Wednesday, February 1, 2023

ගජබින්න පත්තරේ..

 එදා මහ වැහිබර දවසක්...උදේ ඉඳන්ම වැහි බීරුම. තව මහම මහ මූසල ගතියකුත් ඔය අතරේ පෙනෙන්න තිබුනා. 

අපුන්දෑ මාත් එක්ක තරාවෙලා අදට හරියටම දවස් අටක්.. ඒකට හේතුව අන්තිම හරියෙන් ලියන්නං. 


දැං මුංදෑ මාත් එක්ක කතා කරන්නෑ.මූන නිකන් ගොං පයින් ගහපු ලන්තෑමක් වාගෙ කරගෙන අහට්ට යනවා.. මෙහට්ට යනවා.. මෙහට්ට යනවා. අහට්ට යනවා..බාසා පරිවර්තක සහ පයිංඩකරු ඉන්නෙ උන්දැගෙම දෝනියන්දැ. 


*දෝනී..... ආං බත් බෙදල ඇති කන එකයි ඇත්තෙ.

*දෝනීඊඊඊඊ..තේ බොන්ඩොන්නං කහින එකයි ඇත්තෙ. 

ඔික ඇහිච්චි වෙලේ ඉඳන්ං මාත්  උන්දැගෙ මූන ඩබල් ටිබල් වෙන්ඩ හිතාගෙන දවසට දා හත්වතාවක්නං කහිනව. ඔය අතරමංදෑවෙනෙ කහින්න ගිහින් පුවක් කෑල්ලක් ඉස්පොල්ලෙ ගිහින් කැස්සක් හැදිල වතුර එකක් ඉල්ලුවෙ. ඒත් ඒ වෙනකොට මට ඇහෙනවා කුස්සියෙ ඉලෙට්ටික් කෙට්ල් එකට ආයෙ පාරක් අරුන්දෑ වතුර පුරවන  සද්දෙ.  අන්තිමෙි වතුර ජොග්ගුවක් ගෙනත් දුන්නෙ දෝනි. හොඳ වෙලාවට පුවක් කෑල්ලක් විතරක් ඉස්පොල්ලෙ ගියෙ. 


 හැබැයි ඉතිං දොදොල් පාටට හිටියට ආයෙ මක්කැයි  උන්දැට  මහ පුදුම විසේ. ඒ උනත්  දවස් අටක් මං පැදුරෙ. අර පඩිපෙල් පඩිපෙල් පැටව් ටිකත් තුරුළු ගන්නාගෙන උන්දැ ඇඳෙ. 

ඔහොම යාග හෝම ඉවර වෙලා සම්මුතියකට එලැඹිලා සාම ගිවිසුමකුත් ගහල නමවෙනි දවසෙ ඇඳට නැග්ගමත් කියමුකො. ඒත් කාටද ෆෙන්ස් මහ රෑ මද්දහනෙ සීපද කියවෙන්නෙ. මා රෑ දුටු දෙයින් කවි පද දෙකක්නං හිතට ආව...


දවස් අටක් වැඩ නොකරපු        ජුවල් පිට

තනකොල වලින් වැසිලා ඇත පතල් කට


 මං ඒ දවස්වල එළිවෙච්චි ගමන් පත්තර කඩෙිට ගිහින් "ලංකාදීප" පත්තරේ අරං එනවනෙ. එතන ඉඳන් දවස දෙකක් විතර යනකං  කරන්නෙ ඔය පත්තරේ අකුරක් නෑර බිම දිගෑරගෙන කියවන එක. ඒත් පසු කාලීනව තමා මට හරියටම සත්‍ය අවබෝධ වුනේ. ඒ සත්‍යය අවබෝධ වෙච්චි දවසෙ ඉඳන් මං පත්තර කඩෙි අරින මහ පාන්දර හතට අටට විතර මුදලාලි ඉස්සරහ පෙනී හිටල ඉල්ලන්නෙ...

*මුදලාලි ගජබින්න පත්තරේ ආවද?

*මුදලාලි ගජබින්න පත්තරේ දෙන්නකො..

එහෙම අහපු ගමන් පොර මද සිනහවක් මුවගෙහි නගාගෙන හුන් තැනින් නැගිටලා ඇවිත් නම් කෙළ කෝටියක් තියෙන පත්තර අතුරෙන් "ඉරිදා ලංකාදීප" පත්තරේ අතට දෙන්නෙ..

*මට අවුරුදු හැත්තැ තුනක් වෙනව ආයිබොංඩ.. ඒත් ඒ පත්තරේ නියම නම කියල ඉල්ලන්තෙ තෞසෙ විතරයි ඔිං..

කියාගෙන. මාත් ඉතිං හෙන පොස් මිනිහා වගෙ ගජබින්න පත්තරේ අරං ඇවිත් අකුරක් නෑර කියෝලා කියෝලා.... 

අන්තිමෙිට ලග්න පලාපලයි මරණ දැන්වීමුයි ඔක්කෝම ටිකත් කියෝලා... කියෝලා..

*හම්මට සිරා.. අදට වඩා හෙට දවස සුප්පා ඈ... කියල හිත හදාගන්නවා.


ඔහොම ඉන්න අතරේ තමා ජීව්තේ අවසාන ගජබින්න පත්තරේ ගෙදර අරං ආවෙ. ඒ රුපියල් එකසිය විස්සක් දීලා පිටු හතළිස් දෙකයි. කොටස් තුනයි" කියල ගහල තබුනු පත්තරේ. සල්ලිත් දීලා  පත්තරෙත් අරං  දෙකට නමලා ප්ලැටිනා හන්ඩ්‍රඩ් බයික් එකේ ඇක්සලේටර් කේබල් එකයි ඉස්සරහ  බ්‍රෙි්ක් කේබල් එකයි අස්සෙ ගහගෙන. එදාත් මං ඔික අරං ඇවිත් අකුරක් නෑරම කියෙව්වා. කිව්වාට විස්වාස කොරංඩ අන්ත්මේටම ඔිකෙ තිබුන මංගල කිංකිනි එකත් කියවල තමා මං පත්තරේ බිමින් තිබ්බෙ. 


එදා ඒ පත්තරේ තිබ්බෙ හුඟක්ම දේශපාලනය ගැන කතා. අරුන්දෑ අහවලාට දෙහි කපයි. ඒකා අරුට මෙහෙම කිව්වම ඒකා මෙි විදිහට පිළිතුරු දෙයි" වගේ ඒවා. මමත් ඉස්කෝලෙ යන කාලෙ ඉගෙන ගත්තෙ "සිරි ලංකාව යනු තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටකි" කියල.

අනේ මංද මටනං සිරාවටම දැං දැං හිතෙනව මට ඔය දෙසිය විසිපස් දෙනාගෙම තාත්තා වෙන්න බැරිවුනානෙ දෙයියනේ කියල.  


ඔන්න කතාව පටන් ගත්තා..


එක දවසක් සුන්දර හීතල සෙනසුරාදාවක උදේ  ගජබින්න පත්තරෙයි, ගෙදරට අඩුම කුඩුම ටිකයි ගේන්නැයි කියල, ඒ අවශ්‍ය දේවල් ලියල ලමයින්ගෙ අම්ම මගේ අතට තුන්ඩු කෑල්ලක් දුන්න. ඒකෙ අන්තිමටම බෝල බෝල අකුරින් ලියල තිබුනා 240/= මෙව්ව එකක් කියල. ඔය මෙව්ව එක මටත් මීටර් නැති හංද මං බඩු ගන්න කඩෙිට ගිහින් අනෙක් බඩු සේරම අරං, මුන්දැට කෝල් එකක් අරං ඇහුවා "මොකද්දෝයි මෙි මෙව්ව එකක් කියල ලියල ඉස්සරැහිං 240ක් දාල තියෙන්නෙ??? " කියල. උන්දැ කිව්වෙ ඒ දම්පාට එකක්ලු. ඒත් බඩු අරං ඉවර වුනාම අතේ තිබිච්චි සල්ලි ඉවරයි. මෙව්ව එකකුත් කෝම හරි ගන්න එපැයි. මාත් ඉතිං කෝම හරි බඩු ටික ගෙදරට ගෙනත් දීල, ඒ ගමන්ම ඇඳි පුටුවෙ ඈඳි ගත්තෙ පත්තරෙත් දිගෑරගෙනමයි. 


මාත් සද්දෙ නගා පැහැදිලි ලෙස..

*ප්ලේන්ටියක්වත් ගහමුතෙ??

*හා..කේතලේ ගහල තියෙන්නෙ...ඒඒ උන්දැ කුස්සියෙ ඉඳන් පිළිතුරු දුන්නා.


ටික වෙලාවකින් මට ඇහෙනව කුස්සියෙ හිටපු එවුන්දෑ වෙනදට වඩා කුස්සියෙ බඩු ටිකක් සද්දෙන් එහා මෙහා කරනව. ආයෙ කෝප්පයක් එහෙම ටිකක් හයියෙන් ටයිල් එක උඩ තියනව. ජොග්ගුවට සීනි දාල හැන්ද බිම අතාරිනව. මාත් ඒකට කන්දීගෙන තමා පත්තරේ දිගෑරගෙන හිටියෙ. මොකද සතා සුවර් නෑනෙ..


පස්සෙ අල්ලපු ගෙවල් දෙකටත් ඇහෙන්න "ටලාං ටලාං" සද්දෙට හැන්දෙන් ජොග්ගුවට ඇනලා ඇනලා සීනි ටික දිය කරලා තේ එකත් වක්කරල පාං බාගෙකුත් එක්ක, පොඟෝගෙන කාපිය කියල ගෙනත් දුන්නා කියමුකො.  මට "හිග් ගෑවුනා" 


එසැනින් තමා උන්දැ  මදක් හඬ නගා...

"කෝ මෙව්ව එක නෑනේඒ" කිව්වෙ.

ඉතිං මං ගත් කටටම කිව්වා 

*තෞසෙ මෙි පොඟෝගෙන කාපිය කියල එවල තියෙන්නේඒඒ"

*මොන හුක්.. ඔය පාංනෙ..

*ඉතිං සල්ලි මදිවෙච්චි හිංද තමා පාං බාගෙයක් ගෙනාවෙ..ඇයි මදිදඅඅඅ..?

 මගෙ ආදරණීය යහළුවනේ.. මට ඇහුණේ..සහ මං දුටුවෙ " අම්මපාා..මුගෙ අද මං......" කියාගෙන කාලි මෑණියංගේ වෙිසයෙන් කපීර් එකක වෙිගයෙන් මා ඉස්සරහට එන උන්දැ පමණයි. සෙනිකව ආව ලඟට, උදුරගත්ත පාං බාගෙ අතට... දුන්න එකක් පාං බාගෙන්ම... ඒක කරකැවිල ඇවිත් වැදුනෙ තේ කෝප්පෙට. මයෙ අප්පේ.. අර ලෝදිය තේ වතුර එක හැලිල එක්කෝටි හැටනම ලස්සෙම පිච්චුනා කිහාල්ලකො සෙනිකව.

මොනා කරන්නද?  මං සද්ද නැතුව කෝප්පෙ ඉතුරුවෙච්චි තේ ටික බොන්න පටන් ගත්තා. දැං මුන්දෑ කියෝනවා කියෝනවා... ඉවරයක් නෑ.හරියට මහයියාවෙ බෝක්කු කටෙන් දිය ගලන්නා වාගෙ..අන්තිමෙිටම ඇහුනෙ.. මෙි මනුස්සයකං ඔහොම්මමයි..ඔහොම්මමයි..කියනව වාගෙ එකක්.  දැවිල්ලත් එක්ක මටත් ඉවසුම් නැති වුනා ෆෙන්ස්.  ඉවසීමෙි සීමාව ඉක්මවා ගියා.ඇඟ වෙව්ලන්න ගත්තා. දත්මිටි කැවුනා..ඇස්දෙකට ලේ ගංගාවක් ගලා එන්නා වාගෙ දැනුණා.නලල රැලි ගැහුනා. අත් මිට මෙලවුනා. කකුල බිම හැප්පවුනා. කොටින්ම කියනවනං තදින්ම මල පැන්නා.... කියල මොනව කරන්නද...  නිස්සද්දව ඉඳලා... උන්දැගේ කට ටිකක් ස්ලෝ වුනාම තමා මං කිව්වෙ.

*අතේ සල්ලි තිබ්බ විදිහට තමා පාං බාගෙයක් ගෙනාවෙ. ඒක බැයිනං ගෝනියක් තෙමල හතරට නමල තියාගං... කිව්වම තමා වෙිල් හතරක් මිසින් වෙලා දවස් අටක් පැදුරෙ නිදියෑවෙ. හොඳ වෙලාවට ළමයි ටික හිටියෙ නැත්තෙ. හිටියනං ඔවුන්දැලා කවදාවත් ජීවිතේට කසාදයක් කරගන්න එකක් නෑ.


ඉතිං ආදරණීය යාලුවනේ.. ඔයාල එහෙම ඊවා ගේන්න කිව්වම පාං ගිහින් දෙන්න එපා හොඳේ. කන්න වෙයි හොඳ එකෙන්ම ඈ...



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2023.02.01

5 comments:

  1. පාන් ගෙනල්ලා හු#පාන් නැතිවුනා

    ReplyDelete
  2. කොපල් කතා ඔක්කොම බලනවා, කමෙන්ට් නොකෙරුවාට පොඩ් රෝල් ගස්සනවා හෙම නෙවෙයි... මිට රෙකෙක්...

    ReplyDelete
  3. මොකක්ද රුවන් මලේ නෝනා ඉල්ලලා තියෙන්නේ?

    ReplyDelete
  4. මං මේ ඇත්තටමයි කියන්නේ, මේ බ්ලොග් එකේ පෝස්ට් හැම එකක්ම වගේ එක පාරකට වැඩිය කියවලා ඇති මං, සමහර කතා දැන දැන උනත් දහ පාරකට වැඩිය කියවුව අවස්තා තියෙනවා, ඒ තරම් රසවත්, මං ඔබෙන් කාරුණිකව ඉල්ලා හිටින්නේ ඔබ තුමාට පහසු වෙලාවක් ඇති හැම වෙලාවකම පුලුවන්නම් තව පෝස්ට් ටිකක් දාන්න, මං හිතනවා ඒක ඔබ තුමාගේ මතකේ තියන් ඉන්නවට වැඩිය අපිත් එක්ක බෙදා ගන්න එක වටිනවා කියලා, බොහෝම ස්තුතියි... තෙරුවන් සරණයි!

    ReplyDelete