අඳුරක ගිලෙන නුබ ගැබ තරු පිරිස අරා
අහිමිව වසත් කාලය පිණි කඳුළු පුරා
බටහිර අහසෙ හිරු වැලපේ මියෙන තුරා
පුරහඳ නැගේ හන්තානෙන් ලොවට හොරා
තඹරුන් සුපිපි විල දස දෙස සුවඳ කෙරූ
බමරුන් සමග රැඟුමන් වෙති සිතැඟි යුරූ
අමතක නොකල මැන ලෝකය තිබෙන තුරූ
මම වෙමි එ විල විකසිත කල එකම හිරූ
සත්සර බිඳුනු තාලය සවනට නාසත්
දැල්වුනු පහන් එළි මැද විය මද හාසත්
නෙත් යුග ලබන්නට දී කඳුලැලි පාසත්
ඉස්මතු කලෙමි නුඹ ඉදිරියෙ ගති බෝසත්
මතු අත් භවක මා මිහිමව කුසේ අරා
සමතිස් පෙරුම් බලයෙන් පින හිසේ දරා
විවරණ ලබා පව අව්ඳුව ලෙසේ ඉරා
බුදු වෙන භවෙි වෙනු මැන මගෙ යශෝ දරා
රුවින් පමුද්ත යද්දෙහිආරච්චි
2010.09.16
No comments:
Post a Comment