Wednesday, December 30, 2020

කුරුණෑගල 06

 කුරුණෑගල 06


පෙමාගෙ කතාව කලින්ම කියන්න හිතුනෙ ගොඩක් දෙනෙක් ඒ ගැන අහපු හිංද.


මට කුරුණෑගලින් යන්න සිදුවුනා. මාත් පෙමාත් තව දෙතුන් දෙනෙකුත් කුරුණෑගල ජීවිතයෙන් මිදී නැවත උඩහ ගියා. ඒ මාවිල්ආරු සහ නැගෙනහිර ත්‍රස්තවාදයෙන් මුදාගැනීමෙි මානුෂීය ක්‍රියාන්විතයට. මගේ තැලිච්චි ට්‍රන්ක පෙට්ටියත් තඩි බෑගයත් ත්‍රිකුණාමලේ යන බස් එකක ඩිකියට දාල "මෙතනින් එහාට මක් වෙයිද?" කියල හිත හිත තමා කල්ලාර් සෝමපුර බලා ගියේ. ගෙදරින් හෙන බරබරේ. යන්නම එපා කියනවා. ඒත් නොගිහින් ඉන්න බෑ. මෙික හමුදාවනෙ. යුද්දෙට බයනං හමුදාවට යන්නෑනෙ.


මං ගෙදරින් යන්න ලෑස්තිවෙලා බඩුත් අරං ගෙයින් එළියට බහිද්දි වයිෆ් ආයෙ දුවගෙන ඇවිත් මාව බදාගත්තා. ඇස්වල කඳුලු පිරිලා. මං කලින් උඩහ ඉද්දිත් එයා ඔහොමයි. ඉකි ගගහ ඇඬුවෙ නැතිවුනත් ගොඩාක් බර දුකක් ඒ පපුවෙ තියෙනවා. විහිලු කරනවා රණ්ඩු වෙනවා තමා. එහෙම නැත්තං ආතල් එකක් නෑ ජීවිතේ. අපි දෙන්නා කොච්චර රණ්ඩු වුනත් වැරදි මූලය එන්නෙ මගේ අතට. අතපයයි කටයි නිකන් තියන් ඉන්න බැරුවට දාන කේස් වලට එයා පලිනෑ කියල දන්නවා. ඒත් ඒකෙ වෙිදනා සහගත පැත්තකුත් තියෙනවා. නිවාඩුවක් ඇවිත් ගියාට පස්සෙ මාස දෙකක් විතර යනකං ඒ ගතකරපු දවස් කීපයේ තමා අපි ජීවත් වෙන්නෙ. ඒවා යාළුවොත් එක්ක කිය කිය හිනාවෙන කොට හිතට චුට්ටක් විතර සතුටක් ගලා එනවා. අළුතෙන් අහන කතාවලට යාලුවො හිනාවුනාට මම හිනාවෙන්නෙ ගොඩක් වෙලාවට බොරුවට. ඇත්තටම පපුවෙ වෙන්වීමෙි දුක තියාගෙන ඇත්තට හිනාවෙන්න බෑ. කඳවුරට ඇවිත් සතියක් දෙකක් යනකං මතක් වෙන්නෙ ගෙදරමයි. හෙට උදේ මං කඳවුරට යන්නෙ කියල වයිෆ්ගෙ උගුර බැරැන්ඩි වෙන්නෙ කලින් දවසෙ රෑ ඉඳන්. හරියට කතා කරගන්නවත් බෑ. රෑට නිදාගන්න ගියාමත් පැය ගානක් උරහිසේ ඔලුව තියාගෙන ඈනුම් ඇර ඇර මගේ ඔලුව අතගාන එයාව දැක්කම ගොඩක් පව් හිතෙනවා. නින්දකුත් නිදියලා ඇහැරෙනකොටත් සමහර දාට තාම එයා මගේ ඔලුව අතගානවා. එහෙම තමා අපේ ජීවිතේ අවුරුදු විසිදෙකක්ම ගෙවිල ගියේ. ගෙයින් එලියට බහිනකොටත් ආයෙ දුවගෙන ඇවිත් බදාගෙන "බුදු සරණයි,පරිස්සමින් ගිහින් එන්න" කියද්දිත් මහා දුකක් තමා දැනෙන්නෙ. කොච්චරවත් පරිස්සමින් ගිහින් එන්න කිව්වට පරිස්සමින් එන විදිය දන්නෙ උඩ ඉන්න දෙයියො විතරයි. ඒ කොහොම එයිද කියලා. සෙබළෙකුගේ ජීවිතේ හැටි එහෙම තමා. 


සෙබළ බිරිඳක් කියන්නෙ ජීවිතේ අපමණ කැපකිරීම් කරපු චරිතයක්. ඒක අත්දුටුවෙ මගේ බිරිඳගෙන්. හැම රණවිරු බිරිඳක්ම එහෙමයි. කලාතුරකින් එ⁣ක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මඩෙි හිටෝපු ඉන්න වගේ. අපේ හිටියා නිමල් ප්‍රේමසිරි කියල පළවෙනි බැච් එකේ කොල්ලෙක්. අවුරුද්දක් වයස සුදු බොල්යක් වගේ චූටි කෙලි පොඩ්ඩක් එක්ක නිමල් ප්‍රේමසිරිව අතෑරලා වෙන මනුස්සයෙක් එක්ක ගියා. මෙයාගෙ අම්ම නෑ. වයිෆ්ගෙ තාත්ත නෑ. අන්තිමෙිට මෙි චූටි දුවව බලාගත්තෙ වයිෆ්ගෙ අම්මා. අවුරුද්දක් විතර කිට්ටු වෙද්දි  කොළඹ නුවර පාරෙ පස්යාලෙදි කහඉර මැද්දෙ අම්ම වාහනේක හැප්පිල මැරුනා. ඒ අවසන් වැඩ කටයුතු වලට අපිත් ගියා. ඒවා ඔක්කොම අවසන් වුනාම සානුකම්පිත හේතූන් මත නිමල් ප්‍රේමසිරි ට්‍රාන්ස්ෆර් එකක් ඉල්ලුවා පනාගොඩට. ඒ දුවව බලාගන්න. අවාසනාව කියන එක පාත් වෙන්නෙ අපිට කිය කිය නෙමෙි. ට්‍රාන්ස්ෆර් එක අනුමත වෙලා එන්නත් කලින් නිමල් ප්‍රේමසිරි ජීවිතයට සමුදුන්නා. ඒ කල්මාඩු රණ භූමියේදී. අපි මැරුනට වඩා දුකක් වෙිදනාවක් එදා අපිට දැනුනා. හොඳම හරිය ඒක නෙමෙි. ඒ වෙද්දිත් දික්කසාද නොවී සිටීම හේතුවෙන් මෙයාගෙ සියළු වන්දි මුදල් හමුදා ක්‍රමය අනුව හිමිවෙන්නෙ බිරිඳට. ලැජ්ජාවක්  කියන එක තණපුඩුවකත් නොතිබුනු මෙවුන්දෑ ෆියුනරල් එක අවසන් කරන්නත් කලින් අපෙන් ගේම ඉල්ලුවෙ වන්දි මුදල් ඉල්ලල. ඒ දවස්වල අපිට ඔිවාගැන එච්චර අවබෝධයක් නැතිවුනත් වෙන දේවල් ගැන බලාගෙන ඉඳලා ඉගෙන ගැනීමෙි හැකියාවක් හොඳට තිබුනා. මෙි වෙද්දි සම්පූර්ණම සීන් එක සීඔි දැනගෙන හිටියෙ. එයා කීයටවත් කැමතිවුනේ නැහැ දරුවයි මිනිහයි දාල අයාලෙ ගියපු මෙවුන්දෑට වන්දියවත් වැටුපවත් දෙන්න. ඒක සෑහෙන කල් ඇදි ඇදි තිබිල අන්තිමෙි ලඟම ඥාතියා වශයෙන් නිමල් පේමසිරිගේ තාත්තා නිමල්ගෙ දුවව නම්කලා. ඒ සියලු හිමිකමක්ම අන්තිමෙි නිමල්ගෙ දුවට ලැබුනා. (තාත්තා ගන්න කැමති වෙලා නෑ) ඒක වෙච්චි සහ කරපු විදියනම් දන්නෑ, කොහොමහරි වැඩෙි සිද්දවුනේ ඒ ආකාරයට. අන්තිමෙි මෙි ගෑනි දුවව ඉල්ලල නඩු දැම්මා. ඒ සේරමවුනේ එකට ජීවත්වෙන මිනිහ මාර්ගයෙන්. උසාවියේදි වෙච්චි දේවල් නම් දන්නෑ. අපේ රෙජිමෙින්තුවෙ සිරිතක් වශයෙන් අද දක්වාමත් සෑම අවුරුද්දකම ඔක්තෝම්බර් 10 වෙනිදට මියගිය අයගේ ලඟම ඥාතින් ගෙන්නල පවතින ගැටළු පිළිබඳ හොයා බලනවා. මම සැරයන් නිළයේ ඉද්දි මෙි එක උත්සවයකට සහභාගිවෙන්න අවස්ථාවක් ලැබුනා. ඒ මණ්ඩල සාමාජිකයෙක් විදියට. එදා දැකල හුරු පුරුදු ගතියෙන් නිමල්ගේ තාත්තා අඳුරගෙන විස්තරේ ඇහුවම කිව්වෙ උසාවියෙන් නිමල්ගේ නංගිට දුවගේ අයිතිය පැවරුනා කියලා. ඒක වෙච්චි විදියත් මම දන්නෑ. ඒත් එහෙම වෙලා තිබුනා. එහෙම බිරින්දෑවරුත් ඉන්නවා. 


2004 සුනාමිය දවසෙ මම හිටියෙ කල්කුඩා කඳවුරේ. මගේ පුද්ගලික අවියෙ ඉඳන් අඳින්න තිබ්බ වස්තරේ පවා මුහුදට ගහගෙන ගියා. අපි දුවල බෙිරුනේ. ට්‍රෙිනින් එකකදීවත් එහෙම දුවල නෑ. පුදුම දිවිල්ලක් දිව්වෙ. ඒ දුවන අපිව නවත්තගත්තෙ පාලම් පොයින්ට් එකෙන්. නැත්තං තාම දුවනවා. මගේ බිරිඳ දැනගෙන හිටියා මං කල්කුඩා ඉන්නෙ කියල. ඒ දවස්වල කොඩැක් පිලුම් රෝල් දාන 135 කැමරාවකින් ගහපු පොටෝ පවා ගෙදර ගෙනිහින් තිබුනෙ. එදා මගේ බිරිඳ පොලිසියට ගිහින් විස්තර අහන්න. ඒත් පොලිසියත් අසරණයි. දුරකතන සම්බන්ධතාවයන් බිඳවැටිල තිබුනෙ. එයාට පෙලෙිසියෙන් හරි විස්තරයක් නොලැබුන පාර මෙිං මෙවුන්දැයි අපේ අම්මයි පහුවදා වාලච්චෙනෙ රෝඩ් බ්ලොක් එකට ඇවිත්. බොහොම අමාරුවෙන් ආපහු යවාගත්තෙ. අම්මටයි එයාටයි සතුටෙන් ඉන්නෙ කියල පේන්න  පැය ගානක් බොරුවට හිනාවෙන්නත් වුනා. එහෙම අයත් ඉන්නවා. 


එදා මං යද්දි මාවිල්ආරු ක්‍රියාන්ව්තය පටන් අරන් දවස් කිහිපයක් වෙනවා. කඳවුරට පය තියනකොටත් මං දැක්කෙ ඉටිකොල වල ඔතලා අනුරාධපුරේට අරං යන්න එම්අයි 17 හෙලිකොප්ටරය එනකම් ගොඩ ගහල තිබුනු අපේ කොල්ලන්ගෙ මළ සිරුරු. තුවාල වෙච්චි කීප දෙනෙකුත් ඒ අතර හිටියා. බරපතල විදියටම තුවාල නොවෙච්චි අයවුනත් ඒ මූනුවල තිබුනු අසරණභාවය, වෙිදනාව, දුක කියන එක මං හොඳට දැක්කා. හෙට මාත් ඔය පෝලිමෙිද දන්නෑ.  මගෙත් අනාගතය, හෙට දවස කොහොම තීරණය වෙයිද?. 


මං කෑම්ප් එකට යනකොට හවස පහමාරට විතර ඇති. ඒ ගිය ගමන්ම බඩුටික බිලට් එකට දාල ඔෆීස් එකට ගිහින් ගමන් නියෝගය දීල ආයෙ බිලට් එකට ආවෙ එක තැනක විනාඩියක්වත් ගත කරන් නැතුව. මට මෙික අලුත් කඳවුරක් නිසා ගොඩක් අය මෙහෙ තත්ත්වෙත්, හැසිරෙන්න ඔින විදියත් ගැන උපදෙස් ගොඩක් දුන්නා. ඇත්තම කතාව මාත් ටිකක් බයවෙලා වගේ හිටියෙ. ඒ එදා එහෙ තිබුනු වාතාවරණය නිසා. හදිසියෙ දුවන්න වුනොත් දුවන්න තැනක්වත් මං දැනන් හිටියෙ නෑ. අඩුගානෙ බංකරයක් තියෙන තැනක්වත්. මල්ටි බැරල් රොකට් ලෝන්චර්  (MBRL GUN VEHICLE )එකත් තිබුනෙ අපේ බිලට් එකට ටිකක් එහා පැත්තෙ. මෙි වෙද්දි මාවිල්ආරු සොරොව්වට අපේ කට්ටිය හොඳටම ලංවෙලා තිබුනෙ. හිතේ දුකත් බඩගින්නත් ගමන් වෙහෙසත් නිසා හෙම්බත් වෙලා හිටපු මම රෑ තව කීපදෙනෙකුත් එක්ක ගියා කෑමට. මෙික ටෝච් එලියක්වත් පත්තු නොකර යන ගමනක්. කට්ට කරුවලේ මෙස් එකට ගිහින් ලන්තෑරුම් එලියෙන් කාලා, ඔෆීස් එක කිට්ටුවෙන් තියෙන පාරේ බිලට් එකට එන්න හම්බවුනේ නෑ, මෝටාර් වැස්සක් පතිතවුනා. උන්ගෙ පලවෙනි මොටාර් එක පිකප් වෙද්දිම සීසීකඩ දුවපු අපිට ඒක බිමට වැටිල පුපුරල යනකම් බංකරේකට පැන ගන්න ලැබුනෙ නෑ.අපේ ජීවිත හොයාගෙන  "සලස් සලස් කූංං" ගාල හුලන් කපාගෙන  එන සද්දෙට බංකරේකට පැනගන්න නොහැකිවුනු අපි මහ පොලව බදාගෙන පස්කාගෙන ඔලුවත් අත් දෙකෙන් වහගෙන බිම දිගාවුනා. අපි කකා හිටපු ආසන්නයේම වැටිලා පුපුරල ගියපු මෝටාරයේ කෑලි සර සර සර හඬින් ඉලක්ක හොයාගෙන සීසීකඩ විසිර යද්දි ඇඟේ ලේ වතුර නොවුනාම නෙමෙයි. ඒ අස්සෙ කිට්ටුව බංකරේක ඉඳන් කොල්ලෙක් කෑ ගහනවා ,මෙහාට එන්ඩෝ..මෙහාට එන්ඩෝ..දුවල එන්ඩෝ කියල. මාත් දඩ බඩ ගාල නැගිට්ටෙ බංකර් තියෙන තැන දන්න එකෙක් පස්සෙන්ම දුවල ගිහින් ඒ එකකට පැන ගන්න. අපි නැගිටින්න හදද්දිත් මෝටාර් වැටෙනවා. මෙතන හිටියොත් කොහොමත් අතුරුපස චීනච්චට්ටි කෑල්ලකින් හම්බ වෙන හිංදා මොටාර් වැටෙද්දිම කෑ ගහල අඬ ගහන පැත්තට අපි දෙතුන් දෙනෙක් දිව්වා. කරුමෙ පෙන්ස්. කලබලේට කොරොස් කටෙත් අත දාන්න බෑ කියනවනෙ. මං නැගිටල හැරිල පැයට කිලෝමීටර් හැටපන්දාහක විතර පිකප් එකක් ගත්තා විතරයි  තඩි ගහක හැප්පිලා ආයෙ විසිවෙලා ගිහින් උඩුබැලි අතට වැටුනා. ඒකනං ආටි පාරක් කෑවට වඩා රිදුනා. ආයෙ මට ඔලුව උස්සන්න බැරිවුනා. ලඟ ලඟින්ම මෝටාර් වැටෙන්න පටන් ගත්තු නිසා වැටිච්චි තැන ගහටම මුවාවෙලා බිම බදාගත්තා. ඒ ගහ තඩි කොහොඹ ගහක් පෙන්ස්. කරුවලේ ගහ ඇඳිනුවෙ නැතිවුනත් මං ඒක දැනගත්තෙ රසෙන්.  තිත්ත දැනුනෙ කොහොමද කියල අහන්න ඔට්ටු නෑ . ඒව කියන්න තරම් උචිත නෑ ඒකයි. 


එහෙම එක විදියටම මෝටාර් දෙක තුනක් වැටිල පුපුරල යනකං මං කලේ බංකරේට ඉලක්කෙ අල්ලපු එක. මට පිටිපස්සෙන් තිබුනෙ ටොයිලට් එකක්. ඒකෙ වහලෙටත් තේක්ක කොට කිහිපයක් දාල තිබුනෙ. කොට දාල තිබුන කියල දැක්කෙ පහුවදා උදේ. ඒක ඇතුලෙත් කව්රුහරි ඉන්නව කියල මට දැනුනා. උන් මෝටාර් ගන් කිහිපයකින් තමා අපිට පහර එල්ල කරමින් හිටියෙ. මොටාර් එක දෙක වැටෙන කොට අපේ ආටි ගන් වලටත් පන ඇවිත් පලාතම දෙදරුම් කවාගෙන උන්ගෙ ඉලක්ක හොයාගෙන යන්න පටන් අරන් තිබුනෙ. ඒත් මල්ටිය තාම පිකප් වුනේ නෑ. 


ඒ වෙද්දි ලයින් එකේ ඉස්සරහත් සටනක් ඇවිලෙන්න පටන් ගත්තා. ඒ අපේ ලයින් එකට ගහල ඉවරවෙනකං ආධාරක භඨ පිරිස් එන එක සහ මල්ටිය කාලතුවක්කු ටික මොහොතකට නිහඬ කරන්න උපක්‍රමයක් විදියට තමා උන් මෝටාර් ගහන්න පටන් ගත්තෙ. මාත් ගහේ හැප්පිලා හැදිච්චි කැරකිල්ල මඳක් අඩුවෙන කොටම බංකරේ ඇතුලට පැනගත්තා. මං හොල්මන් වෙච්චි පාර කියන්නෙ ඒ පැනලත් බිම දිගාවෙලා තමා හිටියෙ. මූනෙන් ලේ එනව හෝ ගාලා. උඩ ඇවරියේ දතකුත් බුරුල් වෙලාද මන්දා. උරහිසත් හොල්ලන්න බෑ. කකුලකුත් මොනාද වෙලා. බංකරේට වෙලා ඒ වෙිදනාව අඩු වෙනකං මං බිම නිදාගෙන කෙඳිරි ගග ගගා හිටියෙ. ඒත් උන් මෝටාර් ගහන එක ඉවර නෑ. ඊට පස්සෙ තමා අපේ මල් වෙඩි සංදර්ශනේ පටන් ගත්තේ. ඒ "ඩාං හුචාස්  චෝස් - ඩාං හුචාස් චෝස්"  ගාල පිකප් වෙන මල්ටි බැරල් පාර. යුද්දෙ කොච්චර කැතවුනත් රෑට මල්ටි ගහනකොට මාර ලස්සනයි. ඒව ගහන්න ගත්තු ගමන් රිදෙන ඒවා පැත්තකින් තියල මං ඔලුව ඉස්සුවා. ඒ ඔලුව උස්සපු පාර මල්ටි එලි පාරෙන්ද මංදා කොල්ලෙක් දැකල මගේ මූනෙන් ලේ එනවා. උන් අර ආටි මෝටාර් වැටෙන අස්සෙ මාව එම්ඩීඑස් එකට අරන් යන්න හදනවා. ඒ මට මෝටාර් කෑලි වැදිල කියල හිතල. හැබැයි මෝටාර් වැදුනට වැඩිය හපන් මෙික. උඩ හොස්ස පුපුරල මට දැනෙන්නෙ ඒක අඩියක් විතර ඉස්සරහට දික්වෙලා කියල. කොහොමහරි මං වෙච්චි දේ කියල වෙිදනාව ඉවසගෙන හිටියා. 


ටික වෙලාවක් යද්දි අපි හිටපු තැනට මීටර් කිහිපයක් ඉස්සරහ තිබුනු ටොයිලට් එක වහලෙ උඩටම මෝටාරයක් පතිත වුනා. අපි කෑ ගැහුවෙ නෑ. කෑ ගැස්සුනා. ඒත් වෙන්න ඔිනදේ වෙලා ඉවරයි. පව් අහිංසක ජීවිත. කට්ටිය පැනල පැනල ඒකෙ ඇතුලෙ හිටපු අය ටික ඇතුලට ඇදල ගත්තත් දෙන්නෙක් සල්ලඩයක් වෙලා තිබ්බා. ඒක තමා සෙබළෙකුට උරුම ජීවිතේ. 


 අපේ කෑම්ප් එක ඉස්සරහම පොඩි ගෙයක් තිබුනා. ඒක කටුමැටි ගෙයක්. ටකරන් හෙවිල්ලල තිබුනෙ. කාමර දෙකයි මුලු ගෙටම. ඒ ගෙදර කොල්ලට අවුරුදු විසිතුනයි. එයත් ආමි. ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බළමුලුවෙ වව්නියාවෙ තමා රාජකාරි කලා කිව්වෙ. එයා නිවාඩු ඇවිත් හිටියෙ. මෙහෙ නිවාඩු ආවට වැඩක් නෑ. යුධ පිටියකින් තවත් යුධපිටියකට ස්ථාන මාරුවක් වගේ තමා මෙහෙ අය නිවාඩු එනව කියන්නෙ. එදා එයාගෙ නිවාඩුව ඉවරයි. වෙලාව උදේ අටයි තිහට නවයට විතර ඇති. එදත් මෙි වගේම ආටි පාරක් අපිට බඩ කටපුරා හම්බවෙමින් තිබුනෙ. කෑම්ප් එකටත් උඩින් පියාඹා ගියපු ආටියක් ඒ ගේත් කඩාගෙන ඇතුලට වැටිල පුපුරල ඒ අහිංසකයත් ගේ මැද්දෙම මැරිල වැටිල හිටියා. නිවාඩු ඉවරවෙලා යන්න ලෑස්ති වෙලා තාත්තට වැඳල ඉවරවුනා විතරයි කිව්වා. තාත්තත් එක්කම එකට යන්නම ගිහින්. අනිත් ඔක්කොම අය තුවාල වෙලා. ඒ මරණයේ කටයුතුත් අපෙන්ම තමා කලේ. ඇත්තටම රහ කර කර අතීතය හාරා ඇවිස්සුවට මිහිරි මතකයන් වලට වඩා තියෙන්නෙ ගොඩාක් වෙිදනාවෙන් විඳ දරාගත්තු අමිහිරි මතකයන්. පුදුකුඩිඉරුප්පු කිට්ටු කරල විශ්වමඩුවලින් ක්‍රියාන්ව්තය යද්දි මැරුණු සහෝදර සෙබළු දෙදෙනෙකුගේ මළසිරුරු දෙකක් එක්ක  හවස ඉඳන් පුරා රැයක් එළිවෙනකං මම තට්ට තනිවම මහ කැලේ හිටියා. ඒ මාව දාල ගියාට මං ඉන්න තැන හොයාගන්න බැරුව. මගේ තනියට මං දිහා බලාගෙන හිටියෙ අහසෙ තිබුනු තරු විතරයි. අමු ලේ ගඳත් එක්ක, හොල්මන් අවතාර තියෙනවා කියන ආකල්පත් එක්ක,  දැවෙන වෙිදනාවකුත් එක්ක, උන් එක්ක ගතකරපු අතීතය තත්පරයක් ගානෙ මතක්වෙද්දි ඔබට පුලුවන්ද එහෙම ඉන්න. 




ඉවර නෑ....


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.12.30

Sunday, December 27, 2020

කුරුණෑගල 04

 කුරුණෑගල 04


යුද්ධය පැවති කාලේ අපේ හමුදාවට සිවිල් සමාජයෙන් සෑහෙන ඉල්ලුමක් තිබුනා. හැම ටවුමකමත් පාරකමත් ලොකු තඩි පොල් අකුරෙන් ගහපු බැනර් අම්බානකයි. ඒවා අතරින් මගේ හිත අරගත්තු ලස්සන එක වදනක් තිබුනා. ඒ "හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනිකලේ නැත කිසිදිනේ" කියල.

සුනිල් එදිරිසිංහ මාස්ටර්ගේ කටහඬත් එක්ක ඒ වදන් හරියට පපුවෙ ගැඹුරුම තැනට කතා කරනවා. ඒ කාලේ පිට පිටම අවුරුදු 12ක් (මා දැනුවත්ව. ඊට පස්සෙත් ඒ ගීතයම වෙන්න ඇති) ජනප්‍රියතම රණ ගීතය විදියට තේරුණු ඒ ගීතය ඇත්තටම අදටත් සැරින් සැරේ මතකෙට එනවා. ඒක මියුසික් එකත් එක්ක කන් දෙක පුරෝලා අඩ නින්දේ ඉන්නකොට ඇහෙද්දි ඇත්තටම ඇඟේ හීගඩු පිපෙනවා. ගීතයක අඩංගු වචනෙකින් උනත් රණබිමෙි සටන් වදින  රණවිරුවෙක්ව කොච්චරක් දුරට දිරිමත් කරන්න පුලුවන්ද කියල හොඳටම තේරුම් කරල දුන්නු සිංදුවක් තමා ඒ. 

ඒ දවස්වල රණ ගී නම් අම්බානකයි. මෙි බැනර් වලටත් අරන් තිබුනු වදන් ගොඩක්ම මෙි වගේ රණ ගී වලින් උපුටාගත්තු ඒවා. ඒ දවස්වල අපි පාරෙ ට්‍රක් එකක යනකොට උනත් කොච්චර කෙල්ලො කොල්ලො අත වනනවද? 

එකපාරක් මට වාලච්චෙනෙදි සිදුවීමක් වෙලා තුවාල වෙලා ලේ නවත්තගන්න බැරුව ඇම්බියුලන්ස් එකේ ඔබාගෙන හැටට හැටෙි පොලොන්නරු රෝහලට අරන් එද්දි අපේ අයට මාව තියටර් එකට අරන් යන්න වුනේ නෑ. "කෑවෝ,කෑවෝ" ගාගෙන පොලවටත් අඩියක් විතර උඩින් එහෙම එන ඇම්බුයුලන්ස් එකක, නැත්තං උඩින් එන චොපර් එකකින් තුවාල වෙච්චි අපේ අයව අරගෙන එන අයට ඔවුන්ව තියටර් වලට අරන් යන්න වෙන්නෑ. ඒ සද්ද ඇහෙනකොට රෝහලේ ඉස්සරහට පිරෙන කොල්ලො තමා කඩියො වගේ වැඩ කරන්නෙ. අඩ සිහියෙන් උනත් යන්තමට සිදුවීම මං දැක්කා. එදා මාවත් ටොලියක දාගෙන අරන් ගියෙ සිවිල් කොල්ලො තුන්දෙනෙක්. මාත් එක්ක ආපු අනික් තුවාල වෙච්චි කෙනා ඇම්බියුලන්ස් එකෙන් බානකොට මට හිතෙන්නෙ මං තියටර් එක ගාවටත් ගෙනිහින්. ඇත්තටම ඒ අතින් පොලොන්නරුවෙ කොල්ලො හෙන භක්තියක් දැක්කුව අපිට. ඒක පොලොන්නරුවටම සීමා වෙන්නෑ. අපේ සිංහල කොල්ලො කෙල්ලො ඒ දවස්වල කොතනත් එහෙමයි. පොලොන්නරුවෙ කියල විතරක් කිව්වෙ අත්දැකීමක් තිබුනු නිසා. 


කතාවට යමුකො. මෙි බැනර්, කටවුට් වලට එහා ගියපු තව දේකුත් තිබුනා. ඒ තමා හමුදාවෙ කොල්ලන්ට කෙල්ලන් දක්වපු කැමැත්ත. ඉස්සර මුහුනු පොත තිබුන්නෑ. පත්තරවල මිතුරු හමු තිබුනෙ. සිත්තර, සත්සිරි,චිත්‍රකතා, දසුන, මධුර, හිතවත, සත්වරුණ, වරුණ, සඳරේණු බිරිඳ,පියාදරී, ආදී එකී මෙකී නොකී පත්තරවල වෙන්කරපු පිටුවක තමා ගොඩක් වෙලාවට එහෙම තියෙන්නෙ. ඒ මිතුරු හමුවල ගෑණු ලමයින්ගෙ පොටෝ යටින් අනිවාරයෙන්ම සඳහන් වෙන එක් කරුණක් තියෙනවා. ඒ "වරදට සමාව දෙන රණවිරු අයිය කෙනෙක් හඳුනගන්න කැමතියි" කියලා. වරදනම් මොකද්ද දන්නෑ. සමහර විට හොරෙන් කැන්ටිමෙන් කාල ටීචර්ලගෙන් ගුටි කාපු එකක් වෙන්න ඇති. එහෙමත් නැත්තං පව්ලෙ අයත් එක්ක රණ්ඩු වෙච්චි සීන් එකක් වෙන්න ඇති. ඒවා යාලුවෙච්චි කොල්ලට ආරන්චි වුනොත් එයාලව දාල යන්න යයි කියන හැඟීම ඒ අයට ඇතිවෙලා දාපුව වෙන්න ඇති. ඒත් පුංචි ගැටලුවක් තියෙන්නෙ ඒකට රණවිරු අයියලාවම තෝරගන්න එක ගැන. මට පෙන්නන්න බැරිත් ඒ වරදට සමාව දීල ඒව කරේ එල්ලගන්න තරම් නිහතමානී ආදරණීය හමුදාවෙ රණවිරු අයියලාව.

ඇයි යකෝ. 


ඉස්සර අපිට ඔය පත්තර ලැබෙන්නෙ මඩකලපු යන කුරුණෑගල දිස්ත්‍රික්කෙ පොල් සහ පොල් අතු ගෙනියන ලොරිවලින්. එහෙ අපිට පත්තර සල්ලි වලට ගන්න ලැබෙන්නෑ. එකම රටෙි රටවල් දෙක තුනක් විදියටනෙ ඉස්සර ඔය පළාත් තිබුනෙ. 


කුරුණෑගල ඉද්දිත් අපි පත්තර කියවනවා. මමනං කියවන්නෙ සඳරේණු පත්තරේ සහ බිංදු පත්තරේ. සඳරේණු පත්තරේ ඒ දවස්වල හරියට පවුඩර් ආදර කතා තිබුනා.බිංදු පත්තරෙත් එහෙමයි. මං ඒකෙ ආස අන්තිම පිටුවෙ දාන කතන්දරේට. වෙන මුකුත් හිංද නෙමෙි අපි බබ්බුනේ. ඒකයි. අනික ඒකාකාරී ජීවිතයෙන් චුට්ටකට හරි මිදෙන්නත් මොනවාහරි කරන්නෙපැයි. ඒ හිංද. 


මෙහෙ හිටියා පියරත්න කියල කොල්ලෙක්. ලස්සනයි. සුදුයි. තොල් දෙක රෝසපාටයි. ටිකක් සුද්දෙකුත් වගේ. හැඩයි. ඒවුනත් බුවාට කෙල්ලෙක් නෑ. ටිකක් විතර ලැජ්ජකාරි චරිතයක්. ඒත් පොරටත් හෙන ඇම්මක් තිබුනා කෙල්ලෙක් යාලු කරගන්න. ඇත්තටම පොරට ඒ දවස්වල කෙල්ලෙක් හිටියෙ නෑ. ඒක විශාල අඩුපාඩුවක්. අපිට සිවිල් එකේ කෙල්ලෙක් යාලුකරගන්නවා කියන එක හෙන ගේමක් දෙන්න ඔින දෙයක්. මාස දෙක තුනකට සැරයක් නිවාඩු ගිහින් යන්තම් අයිටම් එකක් ඇහැදීල එක පාරක් හිනාවෙනකොට නිවාඩුව ඉවරයි. එකම ගමෙි උනත් සීන්එක ඔිකයි. ආයෙ මාස දෙකතුනක් ඒකි ගැන හීන මව මව ඉඳල නිවාඩු ගිහින් අයිටම් එක ටෝක් කරන්න යනකොට ඒක වෙන එකෙක් දාගෙන. ආයෙ හිත හදාගෙන අලුතින් එකකට බහින්න අදහස් කරනකොට නිවාඩුව ඉවරයි. නැවතත් ඌ මයි. ඉතින් කෙල්ලො සෙට් වෙයිද අපිට. ඒකට පිළියම් වශයෙන් ගොඩක් කොල්ලො තෝරගත්තෙ මෙි මිතුරු හමු. වරදට සමාව දීල හරි කරේ එල්ලගන්න තරම් හරක් ඔිනෑ තරම් ඉස්සර හමුදාවෙ හිටියා. ඒ අර ඉහත සිද්ධාන්තය නිසා. මංනං දැනුවත්ව එකෙකුට චාන්ස් දුන්නෑ ඒවට කරගහන්න. හැබැයි ඒවගෙන් හමුවෙලා දැන අඳුනගෙන වරදට සමාව දීල බැඳපු අයත් ඉන්නවා මම දැනුවත්වම. හමුදාවට කාන්තා රෙජිමෙින්තුවක් ඇතුලත් වෙන්නත් ඒ ඒකක ගාන වැඩිවෙන්නත් ප්‍රධාන එක් හේතුවක් වුනේ කොල්ලො පත්වෙන මෙි අපහසුතාවයන්ට පිළියමකුත් එක්ක.

ඇත්තම කතාව කොච්චර නම් එහෙම ආමි ආමි බැඳලා සාර්ථක යුගදිවි ගත කරන පවුල් ඉන්නවද. මගේ ගමෙත් පවුල් පහලොවක් විතර ඉන්නවා. ගෙට පල්ලැහැත් එකියෙකුයි එකෙකුයි ඉන්නවා. ඒ අස්සෙ හමුදාවෙ හොඳ යාලුවො බැජී බැජීල දෙමස්සිනාල වෙච්චි තැනුත් ඔිනෑතරම්.


නැවතත් කතාව. ඔහොම ඉද්දි තමා පියරත්නටත් සඳරේණුවකින් කෑල්ලක් සෙට්වෙන්නෙ රේණුකා දමයන්ති කියලා. ඒක හොයාගන්න මාත් එක හේතුවක් වුනා. අපිත් හෙන භක්තියකින් තමා පියාට සපෝර්ට් කලේ. මූත් හොඳයි කියන එකකට දැම්ම ලියුමක්. සති දෙකක් යනකොට රිප්ලයි ආවා. ආයෙ දැම්මා පිළිතුරු. ඒවටත් ආව. දැන් ගොනයි මීමයි වගේ ඇහැට නොදැකවුනත් දුරස්ථ පේම කතාව නැගල යනවා. ඔහොම ඉද්දි ආරාධනාවක් ආව කෙල්ලගෙ ගෙදර එන්න කියලා. මූත් සති අන්තයක් අල්ලල නිවාඩුවකුත් දාල කෙල්ලගෙ ගෙදර ගියා. හැබැයි මූ අහිංසකයෙක්. අපිව උනත් ආශ්‍රය කලේ හරි පරිස්සමින්. මූ ඒවුන්දැගෙ ගෙදර ගිහින් ආව. ඒ ආපු දා ඉඳන් මූන ඥොරොක් කරගෙන හිටියෙ. හේතුව ඇහුවට කිව්වෙම නෑ. උපදෙසක් දෙන්න උනත් හේතුව දැනං ඉන්ඩෙපැයි. මාත් මගෙ වහන්තරාව එක්ක බැඳලත් ලව් කරන කාලෙනෙ. මූ පස්සෙ පස්සෙ අපිව මගාරින ගතියකුත් තිබුනා. ඇහුවම කියන්නෙ "අවුලක් නෑ කෝපල් නැගල යනව" කියල. මෙිකට අපිත් වගකියන්න ඔින හිංද මොකද්ද සීන් එක කියල ටිකක් හොයල බැලුවා. මුගේ හොඳම යාලුවෙක් හිටියෙ බැජියෙක්. නම පේමදාස.  ඌ අපිව තදින් ආශ්‍රය කරපු එකෙක්. දවසකට සැරයක් අපිත් එක්ක කතා ⁣කරන්න හම්බුන්නැත්තං බතුත් කන්නැති ඩෑල්ලෙකක්.  මුගේ හේතුව හොයන්න අපි පේමට භාරදුන්නා. මූට කිව්වා ශේප් එකේ අහගෙන හේතු කරුණු සම්බන්ධව හොරෙන් අපිව දැනුම්වත් කරන්න කියලා. පේමත් ගේමට බැස්සා. දවස් දෙකක් යනකොට පූස මල්ලෙන් එලියට පැන්නා. වෙලා තියෙන්නෙ මූට එන්න කියල තියෙන්නෙ දවල් කෑමට. මූට තියෙන හදිස්සියට මූ උදේම එහෙ ගිහින්. ගේ හොයාගෙන හොයාගෙන ගෙදරට යද්දි අම්ම විතරයි ගෙයි ඉඳල තියෙන්නෙ. කෙල්ල නෑලු. මූත් විස්තරේ අහල කියල අන්තිමෙිට අහල කෝ භාන්ඩෙ කියලා. අම්මත් මූට ගෙට අඬගහල පුටුවක වාඩිවෙන්නත් කියල එලියට බැහැලා;


*ඩිංගියෝහ්හ්හ්හ්.. කියල හයියෙන් කෙල්ලට අඬගහලා.

මෙිකිත් ඈත බැද්දක පඳුරක් පල්ලෙ ඉඳන්..හයියෙන්

*ඔිහ්හ්හ්... මං රෙනෝඔිඔිඔිහ්හ්හ් කියල හඬනගා කියල. මෙිකි දන්නෑ කොල්ලා ඇවිත් කියල. මූට හෙන අප්සට් වැඩෙිට. ⁣හද්දෙයියනේ සමාජෙකට ගන්න පුලුවන් ඩෑල්ලෙකක්ද ඒ?? හූවෙ දුරටනෙ ඔහෙ ඉඩම් දෙන්නෙත්. ඒ කිව්වෙ ඉඩමක් බෙදාගන්න ගිහින් රුපියල් පන්දාහක් විතර අයිතිකාරයට දුන්නම ඌ හුවක් කියනවලු. ඒ හූව ඇහෙන දුරම රුපියල් පන්දාහයි. ඉතින් අහල පහලත් ගෙවල් නැති හිංද බැද්දෙ හොදට රෙන්ඩ පුලුවන්. 

මූ ආපහු යම්දෝ නොයම්දෝ කියල හිත හිත ඉන්නකොට ගේ පිටිපස්සෙන් බාල්දියක් අතාරින සද්දෙත් එක්ක කෙල්ල ගෙට ආවලු ඇදල පැදල

*අපෙ අම්මා මට රෙන්ඩවත් දෙන්නෑනේ කියාගෙන. සාලෙට ඇවිත් බලද්දි කොල්ල ගෙයි. ගිනිගත්තෙ ඊට පස්සෙලු. මූට මාරි කැට පැකට් එකකුයි ලොකුවැයිං ඇම්බුං ඇවරියකුයි දීල තේ බොන්න. තේත් බීල කොහොමහරි ඉවසගෙන දවල්ටත් කාල මූ ඇවිත්. හැබැයි කෙල්ල ජුංඩක් පෙනුමයි. සුදුයි. ටිකක් කොට ඩෑල්ලෙකක්. ටිකක් චබීයි.අපිට පොටෝවක් පෙන්නුව එද්දි අරං ආපු. පුංචි කාලෙ අලිය පිටෙි ගිහින් වගේ චූ⁣ටිම චූටි බකල් ගතියකුත් පේන්න තියෙනවා. ඒ කියන්නෙ කකුල් දෙක දේදුන්නක් වගේ. අපිනං කිව්වෙ බැන්දම  ඒකිගෙ කකුල් දෙකට ඉස්සර ඇඳන්වලට දාන ජාතියෙ තිරිංගයක් හරි දාල ලංකර ගන්න බැරියැ ඔන්නං රෑට විතරක් හරි කියල. පිං ඔඬෙිකුත් තියෙනවා. ඒක හරි වාසනාවන්ත දෙයක්ලුනේ. සල්ලයිට් පෙට්ටියකට ගවුමක් අන්දලා වගේ ගහල තිබුනු පොටෝ එකේ පේන්න තිබුනු වගතුග ගැන ඔහොම තමා අපි උපදෙස් දුන්නෙ. පෙනුමෙන් තනිකර මැද "ය යන්න" කපපුවම ගො"ය" ම් ගහක් වගේ. ඒ වුනත් මුගේ චොයිස් එක ඒක. ඒත් එහෙම වුනත් දෙයියනේ කෙල්ලගෙ හැසිරීම??. 


මූට හෙන අප්සට්ලු වැඩෙිට. ඒකයි මුන හපුටු කරන් ඉඳල තියෙන්නෙ. ඔික පේමා අපිට කිව්වම ඉලඇදුනා හිනාවෙලා. බත් ඇට එක දෙක නාහෙන් පනිනවා අදටත් මතක් වෙද්දි. ඒත් මූ චුට්ටක් විතර ඒකිට කැමැත්තකුත් තියෙන ලයින් එකක් තියෙන්නෙ. අපිත් කිව්වෙ අනුරාදපුරෙන් බැදපං යකෝ. ආයෙ කේ 75 ලෑන්මාස්ටරයක් බැඳගත්තා වගේ තමා කියල. එවුන්දැලට වැඩ, කට්ට, දුක, සැප, කඳුල, සීතල, අව්ව වැස්ස ඔිවයෙ ලෙවල් එකක් නෑනෙ. අපේ පලාත්වල නිලියො වගේ නෙමෙි එවුන්දැලා. හොඳ හයිය පන තියෙන ඈයොනෙ.


ඔික පේමා අපිට කියල දවස් දෙකක් ගියේනෑ, කාටවත්ම කියන්නෑ කියල පොරොන්දු වුනාට දවස් දෙකෙන් මුලු බ්‍රිගේඩ් එකම දැනගෙන. හැබැයි ඔය එකෙක්වත් ඒකට මූන දුන්න කොල්ලා පියරත්නයාය කියල දන්නෑ. ඒක වෙනම ආතල් එකක් විදියට බිගේඩ් එකේ ගස්ගල් පවා දැනගත්තා. ඒක මූටත් ආරංචිවුනාට සැනසුම් සුසුම් හෙලන්න පුලුවන් ඒකට ඌගෙ නම ගෑවිලා නැති හිංද.

ඔහොම ඉන්න අතරෙ තමා බිලට් එකේ කතිකාවක් ගියේ මෙි සම්බන්ධව. කතාව ඇදල ගත්තෙත් පේමාමයි. ඌත් ටිකක් මගේ ලඟින් යන මොඩල් එකේ බුවෙක්. පොලොවෙන් මතුවෙච්චි එකෙක් වරෙන්, ඌත් මූට බයිට් එකක් තමා.එක පාරටම මූ බිලට් එකේ හයියෙන් "ඩිංගියෝහ්හ්" කියල කෑ ගහන්න ගත්තා. ඒ "ඩිංගියෝ" කෑල්ල කොච්චර පේමස් උනාද කියනවනං  ඒ වෙද්දි අපි කොල්ලන්ටත් අමතන්නෙ "ඩිංගියෝ" කියලා. "ඒහ් ඩිංගියො, දුන්තර්ලයිෂ් එකක් නැහ්??" අඩෙි ඩිංගියෝ මොනාද අද ඩියුටිහ්" අන්න ඒවගේ.  සීන් එක දන්න බුවෙක්ට ඩිංගියෝ කියල කතාකලාම ඌත් උත්තර දෙන්නෙ "මං රෙනෝ" කියල. පේමා වසලයාටත් කට නිකන් තියන් ඉන්න බැරිකමට ඩිංගියෝහ් කියල කෑගහනකොට තෙත බෙිරි බෙිරි කෑම කාපු පිඟානත් එල්ලගෙන බිලට් එකට ගොඩවුනේ පියරත්න. ඌට මෙස් එකේදිත් මොකකට හරි මළ පැනල තමා ඇවිත් තියෙන්නෙ. ඩිංගියෝ කෑල්ල ඇහිච්චම එකපාරටම මූ පිඟනෙත් පොළවෙ ගහල පරලවෙලා පේමාටත් අමුතිත්ත කුණුහරපෙන් බනින්න පටන් ගත්තා. ඒත් පේමා සද්ද නැතුව හිටියා. වැරැද්ද උගේනෙ. මූ බනින විදියට පේමට විතරක් නෙමෙි අපිටත් හිනා ගිහින්,ඒකට ආයෙ අමුතුවෙන් මළපැන්න පියරත්න මූට අල්ලගෙන ඇඳේ ඔබාගෙනම කීපයක් ඇන්නා. හැබැයි පේමා ගුටි කෑව මිසක් එක පාරක් ගැහුවෙ නෑ. ඒ අතින් ඌ හෙන ග්‍රේට්. අපිත් බෝම අමාරුවෙන් දෙන්නව දෙපැත්තට කලේ. හැබැයි දෙන එක දීල තියෙනව පෙමාගෙ හොම්බ තැරි ගැහිල ඉදිමෙන්ඩම. මොනාද ආයෙ තොල් පුපුරන්න දීල හොම්බත් බලාඉද්දිමයි ඉදිමුනෙ. අපිට මොකෝ උං උං බැජීලනෙ. 


කෙල්ලගෙ පෙනුමයි හැසිරීමයි කතාබහයි හිංද අපි කිව්ව පියරත්නට ඔික නවත්තහං කියල. ඊට වඩා ගැලපෙන ලස්සන කෙල්ලෙක් හොයල දෙන්නං කියල අපි පොරොන්දු උනා. ඒත් මූ අරක අතාරින්න එච්චර කැමැත්තක් නැති පාටයි. කෙලින්ම කතා කරන්න ලැබිච්චි හිංද හිතට අල්ලල ගිහින් වගේ. අපිටත් උඩහ කැලෑ ගානෙ ඉන්නකොට අටපට්ටං බැරල් වගේ ඉන්න ආමි කෙල්ලොත් පේන්නෙ සුරදූතියො වගේනෙ. ආං ඒවගෙ මූටත් වෙලා තිබුනෙ. පස්සෙ අපි කියල කියල ඔික කොහොම හරි නැවැත්තුවා. ඒත් ඔිසෙට මූට ලියුං එනවා. මූ අපිට හොරෙන් ඒවට පිළිතුරු දානවද දන්නෙත් නෑ, සතියකට ලියුම් දෙක තුනක්නං එනෝම තමා. 


මෙිකට සම්බන්ධ වෙච්චි මමයි අපි ටික එක දවසක් එකතුවෙලා මූට ආපු ලියුමක් හොරෙන් කැඩුවා. 


අයිනායක දෙවි පිටයි!

නිවසේදී.

මගේම ආදර මගේම ජයතුට. (මුගේ මුල්නම ජයතු ඈ) උත්‍ත එවාන්ඩ පක්කු වුනේ ගොම් වැඩ හංදා. අපේ කූඹුර මඩ කනවා මෙි දවාස්වල. එකයි. ඔයා සනීපෙං ඇත කයා මං හිතමි. ඔන්න ඔිවගේ මහා හෑල්ලක් ලියල ලියල අන්තිමෙිට, ඔටත් යලුවන්ටත් සිලු දෙවි පිහිටයි. මීට ඔයාගෙම ආදර රෙනූ

කියල අවසන් කරල තිබ්බා. මෙික බලපුවම කෙල ඉස්පොල්ලෙ ගිහින් අපිට හෙම්බිරිස්සාවකුත් හැදුනා. පෙමාට පට්ට ආතල් වැඩක් වෙලා මෙික. ඌ අහනවා "උගේ පෙට්ටියේ තව බඩු තියෙනවා,උස්සමුද" කියලා. ඒ කියන්නෙ තව ලියුම් පෙට්ටියෙන් හොරෙන් අරන් කියවමුද කියල අහන්නෙ. ඒක සදාචාර සම්පන්න නැති හිංද ඒ වැඩෙි කැන්සල් කරලා දාලා එවුන්දැ එවන විදියට අපි සුවඳ ගහන ලියුම් කොලයක් අරන් ඒකි ලියන  විදියටම අකුරු අඩු කරල ලියුමක් ලිව්වා. ලිව්වෙත් තනිකර කුණුහරප වගේ එව්වා. අන්තිමෙිටම ලිව්වා "ඔයා එවන ලියුං වැඩි හිංදාද මංදා මට මෙි මාසෙ මෙව්ව එක වුනෙත් නෑ රත්තං" කියලා. ඒක ඒ ලියුම් කරවරෙටම දාල අලවල ලියුම් පෙට්ටියට දැම්මා. 


දවස් දෙක තුනක් ගතවුනා. මෙිකට සහභාගි වෙච්චි අපේ එවුන්, අපි ලිව්ව ලිවුමෙ තියෙන දේවලුයි, අපි බලපු ලිව්මෙ තිබ්බ දේවලුයි කෑල්ල කෑල්ල අරං පියා ඉන්න ඉන්න තැන්වල කියවන්න ගිහින්,ඒක පියාට මාට්ටුවෙලා, ඌ අපෙන් ගේම ඉල්ලලා, හෙන ගිනි විජ්ජුම්බරයක් වෙලා, ඒක කොච්චර දුරදිග ගියාද කියනවනං අන්තිමෙි පියා නැවතුනේ ඉස්පිරි තාලෙ. සිගරට් බොනවා තියා බොන තැනකවත් ඉන්නැති පියා, අරක්කුවල ගඳ සුවඳවත් අඳුරන්නැති පියා පෙනඩෝල් කාඩ් දෙකක්ම අපි ඉස්සරහ බිව්ව කිහාල්ලකො. මෙිකත් අපිට හොරෙන් කාඩ් දෙකම කඩල පෙති අරන් තියෙන්නෙ. ඒක දැක්ක අපි පැනලා ඇදල දාන්න හදනකොට මූ බීල ඉවරයි.ඒත් බාගෙකට වැඩිය ගිලිලා.  අපිත් එසැනින් මූව එම්අයි රූම් එකට අරං ගිහින්, එතනින් ඉස්පිරිතාලෙට අරන් ගියා. දවස් දෙකක් ඉස්පිරිතාලෙ හිටියා. ඒ දවස් දෙකට මූට හිතෙන්න ඇති මාසයක් ඉන්න තිබුනනං කියලා. ඒ තරං සැප ඌට. අපි මාරුවෙන් මාරුවට කෑම බීම පලතුරු අරව මෙව්වා දෑත පුරෝලා ගිහින් දුන්නෙ කාපිය කියල. ඒත් ඌ අපි කා එක්කවත් කතා කලේ නෑ.  (කොල්ලොනේ. කොලු කාලෙනේ). මෙික කෑම්ප් එකෙත් දුරදිග ගියා. හැබැයි මුට අමාරුවක් නැති නිසා බීඑම්ගෙන් නැවතුනා. ඒක බීඑම්ගෙන් නවත්ත ගන්න අපිට එක්ස්පනේෂන් පවා දෙන්න වුනා. මාත් එක්ක පෙමාත් ⁣රූපවංශත් ඒකට බීඑම් සර් හම්බවෙලා සත්‍යම විස්තරේ කිව්වා. ⁣එයාලා ලොකු අයියල වගේ හැඟීමක් ඒ දවස්වල අපි අතර තිබුනෙ. පාබල ඒකකයක නිළධාරියෙක්නේ. 

 පස්සෙ අපි තීරණය කලා ආයෙ කවදාවත් මූට විහිලු නොකර ඉන්න. බීඑම් කිව්වෙත් එහෙම. ආයෙ ඒවගේ දේවල් නොකරන්න අපිටත් ඒක හොඳ පාඩමක්වුනා. 

ඒත් ඉතින් ආරේ ගති නෑරේ කියනවනෙ. ඌ ඉස්පිරිතාලෙන් එන්න කලින්ම තව කාඩ් එකක් වැදුනා. නිර්මාතෘත් මමම තමා.


අසම්මතයේ ලඳකට පෙම්කර ජීවිතයම වල්මත් කරගත් අපේ කාලයේ දුක හිතෙන කොල්ලෙක්ගේ කතාවයි, "පෙම්බැඳි හිච්චියා". දිවයිනේ සියලු ආදායම් වාර්ථා බිඳහෙලමින් දැන් සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලයේ  සිනමාහල්වල තිරගත වෙි පෙම්බැඳි හිච්චියා. 

රොක්සි වැල්ලවත්ත,මානෙල් දෙමට ගොඩ, කොන්කෝඩ් දෙහිවල, මිහිර මීරිගම,සිනෙක්ස්පෝ කුරුණෑගල,ජීවනි අලව්ව, එමෙක්ස් මොරටුව , රත්නාවලී කැකුනවෙල ගැමුනු විජේසූරිය, යන සිනමාහල්වල දැන් තිරගත වෙි පෙම්බැඳි හිච්චියා..... 

 ඒ තමා අවසන්ම අවසන් කාඩ් එක. මෙිකත් සෑහෙන්න පෙතිචාර තිබුනු එකක්.

ඔහොම මාසයක් දෙකක් ගෙවිල යනකොට මටත් මාවිල්ආරු ක්‍රියාන්විතයට කැඳවල ලියුමක් ආවා යුනිට් එකෙන්. ක්‍රියාන්විතයක් පටන් ගන්නකොට ඒකට සහභාගිවෙන ඒකකවල රටවටෙි විසිරී සිටින ඒ ඒකකයේ සාමාජිකයන් කැඳවල එකතු කරගන්න එක හමුදාවෙි සිරිතක්. මටත් හෙන දිග ලියුමක් ආවෙ ඒ විස්තරේ කියල. "පවතින භඨපිරිස් හිඟතාවය මත මෙම ඒකකයට අයත් පහත නම සඳහන් කොනොනි කඩිනමින් මෙම ඒකකය වෙත මුදා හැරීමට කටයුතු කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. කියල. අනික අපි නැතුව යුනිට් එක වහන්නම වෙන ලයින් එකක්ලුනෙ තිබුනෙ. හැබැයි ඒකට එක හේතුවක් වුනෙත් මං හදාරපු ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලා දෙක. ඒ අය එකතුකරල වෙනම ටීම් තුනක් හදන්න ඒකකයේ සූදානමක් තියෙනව කියල තමා විස්තරේ දැනගන්න කෝල් එකක් ගත්තම කිව්වෙ. මාත් ඉත සිතින් අකුලගෙන යුනිට් එකට යන්න සූදානම්වුනා. ඒ යන්න සති දෙකකට විතර කලින් තමා මට පොලොන්නරු යන්න ආරාධනාවක් ආවෙ. (අපේ පිරිස් පාලන අධ්‍යක්ෂගේ අනුමැතිය එනතෙක් ටික දවසක් මට ඉන්න උනා.) ඒ පෙමාගෙන් උගේ ගමෙි යන්න. ගිහින් ෆන් එකක් අරගෙන ආතල් එකක් අරන් එමු කියල ඌමයි කිව්වෙ. මොකද පෙමාටත් යුනිට් එකට යන්න මට වගේම ලියුමක් ඇවිත් තිබුනෙ. ඌ සිංහ රෙජිමෙින්තුවෙ එකෙක්. අපි දෙන්නගෙම ඒකක පාබල හිංද ආයෙ කවදා අපි හම්බවෙයිද දන්නෙත් නෑ. අපෙන් කව්රු ඉතුරුවෙයිද,කව්රු යන්නම යයිද කව්රු ඉස්සර වෙයිද  කියල දන්නෙත් උඩ හිටපු දෙයියො විතරයි. ඒක අපේ ඒ දවස්වල ජීවිතේ ස්වභාවයනේ. අපේ උන්දැ එක්ක යාලුවුනාමත් එවුන්දැලගෙ ගෙදරින් මට කේස් දැම්මෙත් ඒකනෙ. (අන්තිමෙිට පන්නං ගිහින්නෙ බැන්දෙ.)  ඒ ටුවර් එකට ආරාධනා ලද මාත්, පියාත්, කෝපල් රූපවංශත්, සිරිකුමාරත් තනි පයින් සෙට්වුනා. 


අපි ගියා. ගිහින් වැවෙන් නාල වැව්මාලුත් එක්ක නෙලුම්කොලේ ඔිලු බත් කාල,රෑ හීන් අඩියකින් සන්තර්පනය වෙලා පට්ටම පට්ට ෆන් එකක් ගත්තා. ඒ ෆන් එක කොහොමද කියනවානං ඇත්තටම වචනවලට පෙරලන්න අමාරුයි.  මගේ මෙි ජීවිත කාලෙටම එදා පෙමාගෙ ගෙදර ගිහින් ගත්ත වගේ ෆන් එකක් මෙි වනතෙක් අරන් නෑ. ආයෙ ගන්න ලැබෙන්නෙත් නෑ. (පෙමා වන්නි මානුෂීය මෙහෙයුමෙිදී පරන්තන් වලදි ජීවිතේට ආයුබෝවන් කිව්වා. එතෙක් අපේ සම්බන්ධතාවය තිබුනා) රෑ සිංදු කියලා කෑගහල හූ කියල ගමම පිස්සු වට්ටල හිතේ හැටියට නටල පිස්සු විකාරයක් කලා. ඒ දවස්වල ආමි එකට තිබ්බ භක්තිය කියන්නෙ අහල පහල ගෙවල්වල අයත් පෙමාලගෙ ගෙදරට ඇවිත් පිරිල හිටියෙ.  එහෙ යාලුවො කීප දෙනෙකුත් අපිට සෙට්වුනා. රෑ තමා හරියට⁣ම මෙි පාටියේ අරමුණ දැන ගත්තෙ. එතකං ඌ කිව්වෙ නෑ. පියයි පෙමයි දෙමස්සිනාල වෙන්න අත්තිවාරම වැටිල මීට මාසෙකට විතර කලින්. ආං කෙල්ලොනං කෙල්ලො. අපේ එකීලට ගගහ එලවන්න හිතෙනවා දෙයියො.  කොල්ලනං කොහොමත් අවුලක් නෑ. අහිංසකයෙක්. බොක්ක හොඳ බුවෙක්. ගෙදරින් කැමැත්තත් දීල පෙමාගෙ ඉල්ලීමට. ඒව අපිට රහසින් වෙච්චි දේවල්. පෙමාම අපිට හොරෙන් පියාට නංගි ගැන කියල වරෙන් යන්න කියල. මෙි වෙද්දි පියාත් තුන් පාරක් විතර මෙහෙ ඇවිත් ගිහින්. (පෙමා සෙට් කරල තියෙන්නෙ පියා ඉස්පිරිතාලෙ ඉඳන් ආපු අලුත ඉඳන්)කුරුණෑගල ඉතින් සතියකට සැරයක් එලියට යන්න පුලුවන්නෙ. ඒත් පේම අපිට කියල නැත්තෙ අපේ ගැන්ග් එකේ හැටි ඌ දන්න නිසා පෙමාටත් පෙනඩෝල් බොන්න වෙයි කියල බය හිතිල වෙන්න ඇති. මෙික මස්සිනාලා දාමයක් කියල දැනගත්තෙ ඊටත් පස්සෙ. බැලින්නං පේමගෙ පෙම්වතිය කෝපල් රෑපවංශගෙ නංගි. මං විතරයි පිට එකෙක්ට ඉඳල තියෙන්නෙ. සිරි කුමාරයා පෙමාගේ ලේ ඥාතියෙක්. ඒක අපි කලින්ම දැනං හිටියෙ. මාත් බඳින්න කලින්වත් මෙික උනානං අම්මප පේමගෙ මාමගෙ දුවව වත් ටෝක් කර ගෙන පෙමාගෙ මස්සිනා වෙන්න තිබුනා. ඒකිත් හෙන කෑල්ල. නර්ස් කෙනෙක්. නර්ස් කෙනෙක් කිව්වම මතක්වුනේ, මාත් ඉස්සර හෙන ආසාවෙන් හිටියෙ නර්ස් කෙනෙක් බඳින්න. ඒ කටු විදින ඒවැං බෙිරෙන්න. කලින් එයා කට්ටෙන් විදිනවා මං කෙඳිරි ගානවා. දැං මං කට්ටෙන් විදිනවා එවුන්දෑ කෙඳිරිගානවා. හැබැයි කෝක වෙතත් ඇස් දෙකෙන් දැකපු දේවල් ඇස් දෙකෙන්ම ඉවර කරන මගේ ප්‍රතිපත්තියත්, මිත්‍රකමට එහා ගිය සහෝදරකමත් නිසා ඒ ඇසු දුටු හැම දෙයක්ම පෙමාගෙ ගේ ඉස්සරහ තිබුනු හතරෙ ඇලේ බැම්ම උඩින් තියල මං ගමෙි ආව. 


ඉවර නෑ.


ඔය පල්ලැහෑ පොටෝවෙ ඉන්නෙ මා නම් නෙවෙයි. පියරත්නයා


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.12.23

කුරුණෑගල 05

 කුරුණෑගල 05


පියරත්න පේමගෙ මස්සිනා වෙන්න ඔන්න මෙන්න තියල තමා පේමා ජීවිතේට සමුදුන්නෙ. ඒ අවිවාහකයෙක් විදියට. ඒක දුක හිතෙන මහා දිග කතාවක් පෙන්ස්. 


පේමදාස සිංහ රෙජිමෙින්තුවෙ.ඒ දවස්වල කමිෂන් ගන්න රැල්ලක් තිබුන හමුදාවෙ. බලෙන් හරි කමක් නෑ කමිෂන් යවනවා. කමිෂන් යනවා කියන්නෙ අතේ ගහන පටි වලින් උරහිසේ ගහන තරුවලට මාරුවෙන එක. පේමා ඊට හරියටම මාස දෙකකට විතර කලින් මට හමුවුනා. ඒ අපි දෙන්නම ඉදිරිපෙළ සටන් වල යෙදී ඉන්නැද්දි. මම පේමව හම්බවෙන්න කිලෝමීටර් ගානක් ලයින් එකේ පයින් ගියා කීප වරක්ම. ඒ ගිහින් පේමා කෝ අහපුවම අරහෙ ගිහින් මෙහෙ ගිහින් කිව්වම හම්බවෙන්නැතුව ආපහු හැරිල එන වාර අනන්තවත් තිබුනා. මං යන්නෙත් පේමට ටකරමෙි දාල වෙිලපු දුංකල මිටියකුත් කරේ තියාගෙන. ඒ දවස්වල අපිට ලයින් එකේ සිගරට් නෑ. 11 ගැහේබ ඉද්දි මං ඒ සීඔිගෙන් පවා (එවකට ලුති/කර්නල් චන්ද්‍රසිරි) සිගරට් ඉල්ලගෙන තිබුනා. සර්ලා ලයින් එකේ විසිට් එක යද්දි විහිලුවක් හෙම කරලා හිනාවෙලා යන්න ලෑස්ති වෙනකොට ඔලුව කහ කහ වටින් ගොඩින්  "මොනාක්කත්ම නැද්ද සර්" කියල අහපුවම එයාලා දන්නවා ගොනා පොල්පැල තමා අහන්නෙ කියල. ලඟ තිබුනොත් අපිට පේන්න සාක්කුවෙන් අරන් කොහෙන් හරි තියල යනව. අපි ඒක එයාලා ගියාම ගන්නව.  ඒ දවස්වල නිළධාරි උනත් කොහොමද කියනවනං විධායක අධිකාරිතුමාම පොයින්ට් වලට ඇවිත් සිගරට් එකක් පත්තු කරල උගුරු දෙක තුනක් බීල අපිට පේන්න ඉතුරු ටික තියල යන්න යනව. එතුමා ගියාට පස්සෙ අපි ඒක බොනවා. ඒක සික් එකක්. එයාලා උනත් සිගරට් එකක් හොයාගන්නෙ හරි අමාරුවෙන්.   ඒක හිංද ඒ දවස්වල සිගරට් වලට හුරුවෙලා හිටපු අපිට හරි සන්තෑසියක් වෙලා තිබුනෙ. සිගරට් කියන්නෙ සරීර සවුක්කියට හොඳ නැති දෙයක් තමා. ඒ වුනාට බ්‍රොයිලර්ස්ල වගේ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙන කාල පරාසයක් තුල ඉන්නකොට, ජීවිතේට උදාවෙන  ඊලඟ මොහොත තවත් අවිනිශ්චිතයි කියල හිතෙනකොට, හිත් සන්තානයට ගලාගෙන එන හැඟීම් සහ සිතුවිලි රෑන් රෑන් පාලනය කර ගන්න සිගරට් එකකින් ලබාදෙන කික් එක රුපියල් ලක්ෂ ගානක්  වියදම් කරල සමාජ සාලාවෙකින් තියා මොකේ කින්වත් ගන්න බෑ. අනික රණ භූමියේ හිටි අපිව දිරිමත් කරවන්න රණ ගීයකට වගේම පුදුම හැකියාවක් ඔය සිගරට් දුංකලේටත් තිබ්බා. සිගරට් නැති වෙනකොට ඒ වගකීම බය නැතුව තමන්ගෙ කරට ගත්තෙ සරුසාරව වැඩුනු නිල්ල ගැහුනු දුංකොල කොලේ. මෙික එකිනෙකාට වෙනස් වෙන්න පුලුවන්. ඒත් මං කියන්නෙ මගේ අතීතය.  ඒ තමා ගෙවුනු අතීතයේ අපේ සිවිල් සමාජයට රහසක් විදියට ආරම්භ වෙලා 2009.05.19 න් පස්සෙ රහසක් විදිහටම මහ පොලවෙ වැලලී ගිය, අපේ ජීවිතේ හොඳම කාලයෙන් බාගයකටත් වැඩි කාලයක් යුද්ධයක් විසින් කාබාසිනියා කරල දමාපු අතීතය. මෙිවා නෑ කියනවනං ඌ කවදාවත් හමුදාවෙි ලයින් එකක, කඳවුරක ඉඳපු එකෙක් නෙමෙි.


 පේමා කුරුණෑගල ඉද්දි සාමාන්‍ය සෙබළ හිටියෙ. මම ලාන්ස් කෝප්‍රල්. කුරුණෑගලදි අපි අතර හිතවත්කම ගොඩ නැගුනෙත් පොඩි සිද්දියකදින්. ඒ කලින් කතාවක කිව්ව කෙමා නොහොත් කෙම්පිටිය සම්බන්ධ කතාවකින්. කෙමාට අපි කිව්වෙ "කිච්චා" නොහොත් "බෙලි කිච්චා" කියල. ඊට ටික දොහොකට පස්සෙ ආයෙත් නමක්  ඌට පට බැඳුනා "පුක් කිච්චා" කියලා. ඒ කියන්නෙ මූට කිචි නැත්තෙ මුගේ මල් ඇවරියට විතරයි. ඒ කිව්වෙ දත්වලට විතරයි. අනික් හැම තැනම මූට කිචි.දතුත් හිරිවැටෙනව ඇති,මූ කියන්නෑ. නැත්තං අ⁣පේ තියෙන විසේට මුගේ දත්වලටත් අනිනවනෙ. සමාන්තරව වැඩුනු කඳු දෙකක් මැද පිහිටි නිම්න භූමියට අනික් හැම තැනකටම වඩා කිචි තියෙනව කියල හොයාගත්තෙ අපේ නාරිවෙිද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිබල් ඩිස්ටිල් විසින්. ටිබල් ඩිස්ටිල් කියන්නෙ තෙවරප්පෙරුමයාට. ඌ නමෙි හැටියටම ඇල්වතුරත් තුන් පාරක් පෙරල තමා බොන්නෙ. අනික ඌට කාන්තාවකගේ යටි පල්ලෙ වැවෙන මවිල් ගහේ අගිස්සේ පටන් ඉස් මුදුනේ තියන දිගම ඉසකෙයියාවෙි අග දක්වාම ගෑණු ගැන අනාවැකි කීමෙි පුදුම හැකියාවක් තිබුනා. ඒ වගේම කාන්තාවන්ට වැළඳෙන කුර ලෙඩෙි පටන් හිස්සොරි පොත්ත දක්වාම හැදෙන ඔිනම ලෙඩක් රෝගයක් ගැන හොඳ දැනීමක් සහ අවබෝධයක් වගේම ඒවා විස්තර කර කීමටත්  මූට සුපිරි ගණේ හැකියාවක් තිබුනා. ඒ හැකියාව කොච්චරද කියනවනං කම්බි පොටවල් අටෙන් වටවුන කඳවුරේ හිරවෙච්චි, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම  "සෙබළා" කියන චරිතයට මොහොතකට හෝ මානසික වින්දනයක් ලබා දෙන්න මුගේ විග්‍රහ වලට පුලුවන්. (අපි වගේ ඈයොන්ට නෙමෙි. අවිවාහක උන්දැලාට හොඳේ. )


එක දවසක් ඔෆීස් එකේදි ටිබල්ඩිස්ටිල් විසින් අහම්බෙන් "කිච්චාගෙ" ධාරානිපාත නිම්නයේ පාත හරියට දකුණු අතේ දිගම ඇඟිල්ලෙන් "චොක්" ගාල එකක් අනිනවා. ඒ ඇනලා ඇංජිමෙි ඔයිල් කූර දිහා බලන බැලිල්ල බලල "බලපං, ඔයිල් මදි, ඔයිල් ටිකක් දා ගනිං"  නැත්තං "බලපං ඔයිල් කරවෙලා. ඔයිල් මාරු කර ගනින්" කියල උපදෙස් දෙනවා. මුගේ ලඟින් ආමි කමාන්ඩර් පලයන්, මෙිකා ඔය විදියටම ආතල් එකක් දීල ඔයිල් බලල උපදෙස් දෙනවා. ඒක මුගේ සංසාරගත පුරුද්දක්. ඔය පුරුද්දට අනුව තමා දවසක් රයිටරේ ලියුමක් ගහන කොල්ලෙක්ගෙ සහායට ලඟින් කකුල් දෙකෙන් හිටගෙන ලියුමෙි තියන දේවල් කියව කියව හිටපු කෙමාගෙ ඔයිල් බලන්ඩ ගියේ.මෙිකා "චොක්" ගාල ඔයිල් කූර බස්සපු බැස්සිල්ල කියන්නෙ, ඒකා ඒකෙන් කුලප්පු වෙච්චිපාර ලියුම ගගහ හිටපු එකාගේ ඔලුවට වැරෙන් පහරක් එල්ල කරලා,උගේ මූන ගිහින් රයිටරේ වැදිලා, ඒකෙන් කිපිච්චි රයිටරයා මූට රයිටරෙන් දමලා ගහන්ඩ ගිහින් හෙන කෙළියක් වෙලා රයිටරේ බර හිංද කිලෝ ගානක් බර පත සයිස් පයිල් එකක් කෙමාගෙ මූනට අතෑරලා, ඒකෙන් කෙමාගෙ පොල්ලෙලි දතක් බුරුල් වෙලා, ඌ ඒකට ආයෙ අමුතුවෙන් කිපිලා, ටිබල්ට වැලමිටෙන් ඇනලා,එතන හරි  පස්න දාමයක් වෙලා,බලා හිටපු අපිට මන්දස්මිතයක් වෙලා, ඒකට හිනාවෙන්ඩ ගිහින් සීසීගෙනුත් පරම්පරාගත බැඳීම් පවා හුවා දැක්වෙන කුණුහරප වැලකින් තමා ආයෙ පියවි සිහියට ආවෙ. සීසීත් බැන්නෙ අතේ තිබ්බ ටිපෙක්ස් එක මිරික මිරික මුලු ලෝකයාටම හොරෙන් තමන්ගෙ මෙිසෙ ලාච්චුවට හිනාවෙවී උපැස් යුවලට උඩින් බල බල.  එදා තමා දැනගත්තෙ මුගේ එතනටත් කිචි කියල.


එක දවසක් ඔක්කොගෙම අතේ  තිබ්බ පයිසෙ පයිසෙ එක්කාසු කරල බොහොම අමාරුවෙන් හරි අසරන විදියට අරන් ආපු සිගරට් එකක් පත්තු කරන්න භාරගත්තු මං, බට් එක කටෙි තියල ගිනිකූරක් ගහන්න හැදුවා විතරයි ⁣එක පාරටම ඇඳේ ලඟ ඉඳන් සිගරට් එක පත්තු කරනකම් බලා හිටපු කෙමා මට දෝත පුරෝලා මූන හරහා වැරෙන්, ඒත් තදින් පහරක් එල්ල කලා. ඒ පහර කොච්චර සැරද කියනවනම් තොල් දෙ⁣ක මැද්දෙ තිබ්බ සිගරට් එක නැවතුනේ පිට උගුරෙ ගිහින්. ඒ මහා වල් පේමදාසයා විසින් මං ගිනිකූර පෙට්ටියට තියල අදිනවත් එක්කම අරූගෙ නිම්නයට දකුණු අතේ දිග ඇඟිල්ලෙන් එකක් මදිවට කික් කරලා කික් කරලා  හරියටම එල්ලය බලලා පිට පිටම දෙකක් ඇනලා. පලවෙනි එකෙන් සිගරට් එක පිට උගුරෙ ගිහින් නැවතුනා. දෙවෙනි සොට් එකෙන් මහා බඩවැලේ අන්ඩශ්‍රෝතයටත් ගිහින් තමා ඒ දෙපරහැන්ද නැවතුනේ. වැදිච්චි පහරවල් දෙකට වඩා දුක සිගරට් එක ගැන. ඒක බෝම අමාරුවෙන් ගත්තු එකක් පෙන්ස්. ඒකට රිටන් එක දෙන්න මං එක පාරටම නැගිටලා, ⁣ගලවලා ඇඳේ වියලෙ එල්ලෙන්න දාල තිබ්බ අඟල් දෙකහමාරක් උස බාගයක් පලල පිත්තල රනර්ස් ලොකට් දාල තියෙන එෆ්එම්සී බෙල්ට් එක අතෙත් වටයක් කරකෝලා අරං  "අප්පට හුක්" කියා හඬ දීගෙන පෙමාගෙ  ඉස් මුදුනටම එකක් අතාරින්ඩ පනින්ඩ හදනකොටම "හෝව් හෝව් කෝපල්, මතකනෙ එදා එදා,අර එදා ලිඳේ ලිඳේ..මතකද...  එදත් මට ඔහොම එකක් තමා දැනුනෙ" කියන කොට තමා පෙර සිදුවීමක් ආයෙ මතකෙට ආවෙ.


මෙහෙ තියෙන්නෙ එක නාන ලිඳයි. ඒක අඩි දහයක් විතර ගැඹුරුයි. දවසක් අපි හවස පහට විතර නාන්න ගිහින් ඉද්දි පෙමා නැමිල වතුර එකක් ගන්න හදද්දිම මං සෙනිකව පැනල උගේ ලඟ හිටපු කිච්චගෙ ඉඟටියට ඇන්නා. ඒ වලත්තයා නොහිතපු වෙලාවක ඇතිවුන අනපේක්සිත කික් එකෙන් කුල්මත් වෙච්චි පාර කියන්නෙ, පැන්න ගමන් පේමාව අල්ලල ලිඳට විසික්ක කලා කිහාල්ලකො. නිකන්මත් නෙමෙි මූ ලිඳට වැටුනෙ. බැම්මෙත් දෙපාරක් විතර වැදිලා වැලමිටත් තැරි ගහගෙන. ඊට පස්සෙ එකට එක සෙපෝරු නිසා උස්සල කරකල ගත්තු බෙල්ට් එක මං හිමින් සැරේ පාත දැම්මා. ඒ "පස්සෙ රියල් ටයිම්මෙකක දෙන්නංකො තොට ජම්බු"  කියල හිතාගෙන. ඔන්නොහොමයි පෙමා මට ෆිට්වුනේ.


හැමෝම කෙමාට අරෙහෙන් මෙහෙන් අනින්නෙ ඒ අනිද්දි උගේ කටෙන් පිටවෙන කුණුහරපෙ අහන්න. මං ඌට පස්සෙ උපදෙස් දීල තිබුනෙ "උඹට අනිද්දි කුණු හරප කියන්ඩෙපා, බුදු සරණයි කියල විතරක් කියපං එතකොට කව්රුත් අනින්නෑ" කියල. මූත් මෙික පිළිගත්තා. මොකද අපේ වුන් කුණු හරප අහන්න කැමතිවුනාට බුදු සරනයි කියනව වගෙ හොඳ දෙයක් අහන්න කැමති නෑ.  මාත් ඒ වෙලාවෙම ඒක ස්ථිර කරගන්න එකක් ඇන්නා. හැබැයි පලවෙනි පාර බුදු සරණයි කියල කිව්වා. ටික වෙලාවකින් ආයෙ ඇනල බැලුවා ඒක මතකෙ තියනවද කියල බලන්න. ඒ පාර මූ කිව්වෙ "බු:හ්දු හු සන්නයි" කියල. ආයෙ ටිකකින් ඇන්නම, මොනහ්. ඒව කියන්න බෑ පෙන්ස්. කිව්වොත් බුදුන්ට අපහාස කලා කියල විඥානාර්ථ සබාවෙ කට්ටිය මට නඩුත් දායි. 


කතාවට යංකො. අපි ඉදිරිපෙල සටන් භූමියෙදිත් කීප වාරයක්ම හමුවුනා. ඒ එක් අවස්ථාවකදි තමා ඌ කිව්වෙ "මචං මට කමිෂන් යන්න වෙලා තියෙනවා" කියල. එතකොට පේමා අවුරුදු එක හමාරක විතර කාලයක් තුල ප්‍රමෝෂන් දෙකක් ඇඳල හිටියෙ. මාත් කිව්ව කැමැත්තක් කරපං මචං, මට මුකුත් කියන්න බෑ කියල.මට කමිෂන් යන්නනම් ආයෙ අමුතුවෙන් මුල ඉඳන් හමුදාවට එන්න ඔින.මොකද කියනවනං මම මුලු හමුදා ජීවිතේම චොර කරගෙනනෙ හිටියෙ. බැරිවෙලාවක්කත් එහෙම ගියානං ඉරිදා ලංකාදීපෙ හෙඩ් ලයිමට තඩි පොල් අකුරෙන් " සෙබළෙක් නිවස්නයේදී ගුටිකා නසී" කියල වැටෙයි. කෝචොක් කරපුවා කේතගෙ අපලෙ වගේ කැරකිලා කැරකිලා මටම ආපහු ආපුවම කොහොමද සැප. ලැබෙයි නිකන් කනේ වැලි ගෑවෙන්න. 

කොහොම හරි පේමා කමිෂන් ගියා. ඒ ගිහින් මාසෙක එකහමාරක පාඨමාලාවකුත් හදාරල උරහිසේ සුදු ඇප්ලට් දෙකකුත් ගහගෙන නැවත ඒකකයට ඇවිත් හිටියා. එතකොටත් මං ඌව හම්බවෙන්න ගියේ දුංකොල මිටියක් කරේ තියාගෙන. ඒ ගිහින් "කෝ පීඔි පේමදාස"  කියල කෝපල් කෙනෙක්ගෙන් අහද්දි "ඌ අර ගහේ කෝපල්" කියල පඳුරු ගැහිච්චි කොහොඹ ගහක් පෙන්නුවා. මූ ගහේ කරටියටම නැගල ටී56 ත් පුල් ඇලට් එකේ තියාගෙන තව තුන්දෙනෙකුත් එක්ක ගීතයෙන් ගීතය කරනවා. මං ගහ යටට ගිහින්,හොඳට වටපිට බලල "මෙිං තොට දුංකොල ගෙනාවා, බැහු ගහෙන්" කිව්වා. පේමා විතරක් නෙමෙි තව තුන් දෙනෙක් හිටියා ගහේ. ඒක හරි ලස්සන අතු විහිදිච්චි කොහොඹ ගහක්. මෙි ඒකකයට පේමාව හම්බවෙන්නම ගිහින් ඇජුටන් එහෙම මං අඳුරගෙන හිටියෙ. ආර්එස්එම්,සීඑස්එම් එහෙම මාත් එක්ක ෆිට් වෙලා හිටියෙ. මගේ බැච් එකෙනුත් එස්ආර් ගියපු කීප දෙනෙක් මෙි ඒකකයෙ තාම ඉතුරු වෙලා හිටියා.  පේමා එක පාරක් මා දිහා බලල, "ඔය රෙද්දත් අරං පල මෙතනින් විගහට"  කිව්වා. මං දන්නවා සීන් එක. ඒත් අපේ ගති අරින්නනං මකල අමුතුවෙන් හදන්න එපැයි. අනික් තුන් දෙනත් වැඩි කතාවක් නෑ. මං දුංකොල මිටිය පේමට ගහෙන් බැස්සම දෙන්න කියල කොල්ලෙකුට දීල දැම්මා. ඒත් මෙික හමුදාවනෙ. මට පේමත් එක්ක කතාකරන්න වුනේත් මෙි ගහේ බාගයක් නැගල. ඒත් බැස්සුවෙිම නෑ. මං ඇහුවම ගහේ පැය හතරක්ලු උං හතර දෙනා ගීතයෙන් ගීතය කරන්න පටන් අරන්. ඒ ගහ උඩ ඉඳගෙන ඔෆිසර් මෙස් එකට ඇහෙන්න. මෙි ඒකකයේ ඇඩ්මින් සාජන් හිටියෙත් මගෙ බැචෙක්. ඌ සමන් කුමාර. පේමත් එක්ක කතා කරල සාජන් සමන්  කුමාර එක්කත් කතා කරල එවකට කෝපල් වෙච්චි මං කෑවෙ සාජන් මෙස් එකෙන්. ඒ මට දක්වපු සැලකීමට. (සාජන් මෙස් එකක ලාන්ස් කෝප්‍රල් ඉද්දිත් කාල හෙන කේස් එකක් ගියපු කතාවක් තියෙනව. ඒක පස්සෙ දවසක කියන්නං.)සාජන් මෙස් එක කිව්වට ඒක නමට විතරයි. ටකරං පහ හයකින් ගහපු හට් එකක් තිබුනෙ. ඇතුලට යන්න තියෙන්නෙත් නැවිල. මෙතන වැසි වටයක් ඉවරවෙනකං ක්‍රියාන්විතය නැවතිල තිබුනෙ. මාත් ඒ මෙස් එකෙන් කාල බීල හවස මගේ තැනට ආව.


කෝපල් රූපවංශ වෙන බ්‍රිගේඩ් එකක රාජකාරි ගිහින්. පියරත්න ඒකකයේම හිටියත් වෙනත් අණු කණ්ඩයකට ගිහින් හිටපු නිසා වැඩිපුර හම්බවුනේ නෑ. කොහොමහරි එදා හවස පේමත් එක්ක පැය හතරක් විතර ඉඳල ඇඳිරි වැටෙන්න කිට්ටුව තමා මං ලයින් එකට ආවෙ. ඔහොමත් කාලයක් ගියා. කාලයක් කිව්වට මාසයක් එකහමාරක් වගෙ. අපි  පුංචිපරන්තන් පහුකරල පරන්තන් සහ කිළිනොච්චි කිට්ටු කරල හිටියෙ. එතකොට මං ප්‍රමෝෂන් කෝස් එකක. එදා අපේ ලයින් එකටත් එක්ක ලයින් ඔක්කොටම එල්ටීටීඊ එකෙන් රැල්ලක් ආකාරයෙන් දරුණු ප්‍රහාර මාලාවක් එල්ල වුනා. මොකද කිළිනොච්චි සටන් බිමෙි ගොඩක් දරුණු විදියට සටන් ඇවිලී ගියා. අපිත් කෝස් එක පැත්තකින් තියල ඒකට මුහුන දෙන්න ලයින් එකට ගිහින් හිටියෙ. ක්‍රියාන්විතය අස්සෙත් කෝස් කියන්නෙ, කොටි ගහනව කියල හමුදාවෙ පාලන කටයුතු නවත්වන්නෑ. අපි හතලිස් අට දෙනෙක් කෝස් එකේ හිටියෙ. මෙික දවල්ට විතරයි කෙරෙන්නෙ. රෑට ලයින් එකේ. ⁣අපි පාබල ඒකකයක් විදියට රාජකාරි කලත් සමස්ථයක් වශයෙන් අපේ රෙජිමෙින්තුව වෘත්තීයමය සේවා ඒකකයක්. පාබල ඒකක හතරක් එක්ක රෙජිමෙින්තුවට ආවෙිනික රාජකාරි පමණක් ඉටුකරන ඒකක එක්ක ගත්තම පාබල රාජකාරි කරන ඒකක හතරේ අපිව අභිභවනයක් වෙන නිසා තමයි ඒ අසාධාරනය වළක්වන්න නාමික වශයෙන් හරි පාඨමාලාව පටන්ගත්තෙ. 


මෙි සිද්ධියෙන් පෙමාගෙ යුනිට් එකටත් බරපතල විදියට හානි සිදුවුනා කියල ආරංචිවුනා. ඒ ගුවන්විදුලි යන්ත්‍ර පණිවිඩ මාර්ගයෙන්. අපිට වෙන්නෙ මොකක්ද උනේ මොකක්ද කියල හිතාගන්න බැරුව පුරා දින කිහිපයක් තිස්සේ ඇතිවුනු දරුණු ගැටුම් හේතුවෙන් ලඟ ඉන්න එකා ගැන පවා බලන්න බැරි වාතාවරණයක් ගොඩනැගී තිබුනේ. මොකද කියනවනං උන් හැදුවෙ අපේ ලයින් එක කොහොම හරි කඩල අපිව ආපහු හරවන්න. ඒත් එකා පිට එකා මැරී වැටුනත් අපිට ලැබෙන අණෙහි කිසි වෙනසක් වුනේ නෑ. ඒවා දිව්‍ය අණ වගේ තමා ලැබුනේ. "භොළව් යඛ්ඛ්‍යනේ!!!,  පෙරටම යව්,හැකි වීරිය යොදා සතුරා නසව්,මාතෘ භූමිය බෙිරා ගනිව්, මෙි තොපට ලැබෙන අවසන් අවස්ථාවයි"


"සිංහලයිනි යව් පෙරටම යව් පෙරටම යව්..

යන හඬ ජය සකි රණ බෙර ගොස හා පට ලැව්...

විජිත පුරේ දහම් හැමූ වල්කඩ පිළිරැව්

ඇඹරී යයි සුළං පහර වස හිඳ කැළඹෙව්...."


අපිත් රණ බෙර නාදෙන් කුලප්පු වෙච්චි හරක් වගේ නිමක් නොමැති සටන් සයුරේ ගැඹරෙ පිහින පිහින හිටියෙ. ඒ සටන් වැස්ස යන්තම් තුරල් වෙද්දි දවස් කිහිපයක් ගෙවී ගිහින්. අවස්ථාවක් ලද විගසම මා නැවත පෙමාගෙ ඒකකයට කතා කලා. 


*මයික් ටැංගො අහවල් ෆෝ අහවල් සිග්නල් ඔිවර්

*අහවල් සිග්නල් ඔිකේ ඔිවර්.

*රොජර්,අහවලා ඔන් සෙට්, මට ඔබෙි ඒකකයේ ඉන්න පීඔි පේමදාස ගැන විස්තරයක් දැනගන්න අවශ්‍යයි. පුලුවන්ද විසිතරයක් කියන්න ඔිවර්.

*නැවත කියන්න ඔිවර්??

*මං චාලි පපා ලීමා  ආරච්චි..ඔබ කව්ද ඔිවර්.

*රොජර්, ඒ පපා ඔස්කාගේ ඔබ කව්ද  ඔිවර්??

*සහෝදරයෙක් ... ඇයි මොකක් හරි ගැටලුවක්ද ඔිවර්..

ඇජුටන්ටත් මොකක් හරි මතක් වෙලා...

*රොජර් ඔබ හරි... මම සීගල් ඔන් සෙට්.අර පේමදාසව හම්බවෙන්න එන ආරච්චි නේද ඔය ඔිවර්??

*ඔබ හරි ඔිවර්..

*ඔහු මීට දවස් දෙකකට කලින් යන්නම ගියානෙ. හෙට අවසන් කටයුතු වෙන්නෙ ඔිවර්.


මට හිතාගන්න බැරිවුනා. මං හිතුවෙ ඇජුටන් විහිලුවක්කත් කරනව ඇති කියල. 

*විහිලු කරන්න එපා. ඇත්ත කියන්න. මට ඔහුගැන හරියටම දැනගන්න අවශ්‍යයි ඔිවර්.

*සෙට් එකේ විහිලු කරනවද. වෙච්චි දේ කිව්වෙ,අපේ කිහිප දෙනෙක් අද එහෙ ගියා..ඔබටත් හැකිනම් ගිහින් සහභාගි වෙලා එන්න ඔිවර්..

හම්මට...... ඒ කියන්නෙ කතාව ඇත්ත. ඒ කියන්නෙ සහෝදරයෙක් වගේ හිටපු පෙමා, මගේ භොඛ්ඛා වුනු පෙමා, වස්තුවා වෙච්චි පෙමා අපිව දාල සදහටම යන්නම ගිහින්. මුං තාමත් විහිලු කරනවද දන්නෑ කියල හිතල මං හැකි ඉක්මනින් ගියේ අපේ ඔිසී හම්බවෙන්න. ගිහින් විස්තරේ කිව්වා. ඇස් දෙකේ කඳුලුත් පිරිලා. ඒත් මනුස්සකම සහෝදරකම කියන එක අපේ හදවතේ උතුරන්න තිබුනට හමුදාවෙ තිබ්බෙ "අණ" "සටන" "රාජකාරිය"  සහ "පාලනය" කියන ඒවා විතරයි. අවසන් මොහොතෙවත් මට පේමගෙ මුහුන බලාගන්න යන්න අවසරයක් ලැබුනෙ නෑ.තො:ෆි: භ:ම්භු ගහගනියවු කියල ලයින් එකෙන් පැනල යන්න හිතුනත් ඒක ඊට වඩා අනතුරුදායක නිසා ඒ අදහස අතෑරල ගොඩක් අමාරුවෙන් "වෙන්වීමෙි දුක" දරාගෙන ඉවසගත්තා. ඒ ඒකකයේ හිටපු මගේ බැචෙක් තමයි පස්සෙ දවසක කිව්වෙ පෙමාගෙ පෙට්ටිය "සීල් ගියෙ බං" කියල. එදා ඉඳන් මට කව්රුත් පිට් බුවාල නෑ. ලංකර ගත්තෙත් නෑ. පියරත්න, රූපවංශ මට අවසන් වරට හම්බවුනේ පෙමාගෙ තුන්මාසෙ දානෙ දවසෙ. ඉන් පස්සෙ ආයෙ කවදාකවත් ඒ දෙන්නම මට හමුවුනෙත් නෑ. මම හෙව්වෙත් නෑ. පස්සෙ කාලෙක පෙමාගෙ නංගිව පියරත්නයා බැංද කියල අහම්බෙන් දැනගන්න ලැබුනා.  රූපවංශ ගැනනම් අදටත් ආරංචියක් නෑ.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.12.27

Thursday, December 24, 2020

පියරත්නගෙ අනාගතය

 කුරුණෑගල 04


යුද්ධය පැවති කාලේ අපේ හමුදාවට සිවිල් සමාජයෙන් සෑහෙන ඉල්ලුමක් තිබුනා. හැම ටවුමකමත් පාරකමත් ලොකු තඩි පොල් අකුරෙන් ගහපු බැනර් අම්බානකයි. ඒවා අතරින් මගේ හිත අරගත්තු ලස්සන එක වදනක් තිබුනා. ඒ "හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනිකලේ නැත කිසිදිනේ" කියල.

සුනිල් එදිරිසිංහ මාස්ටර්ගේ කටහඬත් එක්ක ඒ වදන් හරියට පපුවෙ ගැඹුරුම තැනට කතා කරනවා. ඒ කාලේ පිට පිටම අවුරුදු 12ක් (මා දැනුවත්ව. ඊට පස්සෙත් ඒ ගීතයම වෙන්න ඇති) ජනප්‍රියතම රණ ගීතය විදියට තේරුණු ඒ ගීතය ඇත්තටම අදටත් සැරින් සැරේ මතකෙට එනවා. ඒක මියුසික් එකත් එක්ක කන් දෙක පුරෝලා අඩ නින්දේ ඉන්නකොට ඇහෙද්දි ඇත්තටම ඇඟේ හීගඩු පිපෙනවා. ගීතයක අඩංගු වචනෙකින් උනත් රණබිමෙි සටන් වදින  රණවිරුවෙක්ව කොච්චරක් දුරට දිරිමත් කරන්න පුලුවන්ද කියල හොඳටම තේරුම් කරල දුන්නු සිංදුවක් තමා ඒ. 

ඒ දවස්වල රණ ගී නම් අම්බානකයි. මෙි බැනර් වලටත් අරන් තිබුනු වදන් ගොඩක්ම මෙි වගේ රණ ගී වලින් උපුටාගත්තු ඒවා. ඒ දවස්වල අපි පාරෙ ට්‍රක් එකක යනකොට උනත් කොච්චර කෙල්ලො කොල්ලො අත වනනවද? 

එකපාරක් මට වාලච්චෙනෙදි සිදුවීමක් වෙලා තුවාල වෙලා ලේ නවත්තගන්න බැරුව ඇම්බියුලන්ස් එකේ ඔබාගෙන හැටට හැටෙි පොලොන්නරු රෝහලට අරන් එද්දි අපේ අයට මාව තියටර් එකට අරන් යන්න වුනේ නෑ. "කෑවෝ,කෑවෝ" ගාගෙන පොලවටත් අඩියක් විතර උඩින් එහෙම එන ඇම්බුයුලන්ස් එකක, නැත්තං උඩින් එන චොපර් එකකින් තුවාල වෙච්චි අපේ අයව අරගෙන එන අයට ඔවුන්ව තියටර් වලට අරන් යන්න වෙන්නෑ. ඒ සද්ද ඇහෙනකොට රෝහලේ ඉස්සරහට පිරෙන කොල්ලො තමා කඩියො වගේ වැඩ කරන්නෙ. අඩ සිහියෙන් උනත් යන්තමට සිදුවීම මං දැක්කා. එදා මාවත් ටොලියක දාගෙන අරන් ගියෙ සිවිල් කොල්ලො තුන්දෙනෙක්. මාත් එක්ක ආපු අනික් තුවාල වෙච්චි කෙනා ඇම්බියුලන්ස් එකෙන් බානකොට මට හිතෙන්නෙ මං තියටර් එක ගාවටත් ගෙනිහින්. ඇත්තටම ඒ අතින් පොලොන්නරුවෙ කොල්ලො හෙන භක්තියක් දැක්කුව අපිට. ඒක පොලොන්නරුවටම සීමා වෙන්නෑ. අපේ සිංහල කොල්ලො කෙල්ලො ඒ දවස්වල කොතනත් එහෙමයි. පොලොන්නරුවෙ කියල විතරක් කිව්වෙ අත්දැකීමක් තිබුනු නිසා. 


කතාවට යමුකො. මෙි බැනර්, කටවුට් වලට එහා ගියපු තව දේකුත් තිබුනා. ඒ තමා හමුදාවෙ කොල්ලන්ට කෙල්ලන් දක්වපු කැමැත්ත. ඉස්සර මුහුනු පොත තිබුන්නෑ. පත්තරවල මිතුරු හමු තිබුනෙ. සිත්තර, සත්සිරි,චිත්‍රකතා, දසුන, මධුර, හිතවත, සත්වරුණ, වරුණ, සඳරේණු බිරිඳ,පියාදරී, ආදී එකී මෙකී නොකී පත්තරවල වෙන්කරපු පිටුවක තමා ගොඩක් වෙලාවට එහෙම තියෙන්නෙ. ඒ මිතුරු හමුවල ගෑණු ලමයින්ගෙ පොටෝ යටින් අනිවාරයෙන්ම සඳහන් වෙන එක් කරුණක් තියෙනවා. ඒ "වරදට සමාව දෙන රණවිරු අයිය කෙනෙක් හඳුනගන්න කැමතියි" කියලා. වරදනම් මොකද්ද දන්නෑ. සමහර විට හොරෙන් කැන්ටිමෙන් කාල ටීචර්ලගෙන් ගුටි කාපු එකක් වෙන්න ඇති. එහෙමත් නැත්තං පව්ලෙ අයත් එක්ක රණ්ඩු වෙච්චි සීන් එකක් වෙන්න ඇති. ඒවා යාලුවෙච්චි කොල්ලට ආරන්චි වුනොත් එයාලව දාල යන්න යයි කියන හැඟීම ඒ අයට ඇතිවෙලා දාපුව වෙන්න ඇති. ඒත් පුංචි ගැටලුවක් තියෙන්නෙ ඒකට රණවිරු අයියලාවම තෝරගන්න එක ගැන. මට පෙන්නන්න බැරිත් ඒ වරදට සමාව දීල ඒව කරේ එල්ලගන්න තරම් නිහතමානී ආදරණීය හමුදාවෙ රණවිරු අයියලාව.

ඇයි යකෝ. 


ඉස්සර අපිට ඔය පත්තර ලැබෙන්නෙ මඩකලපු යන කුරුණෑගල දිස්ත්‍රික්කෙ පොල් සහ පොල් අතු ගෙනියන ලොරිවලින්. එහෙ අපිට පත්තර සල්ලි වලට ගන්න ලැබෙන්නෑ. එකම රටෙි රටවල් දෙක තුනක් විදියටනෙ ඉස්සර ඔය පළාත් තිබුනෙ. 


කුරුණෑගල ඉද්දිත් අපි පත්තර කියවනවා. මමනං කියවන්නෙ සඳරේණු පත්තරේ සහ බිංදු පත්තරේ. සඳරේණු පත්තරේ ඒ දවස්වල හරියට පවුඩර් ආදර කතා තිබුනා.බිංදු පත්තරෙත් එහෙමයි. මං ඒකෙ ආස අන්තිම පිටුවෙ දාන කතන්දරේට. වෙන මුකුත් හිංද නෙමෙි අපි බබ්බුනේ. ඒකයි. අනික ඒකාකාරී ජීවිතයෙන් චුට්ටකට හරි මිදෙන්නත් මොනවාහරි කරන්නෙපැයි. ඒ හිංද. 


මෙහෙ හිටියා පියරත්න කියල කොල්ලෙක්. ලස්සනයි. සුදුයි. තොල් දෙක රෝසපාටයි. ටිකක් සුද්දෙකුත් වගේ. හැඩයි. ඒවුනත් බුවාට කෙල්ලෙක් නෑ. ටිකක් විතර ලැජ්ජකාරි චරිතයක්. ඒත් පොරටත් හෙන ඇම්මක් තිබුනා කෙල්ලෙක් යාලු කරගන්න. ඇත්තටම පොරට ඒ දවස්වල කෙල්ලෙක් හිටියෙ නෑ. ඒක විශාල අඩුපාඩුවක්. අපිට සිවිල් එකේ කෙල්ලෙක් යාලුකරගන්නවා කියන එක හෙන ගේමක් දෙන්න ඔින දෙයක්. මාස දෙක තුනකට සැරයක් නිවාඩු ගිහින් යන්තම් අයිටම් එකක් ඇහැදීල එක පාරක් හිනාවෙනකොට නිවාඩුව ඉවරයි. එකම ගමෙි උනත් සීන්එක ඔිකයි. ආයෙ මාස දෙකතුනක් ඒකි ගැන හීන මව මව ඉඳල නිවාඩු ගිහින් අයිටම් එක ටෝක් කරන්න යනකොට ඒක වෙන එකෙක් දාගෙන. ආයෙ හිත හදාගෙන අලුතින් එකකට බහින්න අදහස් කරනකොට නිවාඩුව ඉවරයි. නැවතත් ඌ මයි. ඉතින් කෙල්ලො සෙට් වෙයිද අපිට. ඒකට පිළියම් වශයෙන් ගොඩක් කොල්ලො තෝරගත්තෙ මෙි මිතුරු හමු. වරදට සමාව දීල හරි කරේ එල්ලගන්න තරම් හරක් ඔිනෑ තරම් ඉස්සර හමුදාවෙ හිටියා. ඒ අර ඉහත සිද්ධාන්තය නිසා. මංනං දැනුවත්ව එකෙකුට චාන්ස් දුන්නෑ ඒවට කරගහන්න. හැබැයි ඒවගෙන් හමුවෙලා දැන අඳුනගෙන වරදට සමාව දීල බැඳපු අයත් ඉන්නවා මම දැනුවත්වම. හමුදාවට කාන්තා රෙජිමෙින්තුවක් ඇතුලත් වෙන්නත් ඒ ඒකක ගාන වැඩිවෙන්නත් ප්‍රධාන එක් හේතුවක් වුනේ කොල්ලො පත්වෙන මෙි අපහසුතාවයන්ට පිළියමකුත් එක්ක.

ඇත්තම කතාව කොච්චර නම් එහෙම ආමි ආමි බැඳලා සාර්ථක යුගදිවි ගත කරන පවුල් ඉන්නවද. මගේ ගමෙත් පවුල් පහලොවක් විතර ඉන්නවා. ගෙට පල්ලැහැත් එකියෙකුයි එකෙකුයි ඉන්නවා. ඒ අස්සෙ හමුදාවෙ හොඳ යාලුවො බැජී බැජීල දෙමස්සිනාල වෙච්චි තැනුත් ඔිනෑතරම්.


නැවතත් කතාව. ඔහොම ඉද්දි තමා පියරත්නටත් සඳරේණුවකින් කෑල්ලක් සෙට්වෙන්නෙ රේණුකා දමයන්ති කියලා. ඒක හොයාගන්න මාත් එක හේතුවක් වුනා. අපිත් හෙන භක්තියකින් තමා පියාට සපෝර්ට් කලේ. මූත් හොඳයි කියන එකකට දැම්ම ලියුමක්. සති දෙකක් යනකොට රිප්ලයි ආවා. ආයෙ දැම්මා පිළිතුරු. ඒවටත් ආව. දැන් ගොනයි මීමයි වගේ ඇහැට නොදැකවුනත් දුරස්ථ පේම කතාව නැගල යනවා. ඔහොම ඉද්දි ආරාධනාවක් ආව කෙල්ලගෙ ගෙදර එන්න කියලා. මූත් සති අන්තයක් අල්ලල නිවාඩුවකුත් දාල කෙල්ලගෙ ගෙදර ගියා. හැබැයි මූ අහිංසකයෙක්. අපිව උනත් ආශ්‍රය කලේ හරි පරිස්සමින්. මූ ඒවුන්දැගෙ ගෙදර ගිහින් ආව. ඒ ආපු දා ඉඳන් මූන ඥොරොක් කරගෙන හිටියෙ. හේතුව ඇහුවට කිව්වෙම නෑ. උපදෙසක් දෙන්න උනත් හේතුව දැනං ඉන්ඩෙපැයි. මාත් මගෙ වහන්තරාව එක්ක බැඳලත් ලව් කරන කාලෙනෙ. මූ පස්සෙ පස්සෙ අපිව මගාරින ගතියකුත් තිබුනා. ඇහුවම කියන්නෙ "අවුලක් නෑ කෝපල් නැගල යනව" කියල. මෙිකට අපිත් වගකියන්න ඔින හිංද මොකද්ද සීන් එක කියල ටිකක් හොයල බැලුවා. මුගේ හොඳම යාලුවෙක් හිටියෙ බැජියෙක්. නම පේමදාස.  ඌ අපිව තදින් ආශ්‍රය කරපු එකෙක්. දවසකට සැරයක් අපිත් එක්ක කතා ⁣කරන්න හම්බුන්නැත්තං බතුත් කන්නැති ඩෑල්ලෙකක්.  මුගේ හේතුව හොයන්න අපි පේමට භාරදුන්නා. මූට කිව්වා ශේප් එකේ අහගෙන හේතු කරුණු සම්බන්ධව හොරෙන් අපිව දැනුම්වත් කරන්න කියලා. පේමත් ගේමට බැස්සා. දවස් දෙකක් යනකොට පූස මල්ලෙන් එලියට පැන්නා. වෙලා තියෙන්නෙ මූට එන්න කියල තියෙන්නෙ දවල් කෑමට. මූට තියෙන හදිස්සියට මූ උදේම එහෙ ගිහින්. ගේ හොයාගෙන හොයාගෙන ගෙදරට යද්දි අම්ම විතරයි ගෙයි ඉඳල තියෙන්නෙ. කෙල්ල නෑලු. මූත් විස්තරේ අහල කියල අන්තිමෙිට අහල කෝ භාන්ඩෙ කියලා. අම්මත් මූට ගෙට අඬගහල පුටුවක වාඩිවෙන්නත් කියල එලියට බැහැලා;


*ඩිංගියෝහ්හ්හ්හ්.. කියල හයියෙන් කෙල්ලට අඬගහලා.

මෙිකිත් ඈත බැද්දක පඳුරක් පල්ලෙ ඉඳන්..හයියෙන්

*ඔිහ්හ්හ්... මං රෙනෝඔිඔිඔිහ්හ්හ් කියල හඬනගා කියල. මෙිකි දන්නෑ කොල්ලා ඇවිත් කියල. මූට හෙන අප්සට් වැඩෙිට. ⁣හද්දෙයියනේ සමාජෙකට ගන්න පුලුවන් ඩෑල්ලෙකක්ද ඒ?? හූවෙ දුරටනෙ ඔහෙ ඉඩම් දෙන්නෙත්. ඒ කිව්වෙ ඉඩමක් බෙදාගන්න ගිහින් රුපියල් පන්දාහක් විතර අයිතිකාරයට දුන්නම ඌ හුවක් කියනවලු. ඒ හූව ඇහෙන දුරම රුපියල් පන්දාහයි. ඉතින් අහල පහලත් ගෙවල් නැති හිංද බැද්දෙ හොදට රෙන්ඩ පුලුවන්. 

මූ ආපහු යම්දෝ නොයම්දෝ කියල හිත හිත ඉන්නකොට ගේ පිටිපස්සෙන් බාල්දියක් අතාරින සද්දෙත් එක්ක කෙල්ල ගෙට ආවලු ඇදල පැදල

*අපෙ අම්මා මට රෙන්ඩවත් දෙන්නෑනේ කියාගෙන. සාලෙට ඇවිත් බලද්දි කොල්ල ගෙයි. ගිනිගත්තෙ ඊට පස්සෙලු. මූට මාරි කැට පැකට් එකකුයි ලොකුවැයිං ඇම්බුං ඇවරියකුයි දීල තේ බොන්න. තේත් බීල කොහොමහරි ඉවසගෙන දවල්ටත් කාල මූ ඇවිත්. හැබැයි කෙල්ල ජුංඩක් පෙනුමයි. සුදුයි. ටිකක් කොට ඩෑල්ලෙකක්. ටිකක් චබීයි.අපිට පොටෝවක් පෙන්නුව එද්දි අරං ආපු. පුංචි කාලෙ අලිය පිටෙි ගිහින් වගේ චූ⁣ටිම චූටි බකල් ගතියකුත් පේන්න තියෙනවා. ඒ කියන්නෙ කකුල් දෙක දේදුන්නක් වගේ. අපිනං කිව්වෙ බැන්දම  ඒකිගෙ කකුල් දෙකට ඉස්සර ඇඳන්වලට දාන ජාතියෙ තිරිංගයක් හරි දාල ලංකර ගන්න බැරියැ ඔන්නං රෑට විතරක් හරි කියල. පිං ඔඬෙිකුත් තියෙනවා. ඒක හරි වාසනාවන්ත දෙයක්ලුනේ. සල්ලයිට් පෙට්ටියකට ගවුමක් අන්දලා වගේ ගහල තිබුනු පොටෝ එකේ පේන්න තිබුනු වගතුග ගැන ඔහොම තමා අපි උපදෙස් දුන්නෙ. පෙනුමෙන් තනිකර මැද "ය යන්න" කපපුවම ගො"ය" ම් ගහක් වගේ. ඒ වුනත් මුගේ චොයිස් එක ඒක. ඒත් එහෙම වුනත් දෙයියනේ කෙල්ලගෙ හැසිරීම??. 


මූට හෙන අප්සට්ලු වැඩෙිට. ඒකයි මුන හපුටු කරන් ඉඳල තියෙන්නෙ. ඔික පේමා අපිට කිව්වම ඉලඇදුනා හිනාවෙලා. බත් ඇට එක දෙක නාහෙන් පනිනවා අදටත් මතක් වෙද්දි. ඒත් මූ චුට්ටක් විතර ඒකිට කැමැත්තකුත් තියෙන ලයින් එකක් තියෙන්නෙ. අපිත් කිව්වෙ අනුරාදපුරෙන් බැදපං යකෝ. ආයෙ කේ 75 ලෑන්මාස්ටරයක් බැඳගත්තා වගේ තමා කියල. එවුන්දැලට වැඩ, කට්ට, දුක, සැප, කඳුල, සීතල, අව්ව වැස්ස ඔිවයෙ ලෙවල් එකක් නෑනෙ. අපේ පලාත්වල නිලියො වගේ නෙමෙි එවුන්දැලා. හොඳ හයිය පන තියෙන ඈයොනෙ.


ඔික පේමා අපිට කියල දවස් දෙකක් ගියේනෑ, කාටවත්ම කියන්නෑ කියල පොරොන්දු වුනාට දවස් දෙකෙන් මුලු බ්‍රිගේඩ් එකම දැනගෙන. හැබැයි ඔය එකෙක්වත් ඒකට මූන දුන්න කොල්ලා පියරත්නයාය කියල දන්නෑ. ඒක වෙනම ආතල් එකක් විදියට බිගේඩ් එකේ ගස්ගල් පවා දැනගත්තා. ඒක මූටත් ආරංචිවුනාට සැනසුම් සුසුම් හෙලන්න පුලුවන් ඒකට ඌගෙ නම ගෑවිලා නැති හිංද.

ඔහොම ඉන්න අතරෙ තමා බිලට් එකේ කතිකාවක් ගියේ මෙි සම්බන්ධව. කතාව ඇදල ගත්තෙත් පේමාමයි. ඌත් ටිකක් මගේ ලඟින් යන මොඩල් එකේ බුවෙක්. පොලොවෙන් මතුවෙච්චි එකෙක් වරෙන්, ඌත් මූට බයිට් එකක් තමා.එක පාරටම මූ බිලට් එකේ හයියෙන් "ඩිංගියෝහ්හ්" කියල කෑ ගහන්න ගත්තා. ඒ "ඩිංගියෝ" කෑල්ල කොච්චර පේමස් උනාද කියනවනං  ඒ වෙද්දි අපි කොල්ලන්ටත් අමතන්නෙ "ඩිංගියෝ" කියලා. "ඒහ් ඩිංගියො, දුන්තර්ලයිෂ් එකක් නැහ්??" අඩෙි ඩිංගියෝ මොනාද අද ඩියුටිහ්" අන්න ඒවගේ.  සීන් එක දන්න බුවෙක්ට ඩිංගියෝ කියල කතාකලාම ඌත් උත්තර දෙන්නෙ "මං රෙනෝ" කියල. පේමා වසලයාටත් කට නිකන් තියන් ඉන්න බැරිකමට ඩිංගියෝහ් කියල කෑගහනකොට තෙත බෙිරි බෙිරි කෑම කාපු පිඟානත් එල්ලගෙන බිලට් එකට ගොඩවුනේ පියරත්න. ඌට මෙස් එකේදිත් මොකකට හරි මළ පැනල තමා ඇවිත් තියෙන්නෙ. ඩිංගියෝ කෑල්ල ඇහිච්චම එකපාරටම මූ පිඟනෙත් පොළවෙ ගහල පරලවෙලා පේමාටත් අමුතිත්ත කුණුහරපෙන් බනින්න පටන් ගත්තා. ඒත් පේමා සද්ද නැතුව හිටියා. වැරැද්ද උගේනෙ. මූ බනින විදියට පේමට විතරක් නෙමෙි අපිටත් හිනා ගිහින්,ඒකට ආයෙ අමුතුවෙන් මළපැන්න පියරත්න මූට අල්ලගෙන ඇඳේ ඔබාගෙනම කීපයක් ඇන්නා. හැබැයි පේමා ගුටි කෑව මිසක් එක පාරක් ගැහුවෙ නෑ. ඒ අතින් ඌ හෙන ග්‍රේට්. අපිත් බෝම අමාරුවෙන් දෙන්නව දෙපැත්තට කලේ. හැබැයි දෙන එක දීල තියෙනව පෙමාගෙ හොම්බ තැරි ගැහිල ඉදිමෙන්ඩම. මොනාද ආයෙ තොල් පුපුරන්න දීල හොම්බත් බලාඉද්දිමයි ඉදිමුනෙ. අපිට මොකෝ උං උං බැජීලනෙ. 


කෙල්ලගෙ පෙනුමයි හැසිරීමයි කතාබහයි හිංද අපි කිව්ව පියරත්නට ඔික නවත්තහං කියල. ඊට වඩා ගැලපෙන ලස්සන කෙල්ලෙක් හොයල දෙන්නං කියල අපි පොරොන්දු උනා. ඒත් මූ අරක අතාරින්න එච්චර කැමැත්තක් නැති පාටයි. කෙලින්ම කතා කරන්න ලැබිච්චි හිංද හිතට අල්ලල ගිහින් වගේ. අපිටත් උඩහ කැලෑ ගානෙ ඉන්නකොට අටපට්ටං බැරල් වගේ ඉන්න ආමි කෙල්ලොත් පේන්නෙ සුරදූතියො වගේනෙ. ආං ඒවගෙ මූටත් වෙලා තිබුනෙ. පස්සෙ අපි කියල කියල ඔික කොහොම හරි නැවැත්තුවා. ඒත් ඔිසෙට මූට ලියුං එනවා. මූ අපිට හොරෙන් ඒවට පිළිතුරු දානවද දන්නෙත් නෑ, සතියකට ලියුම් දෙක තුනක්නං එනෝම තමා. 


මෙිකට සම්බන්ධ වෙච්චි මමයි අපි ටික එක දවසක් එකතුවෙලා මූට ආපු ලියුමක් හොරෙන් කැඩුවා. 


අයිනායක දෙවි පිටයි!

නිවසේදී.

මගේම ආදර මගේම ජයතුට. (මුගේ මුල්නම ජයතු ඈ) උත්‍ත එවාන්ඩ පක්කු වුනේ ගොම් වැඩ හංදා. අපේ කූඹුර මඩ කනවා මෙි දවාස්වල. එකයි. ඔයා සනීපෙං ඇත කයා මං හිතමි. ඔන්න ඔිවගේ මහා හෑල්ලක් ලියල ලියල අන්තිමෙිට, ඔටත් යලුවන්ටත් සිලු දෙවි පිහිටයි. මීට ඔයාගෙම ආදර රෙනූ

කියල අවසන් කරල තිබ්බා. මෙික බලපුවම කෙල ඉස්පොල්ලෙ ගිහින් අපිට හෙම්බිරිස්සාවකුත් හැදුනා. පෙමාට පට්ට ආතල් වැඩක් වෙලා මෙික. ඌ අහනවා "උගේ පෙට්ටියේ තව බඩු තියෙනවා,උස්සමුද" කියලා. ඒ කියන්නෙ තව ලියුම් පෙට්ටියෙන් හොරෙන් අරන් කියවමුද කියල අහන්නෙ. ඒක සදාචාර සම්පන්න නැති හිංද ඒ වැඩෙි කැන්සල් කරලා දාලා එවුන්දැ එවන විදියට අපි සුවඳ ගහන ලියුම් කොලයක් අරන් ඒකි ලියන  විදියටම අකුරු අඩු කරල ලියුමක් ලිව්වා. ලිව්වෙත් තනිකර කුණුහරප වගේ එව්වා. අන්තිමෙිටම ලිව්වා "ඔයා එවන ලියුං වැඩි හිංදාද මංදා මට මෙි මාසෙ මෙව්ව එක වුනෙත් නෑ රත්තං" කියලා. ඒක ඒ ලියුම් කරවරෙටම දාල අලවල ලියුම් පෙට්ටියට දැම්මා. 


දවස් දෙක තුනක් ගතවුනා. මෙිකට සහභාගි වෙච්චි අපේ එවුන්, අපි ලිව්ව ලිවුමෙ තියෙන දේවලුයි, අපි බලපු ලිව්මෙ තිබ්බ දේවලුයි කෑල්ල කෑල්ල අරං පියා ඉන්න ඉන්න තැන්වල කියවන්න ගිහින්,ඒක පියාට මාට්ටුවෙලා, ඌ අපෙන් ගේම ඉල්ලලා, හෙන ගිනි විජ්ජුම්බරයක් වෙලා, ඒක කොච්චර දුරදිග ගියාද කියනවනං අන්තිමෙි පියා නැවතුනේ ඉස්පිරි තාලෙ. සිගරට් බොනවා තියා බොන තැනකවත් ඉන්නැති පියා, අරක්කුවල ගඳ සුවඳවත් අඳුරන්නැති පියා පෙනඩෝල් කාඩ් දෙකක්ම අපි ඉස්සරහ බිව්ව කිහාල්ලකො. මෙිකත් අපිට හොරෙන් කාඩ් දෙකම කඩල පෙති අරන් තියෙන්නෙ. ඒක දැක්ක අපි පැනලා ඇදල දාන්න හදනකොට මූ බීල ඉවරයි.ඒත් බාගෙකට වැඩිය ගිලිලා.  අපිත් එසැනින් මූව එම්අයි රූම් එකට අරං ගිහින්, එතනින් ඉස්පිරිතාලෙට අරන් ගියා. දවස් දෙකක් ඉස්පිරිතාලෙ හිටියා. ඒ දවස් දෙකට මූට හිතෙන්න ඇති මාසයක් ඉන්න තිබුනනං කියලා. ඒ තරං සැප ඌට. අපි මාරුවෙන් මාරුවට කෑම බීම පලතුරු අරව මෙව්වා දෑත පුරෝලා ගිහින් දුන්නෙ කාපිය කියල. ඒත් ඌ අපි කා එක්කවත් කතා කලේ නෑ.  (කොල්ලොනේ. කොලු කාලෙනේ). මෙික කෑම්ප් එකෙත් දුරදිග ගියා. හැබැයි මුට අමාරුවක් නැති නිසා බීඑම්ගෙන් නැවතුනා. ඒක බීඑම්ගෙන් නවත්ත ගන්න අපිට එක්ස්පනේෂන් පවා දෙන්න වුනා. මාත් එක්ක පෙමාත් ⁣රූපවංශත් ඒකට බීඑම් සර් හම්බවෙලා සත්‍යම විස්තරේ කිව්වා. ⁣එයාලා ලොකු අයියල වගේ හැඟීමක් ඒ දවස්වල අපි අතර තිබුනෙ. පාබල ඒකකයක නිළධාරියෙක්නේ. 

 පස්සෙ අපි තීරණය කලා ආයෙ කවදාවත් මූට විහිලු නොකර ඉන්න. බීඑම් කිව්වෙත් එහෙම. ආයෙ ඒවගේ දේවල් නොකරන්න අපිටත් ඒක හොඳ පාඩමක්වුනා. 

ඒත් ඉතින් ආරේ ගති නෑරේ කියනවනෙ. ඌ ඉස්පිරිතාලෙන් එන්න කලින්ම තව කාඩ් එකක් වැදුනා. නිර්මාතෘත් මමම තමා.


අසම්මතයේ ලඳකට පෙම්කර ජීවිතයම වල්මත් කරගත් අපේ කාලයේ දුක හිතෙන කොල්ලෙක්ගේ කතාවයි, "පෙම්බැඳි හිච්චියා". දිවයිනේ සියලු ආදායම් වාර්ථා බිඳහෙලමින් දැන් සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලයේ  සිනමාහල්වල තිරගත වෙි පෙම්බැඳි හිච්චියා. 

රොක්සි වැල්ලවත්ත,මානෙල් දෙමට ගොඩ, කොන්කෝඩ් දෙහිවල, මිහිර මීරිගම,සිනෙක්ස්පෝ කුරුණෑගල,ජීවනි අලව්ව, එමෙක්ස් මොරටුව , රත්නාවලී කැකුනවෙල ගැමුනු විජේසූරිය, යන සිනමාහල්වල දැන් තිරගත වෙි පෙම්බැඳි හිච්චියා..... 

 ඒ තමා අවසන්ම අවසන් කාඩ් එක. මෙිකත් සෑහෙන්න පෙතිචාර තිබුනු එකක්.

ඔහොම මාසයක් දෙකක් ගෙවිල යනකොට මටත් මාවිල්ආරු ක්‍රියාන්විතයට කැඳවල ලියුමක් ආවා යුනිට් එකෙන්. ක්‍රියාන්විතයක් පටන් ගන්නකොට ඒකට සහභාගිවෙන ඒකකවල රටවටෙි විසිරී සිටින ඒ ඒකකයේ සාමාජිකයන් කැඳවල එකතු කරගන්න එක හමුදාවෙි සිරිතක්. මටත් හෙන දිග ලියුමක් ආවෙ ඒ විස්තරේ කියල. "පවතින භඨපිරිස් හිඟතාවය මත මෙම ඒකකයට අයත් පහත නම සඳහන් කොනොනි කඩිනමින් මෙම ඒකකය වෙත මුදා හැරීමට කටයුතු කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. කියල. අනික අපි නැතුව යුනිට් එක වහන්නම වෙන ලයින් එකක්ලුනෙ තිබුනෙ. හැබැයි ඒකට එක හේතුවක් වුනෙත් මං හදාරපු ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලා දෙක. ඒ අය එකතුකරල වෙනම ටීම් තුනක් හදන්න ඒකකයේ සූදානමක් තියෙනව කියල තමා විස්තරේ දැනගන්න කෝල් එකක් ගත්තම කිව්වෙ. මාත් ඉත සිතින් අකුලගෙන යුනිට් එකට යන්න සූදානම්වුනා. ඒ යන්න සති දෙකකට විතර කලින් තමා මට පොලොන්නරු යන්න ආරාධනාවක් ආවෙ. (අපේ පිරිස් පාලන අධ්‍යක්ෂගේ අනුමැතිය එනතෙක් ටික දවසක් මට ඉන්න උනා.) ඒ පෙමාගෙන් උගේ ගමෙි යන්න. ගිහින් ෆන් එකක් අරගෙන ආතල් එකක් අරන් එමු කියල ඌමයි කිව්වෙ. මොකද පෙමාටත් යුනිට් එකට යන්න මට වගේම ලියුමක් ඇවිත් තිබුනෙ. ඌ සිංහ රෙජිමෙින්තුවෙ එකෙක්. අපි දෙන්නගෙම ඒකක පාබල හිංද ආයෙ කවදා අපි හම්බවෙයිද දන්නෙත් නෑ. අපෙන් කව්රු ඉතුරුවෙයිද,කව්රු යන්නම යයිද කව්රු ඉස්සර වෙයිද  කියල දන්නෙත් උඩ හිටපු දෙයියො විතරයි. ඒක අපේ ඒ දවස්වල ජීවිතේ ස්වභාවයනේ. අපේ උන්දැ එක්ක යාලුවුනාමත් එවුන්දැලගෙ ගෙදරින් මට කේස් දැම්මෙත් ඒකනෙ. (අන්තිමෙිට පන්නං ගිහින්නෙ බැන්දෙ.)  ඒ ටුවර් එකට ආරාධනා ලද මාත්, පියාත්, කෝපල් රූපවංශත්, සිරිකුමාරත් තනි පයින් සෙට්වුනා. 


අපි ගියා. ගිහින් වැවෙන් නාල වැව්මාලුත් එක්ක නෙලුම්කොලේ ඔිලු බත් කාල,රෑ හීන් අඩියකින් සන්තර්පනය වෙලා පට්ටම පට්ට ෆන් එකක් ගත්තා. ඒ ෆන් එක කොහොමද කියනවානං ඇත්තටම වචනවලට පෙරලන්න අමාරුයි.  මගේ මෙි ජීවිත කාලෙටම එදා පෙමාගෙ ගෙදර ගිහින් ගත්ත වගේ ෆන් එකක් මෙි වනතෙක් අරන් නෑ. ආයෙ ගන්න ලැබෙන්නෙත් නෑ. (පෙමා වන්නි මානුෂීය මෙහෙයුමෙිදී පරන්තන් වලදි ජීවිතේට ආයුබෝවන් කිව්වා. එතෙක් අපේ සම්බන්ධතාවය තිබුනා) රෑ සිංදු කියලා කෑගහල හූ කියල ගමම පිස්සු වට්ටල හිතේ හැටියට නටල පිස්සු විකාරයක් කලා. ඒ දවස්වල ආමි එකට තිබ්බ භක්තිය කියන්නෙ අහල පහල ගෙවල්වල අයත් පෙමාලගෙ ගෙදරට ඇවිත් පිරිල හිටියෙ.  එහෙ යාලුවො කීප දෙනෙකුත් අපිට සෙට්වුනා. රෑ තමා හරියට⁣ම මෙි පාටියේ අරමුණ දැන ගත්තෙ. එතකං ඌ කිව්වෙ නෑ. පියයි පෙමයි දෙමස්සිනාල වෙන්න අත්තිවාරම වැටිල මීට මාසෙකට විතර කලින්. ආං කෙල්ලොනං කෙල්ලො. අපේ එකීලට ගගහ එලවන්න හිතෙනවා දෙයියො.  කොල්ලනං කොහොමත් අවුලක් නෑ. අහිංසකයෙක්. බොක්ක හොඳ බුවෙක්. ගෙදරින් කැමැත්තත් දීල පෙමාගෙ ඉල්ලීමට. ඒව අපිට රහසින් වෙච්චි දේවල්. පෙමාම අපිට හොරෙන් පියාට නංගි ගැන කියල වරෙන් යන්න කියල. මෙි වෙද්දි පියාත් තුන් පාරක් විතර මෙහෙ ඇවිත් ගිහින්. (පෙමා සෙට් කරල තියෙන්නෙ පියා ඉස්පිරිතාලෙ ඉඳන් ආපු අලුත ඉඳන්)කුරුණෑගල ඉතින් සතියකට සැරයක් එලියට යන්න පුලුවන්නෙ. ඒත් පේම අපිට කියල නැත්තෙ අපේ ගැන්ග් එකේ හැටි ඌ දන්න නිසා පෙමාටත් පෙනඩෝල් බොන්න වෙයි කියල බය හිතිල වෙන්න ඇති. මෙික මස්සිනාලා දාමයක් කියල දැනගත්තෙ ඊටත් පස්සෙ. බැලින්නං පේමගෙ පෙම්වතිය කෝපල් රෑපවංශගෙ නංගි. මං විතරයි පිට එකෙක්ට ඉඳල තියෙන්නෙ. සිරි කුමාරයා පෙමාගේ ලේ ඥාතියෙක්. ඒක අපි කලින්ම දැනං හිටියෙ. මාත් බඳින්න කලින්වත් මෙික උනානං අම්මප පේමගෙ මාමගෙ දුවව වත් ටෝක් කර ගෙන පෙමාගෙ මස්සිනා වෙන්න තිබුනා. ඒකිත් හෙන කෑල්ල. නර්ස් කෙනෙක්. නර්ස් කෙනෙක් කිව්වම මතක්වුනේ, මාත් ඉස්සර හෙන ආසාවෙන් හිටියෙ නර්ස් කෙනෙක් බඳින්න. ඒ කටු විදින ඒවැං බෙිරෙන්න. කලින් එයා කට්ටෙන් විදිනවා මං කෙඳිරි ගානවා. දැං මං කට්ටෙන් විදිනවා එවුන්දෑ කෙඳිරිගානවා. හැබැයි කෝක වෙතත් ඇස් දෙකෙන් දැකපු දේවල් ඇස් දෙකෙන්ම ඉවර කරන මගේ ප්‍රතිපත්තියත්, මිත්‍රකමට එහා ගිය සහෝදරකමත් නිසා ඒ ඇසු දුටු හැම දෙයක්ම පෙමාගෙ ගේ ඉස්සරහ තිබුනු හතරෙ ඇලේ බැම්ම උඩින් තියල මං ගමෙි ආව. 


ඉවර නෑ.


ඔය පල්ලැහෑ පොටෝවෙ ඉන්නෙ මා නම් නෙවෙයි. පියරත්නයා


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.12.23

Sunday, December 20, 2020

කුරුණෑගල 03

 කුරුණෑගල 03


අබාධිත පොරත් පොලිසියට භාර දීල සති අන්තයෙත් ගෙදර ඉඳල සඳුදා ආව කඳවුරට. මෙි වැහැරවත්ත කඳවුරට තවත් නමක් කියනවා. ඒ අකුණුවත්ත.නැත්තං "හෙන පිටිය වත්ත" කොහේ හරි අකුණක් ගහපං,ඒක පාත් වෙන්නෙ මෙි කඳවුරට. ඒ දවස්වල කෑම්ප් එක පිටිපස්සෙ තිබ්බ පොල් ගස්වල කරටි එකක්වත් තිබුන්නෑ,ඔක්කොම හෙන ගහල කුඩු වෙලා  ගිහින්. යන්තම් ගොරෝගෙන වැස්සක් ආවොත් අපි ඔෆීස් එකේ බල්බ්  පවා නිවනව. ඒක ස්ථාවර නියෝග සහ කඳවුරු නියෝග වලත් ඇතුලත් කරල තිබුනෙ. ඒත් අපේ කඳවුර ඇතුලෙ දේපලවලට ඇරෙන්න කිසිම කෙනෙකුට හානියක් වෙලා තිබුනෙ නෑ. නමුත් පරිස්සම කෝකටත් හොඳයිනෙ.


එදා මහ අඳුරු දවසක්. වැහිබීරුමක් අතලඟ. මං බිලට් එකට යන්න ගියේ අහස දිහා බල බල "වැස්සට කලින්නං එන්න බැරිවෙයි" කියල හිත හිත. හිතුව වගේම ගිහින් දුන්තර්ලයිස් එකක් ගහල ආපහු එන්න බැරිවුනා, වැස්සට කොටුවුනා. ඒ සංඥා මැදිරිය කිට්ටුව. මාත් දඩස් ගාල සංඥා මැදිරියට පැන ගත්තා. පැනල ඩයිනමෝ දෙක අංසක එකසිය අසූවක් කරකවල බැලුව ඇතුලෙ මොකෝ වෙන්නෙ කියල. මී හරකවත් ඉන්නවනං වැස්ස පායනකං හීනි කයියක් ගහන එක තමා අරමුන වුනේ. ඒත් සැරයන් හිටියෙ නෑ. හැබැයි සෙට් එක ඔන් කරලා හදිසි මැසේජ් වගයක් යවනව. මට බය හිතුන. සෙබළෙක් වෙලා වෙඩි වැදිල මැරෙන්නැතුව හෙන ගහල මැරුනොත් දරුවෙක්වත් කටක් ඇරල කියන්නෙ කෝමද තාත්ත හමුදාවෙ, මැරුනෙ හෙන ගහල කියල. මං ඒත් කිව්වා පොරට;

*මල්ලි කරන වැඩෙි ඩෙින්ජර්...වහාම බෙිස් එක ඔිෆ් කරහං. 

ඌත් හදිසි මෙසේජ් එකක් යවන්නෙ කියල "ටක්ගාල ඒකත් යවලම ඔිෆ් කරනව කෝපල්" කිව්වා. මටත් මොකෑ. ඒත් මං එතන ආයෙ එක තප්පරයක් හිටියෙ නෑ. එච්එෆ් වෙිව්ස් වලට අකුනු අදිනව වැඩී.ඔන් කරල තිබුනෙත් එච්එෆ් බෙිස් ස්ටෙිෂන් එකක්. මාත් ඌට "එහෙනං බම්බු ගහගනිං ඔිං මං ගියා" කියල වැස්සෙම තෙමීගෙන දුවගෙන ආවා. මෙික පපුවට අත තියල කියන්නෙ හිතෝතුනි පැය කාලක් යන්ඩ හම්බුන්නෑ, සිග්නල් රූම් එකේන් එකයි දුං වළාව. බඩු ටිකත් ඉවරයි. කොල්ලට අවුලක් නෑ, හයිටෙන්ෂන් පවර් එකක් ඇවිත් පිච්චිච්චි හිංදා. ඔයිට කලින් තව වැහි දවසක ෆැක්ස් එකක් යව යව ඉද්දි ඒක ඔිෆ් කරපං කියල කිව්වට කෝප්‍රල් ජයසිංහ කියන එක ඇහුවෙ නෑ. අන්තිමෙිට කනෙක්ටින් බොක්ස් එක එහෙම ගලෝගෙන ගිහින් තිබුනෙ. එදා එක්ස්චෙින්ජ් එකත් පිච්චුනා.ෆැක්ස් එකත් පිච්චුනා. මෙිව තිබුනෙ අපේ ඔෆීස් එකට යාබදව. ඔපරේටර්ට තුවාල වෙලා තිබුනෙ බයට දුවන්ඩ ගිහින් හැප්පිලා වැටිල. ආයෙ දවසක් බීඑම්ගෙ කම්පියුටර් එක. ඒකෙත් ඇජෙන්ඩා එකක් හද හද ඉද්දි මං බීඑම්ට "සර්, අවුලක් වෙයිද්දන්නෑ කොම්පීටරේට, ගොරෝනවත් එක්ක" කියල කිව්වම "ඇනැප් පලෑම් යන්ඩ'ඒකට තමා උඹලගෙ රෙජිමෙින්තුව තියෙන්නෙ" කිව්වා. අපේ රෙජිමෙින්තුවෙන් කම්පියුටර් හැදුවට, අකුණු ගහල පිච්චුනොත් ඒව බාර අරන් තියෙන කෙනා ඒක ආයෙ හදන්ඩ දාන ඇනේට පවා ගෙවන්න ඔින. ඒකට කියන්නෙ "ඩීවී චාර්ජින්"  කියල. ඒ කියන්නෙ කදවුරු නියෝග වලට හා යුධ හමුදා දේපලවලට හිතා මතා හානි පැමිණවීම " කියල ඒ වරදට චාජ් එකෙත් ගිහින් වැටුපෙනුත් එකට තුනක් අඩු කරනව. 

හැබැයි මං ඔිව කියල ඔය තැන්වල කවදාවත් ඉන්නෑ. පරාන බයට කොහාට හරි මගෑරල යනව. එදාත් "දඩ්ඩෝං ජර බර ජර බර බරාස්" ගාල වැදිච්ච අකුණකින් බ්‍රිගේඩ් එකේ තිබ්බ එකම කොම්පීතරේත් පිච්චිලා ගියා. මං ඒක දැන ගත්තෙ බීඑම් එන්න කියල පනිවිඩයක් එව්වම එතුමා හම්බවෙන්න ගියාම.

*ආරච්චි උඹ අරක්කු බොනවද?

*ඩෙිලිනං බොන්නෙ නෑ සර්. ඒත් බොනවා ඉතින් වීකෙන්ඩ් එකේ වගේ සෙට්වුනොත්. වෙන මක් කරන්නද සර්.

*වෙන මක් කරන්නද?? හරි. උඹ විට කනවද?

*අම්මෙි නෑ සර්. ඔිව කාල යුනිෆෝම් අඳින්ඩ බෑනෙ සර් (ඒ දවස්වල ඇත්තටම විට කෑවෙනෑ)

*උදේට කට හෝදනවද? මටත් මෙයා අහන දේවල් හෙන අමුතුයි අමුතුයි වගේ හිංද;

* ඇයි සර් එහෙම අහන්නෙ?

*ආං කම්පියටරේ පිච්චුනා. තමුසෙ පිච්චෙයි කියල පැය බාගයක් ගියේ නෑ.

මීට පස්සෙ ඇස්වහ කටවහ යන්න මද රස්නෙ උණු වතුරට ලුණු කැටයක් දාල කට හෝදලා හක්ක පිරෙන්න විටක් කාපං ඈ.. එතකොට ඔය ගතිය පහවෙලා යයි කිව්වා. ඒකටනං මට දුකකුත් ඇතිවුනා. 

එහෙම ඉද්දි තමා සෙට් එකේ අනාවැකියත් හරි ගියේ. ඒකට තව සීන් දෙක තුනකුත් හවුල් වුනා. දවසක් වාහනයක් රිවස් කරනකොට සාජන් මෙස් එක ඉස්සරහ තිබුනු වටිනා කියන ලොකු මල් පෝච්චියක් දැකල "කුඩු කරාංකො මහලු මඩමෙ මල්පෝච්චිය ඈ" කිව්ව විතරයි මෙි රෙද්ද ගිහින් මල් පෝච්චියෙත් හැප්පිලා ඒකයි මාලු බාන මාමයි දෙකම කුඩු. ඒක වුනේ මෙි ලොරිය රිවස් කලේ රියදුරා නෙමෙි වෙන එකෙක්. ඒකෙ බ්‍රෙික් මදි කියල මං දන්න නිසා කලින් ලොරිය නවත්ත ගන්න කිව්වෙ. මූ ගනන් ගන්නැතුව ගිහින් කිට්ටු කරල බ්‍රෙික් ගහපුවම බ්‍රෙික් නැති වාහනේ බ්‍රෙික් අහයිද?. හැබැයි ඔන්න ඔය සීන් වලින් පස්සෙ මං මොකක් හරි කාට හරි කිව්වොත් ඒක ටක් ගාල කරනවා. කරනවා නෙමෙි ඉබෙිට කෙරෙනවා. ඒ බයට. ඇයි දෙයක් කිව්වොත් වෙනවමනෙ. ඒව මං කියන්නෙ අත්දැකීම් වලින්. ඒ වුනාට උන් කියන්නෙ මොකක් හරි දෙයක් වුනාම;

*කෝපල් ආරච්චි ද කිව්වෙ? ආපෝ ඒනං ඔික වහාම නවත්තහං කියන ලෙවල් එකට පත්වෙලා තිබුනෙ. 

එක දවසක් බිලට් එකේදි (අපේ බිලට් එක තියෙන්නෙ උඩ තට්ටුවක) කට්ටිය බරාඳියට හේත්තු වෙලා කයිය ගග ගගහ ඉන්නකොට මං; "ඔතන වටවෙලා ඉඳලා වැටියල්ලකො පල්ලැහැට වැටෙයි " කිව්වා. කියල කෑම පැය ඉවරවෙන්න වුනේ නෑ, එකෙක් පල්ලෙහාටම වැටිල අතකුයි කකුලකුයි දෙකක් කඩාගත්තා.  මං ඒක කිව්වෙ එතන බරාඳිය බුරුලු වෙලා ගැලවෙන්න ලංවෙච්චි දතක් වගේ හෙල්ලෙනව කියල දන්න හිංද. කට්ටිය කයිය පිටින්ම ඉන්න කොට ඉන්න තැන අමතකයි, අරකත් අමතකයි,ගිහින් එකෙක් දෙන්නෙක් හේත්තු වෙච්චි ගමන් වැටත් ගලෝගෙන වැටෙන හිංද. ඒත් අන්තිමට එන්නෙ "ආරච්චිගෙ කටවහ" කියල. ඒ අනාවැකියෙන් පස්සෙ සමහරු මං එද්දි ෆෝන් එකත් ඔිෆ් කරන ලෙවල් එකට බයවුනා. සමහරු මං මෙහෙන් එනකොට අරහෙන් මගෑරල යන සයිස් එකකුත් තිබුනා. ඒ දවස්වල"දෙයියංගෙ නාමෙට මුකුත් කියන්න එපා කෝපල් ඈ" කියන එක මට ගොඩක් හුරු පුරුදු වාක්‍යයක්. 


උයිට කලින් වාලච්චෙිනෙදිත් ඔිකක් වුනා. මෙහෙ පේපර් මිල් එකේ කුණු කන්න එනව ඌරො. ඉංජිනේරු රෙජිමෙින්තුවෙ හිටියා පෙරේරා කියල කොල්ලෙක්. ඌ මස් වැද්දෙක්. කොහොමහරි මූ සතියකට සැරයක් පේපර් මිල් එක වටෙි රෑට කරක් ගහල හක්ක පටස් තියනවා ඌරන්ට. එහෙම තමා මරන්නෙ. එදා මං මෙින් බැරියර් එකේ සෙන්ට්‍රි. රෑ දහයට විතර ඇති. පෙරේරා ආව හක්ක පටස් තියන්න යන්න. මං;

*පෙර්රා. වැඩෙි හරියන් නෑ. වහාම නවත්තහං ඔික. ඔිකක් උඹටම පත්තු වෙච්චි දවසක තේරෙයි ඈ..

*ඇනැප් ප්ලෑන් යන්ට, ඌරො ඉන්නෙ අපිට කන්ට බොල. කියල මට සත්තමකුත් දාගෙන ගියේ, ගිහින් පැය භාගයක් ගියේ නෑ, "ගිඩ්ඩීංංං" ගාල සද්දෙයක් ආව. අපිත් කලබල වුනා. විනාඩි දෙක තුනක් යද්දි මූත් එක්ක ගියපු අනිකා මූවත් උස්සගෙන දුවගෙන ආවා. අත් දෙකම වැලමිටෙන් ගලෝගෙන ගිහින්. අන්තිමෙි තුවාල හොඳවුනාම මූව අරං ගියපු ඇම්බියුලන්ස් එකේ ඩීසල් වලටත් පොරට ගෙවන්න වුනා. ඒව ඇස්වහ කටවහ නෙමෙි. හැමදාම අහිංසකයෙක් මරල මස් කන එකට සොබාදහම කැමතිවෙයිද? එහෙනං බුදු බණත් බොරු වෙන්න එපැයි. 


 එදා පිච්චිච්චි සෙට් ටික බලන්න ආපු සාජන් අමරසිංහත් හිටපු ඔපරේටර්ගෙන්  "මෙි හරියෙන් ආරච්චියා එහෙම ගියාද" කියල ඇහුවලු. අරුත් ඔව් කිව්වම සැරයන් පිච්චුනේ මොනවද කියලවත් බලන් නැතුවලු අළුත්වැඩියා කරන්න අරන් යන්ඩ බඩු ටික ඇහිරුවා කියල කෝපල් ජයසිංහමයි මා එක්ක කිව්වෙ. අනේ මංද ඉතින්. මුන්ට දෙයක් කියන්ඩවත් බෑනෙ අප්පා. හැබැයි ඒකනං අදටත් තියෙනවා ඈ. 


ඔහොම ඉද්දි තමා අත්අඩංගුවට ගත්තු හාමුදුරු කෙනෙක් කඳවුරට අරං ආවෙ. උන් වහන්සේ ආමි ඉඳලා ඇබ්සන් වෙලා මහණ වෙලා. ඒව අදාල නෑනෙ හමුදාවට. සීසීඑම්පී එකෙන් අපේ ඔෆීස් එකට එක්කන් ඇවිත් වාඩි කෙරෙව්වා. අපිත් සුදු බෙඩ් ෂීට් එකක් දාල වාඩිවෙන්න සලස්සල ආගිය තොරතුරු ඇහුවා. අවුරුදු දෙකහමාරක් ඇබ්සන්. උන් වහන්සේව බ්‍රිගේඩ් කමාන්ඩර්ට දාල පනාගොඩ එක්කන් යන්න තමා සීසීඑම්පී අරමුණ. මාත් පැත්තක ඉඳන් කිව්වා උන්වහන්සේට;

*කෝපල් බයවෙන්න එපා, පනාගොඩ අරන් යන්න වෙන්නෑ, බ්‍රිගේඩ් කමාන්ඩර් ඔබ වහන්සෙට දිනයක් දීල ආයෙ කැඳවයි. එතකොට ආපහු එන්න වෙයි කියල. ඒකට සීසීඑම්පී අය මට නෝන්ඩියට හිනාවුනා. "එහෙම කොහොමද වෙන්නෙ, පනාගොඩින් එක්ක යන්න ආවෙ නැත්තං අපිට එක්කන් යන්න වෙනවනෙ" කිව්වා. මාත් කට පියාගත්තා. අපිට ඒව අදාල නෑ.ඒව ඒ අයගෙ වැඩනෙ.


පැයකට විතර පස්සෙ රාජකාරි වැඩකට එළියට ගිහින් හිටපු බ්‍රිගේඩ් කමාන්ඩර් ආවා. මුන් වහන්සෙවත් එතුමාට දැම්මා. 

බ්‍රිගේඩ් කමාන්ඩර් කියල තිබුනා හරියට සතියකින් ආයෙ ඇවිත් භාරවෙන්න, හමුදාවෙන් අයින් වෙන්න හදල දෙන්නං කියල. නිකන්මත් නෙමෙි වැඳල කියල තියෙන්නෙ. මුන් වහන්සේට ඒ සතිය කරදරයක් නැතුව ඉන්න අවසරය දෙන ලියුම ගහගන්න ආවෙ අපේ ඔෆීස් එකට. 

*ඒකනෙ කියන්නෙ කෝපල්..මං කියන දේ තමා මෙහෙ වෙන්නෙ. 

එතකොට අපේ සීසී, සීසීඑම්පී කෝපල් ජනකට;

*අම්මෙි ඔව් කෝපල් ආරච්චියා දෙයක් කිව්වනං ආයෙ හොයන්ඩ යන්ඩ එපා.. කිව්වා.

මාත් ඒ ලියුම ගහන ගමන් සීසී කියන දේ දිහා ඇස් යටින් බලං හිටියෙ. ඒක දැකපු සීසී;

*ඇයි උඹ හොරෙන් බලන්නෙ. ඇත්තනෙ කිව්වෙ. ඇත්තටම මට කියහං ආරච්චි උඹ කොහොමද ඔව්ව හරියටම කියන්නේ??

මාත් රයිටරේ ගහන ගමන්;

*ඔිව ඇස්වහ කටවහ නෙමෙි සර්. සර්ලා ඒක ගැනනෙ කියන්නෙ??

*එහෙනං කොහොමද උඹ හරියටම කිව්වෙ??

*ඇයි ඇයි සර්ටත් මොනාහරි අහගන්න ඔිනද කියල අහපුවම සීසී ආයෙ වචනයක් කතාකලේ නෑ.

*ඉතින් සර්, ලෝක තුනක් වඳින චීවරේට, ⁣මෙි මුලු ලෝකෙම දණ ගහල වඳින චීවරේට, බ්‍රිගේඩ් කමාන්ඩර්රුත් වැඳපු චීවරේට, ඒ චීවරේ දරණ පුද්ගලයෙක් වැරැද්දක් නැතුව ශෙල් එකේ දායිද සර්. අනික සර් දැම්මත් අපේ ශෙල්එකේ දාන්න පුලුවන්ද? වැරැද්ද ඇබ්සන් වීම තමා. ඒත් මිනී මරල කෙල්ලො දූෂනය කරල නෑනෙ. අනික නියෝගයක් තියෙනවනෙ මාස තුනකට වැඩි ඇබ්සන් අය කැමතිනම් යුධ හමුදාවෙන් අයින් කරන්න කටයුතු කරන්න කියලා. ඒකයි මං කිව්වෙ. 

එතනින් එහාට ආයෙ කව්රුවත් වචනයක් කතාකලේ නෑ. ආරච්චිනෙ කියන්නෙ. ඌ "වහපියව් කට කිව්වොත්"

දතුත් හැලිල කටවල් පියවෙන්නෙ.


ඇත්තටම මං එහෙම නෑ. බය වෙන්න එපා. අත්දැකීමෙන් මං ඔය හැම එකක්ම කියන්නෙ.


ඔහොම ඉද්දි තමා මට බුවෙක් සෙට්වෙන්නෙ බිලට් එකේදි. එක දවසක් මං දවල්ට කාල තව කෝපල්ලා දෙන්නෙකුත් එක්ක බිලට් එකට යද්දි ⁣ආධුනිකයො කීප දෙනෙක් වට කරගෙන සුළු වැරැද්දකට උන්ට පහර දීමට ලෑස්තිවෙන සාමාන්‍ය සෙබළෙක් ඒ. නම අධිකාරි කේඒ. හේතුව තේ ගෙනාපු බකට් නොසේදීම. අපි හිතුවෙ දේශණයක් දීල ආයෙ එහෙම කරන්න එපා කියලා අතහරී කියලා. ඒත් නෑ. මූ මූ ගැන හෙන පම්පෝරියක් ගහල මං අරහෙමයි, මෙහෙමයි කිය කිය හෙන කේස් එක. අන්තිමෙිට ආධුනිකයන්ගෙන් එකෙකුට විධානය කලා හොඳ පොල්ලක් අරන් වර තෝ ගිහින් කියලා. හමුදාවෙ එහෙම බෑ. තමන්ට වඩා ජ්‍යෙශ්ඨයො ඉන්න තැනක ජූනියර් කෙනෙක් විසින් කාටවත් දඬුවම් දෙන්න බෑ. දඬුවම් කරන්න පුළුවන් සීනියර්ට කියලා ඔහු අවසර දුන්නොත් විතරයි. ඔහුත් ඒ වැරැද්ද පිළිබඳව හොඳට විමර්ෂණය කරල දඬුවම් දිය යුතුම එකක්නම් සුදුසුනම් විතරක් අනුමත කරනවා.  අවසරය දෙනවා. ඒකට හේතුව ඒ දඬුවමෙි වගකීම එතනින් එහාට පැවරෙන්නෙ ඔටෝම සීනියර් එකාට. නැත්තං අවසරය දුන්නු කෙනාට. මෙයා සාමාන්‍ය සෙබළෙක් ලා/කෝ ආරච්චි සහ තව කෝපල්ලා දෙන්නෙක් ඉස්සරහ තමා දඬුවම් දෙන්න හදන්නෙ. කෝපල් කෙනෙකුට විශේෂයෙන් ආරච්චිට (බිලට් එකේ හිටපු නිසා)  හේතුව නොදන්වා ඔහු ඉදිරියේ ඔහුව කෙයාර් කරන් නැතුව කොහොමත් බෑ. මොකද "උන්ට ගහල මොකක් හරි වුනොත් උඹට තමා කේස් එක" කිව්වොත් ඉතින් කට හෝදලා කිව්වා වගෙ තමා. "උඹ අහිංසකයින්ට ගහල අත පය කඩාගන්නද හදන්නෙ"  කියල ඇහුවොත් ඒත් බඩුම තමා. අනික අපිත් රෙක්කා කාලෙ ඔිනෑ තරම් ඔහොම අමානුෂික වද හිංසා වින්දා. අපිටත් එහෙමයි කියල අපිත් ඒකම කරන්න ඔිනැයැ කියල එකක් නෑ. මගේ ප්‍රථිපත්තිය වෙනස්. අවම රිදීමකින් මතක හිටින්න පාඩම් ඉගැන්වීම තමා මගේ සිස්ටම් එක. මෙික ආරච්චිට අනුව ඉතා වැරදි දෙයක්. ⁣පොර අරුන්දැලට පම්පෝරිය දුන්නෙත් අධිකාරි කේ ඒ කියන්නෙ අධිකාරි කැ%@$යන්ටත් ඇරියා කියන එක කිය කිය. අපිත් ඇඳන් උඩට වෙලා බලං හිටියේ දැන් නවත්තයි දැන් නවත්තයි කියල. ඒත් නවත්තන පාටක් නෑ. හැබැයි පොර අපි ඉන්නවද දැක්කද දන්නෑ. වැඩමන්ට් එක බිලට් එකේ කෙරවලේ ජයට නැගල යනවා. අන්තිමෙිට තමා  කිව්වෙ හොඳ පොල්ලක් අරන් වරෙන් කියල. මූ හයියෙන් කියන නිසා බිලට් එකටම ඇහෙනවා.  පොල්ල ගේන්න යන ආධුනිකයා අපි ගාවින් යද්දි මං මගින් නවත්තගෙන "කොහෙත් තෝ යන්නෙ" කියල ඇහුවා. ඌත් සීරුවෙන් හිටගෙන "පොල්ලක් ගේන්න කෝපල්" කිව්වා. අරුන්දෑගෙ මුලකුරු කේඒ. ඒ කියන්නෙ කැ&@%යන්ටත් ඇරියා කියන එක. මටත් හැටහුටාමාරක් මුලකුරු තිබ්බට හමුදාවෙි භාවිතාකලේ වයිඒඩීඒ කියලා. මාත් ආධුනිකයට කිව්වා කැ%@$යන්ටත් ඇරියා කියන එකාට ඔහොම්මම ආපහු ගිහින් කියපං යක්කුන්ටත් ඇරපු දෙයියන්ටත් ඇරපු ආරච්චි කියල අම්බ කැ%@$යෙක් බිලට් එකේ කෙරවලේ ඉන්නවා, ඌ ඔික වහාම නවත්තන්ඩ කිව්ව කියල. හ්ම් පලයන්"  කියලා ආපහු යැව්වා. ඌත් ගිහින් අරුන්දැට කිව්වා. එතකොට තමා මූ වටපිට බැලුවෙ. බලල අපි තුන්දෙනා ඉන්නව දැකල මස්කට්ටකට හීලෑවුනු දඩෝරියෙක් වගේ හිනාවීගෙන අපි ලඟට ආවා. පස්සෙ ඌට ඌ කරන්න ගියපු වැරැද්ද තේරුම්කරල දීල අතෑරියා.


ඉවර නෑ....


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.12.20


Saturday, December 19, 2020

රටක සංචාරේ

 එදා හරි ලස්සනට ඉර පායලා තිබුනා. ගිනි පුළිඟුවක් වගේ ක්‍රම ක්‍රමයෙන් ඉහල නගින ඉර ඊලඟට කරන්නෙ තම රශ්මි ධාරාවෙන් මෙි රටෙි මහ පොළොව පුච්චල දාන එක.

 මෙි රට පවතින්නෙ භාගයක් කාන්තාරයක් විදියට. කාලෙකට ඉහතදී සදාහරිත සහ සොබා සෞන්දර්යාත්මක භාවයකින් යුක්ත වී තිබුනු බවට ලක්ෂන පෙන්වන ඈතින් සහ ලඟින් පේන කඳු මුදුන් වලින් මතුවී තිබුනේ  විශාල කලුගල් මුදුන්. ඒත් මෙි වෙද්දි මෙි ගල් කුළු රටෙි සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්න අන්තිම බිංදුවටම කඩල අරං තිබුනෙ. පොලවෙ පස ඉරිතලල ගිහිල්ලා. කිසිම ගුණාත්මක භාවයක් නැති මෙි පසේ වැවිල තිබුනෙ එහෙන් මෙහෙන් රට ඉඳි ගස් විතරයි. ඒව දැක්කම පපුව හෝස් ගාල දාල යනව. මිනිසා මුදල් වෙනුවෙන් නොකරන්නේ මොනවද කියල හිතෙනව. මෙි කලුගල් චීනෙට අපනයනය කරන අතර ඇමරිකාවෙන් මාස තුනකට සැරයක් නැවක් ඇවිත් තවත් ඉතුරු වෙලා තියෙන කළුගල් සහ වැලි ටික හූරගෙන අරන් යනව. විශාල යන්ත්‍රෝප කරන වලින් පොලව යටටත් පිහිටි කලු ගල් හාර හාර කඩ කඩා යන්නෙ හරියට දියමන්ති ආකරයක අන්තිම දියමන්ති කැටෙත් හොයන කුණු ලෝබයෙක් වගේ. මට එකපාරටම හිතුනා මෙි වට පිටාව චුට්ටක් බලල යන්න ඔින කියල. තවත් ගොඩක් වාහන මෙි හරියෙ නවත්තල තියෙනවා. ඒ නොනිමි ගමනක් යන අතර මැද හීතල මොනව හරි දේකින් උගුර තෙමා ගන්න. කඩවල් පේලියක් තිබුනත් මිනිස්සු අඩුයි. මෙි කාන්තාරය හරහා යන මිනිස්සු විතරයි මෙි කඩවල් වලට එන්නෙ. කෑම ටිකක් කන්න, ක්ලෝරීන් කලවම් කරපු තිත්ත රහ එන වතුර එකක් ගන්න ටිකක් විඩාව නිවාගන්න හෙම තමා මෙතන වාහන  නවත්තන්නෙ. වතුර ලීටර් පහේ බෝතල් තමා පොඩිම එකකට තියෙන්නෙ. ලීටර් 10,20,50 දක්වා කෑන් තියෙනව විකුනන්න. ලීටර් පහේ කෑන් එකක් ඩොලර් දොලහක් වෙනවා. ලීටර් පනහෙ කැන් එකට කෑන් එකේ වටිනාකමත් එකතු කරලා ඩොලර් 72ක් වෙනවා. කඩෙිකින් වතුර ජෝගු බාගයක් බොනවනං ඩොලර් කාලක් වෙනවා. ඒවා ශත වලින් ගෙවන්න තියෙන්නෙ. ඊට ලාභයි ලීටර් පහේ එකක් ගන්නවා. මෙහෙ තියෙන්නෙ ලවණ ගතිය ඉවත් කරපු මුහුදු වතුර. උගුරු තුන හතරකට වැඩිය එකපාරකට බොන්න බෑ. අප්පිරියයි. කොච්චර බිව්වත් තිබහ යන්නෑ.


මමත් වහාම රියදුරු හිටපු වයසක පහේ මනුස්සයට වාහනේ ටිකක් නවත්තන්න කිවුවම මහා නෝක්කාඩු බැල්මක් දාල අඩි සීයක් විශාල කාපට් පාරෙ විශාල රට ඉඳි ගහක් අයිනකට කරල වාහනේ නවත්තල ආයෙත් මගේ මූන බලල ඉංග්‍රීසියෙන්;

*ඇයි නවත්තන්න කිවුවෙි. 

*නවත්තන්න කිව්වෙි උඹලගේ කාන්තාරෙ සිරි නරඹන්න. බලපන් මෙි කාන්තාරෙ හැටි. හයිටි රටෙත් මෙි වගෙ නෑ. ඇයි උඹලට මෙි රට හරියට බලාගන්න බැරිවුනේ. රැක ගන්න බැරිවුනේ? 

කියල අහපුවම මිනිහ බිම බලාගත්තා. අපේ වාහනය නවත්තපු තැනට විශාල භූමි ප්‍රමාණයක් පේනවා. වට පිටාවත් ටිකක් විතර ලස්සනයි.ගොඩක් ඉස්සර කාලෙ ගඟක් තිබුනු බවටත් පැත්තකින් සළකුණු තියෙනවා. මෙි රටට තියෙන්නෙ එකම එක කැලෑවක් විතරයි. මිනිස්සුන්ගේ පරිභෝජනයට අවශ්‍ය සෑම දෙයක්ම ගෙන්නන්නේ පිට රටින්. අවුරුද්දකට එකම එක සැරයක් වැස්ස පටන් ගන්නවා. ඒක තියෙන්නෙත් හරියටම සතියයි. ආයෙ සති පනස් එකක්ම මහා ඉඩෝරෙ. අඩු නැතුව තිබුනෙ යාචකයින්ගෙ අඳෝනා විතරයි. වාහනයක් නවත්තපු ගමන් අත උරුක් කරගෙන දුවගෙන එන්නෙ වෙන එකෙක් එන්න ඉස්සර ඌ ඇවිත් කීයක් හරි ඉල්ලගන්න. නුදුන්නොත් මුං බනිනවා. අනික මෙි රටෙි බාසාව හරියට තේරුම් ගන්නත් අමාරුයි. ඉංගිරිසුත් නෙමෙි. ඒත් ඉංගිරිස් වගේ. මමනං එන එන හිඟන්නට කීය කීය හරි දෙන්නෙ නුදුන්නොත් මුං නොතේරෙන බාසාවෙන් මොනවා කියල බනිනවද කියල දන්නැති හිංද. අම්මට බැන්නත් අපිට කියන්න තියෙන්නෙ "තෑන්ක් යු" කියල විතරයි. මොකද දන්නෙ එච්චරයි. මහා රාස්ස මිනිස්සු ජාතියක් මෙි හරියෙ ඉන්නෙ. මෙදත් වාහනේ නවත්තපු ගමන් අත් දිගට කලිසම ඇඳපු  ඒත් ටිකක් පිරිසිදු හිඟන මනුස්සයෙක් ඇවිත් උන්ගෙ බාසාවෙන් කීයක් හරි ඉල්ලුවා. මුගේ ටයි එක විතරයි අඩු. සමාජ අධ්‍යනය සර්ල වගේ තමා මෙහෙ හිඟන්නොත් ඉන්නෙ. 


තරුණ පහේ එක හිඟන්නෙක් මාත් එක්ක චුට්ටක් හිනාවුනාම මාත් කට සම්පූර්ණම අරින්නැතුව ඩිංගක් හිනාවුනා. ඌ ටික ටික මට කිට්ටු කලා. මාත් ඌ ලඟට ආවම නම ඇහුවා.

*කේන්ජ් රයිෆ් ආ??

*ඩික්ලෝ

*ආබුෂ් ඩික්ලෝ..අඩ්හු අක්බර් ඩිකාන් ශේ ක්වා?? (ලස්සනයි ඩික්ලෝ.උඹෙි වයස කීයද?)

*යේහ්.. වා ටුවෙන්ටි නායින්. බුෂුආ ඩික්ස් වෝ වෙහික්කෝල් ඩුවන් බ්‍රාක්??

*නෝ නෝ.. නතින්. 

*බුෂුආ..

හැකි ඉක්මනින් ඌව කපල දැම්මෙ වැඩි හිතවත්කමක් පෙන්නුවොත් ඩොලරෙන් ශේප් වෙන්න බෑ. මෙහෙ පලාත ගැන විස්තර කරල කියන්න ඩොලර් විස්සක් දෙන්න ඔින. මුං ඊලඟට පටන් ගන්නෙ ඔික. එපා කිව්වත් නොකිව්වත් කියවන්න පටන් ගන්නවා. 


එතැනින් අපි පිටත්වුනේ හවස හතරට විතර. ඉර මුදුන් වෙන වෙලාව. එපා වෙනව මෙි ගිනි රස්නෙ යන්න ගියාම. ගමන පටන් ගන්නකොටම කෙලවරේම තිබ්බ කඩෙි හෙන සයිස් ඇම්බුන් කෙසෙල් කැනක් එල්ලල තියෙනව දැකල මටත් හිතුන කෙසෙල් ගෙඩියක් කන්න. 

*හවු මච්චීස් දැට් බනානා?

*පයි ඩෝරු සෙවන්ටි සෙන්ට් ඔප් වන්..

හුටා කාල වරෙල්ලකො. ඇබ්බුං ගෙඩියක් විතරක් ඩොලර් පහයි සත හැත්තෑවයි. නවත්තපු මෝඩකමට ගෙඩි දෙකක් දෙන්නට ගත්තා. ඒක කාල මුහුදු වතුර ලීටරයක් විතර බිව්වා. ඊහ්ක්..සැක්.. හමුදාවෙ ඉන්න කාලෙ වෝටර් ටැබ්ලට් දාල තිබ්ල දවසකට පස්සෙ බොන කොටත් එන්නෙ මෙි අමි රහමයි. 

මං රියැදුරාට ඊලඟට වාහනේ නවත්තන්න ඔින තැන කියල චුට්ටක් ඇස් පියාගත්තා. කොච්චර වෙලාවක් එතෙන්ට එන්න ගියාදනම් දන්නෑ, නිදාගෙන විනාඩි පහකින් ඇහැරවනව වගේ මට දැනුනෙ. 


කපල් කපල් කොටට ඇඳන් කොහේ යනවද මං දන්නෑ. මුං ඇඳන් ඉන්න ශෝට් අස්සෙන් කලුපාටට එව්ව මෙව්වත් පේනවා. සමහරු බංකු බංකු උඩට වෙලා කටවල් කා ගන්නවා. සමහරු කෙල්ලංගෙ පපු තලනවා. හරියට ඉස්සර අපේ අම්මා ගෙයි බිම ගාන්න හුඹස් මැටි පොඩි කරනවා වගෙ. 

එකෙක් දෙන්නෙක් විතරක් පාඩුවෙි අඩියක් විතර දිග කංසා සුරුට්ටු අදිනවා. මෙි රටෙි කිසිම විනයක් නෑ. ⁣ජනාධිපති වරෙන්, ගෑනියෙකුට හිතුනොත් ඌත් එක්ක සංසර්ගයේ යෙදෙන්න ඔින කියල, අතින් ඇදගෙන ඊලඟට රිංගන්නෙ ලී මුඩුක්කුවක් ඇතුලට. මෙහෙ මෙි පළාතේ ප්‍රධාන ආදායම් මාර්ගයත් ගණිකා වෘත්තීය. කසාද මිනිහ ගෑනිව සේල් කරන්නෙ හරියට සල්පිලක මල්වට්ටි වෙන්දේසි කරන විදියට. පොත්තෙ පාට අනුව තමා මිළ තීරණය වෙන්නෙ. තාත්තල දුවල බැඳල,පුතාල අම්මලව බැඳලාත් මෙහෙ ඉන්නව. අපි උනත් හරි පරිස්සමෙන් හැසිරෙන්නෙ. පොඩ්ඩ මිස් උනොත් ඩෝං තමා. එහෙමත් එකෙක් ලඟ තමා රිවෝල්වරයක් පිස්තෝලයක් නැත්තෙ.


අපේ ක්‍රමෙිට කෑම වෙිලක් කන්න ඩොලර් එකසිය විස්සක් ඔින. ඒකට සම්බා බත් පරිප්පු, බැටලු මස් හරි ඔටු මස් හරි හරක් මස් හරි එක්ක තව එක එළවළුවක් ඒකට ලැබෙනව. 

මෙි රටෙි පාලක පන්තිය අමුහොරු. රටෙි සම්පත් හූරගෙන කාල කාල මිනිස්සු අන්ත දුගී බාවයට පත්කරල, ඒ වුනත් මිනිහ ගෑණිවත් පුතා අම්මවත්,තාත්තා දුවවත් ඩීල් කරල හම්බකරන එකෙනුත් බදු අය කරනව. රටෙි ප්‍රධාන ආදායම් මාර්ගය ඛණිජ සම්පත් අපනයනය කිරීම. ඒකට වැලි, කලුගල් පවා අයිතියි. පරම්පරා ගානක්ම රජකරන්නෙ අවුරුදු හාරසිය ගාණක් තිස්සේ පැවතගෙන එන රාජකීය පවුලක්. උන්දැලට රටෙි මිනිස්සු හිටියත් එකයි නැතත් එකයි. බදු වෙලාවට ඔින. යමක් කමක් තියෙන එකෙක් වුනත් කරන්නෙ හොරකමයි,මැරකමයි විතරයි. ස්ත්‍රී දූෂනය අතින් ඉහලින්මයි. පිරිමි ගණිකාවන් මුදලට යන්නෙ හොඳට සල්ලි බාගෙ තියෙන ව්‍යාපාරික පවුල්වල බිරින්දෑවන් සනසන්න. මගේ රියැදුරා අහිංසකයෙක්. මිනිහා තනිකඩයි. හැබැයි හම්බ කරන එකෙන් කරන්නෙ බාර්වල ලාච්චු පුරෝන එක. සමාජ ශාලා රෙස්ටෝරන්ට් එක්ක මාර ඇරියස්. හොය හොයා යන්නෙ සැප ගන්නෙ. මුන්දැලාට ඔින ශරීරයට සැප දෙන්න විතරයි. පරමායුෂ අවුරුදු 44යි. පනහක් හිටියොත් ඒකා හොඳම වැඩ්ඩෙක්. මිනිස්සු මිටියි. උපරිම උස අඩි පහයි. මටත් වඩා පොඩි හැම එකාම. මටත් අවුරුදු හතලිස් තුනයි. අවුරුදු 12,13 අම්මලා තමා ඉන්නෙ. අවුරුදු විස්ස වෙනකොට උපාධියකුත් අරන් හොඳ රස්සාවකුත් කරනවා. උගත්තුනං මෙහෙ ගොඩක් අඩුයි. උන් මෙි රටෙි සල්ලි දීල ඉගෙන ගෙන හොඳ හොඳ රටවල් වලට සංක්‍රමනය වෙනවා.

මං ඉගෙනගත්තු විදියට මෙි රට මීට අවුරුදු තුන්සීයකට තුන්සිය පනහකට කලින් සශ්‍රීක රටක්. ඇමරිකාවෙි චීන සමූහාන්ඩුවෙි දේශපාලන අතපෙවීම් මත තමා මෙි රට විනාශවෙලා ගිහින් තියෙන්නෙ. ඉස්සර කෘෂි ආර්ථික රටාවක් තිබුනු වසර පුරා වැසිවැටුනු දියුණු රටක්. සදාහරිත වනාන්තර රට හැමතැනම තිබිල තියෙනව. ඒත් දැන් එහෙම තිබ්බද කියල ලකුණක්වත් හොයාගන්න නෑ. රටම අඳුරු ආගාධයකට ගිහින්. උගත්තු රටෙන් පිටවෙලා නූගත්තු දේශපාලනයට ඇවිත්  කරපු හරියක් තමා ඒ. ගහක මලක් පිපෙනවා දකින්නත් ආසයි. හැබැයි නාගරිකව හැමතැනම තට්ටු ගෙවල්. හාල් කිලෝ එකක් විතරක් ඩොලර් විසි තුනයි. ඔක්කොම පිට රටින් ගෙන්නන්නෙ. ඒ ගෙන්නන්නෙත් ඒවගෙනුත් හොරා කන්න පුලුවන් හිංද. ඇමරිකාව කියන විදියට තමා ජනාධිපති නටන්නෙ. මාරුවෙන් මාරුවට චීනෙනුත් එනවා. රටෙිම තියෙන්නෙ එකම වැවයි. ඒ වැවත් මූද අයිනෙ තියෙන නිසා වතුර ටිකක් තියෙනවා. මාධ්‍ය සංස්කෘතියනම් අප්‍රසන්නයි. ටීවී පත්තර නෑ. පාරම්පරික පත්තර දෙකක් විතරයි රටටම තියෙන්නෙ. අනික් හැමදේම ජංගම කථනෙන්. එක පාරක් වසංගතයක් ඇවිත් රටෙන් භාගයක්ම මැරුණා. මිනී පාරවල් අයිනෙ හිටං. සල්ලිකාර උදවිය රටෙන් ගියා. කැනඩාව, නවසීලන්තය, ඇමරිකාව, ආදී යුරෝපීය රටවල්වලට. දේශපාලකයො රට කලේ වීඩියෝ තාක්ෂණය හරහා පිට රටක ඉඳගෙන. උනුත් එන්න බයයි. ජනාධිපතිගෙ නියෝජිතයෙක් විතරයි රටෙි හිටියෙ. ඒ මෙල්වා ගැබාපෙන්ටින්. ඌ,ඌට ඔින විදියට තමා රට කරන්නෙ. 


සීගිරිය වගේම එකක් අපේ වාහනය නවත්තපු තැන ඉස්සරහ තියෙනවා. ඒකත් ගල්වලට කඩලා. ගලක් තිබුනා කියල හොයාගන්න විතරක් චුට්ටක් ඉතුරු කරලා. මෙතනින් එහාට යන්න ඩොලර් හැටක ටිකට් එකක් ගන්න ඔින. 

මාත් රියැදුරාට වාහනේම ඉන්න කියලා ගියේ, දෙන්නම ගියොත් එනකොට වාහනේ නෑ. වාහනේ තිබුනොත් එක්කො ටයර් නෑ නැත්තං ඇංජිම නෑ. එහෙමත් නැත්තං ඔය දෙකම නෑ. කිලෝමීටරයක් විතර පයින් යන්න ඔින. මෙි යන්නෙ අපේ වැඩවලට අවශ්‍ය ගඩොල් ගේන්න. මෙි ඉස්සර බෞද්ධ රාජ්‍යයක්. දැන් වෙන විදියකට පරිවර්ථනය වෙලා. ප්‍රධාන ආගම ඉස්ලාම්. කාලක් විතර ක්‍රිස්තියානි. ක්‍රිස්තියානි කට්ටිය කිසිම හේතුවකට මුස්ලිම් ඉන්න පලාතට එන්නෑ. ආවොත් බඩුම තමා. මෙි ගඩොල් කපන්නෙත් ඉස්සර ලොකු චෛත්‍යයක් තිබුනු තැන. ගල්කණු වලින්  වැටවල් ගහගෙන තමා ඉඩම් සීමා කරගෙන තියෙන්නෙ. 

මාත් පුලුවන් ඉක්මනින් ගිහින් ගල් පන්දාහකට ඔිඩරේ දීල ආවා. ඊලඟට යන්න ඔින තව වැඩකට තව නගරයකට. අවුරුදු හාරසීයකට විතර කලින් ඉතාම දියුණු සශ්‍රීකව තිබුනු ඉතා අලංකාර සහ හොඳ නගර සැලැස්මක් තිබුනු ප්‍රධාන නගරයකට. එහෙ යන්නෙ අපේ ප්‍රධාන සයිට් එකට. අද පඩි දවස. ඩොලර් තිස්දාහක වෙිතනයකට විසිටින් ඔෆිසර් රැකියාවක් මං කරන්නෙ. මං අයත් කම්පැනියෙ සයිට්වල සිකුරුටිල චෙක් කිරීම තමා මගේ රාජකාරිය. ෆුල් එයාකන්ඩිෂන් ෆෝවීල් ඩබල් කැබ් එකක් තමා රියෙදුරෙකුත් එක්ක මට දීල තියෙන්නෙ. මෙි වාහනේ මගේමයි. මෙිකටත් ඩොලර් විසිදාහක් කම්පැණි එකෙන් මට ගෙවනවා. රියැදුරාට පඩිය ඩොලර් හත්දාහයි. ඌ ඒකෙන් දකින දකින බාර් එකෙන් අරක්කු ගන්නවා. 

හයිස්පීඩ් ට්‍රැෆික්ල ඉන්න පාරක අපි යන්න ඔින පරිස්සමට. නැත්තං උන්ටත් ඩොලර් පහ දහයක් ජරාව දෙන්න ඔින.උං ජරාවටම හුරුවෙලා ඉන්නෙ. කොයිවෙලෙත් අරක්කු බීල ඉන්නෙ. හමුදාවක් ඉස්සර ඉඳල තියෙනව. ඒත්දැන් නෑ. හමුදාව නිසා මුකුත් කරන්න බෑ කියල අවිත් එක්කම හමුදාව විසුරවල. උන්තමා මංකොල්ල කාරයො හොරු වෙලා ඉන්නෙ. පාං බාගයක් ඩොලර් කාලයි. පාං බාගයක් දීලා පාරෙ යන ගෑණියෙක් එක්ක ඔන්නං පැයක් ඉන්න පුලුවන්. ලෙඩ වකාරෙ. හැම එකීටම එකාටම ඒඩ්ස්. තවත් වෛරස් ලෙඩ තුනක් තියෙනවා. ඒවගෙන් මෙි මිනිස්සු ඉක්මනට මැරෙනවා. ඒක පාලක පන්තියට හොඳයි. 

හොඳ වැඩක් කරන්න එක පැත්තකින් පටන් ගත්තොත් ඒකට අකුල් හෙලලා නවත්තන එක මෙි රටෙි සංස්කෘතියක්. බාෂාව උනත් අප්පිරියයි. සීයට හැත්තැ පහකටම ඉස්කෝල අධ්‍යාපනයක් නෑ. කණ අත්සන ගහන්නෙ. කුඩු,ගංජා,දුම්කොල, හෂීස්,අයිස් වැනි මත්ද්‍රව්‍ය ඔිනෑ තරම්. ඒ බිස්නස් කරනවුන්ට පුද්ගලික ගුවන්යානා හෙලිකොප්ටර් පවා තියෙනවා. 


ඉර අවුව දෙවෙනිවුනේ ගින්දරට විතරයි. ගස් හෙවනක සිසිල විඳින්න පෙරුම් පුරන්න ඔින. නැත්තං පෝලිම්වල ඉන්න ඔින. හැතිය ඇදුම පිළිකා මෙි රටෙි සාමාන්‍ය ලෙඩ. පිලිකාවක් හැදුනොත් ඉංජෙක්සන් දෙකයි, ලෙඩෙි සුවයි. හැතිය ඇදුමනං මළාට හොඳ වෙන්නෑ. ඒ වාහන දුම් නිසා හා දවල්ට අවුවට පිච්චිල පිච්චිල රෑට පිණි බාන නිසා. මාත් හැම තිස්සෙම මාස්ක් එකක් දාං ඉන්නෙ. ඒක ගලවන්නෙ බෝඩිමට ගියොත් විතරයි.

මුංගෙ කටවල්වලින් පුදුම වෛරස් ගොඩක් පිටවෙන්නෙ. පියෝ ඔක්සිජන් පැකට් එකක් අරගෙන ගහ ගත්තම ඔය ලෙඩ ඔක්කෝම සුවයි. මං හැමදාම ඇනවුමක් විදියට බෝඩිම ඉස්සරහ සුපර්මාකට් එකෙන් ඔක්සිජන් කිලෝ එකක් ගන්නවා. ඒක මට දවස් දෙකකට ඇති. රෑට විතරයි ඔක්සිජන් ගන්නෙ. ඒකට කියන්නෙ "ඔක්සෆන්" කරනව කියල. මගේ මෙහෙ රැකිියාව  ඉවරවෙලා ලබන සතියෙ ආයෙ මගේ රටට එනවා. අම්මෝ..මට ඇති වෙලා ඉන්නෙ මෙහෙ. ආයෙ යන්නෙ කවද්ද කිය කිය බලන් ඉන්නෙ. 

එකෙකුට එකෙක් නැති රටක් එක්ක බැලුවම මගේ රට දිවිය ලෝකයක්.

මගේ කාලයත් ඉවරයි. ඒකත් ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තමා නව ජනාධිපති කෙනෙක් තෝරගන්න ජනාධිපතිවරනය තිබුනෙ. ඒක මහා දූෂිත චන්දයක්. ඉතිහාසයේ තිබුනු දූෂිතම එක කියල තමා පත්තර දෙකේම තිබුනෙ. ආයෙ මෙහෙට එන්නවුනොත් කියල හිතිල  තමා මතක්වුනේ මෙි රටෙි අලුතින් පත්වුන ජනාධිපතිගෙ නම අහගන්න. මාව මෙතනට එක්ක ආපු රියැදුරාගෙන් ජනාධිපතිගෙ නම ඇහුවා.

"ස්ටෙෆන් ෆීලික්ස් රැජාපක්ෂා, ප්‍රොම් මැදාමුලානජා" කියල මිනිහ නම කිව්වා. මං ඒක ඇහුනු ගමන් පස්ස නොබලා දුවං ඇවිත් හැකි ඉක්මනින්  කාල යාත්‍රාවට නැගල අවුරුදු හාරසිය පනහම ආපහු ආපස්සට ආවා. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.12.18

දේව සභාවෙි විනාඩියක්

 ඔිම් ශ්‍රී ඝණපතියේ නම හ: 

ඔිම් ශ්‍රී ඝණපතියේ නම හ: 

මෙික දේව මන්තරයක්. ඝණපති,අයියනායක, ඝණ දෙවි, ආදී විවිධ නම් වලින් අමතන අපි කව්රුත් ආදරය කරන සහ විශ්වාස කරණ දෙවි කෙනෙක් තමා ඝණපති කියන්නෙ. හස්තියෙකුගේ පෙනුමෙන් භාගයක්ද,ඉතිරිය මනුෂ්‍ය ශරීරයකින්ද සම්පූර්ණ පෙනුමක් ඇති මෙි දෙවියන් නුවණ සඳහා අධිපති විධිහටයි බුද්ධාගමෙි අපිත් හින්දු භක්තිකයනුත් සලකන්නෙ. මට ඔය මන්තරේ අහම්බෙන් හම්බවුනේ. මටත් හිතුනා ඒ මන්තරය ජප කරමින් භාවනාවක් කලොත් මොකක් හරි විශේෂත්වයක් ඇති වෙයි කියලා. ඒ ආශාවෙන් මාත් ඊයෙ හවස බුදුන්ට මල් පහන් පූජා කරලා පන්සිල් එහෙම අරං බුදු ගුණ සිහිකරලා වැඳලා කාමරේ පැත්තක එරමිණියා ගොතාගෙන ඉඳගත්තා. මෙික කරන්න මට පහසුවුනේ අපේ කාලි මෑණියන්ගෙ වැඩිමල් දුව නොහොත් අපේ එක්කෙනා ඊයෙ එයාලගෙ අම්මගෙ සුවදුක් බලන්න එහෙ ගියපු නිසා. නැත්තං භාවනා කරනව තියා එක තැනක විනාඩි පහක් ඉන්න දෙන්නෑනෙ. 


මාත් උපරිම භක්තියෙන් එරමිණියා ගොතාගෙන කය සෘජුව තබාගෙන අත් දෙක දිගහැර දෙපා මතින් තියාගෙන ප්‍රඥා ඉරියව්වෙන් අතේ ඇඟිලි සකසාගෙන ඇස් දෙක පියාගත්තා. මුලු ලෝකයමත්, ඇහෙන ශබ්දත්, නිමක් නැතිව ගලා එන සිතුවිලිත්  මොහොතකට අමතක කරල භාවනාවටම හිත යොමුකලා. අරමුණ ඉහත මන්ත්‍රය දහස්වරක් ජප කිරීම. 


මට දහස් වරක් සම්පූර්ණ කරන්න හම්බවුනේ නෑ, අටසීය පනිනකොට හිත දැහැන් ගතවුනා. කයට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්න ගත්තා. ඇත්තටම මට හිතුනේ මං ආකාශයේ පාවෙවී පාවෙවී යනවා වගෙ හැඟීමක්. මන්ත්‍රය ජප කරනවා කියල හැඟීමක්වත් ඇතිවුනේ නෑ. ඒත් මං හොඳ සිහියෙන් ඉතිරි ගානත් සම්පූර්ණ කරනවා කියල අධිශ්ඨානයෙන් වීර්යය අත නොහැර කරගෙන යන්න පටන් ගත්තා. මට තව සීයක් මෙි මන්ත්‍රය ජප කරන්න ලැබුනේ නෑ, සක්‍ර දෙවියන් දිස් වෙන්න පටන්ගත්තා. එයා මාත් එක්ක කතාකලා. 

*එම්බා නරය, තා කුමක් අරභයා භාවනා කරන්නේදැයි පවසව?

*අහෝ.. සක්‍ර දේවේන්ද්‍රයාණන්ට නමස්කාර වෙිවා... දෙවියනි මට දිවිය ලෝකෙ යන්න ඔින. 

*තට දිවිය ලෝකෙ යන්න අවශ්‍යනම් හොඳට කුසල් වඩව. පින් කරව. බුදුන් වදාල මාර්ගයේ ගමන් කරව. එවිට තට හැකියි දිවිය ලෝකෙ යන්න.

*⁣එසේය දේවේනද්‍රයාණනි, එහෙත් මට අදම යන්න ඔින. අඩුම ගානෙ ගිහින් එන්නවත්.

*තගේ ඒ තරමට කුසල් වැඩී නැහැ. ඒත් තා සමාධිගතවී සිටීම නිසා එක් අවස්ථාවක් දිය හැකියි. එසේනම් මාගේ රථයට නගුව. තා සමාධියෙන් බිඳුන හොත් ක්ෂණිකව මහ පොලවට පහත් වන්නේය. හෙයින් සමාධිය කඩ නොකර ගනුව. තේරුනාද?

*එහෙමයි දෙවියනි. 

මමත් මාතලී දිව්‍ය පුත්‍රයා විසින් පෙන්වන ලද රථයේ ලෑල්ලක් පමණක් ගැසූ අසුනක වාඩි ගතිමි. එහි පැත්තක ඇණ කිහිපයක් උඩට ඉල්පී තිබුනු නිසා පරිස්සමින් වාඩිවී,

*මාතලී දිව්‍ය පුත්‍රයාණන්ට නමස්කාර වෙිවා. එහෙත් මට ඇණ ගැසූ අසුනක් පැනවීමට කරුණු කිම්දැයි  දැනගැනීමට කැමැත්තෙමි.

*තා සීලංකන් වැසියෙක් නිසා. කට පියාගෙන හිඳුව. 

*මං ශ්‍රීලංකාවෙ තමයි.ඒක තාම බුද්ධ රාජ්‍යයක්. තාමත් බුදුන් වදාහල ධර්මය අපේ රටෙි පවතිනවා මාතලී දිව්‍ය පුත්‍රයාණනි, ඒ මදිවට හවස පහේ ඉඳන් හා උදේ පහේ ඉඳන් පංසල්වල ස්පීකර් වලින් පිරිත් පවා හඬ නගා මිනිස්සුන්ට ඇහෙන්න සලස්වනවා දිව්‍ය පුත්‍රයාණනි. 

*තගේ රටෙි ඉස්පීකර් වලට පමණයි සිල් තියෙන්නේ. ඒත් කිසිම නරයෙක් සිල් රකින්නෑ. 

*එහෙම විතරක් නෙමෙි දිව්‍ය පුත්‍රයාණනි. අපි හැම බෞද්ධයෙක්ම තමන්ගෙ හැම වාහනේකම බුදු සරණයි කියල ගහලත් තියෙනවා. තව තව ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහලවෙිවා කියලත් ගහල තියෙනවා. වාහනේ ඉස්සරහ හරි ලස්සනට එක එක පාට බල්බ් වලින් පත්තු වෙන බුදු පිළිම පවා තියා තියෙන්නෙ. අඩුම ලොරි වල පවා...

*ලොරිවල පවා? හහ්: හහ්: හා:  

ලොරිවල පවා කියල හයියෙන් හිනාවුනේ ඇයි දන්නෑ. මා අතින් වැරදි යමක්වත් කියවුනාදැයි කියමින් මා මොහොතක් කල්පනා කලෙමි. එවිටම මාතලී දිව්‍ය පුත්‍රයා,

*ලොරිවල ඉස්සරහ බුදු සරණයි කියල ගහල තිබුනට පිටි පස්සෙ ඉන්නෙ හොර හරක් නේදැ? යි විමසීමෙන් මා වික්ෂිප්ත වුනෙමි. එවිටම මගේ මතකය ඇදීගියේ රත්නපුරේ හොරෙන් හරක් පැටවූ සහ එයට දේසපාලඥයෙකුත් සම්බන්ධයි කියමින් ප්‍රධාන පුවත්පතක පලවී තිබුනු හෙඩ් ලයිමය. අහෝ.. පැවසු දෙයක් ආපසු ගත හැක්කේනම් මා මුලින්ම එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නෙමි.

*මොකද තා කල්පනාවෙි නිමග්නව? තව තියෙනවා..කියන්නදැයි කියා විමසීමෙන් මා පත්වුනේ මහත් අසීරුතාවයකට. මං දිව්‍ය පුත්‍රයාගේ මුහුන බලා නැවත ඉවත බලාගතිමි. 

*අඩෙි බලව! තගේ මහා පුන්‍ය භූමියේ ඉස්සරහ බුදු පිළිමයක් තැබූ වාහනේක රියැදුරෙකුගේ හැසිරීම.බලව! බලව!

මට නෝන්ඩියකට මෙන් එසේ කියනවාත් එක්කම  ඉස්සරහ අහසේ ඊඒපී පිචර් හෝල් එකක තිරයක මෙන් සරවුන්ඩ් ශබ්දයෙන් දිස්වුනු චිත්‍රපටිය දෙස එක්වරම නෙත් හෙලීමි. 

එහි වූයේ ත්‍රීවීල් එකක් හා ඇල්ටෝ කාරයක රියැදුරන් දෙදෙනෙකු අතර ඇතිවූ දෙබසකි. සිදුවීම ත්‍රීවිලරය දකුණට හැරවීමෙිදී පිටිපස්සෙන් ආ ඇල්ටොවක් ත්‍රී වීල් එකේ වැදීමයි.

*කොහෙද යකෝ තෝ ඇස් කටෙි දාගෙනද එලවන්නෙ. පේන්නැද්ද මං දකුණට හරවන්ඩ ආවෙ කියල?

*බොරුවට කෑ ගහන්ඩෙපෝයි. තෞසෙ දකුණට හරෝනවා කියල තේරෙන්න මට දිවියඥානෙ තියනවද? හරෝනවනං සිග්නල් දාන්ඩෙපාද? උගුඩුවෙක් වගේ ඇවිදින් මෙතන තව කෑ ගහන්ඩත් එනවා...

*ඓසෙ මෙි බලනවා.මං වයිට් ලයින් එක අයිනෙන් ආවෙ හරවන්ඩ තමා. ඒක නොතේරෙන්න කෞත්තෞසෙට ලෛසන් දුන්නෙ. මහ එකාද?? ඔිව කියාදුන්නැද්ද කෞරුවත්? අපොයි මගේ ත්‍රීවිල් එක.. දැං හදල දෙනවා මෙික?

*තෞසෙගෙ වැරැද්ද. සිග්නල් දාල තිබ්බනං මං දකුණෙන් දාන්නෑනෙයෝයි.

*යමං පොලීසි. උං කියයි කෞද හරි කෞද වැරදි කියල.

*යමං මාත්තෝන දේකටොට්ටුයි.

හම්මට යකෝ. ජාතකේම ඉවරනෙ. මං ඒ අස්සෙ බැලුවෙ වාහන දෙකේම ඉස්සරහ බුදු පිළිම තියෙනවද කියල. අප්පට සිරි දෙකේම තියෙනවා. නැත්තං බොරුවක් හරි කියල ශේප් වෙන්න තිබුනා ඉඳකින්. ඒ මදිවට ත්‍රීවිල් එකේ ඉස්සරහ වමෙන් අඩ කවාකාරව "තෙරුවන් සරණයි" කියල ගහල යටින් 

"චූටි දූ උපුලි" කියලත් ගහල. කාර් එකෙත් ඉස්සරහ වින්ඩ්ස්ක්‍රීන් එකේ කලුපාට ස්ටිකරේ සුදු අකුරෙන් ඉංග්‍රීසියෙන් "ඈම් බුඩිස්ට්. ඈම් ප්‍රෞඩ් ටු සේ දැට්" කියලත් ගහල. යකෝ මුං දෙන්න මෙි වෙලාවෙම ඔික ඇන ගත්තනෙ සික්. කරුමෙ. මට අහුනානං මකනවා මුන් දෙන්නවම.සැක්

*දැං මොකද කියන්නෙ. ඔිකද උඹලගෙ බෞද්ධකම? බලනු, තාම අවසන් නෑ. (සක්‍ර දෙවියනුත් මා දෙස ඇස් කොනෙන් බලාගෙන නෝන්ඩි සිනහවක් මුවගට නංවාගෙන කම්මුලේ අතකුත් තියාගෙන සිටි අයුරු දුටුවෙමි) 

ඊලඟට පේන්න ගත්තේ ඒ කිට්ටුව හිටපු ට්‍රැෆික්ල දෙන්නෙක් මෙි ගැටලුව විසඳන ආකාරය. එක්කෙනෙක් ත්‍රීවීල් කාරයා බැලන්ස් කරන අතර,අනෙකා කාර් කාරයාව බැලන්ස් කරන්න හෙන ගේමක් දෙනවා. දෙන්නම කියන්නෙ නිවැරදියි කියලා. කොහොම හරි කාර් කාරයා, බැලන්ස් කරපු නිළධාරියාගේ අතේ මොනවා හරි මිටි මොලෝනවා පේනවත් එක්කම. ත්‍රීවීල් එක දෙසට හැරී, 

*කෝ තෞසෙගෙ සිග්නල් වැඩ නැද්ද?

සිගනල් දාලද හැරෙව්වෙ ඈ. ඇත්ත කියපම්??

*ඒකනං ටිකක් අමතකවුනා සර්. ඒ වු...න්..නා..

කිියල සම්පූර්ණ කරන්න හම්බුන්නෑ, නිළධාරියා 

*ඒකනෙ ඓසෙ කියන්නෙ තෞසෙගෙ වැරැද්ද තියාගෙන කාටවත් දොස් කියන්න එපා. බලනවා වැදගත් මහත්තයෙක් වැදගත් ගමනක් යන්නෙ. වැරැද්ද පිළිගන්නවා. ත්‍රීවිල් එක ගන්නවා අයිනට.

පාරෙන් අයිනට වාහන දෙකම ගත් පසු

එක් නිළධාරියෙක් ත්‍රීවිල් එක පරික්ෂා කලා. 

*බලනවායිසෙ.මෙිකෙ සිග්නල් වැඩ නෑ. ඒ මදිවට බ්‍රෙිකුත් මදි. මොනාද මෙි ඉස්සරහ ගහල තියෙන රෙද්දවල්,ගලෝනවා ගලෝනවා. මෙිව නීතියෙන් තහනම්. කල්පනාවෙන් යනවා අයිසෙ යනකොට. එනවා මෙතන අපිටම වද දෙන්ඩ.

*ස්..ස්..සර්..

*සස් සස් ගාන්ඩෙපා, මෙිව ලිව්වොත් විසිපන්දාහට වැඩී. මෙික උසාවි කේස් එකක්. 

*අනේ.. සර්.. මං අහිංසකයෙක්.. ලයිට් හදාගන්ඩ හිටියෙ වෙලාවක් එනකං. 

*ඒකනෙ කියන්නෙ. මොකද කියන්නෙ ගොඩින් බෙිරගන්නවද?උසාවි යනවද?

මදක් කල්පනා කර

*ගොඩින් බෙිරගමු සර්.

*ඒක මං දන්නෑ, අර මහත්තයත් එක්ක කතා කරගන්නවා. (ඒත් එක්කම, ඒ තිරයේ වම්පැත්ත යටින් තුලාවක් එල්ලාගත් ඇස් දෙක කලු රෙදි පටියකින් වසාගත් කාන්තාවක් ලේන්සුවක් අතැතිව හොටු හූරන ආකාරයක් පෙනෙන්න ගත්තා. ඒක විස්තර කරන මාතලී දිව්‍ය පුත්‍රයා;)

*අඩා නරය බලව, අර දෙවඟනට ඉස්පාසුවක් නැතිව හච්චිං යනහැටි. ඒ මදිවට දැන් අවුරුදු ගානක ඉඳලා සුව නොවන හෙම්බිරිස්සාවක් පවතිනවා. ඒ තොපේ රටෙි මෙි දේවල් හිංදමයි. සක්‍ර දේවෙන්ද්‍රයාණන් මතක ඇති කාලෙකින් පඬුපුලේ වාඩිවුනෙත් නෑ. දැං අපි ඒක සීතලට ගිනි තපින්න අරන් තියෙන්නෙ.  අනුකම්පාවක් නැද්ද ඈ ගැන?

එවිට මා අහක බලාගෙන.

*එහෙම තමා, ⁣දිව්‍ය පුත්‍රයාණනි. නැතිනං අපේවුං එක්ක බෑනෙ. 

*එහෙමද? ඉතිරිය බලනවද?

*ඔින නෑ, ඊලඟට කාර් කාරයට අරුන්දෑ කීයක් හරි දීලා ශේප් වෙන එකේ මොනා බලන්නද? පුලුවන්නම් ඒ කොයි පළාතද කියල පෙන්නන්න පුලුවන්ද? මටත් ඔිනවුනේ ඇක්සිඩන්ට් එකකින් පටන්ගත්තු කේස් එක සිග්නල් ලයිට් එකකින් අවසන් කරපු පොලිසිය කොහෙ එකක්ද කියල බලාගන්න. 

*පුලුවන්. 

ඒත් එක්කම මට පෙනෙන්න ගත්තේ නිට්ටඹුව තිලකවර්ධන ⁣එක ඉදිරියේ තියන තුංමං හන්දිය. ඒක මට පෙනුනෙම ස්වර්ණවාහිනියේ  යටින් යන ඇඩ් තීරුව වගේ. ඒකෙ ඇඩ් එකකුත් යනවා, රතන හිමිට නැවත මංත්‍රීකම කියලා. ඒක දැකපු ගමන් දිව්‍ය පුත්‍රයා තව මොනාහරි අහන්න කලින් මං තදින් ඇස් දෙක පියා ගත්තා.

*එසේනම් කට පියාගෙන ඔය බංකුවෙි ඉඳුව.තවත් කතා නොකර. ඔිකත් තට සුව පහසු වැඩී. 

ඉන් පස්සෙ අපි අතර ඇතිවුනේ මහත් නිහැඬියාවක්. 

අපි එසේ ගමන් කලේ දිව්‍ය සභාව වෙත. 

එදා දේව සබාවට බෝම්බ ගහල වගේ. සමහරු හතර වටෙි පාවෙනවා. තව සමහරු ඉඳගෙන පොත් කියෝනවා. තව සමහරක් දෙවියන් ගීත කියනවා. තව ඈයො නටනවා.

ඒ අස්සෙ මං වට පිට බැලුවෙ දේව සභාවෙ මං අඳුරන එක මුහුනක් හරි තියෙනවද කියල බලන්න. ම්ම්හු.. එක ඩෑල්ලෙකක්වත් නෑ. කියන්නෙනං මහ ලොකුවට "අපේ අහවලා දැං දිය්ය ලෝකෙ ඉන්නෙ" "අනේ අපේ මෙයානං අනිවාරෙං දිය්ය ලෝකෙ තමා" කිය කිය.

එතකොට අපේ රටෙි මැරෙන ඈයො දිව්‍යලෝකෙ ඇත්තෙම නැද්ද කියන ගැටලුව ඊලඟට මතුවුනා. මාතලී දෙවියන්ගෙන් ඒ ගැන අහන්නත් බෑ.ඇහුවොත් වෙන මොනා හරිනෙ කියන්නෙ. හොඳට වට පිට බල බල ඉද්දි පොටෝවකින් දැකල පුරුදු එක මුහුනක් ඈතින් එනව පෙනුනා. ඒත් ලඟටම එනකං හරියටම කව්ද කියල හොයාගන්න බැරිවුනා. එයත් ටවල් බාගෙකින් මුහුන ආවරණය කරගෙන හිටියෙ. මං ලඟටම ඇවිත් මුනෙ ඉතුරු ටික පෙන්නුවම ඒ කව්ද කියල ටක්කෙටම මං අඳුරගත්තා.

*හම්මට කන්නංගර සර්. සීඩබ්ඩබ් කන්නංගර සර්... මට සතුට වැඩිකමට එතුමා ගාවට ගිහින් දණ ගහල වඳින්න හිතුනා. ඒත් මට වඳින්න දුන්නෑ. එතුමා කිව්වෙ,

*වඳින්න එපා. මට මෙහෙන් චුත වෙන්න කාලෙ හරි කියල. 

*ඒ ඇයි? මං ඇහුවා.

*තොපිට නිදහසේ අධ්‍යාපනේ හදාරන්න හදල දුන්නු පිනෙන් මං දිවිය ලෝකෙ ආවා. ඒත් තොපි ඒවැං ඉගෙන ගෙන කොරන හරිය දැකල මට මෙහෙන් යන්න වෙලා තියෙන්නෙ කියල මහත් දුකසේ කිව්වා.

*ඒක හරි සර්. ඔබ තුමා කොහේටද යන්නෙ.?

*කොහේ ගියත් තොපේ ලංකාවට ආයෙ එන්නෑ... යනව ඇමරිකාවට හරි. කොරෝනා හරි හැදෙයිනෙ 

*අපි ගැන අනුකම්පාවෙන් ආයෙ ලංකා භූමියට වැඩල, අපිට ආයෙ හරි අද්‍යාපනයක් හදාරන්ඩ හදල දෙන්න දෙවියනි. අනුකම්පා කරත්වා...!! කියල මං ආයෙ ලංකාවෙ උපදින්න එතුමාට ආරාධනය කලා.

*බෑ. මං ආවට වැඩක් නෑ. ටියුෂන් ගුරාලා ඔය යස අගේට කොරගෙන යන්නෙ. තෝත් ඉගෙන ගත්තෙ නෑනෙ. ඒකනෙ මෙි එක එක රෙද්දවල් කොටල පේස්බුක් දාන්නෙ. බලපිය ඔිකටත් පේස්බුක් එකේන් රට හදන ඈයො තොට කියන දේවල්.. කියල එතුමා එක පාරටම අන්තරස්දාන වුනා. ඇත්ත තමා කියල මටත් හිතුනා.

 ඒත් එක්කම ඝන යමක් මගේ කකුලෙ වදිනවා වදිනවා වගෙ දැනිල මගේ දැහැන බිඳුනා. හම්මට සිරි වයිප් ලමයවත් වඩාගෙන

*නැගිටහං මනුස්සයෝ.ඔය මදෑ නිදි කිරුවා. කඩෙිට ගිහින් ⁣ලමයට සෙරිලැක් එකක් අරන් එනවකො. සීනි කිලෝවකුත් අරන් එනවා මතක ඇතුව ඈ...

මං හුන් තැනින් නැගිටලා ආයෙත් පාරක් වයිප්ට කඩෙි ගියා. ඒ දිවිය ලෝකෙදි දැක්ක ඉතුරු හරිය පස්සෙ කියනවා කියල හිතාගෙන.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.12.19








Friday, December 18, 2020

රට රැකියාව

 එදා හරි ලස්සනට ඉර පායලා තිබුනා. ගිනි පුළිඟුවක් වගේ ක්‍රම ක්‍රමයෙන් ඉහල නගින ඉර ඊලඟට කරන්නෙ තම රශ්මි ධාරාවෙන් මෙි රටෙි මහ පොළොව පුච්චල දාන එක.

 මෙි රට පවතින්නෙ භාගයක් කාන්තාරයක් විදියට. කාලෙකට ඉහතදී සදාහරිත සහ සොබා සෞන්දර්යාත්මක භාවයකින් යුක්ත වී තිබුනු බවට ලක්ෂන පෙන්වන ඈතින් සහ ලඟින් පේන කඳු මුදුන් වලින් මතුවී තිබුනේ  විශාල කලුගල් මුදුන්. ඒත් මෙි වෙද්දි මෙි ගල් කුළු රටෙි සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්න අන්තිම බිංදුවටම කඩල අරං තිබුනෙ. පොලවෙ පස ඉරිතලල ගිහිල්ලා. කිසිම ගුණාත්මක භාවයක් නැති මෙි පසේ වැවිල තිබුනෙ එහෙන් මෙහෙන් රට ඉඳි ගස් විතරයි. ඒව දැක්කම පපුව හෝස් ගාල දාල යනව. මිනිසා මුදල් වෙනුවෙන් නොකරන්නේ මොනවද කියල හිතෙනව. මෙි කලුගල් චීනෙට අපනයනය කරන අතර ඇමරිකාවෙන් මාස තුනකට සැරයක් නැවක් ඇවිත් තවත් ඉතුරු වෙලා තියෙන කළුගල් සහ වැලි ටික හූරගෙන අරන් යනව. විශාල යන්ත්‍රෝප කරන වලින් පොලව යටටත් පිහිටි කලු ගල් හාර හාර කඩ කඩා යන්නෙ හරියට දියමන්ති ආකරයක අන්තිම දියමන්ති කැටෙත් හොයන කුණු ලෝබයෙක් වගේ. මට එකපාරටම හිතුනා මෙි වට පිටාව චුට්ටක් බලල යන්න ඔින කියල. තවත් ගොඩක් වාහන මෙි හරියෙ නවත්තල තියෙනවා. ඒ නොනිමි ගමනක් යන අතර මැද හීතල මොනව හරි දේකින් උගුර තෙමා ගන්න. කඩවල් පේලියක් තිබුනත් මිනිස්සු අඩුයි. මෙි කාන්තාරය හරහා යන මිනිස්සු විතරයි මෙි කඩවල් වලට එන්නෙ. කෑම ටිකක් කන්න, ක්ලෝරීන් කලවම් කරපු තිත්ත රහ එන වතුර එකක් ගන්න ටිකක් විඩාව නිවාගන්න හෙම තමා මෙතන වාහන  නවත්තන්නෙ. වතුර ලීටර් පහේ බෝතල් තමා පොඩිම එකකට තියෙන්නෙ. ලීටර් 10,20,50 දක්වා කෑන් තියෙනව විකුනන්න. ලීටර් පහේ කෑන් එකක් ඩොලර් දොලහක් වෙනවා. ලීටර් පනහෙ කැන් එකට කෑන් එකේ වටිනාකමත් එකතු කරලා ඩොලර් 72ක් වෙනවා. කඩෙිකින් වතුර ජෝගු බාගයක් බොනවනං ඩොලර් කාලක් වෙනවා. ඒවා ශත වලින් ගෙවන්න තියෙන්නෙ. ඊට ලාභයි ලීටර් පහේ එකක් ගන්නවා. මෙහෙ තියෙන්නෙ ලවණ ගතිය ඉවත් කරපු මුහුදු වතුර. උගුරු තුන හතරකට වැඩිය එකපාරකට බොන්න බෑ. අප්පිරියයි. කොච්චර බිව්වත් තිබහ යන්නෑ.


මමත් වහාම රියදුරු හිටපු වයසක පහේ මනුස්සයට වාහනේ ටිකක් නවත්තන්න කිවුවම මහා නෝක්කාඩු බැල්මක් දාල අඩි සීයක් විශාල කාපට් පාරෙ විශාල රට ඉඳි ගහක් අයිනකට කරල වාහනේ නවත්තල ආයෙත් මගේ මූන බලල ඉංග්‍රීසියෙන්;

*ඇයි නවත්තන්න කිවුවෙි. 

*නවත්තන්න කිව්වෙි උඹලගේ කාන්තාරෙ සිරි නරඹන්න. බලපන් මෙි කාන්තාරෙ හැටි. හයිටි රටෙත් මෙි වගෙ නෑ. ඇයි උඹලට මෙි රට හරියට බලාගන්න බැරිවුනේ. රැක ගන්න බැරිවුනේ? 

කියල අහපුවම මිනිහ බිම බලාගත්තා. අපේ වාහනය නවත්තපු තැනට විශාල භූමි ප්‍රමාණයක් පේනවා. වට පිටාවත් ටිකක් විතර ලස්සනයි.ගොඩක් ඉස්සර කාලෙ ගඟක් තිබුනු බවටත් පැත්තකින් සළකුණු තියෙනවා. මෙි රටට තියෙන්නෙ එකම එක කැලෑවක් විතරයි. මිනිස්සුන්ගේ පරිභෝජනයට අවශ්‍ය සෑම දෙයක්ම ගෙන්නන්නේ පිට රටින්. අවුරුද්දකට එකම එක සැරයක් වැස්ස පටන් ගන්නවා. ඒක තියෙන්නෙත් හරියටම සතියයි. ආයෙ සති පනස් එකක්ම මහා ඉඩෝරෙ. අඩු නැතුව තිබුනෙ යාචකයින්ගෙ අඳෝනා විතරයි. වාහනයක් නවත්තපු ගමන් අත උරුක් කරගෙන දුවගෙන එන්නෙ වෙන එකෙක් එන්න ඉස්සර ඌ ඇවිත් කීයක් හරි ඉල්ලගන්න. නුදුන්නොත් මුං බනිනවා. අනික මෙි රටෙි බාසාව හරියට තේරුම් ගන්නත් අමාරුයි. ඉංගිරිසුත් නෙමෙි. ඒත් ඉංගිරිස් වගේ. මමනං එන එන හිඟන්නට කීය කීය හරි දෙන්නෙ නුදුන්නොත් මුං නොතේරෙන බාසාවෙන් මොනවා කියල බනිනවද කියල දන්නැති හිංද. අම්මට බැන්නත් අපිට කියන්න තියෙන්නෙ "තෑන්ක් යු" කියල විතරයි. මොකද දන්නෙ එච්චරයි. මහා රාස්ස මිනිස්සු ජාතියක් මෙි හරියෙ ඉන්නෙ. මෙදත් වාහනේ නවත්තපු ගමන් අත් දිගට කලිසම ඇඳපු  ඒත් ටිකක් පිරිසිදු හිඟන මනුස්සයෙක් ඇවිත් උන්ගෙ බාසාවෙන් කීයක් හරි ඉල්ලුවා. මුගේ ටයි එක විතරයි අඩු. සමාජ අධ්‍යනය සර්ල වගේ තමා මෙහෙ හිඟන්නොත් ඉන්නෙ. 


තරුණ පහේ එක හිඟන්නෙක් මාත් එක්ක චුට්ටක් හිනාවුනාම මාත් කට සම්පූර්ණම අරින්නැතුව ඩිංගක් හිනාවුනා. ඌ ටික ටික මට කිට්ටු කලා. මාත් ඌ ලඟට ආවම නම ඇහුවා.

*කේන්ජ් රයිෆ් ආ??

*ඩික්ලෝ

*ආබුෂ් ඩික්ලෝ..අඩ්හු අක්බර් ඩිකාන් ශේ ක්වා?? (ලස්සනයි ඩික්ලෝ.උඹෙි වයස කීයද?)

*යේහ්.. වා ටුවෙන්ටි නායින්. බුෂුආ ඩික්ස් වෝ වෙහික්කෝල් ඩුවන් බ්‍රාක්??

*නෝ නෝ.. නතින්. 

*බුෂුආ..

හැකි ඉක්මනින් ඌව කපල දැම්මෙ වැඩි හිතවත්කමක් පෙන්නුවොත් ඩොලරෙන් ශේප් වෙන්න බෑ. මෙහෙ පලාත ගැන විස්තර කරල කියන්න ඩොලර් විස්සක් දෙන්න ඔින. මුං ඊලඟට පටන් ගන්නෙ ඔික. එපා කිව්වත් නොකිව්වත් කියවන්න පටන් ගන්නවා. 


එතැනින් අපි පිටත්වුනේ හවස හතරට විතර. ඉර මුදුන් වෙන වෙලාව. එපා වෙනව මෙි ගිනි රස්නෙ යන්න ගියාම. ගමන පටන් ගන්නකොටම කෙලවරේම තිබ්බ කඩෙි හෙන සයිස් ඇම්බුන් කෙසෙල් කැනක් එල්ලල තියෙනව දැකල මටත් හිතුන කෙසෙල් ගෙඩියක් කන්න. 

*හවු මච්චීස් දැට් බනානා?

*පයි ඩෝරු සෙවන්ටි සෙන්ට් ඔප් වන්..

හුටා කාල වරෙල්ලකො. ඇබ්බුං ගෙඩියක් විතරක් ඩොලර් පහයි සත හැත්තෑවයි. නවත්තපු මෝඩකමට ගෙඩි දෙකක් දෙන්නට ගත්තා. ඒක කාල මුහුදු වතුර ලීටරයක් විතර බිව්වා. ඊහ්ක්..සැක්.. හමුදාවෙ ඉන්න කාලෙ වෝටර් ටැබ්ලට් දාල තිබ්ල දවසකට පස්සෙ බොන කොටත් එන්නෙ මෙි අමි රහමයි. 

මං රියැදුරාට ඊලඟට වාහනේ නවත්තන්න ඔින තැන කියල චුට්ටක් ඇස් පියාගත්තා. කොච්චර වෙලාවක් එතෙන්ට එන්න ගියාදනම් දන්නෑ, නිදාගෙන විනාඩි පහකින් ඇහැරවනව වගේ මට දැනුනෙ. 


කපල් කපල් කොටට ඇඳන් කොහේ යනවද මං දන්නෑ. මුං ඇඳන් ඉන්න ශෝට් අස්සෙන් කලුපාටට එව්ව මෙව්වත් පේනවා. සමහරු බංකු බංකු උඩට වෙලා කටවල් කා ගන්නවා. සමහරු කෙල්ලංගෙ පපු තලනවා. හරියට ඉස්සර අපේ අම්මා ගෙයි බිම ගාන්න හුඹස් මැටි පොඩි කරනවා වගෙ. 

එකෙක් දෙන්නෙක් විතරක් පාඩුවෙි අඩියක් විතර දිග කංසා සුරුට්ටු අදිනවා. මෙි රටෙි කිසිම විනයක් නෑ. ⁣ජනාධිපති වරෙන්, ගෑනියෙකුට හිතුනොත් ඌත් එක්ක සංසර්ගයේ යෙදෙන්න ඔින කියල, අතින් ඇදගෙන ඊලඟට රිංගන්නෙ ලී මුඩුක්කුවක් ඇතුලට. මෙහෙ මෙි පළාතේ ප්‍රධාන ආදායම් මාර්ගයත් ගණිකා වෘත්තීය. කසාද මිනිහ ගෑනිව සේල් කරන්නෙ හරියට සල්පිලක මල්වට්ටි වෙන්දේසි කරන විදියට. පොත්තෙ පාට අනුව තමා මිළ තීරණය වෙන්නෙ. තාත්තල දුවල බැඳල,පුතාල අම්මලව බැඳලාත් මෙහෙ ඉන්නව. අපි උනත් හරි පරිස්සමෙන් හැසිරෙන්නෙ. පොඩ්ඩ මිස් උනොත් ඩෝං තමා. එහෙමත් එකෙක් ලඟ තමා රිවෝල්වරයක් පිස්තෝලයක් නැත්තෙ.


අපේ ක්‍රමෙිට කෑම වෙිලක් කන්න ඩොලර් එකසිය විස්සක් ඔින. ඒකට සම්බා බත් පරිප්පු, බැටලු මස් හරි ඔටු මස් හරි හරක් මස් හරි එක්ක තව එක එළවළුවක් ඒකට ලැබෙනව. 

මෙි රටෙි පාලක පන්තිය අමුහොරු. රටෙි සම්පත් හූරගෙන කාල කාල මිනිස්සු අන්ත දුගී බාවයට පත්කරල, ඒ වුනත් මිනිහ ගෑණිවත් පුතා අම්මවත්,තාත්තා දුවවත් ඩීල් කරල හම්බකරන එකෙනුත් බදු අය කරනව. රටෙි ප්‍රධාන ආදායම් මාර්ගය ඛණිජ සම්පත් අපනයනය කිරීම. ඒකට වැලි, කලුගල් පවා අයිතියි. පරම්පරා ගානක්ම රජකරන්නෙ අවුරුදු හාරසිය ගාණක් තිස්සේ පැවතගෙන එන රාජකීය පවුලක්. උන්දැලට රටෙි මිනිස්සු හිටියත් එකයි නැතත් එකයි. බදු වෙලාවට ඔින. යමක් කමක් තියෙන එකෙක් වුනත් කරන්නෙ හොරකමයි,මැරකමයි විතරයි. ස්ත්‍රී දූෂනය අතින් ඉහලින්මයි. පිරිමි ගණිකාවන් මුදලට යන්නෙ හොඳට සල්ලි බාගෙ තියෙන ව්‍යාපාරික පවුල්වල බිරින්දෑවන් සනසන්න. මගේ රියැදුරා අහිංසකයෙක්. මිනිහා තනිකඩයි. හැබැයි හම්බ කරන එකෙන් කරන්නෙ බාර්වල ලාච්චු පුරෝන එක. සමාජ ශාලා රෙස්ටෝරන්ට් එක්ක මාර ඇරියස්. හොය හොයා යන්නෙ සැප ගන්නෙ. මුන්දැලාට ඔින ශරීරයට සැප දෙන්න විතරයි. පරමායුෂ අවුරුදු 44යි. පනහක් හිටියොත් ඒකා හොඳම වැඩ්ඩෙක්. මිනිස්සු මිටියි. උපරිම උස අඩි පහයි. මටත් වඩා පොඩි හැම එකාම. මටත් අවුරුදු හතලිස් තුනයි. අවුරුදු 12,13 අම්මලා තමා ඉන්නෙ. අවුරුදු විස්ස වෙනකොට උපාධියකුත් අරන් හොඳ රස්සාවකුත් කරනවා. උගත්තුනං මෙහෙ ගොඩක් අඩුයි. උන් මෙි රටෙි සල්ලි දීල ඉගෙන ගෙන හොඳ හොඳ රටවල් වලට සංක්‍රමනය වෙනවා.

මං ඉගෙනගත්තු විදියට මෙි රට මීට අවුරුදු තුන්සීයකට තුන්සිය පනහකට කලින් සශ්‍රීක රටක්. ඇමරිකාවෙි චීන සමූහාන්ඩුවෙි දේශපාලන අතපෙවීම් මත තමා මෙි රට විනාශවෙලා ගිහින් තියෙන්නෙ. ඉස්සර කෘෂි ආර්ථික රටාවක් තිබුනු වසර පුරා වැසිවැටුනු දියුණු රටක්. සදාහරිත වනාන්තර රට හැමතැනම තිබිල තියෙනව. ඒත් දැන් එහෙම තිබ්බද කියල ලකුණක්වත් හොයාගන්න නෑ. රටම අඳුරු ආගාධයකට ගිහින්. උගත්තු රටෙන් පිටවෙලා නූගත්තු දේශපාලනයට ඇවිත්  කරපු හරියක් තමා ඒ. ගහක මලක් පිපෙනවා දකින්නත් ආසයි. හැබැයි නාගරිකව හැමතැනම තට්ටු ගෙවල්. හාල් කිලෝ එකක් විතරක් ඩොලර් විසි තුනයි. ඔක්කොම පිට රටින් ගෙන්නන්නෙ. ඒ ගෙන්නන්නෙත් ඒවගෙනුත් හොරා කන්න පුලුවන් හිංද. ඇමරිකාව කියන විදියට තමා ජනාධිපති නටන්නෙ. මාරුවෙන් මාරුවට චීනෙනුත් එනවා. රටෙිම තියෙන්නෙ එකම වැවයි. ඒ වැවත් මූද අයිනෙ තියෙන නිසා වතුර ටිකක් තියෙනවා. මාධ්‍ය සංස්කෘතියනම් අප්‍රසන්නයි. ටීවී පත්තර නෑ. පාරම්පරික පත්තර දෙකක් විතරයි රටටම තියෙන්නෙ. අනික් හැමදේම ජංගම කථනෙන්. එක පාරක් වසංගතයක් ඇවිත් රටෙන් භාගයක්ම මැරුණා. මිනී පාරවල් අයිනෙ හිටං. සල්ලිකාර උදවිය රටෙන් ගියා. කැනඩාව, නවසීලන්තය, ඇමරිකාව, ආදී යුරෝපීය රටවල්වලට. දේශපාලකයො රට කලේ වීඩියෝ තාක්ෂණය හරහා පිට රටක ඉඳගෙන. උනුත් එන්න බයයි. ජනාධිපතිගෙ නියෝජිතයෙක් විතරයි රටෙි හිටියෙ. ඒ මෙල්වා ගැබාපෙන්ටින්. ඌ,ඌට ඔින විදියට තමා රට කරන්නෙ. 


සීගිරිය වගේම එකක් අපේ වාහනය නවත්තපු තැන ඉස්සරහ තියෙනවා. ඒකත් ගල්වලට කඩලා. ගලක් තිබුනා කියල හොයාගන්න විතරක් චුට්ටක් ඉතුරු කරලා. මෙතනින් එහාට යන්න ඩොලර් හැටක ටිකට් එකක් ගන්න ඔින. 

මාත් රියැදුරාට වාහනේම ඉන්න කියලා ගියේ, දෙන්නම ගියොත් එනකොට වාහනේ නෑ. වාහනේ තිබුනොත් එක්කො ටයර් නෑ නැත්තං ඇංජිම නෑ. එහෙමත් නැත්තං ඔය දෙකම නෑ. කිලෝමීටරයක් විතර පයින් යන්න ඔින. මෙි යන්නෙ අපේ වැඩවලට අවශ්‍ය ගඩොල් ගේන්න. මෙි ඉස්සර බෞද්ධ රාජ්‍යයක්. දැන් වෙන විදියකට පරිවර්ථනය වෙලා. ප්‍රධාන ආගම ඉස්ලාම්. කාලක් විතර ක්‍රිස්තියානි. ක්‍රිස්තියානි කට්ටිය කිසිම හේතුවකට මුස්ලිම් ඉන්න පලාතට එන්නෑ. ආවොත් බඩුම තමා. මෙි ගඩොල් කපන්නෙත් ඉස්සර ලොකු චෛත්‍යයක් තිබුනු තැන. ගල්කණු වලින්  වැටවල් ගහගෙන තමා ඉඩම් සීමා කරගෙන තියෙන්නෙ. 

මාත් පුලුවන් ඉක්මනින් ගිහින් ගල් පන්දාහකට ඔිඩරේ දීල ආවා. ඊලඟට යන්න ඔින තව වැඩකට තව නගරයකට. අවුරුදු හාරසීයකට විතර කලින් ඉතාම දියුණු සශ්‍රීකව තිබුනු ඉතා අලංකාර සහ හොඳ නගර සැලැස්මක් තිබුනු ප්‍රධාන නගරයකට. එහෙ යන්නෙ අපේ ප්‍රධාන සයිට් එකට. අද පඩි දවස. ඩොලර් තිස්දාහක වෙිතනයකට විසිටින් ඔෆිසර් රැකියාවක් මං කරන්නෙ. මං අයත් කම්පැනියෙ සයිට්වල සිකුරුටිල චෙක් කිරීම තමා මගේ රාජකාරිය. ෆුල් එයාකන්ඩිෂන් ෆෝවීල් ඩබල් කැබ් එකක් තමා රියෙදුරෙකුත් එක්ක මට දීල තියෙන්නෙ. මෙි වාහනේ මගේමයි. මෙිකටත් ඩොලර් විසිදාහක් කම්පැණි එකෙන් මට ගෙවනවා. රියැදුරාට පඩිය ඩොලර් හත්දාහයි. ඌ ඒකෙන් දකින දකින බාර් එකෙන් අරක්කු ගන්නවා. 

හයිස්පීඩ් ට්‍රැෆික්ල ඉන්න පාරක අපි යන්න ඔින පරිස්සමට. නැත්තං උන්ටත් ඩොලර් පහ දහයක් ජරාව දෙන්න ඔින.උං ජරාවටම හුරුවෙලා ඉන්නෙ. කොයිවෙලෙත් අරක්කු බීල ඉන්නෙ. හමුදාවක් ඉස්සර ඉඳල තියෙනව. ඒත්දැන් නෑ. හමුදාව නිසා මුකුත් කරන්න බෑ කියල අවිත් එක්කම හමුදාව විසුරවල. උන්තමා මංකොල්ල කාරයො හොරු වෙලා ඉන්නෙ. පාං බාගයක් ඩොලර් කාලයි. පාං බාගයක් දීලා පාරෙ යන ගෑණියෙක් එක්ක ඔන්නං පැයක් ඉන්න පුලුවන්. ලෙඩ වකාරෙ. හැම එකීටම එකාටම ඒඩ්ස්. තවත් වෛරස් ලෙඩ තුනක් තියෙනවා. ඒවගෙන් මෙි මිනිස්සු ඉක්මනට මැරෙනවා. ඒක පාලක පන්තියට හොඳයි. 

හොඳ වැඩක් කරන්න එක පැත්තකින් පටන් ගත්තොත් ඒකට අකුල් හෙලලා නවත්තන එක මෙි රටෙි සංස්කෘතියක්. බාෂාව උනත් අප්පිරියයි. සීයට හැත්තැ පහකටම ඉස්කෝල අධ්‍යාපනයක් නෑ. කණ අත්සන ගහන්නෙ. කුඩු,ගංජා,දුම්කොල, හෂීස්,අයිස් වැනි මත්ද්‍රව්‍ය ඔිනෑ තරම්. ඒ බිස්නස් කරනවුන්ට පුද්ගලික ගුවන්යානා හෙලිකොප්ටර් පවා තියෙනවා. 


ඉර අවුව දෙවෙනිවුනේ ගින්දරට විතරයි. ගස් හෙවනක සිසිල විඳින්න පෙරුම් පුරන්න ඔින. නැත්තං පෝලිම්වල ඉන්න ඔින. හැතිය ඇදුම පිළිකා මෙි රටෙි සාමාන්‍ය ලෙඩ. පිලිකාවක් හැදුනොත් ඉංජෙක්සන් දෙකයි, ලෙඩෙි සුවයි. හැතිය ඇදුමනං මළාට හොඳ වෙන්නෑ. ඒ වාහන දුම් නිසා හා දවල්ට අවුවට පිච්චිල පිච්චිල රෑට පිණි බාන නිසා. මාත් හැම තිස්සෙම මාස්ක් එකක් දාං ඉන්නෙ. ඒක ගලවන්නෙ බෝඩිමට ගියොත් විතරයි.

මුංගෙ කටවල්වලින් පුදුම වෛරස් ගොඩක් පිටවෙන්නෙ. පියෝ ඔක්සිජන් පැකට් එකක් අරගෙන ගහ ගත්තම ඔය ලෙඩ ඔක්කෝම සුවයි. මං හැමදාම ඇනවුමක් විදියට බෝඩිම ඉස්සරහ සුපර්මාකට් එකෙන් ඔක්සිජන් කිලෝ එකක් ගන්නවා. ඒක මට දවස් දෙකකට ඇති. රෑට විතරයි ඔක්සිජන් ගන්නෙ. ඒකට කියන්නෙ "ඔක්සෆන්" කරනව කියල. මගේ මෙහෙ රැකිියාව  ඉවරවෙලා ලබන සතියෙ ආයෙ මගේ රටට එනවා. අම්මෝ..මට ඇති වෙලා ඉන්නෙ මෙහෙ. ආයෙ යන්නෙ කවද්ද කිය කිය බලන් ඉන්නෙ. 

එකෙකුට එකෙක් නැති රටක් එක්ක බැලුවම මගේ රට දිවිය ලෝකයක්.

මගේ කාලයත් ඉවරයි. ඒකත් ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තමා නව ජනාධිපති කෙනෙක් තෝරගන්න ජනාධිපතිවරනය තිබුනෙ. ඒක මහා දූෂිත චන්දයක්. ඉතිහාසයේ තිබුනු දූෂිතම එක කියල තමා පත්තර දෙකේම තිබුනෙ. ආයෙ මෙහෙට එන්නවුනොත් කියල හිතිල  තමා මතක්වුනේ මෙි රටෙි අලුතින් පත්වුන ජනාධිපතිගෙ නම අහගන්න. මාව මෙතනට එක්ක ආපු රියැදුරාගෙන් ජනාධිපතිගෙ නම ඇහුවා.

"ස්ටෙෆන් ෆීලික්ස් රාජපක්ෂ, ප්‍රොම් මැදමුලන" කියල මිනිහ නම කිව්වා. මං ඒක ඇහුනු ගමන් පස්ස නොබලා දුවං ඇවිත් හැකි ඉක්මනින්  කාල යාත්‍රාවට නැගල අවුරුදු හාරසිය පනහම ආපහු ආපස්සට ආවා. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.12.18