Sunday, September 19, 2021

අපිත් චීන්නු වගේ කමු

 අපිත් චීන්නු වගේ කමු.

==================


අවශ්‍ය ද්‍රව්‍ය.

-------------------

රෑ අල්ලගත් ටිකක් විශාල ප්‍රමාණයේ ගොලුබෙල්ලන් කිහිප දෙනෙක්. (ඔබගේ අවශ්‍යතාවය අනුව.)

කැරට් අලයක්

මාලු මිරිස් කරල් දෙකක්

වියලි මිරිස් කරල් පහක් පමණ (දෙකට හෝ තුනට කඩාගත්)

බදිනලද තුනපහ කුඩු තේ හැඳි 1 1/2

ගම්මිරිස්කුඩු තේ හැන්දක් පමණ (ටිකක් වැඩිපුර ඔින මෙිකට)

කහ කුඩු යෝගට් හැන්දක ප්‍රමාණයක් 

ඉඟුරු

ගොරක

සේර

රම්පේ

කරපිංචා ඉති දෙකක් (සිහින්ව කපාගත්)

බීළූනු ගෙඩි 2ක් (රව්ම්ව කපාගත්)

පුලුවන්නම් පොඩි මඤ්ඤොක්ක⁣ අලයකුත් මෙිකට පෙති වශයෙන් කපල දාගත්තොත් හරිම රසයි.

පොල්තෙල්

අබ

සුදුළූණු බික් කිහිපයක්.

අමු මිරිස්

තක්කාලි ගෙඩියක්

රසය අනුව ලුනු

මෙිකට කුකුල් මස් හෝ ඌරුමස්,,මාළු ග්‍රෑම් 500ක් පමණ ඔින.

සාමාන්‍යයෙන් මාංශ ආහාරයකට අවශ්‍ය ද්‍රව්‍යය මෙිකටත් අරගන්න. ගොලු බෙල්ලො හිටිය කියල විශේෂයක් නෑ.


සාදාගන්නා ආකාරය:-

පළමුව පොල්තෙල් තේ හැඳි පහක් පමන මැටි ඇතිලියකට දමන්න.

දැන් ගෑස් සිලිංඩරය ගාවට ගිහින් ඒක ඔන් කරන්න. ආපහු ලිප ලඟට ඇවිත් ඒක  දල්වන්න.

දැන් පොල්තෙල් හොඳින් රත්වූ පසු එයට අබ ටික දමා බැදුනු පසු සිහින්ව කපාගත් අමු මිරිස් (දැන්ම වියලි මිරිස් දාන්නෑ)ළූනු අමුමිරිස්,මිරිස් කුඩු,තුනපහකුඩු,කහ කුඩු, ඉඟුරු,රමිපේ,කරපිංචා, ආදිය සියලුම දෑ එයට දමා සුවඳ හමනතුරු හොඳින් බැදගන්න. දැන් එයට ඔබ කඩාගත් වියලි මිරිස් කරල් ටික  දමා නැවත කලවම් කරගන්න. එහෙම බැදුනාට පසු එයට කපාගත් මස් හෝ මාළු ටික එයට දමා හොඳින් කළවම් කර වතුර අඬු කෝප්පයක් පමණ එකතු කරන්න. ඒත් එක්කම ඔබ මඤ්ඤොක්කා අලයක් ගත්තනම් ඒකත් මෙිකට දාන්න.

දාලා හොඳට තැම්බෙන්න තියන්න. මඤ්ඤොක්කා දැම්මොත් මෙික වහන්න එපා. (එහෙම වුනොත් විෂ වෙන්න පුලුවන්.)

මෙි සියළු දෑ හොඳින් තැම්බුනු පසු ලුනු බලන්න. ඉන් පසු කැරට් අලෙයි මාලුමිරිස් කරල් දෙකයි තක්කලි ගෙඩියයි කපාගෙන බාගෙට තැ⁣ම්බෙන්න දාන්න. දැන්  ලුනුත් ඇතිනම්, රසට ඉදිලනම් ඒක බා ගන්න. බාලා පැත්තකින් තියලා ටිකක් නිවෙන්න හරින්න.

ඊට පස්සෙ ඔබ එකතු කරගත් ගොලු බෙල්ලන් කිහිප දෙනා සිරි සිරි මල්ලක  දාගෙන පල්ලෙහා තියෙන ආණ්ඩුවෙ රබර් වත්තට ගිහින් දාන්න. දැන් ඔබ එද්දි මස් ව්‍යාංජනය හොඳටම නිවිලා. ඔබට බඩගිනිනම් බත් ටිකක් බෙදාගෙන ඒකට අරකෙනුත් දාගෙන කන්න. ආවා මෙතන ගොලු බෙල්ලො උයන විදිහ බලන්ඩ😎😎😎😎.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.09.19

4 comments: