Sunday, September 26, 2021

කෝප්‍රල් චමිල

 මෙික කෑගල්ලෙදි වෙච්චි සිදුවීමක්. 


සිංහලයට හැමදේම මතක සතියයි කියල කතාවක් තියෙනවනෙ. ඒ කතාවනම් සහතික ඇත්ත. නැත්තං අවුරුදු 73ක් අපි රටක් විදියට පාවෙයිද. යුද්දෙ මතකයත් 2014 විතර වෙනකොට ගොඩක් අයට අමතකවී යන ගතියක් තිබුනෙ. කොටින්ම සෙබළා අමතකවී යාම. හමුදාව මතක් වෙන්නනං ඉතින් ජාතික ව්‍යසනයක් එන්නම ඔිනනෙ. මෙිකත් ඒ වගේ කතාවක්. 


අපේ හිටියා චමිල(ඇත්ත නම නෙමෙි) කියල කොල්ලෙක්. එයා ආබාධිතයි. කකුලක් ටිකක් අවුල් හිංද ක්ලැචස් එකක් පාවිච්චි කලා. මෙයාගෙ විශේෂයක් තියෙනව.  එයාගෙ වෘෂණ කෝෂ දෙකම නෑ. ඒ  ටෙරා විසින් ගහපු මෝටාරයකින් බෙිරෙන්න මෙයා ඒ දෙකට කවර් වෙලා අනිත් එක බෙල්ට් එකක් විදියට ඉන වටෙි ඔතාගෙන ඉඳලා තමා බෙිරිලා තියෙන්නෙ. "බිජ්ජා" කිව්වම නහුතෙටම තද වෙනවා.දවසක් බ්‍රිගේඩ් එකට රාජකාරි සඳහා 8එස්ආර් එකෙන් යා කරපු අලුත් කොල්ලෙක් අතේ ජෝක් එකට මං "බීජ වස්තුට" එන්න කියල බිලට් එකට පණිවිඩයක් යවල ඌ ගිහින් මුගෙන්ම අහලා "බීජ වස්තු කියන්නෙ කෞද" කියලා. එසැනින් ඌ  මූට තොල පැලෙන්න මුෂ්ඨි ප්‍රහාරයක් එල්ල කරල හෙන කේස් එකක් ගියා. කව්ද කිව්වෙ කියල අහපුවම "සැරයන් ආරච්චි" කිව්වෙ කිව්වම ආයෙ අමුතුවෙන් තද වෙලා තව එකක් ඇනලා. කොල්ලා අඬාගෙන ඇවිත් මා ඉස්සරහ අඳෝනාව කියද්දි ඒ වෙද්දි රේඩියෝ රෑම් එකේ මා එක්ක ටිකක් ඇවිලිලා හිටපු ප්‍රමානි 111 තුමාට ආයෙත් අළුතෙන් මළපැනල මාව රේඩියෝ රූම් එකෙනුත් පැය දෙකක් දොට්ට දාල තිබුනා. කොහොමවුනත් වෘෂණ වලින් නිපදවෙන හෝමෝන මෙයාට කෘතිමව මාසෙකට සැරයක් දෙනවා.එහෙම තමා මෙයා ජීවත් වෙන්නෙ. ඒ අර ඉන්ජෙක්ෂන් එකක් විදිහට විදින බෙිතෙන්. පස්සෙ හැම මාසෙ ගානෙම මිලිටරි රෝහලට යෑමෙි අපහසුතාවය නිසාම  ඒක මෙයාට විදගන්න කියල අවුරුද්දකට ඇති වෙන්න බෙිත් දීල තිබුනෙ. 


ඒ 2015 සිංහල අවුරුදු සමය. මෙි දවස්වලට රෙදි කඩ පිරෙන්නෙ ඔිසෙට, හරියට ගංවතුරක් ගලනවා වාගෙ. මෙයත් දවසක් රෙදි ගන්න කෑගල්ලෙ ටවුමට ත්‍රීවීල් එකෙන් ගිහින්. වීල් එක පාක් කරන්න තැනක් නැති නිසා ත්‍රීවීල් හයර් යන පාක් එකේ කොනක නවත්තගෙන ඉඳලා වයිෆ් රෙදි තෝරගෙන එනකම්. එහෙම ඉද්දි වීල් පාර්ක් එකේ ඈයන් කිහිප දෙනෙක් මෙයා දිහා අමුතුවට බලලා, අනංමනං කියලා. ඒ කියපු වචනයක් දුරදිග ගිහින් ⁣අපේ කෝප්‍රල් උන්ටත් මොකක් හරි කියලා. ඒ අස්සෙ එකෙක් මෙයාගෙ කනට ගහලා, වීල් එකෙන් එළියට ඇදලා දාලා, කොල්ලා වැටිලා. මෙයා එසැනින් වයිෆ්වත් එකතු කරගෙන කෑම්ප් එකට ඇවිත් මෙිජර් පාලන භකාස තුමාට සිදුවීම කියල. ඒ වෙනකොට එක්ස්චෙින්ජ් එකේ කොල්ල දවල් කෑමට යවල මම එතැන ඉඳගෙන හිටියෙ. මෙිජර් පාලන භකාස තුමා කියන්නෙ සුපිරි චරිතයක්. ඔිවගේ කේස් පේන්න බෑ. මෙතුමාම තමා මම මුතියන්කට්ටු කෑම්ප් එකේ ඉද්දි මෙිජර් ක්‍රීෂාන් සර්ව හොස්පිට්ල් එක්ක යන්න 643 බසේමු වාහනයක් ඉල්ලගෙන එන්න මහ රෑ යද්දි එහෙත්  මෙිජර්(A/Q) හිටියෙ. ඒ නිසා අපි දෙන්න අතර හැඳුනුම් කමකුත් තිබුනා. ඒ මෙිජර් කොඩිප්පිලි සර්. මෙතුමා මට ඒ වෙලාවෙම කෝල් එකක් අරන් කිව්වා හැකි ඉක්මනින් ආර්එස්එම් එක්ක ඇවිත් එයාව හම්බවෙන්න කියලා. මාත් ආර්එස්එම් එක්ක ගිහින් සර්ව හම්බවුනා. එතකොට තමා අපිත් සීන් එක දන්නෙ. සර්ටනම් අන්තෙටම කේන්ති ගිහින් හිටියෙ. ආර්එස්එම් දැක්ක ගමන් කිව්වා අපි දෙන්නට තව කොල්ලො දහ දොළොස් දෙනෙකුත් අරගෙන ට්‍රක් එකයි ලෑන්ඩ් රෝවර් එකයි අරන් හැකි ඉක්මනට එන්න කියලා. එතකොට අපේ බළසේණාධිපති කෙනෙක් හිටියෙ නෑ. එතුමා ට්‍රාන්ස්ෆර් ගිහින් අලුත් කෙනෙක් ඇවිත් හිටියෙ නෑ. ඒ වෙනුවට වැඩ බැලුවෙ උකුවෙල මාතලේ 8 වන ගජබා රෙජිමෙින්තුවෙ අණදෙන නිළධාරි තුමා. අපිත් හැකි උපරිම වෙිගෙන් දහ දොලොස් දෙනා වෙනුවට හොඳ කොල්ලො පහලොස් දෙනෙක්ම ට්‍රක් එකට ලෑස්ති කරල දා ගත්තා. මට බිලට් එකට ගිහින්  "බිජ්ජට වීල් පාක් එකේ එකෙක් වනලලු ආං" කියල ඉවර වෙන්න හම්බුනේ නෑ, ඒක ඇහෙන ඇහෙන  එකා පොලුත් එක්කම ඇවිත් ට්‍රක් එකට නැග්ගා.  අපිටනම් ඉතින් ඒව උප්පත්තියෙන් පිහිටපුවාද කොහෙද. ඉස්සරලා සර්රුයි ආර්එස්එම්මුයි ලෑන්ඩ්රෝවරේත් කොල්ලොයි මමයි ට්‍රක් එකෙනුත් ගියා. ගිහින් සිදුවීම වෙච්චි තැන "කාස්" ගාල නැවැත්තුවා. අපේ ට්‍රක් එකයි ලෑන්ඩ් රෝවරෙයි එක තැන නවත්තලා පොලුත් අරගෙන කොල්ලො ටික පනිද්දි මුලු ටවුමම තුෂ්නිම්භූත වෙලා ගියා. ට්‍රැෆික් පොලිසියත් එතැන හිටියා. එවුන්දැල ටිකක් දුරකින් හිටියෙ. සර් බීජ වස්තුත් ඉස්සර කරගෙන පාර පනිද්දි ත්‍රීවීල් කාරයො ටික සැනෙකින් වාෂ්ප වෙන්න පටන් ගත්තා. අපිත් ඇරියෙ නෑ. යන හැම එකාවම පැනලා ගහන්න හදලා බය කරලා නවත්ත ගත්තා. දැන් නඩුව විසඳීම. හොඳ වෙලාව කියන්නෙ එතකොටත් ගහපු දෙතුන් දෙනා එතන හිටියා. සර් පැන්න ගමන් චමිල්ට ගහපු ඒකාට ගහගෙන ගහගෙන ගියා. මට මතකයි ත්‍රීවීල් එකෙන් ඇදල දාපු එකාට ආර්එස්එම් "ෆ්ලයින් කික්" එකක් දෙනවා.  හම්මට සිරිවුනා කියන්නෙ ඊට පස්සෙ අපේ වුන්ටත් අතපය නිකං තියා ඉන්න බෑනෙ, හැරිච්චි හැරිච්චි අතේ වීල් කාරයන්ට නෙලන්න පටන් ගත්තා.  සමහරු වැන්දා. මටත් රත් වෙච්චි තැටියෙන් රොටියක් දාගත්තොත් හොඳයි කියල හිතුනු හිංදා පැනල යන්න හදපු එකෙක් අල්ලගෙන කනටත් දෙකක් ගහලා බඩටත් ඇනලා ෂර්ට් එකෙන් ඇදගෙන ඇවිත් පාර මැද්දෙම ඉන්දුවා. එතකොටයි දැක්කෙ අපේ තුන් දෙනෙක් අරූගෙ ත්‍රීව්ල් එක උස්සලා අතාරින්න හදනවා. ඒ වෙලාවෙ මං කෑ ගහල කිව්වා "වාහනවලට මුකුත් කරන්න එපා" කියලා.මොනා වුනත් හම්බකරන් කන වාහනනෙ. අනික අනුන්ගෙ එකක් වුනත් මං වාහන වලට ආසයි. මෙි වෙනකොට පාරේ වාහන ඔක්කොම නැවතිලා. මිනිස්සු "ආමි එකෙන් ගහනවා ආමි එකෙන් ගහනවා" කියල හිස් ලූ ලූ  අත දුවන්න පටන් ගත්තා. මාත් තිබ්බ කලබලේට යුනිෆෝම් ෂර්ට් එක ගලවල දාල ටීෂර්ට් එකක් ඇඳගෙන ඇවිත් හිටියෙ. අපි ඔක්කොම එහෙමයි. සර් වෙස්ට් එකට අඳින ටීෂර්ට් එක පිටින් ඇවිත් හිටියෙ. කොහොම හරි කේස් එක ඒඑස්පී දක්වා ගිහින් ඒ ඔක්කෝම අපි ඉන්න තැනට ආවා. අපේ ප්ලෑන තිබුනෙ "බැස්සා,ගැහුවා,පැන්නා" තියරියක්. ඒත් ඒඑස්පී සර්ගෙ හිතවතෙක් හින්දා පනින එක ටිකක් බ්‍රෙික්වුනා. දැන් මුලු පොලිසියම ටවුන් එකේ. අන්තිමෙිදි අපේ බීජ වස්තුට ගහපු තුන්දෙනා සමාව ගත්තා. ඊට පස්සෙ පොලිසියෙ එච්ඔිඅයිට නීති කටයුතු කරන්න භාරදීලා අපි එන්න ආවා. එදායින් පස්සෙ කවදාවත් හමුදාවට විරුද්දව ටවුන් එකේ මුකුත් වුනේ නෑ. 



ඔහොම ටික කාලයක් යද්දි තමා මට මළගෙදරක් සෙට්වෙන්නෙ මාවනැල්ලෙ. මාවනැල්ලෙ කිව්වට උතුවන්කන්දෙ දෙහිමඩුව ගමෙි. ඒ අපේ අම්මගෙ එක කුස උපන් මල්ලි. එයා නැතිවෙලා. මං එතකොටත් කෑගල්ලෙ කඳවුරේ හිටියෙ. අපිත් දඩබඩ ගාල තිබ්බ වැඩ ඔක්කෝම පස්සට දාල එහෙ ගියා. අපි ගිහින් ශෝක වෙලා අම්මයි අක්කලයි අඬලා එහෙම එලියට ඇවිත් ඉද්දි මට ටිකක් විතර දැකල පුරුදු මූනක් සෙට්වුනා. ඒක සෙට්වුනෙත් ඌ තව කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක සැරින් සැරේ මා දිහා බල බල මොනාද කිය කිය හිටපු හිංද. මං ඒ මූන මතකයට නඟාගන්න කොච්චර උත්සාහ කලත් බැරිවුනා. පස්සෙ මම හීන් සැරේ මාමගෙ පුතා, මගෙ මල්ලිගෙන් ඒ කව්ද කියල ඇහුව. ඒ මාමගෙ බාල දුව බැඳපු කොල්ලා. මිනිහ මං අඳුරන්නෑ. මං මිනිහව අඳුරන්නෑ. ඒ දවස්වල වෙඩින්වලට තියා මළගමකටවත් අපිට එන්න ලැබුනෙ නෑ. නෑගම් ආවත් අවුරුද්දකට විතර සැරයක් මාමලගෙයි ඒ කිට්ටුවම පදිංචි මල්ලිගෙ ගෙදරයි විතරයි අපි ආවෙ ගියෙ. මමනං අවුරුදු දහයකින් විතර ගිහින් තිබුනෙම නෑ. 


අම්මලත් අඬල ඉවරවෙලා හිනාවෙවී  ටකරං හට් එකට ඇවිත් ඒකෙ  ඉඳගෙන ශෝක බරිත මූනක් පෙන්නගෙන හිටියෙ. අක්කලා, මස්සිනාලා, උන්දැලාගෙ දරුවො ඔක්කෝම අපි විසි පහක් විතර හිටියා. ඒ අස්සෙ අපේ අම්මා අර කොල්ලව දැකල කතා කලා.ඒ ඇවිත් කතා කර කර ඉද්දිත් මං දිහාමයි බලන්නෙ. පස්සෙ පොර මම කව්ද කිංද මන්ද කියල දැනගෙන මගෙන් මහ එපා කරපු දෙයක් ඇහුවා.


*අයියෙ ඔයා කෑගල්ලෙ කෑම්ප් එකේද ඉන්නෙ

*ඔි..

*අයියට මතකද මාව

*දැකල හුරුගතියක් තියෙනවා ඒත් කෞද කියලනම් නිච්චියක් නෑ මල්ලි

*අයියට මතකද එක දවසක් කෑගල්ලෙ කෑම්ප් එකේ කොල්ලෙකුට ගහපු සිද්ධියකට ටවුන් එකටම ගැහුවා.

*ඔි

*එතකොට මාව මතක නෑ??


අන්න එතකොටයි මට සීන් එක මීටර් වුනේ. යකෝ මං බිම දාගෙන ගහල මහපාරෙ ඉන්දෝලා  තියෙන්නෙ මගෙම මස්සිනාට කියහල්ලකො. පොරත් පදිංචිය කැගල්ලෙ පොලිසිය පාරෙ. කරුමෙට ඌම මට අහුවෙලා. එතකොට තමා අම්මලත් සීන් එක දැනගත්තෙ. කට්ටියටම හිනා. අවසානෙ මං කිව්වා ආයෙ සීන් එකක් වුනොත් කලින්ම තෝ ගෙදර පල කියලා. ඊට පස්සෙ මං එයාලගෙ ගෙදරත් ගිහින් සප්පායම් වෙලා එහෙම ඇවිත් තියෙනවා. 



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.09.28

Friday, September 24, 2021

ලෑන්ඩ් කෲසර්

 මට හමුදාවෙ හමුවුන ගොඩක් අය මගේ අදහස්වලට විරුද්ධ අය. මට අකමැති අය. ඒ වගේම මම හොඳකටත් වඩා නරක  දෙයක් කලොත් ඒක ඊයක වෙිගයෙන් ඉහල රෑන්ක් එකක  කනේ තියන්න පුරුදු වෙච්චි අය තමා ගොඩක් හිටියෙ.   උන්දැලා කෞද කියල මං අඳුරගෙන උන්නෙ. ඒ වගේ ගැන් වලටත් මම අවස්ථා කීපෙකදිම රොම්බ ආතල් කිහිපයක්ම දීලයි තිබුනෙ. ආතල් එකක් කියන්නෙ මොකද්ද කියල දන්නැති එක රාමුවක කොටුවෙච්චි උන්දැලා ඒ චීත්ත වැඩ වලින් තමා ගොඩක් වෙලාවට ආතල් ගත්තෙ. පෞ ඉටිම්. හැබැයි ඊට වඩා මට සෙට්වුනා මට කැමති අය. වැරැද්දක් කලොත් දඬුවම් දීල හරි ආයෙ ඒ වගේ නොකරන්න උපදෙස් දුන්නු අය. එකෙන්ම ආතල් ගත්තු අය. මං ඒ ගොල්ලන්ට කැමතියි. කතා කිහිපයක්ම තියෙනවා ඒ ගැන. කල්‍යාණ මිතුරෙකුත් ඔය අස්සෙ හමු නොවුනාම නෙමෙි. කල්‍යාණ මිත්‍රයා කියන්නෙ හරි වැරැද්ද පෙන්නලා නැති බැරි වෙලාවට උදව් කරලා වැරදි පාරක යනවනම් නියමිත මාර්ගයට ගන්න මිතුරා නෙමෙි. කල්‍යාණ මිත්‍රයා කියන්නෙ අපිව මිත්‍ර්‍යා දෘෂ්ඨියෙන් මුදවාගෙන සම්මා දෘෂ්ඨියක පිහිටුවන ධර්මයෙහි පිහිටුවන විශේෂ පුද්ගලයට. එහෙම කෙනෙකුත් මට  හමුදාවෙදි හමුවුනා. ඒ සෙ/965 බනි 11 කුමාරසිංහ කේඑම්ජී. ඒ කතාව මං පස්සෙ දවසක කියන්නං. එයා මගේම කාණ්ඩයේ නැතිනම් බැච් එකේ වගේම තමා. ඒක වැදගත් කතාවක්.


මං හරි ආශාවෙන් හිටියෙ හමුදාවෙ ඩ්‍රයිවින් කෝස් එකක් කරන්න. ඒත් අවසානය දක්වාම මට ඒ පාඨමාලාව ලැබුණේම නෑ. ඒකට හේතුව වුනේ මගේ වෘත්තීය. ලංකා හමුදාවෙ ඉන්න හැමෝම දැන් වෘත්තීය සෙබළු. වෘත්තීයෙන් ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාකරුවෙක් වෙච්චි මට ඩ්‍රයිවින් කෝස් එකකට නම දාගන්න බැරිවුනේ මාත් එක්ක අවුල් වෙච්චි ක්ලාක්ලා සීසීල සහ මහේශාක්‍ය දෙවිවරු නිසා.ඒ කියන්නෙ නිළධාරි. නැතුව වෙනත් ⁣වෘත්තීන්වල අය ඩ්‍රයිවින් කෝස් නොකලාම නෙමෙි. හැබැයි එහෙම කියල මං හමුදාවෙ වාහන පදින්නෙ නැතුව හිටියෙත් නෑ. ආමර්ඩ් කාර් (යුධ ටැංකි)  යුනි බෆල්,ට්‍රැක්ටර්,තඩි ලේලන්ඩ්,බයික් ඇති වෙනකම් නූනත් හොරාට හොරාට හරි පැද්දා. ඒව ක්‍රමෙිට කරගත්තෙ. ඔය අස්සෙ මට කාලෙක ඉඳලා පට්ටම ආශාවක් තිබුනා ඩිපෙන්ඩරයක් හරි ලෑන්ඩ් රෝවර් එකක් හරියි ලංකාවට ඒ වෙද්දි ඇවිත් තිබුන,ඒත් හමුදාවෙ අල්ලන්නවත් නොලැබෙන ලෑන්ඩ් කෲසර් රථයක් පදින්න. නමුත් ඔය එකක්වත් හමුදා තියා සිවිල් ලයිෂන් එකක්වත් නැති මට දෙන්න කිසිම රියැදුරෙක් කැමතිවුනේ නෑ. එකක් ඉතින් මගෙ වැරැද්දක්. ඒ නාහෙට අහන්නැති එක වගේම සහ මූට මෙික දුන්නොත් මටත් හිරේ යන්න වෙයි කියල උන්දැලා හිතන්න ඇති. හැමදේම ආතල් එකට ගත්තු කෙනෙකුට සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් සහ අවස්ථාවක් ලබා දෙන්න කවුරුත් කැමති නෑ. මොකද ඒක  වගකීමක් තියෙන රස්සාවක් නිසා. 


මම සාමාන්‍ය සෙබළ ඉන්නැද්දි හැමදාම අපේ ට්‍රාන්ස්පෝර්ට් සෙක්ෂන් එකට ගිහින් වාහන වල ඔයිල් වතුර බලන එක සහ හෝදන්න උදව් කරන එක  පුරුද්දක් වුනා. ඒ වාහන පදින්න තිබුනු ආශාවටම මිසක් වෙන දේකට නෙමෙි. ඒ කොච්චර උදව් කලත්  අපේ ඒකකයේ එකෙක් මට ඔය එක වාහනයක් ආසාවට කිලෝමීටරයක් පදින්න දුන්නෑ. ඒ කියල උන්දැලා එක්ක මගේ තරහකුත් නෑ. ඔය අතරේ කාලතුවක්කු හමුදාවෙි හිටියා (මඩකලපුව 233 බසේමු) බොම්බඩියර් කුලතුංග කියල කෙනෙක්. අපිට වඩා ගොඩක් සීනියර්. එයා එලෙව්වෙ යුනි බෆල් රථයක්. ඒ මඩකලපුවෙදි. එයා කැරම් ක්‍රීඩාවට ඇබ්බැහිවුනු පොරක්. පොරත් එක්ක කැරම් අතක් ගහල දිනනව කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙමෙි කරන්න බැරි වැඩක්. දවසකට සිගරට්නම් පැකට් එකකට වඩා පොර දිනනවා. බ්‍රවුනින් ගන් එකක් හයි කරල තිබුනු ඒ වාහනේ දුඹුරු පාටයි. ඔය වාහනවල වින්ඩ්ස්ක්‍රින් එකත් පොඩියි. කිසිම වෙඩි උණ්ඩයකට ඒක පසාරු කරගෙන එන්නත් බෑ. පාර පේන්නෙත් ටිකයි. අනික ඔලුවට උඩින් බ්‍රවුනින් ගන් එකක් ලේ කරපු බෆල් එකක් පදිනකෙටෙ හිතට එන ගැම්මත් හරි අලංකාරයි. 



 කැරමි ක්‍රීඩාව කියන්නෙ මමත් දේවත්වයේ ලා සැලකූ ක්‍රීඩාවක්. එක වටයකදි මගෙන් අත් තුනක් පැන්නනම් ඒ බොහොමත්ම කලාතුරකින්. මටත් ඒ වගේම කැරම් සෙල්ලම් කරන්න පුලුවන්. මෙි බොම්බඩියර්ට අභියෝගයක් එල්ල කරන්න පුලුවන් කෙනෙකුට හිටියෙ මාත් ශ්‍රීලයුසේබ ඒකකයේ රාජපක්ෂත් විතරයි. එක දවසක් රෑක මෙයත් එක්ක මාත් සෙට්වුනා. අපි දෙන්න එක පැත්තක්, රාජපක්ෂයි තව කෙනෙකුයි එක පැත්තක්. ඔට්ටුව සිගරට් පහයි. ඒ තරඟයේ තුනෙන් දෙක අපි දෙන්න දිනලා පොර හෙන සංතෝසෙන් හිටියෙ. අත් තුනයි එක අතක් ඉවරයි. එහෙම. පස්සෙ මං වෙනම ඔට්ටුවක් ඇල්ලුවා බොම්බඩිත් එක්ක සිගරට් දහයකට. මම පැරදුනොත් සිගරට් දෙනවා. එයා පැරදුනොත් මට කෑම්ප් එක වටෙි රව්ම් දෙකක් බෆල් එක පදින්න දෙන්න ඔින. ඒකට එයත් කැමතිවුනාම රව්ම් දෙක දවස් දෙකකට දෙන්නං කියන පොරොන්දුව මත තරඟය පහුවදාට කල් තැබුනා. 


පහුවදා රෑ තරඟය පැවැත්වුනා. ගොඩක් අය බොම්බඩියර්ට හුරේ දාද්දි කෝපල් පොඩි නිළමෙ විතරක් මට හුරේ දැම්මා. තරඟය එක වටයයි. තරඟය ආරම්භවුනා. හදවතට අත තියල කියන්නෙ මොන වාසනාවක්ද නම් දන්නෑ මං තරඟය දිනුවා. දැන් ඔට්ටුව අනුව මට වට දෙකක් දවස් දෙකකදි බෆල් එක එලවන්න දෙන්න ඔින. ඒ අනුව එයා ඒ ඔට්ටුවෙ පොරොන්දුව අනුව වට දෙකක් විතරක් නෙමෙි නෝමල් රාජකාරි වැඩකට එලියට ගියොත් එලියෙදිත්  වැලිකන්ද කදුරුවෙල පැත්තෙ යනවනම් වාලච්චෙින පැන්නම කැලේ පාරෙදිත්, දෙතුන් සැරයක්ම පාසිකුඩා සී බාත් එකට යද්දි මට වාහනය පදින්න දුන්නා. ඒ අවස්ථාව මට කීප පාරක්ම ලැබුනා. ඒ අනුව මගේ එක ආශාවක් සංසිඳුනා. ඔය විදියටම තමයි කෝප්‍රල් විසිට් එක්ක මම ආමර්ඩ් කාර් එක එලෙව්වෙ. ඒ කඳවුර වටෙි දෙපාරයි. හැබැයි දෙපාර දුන්නා ඇති වෙන්නම. 

ඒත් මට  ඩිපෙන්ඩරයක් ලෑන්ඩ්රෝවරයක් හා කෘසර් එකක් පදින්න හමුවුනේම නෑ. මොකද අපේ ඒකකයෙත් ඔය වාහනයක් තිබුනෙ නෑ.කාලයත් එක්ක ඒ ආශාවන්  යටපත් වෙලා තියෙද්දි මම කෑගල්ලෙ කඳවුරට ට්‍රාන්ස්ෆර් ආ⁣ව. ඒකෙත් කාලයක් යද්දි මට අහම්බෙන් අවස්ථාවක් ලැබුනා ලෑන්ඩ්රෝවරයක් පදින්න. ඒ පාන්දරක. ඒ දවස්වල අපේ කඳවුරේ ස්ථාවර නියෝගයක් තිබුනා  රෑට වාහනයක් එළියට යනවනම් අනිවාරයෙන් සැරයන් නිළයෙන් ඉහල කෙනෙක් වාහනය භාරව යන්න ඔින කියලා. එදා මම තමා මෙි රාජකාරියෙ හිටියෙ. 2014 අවුරුද්දෙ නිදහස් උත්සවය තිබ්බෙ කෑගල්ලෙ. ඒ වෙනුවෙන් අපි ඇඩ්මින් භාරව ඉඳලා මාරම ගේමක් ගැහුවෙ. ඔය වාහනය භාරව හිටියෙ ඒ දවස්වල කෝප්‍රල් කෙනෙක්. ඒ තමා බුකියෙ සසිත් බණ්ඩාර කියල වෙන නමකින් එකවුන්ට් එක හදාගෙන ඉන්න සොරා.එයාට පිංසිද්ද වෙන්න කෑගල්ලෙ ඉඳල මාවනැල්ලටත් තව දවසක ගම්පොලටත් මට ඒක එලවන් යන්න ලැබුනා. ඒ ආශාවත් ඉශ්ඨවුනා කියමුකො. දැන් කොහෙන්දැයි ලෑන්ඩ් කෘසර් එකක් පදින්නෙ. 



ඔහොම ඉද්දි  583 බළසේනාවෙි සංඥා රාජකාරි කටයුතු ඉටුකිරීමට අපේ 9වන ඒකකයට පැවරෙනවා. ඒ ඒකකය තියෙන්නෙ කිළිනොච්චියෙ. අදටත් තියෙන්නෙ එ⁣තැනමයි. ඒ අනුව මට මාස එකහමාරක්  කිළිනොච්චි ඒ කඳවුරේ නවතින්න සිද්ධවුනා. මං සංඥා අංශ භාර ජ්‍යෙශ්ඨ කොමිෂන් නොළත් නිලධාරියෙක් විදියට ඒ රාජකාරිය ඉගෙන ගෙන තිබුනෙ නෑ. මොකද මගේ සම්පූර්ණම සේවාකාලය ගෙවුනෙ යුධ පිටියෙමයි. ක්‍රියාන්විතවල සහ ක්‍රියාන්විත ප්‍රදේශවලමයි. මම විතරක් නෙමෙි අපේ ඒකකයේ අයගෙන් 3/4 ක්ම ආවෙිණික වෘත්තීයයන් දන්නෑ. මම ක්ලාස් 111 පාස්වුනේ කම්පියුටරයෙන්. Class 11 පාස්වුනේ බෝලයක් අල්ලලා. ඒකත් කියන්නම්කො. ක්ලාස් 11 ටෙස්ට් එක කරන්න භාරව තිබුනෙ සැරයන් කෙනෙකුට. අපි තුන් හතර දෙනෙක් කලින් දවසෙ ඒ සැරයන්  හමුවෙන්න ගිහින් විස්තරේ කිව්වා. ඒ සැරයන් පනාගොඩ ඉඳන් ආපු කෙනෙක්. අපි කිව්වා "අනිත් ඒකක වගේ නෙමෙි සාජන් අපි හරි අසරණයි" කියල. ඒ කරලා  ඊට දවස් දෙකකට පස්සෙ දෙන්න තිබ්බ පේපර් එක ඉල්ලගෙන ආවා. ඇවිත් දවස් දෙකක් පාඩම් කරලා සාජන්ට පව්නෙ කියල පේපරේ ගොඩදාල දුන්නා. එවකට අපේ දෙවන අනි තුමා වුනු මෙිජර් ඩබ්ජී ඩයස් අපි ඔක්කොම පාස් කියල ඔලුවෙ අත ගහගත්තා. හැබැයි පස්සෙ කාලෙක වැඩෙි ලීක්වුනත් ඒ වෙද්දි අපි ඒ,ඒ නිළවලට නිර්දේශ වෙලාත් ඉවරයි.


කවදාවත් ආවෙිනික වෘත්තීය නොකර ෆීල්ඩ් එකේ හිටපු අය තමා අපි. පස්සෙ මට ඒ තනතුර භාරගන්න කියල 9 ඒකකයෙන් ලියුමක් ආවම මම කෙලින්ම එහෙ සීඔිට කතා කරල කිව්වා  ඒකට වෙන කෙනෙක් එවන්න, මට බෑ කියලා. ඒ ඒකකයේ සීඔි හිටියෙත් අපේ 2IC හිටපු මෙිජර් රත්නායක. එතුමා අපි කව්ද කියල දන්න නිසා දියතලාව, කෑගල්ල,කුරුණෑගල,දඹුල්ල, පුදුකුඩිඉරුප්පු,මුලතිව් ආදී තැන්වලින් ඒ තනතුරට පත්කරපු අය ගෙන්වලා කෝස් එකක් කලා. මොකද ක්‍රියාන්විත ප්‍රදේශවල වගේ නෝමල් ඒරියාවල රාජකාරි කරන්න බෑ. හරිම අමාරුයි. සිවිල් ආයතන සහ විශේෂයෙන්ම ටෙලිකොම් ආයතනය එක්ක තමා කටයුතු කරන්න තිබුනෙ මට. (කෑගල්ලෙ විතරයි) ඒ අනුව තමා මාස එකහමාරක් මං කිළිනොච්චි යන්නෙ. එහෙ අපි හවස හතරට ඔිෆ්. සෙනසුරාදා ඉරිදා නිවාඩු. එළිපහලියට යන්නත් අපිට අවසරය තිබුනා. අනික කිළි කියන්නෙ මගේ ගම වගේ. ඔිනම පාරක ,අතුරුපාරක, ආරම්භය වගේම අවසානයත් මම දන්නවා. එක සෙනසුරාදා දවසක කිළි ටවුමට ගියපු වෙලාවක මං දැක්කා දෙයියෙක් ලෑන්ඩ් කෘසර් රථයක් පැදගෙන පැදගෙන පැදගෙන යනවා. මට යට ගියපු ආශාව ආයෙ මතුවුනා. ඉහේ මලක් පිපුනා වගේ වුනා. ඒකට හේතුව ඒ වාහනේ පැදගෙන ගියපු පොර. ඒ මගේ මල්ලි. එයා ලංකාවෙ  බිම්බෝම්බ ඉවත් කරන "මැග්" සංවිධානයේ සේවය කලේ. එයත් ආමි මයි. ඒ ඒරියා ලීඩර් කෙනෙක් විදියට ඉංජිනේරු බළකාය වෙනුවෙන් කිළි ප්‍රාලේ කාර්යාලයේ රාජකාරි කලේ. තවත් හමුදාවෙ කිහිප දෙනෙක් එතන ඉන්නවා. මෙයාලා හමුදාවෙ වුනත් සම්පූර්ණ සිවිල් විදියට තමා හිටියෙ. මල්ලි ඒ වාහනය නතර කරන්න තැනක් හොයල නතර කරලා මට අත්පුඩියක් ගහල කතා කලා. මාත් ගිහින් පොරත් එක්ක කයියට වැටුනා. ප්ලෑන සාර්ථකයි. ලබන සෙනසුරාදා ඉඳන් කිළිවල ඉන්නකම් සෙනසුරාදාටයි ඉරිදාටයි වාහනේ පදින්න දෙන්න පොර පොරොන්දු වුනා. ඒ අනුව දවස් දෙකතුනක් පොරත් එක්කම කරක් ගහලා කෝස් එක අවසන් වෙලා කෑගල්ලට එන්න සතියකට කලින් සෙනසුරාදා දවසෙ අපි දෙන්න එයාගෙ  වැඩකට වව්නියා ගියා. ඒ ගියේ අර වාහනේ. යද්දි පොර පැදන් ගියා විනාඩි හතලිස් හතරට. කිළිවල ඉඳන් වව්නියාවට  කි.මී.75, 80ක් විතර තියෙනවා මගෙ මතකයට අනුව. ඒ දුරම පොර එක හුස්මට ලෑල්ලට පාගලා විනාඩි 44ට වව්නියාවට ගියා. මෙිකෙ මීටර් බෝඩ්එක තියෙන්නෙ 240ට. ආවෙ එකසිය හැටට පනහට හතලිහට, සමහර තැන්වල සීයටත් වගේ. වාහනේ කෝටි එකහමාරකද දෙකකද  කොහෙද එකක්. අයියටයි මල්ලිටයිනම් ඒකෙ වටිනාකමක් තේරුන්නෑ. මං අත්පුඩි ගහනවා,පොර පිකප් වෙනවා. ආයෙ පොර පිකප් වෙන වෙන ගානට මං අප්පුඩි ගහනවා,ඒකට පොර ආයෙ අමුතුවෙන් පිකප් වෙලා වාහනේ පිකප් කරනවා.. මෙි ගමනෙ එනකොට තමා මම පදින්නෙ. හරි සරළයි. ඒ දවස්වල වාහනත් අඩුයි ඒ9 පාරෙ. 


වව්නියාවෙ අලුත් ස්ටෑන්ඩ් එක ගාවට එනකම් මම එයාට කියල වාහනය  දාගත්තා.  මම එතැනින්  වාහනේ භාරගත්තා. සීට් එකේ ඉඳගත්තා. පළවෙනි පිම්ම පිකප් කරා. ඒ පිකප්  කරද්දි වාහනේ ඉස්සරහ ඉස්සුනා. සත්තයි දිවුරලා මෙි කියන්නෙ, එයාට විනාඩි 54 ක් ගියපු ගමන මම විනාඩි 42 න් ඉවර කලා. මීටරේ 180 ආසන්නයේ "ටීක් - ටීක්" ගානවා. 240ට තව හැටක් ඉතුරුයි, ඒකටත් මම පිකප් කරනවා., ඒත් ඊට කලින් අපි කිළිවලට ඇවිත් ඉවරයි. පදින්න නොලැබෙයිම කියල ආශාව අතෑරල හිටපු වාහනයක්, පදින්න ලේසිවුන වාහනවලට වඩා පැදල පැදල තමා මම කිළිවලින් ආපහු ආවෙ. මං පැදපු ගොඩක් තැන්වල විනාඩියට කි:මී: කණු තුන සහ හතර පාස් කරපු තැන් තිබුනා. ඒ වාහනයක් පැදපු කෙනෙක් ඉන්නවනම් දන්නව ඇති ඒකෙ තියෙන ආතල් එක.හැබැයි 180ට පිකප් කලා කියල වාහනේටනම් දැනුනෙවත් නෑ. ඒ අනුව මං පැදපු වාහන ලිස්ට් එකට මඩකලපුව කොළඹ දුම්රිය මඩකලපුව සිට වැලිකන්ද දක්වා  පැදල ඒකත්  එකතුවෙනවා. කෝච්චි පදිනවා වගේ අවස්ථානම් හමුදාවෙ ලක්ශෙකට එකක්වත් ලැබෙන්නෑ. ඒත් නියාමක රියැදුරු ලියනගේ මහත්තයා මාව ඒ අතින් වාසනාවන්තයෙක් කලා.  දැන් මෙි ලඟකදි ඉඳන් ආශාවක් ඇතිවෙලා තියෙන්නෙ කේඩීඑච් එකක් පදින්න. ඒකටනම් අවස්ථාවක් නොලැබෙයිම කියල හිතිල තියෙන හිංද 

තව ටික කාලයක් බලං ඉඳලා ඒ ආශාව අතෑරල දාන්න හිතං ඉන්නෙ.




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.09.24

Sunday, September 19, 2021

අපිත් චීන්නු වගේ කමු

 අපිත් චීන්නු වගේ කමු.

==================


අවශ්‍ය ද්‍රව්‍ය.

-------------------

රෑ අල්ලගත් ටිකක් විශාල ප්‍රමාණයේ ගොලුබෙල්ලන් කිහිප දෙනෙක්. (ඔබගේ අවශ්‍යතාවය අනුව.)

කැරට් අලයක්

මාලු මිරිස් කරල් දෙකක්

වියලි මිරිස් කරල් පහක් පමණ (දෙකට හෝ තුනට කඩාගත්)

බදිනලද තුනපහ කුඩු තේ හැඳි 1 1/2

ගම්මිරිස්කුඩු තේ හැන්දක් පමණ (ටිකක් වැඩිපුර ඔින මෙිකට)

කහ කුඩු යෝගට් හැන්දක ප්‍රමාණයක් 

ඉඟුරු

ගොරක

සේර

රම්පේ

කරපිංචා ඉති දෙකක් (සිහින්ව කපාගත්)

බීළූනු ගෙඩි 2ක් (රව්ම්ව කපාගත්)

පුලුවන්නම් පොඩි මඤ්ඤොක්ක⁣ අලයකුත් මෙිකට පෙති වශයෙන් කපල දාගත්තොත් හරිම රසයි.

පොල්තෙල්

අබ

සුදුළූණු බික් කිහිපයක්.

අමු මිරිස්

තක්කාලි ගෙඩියක්

රසය අනුව ලුනු

මෙිකට කුකුල් මස් හෝ ඌරුමස්,,මාළු ග්‍රෑම් 500ක් පමණ ඔින.

සාමාන්‍යයෙන් මාංශ ආහාරයකට අවශ්‍ය ද්‍රව්‍යය මෙිකටත් අරගන්න. ගොලු බෙල්ලො හිටිය කියල විශේෂයක් නෑ.


සාදාගන්නා ආකාරය:-

පළමුව පොල්තෙල් තේ හැඳි පහක් පමන මැටි ඇතිලියකට දමන්න.

දැන් ගෑස් සිලිංඩරය ගාවට ගිහින් ඒක ඔන් කරන්න. ආපහු ලිප ලඟට ඇවිත් ඒක  දල්වන්න.

දැන් පොල්තෙල් හොඳින් රත්වූ පසු එයට අබ ටික දමා බැදුනු පසු සිහින්ව කපාගත් අමු මිරිස් (දැන්ම වියලි මිරිස් දාන්නෑ)ළූනු අමුමිරිස්,මිරිස් කුඩු,තුනපහකුඩු,කහ කුඩු, ඉඟුරු,රමිපේ,කරපිංචා, ආදිය සියලුම දෑ එයට දමා සුවඳ හමනතුරු හොඳින් බැදගන්න. දැන් එයට ඔබ කඩාගත් වියලි මිරිස් කරල් ටික  දමා නැවත කලවම් කරගන්න. එහෙම බැදුනාට පසු එයට කපාගත් මස් හෝ මාළු ටික එයට දමා හොඳින් කළවම් කර වතුර අඬු කෝප්පයක් පමණ එකතු කරන්න. ඒත් එක්කම ඔබ මඤ්ඤොක්කා අලයක් ගත්තනම් ඒකත් මෙිකට දාන්න.

දාලා හොඳට තැම්බෙන්න තියන්න. මඤ්ඤොක්කා දැම්මොත් මෙික වහන්න එපා. (එහෙම වුනොත් විෂ වෙන්න පුලුවන්.)

මෙි සියළු දෑ හොඳින් තැම්බුනු පසු ලුනු බලන්න. ඉන් පසු කැරට් අලෙයි මාලුමිරිස් කරල් දෙකයි තක්කලි ගෙඩියයි කපාගෙන බාගෙට තැ⁣ම්බෙන්න දාන්න. දැන්  ලුනුත් ඇතිනම්, රසට ඉදිලනම් ඒක බා ගන්න. බාලා පැත්තකින් තියලා ටිකක් නිවෙන්න හරින්න.

ඊට පස්සෙ ඔබ එකතු කරගත් ගොලු බෙල්ලන් කිහිප දෙනා සිරි සිරි මල්ලක  දාගෙන පල්ලෙහා තියෙන ආණ්ඩුවෙ රබර් වත්තට ගිහින් දාන්න. දැන් ඔබ එද්දි මස් ව්‍යාංජනය හොඳටම නිවිලා. ඔබට බඩගිනිනම් බත් ටිකක් බෙදාගෙන ඒකට අරකෙනුත් දාගෙන කන්න. ආවා මෙතන ගොලු බෙල්ලො උයන විදිහ බලන්ඩ😎😎😎😎.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.09.19

Thursday, September 16, 2021

රිහබිලිටෙිෂන්

 මෙි කතාව වෙන්නෙ වට්ටප්පලෛයිහිදී.


ඊට කලකට ඉහත කරපු රාජකාරියක් එක්ක අත්දැකීම් තිබුනු  මට මෙහිදී විශේෂ රාජකාරියක් පැවරුනා. ඒ එතකොට යුද්ධය අවසන් වෙලා රජය විසින් අවතැන්වූවන් පදිංචි කරවන්න ලක ලෑස්තිවුනු කාලයක්.ඒ අලම්පිල්,චලෙයි සහ ඉන් ඉදිරියට වැලිඔය පැත්තට.  

එක එක තැන්වල ටික ටික රාජකාරි කර කර හිටපු මට එක පාරටම පණිවිඩයක් ආවෙ අනිතුමා හමුවෙන්න කියලා. ඒ වෙද්දි තල් ගස් කරටි වල සහ පොල් ගස් කරටිවලම කාලය ගත කරලා අවුරුදු විස්සක පළපුරුද්දත් තිබුනු මට, කඳවුරේ මහ කුස්සියෙන් එකතු කරන පොල් වතුරෙන් කරිඤ්ඤං හදල යාලුවොත් එක්ක බීපු මට, කම්බි වැටවල් පැනලා ගිහින් කාටත් හොරා ගහක කුරුම්බයක් ඉතුරු නොකර වලු පිටින් බාගෙන ආපු මට, මෙි වගේ උත්තමයෙක් හමුවෙන්න කියල පණිවිඩයක් ආහම ටිකක් "කොර" වෙනවා. මෙි වෙද්දි සාජන් නිළය පැළැඳ සිටියත් "ආරේ ගති නෑරේ" කියන්නා වාගෙ කලේම ඔය වගේ වැඩ තමා.. ඒ වගේම කරන තරමක් කලෙත් තවත් ගොං වැඩ නිසා හිත දෙගිඩියාවට පත්වෙලා තිබුනෙ.


 මට පණිවිඩෙි ආවෙ ඇස්ඇල්ටී ෆයිබර් ඉන්ටර්නැට් ජස්ට් මැසේජ් ආකාරයට..ඒ..


* සාජන් ආරච්චෝ...යියි

කියලා ඊට මීටර් සීයකට විතර එහායින් මගේ යටතේ තිබූ පොයින්ට් එකක ලාන්ස් කෝප්‍රල් කෙනෙක් අහස් තලයම ගිගුම් දාලා කෑ ගහද්දි ඒ වෙද්දිත් මං හිටියෙ පොල් ගහක කරටියක.  බූට් එක්ක පොල්, තල් ගස් නැගීමෙන් මම ලබා තිබුනේ අවුරුදු විස්සක පළ පුරුද්දක්. මමත් ගහේ කරටියේම ඉඳගෙන යටි ගිරියෙන්

*ඇයි හු&@%$තෝ කියල පිළිතුරු දෙද්දි 

*රාජවාසලේන්න් පයින්ඩෙයෝක්ක්

කියල ඒකා පිළිතුරු දුන්නා. ගහට නැගපු කාරිය කරගෙනම බිමට බැස්ස මං, මගේ සහායකයාට කඩපු කලටි කුරුම්බා වලු ටිකත් පොයින්ට් එකට අරන් වරෙන් කියල ටිකක් පය ඉස්මන් කලේ පයිංඩෙි එවපු තැන එච්චර හොඳ නැති නිසා. මොකද මෙි වෙද්දි  ආර්එස්එම් විසින් මට හැනපියර්  දෙකකුත් පයින්ට් කරල තිබුනෙ. ඒ තරමට චරියාව හොඳයි. ඒවනං මෙි කපේදි ගෙවන හැනපියර් නෙමෙි.

අපේ වෙිටර් අතේ මං කියල යවල තිබුනේ සොළෙකුට ෆයින් කරන්න පුලුවන් සත හැත්තෑපහක දෙයක් විතරයි කියලා. වැඩිදුරටත් කියල යැව්ව  "ඔන්නං බුල්ටො හරි ඩෙල්ටා හරි ටොපියක් එවන්නං සත හැත්තැපහට හරියන්ඩ,උන්දැට  ඒවා සූප්පු කර කර ඉන්ඩ කියාං" කියල. 

පයිංඩෙට අනුව මාත් පොයින්ට් එකට ඇවිත් ගස් ගඳ යන්න උඩින්පල්ලෙන් වොෂ් එකක් දාගෙන නැවතත් නිළ ඇඳුම පිටින් ගියා අනි තුමාව හම්බ වෙන්න. ඒ වෙද්දි අනි  විදියට හිටියෙ මෙිජර් ජයවර්ධන. අපේ වැඩ බලන අනි තුමා.

මාත් ගිහින් සීසීට විස්තරේ කියල එතුමාව හමුවෙන්න කාලය එනකම් අහට්ට මෙහට්ට ඇවිද ඇවිද හිටියෙ "ඩාල්! ඩාල්!!" ගාල ගැහෙන හෘදයෙන් යුතුව. මොන ගින්නක් පත්තුවෙලාද දන්නෑනෙ. මොකද කියනවනං සීසී කියන්නෙ මාගේ එදිරිකාරයෙක්. හේතුවක් කිව්වෙම නෑ. අනෙක මාව දෑහැට පේන්න බැරි පවිටු දනන්ගෙන් එකෙක් යද්දි එද්දි මා ගසක ඉන්නවා දැකලා එතුමන්ට මොන මොනවා කියලද කියල කෞද්දන්නෙ. 

අනිතුමා හමුවුනා. බලාපොරොත්තුවෙන් ආපු හැම දෙයක්ම ඉවත ලා එතුමා මට පැවරුවෙි රාජකාරියක්. මං හිතුවෙවත් නැති විදියට මට පැවරුනේ වට්ටප්පලෛ සිට අලම්පිල් දක්වා නැවත පදිංචි කරන මිනිස්සුන්ගෙ ඔිපාදූප සහ කේළාම් හොයන රාජකාරියක්. ඒකට තව මාසයක පමණ කාලයක් තිබුනු නිසා මට රැවුල කොණ්ඩෙ වවන්න අවසරත් ලැබුනා. "මොන රෙද්ද කලත් හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් වැඩෙි වෙන්න ඔින ආරච්චි

අනික තමා සිවිල් මිනිස්සු පදිංචිකළාම කසිප්පු පොට් එහෙම වැටෙයි. ඒව අස්සෙ එහෙම රිංගල අහුවුනොත් වෘෂණ කෝෂ දෙකෙන් බාල්කෙක එල්ලනවා හරී" කියල ලොකු අවවාදයකුත් දුන්නා.  


කාලෙත් ගෙවිල ගියා. ඒ සැලසුමට අනුව අපි තමා ඉස්සෙල්ලාම මෙි ගමෙි පදිංචි වෙන්නෙ. මගෙන් පස්සෙ තමා අනික් ඈයන්. මගේ රාජකාරියවුනේ මෙි ගමෙි මිනිස්සු අතරින් කොටි කව්ද, නොවන්නේ කව්ද,පුනරුත්තාපනය වෙලා එන ඈයන් මොනවද කරන්නේ සහ පුනරුත්ථාපනය නොවී ආව කොටි ඈයන් කව්ද කියල, ඒ ආදිය විස්තර සෙවීම. මාත් එක්ක තවත් තුන් දෙනෙක් මෙි විදියට ලෑස්ති කෙරුනා. එක්කෙනෙක් 5බුද්ධි ඒකකයෙ කෝප්‍රල් කෙනෙක්. ඒයා මාලු කාරයෙක්. අපේ කෝප්‍රල් කරුණාරත්න කඩකාරයෙක්. එයාගෙ කඩෙි හාල් තුනපහ කුළුබඩු ඇරෙන්න අනික් හැමදේම වගේ තිබුනා. අනෙකා ජයසිංහ. ඌට එක දෙයක් කියල නෑ, ඌට හම්බෙන හැමදේම ඌ කරනවා.(ඌට පව් කියල හිතුනු වාරනම් අනන්තයි).  මම(එක්කොත් ඔින්නෑ,ඔහෙල මට වීලු කරයි). මම කරන්නෙ උදේ එළිවෙච්චි වෙලේ ඉඳන් දැලි ගෑවිච්චි පෝරමල්ලක් කරේ එල්ලගෙන,ගල් කැටයෙන් ගල් කැටයට වියත් දම දමා,කියෝ කියෝ පාරෙ යන එක. ඉස්සරහට හම්බවෙන හමුදාවෙ හැම එකාගෙන්ම කීයක් හරි කඩාගන්න එක මගේ යුතුකමක්. බීඩියට, සුරුට්ටුවට, තමා ඒ හොයන්නෙ. මිනිස්සු පදිංචිකලායින් පස්සෙ උන්ගෙ කසිප්පු පොට් එකටත් ගියෙ ඔය වගේ හම්බු කරන සල්ලි වලින්ම තමා. මත්පැන් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වුනත් ඒව නැතුව ඇඟ වෙව්ලන ගතියට පත්වෙලා හිටපු මම හොරාට හොරාට ඔය තැන්වලටත් නොගියාම නෙමෙි. හැබැයි ෆ්‍රෙන්ස් සිරාවටම බිව්වෙ නෑ.බොන බව  පෙන්නුවා විතරයි. උන්ගෙම සල්ලිවලින් උන්ගෙන්ම බඩු අරන් මගට ඇවිත් හලනව. උන් ඒව පෙරුව විදියට ඒව බොන එකෙක් අවුරුද්දක් ජීවත්වුනානං ඒක ලොකු වාසනාවක්. හැබැයි පසුකාලීනව මුලතිවු ටවුමෙ විවෘත කරපු හමුදාවෙ බියර් ෂොප් එකෙන්නම් මං 8.8 ඖෂධය දිගටම ගත්තා. ඒ චරිතය වැලිකන්දෙ අවුරුදු උත්සවයෙ කරපු එකමයි. ඒක හරි සරළයි. ( ඒ බාර් එක භාරව හිටියෙ 9කැඩෙටි බළකායෙ කපිතන් සෝමරත්න. මගේ බෙස්ට් ෆ්‍රෙඩා. එතුමා එයාගේ පඩියෙන් මට බොන්න දුන්නු සුපිරි ගණිත ගුරුවරයෙක්. (ලව් යූ කපිතන් සෝමරත්න)එතුමා දවසක් නිදහසේ සේට් වෙච්ච වෙලාවක මට කිව්වා  "ඇත්තටම ආරා,මට උඹ ගැන පොතක් ලියන්න හිතෙනවා බං" කියලා. ඒත් මං කිව්වා "ආරච්චි කියන්නෙ පොතක් තමා සර්" කියලා. මෙිවා ඉතින් හමුදාවෙ හැමෝටම ලැබෙන අවස්ථාවල් නෙමෙි. ඔිපනින් යුනිට් එකක දෙවෙනි බැච් එක වෙලා, කැරොල් වෙලා, නස්කූනි වෙලා,හැම එකාටම නිරීක්ෂණය වෙලා හිටිය අහිංසකයෙක් තමා. හැබැයි මාසයක් යද්දි  සිවිල් ඈයන්ගෙ කසිප්පු පොට් අතුගාලාම දාන්නත් අපිට පුලුවන් වුනා. පොලිසිය මාරාන්තික වික්‍රමයන් කලේ අපේ ඔත්තුවලට ඔය කසිප්පු පොට් වටලන්න. 


මම රෑට නිදාගත්තෙ හොරාට හොරාට කඳවුරට රිංගලා සහ සමහර දාට කරූගේ කඩෙි. උදේට දැලිනාගෙන දූවිලි නාගෙන පෝර  මල්ලක් කරේ එල්ලං, කියෝ කියෝ පාරදිගේ ගිහින් ඉස්සරහට හම්බුවෙන හැම එකාගෙන්ම සල්ලි කීයක් හරි කඩාගෙන, නොදෙන එවුන්ටත් අම්ම මෝ නැතුව බැන බැන නිමක් නැති ගමනක යෙදෙන මම, හවසට නතර වෙන්නෙ කෝප්‍රල් කරුගේ කඩෙි පිටිපස්සෙ . (අපිට සම්මාන දෙන්න ඔින මිත්‍රයා.) ඒ කාලෙ මට දිරවන්නෙම නැති නිළධාරියෙකුත් අපේ ඒකකයේ හිටියා. දෛනික සළාකය (Fresh)  ගේන්න ඒ දවස්වල අනිවාරයෙන් නිලධාරියෙක් යා යුතුයි.  බොහොමයක් වෙලාවට යන්නෙ දවසේ කාර්‍ය පාලන රාජකාරි හිටපු නිළධාරි. (Duty Officer). මං එදා පාරේ බල්ලට හැතැප්ම නෑ වගේ  ඔහේ ඇවිද,ඇවිද  යද්දි ආව හමුදා ටැට්ටරේට අතදාල නවත්තලා කෑම ඉල්ලුවා. කෑම නෑ කිව්වා. උන්දැලාටත් දෙමළෙන්  බැනල තමා මම එතනින් ගියෙ. ඇත්තටම බැන්නෙ අරුන්දැට. ඒවා නොතේරිච්චි උන්දැ ඒ ගැන සීඔිටත් රිපෝර්ට් කරල තිබුනා "අපි ටැට්ටරේ යද්දි ආරච්චිය කෑම ඉල්ලුවනේ සර්" කියලා.  සීඔිත් ඉන්ටර්වීව් එකකට ගිය දවසක ඒ ගැන ඇහුවත්  ඒවට දෙන්න උත්තර ගෝනි ගණන් මං ගාව තිබුනා. (ඒ කාලෙ අනිවාරයෙන් මාස තුනකට සැරයක් සෑම සෙබළෙකුම ඉන්ටර්වීව් කරන්න කියල නියෝගයක් සරත් ෆොන්සේකා සර් විසින් හමුදාවෙ හැම තැනටම දැනුම් දී තිබුනා. ඒ අනුව තමා මමත් සීඔි හමුවෙන්න රෑක ගියේ) හැබැයි එදාවත් සීඔි මට ඒ සීන් එක ගැන වෙන මුකුත්ම කිව්වෙ නෑ, ඇහුව විතරයි. අපේ ඒකකයෙ අය විතරයි මම කවිද කියල අඳුරගෙන හිටියෙ. දවසක් තන්නිඌත්තු වලින් නෙදුන්කර්නි හරහා වව්නියාවට යන්න තියෙන පාරේ ස්ථාපිතව තිබුනු 5ශ්‍රීලපාහ ඒකකයෙන් මාව චෙක් කලා. ඒ රෝඩ් බ්ලොක් එකේ අය මාව ජෝක් එකකට අරන් තිබුනෙ. මම කැඩිච්චි සිංහලෙන් වරද්ද වරද්ද ඒ ජෝක් වලට හවුල් වෙලා ෆන් එකකුත් ගත්තා. දවසක එතන හිටිය නිළධාරිට විතරක් මම රහසින් කිව්ව මම කව්ද කියලා. එතුමා හිනාවෙලා ඔලුවෙ අතගහගත්තෙ "උඹලෑ යුනිට් එකේ ඔහොම සාජන්ලත් ඉන්නවද හු&@%තො" කියල හිනාවෙලා. ඉන්පස්සෙ ඒ පාරෙ යන සමහරක් දාට ස්පෙෂල් කෑම පාර්සලේකුත් මට ලැබෙන්න ගත්තා. ඒ බදාදාට. ඒ ඒකකයෙ බදාදා  සෙබළුන්ට ස්පෙෂල් ලන්ච් එකක් දෙනවා දවල්ට කාපිය කියල. මාත් බදාදාට ඒ පැත්තෙ කරක් ගහල කෑම පාර්සලෙත් අරගෙන ඒකත් කොහාට්ට හරි වෙලා කාලා, හතරට විතර කන්නං කියල තව කෑම එකකුත් ඔතාගෙන ඒම පුරුද්දක් වුනා. ඒක ටිකක් ලොකුවට බැඳලා දෙනවා. එතකොට එයාලා දන්නවා අපි කීප දෙනෙක්ම මෙහෙම ඉන්නව කියල. එයාලගෙත් හතර දෙනෙක් වෙන වෙන වෙිෂ අරගෙන ෆීල්ඩ් එකට බැහැල හිටියෙ. ඒ එයාලගෙ ඒරියා එකේ.මම ඒ ගේන අමතර කෑම එක කෑවෙ, ඒ වෙද්දි මුලතිවු පාරෙන් 59සේනාංකයට යන්න හැරෙන හංදියෙ මුලම දාල තිබුනු අපේ රොටී කැන්ටිමෙි. ඒක කලෙත් මගේ බැචෙක්. ඒ බෙලි පේමරත්න. අපි එයාට ආදරේට කියන්නෙ "බෙල්ලා" කියල. 


ඔහොම ඉද්දි තමා මුලතිව් වට්ටප්පලෛයි පාරෙ අතර මැද තිබුනු අපේ පොයින්ට් එකක කොල්ලෙක්ගෙ අවියක් අතුරුදහන්වුනේ. ඌ පාන්දර හතරට සෙන්ට්‍රි භාරගත්තත් නිදිමතට ආපහු ඉඳගෙනම නින්ද ගිහින්. ඒ අළුත් කොල්ලෙක්. හමුදාව ගැන මෙලෝ හසරක් නොදන්න අහිංසකයෙක්. නිදිමතට අපි කවුරුත් වහල්ලුනේ. මූටත් නින්ද ගිහින්. අවිය නැතිවෙලා කියල දැනගත්තම හෙන ගිනිවිජ්ජුම්බරයක් වු⁣නා හමුදාවෙ. සෙබළෙකුගෙ පෙම්වතිය,බිරිඳ වශයෙන් සළකන සහ වැසිකිළියට ගියත් ඇතුලෙ බිත්තියට හේත්තු කරලා සබ්ජෙක්ට් එක කරගන්න සෙබළෙකුගෙ අවියක් මෙහෙම නැතිවුනා කිව්වම ඒක හෙන ප්‍රශ්ණයක්.කාලයත් එක්ක සීසීඑම්පී එකෙන් ඇවිත් මිනිහත් පොල්හේන්ගොඩ අරන්ගියා. ඒකට වැල වගේ අපේ කිහිප දෙනෙක්ම ගියා. එකෙක් රනිල් සිල්වා. 2300-0200 පැය අතරේ මුර පරීක්ෂා රාජකාරිය නියම කරල තිබුනු රනිල් සිල්වා, රෑ පුරාවට හොඳට නිදියල පාන්දර පහට නැගිටල තමා විසිට් එක ගිහින් තිබුනෙ. ඒකෙන් ඌවත් කොටුවුනා. උදේ පහට ඇහැරිච්චි වෙලාවට විසිට් එක ඇවිත් නියමිත වෙලාවට ආව විදියට විසිට් පොතේ අත්සන් දාල ගිහින්. අර කොල්ලා කියල පහට කෝප්‍රල් රනිල් සිල්වාත් විසිට් එක ආවා කියලා.ඒකෙන් රනිල් කොටුවුනා. පොයින්ට් එකේ හිටපු අනික් දෙන්නා ඔටෝම සීන් එකට අහුවුනා. ආයෙ සැරයන් කෙනෙක්. එයා තමා සෙක්ටර් කමාන්ඩර් හිටියෙ. ඒ සීන් එකෙන් පස්සෙ අපේ ඒකකයටත් සෑහෙන්න නරක නාමයක් ඇවිත් ලිස්ට් එකෙනුත් කැපෙන සයිස් එකක් තිබුනෙ. 58 සේනාංකය යටතේ අච්චර කැපකිරීම් කරපු අපේ ඒකකය බින්දුවෙනුත් පල්ලෙහාට වැටෙනවට අපිනම් කීයටවත් කැමතිවුනේ නෑ. අනෙක පාබල ඒකකවලින් අපිට තිබුනු කැපිල්ල. ඔය පොයින්ට් එක ඉස්සරහම තියෙනවා ඇළක්. ඒකට පාන්දර ඉඳන් මිනිස්සු එනවා. විශේෂයෙන්ම මාලු කාරයො. එතනින් පෙට්ටි තරාදි පඩි හෝදගෙන මූනත් හෝදගෙන තමා වැල්ලට යන්නෙ මාළු ගේන්න. ඒ මාලු කාරයන් අතරෙ හිටියා එකෙක්, පොර හැමදාම අනිවාරයෙන්ම පාන්දර ඔය ඇළට එනවා. අපිත් කාලෙක ඉඳන් ඇහැ ගහගෙන හිටපු බුවෙක්. අලම්පිල්වලින් තමා මාලු ගන්නෙ. ඒ කොටියෙක් කිව්වොත් නිවැරදියි. 


අවියෙ කේස් එක නැගලම යද්දි අපිටත් නියෝගයක් ආවා අවියට මොකදවුනේ කියල හොයන්න. එදාම රෑ කෝප්‍රල් කරූයි මායි අඩියක් ගහන ගමන් ප්ලෑන් කලා අවිය හොයන විදිය. මෙි ක්‍රියාන්විතයට අපේ මාලුකාරයගෙත් අනෙකාත් සහාය කර ගත්තා. විස්තරේ හොයාගෙන හොයාගෙන යද්දි අපිට සැකය ඇතිවුන එක තැනක් තිබුනා. ඒ,අර මාලුකාරයා.  මිනිහ ඒ ගමෙිම පදිංචි කාරයෙක්. අවිය නැතිවෙච්චි දවසෙ ඉඳන් එක පාරටම මිනිහ අතුරුදහන්වුනා. සැකය තවත් වැඩිවුනා. අපි ඊට පස්සෙ හෙව්වෙ මිනිහ කෝ කියල. අපි මෙිව හැම එකක් ගැනම කඳවුරට දැනුම් දෙනවා.  එක දවසක් අපේ සිවිල් ඔත්තු කාරයෙක් කිව්වා මිනිහ වට්ටප්පලෛ කෝවිලේ ඉන්නවා කියල.  (ස්ව කැමැත්තෙන් හමුදාවට සහාය දීපු දෙමළ මනුස්සයෙක්). ඒ අනුව ක්ෂණිකව අපි කෝවිලට ගිහින් මිනිහව ෆලෝ කලා. මෙි වෙද්දි මිනිහ නැවතිලා ඉන්නෙත් ගමෙිම කෙලවරේ මුලතිව් කඳුවරට ආසන්නව. එතකොට මාලු බිස්නස් එක කලෙත් නෑ. 


දවස් දෙකතුනක් ඔහොම යද්දි  දවසක් ඒ මිනිහ ගමට ආවා. අපිත් මිනිහව ෆලෝ කර කර කඳවුරට විස්තරේ දුන්නා. අන්තිමෙි අපිත් දන්නෙම නැතුව දවසක් රෑක මිනිහ ආයෙමත් අතුරුදහන්වුනා.  පස්සෙ මිනිහගෙම වත්තෙ පොල්අතු වලින් වටකරපු කක්කුස්සි කොටසෙ වලදාල තිබිල අවියත් හමුවුනා. ආයෙ කවදාවත් එයා අවි සොරකම් කලේ නෑ. ඒ පළාතේ ඒ දවස්වල වැසිකිළි තිබුනෙ වළ කක්කුස්සි,පෝච්චි කක්කුස්සි නෙමෙි. පොල් අතුවලින් වට කරල මිදුලෙම කොටසක් ආවරණය කරල තියෙන්නෙ. බර හැදිච්චහම උදැල්ලක් අරන් ඒ කොටුව ඇතුලට රිංගලා වලක් කපාගෙන වැඩෙි කරගෙන වහල එනව. ඒක තමා සිස්ටම් එක. ඒ කක්කුස්සියක් ඇ⁣තුලෙ තමා අවිය වළදාල තිබුනෙ. අපේ එකාට නින්ද ගිහින් ඉන්න බව දැනගෙන හොරෙන්ම ඇවිත් බංකරේට හේත්තු කරල තිබුනු අවිය මූ උස්සලා. ඒකෙන් වුනේ අහිංසකයින් කීප දෙනෙක් නොවිඳියයුතු වද හිංසා විඳීම සහ අර අහිංසකයාව සේවයෙන් පහකිරීම. ඒවට ඉතින් අපිට මුකුත් කරන්න බෑ. ඒව තම තමුන්ගෙ වැරදිනෙ. කොහොමහරි රනිල් සිල්වායි අනෙක් දෙන්නායි, සැරයනුයි සීන් එකෙන් ⁣බෙිරුනත්,  "රාජකාරිය පැහැරහැරීම, සම්බන්ධයෙන් රනිල් සිල්වාගෙ නිළය පහත දැමුනා.ඒ දවස්වල සීසීඑම්පී එකෙන් හොඳට කෑව කියලත් මිනිහ කිව්වා. ආයෙ කිව්වා සීසීඑම්පී බුවෙක්  වෘෂණ කෝෂ දෙක ලාච්චුවකට දාල, ඒ ලාච්චුව වැහෙන්න "ඩොක්" ගාල පයින් ගැහුවත් කියල.  (විසිට් එකක් ගියපු දුරක්) පොයින්ට් එකේ අනෙක් දෙදෙනාට අවුලක් නූනත්,ඉන්චාජ්ට චෝදනාපත්‍ර නැගුනා. ඒකෙන් ඉසසරහට ලැබෙන්න නියමිත ප්‍රමෝෂන් වලට තමා බලපාන්නෙ.

හැබැයි ආයෙ කවදාවත් අරුන්දෑ අවි සොරකම් කලේ නෑ. ඒකම මදෑ.(ඒ අවිය වෙනුවෙන් අපි හෙන ගේමක් ගැහුවෙ.)

ඒ අස්සෙ මාස හතරක් විතර යනකොට අපේ ඒකකය වට්ටප්පලෛයි වලින් ඉවත්වෙලා පුදුකුඩුඉරිප්පු සුදන්දිරපුරම් කැලේ ස්ථීර පදිංචියට ගියා.ඒ අනුව අපිත් අපේ රාජකාරියෙන් මිදිලා ඒකකයත් එක්ක යන්න ගියා. 




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.09.16