Sunday, August 30, 2020

වැහි කෝඩෙි


වීදියේ හංදියේ හවස මන්දාරමෙි.

කල්පනා ලෝකයේ ඉදිමි මා පාලුවෙි

හද පුරා වෙිදනා  විඳින මෙි ලෝකයේ

වැසි වලාකුලේ පාව එන්න දේවතාවියේ...


නුඹ නිසා තනිවෙලා හිඳින අඳුරු මාවතේ

වැහි කෝඩයක් වෙලා අපේ ආදරේ පියේ

හද සංතානයේ මාගෙ ආශා අරන්

තව ලෝකයක් තනා සුවය දේද පේමියේ


කඳුලු වෑහෙනා තරම් නුඹ නොදකිනා තරම් 

මට පුදුමයක් නොවෙි ගලා යාවි ජීවිතේ

අහස් කන්ද සිසාරා පායනා වර්ණ දී

දේදුන්නක් වුනේ කෙලෙස දේවතාවියේ...


රුවින් පමුදිත යද්දෙිආරච්චි

2020.08.30

4 comments:

  1. තනුවක් දාල ගත්තනං මල් හතයි...

    ReplyDelete
  2. මේ... ආරච්චි මහත්තෙය. තමුන්නැහැගෙ බ්ලොග් එකට එනකොට වෝනිං එකක් එනව. කමෙන්ට් කරනකොටත් වෙනම තැනකට යනව. කරුණාකරල ඒක හදන්ට. නැත්තං මේක කියවන්ඩ එන උදවියට කරදරයි.

    ReplyDelete
  3. මට හිතෙන්නේ මේක අටම හරි වෙනකවුරු හරි පේස් බුකියෙන් කොපි පේස්ට් කරලා ඇදගෙන යන බ්ලොග් එකක් කියල, මොකද අරච්චියා මේකේ වැස්සකටවත් කමෙන්ට් එකකට රිප්ල්ය් කරන්නේ නැහැනේ..
    මဝ වැරදිනම් සෙප්ටි ඩවුන් කරගෙන ටී පනස් හය උස්සගෙන එන්ඩ එපා ස්ටාප් , මේ මට හිතුන එක ලිව්වේ...

    ReplyDelete
  4. නෑ.නෑ. මංම තමයි. ආරච්චිම තමයි. බ්ලොග් එක ගැන එච්චර හැදඋරීමක් නැතිනිසා හරි අමාරුවෙන් ඇදන් යන්නෙ. තරහ වෙන්නෙපා දෙයියෝ.😭😭😭😭

    ReplyDelete