Thursday, May 11, 2023

නාවල්අඩි ටකරං

 මෙික වෙන්නෙ නාවල් අඩි කඳවුරේදී.මෙදින මං හිටියෙ රාත්‍රී මුර රාජකාරියෙ. දවල්කාලෙ පට්ට බරවැඩ කණ්ඩයක හිටියෙ. ඒ බංකර් වලට යන්න ට්‍රෙන්චස් කපනව.යකඩ ඉන්න ඒ කට්ට පොලවෙ ඇන්නම මොන කාණුද මිත්‍රවර්ණි යකඩින්න බම්ප් වෙලා ඇවිත් නාහෙ වදින්නෙ නාහෙ..ඒ තරම් කට්ට වෙන්ඩ වෙිලිලා. ඒ කියන්නෙ අපිට වඩා පොලව මෝරලා..

ආයෙ බංකර් ගහන සීන් එකක්. යුද්දෙ පටන් ගත්තොත් අපි හයියට ඉන්න ඔින කියල තමා ඔිව පටන් ගත්තෙ..එදා මං හිටියෙ බංකර් හදන්න තල්  තල්කොට කපන සීන් එකක.ඉතින් තල්ලු ස්ටාර්ට්  ටැට්ටරෙත් අරං කැලේ ගිහින් තල් ගස් කපන්නත් ඔින.කපල කුට්ටිත් කරල ටැට්ටරේ කට කපල බඩු ගේන්නත් ඔින. ⁣හැබැයි මෙි සාම කාලෙ.රනිල් උත්තමය ගෙනාපු සාමෙ මතකයිනෙ..අන්න ඒ කාලෙ.ඉතින් අපි උදේම බත් මුල් ටිකකුත් ඉන්න ගානට බැඳගෙන තඩි සයිස් වතුර කෑන් එක්කුත් පටෝගෙන  තල්ලු ස්ටාර්ට් ටැට්ටරෙත් අරගෙන  වල්වැදුන.ඒ කියන්නෙ මිෂන් පැල්මයිරා ට්‍රීස් කටින් ඔපරේෂන් එක බැස්සා.මගෙන් කව්රු ඇහුවත් උඹ මොනාද අද ඉන්නෙ කියල මං උත්තර දෙන්නෙ ඔහොම තමා.යන්ඩ තියෙන්නෙ කැලේ.කියන්න දුකේ බෑ මහත්වර්ණි, පොරවෙ කැපෙන තලේ හරිය අතේ මහපටැගිල්ලට වඩා මහතයි.ඒ කියන්නෙ ආමි එකේ පොරෝ කැපෙන්නෑ.කැපුවොත් තැලෙනව.තැලුවොත් ඉදිමෙනව.ඉදිමුනොත් ඇඬෙනව.ඔන්නෝවගෙ සීන් එකක්.ඒකටම හරියන ඩෑල් දහයක් විතර තමා ඔය වැඩෙිටත් නම් කලේ.

ඉතින් අපි නොවිදිනා දුක් විදල විදල තල්ගස් දෙකක් බිම හෙලා ගත්තා.අත්වල විතරක් නෙමෙයි දනිස් වලත් එක්ක දිය පට්ට දාල.ඇයි  ඉතින් අර කෙහෙම්මල් පොරෝ කැපෙන්නෑනෙ.ගහ වටෙි කැරකි කැරකි කපන්නත් එපායැ.පොරවෙන් දෙකක් ගහට කොටනව.එකපාරක් දනිස් අතගානව..😪😪😪.ඉතින් හරීම දුකසේ ඔය ගස් දෙකත් කපාගෙන කුට්ටිකරගෙන ටැට්ටරේට පටෝගෙන කෑම්ප් එකට එද්දි රෑ හතයි.

මැරෙන්න මහන්සියි. ඒ එනගමන්ම ගාඩ්රෑම් එකෙන් බැහැල බැලුව ඩියුටි පේපරේ.අම්මටහුඩු රාත්‍රී මුරය අංක 07 රාජකාරි. කාලවරෙංකො.දවල්තිස්සෙම මැරිල මැරිල ඇවිත් නයිට් ඩියුටිත් දාල.හරි කමහ් නෑ..හමුදාවනෙ කියල හිතත් හදාගෙන නාලකාල තුවක්කුබටෙත් අරං ගියා ⁣නමය වෙනකොට පොයින්ට් එකට. ගිය ගමන් නිදාගත්තා.දොලහෙ ඉඳන් දෙක වෙනකං මගේ මුර කාලය තිබ්බෙ.දොලහට පහක් තියලමාව කීද්දුව.ඇඟපත වල්ඌරෙක් තලාපු ගානයි.හොල්ලන්න බෑ සිදෙනව. කොහොම හරි හිත හදාගෙන නැගිටල හිටිය සෙන්ට්‍රි. මෙික හරි පුදුම කාල පරාසයක්..යක්කු ගස් නගිනව.අපි නිදිමරනව. කොහොම හරි අඩවන්වූ දෙනෙත් පියවෙන්න නොදී හරීම අමාරුවෙන් දල්ලගෙන හිටිය.ඒ හිටියෙත් තනි ඇහෙන්.අනික් ඇහැ රෙස්ට් කරනව.

කොටි එනවට නෙවෙයි පිංවතුනි..බය

අපේ විසිට් එන සාජන්ල කෝපල්ල ගෙන්නෙ බෙිරෙන්න බැරි..නිදාගෙන ඉදල අහුවුනොත් මයෙ අම්මා දෙන්නෙ දීමනාව මොනවද ආයෙ... ඉතින් ටින්කිරි ටින් කටින් එන්ඩ...

මාත් ඒ හිංද සුපිලිවෙතින් ඔහොම ඉන්න අතරෙ එක පාරටම ඇඟ කිලිපොලා ගිහින් කනේ මයිල් කෙලින් වෙලා පට්ට අයිඩියා එකක් ආව.

අපි බංකර වලට යන්න කානු කපනවනෙ.ඔය කානු කදවුර වටෙිම යනව.එදා මං හිටපු පොයින්ට් එකෙත් දෙපැත්තෙන්ම කානු කපල තිබුනට එන්න පාලම් හදල තිබුන්නෑ.දකුනු පැත්තෙ කානුව පැනල ආවොත් අනිවාරයෙන්ම පනින්න වෙන්නෙ පොඩි ඉඩක ඉතුරුවෙලා තිබුනු අඩිපාර කෑල්ලකට.නැත්තං අලුතින් කපපු බංකර වලට.ඒක අඩි හයක් විතර ගැඹුර හිංද පන්නින ඔින පාරටමයි.ඒක හොදට ලගටම ගිහින් සර්ච් කලා.මෙි වෙනකොට එකවිසිට් එකක්වත් ඇවිත් තිබුන්නෑ.ගියා වම්පැත්තට.අම්මටසිරි කියහංකො ඒකත් තිබුනෙ එලෙසමයි.කානුව පනිනවනං තව ටික දුරක් ගිහින් වටෙන් එන්න ඔින.නැත්තං පාරටමයි පනින්න ඔින.

මොකද අපේ පොයින්ට් එකතිබුනෙ කදවුරෙන් එලියට නෙරපු පොට්ටෙක්ක

මගෙ අයිඩියාස් එකට වැඩෙිහරි.මං ආව අපි රෙස්ට් කරන හට් එක ගාවට.ඒව අඩි හතරක් පහක් තමා උස.ඇවිත් ඇඳන් දෙකේම මෙට්ට දෙකඋස්සල බැලුව.අම්මට හුඩු තියෙනව එක ඇදක ලැල්ලක් වෙනුවට දාපු ටකරම් බාගෙයක් දිලිසි දිලිස.ඒ තිබුන්නැත්තං වහලෙන් හරි ගලවනව ඉතින් ආයෙ හරිය..

අපි ඔිව ඇතුලෙ මළාට නිදාගන්නෑ.මොකද ඒ තරං මකුණො මෙට්ටවල.එකමදුරුවෙකුට උස්සන් යන්න බැරිවෙන්න මකුනො යටින් තදින් අල්ලං ඉන්නෙ.කෑවට තරහක්නෑ..ඒත් රෑට ඇඟ පුරාම දුවල දුවල කිති කවන එකනෙ ඉවස්න බැරි  .ඉතින්  නින්දට බාදවෙන නිසා අපි බුදියන්නෙ එලියෙ..මොකක් හරි එලාගෙන.

ඊලඟට මගේ වැඩෙි පටං ගත්තා.බැලුව හොඳට වට පිට..සන්නද්ද ඇඳුම ගැලෙව්ව.ගත්ත ටකරම.. ඉරුව දෙකට... ගත්ත අත්දෙකට... ඉස්සෙල්ලම ගියේ දකුනට.ගිහින් දැම්ම කානුව ගොඩවෙලා ක්‍රොස් කරන කොටම  වැටෙන පාර මැදටම එක පලුවක්..

නෙක්ස්ට් වම.ඒකත් එසේමයි.පැන්න ගමන් වැටෙන තැනට ඒකත් දැම්ම.ආවට ගියාට දැම්මෙ නෑ මිත්‍රෝර්ණි.මං ඉස්සෙල්ල පැනල බලල තමා දැම්මෙ.😁😁☺️☺️

ඔය විසිට් එක එනව නේද මගේ ආදරණීය යාලුවනේ..?? අපි තනි ඇහෙන් හරි සෙන්ට්‍රි හිටියත් විසිට්  එන එකා එන්නෙ ඇස් දෙකම පියාගෙන..ඒ නින්ද කැඩෙයි කියල බයට.පොයින්ට් එකේ ටෙරෙක් රිංගල සෙන්ට්‍රි හිටියත් ඇස් ඇරල බලන්නෑ ආයෙ.පැයේ විසිට් එක පැය බාගෙන් කවර් කරන්නයි ට්‍රයි එක...

දැං මං ආව පොයින්ට් එකට.වෙපන් එක අතේ.බෙල්ට්ඔිඩර් වතුර බෝතල් බිම.මං බංකරේ වහලෙ උඩ..ඉඳගෙන... දැං  දෙපැත්තටම රබර් ඇහැ දාගෙන  විසිට් එක එනවද කියල  දෙපැත්ත බල බල ඉඳගෙන ඉන්නව.ටික වෙලාවක් යද්දි එක්කෙනෙක් ඈතින් එනව පේනව.ඒ කියන්නෙ..පොයින්ට් එකකට ඇතුල් වෙනකොට සෙන්ට්‍රි ටෝච් ගහනවනෙ එන්නෙ කවුද බලන්න. මාත් ඔික බල බල අල්ලපු පොයින්ට් එකටත් එනකං හිටිය.

පස්සෙ බිමට බැහැලා ආපසු සන්නද්ද වෙලා ඉස්සරහ බලාගෙන සුපිරියට සෙන්ට්‍රි හිටිය.

ඊලඟට මගෙ පොයින්ට් එක.දැං එනව..දිගටම..මං බලාගෙන හොදේ සීන් එක.

නැග්ග කානුවෙ පස්කන්දට.. පැන්න කානුවෙන් මෙි පැත්තට.ජරාස් .ජරබරාස් ජරාස් සරාං..සලං සලං ... ඇයි පිංවතුනි ටකරම උඩට එපෑ භාණ්ඩෙ පනින්ඩ.ඒ සද්දෙ තමා ඔය ඇහුනෙ..ඊට අමතරව මොන හු&@%$ක්ද යකෝ මෙි..කියනව වගෙත් සද්දයකුත්  ටිකක් හයියෙනුත් ඇහුනා.

මං එකපාරටම ඇහුව "කව්දහ්??" කියල

*මං මං කෝපල් ආරියරත්න.. ආ බයවෙන්න දෙයක්නෑ.එයා අනිවාරයෙන්ම ඇහැරුනෙ දැං ටකරං සද්දෙට. මොකද මං එයාලාගැන දන්නවනෙ.☺️☺️ එයා ආයෙ ඒක ඉවත් කලේත් නෑ..දිගටම ආව.පොත අත්සන් කලා. මගින් පැන්න ගියා.. අනික් ටකරම දකින්නෙ මෙි පැත්තට ආවොත් විතරයි හොඳේ.මොකද එන එන විසිට් එක මගින් කානුව පැනල තමා යන්නෙ.එයා ගියාට පස්සෙ ටකරම හරියට තියෙනවද බලල ආව..

මං ගැලෙව්ව පැක් එක.ගත්ත වෙපන් එක අත්ට.ආයෙ වහලෙ උඩ.

නැවත විසිට් එන්නෙ පැයකිං.

ඊලඟට ආවෙ සැරයන් කලු බංඩා..එයා එන්නෙ අලුව කප කප.මොකද එයා බොනවනෙ මෙස් එකේ රෑට.. එයත් ආව..පැන්න ටකරමට..අම්මට කියල පටන් ගත්ත.. බැනගෙන බැනගෙන යනව ටකරමට..මට එහෙම නෙමෙි.ටකරමට.මාත් කව්දහ් ඇහුව.. එනකොටම පොත දික්කලා.අත්සන්කලා මගින් පැන්න ගියා..

ඔහොම ඉතින් මගේ පැය දෙකේ මං උපරීම තත්තෙ ආතල් එකක් ගත්ත.අනික පිනක්නෙ.මගෙ පොයින් එකට එනකං නිදාගෙන ඇවිත් එතනින් එහාට ඇහැරිල යනව.

මං සද්ද නැතුව අනිකට සෙන්ට්‍රි භාර දීල මං නිදාගත්තා.

එලිවෙනකොට ඡන්ද ප්‍රථිපලේ.පාන්දර පහට ප්‍රධාන සරඹ උපදේශක තුමා විසිට් එකේ ඇවිත්..හරි ජංජාලයයි එතන.එයා ඇවිත් තියෙන්නෙ වම්පැත්තෙං.අනික එයා ඇහැරිලාමයි විසිට් එක එන්නෙත්. එතුමා කානුව උඩට නැගල සෙන්ට්‍රිට කතාකරල ටකරම අයින් කරවල.පොරත් එක්කත් කතාකරල යන්න ගිහින්.යනකොට දැකල අනික් පැත්තෙ ටකරමත් අර විදියටම තියෙනව.පස්සෙ එතුමාගේ උස්හඩින් ප්‍රකාශකල අසභ්‍ය වචන සංගායනාවට මං උඩ ගිහින් ඇහැරුනා.එතුම බනිනව තෝ තමයි මෙික කලෙ.තෝ නිදාගෙන නේද හිටියෙ.ප&@%$යා...කියල පස්න වැලයි..දැං...

අරූ පිංසෙන්ඩු වෙනව නෑ නෑ සර්..මං කලේ නෑ.කියනව.මං බෙඩ්ශීට් එක සූ⁣ට්ටක් එහෙ මෙහෙ කරල තනි ඇහෙන් බලාගෙන සීන් කෝන් එක.ඒත් එක්කම "දිහ්".."දිහ්" ගාල ඩබල් ටැබ් එක්කුත් ඇහුනා.ඒ කියන්නෙ අරූට නෙලුව.දෙකක්.

මං ටක්ගාල ඔලුව වහගත්තා...


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2023.05.11


5 comments:

  1. මල්ලියා මේක කලින් මේකේ දැම්මා නේද?

    https://rasadawatha.blogspot.com/2020/05/blog-post_60.html

    ReplyDelete
  2. මේ කතාව කලින් කියලා තියනවා නේද ?

    ReplyDelete
  3. කාලෙකින් නේද? දිවියලෝකේ වත් ගියාද?
    මම විජේබාහු

    ReplyDelete
  4. මගේ අම්මා මව්වරුන්ගේ දිනයක් ගැන දැනගෙන හිටියෙ නෑ. එහෙම සැමරුමක් කිසි දවසක අපි කරලත් නෑ. කොටින්ම අම්මාගෙ උපන්දිනේට තෑග්ගක් දුන්නෙ පවා මාත් සෑහෙන වයසකට පත්වුනාට පස්සෙ. එයාට දින සැමරුම් නුහුරු කාරණයක්.

    ඒත් මව්වරුන්ගේ දිනය ගැන දකින නොයෙක් පෝස්ට් මාව අම්මා ගැන පුංචි සටහනක් ලියන්න උනන්දු කළා.

    මං හැදුන විදිහ අම්මා කෙනෙකුට දරන්න පුළුවන් විදිහක් නෙමෙයි. කීකරු වීම නින්දාවක් විදිහට සළකපු, අකීකරුකම ආභරණයක් විදිහට පළදපු මං අපවාද, අපහාස මිස අම්මා කෙනෙක් දරුවෙකුගෙන් බලාපොරොත්තු වෙන ආඩම්බරය එලියෙන් අරගෙන ආවෙම නෑ.

    ‘මං මැරුන දවසක උඹට තේරෙයි’ අම්මා කියද්දි,

    ‘මැරුනම මොකක හරි ඔතලා වළ දානවා මිසක් මං නං අඩ අඩ ඉන්නෙ නෑ’ කියල මං කියනවා.

    අම්මා හිනාවෙනවා.

    මගේ නරුමකමත් එක්ක බැඳුන ආදරය තේරුම් ගන්න එයාට පුළුවන් වුනා. මං හිතන්නෙ ඒකයි අම්මාකම.

    හැමෝම ප්‍රශංසා කරන, සමාජයේ පිලිවෙලට හැදෙන දරුවෙක් ගැන අම්මා කෙනෙක් ආඩම්බර‍ වෙන එක සරල, සාමාන්‍ය දෙයක්. ඒත් හැමදෙයක්ම කණපිට කරන, සමාජ අපවාදයට ලක්වෙන දරුවෙකුට අම්මා කෙනෙක් පණ දෙවැනි කොට ආදරේ වෙන එක පරිණතබව, ගැඹුර සම්බන්ද කාරණයක්. අම්මාගේ ආදරේ නොතිබුනොත් මං කිසිම ආදරයක් අහිමි දරුවෙක් වෙනවා කියල එයා දැනගෙන හිටියා.

    අම්මාගෙයි මගෙයි අතර කිසිම රහසක් තිබුනෙ නෑ. මං කරන හැම අපචාරයක්ම මං අම්මා එක්ක කිව්වා. මුලින්ම ඉස්කෝලෙන් කට්ටි පැනලා ෆිල්ම් බලන්න ගිය එකත්, මරදානෙ bලූ ෆිල්ම් බලන්න යන එකත්, සිගරට් බීමත්, කංසා බීමත් ආදී සියලු අත්දැකීම් මං බෙදාගත්තෙ යාලුවො එක්ක නෙමෙයි, අම්මා එක්ක. එයා අමුතුම ලෝකයක් දිහා බලාගෙන ඉන්නවා වගේ ඒ කතා අහගෙන හිටියා. සාම්ප්‍රදායික වටිනාකම්, ඇගයුම් වලට මුවා නොවී තමන්ගේ දරුවා දිහා බලන්න, ඒ නොමනාකම්වල අර්ථයන්, කුතුහලයන් තේරුම් ගන්න අම්මාට පුළුවන්කම තිබුන.

    මං අම්මට ආදරේ එයා හොඳ දරුවෙක් හදන්න උනන්දු වුන හින්ද නෙමෙයි. සමාජයක්ම එදිරිව එද්දී පවා, නරක යැයි සම්මත දරුවෙක් අත්නොහැර ඒ දරුවා පිටිපස්සෙන් හෙවනැල්ලක් වගේ උන් හින්ද.

    මං පොත් කියෙව්වෙ අම්මා හින්ද. අකුරු කියවපු කාලෙ ඉඳන් එයා වැඩ කරපු රජයේ කාර්යාලවලින් පොත් පත්තර මිටි පිටින් මට ගෙනත් දුන්නා. ඒ කතා කියවලා මං ඒවා ආපහු අම්මට කිව්වා. අම්මා වැඩ ඇරිලා එන්නෙ මගේ කතා අහන්න.

    ලෝකෙ ශ්‍රේෂ්ට මිනිස්සුන්ගෙ ජීවිත කතා අම්මා මට ගෙනත් දුන්නා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගෙදර තිබුනු එකම ලාම්පුව තමන්ගෙ පාඩම් වැඩ පිනිස අරගෙන පවුලෙ අනිත් අයව කරුවලේ තියද්දි අම්මා කිව්වෙ,

    ‘එහෙම තමයි, හැමෝම ගැන කල්පනා කරන කෙනෙකුට ජීවිතේ වෙනස් කරන්න පුලුවන්කමක් නෑ. සිද්ධාර්ථ වුනත් බුදු වෙන්නෙ පවුලට අකීකරු වෙලා කැලේට ගිය හින්ද’

    අපේ අම්මා කියන්නෙ අයියලා අක්කලා නංගිලා ගණනාවක් හිටපු මහා පවුලක ඒ පවුලේ උවමනාවන් වෙනුවෙන් හැමදෙයක්ම කරන්න සිද්ද වුන කෙනෙක්. පවුලේ ගෞරවය වෙනුවෙන් එයාට පවුලෙ අය කැමති කසාදයක් කරගන්න වෙලා තිබුන. වැඩිය ඉගෙන ගත්තොත් මිනිහෙක් ගන්න බැරි වෙන හින්ද උපාධිය පවා හංගන්න වෙලා තිබුන. එයා ඇතුලතින් ආසා කළ අසම්ප්‍රදායික ජීවිතය සම්පූර්ණයෙන් කැප කරන්න වෙලා තිබුන. අම්මා මගේ ඇතුලෙන් දැක්කෙ ඒ සම්ප්‍රදායික පිලිගැනීම්වලට එරෙහිව ගහන කැරැල්ලක්. ඒක එයාට ආස්වාදයක් වුනා.

    කවදා හරි දවසක අම්මා මැරුනම ඒත් එක්කම මැරෙන එක මගේ ප්‍රාර්ථනාව වුනා. මගේ ජීවිතය තිබුනෙ එයා ළග ඉද්දි බව මං දැනගෙන හිටියා. ඒත් අම්මා මැරුනා. මං ඉතුරු වුනා.

    හැබැයි මං ඒකට ජීවත් වුනා කියල කියන්නෙ නෑ.

    අම්මා නැති වුනාම මං ඇත්තටම මැරුනා..

    ReplyDelete
  5. ආමි එකේ වගේ නෙවේ පොලිසියේ පැය 24ම ඩියුටි කිව්වට... පොලිසිය හොදයි නේ....ආමි එකේ උදේ පැටික් රෑ ඩියුටි....

    ReplyDelete