Sunday, November 7, 2021

නුවර කෝස් එක

 නුවර බූවැලිකඩ පුහුණු පාසැලේදී වුනු සිදුවීමක්.......


නිළ උසස් කිරීමෙි පාඨමාලාව කෝප්‍රල් සිට සැරයන් දක්වා..


මෙි වචන ටික හරි ලස්සනට අඩකවාකාරව මුතු කැට අකුරෙන් ඒ4 කොලයක ලියා  තවත් දන්න දන්න වැඩ කෑලි දාලා ඇඳලා පිටු 200 සීආර් පොත් පිටකවරයේ අලවා සටහන් පොත හැදුවෙි ඉතාම භක්තියෙන්.මොකද මෙි පොතටත් ලකුණු කීපයක් ලැබෙන සිස්ටම් එකක් උපදේශක මඩුල්ල වෙතින් සකසා තිබුනු නිසා.පොත මෙහෙමනං අනිත් පුහුණු උපකරණ,නිළ ඇඳුම්,සිවිල් ඇඳුම් සහ නොයෙකුත් බඩු භාහිරාදිය ගැන කියන්න අවශ්‍ය වෙන්නේම නෑ.ඒ තරම් පිළිවෙලයි.අනික නිළ උසස් කිරීමෙි පාඨමාලාවක්නේ.

මෙි පාඨමාලාවෙි අන්තිමට සිදු කරන ලකුණු දීමෙි මස්ටර් පෙරඩ් එකට වෙනම ආයිත්තම් වෙන්කරනවා..ඒකට කෝස්  එකේ මුල ඉඳලම අලුතෙන් මහපු නිළ ඇඳුමක් වෙන්කරලා තියෙනවා  වගේම බූට් සපත්තු පවා වෙනම දිනපතා පොලිෂ් කරන්න උපදේශකයන් විසින් නියෝග කර තිබුනා.මගේ අත් අකුරු ගොඩක් ලස්සනයි ඇත්තටම.ඉතින් පොත් හදන ඒව වගේ  කෝස් එකේ පාලන කටයුතු ගොඩක් කෙරුනේ මගෙ අතින්.මට මෙික ඇත්තටම පස්සෙ පස්සෙ මහ වදයක් උනා .ඒකෙන් උනේ මගෙ නිදහස සීමාවුනු එක විතරයි.කොහොමින් කොහොම හරි සති දෙකක් විතර යද්දි අන්තිම ටෙස්ට් එකේ මස්ටර් පෙරඩ් එකට දාන්න වෙන් කරලා තිබ්බ බූට් දෙක දිනපතාම අරන් යන්න ඔින සරඹ පිටියට පරීක්ෂා කරන්න.ඒකෙන් කරන්නේ හොඳම තත්ත්වයට පොලිෂ් කරපු බූට් දිනපතා සිලෙක්ට් කරනවා.එහෙම සිලෙක්ට් වුනොත් ආයෙ අරන් යන්න ඔින නෑ.ෆේල් වෙන අය පාස් වෙනකං අරන් යන්න ඔින.මම කෝස් එකේ ඇඩ්මින් කරන අතරේ තමා මෙි වැඩත් කර ගන්නෙ.ඉතින් වෙලාව මදි වෙනවා හැමදාම මගේ වැඩටික කරගන්න.ඒකෙන් උනේ මට හැමදාම බූට් දෙකත් උස්සන් පෙරඩ් යන්න වීම.මෙි පාඨමාලාවෙත් හිටියා නැව ගිලුනත් ගැට්ටෙ හරි බජව් දාල ආතල් ගන්න සූදානම් මහ අමන ලොන්තපෝල් ඩෑල් ටිකක්.උනුත් හැමදාම බූට් දෙක අරන් යනවා.ඉතින් මාත් අරන් යනවා.ලැජ්ජාවක් නෑ.තනියම නෙමෙිනෙ.අනික මං මෙි වෙනකොටත් වැරදි කීපයකට උපදේශකයින්ට නිරීක්ෂණය වෙලා තිබුනේ.රෑට පාඨමාලාවෙි හොරෙන් මත්පැන් පානය කිරීම,පිසික්ස් උගන්නන උපදේශිකාවක් වුනු සැරයන් වරියෙකුට ටෝක් කිරීම,වෙනත් පාඨමාලාවක සිසුවෙකුගේ වැරදි වචන භාවිතාවක් සම්බන්ධයෙන් ඔහුගේ හක්ක පැන්නීම සහ තව ඉතාම සුලුවරදක් වුනු මෙස් එකේ ඩීෆ්‍රීෂර් එකේ හිටපු මටත් වඩා වැඩිමල් අහිංසක කුකුල්ලු කීපදෙනෙක් අන්තරස්දාන කිරීම(මෙි වරදෙන් පසු කිසිම දාක මාව කුස්සිය පැත්තට වැද්දාගත්තේ නැත) වැනි චෝදනා.ඉතින් මං මොනාහරි දෙයක් කිව්වොත් හරි කෙරුවොත් හරි ඒ දෙස වපරැහින් බලන ගතියකුත් උපදේශකයන් තුල තිබුනා.මින් ප්‍රධාන වුනේ සරඹ උපදේශක තුමා.ඔහුව මහ බඹු විසින් මවද්දි තෙල් තාච්චියෙ කරවෙච්චි ලෙවල් එකට බැදපු සයිස් එකේ කළුපාටින් තමා මවල තිබුනෙ.ඒ තරම් කළුයි.රෑ දොලහට විතර කරුවලේ කා එක්ක හරි ඔහු  හිනාවුනොත් අම්මප අනිකා බය වෙනවා.මොකද සුදුපාටට දත් ඇවරියක් විරිත්තනව ⁣ පේනවා.හිනාවෙන මිනිහෙක් පේන්නෑ.ඒතරම් කලුයි.මෙතුමට මාව පේන්න බැරි ගතියක් තිබුනා.ඉතින් මට ෆලෝ එකත් වැඩී.ඒ කියලා මගේ ලේවල තිබ්බ චරියාවෙන් බිංදුවක තරම් දෙයක  වෙනසක් වුනේත් නෑ.මෙතුමාගෙ නිතරම කටෙි තිබුනේ.. "යකෝ මට පොලව යටත් අඩි තුනක් පේනවා" කියන වගන්තිය.ඒ කියන්නෙ මෙතුමට ලඟ නවන්න බෑ කියල තමා ඒ කියන්නෙ.ඒ වුනාට මං පොරටමකීප වරක් නැමුවෙ ලඟම නෙමෙි...කන පාතින්මයි..පෙරඩ් එකේදි බූට් පරීක්ෂාකරන්නෙත් මෙතුමා. 

මෙහෙම සති දෙකක් විතර හැමදාම අපි කීප දෙනෙක් බූට් උස්සන් යනව.....පරීක්ෂා කරනව.... පොලිෂ් මදි කියනව,, අල්ලල වීසික්ක කරනව ටර්පන්ටයින් කැලේට.ඒ විසිකරාම ඒව හොයන්න වෙනම කාලයක් යනව.මට මෙික එපාම වෙලා තිබුනෙ..මොකද්ද යකෝ  මෙිකට කරන්නේ කියල හිත හිත ඉන්නකොට ආව මරු අයිඩියාවක්.

එදා රෑ අනික් වැඩටික සම්පූර්ණ කරල ටිකක් වෙනදට කලින් නිදා ගත්තා.පහුවදා සුපුරුදු පරිදි සරඹ පිටියට යන්න ඩීඑස් පෝලින් කරල මගේ පරක්කුවට ඩීඑස් කෑ ගහද්දි  මං හිතලම ටිකක් පරක්කු උනා.දැන් කෑ ගහනව කට්ටිය.පස්සෙ මාත් "රායිට් කෝච්චිය ස්ටාර්ට්...ගම  නේඒඒඒප් යා...වම දකුණ වම...නිකන් තියෙන කටනෙ කියල මමත් කෑ ගහගෙනම  ඇවිත් පෝලිම් වෙලා ආව ග්‍රවුන්ඩ් එකට.ඔක්කොම හරි.සරඹත් කලා.දැං තේ බොන වෙලාව.මෙි වෙලාවට තමා බූට් පරීක්ෂා කරන්නෙ.ඔන්න ප්‍රධාන සරඹ උපදේශක තුමා,කණ්ඩ භාර සැරයන්,පෙළභාර සැරයන්වරු පෝලිමට යනව බූට් බල බල..මගේ දෙක ගාවටත් ආව.බලල පාස් කිව්ව..හම්මට සිරා....කියන්ඩ සතුටෙි බෑ..මගේ බූට් දෙකත් පාස් ඔන්න.ඉතින් සැනසුම් සුසමකින් පපුවත් පුරවගෙන මාත් ගියා තේ බොන්න.(තේ තියෙන්නෙත් ඒ ලඟමයි.ග්‍රවුන්ඩ් එකට තේ ගේනවා.අපි)ඔහොම ඉන්න අතරෙ අපිට කලින් තේ බීපු සෙට් එක ගියා බූට් ලඟට..උන්ටත් ඔින්නැති රෙද්දක් නෑනෙ.පුරුද්දට යනව.මාත් ඉතින්  තේ එකත් අරගෙන තව එකෙක් එක්ක  හීනි කයියකුත් දාගෙන ඒක බොමින් හ්ටියා.ඒ අස්සෙ එක පොරක් ටිකක් හයියෙන් කියනව ඇහුනා

"" අඩෙි යකෝ..මෙන්න වැඩක්...මට කියන්නෙත් නැතුව මගේ බූට් දෙක ග්‍රවුන්ඩ් එකට ඇවිත්"" කියල

කිව්වට විස්සාස කරන්ඩ මිත්‍රෝරුනි,මං එතනට අිව නෙමෙයි...එවුනා..

ඔික ඇහුනා ඒ ලඟම කයියක් ගහගෙන හිටපු  සරඹ උන්නැහේට..ආයිෂ් අප්පා..ආයෙ මොනවද ඉතින්,, පොරට ප්‍රබාකරන් අහුවුනා වගෙ තමා යටිගිරියෙන් කෑගහල කීවෙ...

"මෙහෙ වරෙව් ඔක්කම""

"පෝලිම් වෙයායායාව්ව්ව්""

බිබී හිටපු තේ එකත් විසික්කරල ඩබල් එකේ පෝලිම් උනා..

*අද කව්ද බූට් ගෙනාවෙ..උන් ඔක්කොම වරෙව් ඉස්සරහට..

කොටිායකුට මුවෙක් අහුවුනාම කෝමද...අන්න ඒ වගේ අපි ටික දෙනා ඉස්සරහට ආව..

*ගනියව් තම තමුන්ගෙ බූට්ස් අතට..

ඔක්කොම තම තමන්ගෙ බූට්  ගන්න ඉස්සරහට හිමීට ගියා..මං ගියේ නෑ ඉතින්..කොහොමත් ඊලඟට කන එකනෙ තියෙන්නෙ.

*ඇයි සාජන් අාරච්චි..උඹෙි බූට්ස් දෙක නැද්ද මෙතන..

*තියෙනව සර්..

*කෝ

*ඔය තියෙන්නෙ සර්..

*තියෙනවනං ගනින් හු&@%#$*

*සර් ගහයිනෙ..

*නා..නා..මයෙ අම්මට ගහන්නා..එන්නකො..ගන්නකො ඇවිත්..

*නැත්තෙ මොකද සර් එහෙනං දැන් බැන්නෙ..

*ඈ බොල ප&@%#$ තෝ මාවත් විහිලුවට ගන්නද හදන්නෙ.ගනින් ඇවිත් බූට් දෙක..

මාත් බබා ලෙවල් එකෙන් ගන්න නැවුනා 

* බූට් ගත්තු එවුන් තනිපෙළක් ගහපියව්..

අපිත් ඉතින් තනිපෙලේ හිටියා..බූට් ටික්ත් ඉස්සරහට දික්කරගෙන.

*රායිට්...කෝ වරෙන් ඉස්සෙල්ලා අර බූට් කතාව කියපු එකා.

ඌත් ආවා.

*බලපං උඹෙි බූට් දෙක කෝකද කියල.

ඌත් ආසියාවෙම අහිංසකය වගේ බූට් බල බල ඇවිත් මං ගාවම නතරවුනා කාලකන්නියා..

(මං කලබල වුනේනෑ.හිත හදාගෙන හිටියෙ)

* අමිම්ට සිරි මෙින්..වැඩෙි.ප්ලැටූන් සාජන් කෝ...??? කියල යටි ගිරියෙන් කෑගැහැව්වෙ

*ඔව් සර්

(එතනින් එහා වර්ඩ්ස් ඇඩස්සොන්ලි)

පස්සෙ එතුමාම * දැනගනින් ප&@%$.මට පොලව යටත් අඩිතුනක් පේනව යකෝ..කිව්ව.ගත්ත බූට් දෙක..අතට..

ඇඟේ තියෙන ෆුල්ම හයිය දාලා ටර්පන්ටයින් කැලේ මැද්දෙන් උඩීන්ම කන්දෙන් පල්ලෙහාට වෙිගෙන් ෆැක්ස් කලා. ඒත් එක්කම  "චට්ටාස්"" ගාල සද්දයක් එක්ක කම්බුල් දෙපැත්තම එකපාර රිදෙන්න ගත්තා.වැදුනෙ එකයි..ඒත් දෙපැත්තම රිදෙනව.බැලින්නං ඒකත් මගෙ වෙලාව කියන්නෙ  මුනෙ අනික් පැත්ත ගිහින් ලඟම තුබුනු කොහොඹ ගහේ වැදිලා.ඒකත් ඔටෝම සමබර වෙලා.

කියන්න සන්තෝෂයි මිත්‍රෝරුණි.. මාත් ඒ බූට් දෙක දැක්ක අන්තිම අවස්ථාව.එදායින් පසු අදවෙනකංවත් දන්නෑ..ඒ බූට් දෙකට මොකද වුනේ කියල.උදේ පෝලින් වෙන්න හිතලම පරක්කු වුනේ ඔක්කොම එලියට ගියාට පස්සෙ හොරෙන් මං මුලු බිලට් එකම සර්ච් කරල සුපිරියටම පොලිෂ්කරපු බූට් දෙක අරන් එතනින් මගේ ලොන්ත බූට් දෙක තිබ්බා.හවසට මාරු ඇරගන්න පුලුවන් හිංද.මටත් ඔිනවුනේ පරීක්ෂාවෙන් සමත් වෙලා බූට් ගෙනියන වදෙන් බෙිරෙන්න.ඒත් අන්තිමට උනේ...නුවර ටවුන් එකෙන් සල්ලි දීල බූට් දෙකක් අරකෙ අයිති කාරයට ගෙනත් දෙන්න.ඌත් ජෝක් එකට කෑගහල තියෙන්නෙ..සීන් එක දැකල.ඒත් මගෙ සිකුරු හතේ හිංද ඒක අදාල තැනටම ඇහුනා.


-රුවින් පමුදිත යද්දෙහිආරච්චි-


#Militarymemes #MilitaryBoy 👮

11 comments:

  1. ඒකනේ යකඩෝ ... භාගෙට කියවගෙන යද්දී මටත් කම්පනාවට ආවා , ඔච්චර කනෙන් රිoගන ආරච්චිට , කාගේ හරි බූට් දෙකක් උස්සන් ගිහින් වැඩේ ගොඩ දා ගන්න කම්පනාවට නාවේ මොකෝ කියලා .....

    ReplyDelete
  2. යකෝ වෙන්ඩ sgt ලත් ගුටි කනවා ඊට සීනියර් sgt ලාගෙන්!!!
    මේක සිරාවටම අහන්නේ , දැන් කො.නො.නි කෙනෙක් ගුටි කෑම නවතින්නේ මොන
    rank එකෙන්ද? RSM ? දන්නා විදියට ඒක තමයි උඩම එක.
    දැනුවත් කරොත් වටිනවා

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි,මහත්මයා.
      හමුදාවෙ නීතිය අනුව කිසිම පුද්ගලයෙකුට කිසිම අවස්ථාවක පහර දීම තහනම්. නමුත් සාමාන්‍යයෙන් ලා/කෝ සිට ඉහළට කොහොමටවත් බැහැ. වැරැද්දකදි ආසෙ සහ සාසෙ කාලෙ මෙි සමාජය අතරෙ තියෙනවා වැරැද්දක් කලොත් හදාගන්න ඔින නිසා නොයෙක් දඬුවම් දෙන්න ඔින කියලා. හැබැයි හමුදාවෙ පාඨමාලා ඇතුලෙ මෙිව නෑ. ලාකෝ සිට කෝප්‍රල් දක්වාත් කෝප්‍රල් සිට සැරයන් දක්වාත් පාඨමාලාවල නිළ ලාංඡන ගලවලා තමයි කරන්නෙ. එතකොට කෝප්‍රල් කවුද සාජන් කවුද අදාල නෑ, වැරැද්දකදි ඉතින් ඔිවගේ දේවල් වෙනවා. හැබැයි හමුදාමය සාමාන්‍ය රාජකාරි කරන කාලෙ කිසිවෙකුට පහර දීමක් කරන්න බෑ. මෙි තත්ත්වය හැම පාඨමාලාවකටම පොදුයි. මම සාජන් රෑන්ක් එකේදි විශේෂ පාඨමාලාවක් කලා. ඒක කලේ සාජන් රෑන්ක් එකයි ඒකකවලින් සාජන්ලම එවන්න නැතිවුනාම එවපු ඒ ඒ ඒකකවල සීනියර්ම කෝප්‍රල්ලයි. බඩුම තමා ඉතිං. කියන්න ඔින නෑනෙ. හැබැයි පාඨමාලාවකදි උනත් සාජන්ට කෝප්‍රල් කෙනෙක්,කෝප්‍රල්ට ලාන්ස් කෝප්‍රල් කෙනෙක් නිළධාරියෙකුට සෙසුනිළයෙක් පාඨමාලාවලදි ගහන්නෙ නෑ. ඒ ඒ පුද්ගලයාට අනුව ඊට වඩා ජ්‍යෙශ්ඨයො තමා ඒ දඬුවම් දෙන්නෙ. පොදු දඬුවම් වලදිනම් ඉතින් රෑන්ක් බෙිදයක් ජ්‍යෙශ්ඨ බෙිදයක් නෑ, ඩිෆ් පොෂිසන් ඩවුන් කිව්වනං ඉතිං ඩවුන් තමා. මට හිතුනා ඔබ තුමා හමුදාව ගැන හොඳට දන්න තෙනෙක් කියල. ඒකයි ටිකක් වැඩිපුරම කිව්වෙ.

      Delete
    2. ගෑනු අයටත් පුහුණු කාලෙදි දඬුවම් ලැබෙනවද?

      Delete
    3. දිග උත්තරයක් දුන්නාට ස්තූතියි. ලංකාවේ විතරක් නෙවෙයි අනිත් රටවලත් නිල සහ නිල නොවන දඬුවම් තියනවා.
      ඒක ඉතින් ඒහැටි දෙයක් නෙවෙයි. ආරචිචිත් හක්ක පන්න ගත්තු ඒවා කියක් අපි කියවල තියෙනවද :)

      එත් මොකක්දෝ හේතුවකට මට හිතිලා තිබුනේ Sgt වුනාට පස්සේ ඔය නිල නොවන දඬුවම් සෙට් වෙන්න නැහැ කියලා. එත් උත්තරේ අනුව පාඨමාලාවල නිල තල බේද නැහැ වගේ :)

      Delete
  3. අම්මෝ හිනා වෙලා මැරෙනව �� පිසික්ස් උගන්නපු සැරයන්වරිය ගැනත් ලියන්න ��

    ReplyDelete
  4. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
  5. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි.

      Delete
  6. අනේ මං මේ දෙවෙනි පාරට මේ කතා ඔක්කොම කියවන ගමන්, අනේ තව කතා දාන්නකෝ හැමදාම ඇවිත් බලනවා අලුත් කතා දාලද කියලා...මෙච්චර ආසාවකින් මං වෙන බ්ලොග් එකක් කියවලා නෑ...

    ReplyDelete