කල්ලාර් සෝමපුර ගත කරපු කාලය ජීවිතයේ ටිකක් විනෝදෙන් ගත කරපු කාලයක් කියන්න පුලුවන්. යුධ හමුදාවෙි පළවෙනි වතාවට පාඨමාලාවක් වර්ජනය කරපු අවස්ථාවකුත් මෙි කඳවුරේදී සිදුවුනා. ඒකකයේම පැවැත්වුනු මූලික සංඥා පුහුණු පාඨමාලාවක් තමා එහෙම වර්ජනයකට ලක්වුනේ. ඒක ටිකක් බර කතාවක්.
අපේ ඒකකය පාබල ඒකකයක් විදියට ස්ථාපිත කරපු ඒකකයක්. ඒ වෙද්දි සංඥා බළකායේ පාබල ඒකක දෙකක් තිබුනා. ඒ 5වන සංඥා සහ 6වන සංඥා ඒකකය.
6වන සංඥා ඒකකය මෙි වෙද්දි ස්ථාපිතව තිබුනේ යාපනේ නගරයේ. අදටත් යාපනේ. රිවිරැස ක්‍රියාන්විතයට සමගාමීව ඔිපන් කරපු 6වන සංඥා ඒකකයත් පහේ හිටපු අපිත් අතර තිබුනේ ටිකක් විතර දුරස් බවක්. ඒකට හේතුව මෙහෙම කියන්න බැහැ. ඒත් අපි ඔක්කෝම සංඥා මාතාවගේ දරුවන් වශයෙන් ඔිනෑම තැනක ඔිනෑම අවස්ථාවක සහෝදරත්වයෙන් කටයුතු කිරීමට කටයුතු කලා. පසු කාලීනව හය වෙනි ඒකකයේ සෙබළුන් අපේ ඒකකය යටතේත් අපේ ඒකකයේ සෙබළුන් ඒ ඒකකයේත් වශයෙන් යම් යම් අවස්ථාවල මාරු කර රාජකාරි කිරීමට සැලැස් වූ ඉහල නිළධාරින් කලේ නුවණැති ක්‍රියාවක්. එයින් දෙගොල්ලගේ සහෝදරත්වය ඉහල මට්ටමකට ආවා පමණක් නොව අපේ ඒකකයට ආපු වෙනත් කෙනෙක් ආපහු යන්නත් බලවත් අකමැත්ත ප්‍රකාශ කරන්නට පටන් ගත් පසු ඒ ඒකක දෙකේ මාරු වෙලා හිටපු අය ඒඒ ඒකකවලටම පත්වීම් කරන්නටත් කටයුතු කලා.
හය වෙනි ඒකකයේ හිටියෙ 90%ක්ම පාබල ඒකක වල සෙබළුන්. ගැමුනු, පාබල, සිංහ, ගජබා විජයබාහු ආදී ඒකකවල සෙබළුන් රාශියකගේ සහභාගිත්වයෙන් පිහිටවපු ඒ ඒකකයත් යුද්ධය වෙනුවෙන් පාබල ඒකක එක්ක උරෙනුර ගැටෙමින් සාර්ථක මෙහෙයුම් කීපයකටත් සහභාගි වී තිබුනා.
කෝස් එකක් වර්ජනය කලා කිව්වනේ. මෙි කෝස් එකේ සීන් එක යුධ හමුදාපති දක්වාම ගිය කතාවක්. මමනං ඒ කෝස් එකට හිටියෙ නෑ. ඒත් අපි දැක්කා වෙච්චි දේවල්. අන්තිමෙිට තීරණයවුනේ සැරයන්,කෝප්‍රල්,ලා/කෝ සහ සාසෙ නිළයේ සෙබළුන් විශාල සංඛ්‍යාවක් එකම දිනක යුධාධිකරණය වෙත පමුණුවා ලීම. ඒත් එච්චර ප්‍රමාණයකගේ නිළතල පහත හෙලීම්,දඬුවම් ලබා දීමට සිදුවීමෙන් ඒකකයටත් සමස්තයක් වශයෙන් යුධ හමුදාවටත් වෙන හානිය මත ඒ කටයුත්ත ඉහලම මූලස්ථානයෙන් අවලංගු කර ඒ සියළුම සෙබළුන් නව සංඥා ඒකකයක් පිහිටුවා ඒකට අනුයුක්ත කර අපේ ඒකකයෙන් පිටමං කරන තැනට කටයුතු සිද්ධවුනා. ගොඩක් උපදේශයකයින්ගේ උපදේශකත්වයත් අහිමිවීමට ඒක කාරණාවක් වුනා. එලෙස පිහිටෙව්වෙ හත්වැනි සංඥා ඒකකය. ඒක විවෘත කලේ වන්නි මානුෂීය මෙහෙයුමට සහභාගි වෙන්නමයි. ඒ ඒකකය 57 සේනාංකය සහ 59 සේනාංකය යටතේ ඉදිරිපෙළ සටන්වල නියැලුනු රට වෙනුවෙන් විශාල මෙහෙයක් කල සහ සටන් බිමෙි දක්ෂයින් බිහිකරපු ගෞරවනීය ඒකකයක්. මුලින්ම ඒ ඒකකය 59 සේනාංකයට අනුුක්ත කර ඉතා කෙටි කලකින් නැවත 57 සේනාංකයට යා කරනු ලැබුවා. ඔවුන් නව ඒකකය පිහිටුවීම සඳහා පිටත්ව යාමෙිදී අපි ගොඩක් දුක්වුනා. සමහරු ඇඬුවා. කොච්චර රණ භූමියේ විකුම් පෑවත්, දරුණු අවි ආයුධ පරිහරණය කලත් යුධ සෙබළා යනු ඉතා සංවෙිදී චරිතයක්. පියයන්ගෙන් වෙන්වීම කියන එක ඔිනෑවටත් වඩා විඳින විඳවන හමුදාවෙි, අපි සමහරුන්ගේ වෙන්වීම් දරාගත්තේ ලෝකයට හොරා ඇස් වලින් කඩා හැලෙන කඳුලු වලින්.
මටත් එහෙම සමු දෙන්න අපහසු කිහිප දෙනෙක්ම ඒ අතරේ හිටියා. ඒකෙනුත් ආතල් එකක් ගනු ඇර, අපි වෙන කුමක් කරමුද?
එක දවසක් උදේ නවයට මෙි අය ඔක්කෝම පෝලිම් කරලා සියළු බඩු භාහිරාදිය සමග ආපු ට්‍රක් වලට නැංගෙවුවම ඔවුන් අපි දිහා කඳුලු පිරුනු ඇස්වලින් බලා ඉද්දි අපිත් බිම ඉඳන් ඔවුන් යන්න යන දිහා බලාගෙන හිටියේ පපුවට අත තියාගෙන. මමනම් එහෙම බලාගෙන ප්‍රාර්ථනා කලේ ඒ අහිංසක ජීවිත වලට කුරාකුහුඹු වෙකුගේවත් බලපෑමක් එල්ල නොවෙිවා, නැවත රණ භූමියකදි හෝ අඩුම ජයරත්න එකේදිවත් හෝ අපි අපි මුන ගැසේවා කියල. අපේ ඔිසී කපිතන් ජයතිස්සත් මං දැක්ක දාං හිටපු කණ්ණාඩියට යටින් ඇඟිල්ල දාලා ඇස් දෙක පිහදානවා. ඒත් අපි ඔවුන්ට වෙිදනාබර හිතෙන් සමුදුන්නා. ඉහල ඔිඩර්ස් නෙ.
ඔවුන් ගියපු එකෙන් එච්චරකල් වැඩ පෙන්නපු අපේ ඒකකය ටික කාලයක් යනකම් ගොඩක් පසුගාමී වෙන්නත් ඒක හේතුවක් වුනා.
ඔවුන් ගිය පසු මටනං දරාගන්න ටිකක් අපහසු වුනා. අවුරුදු ගණනාවක් එක කුස උපන් සහෝදරයො වගේ, එක පවුලක් වගේ එකට ඉඳලා යුද්ධයේදිත් දුකටත් සැපටත් අවුවටත් වැස්සටත් එකට එක ඉඳලා ගහ මරා නොගත්තත් රණ්ඩු වෙවී තරහ වෙවී යාලුවෙවී ඉඳලා එකම පිඟානෙ කාපු, එකම කෝප්පෙ බීපු සෙට් එක එහෙම එක පාරටම සමුගත්තම කාටත් දරාගන්න ටිකක් අමාරුයි.
ඉවසං ඉඳලා ඉඳලා බැරිම තැන පහුවදා මමත් මගේම පොටෝ කොපියක් වුනු කෝප්‍රල් විජේසිංහ කියල එකෙකුත් පැය 8ක කෙටි නිවාඩුවක් දැම්මෙි ඔිසීට අල්ලේ පැලවෙන ටොම් පචයක් අතෑරලා කන්තලේ යන්න. ඒකට අවසර ලැබුනා. අපි කන්තලේ ගියා. කන්තලේට යද්දි දවල් දොලහට ඇති. අපි දෙන්න කතාවෙලාම ආවෙ හොඳට බොන්න. විජේසිංහත් කීවෙි "ඔව්වනං මොනවද අනේ, හැබැයි පලිගන්න එකනං ඉහලින්ම තියෙන්න ඔිනේ ඈ" කියල. අපි දෙන්න තරහයි දුකයි ආතල් එකයි ඔක්කොම එකට එකතු කරලා ගල් බෝතල් දෙකක් ගත්තා. දෙකක් ගත්තේ එකක් ගෙනියන්නත් එක්ක. පස්සෙ ඒවට අවශ්‍ය අඩුම කුඩුමත් සිරි සිරි මල්ලක දාගෙන පයින් කිලෝමීටරයක් විතර කල්ලාර් පැත්තට ඇවිත් ඉලුක් ගාලකින් වට වෙච්චි හොඳ හෙවනක් එහෙම තියෙන කමතක සෙට්වුනා. මෙහෙ එතකොට ගොයම් පීදෙන දවස්. අපි දෙන්නා පීදෙන ගොයම් දිහා බලාගෙන හිතේ හැටියට නිදහසේ පුලුවන් තරම් බිව්වා. එක බෝතලක් බොමු කියල කතාවුනත් දන්නෙම නැතුව තව එක සොට් එක ගානෙ ගමු කියල දෙකම කැඩුවා. දෙවෙනි එක කඩන්න පටන් ගන්නකොට අර අනුන්ගේ කුඹුරු වල ගොයම් කපපුවම බිම වැටිලා ඉතුරු වෙන ගොයම් ගස් එකතු කරලා ඒවා විකුනලා සුනාමියක් අරන් ඒක කුලියට ගොයම් වැඩවලට යොදවලා ඒ සල්ලිවලින් කැන්ටර් දෙකක් අරගෙන ඒවගෙන් වී ඇදලා, විකුනලා, වී මෝලකුත් හදලා රටෙි හාල් අවශ්‍යතාවයෙන් සීයට පනහක්ම අපි දෙන්න සපයන තත්වෙට ආවා. ගෙවල් දෙකකුත් හැදුවා කෝමද දන්නවද ඒ කුඹුරු අයිතිකාරයින්ට ඇඬෙන්ඩ. දියුණුව කියන්නෙ එහෙමයි පෙන්ස්. ඒ දවස්වල සුපිරි ප්ලෑන් අපි ගාව තිබුනෙ, අද මෙිම හිටියට.
එහෙම කඩපු බෝතල් දෙකම නැතත් සිහිය ඔල්මොරොන්දම් වෙන්න හිමීට හිමීට බොන එක බිව්වා. අපි දෙන්නා කතාවුනේ අද යන්න බැරිවුනොත් කෝල් එකක් දීල පාරෙ හරි බුදියල හෙට කෑම්ප් එකට යමං කියලා. අපි දෙන්න බිව්වා. බොනව විතරයි මතක. අදටත් මග හරියක ඉඳන් කඳවුරට ආපු විදිහ මතක නෑ නෙමෙයි දන්නෙ නෑ. හැබැයි මට මතකයි චුට්ටක් සිහියෙන් ඉද්දි සීඑස්එම්ගෙන් කෝල් ආවා, කොල්ලන්ගෙන් කෝල් ආවා, දැං කොහෙද ඉන්නෙ අහන්ඩ ද කොහෙද . ඒත් මුලින් ඒ එකකටවත් ආන්සර් කරේම නෑ. පස්සෙ හොඳට වැදිල ඉද්දිනං මොනා වුනාද දන්නෑ. මං ගාව එතකොට තිබුනෙ සෝනි එරික්සන් කේ 530 පෝන් එකක්. පහුවදා තමා හරියටම දන්නෙ කෝල් වලට ආන්සර් කරාද නැද්ද කියලා. ඒව ඒ ඒ ගොල්ලොම මට කිව්වා. ඔිසීට කෝල් අරං බාප්පෙ කොහොමද කියල අහලා, සීඑස්එම්ට මචං කියලා, (හොඳම එක කියන්නෙ සීඑස්එම් වෙනුවට වැඩ බැලුවෙ සරඹ උපදේශක තුමා)ආයෙ එයාගෙන් බබා හුකුන්ද කියල අහලා,එයා බැන්නම අන්තිමෙිට මං ආයෙ කෑම්ප් එකට එන්නෙත් නෑ පුලුවන් දෙයක් කරහං කියල, ඒක එතුමා ප්ලැටුන් සාජන්ට කියලා, ප්ලැටුන් සාජන් කෝල් ගත්තම පොරට බැජී කියල, සීඑස්එම් බැන්න කියලා එතුමාව බාවනව කියල, එහෙම කිව්වම පොර අපිට බැනල පොරට මායි අරුයි පට්ට කුනුහරපෙන් මාරුවෙන් මාරුවට බැනලා, එහෙ එක ගිනි විජ්ජුම්බරයක් වෙලා සැරයන් ඔිසීට රිපෝර්ට් කරලා, ඔිසීගෙන් "බාප්පෙ කෑම වලට ලුනු ඇද්ද" "කෑම හොඳයිද" ඇහුව කියල, ඒක එතුමා සාජන්ට රිපෝර්ට් කරලා, මුලු කඳවුරම ගිනියම් වෙලා ,පස්සෙ ඔිසී අපිව ඉන්න දිහාකින් හොයාගෙන වරෙව් කියල හතර දෙනෙක් එවලා, ඒ ආපු එවුන් අපි ඉන්නෙ කොහෙද කිය කිය අහ අහ කරදර කරනකොට උන්ව වෙන කොහෙද යවල, පස්සෙ ආයෙ මං බය බැචෙක් එක්ක තව එකෙක් එවල මගේ දණහිසට පල්ලැහැං කකුල් දෙකම කඩල ඉන්න දිහාකින් හොයාගෙන අරං වර කියල. හොයාගන්න බැරිවුනොත් උන්ටත් ආපහු කෑම්ප් එකට එන්න එපාමයි කිව්වලු. දැඟලුවොත් හරි බැරිම උනොත් හරි බෙල්ල අංසක එකසිය අසූවක්ම පස්සට කරකල ඇලකට විසි කරන්න කියලත් කිව්වලු. එයා වග කියන්නං කියලත් කිව්වලු. මොකද උන්නාන්සෙලම දන්නව මාව වෙඩි තියල මැරුවත් ගෙම්බෙක් වෙලා හරි ආපහු කඳවුරට එනව කියල
උං ඒව මට පස්සෙ දවසෙ කිව්වෙ. ප්ලැටූන් සාජන් එක්ක සමලිංගික සේවනයේ යෙදෙන්නත් ආසාවක් තියෙනවා කිව්වලු මං. ඒ නං පට්ටපල් බොරු උන්දැගෙ. මං ඒ සබ්ජෙක්ට් එකට නෑ. ඊටත් සැරයන් කෙනෙක් එක්ක. හොඳ වෙලාවට මං සීඔිට කෝල් අරං නෑ. ඒ නම්බරෙත් පෝන් එකේ සේව් කරල තිබුනෙ. එහෙනං නාහෙත් විදල තාම තල් ගහක කකුල් දෙකෙනුත් එල්ලල පැද්දි පැද්දි ඉන්නව පැන්සනුත් නැතුව.
එතන බීල ඇති වෙලා අපි දෙන්න බෝතල්වල ඉතුරුවයි ඉස්සර පයිට් කුප්පියයි වඩෙි උන්ඩියයි කිහිලි ගන්නගෙන පාරෙ පුලු පුලුවන් විදියට එන්න ආවා. ඒ පයින් කෑම්ප් එකට එන්න. ඒ එද්දි මට මතකයි මග එක දොරක් ඇරල තිබුනු පුංචි කඩෙිකින් ඒකෙ කන්න දෙයක් ඇත්තෙම නැතුව අමුවෙන් සෝයාමීට් පැකට් එකකුත් අරන් කෑව කෑව වගේ.අපි ආවෙ අරුන්දැලට කියපුව ගැනත් කතා වෙවී හිනාවෙවී "මැමැමැමැ..චැං ම්ම්ම්ම්මැමැචෝ වෙවෙවෙවෙවෙන ද්ද්ද්ද්දෙයක් ව්ව්ව්වෙන්නෙ හෙහෙහෙහෙහෙහෙටනෙ" කිය කිය. ආයෙ එහෙම එද්දි ආමි වාහනයක් ඇවිත් නතර කරලා "කොහෙත් තොපි යන්නෙ" ඇහුවා. අපි එවුන්දැල ගෙනුත් ගේම ඉල්ලුවා. දසම අනූ නමෙං කියපුවට ගුටි නොකා බෙිරුනේ. ඒත් අපි ආමි කියල කිව්වෙ නෑ. එතකොට සිහිය යාන්තම් තිබුනා. එ් වෙද්දි ඇති හවස හතරට පහට විතර. ඔහොම අපි සෑහෙන දුරක් ආවා. ඒ ආවෙත් බිබී. නවතිනවා, සොට් එකක් ගහනවා, ආයෙ එනවා. නවතිනවා සොට් එකක් ගහනවා ආයෙ එනවා. වැටෙනවා, ආයෙ නැගිටිනවා, වැටෙනවා ,ආයෙ නැගිටිනවා. එකෙක් වැටිල උස්සන්න යනකොට දෙන්නම වැටෙනවා, ආයෙ දෙන්නම එකතු වෙලා කොහොම හරි නැගිටිනවා.
අපි බිව්වෙ පාරෙ තියාගෙන. (මෙි වෙලාවට ඒ පාරවල්වල බලු බල්ලෙක් නෑ.ඒ කොටි කචල් හා අලි හිංද.මෙි වෙලාවට හමුදාවෙ පොලිසියෙ වාහනයක් ඇරෙන්න වෙන වාහනයක් ගියත් ඒ කලාතුරකින් බයම නැති එකෙක් විතරයි) අපි ආපු පාර දිගේම වඩෙියි බයිට් ගත්තුවයි හැලිලා. ඒ ආතල් එක වැඩි වෙලා කරපු දේවල්.
මට මතකයි ගස්වල වහල හිටපු කොක්කුන්ටත් වඩෙි වලින් ගහලා "සිංදුවක් කියපිය" කියනවා.
අරුන්දැලා අපිව හොයන්න ආවත් එන්න ඔින ටීවීල් එකක් හයර් කරං. එහෙම එකක් එනව දැක්කොත් අපි දෙන්න කතාවුනේ දෙපැත්තෙ ඇලවල් දෙකට හරි බැහැල හරි හැංගෙන්න. මොකද මං දන්නවා ඔිසී අනිවාරෙන්ම බැචාව එවනවාමයි කියල. ඊට කලිනුත් ඔික වුනානෙ. ඒකාට අණක් ගුණක් නෑ පෙන්ස්.
ඒ අස්සෙ පිටිපස්සෙං ටීවීල් එකක් ඇවිත් අපි දෙන්න ගාවින් "කාස්" ගාල නැවැත්තුවා. ඒකෙ ආපු බුවා ඇහුවා "මල්ලිලා කොහේටද?" කියල. අපිත් කිව්වා කල්ලාර් වලට බුදු අයියේ කියල. පොරත් අපිව ගිහිං දාන්නං කියල පොරොන්දු වෙලා නග්ග ගත්තා. ටිකක් දුර එනකංම මං ඌව බැලන්ස් කලේ ඉතුරුව බොන්න තැනකින් නවත්ත ගන්න. පස්සෙ අපි තුන්දෙනාම මග නැවතිලා ඉතුරුවෙලා තිබ්බ බාගෙයක් විතර ඉවර කලා. ඒත් අනේ මංද මදි මදි වගේ. ආයෙ අර හාදයව ආපහු හරෝගෙන ඌත් එක්කම කන්තලේට ඇවිත් ආයෙ බෝතලයක් අරන් ටීවීල් එකට තෙලුත් ගහගෙන ඇවිත් මගට වෙලා ආයෙ බිව්වා. දැං දුක දෙපිටින් ගිහින් ආතල් ලෝකයක් මැවිල තිබුනෙ. ඒ බෝතලෙන් සොට් දෙක තුනක් ගැහුවට පස්සෙ තමා අපි දෙන්නට මොනව හරි වුනේ. ඒ කියන්නෙ සිහිය නැතිවුනා වගෙ දෙයක් වුනේ. පහුවදා දොලහට විතර සිහිය එද්දි ඉස්සරහින් කලු පාට දඩ සයිස් යකඩ කබ්මි වලින් හදපු දැල් දැල් දොරක් තියෙන කාමරේක හිටියෙ. කබරයානම් දාල නෑ සැප නින්ද. මං ඔලුව උස්සල බලල ඉන්නෙ කොහෙද කියල වැඩි තේරුමක් නැතුව ආයෙ නිදා ගත්තා. පස්සෙ ආමි යුනිපෝම් ඇඳගත්තු කොල්ලෙක් අපිට කෑම දෙකක් ගෙනත් දුන්නා. හැබැයි ටිකක් පොරව දැකල පුරුදුයි පුරුදුයි වගේ ගතියකුත් ඒ වෙලාවෙ තිබුනා. මාර පුදුමෙ කියන්නෙ ඌ මට "කෝපල් ආරච්චි" කියලත් කතා කලානෙ. ඊට පස්සෙ තමා උගෙන් "මෙි කොහෙද බං" කියල ඇහුවෙ. යකෝ මාරයිනෙ. ඒ අපේ කඳවුරලු. අපි ඉන්නෙ සෙල් එකේලු කියලත් කිව්වා. ඒකත් මාරයි. මට යන්තම් හීන් දාඩිය දාගෙන ආවෙ වෙරි හිඳෙන්න හිඳෙන්න වගේ. ඔිසීට සීඑස්එම්ට කියපුවයි, සාජන් හපුගොඩට බැනපුවයි මතක් වෙලා ඒ දාඩිය පාර දෙගුණ වුනා.
ඔිසී නං කිව්වලු එයාගෙ අනුදැනුමක් නැතුව අපි දෙන්නව එලියට දාන්න එපාම කියලා. අපි ඇහැරිලා පැයක් විතර යද්දි සීඑස්එම් ආවා. ඇවිත් බැනල බැනල ගියා. ඊලඟට සාජන් හපුගොඩ ආවා. එයා නං වැඩිය මුකුත් කියන්න ගියේ නෑ, කිව්වෙ එළියට වරෙල්ලකො, තොපි දෙන්න ඇල බංටෙක උඩට අරං ගිහින් හිටෝලා වෙඩි තියල මරනවාමයි කියල විතරයි කිව්වෙ. නිකංමත් නෙමෙි බිත්තියෙ අත ගහල දිව්රල කිව්වෙ. අන්තිමෙිට හවස හතරට විතර ඔිසී ඇවිත් අපිට හරි ආදරෙන් කතා කලා. ආදරෙන් කතා කලා කිව්වෙ, ඒ කියපු වචන අස්සෙ ආදරණීය වචන දෙක තුනකුත් තිබුනා තෝ, බල්ලා,වෙිසාවා, ගස් ගෝනා, ගොං ප&@%යා වගේ එව්වා. මට ඇහුනා එතුමා ගාඩ් කමාන්ඩර්ට කියනවා "දොර ඇරපිය, මට මුංව මරල කන්ඩ" කියල කියනවත්. හැබැයි කයිම කියල හිතුන හිංදමද මංද ගාඩ් කමාන්ඩරුත් දොරනං ඇරියෙ නෑ. අපි දෙන්නා වැනි වැනි සීරුවෙන් හිටගෙන හිටියෙ. එතකොටත් වෙරි. ගාඩ් කමාන්ඩර්ගෙ වැඩෙි ගිනිගත්තු ඔිසී නිමන එක. එහෙම වෙච්චි හිංද හොඳා.
කන්තලේ යද්දි ඇඳන් ගිය ඇඳුමෙන්ම ශෙල් එකේ එදා රැයත් ඉඳලා පහුවදා රැයත් ඉඳලා එලියට ආවා. සුදු පාටට ඇඳගෙන කන්තලේ ගියපු අපි මෙි වෙද්දි බොරලු පාරක් වගේ පාට වෙලා. මුළු කඳවුරම දැනගෙන සීන් එක. ගොඩක් අය හිනාවෙන එක තමා කලේ.අපේ සෙට් එකේ උන්නං කිව්වෙ ඔිසීගෙන් ලුනු ඇද්ද අහපු එකනං පව්, සාජන්ටයි ඩී අයිටයි බැන්න එකටනං හොඳමයි කිව්වෙ. පස්සෙන් පහුවදා උදේ නවයට අපි දෙන්නව එලියට ගත්තා. අරං ඔිසී හමුවට පැමිණෙව්වා. මං කෝල් ආන්සර් කරල කියපු දේවලුයි, කෝල් අරං කියපු දේවලුයි ගොඩක් දේවල් මං කිව්ව කියල ඔිසී කිව්වා. රෑත් මගෙ වැඩෙිම ඔිසීගෙ සීඔිගෙ ඉඳන් හමුදාපති දක්වාම බැන්න එකලු. කුණු හරපත් කිව්ව කියල කිව්වා. එක පාරක් සිහිය ඇවිත් ගාඩ් කමාන්ඩගෙන් තුවක්කුවකුත් ඉල්ලුවලු අපි දෙන්නව සෙල් එකේ දාපුවනුයි කෑම්ප් එකේ එවුනුයි බාවල හිරේ යන්ඩ. අපිව ගේට්ටුව ගාව ඉඳන් මිනී දෙකක් වගේලු උස්සං ඇවිත් ශෙල් එකට දැම්මෙ කියලත් කිව්ව. අර හාදයා දන්නැතුව බැචාගෙන් ගේම ඉල්ලුවම ඌටත් අම්බානක නෙලවලු මූ.
පස්සෙ සීඔිට දාල චාජ් එකේ දක්කනවමයි කියල ඒ වෙලාවෙ අවවාද අනුශාසනා ගොඩක් දීලා, ඔිසීගෙ පන තියෙනකං අපි දෙන්නට පාස් කැන්සල් කරල අවසානෙට තමා පර්ස් එකයි,පෝන් එකයි,චෙින් එකයි දුන්නෙ. ඊටත් පස්සෙ තමා අපි දෙන්නව ඩීඅයිට බාරදුන්නෙ. එතුමානං මුකුත් කිව්වෙ නෑ ඇහුව විතරයි. "තොපි ආයෙ ඔය වාගෙ කැ%@$ වැඩ කරනවද? කරනවද? කියල අහ අහ ඔන්නං එක කනටට පාරවල් හතරක් දෙන්න ඇති. ඒක එතනින් ඉවරවෙන්ඩ යද්දි ප්ලැටුන් සාජන් හොම්බ දාන්ඩ එනකොට තමා අපි දෙන්නට මාරා වෙිශවුනේ. ඒක දැනගත්තු හිංදමද මංදා ඩී අයිතුමා සාජන්ව ඒ ෆීල්ඩ් එකෙන් අයින් කලා. හැබැයි ඉතින් සැරයන් එක්ක අපිත්,අපි එයත් එක්කත් තරහක් නෑ. එයාගෙ හිතේනං මං දන්නෑ, මගේ හිතේනං නෑ. සින්නපරන්තන් වලදි මගේ ටීම් එකත් එක්ක තව කීපදෙනෙක් කොටින්ට අහුවෙන්ඩ යද්දි පන පිටින් බෙිරගත්තෙත් එතුම ගේ ටීම් එකෙනුත් එයාගෙ අණට ආව තව ටීම් කීපයකුත් විසින් තමා.
හැබැයි එදා ඉඳන් අපිට ආයෙ කවදාවත්ම පාස් ලැබුනෙම නෑ. බොන්නම උනෙත් නෑ. චාජ් එකේ ගියෙත් නෑ. සීඔිට කොහොම කටක් ඇරල කියන්නද අපි කියපුවා කියල හිතෙන්න ඇති. බැරිවෙලාවත් චාජ් ෂීට් ගැහුවනං ඒක දෛවයේ සරදමක් වෙනවා. ඇයි යකෝ මගෙ චාජ් ශීට් එක මමම එපෑ ගහගන්න. හැබැයි පස්සෙ දවසක ඔිසීම කිව්වා ඩීඅයි හිංද තමා තොපි දෙන්න බෙිරුනේ, නැත්තං තාම පයිවට් කියල.
මම විටින් විට කරපු ලිපිකරු ජීවිතයේ දරුණුම චාජ් ශීට් එක ගැහුවෙත් කල්ලාර් වලදි අපේ කොල්ලෙකුට විරුද්ධව. ඒ "මරණ දඬුවම ලැබිය යුතු සතුරා සම්බන්ද වරදවල් (95ඊ) වගන්තිය ඇතුලත්ව තවත් වගන්ති දෙකකින්. ඒ හේතුව දරුණු ඝනයේ එකක් වුවත් ඒක මෙහිලා පැවසීම නුසුදුසු හෙයින් කියන්නෑ. පසුව ඔහු යුධමය හේතූන් මත යම් මානසික අවුලක් ඇති බව ඔප්පුවී ප්‍රථිකාර වලට යොමුකලා වුවත් ඒ තත්ත්වය සුව වූ බවක් නම් දැන ගන්න ලැබුනේ නෑ. එකම එක දවසක් පනාගොඩදි ඔහු මට හමුවුනා. ඒ ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ. ඒ වෙන විටත් ඔහු සුව වී තිබුනෙ නෑ. පනාගොඩ නිදැල්ලෙ ඇරපු හරකෙක් වගේ හිටියෙ.
ඉවර නෑ...............
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2021.01.25
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDelete