මෙි කතාව වෙන්නෙත් සුදන්දිරපුරම් වලදි.
මෙහෙ ඉන්න එක මට එක්තරා පිස්සුවක් වෙලා තිබුනෙ. ඒ කැලේ හිංද. මෙි කැලේ මාර ලස්සනයි. අපේ කඳවුරේ ඉඳන් කිලෝමීටර් දෙකක් විතර ඇතුලතින් ලස්සන ඔයක් ගලා යනව. වතුර පට්ටම හීතලයි. මාර ලස්සනයි. මෙි කාලෙ කොටිත් නැති හිංද මං හිටපු ගමන් කොල්ලො දෙතුන් දෙනෙක් අඬගහගෙන යනව ඇවිදින්න. ඒ වසන්ත කාලයක්. කැලේ ඇතුලෙ පලු ගස්වල කහ සිවුරු වනල වගේ. කහම කහ පාටට පලු ඉදිල වැක්කෙරෙනව.
ඊලඟට මොර. අප්පොච්චියේ මොර කාපු කෑමනක්. මත්වෙනකං මොරයි පලුයි කාල කාල බඩත් උස්ස ගන්න බැරිවෙනකොට තමා කෑම්ප් එකට එන්නෙ.
එකදවසක් අපි හවස දෙකට විතර ගියා සත්තු බලන්න. අර ඔයට වතුර බොන්න සත්තු එනව. අපිත් ගහක් උඩට නැගල හතරවටෙි බල බල ඉන්නකොට තමා හෙන ඌරු රංචුවක් ආවෙ. ඌරො විසිපහක් විතර හිටියා රංචුවෙ. ඊලඟට වැලි මුවෝ. හවස පහ විතර වෙද්දි ආවෙ තනි ගෝනෙක්. ඒකානං තනිකර කුලු මීමෙක් වගේ. අපිත් ඒ ඔක්කොම බල බල ඉඳල අඳුර වැටෙන්න ඔන්න මෙන්න කියල තමා ඇතුලට ආවෙ. ඒ ආවෙත් නිකන් නෙමෙි. පලු,මොර,දඹ කන්දක් කඩාගෙන ආවෙ. ඒව අතුපිටිනුයි උර පිටිනුයි ගෙනත් එල්ලුව රූම්එක ඉස්සරහ කණුවක,කන අයට කන්න.
පැයක් විතර යනකොට මං දැක්කා එකෙක් උරෙත් ලෙවකනව. මෙි දවස්වල තමා අපේ ඒකකයට අවුරුදු දාසයක් පිරීම නිමිත්තෙන් උත්සව සාලාවක් සංවිධානය කරල තිබුනෙ. ඒකෙ මට භූමිකා දෙකක් තිබුනා. එකක් ප්‍රභූ සම්මාන මුරය. ඒකට එන්නෙ වත්මන් අපේ හමුදාපති තුමා. අනික කඳවුරේ අලංකරණය. මෙිකට තිබ්බෙ සතියක එකහමාරක විතර කාලයක්. ඔහොම ඇවිත් ඉන්නකොට තමා ආර්එස්එම් මට
පණිවිඩයක් කිව්වෙ.
*සාජන් ආරච්චි,තව සතියයි තියෙන්නෙ. හෙට ඉඳන්ම ඔයාගෙ සම්මාන මුර වැඩෙි පුහුණුවීම් පටන් ගන්න.
*අනේ සර්..මං අනිතුමා හම්බවෙන්න ලියුමක් දාල තියෙන්නෙ. ඒ වැඩෙත් මෙි වගේ කැපවීමෙන් කරල දෙන්නකො.
*හරි හරි බං. මං කිව්වනෙ.මං සීඔිට කියල ට්‍රාන්ස්ෆර් එක හදල දෙන්නං. ඉස්සෙල්ල මෙික ඉවරයක් කරහංකො.
මාත් හා කියල වැඩෙිට කැමති උනා. ඒ වෙද්දි මං සම්මාන මුර හයක්,හතක් විතර දීල තිබුනා හමුදාවෙ විවිධ තරාතිරන් වල අයට. මම මගේ සැරයන් රෑන්ක් එකේ සම්පූර්ණ කාලය තුල සම්මාන මුර දා හතක් කරල තියෙනව. මෙි සම්මාන මුරය කියන්නෙ හමුදාවෙ අධිකාරි නිළයකට ලබන්න පුලුවන් උපරිම උසස්ම උත්මාචාරය. එතනින් එහා එකක් නෑ. මෙිකට වත්මන් හමුදාපති තුමාම එන්න හේතුව මානුෂීය මෙහෙයුමෙිදී අපි දක්වපු රණ ශූරත්වයට කලගුණ සැලකීමක් වශයෙන්.
මාත් එක්ක ඒකටම හරියන සෙට් එකක් හිටියා. ඒ අය එක්ක විතරයි මං සම්මාන මුර දෙන්නෙ. මෙි ඒරියා එකේ කොහේ හරි සම්මාන මුරයක් දෙනවනං ඒක භාරවෙලා තිබුනෙත් මට. මෙදත් මං ඒ කට්ටිය අරගෙන පුහුණුවීම් කරල නියමිත දවසෙ සුපිරියටම වැඩෙත් කලා. අනි තුමාටත් සතුටුයි. ආර්එස්එම්ටත් සතුටුයි.
පහුවදා අනි තුමාගෙ සියළු නිළ ඇමතීමෙි රැස්වීම.
එතුමත් කියන්න ඔින දේවල් කියල දෙන්න ඔින උපදෙස් දීල අන්තිමට තියෙන අපේ ප්‍රශ්ණ ඇහුව.
මාත් දඩබඩස් ගාල නැගිට්ටා.
*ආ.. සාජන් ආරච්චිටත් පස්න තියෙනවනෙ. මෙච්චරකල් ආරච්චිගෙන්නෙ අපිට පස්න තිබුනෙ. හා කියමුකො බලන්න.
*සර්, මං හමුදාවෙ මෙි අවුරුදු දාසයටම මෙි ඒකකය යටතේ ක්‍රියාන්විත රාජකාරියේමයි හිටියෙ. කවදාක්වත් කිසිම පස්නයක් දාලවත්,කේලං කියලවත්,බෙළි කපලවත් නෑ.
*ඔව්. කටයි වැඩයි සවුත්තු උනාට ප්‍රතිපත්ති හොඳයි කියල මං දන්නව.දැං මොකද්ද තමුන්ගෙ පස්නෙ.
*සර්, මෙිකත් කේලමක් නෙවෙයි. ඒකයි ප්‍රසිද්ධියෙම කියන්නෙ,මං මීට මාස එකහමාරකට විතර කලින් පුද්ගලික කාරනාවක් නිරවුල් කරගන්න ඔබතුමාව හමුවෙන්න අවසර ඉල්ලල ලියුමක් දැම්මා. නමුත් මෙි වෙනකං බැරිවුනා. ඒක මං දැක්කා ඉදිරිපත්වත් නොකර සීසීගෙ ලාච්චුවෙ තියෙනව. අපි ගැටලුවක් ඉදිරිපත් කලාම ඒක සර් ගාවට නියමිත විදියට එන්නෑ. සීසීගෙ ලාච්චුවෙ තැන්පත් වෙනව. මෙි ඒකකය වෙනුවන් තමයි සර් අවුරුදු දාසයම දර දිය ඇද්දෙ. නමුත් සර්ට තියෙන පස්න ඉදිරිපත් කලාම නියම විදියට ඒක සර්ට ලැබෙන්නෑ.
*ඇත්තද සී සී මෙි කියන්නෙ. සීසී නැගිට්ටා.කියාගන්න දෙයක් නෑ. මං කලින් දවසෙත් සීසීගෙ ලාච්චුවෙ තිබ්බ මගේ ලියුම මංම බලල දෙන්නං බැටෙි කියල හිතාගෙන ඉඳල තමා මෙතන දිගෑරියෙ.
එතනින් සීසීට පැය බාගෙක විතර දේශනාවක් ලැබිල, අවසන් අවවාදත් දෙකතුනක්ම ලැබුනා.
*හරි,දැන් ආරච්චිට මොකද්ද වෙන්න ඔින.
*මට සර්ව හම්බවෙන්න ඔින සර්,පුද්ගලික කාරනාවක් තියෙනව නිරාකරණය කරගන්න.
එතනදිම සර් කිව්වා අද හවසම මාව සර් හමුවට දාන්න කියල.
එදා හවස මෙස් එකේ මාර ගිනිවිජ්ජුම්බරයයි. සමහරු මට බනිනව. සමහරු හොඳ කියනව. ආර්එස්එම් මධ්‍යස්ථව බලා ඉන්නව. මට බනින උන්ට මං බනිනව. එකම වලියයි එතන. හැබැයි ඊට පස්සෙ සීඔි හම්බවෙන්න ලියුම් දානවනං ඒවා සීඔිට යොමුකරන්න ආර්එස්එම්ට භාරවුනා. ඒ මං කොල්ලො වෙනුවෙන් කරපු එක හොඳ වැඩක්.
සීසී මාත් එක්ක සෑහෙන කාලෙක ඉඳල ඇරියස් පිට හිටියෙ. ඒ කියන්නෙ තරහයි. මං විතරක් නෙමෙි මෙි ඒකකයේ තුනෙන් දෙකක්ම පොර එක්ක තරහයි.
ඒවා කොහොම උනත් පොර ටෝච් එලියෙන්වත් හවස හයෙන් හතෙන් පසු එලියට බහින කෙනෙක් නෙමෙයි. ඒ තරං හොල්මන්වලට බයයි. මොකද මෙි කඳවුරේ හොල්මනක් ඉන්නව කියන ආරංචිය අල්ලපු කඳවුරුවලට පවා ගිහින් තිබුනේ.ඇත්තටම මෙිකෙ හොල්මනක් නෑ. ආරච්චිලයි තව දෙතුන් දෙනෙකුයි එකතුවෙලා තමා ඔය කතාව පතුරුවා හැරියෙ.
එක දවසක් මාව දාල තිබුන විසිට් එකක්. පාන්දර එකත් දෙකත් අතර. මං පට්ට නිදිමතේ හිටියෙ. ඒ නිදිමතේම විසිට් එකත් ගිහින් එන ගමන් මොලේ දකුණු පැත්ත හිරිවැටීගෙන මහා කුඩුක්කේඩු අදහසක් ගලා ආවා. මාත් මෙස් එක කිට්ටුවට ඇවිත් දඩබඩ ගාල හයියෙන් හුස්ම ගන්න ගමන් බොරුවට දාඩියත් දාපු විදියට හොල්මනකින් බෙිරිලා ආව වීරත්වයක් මවා පාමින් ඊලඟ විසිට් එකේ හිටපු සාජන් ජයවර්ධනට කතා කලා. පොරත් බයවෙලාවගෙ එක පාරටම නැගිටලා
*මොකද්ද යකෝ තොට වෙලා තියෙන්නෙ; ඇහුවා.
*ඒයි ජයා,මචං මං ටැංකිය ගාවින් එද්දි මොකෙක් හරි නාන සද්දයක් ඇහුනා. කව්ද නාන්නෙ බලන්න ටැංකිය ගාවට ගියාම මොකෙක්වත් නෑනෙ බං.
*අප්පටසිරි ඉතින්.
*ආයෙ මගට එද්දි ගහක අත්තක් කපන සද්දයක් ඇහුනා. ඒත් මෙලෝ යකෙක් නෑ බං. මාත් බය බිරාන්ත හඬින් ජයාට කිව්වා. අපි මෙි කඳවුරට ඇවිත් මාස දෙකක් විතර වෙන්නෙ. රූස්ස කැලේ හිංද ගොඩක් අය තනියෙන් විසිට් යන්නෙ ගොඩක් පරිස්සමින්.
*තව පාරක් අම්මට සිරි. දැං උඹට අවුලක් උනාද?
*අවුලක්නං වුන්නෑ. ඒත් උඹත් කල්පනාවෙන් පලයන්. සද්ද ඇහුනොත් හොයන්න යන්නෙපා. පාඩුවෙ වරෙන්.
සාජන් ජයත් බෝම කල්පනාවෙන් විසිට් එක ගිහින් ඇවිත් ඊලඟට විසිට් ඉන්න එකාට ඒක ඩබල් කරල කියල. එහෙම තමා ඔික කටින් කට ගියෙ. සමහර දවස්වලට කෝප්‍රල්ල ඉන්න බිලට් එකේ වහලෙට වැලි ගහලත් තිබුනා. තව දවසක් හරියටම රෑ දොලහට නාන ටැංකියේ වතුර බාල්දිය උස්සල විසිකරන සද්දෙකුත් ඇහිල පොයින්ට් එකක හිටපු සෙන්ට්‍රියෙකුත් දුවල තිබුනා. මෙස් එකේ ඩිකිස් පෙරලෙන සද්දයක් ඇහිල සිවිල් කුක්ට සිහියත් නැතිවෙලා. ඒකටත් ප්‍රතිකාර කරා. හැබැයි ඔය සීන් වෙච්චි හැම දවසකම ඒ වෙලාවල් වලටම මාත් විසිට් හිටියා කියල කාටවත් ගානක් නෑ.
ඔහොම ඉද්දි තමා සීසී විසිට් එකක් යන වෙලාවක් සෙට්වුනේ.
එදා හරි අඳුරු දවසක්. තරු එලියවත් තිබුන්නෑ. සීසී උතුමා එකොලහට විතර නැගිටලා ගං බූට් දෙකත් දාගෙන කනා මැදිරි එලි ටෝච් එකත් ගහගෙන විසිට් එක යන්න ලෑස්තිවුනා. මෙික මං බල බල හිටපු අවස්ථාවක්. නිදිවගේ හිටියට නින්ද යවා ගන්නැතුව තනි ඇහෙන් බල බල හිටියෙ එයා කීයටද විසිට් එක යන්න පටන් ගන්නෙ කියල.
පොර නැගිටල උගුරත් පාද පාදා පිටත්වුනා. මං දැක්කා ටෝච්එකේ එලිය වැඩි වෙන්න ඒකෙ මූනටත් දඩස් බඩස් ගාල මිටි මොලෝලා දෙක තුනක් අතාරිනවා. එයා ගියා. මං නැගිට්ටා. ටෝච් එක පත්තු කරල අතින් වහගත්තා. යන්තම් බිම පේන විදියට. ගියා කෙලින්ම ටැංකිය ගාවට. ගිහින් ඉඳගත්තා. තව විනාඩි දහයයි සීසී මෙතනින් යන්න ඔින. මෙි හරියෙ පොයින්ට් එකක්වත් නෑ. පොරගෙ ටෝච් එලියට බිමයි ඉස්සරහ තියෙන ගහයි විතරයි පේන්නෙ.
ඊලඟට ටැංකිය තියෙන පාත් එකට අවතීර්ණ වුනා විතරයි මං වතුර බාල්දි තුනක් ටැංකියෙන් අරන් පුරුදු විදිහට ටිකක් එහාට ගිහින් උස්සලා කෙනෙක් නාන සද්දෙන් උස්සලා හැලුවා. එක පාරටම ටෝච් එලිය නැවතුනා. තවත් විනාඩි දෙකක් විතර ඉඳල ආයෙත් වතුර බාල්දියක් අරං පෙර පරිදිම හැලුවා. ඒත් සද්දයක් නෑ. ටෝච් එකත් පත්තු කරගෙනම බඩු නැවතිලා. මං දැක්කා එක පාරටම පොර නැමෙනව. ඒත් එක්කම හෙන වැලි අහුරක් ආව මං ඉන්න දිහාවට. ඊට පස්සෙ මං බාල්දිය ටැංකිය ගාව කොන්ක්‍රීට් ලෑල්ලට සද්දෙන්ම අතෑරල නැමිල නැමිල මගට ආව.
ඒත් පොර එතනමයි. ඊලඟට මං බිම අතගාල අතගාල හොඳ වැලි අහුරක් අරගෙන උපරිම වැර දාල පොරගෙ පැත්තට නැතුව පොරගෙ ඉස්සරහට අතෑරියා. මට ඇහුනේ "බුදු අම්මෝ" කියන සද්දෙ විතරයි. ඊලඟට ටෝච් එකත් බිම අතෑරෙනව දැක්කා. මං හීන් සැරේ හොරෙන් හොරෙන් මෙස් එකට එද්දි දැක්කා සීසී ඉන්න තැනට ටෝච් එලි දෙකක් එනව.
මං දඩ බඩ ගාල මෙස් එකට ඇවිත් ඇඳට වැටිල ඔලුවෙ ඉඳන් බෙඩ්සීට් එක පොරෝ ගත්තා. පැය භාගයක් විතර යද්දි අර ටෝච් එලි දෙක සීසීව මෙස් එකට ගෙනත් ඇරලලා යනව බලා උන්නා. එදා ඉඳන් තමා හවස හයෙන් පස්සෙ සීසී එලියට බැස්සෙ නැත්තෙ.
පහුවදා ඔික කඳවුරේම ලැව්ගින්නක් වගේ පැතිරිලා ගියා. සීඔි ගෙ කනටත් ගියා. ඒ කියල තියෙන්නෙ ආර්එස්එම්.
සීඔි නං කිව්වලු කොල්ලන්ගෙ ඇඩ්මින් වැඩටික හරියට නොකරපුවම ඔය වගේ හොල්මන් පේනවා. ඒ හිංද ඇඩ්මින් ටික හරියට කලොත් හොල්මන් පේන එක නවතී කියල. ආර්එස්එම්මුත් ඒක අනුමත කරාලු.
කාව තැම්බුවත් සීඔි ව තම්බන්න ආරච්චිගේ ලුනු ගොරක මදි.
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.08.20
අන්න කරනවනං වෙඩි වගේ වැඩ...! අපිට නෑනෙව ඔහොම ආතල් ගන්න චාන්ස් එකක්.
ReplyDeleteමාරයි...
ReplyDelete