Monday, April 18, 2022

අහෝ..! මාගෙත් තරුණ කාලය

 ෴අහෝ! මගෙ තරුණ කාලය෴

============================


පුංචි රටකට මෙවන් යුගයක් උදාවෙන බැව් දන්නවානම්

සරත්,ශවෙි, මෙන් කමල්, අන් අයත්

ප්‍රභාකරන් නොමරනව ඇති

මගෙත් තරුණ විය කම්බි පොටවල් හයක් හතකට කොටුකලේ ඇයි

දිවා රෑ නොනිදමින් ඒගැන මමම මාගෙන් අසනවා


හිරේ නොගියත් හිරේ ගිය මෙන් සතුරො මර, මර ඇදෙනවා

අනේ දෙවියනි උනුත් මං වාගෙමයි මට දැන් හිතෙනවා

උන් මරන්නට කරපු දේවල් ගැන හිතා  පසු තැවෙනවා

අනේ මිනිසුනි දහස්වර මා නුඹෙන් සමා වර යදිනවා


පළමුවත් දෙවනුවත් මව් බිම කියා අපවත් ඇවිස්සූ

පුංචි රටකට කරපු හදියක් අනේ මෙහෙමත් මිනිස්සූ

නොබා බාහුව යකුන් ඉදිරියෙ, නුඹට මට දත් විලිස්සූ 

වෙමුද ශක්තිය පහර වෙන්නට විලස ගඩොලක් පිලිස්සූ


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2022.04.17

6 comments:

  1. සොල්දාදුවා, තමා ඉහත සටහන මගින් ත්‍රස්‌තවාදයට උඩගෙඩි දෙනවා. මේ අවසන් දැනුම් දීමයි. තමා ඉදුරාම සක්‍රිය සේවයේ නොසිටියත් සේනාධිනායකයා කැඳවන ඕනෑම මොහොතක සේවයට රපොර්තු කලයුතු සොල්දාදුවෙක් බව මතක තබා ගත්තොත් හොදයි. වහාම මේ සටහන ඉවත් කර දමන්න. නැතිනම් විශ්‍රාමයත් නැති කරගෙන දඩුවම් විදීමට සුදානම් වෙනු.

    -නොදුටු මිතුරෙක්

    ReplyDelete
  2. "උන් මරන්නට කරපු දේවල් ගැන හිතා පසු තැවෙනවා" ..
    ඔය එන්නේ.. තෝ යුධ අපරාද කලානේ...?

    ReplyDelete
  3. ඔය දෙන්නටම දෙන්න උත්තර මගේ ළඟ තියෙනවා ඒත් මට මගේ පෞර්ශය වැදගත්කම වටින නිසා නිහඬව සිටිනවා. අවසාන වශයෙන් "පුලුවන් දෙයක් කරන්න".

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මේ බ්ලොග් එක දැන් අප්ඩේට් වෙන්නේ නැත්ද ?

    ReplyDelete