අද කියන්න යන්නෙ නම් රටෙි ඔබ කව්රුත් නොදන්න ඒත් හමුදාවෙි 58 සේනාංකයේ ඔිනෑම කෙනෙක් දන්න පුද්ගලයෙක් ගැන. මෙයා 11 ශ්‍රීලපාහ ඒකකයට අයත් සැරයන් වරයෙක්. මෙි සිදුවීම වුනේ නච්චිකුඩා ලයින් එකේ උනත් අඳුරගත්තේ ඊට ටික දවසකට කලින්. .
කව්රුත් දන්නවනෙ නච්චිකුඩා ලයින් එකේ අපි ටික කාලයක් හිරවෙලා හිටියා කියලා. ඒ මාස තුනකට ආසන්න අඩු වැඩි කාලයක්. අපේ ඉලක්කය වී තිබුනේ ලයින් එක කඩාගන්න අමාරුවුනාම උන්ට ලයින් එක එපා කරවන එක. හැමදාම රෑට ලයින් එකට රෙකී ගිහින් පහුවදාට ඒ රෙකී කරපු බංකර් වලට පහර දෙනවා. අපේ ලින්ක් එක තමා 11 ශ්‍රීලපාහ ඒකකය. ඒක සැරෙන් සැරේ වෙනස්වුනා. මෙි වෙද්දි හිටියෙ ඒ ඒකකය.
එක දවසක් මෙි ලයින් එකේදි මට හරි අපූරු සෙබළෙක් මුනගැහෙනවා. එදා දෙගොල්ලම එකම රාජකාරියකට දෙපැත්තකට යන අතරේදි හමුවුනු අපි, අපි ගැන මදක් විවෙිකීව සිටි අවස්ථාවක විස්තර කතා කරගත්තා. කුරුණෑගල ජන්ම භූමිය වුනු මොහු මට වඩා වසර කිහිපයකින්ම බාල සහ මට වඩා අඩු සේවාකාලයක් තිබුනු පුද්ගලයෙක්. (මට මතක විදියට ගෙවල් තිබුනෙ වාරියපොල පොලිසිය ගාවින් වමට හෝ දකුණු පැත්තට තියෙන පාරක මග) මෙයා මට ඉස්සරලාම හම්බවුනේ ඉලුප්පකඩවායි පාලම පැන්න ගමන් වුනත් ඇඳුනුම් කමක් ඇති කරගන්න තරම් කාල වෙලාවක් හා ඒකට යෙදවිය හැකි තරමෙි කාලයක් එදා අපි අතර තිබුනෙ නෑ.
11 ශ්‍රීලපාහ ඒකකයට අයත් ඔහු ටිකක් සුදු, කෙසඟ සිරුරක් හිමි, උස, සැරයන් නිළය හෙබි අයෙක්. කොන්ඩෙ පිස්සෙක්ගෙ වගේ වවල තිබුනෙ. මට ඔහුව හම්බවෙද්දි , ඔහු දවස් දහතුනකිනුත් මම දවස් දා හතකිනුත් නාල නෑ. දෙන්න දෙගොල්ල ගාවම හෙන සුවඳ. මෙයාට කන්ටෑක්ට් තිබුනෙ එවකට අපේ 58 සේනාංකාධිපතිතුමා වුනු වත්මන් යුධ හමුදාපති තුමා සහ මෙි සේනාංකයට අයත් 581,582,583 බළසේනාවන් හි බළසේනාධිපතිවරුන් හා 1 කාර්‍ය සාධක බළකායේ ඉහලම නිළධාරි එක්ක. එදා රාජකාරියකට ඇවිත් හිටියෙත් ඒ ඉහල නිළධාරියෙක්ගේ සැලසුමක් ක්‍රියාවෙි යෙදවීම පිණිස බව ඔහු මට කීවා. පැමිණි රාජකාරිය අවසන් කර ආපසු යන ගමනේදී, ඒ වෙද්දි අපේ ඒකකයට අනුයුක්ත කරල හිටපු ස්නයිපර් කෙනෙක් වූ ස්ටාෆ් සාජන් කෙනෙක් (නම සඳහන් නොකරමි) දින දෙකකට ඔහුගේ ඒකකයට කැටුව යාමටත් නියමිත බව මට කීවා. ඉදිරිපෙළ සටනේදි අපි දෙගොල්ලම කලේ එකම රාජකාරිය නිසා 581 බසේමු සහ 1 කාර්‍ය සාධක බළකාය යටතේ සිටි ඒකකවල ඒ රාජකාරියම කරන ටීම් අතරේ පොඩි මෙව්ව එකක් තිබුනා. ඒ හේතුවෙන්ම තමා වැඩිම සම්බන්ධතාවයක් නැති වුවත් පෙර හමුවී කතා කර දැක හුරු පුරුදු කාරණාව මත ටිකක් නිදහසේ් කතාකරන්න හමුවුනේ. මොකක් හරි අමාරු කාර්යයක් හමුදාවට පැවරුනහොත් කතා කරන්නෙ මෙි සැරයන්ට. පාලමක් අල්ලා ගැනීම, අල්ලන්න අමාරු බංකරයක් අත්පත් කර ගැනීම, අමාරු ඉලක්කයක් සාර්ථක කර ගැනීම ආදී කාරණාවක් යෙදුනොත් මෙයාව රාජකාරියේ යෙදෙව්වෙ ඒ ඉහල නිළධාරින් විතරයි. මාත් අහල තිබුනු විදියට වැඩකට අතගැහුවා කියන්නෙ අති සාර්ථකයි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම වැඩ්ඩෙක්. මහ අමුතු අමුතු සැලසුම් මෙයා ගාව තිබුනෙ. බඩ ගාන්න ඔින තැන්වල මෙයා බඩගාන්නෙ නෑ. අපි තැනකට පිටුපස්සෙන් පහර දෙන්න තීරණය කරොත් පොරගෙ ප්ලෑන් එක ඉස්සරහින් පහර දීම. අපි දුවන්න තීරණය කලොත් පොර කරන්නෙ නවතින එක. ආං ඒ වගේ. අපි නොහිතන පැත්තකින් ඉතා සියුම් යුධමය ඉන්ද්‍රියයන් අතගෑම තමා මෙයාගෙ සාර්ථකත්වයේ රහස.
එදා තීරණාත්මක දවසක්. මොකද කියනවනං උදෑසන හිරු කිරණ පොලවට වැටෙනවත් එක්කම උන්ගේ ලයින් එකට පහරදී බංකර් අත්පත් කරගැනීමට තමා සියළුම සැලසුම් සකස්වී තිබුනේ. අපිනං මෙිවා ගණන් ගත්තෙත් නෑ. කොහොමත් සතියකට සැරයක් දෙසැරයක් මෙහෙම උත්සාහ කරනවා. ඒත් උන්ගෙ උපරිම ශක්තිය මෙි ලයින් එකට යොදවා තිබුනු නිසා අපිට හැප්පෙන්නවුනේ ඒ ශක්ති දාමයක් එක්ක. සමහර දා රෑට උන් ලයින් එකේ එහා පැත්තෙ ඉඳගෙන ස්පීකර් දාගෙන අපේ මානසිකත්වය වට්ටන්න එක එක දේවල් කියනවා. ඒත් උන් දන්නෑ අපි ඒවා සත පහකට මායිම් නොකරන වගක්. එක දවසක් පොඩි කෙල්ලක් මෙි ස්පීකරෙන් කතා කරලා සිංහලෙන් කියනවා එයාලගෙ භූමියේ පාඩුවෙි ඉන්න දීලා ආමි මාමලා ආපහු ගෙවල්වලට යන්න කියලා. ලොකු එකෙක් කියනවා "උඹලා සටන් කරන්නේ උඹලගෙම පන්තියේ අහිංසක මිනිසුන් එක්ක, ඒත් උඹලගෙත් අපෙත් වෙනසක් තියෙනවා, මෙික අපේ නිජ භූමිය, උඹලා ආපහු පලයල්ලා" කියලා. ආයෙ පොඩි ළමයින් ලව්වා සින්දු, කතන්දර කියෝනවා. උන් හිතන්නෙ අපි ඒව අහල ආපහු යයි කියලා. ඒ ඔක්කොම "මනෝවිද්‍යා මෙහෙයුම්" මීට වඩා දේවල් මෙි තේමාව යටතේ කතාකරන්න පුලුවන්. නමුත් එදා වුනේ අර සිදුවීම. ඒ වෙද්දි අපි රෙකී ගිහින් හිටියෙ උන්ගෙ කකුල් පාමුලටම.
මෙි දවසේ උදෑසන 0542ට උදාවූ සුභ මුහුර්ථයෙන් අපි ලයින් එකට පහර දෙන්න පටන් ගත්තා. උඩින් එමිඅයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දෙකක්, යුධ ටැංකි ප්‍රහාරක කණ්ඩායමක් (5ශ්‍රීලසසබ) , මල්ටි බැරල් රොකට් ප්‍රහාර, කාලතුවක්කු සහ මෝටාර් ආධාර මැද ඇරඹුනු ඒ සටන උදේ හත පහුවෙනකොට කෙමෙන් කෙමෙන් ඉතා දරුණු ස්වභාවයකට පෙරලෙන්න ගත්තා. ඒත් උනුත් ගේම ලේසියෙන් අතාරින්න සූදානමක් තිබුනේ නෑ. අපේ තිබුනෙත් නෑ.. උන්ගේ උපරිම ශක්තියත් මෙි වෙද්දි ලයින් එක රැකගැනීම සඳහා යොදවලා තිබුනේ. උදේ අට විතර වෙද්දි කෆීර් යානා දෙකකුත් ඉහල අහස තමන්ගේ අණසකට යටත් කරගනිමින් කැරකි කැරකි උන්ගේ මර්මස්ථාන වලටත් ආධාරක පිරිස් එන ට්‍රැක්ටර් වලටත් පහර දෙන්න පටන් ගත්තා. එතකොට උන් බෝට්ටු වලින් ඇවිත් මුහුදෙ ඉඳන් බීච් එකේ අයිනේ ඉදි කර තිබුනු අපේ බංකර් පේලියකට පැති ප්‍රහාර එල්ල කරන්න ගත්තා. ඒවා ඉතා වෙිගයෙන් එනවා... "සර සර සරස් සරස්" ගාල ගහනවා ආයෙ ආවටත් වඩා වෙිගයෙන් පලා යනවා. අපිත් මෙි පැත්තෙ ඉඳන් "මියෙත් නම් මියෙත්වා, සටන දිනා මිස, පසු නොබසිමි" යන නියායෙන් උන්ගෙ ලයින් එකටත් සමහර තැන් වලින් ලයින් එකෙන් ඇතුලටත් ගහගෙන ගහගෙන ගියා. සමහරු පස් බැම්ම උඩටත් නැග ගත්තා. ඒත් අපිට බැරිවුනා. අපිට අහුවෙච්චි හරියෙ තිබුනෙ මඩ වගුරක් කරපු ගැඹුරු එහෙත් පළල් යුධ අගලක්. ඒක නියමිත කලට වෙිලාවට අපිට තරණය කරගන්න බැරිවුනා. ඉන්පසු ඇති වුනේ ඛේදනීය තත්ත්වයක්. දෙපැත්තෙන් ලයින් එක කඩලා, මැද්දෙන් කඩාගන්න බැරිවුනා. 11ගැහේබ ඒකකයටත් යුධ අගල තරණය කිරීමට ඉතා අසීරු තත්ත්වයක් උදාවීමත් සමග දහවල් දොලහ ආසන්න වෙද්දි නියෝගයක් ආවා පසු බහින්න කියලා. පසුව ඉතා කල්පනාවෙන් ගිය විදියටම අපි සියල්ලෝම ආපසු ආව. එදා උන්ගෙ ලයින් එකේ පළවෙනි බංකරය ඇල්ලුවෙි සැරයන් නිශාන්ත. එයාලා දරුණු ප්‍රහාරයකට කොටු වෙලා. පසු බහින්න අවස්ථාවක් ඇත්තෙම නෑ. ඒක දැනගත්තු හමුදාව, නැවත සැරයන් නිශාන්තව අරන් එන්න යන්න ආපහු හැරුනා. අපේ අපි හිටපු කොටස ගියේ නෑ. ඒ ආසන්නෙයේ හිටපු අපේ බාගෙකුයි එයාලගෙ ඒකකයේ භාගයකුයි 11 ගැහේබ භාගයකුයි තමා ගිහින් සැරයන් නිශාන්ත ඇතුලු අට දෙනා නිරුපද්‍රිතව අරන් ආවෙ. පස්සෙ දැනගත්තා තව විනාඩි දෙකක් පරක්කු උනානං සැරයන් නිශාන්ත වඩාගෙන අරන් යයි කියලා. ඒ කියන්නෙ ලඟ තිබුන පතුරම් අවසාන අවස්ථාවෙ තමා ඉඳල තියෙන්නෙ.
මෙි සටනින් අපේ පාර්ශ්වයටත් උන්ගේ පාර්ශ්වයටත් දැඩි හානි සිදුවුනා. අපේ ඒකකයේ කිහිප දෙනෙකුත් අනිත් ඒකකවලත් සැලකිය යුතු මට්ටමෙි පිරිසක් මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරල තිබුනා. ඒ වගේම පිරිසක් තුවාල වෙලත් තිබුනා. හැබැයි සතුටු වෙන්න පුලුවන්, මොකද අපිට රෑ දැනගන්න ලැබුනා උංගේ ඩෙත් බොඩි ඇද්දෙ ට්‍රැක්ටර් ගණනාවකින්ම කිහිප සැරයක් ඇවිත් ගිහින් ඇවිත් ගිහින් කියලා. යුද්ධයක කොහෙද අනේ සතුටක් තියෙන්නෙ. සමහරු දුවද්දි ඇදවැටෙනවා සියැසින් දැක්කා. සමහරු පස් බැම්ම උඩ වෙඩි වැදිලා පල්ලෙහාට රූටගෙන නැත්තං රෝල් වෙලා එනවා දැක්කා. ජබෝස් ගාල කානුවට වැටෙනවාත් දැක්කා. කානුවෙ එරිලා හිටපු අයත් අපේ අය බෙිරගත්තා. ඒවා අමිහිරි සිදුවීම්. ඒක මෙතනින් නවත්තමු.
මෙිත් ඒ වගේම දවසක්. ඒ විදියටම ලයින් එක, එක ටයිම් එකටම අප් වෙලා අරවගේම උන්ගේ ලයින් එකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා. හැබැයි එදානං යුධ අගලෙ පස්නෙට අපි ගාව විසඳුමක් තිබුනා. ඒ ඉනිමං. අපිත් එක එක ක්‍රමෝපායයන් වලට ගිහින් ලයින් එකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ ප්‍රහාරය පටන් ගත්තේ උදේ හයයි තිස් දෙකට. අපි බුද්ධාගං කාරයෝනෙ. ජ්‍යෝතිෂ විෂය සම්බන්ධ අය අඳුරන ඉහල නිළධාරින් සුභ මුහුර්ථ අසාගෙන එහෙම තමා ගේමකට බහින්නෙ. එදා හයයි තිස්දෙකට පහර දෙන්න පටන් ගත්තා. හැබැයි එදා අච්චර වෙිලාවක් ලයින් එකට ගහන්න වුනේ නෑ. හේතුව ප්‍රහාරයේ දරුණු කම. උදේ දහය වෙනකොට පසු බහින්න අපිට අණ ලැබුනා.
මෙි පසු බැහීමෙි විශේෂත්වයක් තිබුනා.
එදින උන්ගේ ලයින් එකට පහර දෙද්දිත් පෙර සේම සැරයන් නිශාන්ත අයත් ඒකකයෙන් තමා ඉස්සෙල්ලම ලයින් එක කැඩුවෙි. නමුත් එයාලාගෙ ලයින් එකට මෙහා පැත්තෙන්, ඒ කියන්නෙ වමෙන් ලින්ක් වෙච්චි ඒකකයට ලයින් එක කඩාගන්න බැරිවුනා. ඒ ඒකකයට දැඩි හානි සිදුවීමත් සමග භඨ පිරිස් හිඟතාවය මත එයාලට අඩියක්වත් ඉස්සරහට යන්න බැරිවුනා. අපිත් මෙහෙන් බංකර කිහිපයක් අල්ලගෙන තිබුනෙ. පොඩි වතුර පාරක් ගලාගෙන යද්දි ඒ මැද්දෙන් කකුල තියල වතුර පාර බ්ලොක් කරාම ඒ බ්ලොක් වෙච්චි හරියට නැතුව ඊට දෙපැත්තෙන් වතුර ගලාගෙන යනව වගේ සීන් එකක් තමා මෙතන වුනේ. මෙි බ්ලොක් වෙච්චි තැන බංකර් පේලිය ඉලක්ක කරගෙන ලයින් එක කඩන්න හිටපු අයට උදව්වක් විදියට ලයින් එක කඩපු නිශාන්තගේ ටීම් එකත්,ඒ ඒකකයේ භඨයිනුත් වමට හැරුනා. එතකොට අර දෙපැත්තෙන් ගලාගෙන යන වතුර පාර ටිකක් වැඩිවුනාම හිඩැස පුරවන්න දෙපැත්තෙන් ගලන වතුර එන්නා වාගෙ දෙපැත්තෙ ඒකක දෙක ඒ බංකර් පැත්තට හැරුනා. වමට ඉස්සරහින්ම ඇවිත් තියෙන්නෙ නිශාන්ත. මෙහිදී එදා කොටි විසින් අපූරු යුධ ප්‍රයෝගයක් සිදු කර තිබුනා. ඒ තමා ලයින් එකට රිංගන අපේ අයට රිංගන්න ඉඩදීල පසු බැහැල සිටින බව හඟවමින් මද දුරකට ගොස් සැඟවී සිටීම සහ අපේ අය ලයින් එකට ආහම වට කරගෙන පහරදීම. උන්ගේ ප්ලෑන යස අගේට වැඩ කලා. ඒක කොච්චර බලවත්ද කියනවනං දකුණු පැත්තෙන් ගිහින් වමට හැරුනු සැරයන් නිශාන්තගේ ටීම් එකත් තව ටීම් කිහිපයකුත් ඒ උගුලේ පැටලුනා. අවසානය වුනේ මුහුණට මුහුන සටන් කරලවත් ඒ ටීම් දෙකක් පස්සට ගන්න බැරිවීම. රැලි පිට රැලි වෙරලට එන්නේ යම් සේද, එසේම උනුත් ඉස්සරහට දරුණුම ආකාරයේ ප්‍රහාරයක් ආරම්භ කරමින් ඉදිරියට ආවා. ඉන් පස්සෙ ඇතිවුනේ මං එතෙක් මෙතෙක් මුහුණ දීපු දරුණුම සටන් වලින් දෙවෙනි ප්ලේස් එක ලැබෙන තරමෙි සටනක්. අපේ සහයෝගයත් ඒ කණ්ඩායම් බෙිරාගැනීම වෙනුවෙන් ක්ෂණිකව ගත්තු තීරණයක් මත ඉස්සරහට ඇදුනා. ඒත් අපිටත් ඉදිරියට තව එක අඩියක් තියන්න නොදෙන්න උන් වග බලාගත්තා. මෙතනදී ගුවන් ප්‍රහාර එල්ල කරන්න කිසිම අවස්ථාවක් ආවෙ නෑ. ඒවගෙන් වෙඩි තිබ්බනං අපිත් මැරෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ වෙද්දි චොපර් දෙකත් ආපහු ගිහින් තිබුනේ.
උන්ගේ උපරිමම ශක්තිය නිශාන්තලව මරා දැමීම සහ අපගේ උපරිමම ශක්තිය ඔවුන්ව ජීවග්‍රහයෙන් බෙිරාගැනීම. එහෙත් කුමක් හෝ කාගේ හෝ අවසානාවකට එතනදී ඔවුන් කොටි කණ්ඩායමට කොටුවී තිබුනා. අපේ අය කොතෙක් උත්සාහ කලත් කොතරම් පිරිසික් හිටියත් නිසි කාල වෙිලාවට ඇවැසිම දේ කරගත නොහැකිවුනා. ඒ සටනින් පස්සෙ සැරයන් නිශාන්තට ආයෙ කවමදාකවත් තමන්ගේ රට වෙනුවෙන් යුද්ධ කරන්න ලැබුනේ නෑ. ශරීරයේ උණ්ඩ රාශියක් වැදීම නිසා සිදුවු අධික ලේ වහනයෙන් එතුමා එම රණ භූමියේදිම තමන්ගේ රටෙි ඒකීය භාවය වෙනුවෙන් තම ජීවිතය පූජා කලා. ඒ ඔහුත් සමග ගියපු සහ හිටපු සියල්ලෝම සමග. හැබැයි කොච්චර යුධ උපායයෙහි නිපුනයෙක් වුවත් නිශාන්තට එක තැනක් වැරදී ඇති බවනම් හොඳටම පැහැදිලි කාරණාවක්. ඒ ඔහු බංකර් ලයින් එක දිගේ ඇවිත් එහෙමම නැවතී හිටියනං මෙහෙම දෙයක් නොවෙන්නට බොහෝ දුරට ඉඩ තිබුනා. සමහරවිට ඔහු හිතන්න ඇති ලයින් එක කඩලා, අනෙක් අයත් තමාට සමගාමීව දෙපැත්තෙන් ඉස්සරහට එයි කියලා. නැතිනම් කොටින්ගේ ප්‍රහාරය මදකට අඩුවු නිසා ඊටත් ඉදිරියෙන් තිබූ ඔවුන්ගේ පාලන කටයුතු කල බංකර කිහිපයත් අල්ලගන්න ඔහු තීරණය කරන්න ඇති. කොහොම හරි ටීම් තුනම අපේන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉස්සරහට ගිහින් තිබුනා. එහෙත් රණකාමිත්වයෙන් ඉදිරියෙන් සිටි, උපායයන් අතින් ඉදිරියෙන් සිටි ඔහු, නිර්භීතබව අතින් ඉදිරියෙන් සිටි වීර පුතෙක් වූ ඔහු, රණ භූමියට අහිමි වීම ලක්මෑණියන් කෙසේ දරාගන්නද? ඔහු සහ සගයන් බෙිරාගැනීමට ගියපු ඒකක තුනකට අයත් තවත් සෙබළුන් සැලකිය යුතු ප්‍රමාණයක් එම සටනේදිම තම තමන්ගේ කර්තෘව්‍යයන් ඒ රණ භූමියේදීම අවසන් කලා. එදා බැරිවෙලාවක්වත් සැරයන් නිශාන්තගේ උපාය හරි ගියේනම්, 2009.05.18 නෙමෙි යුද්ධය ඉවර වෙන්නෙ. එහෙනම් ඊට මාසයකට විතර කලින්.
සැරයන් නිශාන්ත, සැරයන් නිළය දක්වා උසස්වීම් ලබා තිබුනේ එකදු නිළ උසස් කිරීමෙි පාඨමාලාවක්වත් නොහදාරා, රණ භූමියේ පෑ දස්කම් වෙනුවෙන්ම ලද උසස් වීම් නිසා. ඔහුට උසස් වීම් නිර්දේශ කල එක්කෙනෙක් වෙන්නෙ වත්මන් යුධ හමුදාපතිතුමා. (ඒ දවස්වලම කල පසු විපරමකදී දැනගත් පරිදි).
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2021.01. 20
මොනව කියන්න ද හිතා ගන්න බෑ
ReplyDeletelike a film....we truly respect our soldiers.
ReplyDelete