Thursday, January 14, 2021

මගේ පස්නෙ

 කොරෝනා වසංගතය නිසා අපේ රටෙි එක් එක් ප්‍රදේශ දින දා හතරක් හෝ ඊට මඳක් වැඩි දින ගණනක් හුදෙකලා කිරීම තාමත් අවසන් වෙලා නෑ. ඊයෙ පෙරේදා දැනගත් පුවතකට අනුව මෙි වසංගතයට මුහුන කට විතරක් ආවරණ කරගෙන දොට්ට පිලට බැහැපු අපට, මුළු ශරීරයම ආවරනය කරගෙන ගෙයින් එලියට බහින්න වෙන දිනය වැඩි ඈතක නෑ. මොකද කියනවනං ඒකට හේතුව යුරෝපීය නව කොරෝනා ප්‍රභේදය සමෙන් ඇතුළුවී වුනත් ආසාදනය වෙන්න පුළුන් කියන පණිවිඩය. මං අහන්න ගියේ ඒක නෙමෙි.


ලොක් ඩවුන් එහෙමත් නැත්තං හුදෙකලා කිරීම නිසා අපට එදිනෙදා මුහුන පාන්නට වෙන අකරතැබ්බ මෙතෙකැයි කියා කියල නිම කරන්න බැහැ. ඒකට අපිට ගොඩක් ප්‍රවෙිශම් වෙන්න වෙනවා. මොන කොරෝනා නෙමෙි ඒඩ්ස් ⁣වෛරසයත් මෙහෙම ආසාදනය වෙනවා කිව්වත් සිංහලයා හා මෙි රටෙි ඉන්න ජනතාවගේ ජානවල තියෙන අඩුපාඩුවක් නිසා මුලින් ඇතිවන පරිස්සම දවසින් දවස ගෙවෙනකොට මගහැරිල යන්නෙ බඩගින්නට මොනවාහරි දෙයක් බඩට දාගත්තු ගමන් බඩගින්න නැතිවෙලා යනව වගේ වෙිගයකින්. ඒකට හේතුව බහුතරයක් දරණ දේශපාලන මත හා රජය විසින් අනිවාරයෙන්ම මෙි ව්‍යසනය පහකල යුතුයි කියන අදහස. එදිනෙදා රැකියාවක් කරලා දෛනික වැටුපෙන් පවුල නඩත්තු කරන කෙනෙකුට මෙි ලොක්ඩවුන් කියන වචනය තරම් එපා කරපු වචනයක් වෙනත් නැතුව ඇති. තුන්වෙනි ලෝකයේ රටක් වෙන ⁣සිරි ලංකාව තාමත් බහුතරයක් කුලීවැඩෙන් හෝ පුද්ගලික ආයතන වෙතින් මාසික හෝ දෛනික වැටුපක් එක්ක ජිවත් වෙන මිනිසුන් ඉන්න රටක්.

මං අහන්න ගියේ ඒක නෙමෙයි. 


කොරෝනා නිසා ඉදිරි අනාගතයේදී, ලෝකයා නොහිතපු පැති කිහිපයකින් එකක් ගැන මගේ අදහස දක්වන්න ඔින. 


සමතුලිත තාවය

==============

මෙික පැති කිහිපයකින් ගන්න පුලුවන්.

අපි කතාකරමු ජන ගහනය ගැන.

දැනටමත් ලෝකයේ ජන ගහනය වැඩි නිසා තමයි මෙි වගේ දේවල් වෙලා පිරිස් අඩු කරන්නෙ. නැත්තං ලෙඩ වෙලා ඇක්සිඩන්ට් වෙලා, නානාප්‍රකාර ලෙඩ හැදිලා අඩු වැඩි වයසින් මැරෙන්නෙ, මනුස්ස ලෝකෙ ඉපදෙන්න එන්න ඉන්න පිරිසට පෘතුවි තලයේ ඉඩ ලබාදෙන්න. මිනිස්සු මැරෙන ඔක්කොම නැවත මිනිස්සුම වෙලා ඉපදෙන්නෑ. ඒක අපිට බුදු දහමෙි උගන්වනවා. කූඹි ගුලක් ගත්තොත් ලක්ෂ කෝටි ගණනින් කූඹි ඉන්නවා. තිරිසන් ලෝකෙත් එහෙමයි. අපේ පියවි ඇසට නෙපෙනෙන භූත ප්‍රේත ආත්මවලත් අපායෙත් එහෙමයි. ඒත් හිතන්න ඔින කරුන "එහෙනම් මෙතරම් මිනිසුන් ඉපදෙන්නේ කොහොමද?". අද ජෝඩුවක් බැන්දොත් අවුරුද්දක් දෙකක් යනකොට පැටව් ගහනවා. එහෙම එහෙම දිගටම යනවා. එතකොට මැරෙන හැම මනුස්සයාම මනුස්සයෙක් වෙලා නොඉපදුනත් සමහර ප්‍රථිශතයක් ඉපදෙන්න පුලුවන්. ඒ තම තමන් රැස්කල කර්මය සහ කර්ම ඵලය අනුව. දිවිය ලෝකෙන් චුත වෙන අය එන්න පුලුවන්. සතර අපායෙන් මිදෙන සමහරෙක් එන්න පුලුවන්. තව හේතු තියෙන්න පුලුවන්. කොහොම හරි ඉපදෙනවා. ඒ සංඛ්‍යාව, ලොක් ඩවුන් ඇඳිරිනීතිය වගේ සිද්ධාන්ත අනුව වැඩි වෙලා. මනුෂ්‍යයෙක් වෙලා ඉපදුනාම ඔහු වැඩිවියට පත්වෙනකම් ඔහු වෙනුවෙන් රජයක් විසින් විශාල පිරිවැයක් දරනවා. ඒකට අපේ රජය ලෑස්ති වෙන්න ඔින. අනික ඔහු විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් වුනොත් තව වියදමක්. රජයක් සල්ලි හම්බ කරන්නෑනෙ. හම්බ කරන පිලිවෙල සකස්කරනවා සහ කරල/කියල දෙනව විතරනෙ. මං කියන්න ගියේ ඔික නෙමෙි.

මට දරුවො හතරක් ඉන්නවා. ආං පහත් හරිලු. අපෞන්දෑ ඊයෙ එලිවෙච්චි යාමෙ ඉඳන් මාව මරන් කන්ඩ හදනවා. පුප්පනවා. ගස්සනවා, කඩෙි යවනවා..ඉවරයක් නෑ. මූන රොබින් පොම්පෙ වගේ වෙලා. හතරැස් වෙලා. අපේ උන්දැගෙ වටිනාකම රුපියලයිනෙ. සරීර කූඩුවෙ වටිනාකම සත අනූපහයි, මූන  සත පහයි රුපියලයි. දරුවොනං කොච්චර හිටියත් මදි මටනං. තුන්වෙනියානං කියන්නෙ මහන වෙනවාමයි කියල. මදෑ ඉතිං.

අපේ උන්දෑ කවදාක්කත් නැතුව මං ඊයෙ දවල් මහගෙදර ගිහින් ආව ගමන් ඇහුවෙ  "තමුන් කෑවද?" කියල. "රට ජාතිය ආගම කාපු මට තවත් මොනාද වස්තුවෙ කන්න කියල ඉතිරිවෙලා තියෙන්නෙ" කියල අහපුවම තමා කිව්වෙ "ඇයි තෞසෙ මාව කෑවෙ. ඒකත් ඔිකට එකතු කරගන්නවා" කියල. එහෙම තමා අර සුභ පණිවිඩෙි මට දුන්නෙ. 


කොරෝනා කියන්නෙ ආශිර්වාදයක්නම් මම විතරමද මංද ඒ අශිර්වාදෙ ලබපු ලැංකන් පීපල් එකම එකා. ඒක නෙමෙි මං අහන්න ගියේ. 


මෙි දවස්වල හරි වැස්ස. කාලගුණේ තුස්නිම්බූත වෙලා අපි විලම්බීත වෙලා සමාජෙ වල් වැදිලා රටට හෙන ගැහිලා අපි අම්බලමකට වෙලා දැං ඉන්නෙ. 

 

අද දවාලෙ මට කෝල් එකක් ආවා. ඒ මැනිකෙගෙං. උන්දැ මට කෝල් එකක් ගත්තම පලවෙනි විනාඩියෙ කරන්නෙ හෙලෝ කියන එක විතරයි. මං කියන දේ ඇහෙන්නෑ වගේ බොරුවට  "හෙලෝ හෙලෝ" කිව්වට එවුන්දැට හොඳට කං ඇහෙනවා. ඒ එහෙම කරන්නෙ මං ඉන්න තැනෙන් ඇහෙන සද්ද බද්ද මීටර් කරන එක. බැරි වෙලාවක්කත් එහෙම වෙලාවක ටිංකි ටිකිරි කිංකිනි සීනු හඬකින් ලංතෑරුමක් හරි කතා කරනවා ඇහුනොත් උන්දැට ඇති. දෙකෝටි හැට දෙමිලියන හැටහුට පන්දාස් කෝටි පනස් හයයි දසම තුන්සිය තිස්දෙකක් විතර පස්න මාව හඹාගෙන හඹාගෙන එන්නෙ ගෝටාබය ජනාදිපතිකම දින්න දවසට බෙංගාලෙ බොක්කෙ දරුණු සුලි කුණාටුවකින් අවපීඩන වැසි වටයක් එන්නා වාගෙ. එයා හිතන්නෙ මං ඒක දන්නෑ කියලා. මං එයැයිට වඩා අණ්ඩයා. ඒ වගේ වෙලාවට කරන්නෙ කෝල් එක ආන්සර් කරලා ලොරියෙ යන ගමනක් නං ඇන්ජින් කවරෙ උඩින් පෝන් එක තියල හයියෙන් රේස් කරල විනාඩියක් හිතෙන් කෞන්ට් කරල වාහනේ අයින් කරල නවත්තල කතා කරන එක. කඩෙික පාරක ඉන්නවනං පාරෙ යන වාහන වලට පෝන් එක අල්ලනවා. නැත්තං පෝන් එකේ මෛක්‍රෝෆෝන් එක අල්ලල අපේ ලොරියෙ කැබ් එකේ උඩ හයි කරල තියෙන අර දඩාර් සයිස් හෝන් එක ගහනවා. ඒක හරියට ඇහුනම උන්දැගෙ අතින් පෝන් එක අතෑරෙනවා. ඒකෙ රිසාල්ට් එක හරියටම දැන ගන්න පුලුවන් කතා කරන්න පටන් ගත්තු ගමන් ඇහෙන වචන සෙට් එකෙන්. ඒ වෙලාවට පෝන් එක හැන්ඩ් ෆ්‍රී දාල පැත්තකින් තියනවා. මෙිව ඉතින් මගේ සහායක මහත්තැන්ටත් හොඳට පුරුදුයි. මං කඩෙික ඉද්දි කෝල් එකක් ආවොත් ඒ කෙම්පහන් ටික ඔක්කෝම කරල තමා මට පෝන් එක දෙන්නෙ. ඌ වැඩිපුරම කරන්නෙ කැබ් එක උඩ තියෙන හෝන් සෙට් එක ඉස්සරහින් පෝන් එක ආන්සර් කරල තියල හෝන් එක දෙතුන් පාරක් ඔබන එක. බැරි වෙලාවක්කත්  එයැයි කෝල් එක කට් කරල තිබු⁣නා කියන්නෙ රෑට බත් නෑ කියන එක. ඉතින් ඒ වගේ දවසකට පාං රාත්තලක් අරන් යන එක තමා මගෙ පුරුද්ද. ඔික නෙමෙි මං අහන්න ගියේ. 


අපෞන්දැගෙ බාලයා ඉන්නවනෙ. මගේ ලොකු පුතාගෙ මල්ලි. ආං ඒ ආනාදියා ගලකින් කෙලලලු ටීවි එකට. ලොකු පුතා කෝල් එකක් අරං මට කිව්වා "තාත්තෙ ඔයාගෙ බාල පුතා, ආං ටීවී එකට ගලකින් සොට්ටෙක දීල දැන් පේන්නෑ" කියල. මුකුත්ම පේන්නැද්ද කියල අහපුවම කිව්වෙ "සූර පප්ප වගේ තැනක තින්ත බොඳවෙලාලු, එක මුල්ලක රජ ඉබ්බෙක් වගෙත් පේනවලු, මැද හරිය කුඹුරු යායක් වගේලු..ඒ විදියටලු දැං එල්සීඩී තිරය හැදිල තියෙන්නෙ. බාලයා ඉන්නවනෙ. ඇත්තටම මං වෙලාවකට ඌ දිහා බලාගෙන කල්පනා කරන්නෙ "ඇත්තටම මෙි පෙබාකරන්ගෙ දෙවෙනි ආත්මෙ වෙන්න බෑද?" කියල. ඔික නෙමෙි මං අහන්න ගියෙ. 


අල්ලපු ගෙදර රේඛා උන්දැ ඉන්නවනෙ. හෙන ඇම්ම ඈ. මං පාරට ආපුවම තමා උන්දැගෙ එව්ව මෙව්ව වැඩි. එවුන්දැගෙ මිදුලට ආව නයෙක් පන්නන්ඩ ගිහින් වෙච්චි සෙලංකොට්ටි වැඩකින් පස්සෙ තමා මෙවුන්දැට මෙව්ව එක වැඩිවෙලා තියෙන්නෙ. එදා ඉඳන් මෙිකි සෝට් අඳින්නත් ගත්තා කිහාල්ලකො. හැබැයි එදා නයා මට පෙන්නද්දි ඒකිට වැඩිය මං බයවුනා. ඒත් මට ඔින වුනේ මෙි ඉටු දෙවියගෙන් පෙයෝජනයක් ගන්න විදියක්.  ඒකි නයා පෙන්න පෙන්න උඩ පනිද්දි මං කිව්වා "ඔික කිසි පලකට නැති හුඹහක් හොයන්නෙ, කෝකටත් උඹ පරිස්සමින් " කියලා. ලෝකෙ කාල වතුර බීලා, ඩුබායි බාබා කෙනෙකුත් කාලා ඒකගෙ පවුල් ජීවිතෙත් අංජබජල් කරල ලංකාවට ඇවිත් හිටපු එවුන්දෑට මෙික තේරුනා නොතේරුනා මංදා, ඒකිත් මදහසක් පාලා තොල් දෙක උන්ඩි කරල කිව්වෙ "හුඹස් තියෙද්දිත් නයි මගෑරල යන එකනෙ වැඩෙි" කියල. මටනං ඔිව ගැන වැඩි තේරුමක් නැතත් මං කිව්වෙ "හැම නියන් කාලෙකටම නයි වතුර හොයාගෙන එනවා, වතුර ටිකක් දෙන එක තම තමුන්ගෙ යුතුකම" කියල. එදා ඉඳල මගේ බයික් එක ඒ ඉඳිකඩ ලඟ චෙින් එක පයිනවා. නැත්තං ⁣පැට්ටල් ඉවර වෙනවා.ඊලඟට  වට පිටෙි කව්රුවත් පේන්න නැත්තං මාවයි බයිකෙයි බර්මියුඩා තිකෝනෙට අහුවෙලා වාගෙ අන්තරස්දහන් වෙනවා. ඔික නෙමෙි මං අහන්න ගියේ. 


වැස්ස පටන් ගත්තනෙ. ඇත්තටම වැස්ස කවද විතර ඉවරවෙයිද පෙන්ස්??










රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.01.14

2 comments:

  1. බොහොම ලඟදි අහම්බෙන් හම්බ උන බ්ලොග් එකක් ඔබතුමන්ගේ බ්ලොග් අඩවිය,හම්බ උන සැනින් එක හුස්මට හැම පිටුවකම තිබ්බ හැම පෝස්ට් එකක්ම මං බලන්න ඇති,සමහර කතා ඇස් වලට කඳුලු ගෙනාවා උනත් බොහොමයක් කතා මටනම් පුදුම සතුටක් දැනුනා කියවද්දී,මාත් කැඩට් ඔෆිස කෙනෙක් වෙන්න බලන් ඉන්නේ,හමුදාව ගැන පොඩි කාලේ ඉඳලම තිබ්බ ආසාව මේ බ්ලොග් අඩවිය තවත් වැඩි කලා,ඔබ ලියන හැම කතාවක්ම කියවන්න මං හැමදාමත් බලං ඉන්නවා,ජය වේවා ඔබතුමාට මගේ හදවතේ උත්තමාචාරය රණවිරුවානෙනි!

    ReplyDelete
  2. ඒ නෙමෙයි බෝ පහු ආත්මෙක පාතරට ඇදුරෙක් ගාව යකෙක්ට හෙම ඇන්දැයි

    ReplyDelete