලාකො මගෙ හොබ්මටම දෙකක්. ඒ පාරෙ සැර කොච්චරද කියනවනං  මගේ තොල් දෙකම පුපුරලා එකම ලේ විලයි එතන. කටෙන් එකයි ලේ. ඊට පස්සෙ දවස්ගානක් යනකං මං බත් කෑවෙත් බාගෙට කට ඇරලා සූප්පු කරලා. 


පොර බට්ටට ගියපු දවසෙ මං දැක්කා උඩ ගිහින් වැටෙනවා. දකුණු කකුල දන හිසෙන් පහල මස්ටික ගලෝලා ගිහින් ඇටෙි විතරක් සුදු පාටට ඉතිරිවෙලා තිබුනා. ආයෙ මල් ඇවරියක් ගානට විහිදිච්ච බූට් එකේ කෑල්ලකුයි විළුඹෙ කෑල්ලකුයි නහරෙකින් එල්ලිලා වැලි ගෑවිලා කලුපාට වෙලා පැද්දි පැද්දි තිබුනෙ. හේරත් මුනින් අතට වැටිලා මහ පාරට අත්දෙකෙන් තට්ටු කර කර සිංදු කියනවා. ඇස් දෙක ලේම ලේ පාටට හැරිල තිබුනෙ. ඒ වෙලාවට සිහිය විකල් වෙනවා ෆෙන්ස්. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.11.04

Sunday, October 31, 2021

මීයම්කුළම් වැහි කාලෙ

 මුරුගසං වරුසාවත් ගිනි ගින්දරේට පායන අව්වත්, රැයේ මහ කරුවලත් රෑට මහ පොලවට පතිතවන පින්නත් සෙබළෙකුට එල්ල කරන්නේ මහත්ම වූ පීඩාවක්. රළු කාකි ඇඳුමෙන් වහගෙන ඉන්න සිරුරෙන් අව්වට දාඩිය පිටවීමත් වැස්සෙදි සීතල දැනීමත් අඩුවක් වෙන්නෙ නෑ. වැහි කාලෙට තමා ජීවිතේම එපා වෙන්නෙ. කොච්චර නොතෙමී ඉන්න උත්සාහ කලත් ඒ උත්සාහයේ හැටියට තමා වැඩිපුරම තෙමෙන්නෙ. අවට ගෙයක් තියා ගෙයක් තියෙන පලාතක්වක් ⁣නැති කඳවුරක රෑ රාජකාරියට එළියට ගියාම දැනෙන ෆීලින්ග් එක නිවන් ගිහින්වත් ගන්න බෑ. වැස්ස කියල කොටි නොගහ ඉන්නෙත් නෑ. අනෙක් අතින් ගත්තම වැහි කාලෙ අන්තිම අනතුරුදායකයි. කොටි තියා ඩෝසරයක් ලඟට ආවත් ඇහෙන්නෙ නෑ. ඒ නිසා යන්න ඔින තැනට ගිහින් චුට්ටක් එහාට මෙහාට වෙලා තල් ගහකට හරි හේත්තුවක් දාගෙන වැස්ස පායනකම් හිටගෙන ඉන්න එක තමා කරන්න තියෙන්නෙ. කඳවුර ඇතුලෙ ජීවිත ගණනාවක වගකීමක් එක්ක මෙහෙම එළියට යන රාජකාරියක වගකීමත් ඉතා ඉහලයි. ඒ වැහි දවස්වල වෙලාව යන්නෙත් ගොඩක්ම හෙමින්. පැයක් ගතවෙන්න පැය ගානක් වගේ යනවා. 


ඒ මීයම්කුලම් කඳවුරමයි. එදාත් හරි වැස්ස. තොප්පිගල අහස කලුම කලු පාටට වලාකුළු වලින් ගැබ්බරවුනාම ඊට යටින් තියෙන  පෙනෙන තෙක්මානයේ ඉලුක්වලින් ගහන වු විවෘත භූමියත් වැස්ස වැහැලා වැහැලා තැනින් තැන පුරන් කුඹුරු පිරී ඉතිරී නියරවල් උඩින් වාන් දමන වතුරත් එක්ක කුඹුරුත් අහසෙ පාටට හැරුනම හාත්පසම මහා අඳුරුයි. වැස්සක් අවසානයේ පැහැදිලි ආලෝකයක් එක්ක පොලවට පාත්වෙන මීදුම, පොලවෙන් ඉහල නගින මීදුමත් එක්ක එකතුවෙලා පේන්නෙ කිරිමුහුද මීයංකුලම්වලට ඇවිත් වගේ. ඒ අතරින් පතර අහස සිඹින්න වගේ ඉහල නැඟුණු රූස්ස තල් රුප්පා සහ පරන වැව්වල වාගෙ අලු පාටට හැරී බාගෙට සහ සම්පූර්ණයෙන් මැරී ගිය ගස්වල කඳන් සිහි කරවන්නෙ අපි අමුතු ලෝකෙක ඉන්නව වාගේ. හවස තුන වෙද්දිත් හවස හයට හයහමාරට වගේ ඇඳිරිය පැතිරුණු හාත්පස දැක්කමත් "අදත් මං එලියෙ ඩියුටි" කියල හිතුනමත් දැනෙන හැඟීම හරිම චමත්කාරජනකයි.  හවස හතරට එළියට ගිහින් ජීවිත තර්ජනයකුත් එක්ක පහුවදා උදේ නවයට දහයට විතර ආපහු කඳවුරට එනකම්ම වැටෙන හැම වැහිබිඳුවකටම තෙමෙන කෙනෙක් වෙත්නම් ඇත්තටම ඔවුන් තමා ජීවිතේ සුපිරියටම විඳපු මිනිස්සු. ඒ කියල පහුවදාත් ඒ රෝල් එකම තමා. මීයම්කුලම් කඳවුරෙන් තොප්පිගල පැත්තට තමා මාරම ලස්සන. අද වගේ ඒ කාලෙ ඔහෙ කැලේ වැවිල තිබුනෙ නෑ. තෙත බරිත වෙලා රේල් පාර පැන්නම බූට් අස්සෙන් ඇහෙන  "චප-චප" සද්දෙත් එක්ක පෙනෙන තෙක් මානයේ ලොකු වටයක් ගිහින් (පැට්‍රෝල්) ආයෙත් රේල් පාර කිට්ටුවට ඇවිත් සතුරා එන පාර බ්ලොක් කරගෙන "හ්ම්" සද්දයක් නැතුව හැංගිලා බලං ඉන්න කණඩායමක් වුනාමත්, ඒ වගේ තැනකට වුනාම නිරෝෂා විරාජිනීගේ සිංදුවක් කියාගෙන කන වටෙි රවුම් ගහන මදුරු රෑන් එක පාරටම සින්දුව නවත්තලා මහ පොලවෙ ගොදුරක් දැකපු කුරුළුගොයෙක් වාගෙ එක පාරටම "සිග්" ගාගෙන ඇවිත් ඇඟේ කොහෙ හරි වහලා ලේ උගුරක් අදින්න ගත්තම ඇඟ විතරක් හොලවලා මදුරුවා පන්නන එක සිම්පල් දෙයක්. ඒ කාලෙට තමා "මනුස්සයන්ටත් නැට්ටක් තිබ්බනම්" කියල හිතෙන්නෙ.  හැබැයි ඒ ජීවිතේ මිහිර ආයෙත් විඳින්න තියෙනවනම් කියල දැනුත් හිතෙනවා. 


ඔය වැහිබර දවසක හවස නියරවල් අස්සෙ ඉඳගෙන "එරික්-එරික්" කියල නැත්තං "ෆයර් ෆයර්" කියල එහෙමත් නැත්තං "ස්පෝක්, ස්පෝක්" කියල යටි ගිරියෙන් බෙරිහන්දෙන ගෙම්බන්ගේ සද්දෙ මැදින් අපි මහ පාරට ආවෙ හවස හතරට විතර. ඒ රාත්‍රී රාජකාරි සඳහා. මෙි රාජකාරිය එන්නෙ රාජකාරි දෙකක් එක්ක. එකක් පැට්‍රෝල් එක. අනෙක සවන්දීමෙි මුරය. එදා හතරට මහ වැස්සෙම කඳවුරෙන් දොට්ට බැහැලා වාලච්චෙින පැත්තට මහ පාරේ කිලෝමීටර දෙකක් විතර ඇවිත් එතනින් තොප්පිගල පැත්තට තිබුනු කරත්ත පාරෙත් කිලෝමීටරයක් විතර ඇවිත් ආයෙ එතනින් පොඩි ඇල බන්ට් එකකට හැරුනම හොඳටම ඇඳිරිය වැටිලා. ඇඳිරිය කිව්වට වැහි අඳුර. වෙලාව පහට විතර ඇති. ඒත් හයහමාරට විතර කලුවරයි. නියෝග අනුව එතනින් එහාට යන්න තිබුනෙ බන්ට් එකට දකුණු පැත්තෙන්. ඒත් මෙතනට ආවහමයි දැක්කේ යන්න ඔින පාරෙ දනක් විතර වතුර පිරිල කියල. ඊට පස්සෙ අපි හතර දෙනා නැවත රේල් පාරට ඇවිත් ඒ දිගේ මීටර් සීයක් විතර කඳවුර පැත්තට එන්න පටන් ගත්තා. ඇවිත් බෝක්කුවක් ගාව නතරවුනා.  මෙතන ඉඳන් කඳවුරට අහස්දුර කිලෝමීටර් එකහමාරක් දෙකක් විතර ඇති. මෙතැන තමා අපි රැය නවතින්න යන්නෙ. වැස්ස තුරල් වෙලා තිබුනත් ආයෙ වැස්සක් ආවොත් රිංගන්න හොඳ පඳුරු දෙක තුනකුත් බලාගෙනමයි ආවෙ. ඒ ආවෙත් අපි මහ පාරෙ  එනව කව්රු දැක්කත්, මහ පාරෙන් හැරුනත්, ඒ දැකපු කෙනාට එතනින් එහාට "මුංට මොකද වුනේ යකෝ "  කියල හිතාගන්න බැරි විදියට කලුවරේ "මීක්" සද්දයක් නැතුව. හැබැයි වැස්ස මදක් තුරල් කරල තිබුනෙ. ඈත අහසෙන් රෑ එකොළහට විතර හඳත් යාන්තම් මෝදුවෙන හැඩක් තිබුනෙ. ඒත් වැහි අඳුර සැරෙන් සැරේ ඇවිත් හඳ වහ ගන්නවා. අපි හතර දෙනා රේල් පාරෙ තිබුන බෝක්කුවක් උඩ තොප්පිගල පැත්තට මුහුණ දාගෙන ඉඳගෙන හිටියෙ. එකොලහ වෙද්දි දෙන්නෙක් ඉඳගත්තු විදියටම දිගෑදිලා නිදා ගත්තා. මාත් තව එක්කෙනෙකුත් තමා ඇහැරලා හිටියෙ. වෙලාව කෙමෙන් කෙමෙන් දොලහට කිට්ටුවෙිගෙන එද්දි  දුරකින් එක පාරටම කිරල්ලු කෑ ගහගෙන ඉගිල්ලෙන්න ගත්තා. ටිකක් දුර නිසාත් සමහර විට නරි නිසා වෙන්න පුලුවන් නිසාත් අපි දෙන්නා වැඩි ගානකට නොගත්තත් පරිසරයට හොඳට කන්දීගෙන අවධානයෙන් හිටියා. ඒ ඊටත් මෙහායින් ආයෙ ඔය වගේ සද්දයක් එයිද කියල බලාගෙන. අපිව මෙතනින් පිටට පේන්නෑ. බෝක්කුවෙ යකඩ ඇඳි දෙකට අපිව වැහිල තියෙන්නෙ. මෙික බෝක්කුවක් උනත් වතුර ගහගෙන යන තැනක් නෙමෙි. ඒ ඇල මාර්ග පස් සහ වැලි කපන ට්‍රැක්ටර්වලින් වහල දාල, ඇල මාර්ග වෙනස්වෙලා. 

ඔහොම තව ටිකක් වෙලා යද්දි නොහිතුව විදියට ආයෙත් කිරල් සද්දෙ ඊට මෙහායින් ඇහුණා. අනුමානයේ හැටියට ඔය සද්දෙ එන්නෙ කරත්ත පාර දිගේ. ඒ කිරල් සද්දෙත් ටිකක් දුරින් ඇසුන නිසා තව ටිකකින් අනෙක් දෙන්නට කතාකරනවා කියල කතාවෙලා වැඩි අවධානයකින් නැවත ඉදිරි භූමිය දිහා බලාගෙන හිටියා. අපි දෙන්න හිටියෙ බොක්කු ඇන්දෙ දෙපැත්තට වෙලා. ටික වෙලාවක් යද්දි  ඈතින් නරි රැළක් හූ කියන සද්දෙත් ඇහෙනව. තව පැය භාගයක් විතර යද්දි කලින් දෙපාරටම වඩා කිට්ටුවෙන් අපි හිතුව විදියටම හේන් පැලක හිටපු බල්ලෙක් කාට හරි බුරනව ඇහුණා. හේන් තියෙන්නෙ මෙතනින් එහාට මීටර් 500ක විතර දුරකින්.  කොටි ආවත් මෙහෙම එන්නෑ. උන් එන්නෙත් කිසිම සද්දයක් නැතුව. මොකද උනුත් දන්නවා මෙි කිට්ටුව කොහේ හරි හමුදාවෙන් රැකගෙන ඉන්නවා ඇති කියලා. ඒත් මෙි වගේ කාරණාවන් වලට වාසනාව අවාසනාවත් බලපානවනෙ. ඒ බල්ලා බුරන සද්දෙත් එක්කම අපි අනෙක් දෙන්නත් අවදිකලා. කෝප්‍රල්ට සම්පූර්ණ සිද්ධිය පැහැදිලි කලා. කෝප්‍රල් රෙස්ට් කරාට අවදියෙන් ඉඳලා තියෙන්නෙ. පළවෙනි කිරල් සද්දෙ ඉඳන්මත් අහගෙන ඉඳලා තියෙන්නෙ. ඊළඟට අපි හතර දෙනාම හොඳට සද්ද අහගෙන බිම දිගාවෙලා උන්නු තැනම බලාගෙන හිටියා. පෝයක් පහුවෙලා තිබුනු නිසා හඳත් පායලා අහස්මුදුන පහුකරලා ගොඩක් වෙලා. එතකොට කෝප්‍රල් ගුවන් විදුලියෙන් කඳවුර දැනුවත් කලාම හොඳට බලාගෙන ඉන්න කිව්වා.  අපි රේල් පාරෙන් වමට බැහැලා නැවිලා සද්ද උපරිම අඩුකරලා හිමීට හිමීට සද්දෙ ඇහෙන පාර පැත්තට පුලුවන් තරම් කිට්ටුකලා. අපිට මීටර් සීයකටත් වඩා අඩු දුරක් ඒ කරත්ත පාරට තිබුනෙ. හරිම රසවත් ඉතිං. අපි ආයෙ මගට එද්දිම හොඳටම තේරුනා මෙි එන්නෙ මිනිස්සුම ජාතියක් කියලා. උනුත් සද්ද නෑහෙන්න ආවත් මගදි සිදුවුණු ඇබැද්දි නිසා නතර වෙවී එන්නෙ. කොහොම හරි අපි උන්ට කලින් පාරට කිට්ටු කලා. 


ටික වෙිලාවක් ගියා. සද්ද බද්ද සියල්ල නැවතුණා. හැඟීමෙි හැටියට දෙගොල්ල අතර මීටර් සීයකටත් වඩා අඩු දුරක පරතරයක්. අපිත් පඳුරු ගොන්නක තණ කොලේක  බිම දිගාවෙලා හොඳට බලාගෙන හිටියා.  පැයක් ගියා. පැය බාගයක් ගියා. කිසිම හැලහොල්මනක් නෑ. ආයෙත් පැය කාලක් විතර යද්දි දුරකින් ඇවිදින සද්දයක් ඇහුණා. විනාඩි දෙකක් වගේ කාලයක් ඒ සද්දෙ තිබිල නැවතුණා. ආයෙත් ටික වෙලාවකින් එහෙම වුනා. ආයෙත් එහෙම වුනා. ඒ අතරෙ ටී56 අවියක යූබෑග් ස්ලයිට් එකේ උඩ කොටස ඉස්සිලා ආපහු වදිනවා වගෙ සද්දයක් ඇහුනා. 

අපි නිගමනය කලා අරවගේ සද්දයක් ඇහෙන්න තරම් ලඟකට උන් ඇවිත් තියෙන්නෙ කියලා.  අපි තීරණය කලා කඳවුරේ උපදෙස් අනුව එන මොකාට හරි පහර දෙනවා කියලා. කෝප්‍රල්, හවස ලබාගත් රාජකාරි නියෝග සහ උපදෙස් අනුව රේඩියෝ සෙට් එකේ හෑන්ඩ් සෙට් එක දෙපාරක් පිට පිට ප්‍රෙශ් කලා. දැන් කඳවුරත් දන්නවා ප්‍රහාරයක් අතලඟ කියලා. ඒත් එක්කම කඳවුර ඇලර්ට් වෙනවා. මෙි කඳවුරටවත්, අපි වගේ කුඩා කන්ඩායමකටවත් පහර දෙන්න එන ටීම් එකක් නෙමෙි. එක්කො ක්‍රොසින් එකක්,නැතිනම් මාර්ග සෝදිසිය කරන කණ්ඩායමට පහර දෙන්න එන ටීම් එකක්. ඒ දෙකම නොවුනනං මීට කලින් ඔවුන් කොතනකට හරි ප්‍රහාරයක් එල්ල කරලා. නැතිනං මෙි වෙද්දි ගිහින්.

එහෙමත් වෙලාවක් ගතවෙලා ගියා. අපිත් ඉහ ලඟම කොටි ටික තියාගෙන මොහොතක් ඇස් පිල්ලන් නොගහ අඩුම හයියෙන් හුස්ම ගන්න එකත් නවත්තලා හිටිපු ඉරියව්වෙන්ම එලිවෙනකම් හිටියා. කඳවුරේ ගොඩක් අය මුකුත් වෙනසක් නැති නිසා ගේම අමතක කරලාද දන්නෑ. දැන් වෙලාව උදේ පහයි. අපි මෙතනින් යා යුතු වෙලාව පහුවෙමින් තියෙන්නෙ.  අපි පහට මහ පාරට කිට්ටුකර මාර්ග සෝදිසි කණ්ඩායම එනකම් සිටිය යුතුයි. ඒත් අපිට ඉන්න තැනින් නැගිටින්න බෑ. දැන් දන්නවා මුං අනිවාරයෙන්ම මගට වෙලා ඉන්නෙ උදේ අට විතර වෙනකම් කියලා. ඒ වෙලාවට තමා අපේ මාර්ගය සෝදිසි කිරීමෙි කණ්ඩායම හා පිකට් එක රාජකාරිය පටන් ගන්නෙ. ඒ කිට්ටු වෙනකොට මුං කැලෙන් කැලෙන් පාර දෙපැත්තට කිට්ටු කරලා ගේම පටන් ගන්නවා.


අපිත් බලාගෙන හිටියෙ "තොපිත් කීයට හරි නැගිටපියව් කො" කියලා.  පැය කාලක් ගියා. කඳවුරේ බැකප් එක අපි වෙනුවෙන් සූදානමින් මහ පාරෙත් ටික දුරක් ඇවිත් කෝන් ගහ ගාව නැවතිලා ඉන්නෙ. ඒ අපි වගේ එළියට යන අයගේ ආරක්ෂාව වෙනුවෙන් කඳවුරේ  සැලැස්ම. පහමාරයි. ලයිට් මැෂින් ගං එකක ලින්ක්ස් එකක් අවියෙම වදින ශබ්දයක්. හිමින් කතා කරන ශබ්දයක්. කෝප්‍රල් නට්ටටම සද්දය අඩු කරල තිබුනු ගුවන් විදුලියෙ හෑන් සෙට් එක තුන්පාරක් ප්‍රෙශ් කරලා ප්‍රහාරයකට සූදානම් කියලා කඳවුරට ඇඟෙව්වා. කඳවුරෙන් දෙපාරක් ප්‍රෙශ්කලා. ඒ කියන්නෙ සියල්ල සූදානම්. උනුත් එන පාටක් නෑ. එළිය වැටුනොත් ඔක්කොම අවුල්. ඒ නිසාම කෝප්‍රල් K400 හෑන්ඩ් ග්‍රෙනේඩ් එකක් පූචස් එකෙන් එළියට අරං කලුවරේම දනගහගෙන සද්දෙ ඇහුනු පැත්තට විසිකලා. ඒක පුපුරනවත් එක්කම දෙපිරිසේම ප්‍රහාරය ඇරඹුනා. අපි හතර දෙනාට හැරෙන්නවත් බැරිවුණා උන්ගෙ වෙඩි බලයත් එක්ක. ඒත් අපි හතර දෙනාත් විනාඩි පහක් අල්ලන් හිටියා. උන්ට බබා හම්බවෙන්නෙ අපෙ බැකප් එක ආවම. හිතුවටත් කලින්ම බැකප් එක අපිට කිට්ටුවුනා. බැකප් එක වෙඩි තියාගෙන එද්දි උන් දුවන්න පටන් ගත්තා. දුවද්දිත් වෙඩි උණ්ඩ පොකුරු පොකුරු හුවමාරුවුනා. අපි  නැගිටලා පාරට ඇවිත් වෙඩි තිය තිය පස්සෙන් එලවන්න පටන් ගත්තා. අපි ඇල ගාවට ඇවිත් නතරවුනාම කඳවුරෙනුත් බ්‍රිගේඩයෙනුත් ආටි සහ මෝටාර් අහස විදගෙන එන්න පටන් ගත්තා. අපි පන්නන එක නවත්තලා රේල් පාරට ගොඩවෙලා අපේ ආටි මෝටාර් අපිට නොවදින්න ආවරණ ගත්තා. උදේ හයයි කාල විතර වෙද්දි අන්තිම මෝටාරයත් පුපුරා ගියාම බැකප් එකේ දහ දෙනත් අපි හතර දෙනාත් එකතුව සෝදිසි මෙහෙයුම් දියත් කලා. එල්එම්ජී ලිනික්ස් කැළි, සහ මැගසිනයක් ඇරෙන්න වෙන මුකුත් තිබුනෙ නෑ. හැබැයි ප්‍රහාරයේ හැටියට උන්ට විශාල හානියක්  වෙලා තියෙන්නම ඔින. ඉතාම ළඟින් උනත් ඉලුක් සහ කුඩා පඳුරු නිසා අපි වෙඩි තිබ්බෙ සද්දෙ එන පැත්තට මිසක් ඉලක්ක කරගෙන නෙමෙි. උන් දුවනව දැක්කම තමා "හීග්" ගෑවුනෙ. අපි මදුරුවෙක්ට තැලුවත් සද්දෙ ඇහෙන දුරක මුං ඉඳල තියෙන්නෙ. එත් සටනෙන් අපිට කිසි අවුලක් වුනේ නෑ. 


ඒ විදියට රැයක් පහන්වන තුරු අතේ දුරටත් වඩා ලඟක සතුරු පිරිසක් තියාගෙන හුස්මවත් නොගෙන හිටපු අපි උන්ට පහර දීලා එලවා දමන්නටත් එලව එළවා පහර දෙන්නටත් අපිට පුලුවන් වුකා. එදින හවස බ්‍රිගේඩයේ බුද්ධි අංශය විසින් එම ප්‍රහාරයේ ෆීඩ්බෑක් එක කඳවුරට දැනුම් දී තිබුනා. ඒ එක් අයෙක් මියගිහින් සහ තුන්දෙනෙක් බරපතල තුවාල වශයෙන්. සතුටුයි.උන් ඉස්සරවෙලාම අපේ මාර්ග සෝදිසි කණ්ඩායමට  පහර දුන්නනම් මෙි ප්‍රථිපලය බොහොම වෙනස් එකක් වෙන්න හොඳටම ඉඩ තිබුනා. 


හැබැයි අපි හිටපු බෝක්කුවට බෝක්කු දෙකකට එහායින් තිබුනු (වාලච්චෙින පැත්තට) බෝක්කුවක් උඩදි තමා අපේ අසල්වාසී කඳවුරේ සහෝදර සෙබළුන් දෙදෙනෙක් මියගියේ. එදාම ඒ ප්‍රහාරයෙන්ම මහ පාරේ බෝක්කුවක් අසලදි ඒ කඳවුරේ නිලධාරි අණදෙන තුමාත් එතුමාගේ බඩියාත් අර දෙදෙනාත් එක්කම එකොලහක් මියගියේ. අද වෙද්දි ඒ තැන් කැලෑවට වැහිලා ගිහින්. ටී හංදියෙ ඉඳලා වාලච්චෙින පාලම ගාවට එනකම් පාර දෙපැත්තේ තියෙන තල්ගස්වලට කතා කල හැකිනම් ඔවුන් කියාවි මෙි පාරේ සෙබළුන් තම ජීවිත පුජාකල අයුරු.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.10.31

Saturday, October 23, 2021

3 බංකරේ

 මට නිකන් ඔහේ ඉන්න වෙලාවල් වලට හිටපු ගමන් බුකාස් ගාල හිනා යනවා. අපේ වෛප් ඒ වෙලාවට අහන්නෙ "අහවල් දෙයක් වෙලාදෝයි වහලෙත් එක්ක හිනා වෙන්නෙ" කියලා. නැත්තං "දැං කා එක්කද හිනාවුනේ" කියල. ඒක විශ්‍රාමගත් මුල්කාලයේ ටිකක් තදින්ම තිබුනා. ඒ දවස්වල වෛප්ට දීපු එකේක උත්තර නිසා දැං වැඩිය අහන්නෑ. සේවයේ ඉද්දි කරපු ගොං වැඩ ගහපු බුල් කාපු ගුටි අහපු බැනුම් මතක් වෙද්දි නිකන්ම හිනා යනවා. ඒක හමුදාවෙ ඉද්දිත් තිබුනා. දැනුත් තියෙනවා.එක දවසක් අපේ සීඑස්එම් අපිව බරවැඩ කණ්ඩයකට දැම්මා. අපිට තිබුනේ කඳවුර සුද්ද කරන්න. ඒ වගේ වැඩ දවස්වලට අපි කටවහරෙන් කියන්නෙ ජෙන්රල් පැටික් කියල. ජෙනරල් පැටික් (General fatigue) කරනවනම් සාසෙ වෙච්චි අපි මොක්කුද? මමත් අහුවෙලා හිටියෙ විසි ගහන්න. ඉන්චාජ් තුමා හිටියෙ සීඑස්එම්. මට සීඑස්එම් ඉනට අත්දෙක තියාගෙන අපි වැඩ කරන දිහා බලන් ඉන්න හැටි  දැක්කම සුපුරුදු "බුකෑස්" හිනාව නාහෙනුත් එක්ක එළියට පැන්නම සීඑස්එම්;

*ආරච්චි මොකත්තෝ විසිකැත්ත එක්ක හිනාවෙන්නෙ, තොට ආයෙත් පිස්සුද ?

මාත් කර කර හිටපු වැඩෙි නවත්තලා "මෙහෙමනෙ සර්" කියල ලොකු කතාවක් පටන් ගන්න හදනකොට සර් දන්නවා "මූ එන්නෙ මාවත් අන්දන්න" කියල. මොකද කියනවනම් එහෙම කතාවක් පටන් ගත්තම පැයකට ඒක නවතින්නෑ කියල සර්ම දන්නවා. එතකොට වැඩෙි නෑ කයිය විතරයි.

*අමුතු පිස්සුවක්යෑ  සර්. පරන එකම තමා. කියල පටන් ගත්තම

"හ්ම් හ්ම්..වැඩ වැඩ ඔතන ඉඳන් වැඩ කරන ගමන් කතා කරපං" කිව්වා. 

*දන්නැද්ද සර් ඉතින් ගහපු බුලක් මතක් වෙච්චම මටත් හොරා හිනැස්සක් යනව තමා කියල ආයෙ දිගටම වැඩ. ඒ සීඑස්එම් එක්ක මංවත් මං එක්ක ඒ සීඑස්එම්වත් වැඩිය භජනෙට එන්නෑ. එක පාරක් ගෝරිං සිං කියල කාඩ්එකක් ගහල මට ජීවිතේ නහගන්න හිතිල තිවුනෙ. 


මට වැඩිපුරම සිහියට එන්නෙ ආධුනික කාලෙ සාසෙ කාලෙ වෙච්චි දේවල්. ඒව ටිකක් තදින් හිතට වැදිල තිබුනා. කෝප්‍රල් බණ්ඩාරගෙ අඩස්සියෙන් මුදෝලා හමුදාවෙන් නිදහස් ජීවිතය දුන්නට පස්සෙ තමා අඩන්තේට්ටම් එක එක සිද්දවෙන්න පටන් ගත්තෙ. තේ ගෙනාවත් වැරදී, ⁣සීනියර්ලට බෙදල දුන්නත් වැරදී,රස්නෙන් දුන්නත් වැරදී,නිවුනත් වැරදී,අතුගෑවත් වැරදී,නොගෑවත් වැරදී,නෑවත් කෑවත් වැරදී,ඇවිද්දත් වැරදී එකී මෙකී නොකී කරන හැමදෙයක්ම වැරදියටම පේන අල්පේශාක්‍ය මහේශාක්‍ය ලීලාවෙන් වැඩ සිටින ලා/කෝප්‍රල්ලා,කෝප්‍රල්ලා අතරේ උන්දැලාගෙන් ජීවිතේ බෙිරගෙන හිටිය කියන්නෙ එහෙම කෙනෙකුට මෙි ලෝකෙ ඔිනෑම තැනකට ගිහින් ජීවිතේ ගැටගහගන්න පුලුවන් හැකියාවක් ඔිනම කෙනෙකුට ලැබෙනවා. හැබැයි එක චාන්ස් එකක් තිබුනෙ අපි දෙවන බැච් එක නිසා ඒක ටිකක් තදින්ම අපිට බලපෑවා. පළවෙනි බැච් එකත් රෙකෲට්, අපිත් රෙකෲට්. ඒ නිසා හරි හරියට ඝස්ටන. 

එක එක ඒකක වලින් සමන්විත බළසේනාවකම යුනිට් එක ස්ථාපිතව තිබුනු නිසා අපිට සමහර වෙලාවල්වලට හැංගෙන්නත් චාන්ස් තිබුනා. එහෙම එකක්වුනා කියමුකො.


ඒ කෝප්‍රල් අනිල් රාජා. පොරට තේ ගෙනාවම නිවිලිත් නැතුව රස්නෙත් නැතුව මග් එකට දාල දෙන්න ඔින. එදා මමයි අජිත්කුමාර කියල කොල්ලෙකුයි තේ ගේන්න හිටියෙ. කෝප්‍රල් අනිල් රාජා බිලට් එකේ ඉන්නවනම් අපි මීක් සද්ද නෑ. පොර තේ වෙලාවට බිලට් එකේ හිටියා කියන්නෙ අපිට කෑමක්ම තමා සෙට් වෙන්නෙ. ඒ දවස්වල කුස්සියෙ හිටියෙ ඊපීආර්එල්එෆ් ඉඳලා හමුදාවට බැඳිලා හිටපු 9ශ්‍රිලංජාආබමු ඒකකයේ මුස්ලිම් කෝප්‍රල්ලා කීප දෙනෙක්. කෑම ඉවීම,බෙදීම, ඒ අය තමා කරන්නෙ. මෙලෝම රහක්නම් නෑ. හැබැයි හරක් මස් එක නම් සුපිරියටම හදනවා. ඒ දවස්වල හමුදාවට හරක්මස් දුන්නා. සාඩින් ටින් එකක සයිස් එකට පෙති කපල හදන හරක්මස් පෙත්ත බඩට යනවට වඩා කොටසක් දත් අස්සෙ යන්න තමා උයන්නෙ. ඊට පස්සෙ කූරටෙිකින් හරි හැට්ට කට්ටකින් හරි තමා ඒවා දත්වලින් ගලවල බඩට යවන්න ඔින. ඒවා අධීක්ෂණයට හිටියෙත් අපේ ආර්කි්‍යු තුමා ස්ටාෆ් සාජන් බෂීර්. එයා අපේ රෙජිමෙමයි. මායි අජිතුයි තේ ගෙනත් කෝප්‍රල්ගෙ කෝප්පෙට දාලා බුද්ධ පූජාව වගේ අත් දෙකෙන්ම ගිහින් දුන්නම පොර ඒක අතට අරං උගුරක් බීල ඒක තමන්ගෙ මට්ටමට නැත්තං අනිවාරයෙන්ම අපේ ඔලුවට තේ එක හලනව. ඒක එයාගෙ පුරුද්දක්. මට ඔිකවුනේ මෙදා. මාත් හිතින් බැන බැන ගිහින් මූන අතපය හෝදගෙන ආවා. ආයෙ දවසක් තේ එක දෙද්දි පොර පයිං ගැහුවා. එදත් තේ නෑවා. ඒ හිංද එපාම වෙලා තමා තිබුනෙ. පරණ ආමි කාරයා හෙන මරි මෝඩයි. මෙිවා පපුවට අත තියල කියන කතා හොඳේ. 

අපේ හිටියා අමරනායක කියල කොල්ලෙක්. පොර කැඩෙට් සාජන් කෙනෙක්. අපේ කෝස් එකේ බෙස්ට් රෙකෲට්. ඌ හෙනම කුකුල් කේන්ති කාරයා. අපේ බිලට් එක ඉස්සරහම තිබුනෙ දිවාමුරය නවය. අමර නායක ටූ ප්ලැටූන් එකේ. අපි ත්‍රී ප්ලැටූන් එකේ. අපේ ප්ලැටූන් එකේ තමා අනිල් රාජා හිටියෙ. තේ ගේන වෙලාවට බිලට් එකේ කව්රුවත් නොහිටියොත් බිලට් එකටත් එක්ක තේ ගේන එක මෙි ඩෙි ගාඩ් එකේ වගකීමක්. එදා අමරනායකයි තවත් කෙනෙකුයි බිලට් එකේ ටී කෑන් එකත් අරන් ගිහින් තේත් ගෙනත් කෝප්‍රල් අනිල් රාජටත් දීල. දීල තියෙන්නෙ අමරනායක. තේ එක එදා ටිකක් නිවිල තිබිල තියෙන්නෙ. තේ එක පෝලිමෙි ඉඳලත් එපෑ ගන්න. අමරේ තේ එක දුන්නම නිවිල නිසා අමරෙට තේ එකෙන් දමල ගහල. ඒකට මල පැන්න පාර පොරත් පැනපු ගමන් කෝපල්ගෙ හක්කට දෙකකුත් ඇනල පයිනුත් එකක් ඇනල අමරෙට තිත්ත කුණුහරපෙන් බැනල, ඒකට අරුන්දැට අමුතුවෙන් මළ පැනල තව එකක් ඇනල, ඒ පාරෙ සැරට කෝප්‍රල් අපේ පෙට්ටි පේලියත් පෙරලගෙන විසිවෙලා වැටිල. අමරෙ කියන්නෙත් දේහදාරී හොඳ උස මහත පොරක්. පානදුර පිංවත්තෙ ගම. මෙිකට කෑම්ප් එකේ හෙන ගින්නක් හටගත්තා. අන්තිමට හැබැයි කෝප්‍රල් පැරදිලා චාර්ජ් එකේ නොගිහින් යන්තම් බෙිරුනා. එදා ඉඳන් අපිව එයාට පෙන්නන්න බැරිවුනත් දැඩි අවවාද නිසා මුකුත් කරගන්න බැරිවුණා. එතකොට මං හිටියෙ දිවාමුරය තුනේ. 

ඒකෙ හිටියෙ සුපිරි චරිත දෙකක්. සාසෙ ඒකනායක සාසෙ යුගානන්ද. නිවිච්චි දෙදෙනෙක්. ඒ නිසා මං බිලට් එක පැත්ත පළාතෙ යන්නෑ,බංකරේමයි හිටියෙ. යුගානන්ද හෙන ගායකයා. පොර කරන්නෙ තේ ගේන කෑන් එක අරගෙන ඒකට හිමින් තට්ටු දම දම සිංදු කියන එක. සිංදුත් මාරම ලස්සනයි. ඒකනායක හීන කාරයා. දුර ඈත බලාගෙන සෙන්ට්‍රි ඉන්නෙ එක එක පාට පාට හීන බල බල. මෙතන බංකරේ ඉස්සරහින් පේපර්මිල් එකේ කුණු කානුවක් යනවා. වැහිකාලෙට ඉන්න බෑ ගඳ. ඒ ඇල කෑල්ලෙන් අපේ යුද අගලටත් වතුර එනවා. මෙි වැහිකාලයක්. 

ඒ වෙද්දි අපිව කඳවුරෙන් එළියට රාජකාරියකටවත් ගිහින් නෑ. කම්බි පොටවල් වලින් ඇතුලෙ තමා රෙකෘට් අපේ ලෝකය ගොඩනැගිල තිබුනෙ. එදා 2300-0100 සෙන්ට්‍රි හිටියෙ මං. දවස් දෙක තුනක් වැස්ස ගියාම එදා මට ඉස්සරහින් අමුතු "චප-චප" ගාන සද්දයක් ආවා. යුගායි ඒකායි මාව බය කරල තිබුනෙ මෙතනින් කොටි ආවොත් කඳවුරට රිංගන්න පුලුවන් කියල. මාත් ඇලට් එකේ ඉන්නගමන් මෙි සද්දෙ ඇහුනම දෙගිඩියාවකට පත්වුනා. ඒ "කොටිද? වෙන සද්දයක්ද?" කියන එකට. හොඳට විපරම් කරල බලපුවම සද්දෙ ඇහෙන්නෙ කානුවෙන්. මං මගේ ටෝච් එක අල්ලල හොඳට බලපුවම මාළු රෑනක් වරල් ගගහ පොඩි වතුර පාරක් දිගේ ඇවිත් අපේ කානුවට පනිනව. කානුවෙන් එකයි අංගුට්ටො. තව එන්නෙත් අංගුට්ටො. මගේ ටෝච් එක එළිය මදි හිංද හීන් සැරේ බංකරේ ඇතුලට ගිහින් යුගාගෙ කොට්ටෙ යුගාට නොදැනෙන්න උස්සල පොරගෙ ටෝච් එක ගත්තා. විසිට් එකත් ගියා විතරයි මං පූචස් එක ගලෝලා වෙපන් එකත් පැත්තකින් තියල බූට් දෙකත් ගලෝලා තියල ටෝච් එක කටෙන් අල්ලගෙන නාන්න ගෙනියන බාල්දියත් අරං වැඩෙිට බැස්සා. මාලු අල්ල අල්ල අර වල පිරෙව්වා. ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ, ඒක පුලේ පුල් දැන්. තව වලක් කැපුවා. එකත් පිරෙව්වා. මඩ පෑදීගෙන ආපු කානුව මීහරක් ලැගල වගේ මඩ වෙලා. විසිට් එකක් එනකොට ටක් ගාල සන්නද්ධ වෙනවා. පොත අත්සන් කරල ගිය ගමන් ආයෙ වැඩෙිට බහිනවා. ඔය විදියට පැය හතරක් එක දිගටම මාලු ඇල්ලුවා. පට්ට ආතල් වැඩෙි. අතෙන් ලේත් එනවා අංගුට්ටෙක් කට්ටෙන් ඇනල. ඒත් මං ගේම අතෑරියෙම නෑ. මං තුනහ මාරට තමා ආයෙ සෙන්ට්‍රි බාරදුන්නෙ. ඒ ඒකනායකට. යුගාගෙ ටෝච් එකෙත් බැටරි නට්ටටම බහිනකල් මාලු ඇල්ලුවා. මාත් ඔිෆ්වෙලා නිදාගන්න ගිහින් ටික වෙලාවක් ගියාම ඒකනායක ආයෙ මට ඇහැරෙව්වා.

*උඹ මොකද්ද අර කරල තියෙන්නෙ?

*ඇයි කෝපල්?

*වලවල් කපල මාලු අල්ලල දාල තියෙන්නෙ. දැන් නිදාගනින්කො.හෙට උදේ අල්ලගන්නං කීවා. ඒ ටික ඇහුනම මට එලි වෙනකං නින්ද ගියේ නෑ. කන්න වෙන බව දන්නවනෙ. ඒ හිංද.

පහුවදාට එලිත් වෙලා තේත් අරන් ආවට පස්සෙ නඩුව ඇහුවා. පොරට සෙන්ට්‍රි භාර දුන්නෙත් පැය දෙකහමාරක් පරක්කු වෙලා නිසා පොර හිතල තියෙන්නෙ මට නින්ද ගිහින් කියලා. වලවල් දෙක කැපුවෙත් බංකරෙන් මීටර් විස්සක් තිහක් විතර පිටුපස්සෙ. සද්දෙට තමා පොර හොයල තියෙන්නෙ. අන්තිමෙි කනේ පාරවල් දෙකකුත් කාලා පැය ගානක් තිස්සෙ අල්ලපු මාලු ආයෙ අරං අරං ගිහින් ඇලට දැම්මා. වෙනම කනේ පාරක් කෑවා සෙන්ට්‍රි පරක්කු වෙලා ඇහැරෙව්වට. හැබැයි ඉතින් ඒ දඬුවමෙන් පස්සෙ සිද්ධාන්තෙ ඉවරෙටම ඉවරවුනා. ආයෙ ගැහිලි බැනිලි මුකුත් නෑ. ඒ කාලෙ එහෙම අයත් හිටියා. ඒත් අංගුට්ටා ඇනපු පාරෙ සැර කියන්නෙ දවස් තුනක් සහලෝල උණ හැදිල, අත පිට්ටු බම්බුවක්වගේ ඉදිමිල තිබුනා. ඒත් ඔිෆ් එකක් නෑ, ඩියුටි තමා. 

ඔය බංකරේම ඉද්දි තමා සං මීයම්කුළම්වලට ස්ථානමාරුවෙලා යන්නෙ. ඒත් වැස්ස. මෙි පළාතට වහින්න ගත්තම සහලෝලම වහන්න ගන්නවා. මාස තුනක් විතර වැස්ස. වැහි කාලෙ කියන්නෙනම් සෙබළෙකුට එපා කරපුම කාලයක්. ඔය කඳවුරේ ඇතුලෙ තිබුනා සිවිල් නිවාස දෙක තුනකුත්. මෙි බංකරේ කෙලින්ම පිටිපස්සෙ තියෙන ගෙදර හිටිය කෙල්ලො දෙන්නෙක්. උං දෙන්නා බංකරේ දිහා බලල සැලියුට් ගහනව හිනාවෙනවා විරිත්තනවා ඇඟිලිබිඟිලි පානවා එක විකාරයයි. මාත් අර දෙන්නට හොරෙන් එකියෙකුට ටෝක් කරනවා. ටෝක් කරා කියල යාලු වෙන්නවත්, ඒ ගෙවත්තෙ හතරමායිමවත් පනින්න බෑ. ඒත් ජෝක් එකට එහෙම කරනවා. එක දවසක් එහෙම කොර කොර ඉන්නකොට එකියක් මට අත් දෙක එකතු කරලා දෙමළ මොකක් හරි බිඟියක් පෑවා. ඒක මට තේරුණේ "අනේ නිකා හිටහං" කියනවා වාගෙ. මාත් ඒකට පිළිතුරු වශයෙන් වම්අතේ අල්ල උඩින් දකුණු අතේ අල්ල තියලා ඉස්සරහට තල්ලු කරලා ඉඟියෙන් "බම්බු ගහපං" කිව්වා. එදා ඉඳං මෙිකි මං දකින දකින වාරයක් පාසා මං ඒකිට ගහපං කියපු බම්බුව ඒ විදියටම මෙිකි මට ගහන්න කියන්න පටන් ගත්තා. ඒක නැවතුනේ ඒවුන්දැගෙ අම්ම ඒක දැකල මටත් එක්ක පේන්න ඒකිගෙ ඔලුවට "ටෝර්ර්ර්" ගාල ඇලුමිනියම් ජෝගුවකින් එකක් ඇන්නට පස්සෙ. එදා ඉඳන් මං ඒකිව දකින වාරයක් පාසා ඔළුව අතගාන්න ගත්තම ආයෙ මට පේන්න එළියට නෑවිත්ම ඇරියා. 




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.10.22

Sunday, October 17, 2021

ඉත්තෑපුක්රෙප්ටියෝසිස් රෝගය

 වෙන රටක මැතිවරණයක් ළඟ එන බැව් හැඟවීමෙි  ප්‍රධාන ලක්ෂණ කිහිපයකි.

================================


1. ප්‍රසිද්ධ යැයි පිළිගැනෙන පූජනීය භූමි තුල හා ප්‍රසිද්ධ ස්ථානවල  බෝම්බ, පතුරම්, වෙඩිද්‍රව්‍ය ඉබෙි පහලවීම. පුපුරායාම හා කිහිප දෙනෙකු අගතියට පත්වීම හෝ නොවීම. (යමෙකුට හෝ යම් තැනකට පහර දීමට අදහස් කරන අපරාධකාරයෙකු ඒ සඳහා අවදානම ඉවත ලා  ප්‍රසිද්ධ ස්ථානයක්ම තෝරාගැනීම අගය කල යුතුය. එමගින් එයින් සම හරක් සොයාගත හැක)


2. ආසන්න වශයෙන් අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩවල මිළ ගණන් ඉහල යාම. (එරටෙි ජනතාව එතෙක් පැවති මිලට හුරුවී ඇති හෙයින් මෙසේ කිරීමෙිදී, මැතිවරණයක් ආසන්නයේදී වැඩිකල එම මිළ නැවත අඩුකල හැක)


3. මහජන නියෝජිතයෙකු ලෙස ජනතාවට නම පවා අමතක වූවන් ඉර්ධිප්‍රාතිහාරයකින් මෙන් පහල වී ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීම, ප්‍රසිද්ධ දේශපාලනඥයෙකු හෝ යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක්  ප්‍රසිද්ධියේ විවෙිචනය කර එරටෙි ප්‍රධාන පක්ෂවලින් ගේම ඉල්ලීම. 


4. ආගමික කටයුතු සිදුකෙරෙන පූජනීය ස්ථානයන්හි කලබැගෑනි ඇතිවීම, ආසන්නයෙන් පංචායුධ(කඩු දුනු මුගුරු තෝමර පාරාවළළු) හමුවීම, කැරලි ගැසීම, දෙපිරිසක් කෙටවීම තුලින් ජනතාව කුපිත කරවීම. (එම තත්ත්වයකදී කැලේ රජා මෙන් එම ගැටළු සමනය කිරීමට ප්‍රධාන පක්ෂ මැදිහත්වීම,සමනය කිරීම සහ නව නීති පැනවීම කර, රේට් එක වැඩිකරගත හැක)


5. එතෙක් මෙතෙක් කාලයේ වැලි තලාවෙන් සැඟවුන මහජන මුදල් කොල්ලකරුවන්, සොරුන්, සොඬුන්, කොකුන්,කිරිපනුවන්,ලෙඩ කොර විලෝපිකයින්ට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමට උත්සුකවීම හා ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කිරීම.


6. මහ ජනතාවට අපුල, එහෙත් තමා උලුප්පා ගැනීම සඳහා බොළඳ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,වැසිකිලි තැනවීම, නගර කාණු ශෝධනය, සහ ටකරන්,ප්ලාස්ටික් පුටු,හට්ටි මුට්ටි පරන බැට්ටි ත්‍යාග ලෙස ලබාදීම. (මෙය අප රටට අදාල නැත)


7. ඔවුන්ගේ කඩවල කොත්තු රයිස් වලින් විටමින් සී පෙති, රවුම් පෙනඩෝල්(අඩක් කුඩුකල),විටමින් බී පෙති සහ තවත් වර්ග කිහිපයක වඳ බෙහෙත් හමුවීම. (නමුත් එය කඩෙි මුදලාලිවත්,කොත්තු රයිස් බාස්වත් දන්නේ නැත.එහෙත් කඩෙි ඉස්සරහ මෙිසයේ පාර්සලයෙන් මෙිවා හමුවිය හැක)


8. ව්‍යාජ නම්  වලින් ගිණුම් සකසාගෙන සමාජමාධ්‍ය ජාලයන්හි තමාට විරුද්ධ පක්ෂයන්හි ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නොයෙක් යහපත් හෝ අයහපත් ක්‍රියාවන් සංස්කරණය කොට පළකර, හෝ ජනප්‍රිය පිටු හරහා පල කරවා තවත් හොර ගිණුම්වලින් තමාම පැමිණ ඒ ක්‍රියාවන් විවෙිචනය කිරීම, බහුශ්‍රැත අදහස් ප්‍රකාශ කිරීම, සමහර ගිනුම් ඔස්සේ සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම. (මෙිවාට ප්‍රසිද්ධ හා ජනප්‍රිය පුද්ගලයින් යොදාගන්නේ, අපේ රටෙි හැටියට උද්දිකපුතා අරක කලා මෙික කලා කීවට, උද්දිකපුතා කව්රුන්ද කියාවත් දැන් ජනතාවට මතක නැත. එබැවින් ජනප්‍රිය පුද්ගලියන් මෙි සඳහා තෝරා ගැනේ.)


9. තොග වශයෙන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට පත්වීම.ඒවාට නව නීති හඳුන්වා දීම.ඒ වෙනුවෙන් පැවති නඩු ඇවිස්සීම,දරුණු තීන්දු ප්‍රකාශයට පත් කිරීම. (මෙි සඳහා එරට හමුදාවන්ද  බොහෝවිට යෙදවෙි)


10. කිසිදින නොවූ විරූ පරිදි හා විශ්මිත ලෙස උද්ධමනය අඩුවීම, ආර්ථික වෙිගයක් ලඟා කරගැනීම, දළදේශීය නිශ්පාදිතය එක තැන පිකප් වීම, දේශීය නිශ්පාදනවලට ප්‍රමුඛතාවය හිමිවීම, එමගින් ජනතාවට සහන ලබාදීම සහ ඒවා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ නිරන්තරයෙන් ප්‍රචාරය වීම. (මෙය එරටෙි මෙතෙක් පැවති රජයකට වඩා විශාල අගයක් ගැනීම වැදගත් කොට සැලකිය හැක )


11. ගොනා මොඩල් ළඟ පිකප් චරිත කරළියට පැමිණීම. පැමිණි සැනින් අන්තරස්දහන් වීම. (මෙි සඳහා බොහෝවිට මැතිවරණයකින් පරාජිත පුද්ගලයෙකු මතුවෙි)


12. ජනප්‍රිය පුද්ගලයින්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමෙි පැහැදිලි වෙනසක් ඇතිවීම. (කට උල් කිරීම,දෑත් වැඩිපුර අහට්ට මෙහට්ට කිරීම,හැඬීම, හැඟුම්බර වීම,දුක්වීම, මම අච්චරක් කලාය,මෙච්චරක් කලාය කියමින් පපුවට දෑතින් ගසාගැනීම, ජනතාව වෙනුවෙන් මෙතෙක් නොවූ විරූ පරිදි ශෝකවීම වැනි)


13.ඒ රට බෙිරාගැනීමෙි අවසන් අවස්ථාව මෙය යැයි උලුප්පා පැවසීම. (මෙමගින් ජනතාවගේ හෘදය කම්පිතවීම වැළැක්විය නොහැකි නිසා නැවත වඳ වස්සෙකු, අබ්බගොබ්බයෙකු, ගස් ගෝනෙකු මහජන නියෝජිතයෙකුවීමෙි වැඩි ප්‍රවනතාවයක් ඇත.)


14. එරටෙි කාර්යාල කාර්ය සහායකයෙකුගේ භූමිකාවක් නිර්මාණය වීම. (ඇති වැඩකුත් නැත,කරන දේකුත් නැත.එහෙත් පයිල් එකක් අතේ තබාගත් කා:කා:ස යෙකු කාර්යාලය පුරා දාඩිය දමාගෙන දිවයයි)


15.  ව්‍යවස්ථා සංශෝධන,අළුත් නීති හඳුන්වා දීම, සහ එමගින් මධ්‍යම ඝණයේයැයි සම්මත සොරෙකු  හෝ දෙදෙනෙකුට විරුද්ධව නඩු දැමීම සහ ඔවුන් තාවකාලිකව සිරගතවීම. (තෝරෙකුට මෝරෙකුට එසේ කිරීමෙිදී වරක් නොව සිය දහස්වාරයක් සිතිය යුතු නිසා නිතරම අඩුත් නොවන වැඩිත් නොවන සොරෙකු තෝරාගැනේ.එමගින් මහජන විශ්වාසය ගොඩ නැගේ. )


16. වටිනා භූගත ඛනිජ ද්‍රව්‍ය ඉබෙි පොළව මතුපිටට පැමිණීම, මන්නාරම් ද්‍රෝණියෙන් ඉන්ධන නිධි පහලවීම. 


17. ගොං ප්‍රකාශ නිකුත් කිරීම.පක්ෂ විපක්ෂ,රාජපක්ෂ එකිනෙකාට බැන අඬගසා ගැනීම, එතෙක් මෙතෙක් මහපොළවෙි වැළලී යන්නට තිබූ අපරාධ,මංකොල්ල, ඉර්දියෙන් කරළියට ඒම සහ  ඒවා ජනතාවට මෙනෙහි කරවීම. නඩු දැමීම, ඉල්ලා අස්කර ගැනීම. (මෙයින් ජනප්‍රියතාවය ඉහලනංවා ගත හැක)


18.  විශාලා මහනුවර, උදේන පාර්ශ්වයේ ෆ්ලවර් එස්ටෙිට් මන්ක්ස් (Flower Estate Monk's) වරුන් හමුවී තම වාසියට ප්‍රකාශ නිකුත් කරවා ගැනීම. පවතින බාධක පිළිබඳව දැනුම්වත් කිරීම හා එවාට විසඳුම් විමසීම. (ඔවුන් පූජනීය ලෙස එරට පිළිගැනේ. එහෙත් එසේ එන හැම එකාටම හොඳම පැවසීම සිරිතකි.)


මෙි සියල්ලම අපේ රටට අදාල නැත. එබැවින් එරට දේශපාලනය මෙරටට නොපැමිණීමට වගබලා ගමුය. 


අවසානයේදී දකුණු ඉංදීය සිනමාවෙි රසිකයින් මෙන් වැඩ සිටින එරට බොහෝ පිරිස්  මෙි සියල්ලටම රැවටී "උන්දැ පව්" යැයි සිතා උන්දැලාටම කතිරය ගසයි. මැතිවරණයෙන් පසු කව්රු පැමිණියද මෙි සියල්ලම නැවතත් පෙර තිබූ තත්වයටම පත්වෙි. ඉන්පසු ⁣ජනතාව වසර කිහිපයක් යනතෙක් ඔවුන්ට බැන බැන හිඳී. ඒ අතරතුර ජනතා ආශිර්වාදයෙන් ඔවුන් ඒ රටම මංකොල්ල කති. ණය බරක හිර කරති. එරටෙි ජනතාව විජේ,අජිත්, සිංහම්, ධනූෂ් වැනි නළුවන්,තමාත් අකමැති සතුරාට කිලෝමීටර් ගණන් උඩින් විසික්කවීමට අතින් පයින් පහර දෙන අයුරුත්, ඔවුන් ලේ පෙරාගෙන දුවන සැටිත්, නළුවා දුෂ්ඨයාගේ දියණිය කරකාරෙට ගන්නා අයුරුත් බලා සැනසුම් සුසුම් හෙලති. ඔවුන්ට ඉත්තෑපුක්රෙප්ටියෝසිස් රෝගය සෑදෙන්නේ නැවත මැතිවරණයක් ආසන්නයේවීම කණගාටුදායක පුවතකි. ඒ අතින් අපි හරි වාසනාවන්තය. අපේ රටෙි කිසිම මහජන නියෝජිතයෙකු මෙසේ නොකිරීමම අපිට ආඩම්බරයකි,සතුටකි, අහෝ දුකකි,ඉරකි,තිතකි,මල්වැලකි. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.10.17

Saturday, October 16, 2021

සජිත් අයියාට

 2021.10.16                                                                    නිවන්සේදීය


තෙරවන් සණයි!

ආරණීය සජිත් මලලි වෙත සෙනහසින් ලියන වගනම්.. ඔයා සුන් ඇතැයි සිතමි. 

අපි නම් මෙි දවස්වල තුන් වෙිලෙන් දෙවෙිලක් කාල බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේය. ඔයව හැමදම රූට රූට ටිවී එකේන් පවොත්ති වල පෙන්නපු නිසා මගේ මළ පනින ලෙඩෙිත් වැඩවී ඇත බැව් දවනු කැමැත්තෙමි. ඔයා පාරිලිමෙන්තුවෙි අප වෙනුවෙන් කතා කරන බත් අපිට සුරලොවක් තනා දෙන්නටත් සිංගප්පූරුවට එහා ගිය සවර්ධන රටක් උදා කර දෙන්නත් වෙන මහන්සිය දැක්කාම බඩවැල් ඇඹරී වකුගඩු හිරිවැටී හකු පාඩා ඇදී බොක්ක දොට්ට පනින තරමෙි පුකක් ඇතිවෙන බව කියන්නෙමු. දුපත් අප වෙනුවෙන් එච්චර දුකක් උහුලන්න අයිය මැට්ටට තාම හයිය තියෙන එක ගැන සතුටු වෙමිය. මගේ පොඩි පුතා හිකන් ඉන්නේ ඔයා ටෙලිනාට්ටියක නලුවෙක් කියාය. ඔයාගේ රඟපෑම් දැක පුතා මගේන් ඇහුවේ "පව් එයා ආධුනික නලුවෙක් නේදැ'යි ටාට්ටෙි "කියාලුය. මට ඔයා ගැන පටම දුකක් ඇතිවුන නිසා ඌට හොඳ වැයින් දෙකක් කියා එලවා ගත්⁣තාය. ඒත් ඌ පැත්තකට ගිහින් හක හක ගා හිනාවෙන එක මට නවත්තන්ට බැරිය. ඒ ගැන මං කනගාටු වුවෙමු. ඔයා කුඹුරු ගානේ ගිහින් ගොවියන් එක්කාසු කරගෙන නටන නාඩගම හරිම ලස්සනය. ඒත් මං එකකට කනගාටු වූවාය. කොරෝනා කාලේ දුප්පත් අපේ රට වැටී ඇති තැන ගැන අපිට ගොඩක්  දුක හිතුනාය. ඒත් වලට වැටුණු එකා නල කටෙන්ම ගොඩ එන්නා සේ අපිත් මෙි වලෙන ගොඩ එන්නට උස්සාහ කරමුය.රටට හොඳ දෙයක් වෙද්දි ඒකට සහයෝගේ දෙන්න බැරි එක ගැන පොඩි එකාද මගෙන් විමසන්නෙමු. එය නොකර ඔයා කරන වැඩ ගැන පොඩි එකාටත් පැහැදීමක් නැත්තෙමුය. මෙි වෙලාවෙි ආණ්ඩුවට සහයෝගය දී කටයුතු කරනවානම් ලොකු උනාම මගේ චන්දෙත් සජී මාමාටය කියා පොඩි එකා කීවාහුය. මට ඔයා ගැන දුක හිතුනෙමු. කුඹුරුගානේ ගිහින් ගොවියන් උසිගන්නනවාට වාඩා ඔවුන්ව කාබනික පොහොර වෙනුවෙන් දිරිගන්නනවානම් මමත කැමති වෙන්නාය. 

ඉස්කෝලෙ නැතුව පොඩ්ඩාට පිස්සු වගේලුය. ඌ තාමත් හැමදාම උදේට ඉස්කෝලේ ගේට්ටුව දිහා බලාගෙන සුසුම් ලන්නාය. උගේ ආසාව දොස්තර මහන්තැන් කෙනක් වන්නටලුය. ඒකට ටීචර්ලා සර්ලා ඉස්කෝලේ ඇවිත් උගන්වන්නට ඔිනෑලුය. ඌ දොස්තර මහත්තැන් කෙනෙක් වී ලොකු පඩියක් ගන්නදාට ඌට උගන්නපු ටීචර්ලාට සර්ලාට පිංසිද්ද වෙන්න කියා නොමිලේ බෙහෙත් දෙන්නම්ලුය. ඒකා කියන ඒවා ගණන් ගන්ඩ එපාය. ඌ ලබන අවුරුද්දේ සිස්සත්තේ ලියන තාම පොඩි එකෙකුය. ඌට සිස්සත්තේනම් ලියන්ඩ්ත් බෑලුය. හැබැයි දොස්තර කෙනෙක් වෙන්ඩ ආසාලුමය. ඒ හිංදා මෙි විසි එක් වෙනිදාට ටීචර්ලා සර්ලා ඉස්කෝලේ එවන්ඩලුය කියා මතක් කරලාම ලියුමෙි ලියන්ඩ කීවෙමු. 


මාත් එකක් කියන්ඩ කැමති වෙමු. බඩු ගණන් වැඩී තමාය. ජීවත් වෙන්ඩත් බැරි වගේමය. ඒත් මෙි කාලේ කොහොමහරි ඉවසා ඉන්ඩම වෙනවාය. ඒ හිංදා ඔයාගේ දැනුමත් හැකියාවත් කැපවීමත් පුලුහන්නං ආණ්ඩුවට දී අපේ මෙිජර් ජනාදිපති සර් දිරිගන්වන්න කියා ආදරෙන් ඉල්ලා සිටින්නේය. රට වටෙි මිනිස්සු එක්කාසු කරගෙන ඔයා කරන වැඩ නිසා කෝවිට් තවත් රැල්ලක් අත ලඟමය කියා මාට දැනුනෙමු. ඒහෙම උනොත් අපිට තවත් අමාරු වෙිය. ඒ හංදා ආන්ඩුවට සහයෝගේය දෙන්ඩ බෑනං අඩුම තරමෙි ගෙදරට වෙලා හරි ඉන්ඩ යැයි මා ඉල්ලනු කැමැත්තෙමුය. අඩුම ආත්ම ගවුරවය කෙලෙසා නොගෙන ගෙදරට වී ඉන්ඩ යැයි කියන්නෙමුය.  අපි පස්සේ බටොන් එකෙන් වැඩ ගනිමුය. කියන්ඩ බැරිවුනාය. ආයේ ඒදන්⁣ඩේ යන්ඩ එපාය. ටැට්ටර් ලොරි එලවන්ඩ එපාය. රිකට් ගහන්ඩත් එපාය. ඔයා සුළුපටු කෙනෙකු නොවෙිය. අපේ රටෙි එකම විපස්ස නායකයා ඔයාය. ඒ හිංදා ටිකක් පරිස්සම් වෙමුය. 

ඉතින් ගොඩක් ලීවා. අදට මා නවතින්නෙමු. ඔටත් ඔබෙි බිරිඳටත් හූනියං දෙයන්ගේම පිහිටය. 


ප.ලි: මං කියපු එක ඔයා ටිකක් කල්පනා කර බලාවියැයි සිතන්නේය. බුදු සරනයි.


මීට

රුවින් පමුදිත යද්දෙහිආරච්චි

Friday, October 15, 2021

සතුරු අඩවිය

 නැගෙනහිරෙන් අහසට නගින හිරු රාජයා පිළිවෙලින් මහ පොළොවට තම කිරණ එළාගෙන එළාගෙන එද්දි ලා කහ පාටට දිස්වෙන හාත්පස අමුතු ප්‍රබෝධයකින් ඇලලී යන්නේ කාගේ වුවද සිත් සතන් පුබුදවමිනි. විහඟුන්ගේ ගී නාදයෙන් සවන් යුග පිරී යන්නේ රැයක් පුරාවට නිදිවර්ජිතව සිටි හෙයින් දිය සිඳි  වැවකට නවතමයෙන් වතුර පුරෝනව වාගේ හැඟුමකිනි. රැයක් එළිවෙන තුරාවටම ඇසුනේ  ගමන් ගත් බසයේ යකඩ එකට එක ඇතිල්ලීමෙන් ඇතිවන ඇන්ජිමෙි ශබ්දයත්,ඉඳහිට රියැදුරා විසින් හඬවන වැකූම් නලාවෙි නාදයෙනුත්ය. බසයේ පැය හත අටක නොනවතින ගමනක නිමාවෙන් පසු කිරාන් නගරයෙන් බැසගත් මමත් බාලාත් ඒ වෙද්දි උත්සන්න වී තිබුනු කුසගින්න නිවාගනු වස් වටපිට බලමින් සිටියේ ඒ වෙද්දි නගරයේ දකුණු පසින් විවෘතව තිබුනු එකම හෝටලයේ කෑමට ඇත්තේ මොනවාදැයි විමසිල්ලක් කරන අයුරිනි. කුසගින්නත්,තිබහත්,ගමන් වෙහෙසත්, නිදිමතත් යන ඒවාගෙන් මැඩවූ ගතත් සිතත් නැවත ප්‍රකෘතිමත් කර ගැනීමට අවශ්‍ය වූ හෙයින් අපි දෙදෙනාම වහ වහා ටවුමෙි දකුණු පස පිහිටි පුල්ලෙයාර් කෝවිලේ ඉදිරිපස තිබූ ලිඳ වෙත ගොස් මළානික ගතියෙන් පෙලී තිබුනු මුහුණ අතපය තෙමා ගන්නට අදහස් කර ඒ වෙත ගියෙමු. ලිඳ අසලට ගිය මමත් බාලාත් කරේ තිබුනු ගමන් බෑගයන් එතැන බිම වැල්ල මත තබා ආඬියා ලිඳෙන් වතුර එකක් බා ගත්තෙමු. ඉන් පසු මා මුහුණ සෝදා ගන්නා තෙක් බාලා විසින්  වතුර බාල්දිය පැත්තකට මදක් ඇල කර වත් කරමින් මට සහය විනි. මාද එසේම බාලාට සහය වීමි. අත් දිගට දමා කලිසමට යට නොකර ඇඳ සිටි කමිසයේ අත් දෙක ඉහලටම ඇද දමා මුහුනත් අත් දෙකත් දෙකකුල්වල යට කොටසත් හොඳින් තෙමාගත් අපි දෙදෙනා ඊ ලඟට ඇදුනේ තේ කඩයටයි. එහි ඉදිරිපස මගේ උස ප්‍රමාණයටම තබා තිබූ වීදුරු ෂෝකේස් එකේ තට්ටු දෙකක්ම පුරවා තිබුනේ ඉඳි ආප්ප වලිනි. ෂෝකේසයේ පාන් බනිස් ලැවරිය වඩෙි ආදී දේ තිබුනත් අපි ඉඳිආප්ප ඇනවුම් කර පැත්තක තිබුනු මෙිසයක පුටු දෙකක් ඇදගෙන වාඩිවුනෙමු. මෙතැනට පැහැදිලිව හිරු පෙනේ. තාමත් පියවි ඇසින් බැලිය හැකි මට්ටමෙි ළාමක කිරණවලින් සුසැදි හිරුට තාමත් ගමෙි එක් පැත්තක් එළිය කරන්නට නොහැකි වී ඇත. මොහොතකින් ගල් කැටයකින් පහර කෑ කලෙක මෙන් මොර දෙමින් පහතින් ඉගිලී ආ කපුටන් රංචුවක් විදුලි කම්බි මත වැහුවෙි අපි සිටි කඩය දෙසම බලාගෙනය. මඳ වෙිලාවක් උන් දෙස බලා සිටි මා ෂෝකේසයේ පිඟානක හතරට කපා තිබුනු පාන් ගෙඩියෙන් පංගුවක් ගෙන සිහින් කැබලිවලට කඩා කපුටන් සිටි දෙසට විසි කළෙමි. ඒවා දුටු කපුටු රෑන පොර කමින් බිමට විත් මා විසිකල පාන් කැබලි එකින් එක අහුලාගෙන නැවතත් විදුලි කම්බි මතට ඉගිලි ගියේ අනෙකෙකුගෙන් තම ගොදුරට හානියක් නොවන්නට මෙනි. විනාඩියක කාලයක් යන්නට පෙර විසිකල සියලුම පාන් කැබලි අතුරුදහන් වී තිබුණි. නැවතත් ෂෝකේසයෙන් පාන් කාලක් ගනු දුටු අපට කෑම පිඟන් සකසමින් සිටි කඩෙි දමිළ තරුණ පහේ කාන්තාව කට හඬ අවදිකලාය.


*ඔවුන් තමා ඉස්සෙල්ලාම මෙි කඩෙිට එන්නෙ කොච්චර දුන්නත් මදි යි කීවාය.  එසේ කියමින් ඉඳිආප්ප සඳහා සම්බල්ද, බටු අල සහ හාල්මැස්සන් දමා සැකසූ හොදි දීසියක්ද ගෙනවිත් මෙිසය මත තැබුවාය. ඉන්පසු පිඟන් දෙකක්ද එතැනින්ම ගෙනත් තබා ශෝකේසයේ වට්ටියක දමා තිබූ ඉඳි ආප්ප පහේ ගොඩවල් කිහිපයක් ගණන් කර තවත් කුඩා වට්ටියකට දමා අප ඉදිරියෙන් තැබුවාය.  මමත් බාලාත් ඒ පහේ ගොඩවල් දෙක බැගින්ද හොදිද පිඟානට දමාගෙන අනාගෙන කන්නට වීමු. එසේ අපි දෙදෙනාම ඉඳි ආප්ප පනහක් කා, ප්ලේන්ටි දෙකක්ද ඇනවුම් කළෙමි. ඉන් පසු කටහඬ අවදිකල බාලා නැවතත් කාටවත් නොඇසෙන පරිද්දෙන් කතාවකට මුල පිරුවෙිය.

*උඹට මතකනෙ කියපුවා. මොනවා කිව්වත් කට පියාගෙන ඉන්න තියෙන්නෙ. මෙතන ඉඳන් කිලෝමීටර් දෙකහමාරක් විතර දුරකින් තමා ආමි රෝඩ් බ්ලොක් එක තියෙන්නෙ.

*හ්ම්. අවුලක් නෑ මචං. මට ඔිවා පුරුදුයි.

*මෙතන ඉඳන් සෑහෙන දුරක් තියෙනව මදීලගෙ අහට. ටැක්ටරයක් හරි කරත්තයක් හරි හම්බුනොත් හොඳයි. 

ටිකක් වෙලා බලමුද ඒ එකක් එනකං

*අපි හිමීට යමු බං. එකක් ආවොත් ගොඩවෙමු මම කීමි. මට වුවමනාව තිබුනේ අලුතෙන් යන මෙි ගමනේ වට පිටාවෙි සිරි නැරඹීමටයි. ජීවිතයේ තවත් එක් දැකීමක් ලබාගන්නටද මෙය කදිම අවස්ථාවකි. 

*හ්ම්.

 ප්ලේන්ටි දෙක අප අසලින් ගෙනත් තැබූ කඩෙි අක්කා අපි යන්නේ කොහාටදැයි විමසුවාය. අපි දෙදෙනා වෙිලාසනින්ම කතාකරගෙන සිටියේ කාටවත් යන එන තැන් නොපවසන ලෙසිනි. ඒ අපේ ආරක්ෂාවටය. අනෙක කාටවත් අප යන එන තැන් දැන ගැනීමට අවශ්‍යතාවයකුත් නැත.

*මෙයාලා මෙහේ අය නෙමෙි නේද? කොහේටද යන්නෙ?

*අපි මෙි ටිකක් ලඟට යන්නෙ? අක්කා මෙි පාරෙ ටැක්ටරයක් එන්න කීය ⁣විතර වෙයිද? බාලා කතාව වෙනතකට යෙමෙුකරමින් ඇගෙන් පැනයක් විමසුවෙිය.

*ඒකනං කියන්න බෑ.ඒත් මෙි දවස්වල කුඹුරු වැඩ නිසා උදේම මන්මුනෛ පැත්තට යන්න ඔිවා එනවා. ටිකක් වෙලා හිටියොත් යන්න පුලුවන් වෙයි.

*හ්ම්. මෙි පාරෙ යන්න තමා අමාරු. වැහැලවත් නෑ වගේ කාලෙකින් නේද?

*අනේ ඔව් අප්පා.. මෙහෙට වහින්නෙ කාලෙකටනෙ. තව කල් තියෙනවා වහින්න.. කුඹුරු එහෙම කැපෙන්න එපැයි. දැන්නං ටික ටික කැපෙනවා. ඔිවා ඔක්කොම කපල ඉවරත් වෙලා මාසයක් විතර යනකොට තමා වැස්ස පටන් ගන්නෙ. මල්ලිලා කොහේ ඉඳන්ද එන්නෙ??

*අපි වව්නියාවෙ. මෙහෙ මගෙ නෑදෑ කට්ටියක් ඉන්නවා එහෙ යන්නෙ අක්කා. බාලා ඇගේ පැණයට පිළිතුරු සැපයුවෙිය. 

එතැනින් ඇයත් සමග අපේ කතා බහ අවසන් විය. ප්ලෙන්ටි දෙකත් බී අවසානයේ බාලා විසින්ම ඇගේ ගණන් හිලව් බෙිරා බීඩි මිටියකුත් විට තුනකුත් අරගෙන බෑග් එකේ ඉදිරිපස සාක්කුවට දමා ගත්තේය. බාලාවත් මමවත් කවදාවත් දුම්වැටි පාවිච්චි කර නැත. එහෙත් ඔහු බීඩි මිටියක් ගත්තේ වෙනත් අරමුණකිනි. ඒ කුමකටදැයි කියා මා දනිමි. ඔහු ඒවා ගත්තේ හමුදාවෙි රෝඩ් බ්ලොක් එකේ චෙක් කරන අයටත් ඉන් පසු හමුවෙන සංවිධානේ රෝඩ් බ්ලොක් එකේ අයටත් පෙනෙන්නටය. අප දෙදෙනා එලෙස මුල ඉඳන්ම කතා වී සිටියෙමු. 


කෑම කන මෙිසය ළඟ බිම තබා තිබු අපේ තමන් බෑග් දෙක ගෙන කරේ දා ගතිමු. මෙතැනි සිට අපේ ගමනට සහාය වෙන යැක්ටරයක් හෝ කරත්තයක් එනතුරු දෙදෙනාම යා යුත්තේ පයින්ය. එය පොඩි දුරක් නොවෙි. බාලා කියූ ආකාරයට කිලෝමීටර් දහය දොළහක හා සමහර විට ඊටත් වඩා වැඩි දුරකි. කිරාන් ටවුමෙන් මන්මුනෛ පාර දිගේ මීටර් හැත්තෑ පහක් සියයක් එනවිට ගම අවසන් වෙි. ඉන් පසු ඇත්තේ විවෘත භූමියකි. බොහෝ කාලයකට ඉහත කුඹුරු කර ඇති බවට සිතිය හැකි එහෙත් දියවී ගිය නියරවල් සහිත කුඹුරු යායකි. වම් පැත්තෙන් පුංචි කඳු ගැටයකි. ඒ කඳු මුදුන සහ ඉන් එහා ජනාවාසයක් බවට පැහැදිලිව පෙනේ. මෝඩ ගඩොලෙන් බැඳ පොල් අතු හෙවිල්ලූ ගෙවල් දෙකක් අපි සිටින තැනට පැහැදිලිව පෙනේ. එක් නිවසක ඉදිරියේ රූස්ස අඹ ගස් දෙකකි. අනෙක් නිවස ඉදිරියේ තල් ගස් කිහිපයකි. මෙි පළාතේ තල් ගස් අපේ පැත්තේ පොල් ගස් වලටත් වඩා ආරක්ෂා කරන බව මා ඇත. දුවක් දීග දෙන විට දෑවැද්දට තල් ⁣ගස් දෙන බවකුත් අසා ඇතියෙමි. ඉතා දිළිඳු ලෙස ජීවිතය ගත කරන මෙි පවුල් දවසකට බඩ පිරෙන්න කන්නේ එක වෙිලකි. ඒ රෑටය. දවල් කාලයේ කුළියක් මලියක් කර හම්බ කරගන්නා දෙයින් එක් වෙිලක් හෝ දෙකක් කා ජීවිතය සරි කරගන්නේ ඉතා අමාරුවෙනි. ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැන වුවත් හැමෝටම ඒ සඳහා ඉඩ කඩම් නැත. තිබෙන කොටසේ එළවළු වර්ග කිහිපයක්, පුංචි කුඹුරු කෑල්ලක් කර ඇති හැටි මා දුර තියාම දුටුවෙමි. තවත් ටිකක් ඉදිරියට ආ විට දුටුවෙි තවත් පුංචි කෝවිලකි. වැඩිය උස නොවූත් වඩා මහත වූත් පැරණි නුග රුකක් අසලතනා තිබුනේ පුල්ලෙයාර් කෝවිලකි. ඒ කෝවිල ඇතුලේ හමුදාවෙි තිදෙනෙක් රාජකාරි යෙදී සිටින අයුරු දුටු මාත් බාලාත් ඒ දෙසම බලාගෙන ඉදිරියට ආවෙි සමහර විට අඳුරන කෙනෙක්වත් ඇතැයි යන බොළඳ සිතුවිල්ලෙනි. එහෙත් එහෙමම කිව නොහැක. ගම්පහ ප්‍රදේශයේ පදිංචි අපි දෙදෙනාට ඒ ගම් පළාතෙන් හමුදාවට බැඳුණු කෙනෙකු සිටියහොත් ඔවුන් අපව අඳුරගන්නවා නොඅනුමානය. නමුත් අපේ බලාපොරොත්තුව ඔවුන් හා කතාවට යෑම නොව  මග හැර යාමයි. අඳුරන අය සමග කුළුපග වුවහොත් අපේ ගමනේ අරමුණ මග හැරෙනු ඇති. එබැවින් හැකි තාක් ඔවුන්ගෙන් වසන් වී සිටීමට අපිට වුවමනා වෙි. 

හෙමින් හෙමින් කෝවිල ඉදිරියට ආ අප දෙදෙනා ඉන් ඉදිරියේ ඇති පාරෙන් දකුණට හැරෙනවාත් සමග කෝවිලේ සිටි අයෙක් අත්පුඩියක් ගසා අපි දෙදෙනාට අසලට කතා කළේය. මා එක්වරම තිගැස්සුනේ මොහොතකට පෙර සිතුනු දේ හැබෑ වෙලා වද්දෝයි යන හැඟීමෙනි. එක්වරම හිස හරවා එදෙස බැලූ මට ඔවුන් තිදෙනාගේ මුහුණු පැහැදිලව පෙනේ. උකුසු ඇස් වලින් මා අපට කතාකල සෙබළාටවත් නොපෙනෙන්නට විමර්ශනය කල මා ඔවුන් තිදෙනාම නොහඳුනන අය වීමෙන් සැනසුම් සුසුමක් හෙලුවෙමි.  බාලා ද මා අනුවම ඒ දේම කරනු මා දුටිවෙමි. දෙදෙනාම නැවතී දුර තියාම කතා කල සෙබළා අසලට නොයා "ඇයි සර්" යනුවෙන් විමසීමි. ඔහු නැවතත් ලඟට පැමිණෙන ලෙස අතින් සන් කර දෙදෙනාම ඔහු අසලට ගෙන්වා ගත්තේය. 

*එංග පෝරිංග?

*නාංගල් ඌරුක්කු පෝරංග ෂර්

බාලා සෙබළාගේ පැණයට පිළිතුරු දුන්නේ මදක් සිනහ සෙමිනි. 

*එන්න ෂර් කූප්පුටිංග?

ඔහු ඊළඟට කතා කලේ සිංහලෙනි. නමුත් සිංහල නොදන්නා ලෙස ඇඟවූ අපි දෙමළෙන්ම ඔහු ඇසූ පැණ වලට පිළිතුරු බැන්දෙමු. ඔහුට අවශ්‍යතාවය තිබුනේ අප දෙදෙනාගෙන් කෙනෙකු කඩයට යවා සිගරට් කිහිපයක් ගෙන්වා ගැනීමය. එහෙත් අපි දුර ගමනක් ආ බව දැනගත් ඔහු අපිට යන්නට දී අප පිටුපසින් පැමිණි වෙනත් අයෙකු නවතා ගෙන ඔහුට සිගරට් ගෙන්වා ගැනීමට මුදල් දෙන අයුරු දුටුවෙමි. එතැනින් පිටත්වුනු අපි දෙදෙනාගේ ඊලඟ කතා බහ වූයේ එයයි. කව්රුවත් අහලක පහලක නැති තැන අපි දෙදෙනා හෙමිහිට සිංහලෙන් කතාකිරීමටත් දුර තියා හෝ කෙනෙකු පැමිණෙනවා දුටුවහොත් වහාම මාතෘකාව වෙනස් කර දෙමළෙන් කතා කරන්නට කතා වී සිටියෙමු. එය අකුරටම පිළිපැදීම අප දෙදෙනාගේම අරමුණයි.

අප මන්මුනෛ පැත්තට යා යුතුනම් කෙලින් පාර දිගේ යා යුතුය. එහෙත් ඒ පාරද අල්ලා කොටු කර හමුඳා කඳවුර ස්ථාපිත කර තිබූ නිසා වැඩි පුර කිලෝ මීටර් එකහමාරක් පමණ ගෙවා වටෙන් ලොකු රවුමක් යා යුතුය. අලිට කතා කල සෙබළා සිටි තැන ඉඳන් කඳවුරට ඇත්තේ මීටර් දෙසියයක් පමණය. කඳවුරේ පළලද මීටර් සියයක් පමණ යැයි උපකල්පනය කළහොත් කඳවුර පුටුපසට ඇත්තේ මීටර් තුන් සියයකි. ඒ මීටර් තුන්සියය හෝ එතන ඉඳන් කිරාන් මාර්ග බාධකයට මීටර් සියයක් තිබුණොත් අපට එතැනට යාමටඇත්තේ මීටර් හාරසියයක් පමණ දුරකි. එහෙත් ඒ වෙනුවට අපි කිලෝමීටර් දෙකක් පමණ දුරක් ගෙනා කඳවුර වටා ඇති පාරේ වැඩි මහන්සියකින් හමුදා මාර්ග පාධකයට යා යුතුය. නමුත් අපිට ඒවාට කතා කල නොහැකිය. කළයුතු සුදුසුම දේ කට පියාගෙන යන්න තිබෙන පාරේ යෑමයි. නොයෙක් වල්පල් දොඩමින් අවට පරිසරය නරඹමින් හෙමින් හෙමින් මාර්ග බාධකය බලා ගමනේ යෙදුනෙමු. අප ආ පාරේ වම් පැත්තේ කැළයකි. විශාල තල් මංඩියක අවසානයේ කැළෑව ඇරඹෙි. ඊට ටිකක් මෙහායින් වැව් බන්ට් එකක් පෙනෙන්නට තිබුණි. වැව ඊට එහා පැත්තේය. වැව් බන්ට් එක දිගේ සයිකල් වලින් ගමන් කරන මිනිසුන් මෙතැනට පැහැදිලිව පෙනේ. වම් පැත්තේ කඳවුරයි. ඉදිරියෙන් අවසාන මාරග බාධකයද පෙනෙන්නට ඇත. එහෙත් එහි නගරය දෙසට එන්නට දිගු පෝළිමක් ඇත. පළමුවෙන් පයාන් ගමන් කරන ගැහැනු මිනිස්සුද පිටපස කරත්ත දෙකක්ද ඊළඟට වී පටවා ඇතියැයි සිතිය හැකි ට්‍රැක්ටරයක්ද නැවතත් කරත්ත කාහිපයක්ද ඇති බැවු දුටුවෙමි. තවමත් හමුදා මාර්ග බාධකය විසින් පාර විවෘත කර නැත. අපද ඒ දුටු වහාම ගමනේ වෙිගය අඩු කළෙමු. වෙිගයෙන් ගියොත් පාර අරිනතුරු එතැන සිටගෙන ඉන්නවා වෙනුවට හිමින් ගමන් කර වෙහෙසත් මදක් නිවාගෙන පාර ඇරීමට ආසන්නයේ එතැනට යාමට අදහස් කළෙමු. එසේ අප ගමන් ගද්දි එක් වරම කඩිගුලකට අළු දැම්මාක් මෙන් එතැන කළබලයක් ඇති වෙන්නට පටන් ගති. ඉන්තේරුවෙන්ම දැන් මාර්ගය විවෘත කරනු ඇති යැයි මට සිතුණි. ඒ සිතුවිල්ල නිවැරදි විය. පෝලිමෙි සිටි මිනිසුන් තම තමන් අත රැඳි මලු සහ බඩු භාහිරාදිය රැගෙන එකා පිටුපස එකා මෙන්  බඩු සහ පුද්ගලයින් පරීක්ෂා කරන තැනට යන්නට විය. අපි යන දිශාවට සිටියේ කිහිප දෙනෙක් පමණි. ඒ පා පැදි වලින් යන පිරිමි කිහිප දෙනෙකි. ඔවුන් කුඹුරු යනවා යැයි සිතිය හැකි පරිදි බයිසිකල් හැඬලයේ දෑකැත්තක් ගසා ඇත. අප දෙදෙනාද පය ටිකක් ඉක්මන් කර මාර්ග බාධකයට කිට්ටු වීමු. එහි ඇතුල් වෙන තැනට මදක් ඉදිරියෙන් ඇති  කණුවක බෝඩ් එකක් එල්ලා ඇත. එහි දෙමළ බසින් "පරිසෝදනෛ නිලයම්" යනුවෙන් සඳහන් කර ඇත.  

අපේ අවස්ථාව පැමිණි විට පළමුව බාලාත් දෙවනුව මමත් පරීක්ෂාවට ලක්වීමට ඒ සඳහා පොල් අතු කිහිපයකින් වටකොට ඇති තැනට ඇතුල්වීමට ගියෙමු. ඊට පෙර මෙිසයක් මත ගමන් මලු තබන්නට යැයි අණ කල සෙබළෙක් අපේ ගමන් මළු පිරික්සන්නට විය. බෑගයේ ඇති සෑම දේම එකාන් එක ගෙන මෙිසය මත තමා පරීක්ෂා කල ඔහු හැඳුනුම්පත ගෙන ප්‍රශ්ණ කිහිපයක් ඇසීය. ඒ දෙමළ බසිනි. මාද දෙමළ බසින්ම පිළිතුරු දුනිමි.

*නම මෙකෙද්ද?

*ගනේෂමූර්දි සදීස් කුමාර්

*කොහෙ ඉඳන්ද එන්නෙ.

*වව්නියා ඉඳල සර්.

*යන්නෙ??

*අරයා මගේ යාලුවා. එයා බඳින්න ඉන්න කෙනාගෙ දිහා යන්නෙ සර්.

*කොහෙද?

*මන්මුනෛ සර්

*රස්සාව මොකක්ද කරන?

*ඩ්‍රයිවින් ෂර්

*තමුන් ඩ්‍රයිවින් කරනවා කියලනම් පේන්න නෑ.. සිංහල දන්නවද?

*ටික ටික දන්නවා සර්

මා සිංහල ටික ටික දන්නවා යැයි කීවෙි ඔවුන් හා කතා කිරීමෙිදී බැරිවෙලාවක්වත් සිංහල වචනයක් කියවුන හොත් ඇතිවන සැකයෙන් බෙිරීම සඳහාය. ඉන්පසු ඔහු මා හා කතා කලේ සිංහලෙනි. ඒ තවත් විස්තර කිහිපයකි. ඉන්පසු මට ඉදිරියට යන්නට ඇරිය ඔහු මා යන දෙසත් බලා සිටි බැව් මා ඇස් කොනකින් දුටුවෙමි. ඔවුන් හැම තිස්සෙම විමසිලිමත්ය. පුද්ගලයෙකු ගමන් කරන විලාශයෙනුත් ඔවුන්ව මැනීම මොවුන්ට ඇති විශේෂ පුරුද්දකි. පෙනුම,කතා බහ කරන විලාශය අනුවද ඔවුන් යම් යම් තීරණ වලට එළඹෙි. ඒ ඔවුන්ගේ හැටිය. ඒ පුරුද්දනම් මටත් යස අගේට පිහිටා ඇත. එබැවින් මා මෙවැනි තැන්වල ඒ බව දැන දැනම හැසිරීමට උත්සාහ කරන එකද මාගේ පුරුද්දකි. එබැවින් වැඩි කලබලයකුත් හදිසියකුත් නුරුස්නාබවකුත් නොපෙන්වා හිමීට බොඩි චෙකප් කරන තැනට ඇතුල් වීමි. එතැන සිටි සෙබළා මොහොතක් කෙලින්ම මාගේ මුහුණ දෙස බලා සිට බෙල්ලේ සිට යටි පතුල දක්වා අතගා "හ්ම්" යනුවෙන් හරි යැයි හඟවා යන්නට අවසර දුන්නේය. ඉන් පසු අප දෙදෙනාම එතැනින් පිටවී මද දුරක් එනතුරු නිහඬවම ගම⁣න් කළෙමු.


ඒ මාර්බාධකය ඇත්තේ කළපුව අයිනේය. ඒ භූමියත් වටකර කම්බි පොටවල් කිහිපයක් ගසා තල් අතු වලින් වටෙිම ආවරණය කර තිබුණි. එතැන් සිට ආයෙත් මීටර් හැත්තෑ පහක් පමණ යා යුත්තේ කලපුව මැදින් වැටී ඇති කොන්ක්‍රීට් පාර දිගේය. නිහඬව වටපිට සිරි නරඹමින් පැමිණි අපි දෙදෙනා රෝඩ් බ්ලොක් එකට නොපෙනෙන දුරකින් තිබූ තවත් කැඩී ගිය එහෙත් මදක් ඉස්සී තිබුනු කොන්ක්‍රීට් ලෑල්ලක වාඩි වුනෙමු.


එතැන් සිට අපි දෙදෙනාම බලා සිටියේ අප යායුතු දිශාවෙන් ටවුමට එන මිනිසුන් දෙසය. කාන්තාවන් දෙතුන් දෙනා එකට එකතුවී එහෙත් වැඩි කතා බහක් නැති සෙයින් ඔවුන් ගමනේ යෙදෙති. හිස් මත විශාල උරය. ඒවාගේ ඇත්තේ රට කජුය. සමහරු අතේ හිස් මල්ලක් පමණක් ඇත. දිලිසෙන කොලපාට සාරියකිනුත් රෝස පැට හැට්ටයකිනුත් සැරසී සිටි එක් කාන්තාවක් දෙස මා බලා සිටියෙමි. මැදිවියද ඉක්මවා ඇති ඇය තරමක් කලු පෙනුමකි. සාමාන්‍ය වෙිගයකින් ගමන් කල ඈ නාසයද විද කරුඹුවක් දමා තිබුනාය. පෙනුමට වඩා මහළු බවක් පෙන්වූ ඇය කොර ගසමින් ගමන් කල නිසා ඇය සමගින් පැමිණි  අනෙක් ඈයන්ට වඩා කැපී පෙනුනාය. එබැවින් අරමුණක් නැතිවම මා ඈ දෙසම බලා හුන්නෙමි. අප අසලින් ගමන් කරද්දී දත් විලිස්සා සිනාසී අප පසුකර ගමන් කළාය. මෙි ආදී වශයෙන් කට්ටි කට්ටි පැමිණෙන කාන්තාවන් දෙසත් පා පැදිවල ගෝනි එක දෙක පටවාගෙන අමාරුවෙන් පැද ආ පිරිමි ඈයන් අප දෙසවත් නොබලා තමන්ගේ ගමනේ යෙදෙන අයුරුත් විමසිලි දෑසින් බලා සිටිමා කට හඬ අවදි කර "කොච්චර දුරකින් එන අයදැ"යි සා බාලාගෙන් විමසුවෙමි. ඒ පෙනෙන තෙක් මානයේ ගම්මානයක් ඇති සළකුණක්වත් නොමැති නිසාය. 

"ඔය ඔක්කොම අපි යන ගමෙන් එන අය. සමහර වීට ඊට එහා ඉඳන් වෙන්නත් පුලුවන්. ඔය ඔක්කෝම සතියකට සැරයක් ටවුමට යනවා. බාලා පිළිවදන් දීය. "ඔය අරන් යන රටකජු විකුණලා සතියකට ඇති වෙන්න බඩු ගේන්න යන්නේ." 


*පව් බං. ජීවිතේ ගැට ගහගන්න මෙි මිනිස්සු විඳින දුකක්

*හ්ම් එහෙම තමා බං මෙහෙ මිනිස්සු. 

*එතකොට මදීලත් එහෙමද?

*ඔව් මදීගෙ තාත්තත් ඔහොම තමා. මං කලින් ආපු වතාවක එයත් එක්ක මාත් ටවුන් ගිහින් තියේ. එයා මෙි පාරෙන් නෙමෙයි යන්නෙ. කරත්තේ රටකජු බඩ ඉරිඟු වී මිටියක් දෙකක් දාගෙන යන්නෙ අනික් පාරෙන් වාලච්චෙිනට. ඒවා එහෙට විකුණලා මාසෙකටම ඇතිවෙන්න බඩු ගේනවා.

*ඔය බඩු ගන්න මුදලාලිලා කුණු කොල්ලෙට බං බඩු ගන්නෙ. ඔය මිනිස්සු කීය වුනත් දීලා දානවා. සමහරුනං කුණුකොල්ලෙට ඉල්ලද්දි  රණ්ඩුත් වෙනවා. ඒත් අන්තිමෙි තව රුපියලක් හරි වැඩි කරගෙන තමා බඩු දෙන්නෙ. මොකෝ අරන්යන ඒවා ආපහු ගේන්න කියලෑ බං

*සිරාවටම පවු බං. අරුන්දැලා ඒවගෙන් සල්ලි ගන්නැද්ද?

එයින් අරුන්දැලා යනුවෙන් මං අදහස් කලේ සංවිධානෙ අයයි. 

*එහෙම නෑ. අස්වැන්න නෙලුවම ඒවගෙන් ගෝනියක් දෙකක් දෙනවා. ඒ ඇරෙන්න සල්ලි ගන්නෑ. බාලා ඒවා හොඳට දනී. ඒ ඔහු මීට පෙර කිහිප වතාවක්ම ⁣මදීලගෙ ගෙදර ඇවිත් ගිහින් තිබුනු නිසාය. 


බාලා අද බලන්න යන මදීලත් මෙහෙ ඉපදී හැදී වැඩුනු අය නොවෙි. ඔවුන්ගේ මුල් පදිංචිය නුවරය. මදී ඉපදුනෙත් නුවරදීය. එහෙත් මීට අවුරුදු දොලහකට පහලොවකට පමණ පෙර එහෙදි ඇතිවූ සිංහල දෙමළ ආරෝවකින් ඔවුන්ට තවත් තම ගමෙි වසන්නට බැරි තත්ත්වයක් උදාවී ඇත. ත්‍රස්තවාදී අරගලය උතුරට ⁣නැගෙනහිරට පමණක් සීමා නොවී ඒවා දකුණේ සාමාන්‍ය මිනිසුන්ට පවා බලපෑ හැටි මාද හොඳින් දනිමි. උතුරේදී හමුදා ප්‍රධානියෙක් ඇතුළු තවත් සෙබළුන් සංඛ්‍යාවක් ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මිය යෑමෙන් පසු රට පුරාම සිංහල දෙමළ ජාතීන් දෙක අතර විරසකයක් ඇරඹිනි. එය නුවරටද බලපා කෝපවුනු සිංහලයින්  මදීලගෙ ලැයිම් කාමරවලටද පැන ඔවුන්ව කපා කොටා පහර දී එළවා දමා තිබුණි. දෙදෙනෙකු මරා දමාද තිබූ බවත් එයින් කෙනෙකු මදීගේ බාප්පා කෙනෙකු බවත් මීට පෙර බාලා මා හට අවස්ථා කිහිපයකදී පවසා ඇත. එකල බිලින්ඳෙක්ව සිටි මදීවත් රැගෙන ඇයගේ දෙමව්පියන් සහ නෑදෑයින් අන්ත අසරණව යාචකයන් මෙන් අනාරක්ෂිතව නුවර ටවුමෙිත් තව තැන් තැන් වලත් කඩපිල් අගු ගානේ කුසට අහරක් නැතුව ඉබාගාතේ ඇවිදිද්දී ඔවුන්ට කන්න බොන්න දී ආරක්ෂා කොට ඇත්තේද සිංහල පවුලකි. එම දුක්බර අතීතය මා අත්විඳ හෝ දැක නොමැතිවුවත් පොතින් පතෙන් දැන උගත් කරුණු අනුව මටද සිංහලයින් එක්තරා අමනුෂ්‍ය කොට්ඨාශයක් යැයි සිතී තිබුණි. එහෙත් බොහො තැන් වලදී මෙසේ අසරණ වූ දමිළයින් ආරක්ෂා කොට තිබුණේද සිංහලයන් වීම නිසා මට ඔවුන් ගැන තිබූ පිළිකුල ඉවත දා මධ්‍යස්ථ අදහසක් දැරීමට එම සිදුවීම් උපකාර වූවා යැයි කිව හැක. අවිහිංසාව ආගම කරගත් සිංහල බෞද්ධයා ගැන පසු කාලීනව වුවත් ඔවුන් ගැන විරුද්ධ මතයක් දැරීමට වුවත් මට කවදාවත් නොහැක. එසේ වීමට ඔවුන් හා මා අතර විශාල සම්බන්ධතා ඇත. ඒ ගැන බාලාද දනී. බාලා දමිළයෙකුවුවත් උගත්තේ සිංහලයන් අතරේ සිංහල පාසැලකය. ඔහු මට වඩා උගත්ය. වසරකින් පමණ වැඩිමල්ය. මට වඩා උස මහත කලු පුද්ගලයෙකි. පිළිවෙලද සිංහල ආරටය. ඔහු දෙමළෙන් කතා කරන්නේ ඔහුගේ ගෙදරදී පමණි. අනෙක් සෑම තැන්හිම පැහැදිලි සිංහලෙන් කිසිම අඩුපාඩුවක් නොමැතිව කතා කරයි. ඔහුගේ මුළු පවුලම බෞද්ධය. ඔවුන් විසින් ගමෙි පන්සලට දෙන පේරු දාන කිහිපයකටම මාද සහභාගිවී ඇත්තෙමි. ඔහුගේ නංගීත් මල්ලීත් ඉගෙන ගත්තේ ගමෙි සිංහල ඉස්කෝලෙය. අක්කා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කර රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින්නියකි. බාලාද උසස් පෙළ සමතෙකි. නමුත් ඉන් එහා යන්නට තරම් නොකැමැත්තක් තිබූ නිසා රස්සාවට බැඳුනි. මට ඔහු හමුවන්නේ එහිදීය. හිතේ එකක් කටෙි එකක් නැති බාලා විහිළුවකටවත් බොරුවක් නොකීයුවෙකි. ආශ්‍රය කරන්නට සුදුසු සරළ චරිතයකි. ඔහු හා කතා කල මුල් දවස් කිහිපයේදිම ඔහු ගැන පැහැදීමක් ඇතිවුනු නිසා අප දෙදෙනා පසුව කුළුපග මිතුරන් වීමු. මා ඔහුගේ නිවසේත් ඔහු මගේ නිවසේත් අනන්තවත් රැය පහන් කර ඇත. ඉඳහිට කලාතුරකින් විනෝදෙට බියර් එකක් පානය කලද ඒ අප දෙදෙනා පමණි. වෙනත් මිතුරන් ඒවාට ඈඳා ගන්නේ නැත. බාලා දුප්පත්මත් නොවෙි. පොහොසතෙකුද නොවෙි. ඔහුගේ පියා සමූපකාරයේ සුළු සේවකයෙක් වන අතර මව ගෘහනියකි. නමුත් හිත හොඳ මිනිස්සුය. මදී යනු බාලාගේ පියාගේ නැගණියගේ දියණියකි. බාලාට වඩා වසර කිහිපයකින් බාලය. මදීලා සිංහල දෙමළ විරසකය නිසා අනාථව තැන තැන ඇවිද යද්දී නුවර රජවීදියේ කඩයක නාට්ටාමියෙකු ලෙස සේවය කල ⁣අද අප යන ගමෙි මිනිසෙකු හමුවී ඇත. ඔහු මදීගේ පියාගේ හොඳ මිතුරෙකි. ඒ මිතුරුකම නිසාම මුලදී මදීලාත් පසුව වරින් වර තවත් පවුල් කිහිපයකුත්  මෙසේ මන්මුනෛයි කැටුව විත් ගමෙි හිස් ඉඩමක පදිංචි කරවා ඇත. ඒ අනුව මදීලා දැන් මෙහේ ස්ථිර පදිංචිකරුවන්ය. මෙි පළාතේ සිටින්නේ අපි පවසන ආකාරයට වැලි දෙමළය. වැලි දෙමළ යනු ආදිවාසි වැදි ජනතාවකි. නමුත් ඔවුන් බොහෝ කාලයක පටන් සාමාන්‍ය ජනයා ඇසුරු කිරීමට පටන් ගත් තැන් සිට ඔවුන් හා සමාජගතවී ඔවුන්ගේ චර්යාවන් හුරුවී ඇත. එය වසරකින් දෙකකින් සිදු වූවක් නොවෙතියි බාලාම මට කියා තිබෙි. සමහර විට වසර පනහක හැටක කාලයක් තිස්සේ ඔවුන් අනුවර්ථනය වන්නට ඇත. ඊටත් වැඩි කාලයක්දැයි හරියටම කිව නොහැකි නමුත් අද තත්ත්වය එසේය. ඔවුන් සියළුම දෙනා දැන් ගොවිතැන් බත් ආදිය කරමින් සාමාන්‍ය ජීවිතයකට හිමිකම් කියයි. නමුත් බස් වහරෙහි යම් යම් වචන තාමත් ඔවුන් මුලදි කතා කල භාෂාවට සමානය. ඔවුන් මුල් කාලයේ දෙමළුන්ද සිංහලද නොවන ආදී ජන කොට්ඨාශයකි. නමුත් දැන් දෙමළ බවට පරිවර්තනය වී ඇති නිසා ඔවුන්ගේ අතීතය දන්නා වයසක කෙනෙක් හැර සාමාන්‍ය ජනයාගෙන් ඔවුන් වෙන්කර හඳුනාගත නොහැක. සමහර පුරුදුද පෙර සේමය. මෙිවා සියල්ල මා බාලාගෙන් අසා දැනගත් ඒවාය. 

මදීලා කාටවත් නොකියාම මෙහේ පදිංචියට පැමිණි පසු ඉන්නා තැනක්වත් සොයාගැනීමට නොහැකි තැන බාලාගේ පියා විසින් ඔවුන්ව සොයන්නට පටන්ගෙන තිබෙි. එහෙත් කිසිදු තොරතුරක් හොයා ගැනීමට තරම් නොහැකි තැන ඒ උත්සාහයන් අතහැර දමා තිබුණි. එයට හේතුව මෙසේ අනාථවූ පවුල් දිවයිනේ නොයෙක් නොයෙක් පැති පළාත්වලට සංක්‍රමණය වූ නිසාවෙනි. මෙසේම කිහිප දෙනෙක් ඔිමන්තෙයි හරහා යාපනයටද ගොස් තිබෙි. සමහරු තම තමන්ගේ නෑදෑ පවුල් සොයාගෙන ඒ ඒ ගම් වලටත් සමහරු නුවර එළි වතු ලැයිම් වලටත් ගොස් තිබෙි. නමුත් සම්පූර්ණයෙන්ම උත්සාහය අත් නොහල බාලාගේ පියා එවැන්කුගෙන් ලද තොරතුරක් අනුව කිහිප වරක් නුවර කඩෙික සිටින ඔවුන්ට ඉඩමක් සොයාදුන් මදීගේ පියාගේ මිතුරා සොයා පැමිණ ඇත. ඒ අනුව දවසක් දෙදෙනා මුණගැසී ඇත. ඒ මාර්ගයෙන් මදීගේ පව්ල සොයාගත් බාලාගේ පියා දෙතුන් වරක්ම බාලා සමග මෙහි පැමිණ ඇත. ඉන් පසු පාර සහ පළාත හුරුවූ බාලා තනිවම මදීලගේ ගෙදර පැමිණ ඇත. ඒ වගේම අද යන ගමනත් එවැන්නකි. අද විශේෂත්වය මෙයට මා සහභාගිවීමයි. 


අප දෙදෙනා නැවත ගමන් ඇරඹුවෙමු. මෙතැන් සිට අප යා යුත්තේ විශාල වලවල් හෑරී ඇති ගුරු පාරකය. නිරන්තරයෙන් හමා එන ක්‍රමයෙන් උණුසුම් බවට හැරෙන වාතය "හෝ..හෝ.." හඬ නගා කන් අතුලට රිංගයි. සුළඟේ වෙිගය නිසා කන් දෙක සිහින් වෙිදනාවක් දේ. එම සුළං ප්‍රවාහයන් පාර දෙපස ඇති දුහුවිලි වැදීමෙන්ම දුඹුරු පැහැයට හැරුණු කුඩා පඳුරු සහ ගස් අඹරවාගෙන පැමිණ නැවත නැවතත් පාරෙහි ඇති දුුහුවිල් අඹරවා අවුස්සාගෙන ඉහල නගී. මෙි වන විට වෙිලාවද දහවල් දහයට ආසන්න නිසා ක්‍රමයෙන් සූර්ය රශ්මියද අප ගතට දැනෙන්නට විය. ඒ වගේම ක්‍රම ක්‍රමයෙන් සුළඟේ ඇති කැළඹිල්ලද වැඩි වෙන්නට පටන් ගති. විටින් විට වෙිගයෙන් හමා එන සුළං ප්‍රවාහයත් සමග ඇඹරී ඉහල නගින දුහුවිලි වළාවෝ හාත්පසම දුඹුරු පැහැයට හරවමින් නැවතත් බිමට පතිත වෙි. සමහර විටක එම දුහුවිලි සහිත සුළං "දොක්" යන හඬින් මුලු සර්වාංගයටම පහර දේ. එවැනි විටෙක මා විසිකර දමන්නට තරම් එම සුළං වෙිගය සමත් වෙි. මෙි ජූලි මස අග සතියයි. මහ කන්නයට ලැබෙන වැසි ප්‍රමාණය මෙි සුළගෙන් මැනිය හැක. ඒ සුළඟේ වෙිගය හා පවතින කාලය අනුවය. සුළඟේ වෙිගය නිසා වැසි සමය ආරම්භවන කාලය දවස් කිහිපයක් පස්සට අදින අතර, සුළං පවතින කාලය අනුව වැස්ස පවතාන කාලය තීරණය කල හැක. මෙය යම් විද්‍යානුකූල නිර්නායකයක් නොව මිනිසුන් අත්දැකීමෙන් පවසන අයුරුය. එයද නිවැරදි වන්නට පුලුවන

 මන්ද යත් දීර්ඝ කාලයක් මුළුල්ලේ මිනිසුන් ගොවිතැන් බත් කරනුයේ මෙි අනුවය. සුළගත් සමඟ ගසා එන දුහුවිලි තැන්පත් වීම නිසා පාර දෙපසත් මදක් ඇතුලට වන්නටත් ඇති සියළුම අහු ගසුත් එරමිණියා තල් ආදී දේත් අනෙක් ගස් කොලන් ආදියත් තනිකර දුඹුරු පැහැයට හැරී ඇත. අප දෙදෙනාද මදින් මද ඒ පැහැයට හැරෙන්නට පටන් ගෙන තිබෙි. නමුත් මෙි පළාත ඉතා ලස්සනය. පාරේ වම් පසින් ඇත්තේ විශාල කුඹුරු යායකි. වැස්ස නැතත් ගොවිතැනට ඇතිවෙන්නට වතුර වාකනේරි වැවෙන් ලැබෙන බවත්, ඒ වතුර ගලා එන ඇලක් වෙල්යාය මැද හරස් අතට විහිදී ඇත. දුර තියා ඔිනෑම කෙනෙකුට ඒ ඇළක් බව තේරුම් ගැනීමට හැකි වන පරිදි ඇලඉවුර දිගේ විශාල කුඹුක් ගස් පේළියක් සරුවට වැඩී ඇත. කුඹුරු යායේ තැනින් තැන අහස සිඹින්නට මෙන් ඉහළට වැඩී ඇති තල් ගස් කිහිපයකි. මෙතැනට කලපුවද පැහැදිලිව පෙනේ. කුඹුරුයාය ඉහත්තාවෙන් පුංචියට පෙනෙන ගෙවල් කිහිපයකි. අතේ සුළැඟිල්ලේ නිය පොත්තේ තරම් කුඩාවට පෙනෙන ඒ ගෙවල්වල වහලය රතු පාටය. ඒ උළු සෙවිලි කර ඇති නිසාය. එ නිවෙස ඉදිරියෙන් පාරක් ඇති බැව් සිතේ. කුහුඹුවන් තරමෙි ප්‍රමාණයට ඔවුන් පෙනෙන්නේ අපත් ඒ පාරත් අතර පවතින දුර නිසාවෙනි. ඔවුන් පා පැදිවලින් ගමන් කරන බවද සිතාගත හැක. ඉහත්තාවෙන් කලපුවත් ඒ ගෙවල් කිහිපයත් පසුකර එද්දී ටිකක් මෙහාට වන්නට ඇත්තේ කැළයක ආරම්භයකි. වැඩි දෙනෙක් තොප්පිගල යනුවෙන් හඳුවන්වන කව් බෝයි කෙනෙකු පළඳින තොප්පියක ආකාරයට ස්වභාවික පිහිටි කන්දද මෙතැනට පැහැදිලිව පෙනේ. ඇස්මට්ටමෙන් බැලූ කල මෙි සියල්ල ම පෙනෙන්නේ ඉතාමත් අලංකාර විදියටයි. කැලෑව ආසන්නයේ තියෙන තල් මණ්ඩි දෙකක් හා තැනින් තැන වැඩී ඇති තවත් තල් ගස් නිසා ඒ සුන්දරත්වය තව තවත් තීව්‍ර වෙි. ඒ සැමට මෙහායින් නිල්ල ගැසී සරුවට වැඩී ඇති එහෙත් තාම බණ්ඩියවත් පීදී නැති විශාල කුඹුරු යාය නිසා අලංකාරත්වය සහ සුන්දරත්වය මොනවට පැහැදිලි වෙි. එය ඉතා දක්ෂ හැකියාවන්ගෙන් යුක්ත චිත්‍ර ශිල්පියෙකු ඇඳි සිතුවමක් වැන්න. ඒ සියල්ල පරයා වඩාත් ඈතින් මඩකලපුව දිසාවත් තොප්පිගලත් අතරින් දිස්වෙන විශාල කඳු පන්තියක් දිස්වෙි. නමුත් එහි හැඩය හරියට නොපෙනෙන්නේ මද්දහනට ලංව ඇති නිසා සුළං රැළි තාපකරනයට ලක්වීමෙන් ඇතිවන දිලිසීමත්, දුම්පාටට හැරී ඇති නිසාත්ය. හිරු කිරණ වැටීම නිසා දිලිසෙන ටකරන් තහඩු හෙවිලිකරන ලදැයි සිතිය හැකි නිවසක්ද ඈතින් පෙනේ. මෙිවා දුරක පිහිටියත් මධ්‍යස්ථ ඇසකින් බලන කල මෙිවා සියල්ල මදක් ලංව ටිකක් පැහැදිලිව පෙනේ. ඒ ඉදිරියෙන් ඇති තැනිතලා බිමට වඩා මදක්  ඉහලින් ඒවා පිහිටා ඇති නිසාය. 


කිරාන් හමුදා මුරපොළේ සිට මෙි වෙද්දි සෑහෙන දුරක් ගමන් කර ඇත. ඒ කිලෝමීටර්නම් කීයක්දැයි කීමට තරම් දැනුමක් අපට නැත. සමහර විට කිලෝමීටර් පහකට ආසන්න හෝ මදක් වැඩි දුරක් විය හැකිය. මෙතැන් සිට කිලෝමීටරයක් පමණ වූ දුරකින් සංවිධානයට අයත් මුරපොළක් ඇති බව නම් බාලා කීය. එයත් හිතේ තබාගෙන අප දෙදෙනා සාමාන්‍ය කතා බහෙනුත් බොහෝවිට අවට සිරි නරඹමිනුත් ගමන් කර සංවිධානයේ මුරපොළ අසලට පැමිණියෙමු. 


එම මුරපොල ඉදිරියේ සිටි සංවිධානයේ සාමාජිකයෙකු අපව ඔහු අසලට කැඳවා පරීක්ෂාවට ලං කළේය. අප හමුදා මුරපොලට පැවසූ විදිහටම මෙතැනටත් පැවසුවෙමු. එම සාමාජිකයා සිටියේ හමුදා කැලෑ ඇඳුමට සමාන දිගු කලිසමකිනුත් නිල් පාට ඉරිවලින් හීන්  කොටු වැටුනු පසුබිම සුදු අත් දිග කමිසයක් ඇඳ සෙරෙප්පු දෙකක්ද ඉදිරියෙන් කොටි ලාංඡනය එම්බ්‍රොයිඩර කර තිබූ තොප්පියක්ද දමාගෙනය. තුවක්කුවකුත් කරේ තිබිණි. එතැන සිටුවා ඇති කණුවක අවියේ මැගසින් දමන ආම්පන්න කට්ටලය එල්ලා තිබුණි. ඔහු පළමුවෙන් බාලා පරීක්ෂාකරන්නට පටන් ගත් අතර ඔහුගේ සහායට එවැනිම තවත්සාමාජිකයෙක් පැමිණ මාවත් ගමන් බෑගයත් පරීක්ෂාවට ලක් කළේය. අපි වව්නියාවෙි සිට ආ බැව් පැවසීම නිසා එකෙකු මගේ මුදල් පසුම්බියද ගෙන අදින්නට විය. එහි තුබුනේ රුපියල් හය සියයක මුදලක් පමණි. ඉතිරි මුදල් ඇත්තේ මගේ කලිසමෙි පිටුපස වම්පැත්තේ සාක්කුවෙහිය. එය මාගේ පුරුද්දකි. සන්තකයේ තිබෙන මුදල් එක් තැනකට රැස්කර තැබීම මා කවදාවත් නොකළ දෙයකි. යම් හෙයකින් ගමනකදී නොදැනුවත්ව පසුම්බිය අස්ථානගත වුවහොත් පත්වන අසීරුතාවය මගහැරවා ගැනීම පිණිස මා රස්සාව කරන්නට පටන් ගත් දින සිටම කරන දෙයකි. බෑගයේ අඇතුලේ මම පමණක් දන්නා එහෙත් කාටවත් සොයාගත නොහැකි කුඩා පොකට්ටුවක මගේ ඉතිරිමුදල් සියල්ලම සඟවා ඇත. බාලාද එසේමය. ඒ පිට කව්රුත් අප ළඟ තිබෙන මුදල් ප්‍රමාණය දැන ගන්නවාටත් හා එයින් අප ගැන ඔවුන් සිතන ආකාරයත් වෙනස් කිරීමෙි අරමුණෙනි. ඒ හැර ගමන් වියදමටත් කෑමට තේ බීමට ආදියට සරිලන මුදලක් පසුම්බියේත් කලිසම් සාක්කුවෙිත් ඇත. 

මාගේ පසුම්බියෙහි ඇති පොකට් එකින් එක විවෘත කර බැලූ ඔහු අන්තිමට මුදල් තියෙන කොටස ඇර එහි මුදල් ඇති පමණ බැලුවෙිය.ඒ රුපියල්හය සියය දැක කට කොනකට මද සිනහවක් නංවාගත් ඔහු ඒ මුදල දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බලා නැවත පසුම්බිය මට දික් කළේය. එහි තියෙන්නේ මගේ හැඳුනුම්පතත් මුදලුත් දකුණු ඉන්දීය නළු නිළියන්ගේ පිංතූර කිහිපයකුත් පුල්ලෙයාර් දෙවියන්ගේ පින්තූරයකුත් පමණි. වටිනා ලියකියවිලි කිසිවක් අප දෙදෙනා රැගෙන ආවෙි නැත. ඒවා ගෙදර ලාච්චුවක දා ඇත. 

එතැනින් පරීක්ෂා කර අවසානයේ තවත් සාමාජිකයෙකු විසින් මෙිසය මත තිබූ පොතක් දිගහැර එහි  අප දෙදෙනාගේ සියළු විස්තර සටහන් ක⁣රන ලදී. ඉන්පසු මෙි ප්‍රදේශයට පිටින් ඇතුල්වන අයගෙන් බලපත්‍ර ගාස්තු අය කරනවා යැයි පවසා එක් අයෙකුට රුපියල් සියය බැගින් රුපියල් දෙසීයක් ගෙන  තුණ්ඩුවක්ද නිකුත් කලේ ඔහු විසිනි. එම තුණ්ඩුව මෙි පළාතෙන් පිටවන තෙක් සුරක්ෂිතව ලඟතබා ගන්නා ලෙස ඔහු දැන්වීය. එයද ගෙන පසුම්බියට නවා දමාගෙන අප දෙදෙනා එතැනින් පිටවීමු. 


අප දෙදෙනා අප දෙදෙනාටම පමණක් ඇසෙන පරිදි ඔවුන්ට බැන බැන හිනා වෙවී ඉදිරියට ගමන් කළෙමු. එතැන සිව් දෙනෙකු රාජකාරියේ යෙදී සිටියහ. සිව් දෙනාම හැඳ පැලැඳ සිටියේ එකම විදියටය. තුවක්කු තැන් තැන්වලය. වටෙිට ටකරන් ගසා වහලෙට තල්අතුත් පොල් අතුත් හෙවිල්ලා තිබුනා. මුරපොළ පිහිටා තිබුණේද ඇලක් අයිනේය. එතැනින් පිටත්වුනු පසු මදීලගෙ ගෙදරට එනතෙක්ම සැරින් සැරේ සයිකල්වලද පයින්ද ට්‍රැක්ටර්වලද ගමන් කරන සංවිධානයේ සාමාජිකයින් කිහිප විටක්ම මුහුනට මුහුණ හමුවිය.නමුත් ඔවුන් අප දෙදෙනා දිහා බලනවා මිස කිසිම දෙයක විමසීමක්වත් නොකලහ. එය අපිටද අස්වැසිල්ලක් විය. උදේ ඉඳිආප්ප කඩෙන් ගත් විට තුනෙන් ඉතිරිව තිබූ අන්තිම විටද දිග හැර ගත් අප දෙනො නැවතී තවත් විටක් ඒදා මදක් එතැන නැවතී සිටියෙමු. අපි ගමන් කලේද ඒ මුරපොලෙන් වමට හැරී යට කියූ ඈතින් පෙනුන පාර දිගේය. මෙි පාර දිගේ අරලගංවිලටත් ගිය හැකි බැව් බලා කීය. ඒ සැනින් මා කීයේ යද්දි ඒ පාරෙන් යමු කියාය. මෙි වෙද්දි පයින් ඇවිත් කකුල් කෙඩෙත්තුවද හැදී ඇත. එහෙත් ගමන තාමත් අවසාන නැත. මෙි පාරත් අපි කලින් ආ පාර මෙනි. වගා ලිං ප්‍රමාණයේ හෑරුනු වලවල් මෙි පාරේද ඇත. සමහර තැන් කුඹුරේ මට්ටමටම ගිලා බැස ඇත. පාර ටිකක් පළල්ය. තැනින් තැන වැලි ගොඩැලිද  ඇත. ඒවාද බලමින් මදක් නැවතී සිටි අප දෙදෙනා නැවත ගමන් ආරම්භ කරන්නට සූදානම් වෙද්දි ඈතින් ට්‍රැක්ටරයක් එනු දැක නැවත නැවතී විමසිල්ලෙන් ඒ දෙස බැලුවෙමු. ඒ ආවෙි සංවිධානයේ ට්‍රැක්ටරයකි. ඒ නිසාම අප අත් දැම්මෙි නැත. ඒවා අනවශ්‍ය කරදර ගෙට කැන්දා ගැනීමක් වැනි යැයි සිතුනු නිසා පයින්ම ගමන් කෙරුවෙමු.  ට්‍රැක්ටරය අපව තවත් වරක් දුහුවිල් වලාවක ගිල්වමින් ආවාටත් වඩා වෙිගයෙන් අප පසු කර යන්නට විය. තවත් මීටර් පන්සියයක් පමණ ගිය තැන අප කලින් ආ පාර පැහැදිලිව පෙනේ. කලපුවද පුංචියට පෙනේ. අප ඒ පාරේ එද්දි මෙි යන පාර දුටු සේ මෙි පාරේදි ඒ ආ පාර දිස් වෙි. වටෙිම හරිම ලස්සනය. මෙි වෙද්දි ඉර මුදුන් වී ඇත. අපට පය ඉක්මන් කලානම් මෙි වෙද්දි මදීලගෙ නිවසට යන්නට හැකියාව තියෙන්නට ඇත. එහෙත් කතා බස් කරමින් අවට සිරි නරඹමින් ආනිසා ගමන කෙරුණේ මන්දගාමීවය. නමුත් වෙහෙසනම් දැනේ. තිබහද දැනේ. එහෙත් තවත් දුරක් යායුතු හෙයින් අප දෙදෙනා නැවත ගමන ඇරඹීමු. මෙි වෙද්දි අප දෙදෙනා සිටියේ සංවිධානේ මාර්ග බාධකය පසුකල නිසා සැනසුම් හුස්ම හෙලමින්ය. දැන් ඉතින් බිය විය යුතු කාරණාවක් නැත. බිය විය යුත්තේ කොතැනක කට වරදීද යන්න ගැනය. එබැවින් අප දෙදෙනා පරිස්සම් වීමට නිරන්තරයෙන්ම වග බලා ගත යුතුය. එය කිසිසේත්ම අමතක කර නැත.


තවත් සැතපුමක් පමන එද්දී පොඩි කඩයක් හමුවිය. එහිද තේ කැවිලි ආදිය ඇති බැව් දුටු නිසා  අප දෙදෙනා ඒ කඩයට ගොඩවී පසෙක තිබූ පිට ලෑල්ලක් දමා සකසාතිබූ බංකුවෙි වාඩු ගතිමු. මා කඩෙිට ඇතුළු වූ විගස වතුර වීදුරුවක් ඉල්ලාගෙන බීගෙන බීගෙන ගියෙමි. එය මදිව තවත් වතුර ජෝගුවක් ඉල්ලද්දී කඩෙි මුදලාලි මා දෙස බලා කඩෙි පිටුපස තිබූ කුඩා නිවසේ ලිඳ පෙන්වා දහඩියත් දුහුවිල්ලත් සෝදාගෙන එන ලෙස පැවසීම නිසා ඒ වතුර ජෝගුවත් බී දෙදෙනාම ඒ දෙසට ගියෙමු. මෙි වතුර කිවුල්ය. අමුතු රසකි. කිවුලනම් මට හුරුය. එහෙත් ඒ ලවණ මිශ්‍රිත කිවුලකි. සමහර විට කලපුව නිසා එසේ වන්නට ඇත. ලිඳට ගිය මමත් බාලාත් කමිසයද වෙස්ට් එකද ගලවා ගසා ලිඳ ළඟ තිබූ වැලක වනා දමා මාරුවෙන් මාරුවට වතුර බාල්දි කිහිපයකින්ම කඳ කොටසත් මුහුනත් දෑතත් සෝදා කලිසමද දණහිස තෙක් නවා කකුල් දෙකද සොදා ගතිමි. ඒ වතුරේ තිබූ සිහිලැල් බව නිසාම මද්දහනේ වුවත් නව ප්‍රබෝධයක් ගතට ඇතිවිය. මද්දහනේ වුවත් සුළඟ නිසා තවත් සිසිල් බව වැඩිවූ හෙයින් ලිඳ අතහැර දමා එන්නටද සාත් නොවුණි. එහෙත් ඉන් ගමන් විඩාව මදක් නිවාගෙන කඩයට ඇවිත් මෙිසයක් මත තබා තිබූ පුංචි වීදුරු ශෝකේසය ඇර එහි තිබූ වඩෙි කිහිපයක්ම ගෙන බාලාටත් දී කෑමට පටන් ගතිමි. මා පමණක් නඩෙි පහක්ද පෑන් කේක් දෙකක්ද වහ වහා ගිල දැමුවෙමි. මා මෙන්ම බාලාද කුලප්පුවී ඇති සෙයකි. මා කන දේම ඔහුත් වියරුවෙන් මෙන්කන්නට විය. එය හුදෙක් විනෝදය පිනිසම කරන ලද්දකි. නමුත් කුස අඩක් පිරුනි. කුඩා වතුර ජෝගු දෙකක්ම බාව් නිසා මගේ බඩ හොඳටම පිරුනි. ඉන්පසු මමම කඩෙි හරහට බඳින ලද පොල්ලක එල්ලා තිබූ කුඩා නෙස්ටමෝල්ට් සැෂේ පැකට් දෙකක් කඩා මුදලාලිට දී එය සකසා ගතිමි. එය බොන ගමන් මුදලාලි කට ඇරියේය.

*මං හිතුවෙ උඹල දෙන්නා මාවත් කයි කියල

*පිස්සුද අංකල් අපි හරක් මස් කන්නෑ යැයි මා කී විහිලුවට මුදලාලිද බුලත් කා කලු වී තිබූ දත් ටික පෙන්වා හයියෙන් හිනැහුනි. අපිද ඒ අනුව සිනාසුනෙමු. 

*උඹාලා කොහෙ යන ගමන්ද මෙි??

*සුදලාලිට මාව අඳුරගන්න බෑද. මං කීප විටක්ම මෙි කඩෙන් තේ බීල තියෙනවනේ යි මා විහිලුවට කීමි. ඒ සමග ඔහු මාදෙස මොහොතක් බලා සිට "ම්ම්හු මතකයක් නෑ" කීය. මාද "වෙන්න ඇති, මොකද මං කිව්වෙ බොරු" කී පසු ඔහු නැවතත් සිනාසුනි. මට ඇවැසිවූයේ එසේ විහිළු කර ඔහුට අප දෙදෙනා පිළිබඳ යම් මතකයක් ඇති කරලීමටයි. 

*කොහෙ ඉඳන්ද එන්නෙ?

*වව්නියා අංකල්. 

*මෛහෙ??

*මෙයා කැල්ලක් උස්සන්න ඉන්නෙ මෙහෙන්. අපි කියමුකො කසාදෙ කියලා. ආං ඒ වගේ. 

*මොන මගුලක් කියෝනවද මංදා 

*නෑ නෑ. මගුල ගන්න ඉන්නෙ මෙහෙන්. මෙයාගෙ ඇවැස්ස නෑනා මෙහෙ ඉන්නෙ.

*කව්ද?? මෙහෙ ඉන්නේ?

*බාලා කියාපංකො අංකල්ට කියා මා බාලාට මදීලගෙ විස්තර කීමට ඇරයුම් කලෙමි. මගේ ඇරයුමෙන් කටහඬ අවදිකල බාලා මදීගේ පියාගේ නම කියූ පමණින්ම මුදලාලි ඔහුව හැඳින ගෙන ඔහුගේ පව්ලේ විස්තර අපට කියන්නට විය. බැලින්නම් ඔහුද මදීගේ පියාගේ දුර ඥාතියෙකි.මදීලා මෙන්ම මෙයත් නුවර වැසියෙකි. එහෙත් වෙනත් වත්තකය. මදීලාත් එක්කම මෙහෙ පදිංචියට ආ වෙකි. ඒ නිසා ඔහු අප හා හොඳට හිතවත් විය. කතා බහෙන්ම ඔහු අහිංසක මිනිසෙක් බැවි හඳුනාගෙන අපි ඔහු හා සෑහෙන වෙලාවක් දොඩමළු වීමු. ඔහු මදීගේ නිවසට ඇති දුරත් නිවැරදිව අපට කීය. ඇගේ පියාද උදේ කරත්තයකින් වාලච්චෙිනෙ ගිය බවත් තාමත් ආපසු නොආ බවත් ඔහු එනවිට සවස්වෙන බවත් කීය. අපිටත් එතරම් හදිසියක් නොවූ නිසා නෙස්ටමෝල්ට් එක බී බෙලෙක් කෝප්පය මෙිසය මතින් තබා තවත් විටක් ඒදුවෙමු. අපි දෙදෙනාම විටට ඇබ්බැහි වී නැත. නමුත් විනෝදයට විට කන එක ඉඳහිට කරන දෙයකි. කරුංකා පුවක් හපා මගේ හකු දෙකම ඇදී රිදෙන්නට ගත්තේ දෙවෙනිවරට කෑ විටත් සමගය. ගස් බුලත් නිසා කටත් තුවලෙ ඇති සෙයක් දැනේ. පැණි දුංකල වල වැලිය. ඒවා වැලි නොහැපී කන්නටනම් සෝදාම ගත යුතුය.ඒවා කා පළපුරුද්දක් නැතත් පුරුදුවිය යුතු නිසා කන්නට වීමි. මදී හා විවාහ වෙන එක නොවෙන එක දන්නේ බාලාය. මා ඔහුගේ ලඟම මිතුරෙක් වුවත් ඒ ගැන හරියටම මටවත් කියා නැත. එය දන්නේ ඔහුමය. මාද ඒ ගැන කිසි විටෙකත් හාර හාරා අවුස්සන්නට නොගියෙමි. මා මදී දැකඇත්තේ පිංතූරයකිනි. හැබැහින් කවදාවත් මුනගැසී නැත.අද මුන ගැසෙන්නේ පළමු වතාවටය. ඇය කෙසේද, සුදුද,කලුද,උසද මහතද, ලස්සනද නැතද කියා දැනගනු වස් කුතුහලයක් ඇති බැව්නම් සැබෑවකි. නමුත් ඒවා දැනගැනීමට තරම් හදිසියක්ද මට නැත. බාලාටද ගාණක් නැති ගානය. ඉතින් මට මොන හදිසියක්ද? බාලා කියු පරිදි ඇය සාමාන්‍ය පෙළ  විභාගය සමතියෙකි. සමාජ සේවිකාවක් වශයෙන් රතු කුරුස සංවිධානයේ මසකට රුපියල් තුන් දහසක දීමනාවකට සේවය සපයන්නියෙකි. බාලා වරෙක ඇයට හොඳට උගන්වා ගතයුතුයැයි මා හා පවසා ඇත. නමුත් එම යෝජනාවට ඇය අකමැති වී ඇත්තේ උසස් අධ්‍යාපනය ලබන්නටනම් ඒ සඳහා පහසුකම් ඇති පාසැලකට යාමට ඇති දුෂ්කරතාවයයි. කිලෝ මීටර් ගණනාවක් ගෙවා කිරාන් මහාවිද්‍යාලයට හෝ ඊටත්වඩා දුරක් ගෙවා වාලච්චෙින ජාතික පාසැලට යා යුතු බැවින් ගමන් අපහසුව නිසාවෙන්ම ඇය අකමැති වී ඇත. නැතිනම් ඇයද තවත් ඉගෙන ගන්නට කැමැති එකියකි. 


පැයක පමණ කාලයක් කඩෙි ගතකල අප දෙදෙනා නැවත එළියට බැසිමි. ඒ මුදලාලිද හොඳට හිතවත් වූ පසුය. ඔහු කී පරිදි ගමනාන්තයට තවත් කිලෝ මීටර් තුනක් පමණ යා යුතුය. මද්දහන නොවුනිනම් එය එච්චර ගාණක් නොවෙි. නමුත් හිරු මුදාහරින පීඩාවෙන් තැවෙමින් හෙමින් යන ගමනකි මෙි. අප කඩයත් පසුකර ටික දුරක් පැමිණි පසු පා පැදියකින් ආ සංවිධානයේ සාමාජිකාවන් දෙදෙනෙකු අප අසලින්ම සයිකලය නවතා "කොහෙද යන්නේ"යි විමසීය. සයිකලයෙන් නොබැසම විමසූ පැණයට අපි යන තැන පැවසුවෙමි. තවත් පැණ කිහිපයක් විමසා එයට පිළිතුරු දුන් පසු ඔවුන් දෙදෙනා යන්නට ගියාය. ඒ දෙදෙනාම පිළිවෙළකට කැලෑ ඇඳුම ඇඳ සිටි දෙදෙනෙකි. නමුත් පයට සෙරෙප්පු දා ඉනට හමුදාවෙන් බඳින ⁣ප්‍රමාණයේ ඒ වගේම බඳපටියක් දමා කොණ්ඩය කොටට කපා තිබුණි. සයිකලයේ පිටුපස ගමන් ගත් සාමාජිකාව මා දුටු ආකාරයට ටිකක් පිළිවෙළකට සිටින එකියකි. පෙනුමද කලුත් සුදුත් නොවන  ප්‍රියංකරය තළෙළු පැහැයක් ඇත්තියකි.මුහුනද වටකුරුය. අපගෙන් විස්තර විමසූයේ ඇයයි. ඇය කතා කරන විටදි කටහඬත් පැහැදිලිය. ඒ කට හඬද අණක් නියෝගයක් කරන පරිදි හඬෙහි තාලය  උස් පහත් කරමින් කතා කල නිසාම  හා කතාකල ඒ විනාඩි කිහිපයේදිම ඈ ගැන පැහැදීමක් ඇතිවිය. උසට සරිලන ලෙස මහතද ප්‍රියංකරභාවයද නිසා  අපේ භාෂාවෙන් කියතහොත් පට්ට පිට් ඇඟක් ඇති හැඩවත් එකියකි. ඒ එහෙමයි කියා ඈ ගැන සිතක් ඇති කරගන්නට තරම් මා මෝඩයෙකු නොවෙි. ඇය රටක රජයට විරුද්ධව කැරළි ගසන සංවිධානයක මිත්‍යා අදහසකට යටවූ තැනැත්තියකි. ඇය එම සංවිධානයට එක්වූ අයුරු මා නොදන්නෙමි. එහෙත් කුමණ අයුරකින් කුමන අරුතකින් අරමුණකින් සංවිධානයට බැඳුනද සැබෑ මිථ්‍යාව යනු එයයි. ඇත්ත හංගා බොරුව උලුප්පා, සිදුනොවූ දේවල් සිදුවූ ආකාරයට පවසා, මනස වෙනස් කිරීමකට භාජනය කර, ඔහු හෝ ඇය අහිංසක ජන කොට්ඨාශ වෙත භීෂණය මුදා හරින සංවිධානයක සාමාජිකයෙකු හෝ  සාමාජිකාවක කර ඔවුන්ව සන්නද්ධ කර සහ කරන මෙවැනි අපරාධ නියම අපරාධ වන බව මාගේ හැඟීමයි. එය තමන් ලද  මිනිසත් භවෙි මිනිසත්කම නොමිනිසත් කමට හරවාගත්තෙකි. යහපතෙන් අයහපත තෝරා ගත්තෙකි. සාමය පටලවා ගත්තෙකි. කිසියම් අයෙකු විසින් දරුවෙකු හය හතර තේරෙන අවධියෙහි  මනස වෙනස් කිරීමකට භාජනය කර තමන්ගේ හෝ තමාද යටත් නායකයෙකුගේ අරමුණක් මුදුන්පත්කරවා ගැනීමට විනාශයට භාජනය කරවන්නෙකි. ඒ වගේම සත්‍ය තේරුම් නොගෙන ඒ ප්‍රවාහයට එකතු වීමම මිත්‍යාවකි. පසු කලෙක රාත්‍රියකදී මටත් ඒ සංවිධානයේ මෙවැනිම දේශණයකට සහභාගිවීමට අවස්ථාව ලැබුණි. මම කියා නැත. හරි දේ වැරදි දේ තේරුම් ගෙන සිටි මමද මිථ්‍යාව සහ විද්‍යාව යනු කුමක්දැයි හොඳින් දැන සිටි මගේ මනසද ඒ දේශණය අවසානයේ වෙනස් වෙන්නට හැකියාව තිබුණි. එතරම්ම ඔවුන්ගේ මෙි ක්‍රියාවළිය සංකීර්ණය. ඇපැහැදිලි කම සඟවා පැහැදිලි දිය ගලන ඇලක් දොලක් මෙන් වචන ගලපා ගලා යන්නට ඉඩ සලස්සන ඔවුන් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ත්‍රස්තවාදීහුය. එම කතාව අවසානයේ දේශකයාද ඔහුගේ සංවිධානයද මෙි නොදරුවන් ඉදිරියේ වීරයන් වී අවසන්ය.  කෙනෙකුගේ යම් අරමුණක් මුදුන්පත්කරවා ගැනීම උදෙසා මහත් ධනස්කන්ධයක් වැයකර මිනිසුන් රවටන,මිනී මරන, සාමය සමගිය ඇති රටක් අනාරක්ෂිත කරන දේශපාලන  අරමුණු උදෙසා එවැනි රටක මහජනතාව වෙත භීෂණය, බලහත්කාරය, මුදාහරින ඔවුන්ට ඒ හැර වෙනත් අර්ථයක් දිය හැකිද?. එම දේශණයේ අවසානයේදී යමක් දැන සිටි මාද වෙනස් විය හැකි බවට මටම මහ බියක් දැනුනි. එතරම්ම ඔවුන් උපායශීලිය. වැඩ පිළිවෙළ සංකීර්ණය . නමුත් ඒ කල කී දේ සමානුපාතිකව එක් එක් මතයන්ට හා සිදුවීම්වලට සමකර බැලීමෙිදී අවසානයේ මටනම් ඇතිවුණේ මහත්ම වූ පිළිකුළකි. ඒ වගේම මෙි මිනිසුන් කෙරෙහි දුකකි. ඔවුන් සියල්ලෝම ඊනියා අරමුණකට කැමැත්තෙන් සම්බන්ධ වූවන් නොවෙති. සියයට හැත්තෑපහකටත් වඩා ප්‍රථිශතයක් බලහත්කාරය නිසාම ඒ ප්‍රවාහයට එකතු වූවන්ය. මා සිතන පරිදි මට හැඟෙන පරිදි එම සංවිධානයේ නායකයාද වෙන කාගේ හෝ ගැත්තෙකි. නැතිනම් අතකොළුවකි. දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මකවන රොබෝවෙකි. කව්රු හෝ වෙිවා ඔහු විදේශපාලනයක අරමුණකට මෙන්ම මෙරට දේශපාලනයේද අනුහසින් ක්‍රියාත්මකවන පඹයෙක්ද විය හැකිය. ඒවා හරියටම මා නොදන්නා නමුත් එක දෙයක් ඉන්තේරුවෙන්ම කිව හැකිය. ඒ ත්‍රස්තවාදය මෙරටෙහි ඔඩුදුවා අවසන් බවය. රටෙහි ජනජීවිතය පවා අනතුරකට භාජනය කර ඔවුන්වද රටද මහත් විනාශයකට තල්ලු කර රට දශක ගණනාවක් ආපස්සට තල්ලු කර ඇති බවය. 


ඔවුන් ගියපසු බාලාද මා දෙසට හැරී කට මදක් ඇදකර දෙවුර හකුළුවා දෑත් දිගුකර "අනේ මංදා බං" යන්න ඉඟියකින් පෑවාය. එයට මද සිනහවකින් පිළිතුරු දුන් මා මීට පෙර කර ඇති පරිදි චංචල මනස නිශ්චල කරගැනීමට උත්සාහ කළෙමි. මගේ මනස චංචල වන්නේ සංවිධානය මට යන්තමින් හුරුවුවත් මෙහි සිටින සාමාජිකයින් නුපුරුදු නිසාවෙනි. මා මීට පෙර අවස්ථා කිහිපයකදීම උතුරු පළාතේ ඔවුන් හා කතාබස් කර ඇතියෙමි. ඒ පුරුද්ද සිහිකර මනස නිශ්චල කරගැනීමට මට හොඳට පුළුවන. බාලාට මදී බලනවාට වඩා අපි දෙන්නටම ඊටත් වඩා ලොකු අරමුණක් ඇතිව අපි දෙදෙනාම මදීව බලන්නට ආමු. මදීට බාලාගේ පැමිණීම විශේෂ වුවද අපට විශේෂවූයේ අනෙකකි. ඒ අරමුණ සාක්ෂාත් කරගැනීම පිණිස අප දෙදෙනා මෙහි මාස කිහිපයක් රැඳී සිටිය යුතුවෙි. කොටින්ම කියතහොත් මෙතනදි වූයේ වෙනත් අරමුණක් උදෙසා මදීවත් ඔවුන්ගේ පවුලත් පාවිච්චි කිරීමක් මිස ඒ අනුව මදීව බලන්නට පැමිණිමකි. 


අප මදීගේ නිවසට ගොඩවූයේ දවල් දෙකට පමණය. ඉතාමත් උණුසුම්ව සහ උපරිම සතුටකින් අපව පිළිගත් මදී සහ ඇගේ මව ලහි ලහියේ අපට දවල්ට කෑම සකසන්නට විය. මදීගේ නිවස එක් කාමරයකින් සාලයකින් සහ කුස්සියකින් සමන්විත කුඩා එකකි. කුස්සයද සාලයටම ඈඳා එහෙත් බිත්තියකින් වෙන්කර ඇත. හරි හතරැස් එම නිවස ඔවුන් සෑදූවක් නොව කැනඩාව මූලස්ථානය කරගත් රාජ්‍ය සංවිධානයකින්හදා දුන්නකි. මෙි ගමෙි ගෙවල් වාස්සක් පමණඇත. ඒ සියළුම ගෙවල් මෙි ආකාරයේම ඒවාය. නමුත් තනි ඉරකට අනුව එක කෙලින් පොඩ්ඩක්වත් එහාට මෙහාට නොවන්නට තනා ඇත. මෙ ගමෙි මෙවැනිම ගෙවල් පේලි දෙකක් ඇත. ඉඩම අක්කර භාගයක් පමණ විශාල ඇත. ගෙමිදුලෙහි පල හටගත් විශාල දෙළුම් ගසකි. පොල් ගස් කිහිපයක්ද තල්ගස් දෙකක්ද මිදුලේ ඇත. පල හට නොගත් කටු අනෝදා ගසකුත් ගේ පිටුපසට වන්නට තිබෙි. ලිඳ ආඬියා ලිං ක්‍රමෙිට සැදූවකි. මදීද මා සිතේ ඇඳි රුවට වඩා පැහැපත් හැඩකාර යුවතියකි. එදා ඉරිදාවක් නිසා මදීටද නිවාඩු දවසකි. සාමාන්‍ය උස ඇතියෙකි. වරළස දණහිස තෙක් දිගය. කතා කරද්දී නිතරම සිනහවෙන් කතා කරන්නියෙකි. සමාජශීලී කෙල්ලකැයි මට සිතේ. නලලත ඇති කළු පැහැ තිලකයෙන් ඇය තවත් සුන්දර ලෙස බලන්නෙකුට පෙනේ

මට ප්‍රශ්ණයක්වූයේ තරුණ කෙල්ලක් සිටින නිවසක තමන්ගේ මස්සිනාත් වුවත් තරුණයෙකු සමග ආගන්තුක තවත් තරුණයෙකුට මෙවැනි කුඩා නිවසක මාස කිහිපයක් එකට විසිය හැකිද යන්නයි. එහෙත් කෙසේ හෝ අඩුපාඩු පිරිමසා ගත යුතුය. අපි එතරම් කාලයක් මෙහි නතරවී සිටින බව ඔවුන් කිසිවෙකු තාම නොදනී. දැනගත්විට මදීගේ මව පියා විසින් කුමණ තීරණයක් ගනු ඇතිදයි නම් නොදනිමි. නමුත් වෙන නිවසක හෝ අප නැවතී සිටිය යුතුය. 


 මදී විසින් සාදා දුන් ⁣සිසිල් බීම එක පානය කර බාලාත් මමත් මදීගේ මවගේ ඇරයුම පිට මිදුලේ තිබූ ලිඳට ගොස් හොඳට නා ගතිමි. ඒවා කිවුල් වතුර නිසා හරියට සබන් ගෑවෙන්නේද නැත. එහෙත් දුඹුරු පාටට හැරී තිබූ අප දෙදෙනා නෑමෙන් පසු සුපුරුදු පැහැයට ආවෙමි. පොල් අතුවලින් වටකර තිබූ ලිඳ වටා පිටතින් කෙසෙල් පඳුරුත් සරුසාරෙට වැඩී තිබුණි. සුදු මල් ගසකුත් පොල් අතු වැටට ඇතුලතින් සිටුවා තිබුණි. මෙහි මිදුල සම්පූර්ණම වැල්ලය. අප ඇඳගෙන ආ ඇඳුම්ද සෝදා වෙිලෙන්නට දමා ඇඳුම් මාරුකරගෙන ගෙට ගොඩ වීමු. තවත් ටික වෙලාවකින් පසු අපට දහවල් කෑම ලැබුණි. ගෙයි තිබූ එකම මෙිසය මත කෑම බෙදු පිඟන් දෙකත් වතුර ජෝගුවකුත් වීදුරුවකුත් ගෙනත් තැබූ මදීත් ඇගේ අම්මාත් ඉන්පසු අප හා ආගිය විස්තරත් පවුල්වල විසිතරත් කතා කරන්නට විය. මදීගේ අම්මා විසින් සකසා තිබූ කෑම වෙිල ඉතා රසවත් එකක් විය. බණ්ඩක්කා හා වැව් කරවල එකට දමා තෙල්දැමූ ව්‍යාංජනයක්ද, වෙනමම වැව් කරවල ව්‍යාංජනයක්ද පරිප්පු ව්‍යාංජනයක්ද සකසා තිබුණි. අළුත් හාලේ බතට ඒවා හරිම රසවත්ය. ඔවුන් හා දොඩමළු වෙමින් බඩ පිරෙන තෙක් දිවා ආහාරය ගත් අප දෙදෙනා මදී සමග මිදුලට බැස වෙනම කතාවකට මුල පිරුවෙමු. මදී කතා කරන විදියනම් හරිම අපූරුය. කටින් පිටවෙන වචනයක් පාසා මුහුනෙන් ඉරියව්ද පාමින් කල කතා බහ මා බලා සිටියේ ආශාවෙනි. එය කලාතුරකින් ගැහැණු ලමයෙකුට පිහිටන වෙනම කලාවකි. හිනාවෙනවිට දෙකම්මුල් වල ගැසෙන ලක්ෂණය ඇයටත් පිහිටා තිබුණි. සුදුමත් නොවන අමුතු පැහැපත් සමක් හිමි ඇය හිස පිටුපසට ගොනුකර තිබුනු වරලස මුදා හැරිය විට ඇගේ සුන්දරත්වය තවත් වැඩිවෙි. ඇය දෙස බලාගෙන මාද ඔවුන්ගේ කතාවට සහභාගිවුනෙමි. ඉතාමත් කුළුපගව අපත් සමග කතාකල ඇය මා ගැනද වැඩිදුර විස්තර විමසන්නට විය. ඒවාටද කලින්ම සූදානම් කරගත් පිළිතුරු මා පිළිවදන් ලෙස දුනිමි. ඒ අතර තුර බාලා අප ටික දවසක් මෙහේ නවතින බැව් කී පසුනම් ඇය මදක් නිහඬ විය. සමහරවිට අපට දෙන්නට පහසුකම් ඇගේ පුංචි නිවසේ නැති නිසා වන්නට ඇත. එහෙත් අපට එහෙම සැප පහසුකම් අවශ්‍ය නැත. කන්නට ලැබෙනවානම් මිදුලේ හරි නිදාගත හැක. කෑම වලටද අපට වියදම් කල හැක. සම්පූර්ණ කාලයටම සරිලන ලෙස මුදලක් අප සතුව නැතත් නැවතී සිටින කාලය තුල ගොයම් වැඩ වුව අපට කල හැකිය. මාද ගොවියෙකුගේ පුතෙකු හෙයින් ඒ වැඩ මටද හොඳට හුරු පුරුදුය. අපට අවශ්‍ය නැවතීමට පමණි. රස්සාවක් සොයා ගැනීමට නොහැකි වුවහොත් බැංකු ගිණුමෙන් වුවද  මුදල් ගත හැක. අප ටික දවසක් නැවතී සිටිනවා යැයි කී පසු මදී එය තම පියාගෙන් විමසන ලෙස දැනුම් දුන් නිසා ඒ ගැන වැඩි දුරටත් කතා නොකලෙමු. අපගේ අරමුණත් මෙහිම නැවතීම නොවෙි. ඒවාටද සැලසුමක් ඇත. මන්ද යත් බාලා මෙි නිවසේ තරම දන්නා හෙයින් ඒවා ඔහු විසින් කල්වෙිලා ඇතුවම සැලසුම් කර තිබුණි. ඒවා ගැන වැඩිදුරටත් අප නොසිතුවෙි සමහර සැලසුම් අපි හිතනවාට වඩා වෙනස් විය හැකි බැවින් එන විදියකට මුහුණ දෙනවා යැයිද සිතා සිටි බැවිනි.



ම.ස.


(සතුරු අඩවිය මගේ පොතෙනි.තාම සංස්කරණය කර නොමැත)