෴අවසන් ලියුම෴
================
කවි සහ කතා ලිය ලිය රසවතුන්ට
නොමිලේ බෙදන සරසවි දූ පුතුන්ට
කරුණක් කියමි හද පතුලට දැනෙන්ට
මද කිපිලාලු සමහර වල් සතුන්ට
සමනල් ගැටෙි වැටෙනා තුරු මොලේට
කෙරුවෙමි කල්පනා ඉහලම තලේට
ලිය ලිය කවි කතා යටි සිත බලේට
පල කල නිර්මාන විසිවිය කැලේට
අප කල දෙයක් ඇත්නම් එය අපට තියේ
එම දර්මයෙන් කිසි දිනකදි එපිට නොයේ
අවමංගල්‍ය බෙර තනු තාලයට වැයේ
හොඳ ගස් පනය පරඬැල් කඩිසරව මියේ
ගොදුරක් සොයා පියඹන ගිජු ලිහිණි කුලේ
නොදැමුනු එකෙකු ගැන ලතැවී කිමද පලේ
බළලෙක් නොවෙමි පැහැරූ මට සිලුටු ගලේ
නොකිපුනු සිතින්මය ඔිකත් බැහැර කලේ
හසුවුනි දැනුම බුද්ධිය කන සොරුන්ට
දිරවන් නැතිලු ඒවා සමහරුන්ට
නොකියමි දොස් පරොස් මතු ඔවු නොවුන්ට
බිය විය යුතු නොවෙි කලු සමනලුන්ට
ඇති හැකි බැරි නොබැරි කුල මල බෙිදකම්
ඔලුවෙි තියාගෙන උඩඟුව දීන කම්
මිනිසුනි කුමට නිල තල අසමානකම්
අස්තිර ලොවෙි ඉමු මරුණය පේන කම්
ඉවසාගත නොහී හැකියා දැකපු නෙක
ඉවතට විසි කරල බොරු කිව එකය දුක
අවසානෙට කියමි මගෙ හිත රිදුනු එක අවලස්සනයි කෙල රහිතව ඇරපු එක
හැකියා තිබෙි මට වෙනමම අසමාන
ඒවැන් වැඩ ගනිමි තව නොබලමි පේන
නොදමමි පැත්තකට නිතරම ලියු පෑන
මුත් අවසන් එකයි මෙි අටමට දාන
සෙනෙහස් සිතින් සිරි සරසවි වැළඳ ගමී
මෙතනින් එහා තව කිසිවක් නොපවසමී
දන්නෝ දනිති ඒ ගැන මම සතුටු වෙමී
එලවන්නට කලින් මෙතනින් පිටව යමී
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.10.24
No comments:
Post a Comment