Monday, August 30, 2021

රෙසිපිය

 නිදහස්, පජාචාන්තික හා සංවර්ධිත රටක් බිහිකරලීම සඳහා ඇවැසි උපදේශ

================================


අවශ්‍ය දෑ:= 

ගිරා අඹ ගෙඩියක  හැඩෙි ඇති  රටක්

අයිටී ඩිප්ලෝමාධාරීයෙක් 

වයසක ඇමති අයියලා දෙන්නෙක්

මල්ලියෙක්

අයියගෙ පුතෙක්

අට සමත් මන්ත්‍රී සෙට් එකක්

සාපෙළ දක්වා උගත් මන්ත්‍රී සෙට් එකක්

උසස් පෙළ දක්වා උගත් මන්ත්‍රී සෙට් එකක්

ඇට්ටකුණා වුනු වයස 70ට වැඩි මැති ඇමති පවිටු දනන් 54 දෙනෙක්.

ගොන් බඳින කණු ආකාරයේ විපක්ෂයක්. සැ:යු:- ජනසන්නිපාතය අඩුවන තරමට ඇමති පරාණ ටික වැඩිවිය යුතුයි. 

( මොවුන් රටෙි දියුණුව  16 දිසාවකට අදින බවට තහවුරු කරගත් කට්ට කපටි කෛරාටික හොරු වන චාරයක් රහිත වුන් වන තරමට රට සුන්දර වෙි )

අපි වැව්වොත් අපි කනවා ජාතියේ මිලියන 22 ක යක්ඛ පුත්තු සහ උන්ගේ මව් පිය වූ ජනතාවක්


සාදා ගන්නා පිළිවෙල:-

පළමුව අයිටී ඩිප්ලෝමාධාරී තුමා ජනාධිපතිවරණයකින් මනාප 69 ලස්සයක් දී නායකයා බවට පත් කරගන්න. ඉන්පසු තට්ටු ක්‍රමයට ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පාර්ලිමෙින්තුවට පත්වෙන ඉහත සෙට් ටිකම නැවත මහ  මැතිවරණයකින් පාරිලිමෙින්තුවට පත් කර ගන්න. ව්‍යාපාර සංස්ථාවෙි කළමණාකරණයත් ඔවුන්ටම භාරදීමට බල කරන්න.  (මොවුන් ඉහත දැක්වූ සුදුසුකම්ලාභීන් බවට සහතික කර දැනගත යුතුයි). සැ:යු:- මෙි සියළු දෑ සිදුවෙන විට අත්පොලසන් දී හුරේ දැමීමට ඔබ වග බලාගත යුතුයි.


දැන් කියත් මගේ නායකත්වයත් අට සමතෙකුට භාරදී ඔවුන්ගේ උවමනා එපා කම් අනුව නුසුදුස්සාට ඇමතිකම් පවරන්න. උදා:- එයාට අරක හොඳයි,ඒක එයාට දෙමු. මෙයාට මෙික හොඳයි, මෙික මෙයාට දෙන්න ආදී වශයෙන්.

 ඉන්පසු මෙික හොඳට අනාගන්න උදව් කරන්න. මෙහි රසය තවත් වැඩි කරගන්න උවමනානම් පාතාල කණ්ඩායමකුත් ලංකර ගැනීමට ඉඩ දෙන්න. නැතහොත් කොරෝනා ආදී වසංගත බිංදු කිහිපයක් එකතු කරගන්න. ඉන්පසු නැවතත් මෙික අනන්න ඉඩ හරින්න. ඔවුන්ට දිවිය ලෝකේ සැපසම්පත් ලබාගැනීමට උදව් කරන්න. ඉන්පසු අවුරුදු පහක් යනතෙක් මෙික ⁣පිපෙන්න ඉඩ හරින්න. අව්ව, වැස්ස, ආදී ස්වාභාවික විපත් කැඳවීමෙි වගකීම ස්වභාව ධර්මයාට පවරන්න. වසර පහක් අවසානයේ  නැවත පරාජිත වුනු විපක්ෂය ජයමාවතට කැඳවා මහ පළවෙනියෙන් අරුන්දැලා අනා අවසන් කල තැනින් මොවුන්ටත් අනාගැනීමට ආරම්භ කිරීමට  උදව් කරන්න. 

දැන් රට හොඳ තත්ත්වයකට පත්ව ඇත. ඉන්පසු ඔබ වවාගෙන ඔබ කන්න.හැමදාම බස්එකේ දුම්රියේ තෙරපී තෙරපී වැඩට යන්න. බඩු මිලට බනින්න. අය පක්ෂයට වඩා වැය පක්ෂය වැඩි වූ පසු සුරංගනා කතා අසමින් සිත පහන් කර ගන්න. කලින් කල කරළියට එන නිරූපිකාවන්ගේ විකාර පස්සේ දුවන්න. නැතිනම් වැලක් බලන්න පුරුදු වෙන්න. "කන්න නැතත් ඉන්න රටක් තියනවානේ" කියා සිතා කුස ගින්⁣න ඉවසා සිටින්න පුරුදුවන්න.  ජාතියන්තරයට යෑමෙන් ඇතිවන පළවිපාක නොඑන පරිදි ඔබ ටක් ගාල පැත්ත මාරු කරගන්න. හම්බකරන හැම සතේම 157/= ට හාලුත් 220/= සීනිත් ආදී වශයෙන් තත්පරයෙන් තත්පරේ වැඩිවෙන බඩු මිළට සාපේක්ෂව වියදම් කරන්න. ඔබ ඉහලට ඉගෙනගත් කෙනෙක්නම් රට අතහැර යන්න. (හැබැයි අරුන්දැලා මාරුවෙන් මාරුවට පත් කිරීමට ඡන්දය දුන් කෙනෙක්නම් අනිවාරයෙන්ම එහි අග්‍රඵලය භුක්ති විඳීමට ඔබ මෙි රටෙි සිටිය යුතුයි. ) අන්තිමෙිටම ෆේස් බුකී ට්විටර් ආදී ගිණුමක් හදාගෙන රට හැදීමට අවශ්‍ය උපදෙස් පෝස්ටු වශයෙන් එහි පල කර එයට වැටෙන කමෙන්ට් කියවමින් තෘප්තිමත් වන්න. ඒ ලෙස අනාගත් රටෙි සිදුවෙන දෑ නොදැක්කාසේ පැත්තකට වී බලා සිටින්න පුරුදු වෙන්න. ඔවුන්ගෙන් එකෙක් මළොත් කවි ගීත නිසඳැස් ලියන්න. සිංගප්පූරුව,ඉතියෝපියාව,බංග්ලාදේශය ආදී රටවල් දියුණුවුන සහ දියුණු වෙන විදිය බලාගෙන සුසුම්ලන්න. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.08.30

2 comments:

  1. අපේ මාතෲ භූමිය කිසිදක නොවූ තරම් දීන ලෙස කෙළෙසෙමින්ය! කණගාටුවට ඇති කරුන උන්ගේ කෙළෙසීම නොව එය නොතේරෙන අපවන්ම වූ හිඟන්නන් ගැනය!

    ReplyDelete
  2. අඩේ, ආරච්චිට ගොයියට කොරෝනා හැදිලා ද..? සති 2ක් සද්ද නැ.. වෙන්න බැ..බැරිවෙලාවත් එහෙම වෙලානම් ඒත් කමක් නැ ඉක්මනට කතාවක් දාන්න..

    ReplyDelete