Thursday, August 5, 2021

රෙකෲට් කාලෙ..

 මෙි කතාව වෙන්නෙ වාලච්චෙින බ්‍රිගේඩ් එකේදි. ඒ 1996 වසරේ. ඒ කාලෙ අපේ ඒකකයත් මෙි බසේමු ඇතුලෙමයි ස්ථානගතව තිබුනෙ. මෙි කතාව වෙද්දි මට පැන්ෂන් එන්න තිබුනෙ අවුරුදු විසි එකයි මාස නමයක් වගේ කාලයක්. 

ඉස්සර අපේ තිබුනා දිවා මුරයකට දැම්මම ඒ දිවාමුරයෙන් ගැලවෙන්නෙ නිවාඩු යන්න. නැත්තං කෝස් එකක් යන්න විතරයි. ඔය දෙකෙන් එකක් වෙනකං අපි මැරෙනකං ඉතින් ඩෙි ගාඩ්ම තමා. ඔය අස්සෙ එලියෙ ඩියුටියක අඩු පාඩුවක් උනොත් අපිට චාන්ස් එකක් එනව ඒ ඒ පොයින්ට් වල ඩියුටියට යන්නත්. ඇතුලෙ ඉන්නවට වඩා එලියෙ රාජකාරියක වැටුනා කියන්නෙ කූඩුවක හිරවෙච්චි ගිරවෙක් කූඩුවෙන් ඇරිය වගේ සතුටක් තමා ඉතිං.


මාත් එක්ක ඩියුටි හිටියෙ සාසෙ යුගානන්ද,සාසෙ ඒකනායක ඊඑම්කේ,සහ මම. මෙි කාලෙ අම්බානක වැස්ස. මෙි කඳවුරට වැස්සම මාර ගඳයි. ඒකට හේතුව වාලච්චෙින පේපර් මිල් එකේ කුණු වල කලපුවකට හරවල ඒ කලපු කෑල්ල අපේ බංකරේ ඉඳල මීටර් පනහකින්හැත්තැපහකින්  විතර ඉස්සරහ තියෙන්නෙ.මෙිකෙ වතුර පිරුනම අර අපද්‍රව්‍යවල ගඳ තමා එන්නෙ.

අපේ බංකරේ වටෙිට කපල තියෙනව යුධ අගලක්. මෙි අගලෙ වැලි පිරිල තිබුනෙ. ඒක කපල තිබුනනං කිව්වෙ අඩි තුනක් විතර යටට. ඒවුනාට දැං අඩියක් විතර තමා ගැඹුර. වැහි කාලෙට අපේ බංකරේ ඉස්සරහටත් වතුර එනව කලපුවෙන්. අපේ කානුවල වතුර බහින්නෙත් බංකරෙන්  ඉස්සරහට.


 මං මෙි වැස්සත් එක්ක තමා පොයින්ට් එකට ආවෙ. ඒ ආවෙත් හවස.

 එදා රෑ මං සෙන්ට්‍රි ඉන්නැද්දි දිගටම  "චප චප චප චප"ගාල එක දිගටම සද්ද ඇහුනා. සද්දෙ ඇහෙන්නෙ කානුවෙන්.

මං ඒකනායකට කතාකරල සද්දෙ ගැන කිව්වාම "බයවෙන්නෙපා,ඉස්සරහ බලාගෙන ඩියුටි හිටාං" කිව්වා.

ඒත් මට හෙන අවුල. සර්පයිද දන්නෙත් නෑ. බොර වතුරනෙ.පේන්නෙත් නෑ. මං බැලුව ඒකනායක නිදිද කියල. පොර හොඳට නිදි. හීන්සැරේ පොර නිදාගන්න සියෙස්ටා එක අස්සට අතදාල ඊයෙ අලුත් බැටරි කෑලි දාපු කෑලි දෙකේ ටෝච් එක ගත්තා. මගේ එකේ එලිය මදි මෙි මොකද්ද කියල බලන්න.

මං හීන් සැරේ ටෝච් එකත් අරන් කානුවට අල්ලල බැලුව. 

අම්මට සිරි කියන්ඩ, පොකුරු පොකුරු අංගුට්ටො. එක සීයක්නං ඇති එක වැලක. වෙලාව ඇති එකොලහට. මං විසිට් එක යනකනුත් ඉඳල වෙපන් එකයි පූචස් එකයි පැත්තකින් තියල බූට් දෙකත් ගැලෙව්ව.යුනිපෝම් කලිසමත් කකුල් දෙක දනහිස ගාවට එනකං අඹරල උස්සගෙන බැස්ස කානුවට.

දැං මං අංගුට්ටොත් එක්ක අර මඩෙි බැහැගෙන ඔට්ටුතාන් කෙලිනව. උං අර කොන්දෙ තියෙන කට්ටත් එහෙක් කරගෙන අහට්ට පීනනවා,මෙහෙක් කරගෙන මෙහට්ට පීනනව. ටෝච් එක කටෙි. ටෝච් එකෙන් එකයි කෙල.

ඔහොම මාත් අංගුට්ටො එක්ක ඔට්ටු වෙලා ඔට්ටු වෙලා ඇල්ලුව කිලෝ පහක් විතර. අල්ලනව,ගොඩට දානව,අල්ලනව ගොඩට දානව. කොහොම හරි පැයක් යනකොට ආපු ගැන්සියෙක් බාගයක් විතර ගල් කලා.


දැං මුංව දාන්නත් එකක් එපැයි. අපි නාන්න ගෙනියන බාල්දිය අරගෙන ඒකෙ තිබ්බ සබන් දත් බෙහෙත් එහෙම අයින් කරල පිරෙව්ව ඔිකෙන් එකක්. ඉතුරුවෙච්චි වාසනාවන්තයො ටික නැවත කානුවෙ. ඒව හෙටට ඉතුරු කලා. දැං ආයෙත් විසිට් එකක් ලඟ හින්දා සන්නද්ද වෙලා සෙන්ට්‍රි ඉඳල  ඒකත් ගියාට පස්සෙ ආයෙ මං වැඩ. වැල්ලනෙ තියෙන්නෙ. ගත්ත ඉන්ටලින් ටූල් එක, අරං කැපුව වලක්. ඒක අඩියක් විතර කපන කොට වතුර ඉනුවා. දැම්මා අංගුට්ටො ටික ඒකට.බාල්දිය තිබ්බ විදියටම හදලා ටෝච් එකෙත් කෙල ටික කලිසමෙන්ම පිහිදල තිබ්බ තැනින්ම තිබ්බා.


මෙි වැඩ ටික ඉවර වෙනකොට මගේ සෙන්ට්‍රි කාලෙත් ඉවර වෙලා විනාඩි තිහකටත් වැඩී. ඊලඟට සෙන්ට්‍රි යුගානන්ද. 

*කෝපල් කෝපල් වෙලාව හරි.

*හ්ම්. කීයද වෙලාව. 

*එකයි හතලිහයි කෝපල්.

*මොකක්, උඹ නිදාගත්තද.ඇයි මෙච්චර වෙලා පරක්කු උනේ ඇහැරවන්න ඈ...

දීපල්ලකො උත්තර. මං එහෙමනං සද්ද නැතුව ඉතිරි පැයයි විනාඩි විස්ස ඇදල නිදාගන්නව. මෙයාට බෑ.රෙද්ද.

*නින්ද ගියේ නෑ කෝපල්. චූටි වැඩක් කලා.

යුගානන්දත් ටක් ගාල නැගිටල ආව.

*මොකද්ද උඹ කල වැඩෙි.

වැඩෙි කියන්න දෙයක් නෑ. මිදුලෙම තියෙනව. කානුව වටෙිම මඩ. තාම බොර අලි බඩගාල වගෙ. මිදුලෙ හිටං මඩ.

*උඹ මාලු ඇල්ලුවද.

*ඔි කෝපල්. 

*කෝ දැං උං.

මං ටෝච් එකත් ගහල පෙන්නුව තියෙන තැන. පොර මාවත් ඇදන් එතනට ගිහින් වල බලද්දි ඒකෙන් එකයි මාලු. එකෙක්වත් මැරිල නෑ.

පොර වෙලාව බැලුව. දෙකට දහයයි.

*උඹට විනාඩි දහයක් දෙන්නං,මෙි මාලු ඔක්කොම ටික දාපං නැවත කානුවට.

*ඇයි කෝපල් ඒ. හෙට උයන්න ඇල්ලුවෙ.

කියනවත් එක්කම ඔලුවට වැදුන එකක් "පටෝං" ගාල.

*දාපිය ගිහින් මුං ටික කානුවට.කන තලා ගන්නැතුව මට කියල.

අපොයි හොඳක් කරන්න ගිහිනුත් කන ගුටියක්. මං හිතින් බනින ඒව පොරට ඇහෙනවනං එහෙම තාම මට උඩ තියාගෙන ගහනව.

මං ඉහල ඔිඩස් එකට අනුව මාලු ටික අල්ල අල්ල නැවත කානුවට ගෙනත් දැම්මා.

දාල මං නිදාගත්තා. මං ආයෙ පහට නැගිටින්න ඔින. පහේ ඉඳන් හය වෙනකං ආයෙ පැයක් තියෙනව අදින්න.

ඒත් මට කතා කරනකොට හයයි.

*ඒ මල්ලි.නැගිටල ගිහින් තේ එක අරන් වරෙන්.

මාත් දඩබඩ ගාල නැගිටල ගිහින් තේ එකත් ජෝගුවට දාගෙන,මගෙ පෙට්ටියෙ තිබුනු ලෙමන් පප් එකත් අරගෙන පොයින්ට් එකට ආව.

ඇවිත් දෙයියන්ට පූජා කරනව වගේ තේ කෝප්ප දෙකකට දාල සින්නල දෙන්නට දුන්න. මං ජුන්නනෙ

මට රොඩු ටිකනෙ. අවුලක් නෑ.

ඒ තේ බොන ගමන්.

*ඒකනායක මෙි ප&@%ය  රෑ සෙන්ටි ඉන්නගමන් කරල තියෙන වැඩෙි දන්නවද.

*නෑ.

*මූ අර මඩ කානුවට බැහැල අංගුට්ටො ටික ඔක්කොම අල්ලල

*ඉඳකින් යකෝ.. යන එන මං නැතුව එන අහිංසක සත්තු අල්ලං කනවද උට්ටො.තොට කන්ඩ දෙනව මදිද ඇයි.?

*නෑ ඉතින් කෝපල්. මට හිතුන මං ඇල්ලුව.

*විසිට් ආවෙ නැද්ද? මං කරපු විදිය කිව්වා. දෙන්නට හිනා ගියත් ආයෙ ඒ වගේ වැඩ කරන්නෙපාය කියල අවවාද කලා. ආයෙ කවදාවත් ඒවගේ වැඩ කලේ නෑ. හැබැයි ඒ දෙන්න එක්ක. 

එදා දවල් ඒක නායක මුන හෝදන්න ගිහින් කාල ලියුමක් ලියන්න පොතුත් අරං එන්නං කියල ගියා ගියාමයි දහය වෙනකොටත් ආවෙ නෑ. මට කිව්ව යුගානන්ද ගිහින් තේ අරං වරෙන් කියල. කොහොමත් තේ බත් වතුර අදින කාලෙනෙ. මාත් ගිහින් තේත් අරං එනකොට නිකන් මිහිරි සද්දයක් ඇහෙනව බංකරෙන්.

යුගා වතුර ගේන කෑන් එකත් අරං මැස්ස උඩින් තියාගෙන ඒකට ඩොල්කි ගහන ගමන් සිංදු කියනව හිමින්. අම්මට සිරි ආයෙ කියන්ඩ හිතවතුනි පට්ටම ලස්සනට කියනව. අහන් ඉන්නත් ආසාවෙ බෑ. මං සිංදුපාරත් අහගෙන හීන් සීරුවෙ ඇතුලට ඇවිත් තේකකුත් වක්කරල දීල ඉතුරු ලෙමන් පප් ටිකත් ලංකලා. පොර තේකත් බීල ආයෙත් පටන් ගත්තා. අම්මට සිරි ඉතින්..මට ඊට වැඩි දෙයක් නෑ. හරි ලස්සනට කියනව.

ඔහොම සිංදු කීපයක් කියල පොර මට සෙන්ටි බාරදීල බිලට් එකට ගියා. ඒ ගිහින් පැය භාගෙන් ඒක නායක ආව.

*කෝපල් සිංදු දන්නැද්ද.

*මොකක් හුක් කිව්වෙ.උඹ හදන්නෙ මං ලව්ව සිංදු කියවන්නද.

*අනේ නෑ. පුලුවන් උනත් බෑනෙ.සීනියර්නෙ.

*මටනං බෑ බං තාලෙට අප්පුඩියක්වත් ගහන්න. යුගාට කියපං.යුගා දන්නව.

*මං එද්දි කෝපල් යුගානන්ද චූන් වෙලා හිටියෙ. සිංදු ගොඩක් කියල තමා ගියෙ.

අපි තුන්දෙනා එදා හවස පට්ටම ආතල් එකක් ගත්තා. යුගා සිංදු කියනව. අපි හිමීට අත්පුඩි තලනව. සිංදු තිහක්නං කියන්න ඇති.කට රිදෙනව කියලයි නැවැත්තුවෙ. එදා හවස තමා මං ඒ දෙන්නත් එක්ක සුපිරියටම සෙට්වුනේ. එතන අපි තුන්දෙනාම එකට දවස් විසිපහක් හිටියා. ඒ දවස් විසිපහ ආයෙ පස්සට ගන්න පුලුවන්නං,අම්මප මං හැමදාම ඒ දවස් විසිපහට යනව. ඒ තරම් සුන්දරයි. කවදාවත් බැන්නෙ ගැහුවෙ නෑ. එක විනාඩියක් පරක්කුවෙලා නැගිට්ටෙ නෑ. එදා මං ආපු පලවෙනිම දවසෙ මාලු අල්ලල වැඩිපුර සෙන්ටි හිටපු පැය මගේ එකවුන්ට් එකට දාල එයාල එයාලගෙ ටර්න් එක කරල.මං පහට සෙන්ටි ඉන්න නැගිටින්න ඔින එක හයට කතාකරල තිබුනෙ ඒකයි. මං බිලට් එකට ගිහාම කොඩිතුවක්කු අඬනව හෝ ගාල.

*ඇයි බං. කෝපල් ගැහුව බං. උදෙත් ගැහුව, දැනුත් ගැහුව..

*ඇයි ඒ.

*තේ එක ගේන්න පරක්කු උනා කියල.

මට පව් කියල හිතුන. අපි පොඩි කොල්ලො ඒ වෙනකොට. මාස තුනේ රෙක්කුට් කෝස් එක කරල යුනිට් එකටත් ඇවිත් මාස තුනයි. පොඩි උං අපි.

හැමදාම අපේ බැජ් එකේ එකෙක් හම්බුනාම කියන්නෙ අරූ අච්චරක් ගැහුව...මූ මෙච්චරක් ගැහුව කියල.

මටනං දෙයියනේ කියල ඒ කරදරේ නැතිවුනත් බැජියලට පවු කියල හිතුනා.

මං ඇවිත් ඔික කිව්ව දෙන්නම ඉන්නකොට.

*කෝපල් මං බිලට් එකට යනකොට කොඩිතුවක්කු තට්ටන් දෙකත් මිරික මිරික අඬනව කෝපල්.මට පව් කියල හිතුනා.

*ඇයි ඒ..

*අහවලා ගහල කියල කිව්වෙ.මං බැලුව තට්ටං දෙක හෙනට ඉදිමිලා කෝපල්.

*එහෙම තමා බං හමුදාවෙ. අපි වගේ නෑ හැමෝම. ගුටි කන්ඩ වෙනවා..බැනුං අහන්ඩ වෙනවා. එහෙම තමා. 

ඊට පහුවදා මුලු යුනිට් එකම පෝලිං කලා ආර්එස්එම්. එවකට ආර්එස්එම් හිටියෙ බනි 1 කුලතිලක බංඩා.අම්මෝ හෙන සැරයි. නිලධාරියෙක්වත් කයියට යන්නෑ. පොරට කපිතන් රෑන්ක් එකෙන් මෙහා පෙන්නන්නම බෑ. ඉතින් අපි ගැන කවර කතාද. පරන මිනිස්සුනේ. එදාම 2 ලුතිතන් වරයෙක් කැප් එක නැතුව බ්‍රිගේඩ් එකේ ඉඳල මිදුල හරහා ඇවිත් අපිව පෝලිං කරපු තැනට ආව. එතකොට ආරඑස්එම් අපිට කතාවක් කිය කිය හිටියෙ. ආර්එස්එම් ඒ නිලධාරියා දැකල;

*කෝ සර්ගෙ බෙරේට් එක?

එතකොට නිලධාරියා ඔලුව අතගෑවා. ඒ ගමන්ම ආර්එස්එම්;

සෙසු නිළයෙක් සර්ට සැලියුට් කරොත් සර් ආපහු සැලියුට් කරන්නෙ ප&@%$න්ද? කියල ඇහුව විතරයි, පොර ආපස්සට හැරිල ඔෆීස් එකට ගිහින් කැප් එකත් දාගෙනම තමා ආපහු ආවෙ. ඒ වගෙ පොරක් තමා එදා අපේ ආර්එස්එම් හිටියෙ.. පරන මිනිස්සුනේ.


ඊට පස්සෙ බර වැඩ සඳහා අපිව පෝලිං කරල සෑම ඩෙි ගාඩ් එකකින්ම දෙන්නෙක් එතනට එන්නත් ආර්එස්එම් නියෝග කලා. මං පෝලිම් වෙන්න ගිහින් හිටියෙ. මාත් බංකරේට දුවල ගිහින් ඒකනායකත් එක්කගෙන ආවා.ඊට පස්සෙ ආර්එස්එම්;


*රෙක්කුට් ප&@%$යල මෙහාට වෙයව්. සීනියර් කියන එවුං  එහාට වෙයව් කිව්වා.

අපි දෙකට බෙදුනා.

*දැං කියපියව් ඇත්ත.තොපිට කව්ද මෙිකෙ ගැහැව්වෙ.ආර්එස්එම් අපෙන් ඇහුවා.අපි මීක් නෑ.බයේ බෑ.සර්නං කියයි. අපි එපෑ ඊලඟට බුවාලත් එක්ක එකට  රාජකාරි කරන්න.

අපි කව්රුත් කිව්වෙ නෑ. සර් දන්නව ඇති ඉතින් සීන් එකත්.

*කව්ද කොඩිතුවක්කු...

කොඩියා සීරුවට ඇවිත් අත දැම්මා.

*මෙහෙ වරෙන් ඉස්සරහට..කව්ද තොට ගැහුවෙ.

මූ නම කිව්වෙ ආර්එස්එම්ගෙනුත් කනේ පාරක් කෑවට පස්සෙ.

හම්මට සිරි..බැන්න බැනිල්ලක්..කොහොමද දන්නවද..මං දැක්කා ඇජුටන් ඔෆීස් එකේ ජනේලෙත් වහගන්නව. ආර්එස්එම්;

*ධැණ ඝණ්‍යවු ඵර භළ්ළො...කියල පටන්ගත්තෙ...

අන්තිමෙිට කිව්ව සාසෙලට අපිට ජොබ් එක උගන්නන්නත් ලා/කෝ නිළයෙන් ඉහල සාධාරනව වැරැද්දකට දඬුවම් දෙන්නත් පුලුවන්, හැබැයි රිපෝර්ට් එන්න බෑ කියල.

 ඒ ආර්එස්එම් සර් ඉන්නැද්දිමයි මං මීයන්කුලම් ගියෙ. පස්සෙ හම්බෙන බැජියලත් කිව්වා ප්‍රයිවට්ලනං ගැහුවෙම නෑ කියල. කෝපල්ලා කියල ජාතියක් නං ගැහුවලු.

යුගානන්ද තමා දවසකටවත් මිනිහ. මිනිහ හීන් සැරේ ගිහින් සීන් එක ආර්එස්එම්ගෙ කනේ තියල.  ඒ දවස්වල මාර යුද්දෙ. අපේ කොල්ලො ඇබ්සන් වෙන එක නවත්තගන්න ඉහල නිළතල පුදුම ගේමක් ගැහුවෙ. 


එදා ඒ අපි තුන්දෙනා අතර ගොඩ නැගුනු හිතවත්කම (යුගා,ඒකා) අදටත් එහෙම්මමයි. ඒකනායකනං දැං රට ඉන්නෙ.යුගා බුකියෙ නෑ.ඒත් ඒ හිතවත්කම සහෝදරකම එහෙම්මමයි. 



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.08.05

4 comments:

  1. thanks macho. me katha kotiyak wati. e-kale sellipy wage mewa blog walta kotala thiyena eka hondai.

    ReplyDelete
  2. Machan eka athalin dukkktha jeewith neda..

    ReplyDelete