Tuesday, December 1, 2020

සාර්ථකත්වය


 ෴සාර්ථකත්වය෴

================


මිනිසුන්ගෙ චිත්ත බලයට මෙි ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ. ඒක ඉස්සෙල්ලම ලෝකෙට කරල පෙන්නන්නෙ බුදුන් වහන්සේ කෙනෙක්. 

අපි දන්නවනේ සිත් දෙකක් වශයෙන් මිනිසෙක් තුල ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ උඩු සිත සහ යටි සිත විදිහට. උඩු සිතෙන් කරන්නෙ එදිනෙදා අවශ්‍ය වෙන කටයුතු සිදු කිරීම,සමහර තීන්දු තීරණ ගැනීම ආදී දේවල්. තවත් ගොඩක් තියෙනවා. ඒවා පසුවට තියමුකෝ. නමුත් යටි හිතට පුදුමාකාර බලයක් තියෙනවා කියල කව්රුත් අවබෝධ ඥානයෙන් දන්නෙ නෑ. සුතමය වශයෙන් දන්නවා. අවබෝධයක් නෑ. ඒක හරියට අපි කව්රුත් මැරෙනවා කියල දන්නවා වගෙ එකක්. මැරෙනවා කියල දන්නවා වුනාට ඒක අවබෝධ ඥානයෙන් හරියටම අවබෝධ කරගෙන නෑ. 


මාත් කාලයක ඉඳන් යටි හිතත් එක්ක ගණුදෙනු කරන්න පටන් ගත්තා. කාටවත් අතපාලා දෙයක් ඉල්ලනවා වෙනුවට ඒ දේ මම මගෙන්ම, නැත්තං මගේම යටි හිතෙන් ඉල්ලන්න පටන් ගත්තා. ඒකෙ ප්‍රථිඵලය මට අඩු වැඩි වශයෙන් දැනෙන්න ලැබුනා. 


ඒ සඳහා මම පළමුවෙන්ම කලේ ව්‍යායාමයක් පටන් ගන්න එක. ඒ ශරීරයේ බාහිර සහ අභ්‍යන්තර අවයවයන් වලට කරනවා වගෙ එකක් නෙමෙි. මෙි ව්‍යායාමය මම කලේ මගේම යටි හිතට. ඒකට භාහිර වශයෙනුත් යම් යම් උපකරණ උපයෝගී කරගත්තා. 


උපකරණයක් වශයෙන් පළමුවෙන්ම මම සූදානම් කරගත්තේ පෝස්ටරයක්. ඒකට මගේ තිබුනු සිහින ඔක්කෝම ගැන හිතලා ඒවා සම්පිණ්ඩනයකට අරන් වැදගත්ම දේවල් ටිකක් පිංතූර වශයෙන් අරගත්තා. අරගෙන ඒ පෝස්ටරය නිර්මාණය කලා. ඒක ප්‍රින්ට් කරගෙන ඇවිත් කාටත් හොඳින් ප්‍රදර්ශණය වෙන්න මෙික මම ගෙයි බිත්තියේ එල්ලුවා. දැන් මම හැමදාම උදේට වැඩට යද්දි ඉතා හොඳින් ඔිනෑ කමින් මෙික බලනවා. බලල ප්‍රාර්ථනා කරනවා "ඉක්මනින්ම මට මගේ මෙි සිහින වෙත යන්න අවස්ථාවක් ලැබෙිවා..!" කියල. නැවත හවස ගෙදර ඇවිත් ගෙට ඇතුල් වෙද්දිත් ⁣අර විදියටම කරනවා. 

මෙි පෝස්ටරය ගැන උදාහරණයක් කියන්නම්කෝ. ටික දවසක් මෙහෙම යද්දි මෙි පෝස්ටරය මගේ යාලුවෙක් දැකලා ඒක දිහා හොඳට බලල මගෙන් ඇහුවා "මෙි මොකද්ද බං මෙි" කියල. මං ඌට සවිස්තරාත්මකව පැහැදිලි කරලා විස්තරේ කිව්වා. ඒ කිව්ව ඒවා ගැන ගොඩක් පැහැදිලා මගෙන් ඇහුවා "මෙහෙම එකක් මටත් හදල දෙන්න බැයිද මචං" කියලා. ඊලඟට මං කලේ  ඌටත් මම හදපු එකෙන්ම මමම රුපියල් හයසියයක් වියදම් කරලා ප්‍රින්ට් එකක් අරන් දුන්න එක. ඒක එදාම කලා. මෙයත් මෙික ඉතාම සතුටින් කිහිලි ගන්නගෙන ගෙදර අරන් ගිහින් හොඳට ප්‍රදර්ශණය වෙන්න එල්ලුවා. ඒ මීට අවුරුදු පහකට විතර කලින්. ඒ කියන්නෙ මං හමුදාවෙ ඉන්න කාලෙමයි මෙික වුනේ. ඒ දවස්වලමයි පටන් ගත්තෙ.


අපි දෙන්නගෙම තිබ්බෙ එකම හීනමයි.හීන කිව්වට සිහින. හීන කියන්නෙ එකක්,සිහින කියන්නෙ තව එකක්. පස්සෙ ඒ සිහින කාලයත් එක්ක එකින් එක පළ දරන්න පටන් ගත්තා. ඉස්සෙල්ලාම පොඩියට ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒක පටන් ගත්තෙ තිබුනු එකම මෝටර් සයිකලයෙන්. කාලයත් එක්ක නොදිරන පොලිතින් වෙනුවට දිරන ආදේශක හඳුන්වල දුන්නට පස්සෙ ඒව ගමෙි ගොඩෙි හිඟවුනා. එතනට තමා අත තිබ්බෙ. අවුරුද්දක් විතර යද්දි මෙි බිස්නස් එකෙන් කීය කීය හරි එකතු කරගෙන රුපියල් 295000ක් දීල මදි හරිය ෆිනෑන්ස් කරලා අළුතෙන්ම ඩීසල් ත්‍රිවීල් එකක් ගත්තා. පස්සෙ බයිසිකලෙත් විකුණලා, ඒ සල්ලිත් බිස්නස් එකට දාලා ත්‍රීවීල් ඒකේ ව්‍යාපාරය පටන් ගත්තා. ඔහොම අවුරුද්දක් විතර යද්දි ඒ වීල් එකත් මදිවෙලා ඩීමෝ බට්ටෙකුට ගියා. HT2 නිල් පාට එකක් ගත්තෙ. ඒකෙ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යද්දි හිමි එකම ඉඩමෙ පොඩි ගේ වෙනුවට හදන්න කාමර හතරක නිවසකට ප්ලෑනක් ඇන්දා. දවසින් දවස මුදල් අතගෑවෙන්න පටන් ගද්දිම ඒ පැලෑන අයින් කරලා තට්ටු දෙකක නිවසකට පැලෑනක් ඇන්දා. දැන් හිතන්න එපා තහනම් ව්‍යාපාරයක් වෙන්න ඇති,ඒකයි මෙච්චර මුදල් අතගෑවෙන්නෙ කියලා. කලේ පොලිතින් බිස්නස් එක. කොළඹ ගිහින් සිලිකවර ඉටිරෙදි ගෙනත් පටන් ගත්තු ව්‍යාපාරය කොණ්ඩෙට ගාන ඩයි පැකට් එකේ පටන් කොණ්ඩෙට ගහන කටුව දක්වා අයිතමයන් වැඩි කලා. මෙිවා එකට එකක් ලාබ ලැබෙන දේවල්. හැබැයි කඩවලටත් හොඳට ලාභ දුන්නා. ඒ නිසා කඩ කාරයොත් හොඳට හුරුවුනා. අනික තමා තොග වෙළඳාම. මෙහෙ ඉන්න මුදලාලිලා කොළඹට ලඟ නිසා සතියකට සැරයක් කොළඹ ගිහින් තමන්ගෙ කඩෙිට අවශ්‍ය බඩු ගේනවා. ඒක කව්රුත් දන්නවානෙ. මෙික කියවන , කඩ වෙළඳාම කරන අයත් ඔික කරනවා ඇතිනෙ. මෙතෙන්දි තොග වෙළඳාම පටන් ගත්තම ඉස්පාසුවක් නැතිවුනා. අඩු ලාභ,වැඩි බිස්නස් නියායෙන් ගේමට අත ගහලා ඒකත් ගොඩ දාගන්න පුලුවන් වුනා. ඒකෙන් වුනේ තමන් කොළඹ ගිහින් අමාරුවෙන් අරන් එන බඩු කොළඹ වටිනාකමට වඩා , මුලින් කෑල්ලකට රුපියල් පහක් විතර වැඩියෙන් ගන්න මුදලාලිලා හුරුවුන එක. සුපර් සෙන්ටර් ඉඳලා ගමෙි පොඩි සිල්ලර කඩෙි දක්වා හැකියාව විකාශය උනාට පස්සෙ ගොඩක් මුදලාලිලා කොළඹ යන එක නවත්තලා මෙි බිස්නස් එක වටා රොක්වුනා. එක කෝල් එකයි, තමන්ට අවශ්‍යකරන දේවල් ටික සඳුදා සහ බදාදා යන දවස් දෙකේ තමන්ට ලැබෙනවා. 

ඒකට හේතුව වුනේ රස්තියාදුව, වියදම, කාලය,ප්‍රවාහනය ආදී කරුණු. කෑම එකේ ඉඳන් ඒවටත් එක්ක යන වියදම බැලුවම ඇත්තටම මෙි මුදලාලිලට අවශ්‍ය බඩු ලැබුනේ කොළඹටත් වඩා මිළ අඩුවෙන් වගේ. 


එහෙම ඩිලිවරි සර්විස් එකෙනුත්, තොග වෙළඳාමෙනුත් අතමිට සරු වෙන්න පටන් ගද්දි ගේ හදන්න පටන් ගත්තා. මෙි අවුරුද්දේ පෙබරවාරි වෙනකොට බිම් තට්ටුවෙි වැඩ සම්පූර්ණම ඉවර කරගන්න පුලුවන්වුනා. ඒකට කනකොකා හඬන්න පටන් ගත්තේ මෙි කොරෝනා ව්‍යසනයත් එක්ක. හැබැයි කාලය අනුව තාලය වෙනස් කර ගන්න තමන් දක්ෂනම් ඒවා ගැටළු නෙමෙි. ඇඳිරිනීතියත් එක්ක ව්‍යාපාරය අභාවයට යන ලකුණු එහෙන් මෙහෙන් පහළ වෙද්දි හැකිවුනා නිවැරදි තීරණයක් ගන්න. ඒ මෙි වෙද්දි වැලිබල් ෆිනෑන්ස් එකෙන් ලෝන් එකක් දාල අරගෙන තිබ්බ අඩි දහය හමාරක ජපන් වාහනේ එළවලු සහ කරවල හාල් ආදියේ සිට තුනපහ, මිරිස්,කිරිපිටි පැකට් එකේ ඉඳලා අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග ගොඩක් පොඩි සිල්ලර කඩයක් වගේ පටවගෙන එක ගමක එක දවසක් වෙළඳාම් කිරීම. ඒකට බලපත්‍රයකුත් ලැබුනා. ඊට අමතරව පළමුවෙන්ම ගත්තු බට්ටගෙ එලවලුයි කරවලයි පටවලා ඩිලිවරියක් විදියට කරන්න, ලාබය දෙකට බෙදෙන්න රස්සාවක් නැතුව හිටපු කෙනෙකුට රස්සාවකුත් එක්ක ඒත් වෙළඳාම හොඳට දන්න හොඳ හිතවතෙකුට භාර දෙන්න පුලුවන්වුනා. සෙල්ලම් බෑ. මුදල් ගානට රුපියලක් අඩු නැතුව බෙිරන්න ඔින. හිතවත්කම් වෙනයි,බිස්නස් වෙනයි. ඒවා ලිඛිතව තමා කෙරෙන්නෙ. ඒකෙන් ලොකු ලොරියේ ෆිනෑන්ස් එක ගෙවන්නත් පුලුවන්වුන නිසා ඇරියස් නොකර වෙලාවට ෆිනෑන්ස් එක ගෙව්වා. ඒ මීට වඩා ලොකු ලොරියකට යන්න  ෆිනෑන්ස් කම්පැනි එක හොඳින් තියාගන්න ඔින නිසා. 


ඇඳිරි නීතියත් ඉවරවුනා. ආයෙ බිස්නස් එක පටන් ගත්තා. ඒකත් එහෙම වෙලා දෙවෙනි රැල්ල පටන් ගත්තාම ආයෙත් එරෙන ගතියක් ආවෙ කොළඹ තොග කඩවල් වැහුනට පස්සෙ. ඒත් ගේම් එක අතෑරියෙ නෑ. දිගටම පුලුවන් විදියට කරනවා. 

බයිසිකලෙන් කඩවල් අඳුරගෙන සිලිකවර ලන්ෂීට් වලින් පටන් ගත්තු ගේම් එක පෙර පරිදි නැතත් තමන් තාම ලයින් එකේ ඉන්නවා කියල පෙන්නන්න පුලුවන් මට්ටමෙි එකක් විදියට දැන් බිස්නස් එක යනවා. සතුටුයි ඉතින්. අපි කව්රුත් නොසිතන වටිනාකමක් ගන්න දන්නැති මෙි යටි හිත අපිට කොහොමද ගලපගන්නේ කියල  කල්පනා කරලා, ඒ නිවැරදි විදියට ගලප ගෙන අද ඇවිත් තියෙන දුර ගැන ඇත්තටම මට සංතෝෂයි. මෙි හැම දේකටම අඩිතාලම වැටුනේ මගේ පුංචි පෝස්ටරෙන් කියලා හිතෙනකොට ඇත්තටම මට ගොඩක් සතුටුයි. දැන් ඌ හොඳ බිස්නස් කාරයෙක්. ඌට පෝස්ටරය හදලා දුන්නු මම දැන් උගේ ටැම්පරි ඩැයිවර්. මගේ පෝස්ටරේනම් පැත්තක් ඉරිලා මකුළු දැලුත් බැඳලා. ඒ වුනාට මාත් තාම ඒක දිහා ගෙයින් පිටවෙන කොටත් නැවත ගෙට ඇතුල් වෙනකොටත් බලල ප්‍රාර්ථනා කරනවා. ඒ දැන් අරූ වගේ මටත් හැකිවෙිවා කියල. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.11.30

2 comments:

  1. පෝස්ටරේ ෆොටෝ එකක් නැතෙයි අපිටත් බලන්න

    ReplyDelete