Thursday, May 11, 2023

නාවල්අඩි ටකරං

 මෙික වෙන්නෙ නාවල් අඩි කඳවුරේදී.මෙදින මං හිටියෙ රාත්‍රී මුර රාජකාරියෙ. දවල්කාලෙ පට්ට බරවැඩ කණ්ඩයක හිටියෙ. ඒ බංකර් වලට යන්න ට්‍රෙන්චස් කපනව.යකඩ ඉන්න ඒ කට්ට පොලවෙ ඇන්නම මොන කාණුද මිත්‍රවර්ණි යකඩින්න බම්ප් වෙලා ඇවිත් නාහෙ වදින්නෙ නාහෙ..ඒ තරම් කට්ට වෙන්ඩ වෙිලිලා. ඒ කියන්නෙ අපිට වඩා පොලව මෝරලා..

ආයෙ බංකර් ගහන සීන් එකක්. යුද්දෙ පටන් ගත්තොත් අපි හයියට ඉන්න ඔින කියල තමා ඔිව පටන් ගත්තෙ..එදා මං හිටියෙ බංකර් හදන්න තල්  තල්කොට කපන සීන් එකක.ඉතින් තල්ලු ස්ටාර්ට්  ටැට්ටරෙත් අරං කැලේ ගිහින් තල් ගස් කපන්නත් ඔින.කපල කුට්ටිත් කරල ටැට්ටරේ කට කපල බඩු ගේන්නත් ඔින. ⁣හැබැයි මෙි සාම කාලෙ.රනිල් උත්තමය ගෙනාපු සාමෙ මතකයිනෙ..අන්න ඒ කාලෙ.ඉතින් අපි උදේම බත් මුල් ටිකකුත් ඉන්න ගානට බැඳගෙන තඩි සයිස් වතුර කෑන් එක්කුත් පටෝගෙන  තල්ලු ස්ටාර්ට් ටැට්ටරෙත් අරගෙන  වල්වැදුන.ඒ කියන්නෙ මිෂන් පැල්මයිරා ට්‍රීස් කටින් ඔපරේෂන් එක බැස්සා.මගෙන් කව්රු ඇහුවත් උඹ මොනාද අද ඉන්නෙ කියල මං උත්තර දෙන්නෙ ඔහොම තමා.යන්ඩ තියෙන්නෙ කැලේ.කියන්න දුකේ බෑ මහත්වර්ණි, පොරවෙ කැපෙන තලේ හරිය අතේ මහපටැගිල්ලට වඩා මහතයි.ඒ කියන්නෙ ආමි එකේ පොරෝ කැපෙන්නෑ.කැපුවොත් තැලෙනව.තැලුවොත් ඉදිමෙනව.ඉදිමුනොත් ඇඬෙනව.ඔන්නෝවගෙ සීන් එකක්.ඒකටම හරියන ඩෑල් දහයක් විතර තමා ඔය වැඩෙිටත් නම් කලේ.

ඉතින් අපි නොවිදිනා දුක් විදල විදල තල්ගස් දෙකක් බිම හෙලා ගත්තා.අත්වල විතරක් නෙමෙයි දනිස් වලත් එක්ක දිය පට්ට දාල.ඇයි  ඉතින් අර කෙහෙම්මල් පොරෝ කැපෙන්නෑනෙ.ගහ වටෙි කැරකි කැරකි කපන්නත් එපායැ.පොරවෙන් දෙකක් ගහට කොටනව.එකපාරක් දනිස් අතගානව..😪😪😪.ඉතින් හරීම දුකසේ ඔය ගස් දෙකත් කපාගෙන කුට්ටිකරගෙන ටැට්ටරේට පටෝගෙන කෑම්ප් එකට එද්දි රෑ හතයි.

මැරෙන්න මහන්සියි. ඒ එනගමන්ම ගාඩ්රෑම් එකෙන් බැහැල බැලුව ඩියුටි පේපරේ.අම්මටහුඩු රාත්‍රී මුරය අංක 07 රාජකාරි. කාලවරෙංකො.දවල්තිස්සෙම මැරිල මැරිල ඇවිත් නයිට් ඩියුටිත් දාල.හරි කමහ් නෑ..හමුදාවනෙ කියල හිතත් හදාගෙන නාලකාල තුවක්කුබටෙත් අරං ගියා ⁣නමය වෙනකොට පොයින්ට් එකට. ගිය ගමන් නිදාගත්තා.දොලහෙ ඉඳන් දෙක වෙනකං මගේ මුර කාලය තිබ්බෙ.දොලහට පහක් තියලමාව කීද්දුව.ඇඟපත වල්ඌරෙක් තලාපු ගානයි.හොල්ලන්න බෑ සිදෙනව. කොහොම හරි හිත හදාගෙන නැගිටල හිටිය සෙන්ට්‍රි. මෙික හරි පුදුම කාල පරාසයක්..යක්කු ගස් නගිනව.අපි නිදිමරනව. කොහොම හරි අඩවන්වූ දෙනෙත් පියවෙන්න නොදී හරීම අමාරුවෙන් දල්ලගෙන හිටිය.ඒ හිටියෙත් තනි ඇහෙන්.අනික් ඇහැ රෙස්ට් කරනව.

කොටි එනවට නෙවෙයි පිංවතුනි..බය

අපේ විසිට් එන සාජන්ල කෝපල්ල ගෙන්නෙ බෙිරෙන්න බැරි..නිදාගෙන ඉදල අහුවුනොත් මයෙ අම්මා දෙන්නෙ දීමනාව මොනවද ආයෙ... ඉතින් ටින්කිරි ටින් කටින් එන්ඩ...

මාත් ඒ හිංද සුපිලිවෙතින් ඔහොම ඉන්න අතරෙ එක පාරටම ඇඟ කිලිපොලා ගිහින් කනේ මයිල් කෙලින් වෙලා පට්ට අයිඩියා එකක් ආව.

අපි බංකර වලට යන්න කානු කපනවනෙ.ඔය කානු කදවුර වටෙිම යනව.එදා මං හිටපු පොයින්ට් එකෙත් දෙපැත්තෙන්ම කානු කපල තිබුනට එන්න පාලම් හදල තිබුන්නෑ.දකුනු පැත්තෙ කානුව පැනල ආවොත් අනිවාරයෙන්ම පනින්න වෙන්නෙ පොඩි ඉඩක ඉතුරුවෙලා තිබුනු අඩිපාර කෑල්ලකට.නැත්තං අලුතින් කපපු බංකර වලට.ඒක අඩි හයක් විතර ගැඹුර හිංද පන්නින ඔින පාරටමයි.ඒක හොදට ලගටම ගිහින් සර්ච් කලා.මෙි වෙනකොට එකවිසිට් එකක්වත් ඇවිත් තිබුන්නෑ.ගියා වම්පැත්තට.අම්මටසිරි කියහංකො ඒකත් තිබුනෙ එලෙසමයි.කානුව පනිනවනං තව ටික දුරක් ගිහින් වටෙන් එන්න ඔින.නැත්තං පාරටමයි පනින්න ඔින.

මොකද අපේ පොයින්ට් එකතිබුනෙ කදවුරෙන් එලියට නෙරපු පොට්ටෙක්ක

මගෙ අයිඩියාස් එකට වැඩෙිහරි.මං ආව අපි රෙස්ට් කරන හට් එක ගාවට.ඒව අඩි හතරක් පහක් තමා උස.ඇවිත් ඇඳන් දෙකේම මෙට්ට දෙකඋස්සල බැලුව.අම්මට හුඩු තියෙනව එක ඇදක ලැල්ලක් වෙනුවට දාපු ටකරම් බාගෙයක් දිලිසි දිලිස.ඒ තිබුන්නැත්තං වහලෙන් හරි ගලවනව ඉතින් ආයෙ හරිය..

අපි ඔිව ඇතුලෙ මළාට නිදාගන්නෑ.මොකද ඒ තරං මකුණො මෙට්ටවල.එකමදුරුවෙකුට උස්සන් යන්න බැරිවෙන්න මකුනො යටින් තදින් අල්ලං ඉන්නෙ.කෑවට තරහක්නෑ..ඒත් රෑට ඇඟ පුරාම දුවල දුවල කිති කවන එකනෙ ඉවස්න බැරි  .ඉතින්  නින්දට බාදවෙන නිසා අපි බුදියන්නෙ එලියෙ..මොකක් හරි එලාගෙන.

ඊලඟට මගේ වැඩෙි පටං ගත්තා.බැලුව හොඳට වට පිට..සන්නද්ද ඇඳුම ගැලෙව්ව.ගත්ත ටකරම.. ඉරුව දෙකට... ගත්ත අත්දෙකට... ඉස්සෙල්ලම ගියේ දකුනට.ගිහින් දැම්ම කානුව ගොඩවෙලා ක්‍රොස් කරන කොටම  වැටෙන පාර මැදටම එක පලුවක්..

නෙක්ස්ට් වම.ඒකත් එසේමයි.පැන්න ගමන් වැටෙන තැනට ඒකත් දැම්ම.ආවට ගියාට දැම්මෙ නෑ මිත්‍රෝර්ණි.මං ඉස්සෙල්ල පැනල බලල තමා දැම්මෙ.😁😁☺️☺️

ඔය විසිට් එක එනව නේද මගේ ආදරණීය යාලුවනේ..?? අපි තනි ඇහෙන් හරි සෙන්ට්‍රි හිටියත් විසිට්  එන එකා එන්නෙ ඇස් දෙකම පියාගෙන..ඒ නින්ද කැඩෙයි කියල බයට.පොයින්ට් එකේ ටෙරෙක් රිංගල සෙන්ට්‍රි හිටියත් ඇස් ඇරල බලන්නෑ ආයෙ.පැයේ විසිට් එක පැය බාගෙන් කවර් කරන්නයි ට්‍රයි එක...

දැං මං ආව පොයින්ට් එකට.වෙපන් එක අතේ.බෙල්ට්ඔිඩර් වතුර බෝතල් බිම.මං බංකරේ වහලෙ උඩ..ඉඳගෙන... දැං  දෙපැත්තටම රබර් ඇහැ දාගෙන  විසිට් එක එනවද කියල  දෙපැත්ත බල බල ඉඳගෙන ඉන්නව.ටික වෙලාවක් යද්දි එක්කෙනෙක් ඈතින් එනව පේනව.ඒ කියන්නෙ..පොයින්ට් එකකට ඇතුල් වෙනකොට සෙන්ට්‍රි ටෝච් ගහනවනෙ එන්නෙ කවුද බලන්න. මාත් ඔික බල බල අල්ලපු පොයින්ට් එකටත් එනකං හිටිය.

පස්සෙ බිමට බැහැලා ආපසු සන්නද්ද වෙලා ඉස්සරහ බලාගෙන සුපිරියට සෙන්ට්‍රි හිටිය.

ඊලඟට මගෙ පොයින්ට් එක.දැං එනව..දිගටම..මං බලාගෙන හොදේ සීන් එක.

නැග්ග කානුවෙ පස්කන්දට.. පැන්න කානුවෙන් මෙි පැත්තට.ජරාස් .ජරබරාස් ජරාස් සරාං..සලං සලං ... ඇයි පිංවතුනි ටකරම උඩට එපෑ භාණ්ඩෙ පනින්ඩ.ඒ සද්දෙ තමා ඔය ඇහුනෙ..ඊට අමතරව මොන හු&@%$ක්ද යකෝ මෙි..කියනව වගෙත් සද්දයකුත්  ටිකක් හයියෙනුත් ඇහුනා.

මං එකපාරටම ඇහුව "කව්දහ්??" කියල

*මං මං කෝපල් ආරියරත්න.. ආ බයවෙන්න දෙයක්නෑ.එයා අනිවාරයෙන්ම ඇහැරුනෙ දැං ටකරං සද්දෙට. මොකද මං එයාලාගැන දන්නවනෙ.☺️☺️ එයා ආයෙ ඒක ඉවත් කලේත් නෑ..දිගටම ආව.පොත අත්සන් කලා. මගින් පැන්න ගියා.. අනික් ටකරම දකින්නෙ මෙි පැත්තට ආවොත් විතරයි හොඳේ.මොකද එන එන විසිට් එක මගින් කානුව පැනල තමා යන්නෙ.එයා ගියාට පස්සෙ ටකරම හරියට තියෙනවද බලල ආව..

මං ගැලෙව්ව පැක් එක.ගත්ත වෙපන් එක අත්ට.ආයෙ වහලෙ උඩ.

නැවත විසිට් එන්නෙ පැයකිං.

ඊලඟට ආවෙ සැරයන් කලු බංඩා..එයා එන්නෙ අලුව කප කප.මොකද එයා බොනවනෙ මෙස් එකේ රෑට.. එයත් ආව..පැන්න ටකරමට..අම්මට කියල පටන් ගත්ත.. බැනගෙන බැනගෙන යනව ටකරමට..මට එහෙම නෙමෙි.ටකරමට.මාත් කව්දහ් ඇහුව.. එනකොටම පොත දික්කලා.අත්සන්කලා මගින් පැන්න ගියා..

ඔහොම ඉතින් මගේ පැය දෙකේ මං උපරීම තත්තෙ ආතල් එකක් ගත්ත.අනික පිනක්නෙ.මගෙ පොයින් එකට එනකං නිදාගෙන ඇවිත් එතනින් එහාට ඇහැරිල යනව.

මං සද්ද නැතුව අනිකට සෙන්ට්‍රි භාර දීල මං නිදාගත්තා.

එලිවෙනකොට ඡන්ද ප්‍රථිපලේ.පාන්දර පහට ප්‍රධාන සරඹ උපදේශක තුමා විසිට් එකේ ඇවිත්..හරි ජංජාලයයි එතන.එයා ඇවිත් තියෙන්නෙ වම්පැත්තෙං.අනික එයා ඇහැරිලාමයි විසිට් එක එන්නෙත්. එතුමා කානුව උඩට නැගල සෙන්ට්‍රිට කතාකරල ටකරම අයින් කරවල.පොරත් එක්කත් කතාකරල යන්න ගිහින්.යනකොට දැකල අනික් පැත්තෙ ටකරමත් අර විදියටම තියෙනව.පස්සෙ එතුමාගේ උස්හඩින් ප්‍රකාශකල අසභ්‍ය වචන සංගායනාවට මං උඩ ගිහින් ඇහැරුනා.එතුම බනිනව තෝ තමයි මෙික කලෙ.තෝ නිදාගෙන නේද හිටියෙ.ප&@%$යා...කියල පස්න වැලයි..දැං...

අරූ පිංසෙන්ඩු වෙනව නෑ නෑ සර්..මං කලේ නෑ.කියනව.මං බෙඩ්ශීට් එක සූ⁣ට්ටක් එහෙ මෙහෙ කරල තනි ඇහෙන් බලාගෙන සීන් කෝන් එක.ඒත් එක්කම "දිහ්".."දිහ්" ගාල ඩබල් ටැබ් එක්කුත් ඇහුනා.ඒ කියන්නෙ අරූට නෙලුව.දෙකක්.

මං ටක්ගාල ඔලුව වහගත්තා...


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2023.05.11


Saturday, April 15, 2023

චෙින් චුට්ටෙ.

 "පුන් සඳ රෑට ඇවිදින් හේනේ අඳුර බිඳ

රන්කෙඳිම රන්වන් ඉරිඟු සිඹිනවද

තුන් යම හීන දැක දැක මොටදැයි ගෙදර හිඳ

රන්කඳ තාම පැල් රකිනවදෝ නිදි නැතුව" 


මගේ ලොඳ පැනපු කේපීඊ රේඩියෝ එකෙන් 96,97 කාලෙ  ඔය සිංදුව ඇහෙද්දි  මගේ හිතෙන් නිවාඩුවට ගෙදර යන වාර ගණනනම් අනන්තයි අප්‍රමානයි. ඔිනම හිතක අනන්තවත් ලස්සන ලස්සන චිත්‍ර මවන ඒ ගීතය අදටත් කොහෙන් හරි ඇහෙද්දි අතීතයට යන වාර ගණනත් අනන්තයි. 

එදිනෙදා පත්වෙන මුරපතිල අපිට  බංකර් වල රේඩියෝ දාන්න එපා කියල කොච්චරනං කීවත් අපි ඇහුවෙ නැති එකම නියෝගයත් ඒක. ටෝච් එකෙන් අයින් කරන බැටරි කෑලි දෙකක් කාඩ්බෝඩ් කෑල්ලක ඔතල ධන ඍණ වයර් දෙක දෙපාත්තෙන් ගහල අමුනල අමුනල හදන රේඩියෝ එක මගේ බෙල්ට් ඔිඩරයේ නම් කවමදාකවත් වැරදුනේ නෑ. රෑ මද්දහනේ තනියම බංකරේකට වෙලා පැය ගානක් සෙන්ට්‍රි ඉන්නකොට හිතට නැගෙන තරුණ හැඟීම්, දැනෙන පාළුව තනිකම, කාංසිය එක්ක සටන් කරන අපිට සිංදුවක් ඇහෙනකොට තරම් මොහොතකටවත් අමතක වෙලා යන්නෑ වෙන මොක කලත්. රේඩියෝ දාන්න එපා කියන්නෙ, ඔය සමහරුන්ට සිංදු ඇහෙනකොට නිදි මත එනවා. ඒත් සමහරුන්ට නිදිමත යන්නෙ සිංදු ඇහෙනකොට. 


පෝයක් ලංවෙද්දි චුට්ට චුට්ට හඳ මෝරනකොටත් හඳ සම්පූර්ණයෙන් පායන දවස් දෙක තුනටත් මමනං පුදුම ආසයි. කඳවුරෙන් පිටත බට්ටො ලයින් එක ආසන්නයේ ඉඳලා කඳවුරෙන් පිට සෑහෙන දුරක් යනකම් දණක් උසට වැවිල තියෙන ඉලුක් මානා ගස් කරටිවලට ඒ හඳ එළිය වැටුනහම පුදුම ලස්සනකට වටපිටාව පේන්නෙ. මඳ සුලඟටත් එහෙ මෙහෙ වැනෙන පුංචි පුංචි පඳුරු දිහා දෑස් රිදෙනකං බලා ඉන්නෙ "අනතුරක සේයාවක්දැ"යි කියන විමසිල්ලෙන්. ඒ පරිසරයට අනුව වෙස්වලාගෙන හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කරන්නට එන ලේ පිපාසිත රුදුරු ත්‍රස්තවාදීන් "හැමතැනකම ඇත"  කියන සංකල්පය නිසා. ඒක සංකල්පයක්මත් නෙමෙි. ඒ, ඒ කාලේ හමුදාවෙි ගෙවිච්චි බොහෝ රැයවල් වල යතාර්තයන් බවට පත්වෙච්චි සිදුවීම්. හඳ පායන කාලෙට ⁣ප්‍රහාර අඩුවුනත් හඳ කාලෙට ප්‍රහාර එල්ල නූනාමත් නෙමෙි. ඒ නිසා තමා රේඩියෝ අහන්න එපා කියන්නෙ. ඒත් තල්කොටයක් අස්සෙ තියලා මට විතරක් ඇහෙන්න තරම් හීන් ශබ්දයකින් දාගන්න රේඩියෝ එකේ රෑ එලිවෙනකම් යන සිංදු සෙන්ට්‍රි පැය දෙකේ තුනේ අහන එක තරම් ආශ්වාදයක් මටනම් වෙන කිසිම දේකින් ලැබුනෙ නෑ. කන්දෙකට සිංදු ඇහෙද්දි ඇස් දෙක තිබුනෙම ඈතින් පේන ක්ෂ්තිජය දිහා. හඳපානත් දුම්පාටට බිමට වැටෙන මද පින්නත් ගතට දැනෙන හීන් සීතලත් එක්ක ඈත තල් ගස් කරටි මැද්දෙන් ඉදිච්චි කෙසෙල් ගෙඩියක පාටට හඳ පෙනෙද්දි කල්පනා සයුරක කිමිදෙන්නෙ මම මගේ හිතටත් හොරා.


 ඔහොම දවසක තමා මීයන්කුලම් ඉද්දි හඳ පායන්නත් නියමිතව තිබුනු දවසක හඳ හංගලා අඳුරුවලාවන් අහසේ අරක් ගන්න පටන් ගත්තෙ. 


මීයන්කුලම් වාලච්චෙින වැලිකන්ද මුළු අහසම වැහි වළාවන්ගෙන් ගැබ්බර වෙද්දි අපේ සුපුරුදු රාජකාරි රටාවත් ඒ අනුව වෙනස් වෙනවා. ඒ අනතුරක් වෙයි කියන අරමුණෙන්. මෙි දවස්වල අපේ සෙට් වලටත් මොනිටර් වෙලා තිබුනෙ මෙි ඒරියා එකේ කොහි හෝ කඳවුරකට ප්‍රහාරයක් එල්ල විය හැකියි කියල. ඒ නිසා සීමිත සංඛ්‍යාවක් හිටපු අපේ කණ්ඩායමෙත් හදිසි අවස්ථාවකට යොදවන්න භඨ පිරිසක් නම් කරල තිබුනා. අනෝරා වැසි වටයක් එයි කියන බලාපොරොත්තුවෙන් එදා රෑ සවන්දීමෙි මුර දෙක තුනක් ඇරෙන්න රැකසිට පහරදීම් කණ්ඩ තුනම එළියට ගියේ නෑ. ඒ ඒවා අනිවාර්‍යයෙන් තෙමෙන ඒවා නිසා.  මාත් හිටියෙ අපේ සීනියර් කෝප්‍රල් පෙරේරා එක්ක රැකසිට පහර දීමෙි කණ්ඩයක. එදා ඇම්බුෂ් නොයන අය කඳවුරේ විශේෂ තැන්වල ස්ථානගත කරල ඩියුටියක් නම්කරල තිබුනෙ. මාත් හිටියෙ එහෙම පොයින්ට් එකක. නමුත් හදිසි කෙටි දැනුම් දීමකින් අපිට මුරහල ඉදිරියෙහි පෙළ හදන්නත් නියමව තිබුනා.



ඔහොම ඉන්න අතරේ තමා රෑ දහයට විතර පෙර දැනුම් දී තිබුනු විදියටම මුරහලේ එල්ලා තිබුනු රේල් සපත්තුවට රේල් ඇණයකින් තට්ටු කරන සද්දය ඇහුනේ.  එතකොට අපි කරන්න ඔිනෙ හැකි ඉක්මනින් ලට්ට ලොට්ට අකුලගෙන මුරහල ඉදිරියෙ පෙළ සැදීම. අපිත් ගිහින් පෙළ හැදුවම ඔිසී ඇවිත් හවස දී තිබුනු නියෝග අනුව සහ අලුත් උපදෙස් කීපයක් ලබාදී අපිව එලියට යැව්වා. ඒ, මෙි කඳවුරට ප්‍රහාරයක් එල්ලකිරීමට කොටි ආවොත්, ඒ උන්ට එන්න පුලුවන් තෝරාගත් මාර්ග කිහිපයක් ආවරණය කරන්න. කෝප්‍රල් පෙරේරා එක්ක මම හිටපු ඇම්බුෂ් එකට නියමව තිබුනේ මීයන්කුලම් කඳවුරෙන් වාකනේරි මූකුරාල් පැත්තෙ ඈත විවෘත භූමියක් මැද තිබුනු තල්ගස් තුන හතරක් හා කෝන් ගහක් තියෙන තැනක ඇම්බුෂ් එක ස්ථාන ගත කරන්න. 


අපිත් උපක්‍රමානුකූලව කෑලි කැපෙන ඝන අඳුරේ හැකි තරම් සද්දය අඩුකර ගමන පටන් ගත්තා. 


පැයක් විතර වෙද්දි අපි නියමිත තැනට ගියා. අපි අට දෙනාට නියමව තිබුනේ හතර දෙනා බැගින් කලින් නම් කර තිබූ තැන් දෙකක ස්ථාන ගත වෙන්න. වෙලාවත් ⁣රෑ මැදියමට ආසන්නව තිබුනා. කලින් දවසෙත් මෙි වගේම වෙන තැනක ඇම්බුෂ් හිටපු අපි ඔක්කොම සිරාවටම නිදි මතේ හිටියෙ. මොකද මෙහෙම ගියාම අපිට පොඩ්ඩක්වත් රෙස්ට් කරන්න ලැබෙන්නෙ නෑ. කෑම්ප් එකේ හිටියත් රෙස්ට් කරන්න ලැබෙන්නෑ. දවල්ට බරවැඩ, රෑට සෙන්ට්‍රි. කට්ටිය ඇම්බුෂ් ගියාම බංකරේ ඉතුරුවෙන්නෙ දෙන්නයි. ඒ දෙන්න තමා රැය එළිවෙනකම් සෙන්ට්‍රි ඉන්න ඔින. එක අතකින් මෙි රාජකාරිය ටිකක් නිදහස්. විසිට් එන්න කව්රුත් නෑනෙ. ආවොත් එන්නෙ දෙපා කොටි විතරයි. 


අපිත් නියමිත තැනට ගිහින් පැයක් විතර ඉද්දි කෝප්‍රල් පෙරේරා කිව්වා එක්කෙනෙක්  සෙන්ට්‍රි ඉඳලා දෙන්නෙක් රෙස්ට් කරන්න කියලා. එයා එහෙම කිව්වම අපිට හිතට හයියකුත් එනවා. මොකද කෝප්‍රල් පෙරේරා කියන්නෙ පට්ටම වැඩ කාරයෙක්. ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කරල පෙන්නපු අවස්ථා කීපයක්ම තිබුනා.  මෙහෙම එලියට ගියාම එයා කවදාවත් එක විනාඩියක් ඇස් පියවන්නෙ නෑ. අවදානම උපරිමයෙන් අරන් අපිට රෙස්ට් කරන්න දෙනවා. එයා දන්නවා අපි නිදිමතේ ඉන්නෙ කියල. 


එක දවසක් මෙි කෑම්ප් එකට කොටි වට කරගෙන ගහද්දි පෙරමුනේම හිටියෙ කෝප්‍රල් පෙරේරා. 66බැච් එකේ හොඳ අත්දැකීම් තිබුනු කෙනෙක්. මට අදත් මතක්වෙනවා උන්දෑ ඒකට ෆේස් කරපු හැටි. විදුලි වෙිගෙන් අහට්ට මෙහට්ට පැන පැන හිස් ගෙඩිම ඉලක්ක කර කර තියපු පොකුරු උණ්ඩවලින් අරුන්දැලාටනම් ගැලවෙන්න ලැබුනේම නෑ. අපිට සිද්දවුනෙ සටන් කරනවා වෙනුවට මැගසින් වලට පතුරම් පුරවන්න විතරයි. අපිත් සටනට ආසාවෙ අවියත් අරන් නැගිටින්න හදන කොටම "ඔළුව පාත් කරගිය හු&@%#$තෝ.." කියල කෑ ගහන ගමන් උන්දැ වෙඩි තියල ඉවර කරන හිස් මැගසිනය අපි ඉන්න තැනට විසිි කරනවා. පලවෙනි බැච් එකේ ලාන්ස් කෝප්‍රල් කෙනෙකුයි කෝපුල් පෙරේරයි බංකරේ වම සහ දකුණු පැත්තෙ ඉඳගෙන ගහපු ගේම තමා පට්ටම. මෙි සටන උනේ පට්ට මද්දහනක රූට් ක්ලියරින් යන්න ලෑස්⁣ති වෙද්දි. විනාඩි හතලිස් පහක් පැයක් පුරා පැවතුණු ඒ සටනේ මටනං එක පතුරමක්වත් වෙඩි තියන්න ලැබුනෙ නෑ. කෝප්‍රල් පෙරේරා තමා මුරපති රාජකාරියෙ හිටියෙත්. උන්ගෙ පලවෙනි වෙඩිල්ල පත්තුවෙලා දෙවෙනි එක පත්තු වෙන්න කලින් පොර විදුලි වෙිගෙන් බැරියර් එක ළඟ. රෙකාලා වෙච්චි අපිටත් ඉතින් හෙනම ගැම්ම.


චෙින් චුට්ටෙ. ඒ තමා අපේ සීනියර් හිටියෙ. පොර එදා අපේ ඇම්බුෂ් එකෙත් හිටියා. චෙින් චුට්ටෙ නොහොත් අංගම්මන එක්ක අපි වැඩිය බජනෙට යන්නෑ. හේතුව නමෙිම තියනව. එයාගෙ බැචාල එයාට කතාකරන්නෙත් "චෙින් චුට්ටෙ" කියන විශේෂ නාමයෙන්.  ඒ, ගමෙි හෙන අයිආර්සී පොරක් වගේ. හෙන තදයෙක් ⁣වගේ.ආමි එකේ ⁣එහෙම අයත් ඉන්නවා ඉතින්. පොර හමුදාවෙ හිටියෙත් ටිකක් ඒ ලෙවල් එකෙන් වගේ. ඒ නිසා අපි පොරගෙන් ටිකක් ඈත්වෙලා හිටියෙ. සතා මොක වුනත් නම චෙින් චුට්ටෙනෙ. පොර ටිකක් මෝඩ සැරයි. මටම කිහිප වතාවක් ඉදල් මිටි කැඩෙන තරම් ගහල තියෙනව. එහෙම ගුටි කාලත් ආපහු ඉදලක් මමම ගෙනහ්ල දෙන්නත් ඔිනි. ඒ නිසා චෙින් චුට්ටෙ එක්ක මං වැඩි බජනෙට ගියෙම නෑ. කියන්න බෑනෙ බයිසිකල් චෙින් එකකින්වත් දමල ඇරියොත් එහෙම. මට චෙින් චුට්ටෙ කියන නම ලැබුනෙ කොහොමද කියලත් දැනගන්න පුදුම උනක් තිබුනත් සතා ටිකක් අවුල් හිංද කතා කලේ උපරිම වචන පහයි හයයි. වැඩි හරියක්ම මමත් බැචාලත් කලේ පොරව මගහරින එක විතරයි. අපි බැචාල කතා වෙලා හිටියෙ වැඩි බජනෙට යන්නෑමයි කියල.



එදා චෙින් චුට්ටෙ පලවෙනියට සෙන්ට්‍රි හිටියෙ. පාන්දර එක වෙනකොට ධාරානිපාත පොල් ගෙඩි වතුර සයිස් වැහි බිංදු පොකුරු පොකුරු වැටෙන්න ගත්තා. අපි දන්න කියන අඳුනන නාඳුනන හැම දෙයියන්ටම කිය කිය හිටියෙ "වස්සන්නනම් එපා දෙයියො" කියල. මොකද,  මුවා වෙන්න ගසකුත් නැති වෙලාවෙි විවෘත භූමියක මෙහෙම වහිද්දි දැනෙන ආතල් එක පට්ටයි. ඒක තවත් දෙගුණ වෙන්නෙ සැංගි සැංගි එන කපුටු සයිස් තඩි මදුරුවොත් ගීතයක් ගයාගෙන ඇවිත් කොහෙ හරි වහල කොටන්න ගත්තම. හයියෙන් තලන්නත් බෑ, සද්දෙ ඇහෙන නිසා. ඒ හංද මම නං කලේ උංව අඹරලම දාන එක. හැබැයි ඔහොම වැස්සක ටිකක් තෙමුනනං ඇති, ඇවරි දෙකත් සට සට ගාල ගැහෙන්න පටන් ගන්නෙ. වැඩියම හීතල දැනෙන්න පටන් ගන්නෙ හෙල්මට් එකේ දාරෙ දිගේ ගලා එන වතුරයි බෙල්ලට වැටෙන වතුරයි පේළියට පේළියට කොඳු නාරටිය දිගේ ගලා ගොස් ලංකට් එකේ අඩිය පෙඟෙන්න ගත්තම. දැන් වහිනවත් කියමුකො. 


අපි ස්ථානගත වෙලා හිටපු තැනෙනුත් වතුර චුට්ට චුට්ට ගලා යන්න පටන් ගත්තා. වැස්ස එද්දිම බිමට එලල තිබුනු මගේ ග්‍රවුන් ශීට් එක ඇදල අරං මං ඇඳ ගත්තා. (ඒක රේන් කෝට් එකක් වගේ අඳින්න පුලුවන්.)  දැං නිදි මතේම හිංද වතුර ගංගාවක් ගලා ගියත් මමනං නැගිටින්නෑ. ඊට පස්සෙ රෙස්ට් කර කර හිටපු මමයි බැචයි කලේ බෙල්ට් ඔිඩර් දෙකත් ගලෝගෙන ඒක ඇඳේ පොලු වගේ හිටින්න හරහට බිමට දාල ඒක උඩින් නිදාගත්තු එක. ඊළඟට කලේ ඒක මදිවුනාම  කෝපල් පෙරේරයි චෙින් චුට්ටෙයිත් ඒ වෙද්දි ඇඟෙන් පන්නල තිබුනු බෙල්ට් ඔිඩර් දෙක හිමීට ලඟට ඇදල ගන්න එක. සද්ද නොනැගෙන්න සෙමින් සෙමින් තමා ඇදල ගත්තෙ. ගුටි කන්නෙ හෙට උදේනෙ. දැං රෑනෙ. මං ඒ දෙකත් ඇදල අර විදියටම දාගත්තා. දැං අපි දෙන්නා ඇඳේ වගේ බෙල්ට් ඔිඩර් හතර උඩ නිදි.  තවත් ටික වෙලාවක් යද්දි ඇඟට තෙතඅඅ.. සීතලක් දැනෙනවා. බලද්දි බෙල්ට් ඔිඩර් උඩිනුත් ඇඟේ ගෑවි ගෑවි වතුර යනවා. අපි හිටපු තැන ටිකක් විතර පල්ලමක්. ඒත් කෝප්‍රල් පෙරේරා නැගිටින පාටක් නෑ වෙන තැනකට යන්න. ඒක එයාගෙ හැටි. අපි නිදා ගත්තා. උඩින් අනෝරා වැස්ස, යටින් වතුර ගංගාවක්. මට ඔහොම නිදියල අවුරුදු විස්සක පලපුරුද්දක් ඒ වෙද්දිත් තිබුනා. 


එතකොට වැස්ස පායල තිබුනෙ. පාන්දර තුනට විතර කෝප්‍රල් පෙරේරා මට කතා කලා.  ඒ මහ පාන්දර තඩි කුනුහරුප වැලකුත් එක්ක. එයා "මට කියල %@&#$% ගන් නැතුව දීපිය &@%# යා බෙල්ට් ඔිඩරේ"  කිව්වා. මාත් ඉතින් නිදිමතේම ඔික ඇදල දුන්න. ඊට පස්සෙ එයාම කිව්වා "හිටපිය සෙන්ට්‍රි" කියල. මාත් නැගිට්ටා. හතරට අනිකට කතා  කරන්න  කියලත් මතක් කලා. අංගම්මන වෙනම ඇල වෙලා මගේ බෙල්ට් ඔිඩරේම කොනකට හිස තියාන. පව්.


පාන්දර හතර වෙනකම් මං සෙන්ට්‍රි. ඒ වෙද්දිත් හොඳටම තෙත බරි වෙලා හිටියෙ. කොහොම හරි මං වෙපන් එකත් කරේ එල්ලගෙන ඈතට පේන්නැතිවෙන්න ගහේ කඳ කෙලින් හිටගෙන හිටියෙ. හම්මෝ සීතල පරයා නැගෙන නිදිමතක මහිම. මං ආයාසයෙන් දෑස් ඇරගෙන හිටියා. ඔහොම තුනහමාරට මං අවසන් වතාවට වොච් එකේ වෙලාව බැලුවා. තුනහමාරයි. තව පැය බාගයක් මෙහෙම ඉන්න ඔිනෙ. බූට් දෙක අස්සෙත් වතුර පිරිල කකුල පොඩ්ඩක් හොල්ලද්දි "චොක...චොක.." ගාල සද්දයක් එනවා. ඒ නිසාම එකම තැනට වී සෙබළෙක් විලස හිටගෙන හිටියා.

ඒ අතර තුර තමා නොසිතූ දෙයක් වුනේ පෙන්ස්.  එහෙම හිටගෙන හිටපු මම තුවක්කුවත් එක්කම හිටගෙනම නින්ද ගිහින් තැරි ගහගෙන වැටුණ කිහල්ලකෝ කෝපල්ගෙම ඇඟ උඩට "සට පට ගිඩීං" ගාල.  මට මතක එච්චරයි... ගතේ නැගෙන සිහිතල පරයා ගත උණුසුම් වන අයුරින් මුහුණේ දකුණු පැත්තට "සට්ටාස්" ගාල එකකුත් වැදුනම කියමුකො. දැං මෙතන සද්දෙත් වැඩීනෙ.. ඊ ලඟට අර උන්දැ මහ පාන්දර අපිවත් ඇදගෙන එතනින් වෙන තැනකට ගියා. ඒ වෙද්දිත් කෝප්‍රල් ඇහැරිල ඉඳල තියෙන්නෙ. දැං වෙන තැනකටත් ගියා කියමුකො.( උදේ අට නවය වෙනකම් ඇතුලට යන්නෙත් නෑ. ආයෙ කඳවුරට යන්නෙ රූට් ක්ලියරින් එකත් ගියාට පස්සෙ.) ආයෙ එතනට ගිහින් අපි එළි වෙනකම් ඇහැරිල හිටිය. කෝප්‍රල් පෙරේරානම් මොනාක්කත්ම කීවෙ නෑ. ඒත් අංගම්මනගෙන් තමා බෙිරෙන්නම බැරිවුනේ. පොර සැරින් සැරේ කනට කර කර එක එක විලම්බීත කියවනවා. ඒ, යමංකො %@&$ යා අද ඇතුලට" වගේ එව්වා. 


දැං ඇතුලටත් ගියා. ඒ යද්දි එකොළහට විතර ඇති. බිලට් එකට ගිය ගමන් පොර "අරං වර %@&$යා  සුරම්‍ය දණ්ඩ" කියල නියෝග කලා. මාත් පෙරේදා මමම වාලච්චෙනෙන් ගෙන්නපු අලුත්ම ඉදල පොරගෙ අතේ තිබ්බා. 

*පල ඉසිපෝසන් &@%#$යා

මාත් ඊසි පොසිෂන් එකට ගියා. ඒ කියන්නෙ ඩිෆ් පොසිෂන් එකට.

ඒ ගමන් "දො:හ් දො:හ්" ගාල තට්ටම් දෙකට තුන හතරක් අතෑරල හෙන ලෙක්චර් එකක් දුන්නා. තට්ටම් වලට ගැහුවටනං මට අවුලක් නෑ, මට රිදෙන්නෑනෙ.ඒව තට්ටංනෙ. ඒත් සීරුවෙන් හිටගෙන ලෙක්චර් අහං ඉන්නනෙ බැරි. ඒක එතනින් ඉවරවුනා.


 මට පට්ටම තරහක් පොර එක්ක තිබුනෙ. මටත් හෙන උවමනාවක් තිබුනා,  "චෙින් චුට්ටෙ" කියල පාතාල නමක් තියෙන පොරට ඒ නම හැදුනෙ කොහොමද කියල දැනගන්න. ඒකට මට උදව් කලේ පොරගෙම බැචෙක්..සාසෙ බංඩාර. 


මෙයාගෙ ගම මැදිරිගිරිය. දවසක් නිවාඩු ගිහින් ඉද්දි පුස් බයිසිකල් එකේ පොර ටවුමට ගිහින්.  වෙර දාල හිටගෙන පාගද්දි චෙින් එක කඩල ගිහින්. ඊට පස්සෙ අර ගජමුතු දෙක පොල්ලෙ වැදිල, ඒ මදිවට  සමනල් ගැටෙිකුත් වැටිලලු. දවස් හතරක් ඉස්පිරි⁣තාලෙත් හිටියලු. ඒක මුන්දැ ඇවිත් විශ්වාසවන්තම බැචෙකුට කියල කාටවත් කියන්න එපා කියල. ඒක අහගත්තු පොර එයාගෙ විශ්වාසවන්ත බැචෙකුට ආයෙ කියල. ඊට පස්සෙ තමා නම පටබැඳිල තියෙන්නෙ " චෙින් චුට්ටෙ" කියල. අපි හමුදාවට යන්නත් කලින් තමා ඔික වෙලා තියෙන්නෙ. ඉතිං මාත් ඔික අහගෙන මගෙත් විශ්වාසවන්තම බැචා ලා ඔක්කොටම කිව්වා. ඒ වෙන කාටවත් කියන්න එපා කියල. පස්සෙ ඔික ආයෙ අලුතෙන් වෛරල් වෙලා නම නැවතත් අලුත් වුනා. අපිත් කතා වෙද්දි  එකෙක් "චෙින් චුට්ටෙ"  කියන කොට තව එකෙක් "සමනල් ගැටෙි" කියන්නත් පුරුදුවුනා. පස්සෙ කාලයක් අපි බයේ හිටපු පොරට තිබුනු  බය නැත්තටම නැතිවුණා. බැලින්නං පොරත් හොඳ කොල්ලෙක්. අපියි ආශ්‍රය කරල නොතිබුනේ.  මතකනෙ කාවත්තෙමුනේ ප්‍රහාරයක් ගැන කතාවක් කිව්වා. ඒකෙදි පොරගෙ කකුලකට වෙඩි වැදිල ආබාදිතයෙක් විදියට යුධ පිටියෙන් ඉවත්වුනා. එදායින් පස්සෙ ආයෙ කවදාවත් මට පොරව මුන ගැහුනෙ නෑ. 


එදා කෝප්‍රල් පෙරේරගෙ නලලත තඩි ගෙඩියක් ඇවිත් මගේ වෙපන් එක වැදිච්චි පාරට. පස්සෙ එයාට පවු හිංද මංම සිද්දාලේප එකක් ගෙනිහින් දුන්නා "ගා ගනින්" කියල. අපේ ඒකකයෙම ඉද්දි කෝප්‍රල් පෙරේරා සටනකින් මියගියා කියල ආරංචියක් ආවත්, ඒක ඇත්තද නැත්තද කියල හොයන්න මට බැරිවුනා. හැබැයි රණ ශූර පදක්කම ලැබුනා කියලනං දන්නව. ඔය ගෙඩිය චෙින් චුට්ටෙගෙ හෙම ආවනං මං තාමත් ගුටි කනවා.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි.

2023.04.15

Sunday, April 2, 2023

පරණ බඩු

 ඈත අහසත් හිතේ ගොඩගැහිල තියෙන සිතුවිලි සමුදායත් අනාගතේ කොහොම වෙනස් කරයිද කියල කාටවත් කියන්න බෑ. මට එහෙම හිතුනෙ පාලුවෙි කාන්සියේ ඇඳට වෙලා බර කල්පනාවක ගිලිල ඉන්න කොට. කොට්ටෙ ඇඳ වියලට හේත්තු කරල ඒකට ඔළුව තියාගෙන ජනේලයෙන් පේන ඈත ක්ෂිතිජය දිහා බලාඉන්නකොට හිතට එන්නෙම මහ අමුතු සිතුවිලි. උදේ හවස දකින ඇන්ටික් බඩු වලින් පිරුනු ගේ කෑල්ල දිහා බලාගෙන සුසුම්ලාපු වාර ගනන නම් මෙතෙකැයි කියල කියන්න බෑ. හිතටත් මහ බරක් දැනෙන්නෙ මෙහෙම තනියම ඉන්න වෙලාවල් වලට.අද තියෙන දානෙකට  පෙරේදා අපේ උන්දා උන්දැගෙ මහගෙදර ගියේ මට අවවාද අනුශාසනා ගොඩක් දීලා. මොකද මං එහෙ යන්නෙ අවුරුද්දට එක සැරයයි. නෑදෑයො උනත් ඔිනවට වඩා ලංකරගන්න හොඳනෑ. වෙලාවකට හිතෙනව නෑදෑයො කියන්නෙත් මෙි කොට්ටවගේමයි කියල. මහරෑ කට දෙපැත්තෙන් ගලායන විටමින් ගංගාවලින් දූෂිතවී පිලුනු ගඳ ගහන මෙි කොට්ටා උර වගේමයි කියල. අනික උන්දැ මාව එහෙ එක්කන් යන්න වැඩිය කැමති නැත්තෙ උන්දැගෙ නංගි ටෝක් කරයි කියල බයේ එහෙම නෙමෙි. 


ඇත්තටම මං ඇඳ වියලට බරදීල බර කල්පනාවක හිටියෙ. ගෙවල් දොරවල් අස් කරන්නත් බෑ. කරුමෙ කියන්නෙ මෙි වගෙම උන්දැ හිටපු නැති දවසක හිරු හිනැහෙන එක් උදෑසනක කුස්සිය අස් පස් කරන්න ගිහින් අපුන්දෑ තේ බොන කෝප්පෙ අතෑරිල  දෙකට මැද්දෙන් පැලිල වෙන්වෙලා ගියා. ඒත් ඒක මං අතින් නූන විදියට පයිප්ප ගම් ගාල අලෝල තියල, උන්දැ තේ වත්කරද්දි  උන්දැගෙම අතින් වෙච්චි එකක් ගානට හෙන අමාරුවකින් අටෝල තිබ්බා.  මාත් ගෙදර සුපිරිසිදුව අස්පස් කරල තියෙනව දැක්කම උන්දැ මා දිහාත් බලල හිනාවුනේ කට කන්දෙක ගාවටම ඇදල හිනාවෙලා. මාත් කට කොනකින් හිනාවෙන ගමන් හිතුවෙ " බීපිය තේත් එක්ක පයිප්ප ගම්" කියල. උන්දැත් 

 කලගුණ සැලකීමක් වශයෙන් "තේ ටිකක් බොමු නේද?, මහන්සිත් ඇතිනෙ ඔයාට" කිව්වම මුලු ගතම සලිත වෙලා ගියත්, මං නිස්සද්දව හිටියා. 


උන්දැත් එක්ක මට පරන ඇරියස් එකකුත් නොතිබුනාම නෙමෙි. මං දුර ඈත අම්පාර දිහෑ වැඩකට ගිහින් ඉන්නැද්දි ෆෝන් එකේ තිබ්බ ඩොකියුමන්ට් එකක් වට්සැප් දාගන්න ගිහින් පට්ට වහක් කෑවෙ. ඩෙිටා ඔන් කරල පැය බාගයක් ගිහිල්ලත් හතර ජී සිග්නල් ආවෙම නැතිලු. කියන්නෙම හච් කතිර සිකනල්, හච් නිකං සිකනල් සහ එටිසලාට් සිකනල් විතරමලු ආවෙ. රුපියල් දෙසීයක ක්‍රෙඩිට් ඉවරවෙනකම්ම සැරින් සැරේ කතා කලා මිසක් වැඩෙි කරගන්න හම්බුනේම නෑ. 

HSDPA,HSPA සිග්නල් වලට මුන්දෑ කියන්නෙ හච් කතිර සහ හච් නෝමල් සිග්නල් කියල. එටිසලාට් සිග්නල් කියන්නෙ EDGE සිග්නල් වලට කියන්නෙ එටිසලාට් සිකනල් කියල. මට එදා මල පැනල පොහොට්ටු දොට්ට පැනල කැවුතු ඇඹරෙන මට්ටමෙි තරහක් ආවත් ආයෙ ගෙදර එන්න ඔින නිසා ඉවසගෙන හිටියා. මං ඒත් ඇහුව ඩෑලොක් සිම් එකේ කොහොමද ගෑනියෙ හච් එටිසලාට් සිග්නල් එන්නෙ කියල. ඒක තේරුං කරන්න ගිහින් තමා සතියකින් ගෙදර ඇවිත් ආයෙ සතියක් යනකම් තනියම නිදාගත්තෙ.


කතාවට යමුකො. තේ එකත් පැහෙන සද්දෙ ඇහුනා. එහෙං මෙහෙං "ටලං ටලං ටක ටක" තාලෙට තේ හැන්දෙන් කෝප්ප වාටි වලට පහර දෙන සද්දෙත් ඇහුනා. ඒත් එක්කම තමයි මට ඇහුණේ මහා විලාපයක්. ඒක හරියට වල් ඊරියෙක් මරන මංචකේ කෑගහනව වගේ අමිහිරි සද්දයක් ෆෙන්ස්. පස්සෙ ඈ.. කෑ ගහගෙන බාත්රූම් එකට දුවද්දි සාලෙ පුටුවක ඈඳිගෙන හිටපු මං ගෙයින් එලියට දිව්වා. ඊළඟට පාරට පැන්නා. පස්සෙ පාර දිගෙත් දිව්වා. පැය ගණනකට පසු ගෙදර ආවම තමා ටිකක් ඇඟ කූල්වුනේ. මං ඒ එද්දිත් මුන්දා ඒ කෝප්ප ජාතිය හදපු උන්දැලගෙ මීමුත්තලට, කිරිකිත්තලට හිටං යමර බැනුම් බනිනවා. හොඳ වෙලාවට මට බැන්නෙ නෑ. මුන්දැ තේත් හදල "රහද" බලන්න අන්ඩෙන් උස්සල තොල ගාවට ගෙනාවා විතරලු.. චෝස්ස් ගාල ඇඟේලු. 

හැබැයි ඉතිං එළදෙනට පව් කියල හිතුනත් බුරුලක්  පෙන්නුනානං එහෙම මං තමා අහුවෙන්නෙ කෝප්පෙ කැඩුව කියල. 


අදත් ගෙදර අස්කරන්න ඔින. ඒත් හෙනම පාළුයි. මද සුලඟේ නැලවෙන ගස් කරටි ජනෙල් කම්බි අතරින් පේනකොට මහ මූසල ගතියක් හිතට එන්නෙ. ඇත්තටම වයිපරේ හිටියනං මෙි වෙලාවට කඩෙි දෙපාරක් හරි තුන්පාරක් හරි ගිහින්නෙ. අද ඒකත් නෑ. ගේ අස්කරන්න තියා ඇඳෙන් නැගිටින්න හිතෙන්නෑ. ඔය අතරමංදෑවෙ බුකියටත් ගොඩවෙලා වස්සැප් එකෙත් කරක් ගහල යූටියුබ් එකටත් ඇඟිල්ල ගහන්න හදනකොටම තමා මට ඈතින් මිහිරි කන්කලු ස්වරයෙන් නාදයක් ඇහෙන්නෙ.


"පරන බඩු වලට අපි දෙනවා අලුත් බෙිසාං...හට්ටි මුට්ටි පරන බැට්ටි,......පරන බයිසිකාල්....කැඩුණු පෙට්ටි වලට අපි දෙනවා අලුත් බෙිසාං... පොල් කටු ගන්නවා... පොල්කටු පොල්කටුඌඌ...

ඇත්තටම අද අපුන්දැවත් හිටියනං ලොරියට දීල  අලුත් බෙිසමක්වත් ගන්න තිබුනා..


මාත් විජහට නැගිටලා පාර අද්දරට ගියා. ගිහින් ලොරියම අරගෙන ආවා ගෙදරට. ඒකෙ හිටිය තුන් දෙනෙක්. අපරාදෙ කියන්න බෑ, අපි හතර දෙනාම එකමුතු වෙලා අපේ ගේ වටෙිම අස්කලා.  කාමර හතරමත් අස්කලා. කුස්සියත් අස්කලා. උන්දැලා උළුකැට ගන්නවනං එහෙම වහලෙ මකුළු දැළුත් කඩවගන්න තිබුනා. පස්සෙ ඔක්කෝමත් සුද්ද පවිත්‍ර කරලා දීල අතටත් බාගෙකට තුන්කාලකට වාගෙ සෑහෙන ගානකුත් දුන්නා. පරන පොත් බෝතල් ඔක්කොම දුන්නා., බියර් බෝතල්වලින්ම දාහකට ආසන්න මුදලක්. අපරාදෙ කියන්න බෑ. හරි රත්තරං මනුස්සයො ටිකක්. එතන හිටපු එකෙකුටවත් ගස් නගින්න බෑ. නැත්තං කුරුම්බ ගෙඩියක් බොමු කියල පොල්වලු තුන හතරකුත් බිමට ඇද දාගන්න තිබුනා. 


එදා හවසත් මුන්දා එද්දි මං හරි ලස්සනට ගේ හදල තිබ්බා. එදානං මට චුට්ටක් විතර වැදිල තිබුනෙ. මුන්දැ අහනව 

*"කෝ මං අර පිලිකන්නෙ ගොඩගහල තිබ්බ බඩු ටිකහ්?"  

*බඩු කාරයෙක් ආවනෙ. මං දුන්නා.

*අයියෝ...මං ඒව ටික එක්කහු කරල තිබුනෙ මං ඒව ටික දෙන්න. දැං කෝ ඒවට ගත්තු සල්ලි. 

*මෙි කතා කරන්නෙ ඒව තමයි.

*කෝ..සල්ලි ඒවෑ??

*යකෝ මෙි කතා කරන්නෙ ඒ සල්ලි තමයි.

*කෝ??

මද වෙලාවක් මා දිහා බලං හිටපු ඈ මැකිලා යන්න ගියා..

ඒ යද්දි තමා මගෙන් ඇහුවෙ

*කීයක් හම්බුනාද? 

*බාගෙකට විතරයි. තෞසෙ හිටියනං බෝතලයක් ගන්න තිබුනා ඈ..ෂික්.

*ඒක තමයි. අපරාදෙ සයිකලේට සෑහෙන ගානක් ගන්න තිබුනා.තෞසෙව රවට්ටලා අඩුවටම අරන් යන්න ඇති. අපරාදෙ

*නෑ. නෑ මැනිකෙ..ඒවටනං එච්චරම තමා හම්බෙන්නෙ.

*එහෙනං..?

*නෑ ඉතිං තෞසෙ හිටියනං කීයක් හරි ගන්න තිබුනා. පරණ බඩු කාරයොනෙ.

තෞසෙලාත් පරන කෙසේ වෙතත් බඩුනෙ...උං ඒ ඒ බනිස් වලට අපි දෙනවා කෙසෙල් ගෙඩි කියලත් කිව්වා ඔිං... විතරයි ෆෙන්ස් අපරාදෙ හම්බුන අලුත් බෙිසම. කොහොමත් මාසෙකින් විතර ආයෙ කන්දක් ගොඩ ගැහෙයි.




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2023.04.02

Wednesday, February 1, 2023

ගජබින්න පත්තරේ..

 එදා මහ වැහිබර දවසක්...උදේ ඉඳන්ම වැහි බීරුම. තව මහම මහ මූසල ගතියකුත් ඔය අතරේ පෙනෙන්න තිබුනා. 

අපුන්දෑ මාත් එක්ක තරාවෙලා අදට හරියටම දවස් අටක්.. ඒකට හේතුව අන්තිම හරියෙන් ලියන්නං. 


දැං මුංදෑ මාත් එක්ක කතා කරන්නෑ.මූන නිකන් ගොං පයින් ගහපු ලන්තෑමක් වාගෙ කරගෙන අහට්ට යනවා.. මෙහට්ට යනවා.. මෙහට්ට යනවා. අහට්ට යනවා..බාසා පරිවර්තක සහ පයිංඩකරු ඉන්නෙ උන්දැගෙම දෝනියන්දැ. 


*දෝනී..... ආං බත් බෙදල ඇති කන එකයි ඇත්තෙ.

*දෝනීඊඊඊඊ..තේ බොන්ඩොන්නං කහින එකයි ඇත්තෙ. 

ඔික ඇහිච්චි වෙලේ ඉඳන්ං මාත්  උන්දැගෙ මූන ඩබල් ටිබල් වෙන්ඩ හිතාගෙන දවසට දා හත්වතාවක්නං කහිනව. ඔය අතරමංදෑවෙනෙ කහින්න ගිහින් පුවක් කෑල්ලක් ඉස්පොල්ලෙ ගිහින් කැස්සක් හැදිල වතුර එකක් ඉල්ලුවෙ. ඒත් ඒ වෙනකොට මට ඇහෙනවා කුස්සියෙ ඉලෙට්ටික් කෙට්ල් එකට ආයෙ පාරක් අරුන්දෑ වතුර පුරවන  සද්දෙ.  අන්තිමෙි වතුර ජොග්ගුවක් ගෙනත් දුන්නෙ දෝනි. හොඳ වෙලාවට පුවක් කෑල්ලක් විතරක් ඉස්පොල්ලෙ ගියෙ. 


 හැබැයි ඉතිං දොදොල් පාටට හිටියට ආයෙ මක්කැයි  උන්දැට  මහ පුදුම විසේ. ඒ උනත්  දවස් අටක් මං පැදුරෙ. අර පඩිපෙල් පඩිපෙල් පැටව් ටිකත් තුරුළු ගන්නාගෙන උන්දැ ඇඳෙ. 

ඔහොම යාග හෝම ඉවර වෙලා සම්මුතියකට එලැඹිලා සාම ගිවිසුමකුත් ගහල නමවෙනි දවසෙ ඇඳට නැග්ගමත් කියමුකො. ඒත් කාටද ෆෙන්ස් මහ රෑ මද්දහනෙ සීපද කියවෙන්නෙ. මා රෑ දුටු දෙයින් කවි පද දෙකක්නං හිතට ආව...


දවස් අටක් වැඩ නොකරපු        ජුවල් පිට

තනකොල වලින් වැසිලා ඇත පතල් කට


 මං ඒ දවස්වල එළිවෙච්චි ගමන් පත්තර කඩෙිට ගිහින් "ලංකාදීප" පත්තරේ අරං එනවනෙ. එතන ඉඳන් දවස දෙකක් විතර යනකං  කරන්නෙ ඔය පත්තරේ අකුරක් නෑර බිම දිගෑරගෙන කියවන එක. ඒත් පසු කාලීනව තමා මට හරියටම සත්‍ය අවබෝධ වුනේ. ඒ සත්‍යය අවබෝධ වෙච්චි දවසෙ ඉඳන් මං පත්තර කඩෙි අරින මහ පාන්දර හතට අටට විතර මුදලාලි ඉස්සරහ පෙනී හිටල ඉල්ලන්නෙ...

*මුදලාලි ගජබින්න පත්තරේ ආවද?

*මුදලාලි ගජබින්න පත්තරේ දෙන්නකො..

එහෙම අහපු ගමන් පොර මද සිනහවක් මුවගෙහි නගාගෙන හුන් තැනින් නැගිටලා ඇවිත් නම් කෙළ කෝටියක් තියෙන පත්තර අතුරෙන් "ඉරිදා ලංකාදීප" පත්තරේ අතට දෙන්නෙ..

*මට අවුරුදු හැත්තැ තුනක් වෙනව ආයිබොංඩ.. ඒත් ඒ පත්තරේ නියම නම කියල ඉල්ලන්තෙ තෞසෙ විතරයි ඔිං..

කියාගෙන. මාත් ඉතිං හෙන පොස් මිනිහා වගෙ ගජබින්න පත්තරේ අරං ඇවිත් අකුරක් නෑර කියෝලා කියෝලා.... 

අන්තිමෙිට ලග්න පලාපලයි මරණ දැන්වීමුයි ඔක්කෝම ටිකත් කියෝලා... කියෝලා..

*හම්මට සිරා.. අදට වඩා හෙට දවස සුප්පා ඈ... කියල හිත හදාගන්නවා.


ඔහොම ඉන්න අතරේ තමා ජීව්තේ අවසාන ගජබින්න පත්තරේ ගෙදර අරං ආවෙ. ඒ රුපියල් එකසිය විස්සක් දීලා පිටු හතළිස් දෙකයි. කොටස් තුනයි" කියල ගහල තබුනු පත්තරේ. සල්ලිත් දීලා  පත්තරෙත් අරං  දෙකට නමලා ප්ලැටිනා හන්ඩ්‍රඩ් බයික් එකේ ඇක්සලේටර් කේබල් එකයි ඉස්සරහ  බ්‍රෙි්ක් කේබල් එකයි අස්සෙ ගහගෙන. එදාත් මං ඔික අරං ඇවිත් අකුරක් නෑරම කියෙව්වා. කිව්වාට විස්වාස කොරංඩ අන්ත්මේටම ඔිකෙ තිබුන මංගල කිංකිනි එකත් කියවල තමා මං පත්තරේ බිමින් තිබ්බෙ. 


එදා ඒ පත්තරේ තිබ්බෙ හුඟක්ම දේශපාලනය ගැන කතා. අරුන්දෑ අහවලාට දෙහි කපයි. ඒකා අරුට මෙහෙම කිව්වම ඒකා මෙි විදිහට පිළිතුරු දෙයි" වගේ ඒවා. මමත් ඉස්කෝලෙ යන කාලෙ ඉගෙන ගත්තෙ "සිරි ලංකාව යනු තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටකි" කියල.

අනේ මංද මටනං සිරාවටම දැං දැං හිතෙනව මට ඔය දෙසිය විසිපස් දෙනාගෙම තාත්තා වෙන්න බැරිවුනානෙ දෙයියනේ කියල.  


ඔන්න කතාව පටන් ගත්තා..


එක දවසක් සුන්දර හීතල සෙනසුරාදාවක උදේ  ගජබින්න පත්තරෙයි, ගෙදරට අඩුම කුඩුම ටිකයි ගේන්නැයි කියල, ඒ අවශ්‍ය දේවල් ලියල ලමයින්ගෙ අම්ම මගේ අතට තුන්ඩු කෑල්ලක් දුන්න. ඒකෙ අන්තිමටම බෝල බෝල අකුරින් ලියල තිබුනා 240/= මෙව්ව එකක් කියල. ඔය මෙව්ව එක මටත් මීටර් නැති හංද මං බඩු ගන්න කඩෙිට ගිහින් අනෙක් බඩු සේරම අරං, මුන්දැට කෝල් එකක් අරං ඇහුවා "මොකද්දෝයි මෙි මෙව්ව එකක් කියල ලියල ඉස්සරැහිං 240ක් දාල තියෙන්නෙ??? " කියල. උන්දැ කිව්වෙ ඒ දම්පාට එකක්ලු. ඒත් බඩු අරං ඉවර වුනාම අතේ තිබිච්චි සල්ලි ඉවරයි. මෙව්ව එකකුත් කෝම හරි ගන්න එපැයි. මාත් ඉතිං කෝම හරි බඩු ටික ගෙදරට ගෙනත් දීල, ඒ ගමන්ම ඇඳි පුටුවෙ ඈඳි ගත්තෙ පත්තරෙත් දිගෑරගෙනමයි. 


මාත් සද්දෙ නගා පැහැදිලි ලෙස..

*ප්ලේන්ටියක්වත් ගහමුතෙ??

*හා..කේතලේ ගහල තියෙන්නෙ...ඒඒ උන්දැ කුස්සියෙ ඉඳන් පිළිතුරු දුන්නා.


ටික වෙලාවකින් මට ඇහෙනව කුස්සියෙ හිටපු එවුන්දෑ වෙනදට වඩා කුස්සියෙ බඩු ටිකක් සද්දෙන් එහා මෙහා කරනව. ආයෙ කෝප්පයක් එහෙම ටිකක් හයියෙන් ටයිල් එක උඩ තියනව. ජොග්ගුවට සීනි දාල හැන්ද බිම අතාරිනව. මාත් ඒකට කන්දීගෙන තමා පත්තරේ දිගෑරගෙන හිටියෙ. මොකද සතා සුවර් නෑනෙ..


පස්සෙ අල්ලපු ගෙවල් දෙකටත් ඇහෙන්න "ටලාං ටලාං" සද්දෙට හැන්දෙන් ජොග්ගුවට ඇනලා ඇනලා සීනි ටික දිය කරලා තේ එකත් වක්කරල පාං බාගෙකුත් එක්ක, පොඟෝගෙන කාපිය කියල ගෙනත් දුන්නා කියමුකො.  මට "හිග් ගෑවුනා" 


එසැනින් තමා උන්දැ  මදක් හඬ නගා...

"කෝ මෙව්ව එක නෑනේඒ" කිව්වෙ.

ඉතිං මං ගත් කටටම කිව්වා 

*තෞසෙ මෙි පොඟෝගෙන කාපිය කියල එවල තියෙන්නේඒඒ"

*මොන හුක්.. ඔය පාංනෙ..

*ඉතිං සල්ලි මදිවෙච්චි හිංද තමා පාං බාගෙයක් ගෙනාවෙ..ඇයි මදිදඅඅඅ..?

 මගෙ ආදරණීය යහළුවනේ.. මට ඇහුණේ..සහ මං දුටුවෙ " අම්මපාා..මුගෙ අද මං......" කියාගෙන කාලි මෑණියංගේ වෙිසයෙන් කපීර් එකක වෙිගයෙන් මා ඉස්සරහට එන උන්දැ පමණයි. සෙනිකව ආව ලඟට, උදුරගත්ත පාං බාගෙ අතට... දුන්න එකක් පාං බාගෙන්ම... ඒක කරකැවිල ඇවිත් වැදුනෙ තේ කෝප්පෙට. මයෙ අප්පේ.. අර ලෝදිය තේ වතුර එක හැලිල එක්කෝටි හැටනම ලස්සෙම පිච්චුනා කිහාල්ලකො සෙනිකව.

මොනා කරන්නද?  මං සද්ද නැතුව කෝප්පෙ ඉතුරුවෙච්චි තේ ටික බොන්න පටන් ගත්තා. දැං මුන්දෑ කියෝනවා කියෝනවා... ඉවරයක් නෑ.හරියට මහයියාවෙ බෝක්කු කටෙන් දිය ගලන්නා වාගෙ..අන්තිමෙිටම ඇහුනෙ.. මෙි මනුස්සයකං ඔහොම්මමයි..ඔහොම්මමයි..කියනව වාගෙ එකක්.  දැවිල්ලත් එක්ක මටත් ඉවසුම් නැති වුනා ෆෙන්ස්.  ඉවසීමෙි සීමාව ඉක්මවා ගියා.ඇඟ වෙව්ලන්න ගත්තා. දත්මිටි කැවුනා..ඇස්දෙකට ලේ ගංගාවක් ගලා එන්නා වාගෙ දැනුණා.නලල රැලි ගැහුනා. අත් මිට මෙලවුනා. කකුල බිම හැප්පවුනා. කොටින්ම කියනවනං තදින්ම මල පැන්නා.... කියල මොනව කරන්නද...  නිස්සද්දව ඉඳලා... උන්දැගේ කට ටිකක් ස්ලෝ වුනාම තමා මං කිව්වෙ.

*අතේ සල්ලි තිබ්බ විදිහට තමා පාං බාගෙයක් ගෙනාවෙ. ඒක බැයිනං ගෝනියක් තෙමල හතරට නමල තියාගං... කිව්වම තමා වෙිල් හතරක් මිසින් වෙලා දවස් අටක් පැදුරෙ නිදියෑවෙ. හොඳ වෙලාවට ළමයි ටික හිටියෙ නැත්තෙ. හිටියනං ඔවුන්දැලා කවදාවත් ජීවිතේට කසාදයක් කරගන්න එකක් නෑ.


ඉතිං ආදරණීය යාලුවනේ.. ඔයාල එහෙම ඊවා ගේන්න කිව්වම පාං ගිහින් දෙන්න එපා හොඳේ. කන්න වෙයි හොඳ එකෙන්ම ඈ...



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2023.02.01

Sunday, January 29, 2023

මාංකේනි නවසි කුරුම්බා

 ඒ මාංකේනි කඳවුර. 2003. අපි මාංකේනි වලින් බළඇණි පාඨමාලාවක් යන්න ලෑස්ති වෙන ගමන්.


ඒ පෝයක් ඉවරවෙලා රෑ නවයට විතර හඳ පායන්න පටන් ගන්න කාලෙ. කතාවක් තියෙනවනෙ හඳ තියෙන කාලෙට සමහරුංගෙ මොලේ අවුල් යනව කියල. මටනං එහෙම එකක් ඒ කාලෙ තියා මෙි කාලෙත් නෑ. හැබැයි ⁣කරපු දේවල් ගැන මතක් වෙනකොටනම් හිතෙනවා සජිත්ට වඩා මට ටිකක් හරි පිස්සු චුට්ටක් විතර වැඩිවෙලා තියෙන්න ඇති කියල. 


හඳ පායන කාලෙට මාංකේනි පට්ට ලස්සනයි. අපේ කඳවුරට පිටුපසින් තියෙන්නෙ මහ මුහුද. හඳ පායලා පොල් කරටි අස්සෙන් අහස පේනකොටත්, ඒත් එක්ක හඳ එළිය වැටිල මුහුද කිරි පාටට පේනකොටත් හිතට කවි සිතුවිලි ගලා එන්නෙ හරියට මහයියාවෙ බෝක්කු කට කැපුව වාගෙ. අස්සෙන් පස්සෙන් රෙකා කාලෙ පුරුදු වෙච්චි කුණු හරප කවිත් නොකියවුනාම නෙමෙි. ඒත් හොඳ කවි ගොඩක් නම් කියවුනා. සිරාවටම කියන්නෙ,  මං ඔය හඳකාලෙට බංකර් උඩ ඉඳන් මුහුද දිහා බලාගෙන කැනඩාවට, නවසීලන්තෙට, ඔිස්ට්‍රෙිලියාවට නැව් දක්කන් ඉහේ කෙස් ගානට ගිහින් ඇති. කවදාවත් ඉටුනොවන සිහින දැකීමත් එක් කලාවක්. පුදුම හැකියාවක්. ඔහොම දවසක තමා කල්ලඩිවලදිත් කඳවුරෙන් පිටත පාර්ක් කරල තිබුනු ඩෝසරයක් ස්ටාර්ට් කරන්න ගිහින් කෝප්‍රල් ආරියරත්නගෙන් කනේ පාරවල් ටිකක් කෑවෙ. මෙි කතාව වෙද්දිත් මම හිටියෙ බීච් එක අයිනෙ බංකරේක. පිටිපස්සෙන් කාන්තා බළකා බැරැක්කෙ. උන්දැලා නිදිමරගාතෙ අරින පඩ සද්දෙත් ඇහෙන තරම් දුරකින් තමා මෙි බංකරේ තිබුනෙ. තව එකක් කියන්න අමතක වුනා. ඔය බීච් එක ටිකක් එහාට ගියාම පට්ට ගැඹුරුයි. මමනං එකම එක දවසක් වත් ඔය බීච් එකට බැහැල නෑ. දියවැලකුත් තියෙනවලු. 


එක දවසක් ගජබා රෙජිමෙ ටීම් එකක් අපේ කෑම්ප් එකට ආව. ආපු හේතුවනම් මතක නෑ. හැබැයි ඇවිත් ෆන්ෂන් එකකුත් ගත්තා. ඒ කියන්නෙ අටයි අටෙි බියර් ටින් ගහල බීච් එකේ නාන එකක්. අපි ඒ ආව හැමෝටම කිව්වා ඔතනින් බැස්සට කමක් නෑ, වැඩි දුර යන්න එපා කියල. කොහෙද ඉතින් ඒ ගොල්ලො පයිටින් යුනිට්නෙ. පෛවට්ටාරච්චිලා කියන දෙයක් අහන්නෙම නෑනෙ. මට මතක විදියට දහ දොළොස් දෙනෙක් මෙි මුහුදෙ බැහැල නෑව.  ටික වෙලාවක් යද්දි හෙන කලබලයක් අපේ බිලට් එක දිහාවට ඇහුනා. මුරහලත් තියෙන්නෙ ඔය කිට්ටුව. මාංකේනි කියන්නෙ සාමාන්‍යයෙන් පුංචි කඳවුරක්.  මමත් ඩියුටියක් ඔිෆ් වෙලා ඇවිත්  යුනිෆෝම් වගයක් හෝදන්න පෙඟෙන්න දාන්න යන්න ලෑස්තිවෙලා හිටියෙ. සද්දෙ ඇහිච්චි පැත්තට කට්ටිය දුවද්දි මාත් දිව්වා. වටෙි හිටපු අයත් දිව්වා.  ඒ දවස්වල අනිතුමා නිවාඩු හිටියෙ. මං දන්න විදියට අපේ දෙවන අනි තුමාත් එපා කියල තිබුන ඔතන මූදට බහින්න, බහිනවනං පරිස්සමින් කියල. කොහෙද ඉතිං ඒ ගොල්ලො ෆයිටින් යුනිට්නෙ. දුර යන්නැතුව පරිස්සමින් නාන්නං කියල තමා අවසර අරන් තිබුනෙ. 


කළබලේ තමා පොරොන්දු කඩකරලා ටිකක් දුරට ගිහින් මූදට බැස්ස එක්කෙනෙක් අඩුයි. ඒ කෝප්‍රල් කෙනෙක්. එක පාරක් වතුර උඩට ඇවිත් ආයෙ යට යනව දැකල තියෙනව තව කෙනෙක්. එයා ක්ෂණිකව එතනට පීනන ගමන් තමා කෑ ගහල තියෙන්නෙ. ඒ සද්දෙට ළඟ හිටපු අයත් කෑ ගහද්දි.  දුවගෙන ආපු මුරපතිත්  දඩබඩ ගාල බූට් පන්නලා යුනිපෝම් ගලවල මූදට පනිද්දි අපි කීප දෙනෙක් ඒ වෙනකොටත්  හිටියෙ මූදෙ. මුහුදෙ හිටපු අපි  හැම තැනම පීන පීන හෙව්වා මෙයා නෑ. මාත් ඇඳන් හිටපු යුනිෆෝම් කලිසම ගලවල තමා මුහුදට පැන්නෙ. නැත්තං බැලුම් පොකට්වලට වතුර පිරුනමයි, යුනිෆෝම් කලිසම තෙමුනමයි ගොඩක් බරයි. අනික මට මුහුදෙ ඔය හරිය ගැන තිබ්බ බය. ඒ නිසා තමා කලිසම ගලවල මුහුදට  පැන්නෙ. දැන් කට්ටියම පීන පීන හොයනව. ඒත් නෑ. තව ඩිංගෙන් මාතර වැල්ල කිට්ටුව උපන් ගම වෙච්චි අපේ ලුතිතන් කෙනෙකුත් අතුරුදහන් වෙනව එතෙන්දි.


  කොහොම හරි පැයක් විතර දත කාල කාල හෙව්වත් මෙයාව හම්බුනේම නෑ. පස්සෙ බැරිම තැන කට්ටිය ගොඩට ආව. 2IC, ඇජුටන්ට් අපේ ඔිසී ඇතුලු ගොඩ දෙනෙක් මෙතනට රොක් වෙලා හිටියෙ. අපි විස්සක් තිහක් විතර මූදෙ හිටියෙ. ඒ කෑම්ප් එක ඉස්සරහම හිටියෙ  සිංහල ධීවර පවුල් කීපයක්. ඒ අයයි, අපියි මෙයාව හැමතැනම හෙව්වා. ගස්ගල් අස්සෙ නෙමෙි..ගිලිල ඇති කියල හිතාගෙන මූදු පතුලෙ හෙව්වෙ.   පැය දෙකකට විතර පස්සෙ බැරිම තැන එකා දෙන්නා ගොඩට එනකොට තමා මටත් ගොඩට එන්න ඔිනවුනේ. මුදු රැල්ලයි, මද්දහනයි, මීටර්  දෙක තුන හතරක් ගැඹුරු මුහුදු පතුලෙයි කරක් ගහල ගහල  අපිත් හොඳටම  හෙම්බත් වෙලා හිටියෙ.


ටික වෙලාවක් යද්දි  ඔක්කොම ගොඩට ආවත්,  මං විතරක් මුහුදෙ වැල්ල ගාවට ඇවිත් දන ගහගෙන හිටිය. අහිංසක ජීවිතයක්නෙ දෙවියනේ නැතිවුනේ කියල කල්පනාවෙන පාරට පාරට මට ගොඩට එන්නම හිතුනෙ නෑ. ඒත් කට්ටියම කියනවා "තෝත් වර ගොඩට" කියල. ඒත් මට එන්න බෑ දුකයි..  වතුරෙ පීනලා මහන්සි උනත් ඇවිදගන්න බැරිකමක් තිබුනෙ නෑ. ඒත් එන්න බෑ. පස්සෙ මං කිව්වා "සර්ලා, ඔයාල යන්ඩලාකො, මං එන්නං හීන් සැරේ" කියල. ම්ම්ම්හු... ඒත් අහන්නෑ. මං ගොඩට එනකං කව්රුවත් එතනින් යන්නෙත් නෑ. ඒත් තාම සිවිල් අයයි අපේ කට්ටියයි බෝට්ටු වල  මහ මූදෙ කරක් ගහනව. පීන පීන හිටපු අපි විතරයි ගොඩට ආවෙ. පස්සෙ එයාලා මට ගොඩට එන්න කියනවා, මං බෑ කියනවා. මං බෑ බෑ කියද්දි එයාල අඬගහනවා. බැරිම තැන මං එතන හිටිපු එකෙකුට කිව්වා ටිකක් හිමින් "මං ගොඩට එන්න ඔන්නං ඔය කලිසම ගෙනත් දීපිය" කියලා. මූදේ හෝ හෝ හඬ මැද්දෙත් ඒක ඇහිච්චි 2IC මුහුදෙන් නැගෙන සද්දෙ පරයා නැගෙන හඬකින් "මුංනං හදන්නම බෑ, ඇජුටන්" කියනව වගෙ එකක් මගෙ සවනත වැකුනා. ඒක ඇහිච්චි සාජන් මෙිජර් ලයනල් "වරෙන්කො පරයා අද ගොඩට" කියනව වගෙ එකකුත් කියනව වගෙ ඇහුනා. ඒත් ඉතින් ඔය කොයි ගෝරනාඩුවත් හුරු මං හීං සැරේ කලිසම ඇඳගෙන ගොඩට ආවා. හැබැයි මං කියපු වෙලාවෙම ගොඩට ආවනං  මට වැදිල තිබ්බ කාඩ් අටෝරාසියට තවත් කාඩ් එකක් "බැරියර්" කියල වදින්නත් බොහෝ දුරට ඉඩ තිබුනා. 


ඒ නැති වෙච්චි කෝප්‍රල්, වෙන්න තිබුනු දේ එලෙසම වෙලා තියෙද්දි රැල්ලත් එක්ක ගොඩට ගහගෙන එද්දි අපිට හමුවුනා. ඉතිං අපේ කඳවුරත් අවමංගල්‍යක හැඩෙි ගත්තා. 


කමහ් නෑ, කතාවට යමුකො. කන බොන දේට මගෝඩි වැඩකට කවදාවත් පස්ස නොගහ ඉදිරිපත්වීමෙි කුරිරු හැකියාවක් ආරච්චිට තිබුනා. රිසාල්ට් එක පස්සට... ඒව හිතන්නෙ පස්සෙ. වැඩෙි තමා ෆස්ට්. අපේ කුස්සිය පිටිපස්සෙ තිබුනා "නවසි"කියල කට්ටිය හිතාගෙන හිටපු ටිකක් උස පොල් ගහක්. මයෙ අප්පේ..බලන්ඩෙපෑ ඒකෙ කුරුම්බා වලුවල තියෙන ලස්සන.. හඳපානට රත්තරං වාගෙ දිලිසෙන්නෙ. අනික ඒකෙ වතුරත් හෙන රහට ඇති. හැබැයි ගෙඩියක් කඩාගෙන බීපු එකෙක්නං ඔහෙ හිටියෙ නෑ. මොකද පොල් කැඩීම,කුරුම්බා කැඩීම "සම්පූර්ණයෙන්ම තහනම්" කියල අපි හැමෝවම නිළ දරණ අය විසින් දැනුම්වත් කරල තිබුනෙ. ඒත් මම විතරක්ම දෙතුන් පාරක් ඔය නවසි ගහෙන් ගෙඩියක් කඩා ගන්න ට්‍රයි කලත් ඒ සෑම උත්සාහයක්ම වතුරෙ ගියෙ හරියට මහා මුදෙ ගහගෙන ගිය අර කෝප්‍රල් වාගෙ. ඒත් මං උවමනාවකටත් නැතුව තියෙන කහන ගතියට ඔිකෙන් ගෙඩියක් බොන්න නොනිත් ආශාවෙන් හිටියෙ. ඒකට එකම එක අවස්ථාවක් පෙර දැනුම් දීමකින් තොරවම හඳ පායලා තියෙන පාන්දරක උදාවුනා.


මං හරියටම පාන්දර දෙකට ඩියුටි ඔිෆ්වෙලා ඔන් සෙන්ට්‍රිටත් "ටොයිලට් එකට ගිහින් එන්නං" කියල මගේ  ක්‍රියාන්විතය සඳහා පිටත්වුනා. ගොඩක් දවස්වලට  "ටොයිලට් එකට ගිහිං එන්නං" කියල මං මෙහෙම පොයින්ට් එකෙන් ගියත්, බොහෝ අවස්ථාවල මං ආයෙ බංකරේට ආවෙ ඉරත් පායන්න කිට්ටු වෙලා. ඒක දන්න නිසා මං යන්නෙ මොකටද,කරන්නෙ මොනවද කියල කව්රුවත් හොයන්නෑ. උං දන්නවා මං එහෙම ගියාම ආපහු එන වෙලාව. හැබැයි මොන වැඩෙි කලත්, ඒක හරියට කෙරෙනකං ආයෙ යකෙකුටවත් කියන්නෑ. එහෙම තමා මං හිතාගෙන හිටියෙ. මතකනෙ එක පාරක් ඔහොම ගිහින් ඔය කඳවුරේම සිංහල අවුරුද්දක් දාක හොරෙන් පුඩිං කෑවා. එදා ඉඳං බොහෝ දුරට මම තනියම තමා ගේමකට බැස්සනං බැස්සෙ. 


දැන් මමත් හීන් සැරේ කරක් ගහල ගහල  හොඳට වටපිටත් බලල බූට් දෙකත් ගලවල හංගල ඇඳන් හිටපු  යුනිෆෝම් එක පිටින්ම නගින්න පටන් ගත්තා ගහට. සුටුස් ගාල නැග්ගමත් කියමුකො. ඇම්බුෂ් ගිහින් මාලු කපන්න තියාගෙන ඉන්න මොට්ට පිහියත් අරන් දවස් කීපයක් තිස්සෙ බලල බලල "ඒ වල්ල කැපුවොත් නම් යකාටවත් හොයන්න බෑ" කියල මාක් කරගෙන හිටපු වල්ලට පිහිය අස්සෙන් දාල අතුල්ලලා අතුල්ලා පැය කාලක් විතර යනකම් අතුල්ලලා කොහොම හරි වල්ල ගහෙන් වෙන් කර ගත්තා. වැඩෙි ඉක්මන් කරන්න ඔින. විසිට් එකක් ආවොත් විනාසයි. විසිට් එකක් ඇවිත් ගහට නිකන් හරි ටෝච් එක ඇල්ලුවොත් තවත් විනාසයි. මොකද කියනවනං විසිට් එන මයෙ අප්පලා බිමට වඩා ටෝච් එක ගහන්නෙ ගස්වලට. නිදිමතේ තනි ඇහෙන්නෙ විසිට් එක යන්නෙත්. 


ගහෙන් වෙන්වෙලා තව වල්ලක් උඩට පාත්වෙච්චි ඒ ගෙඩි පහක් හයක් විතර තිබුනු වල්ල දත කාල කාල උස්සල අරං .ගස් කඳේ ඇනගෙන නමාගෙන හිටපු දකුණු කකුල උඩින් තියා ගත්තා. මට එහෙම වලු දෙක තුන අරං බැහැල අවුරුදු විස්සකටත් වඩා හොඳ පළපුරුද්දක් තිබුනා. ඒත්  පුදුම කරුමයක්. පලාතම දෙවනත් කරන ගමන් නැට්ට කපද්දි පිහියට ඇතිල්ලිච්චි ගෙඩි දෙකක් දෙපාරට නැට්ටෙන් කැඩිල වැටුණ කිහාල්ලකො " දිඩිහ්" "ඩිහ්" ගාල බිමට. එකක් වෙිලිච්චි පොල් අත්තක් උඩකිනුත් "සර සර සර බරස්" ගාල රෝල් වෙලා ගියේ හරියට මට නෝන්ඩියටත් වාගෙ.  ඊළඟ නිමෙිසෙ දනිස්ස උඩ තියෙච්ච වල්ලම අන් බැලන්ස් වෙලා වැටුණ කිහාල්ලකො "සරස් බු:හ් දො:හ්" ගාල බිමට. කරුමය කියන්නෙ කිය කිය පහර දෙන එකකට නෙමෙයි පෙන්ස්. නොකියම පහර දෙන එකට. 


මුලින්ම සද්දෙ ඇහුනු දිහාට ටෝච් එළිය ඇල්ලුවෙි ළඟ පොයින්ට් එකක රාජකාරි හිටපු මුලු යුනිට් එකම නමට වඩා "බෙල්ලා" කියල හඳුුන්වන සිසිරකුමාර. ඌට අහුවුනා කියන්නෙ සීඔිට අහුවුනා හා සමානයි. සිසිර කියන්නෙ මටවඩා සීනියර් බුවෙක්. පොරත් ටෝච් එක වටෙිටම අල්ල අල්ල මා ඉන්න දෙසට දුවගෙන ආවෙ විදුලි වෙිගෙන්. ඒ හිංදම මට ඉතුරු ටිකත් බැහැල දුවන්න කාලයක් තිබුනෙ නෑ. පොරත් ලඟට  ඇවිත් කෑ ගහන්ඩ හදනකොටම මම   "කෑ ගහන්ඩෙපෝයි, සීඔිට ඇහැරෙයි" කියන ගමන් ගහෙන් බාගයක් බැහැල හිටපු විදියටම ඉතුරු ටිකත් බැස්සා. මගේ දැන් කලබලයක් නෑ.වෙන්න ඔින දේ වෙලා ඉවරයි.  දැන් මං ඉන්න තැනට සද්දෙ ඇහිච්චි තව පොයින්ට් එකක සෙන්ට්‍රියෙක්  ගහෙන් ගහට ටෝච් එක අල්ලනව. ඒ අල්ලන ගමන් යටි ගිරියෙන් කෑගහල අහනවා. "කෞදෞත්තෝ කුරුම්බාආආආ... කඩන්නේඒඒඒඒ" කියලා. ඒක ඇහිච්චි එහා කොනේ හිටපු මුරපති කෝප්‍රල් හඬ නගා "කොයෙදෞත්තෝ කුරුම්බාආආආ... කඩන්නේඒඒඒඒ..." අහනවා.   වටෙිටම ටෝච් එකත් ගග ගගහ දුවගෙන ආව සිසිරත්  ගහ යටට ආව, ගැහුව ටෝච් එක මූනට ඊළඟට  මහා සද්දෙන් "ආරච්චියා කුරුම්බා කඩන්නේඒඒඒ" කිව්වා. ඊළඟට එහා පැත්තෙ පොයින්ට් එකේ හිටපු එකත් ආව. විසිට් එකත් මග එනව. ⁣ගාඩ් කමාන්ඩත් ආව. සෙක්ටර් කමාන්ඩර් හිටපු ප්ලැටුන් සාජනුත් ආව.  මාත් කලබල වුනේ නෑ, නපුරු දුෂ්ඨ කොටි රැලකට අහුවුන අහිංසක හා පුංචෙක්" වගේ ආසියාවෙම ඉන්න අහිංසකය ලෙසින් පැමිනි කට්ටිය කියන කියන දේවල් අහගෙන හිටිය. ඒ, ඒ කට්ටියගෙ හිත වෙනස් වෙයිද කියල බලන්න. මුරපති ඇවිත් පොයින්ට් වලින් ආපු කට්ටියට සද්දෙකුත් දාල "පලයව් පොයින්ට් වලට" කියල එලෝලා ආයෙ අමුතුවෙන් බනින්න පටන් ගත්තා. විසිට් එකේ ආපු සාජන්ට් නම් අතේ තිබ්බ ටෝච් එකේ අඩියෙන් ඔලුවට හිමීට එකක් ඇන්නා විතරයි.

හතර පස් දෙනෙක්  එතන ඉතුරුවුනා කියමුකො. ගෙඩි හයක්  තිබ්බ වල්ලෙ. හයම අර මොට්ට පිහියෙන් කප කපා "බීපිය බීපිය" කියල පෙව්වත් කියමුකො. ඒවත් හෙන පතරංග ගෙඩි. ලිඳකට වගේ වතුරත් තිබුනා. ගෙඩි හතරක් බොනකොට හුස්ම ගන්නත් බෑ. මාත් අඩ අඳුරේ හොරාම  ඇඟිල්ලක් උගුරට දාල වමනෙ පාරකුත් දැම්මෙ, කට්ටිය බයවෙලා "දැං ඇති" කියයි කියල වත් හිතාගෙන. ඒත් නෑ ෆෙන්ස් හයම පොවන හැඩක් තිබුනෙ.  දැන් තව එකක් ඉතුරුයි. අතේ දියපට්ටත් දාල පිහියටම. බොන්නනං කොහොමහරි බැරියැ.මෙි උලව්වෙන් කපන එකනෙ වැඩෙි. මං ඒත් කිව්ව කව්රු හරි කපල දුන්නොත් ඔන්නං අනිකත් බොන්නං කියල. ඒක ඇහිච්චිගමන් අපේ ප්ලැටුන් සාජන්ට් නම් ආයෙ ටෝච් එකෙන් එකක් විතරයි ඔලුවට ඇන්නෙ. නිකන්මත් නෙමෙි "මුගේ අප්පට යකෝ" කියන ගමන්. 


කොහොමහරි හයවෙනි එකත් මංම කපාගෙන බිව්ව කියමුකො. දැං එතන හෙන ලෙක්චර්. කෝපල් කෙනෙක් කියනව "හොඳ වෙලාවට සද්දෙ ඇහුනෙ, නැත්තං ඔිකට අපිනෙ අහුවෙන්නෙ" කියල. ඒක අනුමත කරපු සාජන්ට් ආයෙ අමුතුවෙන් බනින්න පටන්ගත්තා. දැං හෙට ඉහල උසාවියට දාන පොරොන්දුව පිට "උදේ අටට හම්බුවෙයන් ඇවිත්"කියල කට්ටිය විසිරෙන්න ලෑස්තිවෙලා "තෝත් දැං පල පොයින්ට් එකට" කියල මටත් යන්න කිව්ව. මාත් යන්න ලෑස්තිවෙලා බීල ඉවර කරපු කුරුම්බ ගෙඩි දෙකකුත් අත්දෙකෙන් අරං ඇඟට හේත්තුවෙන්න තියල අල්ල ගත්තා. එවිට විසිට් ආපු සාජන්

*දැං තොට ආයෙ මොකටද ඔය කෝම්බ? කියල ඇහුව.

මං කිව්ව "ලොඳ කන්නනෙ ඉතිං, නැත්තං අපරාදෙනෙ" කියල.

යමින් හිටපු ප්ලැටුන් සාජන් මං දිහාට හැරිල ආයෙ පටන් ගත්තෙ අතකුත් උරුක් කරන ගමන්  "නෙද්දකින් තොගෙ අම්....කියල විතරයි.  එතනින් එහාට වෙච්චි දේ නං අහන්නෙපා පෙන්ස් කියන්නෑමයි ඉතිං.


ඔය ප්ලැටුන් සාජන්ට් එක්ක මගේ ඉතිහාස කතාවකුත් තියෙනව. එතකොට මෙයා සාමාන්‍ය සෙබළෙක්.  එක දවසක් මම රෙකා කාලෙ වාලච්චෙින කෑම්ප් එකේදි මාව පොල් ගහකට නග්ගන්න  හැදුව. ඒත් මෙි වගෙම හොරෙන් කුරුම්බ බොන්ඩ. මං "ගස් නගින්න දන්නෑනෙ කෝපල්" කිව්වම පොර අර මහ රෑ පොයින්ට් එකේදිම බිම පොල් ගහක් අන්ඳලා "දැන් නැගපිය ඔය ගහේ" කියල බඩ ගාවල තමා ගස් නගින්න පුරුදු කලේ. මම ඒක එහෙම එතන කිව්වනං තාමත් ගුටි කනවා. මොකද මිනිස්සුන්ට හරි ඉක්මනින් මුල අමතක වෙනවනෙ. 


කොහොමහරි පහුවදා උදේ අටට ගිහින් මම ඔය සාජන් හමුවුනා. සාජන් සාජන් මෙිජර් ගාවට දැම්මා. එතනින් 2IC ට දැම්ම. 2IC මාව නැවත වරක් දැඩි තර්ජනාත්මක අවසාන නිවෙිදනයකුත් සමග ඇප පිට  නිදහස් කර හැරියා.  නිකන්මත් නෙමෙි, "තමුන් ආයෙ එහෙම මෙි වගෙ වැඩක් කරල අහුවුනොත් කපනවා යට තියෙන ගජමුතු දෙකම" කියන අවවාදෙකුත් එක්ක.  එතනින් පස්සෙ ආයෙ කවදාවත් කව්රුවත් එහෙ කුරුම්බ බීවෙ නෑ. හැබැයි මමනං බීව. ඒත්  කාටවත් අහු⁣වුනේ නං නෑ. 



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2023.01.29

Wednesday, January 25, 2023

රාළහාමිගෙ ඔරලෝසුව


 ඉස්සර නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරි කරද්දි හමුදාවෙ සහයට පොලිසියත් හිටියා. ඒ කියන්නෙ හැම කඳවුරකම පොලිසියෙ දෙන්නෙක් ගානෙ. මටනං ඒ කාලෙ ඉඳන්ම පොලිසියෙ ඈයො පෙන්නන්නම බෑ. ඒකට හේතුව මම අදටවත් දන්නෑ, හැබැයි පෙන්නන්න බෑ. මට හිතෙන්නෙ ඔය පොලිස්සියෙ සමහර ඈයො අපිත් එක්ක රාජකාරි කරද්දි වෙච්චි සමහර සිදුවීම් හිංද වෙන්න ඇති. හැබැයි ඒකට දැං. මයෙ අප්පේ දැං කියලත් මහ වෙනසක් නෑ, දැං ඊටත් වඩා පෙන්නන්න බෑ. ඒ කාලෙ හිටපු, නම්බරේට ඉස්සරහිං ඉංගිරිස් "ආර්" අකුර තියෙන රාළහාමිලානං ටිකක් විතර හොඳයි. ඒ ගොඩෙි, ගොඩක් ආමි එකේ කෝස් කරපු අය හිටිය. ඒ ෆයරින් කෝස් ෆයිටින් කෝස් අර කෝස් මෙි කෝස් වගේ ඒවා.පොරලා හොඳයි කියන්නෙ, අපේ සිතුම් පැතුම් ටිකක් විතර උන්දැලා දන්නවා. ඒ නිසා.

 රෙගියුලර් රාළහාමිල හිටියෙ ඔය ආර් කියන කට්ටියටත් සද්දෙ දාගෙන. ඒ හිංදමද මංද ආර් කට්ටිය පොලිසියෙ රෙගියුලර් කට්ටියටත් වඩා එකමුතු වෙලා හිටියෙ අපිට. එක දවසක් වාලච්චෙිනෙ ආලංකුලම මාර්ග බාධකේ හිටියා ඔය කියන ජාතියෙ රෙගියුලර් පොලිස් රාළහාමි කෙනෙක්. ඒ මං ටැම්පරියක් අදින්න කෝප්‍රල් හපුගොඩව නිවාඩු යවන්න තාවකාලිකව රේඩියෝ රෑම් එකේ වැඩ බාර අරගෙන හිටපු දවස්.  මෙි ⁣සිද්දිය වෙද්දි  මම හිටියෙ නාවල්අඩි රේඩියෝ රූම් එකේ රාජකාරි.

 හවස තුනට විතර ඒ රාළහාමි අපේ සෙට් එකකින් මෙින් රේඩියෝ රූම් එකට කතා කරල කිව්ව පොරගෙ අත් ඔරලෝසුව නැතිවෙලා තියෙනව කියල. ඒක ගෝල්ඩ් වොච් එකක්ලු. (එක මං දන්නෙ පස්සෙ) පොර කඳවුරට කතා කලා.

*හෙලෝ සෙවන් ටූ බ්‍රාවෝ සිග්නල් ඔිවර්
*සෙවන් ටූ බ්‍රාවෝකේ
*රොජර් මෙතන මගේ ඔරලෝසුව නැතිවෙලා තියෙනවා ඔිවර්
*මොන ඔරලෝසුවක්ද ඔිවර්
*මගේ අතේ බඳින ඔරලෝසුව ඔිවර්
*දැන් මොකක්ද ඔබ කියන්නෙ ඔිවර්
*ඒක මෙතන නැතිවෙලා තියෙනව ඔිවර්
*ඉතිං නැතිවෙලා, තියෙනවනං ගැටළුවක් නෑනෙ ඔිවර්. 
*නෑ,නෑ නැතිවෙලා තියෙනව ඔිවර්
*ඉතිං නැතිවෙලා තියෙනවනං ගැටළුවක් නෑනෙ. නැතිවුනානංනෙ ගැටලුව ඔිවර්..
එයා නැතිවෙලා තියෙනව කියන එකට මම "නැතිවෙලා" කියන වචනෙ ලඟට කොමාවක් දාලම තමා රිප්ලයි කලේ. පොර බැරිම තැන
*ඒක නැතිවෙලා ඔිවර් කිව්වා.
ඊට පස්සෙ මං ඇහුව...
*ඔබට ඔික පරිස්සම් කරගන්න බැරුවද රට පරිස්සං කරන්න ආවෙ?? කියල. ඔහොම සංවාදෙ විනාඩි දෙක තුන හතරක් ඇදිල ගියාම මම අපේ කෙනෙක් සෙට් එකට අරගෙන විස්තරේ ඇහුව. පොර කිව්වෙ පැයකට විතර කලින් ඒක ගැලෙව්වලු, පස්සෙ බැඳගන්න හොයද්දි නෑලු කියල.
මම ඒක අපේ රේඩියෝ රූම් එකේ අනෙක් කෝප්‍රල්ට කිව්වට පස්සෙ එයානං කිව්වෙ "තිබ්බ තැනක ඇති, උඹ නාඩ ඉඳිං" කියනව වාගෙ එකක්.
ඒ කියමනත් එක්ක පස්සෙ මටත් හිතුනා නිකං ඉන්න ඒ රාළහාමිගෙන් චූට්ටක් විතර ආතල් එකක් ගත්තත් "හෙන ගහනවෑ" වාගෙ එකක්.
මම පැය භාගෙකට විතර පස්සෙ ආතල් ගන්න අයිඩියා එක ඔළුවට ආව ගමන්  පොරව සෙට් එකට අරගෙන

*ඔබෙි ඔරලෝසුව හම්බුනාද ඔිවර්
*තාම නෑ, තාම හොයනව කිව්ව.
මාත් ඉතිං වැඩ්ඩ වගේ පොර ඒ කතා කරද්දි ඉන්න තැනත් අහගෙන
*ඔබ සෙට් එකත් අරගෙන පොඩ්ඩක් ඔබෙි වමට යන්න .ගිහින් ඔිකේ කරන්න ඔිවර්,
විනාඩියකට විතර පස්සෙ
*හරි ආවා ඔිව..ර්
*දැන් ඔබ කොයි පැත්තටද හැරිල ඉන්නෙ ඔිවර්'  මම ප්‍රශ්ණයක් ඇහුවා.
*කඳවුර පැත්තට ඔිවර්..
*කඳවුර පැත්තට නෙමෙි, ඔබ කැලේ පැත්තට හැරෙන්න ඔිවර්
*හරි හැරුනා ඔිවර් .
*දැන් ඉදිරියට පියවර දහයක් යන්න ඔිවර් (ඒ මම.)
*හරි ආව ඔිවර්. පොර මං කියන කියන එක කරලා මට ඔිකේ කරනවා. පොරට සතුටුබර හැඟීමකුත් ටිකක් විතර තියෙන්න ඇති. මොකද මං අපේ කව්රු හරි අල්ලගෙන ඔරලෝසුව තියෙන තැන දැනගෙන තමා මෙි කියන්නෙ කියල පොරට හැඟෙන්න ඇති. ඇත්තම කියනවනං මට පොරගෙ නැතිවෙච්චි ඔරලෝසුව තියෙන තැන නිකන් පේනව පේනව වාගෙ දැනුනා. ඊලඟට මම කොහොම හරි පොරව මට ඔින තැනට ගෙනත්...
*දැන් ඔබ මදක් ඉදිරියට නැමෙන්න.එතන ඇති වොච් එක ඔිව...ර්.
තත්පර කිහිපයකට පස්සෙ පොර ආයෙත්..
*කෝ නෑනෙ ඔිවර්..
*නැතිවෙන්න බෑ, තියෙන්න ඔින, හොඳට බලන්න ඔිවර්..
පොර ආයෙත් තත්පර කිහිපයකට පස්සෙ 
*ඔබ කියන තැන නෑ ඔිවර්  
පොර දැං මට ඔිනම තැනට ඇවිත් තියෙන්නෙ.
ඊට පස්සෙ මම .
*සෙවන් ටූ බ්‍රාවෝ .එහෙනං ඔබෙි දකුණු අත දිග හරින්න ඔවර්..
*හරි දිගෑරියා  ඔිවර්  
*දැන් අත ටිකක් වැලමිටෙන් නවල ඉඟටිය හරියට ගෙනත් ඉඟටියෙන් ඔබෙි වම් පැත්තට අඟල් හයක් විතර ගේද්දි පොට්ටනියක් වගේ එකක් අහුවෙයි. ඒක ටිකක් තදින් මිරිකල බලන්න, ඔරලෝසුව තිබ්බ තැන මතක් වෙයි  ඔිවර්... 
කිව්ව විතරයි පොරට මළ පැන්නා. හෑන්ඩ් සෙට් එක ප්‍රෙෂ් කරගෙනම කුණුහරුපෙකුත් කියල ඔිෆ් ලයින් ගියා. ඊට පස්සෙනම් පොර නැතිවෙලා තියෙනව කිව්ව වොච් එකක් තියා නැතිවෙච්චි මළකඳක් ගැනවත් ඇතුලටනම් කීවෙ නෑ. හැබැයි පොරටම ඒ ඔරලෝසුව හම්බුවෙලා තිබුනා, පොරගෙ බූට් එකක් ඇතුලෙම තිබිල. ආමි අපි පැය විසි හතරම ඔතන ෆුල් යුනිෆෝම් හිටියත්  රාළහාමි ඉන්නෙ හවස් වෙද්දි බූට් දෙක ගලවල සෙරෙප්පු දෙක දාගෙන රිලැක්ස් එකේ. කොහොම හරි ඒක බූට් එක ඇතුලට වැටිල. හවස කෑම්ප් එකට එන්න ලෑස්තිවෙලා බූට් දෙක දාන්න හදනකොට තමා බඩු හම්බෙලා තියෙන්නෙ. 
ඔය අයිඩියා එක මගේ ඔළුවෙ දකුණු පස හිරිවට්ටාගෙන ආවෙ ඔිවගෙ එකක් ඊට කලින් මට වෙලා තිබ්බ නිසා.. ඒ අනුසාරෙන් තමා මම ඔය ආතල් එක ගත්තෙ.
එතකොටත් මම නාවල්අඩි කඳවුරේ මයි හිටියෙ.පුක් කිචි  සුභසිංහ එක්තරා දවසක් ගෙදරට කෝල් එකක් අරන් "හෙලූව්ව්" කියද්දිම  මම පස්සා පැත්තට අනින්න ගිහින්, කිචිය හැම සයිලයක් ගානෙම දුවල, "තිය හු%@$ති පෝං එක" කියල හෑන් සෙට් එක ජනෙල් පඩියෙ ගහල කඩපු කතාවක් කිව්වනෙ. ආං ඒක කඩල මම හෙන කට්ටක් කාල ආයෙ හෑන්ඩ් සෙට් එකකුත් ගෙනත් දීල මාසයක් විතර ගියාම තමා මෙික වුනේ.

සාමාන්‍යයෙන් අපි රෑ හතට විතර කෑම කාල රොක් ගැහෙන්නෙ කැන්ටිම ගාව. එතන තමානෙ අපේ පාරිලිමෙින්තුව පවත්තන්නෙ. (ඒ කතා කලින් කියල තියේ). 

ඒ මම නිවාඩුවක් ඉවරවෙලා කෑම්ප් එකට ආපු දවසෙම රෑ.  එදා උදේ මං ඇඳුම් බෑග් එක හදාගෙන අල්මාරිය ලොක් කරලා යතුර තිබ්බ තැන වයිෆ්ට හොයාගන්න බැරුව, "අනේ අයියෙ ආරච්චි ඔතනට ආව ගමන් කෝල් එකක් දෙන්න කියන්න කියල, කැන්ටිමෙි එයාගෙ ජයවර්ධන අයියව (මගෙ බැචා) කීප වරක්ම දැනුම්වත් කරල තිබුනා..ජයා ගෙන් මටත් පණිවිඩෙි හම්බුනා. දන්නවනෙ ඉතිං නිවාඩුවක් ඉවරවෙලා කෑම්ප් එකට එනව කියන්නෙ,  ඒ වෙලාවට ඔළුව පුල් කචල් වෙලානෙ තියෙන්නෙ. ඇයි දෙයියනේ ආයෙ කවදා කියල නිවාඩුවක් යන්නද?,ආපහු නිවාඩුවක් එන්න ලැබෙයිද? කියලවත් දන්නැති කාලයක්නෙ තිබුනෙ.
මාත් ඉතිං බෑග් එක හදල යතුර කොහෙන් හරි තියල ඇති, තිබ්බ තැන මටත් මතක නෑ. අල්මාරිය හැමතිස්සෙම ලොක් කරන්නෙ අපේ ලොක්ක ඒ දවස්වල පොඩීනෙ. ඔික ලොක් නොකළොත් අල්මාරියෙ නිකන් ලොක් එක කරකවල දොරවල් ඇරල ඔික ඇතුලෙ තියෙන හැම සබ්බසකලමනාවම බිමට ඇදල දානව. ඊට පස්සෙ වැඩ ගොඩයි. ඒක හංද තමා හැම තිස්සෙම ලොක් කරලම තියන්නෙ.

එදා රෑ කාල බීල පොල් ඉරට්ටකින් ඇවරි දෙකත් හාර හාර රාම වාතෙ ඇර ඇර මාත් කැන්ටිම ලඟට ආවෙ ගෙදරට කෝල් එකක් ගන්න. ඒවෙද්දිත් එතනට කෝල් ගන්න ඇවිත් හිටපු ජුන්නල ටිකකටත් සද්දයක් දාල, හදිස්සියක් කියල ගෙදරට කෝල් එකක් ගත්තා. මාත් විස්තරේ අහගෙන,...

*හෙලූ උයා දැන් කොතනද ඉන්නෙ?
*මං සාලෙ ඉන්නෙ 
*එහෙනං දැං අපේ කාමරේ අල්මාරිය ගාවට යන්නකො
*හරි 
*දැං ඔයා මොකද්ද ඇඳන් ඉන්නෙ අනේ?? මං නිකමට වගේ ඇහුව.
*ඔයා ගිය පාර අරන් දීපු කළු සායයි ඔයාගෙ නිල්පාට ටීෂර්ට් එකයි අනේ වයිෆ් කිව්වා 
ඊළඟට මම...
*හරි හරි හුරතල් වෙන්ඩ එපා...මං නිකං ඇහුවෙ.එහෙනං දැං ඔයා අල්මාරියෙ කන්නාඩිය තියෙන දොර ගාවට යන්නකො.
*හරි.
*ගියාද?
*ඔව්.
*එහෙනං දැං ඔහොම්මම බිත්තිය පැත්තට හැරෙනවකො.
*හරි හැරුනා.
*හැරුනද? එහෙනං ඔයා ඔහොම්මම අල්මාරියෙ යට නැවිල බලන විදියට ඉන්නකො.
*අනේ මෙි..බොරු කරන්ඩෙපා හලෝ..අල්මාරියෙ යට යතුර තියන්නෑනෙ...
*හරි හරි තෞසෙ නැමෙනවකො..මමනෙ දන්නෙ යතුර තියෙන තැන.හොඳට නැමෙනවකො ටිකක්
*හරි හරි 
*නැමුනද?
*ඔව්..
*එහෙනං දැං ඇඳන් ඉන්න සාය පිටිපස්සෙන් උස්සල අල්මාරියෙ කණ්නඩිය දිහා බලපංකො. යතුර තියෙන තැන විතරක් නෙමෙි යතුර දාන තැනත්..පෙ.....නෙයි කියල කියන්න හම්බුනේ නෑ මගේ ආදරණීය යාලුවනේ...ඊළඟට මගේ සවනත වැකුනෙ "හුක්" සද්දෙකුත් එක්ක අවීචිමහ නරකාදි දුෂ්ඨ වචන පේලියක් . මම ඒව පිට කාටත් ඇහෙන්න කලින් "සුටුස්" ගාල පෝන් රිසීවරේ පෝන් එකෙන්ම තියල කට්කරන ගමන් කැන්ටිමෙි ජයා දිහා බැලුවෙ මුකුත් වුනේ නෑ කියන්ඩ වාගෙ. ඒත් මට නොතේරෙන්න වටපිටෙි හිටපු පවිටු දනන්  මගේ කතාව අහං ඉඳල කියල තේරුනේ..අනෙක් උං "හික්කි,හික්කි,හිකි හිකි" ගාල හිනාවෙද්දි හා ජයා මගෙන්  පැනයක් විමසුව විටදි..
*අහගත්තද මකයා ..... හොඳ වැඩෙි තොට...
අනේ මංදප්පා... ඒ දවස්වලත් මටමමයි තමා වුනේ..

රුවින් පමුදිත යද්දෙහිආරච්චි.
2023.01.25


*

Tuesday, January 24, 2023

වින්දනය

 ඔබ දන්නවාද??

* මෙි අඹ ගෙඩියෙ හැඩෙි ගත්තු රට ගොඩ ගන්න තරම් මෙි වෙන තෙක් කිසිම සුදුසු නායකයෙක් අපි අතර නැති වග?

* ඔබත් මාත් පය ගසා සිටින මෙි මහ පොළවෙි අයිතිය වෙනුවෙන් දෙපයින් සිට ගන්නට තරම් අපේ කොඳු කෙලින් කරන්න පුලුවන් නායකයෙක් තාම ඉපදී නැති වග?

* වරින් වර අරුන්ටයි මුන්ටයි උන්ටයි රැවටෙන අපිට කනට එකක් ගසා  "මෙික තමා ඩෝ...හරි පාර" කියන්න තරම් අත පය  කට පන තියෙන එකෙක් තාමත් දිවිය ලෝකෙවත් පහල වී නැති වග?


*74 වසරක් මුළුල්ලේ අපිව වහල්ලු වගේ කරගෙන හිටපු අපේ පංතියේම  එවුන් එහෙට ගියාට පස්සෙ උඹෙත් මගෙත් කොන්ද අඩු කුලේ පරහැත්තවුනු උන් ඉස්සරහ නැමෙන්නට තරම් හීනමානයක් උඹෙත් මගේත් හිත්වල ඇති කරපු බව?

* උන් මොනදේ කලත් ඒකට සුදු හුණු ගාන්න තරම් උඹෙත් මගෙත් මහ එවුන් උන්ගේ දේශපාලනයට වහල්කර ගත්තු වග? 

* මොඩර්න් පොලිටිකල් සිස්ටම් හරහා ඔබත් මාත් කරන්ට දෙයක් නැතුව "අපි හම්බු කලොත් අපි කනවා" කියන්න තරම් මැටි මෝල් විදියට හිතන්නට අපේ පරම්පරාව කොච්චර "ගොං" කරාද කියලා?


* අපේ රට,ජාතිය, ආගම, තම්බියා, දෙමළා,  අතරේ උඹත්, මාත්, අපේ දරුවනුත්, උන්ගෙ දරුවෝත්  ලෝකයේ ඉහළටම ඔසවා තියන්න වරම් අරන් ඇවිත් ඉපදෙන්න හිටපු නායකයාගේ තාත්තා එදා රෑ සරමෙි පිසදාගත් වග?

*එනයින්ම අපිට ශ්‍රේෂ්ඨ නායකයෙක්  අහිමිවුනු වග??


දුක් නොවන්න. ඒ අපේ සීයලා ආච්චිලාගේත්, අපේ  වැඩිහිටියන්ගේත් දුර්වලතාවයයි. ඒ වෙනුවෙන් අපි......


අඩා! සිංහලිනි නැගිටිවු!! දෙපයින් සිටගනිව්,!!!, නැත්තං මොලේ තැලෙයි.



"සොරුන්,මංකොල්ලකාරයින්,භීෂකයින්,කොමිස්කාරයන් සහ බලයට ප්‍රේතයින් බලයට පත්කරන රටක ජනතාව වින්දිතයින් නොව අපරාධයක හවුල්කරුවෝය"


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2023.01.06

Monday, April 18, 2022

අහෝ..! මාගෙත් තරුණ කාලය

 ෴අහෝ! මගෙ තරුණ කාලය෴

============================


පුංචි රටකට මෙවන් යුගයක් උදාවෙන බැව් දන්නවානම්

සරත්,ශවෙි, මෙන් කමල්, අන් අයත්

ප්‍රභාකරන් නොමරනව ඇති

මගෙත් තරුණ විය කම්බි පොටවල් හයක් හතකට කොටුකලේ ඇයි

දිවා රෑ නොනිදමින් ඒගැන මමම මාගෙන් අසනවා


හිරේ නොගියත් හිරේ ගිය මෙන් සතුරො මර, මර ඇදෙනවා

අනේ දෙවියනි උනුත් මං වාගෙමයි මට දැන් හිතෙනවා

උන් මරන්නට කරපු දේවල් ගැන හිතා  පසු තැවෙනවා

අනේ මිනිසුනි දහස්වර මා නුඹෙන් සමා වර යදිනවා


පළමුවත් දෙවනුවත් මව් බිම කියා අපවත් ඇවිස්සූ

පුංචි රටකට කරපු හදියක් අනේ මෙහෙමත් මිනිස්සූ

නොබා බාහුව යකුන් ඉදිරියෙ, නුඹට මට දත් විලිස්සූ 

වෙමුද ශක්තිය පහර වෙන්නට විලස ගඩොලක් පිලිස්සූ


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2022.04.17

Sunday, April 17, 2022

දිවිය ලෝක ගමන

 ඔිම් ශ්‍රී ගණපතියේ නම හ:

ඔිම් ශ්‍රී ඝණපතියේ නම හ:

ඔිම් ඔිම් ශ්‍රී ගණපතියේ නම හ:


ගියවර දේව සබාවට ගියාට පස්සෙ ඊයෙ රෑත් දේව සබාවට යෑමට අවස්ථාවක් ලැබුනා. ටික දිනක ඉඳන් ඒ පැත්තෙ විසිට් එකක් දාන්න කොච්චර උවමනාවක් තිබුනත් ඒකට අවස්ථාවක් ලැබුනෙ ඊයෙ රෑ. පැය විසිහතරක් පේවී ඉඳලා ඉඳලා සුපුරුදු පරිදි දරණෙ ගහගෙන ඉඳගත්තා. භාවනාවට හිත යොමුකලාට පස්සෙ හිත ඉක්මනින් එකඟ කර ගත්තා. නැත්තං හඳ මෝරං එන කාලෙට හැදෙන ගාය අපුන්දැටත් හැදිලා ගැටයක් ගැහුවොත් එහෙම වැඩෙි චකබ්ලාස් වෙනවා. 


මං දේව සබාවට යද්දි එහෙ හෙන හැටහුටාමාරක් විතර කන් සම්මන්ත්‍රනයක්. ඒකෙ මූලාසනාරූඪ හිටියේ සක්‍ර දේවෙින්ද්‍රයා. ඒත් මං එකවරම සබාවට ගියේ නෑ. මගට වෙලා බිත්තියට කනක් හේත්තු කරලා  එතන ඇතුලෙ කතාවෙන දේට ටිකක් ඇහුම්කං දුන්නා. එතන මාතෘකාව වෙලා තිබුනෙ මෙි දවස්වල අපේ රටෙි ගොඩක් අය කතාවෙන උගන්ඩා ප්‍රශ්ණයක්. මට හීන් දාඩිය දැම්මා. මං ලංකාවෙං ආව නරයෙක් කියලා ඔය කොයි දෙයියත් දන්නවා. බැරිවෙලාවත් ඔය උගන්ඩා පස්නෙ ගැන මගෙන් ඇහුවොත් එහෙම රෙදිත් ගැලවිලා හෙන ගිනි විජ්ඩුම්බරයක් වෙනවා. ඒත් මං බියෙන් තැති ගත්තෙ නෑ. හිතට වීරිය අරගෙන හිටියා. ඒ අස්සෙ එක දෙයියෙක් තව දෙයියෙක්ගෙන් අහනවා...

*ඇත්තටම දෙයියනේ ඔය ප්ලෙන් එකේ තිබුනෙ ඩොලර් වෙන්න බෑද?

අනික් දෙයියා;

*අනේ මංද දෙයියනේ.. මං හිතන්නෑ අප්පච්චි එහෙම දෙයක් කරන්න ඇති කියලා. 

මයෙ අප්පේ.. මං මෙච්චර කල් හිතං හිටියෙ ලංකාවෙන්ම මං විතරයි මෙහෙම දිවිය ලෝකෙ ඇවිත් තියෙන්නෙ කියලා. බැලින්නං අප්පච්චි  මටත් කලින්ම මෙහෙ ඇවිත් තියෙනවනෙ යකෝ. නැහ්නං විශ්වය පුරා විහිදී ගිය අප්පච්චි රාවෙි... ඒ විදියටම දිවිය ලෝකෙටත් මුන්දැගෙ රාවෙ ඇවිත්ද?? කියල මට හිතුනා..මං එහෙම හිත හිත ඉද්දි වට පිට බැලුව එක දෙයියෙක් මං බිත්ති කණුවකට මුවාවෙලා කතාවලට කන්දීගෙන ඉන්නවා දැකලා මට ඉස්සරහට කතාකලා. මාත් වීරයා වගේ ඉස්සරහට ගියා. මා දෙස කට කොනකින් නෝන්ඩි හිනාවක් දමාගෙන බැලූ සක්‍ර දෙයියො...මාව පච කරලාම දමන්නෙමැයි සිතා..

*එම්බා නරය, තා කිමද දේව සබාවෙි වෝල් එකට කන්දීගෙන සිටියේ..ඉදිරියට නාවෙි මංද??

මට ඇත්තටම දුක හිතුනා. මොකද මං දිවිය ලෝකෙ ආවත් මීට කලින් ඔහොම හැංගිලා හිටපු එකෙක් නෙමෙි..ඒත් දැං..

මගේ නිහඬතාවය නොරිස්සූ සක්කර තෙමෙි...

*අඩෙි පවසව නරය..කිම්ද කාරණ..

* රෙද්දක් ඇඳන් දිවිය ලෝකෙටවත් එන්න පුලුවන් දේවල්ද දෙයියනේ දැන් දැන් දම් දීපයේ සිද්ද වෙන්නෙ?? මං බිම බලාගනිමින් පැවසුවා..

*එක තමා අද දේව සබාවෙත් ටොපික් එක වුනේ.. තා දන්නේ මොනවද ඒ ගැන??

*මොනහ්??

*අර ප්ලේන් කතාව..

*අහ්!! ඉතින් ඔබ වහන්සෙලා හිතන්නෙ මොනව කියලද??

*ඩොලර්??

*ඉතිං දෙයියනේ ඒ රට අතීතයේ සිංහල රටක්නෙ. උගන්ඩාව කියන්නෙත් සිංහල නමක්නෙ.. ඉතිං ඔය ඩොලර් ටොන් එකසිය දෙකක් වගේ ටිකක් එහෙ යැව්ව කියල හෙන ගහනවද දෙයියනේ...අපේම මිනිස්සුමනෙ..

*ඈහ්??? අඩෙි නරය.. තා කෙසේද එසේ පවසන්නේ??

* මෙහෙමනෙ දෙයියනේ...හරි සරළයි.. කියල මාත් කතාව පැහැදිලි කරල දුන්නා..

උගන්ඩාව කියන්නෙ උක් + කන්ඩ+ ආව  උකන්ඩාව කියන එක. .මං එහෙම කියනකොට දෙවියන්ගෙ මූන ටිකක් අඥ්ඥකොරොස් වෙන්න පටන් ගත්තා...මං ඇහුවා;

*ඇයි දෙයියනේ..

*අඩෙි එහෙම කුණු හරපයක් වගේ එකකුත් තියෙනව නේද?

*ඔව්.. ඒකනෙ උක්කන්ඩ ආවා නොකියා බාවිතයේ පහසුව තකා උගන්ඩාව කියන්නෙ... මං වැඩි දුරටත් කාරණේ පැහැදිලි කලා. 

*තොපගේ දම් දීපයෙහි අච්චර පෝලිම් මොකෝ?? 

*ඒකනං ඉතිං එහෙම තමා. තෙල්,ගෑස්,බෙිත්,කොන්ඩම් පෝලිම් නම් ඉතිං තියෙනවා..

*මොකහ්?? කොන්ඩම් පෝලිම්??

*ඔි.. රට බංකොලොත් කරලා, ඒ මදිවට යන්න කිව්වම යන්නෙත් නැතුව උඩ බලාගෙන ඉද්දි රටෙන් මිනිස්සු යන්න ගියා. එහෙම යන්න බැරි මිනිස්සු දරුවොන්ට අනාගතයක් නැති හිංද දරුවො හදන එකෙන් වලකින්න ඔින හංද තමා කොන්ඩම් පෝලිම් වල ඉන්නෙ..

ඊට පස්සෙ සක්‍ර දෙයියො ටිකක් විතර කල්පනාවකට වැටුනේ, මගේ ඒ දැනුම ගැන පුදුම වෙනවද?, නැහ්නං මාව කිච කරන්න බැරිවුන එක ගැන හිතනවද කියල මට හිතාගන්න බැරිවුනා..

කල්පනා ලෝකයෙන් මිදුනු සක්‍ර තෙමෙි...සෙකන්ඩ් වුනු බවක් නොහඟවා..

*හරි එහෙනං කියාපම් බලන්ඩ... ගෝඨාබය කියන්නෙ මොකද්ද කියලා....

මාත් කාලේ තාලෙටම උත්තර දුන්නා..

*මෙහෙමනෙ දෙයියනේ... Gotabaya කිව්වම got a big.. කියන්නත් පුලුවන්. නමුත් මෙතන ගෝඨාබය කියන්නෙ ඔික නෙමෙි. . ගොට්+අ+ බය =. .බයවුනා..බය අරගත්තා..බයෙන් තැතිගත්තා..වගෙ දෙයක්. ඉතිං මෙි දවස්වල යන්න වෙයිදෝ, ගත්තුවා දෙන්න වෙයිදෝ හිරේ යන්න වෙයිදෝ කිය කිය පරාන බයකින් ඔය මනුස්සයා ඉන්නෙ..ඒකයි.. ගොට් අ බය ගෝටාබය කියන්නෙ. සමහරුන්ට ගෝටා බයයි. සමහරුන් ගෝටාට බයයි. තව සමහරුන්ට ගෝටා බය දැනිල තියෙනව. ආන්නේකයි...

මගේ ඒ පැහැදිලි කිරීමත් එක්ක දෙවියන්ගේ මූනට පොඩි මදහසක් නැගුනා.. ඒත් ගේම අතාරින පාටක් නෑ..

*එතකොට මහින්ද කියන්නෙ??

*ඒක මෙහෙමයි දෙයියනේ... මහින්ද කියන්නෙ මං හින්දා කියන එක. මුංදැ කවදාහරි බැරිවෙලාවත් රජ වුනොත්  අර දම් දීපයට මෙච්චර හරියක් කෙලවෙනව කියල උන්දැගේ අප්පච්චි කලින් ඉඳන්ම දැනන් ඉඳලා තියෙනවා..ඉතිං ඒ බර සම්පූර්ණයෙන්ම මෙයාට නොදමා "මං හින්දා තමා, අච්චර හරියක් වෙන්නෙ" කියල හිතල ඒ සාපෙන් ටිකක් තමන්ටත් ලැබෙිවා කියල පුතාව සැහැල්ලු කරන්න ඔින හිංද  "මං හින්දා" කියල නම දාල තියෙන්නෙ. ඒක හරිනේ..දැං ඔය පේස් බුක්වලත් ඔිසෙට යන්නෙ ඔය වගේ දේවල් ..

මං එහෙම කිව්වම දෙව්යන්ගේ අතේ තිබුනු කොක්ටෙිල් වීදුරුව "ස්ලාං" ගාලා පුලුන් වළාකුලක් උඩට වැටී කෑලි කෑලි බිඳී ගියා..

මට ඒකෙන් හැඟුනෙ දෙවියන්ට ටිකක් විතර තරහ ගිය බවක්. 

*එම්බා නරය, තොපගේ දම් දීපයේ තිබුනු යුද්දෙ දිනෙව්වෙ ඒ මනුස්සය...තොපට රටක් ඉතුරු වෙලා තියෙන්නෙ ඒ උත්තම පුද්ගලා නිසා..යසයි තොපගේ කළගුණ සැලකීම.

මට කට කොනට සිනහවක් නැඟිණි. දෙයියො දන්න මගුල. උන්දැ යුද්දෙ දිනෙව්වෙ නෑ.රට මංකොල්ල කන්න ඔින නිසා තිබ්බ බාදකයක් අයින්කලා විතරයි. හැබැයි මං හිතුව බැසිල්, චමල් ගැනත් අහයි කියලා. ඒත් ඇහුවෙ නෑ. ඇහුවනං අරින්නෙත් නෑ. මං හිතන්නෙ දෙව්යොත් පොහොට්ටුවට බරයිද කොහෙද..ඒකයි ඒ..

*හරි එහෙනං, දම් දීපය කියන තොපගේ රටෙි අරගලයක් යනවානෙ. ඒකට සහාය දෙන්න හෙට කලුතරින් පා ගමනකුත් එනවානෙ. ඒක සංවිදානය කරන්නෙත් අර කෙට්ටු සහෝදරයෙක්නෙ. ටිංකර් විල්ද..ටිංවිල්ද කෞද  කියලා.  

*ඔව්.. ටිල්වින් සිල්වා..

*අන්නහරි... එතකොට ටින්විල් කියන්නෙ.. 

*ටිල්වින් කියන්නෙ Till win කියන එක. සටනේ තමා. ඒත් දිනන් නැතුවම මැරිල යනව..හැබැයි "දිනන තුරු" සටනේ. ඒකයි ටිල්වින් කියන්නෙ. 

මං එහෙම පැහැදිලි කරාම දෙවියන්ට මළ පැන්නා. කට කොන් දෙකෙන් යොදුන් දෙක දෙක දිග දළ දෙකක් එලියට පැන්නා. ඇස් රතු පාට වුනා. මහා වියරු හිනාවක් දැම්මා.... කවදාවත් සක්‍ර දෙවියන්ට එහෙම වෙලා නෑ. ඒ හිංද මාත් ටිකක් බයවුනා. ඒ වියරු සිනාවත් එක්ක දෙවියන් මගේ දිහාට හොඳටම හැරිලා..

*එම්බා නරය, එසේනම් තගේ මහ එකා රට වෙනුවෙන් කොරපු එක දෙයක් පවසව!... පවසව! ඉතින්...

*මාත් මළ පැන්න විදියක් අඟවලා දෙවියන්ගෙ දිහාවට කෙලින්ම හැරිලා...දකුණු අතේ ඇඟලි හතරක් නමාගෙන මැදගිල්ල විතරක් දික්කරල උස්සලා දෙවියන්ට පෙන්නන ගමන්..

*මගේ තාත්තා කොරපු එක දෙයක් තමා අද ඔබ වහන්සෙගෙ ඉස්සරහ මෙි කථා කරන්නෙ.. කිව්වා විතරයි... සක්‍ර දෙවියොයි, කට ඇරගෙන සංවාදය අහගෙන හිටපු දේව මංඩලෙයි එකපාරටම "හුචස්" ගාල අතුරුදහං වුනා. මහා දුම් වළාවක් විතරයි එතන ඉතුරුවුනේ. 

ඇයි යකෝ.. තාත්තා එදා ඒ දේ නොකලං අද මං නෑනෙ දෙයියනේ.. කියල බය නැතුව මුලු දිවිය ලෝකෙටම ඇහෙන්න  කෑ ගහල කිව්වා. පස්සෙ මාත් හිමින් සැරේ දම් දීපය බලා පසු බැස්සා..


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2022.04.16

Tuesday, April 5, 2022

දිවියලෝකෙ විනාඩියක්

 සිල් පිරෙන මන්දාරම් හවසක දිවි සැරියෙන් මොහොතක් ගත කර දිගු, එහෙත් වැදගත් ගමනක් සඳහා සිත පහදවා ගෙන එරමිනියා ගොතාගෙන ගෙයි මුල්ලෙහි වාඩි ගතිමි. අපුන්දෑ සහ අපුන්දෑගේ පඩි පෙල් පඩිපෙල් දරු පැටව් ටිකත් දක්කගෙන අවුරුදු දහයකින් යටට ඇඳල නෑ වගේ, මාගෙ වම් හක්කේ හයියම දතකුත් ගලෝගෙන තිලකවර්ධන එකට ගියේ "ඉතුරුවුනොත් තෞසෙටත් මොනාහරි ගේන්නම්" කියා කියාගෙන. ඉතුරුවුනොත් විතරක් මට ලැබෙන  ටීෂර්ටයක් හෝ සතියක් ඇන්දම දාරෙ දිගේ "බ්රාස්" ගා පැලෙන, දහක් දෙනා අතගා, තේරිලා තේරිලා ඉතුරුවුන "30% OFF" රාක්කෙන් රුපියල් 300ට 400ට මිලදී ගන්න කසි කබල් ඒ ඇඳුමට කවදත් වහල් වෙච්චි මං, හිත හදා ගත්තේ "මට මොකටෑ ඔය කෝලං" කියල හිතාගෙන.

හැබැයි මං මහා සතුටකින් ගෙදර නැවතුනේ මේ දවස්වල රෙදි කඩවල් ඉස්සරහ දොරටු පාලයන් වගේ තබා ගිගුම් නංවන තැරි දාර බෆල් හතරේ සෙට් වලින් ඇහෙන මෙලෝ හසරක තේරුමක් නැති " මා මිය ගියාම තාප්පෙ පුරා සුදු අතින් පෝස්ටර් අලවන්න" කියා විලාප දෙන ගීත අහනවට වඩා, ගෙදරට වෙලා නමෝ විත්තියෙන් සුපුරුදු දැහැනට සම වැදිලා දෙයියන්ගෙනුත් ආතල් එකක් ගන්න එක හොඳයි කියා හිතුනු නිසා. අනික අහින්සකයෙකු පයෙන් පාගා ගත් යම රැජිනත්, උන්දැගේ පඩිපෙල් ටිකත් රෙදි තෝරන්න ගියාම එතන ඉන්න සේල්ස්මන්ලගෙනුත් කුනුහරුප අහගෙන තමා දොට්ට බහින්නෙ. ඊට මීට වඩා ගෙදරට වෙලා මෙහෙම දෙයක් කරගන්න එක හොඳයි.


මාත් සුපුරුදු විදිහටම පිරිසිදු වෙලා, බුදුන්ට මල් පහන් පූජා කරලා මුලින්ම විශ්වයෙන් ඇහෙන "ඔිම්" ශබ්දයට සවන් දීගෙන ඒ ශබ්දයටම අනුගත වෙන්න පටන් ගත්තා. ටිකක් විතර දුරකට සිත දැහැන් ගතවීගෙන ආවා විතරයි එක පාරටම උඩහ ගෙදර මයිකලයගෙ ලැහැටු කනාටු ගෙරි බලු තඩියා බෙරිහන් දෙන්න පටන් ගත්තා. මං ඉඳගත්තටත් වඩා වෙිගෙන් හිටගෙන මිදුලට පැනලා මයිකලයට උණ ගැනෙන්ඩ බලු තඩියට ගඩොල් බාගෙකින් දමලා ඇරියේ තිරිසන් අපායෙ උප නූපන් සියලු සත්වයන්ගේම පලු අරිමින්. ඒකා කොහොමත් මෙි වගේ වැදගත් වැඩක් පටන්ගන්න කොට ඔහොම්මමයි. ඒකයි හැමදාමත් මගේ ගේ ඉස්සරහ මං විසින්ම ගඩොල් බාග ටිකක් රැස් කරගෙන ඉන්නෙ. ඒකාට ගල උරුක් කරන්නත් කලින් මාව දැක්ක සැනින් කූං කූං ගාගෙන දුවන්නෙ ඊට කලින් කාපු පාරවල් ඔටෝ මතක්වීම නිසා හා දවසක් අපුන්දෑ විසින් හවස තුනට තේ බොන්න හදන ලද කලුගල් අග්ගලා රාසියකින් කල සංග්‍රහය මතක් වීමෙන්.   ඒකා ගියා. මං නැවතත් ගෙයි මුල්ලට වෙලා වැඩෙි පටන් ගත්තා


හිත දැහැන් ගතවුනා. මට දැනුනේ මාව පුලුන් රොදක් මෙන් අවකාශයේ පාවී පාවී යන්නාක් මෙන් පුදුමාකාර සැහැල්ලුවක්.මා ඒ ධ්‍යානය ස්ථීර කරගෙන  එසැනින් මාලිමාව අතට ගත්තෙ දිව්‍ය ලෝකය තියෙන දිහාට බෙයාරින් එකක් ගන්න.  ඒකටත් අංශක 69° ක කෝණයක් ලැබුණු විට, මහා පුදුමයෙන් මාලිමාව දෙසත් දිවිය ලෝකයත් දෙස මාරුවෙන් මාරුවට බැලුවෙි , මාලිමාව දෑතින් බදා පොලවෙි ගසම් දෝ නොගසම්දෝ හෝයි යන සිතිවිලි සමුදාය මැද්දෙන්. පසුව "යන කැකිරි වත්තකින් පලයං" කියල හිතාගෙන මාළිමාව අල්ල මැද තියා ගමනට සැරසුනෙමි. ඒ කෝපය නිසා ධ්‍යානය බිඳුනොත් බිමට වැටෙයි කියන බය නිසා. ඊලඟට සිතට නැගුනු එම ක්ෂණික සිතිවිලි සමුදාය මෛත්‍රීයෙන් යටපත් කරගෙන නුහුරු ඇහැ වසා හුරු ඇහැ අඩක් පියවා මාලිමාවෙි පියනත අගිස්සේ පිහිටි "වී" කැපුමත් සිළුමිණි සෑයේ කොත් කැරැල්ල දෙසත් ලම්බාකාරව සරළ රේඛාවක් පිහිටන්නාසේ බලා, අරගත් කුරුමානම අනුව එය තවත් නිවැරදි කරගනු වස් මදක් හිස අහට්ටත් මෙහට්ටත් කර බැලුවෙමි. එවිට මා දුටුවෙි මාගේ ඉදිරියෙන්  පියාඹා යන දාර කොකෙකි. සෑයත් කොකත් යන දෙකම පටලැවුනු මා කොකා ඈතට ඈතට පියාඹා යනතෙක් බලා සිට නැවතත් මාළිමාවෙි උතුරු කටුව සමපාත කර ගතිමි. අහෝ..!!! දාර දුකකි. එවිට මා දුටුවෙි කොන්ඩෙ වවපු, කරාබු දාපු, කොන්ඩෙ වවල පාට ගාපු සහ හැට්ටකටු ගසා ඉසකෙයියා උඩට පීරා රැලි රැලි යකඩ බෑන්ඩ් දමා, හෙන වැදිච්චි පොල් කරටි සොයා පියාඹා යන  කොට්ටෝරුවන් රෑනක් මෙන් දිස්වෙන දහ අටෙි විස්සේ විසි දෙකේ පමණ කොලු රෑන් රෑන් අහට්ටත් මෙහට්ටත් පාවී පාවී යන අයුරුයි. මෙි දසුන මට සුපුරුදු එකක් වූවත්, වෙනදාට වඩා පිරිසක් එතැන දුටු හෙයින් හෙමින් සැරේ එකෙකුට කිට්ටුවී ගම් පලාත ඇසීමි. ඒකා තනමල්විලය. උගේ නඩෙි විස්සකි. තව එකෙකුගෙන් ඇසීමි. ඒකා මැදවව්චියේය.උගේ නඩෙි හතලිහකි. ඒ පිළිතුරුවලින් අන්දුන්කුන්දුන් වූ මා වට පිට බලා මොහොතක් යට බැලිමි. නොයෙක් පළාත්වලින් තවත් කොලු නඩ කිහිපයක් හඳ ඇල්ලීමට යාමට මග එනු දුටු මා, එතැනින් ඉක්මනින් මාරුවුනෙමි. එහෙත් පොළවෙ සිටින බහුතර තරුණ ප්‍රජාවක් මෙකල හොයන්නේ එක ගහනකොට දෙක වදින මෙට්ටය. උන්ට ඔිනෑ ඒකය. ඊට වඩා මුං දාහෙන් සම්පතකි. අහෝ.!! ඔය දෙගොල්ල පමණක් ඉන්න රටක ඉරණම ඉදිරියේදී කෙසේ විසඳෙයිද?.. හැබැයි මෙට්ට හොයන උන්ට වඩා අරුන්දැලා දාහෙන් සම්පතකි. "අහෝ!  මෙි තරුණ ජීවිත නේද?" යැයි මටම කියාගත් මා ඊලඟට

හිත ශක්තිමත්ව  දැහැන් ගත කරගෙන ඉදිරිය බැලීමි. මෙතැන සිට තව්තිසාවට කිලෝමීටර් සීයකි. ඉතා වේගයෙන් මා ඒ සියලු දුර තරනය කළෙමි. තවිතිසාවට ආමි. අහෝ දුකකි. සක්කර දෙයියන්ගේ පඬුපුල වටා මහලු වී වැහැරී ගිය දිවිය ලෝකෙන් චුත වෙන්න ඔන්න මෙන්න ආසන්න නාකි දෙවි ඩෑල් ටිකක් පඬුපුලේ ගිනි රස්නෙන් සීතල මගාරින අයුරු දුටිමි. හීන් සැරේ ඔවුන් ලඟට කිට්ටුවී, එහෙත් ශබ්ද නොනගා එක් දෙව්යෙක්ගෙන් "කෝ සක්කර දෙයියො, බෑරක්වත් වැඩලාදැ"යි ඇසීමි. මා දුටු සැනින් හිස් ලූලූ අත දුවන්නට සැරසුණු ඒ දේව ඝණයා බොහොමත්ම අමාරුවෙන් නවතාගෙන මා කව්දැයි පවසා දේව මංඩලය කූල් ඩවුන් කර ගතිමි. ඉන් එක් දෙවි කෙනෙක්ගෙන් "සුදු ඇඳ සිටි මා දුටු පමණින් බියවූයේ මන්දැ?"යි ඇසූවිට එතැන සිටි ටිකක් කටකාර දෙවියෙක් "අප තොපගේ සුදු ඇඳුමටත් බයයි" කීය.මාද පෙරළා  "ඒ මන්දැ?"යි විමසූවිට "ඇයි තෞසෙ ලංකාවෙන් නේද ආවා  කිව්වෙ?, ඒ බොරුදැ?"යි ප්‍රශ්ණයකින්ම  පිළිතුරු දීය. හම්මට දැන්නෙ මතක්කුනෙ...." අනේ දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ" කියා හිත දැඩි කරගත් මා "අනික මොකටද මං දෙයියන්ටවත් සෙකන්ඩ් වෙන්නෙ" යි සිතා , "නෑ නෑ මට සාටකයක් නෑ දෙවියනේ" කියා කරත් අතගා, විශ්වාස නොකළ තැන ඉනත් පෙන්වා, ඉනුත් සෑහීමකට පත් නොවුණු කල  සරමත් කඩා දෑතින් ඉහළට ඔසවා පෙන්වූවෙමි. මාගේ ක්‍රියාව දෑහින්  දුටු  දෙකටම නැති දෙවි කෙනෙක් තමන්ගේ කම්මුලටත් අත තියාගෙන කැඩිච්ච සරමටත් අස්සෙන්  අහස දෙස බලා "වැල මැරුනට,  අලනම් බැහැලා නේහ්???"කියා විමසීය. 

*හමුදාවෙ හෝල්ට් ගහලනෙ මා පිළිවදන් දුනිමි. ඒ වටෙි සිටි තවත් දෙව් කෙනෙක් විසින් "මක්කටද දිවිය ලෝකෙටත් බැරියර් එකක් ඇන්න ආවෙ?" යි විමසූ කල, මා,  "ඒ බැරියර් එකක් නෙමෙයි දෙවියනේ.."යි පිළිවදන් දුන්නෙමි . ඉන් පසු ගෙවී ගියේ අප අල්ලාප සල්ලාපයේ යෙදෙන කාලයකි.


ඉන් ටික වෙිලාවකට පසු සක්‍ර දිව්‍ය රාජයාටත් ප්‍රථමව ඉහිං කනින් දාඩිය පෙරාගෙන වැඩියේ  "මාතලී" දිව්‍ය පුත්‍රයාය. මා ඒ බව දුර තියාම දැනගත්තේ පරන එල්එච් තර්ටියක මඩ් ගාඩ් එකක් රෝදයේ ගෑවෙන්නා ⁣සේ මාතලී දිව්‍ය පුත්‍රයාගේ අශ්ව රථයෙන් නොකඩවා ඇසුන "කචා බදම්, කචා බදම්,කචා බදම්" යන ශබ්දස් ස්වරූපයෙනි. හවස හයට පමණ පැමිණ රථයෙන් බැසගත් දිව්‍ය පුත්‍රයා දේව සභාව ඔන්න මෙන්න තියා දකුණතේ දබරැඟිල්ලෙන් නලලත පිරී තිබුන දහඩිය කන්දරාව "ක්‍රෑහ්ක්: තුහ්ක්: යන ශබ්දයෙන් හූරා, ඊළඟට වම් නාහෙට ඇඟිල්ල තියා දකුණු නාහේ පිරී තිබූ හොටු රෑනම "හම්ප්රූස්ස්" ශබ්දයෙන් හූරා අත ගසා, අත කරත්තේ බරාඳයේ වැදුන විට නැවත වරක් අත දෙස බලා ගසාදසා කටෙි ඔබා ගත්තේ කරත්තයේ වැදීමෙන් වෙිදනාවට පත්වූ අත නිවා ගන්නට විය යුතුය.  ඉන් පසු ඔහු සභාව දෙසට වැඩියේ කකුලකුත් නොන්ඩි ගසමිනි.  ඔහු හොටු හූරද්දිම මා දුටුවෙි ලනු අඹරා ඔංචිලි පැදිය හැකි තරමට නාසයේ මයිල් දිගු වී ඇති අයුරුයි.පව්, දිව්‍ය පුත්‍රයෙක් වෙලත්,   නාහෙ මයිල් ටිකවත් කපා ගන්ඩ තරමෙි වෙිලාවක් නැති හැටි. අනෙක අතරින් පතර මයිල් ගස් දෙක තුනක් ඉදී සුදු පාටට හැරී තිබුනු අයුරු. ඇත්තටම පව්!!.  ඉන් පසුවයි ඔහු වටපිට බැලීයේ.තම වාහනේ පැච් එකක් දාගන්න සිල්ලර කඩෙිකට ආ සිරිපාලයෙක් "වැරදි තැනකට ඇවිත් වාගෙ"යි සිතා වට පිට බලන්නාසේ මා දෙස වපරැහින් බැලූ උන්නාන්සේ "මයෙ අප්පේ.. තා අදත් ආවදැ" යි ඇසීය. මා නිහඬ පිළිවෙතින් උන්නාන්සේ දෙස බලා සිටියෙමි. මට වුවමනාව තිබුනේ සක්‍ර දිව්‍ය රාජයා බැහැ දැකීමටයි.එහෙත් ⁣දිව්‍ය පුත්‍රයා බැලන්ස් නොකර ගත්තේනම් අවශ්‍යතාවය මග හැරේ. එම නිසාම මා "නුඹ වහන්සේ කොහේ වැඩ්ඩාදැයි" විමසීමි. එම්බා..!! මෙි අසව.!! මට දැන් මෙි ජීවිතය ඇට්ටකුනාවූ කොස් හැලියක් වගේයි... පාන්දර තුනට පැට්ටල් පෝලිමට ගියේ..වෙිල් දෙකක් ඇබ්සන් වුනා. අප මහා ශක්‍ර දිව්‍ය රාජයාණන් වහන්සේ තාම ඩීසල් කෑන් පෝලිමෙි..යි පිළිවදන් දුන් විට මට කට කොනකට සිනහ නැඟිණි. එය දුටු මාතලී.." අඩා.. තා කින්ඩියට වගේ සිනහසෙන්නේ ඇයි??" මාගෙන් විමසීය.

*"ඔබ වහන්සේ ඔය දවසක් පෝලිමෙි ඉඳලා"  

*එහෙනං??

* ඔබ වහනසේගේ නේත්‍රා යුගල මදක් අර කම්මුතු ඇටෙිට හරවන සේක්වා!! යි මා ඉල්ලීමක් කළෙමි. 

මා දෙස නෝන්ඩියට බැලූ උන් වහන්සේ තම පින්වත් නේත්‍රා යුගල කරකවා යට බලා...

*කෝ තොපගේ රට?? පේන්නෑනෙ.. අඟුරු කෑල්ලක් වගේ කලුම කලු පාටයිනේ.

*එහෙනං දැං එහෙ ලයිට් කපලා ඇති..

*එසේනම් තැනින් තැන කලාමැදිරි පුකක් වගේ ටික ටික එලි පේන්නේ??.

*අහ්.. ඒ අපේ ඇමති අගමැති ගොල්ලගේ ඒරියා..නෙ...දෙවියනි..පලාත් සබා උන්නැහේලගෙ ඒරියාත් එහෙම තමා..

*අඩා.. තෙපි මක්කටැයි මෙච්චර පෝලිම්වල??

*තෙල් නෑ ගෑස් නෑ, බඩු නෑ...අත්තියවස්‍ය මුකුහ් නෑ...

*තොපි මහා පව් බං.. 

*එහෙමයි... "බෙිත්" ගන්න ගිහිං උන්ගේ "ගෑස්" බලල ගෙදර ඇවිත් හතර හංදිවල "තෙල්" ගාගෙන තියෙන දෙයක් කාල බුදිය ගන්නවා දේව පුත්‍රයානනි. මෙි බලන්න, මෙි බලන්න..පෝලිම්වල ඉඳලාම මගේ හංදි සියල්ලම බුරුල් වී ඇති ආකාරය...

මාගේ පිළිතුරෙන් පපුවට මහා හුස්මක් ගෙන හිමින් නාහෙන් සුසුමක් පිටකරමින් බැලූ දිව්‍ය පුත්‍රයා..

*හරි හරි නුඹ අද මක්කටද ආවෙ..

*සක්කර දෙයියන්ට මෙි අවනඩුව කියන්න දෙවියනේ..

*වැඩක් නෑ..

*ඇයි??

*වැඩක් නෑ..

*ඉතිං වැඩක් නැත්තෙ ඇයි??

*සක්‍ර දෙවියො, තොපේ රට අතෑරල දාල තියෙන්නෙ..

*හේතුව??

*හේතුවද??

*අහගනිං.. තොපේ මිනිස්සු දියසේනයෙක් ගෙනත් හිතාමතා කොරගත්තු හරියට අපි පළිද? 

*අපි කාල බැලුවෙ නෑනෙ..යි මා නෑහෙන පරිදි කොඳුරා මටම කියා ගතිමි. ඒත් එය යන්තම් ඇසුණු දිව්‍ය පුත්‍රයා..

*කාල බලන්ඩ දෙයක් නෑ. තොපි මහා මෝඩ යක්කු ටිකක්. තොපි දන්නැද්ද කොච්චර තැම්බුවත් බිත්තරේ බිත්තරේමයි කියලා?? 

*අන්න අන්න දෙවියොත් ඉතිං මගේ මළ පන්නන්ඩ හදනවානෙ. අපි කොරපු මගුලක් නෑ. බහුතරේ තමා කොලේ..

කතාව තවත් දිග්ගැස්සෙන්න ඔන්න මෙන්න කියා අප සිටි දෙසට වැඩියේ බඹර චක්‍රයක් වගේ ඔළුව වටෙිටම ඔලු දහයක් තියෙන හිරු රැස් මෙන් ශරීරය බබලවන මහා තේජවන්ත දෙවි රාජයෙකි. ඔහු දුටු පමණින් මාතලී දිව්‍ය පුත්‍රයා දණ නමා ඔහුට නමස්කාර කළේය. මාද හරි නැති නිසා ඔහු අනුගමනය කර, ඔලු දහයෙන් හරි ඔළුව තෝරාගන්න කිහිප වරක් එම දෙවියන් දෙස බැලුවෙමි.

*කිමද, නරය, තා හොරුහින් මදෙස බලන්නේ..?? රාවණ මහා දිව්‍ය රාජයා විමසීය..

*පස්වාන් දහසකට බුහ්දු...

*හෝව් හෝව්..

*ඇයි දෙවියනි??

*තොපිලගේ ආසිරිවාද මට එපා...

*හේතුව??

*යකෝ.. තොපි මාව ගල් ගුහා අස්සෙයි,ගස් බෙන අස්සෙයි, කඳු අස්සෙයි හොය හොය කෙලින පිස්සුව හොඳටෝම ඇති.

*අනේ...එහෙම..න්න්...

*මෙි මේ...කිසිවක් නොදොඩව...

මාගේ ජාන වලින් පැමිණි තොපි විජය කියලා පට්ටපල් හොරෙක් අල්ලගෙන මගේ නම්බුවත් කාලා, දැන් රටෙි නම්බුවත් කාලා...තොපි මට කරන අවනම්බුවක තරම...මා නැවත තොපගේ ද්වීපයෙහි කහට එකක්වත් බොන්න ආයෙ වඩින්නෑ.මතක තියා ගනුව...

*අනේ...අපිනං දෙයියො ඉන්නව කියල මහපාරෙ බුද්යන්නෑ දෙවියනි..

*හැඥේ ඥෙමෙි... තොපි එහෙ තුන් වෙිලටම කන්නේ බත් වෙනුවට රට ජාතිය ආගම නේද??

ඒකටනම් මට "හීක්" ගෑවුනි.

*අනේ...

*තොපිට වඩා අර ඉංදියන්කාරයො හොඳයි ඔියි...අඩුම අවුරුද්දකට සැරයක් මගේ පිළිරුවකට ගිනි හරි තියනවා.. තොපිට මාව මතක් වෙන්නේ කෙලවිලා අකුලෝලම ගියාට පස්සේ...නෙ

මා කිසිවක් නොකීමි...මදකින් දේව මණ්ඩලයට ක්ලෝමෝ බෝම්බයක් ගැහුවා වාගේ දේව ඝණයා හිස් ලූලූ අත දුවන්නට පටන් ගත්හ. එයින් වික්ශිප්තව වට පිට බැලූ මට පෙනුණේ සිරි ලැංකන් ද්වීපයෙහි සිදුවූ මහා කාරුණික එහෙත් මටනං සාමාන්‍ය සිදුවීමකි...


*මොකක්... චොකා මල්ලිත් නිදහස්...??හම්මට දැං හරි. එච්චරයි අඩුවකට තිබුනේ. ඇත්තටම මං ⁣ගොඩක් බයේ හිටියේ එයා එලියට එන එකක්  නැතිවෙයි කියලා..

දේව සබාවෙි ඉදිරිපස තිබූ එල්ඊඩී පුලුල් තිරයෙහි යටින් පේළියට "චොකා මල්ලි නිදොස් කොට නිදහස් කෙරේ" කියා අකුරු පේලියක් යනු දුටු රාවණයානෝ තම අතට ඇදගත් කඩුව මිටෙි සිට අගටම කාගෙන කාගෙන කාගෙන ගියහ.අනෙක් දේව ඝනයා චොකාගෙන් බෙිරීමට හතර අතේ දිව ගියේය. ඒත් පෝලිම් යුගයට වසන්තයක් වූ එම ප්‍රවෘත්තියෙන් මා පමණක් අමන්දානන්දයට පත්වුනෙමි. 


ඒත් එක්කම මට ඇහෙන්න ගත්තේ අපේ පොඩි එකා... මා එරමිනියා ගොතාගෙන සිටින අයුරු දැක..අම්මෙි ටාට්ටා අදට් පිඹුලෙක් වගේ කකුල් වෙලාගෙන ඉඳගෙනම දොයි" යන වදන් පේලියයි. මා වහාම මහ පොලවට ආමි. 



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2022.04.05

Tuesday, March 22, 2022

පෝලිම

 දින දෙකක් පෙට්‍රල් පෝලිමෙි සිට ඒ සුවඳටත් දුවන ප්ලැටිනා යතුරු පැදියට ලීටර දෙකක් ගසාගෙන... එතැනින් ගෑස් පෝලිමට ගොස් බලා සිටියෙමි  දෑසට කබ ටොන් එකක් ගලා එන  තුරු " ඔබ පමා ඇයි පියේ" සිතමින්.. එහෙත් ගෑස් නො එන බැව් දැන ගතිමි පසුවදා...එතැනින් බූමිතෙල් පෝලිමෙි සිට  දුක කියා දා ගතිමි රුපියල් සියයක  භූමිතෙල්...එතැනින් සතොසටත්, පසුව සතිපොලටත්... අහෝ විපතකි අප වන් වූ යක්ඛ පුතුන්ටත් සිදුවූ.... පෝලිම් වල සිට මා සතියකට පසු ගෙදර ගියෙමි... බිරිඳගේ වටොරත්...ඇගේ දෙතනත්, රාගයෙන් මත්වූ දෑසත් සිහි කරමින්... එහෙත් නන්නාඳුනන පිරිමින් වදයකට මී තියන්නාසේ පොරකනු දුටුවෙමි මගේම ගේ දොරකඩ. බියෙන් තැතිගත් මා නාද කළෙමි සීනුව...  එසැනින් ඇය ත් මාත් නිදන, මෙතෙක් සිහින දුටු සයනය දෙසින් ඇසුණි.... ඔබ  අට වැනියා යැයි...මා දුටුවෙමි මට කලින් එකා කාසි සල්ලි ගණන් කරනායුරු..... මොහොතකින් ඇසුණි සවනට මෙසේ..."යාන්තම් පන්සීය හරි"


සිහිනෙන් පිබිද බැලූයෙමි පෝලිම් යුගයෙහි ඇති අපූර්වත්වය....


කඩදාසිත් නොමැතිනම් වාචකව ලබාදෙනු

"දික්කසාදය"


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2022.03.21

Thursday, March 17, 2022

සඟ සැලියුට්

 ඉස්සර අපේ රටෙි යුද්දෙ කාලෙ බස් හෝල්ට්වල ලගින පිස්සෙක් වගේ මම , අඩිය අඟලට තැලිච්ච ට්‍රංක පෙට්ටියත් උස්සගෙන මාස දෙකෙන් තුනෙන් අහට්ටත් මෙහට්ටත් කාල් ගගා දුවපු ජීවිතේ ඒ කාලෙ හැටියට තිත්ත වෙලා තිබුනෙ. හැබැයි ඒ ගියපු එක තැනක්වත් මට වැරදුනෙත් නෑ. වැරදුනානම් වුනේ ආයෙ එතනින් තව තැනකට යන්න වෙච්චි එක විතරයි. ඉස් ඉස්සෙල්ලාම වව්නියාව ඉදිරි ආරක්ෂක වළල්ල, එතනින් වට්ටප්පලේ, මාන්කුලම් පාර්ක් කරලා එහෙත් පට්ට කරක් ගහලා එතනිනුත් විසිවෙලා ඒකකයටත් ආවට පස්සෙ වුනේ ආයෙ තැන් තැන් වල යන්න සිද්දවෙච්චි එකම තමා. සිරාවටම ඒ දවස්වල මාව පෙන්නන්න බැරි මගේ ඒකකයේ ගොඩක් අය හිටියා. එහෙමයි කියල මං එවුන්දැලව ගනන් ගත්තෙත් නෑ. අංචියක් ඇද්දනං එයාද මෙයාද කියල බැලුවෙත් නෑ, සාධාරණව සෙපෝරුවෙන්න  කාටත් ඇද්දා. 


මෙි අතරෙ තමානෙ මම ඔට්ටමාවඩි පාලමට එවල තිබුනෙ. ඒ ඉන්න අතරෙ තමානෙ කාර් එකක් වගේ ජීප් එකකට  ටුවක්කුව උරුක්කරල ඉහල උසාවියට යන්න ගියෙ. ආයෙ බස් කොන්දෙකුගෙ උගේම බස් එක ඇතුලෙ කන්ගැට්ට තලල ඉහළම උසාවියට ගියෙ. ඒව ඉතින් ඔයාලට මතකත් ඇති. මං ඒව කලින් කියල තියෙනව. ඒත් කාර්ජිප් කතාව කතාව කියල නෑ.ඒක කියලම කතාව පටන් ගන්නංකො. 

එදා මං ඔිට්ටමාවඩි පාලම් මාර්ග බාධකයේ හිටියෙ " STOP"  බෝඩ් එකේ. ඒ කියන්නෙ ඔයාල දැකල ඇති මාර්ග බාධකයක දෙපැත්තෙ සෙබළු දෙදෙනෙක් ඉන්නවා "ස්ටොප්" කියල රතු අකුරෙන් ලියපු බෝඩ් එකක් අතේ තියාගෙන. එයාගෙ වගකීම තමා මාර්ග බාධකය පසු කර යෑමට එන ඔිනෑම වාහනයක් පරීක්ෂාවට ලක්කළ යුතුයි කියා හැඟුනොත් එය නවත්වා පරීක්ෂා කරන කණ්ඩය ඉන්න තැනට යොමු කිරීම. ඉතින් එදා වෙලාව ඇති 2.30ට විතර. මාත් ඒ වෙලාව වෙද්දි බත් සිහියෙ උපරිමෙි හිටියෙ. මාව කෑමට යවන්න නම් කෑම කාලා කව්රු හරි ඇවිත් මාව රිලීව් කරන්න ඔින. ඒත් එදා කෑම එද්දි දෙකයි. මහ ටැට්ටර් ඇංජිමකට ආමර්ඩ් ප්ලේට් ගහල හදපු ස්ටැලියන් රාජයා "හොට හොට හොට" ගගා එද්දිත් වෙලාව යනවා. ඔික දකිද්දිත් ඇඟේ ලේ කකියනවා. උදේ ඉඳන් මොහොතක් ඉඳගන්නවත් ඉස්පාසුවක් නැතුව සන්නද්ධ ඇඳුමෙන් පැය ගානක් කකුල් දෙකට ලේ බහිනකං හිටගෙන ඉන්නවා කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමෙි. ඒදවස්වල තිබුනු භඨ ඌනතාවයත් එක්ක දෙන්නෙක්ගෙ රාජකාරි එක් අයෙක් තමා කලේ. ඒ කිව්වෙ මෙි වගේ තැන්වල. ඔහොම ඉන්න අතරේ තමා කලුපාට සුප්පා කාර් එකක් වගේ ජීප් එකක් ඉස්සරහට ආවෙ. මාත් සුපුරුදු විදියට ඒ කාර්ජිප් එකටත් ස්ටොප් බෝඩ් එක ඇල්ලුවා.  මං ස්ටොප් බෝඩ් එක උස්සද්දිත් ඒකෙන්  දෙපාරක් විතර හෙඩ් ලයිට් ගහගෙන ඇරගෙන යන්න ආව. මාත් ඇරියෙ නෑ. දැම්ම ස්ටොප් බෝඩ් එක  බිමට, ගත්ත අවිය අතට, අරන් කාර් එකට වෙඩි තියන්න වගේ ඉරියව්වට ආවා. දූවිලි අවුස්සාගෙන රෝඩ් බ්ලොක් එකත් කෙලින් කරගෙන කඩා බිඳගෙන යන්න වගේ ආව කාර් එක මටත් මීටර් 20ක් විතර දුර තියල  දූවිලි වලාවක් නංවමින් "කාස්ස්" ගාල නැවැත්තුවා. ඒකත් හරියට මට නෝන්ඩියට වගේ ඉස්සරහටයි පස්සටයි කීප වරක් "කිහිච් කිහිච්" ගාල පැද්දිලා පැද්දිලා පැද්දිලා තමයි නැවත්තුනේ. මටත් හරී සතුටුයි. කොහොමත් මං රාජකාරි ඉන්නකොට අපේ සර්රුත් මා ගැන ටිකක් විතර අවධානයෙන් ඉන්නෙ. කාර් එක නවත්තනවත් එක්කම මං දැක්කා සර් හිටි ගැස්සෙනවා.සර් හිටිගැස්සෙනවා දැකපු මං අමුතුවෙන් තිගැස්සුනා. එතකොට තමා විශ්ණු දෙයියො වගේ පාට වෙච්චි පොරක් ඩැයිවිං සීට් එකෙන් බැහැල ඉස්සරහට එන්න ආවෙ. එතකොටම අපේ සර් මහා දූවිලි වළාවක් අවුස්සමින් සහ නැඟුණු දුහුවිලි වළාවන් සුළියක් ආකාරයෙන් හිස් අහස දෙසට පා කර හරිමින් "සොනික්" වගේ  "මෑක් මෑක්" හඬ තලමින්  විදුලි වෙිගෙන් අපි ළඟට ආවෙ. ඊ ලඟට තරු පැලැන්ඳූ අයෙක් හාත්පස දූවිලි වලාවන් නංවමින්  එනු දුටු සැප කාර් එකේ හිටපු හයේ හතරෙ දාර සුද්දෙක් දොර ඇරගෙන කාරයෙන් බැස්සා. හැබැයි ඒ වෙද්දි මට තේරුම් ගිහින් තිබුනෙ වැඩෙි වැරදීගෙන යන වග. අපි ලඟට ආපු සුද්දයි සර්රුයි අතර දෙල්කොල ගොඩෙි කබරයි දුවන්නැහෙ ඇති වෙච්චි ඉංගිරිස් භාෂාවෙන් කියවුනේ ඒ කැනඩාවෙි තානාපති කියල.  එතුමා කිව්වා මං ඒක නොදැක කාර්එක නවත්තන්න ඇති, ඒකට කමක් නෑ, එයාලව ටිකක් දැනුම්වත් කරල තියන්න , එතකොට ප්‍රශ්ණ ඇති වෙන්නෑ කියල. ටෙන් වීල් එකක් රිවර්ස් කරන අලුත ලයිසන් ගත්තු ඩැයිවරයෙක්  සයික් කන්කාඩියෙන් පසු පස බලන්නේ යම් සේද , එලෙසම අපේ සර් මා දෙස බලමින් දකුනු හක්කෙන් මට විතරක් පේන්න දත්මිටි කමින් හිටියෙ. මට ඔය දෙගොල්ල කතා වෙච්චි දෑ  හොඳට තේරුණේ කුඹුරුමුල්ල කැලෑ ඉස්කෝලෙන් ඉගෙනගෙන තිබුනු ඉංගිරිස් වලට පිං සිද්ද වෙන්න. මටත් මැද්දට පැනල සොරි කියන්න හිතුනත් ඒක එච්චර සදාචාර සම්පන්න නැති නිසාත්, ඊළඟට මා නවතින තැන කල්පනා කරන්න තිබුනු නිසාත් කට පියාගෙන හිටියා. ඒ තානාපති තුමාගෙ මනුස්ස කම ගැන මට හිතුනෙ "කරුණාකර ඔයාගෙ සෙබළට දඬුවම් කරන්න එපා" කියල ඉල්ලීමක් කලාට පස්සෙ. මට පව් කියලත් හිතුනා කාර් එකේ "DPL" කියල තඩි පොල් අකුරෙන් ලියල තියෙනවත් දැක දැක ස්ටොප් බෝඩ් එක අල්ලපු එක ගැන. කතාව සමනය වෙලා එතුමලා ගියාට පස්සෙ තමා රෝඩ් බ්ලොක් එක ගිනි ගත්තෙ. දැන් සර් මට බනිනවා, මං බිම බලනවා,වටපිට බලනවා, අහක බලාගෙන යන්න ආපු හිනාව නවතතගන්න ට්‍රයි කරනවා. කොහොමින් හරි අන්තිමෙිට වුනේ "ආයෙ මෙිකව කවදාවත් ස්ටොප් සෙන්ට්‍රි දාන්න එපා" කියල සර් විධානය කරපු එක. හැබැයි එදා ඉඳන් ආයෙ කවදාවත් මාව ඔය රාජකාරියට නම් දැම්මෙත් නෑ. කොහට්ටවත් යැව්වෙත් නෑ. ඊට දවස් කීපයකට පස්සෙ තමා අද කියන්න යන කතාව සිද්දවුනේ. 


ඒත් එමමයි. ඒ රෝඩ් බ්ලොක් එකමයි.වෙලාව ඇති දොලහට විතර. මං හිටියෙ වාහන පරීක්ෂා කරන කණ්ඩයේ. ඒ වෙලාවට එතනට වැලිකන්ද පැත්තෙන් මඩකලපුව බලා යන බස් එකක් නැවැත්තුවා. ඒකෙ පිටිපස්සෙ හිටපු කට්ටියක් සිංහල සිංදු කිය කිය අත්පුඩි ගග ගගහ හිටියෙ. මං ඉස්සරහ දොරෙන් නැගල බස් එකේ  හිටගෙන හිටපු අය පරීක්ෂාවට ලක් කිරීම සඳහා වාහනයෙන් බහින්න කිව්වම දෙමළ මුස්ලිම් සේරම බැහැල ගියා. ඒත් සිංදු කියපු එකෙක්වත් බැස්සෙ නෑ. මේක ටිකක් විතර සාමාන්‍යයි. ඒ නැගෙනහිර විෂ්වවිද්‍යාලයට යන සිංහල කාණ්ඩයක්. උන්දැලටත් බැහැල ඉස්සරහ⁣ට යන්න කිව්වට බැස්සෙ නෑ. දෙපාරක් හොඳින් කිව්වා. එතකොට එකෙක් මට ටෝක් කරගෙන ආවා. අපි සිංහලලු, කැම්පස්ලු යන්නෙ,ඇයි  ඔයා දන්නැද්ද? කිය කිය. කියන්නම ඔින,  ඒ වගේ සීන් වලට ආරච්චිට ටක් ගාල මලපනිනවා . කියන ඔක්කෝම ටික අහං හිටපු මං ඇහුවා "තමුන්ලා තුන පාස්වෙලාද කැම්පස් සිලෙක්ට් වුනේ" කියලා. කට්ටිය ඒකට ටිකක් තුශ්නිම්භූතවුනා වගෙ වුනා. ආයෙ එකියක් කට අරින්න හදද්දි මං ඉංගිරිස් වලින්ම "ආං බස් එකේ ආපු කැම්පස් ස්ටුඩන්ට්ලා නීතියට අවනත වෙලා බස් එකෙන් බැස්සා.ඔය බාලාංසෙ ඈයොත් කරුණාකරල බැහැල යන්න පෝලිමට" කිව්වා. දෙතුන් දෙනෙක් බහින්න දොර ලඟට එද්දි, තවත් එකෙක් "එහෙම කිය..." කියල පටන් ගන්න හදනකොටම මං ආයෙත් සිංහලෙන් "මෙි මගෙන් කුණුහබ්බ නාහා පලයව් එක එකා බස් එකෙන් බැහැලා, මහලොකුවට ⁣ඉගෙන ගත්ත කිව්වට නීතියටවත් අවනත වෙන්න බැරි එවුං" කිව්වම උනුත් දුං දාගෙන බැහැල පෝලිමට ගියා. ඒ වෙද්දි තව වාහන හතරක් පිටු පස්සෙ නවත්තල තිබුනෙ. ඒවත් චෙක් කරන්න ඔින. කාටවත් පුමාදයක් කරන්න බෑ. බස් එකට පස්සෙන් තිබුනෙ හයිඒස් වෑන් එකක්. මං ඒක බස් එකේ ඉද්දිමයි දැක්කෙ.පස්සෙ යකු නැගල හිටිය නියායෙන්ම  බස් එක චෙක් කරල බැහැල ඒ වෑන් එක චෙක් කරන්න එතනට ගියා. ඒකේ ඉස්සරහ ශීට්එකේ හිටියෙ සවාමීන් වහන්සේ කෙනෙක්. ලඟට ආවමයි දැක්කෙ. උන්නාන්සෙව දැක්කම මට මුකුත් හිතාගන්න බැරුව එක පාරටම හාමුදුරුවන්ට සැලියුට් කරා කියහල්ලකො. මහ වස නෝන්ඩියයි එතන වුනේ. ඒ සැලියුට් කරපු එකට අමුතුවෙන්  කලබල වෙච්චි පාර මං ඊළඟට උන්නාන්සෙගෙන් "කොහෙද ඔයා වැඩ්ඩෙ, කොහෙද මෙහෙ වඩින්නෙ" කියලත් ඇහුව කියහල්ලකො. මයෙ අප්පේ මා වෙනුවෙන් උන්නාන්සෙගෙ තොල් අතර තිබ්බ මහා කාරුණික දාර හිනා පොඩ්ඩ තාමත් මැවි මැවි පේනවා. හැබැයි උන්නාන්සෙට මොකක් හරි තේරිලා මට " පුතේ ඔයා කලබල වෙලා ඉන්නෙ, හිමීට කතා කරන්න" කිව්වා. ඒක ඇහුනම මට චුට්ටක් විතර කූල් එකක් දැනුණා. ඊළඟට හාමුදුරුවො වෑන් එකෙන් බැහැලා මාත් එක්ක විනාඩි දෙකක් විතර කතාකලා.මං කූල් ඩවුන් වුණාට පස්සෙ තමා උන්නාන්සෙ ආගිය තැන් කතා කලේ. මඩකලපුව මංගලාරාමෙට යන ගමන්ලු. උපාසක ඇත්තො ටිකකුත් වෑන් එකේ හිටියා. අපි කතා කරන අතරෙ එයින් දෙන්නෙක් බැහැලා වාහනේ පිටිපස්සට ගිහින් තඩි මාරිකැට පෙට්ටියකුයි අතදිග ආනමාලු ඇවරි දෙකකුයි ලීටර එක හමාරේ බීම කුප්පි වගේකුයි බාලා එතන තිබ්බ බංකුව උඩින් තියල මට ඒව ගන්න කිව්වා. මං කිව්වා "එපා මහත්මයා, බොහොම ස්තුතියි" කියල. එතකොට එයාලා "ඔයාලා ගොඩක් මහන්සි පිටනෙ ඉන්නෙ පුතා, මෙි ගිනි අව්වෙ. මෙිව ගන්න, අපි ආසාවෙන්නෙ දෙන්නෙ"කිව්වා. එතකොටත් අපේ සර් අපි ලඟට ඇවිත් බාගෙට නැමිලා හාමුදුරුවන්ට වැඳලා කතා බහ කලා.එයාලා යන්නත් ගියා.

පස්සෙ තමා සීන් කෝන් එක දුරදිග ගියේ. මං හාමුදුරුවන්ට සැලියුට් කරනවා අපේ ආමි කෙල්ල දැකලා. ඔිකි ඔය චුට්ටට ගිහින් වාහන ලියන තැන හිටපු ඔක්කෝමල්ලට ඒක කියල කිහාංකො.. ඒ මදිවට මං අතින් නාහෙං කටින් මදිවට කිහිල්ලෙත් ගහගෙන ලැබිච්චි දේවල් අරන් එනකොට මුං ටික හිස ඇල කරල මහා අමුතු විදියට "කිචි බිචි කිචි බිචි"ගාල හිනා වෙනව කියහල්ලකො. අපේ කෝපලුත් "හුකුටු පුකුටු හුකුටු පුකුටු" ගාල මා දෙස බගාගෙනම නෝන්ඩියට හිනාවෙනවා. ඔක්කොමත් හරි, මට කෝපල් සිල්වා එච්එච්ගෙ ඒ හිනා සද්දෙනෙ කාල ඉන්නම බැරිවුනේ. පස්සෙ ගෙනාපුව "කන එකෙක් කාපියව්" කියල පිටිපස්සෙ තිබ්බ බංකුවක් උඩින් තියල මං ආයෙ රාජකාරියට ගියා. 


ටික වෙලාවක් ගියා... සර් මට අතින් කතාකරලා ලඟට එන්න සංඥා කලා. මාත් ගියා. එතකොට සර් අහපි, අර හාමුදුවො ලෙෆ්ටිනනට් ද කැප්ටන්ද බං" කියලා. හම්මට සර්ටත් වැඩෙි ගිහින්. මං අහක බලාගත්තා.එතකොට  සර් කියනවා " හොඳ වැඩෙි තොට" ලු. ඒක සෙනිකව ලැව්ගින්නක් වගේ අපේ කණ්ඩායමෙිම පැතිරිලා ගියා. මගේ කැරැට්ටුවත් එක්ක ඒක කලවම් වුනාම තමා කට්ටියට හිනාවෙන්න මග පෑදුනේ. පස්සෙ හැමෝටම කාඩ් ගහල ජීවිත එපා කරවපු මටත් කව්දෝ විසින්"සඟ සැලියුට්" කියලා කාඩ් එකක් ගහල තිබුනා. යන්තං ඒ කාඩ් එකෙන් බෙිරුනේ ඊට මාසෙකට විතර පස්සෙ ඒ කණ්ඩායමෙනුත්  "තෝව එපා" කියල  දොට්ට දාලා ආයෙ අරව මෙව්ව උස්සාගෙන "සී" කණ්ඩායමට ගියාට පස්සෙ. ඒත් එහෙං මෙහෙන් ඔික ඒ කට්ටියගෙත් කන්වලට ගිහින් කීප පාරක් කියැවුනත් එච්චර දුරදිග ගියේ නෑ. ඒ එහෙදි බැචෙකුට වෙච්චි සීන් එකකට කාඩ් එකක් ගහල ඒක ප්‍රසිද්දවුනාට පස්සෙ.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2022.03.17

Sunday, February 13, 2022

දුක්විඳ ජීවිතය ජය ගත්තෝ

 දුක් විඳ ජීවිතය ජය ගත්තෝ

=======================


අද මං කියන්න යන්නේ ඉතා වැදගත් කතාවක්. 


අපේ රටෙි ඉන්න සුපිරි ධනවතුන් උපතින්ම සල්ලිකාරයො නෙමෙයි. අපේ රටෙි විතරක් නෙමෙි මුලු ලෝකයේම. 

අපේ ⁣රටෙි සුපිරිම ධනවතුන් වන ධම්මික පෙරේරා,නවලෝක මුදලාලි,දම්රෝ මුදලාලි ආදීන් බිංදුවෙන් තමා තමන්ගෙ ජීවිතය පටන් ගත්තෙ. ධම්මික පෙරේරා මහතා නම් තමාගෙ කතාව කියන්නෙ පේමන්ට් එකේ සපත්තු විකුනපු කෙනෙක් එක්ක ගහපු ඩීල් එකකින් ජීවිතය පටන් ගත්තා කියලා. නවලෝක මුදලාලිත් කඩෙික තේ හැදුවාලු. ඇත්ත වෙන්න ඇති. මොකද ඒවා ජීවමාන සාක්ෂි. අද මං ඔතනට එකතු කරන්න යන්නේ අපේ ගමෙි චරිතයක් ගැන. 


කතා නායකයාගෙ නම විතරක් මන:කල්පිතයි. සිදුවීම සත්‍යයි. 

මෙයා ජීවිතය පටන්ගත්තෙ බිංදු අරික්කාලෙන්. කඩෙි ඒ දවස්වල කහට එකක් සත පනහයි. ප්ලේන්ටියක් රුපියලයි. සමහර කඩවල්වල විතරක් එකයි දහයයි. මෙි සත පනහෙ කහට එකක් උනත් මෙයා බිව්වෙ ඒක කව්රු හරි අරන් දුන්නොත් පමණයි. මොකද ඒ තරමට හිඳිලා. මාත් අරන් දීලා තියෙනවා කිඹුලා බනිස් එකයි කහට එකයි. 

එක දවසක් මං මෙයාගෙන් අහනවා "මචං, උඹ හැමදාටම මෙහෙම ඉන්නද කල්පනාව?. කියල.

මිනිහා කිව්වෙත් "පිස්සුද මචං, මං බිස්නස් එකක් පටන් ගන්න ඉන්නෙ" කියල. බම්බුව තමා. අනේ ඌ කරන බිස්නස්. 


කාලයක් ගතවුනා. එහෙම හිටිය මිනිහා ඉස්සෙල්ලම එක පාරටම සීඩී 90ක් ගත්තා. ආං එතකොටයි අ⁣පිටත් තරු පෙනුනෙ. ඔබ දන්නවාද ඔබට බයික් එකක් තියෙනවනං  මෙි ලෝකෙ බිලියන කීයකින් එක් වාසනාවන්තයෙක්ද කියලා??. මිනිහා ඒ වාසනාවන්තයන් ගොඩට අපිටත් කලින් එකතුවුනා. ආයෙ කාලයක් ගතවුනා.  මිනිහා නිදි මරාගෙන, මදුරුවො තල තලා, හරියට බඩට කෑමක්වත් නැතුව, රැයක් දවාලක් කියල හිතන්නැතුව, ඉතා මහන්සියෙන් දුක් විඳලා ආරම්භ කරපු ව්‍යාපාරය මොන බාධකය ආවත් අත් හරින්නැතුව දිගටම කරගෙන ගියා.  අවුරුද්දක් විතර යද්දි මිනිහගේ බිස්නස් පාර නැගල ගියා. ආයෙ අවුරුද්දක් යනකොට ඉඩමක් ගත්ත, ආයෙ කාලෙකින් ලස්සන ගෙයක් හැදුවා. අද මෙි වෙනකොට මිනිහටම කියලා හාඩ්වෙයාර් එකයි,ටිපර් දෙකයි,කැන්ටර් ටිපර් එකයි, බැකෝ දෙකයි, ලෝඩරයකුයි තට්ටු තුනක හොටෙල් එකකුයි, කොන්ක්‍රීට් වැඩ පොලකුයි තියෙනවා.  ගංගා බීඩි දෙකක් වගේ හීන් කකුල් දෙකක් තියෙන, සීනි මැදිලා වාගෙ කෙට්ටු, මල් ඇවරියක් වගේ කටෙි දත් පිහිටපු බුවා ඉස්සර සත පනහෙ කහට අරන් දුන්නු අපිට අද පොර ගානෙ ඉඳල හිටල හරි ජින් බෝතලයක්, වටිනා අරක්කු බෝතලයක් හම්බ වෙනවා. ඒත් අපි තාම එතැනමයි.හැබැයි මිනිහා අද කොච්චර පොහොසතෙක් වුනත් ඔහු, ඔහුගෙ  පළවෙනි ව්‍යාපාර සංකල්පය අත් හැරල නෑ. අදටත් ඒක කරනවා.හැබැයි කාලෙ තාලයට ගැලපෙන පරිදි මොඩිෆයි විදියට. මෙයා බයිකෙන් ගත්තු තරම් වැඩ අපි තාම කකුල් දෙකෙන්වත් අරන් නෑ. 


මිනිහා හා හා පුරා කියල බිස්නස් එකට අත ගහන්නෙ හඳ පායපු මහ රෑක. ඒක සාර්ථක වුනාට පස්සෙ ඔහු දිගට හරහට නිදි මරලා තමන්ගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තා. තමන්ගේ සිහිනය වුනේ හැමදාටම කාගෙවත් බාධාවක් නැතුව මෙික කරගෙන යන්න. ඒ දවස්වල මෙි කාලෙ වගෙ කකුලෙන් අදින අය හිටියෙ නෑ. ඒකටත් හේතුවක් තිබුනා. මෙයාගෙ නව ව්‍යාපාරයෙන් ගොඩක්ම ප්‍රතිලාභ ගත්තෙ අපේ තාත්තලගෙ කාලෙ අය. මිනිහා ගාව තිබුනෙ මාරම සැලසුම්. 

පොර බයිසිකලෙන් කරන්නෙ ඉස්සෙල්ලාම ගම වටෙි විසිට් එකක් යන එක. ඊට පස්සෙ තමා වැඩෙි ආරම්භ කරන්නෙ. ගමෙි වැඩිහිටි අයටත් මෙයාගෙන් සෑහෙන සේවයක් සැලසුනා. අපේ තාත්තටත්. 


ඉතින් සීනි කිලෝ පහෙන් වැල වරකා ගෙඩියෙන් අන්නාසි ගෙඩියෙන් පටන් ගත්තු ව්‍යාපාරය අදනම් කරන්නෑ. දැන් කරන්නෙ ස්කූටි බයික් එකේ බඩු දාන වල වගේ එකේ ගල් බෝතල් පහක් විතර දාගෙන ඇවිත් පාරෙ කරක් ගග ගගහ කාල, බාගෙ  සහ බෝතලේ ගානෙ විකුනන එක. මගෙත් යාලුවො කීපදෙනෙක්ම පොරගෙන් බඩු ගන්නවා.කොරෝනා කාලෙ ආවම ඒ බිස්නස් එකෙන්ම මහ ටැට්ටරයකුත් ගත්තා. ඒ තරං සල්ලි කඳක්. ඉතින් ඔබ තවත් ලත වෙන්න එපා. සීනි කිලෝ පහම නැතත්, කිලෝ දෙකත් ඇති. අවශ්‍ය වෙන්නෙ පෙරාගෙන ඇවිත් වෙල මැද්දෙ වලක් වගේ තියෙන තැනක ඉඳගෙන ඉන්න එක විතරයි. අත්දුටුයි පත්යක්සයි. 


ඔය යටින් තියෙන පිංතූරෙ  ජාතියෙ  වාහනයක් තමා ළඟදි  බැස්සුවෙ. සතුටුයිනේ..


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.02.13

Saturday, February 12, 2022

වැලැංටයිම්

 අපි ඔය වැලංටයිං සමරන්න යන කාලෙ හිටපු වැඩිමාලු අම්මන්ඩිලා තම තමන්ගේ කෙල්ලො විතරක් නෙමෙි, හිටපු තරුණ  පහේ වැස්සියොත් ගෙට ගත්තා මයෙ පුතා. ඒකටත් එක්ක දැං.මයෙ අප්පේ..  අතේ ඇති ගානට හතු පිපෙන්නා වාගෙ හැතැප්මෙන්  හැතැම්මට තානායම් පිපෙද්දි වෙලේ කුඹුරේ ලන්දවල්,බඩ වැටි වලට තියෙන ඉල්ලුම අඩුවුනා නෙවැ ඔිං. අනික එ දවස්ඔල අපි වැලැංටයිං සමරනවා කියල විසේසයක් තිබුනෙ නෑ. ඉස්සර මැණිකෙ කජු ලන්ද පැත්තෙන් ඇඳන් හිටපු චීත්තෙ හද හද වට පිට බල බලා හීන් සැරේ වැවට ඇදෙනවා කියන්නෙ එදාට ඉතිං මගදිම වැලංටයිං තමා. දැං වගේ තෑගි බෝග ඔව්වා මොනාක්කත් ඉස්සර නෑ. ඔව්ව මෙි මිනිස්සු හදාගනිපුවා බං. ඔික සමරලා අහක්කෙලා කෙටල වැල් කෑල්ලක  අමුනපු බිලි පිත්තෙන් බා ගත්තු පොල් කාවයියො රෑනක්, කබර ලූලෙක් හෙම තමා දෙන තෑග්ග. මං නං ඔය දවැස් වලට වැවට යන්නෙ හොඳ තෝර බීඩි මිටියකුයි, බුලත් පයියකුයි එක්ක බිලි පිත්තකුයි වෙලෙන් කොටාගත්ත ගැඩවිල් පොල් කට්ටකුයි එක්ක. මයෙ අප්පේ.... ඔිවා ටික වරුවකටම නම් ඇති.  මැණිකෙ එද්දි බඩ ඉරිඟු කරල් හතර පහක් ඇන්න ආවම ඔිවත් කක කකා වැලංටයිං තමා සමරන්නෙ ඉතින්.අහලා බලාල්ලකො බොරු නං... ඔය කුස්සියෙ තෝම්බු කොටනවා වාගෙ හුජ හුජ ගගා කියෝනවා ඇහෙන්නෙ... ඒ  උන්දැ තමා. 


වැව් ඉස්මත්තෙ දවසක්දා වැලංටයිං කොරන්ඩ ගිහින්නොවැ උන්දැගෙ මහ අප්පල විසින් එවුන්දෑ මයෙ කරේ එල්ලුවෙ. දුං කරවල කෑල්ලෙ පාටට හිටියට මොකද...අපරාදෙ කියන්ඩ බෑ ඔවුන්දැට හෙන විසේ ඒ කාලෙත්. දැං වගේ කාර් බාර් නැතිවුනත් මයෙ බරබාගෙ තමා වාහනේ. හුරුල්ලෙන් කැලේට දාපුවම වැලංටයිනුත් සමරගෙන අලිත් බලාගෙන තමා හබරනින් කොකං පාන්නෙ. මං ඉස් ඉස්සෙල්ලාම වැලංටයින් සමරපු දවසෙ ඔවුන්දෑ ඇවිද්දෙත් ඉකිලි කැපිල වගේ ඔිං. හිතාගනිල්ලකො.


සීයාගේ කතන්දරේ


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2022.02.12

Saturday, January 1, 2022

ආදරෙන් කියන වගනම්

 උඹට ඉක්මනින්ම මාව අමතක වෙලා යයි. කොහොමත් අළුත් එකක් සෙට්වුනාම උඹට මාව වටින එකක් නෑ කියල මම දන්නවා. ජීවිතේ මොන බාධක ආවත්, ඒවට මුහුණ දෙන හැටි උඹට ඉගැන්වුවෙ මං. යහපත් සාධාරණ විධියට ජීවිතේ බැලන්ස් කරගන්න කියල දුන්නෙ මං. එපා කියන දේ නෑහුවොත් ජීවිතෙන් පවා වන්දි ගෙවන්න වෙන හැටි උදාහරණ සහිතවම උඹට කියල දුන්නෙ මම. හම්බ වෙන රුපියලෙන් පවා වැඩක් ගන්න හැටි, තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් කාලය ගත කරන හැටි, දවසට එක වෙිලක් හරි කාල පාඩුවෙි ඉන්න කියා දීපු හැටි, උඹට මතකද?. මතක ඇති. ඒත් දැන්මම උඹ මාව අමතක කරන්න පටන් අරන්. මම උඹට කවදාවත් කවුරුවත් කියා නො දීපු පාඩම් කියාදුන්නා. ඒකට මාත් එක්ක උඹට තරහකුත් ඇති. ඒත්  උඹ ඒව හරියට තේරුම් ගත්තද නම් කියන්න මම දන්නෑ.මම කලේ ඒ හැම එකකින්ම උඹට මොනම  විධියකින් හරි පුංචි හෝ පාඩමක් කියාදීලා උඹට ජීවත් වෙන හැටි කියා දෙන්න. උඹ ඒක තේරුම් ගත්තේ බාගෙට. උඹ කොහොමද දන්නෙ උඹෙි ජීවිතේට අළුතෙන් එකතුවුනු කෙනා උඹට මොනා කරාවිද කියලා. කොහොම හරි කමක් නෑ. අනාගතය තාම ඉපදිලා නැති නිසා පේන කියවන්න බෑ. හැබැයි මං උඹට කියාදීපු හැම පුංචි හෝ පාඩමක්ම ජීවිතේට එකතු කරගෙන ඒවගෙන් ඉගෙන ගෙන තව තව දේවල් අළුත් කෙනාගෙනුත් ඉගෙන ගෙන දවසින් දවස ජීවිතේට මුහුණ දීපං. හැබැයි එකක් ඉන්තේරුවෙන්ම කියන්න පුලුවන්. උ⁣ඹ මල්වෙඩි දාලා රතිඤ්ඤා පත්තු කරලා, උත්සව තියලා ජීවිතේට එකතුකර ගත්තු අළුත් කෙනා, මම වගේ උඹව කවදාවත් ආරක්ෂා කරන එකක් නෑ. උඹව බලාගන්න එකක් නෑ...එයා මට වඩා බැරෑරුම් විදියට උඹට සලකාවි. සමහරවිට උඹ අමාරුවක වැටුනොත් උඹ දිහා නොබලාම යන්නට යාවි. උඹව නොසලකා හරීවි. ඒ වෙලාවට මාව මතක් කරපන්. මං කියාදීපු දේවල් මතක් කර ගනින්. ඒ තුලින් උඹ එයාට එකතු වෙන්න බලපං. ඒක තමා ම⁣ට තියෙන එකම සතුට. උඹ කොහේ හිටියත් මොනවා කලත් තමන්ගෙ ළඟ ඉන්න කෙනා රැකගෙන උඹත් රැකෙමින් ජීවිතේට මුහුණ දීපං. උඹට හරි ගියොත් මාව අමතක කරපන්. වැරදුනොත් මාත් එක්ක ගත කරපු කාලය සිහිපත් කරපං. උඹට කවදාවත් වරදින එකක් නෑ. පරිස්සමින් හිටපං. හැමෝම මම වගේ නෙමෙි. මාත් එක්ක දාපු සෙල්ලම් කවදාවත් එයත් එක්ක දාන්න එපා. උඹ විනාශවෙිවි.  එයාත් එක්ක හැසිරෙන විදියට, එයාට සලකන විදියට එයා උඹටත් සලකන්න පටන් ගනීවි. ඒත් හිතන්න එපා මට පුලුවන් විදියට උඹට හැමදේම දුන්නු මාව ඈත් කලාට එයා උඹට මම වගේ සලකයි කියලා. ඒ නිසා සිහි කල්පනාවෙන් ජීවත් වෙයන්. මට තාම උඹ ගැන දුකයි.උඹට ටිකක් තදින් සැලකුවට උඹ මට වෛර කරනවා ඇති. මා ගැන  ආදරෙන් ලියවුන හැම තැනම මාව කපල දාල උඹ එයා ගැන ලියාවි. ඒත් කවදාවත් මා ගැන වැරදියට හිතන්න එපා. තරහ වෙන්නත් එපා.  මං ඒ හැමදේම කලේ යහපත් චෙිතනාවකින්.  එක අවවාදයක් දෙන්නම් අවසන් වතාවට. කවදාවත් මාත් එක්ක දාපු සෙල්ලම් එයත් එක්ක දාන්න යන්න එපා. එයාට ටිකක් දරුණු හිතක් තියෙන්නෙ කියලා හැමෝම කියනවා. උඹ මාව ටික ටික ඈත් කරද්දි මං ඒ ගැන හොඳට හොයලා බැලුවා. ඒක ඇත්ත කාරණාවක්. සමහර විට එයාට හිතක් පපුවක් නැතුවාම වාගෙයි. ඒ නිසා කෝකටත් පරිස්සමින්. තෙරුවන් සරණයි. පරිස්සමින් හිටපං රත්තරං.


මීට 2021...

Wednesday, December 22, 2021

දවිය ලෝකෙ පැයක්

ඔිම් ශ්‍රී ඝණපතියේ නම හ: 

ඔිම් ශ්‍රී ඝණපතියේ නම හ: 

මෙික දේව මන්තරයක්. ඝණපති,අයියනායක, ඝණ දෙවි, ආදී විවිධ නම් වලින් අමතන අපි කව්රුත් ආදරය කරන සහ විශ්වාස කරණ දෙවි කෙනෙක් තමා ඝණපති කියන්නෙ. හස්තියෙකුගේ පෙනුමෙන් භාගයක්ද,ඉතිරිය මනුෂ්‍ය ශරීරයකින්ද සම්පූර්ණ පෙනුමක් ඇති මෙි දෙවියන් නුවණ සඳහා අධිපති විධිහටයි බුද්ධාගමෙි අපිත් හින්දු භක්තිකයනුත් සලකන්නෙ. මට ඔය මන්තරේ අහම්බෙන් හම්බවුනේ. මටත් හිතුනා ඒ මන්තරය ජප කරමින් භාවනාවක් කලොත් මොකක් හරි විශේෂත්වයක් ඇති වෙයි කියලා. ඒ ආශාවෙන් මාත් ඊයෙ හවස බුදුන්ට මල් පහන් පූජා කරලා පන්සිල් එහෙම අරං බුදු ගුණ සිහිකරලා වැඳලා කාමරේ පැත්තක එරමිණියා ගොතාගෙන ඉඳගත්තා. මෙික කරන්න මට පහසුවුනේ අපේ කාලි මෑණියන්ගෙ වැඩිමල් දුව නොහොත් අපේ එක්කෙනා ඊයෙ එයාලගෙ අම්මගෙ සුවදුක් බලන්න එහෙ ගියපු නිසා. නැත්තං භාවනා කරනව තියා එක තැනක විනාඩි පහක් ඉන්න දෙන්නෑනෙ. 


මාත් උපරිම භක්තියෙන් එරමිණියා ගොතාගෙන කය සෘජුව තබාගෙන අත් දෙක දිගහැර දෙපා මතින් තියාගෙන ප්‍රඥා ඉරියව්වෙන් අතේ ඇඟිලි සකසාගෙන ඇස් දෙක පියාගත්තා. මුලු ලෝකයමත්, ඇහෙන ශබ්දත්, නිමක් නැතිව ගලා එන සිතුවිලිත්  මොහොතකට අමතක කරල භාවනාවටම හිත යොමුකලා. අරමුණ ඉහත මන්ත්‍රය දහස්වරක් ජප කිරීම. 


මට දහස් වරක් සම්පූර්ණ කරන්න හම්බවුනේ නෑ, අටසීය පනිනකොට හිත දැහැන් ගතවුනා. කයට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්න ගත්තා. ඇත්තටම මට හිතුනේ මං ආකාශයේ පාවෙවී පාවෙවී යනවා වගෙ හැඟීමක්. මන්ත්‍රය ජප කරනවා කියල හැඟීමක්වත් ඇතිවුනේ නෑ. ඒත් මං හොඳ සිහියෙන් ඉතිරි ගානත් සම්පූර්ණ කරනවා කියල අධිශ්ඨානයෙන් වීර්යය අත නොහැර කරගෙන යන්න පටන් ගත්තා. මට තව සීයක් මෙි මන්ත්‍රය ජප කරන්න ලැබුනේ නෑ, සක්‍ර දෙවියන් දිස් වෙන්න පටන්ගත්තා. එයා මාත් එක්ක කතාකලා. 

*එම්බා නරය, තා කුමක් අරභයා භාවනා කරන්නේදැයි පවසව?

*අහෝ.. සක්‍ර දේවේන්ද්‍රයාණන්ට නමස්කාර වෙිවා... දෙවියනි මට දිවිය ලෝකෙ යන්න ඔින. 

*තට දිවිය ලෝකෙ යන්න අවශ්‍යනම් හොඳට කුසල් වඩව. පින් කරව. බුදුන් වදාල මාර්ගයේ ගමන් කරව. එවිට තට හැකියි දිවිය ලෝකෙ යන්න.

*⁣එසේය දේවේනද්‍රයාණනි, එහෙත් මට අදම යන්න ඔින. අඩුම ගානෙ ගිහින් එන්නවත්.

*තගේ ඒ තරමට කුසල් වැඩී නැහැ. ඒත් තා සමාධිගතවී සිටීම නිසා එක් අවස්ථාවක් දිය හැකියි. එසේනම් මාගේ රථයට නගුව. තා සමාධියෙන් බිඳුන හොත් ක්ෂණිකව මහ පොලවට පහත් වන්නේය. හෙයින් සමාධිය කඩ නොකර ගනුව. තේරුනාද?

*එහෙමයි දෙවියනි. 

මමත් මාතලී දිව්‍ය පුත්‍රයා විසින් පෙන්වන ලද රථයේ ලෑල්ලක් පමණක් ගැසූ අසුනක වාඩි ගතිමි. එහි පැත්තක ඇණ කිහිපයක් උඩට ඉල්පී තිබුනු නිසා පරිස්සමින් වාඩිවී,

*මාතලී දිව්‍ය පුත්‍රයාණන්ට නමස්කාර වෙිවා. එහෙත් මට ඇණ ගැසූ අසුනක් පැනවීමට කරුණු කිම්දැයි  දැනගැනීමට කැමැත්තෙමි.

*තා සීලංකන් වැසියෙක් නිසා. කට පියාගෙන හිඳුව. 

*මං ශ්‍රීලංකාවෙ තමයි.ඒක තාම බුද්ධ රාජ්‍යයක්. තාමත් බුදුන් වදාහල ධර්මය අපේ රටෙි පවතිනවා මාතලී දිව්‍ය පුත්‍රයාණනි, ඒ මදිවට හවස පහේ ඉඳන් හා උදේ පහේ ඉඳන් පංසල්වල ස්පීකර් වලින් පිරිත් පවා හඬ නගා මිනිස්සුන්ට ඇහෙන්න සලස්වනවා දිව්‍ය පුත්‍රයාණනි. 

*තගේ රටෙි ඉස්පීකර් වලට පමණයි සිල් තියෙන්නේ. ඒත් කිසිම නරයෙක් සිල් රකින්නෑ. 

*එහෙම විතරක් නෙමෙි දිව්‍ය පුත්‍රයාණනි. අපි හැම බෞද්ධයෙක්ම තමන්ගෙ හැම වාහනේකම බුදු සරණයි කියල ගහලත් තියෙනවා. තව තව ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහලවෙිවා කියලත් ගහල තියෙනවා. වාහනේ ඉස්සරහ හරි ලස්සනට එක එක පාට බල්බ් වලින් පත්තු වෙන බුදු පිළිම පවා තියා තියෙන්නෙ. අඩුම ලොරි වල පවා...

*ලොරිවල පවා? හහ්: හහ්: හා:  

ලොරිවල පවා කියල හයියෙන් හිනාවුනේ ඇයි දන්නෑ. මා අතින් වැරදි යමක්වත් කියවුනාදැයි කියමින් මා මොහොතක් කල්පනා කලෙමි. එවිටම මාතලී දිව්‍ය පුත්‍රයා,

*ලොරිවල ඉස්සරහ බුදු සරණයි කියල ගහල තිබුනට පිටි පස්සෙ ඉන්නෙ හොර හරක් නේදැ? යි විමසීමෙන් මා වික්ෂිප්ත වුනෙමි. එවිටම මගේ මතකය ඇදීගියේ රත්නපුරේ හොරෙන් හරක් පැටවූ සහ එයට දේසපාලඥයෙකුත් සම්බන්ධයි කියමින් ප්‍රධාන පුවත්පතක පලවී තිබුනු හෙඩ් ලයිමය. අහෝ.. පැවසු දෙයක් ආපසු ගත හැක්කේනම් මා මුලින්ම එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නෙමි.

*මොකද තා කල්පනාවෙි නිමග්නව? තව තියෙනවා..කියන්නදැයි කියා විමසීමෙන් මා පත්වුනේ මහත් අසීරුතාවයකට. මං දිව්‍ය පුත්‍රයාගේ මුහුන බලා නැවත ඉවත බලාගතිමි. 

*අඩෙි බලව! තගේ මහා පුන්‍ය භූමියේ ඉස්සරහ බුදු පිළිමයක් තැබූ වාහනේක රියැදුරෙකුගේ හැසිරීම.බලව! බලව!

මට නෝන්ඩියකට මෙන් එසේ කියනවාත් එක්කම  ඉස්සරහ අහසේ ඊඒපී පිචර් හෝල් එකක තිරයක මෙන් සරවුන්ඩ් ශබ්දයෙන් දිස්වුනු චිත්‍රපටිය දෙස එක්වරම නෙත් හෙලීමි. 

එහි වූයේ ත්‍රීවීල් එකක් හා ඇල්ටෝ කාරයක රියැදුරන් දෙදෙනෙකු අතර ඇතිවූ දෙබසකි. සිදුවීම ත්‍රීවිලරය දකුණට හැරවීමෙිදී පිටිපස්සෙන් ආ ඇල්ටොවක් ත්‍රී වීල් එකේ වැදීමයි.

*කොහෙද යකෝ තෝ ඇස් කටෙි දාගෙනද එලවන්නෙ. පේන්නැද්ද මං දකුණට හරවන්ඩ ආවෙ කියල?

*බොරුවට කෑ ගහන්ඩෙපෝයි. තෞසෙ දකුණට හරෝනවා කියල තේරෙන්න මට දිවියඥානෙ තියනවද? හරෝනවනං සිග්නල් දාන්ඩෙපාද? උගුඩුවෙක් වගේ ඇවිදින් මෙතන තව කෑ ගහන්ඩත් එනවා...

*ඓසෙ මෙි බලනවා.මං වයිට් ලයින් එක අයිනෙන් ආවෙ හරවන්ඩ තමා. ඒක නොතේරෙන්න කෞත්තෞසෙට ලෛසන් දුන්නෙ. මහ එකාද?? ඔිව කියාදුන්නැද්ද කෞරුවත්? අපොයි මගේ ත්‍රීවිල් එක.. දැං හදල දෙනවා මෙික?

*තෞසෙගෙ වැරැද්ද. සිග්නල් දාල තිබ්බනං මං දකුණෙන් දාන්නෑනෙයෝයි.

*යමං පොලීසි. උං කියයි කෞද හරි කෞද වැරදි කියල.

*යමං මාත්තෝන දේකටොට්ටුයි.

හම්මට යකෝ. ජාතකේම ඉවරනෙ. මං ඒ අස්සෙ බැලුවෙ වාහන දෙකේම ඉස්සරහ බුදු පිළිම තියෙනවද කියල. අප්පට සිරි දෙකේම තියෙනවා. නැත්තං බොරුවක් හරි කියල ශේප් වෙන්න තිබුනා ඉඳකින්. ඒ මදිවට ත්‍රීවිල් එකේ ඉස්සරහ වමෙන් අඩ කවාකාරව "තෙරුවන් සරණයි" කියල ගහල යටින් 

"චූටි දූ උපුලි" කියලත් ගහල. කාර් එකෙත් ඉස්සරහ වින්ඩ්ස්ක්‍රීන් එකේ කලුපාට ස්ටිකරේ සුදු අකුරෙන් ඉංග්‍රීසියෙන් "ඈම් බුඩිස්ට්. ඈම් ප්‍රෞඩ් ටු සේ දැට්" කියලත් ගහල. යකෝ මුං දෙන්න මෙි වෙලාවෙම ඔික ඇන ගත්තනෙ සික්. කරුමෙ. මට අහුනානං මකනවා මුන් දෙන්නවම.සැක්

*දැං මොකද කියන්නෙ. ඔිකද උඹලගෙ බෞද්ධකම? බලනු, තාම අවසන් නෑ. (සක්‍ර දෙවියනුත් මා දෙස ඇස් කොනෙන් බලාගෙන නෝන්ඩි සිනහවක් මුවගට නංවාගෙන කම්මුලේ අතකුත් තියාගෙන සිටි අයුරු දුටුවෙමි) 

ඊලඟට පේන්න ගත්තේ ඒ කිට්ටුව හිටපු ට්‍රැෆික්ල දෙන්නෙක් මෙි ගැටලුව විසඳන ආකාරය. එක්කෙනෙක් ත්‍රීවීල් කාරයා බැලන්ස් කරන අතර,අනෙකා කාර් කාරයාව බැලන්ස් කරන්න හෙන ගේමක් දෙනවා. දෙන්නම කියන්නෙ නිවැරදියි කියලා. කොහොම හරි කාර් කාරයා, බැලන්ස් කරපු නිළධාරියාගේ අතේ මොනවා හරි මිටි මොලෝනවා පේනවත් එක්කම. ත්‍රීවීල් එක දෙසට හැරී, 

*කෝ තෞසෙගෙ සිග්නල් වැඩ නැද්ද?

සිගනල් දාලද හැරෙව්වෙ ඈ. ඇත්ත කියපම්??

*ඒකනං ටිකක් අමතකවුනා සර්. ඒ වු...න්..නා..

කිියල සම්පූර්ණ කරන්න හම්බුන්නෑ, නිළධාරියා 

*ඒකනෙ ඓසෙ කියන්නෙ තෞසෙගෙ වැරැද්ද තියාගෙන කාටවත් දොස් කියන්න එපා. බලනවා වැදගත් මහත්තයෙක් වැදගත් ගමනක් යන්නෙ. වැරැද්ද පිළිගන්නවා. ත්‍රීවිල් එක ගන්නවා අයිනට.

පාරෙන් අයිනට වාහන දෙකම ගත් පසු

එක් නිළධාරියෙක් ත්‍රීවිල් එක පරික්ෂා කලා. 

*බලනවායිසෙ.මෙිකෙ සිග්නල් වැඩ නෑ. ඒ මදිවට බ්‍රෙිකුත් මදි. මොනාද මෙි ඉස්සරහ ගහල තියෙන රෙද්දවල්,ගලෝනවා ගලෝනවා. මෙිව නීතියෙන් තහනම්. කල්පනාවෙන් යනවා අයිසෙ යනකොට. එනවා මෙතන අපිටම වද දෙන්ඩ.

*ස්..ස්..සර්..

*සස් සස් ගාන්ඩෙපා, මෙිව ලිව්වොත් විසිපන්දාහට වැඩී. මෙික උසාවි කේස් එකක්. 

*අනේ.. සර්.. මං අහිංසකයෙක්.. ලයිට් හදාගන්ඩ හිටියෙ වෙලාවක් එනකං. 

*ඒකනෙ කියන්නෙ. මොකද කියන්නෙ ගොඩින් බෙිරගන්නවද?උසාවි යනවද?

මදක් කල්පනා කර

*ගොඩින් බෙිරගමු සර්.

*ඒක මං දන්නෑ, අර මහත්තයත් එක්ක කතා කරගන්නවා. (ඒත් එක්කම, ඒ තිරයේ වම්පැත්ත යටින් තුලාවක් එල්ලාගත් ඇස් දෙක කලු රෙදි පටියකින් වසාගත් කාන්තාවක් ලේන්සුවක් අතැතිව හොටු හූරන ආකාරයක් පෙනෙන්න ගත්තා. ඒක විස්තර කරන මාතලී දිව්‍ය පුත්‍රයා;)

*අඩා නරය බලව, අර දෙවඟනට ඉස්පාසුවක් නැතිව හච්චිං යනහැටි. ඒ මදිවට දැන් අවුරුදු ගානක ඉඳලා සුව නොවන හෙම්බිරිස්සාවක් පවතිනවා. ඒ තොපේ රටෙි මෙි දේවල් හිංදමයි. සක්‍ර දේවෙන්ද්‍රයාණන් මතක ඇති කාලෙකින් පඬුපුලේ වාඩිවුනෙත් නෑ. දැං අපි ඒක සීතලට ගිනි තපින්න අරන් තියෙන්නෙ.  අනුකම්පාවක් නැද්ද ඈ ගැන?

එවිට මා අහක බලාගෙන.

*එහෙම තමා, ⁣දිව්‍ය පුත්‍රයාණනි. නැතිනං අපේවුං එක්ක බෑනෙ. 

*එහෙමද? ඉතිරිය බලනවද?

*ඔින නෑ, ඊලඟට කාර් කාරයට අරුන්දෑ කීයක් හරි දීලා ශේප් වෙන එකේ මොනා බලන්නද? පුලුවන්නම් ඒ කොයි පළාතද කියල පෙන්නන්න පුලුවන්ද? මටත් ඔිනවුනේ ඇක්සිඩන්ට් එකකින් පටන්ගත්තු කේස් එක සිග්නල් ලයිට් එකකින් අවසන් කරපු පොලිසිය කොහෙ එකක්ද කියල බලාගන්න. 

*පුලුවන්. 

ඒත් එක්කම මට පෙනෙන්න ගත්තේ නිට්ටඹුව තිලකවර්ධන ⁣එක ඉදිරියේ තියන තුංමං හන්දිය. ඒක මට පෙනුනෙම ස්වර්ණවාහිනියේ  යටින් යන ඇඩ් තීරුව වගේ. ඒකෙ ඇඩ් එකකුත් යනවා, රතන හිමිට නැවත මංත්‍රීකම කියලා. ඒක දැකපු ගමන් දිව්‍ය පුත්‍රයා තව මොනාහරි අහන්න කලින් මං තදින් ඇස් දෙක පියා ගත්තා.

*එසේනම් කට පියාගෙන ඔය බංකුවෙි ඉඳුව.තවත් කතා නොකර. ඔිකත් තට සුව පහසු වැඩී. 

ඉන් පස්සෙ අපි අතර ඇතිවුනේ මහත් නිහැඬියාවක්. 

අපි එසේ ගමන් කලේ දිව්‍ය සභාව වෙත. 

එදා දේව සබාවට බෝම්බ ගහල වගේ. සමහරු හතර වටෙි පාවෙනවා. තව සමහරු ඉඳගෙන පොත් කියෝනවා. තව සමහරක් දෙවියන් ගීත කියනවා. තව ඈයො නටනවා.

ඒ අස්සෙ මං වට පිට බැලුවෙ දේව සභාවෙ මං අඳුරන එක මුහුනක් හරි තියෙනවද කියල බලන්න. ම්ම්හු.. එක ඩෑල්ලෙකක්වත් නෑ. කියන්නෙනං මහ ලොකුවට "අපේ අහවලා දැං දිය්ය ලෝකෙ ඉන්නෙ" "අනේ අපේ මෙයානං අනිවාරෙං දිය්ය ලෝකෙ තමා" කිය කිය.

එතකොට අපේ රටෙි මැරෙන ඈයො දිව්‍යලෝකෙ ඇත්තෙම නැද්ද කියන ගැටලුව ඊලඟට මතුවුනා. මාතලී දෙවියන්ගෙන් ඒ ගැන අහන්නත් බෑ.ඇහුවොත් වෙන මොනා හරිනෙ කියන්නෙ. හොඳට වට පිට බල බල ඉද්දි පොටෝවකින් දැකල පුරුදු එක මුහුනක් ඈතින් එනව පෙනුනා. ඒත් ලඟටම එනකං හරියටම කව්ද කියල හොයාගන්න බැරිවුනා. එයත් ටවල් බාගෙකින් මුහුන ආවරණය කරගෙන හිටියෙ. මං ලඟටම ඇවිත් මුනෙ ඉතුරු ටික පෙන්නුවම ඒ කව්ද කියල ටක්කෙටම මං අඳුරගත්තා.

*හම්මට කන්නංගර සර්. සීඩබ්ඩබ් කන්නංගර සර්... මට සතුට වැඩිකමට එතුමා ගාවට ගිහින් දණ ගහල වඳින්න හිතුනා. ඒත් මට වඳින්න දුන්නෑ. එතුමා කිව්වෙ,

*වඳින්න එපා. මට මෙහෙන් චුත වෙන්න කාලෙ හරි කියල. 

*ඒ ඇයි? මං ඇහුවා.

*තොපිට නිදහසේ අධ්‍යාපනේ හදාරන්න හදල දුන්නු පිනෙන් මං දිවිය ලෝකෙ ආවා. ඒත් තොපි ඒවැං ඉගෙන ගෙන කොරන හරිය දැකල මට මෙහෙන් යන්න වෙලා තියෙන්නෙ කියල මහත් දුකසේ කිව්වා.

*ඒක හරි සර්. ඔබ තුමා කොහේටද යන්නෙ.?

*කොහේ ගියත් තොපේ ලංකාවට ආයෙ එන්නෑ... යනව ඇමරිකාවට හරි. කොරෝනා හරි හැදෙයිනෙ 

*අපි ගැන අනුකම්පාවෙන් ආයෙ ලංකා භූමියට වැඩල, අපිට ආයෙ හරි අද්‍යාපනයක් හදාරන්ඩ හදල දෙන්න දෙවියනි. අනුකම්පා කරත්වා...!! කියල මං ආයෙ ලංකාවෙ උපදින්න එතුමාට ආරාධනය කලා.

*බෑ. මං ආවට වැඩක් නෑ. ටියුෂන් ගුරාලා ඔය යස අගේට කොරගෙන යන්නෙ. තෝත් ඉගෙන ගත්තෙ නෑනෙ. ඒකනෙ මෙි එක එක රෙද්දවල් කොටල පේස්බුක් දාන්නෙ. බලපිය ඔිකටත් පේස්බුක් එකේන් රට හදන ඈයො තොට කියන දේවල්.. කියල එතුමා එක පාරටම අන්තරස්දාන වුනා. ඇත්ත තමා කියල මටත් හිතුනා.

 ඒත් එක්කම ඝන යමක් මගේ කකුලෙ වදිනවා වදිනවා වගෙ දැනිල මගේ දැහැන බිඳුනා. හම්මට සිරි වයිප් ලමයවත් වඩාගෙන

*නැගිටහං මනුස්සයෝ.ඔය මදෑ නිදි කිරුවා. කඩෙිට ගිහින් ⁣ලමයට සෙරිලැක් එකක් අරන් එනවකො. සීනි කිලෝවකුත් අරන් එනවා මතක ඇතුව ඈ...

මං හුන් තැනින් නැගිටලා ආයෙත් පාරක් වයිප්ට කඩෙි ගියා. ඒ දිවිය ලෝකෙදි දැක්ක ඉතුරු හරිය පස්සෙ කියනවා කියල හිතාගෙන.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.12.19

Thursday, November 18, 2021

කොළඹ රස්සාව

 මෙි මං කොළඹ හිටපු කාලේ. 


ඒ දවස්වල රටෙි මහ යුද්දේ. කොළඹ වගේම රටෙි හැමතැනම බෝම්බ පිපිරීම් හා මියයෑම්. බස් බෝම්බ, සූ සයිඩ් ආදිය ඔිසෙට තිබුනු කාලයක්. ඒ මදිවට දවස ගානෙ අහුවෙන මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් හා පුපුරන ද්‍රව්‍ය. ඒත් එහෙමයි කියල මට පිටකොටුවෙ රස්සාව කරගෙන එහෙටම වෙලා ඉන්න වුනා. ඒ කාලෙ හතර වටෙි කරක් ගග ගගහ පේමන්ට් එකේ (පිටකොටුව පංසල ගාව)  ශෝට් විකුණ විකුණ හිටපු මට ඒ ජොබ් එක නම් එපා වෙලාමයි තිබුනෙ. රුපියල් හතලිහ පනහ හැට යන මිළ ගණන් වලට මහරගම පැත්තෙ ගාමන්ට් එකකින් සතියකට සැරයක් පිටකොටුව ටෙිලර් ෂොප් එකකට එවන ශෝට් ටිකක් අරගෙන එකක් රුපියල් සීයට විකුණ විකුණ පිටකොටුව, මහ වීදිය හරහා මල්වත්ත රෝඩ් රෝඩ් එකෙන් කොටුව දක්වා හා හැම හරස් වීදියක්, ගෑස්පහ වගේම ගුණසිංහපුර ස්ටෑන්ඩ් එකත් අනිකත් සමහර වෙලාවල් වලට ඔය හැමතැනමත් පීපල්ස් පාර්ක් එකේ තට්ටු දෙකෙත් ඇවිද ඇවිද කලේ මහ එපාවෙන රස්සාවක්. ඒත් දවසකට ශෝට් දහයක් පහළොවක් විකුණ ගන්න එක හෙන අමාරුයි. සමහර දවස්වලට ෂෝට් මදි වෙනව. ඒවා වෙිලාසන ඉවරවුනාම කරන්නෙ ගෝල්පේස් සහ කොල්ලුපිටි පැත්තෙ කරක් ගහන එක. ගෝල් පේස් එකට ඇවිත් පැයක් විතර මුහුද දිහා බලාගෙන ආනාපාන සතිය වඩලා වඩලා ආයෙම පයින් කොම්පඤ්ඤවීදිය හරහා කොටුව ස්ටෙිෂන් එක. කොට කලිසමක් සහ අත්දිග ටීෂර්ට් එකක් ඇඳගෙන ඇවිද ඇවිද ඒ නටපු නාඩගම අද වෙනකම් කලානං සිරාවටම මං අද කෝටිපතියෙක්. 


ඒ දවස්වල කොළඹ කියන්නෙ මහ එපාම එපාම එපාම කරපු තැනක්. ගඳ ඊට එහා. මෙි වගේ වැහි කාලයක් කියන්නෙ පණ පිටින් අපායෙ ගියා වගෙ.  ටොයිලට් උතුරපුවා, හෝටල් වලින් විසික්ක කරන බත් මාලු පිනි කෑම වර්ග කුණු වෙලා ගඳ ගහන මහපාරේ ඒවා නාහෙ වහගෙන "චුරු චුරු" හඬින් පාද ඇඟිලි කරු අස්සෙන් එළියට පනිනකම් පාගගෙන ඇවිදපුවා.. සංසාරෙකට අමතක වෙන්නෑ. ෂෝට් දහයක් පහළොවක් වැලක දැම්ම වගේ වමතේ එල්ලගෙන වීක් එන්ඩ් එකේ ගම රටවල් බලා යන සමනල් යුවතියන්ගේ දෑස් දිහාත්, හැම දෙයක් දිහාම හැම කෙනෙක් දිහාම සැකයෙන් බලන්න පුරුදු වෙලා හිටපු මම, සීයායි ශෝට් සීයායි ශෝට්"  කිය කිය ඔවුන් වටෙිම කැරකෙද්දි, අනුරාධපුර කොළඹ බස් එකක් කිසිම හිතක් පපුවක් නැතුවා වාගෙ කුණු වතුර පිරිච්චි පාරේ වතුර දෙබෑකරගෙන යද්දි ඒ ෂවර් එකට අහුවෙලා "කටෙි හිටං වතුර" වෙච්චහම දැනෙන සතුට.. මයෙ අප්පේ අවීචි මහ නරකාදියේවත් එහෙම අච්චු දෙන්නෑ. දවසෙ තුන් වෙිලෙන් දෙවෙිලක් කෑවෙත් බොහොම අමාරුවෙන්. සල්ලි නැතුවා නෙමෙයි, කුණු මයිලෙට කක්කුස්සි උතුරලා පාරෙ ගහගෙන යද්දි එන මළකඩ ගඳ සිහිපත් වෙලා කෑම එපා අප්පිරියා වෙනවා. 

පාන්දර හතරට පිටකොටුවට එන එකම බෝඩිමෙි නැවතිලා හිටපු අපි සෙට් එක උදේ හය වෙනකොට ශෝට් විකුණන අය ⁣ඒවා අරං, තැඹිලි කපන අය තැඹිලි අරන්, ඇපල් ලෑලි කරන අය ඒවා අරන් ස්ථානගත වෙලා ඉවරයි. සිංදු පොත් ඇඩස්සොල්ලි පත්තර සහ පොත් විකුණන අය ඒවා වික්කේ බස්වලට කෝච්චිවලට නැගලා. 


යනවානම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරං... නන්දාමාලනීගේ ජනප්‍රිය සිංදු සීයම රුපියාල් වීස්සයි, මහද නැමැති වන බමරා ඔබෙි කනට කොඳුරා කියන ජෝත්පාලගේ රහස් ගීත සීයක්ම තියෙන පොතාක්  රූපියල් වීස්සයි...විනෝද චාරිකාවකට ගැලපෙනම ගීත පොත සිංදු සීයායි රූපියල් වීස්සයි..දන්නෝ දනිති ගන්නෝ ගනිති චාමර වීරසිංහගේ තනමල්විල මල් රූපියල් වීස්සයි...


පත්තෙරේ පත්තෙරේ...පත්තෙරේ... බිරිඳ,පියාදරී වින්ද්‍යා පත්තර තුනම රූපියල් වීස්සයි..පත්තර තුනම වීස්සයි.. 

මෙි අය ගොඩක් වෙලාවට ඉන්නෙ ගුණසිංහපුර සහ පිටකොටුව ලංගම ස්ටෑන්ඩ් එකේ...


ටොප්පි සියරට් ටොප්පි සියරට් කූල් වතුරෙකාක්.. ටොපිස් සියරට් පෙපෙර් මින්ට් බබල්ගම් චුවින්ගම්..ටොපී ටොපී ටොපීඊඊඊ ගමන් වෙහෙසට පාළුවට තනිකමට හප හපා යන්ඩ..මහත්තයාට පෙපර් මින්ටෙකක් බබාට බබල්ගම්මෙකාක් නෝනාට චුයින්ගම්මෙකාක් සියරට්ටෙකාක්....


ඊළඟට තව එකෙක් නගිනව..රබානක් අරන්..

බුදු නෝනා මහත්තයා මං රබානක් අරගෙන මෙි බස්සෙකට නැංගේ ඔබලාගේ හුදෙක් විනෝදය පිණිස විරිදුවක් දෙකක් ගායනා කරම්න..අත පය හතරම තිබුනට අහක බලාගන්න එපා.. මට හැතිය, වලිප්පුව, මීමැස්මොරය, ,උණ හෙම්බිරිස්සාව කක්කල් කැස්ස ඔක්කොම තියෙනවා.බරවැඩක් කරලා පවුල ජීවත්කරවන්න බැරි නිසයි මෙහෙම විරිදුවක් දෙකක් ගායනා කරලා  ඔයාලාට අතපාලා දෙන කීයකින් හරි ජීවිතේ ගැට ගහ ගන්නෙ.පිංවත් ඔබ සැම දෙනා දෙන පුංචි රුපියල් පහෙන් දහයෙන් තමා මගේ පවුල ජීවත් කරවන්නෙ මගේ ලෙඩවලට බෙිත් ගන්නේ...


රපට පපම් රපට පපම්...

අතපය හතරම තිබුනට එපා අහක බලාගන්න...


ඊළඟට තව එකෙක්..

ඌ කරන්නෙම හොඳට ඇඳ පැළඳ ගත් නෝනලා ඉන්න මහත්තයාල ගාවට ගිහින්

"මහත්තයා නෝනා දීලා යන්න මහත්තයා නෝනා දීලායන්න" කිය කිය හිඟමන් ඉල්ලන එක.


ඔහොම ඉන්නකොට තමයි පිටකොටුවෙ පොලිසියෙන් අපිට කොක්ක ඇද්දෙ. නගර සභාවෙන් කිව්වා කියලා පේමන්ට්වල බඩු විකිණීම තහනම් කලා. වැහි දවස්වලට පාර අයිනෙ ඉටි රෙද්දක් එලාගෙන කොට කලිසම් ටීෂර්ට් විකුණ විකුණ ජීවිතේ ගැටගහගත්තු අපි පොලිසියෙන් එනව දැක්කම ඉටි රෙද්දෙ කොන් හතරෙන් උස්සගෙන උන්දැලාට නොපෙනෙන තෙක් දුවලා දුවලා ගිහින් උන්දැලා ආපහු ගිහාම ආයෙ එතැනටම ඇවිත් ඉටිරෙද්ද දිගෑරගෙන බිස්නස් එක කරනවා. ටික දවසක් යද්දි මට මෙික එපා වෙලාම ගියා. එක දවසක් පොලිසියෙන් කනේ පාරකුත් කෑවා. ඒ එකට එක කට ගහන්න ගිහින්. පස්සෙ මට ගෝල්පේස් එක සෙට්වුනා. හැමදාම මුහුදක් දැකපු නැති ඈයන් වගේම මුහුද දිහා බලාගෙන කුඩවලින් ඔලු  වහගෙන කටවල් හපාගන්න එන ජෝඩු නිසා බිස්නස් එකත් සරුවටම නැතත් ටිකක් විතර සරුවට නැගලා ගියා. රුපියල් දෙකේ කාසියක් විතර ලොකු වඩෙි එකකට අඟල් තුන්කාලක විතර දිග ඉස්සෙකුත්  නොවිච්චි කූනිස්සෙකුත් නොවිච්චි එකෙකුත් ගහගෙන ඒවා කූඩෙකට දාගෙන "වඩෙිව්ඩෙිවිඩෙි ඊස්සොවඩෙිස්සොවඩෙිස් උනු උනු වඩෙි ස්සොවඩෙිස්සොවඩෙිස්" ගග ගගා දවසකට කීප පාරක්ම දනහිසුත් ගෙවිලා තුනටිය ගාවට එනකම්ම ගෝල් පේසියෙ අහට්ටත් මෙහට්ටත් ඇවිදලා ඇවිදලා ගත්තු ආතල් එක, ඒකනම් මාරයි. මට ඒ වගේ මහන්සියක් දැනෙනකොට කරන්නෙ ජීවිතේටම මුහුද නොදැකපු ප්‍රාථමික පංතියක සිසුවෙක් වගේ  මහා පුදුමෙන් මුහුද දිහා බලා ඉන්න එක. නැතිනං වැල්ලට බැහැලා පංචා බෙල්ලො අහුලන එක. හෙන විනෝදයි ඉතිං.

එක දවසක් මං ගෝල්පේස් එකේ ඉන්නකොට ආරංචියක් ආවා, අපේ සෙට් එකේ නායකයාගෙන් හවස හතරට අහවල් තැනදි මුන ගැසෙන්න කියලා. ඒක මට ආවෙත් ගෝල්පේස් එකේ වඩෙි විකුණන අපේ ලීඩර්ගෙන්. නමුත් හොඳ බිස්නස් තියෙන වෙලාව. දාල යන්නත් දුකයි. ඒත් කරන්න දෙයක් නැති කමට කොළඹ 03 එලිෆන්ට් හවුස් එක ගාව කියපු තැනට නියමිත වෙලාවට ආවා. මෙතැනට පොත් කාරයො,ටොපි කාරයො,තැඹිලි කාරයො,ඇපල් කාරයො,ත්‍රීවීල් කාරයො, කීප දෙනෙක්ම ඇවිත් හිටියා. 

...................................................................

අපි විසිර ගියා. එදා හවස ඔය අතරින් කෙනෙකුට හෙන වගකීමක් පැවරුනා. ඒ අපේ කොල්ලෙකුට පිටකොටුවෙ පොත් සාප්පුව ගාව හිටපු රුපියල් පනහට බෙල්ට් විකුනන එකෙක් ගහලා. රුපියල් සීයට ඔරලෝසු විකුනන පොරකුයි ලංකට් විකුනන පොරකුයි තමා අරුන්දැට සපෝර්ට් කරල තියෙන්නෙ. ඒ සීන් එක කිව්වම මගෙයි රණතුංගගෙයි ඇඟේ මාළු නටන්නට වුනා. විනාඩි කිහිපයක් යනකම් කතා කරගන්න බැරිවුණා. ජයලතාගෙ ඇඟ වෙව්ලන්න වුනා කියල පොරම තමා කිව්වෙ. යකෝ... කොරනවා මදිවට තව ගුටිත් කාපල්ලකො. මටනං සිරාවටම උන්හිටිතැන් අමතක වෙලා දත්මිටි කෑවුනා. වැඩි වෙලාවක් පස්සට නොදා ෂොට් එක දෙන්නමයි මට නම් ඔිනවුනේ. කොහොමින් කොහොම හරි ලීඩර් මහත්තයා තමා අපිව ටිකක් කූල්ඩවුන් කලේ. ඒ කීයට හරි බුවාලට සොට් එක දෙනවා කියන පොරොන්දුව පිට. පොර දන්නවා සීන් එකට අපි බැස්සොත් පොරට තමා ඇප නැතිවෙන්නෙ කියලා. උන්දැ ටැමිල්. අපිත් කොළඹ නොම්මර එකේ ටැමිල් බුවාලා තමා.නලලෙ තුන්නූරු ටිකක් උලාගෙන වදමලක් නැත්තං පිච්ච මලක් කනේ ගහගෙන තමා දවස ආරම්භ කරන්නෙ.  


එදා හවස අපි හය වෙද්දි පොට් එකට ආවා. අපේ හිටියා 12 දෙනෙක්. ඔටුව පිටෝටුව කියන්නෙ ඒ දවස්වල අපිටනං නතිං ඉතිං. කාට හරි මෙිවගේ කේස් එකක් ආවොත් හෙඩ් ඔෆීස් එකට කතා කරලා තව කට්ටිය ගෙන්න ගන්නත් අපිට පුලුවන් කම තිබුනත් අපේ ලීඩර් බෝධිය ගාව හිටපු තනි තරුවෙ පොලිස් සර්ව දුරකතනෙන් බැලන්ස් කරල තිබුන නිසා එච්චර තරමක් දුර යන්න අපිට උවමනාවූයේ නැහැ. 

එතැනට ඇවිත් ජයලත් සහ තව දෙන්නෙක් අරුන්දැලාගෙන් අපේ බුවාට ගැහුව හේතුව අහද්දි පොර මෙයාලටත් ටෝක් කරන් ඇවිත්. මම හිටියෙ හරියටම බෝධිය ඉස්සරහා. ඒ ඔළුව ඉස්සරහට හරවගෙන හිටියත් ඇස් දෙක  දකුනු පැත්තෙ යන සීන් එකට එන්ටර් කරගෙන ඒ දිහා බලාගෙන. එතන චූටි කතාවක් ගිහින් බෙල්ට් කාරයා ජයලත්ගෙ උරහිසෙන් අල්ලල තල්ලු කරනවා මං දැක්කා. ජයලත් අත් දෙක දෙපැත්තට දාලා දෙපැත්තෙන් හිටපු අය නවතලා නැවතත් පොරම කතාවට බැස්සා. ඒත් බෙල්ට් කාරයා දමනය නොවෙන පාටකින් වැරදි මිනිහගෙන්ම ගේම ඉල්ලුවා.  විනාඩි පහක් යන්න ඇති. මං දැක්කෙ ජයලත් ඉන්න තැනම ඉඳලා වම් පැත්තට ටිකක් හැරිලා කකුල උස්සනවා විතරයි,බෙල්ටි කාරයා ඔරලෝසු බක්කියකුත් පෙරලගෙනම විසිවෙලා ගිහින් වැටුණා. අන්න ආරච්චිට මළ පැනපු තැන. මට උන් හිටි තැන් අමතකවුනා. කරන රස්සාව ගැන අමතක වුනා. මං ⁣අපේ තාත්තගෙන් ඉගෙන ගනිපු කුණු හරප දෙකකුක් කියාගෙන දුවගෙන ගිහින් බිම වැටිච්චි පොරට පයින් එකක් ඇන්නම එතන තිබුනු රෙදි කඩෙි පොරක් කතුරකුත් අරං එළියට බැස්සා. ඒ වෙලාවෙ මට කරන්න දෙයක් ඇත්තටම තිබුනෙ නෑ. ඒකට බැස්සෙත් ජයලත්. උගේම කඩෙි රාක්කෙකින් ඇදල ගත්තු කලිසම් රෙදි පීස් එකක් අත් දෙකෙන්ම අල්ලල කරකවලා බෙල්ලට එකක් එකයි දුන්නෙ, පොර කරකැවිලා ගිහින් වැටුණා. පස්සෙ පයිනුත් එකක් ඇන්නම ගුටි කාපු එකා කඩෙි ඇතුලෙ තිබුනු පඩිපෙළ උඩට වීසික්ක වෙලා ගිහින් වැටුණා කියලා ඒක දැකපු කෙනෙක්මයි කිව්වෙ.  හම්මට කියාල්ලකො, තව ත්‍රීවීල් කාරයො දෙන්නෙක් ආව කියාල්ලකො එතෙන්ට. ජයලත් දෙන්නෙකුට ගැහුවා,මං එකෙකුට ගැහුවා ලීඩර් මාත්තියා එකෙකුට එකයි ගැහුවෙ,ඌ අඬාගෙන වැඳගෙනම බිම ඉඳගත්තා. මෙිවා සේරම වෙන්න ඔන්නං විනාඩි දහයක් දොළහක් යන්න ඇති. එක පොලිස් මහත්තයෙක් ආවෙ නෑ සීන් එක සැන්ටිමැන්ටල් කරන්න, අපි අපේ ගේම අමු හැන්දෑවෙ දෙනෝදාහක් මැද්දෙ ගැහුවා. 

අන්තිමෙි වැඩෙි ශේප්වුනා. ඒ බෙල්ට් එකාට එතන කිසි විටෙක බෙල්ට් විකුණන්න බෑ. කඩ කාරය නෙමෙි ජයලත් එක්ක ඇවිලිලා තිබුනෙ, ගෝලයා. ඌව වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ කඩෙන් අස් කලා. අපි අන්තිමෙි පිට කෛාටුවෙ හෙන ගෙම්බර් එකෙන් හිටපු තුන් දෙනෙකුට හිතේ හැටියට වනලා, පිටකොටුවෙ පාතාලයෙ පුංචි කොටසක් අපේ අතට ගත්තා. හැබැයි අපිට ඔිවාගේ දේවල් බැරිවුනානං තාමත් පිටකොටුව ගිනිගන්නවා. ඊට පස්සෙ ලැව්ගින්නක් වගේ ඔික කඩවීදි පුරා පැතිරිලා ගියා.අපිත් ටිකක් බයෙන් හිටියෙ. ඒ කොහෙන් කොයිවෙලාවෙ දැලියෙක් ඇදේද කියලා. හැබැයි එහෙම එකක්නම් වුනේ නෑ. එදා අපිත් එක්ක හිටපු ත්‍රීවිල් කාරයෙක් තාම එතන ත්‍රීවීල් එලෝනවා මට ළඟ දවසකදි හම්බ වුනා. ඒ තව ත්‍රවීල් පහක් හයර් එකකටත් දීලා, තමනුත් එකක් හයර් කරන ගමන්. අපිට තමා කලිසනුයි වඩෙිය් පත්තරයි සිංදු පොතුයි විකුනලා ගොඩ යන්න බැරිවුනේ.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.11.18