"පුන් සඳ රෑට ඇවිදින් හේනේ අඳුර බිඳ
රන්කෙඳිම රන්වන් ඉරිඟු සිඹිනවද
තුන් යම හීන දැක දැක මොටදැයි ගෙදර හිඳ
රන්කඳ තාම පැල් රකිනවදෝ නිදි නැතුව"
මගේ ලොඳ පැනපු කේපීඊ රේඩියෝ එකෙන් 96,97 කාලෙ ඔය සිංදුව ඇහෙද්දි මගේ හිතෙන් නිවාඩුවට ගෙදර යන වාර ගණනනම් අනන්තයි අප්‍රමානයි. ඔිනම හිතක අනන්තවත් ලස්සන ලස්සන චිත්‍ර මවන ඒ ගීතය අදටත් කොහෙන් හරි ඇහෙද්දි අතීතයට යන වාර ගණනත් අනන්තයි.
එදිනෙදා පත්වෙන මුරපතිල අපිට බංකර් වල රේඩියෝ දාන්න එපා කියල කොච්චරනං කීවත් අපි ඇහුවෙ නැති එකම නියෝගයත් ඒක. ටෝච් එකෙන් අයින් කරන බැටරි කෑලි දෙකක් කාඩ්බෝඩ් කෑල්ලක ඔතල ධන ඍණ වයර් දෙක දෙපාත්තෙන් ගහල අමුනල අමුනල හදන රේඩියෝ එක මගේ බෙල්ට් ඔිඩරයේ නම් කවමදාකවත් වැරදුනේ නෑ. රෑ මද්දහනේ තනියම බංකරේකට වෙලා පැය ගානක් සෙන්ට්‍රි ඉන්නකොට හිතට නැගෙන තරුණ හැඟීම්, දැනෙන පාළුව තනිකම, කාංසිය එක්ක සටන් කරන අපිට සිංදුවක් ඇහෙනකොට තරම් මොහොතකටවත් අමතක වෙලා යන්නෑ වෙන මොක කලත්. රේඩියෝ දාන්න එපා කියන්නෙ, ඔය සමහරුන්ට සිංදු ඇහෙනකොට නිදි මත එනවා. ඒත් සමහරුන්ට නිදිමත යන්නෙ සිංදු ඇහෙනකොට.
පෝයක් ලංවෙද්දි චුට්ට චුට්ට හඳ මෝරනකොටත් හඳ සම්පූර්ණයෙන් පායන දවස් දෙක තුනටත් මමනං පුදුම ආසයි. කඳවුරෙන් පිටත බට්ටො ලයින් එක ආසන්නයේ ඉඳලා කඳවුරෙන් පිට සෑහෙන දුරක් යනකම් දණක් උසට වැවිල තියෙන ඉලුක් මානා ගස් කරටිවලට ඒ හඳ එළිය වැටුනහම පුදුම ලස්සනකට වටපිටාව පේන්නෙ. මඳ සුලඟටත් එහෙ මෙහෙ වැනෙන පුංචි පුංචි පඳුරු දිහා දෑස් රිදෙනකං බලා ඉන්නෙ "අනතුරක සේයාවක්දැ"යි කියන විමසිල්ලෙන්. ඒ පරිසරයට අනුව වෙස්වලාගෙන හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කරන්නට එන ලේ පිපාසිත රුදුරු ත්‍රස්තවාදීන් "හැමතැනකම ඇත" කියන සංකල්පය නිසා. ඒක සංකල්පයක්මත් නෙමෙි. ඒ, ඒ කාලේ හමුදාවෙි ගෙවිච්චි බොහෝ රැයවල් වල යතාර්තයන් බවට පත්වෙච්චි සිදුවීම්. හඳ පායන කාලෙට ප්‍රහාර අඩුවුනත් හඳ කාලෙට ප්‍රහාර එල්ල නූනාමත් නෙමෙි. ඒ නිසා තමා රේඩියෝ අහන්න එපා කියන්නෙ. ඒත් තල්කොටයක් අස්සෙ තියලා මට විතරක් ඇහෙන්න තරම් හීන් ශබ්දයකින් දාගන්න රේඩියෝ එකේ රෑ එලිවෙනකම් යන සිංදු සෙන්ට්‍රි පැය දෙකේ තුනේ අහන එක තරම් ආශ්වාදයක් මටනම් වෙන කිසිම දේකින් ලැබුනෙ නෑ. කන්දෙකට සිංදු ඇහෙද්දි ඇස් දෙක තිබුනෙම ඈතින් පේන ක්ෂ්තිජය දිහා. හඳපානත් දුම්පාටට බිමට වැටෙන මද පින්නත් ගතට දැනෙන හීන් සීතලත් එක්ක ඈත තල් ගස් කරටි මැද්දෙන් ඉදිච්චි කෙසෙල් ගෙඩියක පාටට හඳ පෙනෙද්දි කල්පනා සයුරක කිමිදෙන්නෙ මම මගේ හිතටත් හොරා.
ඔහොම දවසක තමා මීයන්කුලම් ඉද්දි හඳ පායන්නත් නියමිතව තිබුනු දවසක හඳ හංගලා අඳුරුවලාවන් අහසේ අරක් ගන්න පටන් ගත්තෙ.
මීයන්කුලම් වාලච්චෙින වැලිකන්ද මුළු අහසම වැහි වළාවන්ගෙන් ගැබ්බර වෙද්දි අපේ සුපුරුදු රාජකාරි රටාවත් ඒ අනුව වෙනස් වෙනවා. ඒ අනතුරක් වෙයි කියන අරමුණෙන්. මෙි දවස්වල අපේ සෙට් වලටත් මොනිටර් වෙලා තිබුනෙ මෙි ඒරියා එකේ කොහි හෝ කඳවුරකට ප්‍රහාරයක් එල්ල විය හැකියි කියල. ඒ නිසා සීමිත සංඛ්‍යාවක් හිටපු අපේ කණ්ඩායමෙත් හදිසි අවස්ථාවකට යොදවන්න භඨ පිරිසක් නම් කරල තිබුනා. අනෝරා වැසි වටයක් එයි කියන බලාපොරොත්තුවෙන් එදා රෑ සවන්දීමෙි මුර දෙක තුනක් ඇරෙන්න රැකසිට පහරදීම් කණ්ඩ තුනම එළියට ගියේ නෑ. ඒ ඒවා අනිවාර්‍යයෙන් තෙමෙන ඒවා නිසා. මාත් හිටියෙ අපේ සීනියර් කෝප්‍රල් පෙරේරා එක්ක රැකසිට පහර දීමෙි කණ්ඩයක. එදා ඇම්බුෂ් නොයන අය කඳවුරේ විශේෂ තැන්වල ස්ථානගත කරල ඩියුටියක් නම්කරල තිබුනෙ. මාත් හිටියෙ එහෙම පොයින්ට් එකක. නමුත් හදිසි කෙටි දැනුම් දීමකින් අපිට මුරහල ඉදිරියෙහි පෙළ හදන්නත් නියමව තිබුනා.
ඔහොම ඉන්න අතරේ තමා රෑ දහයට විතර පෙර දැනුම් දී තිබුනු විදියටම මුරහලේ එල්ලා තිබුනු රේල් සපත්තුවට රේල් ඇණයකින් තට්ටු කරන සද්දය ඇහුනේ. එතකොට අපි කරන්න ඔිනෙ හැකි ඉක්මනින් ලට්ට ලොට්ට අකුලගෙන මුරහල ඉදිරියෙ පෙළ සැදීම. අපිත් ගිහින් පෙළ හැදුවම ඔිසී ඇවිත් හවස දී තිබුනු නියෝග අනුව සහ අලුත් උපදෙස් කීපයක් ලබාදී අපිව එලියට යැව්වා. ඒ, මෙි කඳවුරට ප්‍රහාරයක් එල්ලකිරීමට කොටි ආවොත්, ඒ උන්ට එන්න පුලුවන් තෝරාගත් මාර්ග කිහිපයක් ආවරණය කරන්න. කෝප්‍රල් පෙරේරා එක්ක මම හිටපු ඇම්බුෂ් එකට නියමව තිබුනේ මීයන්කුලම් කඳවුරෙන් වාකනේරි මූකුරාල් පැත්තෙ ඈත විවෘත භූමියක් මැද තිබුනු තල්ගස් තුන හතරක් හා කෝන් ගහක් තියෙන තැනක ඇම්බුෂ් එක ස්ථාන ගත කරන්න.
අපිත් උපක්‍රමානුකූලව කෑලි කැපෙන ඝන අඳුරේ හැකි තරම් සද්දය අඩුකර ගමන පටන් ගත්තා.
පැයක් විතර වෙද්දි අපි නියමිත තැනට ගියා. අපි අට දෙනාට නියමව තිබුනේ හතර දෙනා බැගින් කලින් නම් කර තිබූ තැන් දෙකක ස්ථාන ගත වෙන්න. වෙලාවත් රෑ මැදියමට ආසන්නව තිබුනා. කලින් දවසෙත් මෙි වගේම වෙන තැනක ඇම්බුෂ් හිටපු අපි ඔක්කොම සිරාවටම නිදි මතේ හිටියෙ. මොකද මෙහෙම ගියාම අපිට පොඩ්ඩක්වත් රෙස්ට් කරන්න ලැබෙන්නෙ නෑ. කෑම්ප් එකේ හිටියත් රෙස්ට් කරන්න ලැබෙන්නෑ. දවල්ට බරවැඩ, රෑට සෙන්ට්‍රි. කට්ටිය ඇම්බුෂ් ගියාම බංකරේ ඉතුරුවෙන්නෙ දෙන්නයි. ඒ දෙන්න තමා රැය එළිවෙනකම් සෙන්ට්‍රි ඉන්න ඔින. එක අතකින් මෙි රාජකාරිය ටිකක් නිදහස්. විසිට් එන්න කව්රුත් නෑනෙ. ආවොත් එන්නෙ දෙපා කොටි විතරයි.
අපිත් නියමිත තැනට ගිහින් පැයක් විතර ඉද්දි කෝප්‍රල් පෙරේරා කිව්වා එක්කෙනෙක් සෙන්ට්‍රි ඉඳලා දෙන්නෙක් රෙස්ට් කරන්න කියලා. එයා එහෙම කිව්වම අපිට හිතට හයියකුත් එනවා. මොකද කෝප්‍රල් පෙරේරා කියන්නෙ පට්ටම වැඩ කාරයෙක්. ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කරල පෙන්නපු අවස්ථා කීපයක්ම තිබුනා. මෙහෙම එලියට ගියාම එයා කවදාවත් එක විනාඩියක් ඇස් පියවන්නෙ නෑ. අවදානම උපරිමයෙන් අරන් අපිට රෙස්ට් කරන්න දෙනවා. එයා දන්නවා අපි නිදිමතේ ඉන්නෙ කියල.
එක දවසක් මෙි කෑම්ප් එකට කොටි වට කරගෙන ගහද්දි පෙරමුනේම හිටියෙ කෝප්‍රල් පෙරේරා. 66බැච් එකේ හොඳ අත්දැකීම් තිබුනු කෙනෙක්. මට අදත් මතක්වෙනවා උන්දෑ ඒකට ෆේස් කරපු හැටි. විදුලි වෙිගෙන් අහට්ට මෙහට්ට පැන පැන හිස් ගෙඩිම ඉලක්ක කර කර තියපු පොකුරු උණ්ඩවලින් අරුන්දැලාටනම් ගැලවෙන්න ලැබුනේම නෑ. අපිට සිද්දවුනෙ සටන් කරනවා වෙනුවට මැගසින් වලට පතුරම් පුරවන්න විතරයි. අපිත් සටනට ආසාවෙ අවියත් අරන් නැගිටින්න හදන කොටම "ඔළුව පාත් කරගිය හු&@%#$තෝ.." කියල කෑ ගහන ගමන් උන්දැ වෙඩි තියල ඉවර කරන හිස් මැගසිනය අපි ඉන්න තැනට විසිි කරනවා. පලවෙනි බැච් එකේ ලාන්ස් කෝප්‍රල් කෙනෙකුයි කෝපුල් පෙරේරයි බංකරේ වම සහ දකුණු පැත්තෙ ඉඳගෙන ගහපු ගේම තමා පට්ටම. මෙි සටන උනේ පට්ට මද්දහනක රූට් ක්ලියරින් යන්න ලෑස්ති වෙද්දි. විනාඩි හතලිස් පහක් පැයක් පුරා පැවතුණු ඒ සටනේ මටනං එක පතුරමක්වත් වෙඩි තියන්න ලැබුනෙ නෑ. කෝප්‍රල් පෙරේරා තමා මුරපති රාජකාරියෙ හිටියෙත්. උන්ගෙ පලවෙනි වෙඩිල්ල පත්තුවෙලා දෙවෙනි එක පත්තු වෙන්න කලින් පොර විදුලි වෙිගෙන් බැරියර් එක ළඟ. රෙකාලා වෙච්චි අපිටත් ඉතින් හෙනම ගැම්ම.
චෙින් චුට්ටෙ. ඒ තමා අපේ සීනියර් හිටියෙ. පොර එදා අපේ ඇම්බුෂ් එකෙත් හිටියා. චෙින් චුට්ටෙ නොහොත් අංගම්මන එක්ක අපි වැඩිය බජනෙට යන්නෑ. හේතුව නමෙිම තියනව. එයාගෙ බැචාල එයාට කතාකරන්නෙත් "චෙින් චුට්ටෙ" කියන විශේෂ නාමයෙන්. ඒ, ගමෙි හෙන අයිආර්සී පොරක් වගේ. හෙන තදයෙක් වගේ.ආමි එකේ එහෙම අයත් ඉන්නවා ඉතින්. පොර හමුදාවෙ හිටියෙත් ටිකක් ඒ ලෙවල් එකෙන් වගේ. ඒ නිසා අපි පොරගෙන් ටිකක් ඈත්වෙලා හිටියෙ. සතා මොක වුනත් නම චෙින් චුට්ටෙනෙ. පොර ටිකක් මෝඩ සැරයි. මටම කිහිප වතාවක් ඉදල් මිටි කැඩෙන තරම් ගහල තියෙනව. එහෙම ගුටි කාලත් ආපහු ඉදලක් මමම ගෙනහ්ල දෙන්නත් ඔිනි. ඒ නිසා චෙින් චුට්ටෙ එක්ක මං වැඩි බජනෙට ගියෙම නෑ. කියන්න බෑනෙ බයිසිකල් චෙින් එකකින්වත් දමල ඇරියොත් එහෙම. මට චෙින් චුට්ටෙ කියන නම ලැබුනෙ කොහොමද කියලත් දැනගන්න පුදුම උනක් තිබුනත් සතා ටිකක් අවුල් හිංද කතා කලේ උපරිම වචන පහයි හයයි. වැඩි හරියක්ම මමත් බැචාලත් කලේ පොරව මගහරින එක විතරයි. අපි බැචාල කතා වෙලා හිටියෙ වැඩි බජනෙට යන්නෑමයි කියල.
එදා චෙින් චුට්ටෙ පලවෙනියට සෙන්ට්‍රි හිටියෙ. පාන්දර එක වෙනකොට ධාරානිපාත පොල් ගෙඩි වතුර සයිස් වැහි බිංදු පොකුරු පොකුරු වැටෙන්න ගත්තා. අපි දන්න කියන අඳුනන නාඳුනන හැම දෙයියන්ටම කිය කිය හිටියෙ "වස්සන්නනම් එපා දෙයියො" කියල. මොකද, මුවා වෙන්න ගසකුත් නැති වෙලාවෙි විවෘත භූමියක මෙහෙම වහිද්දි දැනෙන ආතල් එක පට්ටයි. ඒක තවත් දෙගුණ වෙන්නෙ සැංගි සැංගි එන කපුටු සයිස් තඩි මදුරුවොත් ගීතයක් ගයාගෙන ඇවිත් කොහෙ හරි වහල කොටන්න ගත්තම. හයියෙන් තලන්නත් බෑ, සද්දෙ ඇහෙන නිසා. ඒ හංද මම නං කලේ උංව අඹරලම දාන එක. හැබැයි ඔහොම වැස්සක ටිකක් තෙමුනනං ඇති, ඇවරි දෙකත් සට සට ගාල ගැහෙන්න පටන් ගන්නෙ. වැඩියම හීතල දැනෙන්න පටන් ගන්නෙ හෙල්මට් එකේ දාරෙ දිගේ ගලා එන වතුරයි බෙල්ලට වැටෙන වතුරයි පේළියට පේළියට කොඳු නාරටිය දිගේ ගලා ගොස් ලංකට් එකේ අඩිය පෙඟෙන්න ගත්තම. දැන් වහිනවත් කියමුකො.
අපි ස්ථානගත වෙලා හිටපු තැනෙනුත් වතුර චුට්ට චුට්ට ගලා යන්න පටන් ගත්තා. වැස්ස එද්දිම බිමට එලල තිබුනු මගේ ග්‍රවුන් ශීට් එක ඇදල අරං මං ඇඳ ගත්තා. (ඒක රේන් කෝට් එකක් වගේ අඳින්න පුලුවන්.) දැං නිදි මතේම හිංද වතුර ගංගාවක් ගලා ගියත් මමනං නැගිටින්නෑ. ඊට පස්සෙ රෙස්ට් කර කර හිටපු මමයි බැචයි කලේ බෙල්ට් ඔිඩර් දෙකත් ගලෝගෙන ඒක ඇඳේ පොලු වගේ හිටින්න හරහට බිමට දාල ඒක උඩින් නිදාගත්තු එක. ඊළඟට කලේ ඒක මදිවුනාම කෝපල් පෙරේරයි චෙින් චුට්ටෙයිත් ඒ වෙද්දි ඇඟෙන් පන්නල තිබුනු බෙල්ට් ඔිඩර් දෙක හිමීට ලඟට ඇදල ගන්න එක. සද්ද නොනැගෙන්න සෙමින් සෙමින් තමා ඇදල ගත්තෙ. ගුටි කන්නෙ හෙට උදේනෙ. දැං රෑනෙ. මං ඒ දෙකත් ඇදල අර විදියටම දාගත්තා. දැං අපි දෙන්නා ඇඳේ වගේ බෙල්ට් ඔිඩර් හතර උඩ නිදි. තවත් ටික වෙලාවක් යද්දි ඇඟට තෙතඅඅ.. සීතලක් දැනෙනවා. බලද්දි බෙල්ට් ඔිඩර් උඩිනුත් ඇඟේ ගෑවි ගෑවි වතුර යනවා. අපි හිටපු තැන ටිකක් විතර පල්ලමක්. ඒත් කෝප්‍රල් පෙරේරා නැගිටින පාටක් නෑ වෙන තැනකට යන්න. ඒක එයාගෙ හැටි. අපි නිදා ගත්තා. උඩින් අනෝරා වැස්ස, යටින් වතුර ගංගාවක්. මට ඔහොම නිදියල අවුරුදු විස්සක පලපුරුද්දක් ඒ වෙද්දිත් තිබුනා.
එතකොට වැස්ස පායල තිබුනෙ. පාන්දර තුනට විතර කෝප්‍රල් පෙරේරා මට කතා කලා. ඒ මහ පාන්දර තඩි කුනුහරුප වැලකුත් එක්ක. එයා "මට කියල %@&#$% ගන් නැතුව දීපිය &@%# යා බෙල්ට් ඔිඩරේ" කිව්වා. මාත් ඉතින් නිදිමතේම ඔික ඇදල දුන්න. ඊට පස්සෙ එයාම කිව්වා "හිටපිය සෙන්ට්‍රි" කියල. මාත් නැගිට්ටා. හතරට අනිකට කතා කරන්න කියලත් මතක් කලා. අංගම්මන වෙනම ඇල වෙලා මගේ බෙල්ට් ඔිඩරේම කොනකට හිස තියාන. පව්.
පාන්දර හතර වෙනකම් මං සෙන්ට්‍රි. ඒ වෙද්දිත් හොඳටම තෙත බරි වෙලා හිටියෙ. කොහොම හරි මං වෙපන් එකත් කරේ එල්ලගෙන ඈතට පේන්නැතිවෙන්න ගහේ කඳ කෙලින් හිටගෙන හිටියෙ. හම්මෝ සීතල පරයා නැගෙන නිදිමතක මහිම. මං ආයාසයෙන් දෑස් ඇරගෙන හිටියා. ඔහොම තුනහමාරට මං අවසන් වතාවට වොච් එකේ වෙලාව බැලුවා. තුනහමාරයි. තව පැය බාගයක් මෙහෙම ඉන්න ඔිනෙ. බූට් දෙක අස්සෙත් වතුර පිරිල කකුල පොඩ්ඩක් හොල්ලද්දි "චොක...චොක.." ගාල සද්දයක් එනවා. ඒ නිසාම එකම තැනට වී සෙබළෙක් විලස හිටගෙන හිටියා.
ඒ අතර තුර තමා නොසිතූ දෙයක් වුනේ පෙන්ස්. එහෙම හිටගෙන හිටපු මම තුවක්කුවත් එක්කම හිටගෙනම නින්ද ගිහින් තැරි ගහගෙන වැටුණ කිහල්ලකෝ කෝපල්ගෙම ඇඟ උඩට "සට පට ගිඩීං" ගාල. මට මතක එච්චරයි... ගතේ නැගෙන සිහිතල පරයා ගත උණුසුම් වන අයුරින් මුහුණේ දකුණු පැත්තට "සට්ටාස්" ගාල එකකුත් වැදුනම කියමුකො. දැං මෙතන සද්දෙත් වැඩීනෙ.. ඊ ලඟට අර උන්දැ මහ පාන්දර අපිවත් ඇදගෙන එතනින් වෙන තැනකට ගියා. ඒ වෙද්දිත් කෝප්‍රල් ඇහැරිල ඉඳල තියෙන්නෙ. දැං වෙන තැනකටත් ගියා කියමුකො.( උදේ අට නවය වෙනකම් ඇතුලට යන්නෙත් නෑ. ආයෙ කඳවුරට යන්නෙ රූට් ක්ලියරින් එකත් ගියාට පස්සෙ.) ආයෙ එතනට ගිහින් අපි එළි වෙනකම් ඇහැරිල හිටිය. කෝප්‍රල් පෙරේරානම් මොනාක්කත්ම කීවෙ නෑ. ඒත් අංගම්මනගෙන් තමා බෙිරෙන්නම බැරිවුනේ. පොර සැරින් සැරේ කනට කර කර එක එක විලම්බීත කියවනවා. ඒ, යමංකො %@&$ යා අද ඇතුලට" වගේ එව්වා.
දැං ඇතුලටත් ගියා. ඒ යද්දි එකොළහට විතර ඇති. බිලට් එකට ගිය ගමන් පොර "අරං වර %@&$යා සුරම්‍ය දණ්ඩ" කියල නියෝග කලා. මාත් පෙරේදා මමම වාලච්චෙනෙන් ගෙන්නපු අලුත්ම ඉදල පොරගෙ අතේ තිබ්බා.
*පල ඉසිපෝසන් &@%#$යා
මාත් ඊසි පොසිෂන් එකට ගියා. ඒ කියන්නෙ ඩිෆ් පොසිෂන් එකට.
ඒ ගමන් "දො:හ් දො:හ්" ගාල තට්ටම් දෙකට තුන හතරක් අතෑරල හෙන ලෙක්චර් එකක් දුන්නා. තට්ටම් වලට ගැහුවටනං මට අවුලක් නෑ, මට රිදෙන්නෑනෙ.ඒව තට්ටංනෙ. ඒත් සීරුවෙන් හිටගෙන ලෙක්චර් අහං ඉන්නනෙ බැරි. ඒක එතනින් ඉවරවුනා.
මට පට්ටම තරහක් පොර එක්ක තිබුනෙ. මටත් හෙන උවමනාවක් තිබුනා, "චෙින් චුට්ටෙ" කියල පාතාල නමක් තියෙන පොරට ඒ නම හැදුනෙ කොහොමද කියල දැනගන්න. ඒකට මට උදව් කලේ පොරගෙම බැචෙක්..සාසෙ බංඩාර.
මෙයාගෙ ගම මැදිරිගිරිය. දවසක් නිවාඩු ගිහින් ඉද්දි පුස් බයිසිකල් එකේ පොර ටවුමට ගිහින්. වෙර දාල හිටගෙන පාගද්දි චෙින් එක කඩල ගිහින්. ඊට පස්සෙ අර ගජමුතු දෙක පොල්ලෙ වැදිල, ඒ මදිවට සමනල් ගැටෙිකුත් වැටිලලු. දවස් හතරක් ඉස්පිරිතාලෙත් හිටියලු. ඒක මුන්දැ ඇවිත් විශ්වාසවන්තම බැචෙකුට කියල කාටවත් කියන්න එපා කියල. ඒක අහගත්තු පොර එයාගෙ විශ්වාසවන්ත බැචෙකුට ආයෙ කියල. ඊට පස්සෙ තමා නම පටබැඳිල තියෙන්නෙ " චෙින් චුට්ටෙ" කියල. අපි හමුදාවට යන්නත් කලින් තමා ඔික වෙලා තියෙන්නෙ. ඉතිං මාත් ඔික අහගෙන මගෙත් විශ්වාසවන්තම බැචා ලා ඔක්කොටම කිව්වා. ඒ වෙන කාටවත් කියන්න එපා කියල. පස්සෙ ඔික ආයෙ අලුතෙන් වෛරල් වෙලා නම නැවතත් අලුත් වුනා. අපිත් කතා වෙද්දි එකෙක් "චෙින් චුට්ටෙ" කියන කොට තව එකෙක් "සමනල් ගැටෙි" කියන්නත් පුරුදුවුනා. පස්සෙ කාලයක් අපි බයේ හිටපු පොරට තිබුනු බය නැත්තටම නැතිවුණා. බැලින්නං පොරත් හොඳ කොල්ලෙක්. අපියි ආශ්‍රය කරල නොතිබුනේ. මතකනෙ කාවත්තෙමුනේ ප්‍රහාරයක් ගැන කතාවක් කිව්වා. ඒකෙදි පොරගෙ කකුලකට වෙඩි වැදිල ආබාදිතයෙක් විදියට යුධ පිටියෙන් ඉවත්වුනා. එදායින් පස්සෙ ආයෙ කවදාවත් මට පොරව මුන ගැහුනෙ නෑ.
එදා කෝප්‍රල් පෙරේරගෙ නලලත තඩි ගෙඩියක් ඇවිත් මගේ වෙපන් එක වැදිච්චි පාරට. පස්සෙ එයාට පවු හිංද මංම සිද්දාලේප එකක් ගෙනිහින් දුන්නා "ගා ගනින්" කියල. අපේ ඒකකයෙම ඉද්දි කෝප්‍රල් පෙරේරා සටනකින් මියගියා කියල ආරංචියක් ආවත්, ඒක ඇත්තද නැත්තද කියල හොයන්න මට බැරිවුනා. හැබැයි රණ ශූර පදක්කම ලැබුනා කියලනං දන්නව. ඔය ගෙඩිය චෙින් චුට්ටෙගෙ හෙම ආවනං මං තාමත් ගුටි කනවා.
රුවින් පමුදිත යද්දෙහිආරච්චි.
2023.04.15