Wednesday, January 13, 2021

මාවිල්ලාරු 03



සටනක් යද්දි ඒ සටනට සහභාගි වෙන්න සෑම සොල්දාදුවෙකුටම තියෙන්නෙ හෙන උණක්. ඒ උණ මටත් තිබුනා. ඒ අනුව මටත් තව හතර දෙනෙකුටත් විශේෂ බළකායේ ගුවන්විදුලි ක්‍රියාකරුවන් වශයෙන් රාජකාරි සඳහා යාමට අවස්ථාවක් ලැබුනා. ඒත් මට හිතපු තරං කාලයක් එහෙ ඉන්න බැරිවුනා. රැවුලත් වැවීගෙන ආව විතරයි මූලස්ථාන කණ්ඩායමෙි පැවති ලිපිකරු හිඟතාවයක් මත මට නැවත මූලස්ථානයට ඇවිත් කණ්ඩායම් මූලයේ ප්‍රධාන ලිපිකරු විදියට රාජකාරි භාරගන්න වුනා. 

 ගිහින් එස්එෆ්ලත් එක්ක හිටපු ටික කාලෙදි හමුදා ජීවිතේට පුදුමාකර අත්දැකීම් කිහිපයක් එකතු කරගන්න හැකිවුනා. හමුදා ක්‍රමෙිට එස්එෆ්ලට ඔපරේටර්ස්ලා ඔින වුනාට ඒක කරගෙන ගියේ දෙගොල්ලොම සහයෝගයෙන්. බොහෝවිට එස්එෆ්ලත් එක්ක සමහර තැන්වලට යන්නත් සිදුවුනා. ඒ ක්ෂණිකව ප්‍රහාරයක් සැලසුම් කලාම, ඒ ප්‍රහාරයන්වලට කලින් ඒ ප්‍රදේශයට ගොස් පැය කිහිපයකට හෝ දවසකට, දවස් තුනකට ආදී වශයෙන් ස්ථානගත වෙද්දි ඒ අයට සංඥා සම්බන්ධතාවය පවත්වා ගැනීමට කටයුතු කිරීමට. මං ඇතුලත්වුනේ ඇල්ෆා ගෘප් එකට. ඒකෙ හිටියා ලුතිතන් විජේමාන්න (මතක විදියට) සහ සැරයන් ෆිනිෂ් කියල දෙන්නෙක්. සැරයන් ෆිනිෂ් කියන්නෙ භාරගන්න ඔිනම ටාගට් එකක් ඒ වෙනකම් මග හැරිල නෑ. ෆිනිෂ් කරලම තමා එන්නෙ. ලුතිතන් විජේමාන්නත් සැරයනුත් මට එකතුවුනේ සංසාරගත බැඳීමකට වගේ. මෙහෙ ආරච්චිගෙ රොටීවලට පුදුම ඉල්ලුමකුත් තිබුනා. එස්එල්එන්ජී ඒකකයකින් ඉල්ලගන්න පිටිවලට ටීපනස් හයෙන්ම ගාගන්න පොල්,සැමන්,කීං කැකර්,චීස්, රටඉඳි,කර දළු,කිරි පිටි,සීනි ආදී රෙෂන් පැකට්වල තියෙන ඒවත්, මදි වුනොත් කියල හිතුනොත් තේකුඩුත් දාල, අදටත් හොයා ගත්තු නැති හැඩෙිකට හැදෙන රොටී කාපුවම කෙලින්ම සතියක් නෝ ටොයිලට්ස්. නෝ ෆුඩ්ස්. ඔන්ලි බ්ර්ර්ර්ර්ර් බ්ර්ර්ර්ර්ර් බ්ර්ර්ර්ම්ම්ම්... පූක් ටුක් ටුක්..

වතුර විතරයි වැයවෙන්නෙ තිබහට. ආපහු ටොයිලට් යන්න ඔින්නම් ඇතුලට ආපු දවසට කොහොඹ පොත්තක් තම්බල බීවනං සුද්දයි,නිවාරනයි, කලිසමෙි නොයන්න තම තමන් වග බලාගන්න ඔින.


ලුතිතන් විජේමාන්න කියන්නෙ නිළධාරියෙක් වුනාට කොයි වෙලාවකවත් තරු පැලැන්දුවෙම නෑ. කඳවුරේ ඉන්නෙ ටීෂර්ට් එක පිටින්. රාජකාරියකට යන්න එකම විදියට කට්ටියම  නිළ ඇඳුම ඇන්දම සෙසුනිළයා කව්ද,නිළධාරියා කව්ද කියල හොයාගන්න අමාරුයි. මං ගිය දවසෙ මෙයාලා හිටියෙ රාජකාරියකට ගිහින්. ඇවිත් කට්ටියම එකට බංකරයක් ගාවට වෙලා තිබුන ගහක් යට නිදාගෙන හිටියෙ. මං හිටියෙ අහල පහල ගස්වල ඇන්ටනා  දද දදා සිග්නල් හොය හොය. මට ඔින වුනා මෙි ගහටත් ඇන්ටනාව දාලා සිග්නල් අහුවෙනවද බලන්න. ඒකට ගහට නගින්න ඔින. ගස් හෙවනෙ නිදාගෙන හිටපු කට්ටිය ඇහැරවන්නත් දුකයි. ඒත් තව පැය දෙකක් විතර කාලයක් ඇතුලත කූගර් බෙිස් දෙකකටත් ඒගොල්ලන්ගෙම සීඔි කෙනෙක්ගෙ ලෑන්ඩ් රෝවරයක හයිකරල තියෙන බෙිස් ස්ටෙිෂන් එකකටත් සම්බන්ධතාව දීල මාත් ඒ වාහනේම අත්‍යවශ්‍ය රාජකාරි ගමනක් යෑමට අනිවාර්යය වෙලා තිබුනෙ. ඊට කලින් කනෙක්ෂන් එක හදාගන්න ඔින නිසා ගහට හේත්තුවෙලා පපුවෙ අත්දෙක තියාගෙන නිදාගෙන හිටපු හමුදා කාරයට මට ඇහැරවන්න සිද්දවුනා.

*සමාවෙන්න කෝපල්. චුට්ටක් ඉන්න බෑද මං ගහට නගිනකං. 

මා දිහාත් ඇන්ටනාව සහ උපාංග දිහාත් බලල යන්තමට හිනාවුනු කෝපල් මට ගහට නගින්න ඉඩ දුන්නා. එතනට සිග්නල් අහුවෙනවා. සිග්නල් අහුවෙනවා කියන්නෙ ඒ වෙද්දිත් ලයින් එකේ දුර තිබුනු සෙට් දෙකක් ඇහෙනවා කියන එක. තැනින් තැන ගස්වලට යන්න උනෙත් ඒ සෙට් දෙකේ කෝඩ් සයින් කිය කිය ඇහෙනවද අහ අහ. ඒ ගහේ මුදුනටම ඇන්ටනාව දැම්මම ඒ සෙට් දෙක ඇහෙන්න ගත්තා. සෙට්වල කතා කලේ යට හිටපු මගේ සහායකයා සහ රේඩියෝ රූම් එකේ හිටපු එස්එෆ් ඔපරේටර්. ඔක්කොම සෙට් ඇහෙනවා කිව්වම මං ගහෙන් බැස්සා. බැහැල මට ගහට නගින්න ඉඩ දුන්නු කෝපල්ට;

*හරි කෝපල් දැං නිදාගන්න මගේ වැඩෙි හරි

*කෝපල් ඔයා අදද ආවෙ මෙහෙට..

*නෑ මචං..මං ඊයෙ ආවෙ

*හම්මට...කීදෙනෙක් ආවද?

*හතරයි

එතනින් එහාට ගිය කතාව මාව බයිට් කරනවා කරනවා වගේ තේරුනු හිංදත්,වැඩිය අඳුරන්නැති ඈයොත් එක්ක වැඩි කතාවට ගියොත් මගේ කටත් හොඳ නැති හිංද කැපිල එන්න හදද්දි එයාම එයාව මට අඳුන්නලා දුන්නා. එහෙම තමා ලුතිතන් විජේමාන්න මට සෙට්වුනේ. ඒත් මට නිකන්ම කියවුනා "නිළධාරියෙකුට මචං කිව්ව දෙවෙනි වතාව සර් මෙි" කියල.අනික් ඇහැරිල හිටපු උන්දැලත් ඉඟියකින්වත් මට කිව්වෙ නෑ මෙි ඉන්නෙ නිළධාරියෙක් කියල. 


නැවත ඒකකයට ආපු මාත් හිතෙන් දුක්වෙවී එස්එෆ්ලත් එක්ක ගත කරපු කාලය සිහිකර කර අදාල වෘත්තීයේ නියැළුනා. ඒ ඉද්දි තමා දවසක් මුරපති රාජකාරියෙන් නිදහස් වෙච්චි දවසෙම  මට වෙන කෙනෙක් වෙනුවට දවසේ කාර්‍ය භාර කෝපල් වශයෙන් රාජකාරියක නිරත වෙන්න සිදුවෙන්නෙ. දවසේ කාර්‍ය භාර කොනොනි කියන්නෙ හරි අමාරු රාජකාරියක්. උදේ අටයි තිහට ඇරඹෙන සෙබළාගේ නිළ ඇඳුමි පරීක්ෂණයේ සිට  රාත්‍රී කෑම එක දක්වාත්, රෑ දහයට කඳවුරේ විදුලි ලාම්පු නිවීම දක්වාත් රෑට පැය දෙකක මුර සංචාරයකුත් එක්ක කරන ඒ රාජකාරිය, වෙහෙසකර හා වගකීම් රාශියක් පැවරුනු මහ අමාරු එකක්. ඒ වෙද්දි මං ඔිසීටත් නිරීක්ෂණය වෙලා අනම්මනම් කතා ටිකකුත් අහල හිටියෙ. ඒ ඊයෙ මුරපති රාජකාරිය ඉඳපු දවසෙ හවස. (ඒ කතාව යට තියෙන්නෙ)


අපේ ඒකකයට අනුයුක්ත කරල හිටියා තාවකාලිකව ශ්‍රීලංජාආබමු ඒකකයට අයත් නිළධාරියෙක්. ඒ ලුතිතන් පියසේන. අපේ ඔිසී එදා හවස නිවාඩු යන්න  හිටියෙ. ලිපි ලේඛණ වල අත්සන් කරන්න සීමාවකට යටත්ව සමහර බලතල මෙි ලුතිතන් පියසේනට  ලැබී තිබුනා. එදා මහ මුස්පේන්තු දවසක්. උදේ නැගිට්ටෙත් ගාඩ්රූම් එකට කොල්ලන්ගෙ පතුරම් භාරදෙන්න ඇවිත් ඇහිච්චි ගොරනාඩු සද්දෙත් එක්ක.. දවස පටන් ගත්තෙත් මූන හෝදන්න ගිහින් ඉද්දි බිලට් එකේ වෙච්චි වලියකින්. කෑමට යද්දි කෑමත් ඉවරයි. මෙස් එකේ ඉන්න ඈයන්ට සද්දෙකුත් දාලා විනාඩි දහයෙන් කෑම එකක් හදා දියව් කියල මං ආයෙ ආව ඔෆීස් එකට. ඒ එනකොට හදිසි ලියුමක් ගහගන්න ලුතිතන් පියසේන කාර්යාලය ඉදිරිපිටට ඇවිත් මං එනකං බලා හිටියා. මාව දැක්ක ගමන් අතිනුත් කතාකරන ගමන් කටිනුත් කතාකරල:

"කෝපල් මෙි ලියුම ටක් ගාල ගහල දෙන්නකො හදිස්සියි" කියල ඉල්ලීමක් කලා. මාත් ඒ වැඩෙි තිබ්බ හදිසිතාවය මත ඒ4 කොල තුනකුත් රයිටරේට දාල ලියුම ගහගෙන ගහගෙන ගහගෙන ගියා. විනාඩි දෙකයි ගියෙ වැඩෙි ඉවරයි. එතුමා නියමිත තැනින් අත්සනුත් කරල මට කිව්ව, අපේ වාහනයක් ගේට්ටුව ගාව තියෙනවා,ඒකෙ මෙිජර් හේවාහැටට ගිහින් මෙික දෙන්න කියල. මෙතුමා අත්සන් කලේ එයාලාගේ ඒකකයේ උපකරණ අංශයට අයත් ලියුමක්. ක්වාටර් මාස්ටර් කෙනෙක් වුනු ලුතිතන් පියසේන අත්සන් කරල දුන්නු ලිපිය මාත්  ෆයිල් එකක් අස්සෙ ගහගෙන හැටට හැටෙි දුවල ගිහින් මෙිජර් හේවාහැටට දුන්නම ඒක ෆයිල් එකෙන් අරන් කියෙව්ව එතුමා;

*කව්ද අයිසෙ මං නොදන්න ලුතිතන් පයිසේන?

*පයිසේන කියලනං කව්රුත් නෑ සර්, ලෙෆ්ටිනන්ට් පියසේන කියලනං ඉන්නව කියල මං පිළිතුරු දුන්නා. ඒත් එක්කම ලුතිතන් පියසේන අයත් ඒකකයේ උප අණදෙන නිළධාරි වූ මෙිජර් හේවාහැට එයාගෙ සීඩීඑම්ඒ දුරකතනෙන් ලුතිතන් පියසේනට කෝල් එකක් ගත්තා.

*පියා, උඹ මටත් නොකියා නම වෙනස් කලාද බං? 

*නෑ සර්,ඇයි.?

*මං හිතුවෙ වෙනස් කරල කියල, මෙිකෙ තියෙන්නෙනං පයිසේන කියල.. කියන කොට තමා මට වැඩෙි මීටර් උනේ.

 හදිස්සියට ඉතින් ඉස්පිලි පාපිලි ටිකක් එහෙ මෙහෙ වෙනව තමා සෑර්.. ඔිකට ඉතිං එව්ව මෙව්ව කියන්ඩෝනෑ... ආයෙ ඒ ලියුම අමුතුවෙන් ගහල දීල දවසේ රාජකාරියට කට්ටිය ඉන්නවද බලද්දි ඔිර්ඩිලි කෝපල් ඉන්න බුවාත් තාම එලියට ගිහින් ඇවිත් නෑ. ඒ අස්සෙ ඒ රාජකාරියට දාන්න වෙන කෙනෙකුත් නැති නිසා රාජකාරියකින් ඔිෆ් වෙච්චි ගමන් ඒකටත් කර ගහන්න වුනේ මට.  ඒක එහෙම වුනේ මෙි වෙද්දි අපේ භඨ පිරිස් තැන තැන විසිරිලා සිටීම හා අධික රාජකාරි තත්ත්වය මත. මාත් එක්ක කඳවුරේම හිටියෙ කෝපල්ලාම හතර දෙනයි. තුන් දෙනෙක්ම එලියෙ රාජකාරි. මාත් "මට හොඳ වැඩෙි" කිය කිය ගිහින් සීඑස්එම්ගේ ඉල්ලීම මත අංක 06 නිළඇඳුමත් දාගෙන ඩබල් එකේ ඇවිත් කට්ටියව අටහමාර වෙනුවට නවයට පෝලිම් කරල ඒ රාජකාරියයි,කාර්යාලයේ රාජකාරියයි දෙකම කරගෙන ගියා. 

මෙි කාර්‍ය භාර කෝපල්ගේ තව කාර්යයක් තියෙනව හවස හයට කොඩිය බාන්න. උදේ හයට කොඩිය දැම්මම ඒක හවස හයට බියුගල් හඬත් එක්ක බාන්න ඔින. මාත් ඒ වෙනකං හිටියෙ කාර්යාලයේ වැඩ කකර කකර.

ඒ, කොඩිය බාලම ගිහින් මාවිල්ලාරු ඇලෙන් නාගන්නවා කියල හිතාගෙන.  හවස හයට පහක් තියල නැවත යුනිෆෝම් එකත් පිළිවෙලකට සකස් කරගෙන ගියා කොඩිය බාන්න. ගිහින් බියුගලේ නැති හිංද හවස හයට නලාව පිඹින්න ලෙන්යාඩ් එක ඇදල නලාව ගන්න හැදුවා. හම්මට කොයි යකෝ මගෙ නලාව,මොකාද යකෝ ඒක ඉස්සුවෙි??

මෙි කොඩිය බාන්න ගියාම ඒක කඳවුරට දැනුම් දෙන්නෙ විසිල් එක පිඹලා. එතකොට කඳවුරම සීරුවෙන්. ආයෙ කොඩිය බාලා විසිල් එක පිම්බම තමා කට්ටිය තම තමුන්ගෙ වැඩ කරගෙන යන්නෙ. මං විසිල් එක පිඹින්න ඒ රෙද්ද ගන්න හදනකොට ඒක වෙන එකෙක් උස්සලා. ඒත් දැන් විසිල් හොය හොය ඉන්න වෙලාවක් නෑ. මොලේ පැත්තක් හිරිවැටීගෙන පුරුදු පරිදි ඝණ දෙවි නුවණක් පහල වුනා. ඒ ලෙන්යාර්ඩ් එකේ නලාව පිඹින ආකාරයට අංක අනුව පෑනෙ කොපුව අරං "ෆූෂ්ෂ්" ගාල යටිගිරියෙන් පිම්බා. පෑන් කොපු විසිල් එකට කඳවුර සීරුවෙන්. කොඩිය බාලා ආයෙ විසිල් එක ගැහුවා. 


කොඩිය හතරට නමලා දකුණු අත උඩ තියාගෙන සරඹානුකූලව කාර්යාලයට එනකොට මගේ ඉස්සරහට හම්බවුනේ පීටී දුවල දුවල බුරිය ගාවට එනකං දිව ඇදගෙන හති ඇර ඇර එන ඇජුටන්. එතුමාට ලඟදි පීටී ටෙස්ට් එකක් තියෙනව කියල තමා මෙි හිටගෙන පීටී දුවන්නෙ. එතුමා සීරුවෙන් ඉඳගෙන සිද්ධාන්තෙ බලා ඉඳලා මං ෆ්ලෑග් එක තියන්න යනකොට මගින් අතදාල නවත්තගෙන නෝන්ඩි හිනාවකුත් එක්ක "කෝ ගන්නවා බලන්න තමුසෙ පිම්ඹ විසිල් එක" කියන කොට මං ආසියාවෙම අහිංසකය වගේ ඔලුව පහත් කරල හිනාවුනා. එතුමටත් ඔින නැති මගුලක් නෑ. 


*හ්ම් කෝ...කෝ.. ගම්මු බලන්ඩ කෝපල් කෙනෙක්ගෙ විසිල් එක..

*මාත් වැඩෙි වැඩිය දිග්ගස්සන්නැතුව පෑන් කොපුව අරන් පෙන්නුවා. 

*තමුසෙ හිතුවෙ අපි බබාල කියලද? හෙට උදේ නවයට ඇවිත් හම්බවෙනවා මාව.තේරුනාද?

*තේරුනා සර්. 

වෙච්චිදේට කොරන්ට දේකුත් නෑ. පහුවදා පලයංකො බැනුම් අහන්න. 

පහුවදා නවයට ගිහින් ඇජුටන් හම්බුනා. එතුමානං මට බැන්නෙත්ම නෑ. මුකුත් කිව්වෙත් නෑ. ඒක මගේ සතුටට කරුණක්. ඒත් කිව්ව එක දෙයක් නං මට ඇල්ලුවෙිම නෑ ෆෙන්ස්.

"සෙවන් ඩෙිස් ඔර්ඩ්ලි කෝපල්,හ්ම් පෝලවුට්" 

එක දවසක් කරගන්න අමාරුවෙන් හිටපු රාජකාරිය ඒ විදියට ඉවරවුනේ  දවස් හතක් එක දිගට ඇදලා. නිකන්මත් නෙමෙි "විසිලර් ඔෆ් ද ඩෙි" කියන ගෞරව නාමයත් එක්ක. 


ඊට කලින් නිරීක්ෂණය වෙලා ඔිසීගෙන් බැනුම් ඇහුව කිව්ව කතාව මහ අරුම පුදුම එකක්. ඒ දවස්වල මාවිල් ආරුව බලන්න නා නා ප්‍රකාර මිනිස්සු එනවා. එදා ඒ මොහොතේ ඇවිත් හිටියෙ ලුතිතන් නිළයේ නිළධාරියෙක්. අපිට උපදෙස් ලැබී තිබුනෙ කිසිම කෙනෙකු වග විභාගයකින් තොරව ඇතුලට ගන්න එපා කියල. ඒකට හේතුව තවමත් මාවිල්ආරු ප්‍රදේශයේ බිම්බෝම්බ ආදිය ක්ලියර් කරල නොතිබුනු එක. ඒ පැත්තට ගමන් කිරීම ජීවිත අවදානමකුත් එක්ක යන්න ඔින ගමනක්. නමුත් වෙන හැමදේකටම වගකිව යුත්තෙ අපේ ඒකකය බැවින්, ඒ රිස්ක් එක ගන්න අපේ නිළධාරි තුමන් කැමතිවුනේ නෑ. 

එදා හවස යුහ නම්බර් ප්ලේට් ගහපු සිවිල් වෑන් රථයක් අපේ කඳවුරට හැරෙව්වා. හවස හයයි කාලයි. රාත්‍රී මුරය පෝලිම් කරල නියෝග දිදී හිටපු මම, මෙි වෑන් එක දැකල බැරියර් එකේ සෙන්ට්‍රිට ටිකක් සද්දෙන් කිව්වා "කව්ද බලහං" කියල. ඌ වෑන් එක ගාවට ගිහින් ආපහු ඇවිත් "කෝපල් ටිකක් එන්නකෝ" කිව්වා. මාත් ගියා. කවදාවත් නෙදෙැකපු මූනක්. ඒකනම් අදාල නෑ කියමුකො, හමුදාවෙි නිළධාරියෙක් නේ. මාත් ගිහින් සැලියුට් එකකුත් ගහල ඇහුවා, "සර් කොහෙ යන ගමන්ද,කාව හම්බවෙන්නද,කොහේටද යන්න ඔින" කියල.මගේ ප්‍රශ්නෙ දිගවැඩි හින්දමද මන්දා එතුමා කිව්වෙ "අපේ බාප්පා ඉන්නවනෙ මෙහෙ. එයාව හම්බවෙන්න යන්නෙ" කියල. මට ඒ කිව්ව එක සහ කිව්ව විදිහ දිරෙව්වෙම නෑ. මාත් සැලියුට් එකක් ගහල;

" සොරි සර්, සිග්නල් එකේ බාප්පලා නෑ, ඉන්නෙ මහ එවුන් විතරයි, ගේට්ටුව අරින්න බෑ" කියල මං ආව එන්න. ඒ උත්තරේට ආයෙත් මූන රතු කරගෙන "ඒයි ඒයි කෝප්‍රල් කෝප්‍රල්" කියන කොට, මං ආපහු හැරිල... ඒයි ඒයි කෝප්‍රල්ලත් නෑ සර් හමුදාවෙ, ඉන්නෙ කෝප්‍රල්ල විතරයි" කිව්වා. ආපහු හැරිල එන ගමන් සෙන්ට්‍රිටත් "අරින්ඩෙපා බැරියර් එක" කියල නියෝග කරගෙනම මං ඇවිත් කර කර හිටපු වැඩෙි දිගටම කරගෙන ගියා. වෑන් එක හෝන් ගහල ගහල ආපහු හැරෙව්වා. ඊට විනාඩි දහයකට විතර පස්සෙ ඔිසීගෙන් පණිවිඩයක් ආවා "ගාඩ් කමාන්ඩර්ට එන්න කියහං" කියලා. මාත් ගියා. 

*කව්ද දැන් ගේට්ටුව ගාවට ආවෙ? සර් ඇහුවා.

*ආවෙනං කව්ද දන්නෙ නෑ සර්, ආවෙ බාප්පා හම්බවෙන්න කියල කිව්වා.ඉතින් සිග්නල් එකේ බාප්පල නෑනෙ සර්, මං ගේට්ටුව ඇරියෙ නෑ?

*මොකක්? එහෙම කිව්වද?

*ඔව් සර්. සර්මනෙ කියල තියෙන්නෙ මොකා ආවත් ප්‍රශ්ණ කරල ඇතුලට ගන්න කියල. බාප්පෙක් ගැන කිව්වෙ.

*යකෝ මං උගෙ බාප්ප තමා.මමයි එන්න කිව්වෙ. ඒ ටූ එස්එල්එන්ජී  ඔෆිසර් කෙනෙක්  ඔියි...

*හපොයි. දැං මොකෑ කරන්නෙ සර් කියල අහල "බාප්පල පුතාලා ඔින මගුලක්" කියල මං හිමීට කිව්වෙ සර්ට ඇහෙන් නැතිවෙන්න. 

*ආයෙ එයි...ආවොත් ඇතුලට ගන්නවා තේරුනාද??

*හරි සර් කියල මං ආව...ඊට විනාඩි පහකට විතර පස්සෙ ආයෙ අර වෑන් එක ආවා. ඒක යන්නවගේ ගියාට ගිහින් නෑ. මගින් නවත්තලා තමා කෝල් එකක් අරන් අපේ ඔිසී මෙිජර් ජයතිස්සට කෝල් කරල කියල තියෙන්නෙ බැරියර් එක ඇරියෙ නෑ කියල. ඒ සර්  ඇවිත් මං ගාවින් වාහනේ නවත්තල ආයෙ නෝන්ඩියට වගේ හිනාවෙලා කිව්වා, "බාප්ප හම්බවෙන්ඩ යන්නෙ කෝපල්" කියල. 

මාත් ඉතින් නිකමට වගේ "ඒකනෙ සර්, දැං අපිත් ඔිසීට බාප්ප කියල ඔය සර්ට පුතේ කියන්න ඔිනෙද?" කියල ඇඟට පතට නොදැනී හිමීට ඇහුවම ආයෙ මූනවත් බලන්නැතුව යන්න ගියා. 

එයා ඒකත් ගිහින් බාප්පට කියල. හැබැයි මෙිජර් ජයතිස්සනං පුතාට කිව්ව කිව්වෙ "උඹ දැනගන්න එපාය කඳවුරකට එන විදියකට එන්න, හැම එකාටම ජෝක් හරියන් නෑනෙ" කියල. ඒක එහෙම කිව්ව කියල මට කිව්වෙ ඔිසීගෙ බඩියා. ඔිසී උනත් මා එක්ක කතාකරනවනං ටිකක් කල්පනාවෙන් තමා කතා කරන්නෙ. '95 අවුරුද්දෙ කිරාන් වලදි වෙච්චි සිදුවීමක් නිසා මෙතුමා අවුරුදු 21ක් කපිතන් නිළයේ ඉඳල තමා මෙිජර් එක ඇන්දෙ. ටිකක් වයසයි. සර්රුයි මායි තමා සිවිල් සම්බන්ධීකරණ රාජකාරියත් කලේ මෙි ප්‍රදේශයේ. මෙි කතාවට මෙිජර් ජයතිස්ස කිව්වට ඒ වෙද්දිත් හිටියෙ කපිතන් නිළයේ. ඔයාලට මතකත් ඇති රණවිරු රියල් ස්ටාර් එකේ සිංදු කිව මෙිජර් සුමුදු ජයතිස්ස. ඒයා තමා මෙි


සර්, එක දවසක් වැදගත් රැස්වීමකට සහභාගි වෙන්න එන්න කියල මට පණිවිඩයක් කියන්න කිව්වේ "ආරච්චි හෙට උදේ නවයට ග්‍රාමසේවකලාට එන්න කියන්න ඈ.." කියල.

ඒ පණිවිඩෙි මට කියනකොට හවස හතරහමාරයි. දවල්ට කාලත් නෙමෙි හිටියෙ. මළම පැනල  හවස්වරුවම ගත කරපු මට ඒ පණිවිඩෙත් කියන්න කිව්වම "හා සර්" කියල භාරගත්තෙ යටි හිතින් අම්ම මෝ නැතුව බැන බැන" මාත් පණිවිඩෙි ගොම්මන් කලුවරේම ගිහින් කිව්වා. ඒ පණිවිඩෙි එක ග්‍රාමසේවක කෙනෙකුට කිව්වම එයා අනික් ඔක්කෝටම කියනවා. ඉතින් මාත් කල්ලාර් සෝමපුර ග්‍රාමසේවකට පණිවිඩෙි ගිහින් කිව්වා. ඒත් පහුවදා නවයට ආවෙ දෙහිවත්ත ග්‍රාමසේවක විතරයි. පණිවිඩෙි දුන්නු ග්‍රාමසේවකවත් ඇවිත් නෑ. ඔිසී;

*ආරච්චි.. ඔක්කෝටම එන්න කියලා පණිවිඩෙි කියන්න කිව්වද. මෙි මිස්ටර් ලාල් විතරනෙ ඇවිත් ඉන්නෙ. මොකද අනික් අය නැත්තෙ?

*ඉතින් හරිනෙ සර්. සර් මට කිව්වෙ ග්‍රාමසේවක ලාල්ට එන්න කියන්න කියලනෙ... මං පණිවිඩෙි යැව්වා සර්

ඒක කිව්ව ගමන් සර්ගෙ කටෙන්

*"අප්පට හුක්" වදන ඔටෝම පිටවෙලා විනාඩියක් විතර මා දිහා බලන් හිටියා. මාත් බිම බලාගෙන හිටියෙ. පස්සෙ සර්, 

*බුදු මල්ලියෙ. මගෙ ආරච්චියෙ මං කිව්වෙ ග්‍රාමසේවක ලාල් නෙමෙි, ග්‍රාමසේවකලාට, ග්‍රාමසේවකලාට... එහෙම වචනයක් තියෙනව කියල දන්නවද ඔයා??? ම්ම්ම්ම්?? ග්‍රාමසේවක  ලාට කිව්වම ඒකෙ තියෙනව "ඔක්කොම" කියන තේරුම. දැන් මෙි මනුස්සයා ඉස්සරහ ඔයා මගෙන් කුණුහබ්බ අහගන්නැතුව  මගෙ දෑහැට නොපෙනී යන්නකො. උවමනා උනොත් මං අනිකාට කියල වැඩටික කරගන්නං....දැන් යන්න..කිව්වා.

ඉතින් මයෙ මොකෑ.  මං ඒ ආරාදනාවෙන් ආපහු බිලට් එකට ඇවිත් දහයෙ තේ එකත් බීල ඇඳට වැටිච්චි පාර ආයෙ ඇහැරුනේ දවල් කෑමට. එදා ඉඳන් සර් මා අතේ කාටවත් පණිවිඩ යවන්නෑ. ඒකම ලොකු දෙයක්...

හැබැයි එදා බන්ඩටනං අම්බ වහක්වුනා කිව්ව පණිවිඩ අරන් ගිහින්.. මං අහගෙන ඌ බිලට් එකේ කියෝ කියෝ ඉන්නවා... කෝපල්ල හිංදනෙ මෙි හැම දුකක්ම...කිය කිය. මා දිහාත් හොරෙන් බල බල" ආයෙ නිවාඩු ගියාම එන්නෙත් නෑ" කියල කිව්ව.  


ඉවර නෑ...


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.01.14

10 comments:

  1. Sir.
    Mn me paara KDU ynna inna student kenek.
    Mata sirgen danaganna details wagayk thiynwa KDU
    Ynna klin.
    Sir puluwnnm sirawa contact karagnna
    Sirge email addres eka mata denna
    Puluwnda.

    ReplyDelete
    Replies
    1. galigamuwe@gmail.com. ගැටළුවක් තියේනං ඊට වඩා ලේසියි සුහුන පොත හරහා කතා කරන එක. ඊමෙිල්නම් බැලෙන්නෙම නෑ. සිංහලෙන් ටයිප් කරන්න රුවින් පමුදිත යද්දෙහි ආරච්චි කියලා.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete