දවසක් ගෙවිල තව දවසක් උදාවෙන්නෙ නොහිතපු නොපතන සහ අදහගන්න බැරි තරමෙි පුදුම වෙිගයකින්. උදේ හය හමාරට විතර නැග එන හිරු රාජයා ආයෙ හවස පහ විතර වෙනකොට ගිනි බෝලයක් වගේ වෙලා පොල් ගස් කරටි අස්සෙන් බැහැගෙන බැහැගෙන යද්දි අහසේ විහිදිලා තියෙන වළාකුලු රෝස පාටින් අමුතු අමුතු රටා මවමින් පාවී පාවී යන්නේ විශ්වයට මෙි පොලෝ තලේ වෙන කිසිම දෙයක් අයිති නෑ වගේ. ඒක හරියට තරහ කාරයෙක්ගෙ ගේ ඉස්සරහින් යන මනුස්සයෙක් වගේමයි. මෙි දවස්වලනම් වලාකුලු තියෙනවා. ටිකක් අඳුරු පාටයි. හැමදාම හවසට වැස්ස. වැස්සනං එපා වෙනවා ඒයි. නැතිකොට තිබ්බනං හොදයි කියල හිතෙන වහිනකොට එපා තිත්ත වෙන අරුම පුදුම වතුර බිංදු ආශිර්වාදයක් වෙන්නෙ ලෝකෙට හොරෙන් අඩන මනුස්සයට විතරයි.
මෙි දවස්වල මාත් වැඩිය බුකී යහන් ගත වෙන්නෑ. හැමදේම එපා වෙලා තියෙන්නෙ. එහෙං අපේ චිංචිමානවිකාව. උන්දැ ලෙඩ වෙලා කන් කෙඳිරි ගානවා. ඒ කෙඳිරිය මුලු ගමටම ඇහෙනවා. උන්දැට තියෙන ලෙඩ හොඳ කරන්න ජාතික රෝහලක් හෝදල වතුර පොවන්න ඔින. නැත්තං ඩීඇම්ඔි කෙනෙක් දිය කරල පොවන්න ඔින. මෙි ඊයෙ පෙරේදා දවසක උන්දැට බඩෙි අමාරුවක් හැදිල. ඒක කාපු දේකින් වෙච්චි දෙයක්. ඒ කුරුඳු තේ බීලා වට්ටක්කා උයලා කාලා. ගංගා බීඩි දෙකක් වගේ තියෙන කකුල් දෙක කුරුඳු තේ බීල බීල තවත් හීන් වෙලා. ගේනකොට තම්සර්ගේ සුරුට්ටු වගේ තිබුන ඒව දැං අතපත්තු බීඩි වගේ වෙලා. ගෑස්ටික් වැඩි වෙලාලු. සතියක වෙලේ ඉඳල වැඩට යනකම්ම කීවෙි " අදවත් වෙිලාසන එනවද බෙිත් ටිකක් ගේන්න යන්න" කියලා. මාත් සතියක වෙලේ ඉඳල කියනවා "මමද ඩොට්ට. තෞසෙ ගීං ගේනවා. මොකද අදත් පරක්කු වෙයි එන්න" එයා දන්නවා මගෙ හොඳ මිත්‍රයෙක් ඉන්නවා කියල බණ්ඩාරනායකේ. එයාව හම්බවෙලා තමා මෙයාට බෙිත් ගන්න ඔින.
බැරිම තැන උන්දැ බංඩාරනායකේට ගියා. ගිහින් ආයෙ කතා කරල අහනවා "ඒයි අනේ, කාවද හම්බවෙන්න ඔින ඩොට්ට අර ඔයාගෙ යාලුවා?"
කියලා. මාත් වැඩ අස්සෙම කිව්වා "ඩොට්ට අයිඑන් පනී බං. යකෝ නම මතක තියාගනින්කො...රෙද්ද " කියල හීනි සද්දයක් දැම්මෙ ටිකක් ආඩම්බරෙන්. "කියාං මං එව්වෙ කියලා"
ඊට හරියටම විනාඩි පහකට විතර පස්සෙ මට ආයෙත් කෝල් එකක්.
*අනේ ඩොට්ට ෆනී අද නෑනි
*ඒනං ඔිම්මම ආපං ඩොට්ට එනම තුල්ලේ ඉන්නවද කියලා?
*මොනවද අනේ අමුතු නම් තියෙන ඔයාගෙ ඩොට්ට යාලුවො???
මාත් පෝන් එක කට් කලා. ඊට පස්සෙ ආපු කෝල් එකක්වත් මං ආන්සර් කලේ නෑ. ඒවා ආන්සර් කරන්න ඔිනනං කව්රුත් එන්නැති කව්රුත් යන්නැති මල් පෙති ඉහිරුනු මල් පාරක කොනේක ඉඳන් තමා ආන්සර් කරන්නෝන. කිව්වට විස්සාස කරන එකක් නෑ, මිස් කෝල් 73ක් තිබුනා.
එදා නං මහ අංජබජල් දවසක්. වැඩ අස්සෙ කන්න ඔින කියල මතක් වෙලා කෑම කඩයක් හොයාගෙන ගියා ගියා ගියා.. යන හැම කඩෙිකම බෝඩ් එකේ ගහල තිබුනෙ
"උදේ }
දවල් } බත්
රෑ }
කියලා. උදේබත් දවල්ටත් කාල ආයෙ රෑටත් කාහල්ලකො. කන්ඩ පුලුවන් කඩයක් හම්බවෙනකොට හවස හතරයි. ඒකෙත් ගහල තිබුනෙ "උදේ බත්, දවල්ට බුෆේ" කියලා. උදේ බත් වුනත් මොකෝ දවල්ට බුෆේනං කියල හිතාගෙන වාහනෙන් බැහැලා කන්න කියලා හිතාගෙන කඩෙිට යනකොට හොඳ වෙලාවට ඒකෙ බත් නෑ. ඉවරයි. අර උදේ බත් දවල්ට රෑට කඩ පහු කරන් එන ඔක්කෝම මෙි කඩෙන් කාල ගිහින්. කඩෙි හිටපු එස්පයර් වෙන්න ලං වෙච්චි ඇන්ටි අක්ක ඩෑල්ලෙකෙන් "අක්කෙ බත් තියේද?" අහපුවම "බත් තිබුනා ඉවරයි මල්ලි" කිව්වා. මොනාක්කත්ම නැද්ද අහපුවම කියනවා "කනවනං ලැවරිය තියෙනවා"ලු. මටත් කියන්න හිතුනා ආරච්චිගෙ කෙහෙලුත් තියෙන එකේ කන්ඩනං බැරියැ කියලා. ආයෙ ඔින්නෑ කියල හිතුනා. මොකටද නිකන් එස්පයර් වෙන්න ලං වෙච්චි ආන්ටිලා වගේ අක්කලාටත් නිකන් පදිරි වෙන්නෙ.
එදා දවල්ට කෑවෙ නෑ. මගේ රස්සාව අනුව කන්න වෙලාවක් හදාගන්න අමාරුයි. යන ගමන් කඩෙිකින් තමා කන්නෙ. සේල්ස් රෙෆ් එකක් කරනවා කියන්නෙත් ඉතින් ගිනි ගොඩක් උඩ ඉන්නව වගෙ තමා. කොහොම හරි යාන්තං වැඩ ඇරිල ගෙදර එද්දි මගදි තමා අපේ චිංචිගේ කේස් එක මතක් වුනේ. අප්පටසිරි. හීන් දාඩියකුත් දැම්මා "අද රෑටත් බත් නෑනෙ යකෝ" කියල මතක් වුනාම. සෙනිකව මගින් බයික් එක හරවගෙන ආයෙ ටවුමට ඇවිත් ග්‍රෑම් එකසිය හැත්තෑවෙ පාන් රාත්තලක් ගත්තා. ඒ පාං ගෙඩියත් මාපට ඇඟිල්ලට වඩා ඔන්නං චුට්ටක් මහත ඇති. මැද්ද නිකන් වටලප්පං පුඩිං වගේ. හරී මෙලෙකයි. පැනි රස විතරයි නැත්තෙ.
ඔය බෙිකරි කඩෙි එකාගෙ නම "චයිනා" ඒ නම දාල තියෙන්නෙ චීනෙක් වගේ හිංදා. දාං අදින්ඩ රුසියා. මාත් ටිකක් දන්නවා දාං අදින්ඩ. එක දවසක් මාත් සෙට්වුනා පොරත් එක්ක දානක් අදින්ඩ. ඔිකා මට වඩා අවුරුදු හතරයි වැඩිමල්. මම හත වසරෙ ඉද්දි තමා මූ ආන්ඩුවෙ මහ විබාගෙ කලේ. ඒ වුනාට හෙන සයිස්. මිනිහ හෝමෝ සේපියන්ගෙන් පරිනාමය වෙච්චි එකෙක් නෙමෙි. "හෝමෝ උදරෝපියන්" ගෙන් පරිනාමය වෙච්චි එකෙක්. හෙන බඩ. ඒ කියන්නෙ සමර් හට් එකක් ගහන්ඩ පුලුවන් බඩ යට. මුදුන් කනූ ඔිනෙත් නෑ. කනුවත් උගෙන්ම ගත්තැකි.
මිනිහත් එක්ක දාමට සෙට්වුනාම කියමුකො. මගේ ඉත්තො ටිකක් වැඩිය කැපුනම මිනිහ මානසිකව වැට්ටුවොත් විතරයි දිනන්න පුලුවන්. ඒක මෙයාගෙ ආත්ම ලක්සනේ. මාත් ඉත්තො කැපීගෙන කැපීගෙන යද්දි එදා
*ඇත්තට ජයසිරි අයියෙ උඹ හෙන දස්සයා බං
*හ්ම්
මිනිහා වැඩි කතා බහට එන්නෑ දාං අදිද්දි. දන්නවා මොකක් හරි කුන්ඩවාලියක් අදින්න තමා සැරසෙන්නෙ කියල.
*උඹෙි ඇඟ වගේමයි මොළෙත් ඈ
*හ්ම්
*ඇත්තට ජයසිරි අයියෙ කෝමද බං ඔය පෙනුම ලැබුනෙ?
*ඇයි තොට දැනගන්නම ඔිනද?
මං යන්තං හිනාවුනා. වටෙි පිටෙි බස් එකේ යන්න ආපුවුනුත් මෙි ගේම දිහා බස් එකක් එනකං වට වෙලා බලං හිටියෙ.
*ඇයි තෝ හිනා වෙන්නෙ?
*නෑ නිකං.
*නිකං නෙමෙි කියහං කියහං
*බෑ උඹ ගහනවනෙ
*ගහන්නෑ කියපං.
දැං දාං නෙමෙි අදින්නෙ වෙන එකක්. මිනිහට හිනාවෙච්චි හේතුව දැන ගන්න ඔිනමලු.
*ඇත්තට බං ජයසිරි අයියෙ උඹෙි පෙනුම මට තිබුනනං මං දනී ඔිකෙන් වැඩ ගන්ඩ
*ඇයි තෝ මොනා කරන්නද
*නෑ ඉතිං, චීනෙක් කියල ඔිනම එකෙක් රැවටෙනවනෙ. ඇත්තට බං තාත්ත ලංකාවට ආ..... වද කියල අහන්ඩ හම්බුනේ නෑ
දාං බෝඩ් එක දෑතින් උස්සගෙන *නෑ අපේ මහ එකී චීනෙ ගියා හු%@*$තො" කියාගෙන දාං බෝඩ් එකෙන් දමල ඇරිය කියාල්ලකො ඉත්තො සීසීකඩ යන්ඩ. ඉත්තො පාර පුරාම. දාං බෝඩ් එක කෝපි පඳුරක මුදුනෙ නැවතුනෙ. අන්තිමෙි දාං අදින්ඩ ගිහින් උඩ දාං දුවල තමා බෙිරුනෙ.
මිනිහගෙ කොත්තු රයිස් ගහන එකා ඉන්නවනෙ. ඔිකත් හෙන අබ්බ ගොබ්බයෙක් ඌ මූට හපං. එක දවසක් ඌට පුල් රයිස් දෙකක් දාල දියං මල්ලි කිව්වම
*කන්ඩද ගෙනියන්ඩද?
*පුල් රයිස් දෙකක් තනියෙන් කන්ඩ බෑනි මල්ලි. ගෙනියන්ඩ
*හා හා දාල දෙන්නං දාල දෙන්නං කිව්වා. ඒක දාලත් මූ අහනව
*කවරෙකට දාන්නද කියලා.
මාත් ඉතින්
*නෑ, මං පෙන් එකක් ගෙනාව. ඒකෙ පෝල්ඩරයක් හදල රයිස් කියල සේව් කරපං කිව්වම ඌ මං දිහා බලං හිටියෙ කන්ඩ වගෙ.
හවස වැඩ ඇරිල ගෙදර ආහම හෙන ගිනිවිජ්ජුම්බරයි මෙහෙ. ඩොක්ට අයිඑම්පනීයි ඩොක්ටර් එනමතුල්ලේයි හොයල හෙන මහන්සි වෙලා. දාඩිය දාගෙන පාං රාත්තලත් උස්සගෙන ගෙට ගොඩවුනා විතරයි හෙන හෑල්ලක් කියෝගෙන කියෝගෙන ගියා. මිසීල ඉස්සරහ නෝන්ඩි උනාලු. හෙන වස ලැජ්ජාවලු. නම අහද්දි ඇහිච්චි උන් නෝන්ඩියට හිනාවුලාලු. තේ එකක් දුන්නෙත් නෑ.
ඔින මගුලක් කියල හිතාගෙන දාඩිය ටිකක් නිමෙන්ඩ කියල පෑන් එකත් දාගෙන පුටුවෙ ටිකක් ඇලවුනාම ඒ රෙද්දත් හිමීට හිමීට කැරකෙන්නෙ පටං අරන් මැද්දක් යද්දා "මරපං මරපං"ගග ගගා තමා කැරකෙන්න පටන් ගත්තෙ. ඒක අපෞන්දැට වැඩිය හපං. මල පැන්න පාර පෑන් එකටත් පයින් එකක් ඇනල ගිහින් වොෂ් එකකුත් දාගෙන ආව. ඒ කවමදාහරි දවසක වනගත වෙනවාමයි කියල හිතාගෙන.
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2021.05.07
එළ!
ReplyDeletehaha
ReplyDeleteහොඳයි
ReplyDelete