මාවිල්ආරු ක්‍රියාන්විතය ඇලකින් පටන් අරන් වෙන්න ඔින දේවල් ඔක්කොම වෙලා ක්‍රියාන්විතය, නැගෙනහිර ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීම දක්වා යන ගමනේදි වටෙන්ම ඇහෙන්න ගත්තෙ "ඒකීය ශ්‍රී ලංකාවක්" කියන බර වචන සෙට් එක. ඒකීය සිරි ලංකාවක් කොහොම වෙතත් රේඛීය ලංකාවක්නම් අද වෙද්දි ඉතුරු වෙලා තියෙනව කියල හිතෙනව. චීනෙට බාගයයි,ඇමරිකාවට බාගයයි.
මාවිල් ආරුව සටන ආරම්භවුනේ කමාන්ඩෝ රෙජිමෙින්තුවෙි මට මතක විදියට සෙබළුන් තිහක් හෝ ඊට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වෙමින්. වරක් පූජ්‍ය එල්ලාවල මෙිදානන්ද හාමුදුරුවො මෙික බලන්න ඇවිත් ඒ සෙබලු මැරිච්ච තැන දිහා සෑහෙන වෙලාවක් බලන් හිටියා.
උන් වහන්සේ අන්තිමට කිව්වෙ එක දෙයයි.
"මෙි අපේ රත්තරන් කොල්ලො නේද?"
මාවිල් ආරුව විල්ලුවෙි බංකර් පේලිය අත්පත් කරගැනීමත් එක්ක එතනින් හැරිල යනකොට විල්ලුව ඉහත්තාවට කිලෝ මීටර් දෙක තුනක් දුරින් මහ කැලේ මැද දරුණු සටනක් ඇතිවුනේ සෙබළුන් බරගානක් ජීවිතක්ෂයට පත්වෙමින් සහ තුවාල වෙමින්. පැය කිහිපයක් තිස්සේ ඇති වෙච්ච ඒ සටනට අපිටත් සහභාගි වෙන්න වුනේ නොසිතූ විදියකට. ඒ අපේ සහෝදර ඒකකයකට උන් දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් අපිව ආපස්සට හරවන්න ගත්තු උත්සාහයක්. විටෙන් විට දේශපාලන අභිමතය මත වෛවාරන්න විච්චූරණ යුද්ධයක් විතරක් දැකල තිබුන උන්ට සෘජු සහ පැහැදිලි දේශපාලන සහ හමුදා අණක් යටතේ කඩාවදින හමුදාවක් ගැන හරි අවබෝධයක් තිබිල නෑ. ඒකනෙ නන්දිකඩාල් දක්වා ගිහින් එතනින් ජීවිතෙන්ම යන්න වුනේ. ඒ වෙනකොට හමුදාවට අණ දුන්නේ මෙිජර් ජෙනරල් නන්ද මල්ලවාරච්චි සර්. සටන දිග්ගැස්සෙන්න පටන් ගත්තට පස්සෙ කමාන්ඩෝ රෙජිමෙින්තුව, විශේෂ බළකාය සහ තවත් පාබල ඒකක කිහිපයක් මෙි සටනේ බර කරට අරන් තිබුනේ. ඒ අතරේ කමාන්ඩෝ රෙජිම යටතේ මගේ අයියාත් විශේෂ බළකායට අනුයුක්ත කරපු ඉංජිනේරු බළකායෙ මගෙ මල්ලීත් ඉදිරිපෙළ සටන් වල නියැලී හිටියා. මල්ලිගෙ රාජකාරිය බිම්බෝම්බ මර උගුල් ඉවත්කරමින් විශේෂ බළකා සෙබලුන්ට ආරක්ෂිතව ගමන් කිරීමෙි මාර්ග සකසා දීම. මර උගුල්, සහ භූමියේ වාසිය උන්ගෙ පැත්තට අර ගනිමින් කල සටන් අදටත් අද ඊයෙ කලා වගෙ මතකෙ තිබුනත්, ඒවා සමහරක් මෙි වගේ සයිබර් අවකාශයක කියන්න අමාරුයි. ඒවා හිතේම තිබිල අපේ මරණයත් එක්කම මහ පොළවෙ වැළලී යාමට ඉඩ දීම තමා සුදුසුම දේ. හැබැයි අපිට යුද්ධය වෙනුවෙන් සම්මතයට අනුව තීරණ ගන්න පූර්ණ නිදහස ලැබිල තිබුනා. ඉස්සර අපිට නොදුටු භූමිය ගැන නියෝග දුන්නු නිළධාරින්ට ඒ වෙනුවට, අපි ඒ භූමියට ගිහින් භූමිය සියැසින් දැකල අපි කියන දේ නිළධාරින් පිළිගන්න මට්ටමටත්, භූමියට අනුව සමහර සටන් සැලසුම් කිරීමට උදව් කිරීමටත් සෙසුනිළ අපිටත් අවස්ථාවක් ආවට පස්සෙ හැම තැනකින්ම ඇතිවුනේ ජයග්‍රහණයක්ම පමණයි. වෙනත් ඒකක ගැන මම දන්නෑ, මම කියන්නෙ එදා අපේ ඇතුලෙ තිබුනු අපේ ඒකකයේ තිබුනු තත්ත්වය.
සටන නොනවත්වා ඉදිරියටම යද්දි සහ සටනේ සමහර අරමුණු සමහර තැන්වලදි වෙනස්වුනාට පස්සෙ තවත් පාබල ඒකක දෙකක් සටනට එකතුවීමත් සමග අපේ ඒකකය මුතූර් කොටි ග්‍රහණයෙන් මුදාගැනීමට සටන් කල විබ සහ කමාන්ඩෝ වගේම පාබල ඒකක සඳහා සහායක බළ ඇණියක් විදියට පරිවර්තනය වෙන්න වුනා. කමාන්ඩෝ රෙජිමෙින්තුව සමහරක් තැන්වල අසාර්ථක වෙන්න පටන් ගත්තම හමුදාවෙිම නායකත්වයෙන් දෝෂාරෝපණ එල්ල වෙද්දි විශේෂ බළකායත්, පාබල ඒකකයක් සමග අපිත්(සමහර තැන් පමණයි) කමාන්ඩෝ රෙජිමට සහාය දක්වමින් අළුත් ජවයකින් ඉදිරියට යන්න වුනා. ඒ අතරෙ තමා රෙකියක් ගියපු අපේ ලාකෝ වෛද්‍යරත්නගේ ටීම් එක ඔරුවකින් කලපුවක් තරණය කරන්න ගිහින් ඒ ටීම් එකකට කොටි වෙඩි තියල, ඒ ඔරුවට වෙඩි වැදිල ඔරුව පෙරලිලා ගිලිල අපේ සෙබළෙකුටත් ජීවිතය අහිමිවුනේ. එදා මෙහා ඉවුරෙ ඉඳගෙන විශේෂ බළකාය සහ අපේ ඒකකයේ ඒ අය තමන් ඉන්න කොටසකට එනව කියල සෙට් එකේ කියල තියෙද්දි, ඒ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටපු කමාන්ඩෝ භඨ පිරිස අපේ අය එන දිහා බලා ඉද්දිම කොටි ප්‍රහාරයක් එල්ල වෙච්චි වෙලාවෙ ඒ දෙගොල්ල එකතුවෙලා ගේමක් නොගැහුවනං ඔරුවටත් ඔරුවෙ ආපු අයටත් වෙච්චි දේ දැනගන්න හමුදාවට සාස්තරත් අහන්න වෙනවා. (ඒක ටිකක් දිග කතාවක්).
ඔය අස්සෙම තමා රැකසිට පහර දීමකට සම නිළයේ, එහෙත් මට වඩා නම්බරයෙන් ජේෂ්ඨයෙක් යටතේ ගිහින් ආරච්චිගේ කුණුහරප මාලාවකට පින්සිද්ද වෙන්න ආරච්චි ඇතුලු අට දෙනෙකුගේ ජීවිත බෙිරුනේ.
එදා කෝකටත් තෛලය වුනු අපිව කැඳවපු අණදෙන නිළධාරිතුමා හමුදාවෙි ප්‍රහාරයන්ට මුහුන දීගත නොහැකි සංවිධානයේ සමහර කණ්ඩායම් පළා යන බවත්, එසේ පළායන කණ්ඩායම් සඳහා ප්‍රහාරයක් එල්ල කල යුතු බවත් කීවා. අණදෙන නිළධාරි තුමාගේ නම් කිරීම් අනුව මාත් සම නිළයේ එහෙත් මට වඩා ජේෂ්ඨයෙක් (බිලිං චුට්ටා) එක්ක ක්ෂණික රැකසිට පහරදීමෙි රාජකාරියක නියැලුනා. වෙලාව සවස පහ මාරට ඇති, පැහැදිලි අහස. මෙි වෙද්දි හය හමාරට විතර තමා මෙහෙට අඳුර වැටෙන්නෙ. අපිට අණ ලැබුනේ වැදගත් මංකඩක් ආවරණය කරන්න. ඒ පහල තෝප්පූර් හරහා වාකරේ පැත්තට පනින කොටි නවත්තන්න. එතනින් සීයක් ගියත් අපි අටදෙනා පහර දිය යුතුයි. අනුකම්පා කරන්නම එපා කිව්වා. ටාගට් එක විතරක් සෑහේ කියල වැඩිදුරටත් කිව්වා. ඒ නිසාම කෝප්‍රල්ලා දෙදෙනෙක් යටතේ, ටීම් දෙකක් වශයෙන් අට දෙනෙක් නියමිත තැනට යැව්වා. එක ටීම් එකකට අණ දෙන්නා වුනේ ආරච්චි. අනෙක් එකට බිලිං චුට්ටා. මෙි ගමන අපි යන්න ඔින කැලෑ පාරක් දිගේ ගිහින් කුඹුරු යායකට ඇවිත්,ඒක තරණය කරල නැවත කැලයකට වශයෙන්. ඒ දෙවන කැලය හරහා තමා උන් ක්‍රොස් කරන්නෙ. අපිත් පිටත්වුනා. නමුත් ඇඳිරිය ආසන්නයේ තියාගෙන මෙිවගේ ගමනක් යනව කියන්නෙ මරණයත් කිහිල්ලෙ ගහගෙන යනව වගෙ වැඩක්. අන්ධයා අලියව වර්ණනා කලා වගේ අඳුරෙ යුධ කටයුතු කරන්න බෑ. හේතුව අවධානම. මෙි යන්නෙ අපි උන්ට ගහන්න උනාට, උන් දැනගෙන හිටියොත් උන්ට ගහන්න හමුදාවෙන් එනවා කියලා, උන් අපිට කලින්ම ඇම්බුෂ් කරනවා. අපි දෙවන කැලය කිට්ටු වෙනකොට ඉස්සරහ එකා විතරක් පේන නොපෙනෙන මට්ටමට ඇඳිරිය වැටිල තිබුනෙ. අපේ වුන්ට වෙඩි වැදිල මැරුනත් ඇඟේ වතුර ගෑවෙන්න බැරි ගතියක් තිබුනු හිංද ඉස්සරහ ගිය එවුන් කුඹුරු යාය හරහා හිමීට ගමන් කලේ. මෙිකට මට ගමනේ මැද හරියෙ ඉඳන්ම මළ පැනල හිටියෙ. කීප පාරක්ම අඩිය ඉක්මන් කරපියවු කිව්වට ඇහුවෙම නෑ. අපි වෙල් යායෙනුත් ගොඩ වෙලා ලන්දත් තරණය කරල ඇම්බුෂ් එක දාන්න ඔින තැන කිට්ටු වෙනකොට මුං තවත් ස්ලෝ වුනා. මළ පැනලම හිටපු මම පිටි පස්සෙ ඉඳන් ගහන කොටියෙක් ගහපුවාවෙ,මැරෙන එකෙක් මැරුනාවෙ කියල හිතල ටිකක් හයියෙන්ම "අර ඉස්සරහ යන හු&@%ගෙ පුතාලට අඩිය ඉක්මන් කරන්ඩ කියපියව්, වෙි&@ බල්ලො අහවල් දේ කර කර වෙද ගෙදර යනව වගේ යන්නෙ, අප්පට හැ&@%$ඩ" කිව්වා.. එහෙම කියල එතන ඉඳන් මීටර් පනහක් යන්න හම්බුන්නෑ, සෙට් එකේ කිව්වා "ඉන්න තැනම වහාම නවතින්න" කියල. මාත් කට්ටියව නවත්ත ගත්තා. ඊට පස්සෙ කිව්වා ඔතන එස්එෆ්ල ඉන්නවා, වෙඩි තියන්න යන්න එපා වහාම ඩවුන් යන්න කියල. සෙට් එකේ කිව්ව දේවල් අපිත් කලා. කිව්වට විශ්වාස කරන්න හිතෝතුනි අපිට කලින් එස්එෆ්ල ඇවිත් කොටින්ට ඇම්බුෂ් කරන්න. ඒක නොදන්න අපිත් ඒ කොටින්ටම ඇම්බුෂ් කරන්න ඇවිත්. අන්ධ කරුවලේ අපේ එවුන් (එස්එෆ්) කොටි කියල හිතල අපිටම ගහන්න බොහෝ දුරට ඉඩ තිබුන. ටිකක් එලි පහලිය තියෙන වෙලාවක අපි ඇවිත් කරුමෙකට හරි එස් එෆ්ලව ඉන්නව දැක්කනං අපිත් අනිවාරයෙන්ම කොටි කියල හිතල වෙඩි තියනව. අපි සිංහල සහ හමුදාවෙ කියල එස්එෆ්ල දැනගෙන තියෙන්නෙ ආරච්චිගෙ කුණුහරප වලට පින්සිද්ද වෙන්න. ඊට පස්සෙ තමා එස්එෆ්ල එක්ක හිටපු අපේ ඔපරේටර් මූලස්ථානය හරහා අපිට කතා කරවල තියෙන්නෙ. කොහොමද කට පියාගෙන සද්ද නැතුව තව මීටර් පනහක් ඉස්සරහට ගියානං. එහෙනං ආන්ඩුවෙ පතුරොමකින්ම කාල, ආන්ඩුවෙ හමුදාව අතින්ම උත්සවාකාරයෙන්ම භූමදානෙත් වෙන්න තිබුන සැපට. එතන හිටපු නිලධාරි කුණු හරපෙනුත් බැන්න අපිට. වෙන්න ගිය මහා විනාශය ගැන කියල. කෝපල් ගුණතිලකත් කිව්වෙ ඒව ඉතින් අපිට කියල වැඩක් නෑ සර්, කොතනක හරි අඩුපාඩුවක් නිසානෙ වෙලා තියෙන්නෙ කියල. පස්සෙ දෙගොල්ලගෙම වැඩෙි සද්ද බද්ද එක නෝන්ඩිවුනාට පස්සෙ ආයෙ එතන ඉඳල තේරුමක් නැති හිංද දෙගොල්ලම පෝලිමට වෙල්යායෙ ඉස්මත්තට ඇවිත් මහ පාරෙ තමා එලිය වැටෙනකං හිටියෙ. ආයෙ කොහාටවත් යන්න බෑ. මොකද තව කොහෙ කොහෙ අපේ හදිස්සි ටීම් බැහැල ඉන්නවද කියල කවිද දන්නෙ. පස්සෙ දෙගොල්ලම පාරට ඇවිත් පේලියට ඉඳගෙන එස්එෆ්ලගෙන් ලැබුන රෙෂන් පැකට් හදාගෙන කාල ටර්න් එකක් කරගෙන රෑ නිදාගත්තා. ඒකනං දවස් ගානකින් ලැබුන විවෙිකයක් කිව්ව හැකි. මොකද යුද්දෙත් ඩීඑස් ගුණසේකර බස් කොළඹ එනවටත් වඩා වෙිගෙන්නෙ යන්න හදන්නෙ. දවස් ගානක් හරියට නෙත පියවන්න නැතුව හිටියෙ. තිබ්බ වතුරවලින් කෑම හදලයි,බීලයි ඉවරවුනාට පස්සෙ තිබහට බිව්වෙනං ඉතින් කුඹුරෙ ඇලේ ගියපු වතුර. ඒ වතුර ටිකක් තිත්ත වුනත් අවුලක්මත් තිබ්බෙ නෑ.
හැබැයි මුතූර් මුදා ගැනීමට තෝප්පූර්, පහල තෝප්පූර්, ගල්කන්ද ආදී ප්‍රදේශවලත් අලිඔලුව සේරුනුවර වැනි සිංහල ප්‍රදේශවලත් තැනින් තැන ස්ථානගත වෙමින් ගිය ඒ ගමන ඉතා දුෂ්කර වූවක්. හේතුව හැමතැනම විවෘත භූමි පිහිටීම හා කොටින්ගේ ස්නයිපර් කරුවන් තැනින් තැන යොදවා තිබීම. උන්ගේ කුඩා කණ්ඩායම් ගම් මැද ඉඳගෙන අපිට ප්‍රහාර එල්ල කරන්න ගත්තම ඒවාට ප්‍රතිචාර දැක්වීමත් ඉතා අසීරු තත්ත්වයකට පැමිණුනා.
අනෙක් කරුණ වුනේ සීසීකඩ විසිරිලා හිටපු කොටි සමහර තැන්වලින් පැනල ඇවිත් පිටුපස අංජබජල් කරන්නට තැත්කිරීම.
ඊටත් පස්සෙ තමා වෙනත් ඒකකයක් ඇවිත් අපව නිදහස් කරන තෙක් කොටි ග්‍රහණයෙන් මුදාගත් ප්‍රදේශ රැකගැනීම සඳහා අපේ ඒකකයට ඒ වගකීම භාර ගන්නවුනේ. මුතූර් නගරය අත්පත් කරගැනීම දක්වා සහායක බඨ පිරිස් වශයෙන් ගමන් කල කණ්ඩායම් දෙකකුත්,ඊච්චිලම්පත්තු සිට ලංකාපටුන,වෙත්තිලකර්නි වෙරුගල්, දක්වා කණ්ඩායම් දෙකකුත් ගිහින් නැවත එකතුවී එතනින් ආපස්සට හැරුනු ඒකකය, ඒකක මූලස්ථානය 225 බසේමු යටතේ මුතූර්, තෝපූර්, සේරුවාවිල, අළිඔළුව,සේරු නුවර, නීලාවල, දෙහිඅත්ත සෝමපුර,කල්ලාර්, ආර්චිබෝක්කුව,ඊච්චිලම්පත්තු ආදි පෙදෙස්වල ස්ථානගත වුනේ.ඒ අපේ ඒකක මූලස්ථානය ඒ වෙද්දි මුදාගෙන තිබුනු තෝපූර් ප්‍රදේශයෙත් මූලස්ථාන කණ්ඩායම කල්ලාර්වලත් වශයෙන්. අනාත කඳවුරු පවත්වාගෙන යෑම වෙනම ඒකකයකට පැවරුනා.
මෙි වෙද්දි 1කමාන්ඩෝ ඒකකය යටතේ ඩෙල්ටා ගෘප් එකේ පෙරමුණේම සටන්කල මගේ අයියා මෝටාර් ප්‍රහාරයකට අහුවෙලා සුළු තුවාල වෙලා බෙිත් දාගෙන නැවතත් සටනට එකතුවෙලා හිටියෙ කියල පණිවිඩයක් ලැබුනා.
ඉවර නෑ.......
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2021.01.10
//මෙිජර් ජෙනරල් නන්ද මල්ලවාරච්චි
ReplyDeleteනිහඬ වැඩ්ඩෙක් බව අහතියේ.
ඇත්තටම. එවකට යුධහමුදාපති ලංකාවෙ හිටියෙ නෑ. බෝම්බයට තුවාල වෙලා ප්‍රථිකාරවලට රට ගිහින් හිටියෙ.
Delete" සෘජු සහ පැහැදිලි දේශපාලන සහ හමුදා අණක් යටතේ කඩාවදින හමුදාවක් "
ReplyDelete" අපිට යුද්ධය වෙනුවෙන් සම්මතයට අනුව තීරණ ගන්න පූර්ණ නිදහස ලැබිල තිබුනා. ඉස්සර අපිට නොදුටු භූමිය ගැන නියෝග දුන්නු නිළධාරින්ට ඒ වෙනුවට, අපි ඒ භූමියට ගිහින් භූමිය සියැසින් දැකල අපි කියන දේ නිළධාරින් පිළිගන්න මට්ටමටත්, භූමියට අනුව සමහර සටන් සැලසුම් කිරීමට උදව් කිරීමටත් සෙසුනිළ අපිටත් අවස්ථාවක් "
... යුධ ජයග්‍රහනය ගැන ඉතා සාධාරණ පැහැදිලි කිරීමක් කියලයි මට හිතෙන්නේ ...
බොහොමත්ම ස්තුතියි..ඔබ තුමාට
Deleteමේව කිය්වද්දි මාර ගැම්මක් එක්ක ලොකු ගෞරවයක් එනවා හිතට! ස්තූතීයි ඔබතුමාට මේ කතා අපිත් එක්ක බෙදා ගන්නවට! දේශය වෙනුවෙන් අපි වෙනුවෙන් සටන් වැදුනු හා දිවි පිදූ රණවිරුවන්ට අනේකවාරයක් පින් ලැබේවා...
ReplyDelete