සුදු සඳ රැසින් නැහැවෙන විට මල් පොකුරූ
නල් තරු උනත් බබලයි තව දී රුසිරූ
සත්සර අතර රඟදෙනවිට පද මියුරූ
මගෙ හද මඬලෙ කවියක් වූයේ කව්රූ
රසනි හංසිකා තිලකරත්න. ඒ මං කාලයක් ගොඩක් ආදරය කල නමක්. ඒ වගේම ආදරණීය ප්‍රේමණීය නමක්. නමුත් බුදු හාමුදුරුවො දේශනාකල හැම බන පදයක්ම හැම තිස්සෙම අපිට පසක් කරන එක ඇත්තක් තියෙනව. ඒ මෙි ලෝකෙ හැමදේම තාවකාලිකයි කියන එක. අනික පියේහී විප්පයෝගෝ දුක්ඛෝ එහෙමත් නැතිනං පියයන්ගෙන් වෙන්වීම දුකක් කියන එක. ඒ බන පදයෙන් කියැවෙන අරුත මං ඔීනෑවටත් වඩා අත්විඳල තියෙනව. කෝවක ගිනි අඟුරු ගොඩෙි තම්බ තම්බ පන පොවා හදන පිහියක් කැත්තක් යවුලක් අලවංගුවක් වගේ මාත් ඒ මයින හමෙන් ඉස්සෙල්ලම එන්නෙ හුස්ම ගන්න නැතිවම බැරි හුලඟ කියල සතුටුවුනාට යටින් ගිනි අඟුරු තියේය කියල හාන්කවිසියක් සිහියට ආවෙ නෑ. ඒ නිසා නොයෙක් වද වෙිදනා විඳ විඳ හරි මං මගේ ගමන ගියා. මට රසනි ගැන කිසි තරහක් නෑ. මොකද මතක්කර කර හිනාවෙන්නයි මතක් කර කර දුක්වෙන්නයි ගොඩාක් මතක සැමරුම් මට එයා ඉතිරි කලා. ඒ ප්‍රේමණීය ඇස් හිතුවක්කාරෙට වසාගද්දි මට ඇස් පියාගන්න බැරිවුනේ ඇය හිතුවක්කාරියක් නිසා. ඇය විවාහනොවී ඉන්නත් මට කිව්ව කරුණු කාරනා ගොඩක් තියෙනව. නමුත් මට ඒ කතාව සයිබරයේ හරි, කාට හරි කියනකොට හරි ඒක එක් සීමාවකට යටත් වෙනවා. නොකියමනා දේවලුත් මෙි කතා අස්සෙ තියෙනවනෙ. ඒ කිසි දෙයක් මං නොකියා හිතුවක්කාරකම ගැන කීවෙ ඒක ලේසි කතාවක් නිසා. එහෙම කියන්න බැරි කතා කිහිපයක්ම ඇගේ ජීවිතේ තිබුනා.ඒවා සුළු අතුවැරදීමකින් වෙච්චි දේවල් නෙමෙි. ඒව වෙනම කතා. ඒ නිසා මම ඇයට වෛර කරන්නෑ. නමුත් ඇය ඉතිරිකර ගිය මතකයන් තව තියෙනව.
ඒ 233 බසේමු කඳවුරේ වැලිකතර බලප්‍රදේශය නොහොත් කොට්ඨාශ අංක 03 ප්‍රදේශය. ඔය වැලිකතර බිලට් එකේ උන්නෙම මල්ටි බැරල් කාරයො. ඔය අස්සෙ හිටියා "විසිට්" කියල පොරකුත්. මෑන්ට "විසිට්" කියන්නෙ එක හේතුවක් නිසා. ඒක අමතක කරමුකෝ. පොර එක දවසක් ආවා මාව හම්බවෙන්න. ඇවිත් කතාකර කර ඉන්න අස්සෙ මූ රසනි ගැනත් මතක් කලා. ඒ වෙද්දි මෙයත් කෙල්ලෙකුට ටෝක්. ඒ ටෝක් වෙන අම්මන්ඩි තනිකර දෙසිය දහයෙ තාර පීප්පයක් වගේ. ගෞමක් ඒම මහනවනං උරහිස මිම්ම විතරක් ගත්තනං හොඳටම ඇති. අනික්ව එක සමානයි. මූ කතාව කියනකොටම මට "හීග්" ගැවුනේ "යකෝ මූ කෙල්ලො කියන ජාතිය දැකල නැද්ද? බං" කියල හිතුනු හිංද. මං කවදාවත් හිතුවෙ නෑ මෙිකටත් ට්‍රයි කරනවුං හමුදාවෙ ඉන්නවැයි කියල. නම මෙිඝරානි. දෙමලද සිංහලදනම් කියන්න දන්නෑ. හැබැයි හොදට සිංහල පුලුවන්. ඇහුවමත් කිව්වෙ සිංහල කියල.
මූ ඇවිත් හිටියෙ මගෙ ලයිටරෙන් උගෙ පාන දල්ලගන්න. මාත් ඉතින් ඔව්වට බෑ කියන එකෙක් නෙමෙිනෙ. මාත් හා කිව්වා. විස්තරේ අහපුවම මූ ට්‍රයිකරනවලු මාස ගානක් තිස්සෙ.නමුත් අහන්න ලැජ්ජයිලු. මට තමා දැන් අහන්න කියන්නෙ. සිරාවටම කියන්නෙ මං ඒකිගෙන් නිකමට හරි අහල බෑ කිව්වනං, අම්මප මංනං වෙඩි තියාගන්නව. ඇයි යකෝ, ඒකකින් අහලත් බෑ කියනවනං ඒ පිරිමිකමෙනුත් වැඩක් යෑ. ඇයි යකෝ..
පස්සෙ මාත් ඉතින් තෙවරප්පෙරුම බෝතලේකට ලංසුව තියලා වැඩෙිට කැමතිවුනා. ප්ලෑන් කලේ රෑ ඒකි ඉන්න පොයින්ට් එකට යන්න. අපිට රෑ ඔය අම්මන්ඩිලාගෙ පොයින්ට් ගානෙ යන්න සම්පූර්ණ තහනං. නමුත් හොරෙන් යනව. එදත් දෙන්නම එහෙම ගියා. මං කිව්වා විසිට් එන්නෙ කව්ද කියල බලාගෙන හිටපිය මං අහල එනකං කියල. ඒ යද්දිත් මං මූට කිය කිය ගියෙ "තව පාරක් හිතල බලපං මයෙ අම්මා"කියල.
මෙි පොයින්ට් එකට විසිට් එක ලඟට එනකං පේන්නෑ.
කොහොමහරි මං මෙිගරානිගෙන් විසිටාර් ගැන ඇහුවට පස්සෙ වැඩෙිට කැමතිවුනා. ඒකිත් එව්ව මෙව්ව දාහක්නං කියල තමා කැමතිවුනෙ. මයෙ අප්පේ ඒකි කියපු අහපු දේවල්. යකෝ අපෞන්දැ අපිට දණ්ඩ නීති සංග්‍රහයම පැනෙව්වත් මදි මෙිකි එක්ක බලද්දි.
කොහොම හරි ඒකත් සුභදායක අයුරින් විසඳුන සතුටට අපි දෙන්නා එන්න ආවෙ වැඩිය එතන ඉන්න එක සරීරකූඩුවට අවදානම් නිසා. මගට ඇවිත් දෙන්නා දෙපැත්තට බෙදිලා ගියා. මීට පොයින්ට් තුනකට එහා පෝස්ට් ඔෆීස් එකගාව පොයින්ට් එකේ රසනි ඩියුටි. මටත් මෙවුන්දැගෙ මුහුන චුට්ටක් බලන්න උවමනා වෙලා සෝට් කට් දදා පොයින්ට් එකට ඇවිත්
*කව්ද සෙන්ට්‍රි...මං කටහඬ වෙනස් කරල ඇහුවා
*කාසෙ වෛද්‍යරත්න. කව්ද? කෝප්‍රල්.. ඒකි ලාමක ටිං ටිං හඬින් ඇහුවා.
*මං ඩියුටි ඔෆිසර්.
*ගුඩීන් සර්.
*ගුඩීනින් ගුඩීනින් ආයෙ කව්ද පොයින්ට් එකේ ඉන්නෙ.
*කාසෙ තිලකරත්නයි කාසෙ පුෂ්පලතායි සර්.
*පාස්වර්ඩ් එක එහෙම දන්නවද?
(නිස්සද්දයි. )
මෙිකිට පාස්වර්ඩ් එක මතක නෑ. මටත් හෙන මෙව්ව එකයිනෙ. කටහඬ වෙනස් කරල තමා මං කතාකරන්නෙ. රඟ පෑමත් ඩියුටි ඔෆිසර් විදියට.
මම දැන් මෙිකිට බැන්නා.
*හෙට දවල් දොලහ වෙනකොට පාස්වර්ඩ් එක දෙසිය පනහක් ලියල මගෙ මෙිසෙ උඩ තියෙන්න ඔින තේරුනාද. තමුන්ල ගහන බුල් හිංද දාහක් දෙදාහක් ඉන්න කඳවුරක් වුනත් අනතුරේනෙ අයිසෙ. ඉස්සරහ පාරෙන් හැමතිස්සෙම යන්නෙ එන්නෙ කොටි. ඒ එකෙක් මෙතනින් රිංගුවනං තමුසෙටත් වැඩෙි කරල අනික් දෙන්නටත් කරල අපෙත් පස්සට කරල යන්ඩත් යයි.. කියල ටිකක් තදින් ඇම්මටත් එක්ක බැනල බැනල ආව. මං පාස්වර්ඩ් එකත් කියල ආවෙ.
*නිල් අරලිය පාස්වර්ඩ් එක. දැන්වත් මතක තියාගන්නව ඔික. මං එහෙම පාස්වර්ඩ් එක කිව්වට මොකද, මමත් පාස්වර්ඩ් එක දන්නෙ නෑ. කටට ආපු එකක් කියල දාල තමා ආවෙ. අරුන්දැලා නිදි හිංද මං කතාකලෙත් නෑ.
ඔය අස්සෙ මං දැක්කා තව කෙනෙක් විදුලි පන්දම දල්වගෙන ටිකක් දුරින් විසිට් එක එනව. මං ග්‍රවුන්ඩ් එක මැද්දෙන් ශෝට් කට් එකක් දාල දුවගෙන දුවගෙන බිලට් එකට ආව.
හරියටම පැය බාගයක් යනකොට මුලු කඳවුරම පෝලින් කලා. හේතුවක් දන්නෑ.
අපිත් ගිහින් පෝලින් උනා. ඩියුටි ඔෆිසර් තමා පෝලින් කලේ.
*මෙි දැන් ටිකකට කලින් ඩියුටි ඔෆිසර් කියල කෙනෙක් පොයින්ට්වල විසිට් එකක් ගිහින් තියෙනව. වැරදි පාර්ස්වර්ඩ් එකකුත් කියල තියෙන්නෙ.
කට්ටිය කබ කඩ කඩ ඇස් දෙක කටෙි දාගෙන බලා ඉද්දි මං කටත් ඇරගෙන බලා හිටියෙ "වැඩෙි පත්තුවෙලාවද්ද " කියල දැනගන්න.
සීන් එකෙන් මට "හීග්" ගෑවුනත් පුරුස දහිරිය හිතට අරං බලාගෙන හිටියෙ ඊලඟට මොකක්ද වෙන්න යන්නෙ කියල දැනගන්න. හොඳවෙලාවට එහා කරුවල. මාව එකෙක් හරි අඳුරගෙන තිබුනොත් එහෙම යන්තං හරි.. බුදාම්මෝ...පැනල යනව හොඳා.
වැඩෙි දුරදිග ගියා. ටික වෙලාවකින් "ඒ" මුරහලේ මුරපති ආවෙ "සර්, ග්‍රවුන්ඩ් එක හරහා දුවල තියෙන්නෙ" කියාගෙන.
රෑ මද්දහනෙ විසිට් ගිහින් බොරු පාස්වර්ඩ එකකුත් කියල ග්‍රවුන්ඩ් එක හරහාත් දුවල තියෙනව කියන්නෙ වැඩෙි සීරියස් නැගල යනව. බීඑම්ට විස්තරේ කිව්වම කඳවුරම සර්ච් කරන්න කිව්වා. නියෝග අනුව අපිත් ගිහින් විනාඩි පහෙන් පුල් යුනිෆෝම් සන්නද්ධ වෙලා ඇවිත් උසාවිය ගාව පාරෙන් හරහට තනිපෙලක් ගහල මුලු කඳවුරම සෝදිසි කලා. මෙි අවට හැමතිස්සෙම කොටි ගැවසෙනව, එක පාරක් සූ සයිඩ් එකෙක් කඳවුරට රිංගන්න හදල කේස් එකක් ගිහින් තිබුනෙ. ආයෙ අඳුරන්නැති එකෙක් සාජන් මෙස් එකෙන් කන්න ඇවිත් ඒකත් අල්ලගෙන තිබුනෙ මීට මාස හයකට විතර කලින්. මෙි කඳවුර හෙන විශාලයි. සිවිල් ආයතනත් කඳවුර ඇතුලෙම තියෙන නිසා අනතුරුදායකයි. අනික ඒකක කිහිපයකටම අයත් ආයතන මෙි කඳවුර ඇතුලෙම තියෙන නිසා සමහර ඈයො අපි අඳුරන්නෙත් නෑ.
පැය දෙකක් යද්දි ක්‍රියාන්විතය අවසානයි.ඒත් දුවපු එකෙක් ආ ගිය එකෙක් හොයාගන්න බැරිවුනා. පස්සෙ රෑ 1230 ඉඳන් 0300 වෙනකං උපක්‍රමික සීරුවකුත් තිබ්බා. උපක්‍රමික සීරුව තිබ්බම මුළු කඳවුරම ඇහැරල ස්ටෑන්ඩ්බයි ඉන්න ඔින. හැබැයි මෙි වැඩෙි කලේ කව්ද කියල මුලු කඳවුරේම දෙන්නයි දැනගෙන හිටියෙ. එකෙක් විසිටා. අනිකි රසනි.
හැබැයි ඔය දෙන්නම හිට්ටෝල වෙඩි තිබ්බත් මාව පාවල දෙන්නෑ කියන්න මං ඉර හඳ වගේ දන්නව.
පහුවදා රසිනි;
*තෞසෙ මාර වැඩනෙ හලෝ කරන්නෙ.
*ඇයි.
*ඇයි කියන්නෙ තෞසෙ පොයින්ට් එකට ආපු වෙලාවෙ මං ඇහැරිල හිටියෙ. මං ඔිෆ් වෙලා පැය කාලක්වත් නෑ. හිතුවද මට කටහඬ අඳුරගන්න බෑ කියල.
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2021.06.07
No comments:
Post a Comment