ඒ මුතියංකට්ටු. ඔය පාසලේ මං කලින් හිටියෙ උපදේශකයෙක් විදියට. මෙි කතාව වෙද්දි එහෙ ප්‍රධාන උපදේශක තුමා හිටියෙ මෙිජර් ටීඩී ක්‍රිශාන් කියල සර් කෙනෙක්.(ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බළමුළුව.).
මුතියංකට්ටු ස්කූල් එක ඩිස්බෑන් කරන්න කලින් ඒකෙ අපේ ඒකකයට අයත් බඩු භාරගන්න කව්රුත් හිටපු නැති නිසා මට ආයෙත් මුතියංකට්ටු යන්න වුනේ දෛවෝපගත සිද්ධියක් විදිහට. ඒවා අපේ බඩු උනත් දීල තිබුනේ 59සේමු හරහා නිසා 59සේමු හරහාම තමා ඒව ගන්න ඔින.එතෙක් ඒවා මිසින් වෙන නිසා තමා මට යන්න වුනේ.ඒ යද්දි පාඨමාලාවක් ඉවර වෙලා ඔක්කෝම නිවාඩු ගිහින්. ඒ නිවාඩු ගිහින් ආව ගමන් තමා 59සේනාංකයෙන් ලියුමක් ආවෙ ආයෙ කෝස් කරන්නෑ, උපදේශකයින් ඒකකවලට යවන්න කියලා.එයාලාත් පාඨමාලාවට ඇවිත් හිටිය අයත් යැව්වම ඊට සති දෙකකට විතර පස්සෙ මෙි කඳවුරේ ඉතිරි වුනේ අපි 21ක් දෙනයි. ඒ අයත් පාලන කටයුතු වලට අනුයුක්ත කරල හිටපු අය. ඒකක වලින් ඇවිත් තමන්ට අයත් බඩු අරන් යනකං තමා ඒ හිටියෙ. එතකොට මෙිජර් ක්‍රිෂාන් සර් ගාවට හිටිය සීනියර්ම මනුස්සය වුනේ මං. තව කෝප්‍රල්ලා පහක් විතර හිටියා. සර්ගෙ නීති ටිකක් ලිහිල් වුනාට මගේ නීති ඊට තදයි. ඒ වෙද්දි මම වැවෙි නෑම මාළු ඇල්ලීම හවස හතෙන් පස්සෙ කඳවුරේන් පිට ඇවිදීම තනියෙන් විසීම සහ තනියෙන් නිදාගැනීම සම්පූර්ණයෙන් තහනම් කරල තිබුනෙ. තනියෙන් නිදා ගැනීම කියන්නෙ මෙහෙ බිලට් රාශියක් තිබුනු නිසා ඒවයේ හිටපු අය ඒ ඒ තැන්වලම තමා කට්ටිය ගියාට පස්සෙත් හිටියෙ. මම ඒ අය ඔක්කෝම එක බිලට් එකකට ගෙන්නුවා. ඒවටත් බරපතල හේතු තිබුනා. වැවෙි නෑම තහනං කලේ ඉස්සර යුද්ධ කාලෙ ගුවන් ප්‍රහාරයකින් බෝම්බ වැටිලා දරුණුවට වලවල් හෑරී තිබීම සහ ඒවායේ මඩ පිරී තිබුනු නිසා.කෝස් ඇඩ්මින් හිටපු ඉංජිනේරු බළකායේ සෙබලෙක් ඒ වලක වැටිල එරිල මියගිහින් තිබුනෙ. ඒ මීට කලින්. ආයෙ යුද්ධෙ කාලෙ කොටි විසින් වතුර අඩු දවස්වල ඒවගේ කපපු වලවල් නිසා. ඒව කපල තිබුනෙ ආටි මෝටාර් ගන් ස්ථානගත කරන්න. ඒ වෙද්දි වැවෙි වතුරත් පිරිල තිබුනෙ. ඔක්කොගෙම ආරක්ෂාවට ස්ටෝර්ස් එකේ තිබ්බ රොබින් පොම්පයකින් නාන්න මුන හෝදන්න ටැංකි දෙකකට වතුර ගහන්න හදල දුන්නෙත් මමමයි. ආයෙ මෙහෙ හිටියා කොටියෙක්. මෙිකා කොටි විසින් ඇතිකරල උං යද්දි කැලේට ඇරල ගියපු එකෙක්. මහ කුස්සියේ ඉඳුල් වලට වහ වැටිල හිටපු බල්ලො එකා දෙන්නා අතුරුදහන් වෙනකොට ඒ පිළිබඳව කල විමසිල්ලකදි තමා දිවියා ගැන දැනගත්තෙ. ඒ ලොකු පාරෙ ඉඳල කෑම්ප් එකට එන්න තියෙන පාරේ තිබ්බ අඩි වගේකින්. අඩි දැක්ක ගමන් අපි තේරුම් ගත්තා සතා මොකාද කියලා. ඒ හිංද එදා ඉඳන් හයෙන් හතෙන් පස්සෙ කෑම්ප් එකේ තනියෙන් හැසිරීම තහනම් කලා. අත්‍යවශ්‍ය කරුණකටත් ඇවිදින්න පුලුවන් දෙන්නෙක් එක්ක විතරයි. ඒවා පනවන්නෙ කව්ද කියල කාටවත් අදාල නෑ.පහල නීතිත් පිළිපැදීම හමුදාවෙි සම්ප්‍රදායක්.
ඔහොම ඉද්දි තමා දවසක් ප්‍රධාන උපදේශක තුමාට අසනීපවුනේ. ඉස්සෙල්ලම උණ කැස්ස හැදුනා. ලෙඩක් හැදුනොත් බෙිත් ගන්න යන්න ඔින ඔඩ්ඩුසුඩාන් 64 සේනාංක ඉදිරි සැරහුම් මධ්‍යස්ථානයට.ඒ කිලෝ මීටර් විස්සකට වඩා වැඩි දුරක්. මුලින් බෙිත් ගන්න යමු කියල කොච්චර කිව්වත් සර්රුත් හොඳවෙයි හොඳවෙයි කියල හිටිය මිසක් උවමනාවක් කලේම නෑ. අපිට තිබුනෙ වාහනයකට කියල ලදරම් බයික් එකක් විතරයි. ඒකත් ගමනක් ගියොත් එන්නෙ තල්ලු කරගෙන. අනික් වාහන ඒවා අයත් තැන් වලින් කලින්ම අරගෙන ගියා.
සතියක් විතර යද්දි සර්ට හොඳටම අමාරුවුනා. මුතියංකට්ටු කියන්නෙ මහා පතාක වනාන්තරයක්. ඔිකෙ අලි රැලේ හිටියා පට්ට ඇත් ඉලංදාරියෙකුත්. මෙි කැලේ මැද හතෙන් විතර පස්සෙ ඇහැට ඇන්නත් පේන්නෑ. මාත් ටිකක් අවධානයෙන් හිටියෙ කැලයක් හිංදත් ළඟ අහල පහල කඳවුරක් නොතිබූ නිසාත් සහ ඒ වෙද්දි සර්රුත් අසනීප නිසා.
වෙලාව ඇති රෑ එකොලහට විතර.ඒ දවස්වල මැච් එකකුත් යනව. ටීවී එකත් යන්තම් පේන්න බොහොම අමාරුවෙන් හැදුවෙ. ඒක තිබුනෙත් සර් ඉන්න තැන. සංඥා සම්බන්ධතා කිසිම දෙයක් තිබුනෙ නෑ. අපිත් ප්‍රවෘත්ති බලන්න යන්නෙ එතැනට. එදා කරුමෙට වගේ මට නිකමට හිතුනා මැච් එකේ තත්වෙත් බලල සර්රුත් බලල එන්න ඔින කියල. සර් බලන්න හිතුනෙ එදා හවස ටිකක් සර්ට අමාරුවෙලා තිබුනු නිසා. ඒත් හිතුවක්කාරකම කියන්නෙ පෙනඩෝල් බිබී හිටියා මිසක් බෙිත් ගන්න ගියේම නෑ.
මම යද්දි සර් ගිඩි ගිඩි වෙව්ලනව. ඇගට අත තියල බැලුවම සහලෝල උණ. කතා කරන්නත් බෑ. ඔලුවෙ ඉඳන් පොරෝගෙන. අපේ මෙඩිකල්ලත් ඒ වෙද්දි තමන් අයත් තැන්වලට ගිහින් හිටියෙ. බලාගෙන ඉන්නත් බෑ. කරන්න තිබුනු එකමදේ කොහොමහරි රෝහල්ගත කිරීම. ඒකට වාහනයකුත් ඔින. හිත හිත හිටියෙ නෑ එසැනින් කලේ 5 ගජබා ඒකකයට අයත් අපේ ආමරිය භාරව හිටපු කෝප්‍රල් සේනානායකත් ඇදගෙන ඒ වෙද්දි මගේ ළඟ තිබුනු තොරනක් වගේ ලයිට් පත්තුවෙන ඇල්කාටෙල් පෝන් එකේ එලියෙන් කිලෝමීටර් හතහමාරක් නොනවත්වා එකම වෙිගයකින් 642 බළසේනාවට දිව්ව එක. බයිසිකලේ යන්න ඒකෙ ලයිට් නෑ. අනික ආරක්ෂාවට කොහෙත්ම හොඳමදි. ඒ කොටියා ගෝනා සහ අලි රෑන නිසා. ඔහෙ පතරංග ගෝනෙකුත් හිටියා. හානියක් නොකලත් හතෙන් අටෙන් පස්සෙ ගස් බල්ල ඉන්නෙ පාරෙමයි.බයිකෙ ලයිට් අපි ඊට කලින්ම කරපු සැත්කමකින් ඉවත් කරල තිබුනෙ.ඒක එල්ටීටීඊ බයික් එකක්. අපි දෙන්න ගියෙ තව කෝප්‍රල්ලා දෙන්නෙකුට ඇහැරවලා සර් ගාව තියල වතුර ඉල්ලුවොත් චුට්ට චුට්ට දෙන්න කියලා උපදෙස් දීල. සර් ඒත් කිව්ව හෙට උදේ වෙනකම් ඉන්න පුලුවන් කියල. ඒ කියල බලා ඉන්න පුලුවන් තත්ත්වයක් නෙමෙි එතන තිබුනෙ. වෙන දෙයක් වෙද්දෙන් කියල තමා අපි දෙන්න පිටත්වුනේ. ගිහින් ඒ කඳවුරේ හිටපු මුරපති මාර්ගයෙන් මෙිජර් පාලන භකාස සර් හම්බවෙන්න උත්සාහ කලා. යවන්න බෑම කිව්ව. කොහොමත් ඒක හමුදාවෙ සදාචාරසම්පන්න නෑ. පස්සෙ එහෙ හිටපු සංඥා අංශභාර නිළධාරිට (එදා ඩියුටි ඔෆිසර්) කතා කරල කියල තමා අවසරය ඉල්ල ගත්තෙ. මොකද මෙිජර් කෙනෙක්ට රෑ දෙගොඩහරියෙ ඇහැරවනවට වඩා 2ලුතිතන් කෙනෙක් ඇහැරවන එක සේෆ්ටි. බනින්නෑනෙ. බැන්නත් අවුලක් නෑ ලුතිතන් නෙ. අනික මං සිග්නල් කියලම කතා කරපු නිසාත් එතුමාගෙ සෙක්ෂන් එකේ නමක් නොවන නිසාත් කලබලයක් ඇති කියලම හිතලද මංද නැගිටල ආව. විස්තරේ කිව්වම සර්ම අපිව මෙිජර් පාලන භකාස සර්ගාවට එක්ක ගිහින් කතා කරලා දුන්නා. සර්රුත් ටක් ගාල නැගිටල ආව. ඇයි කියල ඇහුවා. විස්තරේ කියල සර්ව හොස්පිට්ල් එක්කං යන්න වාහනයක් ඉල්ලුවා. ඇත්තම කතාව ඒ වෙලාව වෙද්දි එහෙත් එක වාහනයක් තිබුනෙ නෑ. බ්‍රිගේඩ් කමාන්ඩර්රුත් නිවාඩු ගිහින්. හදිසි අවස්ථාවලට බ්‍රිගේඩියර් කියල නෑ, වාහනේ දෙනවා. හැබැයි සර් කිව්වා ට්‍රක් එක මුලතිව් ගියේ අදම එන්න. දහය වෙනකොටත් ඇවිත් තිබුනෙ නෑ. ඇවිල්ලනං ඒක අරන් යන්න කියලා. නැත්තං ආපු ගමන් අරන් යන්න කිව්වා. මුරපති ගෙන් අහපුවම තාම ඇවිත් නෑ. දැං දොලහත් පහුවෙලා.හිතටත් මහ මෙව්ව එකයි. පස්සෙ සංඥා අංශයට ගිහින් ඒකෙ ගියපු කෙනෙකුට කෝල් එකක් ගත්තම ළඟ එන ගමන් ඉන්නෙ කිව්වා. සතුටක් මෝදුවුනා. විනාඩි විස්සක් විතර යද්දි වාහනේ ආවා. සාජන් පටි පැත්තක තියල ඒකෙ තිබ්බ මුට්ටවලට කර ගැහුවෙ තත්ත්වෙ ගොඩක් සංකීර්ණ නිසා. ඒක ගිහින් තිබුනෙ ඉදිරි මාසෙට වියලි සළාක ගේන්න. ඒකෙ තිබ්බ බඩු ලෝඩ් එකත් මහ රෑ අපිම බාලා හැකි ඉක්මනින් ට්‍රක් එකත් අරන් ගියා. හැබැයි මහන්සියි කියල නෑ, රියැදුරත් බඩු බෑව. ඒ තිබුනු හදිස්සිය නිසා. අපිත් හැකි ඉක්මනින් ට්‍රක් එක අරං ආවා. ඒ එද්දි උදේ වෙනකං අල්ලං ඉන්න පුලුවන් කිව්ව සර්ගෙ සිහිය විකල්. සිහියත් ඇති නැති ගාන. හදවත දාල පිච්චිලා ගියා. පස්සෙ සර්ව උස්සලම අරං ට්‍රක් එකෙන් තියලා අපිත් හතර දෙනෙක් පිටුපස්සෙන් නැග්ගා. ට්‍රක් එක යනව නෙමෙි ඉගිල්ලෙනව. සර්ට අවුලක් නෑ. පාරෙ හැටි දන්න නිසා කොට්ට වලින් සීට් එකයි ඔලුව තියාගන්නයි හදල තිබ්බෙ. කොහොමහරි ඔඩ්ඩුසුඩාන්වලට ආවා. ඒ කිලෝමීටර් විස්සකට වැඩි දුරක්. අපි එතැනට ආපු ගමන්ම ආමි ඩොක්ටර් ආව. සර්ව බැලුව. සේලයින් දුන්නා. කරන්න තියෙන කෙම්පහන් ඔක්කොම කලා.
එදා අපේ ඩොක්ටර් කිව්ව එක දෙයක් අදටත් මට සිහිපත් වෙන්නෙ හදවත පොපියන චමත් කාරයකින් යුතුව.
" හොඳ වෙලාවට ඔයාලා සර්ව එක්කගෙන ආවෙ. තව පැය භාගයක් පරක්කු උනානං සර් ගැන කොහොමත් හෝප්ස් තියන්න බෑ.දැනටත් තත්ත්වය ටිකක් ඩෙින්ජර් , අපිටත් දැන් කරන්න දෙයක් නෑ, වව්නියා යවන්න වෙනව" කිව්වා. ආයෙ වව්නියාවට යවනකං මුකුත් කියන්න බෑ කියලත් කිව්වා. ඩොක්ටර්ට විස්තර කිව්වෙ මම. ඒ වෙද්දි සර්ට කතා කරන්න අමාරුයි. පස්සෙ අපිට එතන ඩියුටි (වෝඩ්) හිටපු සාජන් මෙිජර් කෙනෙක් උනුසුම් බෝතලේකින් තේත් හදල දුන්නා. අපි ඒකත් බීල ස්තුතිත් කරල සර්ටත් කතා කරල ආපහු කඳවුරට ආව. ඇත්තටම හමුදාව කියන්නෙ එකම පවුලක්. අපි හතර දෙනා එනකම් කෑම්ප් එකේ කට්ටියම මදුරුවො තල තලා මහ පාරට ඇවිත් ගල් උඩ ඉඳගෙන බලාගෙන ඉන්නවා.
පහුවදා සර්ට කතා කරද්දි එදා පාන්දරම ආයෙ අමාරුවෙලා වව්නියා යවල. එහෙ සති දෙකක් දෙකහමාරක් විතර නේවාසිකව ප්‍රතිකාර ගත්තා. සර්ට තිබිල තියෙන්නෙ ඩෙංගුවලට සමාන උනක්ලු. ඒකටත් පේට්ලට් අඩුවෙනවලු. ඒ වෙද්දි අන්තිම අඩියෙ ඉඳල තියෙන්නෙත්. පස්සෙ මං හැමදාම සර්ට කතා කරල විස්තර ඇහුවා. හොඳම හරිය වුනේ ඊට පස්සෙ.
සර්ගෙන් පස්සෙ මෙි කඳවුරේ කිසිම නිලධාරියෙක් හිටියෙ නෑ. සළාක ස්ටොක් එකත් ඉවරවීගෙන ආවා. ඒ සර් ගිහින් දවස් පහක් විතර යද්දි. 59 සේමු කතා කලාට කිසිම වැඩක්වුනේ නෑ. ඇහුවම කියන්නෙ වාහන නෑ කියල. පස්සෙ 17 කාලතුවක්කු හමුදා කඳවුරට ගිහින් ඒකෙ රෙෂන් භාර සාජන් මෙිජර් හමුවෙලා ටික දවසකට කෑම ගන්න අවසරය ඉල්ලගත්තා. එහෙන් ටික දවසක් ගද්දි ආයෙ දෙන්න බෑ කිව්වා. ඊට පස්සෙ 30 ශ්‍රිලංජාබමු කඳවුරට ගිහින් විස්තරේ කිව්වම එහෙනුත් දවස් කිපයක් දෙන්න පුලුවන් කිව්වා. මෙි කඳවුරු ළඟ ළඟ එවා නෙමෙි. ඒවත් අඩුම කිලෝමීටර් ගණන් පයින් යන්න ඔින ඒවා. ඒකෙනුත් දවස් කීපයක් යද්දි බෑ කීවා. එතනින් එහාට එහෙන් කෑම ගත්තෙ කඳවුරේ ජෙනිවලට ගෙනත් ඉතිරිවෙලා තිබුනු භූමිතෙල් බැරල් දෙකක් දීල.
ඒ අතර දෙන්නෙක් අත්‍යාවශ්‍ය හේතුන් මත නිවාඩු යවන්න ඔිනවුනා. එක්කෙනෙක්ගෙ වයිෆ්ට කුළුඳුල් දරුවා ලැබිලා. අනෙක් කෙනාගෙ අම්මා නැතිවෙලා. ඒ වෙනුවෙන් ඔහු අයත් ඒකකයේ සීඔිට කතා කරලා සෑම දෙයක්ම මැනේජ් කරල දුන්නා. එයාගෙ අම්ම නැතිවුනා කියල මගේ ෆෝන් එකට කෝල් එක ආවෙ. මෙිවා ගැන යමක් ඔබට නොතේරෙන්න පුලුවන්. නමුත් සංවිධානාත්මකභාවය අතින් ලංකාවෙි අංක එක ස්ථානයේ ඉන්න යුධ හමුදාව වෙතින්, මෙිවගේ දෙයක් වුනාම කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔිවා ඉතින් මං අකුරක් නෑර දන්නෙ කැරලි ගැහුවට ලිපිකරුවෙක් වශයෙන් රාජකාරි කරල තියෙන නිසා. ඊට පස්සෙ ආයෙ චෙක් එකක් මාරු කරන්න සිදුවුනා. චෙක් එක මෙහෙ හිටපු හමුදා සිවිල් සේවකයන්ගෙ පඩි. එයාලා අයත් ස්ථානවලට ඔවුන් යැව්වා කියල ලියුම් ගහල, ආයෙ මෙි ගිණුමට ප්‍රේෂණපත් එවන්න එපා කියල තියෙද්දිත් ලියුම ලැබෙන්න පරක්කු වෙලා නිසා එවලා. සර්ට කෝල් අරං විස්තරේ කිව්වම සර් කියන්නෙ "ඒක හරි" කියල. ආයෙ "ඩන්" කියනව. "ඩන්" කිව්ව ගමන් සර්ගෙ අත්සන මං ගහනව. මං තමා ඔය හැම එකක්ම අත්සන් කලේ. චෙක් එකත් මමම අත්සන් කරලා පරාක්‍රමපුරට ගිහින් ඒකත් මාරු කරලා ලක්ෂ දෙක හමාරකටත් ටිකක් වැඩි සල්ලිත් අරං, ඒවා 59 සේනාංකයට ගිහින් නිවැරදිව භාර දීලාත් තමා ඒ මෙහෙයුම අවසන් කලේ. පරාක්‍රමපුර ගිහින් එන්න ඒ දවස්වල හරියටම දවසක් යනව. බයික් එක දෙපාරක් හිට්ටා. අන්තිම පාර කැඩිල කිලෝමීටර් ගානක් සහායකයාත් එක්ක දාඩිය දාගෙන තල්ලු කරං නැදුන්කර්නිවලට ආවටත් පස්සෙ තමා එතන හිටපු සීසීඑම්පී කෝප්‍රල් කෙනෙක් මාර්ගයෙන් ඒක හදවා ගත්තෙ. ඒ පාරවල් වල වලවල් නෙමෙි තිබ්බෙ වගා ලිං.
ඔඩ්ඩුසුඩාන්වලින් එහාට මෙහාට යන්න බෑ හමුදා ලයිෂන් එක නැත්තං. ඒකත් බැලන්ස් කලේ එතන ස්ටාෆ් කෙනෙකුට කියල. එම්ටී එකෙන් අවශ්‍ය පෙට්‍රලුත් ඉල්ලා දුන්නෙ ඒ ස්ටාෆ්. අදටත් සර්ගෙ අත්සන තිතක් නෑර හොඳට පුරුදුයි. හරිම හොඳ සර් කෙනෙක්. මට වඩා අවුරුදු දෙකයි වැඩිමල්.
සති දෙකහමාරකට විතර පස්සෙ සර් සනීප වෙලා එයා අයත් ඒකකයෙන්ම ඇවිත් එක්ක ගිහින්. හදවතට ගොඩාක් දුක දැනුනා. පස්සෙ ආයෙ අපි තනිවුනා. කන්න හිඟවුනා. මෙිව හමුදාවෙ වෙන්නෑ කියල ඔින කෙනෙකුට තර්ක කරන්න පුලුවන්. නමුත් 59 සේනාංකයෙන් මුතියංකට්ටු උසස් පාබල පුහුණු පාසලට එදා තිබුණු ප්‍රමුඛත්වය තමා ඒ. එහෙ එහෙම වුනා. එදා තිබුනු පරම සත්‍යය මෙික. ඒ තමා ඒ ස්කූල් එකට දක්වපු ඔිනෑකම. අපිත් කාටවත් සෙකන්ඩ් වෙන්න කැමතිවුනේ නෑ. ටිකිරි මොළෙන් ඒකට උප්පරවැට්ටියක් කල්පනා කලා. සුපුරුදු පරිදිම මොලේ දකුණු පැත්ත හිරිවැටිල ඇඟ කිළිපොලා ගිහින් ගැස්සුනොත් හිරේත් යන්න වෙන මරු අදහසක් ආවා. මෙි වෙද්දි ඇමෝඩ්‍රම්ප් එකකුත් ඇබ්සන් අයගෙ අවි දෙකකුත් එක්ක අපේ අවිත් තියෙන ආමරියකුත් මෙි කඳවුරේ තිබුනා.මාත් ඇඟේ ලේ නැතුව හිටියෙ බයට. මයෙ අප්පේ රටින් පිටුවහල් කරන කේස්නෙ අප්ප ඔිව. ඒ හිංදම මායි ඇමෝඩ්‍රම්ප් එකේ කෝප්‍රලුයි සතර කම්මන්ත්‍රණයක් කරලා විශ්වාසවන්තම ලා/කෝ කෙනෙක් අල්ලගෙන කුප්ප දරුණු ගේමක් ගැහුවා. ගහල අපි ගියා ළඟ ළඟ අහල පහල කැලේ ඇවිදින්න. මෙතන එකට කඳවුරු තුනක් තිබුනෙ. අපි හිටියෙ මෙි වෙද්දි දෙවෙනි කඳවුරේ.අපි ඇවිදින්න ගියේ තුන් වෙනි එකට. ඒ ගිහින් පැය භාගයක් යන්න හම්බුනේ නෑ ගේම ගහන්නත් කලින්ම ලා/කෝ එදිරි කෑ ගහගෙන ආව "සාජන් සාජන් ඇමෝ ඩ්‍රම්ප් එක කව්ද කඩලා" කියාගෙන. හත්තිලව්වයි. ඇඟ කිළිපොලාගියා. ඇස් දෙකේ භීතිය උතුරා ගියා. තොල කට වියැලුනා. අවසිහියෙන් මෙන් අපි සියල්ලෝම ඇමෝඩ්‍රම්ප් එකට දුවගෙන එනකොට ඒක කඩල දුම් බෝම්බ තුනකුත් අල්ලල විසි කරල. ඒවා පේන්නම දාල තිබුනෙ. දොරත් හායි ගාල ඇරල දාල.
කරන්න දෙයක් නෑ. ගත්ත සයිකලේ.තව එකෙක් නග්ග ගත්තා. ඒක භාරව හිටපු කෝප්‍රල්ට එතන ඉන්න කියල ගියා 64DIV සීසීඑම්පී එකට. ගිහින් රිපෝර්ට් කලා. අම්මට සිරි, විනාඩි දහයක් යද්දි මං දැක්කා සේනාංකාධිපතිගේ කාර්යාලය පැත්තෙ විශාල දුමක් නගිනවා. ඒ කියන්නෙ සීන් එකට ඒක ගිනි අරගෙන. එසැනින් ලෑන්ඩ් රෝවරයක සීසීඑම්පී කෙනයි සාජන් මෙිජර් කෙනෙකුයි ආවා.යමු කීවා.අපි ගියා. මෙි කඳවුරු තුනටම පිට ඒකක වලින් මරිසි හොයාගෙන එනවා. ඒ තහඩු,බැරල්,වතුර ටැංකි,බූමිතෙල්, ආදිය හොයාගෙන. ඊට කලින් දවසෙත් 17 කාතු එකෙන් ඇවිත් බැරියර් එකත් ගලෝගෙන ගිහිං තිබුනෙ.හොරෙන් නෙමෙි අපෙන් අහල ඒ කරන්නෙ. අපෙන් අහපුවම අපි "හා" කියනව. මොකද අපි ඔිව ගෙදර ගෙනියන්නයැ.
එදා සිසිඑම්පී එකෙන් දුම් දාගෙන ඇවිත් විමර්ෂණය කරල අපෙන් කටඋත්තර ගත්තා. බඩු කිසිවක් අඩු නෑ. දැන් නැගල යන්නෙ කඩපු කේස් එක. මගේ පළවෙනිම කට උත්තරේ. ආටි සාජන් මෙිජර් ඉස්සරහ සීසීඑම්පී කෝප්‍රල්ට. කිව්වෙම අපි තහඩු ගලවන්න තුන්වෙනි කෑම්ප් එකට ගිය අතරෙ කව්රු හරි කඩල කියල. කේස් එක පාවි පාවි යන්න ගියේ 17කාතු එකට. ඒක තමා කිලෝමීටර් පහක් විතර ලඟින්ම තිබුනු එක. කව්රු උනත් කඩපු එකාට දඬුවම් ලැබෙන්න ඔිනමයි. අපි කියන්නෙත් ඒක. හමුදාවෙ හොරකම් කරන්න බෑනෙ. අනික පුපුරණ ද්‍රව්‍ය. ඒ වුනාට අපි කියන එකක්වත් සාජන් මෙිජර්ට සුවර් නෑ.අපි දිහා බලන්නෙම වපර ඇහෙන්. බලන්නෙම වපර ඇහෙන්. ඒ ඒ වෙද්දි මෙි කඳවුරේ තිබුනු තත්ත්වය නිසා. පස්සෙ පැත්තක තියෙන යුනිට් එකක් අසරණ නොකර, එයාලත් ගහකටවත් කියන්නෑ කියල පොරොන්දුවුනාට පස්සෙ ඇත්තම කිව්වා. ඊට පස්සෙ කිව්වා
"කිසි දේකට බයවෙන්න එපා සැරයන්, ඔිගොල්ලො දවස් දෙකක් ඇතුලත යුනිට්වලට යවනවා. ඇහුම්කන් නෙදෙීපු අය එතකොට බලයි, අපි මෙිකට ඉහලටම රිපෝර්ට් එකකුත් යවනව" කියල.
හම්මටසිරි කියන්නෙ පහුවදා උදේ අට වෙද්දි වාහන නෑ නෑ කිය කිය හිටපු 59 සේනාංකෙ වගකිවයුතු නිලතල ඔක්කෝම එතන. අපිට එයාල ආවොත් කියන්න ඔින විදියත් අරගොල්ලොම කියල ගියෙ. අපිත් ඒ එක වචනයක් වෙනස් නොකර කිව්වා. එදා හවස් වෙද්දි අපි සේරම 59 සේනාංකෙ. ඊට පහුවදා එහෙ සීසීඑම්පී එකට කට උත්තර දීල එදා හවසම මාවත් යුනිට් එකෙන් ඇවිත්ම එක්කං ගියා. සංදෝෂයි ඉදිං..
මං මගේ මුළු සේවා කාලයටම හදවතට එකඟව අවංකවම රාජකාරි කලේ ඔන්න ඔය මාස තුනක හතරක කාලෙ විතරයි. අනෙක් විසි එකයි මාස නවයක කාලෙම ගෙවිල ගියේ ආතල් එකේ. තව නිදහසේම හිටපු කාලයකුත් හිංද මං තාමත් මුතියංකට්ටු සිහි කර කර, හිතෙන් මහා සතුටක්, තෘප්තියක් ලබනවා. කාලයක් යනකම් මෙිජර් ක්‍රිශාන් සර් කතා කලා. පස්සෙ නම්බර් වැඩනෑ. මුහුනු පොතෙත් කීප වතාවක්ම එක එක විදියට නම ගහල හෙව්ව.ඒත් නෑ. මෙි කතාව බලන කියවන හමුදාවෙ කව්රු හරි ඒ සර්ව දන්නවනං ඉන්න තැනක් හරි දන්නවනං කන්ට්‍රෑක්ට් නම්බර් එකක් තියෙනවනං හරි කොහොමහරි සම්බන්ධකරල දුන්නොත් ඒකත් ලොකු උදව්වක්. අන්තිමට කතා කරද්දි හිටියෙ ලිඳවැව පුහුණු පාසලේ.
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2021.05.23
Army ekata kanna ne kiwwama full upset
ReplyDeleteකීප වතාවක්ම ඇවිත් ලිපි කියවල බැලුවට මට මතක හැටියට කමෙන්ට් කරන්න බැරි උනා.. ඉස්සෙල්ලම රසඳාවතේ පොස්ට් එකක් කියෙව්වේ දියතලාවේ කෝස් එකේ ඉන්නගමන් රෑ වෙලාවක එකත් කියවගන්න බැරි උනා නින්ද ගිහින්.. කොහොමින් හරි ගෙදර අවේම මේක කියවනවා කියල හිතාගේනමයි. ඔන්න දැන් තමයි වැඩේට බැස්සේ :) සතුටුයි ලියල තියෙන විදිහට කියවගෙන යන්න හිතෙනවා... සුබ පැතුම්
ReplyDeleteබොහොමත්ම ස්තුතියීී ඔබතුමාට.
Delete