මාවිල්ආරු 05. කල්ලාර් සිට අඩම්පන් දක්වා.
ජීවිතය කියන්නෙ හරි පුදුමාකාර නවාතැනක්. ජීවිතය විඳින ආකාරය අනුව ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ජීවිතේ වටිනාකම දන්නෙ තේරෙන්නෙ 99.9 කින් අනතුරකින් ජීවිතේ බෙිරගත්ත කෙනා කියල කතාවකුත් අහල තියෙනවා.
අනතුර කියන එක සෙබළකුගෙ ජීවිතේ එක්ක ලේ වලින් බැඳිල තියෙන දෙයක්. සටනකට යන්නේ කව්රුත් මැරෙන්නවත් තුවාල වෙන්නවත් බලාගෙන නෙමෙයි. ඒත් තම තමන්ගේ පිං පව් අනුව වාසනාව අවාසනාව අනුව ඒක සිද්ධ වෙනවා. ඒත් පොදු ධර්මතාවයක් තියෙනවා කොතන කොහොම හිටියත් වෙලාව ආවනං යන්න ඔින කියන එක. හැබැයි මං කියන්නෙ මෙික සෙබළාට අදාල නෑ කියල. යුද්දෙන් තිස් දාහක් මැරුනනං ඒ තිස්දාහම මැරෙන්න වෙලාව ආව අය නෙමෙයි. ඉන්න ඇති සමහරෙක්. ඒත් හැමෝම නෙමෙයි.
මාවිල්ආරුවෙන් පටන් ගත්තු සටන නැගෙනහිර මුදාගැනීමත් සමග නැගෙනහිර යුද්ධය අවසන්වුනා. ඊට පස්සෙ පටන් ගත්තෙ නැගෙනහිර ප්‍රතිසංස්කරණ කටයුතු. හමුදාවෙන් විශාල දායකත්වයක් මෙි සඳහා දැක්වූවා. අපිටත් සිවිල් ජීවිත නැවත නගා සිටුවීම වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙන්න වුනා.
ඒ අතරතුරේ වන්නි මානුෂීය මෙහෙයුම පටන් ගත්තම අපි කල්ලාර්වලින් ආවෙ අඩම්පන් වලට. ඒ මුලින් ටික දෙනෙක් උතුරු මානුෂීය මෙහෙයුම සඳහා සහභාගි වීමට.
මන්නාරම මැදවච්චිය පාරේ මන්නාරම සිට කිලෝමීටර් හත අටක් මැදවච්චිය පැත්තට වෙන්න පිහිටි කුරුස හංදියෙන් අපි උතුරට හැරිල සෑහෙන දුරක් ගියා. ඒ ගිහින් ගිහින් මතුවුනේ අඩම්පන් නගරයෙන්. අඩම්පන් සිට අපේ කණ්ඩායමට භාරවුනේ ආධාරක භඨ පිරිස් (Reinforcements) රාජකාරි. ඒ අනුව ඉදිරි ආරක්ෂක වළල්ලට ටිකක් පිටුපසින් තමා අපි රාජකාරියේ යෙදවුයේ. එතකොට අපේ ඒකකයේ ගොඩක් භඨ පිරිස් මෙි ලයින් වල රාජකාරිවලට ටිකක් ආධුනිකයි. ඒකයි මුලින්ම ආධාරක භඨ පිරිස් විදියට කටයුතු කරන්න යෙදෙව්වෙි. මමනං තුන් පාරක් විතර ඔය ලයින් වල රාජකාරි වල ඉඳල තියෙනවා. ඒ එක පාරක් ආවෙ මාන්කුලම් ඉදිරි ආරක්ෂක වලල්ල හරහා මුලතිව් වට්ටාප්පලෛවලට මෙහා නැදුන්කර්නි කියන හරියෙ ලයින් එකට.
මට මැලේරියා සන්නිපාතෙ හැදිල මෙඩිකල් නිවාඩු ගිහින් සුවයක් නැතිවූ තැන නැවත රෝහල් ගතවෙලා ඉඳලා දවස් හතරකුත් ඇබ්සන් වෙලා මං නැවතිලා හිටපු රාගම හොස්පිට්ල් එකෙන් බෙිත් අරන් එහෙම්මම පනාගොඩ ගියා. ඒ ගිහින් රෙජිමෙින්තුවට රපෝර්තු කලාම නැවත පනාගොඩ අපේ රෝහලේ ඇඩ්මිට් කලා. එහෙ හිටිය ආයෙ දවස්ගානක්. ඉඳලා සුව වූ විගස ඩිස්චාර්ජ් වෙලා ආවෙත් රෙජිමෙින්තුවට. ඒ එද්දි ඉහලින් ඔිඩර්ස් එකක් ඇවිත් තිබුනා පැය 24ක කාලයක් ඇතුලත භඨයින් 90ක් මාන්කුලම් ලයින් එකට යවන්න ලෑස්ති කරන්න කියල. මගේ ඔලුව දැක්ක ගමන් බළලත් නිළධාරි 1 ලක්ෂ්මන් "ආං තව එකෙක් එනවා" කිව්වා. ඒක මටත් ඇහුනා. එතකොට මං සිවිල් ඇඳුමෙන් ඉස්පිරිතාලෙ ඉඳල ටිකට් කපාගෙන එන ගමන්. මගෙන් ඇහුවෙ "ෆිට්ද? කැටගරිද" කියල විතරයි. මම ෆිට් කරාගෙනම ආවෙ හෙට මෙහෙන් මගේ ඒකකයට යන්න බලාගෙන. මම "ෆිට් සර්" කිව්ව විතරයි, පිළිතුර වුනේ "එහෙනං මෙහෙන් පෝලිම් වෙයන්" කියල. පස්සෙ ඇඳුම් බෑග්එක ඩියුටි රූම් එක ගාව තියෙන පඩිපෙල උඩින් තියල සිවිල් ඇඳුමෙන්ම පෝලිම් වෙච්චි පාර නැවතුනේ නැදුන්කර්නි ලයින් එකෙන්. ආං එහෙමයි හමුදාව අපිට සැලකුවෙ. අපිව මාන්කුලම් යවන්නෙ කිව්වත් ගිහින් නැවතුනේ නැදුන්කර්නි ලයින් එකේ. නැදුන්කර්නි ලයින් එකේ ඉද්දි තමා මුලු ලයින් එකම වව්නියාවට එනකං පසු බැස්සෙ. අපි කැලෙන් එලියට ඇවිත් පාර දිගේ පෝලිමට දවස් ගානක් තිස්සේ ඔිමන්තේ දක්වා ආවා. බඩගින්නෙ ආවෙ. තිබහට බොන්න වතුර පොදක් තිබුනෙ නෑ. තිබහෙ ඉන්න බැරුව පට්ට ගිනි අව්වෙ විජලනයටත් පත්වෙලා කටෙන් සෙම වැක්කෙරෙද්දි වාසනාවකට ඇලක් ගාවට ඇවිත් තිබුනා. අපි තුන් හාරසීයක් දෙනා ඒ ඇලෙන් වතුර බිව්වෙ. ඇලේ උඩින් මී හරක් නානවා. වතුර මඩ පාටයි. වතුරෙ පාවෙවී ආව ගොම්බෙටි අතින් එහෙ මෙහෙ කරල තමා අපි පල්ලෙහායින් වතුර බිව්වෙ. ඒ තමා අපේ රටෙි දේශපාලනයෙ හැටි. එහෙම වෙන්න හේතුවක් කාරණාවක් මුකුත් දන්නෑ, අපිව ගිහින් අතෑරපු පාබල බළඇණියෙ ඔිසී අපිට කිව්වෙ "අපිත් යමන්, ආං කට්ටියම යනවා" කියලා විතරයි. අපිත් අතට අහුවෙච්චි අහුවෙච්චි දේවල් අරගෙන තමා ඉන්න ඉන්න තැන්වලින් පාරට ඇවිත් එන්න ආවෙ. අපි පාරට එද්දි සෙබළුන් හාරදාහක් විතර පෝලිමට ඔහේ එනවා. අපිත් ඒකට එකතු වෙලා ඔිහේ ආවා. අපි ඔිමන්තේ වලට ආවෙ දවස් කීපයකට පස්සෙ. ඒ ආවහම තමා කෑම වෙිලක් හම්බවුනේ. ඒකත් පොරකාල ගත්තු නිසා අරං කෑවා. අපි අමුතුම ජීවින් කොටසක් වගේ වෙලා හිටියෙ. අපේ රෙජිමෙන් ගිය අයගෙ නම් අතුරුදහන් ලිස්ට් එකටත් ඇතුලත් කරලා එද්දි. රෙජිමේන්තුවවත් දන්නෑ අපි ඉන්නෙ කොහෙද?, මොන ඒකකය යටතේද, මුන් ගියාට පස්සෙ මුන්ට මොකද වුනේ කියලවත්. වව්නියාවට ආපු ආපු අයගෙන් විස්තර ගද්දි අපි මාන් කුලම් ඉන්නව කියල හිතපු රෙජිමෙින්තුව, මාන්කුලම් වලින් ඔිමන්තෙයිවලට ආපු අයගෙ විස්තර අතරේ අපේ නම් නැතිවුනාම කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අතුරුදහන් ලිස්ට් එකට නමත් ගහල, ඒකකවලටත් දන්වලා. ඒකක වලින් අපිව අයත් පොලීසි හරහා ගෙවල් වලටත් දන්වලා. ඒක වැඩි හරියක්ම වෙන්න හේතුව වුනෙත් අපි බඩගින්නෙ වල්වැදුනා. කැලේ අස්සෙ රිංගලා ගඩාගෙඩි කන්න හෙව්ව. තිබහට වතුර හෙව්ව. මොකද අපි මෙලෝ දෙයක් දන්නැතුව වතුර බෝතලේවත් අරන් නෙමෙි ආවෙ. ඒව ඔක්කොම ලයින් එකේ දාල ආවෙ. තුවක්කුවයි සිවිල් ඇඳුමයි, ඇඳන් හිටපු යුනිෆේම් එකයි පර්ස් එකයි විතරයි අපිට ඉතුරුවෙලා තිබුනෙ.
.ඒ වෙද්දි ඉංජිනේරු බළකායෙ නිළධාරියෙක් එක්ක 18 දෙනෙකුත් අපේ එහෙ ගියපු 90න් 21ක් දෙනෙකුත් අර පෝලිමට ආපු අයගෙන් කැඩිල කැලේ මැද්දෙන් ආවෙ. අපි ඔිමන්තේ වලට එද්දි පාරෙ ආපු අය අපිට දවස් දෙකකට විතර කලින් ඇවිත්. ඒකටත් හේතුව අපි කැලේ මැද නන්නත්තාර වෙච්චි එක. පාරක් හොයාගන්න බැරුව ඉබාගාතේ ඇවිද ඇවිද ඉන්නකොට තමා අහම්බෙන් වෙඩි සද්ද වගයක් ඇහිල ඒ සද්දෙ ඇහෙන පැත්තට ආවෙ. මොකද අපි දැනගෙන හිටියා අහසෙ තරු පිහිටීම හා කැලේ මැද්දෙ අපි ඉන්න හරිය අනුව සහ පුහුණු වීම් වලදී උගන්වපු දේවල් අනුව මනසින් කල්පනා කරල බලද්දි ඒ වෙඩි සද්දෙ කොටින්ගෙ වෙන්න බෑ කියල. අපිත් ඉංජිනේරු සෙබළු පස්සෙ වැටිල ඔහේ ආවෙ. ඉංජිනේරු සහ සංඥා කියන්නේ ලේ ඥාතීත්වයක් තියෙන රෙජිමෙින්තු දෙකක්. ඒ කියන්නෙ සංඥා බළකාය 1947 අවුරුද්දෙ පිහිටෙව්වෙ ඉංජිනේරු බළකායෙ සංඥා අංශයේ හිටපු සෙබළුන්ගෙන්. ඉස්සර සංඥා ඒකකයක් තිබිල නෑ. ඒ රාජකාරි කලේත් ඉංජිනේරු බළකායෙන්මයි. ඒ බලකායෙ සංඥා අංශය තමා පස්සෙ කාලෙ සංඥා බළකාය බවට පත්වුනේ.
අපි පාරට ආවෙ කනගරායන්කුලමටත් කිලෝමීටර් ගානක් උතුරු පැත්තට වෙන්න කනගරායන්කුලමත්, මාන්කුලමත් මැද හරියෙන්. ඒ ඇවිත් බොහොම අමාරුවෙන් ආයෙ පාරට සමගාමීව කැලේ අයිනෙන් සොම්බි වගේ ඔහේ එන්න ආව. කොටි ආවනං අපිව වඩාගෙන එක්ක යන සයිස් එකක් තිබුනෙ. අපිට නැදුන්කර්නි ඉඳලා ඔිමන්තේ වලට එන්න දවස් නවයක් ගිහින් තිබුනා. අපිට කලින් ආපු අයට වෙච්චි දෙයක් නෑ. අපි යද්දි මගදි හම්බුන එයා ෆෝස් එකේ කට්ටියක්ගෙන් ඉල්ලුවෙ වතුර විතරයි. ඒවා අඩුපාඩුවක් නැතුව ලැබුනා. පස්සෙ එයාෆෝස් ටීම් එකක් අපිව අපේ මෙඩිකල් සෙක්ෂන් එකට අරං ගියා. සේලයින් දුන්නා. කෑම දුන්නා. ඊට පස්සෙ තමා කතා කලේ. ඒක හෙන ආන්දෝලනාත්මක කතාවක්. මෙහෙම ලේසියෙන් කිව්වට. මොකද ඒ වෙද්දි අපි අතුරුදහන් කියල මුලු ලෝකෙම දැනගෙන ඉවරයි. කොටින්ම අපේ ගෙවල් වල අය පවා. මං ඒ ඇවිත් පනාගොඩින් බෝලයක් අල්ලලා නිවාඩුවට ගෙදර එද්දි අම්මට පිස්සු හැදිලා.
අපිව කව්ද කියල අඳුරගන්න වව්නියාවෙ සංඥා අංශ භාර ලුතිතන් විජේරත්න ඉදිරි සැරහුම් මධ්‍යාස්ථානෙට ආවා. එයා අපේ එක්කෙනෙක්ව අඳුරගෙන එයාගෙන් අපේ විස්තර ඔක්කොම අරගෙන සේරම නිවැරදි කලා. ඊට පහුවෙනිදා රෑ හතේ අයිටීඑන් එකේ ප්‍රවෘත්තිවලට කිව්වා අතුරුදහන් වී සිටි තවත් සෙබළුන් පනස් හය දෙනෙක් නිරුපද්‍රිතව ඔිමන්තේ මුරපොල වෙත ආව කියල. ඒ කියන්නෙ තව කට්ටියක් අපි වගේ අතරමංවෙලා ඇවිත්. ඒත් ඉංජිනේරු බලකායෙ ටීම් එකක්. එයාලත් එක්ක තමා 56 වුනේ. එතකොට මුලු ලෝකෙටම නිවුස් එක දීලා එල්ටීටීඊ එකේ නොනවතින රැල්ලෙන් හමුදාව වව්නියාවට එනකං පසු බැස්සුවාය කියල. බම්බුව තමා. අපිනං එක උන්ඩයක් වෙඩි තිබ්බෙත් නෑ. වෙච්චි දේයක් දන්නෙත් නෑ. තිබහයි බඩගින්නයි එක්ක තමා සොම්බි වගේ දාර සටනක් කලේ. වැඩිය කියන්න යන්නෑ. කිව්වොත් ඔිව කේලං වලට යන්න බැරි නෑ. නැත්තං කිව්වහැකි පැන්සන් ගියපු අයත් ගෙන්නල හිරේ දම්මන්ඩ පුලුවන් වෙන්ඩ. කැලේ මැද්දෙ තිබ්බ පොඩි පොඩි වැව්වලින් තමා අපි පිපාසය සංසිඳවා ගත්තෙ. ඒත් හතර දෙනා ගානෙ බඩ ගාගෙන ගිහින්. කියන්න බෑනෙ, කැලේ බඩු හිටියොත් සොරිමනෙ.
ඒ ඇවිත් අපිව එම්ඩීඑස් එකෙන් ඩිස්චාර්ජ් කරපු ගමන් ආයෙ අතෑරල ආපුව අල්ලන්න යන්න අපිව දැම්මා. අපි බෑම කිව්වා. පස්සෙ ලුතිතන් විජේරත්නට පිංසිද්ද වෙන්න රෙජිමෙින්තුවත් එක්ක කතා කරල අපි 90 දෙනාගෙන් ඉතුරු වෙලා හිටපු 81 දෙනෙක් ඉහලින් ආපු නියෝගයක් මත පනාගොඩින්ම බස් ඇවිත් ආයෙ පනාගොඩ අරං ගියා. ඒ ගිහින් මං ආයෙ අසනීපවුනා. ආයෙත් පනාගොඩ අපේ රෝහලේ දවස් ගානක් ඉඳල, රෙජිමට ඇවිත් නිදැල්ලේ ඇරපු හරකෙක් වගේ ඉද්දි තමා මං අපේ හිටපු අණදෙන නිළධාරි කෙනෙක් මාර්ගයෙන් බෝලයක් අල්ලල ඒකකයට ආවෙ. (බෝලයක් අල්ලනව කියන්නෙ අපේ භාෂාවෙන් පුදුගලික දැන හැඳුනුම්කමක් මත චාන්ස් ගන්නවා කියන එක). ඒකත් මං කරගත්තෙ ඒ සර් පනාගොඩ උදේ හවස යනව එනව දැකල,එදා හවස ඔිෆ් වෙලා සර් ගෙදර යද්දි පාරට පැනල ස්ටාෆ් වෙහිකල් එකට අතදාල මගින්ම නවත්ත ගෙන තමා දුක් ගැනවිල්ල කිව්වෙ. එසැනින් ක්‍රියාත්මකවුනු සර් මගේ හැසිරීම කෙසේ වෙතත්, ඒකකය වෙනුවෙන් කරපු දේවල් දන්න නිසා ඒ වාහනේ ඉඳගෙනම රෙජිමෙ විධායක අධිකාරීතුමාට කෝල් එකක් දීලා, දවස් හතක නිවාඩුවකුත් අනුමත කරල දීල ගමන් නියෝගයකුත් අත්සන් කරවලා එදා රෑ නවය වෙද්දි එලියටත් යන්න සැලැස්සුවෙ. හැබැයි මං කෙලින්ම සර්ට කිව්වා වෙන දෙයක් වෙන්නෙ පස්සෙනේ කියල හිතල , "සර්, මට ඒකකයට යන්න බැරි වුනොත් මෙි තමා මං හමුදාවෙ ගත කරන අවසන්ම රැය, මං සර්ව හම්බවෙන්නම හිටියෙ ඒකයි" කියලා. සත්තකින්ම මට හමුදාව ගැන උපරිමෙිටම කලකිරිලා පැනල යන්න හිතාගෙන හිටියෙ. අතුරුදහං වෙලා ඉඳලත් ඔින්න ඔහොමයි මං ගෙදර ගියෙ. අනික "ඔින්න ඔික තමා එක ලයින් එකක කේජු කන්ඩ ගිහින් මං කොරගත්තෙ". මැලේරියාවක් මාව යවපු වටයක්.
කතාවට යමුකො. ඔහොම අපි දෙවෙනි ලයින් එකේ ඉඳල 1වන කාර්‍ය සේනාංකයට පිහිටෙව්වම ඒකට ඇතුලත් කලාට පස්සෙ කෙලින්ම යුද්ධයට සම්බන්ධවුනා. වෙඩිතල්තිවු වලින් පස්සෙ දිගටම අපේ ඒකකයට අයත් භඨ පිරිස් සතුරා සමග මුහුනට මුහුන සටන් වලට අවතීර්ණවුනා. ඒ වෙද්දි අපේ ඒකකය සම්පූර්ණයෙන්ම 58 සේනාංකයට ඇවිත් තිබුනෙ නෑ. තෝරාගත්තු කණ්ඩායම් දෙකක් විතරයි මුලින් ආවෙ. අපි එහෙම දිගටම වෙල්ලන්කුලම් දක්වා ආවා. ඒ එන ගමනේදී පාලමක් අපේ පාලනයට ගන්න හෙන ගේමක් දීල ඒක අත්පත් කරගත්තා. ඊට පස්සෙ පොලව යට ඉදිකරනලද බංකර් පෙළක්. ඒ ආදී වශයෙන් දරුණු සටන් මැද නොනැවතී අපි වෙල්ලන්කුලම්වලට ආවට පස්සෙ තමා සම්පූර්ණ ඒකකය වෙල්ලම්කුලම් වලට ආවෙ. එතකොටනම් තනිකමෙි වෙනත් පාබල ඒකක වල අණ හා නියෝගවලට කටයුතු කරල හෙම්බත් වෙලා වෙලා හිටියෙ. මම හිටියෙ 11 ගැහේබ ඒකකයේ. තව කට්ටියක් 11 ශ්‍රිලංකා පාබල හමුදා ඒකකයේ. තව කට්ටියක් 5වන සන්නාහ සන්නද්ධ බළකායට අනුයුක්ත කරල හිටියා. ඒකකය ලයින් එකට ආව කියල දැනගත්තම දැනුනු සතුට ඇත්තටම වචනවලින් කියල විස්තර කරන්න බෑ. ඒක හරියට මරණ මංචකේ ඉද්දි අම්ම ඇවිත් අපිට පණ දීල අපිව බෙිරගත්තා වගෙ හැඟීමක්. අපි අපේ අණදෙන නිළධාරිතුමාට කිව්වා මෙි වගේ පිට ඒකකවල ඉන්න බෑ, අපිව කොහොමහරි ඒකකයට ගන්න කියල. ඒ කියල දවස් තුනක් ගියේ නෑ, සතුරා සමග ඇතිවුනු දරුණු සටනකින් මගේ ඇම්බුෂ් ටීම් එකේ හතර දෙනෙක්ම මෙි ලෝකෙ අත්හැරල ගියා. ඒ සටනින් මමත් බඩියාත් බෙිරුනේ සංසාරයේ කරල තිබුනු විශාල පිනකින්. අපි හිටපු ඒකකයේත් සැලකිය යුතු භඨ පිරිසක් රට දැය සාමය වෙනුවෙන් දිවි පිදුවා. ඊට පස්සෙ කෙලින්ම ඉදිරි පෙළ සටන්වලට අපේ ඒකකය යෙදෙව්වට පස්සෙ තැන් තැන්වල විසිරිලා හිටපු අපිව, වත්මන් යුධ හමුදාපති තුමාගේ උපදෙස් පරිදි ඒකකයට නැවත ගෙන්න ගත්තා. එවකට හමුදාපතිතුමා බ්‍රිගේඩියර් නිළයෙන් 58 සේනාංකයට අණදෙමින් හිටියෙ. හැබැයි එතනින් පස්සෙ උන්නා මළා වැඩක් නෑ, පුදුම, පට්ටම මොරාල් එකකින් තමා සටනට බැස්සෙ. ඒ ගියත් අපිව මුලංගාවිල් ගමෙිදි ආයෙ සතුරාට කොටුවුනා. එතනිනුත් උන්ව එලෙව්වට පස්සෙ තමා නච්චිකුඩා ලයින් එකේ හිරවුනේ.
මෙි නච්චිකුඩා ලයින් එක කියන්නෙත් මතක සටහන් රාශියක් තියෙන තැනක්. ඒ කතා කිහිපයක් කලින් ඔබ හමුවට ගෙනාවා. ආතල් ගත්තා. පිස්සු කෙලියා. අර යුද්දෙ අස්සෙත් ආයෙ හොල්මන් තියෙනවා කියලා අපේ කට්ටියක් බය කරන්න මටත් කෝප්‍රල් සිරිපාල නොහොත් කෝප්‍රල් මලවිගේ ටත් හැකියාවක් ලැබුනා. ඒකෙනුත් උපරිම ආතල් ගත්තා. අපේ ආධාරක කණ්ඩායම හෙන කෙසෙල් වත්තක තමා දාගෙන හිටියෙ. අපි රෑට විසිට් යනව කියල ගිහින් ඒ කෙහෙල් පඳුරු අස්සේ රිංගලා වෙිලිච්චි පරඬැල් අත්වලින් උස්සලා කෝපල්ලා කිහිප දෙනෙක්ම බය කලා. එතකොට මාත් කෝපල් නිළයේ. වෙඩි නොකා බෙිරුනේ අප්පා. ඒ දවස්වල ඔිව හිතුනෙ නෑ.
එක දවසක් අපේ ලින්ක් එකට හිටපු 11 ගැහේබ ඒකකය හරහා කමාන්ඩෝ සෙබළුන් හතර දෙනාගේ ටීම් දෙකක් එලියට ගියා. ඒ දිගුදුර ක්‍රියාන්විතයන් සඳහා. එක ටීම් එකක් අපේ කෙරවලින් බැහැල ගියේ "දවස් තුනකින් විතර බං එන්නෙ" කියලා. මාත් බුදු සරණයි සාජන්, පරිස්සමින් ගිහින් එන්න" කියල තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරල යැව්වෙ. ඒ ගොල්ලො ගියාට පස්සෙත් මං ඒ යන දිහා බලාගෙන හිතින් ප්‍රාර්ථනා කලේ, "සංසාරේ මමත් යම් පුන්‍ය කර්මයක් කර ඇත්නම් ඒ පිං මහිමයෙන් මෙි යන හැමෝටම නිරුපද්‍රිතව ආපහු එන්න ලැබෙිවා" කියලා. ඒක මං හැමදාම කරන, හිතන, ප්‍රාර්ථනා, කරන දෙයක්. ඒ ගිහින් ඊට හරියටම දෙවෙනි දවසෙ පාන්දර එකහමාරට විතර හතර දෙනෙක් එන්න ආවා. එතකොට පෝයක් කිට්ටුව හඳ බැහැගෙන යන්න ආසන්න මොහොතක්. 11 ගැහේබ කෙරවලේම අපිට සම්බන්ධ වෙන තැන හිටියෙ ආධුනිකයන් දෙන්නෙකුත් කෝප්‍රල් තිසේරා කියල කෙනෙකුත් තව මාණ්ඩලික සැරයන් කෙනෙකුත්. ඒ මාණ්ඩලික සැරයන් මගේ හමුදා සමකාලීනයෙක්. බැච් එකේ. එකට පුහුණුව නොලදත් සමකාලීනයෙක්. මං එයාට කතා කලේ බැචා කියලා. එයත් මට කතා කලේ බැචා කියලා. එයයි කෝපලුයි විවෙිකගන්න මොහොතෙ සෙන්ට්‍රි හිටියෙ ආධුනිකයෙක්. ඌ සෙන්ට්‍රි ඉද්දි ඉස්සරහින් හතර දෙනෙක් ඇවිත් "මචං අපි කමාන්ඩෝ" කියලා. මූත් ඒ ටීම් එක ඉස්සරහට අරගෙන අහල "කෝපල්ලා පැය 72කින්නෙ එනව කිව්වෙ ඇයි අද එන්නෙ" කියල. ඒකට දුන්නු උත්තරේට ආධුනිකයා උනත් සැක හිතිල ඉද්දි, කතා කරපු එකා මුට "යන්නං මචං" කියලා. ඒකටත් මුට සැක හිතුන පාර පිලිවෙලින් හතර දෙනා කිට්ටුවෙන්ම යද්දි කාගෙ හරි වාසනාවකට මූට මීටර් වෙලා අන්තිමටම ගිය එකා ගැන.ඒකා මිටි පොරක්. මිට්ටො හමුදාවට ගන්නෑ. අනික කමාන්ඩෝ. පරීක්ෂාවෙන්ම ඌ දිහා බලපුවම මූ දැකලා අඩ සඳ එළියෙ වුනත් ඒකගෙ පපුව ඉස්සිලා තියෙනවා. මෙිකා තුවක්කුවත් අමෝරාගෙන උන්ට නවතින්න කිව්වම පිටිපස්සෙ ගියපු මිට්ටා වෙඩි තියන්න කරේ දාගෙන හිටපු තුවක්කුව ඇදල ගද්දි මූ තනිවම හතර දෙනාටම වග කියලා. හතර දෙනාම මැරිල වැටිලා. මම හිටියෙ ඊට පොයින්ට් තුනකට මෙහායින්. හෙන ගිනි විජ්ජුම්බරයක් වෙලා එතන මූ කමාන්ඩෝ භඨයින් හතර දෙනෙක් මරලා.
කිව්වට විශ්වාස කරන්න, ආධුනිකයා උනත්, ඌ කරපු දෙයින් නච්චිකුඩා ලයින් එකේ හිටපු සෙබළුන් බරගානකගේ ජීවිත ඉටු දෙවියෙක් ඇවිත් වගේ මෙි පුංචි කොල්ලා බෙිරලා තිබුනා. ඒ ඇවිත් තිබුනේ කමාන්ඩෝ විදියට හැසිරෙමින්, ඒ විදියට යුනිෆෝම් ඇඳගෙන කොටි කොල්ලො දෙන්නයි,කෙල්ලො දෙන්නයි. එකෙක් කොටි නායකයෙක්. මූං හතර දෙනා ලයින් එකෙන් ඇතුලට ඇවිත් ඇතුල ජෑම් කරානං,එහෙනං අපි අපි වෙඩි තියාගෙන මැරෙන්නෙ. ඒක කරන්න තමා උං රිංගල තිබුනෙත්. උකුසු ඇස,තීක්ෂණ බුද්ධිය, සෙබළෙකුට අත්‍යවශ්‍යමයි කියන්නෙ ඔික නිසා. මුත් නිදිමතේ හරි ඉඳලා "හරි කෝපල් යන්න" කියල ඇතුලට එව්වනං, අපේ කීදෙනෙක්ගෙ බෙලි කපල මරයිද?, අපි අපිම වෙඩි තියාගෙන කී දාහක් මැරෙයිද? . ඊට පසුවදාම මෙි සෙබළා ලාන්ස් කෝප්‍රල් නිළයට උසස් කර රණ ශූර පදක්කමට නිර්දේශ කලා. ඒ වත්මන් යුධ හමුදාපතිතුමාගේ උපදෙස් මත ඒකක අණදෙන නිළධාරි තුමා විසින්. සෙබළෙකුට වාසනාව අවාසනාව කැරකෙනව කියන්නෙ හරියට ෆුට් බෝල් තරඟයක් වගේ. ගෝලයට ගැහුවොත් බඩු බනිස්. විරුද්ධ පැත්තෙන් බෝලෙ අරං එද්දි ගෝලයට යන්න නොදී රැක ගන්න තරමට තරඟය තීරණාත්මක වගේම උනුසුම්. ජය පරාජයෙන් තොරවුවත් බෝලය තමන් සන්තකයේ තියාගෙන ඉන්න තරමට අපිට දිනුම කැරකෙන්න ඉඩ තියනවා වගේම, පන්දුව අතෑරීම බොහෝවිට ජීවිතෙන්ම යන්න වෙන එකක්.
ඉවර නෑ....
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2021.02.09
No comments:
Post a Comment