අපි ඔය වැලංටයිං සමරන්න යන කාලෙ අම්මන්ඩිලා තම තමන්ගේ කෙල්ලො විතරක් නෙමෙි, තරුණ පහේ වැස්සියොත් ගෙට ගත්තා මයෙ පුතා. ඒකටත් එක්ක දැං. අතේ ඇති ගානට හතු පිපෙන්නා වාගෙ හැතැම්මෙන් හැතැම්මට තානායම් තියෙද්දි ලන්දවල්,බඩ වැඩි වලට තියෙන ඉල්ලුම අඩුවුනා නෙවැ. අනික අපි වැලැංටයිං සමරනවා කියල විසේසයක් නෑ. ඉස්සර මැණිකෙ කජු ලන්ද පැත්තෙන් වට පිට බල බලා හීන් සැරේ වැවට ඇදෙනවා කියන්නෙ එදාට ඉතිං මගදිම වැලංටයිං තමා. දැං වගේ තෑගි බෝග ඔව්වා මොනාක්කත් ඉස්සර නෑ. ඔව්ව මෙි මිනිස්සු හදාගනිපුවා බං. ඔික සමරලා අහක්කෙලා බිලි පිත්තෙන් බා ගත්තු පොල් කාවයියො රෑනක්, කබර ලූලෙක් හෙම තමා දෙන තෑග්ග. මං නං ඔය දවැස් වලට වැවට යන්නෙ හොඳ තෝර බීඩි මිටියකුයි, බුලත් පයියකුයි එක්ක. ඔික වරුවකටම ඇති. මැණිකෙ එද්දි බඩ ඉරිඟු කරල් හතර පහක් ඇන්න ආවම ඔිවත් කකා වැලංටයිං තමා ඉතින්.අහලා බලාල්ලකො බොරු නං... ඔය කුස්සියෙ තෝම්බු කොටනවා වාගෙ හුජ හුජ ගගා කියෝනවා ඇහෙන්නෙ උන්දැ.
වැව් ඉස්මත්තෙ දවසක්දා වැලංටයිං කොරන්ඩ ගිහින්නොවැ මහ අප්පල එවුන්දෑ මයෙ කරේ එල්ලුවෙ. දුං කරවල කෑල්ලෙ පාටට හිටියට අපරාදෙ කියන්ඩ බෑ ඔවුන්දැට හෙන විසේ ඒ කාලෙත්. කාර් බාර් නැතිවුනත් මයෙ බරබාගෙ තමා වාහනේ. හුරුල්ලෙන් කැලේට දාපුවම වැලංටයිනුත් සමරලා අලිත් බලාගෙන තමා හබරනින් එලි පාන්නෙ. මං ඉස් ඉස්සෙල්ලාම වැලංටයින් සමරපු දවසෙ මැනිකෙ ඇවිද්දෙත් ඉකිලි කැපිල වගේ ඔිං. හිතාගනිල්ලකො.
සීයාගේ කතන්දරේ
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2021.02.12
No comments:
Post a Comment