Tuesday, January 24, 2023

වින්දනය

 ඔබ දන්නවාද??

* මෙි අඹ ගෙඩියෙ හැඩෙි ගත්තු රට ගොඩ ගන්න තරම් මෙි වෙන තෙක් කිසිම සුදුසු නායකයෙක් අපි අතර නැති වග?

* ඔබත් මාත් පය ගසා සිටින මෙි මහ පොළවෙි අයිතිය වෙනුවෙන් දෙපයින් සිට ගන්නට තරම් අපේ කොඳු කෙලින් කරන්න පුලුවන් නායකයෙක් තාම ඉපදී නැති වග?

* වරින් වර අරුන්ටයි මුන්ටයි උන්ටයි රැවටෙන අපිට කනට එකක් ගසා  "මෙික තමා ඩෝ...හරි පාර" කියන්න තරම් අත පය  කට පන තියෙන එකෙක් තාමත් දිවිය ලෝකෙවත් පහල වී නැති වග?


*74 වසරක් මුළුල්ලේ අපිව වහල්ලු වගේ කරගෙන හිටපු අපේ පංතියේම  එවුන් එහෙට ගියාට පස්සෙ උඹෙත් මගෙත් කොන්ද අඩු කුලේ පරහැත්තවුනු උන් ඉස්සරහ නැමෙන්නට තරම් හීනමානයක් උඹෙත් මගේත් හිත්වල ඇති කරපු බව?

* උන් මොනදේ කලත් ඒකට සුදු හුණු ගාන්න තරම් උඹෙත් මගෙත් මහ එවුන් උන්ගේ දේශපාලනයට වහල්කර ගත්තු වග? 

* මොඩර්න් පොලිටිකල් සිස්ටම් හරහා ඔබත් මාත් කරන්ට දෙයක් නැතුව "අපි හම්බු කලොත් අපි කනවා" කියන්න තරම් මැටි මෝල් විදියට හිතන්නට අපේ පරම්පරාව කොච්චර "ගොං" කරාද කියලා?


* අපේ රට,ජාතිය, ආගම, තම්බියා, දෙමළා,  අතරේ උඹත්, මාත්, අපේ දරුවනුත්, උන්ගෙ දරුවෝත්  ලෝකයේ ඉහළටම ඔසවා තියන්න වරම් අරන් ඇවිත් ඉපදෙන්න හිටපු නායකයාගේ තාත්තා එදා රෑ සරමෙි පිසදාගත් වග?

*එනයින්ම අපිට ශ්‍රේෂ්ඨ නායකයෙක්  අහිමිවුනු වග??


දුක් නොවන්න. ඒ අපේ සීයලා ආච්චිලාගේත්, අපේ  වැඩිහිටියන්ගේත් දුර්වලතාවයයි. ඒ වෙනුවෙන් අපි......


අඩා! සිංහලිනි නැගිටිවු!! දෙපයින් සිටගනිව්,!!!, නැත්තං මොලේ තැලෙයි.



"සොරුන්,මංකොල්ලකාරයින්,භීෂකයින්,කොමිස්කාරයන් සහ බලයට ප්‍රේතයින් බලයට පත්කරන රටක ජනතාව වින්දිතයින් නොව අපරාධයක හවුල්කරුවෝය"


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2023.01.06

3 comments:

  1. ඇත්ත. ජේවීපී මිනීමරුවෝ බස් ගිනි තියලා, ආණ්ඩුවේ ආයතන ගිනි තියලා, හමුදා සාමාජිකයන් මරලා කරපු විනාශේ අපිට මතකයි.

    ReplyDelete
  2. සොල්දාදුවා දෙමලු කීයක් මැරුවද

    ReplyDelete
  3. දිවියලෝකේ ගිහන් ආවයි? ලංකාවේ දේශපාලනය ගැන නම් කියන්න දෙයක් නෑ, එත් පතුලේම ඉන්න අපිට යන්න වෙන්නේ ඉහලටනේ? ඒ ගැන සතුටුයි
    මම විජේබාහු

    ReplyDelete