Saturday, December 12, 2020

කුරුනෑගල 01

 කුරුණෑගල 01


කුරුණෑගලට ඇවිත් සතුටින් සමාදානෙන් ඉන්න හිතුවත් ඒකටත් කණකොකා හඬන ලයින් එකක් තිබුනෙ. සාමාන්‍ය පුරුදුවලින් වැළකී පාඩුවෙි ඉන්නනම් කටට වාරණයක් දාන්නම වෙනවා. වාරණයකුත් දැම්මා. ඒත් එහෙම ඔන්නං සතියක් ඉන්න ඇති. සුපුරුදු ගතිය මතුවෙන්න ගියේ සතියයි.


මට හිතිල තිබුනේ ආපහු යන්නමයි. ඒ වෙනුවෙන් බොරු රාශියක් කියන්නටයි කරන්නටයි උත්සාහ කලත් අන්තිමෙි මෙහෙ නවතින්නටම සිදුවුනා. මෙි අතරෙ තමා අපේ මී හරකා සාජන් මෙහාට ආවෙ. මීහරකා කිව්වෙ සැරයන් කෙනෙක්. එයා සුපිරි බුලට් එකක්. සංඥා රාජකාරි අතින් ගොඩක් ඉස්සරහින් ඉන්න කෙනෙක්. අපි එයාට මී හරකා කිව්වෙ පෙනුමටවත් වැඩ වලටවත් නෙමෙි. සංඥා පැත්තෙන් වගේම ඔිනෑම දේක බර කරට අරගෙන ඔීනෑම ගේමක් ගහන්න පුලුවන් දක්ෂයෙක් හිංද. ඒ නම මෙයාට පට බැඳුනේ අපේ ⁣බීටීඑස් එකක් (Base transmission station) තනිවම හැදුවට පස්සෙ. ඒ ඩයලොග් එකේ කොන්ත්‍රාත්තුවකට අනුව. මඩකලපුවෙිදිත් මෙයා එක්ක රාජකාරි කරන්නට මට සිදුවුනා. එහෙදිත් සාජන් අමරසිංහ අමරණීය වැඩක් කලා. 


එක් වරක් මඩකලපුවෙිදී 233 බළසේනාවට ත්‍රස්තවාදීන්ගේ ආටි මෝටාර් ප්‍රහාරයක් එල්ල වුනා. පුරා දින තුනහමාරක්  එක දිගටම එල්ලවූ එම ආටි මෝටාර් ප්‍රහාරයෙන් පළවෙනි දවසේම යුධ හමුදාවෙි ඉහල මූලස්ථානයන් සමග සංඥා සම්බන්ධතා පැවැත්වූ එකම බීටීඑස් එකටද මෙි මෝටාර් එකක් පතිතවී පුපුරා ගොස් ඇන්ටනා කිහිපයක් විනාශ වුනා.ඒ විනාශවුනෙත් අත්‍යවශ්‍යම ෆයිබර් ඔප්ටික්ස් ඇන්ටනා කිහිපයක්. 


හිතාගන්නවත් බැරි ආකාරයට ක්ෂණිකව සිදුවූ එම සිදුවීමෙන් මඩකලපුව, 23 සේනාංක උපක්‍රමික මූලය, කල්ලඩි, චෙංකල්අඩි, වව්නතිව්, ආදී ප්‍රධාන කඳවුරු හුදෙකලා වන තත්ත්වයක් ඇතිවන්නට වුනා. හදිසියේ මෙි එක කඳවුරකට හරි විශේෂයෙන්ම වව්නතිවු කඳවුරට ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ල වුවහොත් ආධාරක භඨ පිරිස් ගෙන්වා ගැනීම, සංඥා සම්බන්ධතාවයන් පවත්වා ගැනීම මෙන්ම අනෙකුත් සෑම සහයෝගයක්ම ලබා ගැනීමට වෙන කිසිදු මාර්ගයක් තිබුනෙ නෑ. තිබුනු එකම ක්‍රමයනම් මෙම බීටීඑස් එක හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කරගැනීමෙන් පමණයි.  වැලිකන්ද, මින්නේරිය මෙන්ම යුධහමුදා මූලස්ථානයට පවා ඇමතීමට කිසිදු ක්‍රම වෙිදයක් මෙි නිසා තිබුනෙ නෑ.  මඩකලපුව කඳවුර හා එයට අයත් පරිවාර කඳවුරු සියල්ලේම ආරක්ෂාව සබැඳිව ප්‍රධානම වගකීම තිබුනේ මෙි බළසේනාවට. මෙි හුදෙකලා වීමත් සමග අන්තරාදායක බව එන්නම එන්නම වැඩිවුනා. ඒ වෙද්දි අපි හිටියෙත් ආරක්ෂාව පතා බංකරයකට බැහැගෙන. ටික වෙිලාවකින් අපේ නම් අඬගසන හඬක් ඇසී ඔලුව උස්සලා බලනකොට සැරයන් අපිව හොයන බව වැටහුනා. සාමාන්‍යයෙන් එයා අපිව හොයන්නේ අත්‍යවශ්‍යම කරුණකට විතරයි. ඒ එයාලගෙත් මෙහෙ රාජකාරි යොදවා සිටි අපෙත් රාජකාරි එකිනෙකට වෙනස් නිසා. අපි සංඥා ඒකකයට අයත්වුවත් අපි මෙි බළසේනාව තුල කලේ ලිපිකරු හා ගබඩාකරු රාජකාරි විතරයි. සංඥා රාජකාරි සඳහා වෙනම සෙක්ෂන් එකක් සිටි නිසා ඔවුන් ඔවුන්ගේ වැඩ ගැන බලාගත්තා. අපි අපේ වැඩ ගැන බලාගත්තා. නමුත් ඔවුන්ගේත් අපෙත් සංඥා බළකායට පමණක් ආවෙිනික වෘත්තීන් අනුව එකමයි. මමත් ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියාකරු වෘත්තීකයෙක්.  මෙි වෘත්තීය මෙතන හිටපු අපි තුන් දෙනෙකුටම අදාල වුවත් අපි අපේ පාඩුවෙි හිටියේ.  නමුත් අපේ වෘත්තීයන් මොනවද කියල දැනගෙන හිටපු සැරයන් සහ ඔහුගේම ගෝලයෙක්වු හලහකෝන් අපිව සොයාගෙන ආවෙි බිඳවැටී ඇති සංඥා සම්බන්ධතා නැවත ඇතිකිරීම වස් අපෙන්ද සහයෝගයක් බලාපොරොත්තුවෙන්.  අපි මෙහෙ මොන රාජකාරියේ යෙදී සිටියත් මෙිවගේ දෙයක් උනාම ඒකට සහය දීම අපේත් වගකීමක්. ඒකකය කුමක් වුවත් සංඥා පවුලේ සාමාජිකයන් වශයෙන් අපට මෙි වගකීමෙන් කිසිසේත්ම ⁣මිදෙන්න බැහැ. එබැවින් සැරයන්ගේ ඉල්ලීම අනුව අපි තිදෙනාද ගහන මෝටාර් එකක් ගහපුවාවෙි, අපි මෙි ගේම ගහමු කියලා ඔහු හා එකතුව නැවත සංඥා සමබන්ධතාවයන් ස්ථාපිත කරගැනීමට අර මෝටාර් වැස්සේම තෙමි තෙමී අපේ දායකත්වය ලබා දුන්නා. 


ලඟ ලඟම මෝටාර් බෝම්බ වැටී පුපුරා යන්නට වුනා. ඒ වන විට උසාවි භූමියටත්  මෝටාර් බෝම්බ වැටිල පුපුරල නන්නත්තාර වෙලා තිබුනෙ. එක බලු බල්ලෙක් එලි පහලියක නෑ. මෙි වෙද්දි ඔක්කෝම බංකර්වල. නමුත් අපි පස් දෙනෙක් විතරක් එලියෙ ඉඳගෙන බර වැඩක.

අපිත් එතනට ආවට පස්සෙ දෙවරක් නොසිතාම ඇන්ටනා හා පළුදු වුනු වයර් නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ක්ෂණිකව අළුත්වැඩියාව ට අවශ්‍ය  උපකරනත් අරන් ටවර් එකට නැග්ගේ හලහකෝන්. සැරයන් යට ඉඳන් කෑ ගසමින් "හලහෝ, අරහෙම කරාං මෙහෙම කරාං" යනුවෙන් යටිගිරියෙන් කෑ ගසා උපදෙස්  දෙනවා. අපිත් අවශ්‍ය අනෙකුත් සහයන් එහෙ මෙහෙ දුව දුව ඉෂ්ඨ කරන්නට පටන් ගත්තා. ඒ සමග අප සිටි කිට්ටුවටම මෝටාරයක් එන හඬ ඇහිල අපි දඩස් ගාල ලඟම තිබ්බ බංකරේට රිංග ගත්තා. ඒත් සැරයන් පැන්නෙ නෑ. අපි කෑගැහුවා සාජන් පනින්ඩ පනින්ඩ කියල. ඒත් පොර හලහකෝන් ඉන්න උඩ දිහා බලාගෙන වැටෙන එක මෝටාරයක්වත් සත පහකට ගනන් නොගෙන උපදෙස් දෙනවා. ඒක පුපුරල ගියාට පස්සෙ අපි හිමීට උඩට ආවෙ ආයෙත් එකක් වැටෙයිද දන්නෑ කියල හිත හිත කල්පනාවෙන්. මෙි මෝටාර් වැටෙන එක නිරීක්ෂණය කරන්න අපේම කොල්ලෙක් තියල තිබුනෙ. එයාගෙ රාජකාරිය මෝටාර්වල පිකප් එකයි වැටෙන එකයි නිරීක්ෂණය කරල අපි ඉන්න අහල පහලකට වැටෙන ලයින් එකක් වගේනං කෑ ගහල කියන එක. එතකොට තමා අපි බංකරේට රිංගන්නෙ. මෝටාර් කිහිපයක් අපි අහල පහල වැටිල පිපිරුනත් ඒ එක පාරකවත් සාජන් බංකරේට බැස්සෙ නෑ. අපි "මැරෙන්ඩද හදන්නෙ සාජන්" කියල අහපුවම සාජන් දුන්නු උත්තරෙන් හමුදාවෙ මෙහෙමත් මිනිස්සු ඉන්නවනෙ දෙයියනේ කියල හිතුනා. අපි විනාඩියක් විතර සාජන්ගේ මුහුන දිහා බලාගෙන හිටියා. 


*කොහොමද හු%@තො, මං විතරක් පයින්නෙ,  ටවර් එක උඩ එකෙක් ඉන්නවා පේන්නැද්ද?

(එහෙම එකක් සාජන් ගාව තියෙනවා.සිවිල් එකට සේෆ්ටි ෆස්ට් උනාට එයාට සේෆ්ටි අදර්ස් ලු)


 ටික වෙලාවක් යද්දි අපිට ඉතා ආසන්නයේ මෝටාරයක් පුපුරා ගියා. ඒ සද්දෙත් එක්ක අපි ඉන්න තැනින් බංකරේට පැන්නා.සාජන් බිම දිගා වුනා.  දඩි බිඩි ගගා වැඩ කර කර හිටපු හලහකෝන් එකපාරටම තුශ්නිම්භූත වෙලා කිසිම හාවක් හූවක් නැතුව කඳවුරේ පාර පැත්ත බලාගෙන හිටියා. අපි හිතුවෙි හලහකෝන්ටත් මොකක් හරි වෙලා ඇතිමයි කියලා.  ඒත් සාජන්ගේ කුණුහරප වැලක් එක්කම පියවි සිහියට ආපු හලහකෝන් ටවර් එක උඩ ඉඳන්ම "සාජන් ජෙනිය ඉස්සරහ බංකරේට ඒක වැටුනේ.කව්රු හරි ඒකෙ ඉන්නවා, ටක්ගාල බලන්ඩෝ.. කියල හයියෙන් කෑගැහුවා. ඒත් එක්කම අපි දුවගෙන ගියා ඒ බංකරය පැත්තට.

ඒ දුටු දෙයින් අපිත් මොහොතකට සසල නිසසංසල වෙලා ගියා. බංකරේ ඇතුලෙ එකම තැන එකම පොකුරට කෙල්ලො දෙන්නෙක් මැරිල වැටිල. ඒකනම් වාවන්නෙ නැතුවම ගියා. පපුව අස්සෙ කීරි ගැහෙන මහා බර හැඬුම් වෙිදනාවක් එක්ක අපිත් දඩ බඩ ගාල කෑකෝ ගහල ඒ තුන් දෙනාව එම්අයි රූම් එකට යවන්න කටයුතු කරල ආයෙ ටවර් එක ගාවට ආවා. ආවා නෙමෙයි එවුනා. දෙයියනේ කෙල්ලො දෙන්නෙක්. එක්කෙනෙක් කලින් කතාවක කිව්ව බක්කර කුමාරසිරිගෙ ප්‍රේමවන්තිය. 


එහෙම පැයක් එකහමාරක් විතර යද්දි සම්පූර්ණයෙන්ම සංඥා සම්බන්ධතා පැවැත්විය හැකි ආකාරයට ටවර් එකේ ඇන්ටනා හා තුවාලවුනු වයර් එකක් ආදිය හලහකෝන් විසින් අළුත්වැඩියා කලා. එයා බැස්ස ගමන් සාජන් හලහගේ පිටට තට්ටුවක් දාල අපිටත් බංකරේටම වෙලා හිටපියව් කියල වෙිගයෙන් දුවල ගියේ සංඥා මැදිරියට. 


මරණය පෙනි පෙනීත් මෝටාර් වැදිච්චි කණුවක් උඩටම වෙලා හලහකෝන් කරපු ඒ වීර ක්‍රියාවටත්, අනුග්‍රහය දැක්වූ සැරයන්ටත් එදාම බළසේනාධිපතිතුමා විසින් රණ ශූර පදක්කමට නිර්දේශ කලා. දවස් කිහිපයකට පස්සේ සාජන් අපිට අරක්කු බෝතල් තුනක් ගෙනත් දුන්නා. ඒවා බළසේනා මෙිජර් තුමාගේ අනුමැතිය මතම සංඥා අංශයේ අයත් එක්ක අපි එකතුවෙලා බිව්වා. මදි හරිය අපි ගානෙ ගෙනාවා. එදා තමා මී හරකා නම පට බැඳුනෙ. ඒක අවඥාවකට නෙමෙි. වැඩ්ඩෙක් කියන පැත්තෙන් තමා බලන්න ඔිනෙ. අනික සාජන් හොඳ ක්‍රීඩකයෙක්. සිංහ සමාජයේ සාමාජිකයෙක්. ෆුට්බෝල් වොලිබෝල් තමා පොර සෙල්ලම් කරන්නෙ. එලෝලා නැත්තෙත් නැව් සහ  ප්ලේන් විතරයි කියල පොරම කියනවා. කතාව ඇත්ත.පොරගෙ එකම දුර්වල තාවය තමා පොඩ්ඩ ඇත්තං කව්රුවුනත් වැරැද්දක් දැක්ක දුටු තැනක අත මිටි මොලෝලා මොලෝලා අනින පංසල් ටොක්ක. මට දිරවන් නැත්තෙත් ඔිකමයි. පොර හොඳා. ඒත් ටොක්ක සවුත්තුයි. 


කුරුණෑගලට ඔරියන්ටෙිට් වීගෙන එද්දිම තමා මට මල්ශාලවක වැඩට යන්ඩවුනේ. ඒ කතාව කලින් කිව්වනේ. තවත් කිහිපයක් කතා කිව්වනේ. ඒවත් වෙලා මෙි වෙද්දි මං නිරීක්ෂණය නොවී තිබුනේ බළසේනාධිපති තුමාට විතරයි. ඒ අපේ හිටපු ඔිසී කෙනෙක්ගෙ අයිය කෙනෙක්. බ්‍රිගේඩියර් ඔබෙිසේකර.


ඔහොම ඉද්දි තමා මට වසර 12ක සේවාකාලයකින් පසු ඉතිරි වසර 10 සඳහා නිත්‍ය උප සේවයේ යෙදී සිටින්නට කැමැත්ත අහල යුධහමුදා ආකෘති පත්‍ර ලේඛන 08 පෝර්මය ආවෙ. ඒක එවල තිබුනේ මගේ යුනිට් එකෙන්. ඒ ඉක්මනින් සම්පූර්ණ කරල එවන්න කියල.  මෙික සීසී බලල 

*ආරච්චි, උඹට යුආලේ 08ඇවිත් තියෙනවා. ඉඳා ඉන්නව කියල අස්සන් කරල දියං කියල මට දුන්නා. මෙික එන්නෙ හමුදාවෙ සේවා කාලය අවුරුදු 10 හමාරක් සම්පූර්ණ කලාට පස්සෙ. මාත්;

*පිස්සුද සර් තව දහයක් ඉන්න. සර්ලට පුලුවන්ද මාත් එක්ක එච්චර කාලයක් ඉන්න.

*ඒකනං ඇත්ත. ඒත් කමහ් නෑ උඹෙි හොඳටනෙ කියල ඒක මගෙ අතට දුන්නා. මාත් ඒක අතේ තියාගෙන සීසී ඉස්සරහම හිටගෙන ඉන්න අතරේ එයා හමුදාව ගැන අලුතෙන් පාඩමක් මට කලා. ජීවිතේ ගැන, විශ්‍රාම වැටුපේ ඇති වැදගත්කම, හමුදාවෙි අවශ්‍යතාවය ආදී ගොඩක් දේවල් පැය භාගයක් තිස්සේ මට දේශණා කලා. කරල අන්තිමට ඇහුව

*උඹ ඉන්නවද යනවද

*යනව සර්...

සීසී ආයෙත් අරටිකම කියවන්න පටන් ගත්තේ මුලට ⁣"යකෝ" කියල කෑල්ලකුත් දාලා. ආයෙ ඇහුව

*දැන්වත් හරියට කියහං ඉන්නවද යනවද කියල?

*යනව සර්..

*මොන හුක්. ගොනෙකුට දෙයක් කියල තේරුම් කරන්න බෑ.  බීඑම් එක්කම බලාගනින් කියල ඒක ආපහු අරං බීඑම්ගෙ මෙිල් එකට දැම්මා. මෙිල් එක බලපු බීඑම් ආරච්චිට එන්න කියල පණිවිඩයක් එව්වා. මාත් ගියා.

*ආ.. මෙික කියවල කල්පනා කරල බලල කැමැත්තක් ලියල අත්සන් කරනවා.

තමුන් ඉන්නවද? යනවද?

*යනව සර්.. මදෑ දොලහක් හිටියම නේද සර් කියල මං බීඑම්ගෙන් ඇහුවා. 

ඒකට හිනාවුනු බීඑම් මට පැය භාගයක විතර සීසීට නොදෙවෙනි දේශනාවක් කලා.

*තමුන් ඉන්නවද යනවද?

*යනව සර්..

එතකොට බීඑම් පටන් ගත්තෙ "අයිසෙ" කෑල්ල මුලට දාල. ආයෙ වැඩිපුරත් එක්ක දේවල් දාල මට පැය බාගයක් විතර දේශණාවක් දුන්නා.දීල යනවද  ඉන්නවද ඇහුවා.

*යනව සර්.

ආයෙ බීම් අයිසෙ එකෙන් පටන් අරන් පැයකාලක විතර දේශණාවක් දීල.;

*දැන් තමුසෙ එලියට ගිහින් විනාඩි දහයක් හොඳට කල්පනා කරල බලල මට හරියටම ඇවිත් කියනව ඉන්නවද යනවද කියලා,තේරුණාද?

*තේරුණා සර් කියපු මං ඒ විනාඩි දහයෙන් කැන්ටිමට ගිහින් සිගරට් එකකුත් අරගෙන තව එකෙක් එක්ක ඒකත් බීල කටත් හෝදගෙන පැය බාගෙකට විතර පස්සෙ ආයෙ ආවා.

 මෙිල් එක බලල ඉවරවුනු බීඑම් මට කතා කලා.

*තමුන් ඉන්නවද යනවද?

*යනව සර්

*තමුසෙට කියල වැඩක් නෑ අයිසෙ. අන්තිම වතාවට පැය භාගයක් දෙන්නං.හොඳට කල්පනා කරල හොඳ තීරණයක් අරන් මට කියනවා. හ්ම් දැන් යනවා. මාත් ඒ පැය භාගෙන් ආයෙ ආවෙ කැන්ටිමට. ඇවිත් එතන හිටපු එවුනුත් එක්ක කයියකුත් ගහල ආයෙ ගියා.

*තමුන් ඉන්නවද? යනවද?

*යනව සර්.

*තමුසෙට කියනවට වඩා හොඳයි හරකෙකුට කතන්දර කියනවා ඔියි. කියල ඒ පෝර්මය මගේ අතට දීල ආයෙ ආපහු අරගත්තා. පපුවට අත තියල කියන්නෙ, බීඑම් මට ආයෙත් පැයක කාලයක් දුන්නා කල්පනා කරල බලන්න කියල. නිකන්මත් නෙමෙි

*ආරච්චි කියල ආදරෙන් පටන් අරගෙන ආයෙත් පැය භාගයක් පමණ දේශනාවක් දීල.

මාත් දවල්ට කාල හවස තුනේ තේ එක වෙලාවෙ ගියා බීඑම් හම්බවෙන්න.

*මොකද්ද තමුන්ගෙ තීරණේ??

*යනව සර්

*මං ආයෙ තමුසෙට කියන්න යන්නෑ. ඔච්චර කියලත් මනුස්සයෙක්නම් තේරෙන්න එපැයි කියල මට ඒක අත්සන් කරන්න දීල අත්සන් කරාට පස්සෙ පෙනනන්නත් කිව්වා.

මාත් ඒක අරගෙන විනාඩි පහක් විතර කල්පනා කරල ඉතුරු අවුරුදු දහය සේවයේ යෙදී ඉන්න කැමතියි කියල අත්සන් කලා. ඒක බීඑම්ට දුන්නම ඒක දිහායි මා දිහායි මාරුවෙන් මාරුවට බලල නිකටට ඇඟිල්ලකුත් තියාගෙන; 

*ආරච්චි, මං ඔින තරම් සොල්දාදුවො දැකල තියෙනව. හොඳට ආශ්‍රය කරලත් තියෙනවා. මෙි බ්‍රිගේඩ් එකෙත් එහෙමයි. මට සීසී කව්ද අරය කව්ද මෙයා කව්ද කොහොමද කියල හොඳට තේරුම් ගන්න පුලුවන්. ඒත් අයිසෙ මට තාම බැරිවුනානෙ තමුසෙ කව්ද කියල හරියට තේරුම් ගන්න. කොහොමවුනත් කමක් නෑ, තමුසෙ මගෙන් ගත්තෙ ආතල් එකක් වෙන්න ඇති, ඒත් අන්තිම මොහොතෙ හරි, හරි තීරණය ගත්තු නිසා තමුසෙට මොකවත් කියන්නෑ. මෙික අරන් ගිහින් සීසීට දෙනවා කියල  පෝර්මය මටම දුන්නා. 

හමුදාවෙ නිළධාරි එහෙමයි. කෙනෙක් යනවට කැමති නෑ. 

ඇත්තටම මං ඔිකෙ ඉන්න කැමතියි කියල අත්සන් කලේ ඒක සහතික කරන නිළධාරි විදියට බ්‍රිගේඩ් කමාන්ඩර් ගාවත් පැය බාගෙ බාගෙ කල්පනා කර කර උත්තර දෙන්න ගියාම කන්න වෙන කට්ට ගැන හිතල. ඊට වඩා හොඳයි සුපුරුදු කට්ටම තව අවුරුදු දහයක් කනවා කියල හිතුනා. ඒක බලපු සීසී කම්මුලට අතකුත් තියාගෙන

*හනේ යකෝ මට උඹෙි මහ එකා  වෙන්න බැරිවුනානෙ අම්මප කිව්වා. 

ඒ ඇයි අහපුවම.. එක්කොත් ඒක ඔින්නෑ..


ඉවර නෑ..


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.12.11

2 comments:

  1. Maha eka wenne ahawal eka karanna wenna athi

    ReplyDelete
  2. 1. ඉවසීම
    2. ඉවසීම.
    3. අප්පට හැමිනවීම.

    ReplyDelete