මෙි කතාව වෙන්නෙ කුරුණෑගලදි. කුරුණෑගල තිබුනා ඒ දවස්වල උප ප්‍රදේශ මූලස්ථානය කියල එකක්. මං මෙතනට ආවෙ මෙි කඳවුරේ ලිපිකරුවෙක්ව හිටපු අපේ කෝප්‍රල් කෙනෙක් ඒකකයට මුදවා හරින්න.
තමා අයත් ඒකකයෙන් පිට තැනකට සෙබළෙක් යනවනම් ඒ යන කෙනා කඳවුරු ප්‍රධානියා ගාවට දාල යන කෙනාගෙ විස්තර අහන එක හමුදාවෙ සම්ප්‍රදායක්. මාව මෙතනට එව්වෙ මගෙ කිසිම කැමැත්තක් නැතුව. ඒකට හේතුව උඩහ ඉද්දි ගත්තු ආතල් මෙිවාගෙ තැනක ගන්න බැරිවීම. අනික උතුර සහ නැගෙනහිර ඇඟට පත්තියන් වෙලා තිබුනු නිසා මෙිවගෙ නෝමල් පලාතක රාජකාරි ආහම ඒක ටිකක් මෙව්ව එකයි. හැදෙන්නත් කාලයක් යනව. අනික මෙතනට එවන්න තවත් ප්‍රධානතම හේතුවක් වුනේ මට මාසයකට සැරයක් හමුදා රෝහලේ සායනයකට සහභාගිවෙන්න තිබුනු නිසා උඩහ ඉඳන් එන්න තිබුනු අපහසුතාවයත් එක්ක "උඹෙි වැඩෙත් එහෙ ඉඳම්ම කරගනින්"කියල. ආවෙ අවුරුද්දකට.
ඒත් මෙතනට ආපුදා ඉඳන් මට හිතුනෙම බොරුවක් කියල හරි ආපහු යන්නමයි. මං එද්දි ඇජුටන් කිව්වෙ "ආරච්චි, කුරුනෑගල කියන්නෙ කුරුණෑගල, නැතුව ඒක අම්පාර,ගාල්ල මාතර එහෙම නෙමෙි, ඒ හිංද කෑම්ප් එකට ගිය ගමන් එහෙට ගියා කියල අනිවාරෙං කෝල් එකක් දීපන්" කියල. එහෙම තමා මාව පිටත් කරල එව්වෙ. මොකද මාත් "යන්නෙ කොහෙද මල්ලෙ පොල්" කියල ඇජුටනුත් දන්න නිසා. කොළඹ යැව්වොත් මතුවෙන්නෙ යාපනෙන්.නැත්තං පුත්තලමෙන්.එහෙමත් නැත්තං අම්පාරෙන්,වව්නියාවෙන්.
එක දවසක් කලින් හිටපු ඇජුටන් මාව එව්වා මින්නේරි. ඒ හදන්න දාපු පොටෝ කොපි මැෂින් එකක් පහුවදා එහෙන් අරගෙන කොන්වොයි එකේ දාගෙන කඳවුරට වරෙන් කියල. පොඩි සීන් එකක් වෙලා එදා රෑ මං ගතකලේ හබරණ පොලීසියේ කූඩුවක. අන්තිමෙි නිවාඩු හිටපු පොලොන්නරුවෙ ඔෆිසර් කෙනෙක් ඇවිත් තමා මාව එලියට ගත්තෙ. පොලිස් පොතේනං නම ලියල තිබුන්නෑ ආමි කිව්ව හිංද. ඒත් එලියට එද්දි කිවිවෙ,
"බිව්වට කමහ් නෑ මනුස්සයෝ අපිත් බොනවා, ඒත් කොකු දාගන්ඩ යන්නෑ" කියල.
කතාවට යමුකො. මං මෙහෙට ඇවිත් දැම්මා බ්‍රිගේඩියර් ඔබෙිසේකර සර් ගාවට. එයා තමා බ්‍රිගේඩ් කමාන්ඩර්.
*තමුන්ට ක්ලාක් පුලුවන්ද?
*කරල නං නෑ සර්. ඒත් අල්ල ගන්න පුලුවන්.
*තමුන්ට ඩ්‍රයිවින් පුලුවන්ද?
*ඩැයිවින්නං පුලුවන් සර්. ඒත් ආමි ලයිසන් නෑ සර්.
(හමුදාවෙ වාහන සිවිල් ලයිසන් එකෙන් එලවන්න බෑ)
*හරි එහෙනං තමුසෙට ස්ටෝර්මන් එක කරන්න පුලුවන්ද?
*ඒකනං අපහසුයි සර්. මං කරලම නෑ.ඒත් අල්ල ගන්න පුලුවන්.
*එතකොට පීආර්අයි(හමුදා ගිණුම් කටයුතු) පුලුවන්ද? එතනට ක්ලාක් කෙනෙක් අඩුයි
*ඒකනං මං කරලම නෑ සර්. ඒත් පුරුදු වෙන්න පුලුවන්.
*අයිසෙ එහෙනං තමුසෙම කියනවකො තමුසෙට පුලුවන් දේවල් ටික.
*මං අවුරුදු එකොලහම ෆීල්ඩ් එකේ හිටියෙ සර්. මෙහෙට එවුවෙත් ඇම්බුෂ් එකකින් ගලෝලා. මට එන්ඩ කිව්වා මං ආව මිසක් වෘත්තීයක් කරන්න තියෙනව කියල කිව්වෙ නෑ.
*අයිසෙ බී එම්, මෙන්න මෙි මනුස්සයව අරං ගිහින් වාහන එස්කෝර්ට් වත් දානව. ආපහු යවන එකත් පවු කියල දඩාස් ගාල අතේ තිබ්බ පෑන මෙිසෙ උඩින් තිබ්බා.
බ්‍රිගේඩ් කමාන්ඩර් එහෙම කිව්වම මං ආසියාවෙ අහිංසකය වගේ එතුමගෙ මූන දිහා බලං හිටියා. සර් අහපු මෙි හැමදේම මට හොඳට පුලුවන්. කරල වැඩත් පෙන්නල තියෙනව. ඒත් මං හිතුවෙ අහන අහන එක බෑ කිව්වම ආපහු යවල වෙන කෙනෙක් ගෙන්න ගනී කියල. ඒත් වුනේ හිතුව දේ නෙමෙි.
ඒ ගිහින් ආපහු එද්දි බීඑම් සර්,
*තමුසෙ මොකටද ඔියි මෙහෙට ආවෙ.
*මාව එවුව.හමුදාවෙ බෑ කියන්න බෑනෙ සර්..ඉතින් මං ආව.
ආයෙ එතුමා වචනයක් කතාකලේ නෑ.
මං කුරුණෑගලට ආවෙ මාවිල් ආරු ක්‍රියාන්විතයට සහභාගිවෙලා ඒක ඉවරවෙලා. ඊට පස්සෙ පටන් ගත්තනෙ නැගෙනහිර මුදවාගැනීමෙි මහා ධාවන තරඟය. ඒකෙත් එස්එෆ්ලගෙ ඔපරේටර් කෙනෙක් විදියට සාම්පූර් දක්වා ගිහින් ඉද්දි තමා මට මෙහෙට එන්න වුනේ.
ඒකටත් හේතුව වුනේ ඉංදියාවෙ කෝස් එකකට යන්න ඉන්ටවීව් ගිහින් ඒකත් චොර වෙලා ඇවිත් ඉද්දි.
මෙි දවස්වල මෙහෙට අම්බානක හමුදාවෙ ඩෙත් බොඩි එනව. මට අදටත් හිතෙන විදියට කුරුණෑගල තමා වැඩිම ඩෙත් බොඩි තිබුනෙ. එස්එෆ්,කමාන්ඩෝ, පාබල හමුදා,සිංහ,ගැමුණු අම්බානකයි. ඒ අතර අපේ ඒකකයේ ඒවත් සෑහෙන්න තිබුනා. මොකද ඒ ඔපරේෂන් එකේ අපේ ඒකකයත් බැහැල වැඩ කලේ. ඒකකය කිව්වට කම්පැනි දෙකක්.
මෙහෙම තමන්ගෙ බලප්‍රදේශයට අයත් ඒරියා එකට බොඩි එකක් ආහම ඒකට කරන්න වැඩ ගොඩක් තියෙනව. ඒ අතරින් පලමුවෙන්ම යුනිෆෝම් පිට ෆියුනරල් එක කරන්න,පුහුණු පතුරම් ගන්න අවසරය ගන්න, හිටපු නිළයට වඩා ඉහල නිලයක් පලන්දන්න අවසරය ගන්න, ගන් කැරියර් එක(ඔයාලා දැකල ඇති සෙබළෙකුගේ මරණයකදි පෙට්ටිය තියන කාලතුවක්කුවක් වගේ තියන කරත්තය) කුන්ඩසාලෙන් ගෙන්න ගන්න, ෆියුනරල් එක පිළිවෙලින් ඊලඟ තියෙන රෙජිමෙින්තුවට භාර දෙන්න,වගේ මහ වැඩ ගොඩක්. ඒකට ලියුම් තුනක් ගහන්න තියෙනව. ඒ ලියුම් තුනම රයිටරයෙන් ගහල අත්සන් කරල ඒ ඒ මූලස්ථාන වලට යවන්න ඔින. මෙික දවාලක් රැයක් නැතුව විස්තර ආපු මොහොතෙම ඉදිරි කටයුතු ටික පටන් ගන්න ඔින. නැත්තං වෙලාවට බොඩි එකේ අවසන් කටයුතු කරන්න වෙලාව මදිවෙනව.
සෙබළෙකුගේ මරණයක් කිව්වම ඒක මුලු ගමටම ගාම්භීරත්වයක් වගේම අන්තිම ශෝකාන්තයක්. ඒ අතර මැද දෝලනය වන හැඟීම් කළමනාකරණය කරන්නෙ මෙි ලියුම් තුනෙන්. මෙිව ඉහල මූලස්ථාන එක්ක කරන ගණුදෙනුවක් නිසා හරියටම කෙරෙන්නත් ඔින.
ඒ නිසා හැමදාම වගේ මෙිව ගැන හොයා බලන්න බීඑම් (බළසේනා මෙිජර්) කඳවුරේ නැවතුනා.
එදා මහ අන්ධකාර දවසක්. වැහි බීරුම හතර අතේ. යන්තම් වැහිපොදකුත් කඩා වැටෙමින් තමා තිබුනෙ. මට මතක විදියට රෑ හඳ වෙනුවටත් හඳම තමා පායල තිබුනෙ. මං හිටියෙ එස්කෝර්ට් නොහොත් වාහන ආරක්ෂක මුරයේ. පුරුදු දේවල්නේ.
එදා ඩියුටි ක්ලාක් හිටියෙ 15 ගජබා කෝප්‍රල් කෙනෙක්. එයාට රයිටරේ බෑ. කම්පියුටරෙත් බෑ. එවකට මං ලාන්ස් කෝප්‍රල් කෙනෙක්.
වෙලාව ඇති රෑ එකොලහට විතර,
මං මුරහලේ ඉඳන් නිදාගන්න ලෑස්තිවෙනකොටත් වෙනද වගේ නැතුව බ්‍රිගේඩ් ඔෆීස් එකේ ලයිට් දාල. වෙනද නවය, නවය හමාර වෙනකොට ලයිට් ඔීෆ් කරල ක්ලාක් මෙිසයක් උඩ නිදාගන්නව. ඒත් අද වෙනස්. මාත් මුරපතිට;
*සාජන් මං ඔෆීස් එකට පොඩ්ඩක් ගිහින් එන්නං, හදිස්සියක් උනොත් "ආරච්චෝ" කියල හූවක් තියන්ඩකො. තප්පරෙන් මෙතන ඈ.
*හරි හරි ටක්ගාල වරෙන් ඈ.
මාත් "හා" කියල ගියා ඔෆිස් එක පැත්තට මෙි වෙනස මොකද්ද බලන්න.
යද්දි කෝප්‍රල් නෞෂාඩ් ලියුම් වගයක් ගහනව. පොර විනාඩියට එක අකුරයි ගහන්නෙ. රයිටරේ බෑ.පුලුවන් වුනත් සිංහල බෑ. කම්පියුටරෙත් බෑ. වැඩිය කියන්න යන්න බෑ කතාව දිග්ගැස්සෙන හිංද. නමුත් කෝප්‍රල් කෙනෙක් අපහසුතාවයට පත් කරන්න ලා/කෝ කෙනෙක් කෝප්‍රල් කෙනෙක් කැමති නෑ. හේතුව ළඟ ළඟ නිළයක් දරණ නිසා.
ඉතින් මාත් ඔිකට කැමතිවුනේ නෑ. එදා ඩෙත් බොඩි දහතුනක් ඇවිත් තිබුනා.
රිදීගම,වාරියපොල,කටුපොත,මූනමල් දෙනිය ආදී. (මට ඔය ටික තමා මතක)
මෙිකට මහ විශාල කර්තෘව්‍යයක් කරන්න තිබුනත් ඒක මෙයාට හරියාකාරව බැහැ. මං විනාඩි දහයක් විතර බලං හිටියා. කරන ක්‍රමෙි සම්පූර්ණම වැරදී.
*කෝප්‍රල් නෞ.ඔික වැරදිනේ. ඔහොම නෙමෙි වෙන්න ඔින මෙහෙම. කියල මං ක්‍රමය පැහැදිලි කළා. පොරට ඒ වුනත් කරගන්න බෑ. (මං ඔිෆ් වෙලාවල්වලට ඔෆීස් එකට ගෙන්නනව වැඩ පුරුදු වෙන්න කියල. ඒ ඇවිත් මං කරන්නෙ මෙතන වැඩ කෙරෙන විදිය බලාගෙන ඉන්න එක)
*බුදු මෂං. උම්බට පුලුවන්නං යේක කල්ල දියංකෝ.
*කරන්න පුලුවන්.හැබැයි කොන්දේසියක් පිට.
*ෂරි,ෂර්.යේක ෂික්කිරේට්, විෂ්ෂ්කේට් මං ගේනවා. උම්බ කාල පීල වෙඩෙි කල්ල දියං.
*පිස්සුද කෝපල්. පගාව ගන්න. කොන්දේසිය මෙිකයි. මං විනාඩි පහෙන් ඔක්කොම කරල දෙන්නං. හැබැයි මෙි ඔෆීස් එකේ කාටවත්ම මං කරල දුන්න කියල කියන්න බෑ. ඇහුවොත් රෙජිමන්ටල් එකේ කා හරි ලව්වා කරගත්ත කියන්න ඔිනේ.ඔිකේ නං ඔිකේ.
*උම්බ දෙවියා මෂං. කෙල්ල දියං.මං මාරෙයාඩවත් කියම්නෑ.
මාත් රයිටරේට දාල තිබ්බ කොල හතර අල්ලල විසික්ක කලා. දාගත්තා කාබන් කොපි තුනක් එක්ක අලුත් හාෆ්ෂීට් කොල හතරක්. (අවශ්‍යතාවය අනුව)
පුටුව ඇදල ඉඳගත්තා. විනාඩි පහයි.වැඩෙි කම්ප්ලීට්.
ගත්තා අවශ්‍ය අවශ්‍ය තැන්වලට කෝල්. අරගෙන කිව්වා විස්තරේ.මෙහෙම කේස් එකක් තියෙනව,ෆැක්ස් එකේ බඩු එවනවා,එතකං වැඩෙි පටන් ගන්න කියල.
කෝප්‍රල් නෞෂාඩ් මට වඳින සයිස්.
මං වැඩෙි කරල දීල අවශ්‍ය තැන්වලට ලියුම ෆැක්ස් ටික යවන්න එයාට බාරදීල කෝල් පවා දීල සනාථ කරගන්න කියල පල්ලෙහාට ආවෙ ආයෙ මොනා හරි කේස් එකක් ආවොත් රෑ කීයට උනත් කමක් නෑ "කතා කරන්න කෝප්‍රල්"කියල.
ඒත් එලිවෙනකං ආයෙ කේස් එකක් ආවෙනෑ. ඒත් පහුවදා උදේ අටයි තිහට මං ඔිෆ් වෙලා බිලට් එකේ ඉද්දි මට කෝල් එකක්.
*ලා/කෝපල්ලාරච්චි සර්.
*කෝපල් මං ඉලංගසිංහ. බීඑම් ඇවිත් හම්බවෙන්න කිව්වා.
*හරි මචං. මං එන්නං. කියල පෝන් එක තියල මූන හෝදල කාල බීල මං ඔෆීස් එකට ගියා.
ඒ ගිය ගමන්ම සීසී, (7ශ්‍රීලපාහ සාජන් මෙිජර් හේරත් එච්එම්සීබී)
*ආ..අඩෝ ආරච්චි.. මෙහෙ වරෙන් මෙහෙ වරෙන්..
*ගුම්මෝනිං සර්.
*ගුඩ් මෝනින් තමා උදේට කියන්නෙ.කව්ද මෙි ලියුම් ටික ගැහුවෙ.
(හද්දෙයියනේ..මං ඊයෙ රෑ කෝප්‍රල් නෞෂාඩ්ට ගහල දුන්නු ලියුං.)
*මං දන්නවැයි සර්. මං එස්කොට්නෙ හිටියෙ
*බබෙක් වෙන්න එපා. ඩියුටි ක්ලාර්ක් නෞෂාඩ්ට රයිටරෙත් බෑ.කම්පියුටරෙත් බෑ. එහෙනං කව්ද මෙික ගැහුවෙ.
*මං දන්නවෑ සර්.ඒක කෝපල් නෞගෙන්නෙ ආන්න ඔින.
*ආං නෞ බීඑම් ළඟ.
මට හීං දාඩිය දැම්මා. චාර්ජ් ශීට් වල වගන්ති ටික මතක් වුනා. කටෙි කෙල හිංදවුනා. දනිස් දෙක "ඩර ඩර" ගාල ගැහෙන්න පටන් ගත්තා. තොල්පටි දෙක වෙිලුනා.
*බබෙක් වෙන්න එපා බං. ඇත්ත කියහං. උඹ බොරු කිව්වොත් මං දැං උඹෙි යුනිට් එකට කෝල් එකක් අරං උඹ ගැන අහනව. ඊට කලින් ඇත්ත කියහං.
*සර්.මං තමා ගහල දුන්නෙ. පව් සර්. සර්ලත් අහිංසකයෙක්නෙ ඩියුටි දාල ගිහින් තියෙන්නෙ.
*ආන්න රයිට්. මං මෙි වෙනකොටත් උඹෙි යුනිට් එකේ සීසීට කතා කරල ඉන්නෙ. උඹ ගැන ඔක්කෝම විස්තරේ කිව්වා. ලේස්ති වෙයන් මෙි සබ්ජෙක්ට් එක කරන්න. එක එක වාහන වල හිඟන්නෙක් වගේ නැග නැග ඉස්කොට් යන් නැතුව.
මං සද්ද නැතුව හිටියා. ඒත් මට ඒ සබ්ජෙක්ට් එක කරන්න නෙමෙි ලැබුනෙ. බොරු කිව්වට දඬුවමක්. ඒ කුරුණෑගල ඉහල නමක් තියෙන මල්ශාලාවකට ස්ථාන මාරුවක්. මෙතන මගේ රාජකාරිය වුනේ උඩහින් එන අපේ බොඩි අවසන් කටයුතු සඳහා කඩිනමින් සූදානම් කරවීම.
වයඔ පලාතට අයත් බොඩි එන්නෙ මෙි මල්ශාලාවට. අපි ඒ හැම බොඩි එකක්ම චෙක් කරල ඒව අරන් එන අපේ අයගෙන් භාර අරගෙන එම්බාම් ආදී කටයුතු වලට භාර දෙන්න ඔින. නිළඇඳුම් අන්දවල පදක්කම් පැලඳවීම කරල ඒවා පෙට්ටි වලට දාල ෆියුනරල් එක කරන ඒකකයෙන් ආහම එයාලට භාර දෙන්න ඔින. මෙි බොඩි හැම එකක්ම එකම විදියට එන්නෑ. සමහරුන්ගේ මූනූවල පලු නෑ. ඇඟේ කොටස් නෑ. සමහරුන්ට වෙඩි වැදිල විතරයි. තව සමහරු බ්ලාස්ට් වලට අහුවෙලා. එහෙම එන බොඩිස් පුලුවන්තරම් ලඟම ඥාතීන්ට අවසාන අවස්ථාවෙ මුහුන බලන්න පුලුවන් විදියට සැකසීම අපේ වගකීමක්. නමුත් මෙතනට එන මරණ ප්‍රමාණය වැඩි නිසා දෙන සකස් කරන බුවා කරන්නෙ මුහුන ටිකක් වැඩිපුර තුවාල වෙලා තිබුනොත් පෙට්ටිය සීල් කරන එක. මෙිකට මං කීප පාරක්ම කොක්ක දැම්මත් පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් පෙට්ටිය සීල්.
ඒ වගේ බොඩීස් හතරක් ආපු දවසක තමා මෙි කතාව වුනේ.
ආටි හෝ මෝටාර් වැදිල මුහුන ගොඩක්ම තුවාල වුනු කොල්ලෙක් ගෙනාවා. දැන් ඇතුලෙ කතාව පෙට්ටිය සීල් කරන්න.වෙලාව පාන්දර දෙකයි. මමත් මගේ තනියට ඉන්න යාලුවත් වැඩෙිට කැමතිවුනේම නෑ. මූ කියන්නෙම මුහුන හදන්න බෑ කියලමයි. අපි දෙන්නම කියන්නෙ පුලුවන් කියලමයි. ඔික වචන හුවමාරුවක් දක්වා දුරදිග ගියාම මට මළ පැන්නා. එක බොඩි එකක් හදන්න එපා කිව්වා. අමාත්‍යාංශෙටම කතා කරල කියනව කිව්වා. පොර කිව්වා පුලුවන් දෙයක් කරන්න කියලා. කොච්චර කිව්වත් පොර අහන්නෑ. පස්සෙ බැරිම තැන කලමනාකරුට කතාකලා.
මිනිහ කිව්වෙත් තව එන්න එන්න බොඩිස් වැඩිවෙනව.ඒ හිංද ඒක කරන්න අමාරුයි. පුලුවන් විදියකට කරන්න සපෝර්ට් එකක් දෙන්න කියල. නමුත් මායි අනිකයි පරාජය භාරගන්න කැමති නෑ. කරන්න වෙන දේකුත් නෑ. මෙි වෙලාවෙ මට මොලේ දකුණු පැත්ත හිරිවැටීගෙන ඇඟේ හීගඩු පිපීගෙන ගණදෙවි නුවණ පහල වීගෙන ආව. ඇඟෙත් විදිල්ලක් කෙටුව වගේ මෙව්ව එකක් උනා.
කලමනාකරුට යන්තමින් ඇහෙන්න මම කඳවුරට කෝල් එකක් ගත්තා.
*ගුඩ් මෝනින් කෝප්‍රල්. මං ලාකෝපල්ලාරච්චි. කෝප්‍රල් මට පනාගොඩ කෑම්ප් එකේ නම්බරේ ටිකක්ට දෙන්නකෝ.
පොර කිව්ව නම්බරේ මම අනික් එක්කෙනාගෙ පෝන් එක අරං ගහ ගත්තා.
*ගුඩ්මෝනින් උප්‍රමු කුරුණෑගලින් ලාකෝවාරච්චි. මට බ්‍රිගේඩියර් ඒකිව් ගෙ නම්බර් එක දෙන්නකො.
එතනින් ඒ සර්ගෙන් අහන් නැතුව නම්බරේ දෙන්න බෑ කිව්වා. මං ඊට පස්සෙ කෙලින්ම එතනින්ම ආරක්ෂක ලේකම්(වත්මන් ජනාධිපති තුමා) ගේ නම්බරේ ඉල්ලගෙන ගත්තා කෝල් එකක්.
*ගුඩ්මෝනින් සර් මං ලාකෝ ආරච්චි, කව්ද සර්. ආ..එහෙමද සර්. හරි සර් මං හෙට උදේ අටෙන් පස්සෙ කතාකරන්නම් සර්.
*මොකද්ද කෝප්‍රල් ප්‍රශ්ණය. දුරකතනෙ එහාපැත්තෙන් ඇහුනා.
*ආ..සර්.මං ඉන්නෙ අහවල් මල්ශාලාවෙ කුරුණෑගල. කම්ප්ලේන් එකක් කරන්න ගත්තෙ.
*ඒක මට විසඳන්න පුලුවන් දෙයක්ද. කාටද කියන්න ඔින.
*නෑ සර් මෙික ආරක්ෂක ලේකම් තුමාටම කියන්න ඔින දෙයක් සර්. මං උදේ කෝල් එකක් ගන්නං. ගුඩ් ඩෙි සර්.
මං ඒ ඇමතුම විසන්දි කරල යාලුව දිහා හැරෙනකොට මං දැක්ක මල්ශාලාවෙ කලමනාකරුගේ ඇස් විසල් වෙලා හීන් දාඩිය දාල කටත් බාගෙට ඇරිල තියෙනව. මං ඇතුලට එන්න හදද්දි පොර;
*බුදු අම්මෙි මහත්තයෝ,ඔිකට ඔච්චර දුර යන්න දෙයක් නෑනෙ. අපි බලමු කරන්න පුලුවන් මොනාද කියල. ආයෙ කතා කරන්න ඔින නෑ කාටවත් හොඳේද?
*ඒක ඉතින් ඔබතුමා ඉස්සෙල්ලා කිව්වෙ නෑනෙ.කිව්වනං මගේ බිලත් ඉතුරුනේ. දැං හෙට කතාකරන්නම වෙනව.
*එපා එපා ඔින නෑ. අපි කෝම හරි හදමු.
*හරි. ඔයා කියනවනං කමක් නෑ.හැබැයි හෙට දොලහ වෙද්දි බොඩි ටිකත් ඔින පුලුවන්ද? මෙතන ආයෙ සීල් බීල් කතා නෑ. අපිට ඔින විදියට වැඩෙි වෙන්න ඔින. බැයිනං කියන්න මං ආරක්ෂක ලේකම්ට කියල වෙන මල්ශාලාවක් බුක් කරගන්නං.
*පුලුවන්.අනිවාරයෙන්ම පුලුවන්.
මාත් සද්ද නැතුව එයාලට වැඩෙි කරන්න පටන් ගන්න කියල මට ඔිනම විදියට එතන ඉඳන් හැමදාම වැඩ ටික කරගත්තා.
ඒත් පුදුමෙි කියන්නෙ මං කඳවුරට කතාකලෙත් නෑ, පනාගොඩට කතාකලෙත් නෑ, ආරක්ෂක ලේකම්ට කතාකලෙත් නෑ.පෝන්එකේ සිම් දෙකම ඔිෆ් කරල මං මගෙම නම්බරේට රිංකරල මං, මං එක්කම කතාකලා. හිතුව මදි ආරච්චි මල්ලි එක්ක හැප්පෙන්ඩ.
එදා ඉදන් මෙතනට එන බොඩි ඔක්කෝම සුපිරියටම හදලා,හදන්න බැරි එව්වත් හදල අන්තිම මොහොතෙත් මැරුනු එක්කෙනාගෙ ලඟම ඥාතීන්ට මුහුන බලන්න මං අවස්ථාව හදල දුන්නා. හැබැයි ඒ කේස් එක ගියපු සහෝදරයගෙ බොඩි එක මකුලාගම එකක්. මූනමල්දෙනිය කටුපොත පාරේ.
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.08.16
අවසන් වතාවට , මිය ගිය කෙනාගේ මූන හරි වත් බලන්න ලැබෙන එක ඤාතීන්ට මොනතරම් වටින දෙයක් ද.. ආරච්චි තමුන්ට හැකි උපරිමෙන් සාදාරනයක් කරලා තියනවා..
ReplyDeleteස්තූතියි.
👏👏👏🥰🥰🥰
ReplyDelete