මගේ ආදරණීය චිංචිමානවිකාව මීට මාසෙකට විතර කලින් ඉඳන් කිය කියා හිටියෙ එවුන්දැලගෙ මහ ප්‍රාණ පැත්තෙ රවුමක් ගසන්ඩ ඔිනෑය කියාලා. මාත් ඒ මාසෙක විතර කාලෙ ඉඳන් බලා බලා හිටියෙ ඒ වාසනාවන්ත දිනය අද එළඹෙිදෝ නැත්තං හෙට එළඹෙිදෝ කියාලා. ඒ දවස දවසින් දවස කල් යන්ට පටන් ගත්තේ බෙංගාලේ බොක්කේ කැළඹීම් නිසාවෙන් හැම නිතරම හුනා හුජ්ජ කරන්නැහෙ චිරි චිරි ගගා වැහි පොද වැටෙන හංද. කෝම කෝම හරි ඊයේ පෙරේදා රාත්තිරිය පුරාවට ගහපු හුළං පාරවල් වලින් එවුන්දැලගෙ උත්තම පරපුරේ එකියක්ගෙ ගේකට සපු ගහක් වැටිල, ඒක හෙන අංජබජල් එකක් වෙලා මෙවුන්දැට ඇමතුමක් ආවා "ඉක්කන්ට ඇයිත් බලාපං, මෙි අවසාන හෝරා කිහිපයයි" කියාලා. ඊට පස්සෙන් පහු මෙවුන්දෑ දරුමල්ලොත් එකතු කරන් කිලෝමීටර් දෙකක් දෙකහමාරක් විතර දුර එවුන්දැලගෙ පිං පරම්පරාව වැජඹෙන අත්තනගල්ල ගමට ගියේ මට මෙි අවුරුද්දෙ දෙවෙනි පාරටත් හිංගල අවුරුද්දක් උදාකරමින්. මං යනකොටත් කියල යැව්වෙ "සතියක් මාසෙයක් උනත් කමහ් නෑ මයෙ මැණිකේ, එවුන්දැලට උදව් කරාලා එවුන්දැලාවත් කාලා ඇති වෙච්චි දවසක ආවාට කමහ් නෑ" කියාලා. ඒ මගේ පාර්ලිමෙින්තුව නැතිවුනාම බණක් භාවනාවක් කරාගෙන පාඩුවෙි ඉන්ට පුලුවන් හංදා. එවුන්දෑ ඊයෙ ගිය ගමන්මයි මං භාවනාව වඩන්ට පටන් ගත්තේ.
වෙනදා වගේම සුපුරුදු තැන එරමිණියා ගොතාගෙන ඉඳගෙන පංසිල් අරගෙන කරන්න තියෙන කෙම්පහන් ඔක්කොම කරලා, බුදුන්ට හිතෙන් භාරයකුත් වුනේ අද මගේ අරමුණ ටිකක් වෙනස් නිසා. මම දවසක් දිව්‍ය ලෝකෙ ගියානෙ. ඒත් ඊට පස්සෙ දවසෙ ඉඳන් ලොකු ආශාවක් තිබුනෙ අපායෙ රවුමක් ගහල එන්ඩ යන්ඩ. අපාය ටිකක් අනතුරුදායක හිංද තමා බාරයක්වුනේ ටිකක් එහෙ මෙහෙ උනොත් මටත් එහෙම්මම නතර වෙන්න වෙයිදෝ කියල පුංචි බයක් හිත කොනේක තිබුන හංද. ඒ නිසා බුදුන් ගැන තිබුනු අප්‍රමෙිය අප්‍රතිහත විශ්වාසය නිසා ටිකක් බය අඩු කරගෙන බාවනාවට හිත යොමු කරලා පිළිවෙලින් චතුර්ථ ධ්‍යානයට සමවැදී එහිදී ඇතිවෙන ප්‍රිතීයත් අනිත්‍යයයි කියල අනිත්‍ය මෙනෙහි කරන ගමන් ප්‍රිතිය එපා කියල ප්‍රාර්ථනාවක් කරල, අනිත්‍යම මෙනෙහි කරමින් ඉන්නවිට තමා අමුතු ඥානයක් පහලවුනේ. එමගින් අපායට යන්න මං ඇරුනු වෙලාවෙ හිත අපායේ පිහිටුවාගෙන එහි දොරකඩටම ගියා.
ඒ දොරකඩට පය තියනවාත් එක්කම මාව පිළිගන්න ආවේ අපේ ගමෙි පංසලේ හාමුදුරුවො. ඉන්නකං දේශපාලනේට වැඩ කරලා කරලා, මිනිස්සුන්ට දේශපාලන බණ කියාලා උන්නාන්සෙ අපාගත වෙන්න ඔන්න මෙන්න කියල හිටියෙ.
*හාමුදුරුවනේ ඔබ වහන්සේ මෙතන මොකෑ කරන්නෙ??
*කරපු දේවල් තමා බං මාව මෙතෙන්ට ගෙනාවෙ
*යන්න බලාපොරොත්තුවක් නෑ.
*බලාපොරොත්තුවට යන්න බෑ බං. ඒත් කොයි වෙලේක හරි නම අඬගහයි
*හ්ම් මට උදව්වක් කරන්න බෑද??
*කියාපම්.
*මාත් එක්ක රවුමක් යමුද මහ අපාය පැත්තෙ
*උඹ පලයන්.මං කොහොමත් යන්නනෙ ඉන්නෙ.
*එතකං විසිට් එකක් ගිහින් එමු...
බොහොම අමාරුවෙන් මං උන්නාන්සෙව කැමති කරවාගත්තෙ මටත් ටිකක් හරි ආරස්සාවක් තියෙයි කියල හිතුනු හිංද. මං කරල තියෙන උදව් නිසා බෑ කියන්න බැරිකමට උන් නාන්සෙ කැමතිවුනා. අපි දෙන්නම දැං ඇතුල් වෙන්නයි සූදානම.
දොර අසලටම එනකොට ඇත්දළ වගේ සියගුණයක් විතර විශාල දළ දෙකක් තියෙන කාල වර්ණ රෝමුවන් පිරිච්චි දුටු දුටුවන් මහත් බියකින් අළලන දොරටුපාල යකෙක් ඉස්සරහට ආවා
*තොප කොහා යන ගමන්ද?
උගේ බාසාවෙන්ම නුවර පැත්තේ එකෙක් කියල හිතපු මං, අපි දෙන්නගේ අවශ්‍යතාවය කිව්වට පස්සෙ උන්දැගේ ආරක්සාව යටතේ අපි දෙන්නව ඇතුලට එක්කරගෙන ගියා. හැබැයි හාමුදුරුවො දිහා බැලුවෙ කන්න වගේ. උන්නාන්සෙ බයේ ගැහි ගැහි තමා අපි දෙන්න පස්සෙන් ආවෙ.
ටිකක් දුර යද්දි වංකගිරිය වගේ තැනකට අපි ඇතුල්වුණා. එක පැත්තක ලෝදිය පිරිච්චි මහා ළිඳක් වගේ තැනකුත් අනෙක් පැත්තේ කටු ඉඹුල් ගහත් තිබුනා. ලෝදිය තියෙන තැන මහා සෙනඟක් පොරකමින් හිටියා. මං දකිද්දි එතැන එකෙක් අමුඩෙ ගහනවා. ඒ කොරෝනා කාලෙ හොර අරක්කු බීල මිය පරලොව ගිහින් පළමු වතාවට ලෝදිය පානය කරන්න ඉන්න එකෙක්. කටු ඉඹුලෙත් ප්‍රයිඩ් රයිස් දන්සැල් පෝලිමක වගේ පිරිසක් පෝලිමෙි හිටියා. මං ඒව බලන්න ගියේ නෑ.
*තොපට දැන් කොතනටද යන්න ඔින?
මුර යකා ඇහුවා.
*මාව පෙරේතයො ඉන්න තැනකට එක්ක යනු
මගේ ඉල්ලීමෙන් පස්සෙ අපි දෙන්නව පෙරේතයන් බිහිවෙන තැනට එක්කගෙන ගිය මහ යකා;
*තොපට ඔනෑනම් කැමති කෙනෙක් එක්ක කතා කල හැකි. හැබැයි ලංවෙන්ඩ තහනං.
මාත් මගේ ගජමුතු දෙකම දකුණු අතින් අතගාන ගමන්...
*හොඳමයි. කිව්වා.
මාත් එතන ඉඳන් හාත්පස සිසාරා බැලුවෙ අඳුරන එකෙක්වත් ඉන්නවද කියලා බලන්න. ටික වෙලාවක් ඒ දිහාම බලා ඉන්න මට යාන්තම් දැකල පුරුදු එක චරිතයක් දෙකක් කොනකින් මතුවුනා. එක්කෙනක් හිටියා මූන 8'8 කිඹුලා උදැල්ල වගෙ හරි හතරැස්. පොර කරල තියෙන පාප ක්‍රියා අනුව එක පාරටම රටක ජනාධිපති කෙනෙක් වගේ වෙනවා, තුවක්කු ගොන්නක් උස්සගෙන කොහේදෝ මංදා කැලේකට යනවා, ගිහිං එනවා, ආයෙ පෙළපාලියක් වගේ එකක් යනවා ලේන්සුවක් වනනවා, කන් බිහිරි කරවන පිපිරුමක් එක්ක පොර සුන් වෙලා ගිහින් ආයෙ අර මුල්ලෙම ඉපදෙනවා. ඒ සිදුවීම මටත් ටිකක් හුරු වගේ නිසා මං යකාගෙන් ;
*පිංවත් යකානෙනි, අර කෞද? කියලා.
* ආ... ඒ තොපගේ රටෙි නරයෙක්. ඉන්නකං දහදුරා වැඩ කරලා කරලා අන්තිමෙි මෙහෙට ආවා.
*තව කොච්චර කාලයක් ඉන්න වෙයිද එවුන්දැට?
*මෙි කල්පයම මෙහෙ තමා. මෙි අපායෙ කලපයක් ආයු තියෙනවා..යකා කිව්වා. මං ඒ චරිතෙ අඳුරගත්තු නිසා සැනසුම් සුසුමක් හෙළුවෙි තව කල්පයක් යනකම් මිනිහගෙන් අපිට බලපෑමක් කරදරයක් නෑ කියල හිතුනු හිංද. ආයෙත් ටික වෙලාවක් යද්දි මූන පුරා රැවුල වවාගත්තු ලෙදර් තොප්පියක් දාගත්තු පොරක් එනවා. තොප්පියේ තරුවකුත් තිබුනා. ඒ තරුවෙන්ම මං මිනිහා අඳුර ගත්තා. මිනිහට තිබුනෙ වෙනම විපත්තියක්. මිනිහ ඉස්සරහට එනවා. දේශණයක් කරනවා, ඒ දේශණය අතරමැදදි තවත් රැවුලක් වවාගෙන එවැනිම තොප්පියක් දාගත්තු සුදු පොරක් දීප්තිමත් එළියක් එක්ක ඇවිත් අරුන්දැ මැරෙනකම්ම කම්මුල් දෙකට ගහනවා. ඒ එන පුද්ගලයගෙ බෙල්ලෙ වෙද නලාවකුත් තිබුනා. ඒත් මිනිහ අපායෙ නෙමෙි ඉන්නෙ. විශේෂ අවසරයක් මත දිවිය ලෝකෙන් තමා මෙි එක පාරටම කඩා පාත් වෙන්නෙ. ඒ මනුස්සයගෙ පෙනුමත් ටිකක් හුරු වගේ නිසා මං ඒක තහවුරු කරගන්න යකාගෙන්;
*පිංවත් යකානෙනි, අර එළියක් එක්ක ආවෙ කෞද?
*ඒ "චෙි" දෙයියො. මිනිහ භූමට්ට දෙවියෙක්. මිනිහගෙ ප්‍රතිපත්ති විකෘතිකලා කියලනෙ ඔය ඇවිත් හකු දෙක තලන්නෙ.. මං උඩ ගියා.
*ඒත් එහෙම වෙන්න විදියක් නෑනෙ යකෝ.
*ඇයි වෙන්න බැරි? උන්දැකලත් එකයි, උන්දැගෙ එවුන් කලත් එකයි. දඬුවම එකයි.
*හ්ම්....
මං ආයෙ එතනින් එහාට මුකුත් අහන්න ගියේ නෑ.
ආයෙ ටික වෙලාවක් යද්දි තව පෙරේතයෙක් ආවා මූන පුහු වෙච්චි පොල්ගෙඩියක්වගේ උල්. මිනිහගෙ ඔලුවෙන් බාගයක්ම කොන්ඩෙ තිවුනෙ නෑ. නාහෙ අක්කරයක් විතර දිගයි. ටිකක් කෙසඟයි. ඒ පෙරේතයා එක්ක තව පෙරේත රෑනක්ම හිටියා. ඒත් මෙයාට තිබුනෙ අමුතු දඬුවමක්. මිනිහ ඉස්සරහට අඩියක් තියන තියන ගානෙ අර පෙරේත රෑනම මිනිහගෙ ඔලුවට නැගල පොර කකා පොර කකා ටොකු අනිනවා. ටොකු වදින වදින තැන්වලින් ගෙඩි මතුවෙලා සැරව ගලනවා. මහ පෙරේතයා මහා වෙිදනාවකින් විලාප දෙනවා. ඊලඟට තට්ටෙ අතගානවා..එතකොටම මහා ගින්දරක් ඇවිත් මිනිහ ඉස්සරහ මැවෙනවා. ඊලඟ මොහොතෙ පයිල් එකක් මැවිලා ඒකෙ ලියුමක මොනවදෝ කුරුටු ගාල අත්සන් කරනවා . ඒත් එක්කම පෙරේතයෙක් උන්නද නැද්ද කියල හොයාගන්න බැරිවෙන්න දැවී අලුවී යනවා. එතන ටොකු අනින තව ප්‍රධාන මළ පෙරේතයෙක් හිටියා. මිනිහ තමා පොර කකාම ටොකු ඇන්නෙ. මහ මළ පෙරේතයා අඳුරගත්තත් ඊලඟ එකා අඳුරගන්ඩ බැරි නිසා මං විශ්මයෙන් ඒ දිහාම බලන් හිටියෙ ඒ මොන මළ පෙරේතයෙද්ද කියල දැනගන්න නොඉවසිල්ලෙන්. ඒත් අපේ යකානා ඒ දෙසම ඇස් පිල්ලන් නොගහා බලන් හිටියා. ටික වෙලාවක් යද්දි ආයෙ මළ පෙරේත පොර මතුවෙච්චි ගමන් යකා අතුරුදහන්වුනා. මාත් "මු කොහෙද යකෝ ගියේ" කියල බලද්දි යකා පෙරේතයා ගාවට ගිහින් පොරට ටොකු අනින එවුන් සේරම පැත්තකට ඇදල දාල මහා ගෝරණාඩුවක් විලාශෙන් "දැං මෙිං මෙහෙම" කියන ගමන් අත දිගෑරල මහ මළපෙරේතයගෙ මූනට කම්මුල්වලට නාහෙට ඇන ගෙන ඇනෙගෙන යනවා. ඒ ඩිමෝ එකෙන් පස්සෙ යකා නැවත අපි ගාව පහලවුනා. වෙච්චි දෙයින් අඤ්ඤකොරොස්වූ මම යකා දිහා බලාගත්වනම බලාගෙන හිටියෙ ඒක අපායේ සංස්කෘතියට පටහැනි දෙයක් නිසා. මගේ බැල්මෙන් කුපිත වු යකා මං දිහාට හැරී "ඇයි තෝ ඒ එහෙම" කියල ඇහුවා. මම නිහඬවුනේ කියන්න දේවල් තිබුනත් මෙි උගේ තැන හිංද කතා නොකිරීම ඇඟට ගුණදායකයි කියල හිතුනු නිසා. ඒත් යකා තුන්වරක් අහපු තැන මට කතා කරන්නම සිද්ද වුනා.
*ඇයි යකෝ තෞසෙ අරුන්දැට අමුවෙන්ම තැලුවෙ??
*අයිතියක් තියෙන හංද
ඒ පිලිතුරෙන් අන්දමන්ද වුනුමම නැවතත්
*පිංවත් යකානෙනි ඔබ කෞද?
මගේ ඒ පැණයෙන් මූනට මහා ආඩම්බරයක් මවාගත් යකා දිගු හුස්මක් අරන් ගරුගාම්බීරව තමා කවිද කියල කියන්න පටන් ගත්තා.
*මම ඩිංගිරි බංඩා විජේතුංග ඇයි පස්නයද්ද?
*අනේ නෑ අනේ නෑ යකානෙනි. ඒත් ඇයි ඔබ යකෙක්වුනේ??
*අරූ කියන හැම රෙද්දටම අත උස්සපු හිංද ඒ පාපෙන් තමා මා යකෙක්වුනේ
*එතකොට අර පෙරේතයට ගහන ටොකු අනින අනිත් පෙරේතයා මොකාද??
ඒ ප්‍රශ්ණයෙන් කුපිතවූ යකා කුපිත වූ හඬින්ම
*ඒ ගෝනවල සුනිල් හු*@&$%තො
කිව්වා. එතකොටයි මට වැඩෙි මීටර් වුනේ.ඒත් එක්කම මාත් එක්ක හිටපු හාමුදුරුවො දිහා බලපු යකානා..
*හ්ම්.කාලෙ හරි... සිව්ර ගලෝලා වැඩ්ඩනං මෙහට්ට කිව්වා. මං කොච්චරවත් කන්නලව් කරලා උන්නාන්සෙව ආපහු අරන් එන්න හැදුවත් බැරිවුනා. තව පොඩ්ඩෙන් මටත් අමුවෙන්ම ආයු කාලය අඩුකරගෙන අපායෙ ලගින්නවුනු සීන් එකක් එතන තිබුනෙ.
ඒ අස්සෙ තමා යකා කිව්වෙ "තව බළඇණියක්ම මෙහෙ එන්ඩ ඉන්නවා,තෝත් ඒ එක්කම එන්ඩ ලෑස්තිවෙලා හිටු" කියල. ඒ ගමන්ම "ෂයියෝ මං කරගත්තු පාපයක්" කියල මටත් හිතුනා.
ඒ සීන් එක එහෙම වෙද්දි මහ මළ පෙරේතයා කිහිප වරක්ම මා දෙසත් හාමුදුරුවො දෙසත් සැරින් සැරේ බලන්න පටන් ගත්තා. ඒක දැකපු මම යකාගෙන් ඒ ගැන ඇහුවා.
*යකානෙනි අරූ මං දිහා බලනවා.
*බයවෙනඩ එපා. බැලුවට තෝ ගාවටවත් එන්ඩ ඌට හයියක් නෑ. ඒත් හිතන සිතුවිලි පවා ඌට ඇහෙනවා..යකා කිව්වා.
බමබුව තමා. යකා දන්න ඉටිගෙඩිය. අපි සිතන සිතුවිලිත් උන්දැට ඇහෙනවනම් මගුලටෑ අපායට එන්ඩ පාර කපා ගත්තෙ... මට හිතුනා..
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2021.07.11
MARU MARU TAWA EKKAK DANNA
ReplyDelete