කුරුණෑගල 05
පියරත්න පේමගෙ මස්සිනා වෙන්න ඔන්න මෙන්න තියල තමා පේමා ජීවිතේට සමුදුන්නෙ. ඒ අවිවාහකයෙක් විදියට. ඒක දුක හිතෙන මහා දිග කතාවක් පෙන්ස්.
පේමදාස සිංහ රෙජිමෙින්තුවෙ.ඒ දවස්වල කමිෂන් ගන්න රැල්ලක් තිබුන හමුදාවෙ. බලෙන් හරි කමක් නෑ කමිෂන් යවනවා. කමිෂන් යනවා කියන්නෙ අතේ ගහන පටි වලින් උරහිසේ ගහන තරුවලට මාරුවෙන එක. පේමා ඊට හරියටම මාස දෙකකට විතර කලින් මට හමුවුනා. ඒ අපි දෙන්නම ඉදිරිපෙළ සටන් වල යෙදී ඉන්නැද්දි. මම පේමව හම්බවෙන්න කිලෝමීටර් ගානක් ලයින් එකේ පයින් ගියා කීප වරක්ම. ඒ ගිහින් පේමා කෝ අහපුවම අරහෙ ගිහින් මෙහෙ ගිහින් කිව්වම හම්බවෙන්නැතුව ආපහු හැරිල එන වාර අනන්තවත් තිබුනා. මං යන්නෙත් පේමට ටකරමෙි දාල වෙිලපු දුංකල මිටියකුත් කරේ තියාගෙන. ඒ දවස්වල අපිට ලයින් එකේ සිගරට් නෑ. 11 ගැහේබ ඉද්දි මං ඒ සීඔිගෙන් පවා (එවකට ලුති/කර්නල් චන්ද්‍රසිරි) සිගරට් ඉල්ලගෙන තිබුනා. සර්ලා ලයින් එකේ විසිට් එක යද්දි විහිලුවක් හෙම කරලා හිනාවෙලා යන්න ලෑස්ති වෙනකොට ඔලුව කහ කහ වටින් ගොඩින් "මොනාක්කත්ම නැද්ද සර්" කියල අහපුවම එයාලා දන්නවා ගොනා පොල්පැල තමා අහන්නෙ කියල. ලඟ තිබුනොත් අපිට පේන්න සාක්කුවෙන් අරන් කොහෙන් හරි තියල යනව. අපි ඒක එයාලා ගියාම ගන්නව. ඒ දවස්වල නිළධාරි උනත් කොහොමද කියනවනං විධායක අධිකාරිතුමාම පොයින්ට් වලට ඇවිත් සිගරට් එකක් පත්තු කරල උගුරු දෙක තුනක් බීල අපිට පේන්න ඉතුරු ටික තියල යන්න යනව. එතුමා ගියාට පස්සෙ අපි ඒක බොනවා. ඒක සික් එකක්. එයාලා උනත් සිගරට් එකක් හොයාගන්නෙ හරි අමාරුවෙන්. ඒක හිංද ඒ දවස්වල සිගරට් වලට හුරුවෙලා හිටපු අපිට හරි සන්තෑසියක් වෙලා තිබුනෙ. සිගරට් කියන්නෙ සරීර සවුක්කියට හොඳ නැති දෙයක් තමා. ඒ වුනාට බ්‍රොයිලර්ස්ල වගේ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙන කාල පරාසයක් තුල ඉන්නකොට, ජීවිතේට උදාවෙන ඊලඟ මොහොත තවත් අවිනිශ්චිතයි කියල හිතෙනකොට, හිත් සන්තානයට ගලාගෙන එන හැඟීම් සහ සිතුවිලි රෑන් රෑන් පාලනය කර ගන්න සිගරට් එකකින් ලබාදෙන කික් එක රුපියල් ලක්ෂ ගානක් වියදම් කරල සමාජ සාලාවෙකින් තියා මොකේ කින්වත් ගන්න බෑ. අනික රණ භූමියේ හිටි අපිව දිරිමත් කරවන්න රණ ගීයකට වගේම පුදුම හැකියාවක් ඔය සිගරට් දුංකලේටත් තිබ්බා. සිගරට් නැති වෙනකොට ඒ වගකීම බය නැතුව තමන්ගෙ කරට ගත්තෙ සරුසාරව වැඩුනු නිල්ල ගැහුනු දුංකොල කොලේ. මෙික එකිනෙකාට වෙනස් වෙන්න පුලුවන්. ඒත් මං කියන්නෙ මගේ අතීතය. ඒ තමා ගෙවුනු අතීතයේ අපේ සිවිල් සමාජයට රහසක් විදියට ආරම්භ වෙලා 2009.05.19 න් පස්සෙ රහසක් විදිහටම මහ පොලවෙ වැලලී ගිය, අපේ ජීවිතේ හොඳම කාලයෙන් බාගයකටත් වැඩි කාලයක් යුද්ධයක් විසින් කාබාසිනියා කරල දමාපු අතීතය. මෙිවා නෑ කියනවනං ඌ කවදාවත් හමුදාවෙි ලයින් එකක, කඳවුරක ඉඳපු එකෙක් නෙමෙි.
පේමා කුරුණෑගල ඉද්දි සාමාන්‍ය සෙබළ හිටියෙ. මම ලාන්ස් කෝප්‍රල්. කුරුණෑගලදි අපි අතර හිතවත්කම ගොඩ නැගුනෙත් පොඩි සිද්දියකදින්. ඒ කලින් කතාවක කිව්ව කෙමා නොහොත් කෙම්පිටිය සම්බන්ධ කතාවකින්. කෙමාට අපි කිව්වෙ "කිච්චා" නොහොත් "බෙලි කිච්චා" කියල. ඊට ටික දොහොකට පස්සෙ ආයෙත් නමක් ඌට පට බැඳුනා "පුක් කිච්චා" කියලා. ඒ කියන්නෙ මූට කිචි නැත්තෙ මුගේ මල් ඇවරියට විතරයි. ඒ කිව්වෙ දත්වලට විතරයි. අනික් හැම තැනම මූට කිචි.දතුත් හිරිවැටෙනව ඇති,මූ කියන්නෑ. නැත්තං අපේ තියෙන විසේට මුගේ දත්වලටත් අනිනවනෙ. සමාන්තරව වැඩුනු කඳු දෙකක් මැද පිහිටි නිම්න භූමියට අනික් හැම තැනකටම වඩා කිචි තියෙනව කියල හොයාගත්තෙ අපේ නාරිවෙිද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිබල් ඩිස්ටිල් විසින්. ටිබල් ඩිස්ටිල් කියන්නෙ තෙවරප්පෙරුමයාට. ඌ නමෙි හැටියටම ඇල්වතුරත් තුන් පාරක් පෙරල තමා බොන්නෙ. අනික ඌට කාන්තාවකගේ යටි පල්ලෙ වැවෙන මවිල් ගහේ අගිස්සේ පටන් ඉස් මුදුනේ තියන දිගම ඉසකෙයියාවෙි අග දක්වාම ගෑණු ගැන අනාවැකි කීමෙි පුදුම හැකියාවක් තිබුනා. ඒ වගේම කාන්තාවන්ට වැළඳෙන කුර ලෙඩෙි පටන් හිස්සොරි පොත්ත දක්වාම හැදෙන ඔිනම ලෙඩක් රෝගයක් ගැන හොඳ දැනීමක් සහ අවබෝධයක් වගේම ඒවා විස්තර කර කීමටත් මූට සුපිරි ගණේ හැකියාවක් තිබුනා. ඒ හැකියාව කොච්චරද කියනවනං කම්බි පොටවල් අටෙන් වටවුන කඳවුරේ හිරවෙච්චි, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම "සෙබළා" කියන චරිතයට මොහොතකට හෝ මානසික වින්දනයක් ලබා දෙන්න මුගේ විග්‍රහ වලට පුලුවන්. (අපි වගේ ඈයොන්ට නෙමෙි. අවිවාහක උන්දැලාට හොඳේ. )
එක දවසක් ඔෆීස් එකේදි ටිබල්ඩිස්ටිල් විසින් අහම්බෙන් "කිච්චාගෙ" ධාරානිපාත නිම්නයේ පාත හරියට දකුණු අතේ දිගම ඇඟිල්ලෙන් "චොක්" ගාල එකක් අනිනවා. ඒ ඇනලා ඇංජිමෙි ඔයිල් කූර දිහා බලන බැලිල්ල බලල "බලපං, ඔයිල් මදි, ඔයිල් ටිකක් දා ගනිං" නැත්තං "බලපං ඔයිල් කරවෙලා. ඔයිල් මාරු කර ගනින්" කියල උපදෙස් දෙනවා. මුගේ ලඟින් ආමි කමාන්ඩර් පලයන්, මෙිකා ඔය විදියටම ආතල් එකක් දීල ඔයිල් බලල උපදෙස් දෙනවා. ඒක මුගේ සංසාරගත පුරුද්දක්. ඔය පුරුද්දට අනුව තමා දවසක් රයිටරේ ලියුමක් ගහන කොල්ලෙක්ගෙ සහායට ලඟින් කකුල් දෙකෙන් හිටගෙන ලියුමෙි තියන දේවල් කියව කියව හිටපු කෙමාගෙ ඔයිල් බලන්ඩ ගියේ.මෙිකා "චොක්" ගාල ඔයිල් කූර බස්සපු බැස්සිල්ල කියන්නෙ, ඒකා ඒකෙන් කුලප්පු වෙච්චිපාර ලියුම ගගහ හිටපු එකාගේ ඔලුවට වැරෙන් පහරක් එල්ල කරලා,උගේ මූන ගිහින් රයිටරේ වැදිලා, ඒකෙන් කිපිච්චි රයිටරයා මූට රයිටරෙන් දමලා ගහන්ඩ ගිහින් හෙන කෙළියක් වෙලා රයිටරේ බර හිංද කිලෝ ගානක් බර පත සයිස් පයිල් එකක් කෙමාගෙ මූනට අතෑරලා, ඒකෙන් කෙමාගෙ පොල්ලෙලි දතක් බුරුල් වෙලා, ඌ ඒකට ආයෙ අමුතුවෙන් කිපිලා, ටිබල්ට වැලමිටෙන් ඇනලා,එතන හරි පස්න දාමයක් වෙලා,බලා හිටපු අපිට මන්දස්මිතයක් වෙලා, ඒකට හිනාවෙන්ඩ ගිහින් සීසීගෙනුත් පරම්පරාගත බැඳීම් පවා හුවා දැක්වෙන කුණුහරප වැලකින් තමා ආයෙ පියවි සිහියට ආවෙ. සීසීත් බැන්නෙ අතේ තිබ්බ ටිපෙක්ස් එක මිරික මිරික මුලු ලෝකයාටම හොරෙන් තමන්ගෙ මෙිසෙ ලාච්චුවට හිනාවෙවී උපැස් යුවලට උඩින් බල බල. එදා තමා දැනගත්තෙ මුගේ එතනටත් කිචි කියල.
එක දවසක් ඔක්කොගෙම අතේ තිබ්බ පයිසෙ පයිසෙ එක්කාසු කරල බොහොම අමාරුවෙන් හරි අසරන විදියට අරන් ආපු සිගරට් එකක් පත්තු කරන්න භාරගත්තු මං, බට් එක කටෙි තියල ගිනිකූරක් ගහන්න හැදුවා විතරයි එක පාරටම ඇඳේ ලඟ ඉඳන් සිගරට් එක පත්තු කරනකම් බලා හිටපු කෙමා මට දෝත පුරෝලා මූන හරහා වැරෙන්, ඒත් තදින් පහරක් එල්ල කලා. ඒ පහර කොච්චර සැරද කියනවනම් තොල් දෙක මැද්දෙ තිබ්බ සිගරට් එක නැවතුනේ පිට උගුරෙ ගිහින්. ඒ මහා වල් පේමදාසයා විසින් මං ගිනිකූර පෙට්ටියට තියල අදිනවත් එක්කම අරූගෙ නිම්නයට දකුණු අතේ දිග ඇඟිල්ලෙන් එකක් මදිවට කික් කරලා කික් කරලා හරියටම එල්ලය බලලා පිට පිටම දෙකක් ඇනලා. පලවෙනි එකෙන් සිගරට් එක පිට උගුරෙ ගිහින් නැවතුනා. දෙවෙනි සොට් එකෙන් මහා බඩවැලේ අන්ඩශ්‍රෝතයටත් ගිහින් තමා ඒ දෙපරහැන්ද නැවතුනේ. වැදිච්චි පහරවල් දෙකට වඩා දුක සිගරට් එක ගැන. ඒක බෝම අමාරුවෙන් ගත්තු එකක් පෙන්ස්. ඒකට රිටන් එක දෙන්න මං එක පාරටම නැගිටලා, ගලවලා ඇඳේ වියලෙ එල්ලෙන්න දාල තිබ්බ අඟල් දෙකහමාරක් උස බාගයක් පලල පිත්තල රනර්ස් ලොකට් දාල තියෙන එෆ්එම්සී බෙල්ට් එක අතෙත් වටයක් කරකෝලා අරං "අප්පට හුක්" කියා හඬ දීගෙන පෙමාගෙ ඉස් මුදුනටම එකක් අතාරින්ඩ පනින්ඩ හදනකොටම "හෝව් හෝව් කෝපල්, මතකනෙ එදා එදා,අර එදා ලිඳේ ලිඳේ..මතකද... එදත් මට ඔහොම එකක් තමා දැනුනෙ" කියන කොට තමා පෙර සිදුවීමක් ආයෙ මතකෙට ආවෙ.
මෙහෙ තියෙන්නෙ එක නාන ලිඳයි. ඒක අඩි දහයක් විතර ගැඹුරුයි. දවසක් අපි හවස පහට විතර නාන්න ගිහින් ඉද්දි පෙමා නැමිල වතුර එකක් ගන්න හදද්දිම මං සෙනිකව පැනල උගේ ලඟ හිටපු කිච්චගෙ ඉඟටියට ඇන්නා. ඒ වලත්තයා නොහිතපු වෙලාවක ඇතිවුන අනපේක්සිත කික් එකෙන් කුල්මත් වෙච්චි පාර කියන්නෙ, පැන්න ගමන් පේමාව අල්ලල ලිඳට විසික්ක කලා කිහාල්ලකො. නිකන්මත් නෙමෙි මූ ලිඳට වැටුනෙ. බැම්මෙත් දෙපාරක් විතර වැදිලා වැලමිටත් තැරි ගහගෙන. ඊට පස්සෙ එකට එක සෙපෝරු නිසා උස්සල කරකල ගත්තු බෙල්ට් එක මං හිමින් සැරේ පාත දැම්මා. ඒ "පස්සෙ රියල් ටයිම්මෙකක දෙන්නංකො තොට ජම්බු" කියල හිතාගෙන. ඔන්නොහොමයි පෙමා මට ෆිට්වුනේ.
හැමෝම කෙමාට අරෙහෙන් මෙහෙන් අනින්නෙ ඒ අනිද්දි උගේ කටෙන් පිටවෙන කුණුහරපෙ අහන්න. මං ඌට පස්සෙ උපදෙස් දීල තිබුනෙ "උඹට අනිද්දි කුණු හරප කියන්ඩෙපා, බුදු සරණයි කියල විතරක් කියපං එතකොට කව්රුත් අනින්නෑ" කියල. මූත් මෙික පිළිගත්තා. මොකද අපේ වුන් කුණු හරප අහන්න කැමතිවුනාට බුදු සරනයි කියනව වගෙ හොඳ දෙයක් අහන්න කැමති නෑ. මාත් ඒ වෙලාවෙම ඒක ස්ථිර කරගන්න එකක් ඇන්නා. හැබැයි පලවෙනි පාර බුදු සරණයි කියල කිව්වා. ටික වෙලාවකින් ආයෙ ඇනල බැලුවා ඒක මතකෙ තියනවද කියල බලන්න. ඒ පාර මූ කිව්වෙ "බු:හ්දු හු සන්නයි" කියල. ආයෙ ටිකකින් ඇන්නම, මොනහ්. ඒව කියන්න බෑ පෙන්ස්. කිව්වොත් බුදුන්ට අපහාස කලා කියල විඥානාර්ථ සබාවෙ කට්ටිය මට නඩුත් දායි.
කතාවට යංකො. අපි ඉදිරිපෙල සටන් භූමියෙදිත් කීප වාරයක්ම හමුවුනා. ඒ එක් අවස්ථාවකදි තමා ඌ කිව්වෙ "මචං මට කමිෂන් යන්න වෙලා තියෙනවා" කියල. එතකොට පේමා අවුරුදු එක හමාරක විතර කාලයක් තුල ප්‍රමෝෂන් දෙකක් ඇඳල හිටියෙ. මාත් කිව්ව කැමැත්තක් කරපං මචං, මට මුකුත් කියන්න බෑ කියල.මට කමිෂන් යන්නනම් ආයෙ අමුතුවෙන් මුල ඉඳන් හමුදාවට එන්න ඔින.මොකද කියනවනං මම මුලු හමුදා ජීවිතේම චොර කරගෙනනෙ හිටියෙ. බැරිවෙලාවක්කත් එහෙම ගියානං ඉරිදා ලංකාදීපෙ හෙඩ් ලයිමට තඩි පොල් අකුරෙන් " සෙබළෙක් නිවස්නයේදී ගුටිකා නසී" කියල වැටෙයි. කෝචොක් කරපුවා කේතගෙ අපලෙ වගේ කැරකිලා කැරකිලා මටම ආපහු ආපුවම කොහොමද සැප. ලැබෙයි නිකන් කනේ වැලි ගෑවෙන්න.
කොහොම හරි පේමා කමිෂන් ගියා. ඒ ගිහින් මාසෙක එකහමාරක පාඨමාලාවකුත් හදාරල උරහිසේ සුදු ඇප්ලට් දෙකකුත් ගහගෙන නැවත ඒකකයට ඇවිත් හිටියා. එතකොටත් මං ඌව හම්බවෙන්න ගියේ දුංකොල මිටියක් කරේ තියාගෙන. ඒ ගිහින් "කෝ පීඔි පේමදාස" කියල කෝපල් කෙනෙක්ගෙන් අහද්දි "ඌ අර ගහේ කෝපල්" කියල පඳුරු ගැහිච්චි කොහොඹ ගහක් පෙන්නුවා. මූ ගහේ කරටියටම නැගල ටී56 ත් පුල් ඇලට් එකේ තියාගෙන තව තුන්දෙනෙකුත් එක්ක ගීතයෙන් ගීතය කරනවා. මං ගහ යටට ගිහින්,හොඳට වටපිට බලල "මෙිං තොට දුංකොල ගෙනාවා, බැහු ගහෙන්" කිව්වා. පේමා විතරක් නෙමෙි තව තුන් දෙනෙක් හිටියා ගහේ. ඒක හරි ලස්සන අතු විහිදිච්චි කොහොඹ ගහක්. මෙි ඒකකයට පේමාව හම්බවෙන්නම ගිහින් ඇජුටන් එහෙම මං අඳුරගෙන හිටියෙ. ආර්එස්එම්,සීඑස්එම් එහෙම මාත් එක්ක ෆිට් වෙලා හිටියෙ. මගේ බැච් එකෙනුත් එස්ආර් ගියපු කීප දෙනෙක් මෙි ඒකකයෙ තාම ඉතුරු වෙලා හිටියා. පේමා එක පාරක් මා දිහා බලල, "ඔය රෙද්දත් අරං පල මෙතනින් විගහට" කිව්වා. මං දන්නවා සීන් එක. ඒත් අපේ ගති අරින්නනං මකල අමුතුවෙන් හදන්න එපැයි. අනික් තුන් දෙනත් වැඩි කතාවක් නෑ. මං දුංකොල මිටිය පේමට ගහෙන් බැස්සම දෙන්න කියල කොල්ලෙකුට දීල දැම්මා. ඒත් මෙික හමුදාවනෙ. මට පේමත් එක්ක කතාකරන්න වුනේත් මෙි ගහේ බාගයක් නැගල. ඒත් බැස්සුවෙිම නෑ. මං ඇහුවම ගහේ පැය හතරක්ලු උං හතර දෙනා ගීතයෙන් ගීතය කරන්න පටන් අරන්. ඒ ගහ උඩ ඉඳගෙන ඔෆිසර් මෙස් එකට ඇහෙන්න. මෙි ඒකකයේ ඇඩ්මින් සාජන් හිටියෙත් මගෙ බැචෙක්. ඌ සමන් කුමාර. පේමත් එක්ක කතා කරල සාජන් සමන් කුමාර එක්කත් කතා කරල එවකට කෝපල් වෙච්චි මං කෑවෙ සාජන් මෙස් එකෙන්. ඒ මට දක්වපු සැලකීමට. (සාජන් මෙස් එකක ලාන්ස් කෝප්‍රල් ඉද්දිත් කාල හෙන කේස් එකක් ගියපු කතාවක් තියෙනව. ඒක පස්සෙ දවසක කියන්නං.)සාජන් මෙස් එක කිව්වට ඒක නමට විතරයි. ටකරං පහ හයකින් ගහපු හට් එකක් තිබුනෙ. ඇතුලට යන්න තියෙන්නෙත් නැවිල. මෙතන වැසි වටයක් ඉවරවෙනකං ක්‍රියාන්විතය නැවතිල තිබුනෙ. මාත් ඒ මෙස් එකෙන් කාල බීල හවස මගේ තැනට ආව.
කෝපල් රූපවංශ වෙන බ්‍රිගේඩ් එකක රාජකාරි ගිහින්. පියරත්න ඒකකයේම හිටියත් වෙනත් අණු කණ්ඩයකට ගිහින් හිටපු නිසා වැඩිපුර හම්බවුනේ නෑ. කොහොමහරි එදා හවස පේමත් එක්ක පැය හතරක් විතර ඉඳල ඇඳිරි වැටෙන්න කිට්ටුව තමා මං ලයින් එකට ආවෙ. ඔහොමත් කාලයක් ගියා. කාලයක් කිව්වට මාසයක් එකහමාරක් වගෙ. අපි පුංචිපරන්තන් පහුකරල පරන්තන් සහ කිළිනොච්චි කිට්ටු කරල හිටියෙ. එතකොට මං ප්‍රමෝෂන් කෝස් එකක. එදා අපේ ලයින් එකටත් එක්ක ලයින් ඔක්කොටම එල්ටීටීඊ එකෙන් රැල්ලක් ආකාරයෙන් දරුණු ප්‍රහාර මාලාවක් එල්ල වුනා. මොකද කිළිනොච්චි සටන් බිමෙි ගොඩක් දරුණු විදියට සටන් ඇවිලී ගියා. අපිත් කෝස් එක පැත්තකින් තියල ඒකට මුහුන දෙන්න ලයින් එකට ගිහින් හිටියෙ. ක්‍රියාන්විතය අස්සෙත් කෝස් කියන්නෙ, කොටි ගහනව කියල හමුදාවෙ පාලන කටයුතු නවත්වන්නෑ. අපි හතලිස් අට දෙනෙක් කෝස් එකේ හිටියෙ. මෙික දවල්ට විතරයි කෙරෙන්නෙ. රෑට ලයින් එකේ. අපි පාබල ඒකකයක් විදියට රාජකාරි කලත් සමස්ථයක් වශයෙන් අපේ රෙජිමෙින්තුව වෘත්තීයමය සේවා ඒකකයක්. පාබල ඒකක හතරක් එක්ක රෙජිමෙින්තුවට ආවෙිනික රාජකාරි පමණක් ඉටුකරන ඒකක එක්ක ගත්තම පාබල රාජකාරි කරන ඒකක හතරේ අපිව අභිභවනයක් වෙන නිසා තමයි ඒ අසාධාරනය වළක්වන්න නාමික වශයෙන් හරි පාඨමාලාව පටන්ගත්තෙ.
මෙි සිද්ධියෙන් පෙමාගෙ යුනිට් එකටත් බරපතල විදියට හානි සිදුවුනා කියල ආරංචිවුනා. ඒ ගුවන්විදුලි යන්ත්‍ර පණිවිඩ මාර්ගයෙන්. අපිට වෙන්නෙ මොකක්ද උනේ මොකක්ද කියල හිතාගන්න බැරුව පුරා දින කිහිපයක් තිස්සේ ඇතිවුනු දරුණු ගැටුම් හේතුවෙන් ලඟ ඉන්න එකා ගැන පවා බලන්න බැරි වාතාවරණයක් ගොඩනැගී තිබුනේ. මොකද කියනවනං උන් හැදුවෙ අපේ ලයින් එක කොහොම හරි කඩල අපිව ආපහු හරවන්න. ඒත් එකා පිට එකා මැරී වැටුනත් අපිට ලැබෙන අණෙහි කිසි වෙනසක් වුනේ නෑ. ඒවා දිව්‍ය අණ වගේ තමා ලැබුනේ. "භොළව් යඛ්ඛ්‍යනේ!!!, පෙරටම යව්,හැකි වීරිය යොදා සතුරා නසව්,මාතෘ භූමිය බෙිරා ගනිව්, මෙි තොපට ලැබෙන අවසන් අවස්ථාවයි"
"සිංහලයිනි යව් පෙරටම යව් පෙරටම යව්..
යන හඬ ජය සකි රණ බෙර ගොස හා පට ලැව්...
විජිත පුරේ දහම් හැමූ වල්කඩ පිළිරැව්
ඇඹරී යයි සුළං පහර වස හිඳ කැළඹෙව්...."
අපිත් රණ බෙර නාදෙන් කුලප්පු වෙච්චි හරක් වගේ නිමක් නොමැති සටන් සයුරේ ගැඹරෙ පිහින පිහින හිටියෙ. ඒ සටන් වැස්ස යන්තම් තුරල් වෙද්දි දවස් කිහිපයක් ගෙවී ගිහින්. අවස්ථාවක් ලද විගසම මා නැවත පෙමාගෙ ඒකකයට කතා කලා.
*මයික් ටැංගො අහවල් ෆෝ අහවල් සිග්නල් ඔිවර්
*අහවල් සිග්නල් ඔිකේ ඔිවර්.
*රොජර්,අහවලා ඔන් සෙට්, මට ඔබෙි ඒකකයේ ඉන්න පීඔි පේමදාස ගැන විස්තරයක් දැනගන්න අවශ්‍යයි. පුලුවන්ද විසිතරයක් කියන්න ඔිවර්.
*නැවත කියන්න ඔිවර්??
*මං චාලි පපා ලීමා ආරච්චි..ඔබ කව්ද ඔිවර්.
*රොජර්, ඒ පපා ඔස්කාගේ ඔබ කව්ද ඔිවර්??
*සහෝදරයෙක් ... ඇයි මොකක් හරි ගැටලුවක්ද ඔිවර්..
ඇජුටන්ටත් මොකක් හරි මතක් වෙලා...
*රොජර් ඔබ හරි... මම සීගල් ඔන් සෙට්.අර පේමදාසව හම්බවෙන්න එන ආරච්චි නේද ඔය ඔිවර්??
*ඔබ හරි ඔිවර්..
*ඔහු මීට දවස් දෙකකට කලින් යන්නම ගියානෙ. හෙට අවසන් කටයුතු වෙන්නෙ ඔිවර්.
මට හිතාගන්න බැරිවුනා. මං හිතුවෙ ඇජුටන් විහිලුවක්කත් කරනව ඇති කියල.
*විහිලු කරන්න එපා. ඇත්ත කියන්න. මට ඔහුගැන හරියටම දැනගන්න අවශ්‍යයි ඔිවර්.
*සෙට් එකේ විහිලු කරනවද. වෙච්චි දේ කිව්වෙ,අපේ කිහිප දෙනෙක් අද එහෙ ගියා..ඔබටත් හැකිනම් ගිහින් සහභාගි වෙලා එන්න ඔිවර්..
හම්මට...... ඒ කියන්නෙ කතාව ඇත්ත. ඒ කියන්නෙ සහෝදරයෙක් වගේ හිටපු පෙමා, මගේ භොඛ්ඛා වුනු පෙමා, වස්තුවා වෙච්චි පෙමා අපිව දාල සදහටම යන්නම ගිහින්. මුං තාමත් විහිලු කරනවද දන්නෑ කියල හිතල මං හැකි ඉක්මනින් ගියේ අපේ ඔිසී හම්බවෙන්න. ගිහින් විස්තරේ කිව්වා. ඇස් දෙකේ කඳුලුත් පිරිලා. ඒත් මනුස්සකම සහෝදරකම කියන එක අපේ හදවතේ උතුරන්න තිබුනට හමුදාවෙ තිබ්බෙ "අණ" "සටන" "රාජකාරිය" සහ "පාලනය" කියන ඒවා විතරයි. අවසන් මොහොතෙවත් මට පේමගෙ මුහුන බලාගන්න යන්න අවසරයක් ලැබුනෙ නෑ.තො:ෆි: භ:ම්භු ගහගනියවු කියල ලයින් එකෙන් පැනල යන්න හිතුනත් ඒක ඊට වඩා අනතුරුදායක නිසා ඒ අදහස අතෑරල ගොඩක් අමාරුවෙන් "වෙන්වීමෙි දුක" දරාගෙන ඉවසගත්තා. ඒ ඒකකයේ හිටපු මගේ බැචෙක් තමයි පස්සෙ දවසක කිව්වෙ පෙමාගෙ පෙට්ටිය "සීල් ගියෙ බං" කියල. එදා ඉඳන් මට කව්රුත් පිට් බුවාල නෑ. ලංකර ගත්තෙත් නෑ. පියරත්න, රූපවංශ මට අවසන් වරට හම්බවුනේ පෙමාගෙ තුන්මාසෙ දානෙ දවසෙ. ඉන් පස්සෙ ආයෙ කවදාකවත් ඒ දෙන්නම මට හමුවුනෙත් නෑ. මම හෙව්වෙත් නෑ. පස්සෙ කාලෙක පෙමාගෙ නංගිව පියරත්නයා බැංද කියල අහම්බෙන් දැනගන්න ලැබුනා. රූපවංශ ගැනනම් අදටත් ආරංචියක් නෑ.
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.12.27
No comments:
Post a Comment