මෙි කාලෙ මට හරි වියදම්. ආයෙ මොනාද කියනවනං නිකන් ටවුමට ගිහින් එන්නත් තුන් හාරදාහක් යනව. ඒකටත් එක්ක අපේ බවලතීත් සෙට්ටුනානං ගොඩෙි ගොඩ. එවුන්දැට කඩෙික බෝඩ් එකක් බලන්නත් දාහක් දෙදාහක් යනව. ඒක මට විතරක් නෙමේ තව ගොඩක් අයටත් එහෙම තමා.
මං ගියානෙ මෙි ලඟදි පොලේ. මෙි ගමනටනං එවුන්දැ එක්කාසු කර ගත්තෙ නෑ. මොකද මං එයාව ගමනකට එක්කාසු කර ගන්නවනං ඒ අතේ යහමින් තියෙන දවස්වලට විතරයි. මෙදා මං තනියම ගියේ. ඒත් ඉතින් තනියටනම් ඔින තරම් මග ඉන්නව. මගේ පාඩුවෙි ගමන ගිහින් වැඩෙිත් කරගෙන එන්න මං ගොඩක් පරිස්සම්. එදා කිරිඳිවැල පොලට ලස්සන සුදාම්මි කෙනෙක් ඇහිත් හිටියා. දනහිසෙන් උඩට වියතක් කොටයි සාය. බුලිලත් පේනවා. මගෙ රබර් ඇහැත් මට නොදැනිම ඒ පැත්තට හැරිලා හිතට එව්ව මෙව්ව වෙන්න ගත්තා. ආයෙ මොනාද මයෙ අප්පලා, බුලිලෙ බය නැතුව ඔිමි අතක් හත්වාසියක්,තුන්සිය හතරක් කැත නැතුව ගහන්ඩ පුලුවන්. පොලිසියෙන් පැන්නොත් හැංගෙන්ඩත් ඔින තරං ඉඩ. උන්දැ එලවලු තෝරන්න නැමෙද්දි මයෙ අප්පේ..... ඉතින්. අනවස්සිය ඒව සම්පූර්නයෙන් නොපෙනුනත් බාගයක්නං පේනවා. ඒ කෙලින්ම මෙහා පැත්තෙ පලතුරු විකුනන එකා යටි ගිරියෙන් මොරදෙනවා පලතුරු ටික විකුනගන්න. සාමාන්නියෙන් පලතුරු විකුනන්න කෙනෙක් කෑ නොගැහුවත්, මෙි චිත්තරේ දැක්කම මට හිතුනෙ මූට ඉබෙිටම කෑ ගැහෙන්න ඇති කියල.
ආ... එන්න නෝනා මහත්තයා.. අල්පොන්සු අඹ..අල්පොන්සු අඹ.. කිලෝව තුන්සීයයි කිලෝව තුන්සීයයි.අල්පොන්සු අඹ අල්ල පොන්සු අඹ.. අල්ල පොන්ස් අඹ.. ඉල්ලල අඹ ගන්ඩ..ඉල්ලල අඹ ගන්ඩ.. එන්ඩ එන්ඩ..
මෙිකා මෙි කෑ ගහන්නෙ අර ලමිස්සි එලවලු, ලූනු තෝරන්න නැමෙන නැමෙන පාරට සහ ඒ තාලෙට.
එන්ඩ එන්ඩ නෝනා.. උක්කන්ඩ උක්කන්ඩ, කලු උක්,ගැට උක්..දත් ඇතිදා උක්කන්ඩ...
අරුන්දැ නැමෙනකොට..
අනෝදා ආනෝදා..ආන් නෝදා අන්න හොඳා... ගෙඩිය හොඳා..
අන්නාස්සී අන්නාස්ස්ස්සී ආන්නේස්ස්සී..ආන්න ඒසී.....
මිනිහා බර්ස්ට් එකේම ගහනව.. එන්ඩ එන්ඩ උක් කන්ඩ, උක් කන්ඩ, ආන්නොහොඳා..අල්පෝන්සුවාඹ..ආන්නේස්ස්සී...
ඉල්ලල අඹ ගන්ඩ ඉල්ලල අඹ ගන්ඩ..රෝස පාටයි රෝස පාටයි අල්ලපෝන්සුවාඹ....එන්න එන්න උක් ගන්ඩ උක්කන්ඩ
මූ කියන්නෙ මොකද්ද කියල මට තේරුනත් මං හිතන්නෑ වෙන කාටවත් ඔික තේරුනා කියලා. ඒකටත් කලාත්මක හිතක් තියෙන්න ඔින.
මාත් හිමින් සැරේ ඒ ඉටිරූපෙ ඉන්න තැනට කිට්ටුකලේ වල් කමටමත් නෙමෙි. ඒ දැරිවි ගත්තු එලවලු වලින් ටිකක් ගත්තොත් හොඳයි කියල හිතුනු හිංද. මයෙ අප්පේ බලන්ටෙපැයි පුසුඹ. ආයෙ මොනාදප්පා... පොලේ තියෙච්ච කුනු වෙච්චි ගෝවා ලීස් කොලවලිනුයි වැස්සට තෙමිච්චි කරවල වලිනුයි පුසුඹ අරං හමාඑන මද සුළග මෙයැයිගෙ පුසුඹත් කලවන් කරගෙන ඇවිත් නාහෙ වැදුනම මට, මද කලන්තෙ ගතියකුත් එන්න ආව. ඒකත් බෝම අමාරුවෙන් එව්ව මෙව්ව කරගෙන හිමින් සැරේ කිට්ටු වෙලා මාත්..
*උන්නැහේ.. ලූනු කියද.
*එසිය ඇටයි මාත්තයා..දාමුද කිලොවක්..
*මං ගොඩටම නෙමෙි ගාන ඇහුවෙ. කිලෝවක ගාන.
මිනිහ මට උත්තර දුන්නෙ අරුන්දැ නැමිල බටු තෝරද්දි දියට පනින්න හදන හංසයො දෙන්නෙක් දිහා බල බල.
*එහෙනං පන්සීයක් දාන්නකො.
මුරුංගා කීයද?
*බාගෙ ඇටයි මාත්තය.
*බාගෙයක් දෙන්ඩකො. බටු කීයද?
*එලෝලුනං මෙි දවස්සල සුට්ටක් ගනන් මාත්තය, මාත්තයට හිංද පන්සියට අසූවක් දෙන්ඩකො.
*තමුන්නැහේ මාව අඳුරනවද?
*නෑ. ඇයි මාත්තයා ඒම ඇවුවෙ.
*නෑ මට හිංද අසූවක් ඉල්ලපු නිසා. බටු එපා. මෙි දවස්වල මං ගෙදරනෙ ඉන්නෙ.අනික ඔය බටු මදි.
කැරට් කීයද?
* එකසිය විස්සයි
*ගොඩටම නෙමෙි ඇහුවෙ.
*මොන හුක්.. මුදලාලි එහෙම කිව්වම ඒ වෙලාවෙ අල්ලපු පොට්ටෙකේ මුකුනුවැන්න තෝරමින් හිටිය ඒ ලමිස්සිත් මා දිහා හැරිල බැලුවා. සිස්.. හීනි හැපියක් නහරවැල් දිගේ ඇදී ගියා. ඒ කියන්නෙ එයාලා අපි දිහාත් බලනව.
ඒ සුදාම්මි මං දිහා ටික වෙලාවක් බලා ඉන්නවා මගේ රබර් ඇහැට දැකල,මං හැරිලම එයා දිහා බැලුවා. එයා යන්තමට ඔලුව ඇල කරලා හිනාවෙලා අනික් පැත්ත බැලුවා. මෙික මට ප්‍රහේලිකාවක් වගේ වුනු නිසා මං එයාට නොදැනෙන්න එයාගෙ පස්සෙන් ගියා. එයා සිල්ලර අයිටම් තියෙන තැන නැවතිලා කව්පි මුංඇට ඉල්ලද්දි මං මැද්දෙන් පැනල මිරිස්කුඩු ඉල්ලුවා. එහෙම කලේ එයාගෙ අවධානය ගන්න ඔින නිසා. එයා ආයෙ හැරිල මං දිහා බලල හිනාවුනා. මොනා හරි අහන්නත් හැදුවා වගෙ හිතුනත් මොනාක්කත් ඇහුවෙ නෑ. හැබැයි මටත් මෙි ඩෑල්ලෙක චුට්ටක් හුරුයි. ඒත් සංසාරෙ පුරුද්දක්ද කියල කව්ද්දන්නෙ. මාත් තෝර පරිප්පුයි මුංඇට පැකට් එකකුයි අරං එයා දිහා බලද්දි,
*ඔයා මිස්ටර් ආරච්චි නේද?
*යේස් අයෑම්. බට් අයි ඩෝන් රිමෙම්බර් මච් එබවුට් යූ..
*යෑහ්.. පොබබ්ලි. අයි රිමෙම්බර් යූ. ඈම් වීරසේකර, රිමෙම්බර් බැටිකලෝ කෑම්ප්.
*ඔිහ්.. යූ.... දයානි චන්ද්‍රිකා වීරසේකර
මතකයි මතකයි.. ඉතින් කෝමද? ගොඩක් කාලෙකට පස්සෙනේහ්...
ඉතින් අපි දෙන්නත් එකේකෙව්වා කතාකර කර බඩුත් අරන් කාලෙකින් හම්බුනු නිසා මංම යෝජනා කලා මොනා හරි බොමු කියල. ඒ වෙලාවෙත් මගේ හක්කෙ විටක් පුරෝල තිබුනත් ලමිස්සියෙක් එක්ක විට කක කකා යන එක කැතයි කියල හිතුනු හංද ඒකි අහක බලනකං ඉදල එක පාරටම කටෙි තිබ්බ විටෙි ගිලල දාල අඹුවයි සැමියයි වගේ ජූස් බාර් එක්කට රිංගුවා.
බීම කටක් බොනව වුනත් හීනි සංගීතයක් තියේනං හිත හදාගෙන බොන්න පුලුවන්. අපි දෙන්නම ගියේ ඒවගේ හීන් ආතල් එකක් තියෙන තැනකට. ආදර වන්තයෝ වන්තියෝත් ජෝඩු දාගෙන කපල් දෙක තුනක් හෝ ගාලා බට වලින් ඔිසෙට ජූස් අදිනවා. හරියට ඇග්‍රිමෙක් පොම්පෙකින් වෙිලිච්චි කුඹුරකට ඇලකින් වතුර ගහනව වගේ.
*අක්කා බොන්න මොනාත් තියෙන්නෙ?
කැසියර් සීට්ටෙකේ හිටපු අක්කා අයිටම් එකත් පලතුරු වර්ග විස්සක විතර නම් කිව්වත් අපි දෙන්නම එක දෙයක් තෝරගෙන කියල ඒක හදල මෙිසෙට ගේනකං කතාබහ කර කර හිටියා.
*සර් දැං රිටායර්ඩ්ද.
*ඔි. වැඩිකල් නෑ. අවුරුදු එකාමාරක් විතර වෙන්නෙ. උඹ බැන්දද.
අර රසනි භාන්ඩෙ පස්සෙන් පාන් බනිස් ඇද ඇද යන්නැතුව මෙිකිගෙ පස්සෙන්වත් ගියානං කියල මට ඒ වෙලාවෙ නොහිතුනාමත් නෙමෙි.
බලන්ඩෙපෑ, ඒ දවස්වල කෝපල් කෝපල් ගාගෙන හොටු පෙරාගෙන හිටපු උං අලුගසාදාල ආවම තියෙන අපූරුව.
*බැන්දා සර්. දැං මං කම්පැනි එකක වැඩ. මහත්තයත් ඒකෙමයි වැඩ.
*ඔයා ඒ දවස්වල කිව්වෙ රක්ෂනේක වැඩ කරන එකෙක් සෙට්ටුනා කියලනෙ. ඌවද බැන්දෙ.
*ඔි. අපි දෙන්නම දැං ඒකෙ වැඩ.
*සෝක්නෙ බම්. ඒත් බං රජේ ආයතනේක ඔහොම ඇඳුම් අඳින්න දෙනාද බම්.
*ස්සුනේ...අද නිවාඩු. එතනට සාරිය ඇඳල යන්නෙ.
ඔහොම කතාබහ අතරේ ඒකි ඊලඟට පටන් ගත්තේ ජීවිතේ අනිත්‍යතාවෙ ගැන කියවන්න. මයෙ අප්පේ බුදු හාමුදුරුවො මොනාද දන්නෙ. මෙයාලනෙ ඒක ගැන හොඳට දන්නෙ. ඒත් මං එයාගෙ මාකටින්වලට අහුවෙන්න ගියේනෑ. බිකෝස් මාත් හොඳ ඇම්ඩෙක් තමා.
ඉස්සෙල්ලාම සොට් දෙක තුනෙන්ම ජූස්සෙක ඇදපු මං,කට වටෙත් පිහදාගෙන එතනම තියාගෙන සාක්කුවෙ දාඩියට බොඳවෙච්චි කරදාසියක ඔතා තිබුනු විටෙත් ඇදගෙන දිගෑරගෙන හොඳ විටකුත් ඒදල ඒකත් ඇඟිල්ලෙන් දකුණු හක්කට තියල තල්ලු කරා. සමාජ අධ්‍යන සර් වගේ ඇඳල හිටියට කටෙි විටක් තිබුනට වැරැද්දක් නෑ. ගිලීමලෙත් ඇත දත සුද්දෝ කිව්වට ගම්පහත් දත් කහට වුන් ඉන්නවා.
*සර්නං වෙනස්වෙලාම නෑ සර්. එදා හිටපු ජෝකර්මයි තාම ඉන්නෙ.
අපිත් එතන ඉදන් ගොඩක් දේවල් කතා කර කර ඉන්න අතරේ පසුබිමෙන් හීනි බයිලා සිංදුවකුත් ඇහෙන්න ගත්තා.ඒක අපිටම ගැලපෙන එකක්.
*මලකින් බෙිරෙන පැණි බිංදූ
මීමැස්සන් බමරුන් කැන්දූ
අත්තක මී වදයක් බැංඳූ
ලස්සන කටන්දරේ..ලස්සන කටන්දරේ..
මං මොනවා කතාකලත් හිත තිබ්බෙ ඒ සිංදුවට. ඒක හරියට අපි දෙන්නා ගැන හිතලම කියන සිංදුවක් වෙන්න ඇති. ඔහොම සිංදුවට කන තියාගෙන ඉන්න ගමන් කරුමෙ කියන්නෙ ඒ රෙද්දෙ සිංදුවත් එකපාරටම ප්‍රතිවාදනය වෙන්න පටන් ගත්තා.
*මලකින් බෙිරෙන පැණි බිංදූ
මීමැස්සන් බමරුන් කැන්දූ
අත්තක මී වදයක් බැංඳූ
ලස්සන කටන්දරේ..ලස්සන කටන්දරේ..
මලකින් බෙිරෙන පැ..පැ..පැනි බි....බි... බි... බි..ංංංදුඌඌඌ
මලක්...කින් බෙි... මලකින් බෙි... මල කින් බෙි... මල කින් බෙි...මල කිම් බෙි...
පැන්න ගමන් කඩෙි අයිති නෝනා කැසට් එකට වම් පයින් ඇන්නා බිමට රෝල් වෙලා වැටෙන්න. ඒ කරල නැති බැරි කමට කුඩු විකුනල අහුවෙච්චි අර අම්මන්ඩි වගේ අපි දිහා බලල ඔලුව කැහැව්වා. ඒක ඇහිච්චි ජූස් ඇද ඇද හිටපු කපල් මූනට මුන බලද්දි මං හිත හිතා හිටියෙ නෑ. නොදැනුවත්වම වීරසේකරගෙ අතින් අල්ලගෙන ඒකිවත් ඇදන් එලියට පැන්නා.
අහන් ඉන්න පුලුවන් දෙයක්ද දෙයියනේ ඒ සිද්දවුනේ.
හොඳ වැඩෙි...
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.09.18
අම්මෝ බං සර්...
ReplyDeleteහොද වැඩේ හොද වැඩේ
රිටයර් සා. මේජර් කියල ගෙදර උන්දැට ඒවා අදාලම නෑ ,, මේක කියෙව්වොත් කොස්ස කැඩෙනකල් කෑම හම්බවෙයි...
ReplyDelete