Wednesday, December 9, 2020

කොරෝනා පැණිය

 කොරෝනා පැණිය

===============


කව්රුත් දන්නවනේ කොළඹ කළුතර සහ ගම්පහ කියන්නෙ කොරෝනා ත්‍රිකෝණය කියල. නැතිනම් කොරෝනාලන්තය කියල. මෙිකට සිංහල බෙහෙතක් සැකසූ ධම්මික මහතා කොරෝනා වෛරසයට බය අහිංසක මිනිසුන් දහස් සංඛ්‍යාවකට එම පැණිය නොමිලේ ලබා දුන්නා. ඔික මටත් කීවෙි මගේ යාලුවෙක්. ඇත්තටම අපේ ගමෙත් කොරෝනා හැදුනු අය ඉන්නවා. අපේ අහල පහල නිවසකත් බ්‍රැන්ඩික්ස් එකේ වැඩ කරන නංගි කෙනෙකුට ඔික වැළඳිලා ඒ පවුල නිරෝදායනයට ලක් කරල තියෙන්නෙ. ඒ ළමයා තාම හොඳවෙලා ඇවිල්ලත් නෑ. මාත් පුදුම බයකින් ඉන්නෙ මොන විදියකින් හරි ඔික අපේ පවුලටත් බෝ වෙයි කියල. ඒකට හේතුව අපෞන්දැත් නිදන්ගත රෝග කීපයකින්ම පෙළෙන නිසා. එවුන්දැට තියෙන ලෙඩ ඔක්කොම හොඳ වෙන්නනම් එක්කො ඩීඇම්ඔිල දහ පහලොවක් විතර දියකරල පොවන්න ඔින. නැත්තං ඖෂධ ගබඩාවක් හෝදල වතුර පොවන්න ඔින.  ඒත් කියන්න බෑ. ඉතින් මාත් අර ආරංචිය අනුව එහෙට යන්නේ කොහොමද කොහොමද කියල කල්පනා කර කර හිටියෙ. 


ඔහොම ඉද්දි තමා මගෙ මොළේ දකුණු පැත්ත හිරිවැටීගෙන හෙන ගහන්නා වගෙ අදහසක් ආවෙ. ⁣ඒ කොරෝනා පැණිය ගේන්න කෑගලු යනවට වඩා නිට්ටඹුව රජයේ ආයුර්වෙිදයෙන් මෙයාට තියෙන ලෙඩ දෙකකට බෙහෙත් අරං නිවැරදිව ප්‍රථිකාර කලානං තාවකාලික ආරක්ෂාවක් තියෙනවා නේද කියන එක. මොකද මගේ හිතේ බය තිබුනට අපි කාටවත් තාම ඒ රෝගය වැළඳිලා නැති නිසා. ඒ අනුව හෙටම ගිහින් බෙහෙත් අරන් එනවා කියන අධිශ්ඨානයෙන් මාත් හිටියා.


පස්සෙ මමත් වයිෆ්ව ලැහැස්ති කරගෙන යන්න ගියා ආයුර්වෙිදයට. එතන මට හුරු පුරුදු තැනක්. මොකද මගෙ ප්‍රථිපත්තියක් තියෙනව පව්ලෙ කාට උනත් බරපතල නොවන ලෙඩක් හැදුනොත් මුලින්ම සිංහල බෙහෙත් කරල බලන්න. අනික නිට්ටඹුව ආයුර්වෙිදය රෝහල පළාතේ කාගෙත් විශ්වාසය රැකගත් තැනක්. අනික් තැන තමා ඉඳිපරපෙ (පස්යාල,මීරිගම පාරෙ)  ආයුර්වෙිද රෝහල. මං මීට වසර හයකට පමණ පෙර ඉංග්‍රීසි බෙහෙත්වලින්වත් සුවනොවූ අසනීප තත්ත්වයක් වෙනුවෙන් හරියටම මාසයයි දවස් විස්සක් නැවතිලා ප්‍රථිකාර අරන් ලෙඩෙි නිට්ටාවටම සුව කරන්න බැරිවුනත් වෙිදනාව නැත්තටම නැති කරන්න පුලුවන් මට්ටමට සුවවුනේ ඉඳිපරපෙ රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබල.  මගේ ඒ ලෙඩෙි ඉස්සර යුද්ධකාලෙ වෙච්චි තුවාල හේතුවෙන් නිට්ටාවට සුවකරන්න නම් ශල්‍ය කර්මයක් කලයුතුමයි. ඒ ශල්‍යකර්මයට කාලය ටික ටික කිට්ටුවෙනකොට තමා අර වෙිදනාව වැඩිවෙන්නෙ. නමුත් වෛද්‍යවරු කියන තත්ත්වයට ශරීරය පත්වෙනකම් ඒක කරන්න බෑ. ඒකයි වෙිදනාවට ප්‍රථිකාර ලබාගන්න නැවතුනේ. ඒක හමුදා රෝහලේ අනුමැතිය මත වෙච්චි දෙයක්. ඒ වෙනුවෙන් අඛන්ඩ මාස තුනක වෛද්‍ය නිවාඩුත් ලබාදීල තිබුනෙ. 


අපි අද කව්රුත් ගණන් නොගන්නා මෙි සිංහල වෙදකමෙි කොච්චර දියුණු පැති තියෙනවද. න්‍යුකොක්සියා,ගැබාපෙන්ටින්,ඩික්ලොෆිනැක් යන ඖෂධ එක්ක තවත් සැර පේන් කිලර් වර්ග දෙකක් මට උදේ හවස බොන්න වෛද්‍යවරු නියම කරල තිබුනා. මෙි බෙිත් වෙිලකට බිව්වම මට අරක්කු කාලක විතර වෙරි එනවා. ඒත් ඒවාගේ අතුරුඵලය වෙන්නෙ ඊලඟට වකුගඩු දෙක අකර්මන්‍ය වෙන එක. නැත්තං තව තව ලෙඩ. ඒ බයත් එක්ක තමා මං සිංහල වෙදකමට මාරුවුනේ. අපරාදෙ කියන්න බෑ හමුදාවෙන්නං අනුමැතිය දුන්නා ඒ ප්‍රථිකාර ලබාගන්න. මං ඒ රෝහලට ඇඩ්මිට් වුනේ ක්ලැචස් දෙකට අමතරව තව දෙන්නෙක් නොවැටෙන්න මාව අල්ලගෙන.මාසයයි දවස් විස්සකින් ප්‍රථිකාර ලබාගෙන එළියට ආවෙ තනි ක්ලැචස් එකකින් තනිවම. මං ඉද්දිම අංශභාගෙ හැදිච්චි වයසක මනුස්සයෙක් නවත්තන්න අරන් ආවෙ දෙන්නෙක් හරහට වඩාගෙන. මටත් කලින් සුවවෙලා රෝහලින් පිටවෙලා ගියේ කිසිම ආබාධයක් නැතුව තමන්ගේම දෙපයින් ඇවිදගෙන. පොලොන්නරුව, වව්නියාව,මාතර නුවරඑළිය ආදී ප්‍රදේශවලින් අහිංසක රෝගීන් මං ඉද්දිම මෙි රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබාගත්තා. මෙි රෝහලේ කටු චිකිත්සාව පවා කරනවා. ඉතින් අන්න ඒවගේ තැනක් තමා ඉඳිපරපෙ ආයුර්වේද රෝහල කියන්නෙ. අපිට ගෙදරින් ගේන දේවල්වලින් කෑමට ගන්න පුලුවන් වෛද්‍යවරු නියම කරන පළතුරු වර්ග පමණයි. ඒකත් රෝහලින් දෙන ප්‍රමාණයට අමතරව විතරයි. ඒ ඒ රෝගියාට සුදුසු ඒ ඒ ආහාර දෙන්නෙ රෝහලෙන්මයි. ඒවා විතරයි අපිට කන්න පුළුවන්. ඒක මටත් එහෙමයි. පළතුරු විදියට මට නියම කරල තිබුනෙ සීනි කෙසෙල් විතරමයි. ඒවා මට රෝහලිනුත් දෙනවා,ගෙදරිනුත් ගෙනත් දෙනවා. කොහොම හරි මං ශල්‍ය කර්මය කරන්න මාස හයක් පමණ කිට්ටු වෙනකම් වැඩි වෙිදනාවක් නොමැතිව හිටියෙ ඒ සිංහල ප්‍රථිකාර ක්‍රමය නිසා. අන්න ඒකයි මං බරපතල නොවන ලෙඩක් ඇරෙන්න කිලෝමීටර් තුනක් විතර දුර තියෙන වතුපිටිවල මූලික රෝහල පහුකරගෙන කිලෝමීටර් දහයක් දුර නිට්ටඹුව ආයුර්වෙිදයට හරි කිලෝමීටර් දා හතරක් දුර ඉඳිපරපෙට හරි යන්නෙ. මෙිවා ගොතපු කතා නෙමෙි, සත්‍යම කතා. පපුවට අත තියල කියන්නෙ. 


මාත් වයිෆ්ව අරගෙන ගියා ආයුර්වෙිදයට. ඒ වෙද්දි දෙන්නයි ඇවිත් හිටියෙ. ලේඩි ඩොක්ටර් මාව දැක්ක ගමන් අඳුනගත්තා. ඒයා හරි ලස්සන ශ්‍රියා කාන්තාවක්. කොණ්ඩෙ මොනර පිහාටු වගේ දිලිසෙනවා. සුදුයි, බතලමත් නෙමෙි,ටිකක් විතර චබී. පට්ටම හැඩයි. කතාවත් හරි සීදේවීයි.එයා ගාව තිබුනු විශේෂම දේ තමා හොඳට පැහැදිලි කරල ලෙඩෙි ගැන කියන්න පුලුවන් වගේම එයාට ඔිනෑ තරම් කාලයක් ඒවා අහන් ඉන්නත් පුලුවන් තරමෙි මානසිකත්වයක් කාල වෙිලාවක්  තිබීම. "ඒ ඩොක්ටර් දැක්කත් ඇති සමහර ලෙඩ ඉබෙි හොඳ වෙනව බං"  කියල කිව්වෙත් මගේ උපදෙස් අනුව එතනින් බෙිත් ගන්න ගියපු මගේ යාලුවෙක්. දැන් කියන්න එපා අර උඩින් කිව්වෙ බොරු, මූත් එතෙන්ට බෙිත් ගන්න යන්නෙ අර ඩොක්ටර් හිංදාය කියල. එහෙම එකක් නෑ. ලස්සනට ලස්සනයි කියන්න බැයිනම් මෙි ඇස් දෙකෙනුත් කටෙනුත් වැඩක් නෑ. මට එයා දිහා බලාගෙන බත් කල්දේරමක් වුනත් කන්න පුලුවන්. චූර්ණ කල්ක ගුලි තෙල් හොන්ඩරයක් උනත් බොන්න පුලුවන්. මාත් වාරය ආවම ඩොක්ටර් ගාවට ගියා. ගිහින් එකත්පස්ව ඉඳගෙන මෙයාට තියෙන ලෙඩ ඩොක්ටර්ට කිව්වා. කලින් බෙිත් ගත්තු තුණ්ඩුවත් දුන්නා. ඒ තුණ්ඩුවට අනුව කලින් දුන්නු බෙහෙත් වට්ටෝරුව පොතේ බලල ඒකට තරමක් සුව වෙලා තිබුනු හිංද අද වට්ටෝරුව මාරුකරල වෙන වට්ටෝරුවක් දුන්නා. ඒකට කලුපාට ගුලි වගේකුයි ගාන්න තෙලකුයි බොන්න අමුතිත්ත පැණියකුයි දුන්නා. මං කාලෙ කුප්පියේ මූඩිය ඇරල සුවඳ බලද්දි පට්ටම කහට සැරක් පැණියෙන් ආවෙ. මෙික අපෞන්දැට පොවනවා කියන්නෙ මට හෙන ගේමක් දෙන්නම වෙනවා. අඩුම වෙිලකට කුණුහරප දෙසීයක් දෙසිය පනහක් කියන්නම වෙනවා. මොකද මං මෙිකි ගැන හොඳට දන්න නිසා. ඒකිත් හරියට "පව් හිංද කෑලි නොකන ඒත් හොදි කන" ජාතියේ භාණ්ඩයක්. තනිකර අඹෙිවෙල පට්ටියෙන් පැනපු ගොන් නෑම්බියක්. ඒකි හිතං ඉන්නෙ ඒ ඒකිගෙ හුරතලේ කියල. ඒත් තේරෙන්නෑ ඒ හුරතලේ හිංදම දවසකට මගෙන් කණ්අඩි පාරවල් කීයක් කනවද කියල. ඔිං ඔහොමයි මෙවුන්දැගෙ කල්කිරියාව. මාත් බෙිහෙත්ටික අරගෙන මල්ලෙ දාගෙන අර දොස්තර නෝනටත් කීප සැරයක්ම "එහෙනං ගිහින් එන්නං  ඩොක්ටර්"කියල කිව්වට පස්සෙ එයත් "හා හොඳයි, අඩු නැත්තං ආයෙත් එන්ඩකො" කිව්වම ගෑනිවත් අරං එන්න ආව.අම්මප අපේ ගෑනුන්ට ගගහ එලවන්ඩ ඔිනෑ ඈ...කොහෙද අපි ඉස්සරවුනා වැඩීනෙ හැම දේකටම.


පස්සෙ ඒ ඇවිත් පළවෙනියෙන්ම කාල බීල දොස්තර නෝන කිව්ව විදියට බෙිත් දෙන්න ලෑස්තිවුනා. කරල් ගුලි බීල ඉවර වෙලා අන්තිමෙිට පැණිය. මාත් ඒක මෙිස හැන්දට එකක් පුරෝගෙන "ඇරපිය හුක් කට" කියල සත්තමකුත් දාල කට ඇරවගෙන යටි ගිරියටම බෙිත් ටික දැම්මා. නැත්තං මෙිකිට ඔිව පොවනව බොරු. මං දන්නවා තුන්වෙනි මෙිස හැන්ද පොවන්න මෙිකිට පයිනුත් ගහන්න සිද්දවෙනවාය කියල. පළවෙනි හැන්ද යටි ගිරියටම දැම්මට පස්සෙ ඒක "ලබ්බුඩ්" ගාන සද්දෙන් බීල "ඈක්කා" කිව්වා. දෙවෙනි හැන්දත් ඒ විදියට බය කරල පෙව්වා. ඒකට මෙවුන්දැ පරල වෙලා වගෙ හිටියෙ තිත්තට. තුන්වෙනි සහ අන්තිම මෙිස හැන්ද කටට දාන්න ගියහම මෙිකි ආවෙිස වෙලාවගෙ මගෙ තුනටිය හරියට පයින් ඇන්න කිහාල්ලකො. මට නේද මළම පැන්න. අල්ල ගත්ත කෙස් වැටියෙන්. මෙිකිව බය කරගන්න ඔින. නැත්තං මහ විනාසයක් වෙන්නෙ. ඒ හිංදම කෙස් වැටියෙන් අල්ලගෙන හක්කට දෙකක් අතාරින්න හැදුවා විතරයි ආයෙත් පයින් ගැහුව කිහාල්ලකො. ඒක වැදුනෙ නිකන් හරියට ගොං පයින් ගැහුව වගේ. ඒකනං මට ටිකක් රිදුනා. ඒත් එක්කම මට තේරුනා මං මොකක්හරි දේක පැටලිල ඉන්නෙ කියල. අතගාල බලද්දි හරිනෙ. මං නෙට්ටෙකේ පැටලිලා බිමට නොවැටී අනූ නවයෙන් බෙිරිලා. ඒ මදිවට මෙිකි කියනවා ඇහෙනවා  " මොකද බොල වල් මිනියො තෝ මගේ කටෙි ඇඟිල්ල ඔබන්නෙ" කියල. ඊටත් පස්සෙ තමා දන්නෙ බෙහෙත් පොවනව කියල හිතාගෙන මං එවුන්දැගෙ වැදගත් තැනක ඇඟිල්ල ගහ ගහ ඒකිගෙම කටෙි ඔබල කියල. මට හරියටම ඇහැරුනාට පස්සෙ උන්දැ කිව්වා "⁣තමුසෙ ආයි එහෙම ඇඟිලි ගහන්න ආවොත් දනී මං කරන දේ" කියල. මොනා කරන්න හිතොත්තුනි..මං ආයෙ අනික් පැත්ත හැරිල නිදාගත්තා.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.12.09




5 comments:

  1. බොරු කියන්න එපා අම්බරුවෝ.

    ReplyDelete
  2. තෝ නං ආලච්චි... බොගෙ කතේ ලං කිලිි කටගෑබ උන්දැ ලිවං යන්දෝනෙ...

    ReplyDelete
  3. තෝ නං ආලච්චි...

    අම්මල බො‌ට ලං කිලි කටගෑබ උන්දැ දිවිය සම්පත් ලබන්දෝනෙ...

    ReplyDelete
  4. බොහොමත්ම ස්තුතියි.. ඔබ තුමාලට ⁣කමෙන්ට් එකකින් හරි මාව ලියන්න දිරිමත් කඑනවට..

    ReplyDelete