Thursday, December 3, 2020

සිංහපුර 04

 සිංහපුර 04.


මම සිංහපුරෙන්  කල්අඩිවලට ආවා කිව්වනෙ. ඒ ඇවිත් ටික කාලයක් මෙහෙ ඉන්නත්වුනා කිව්වනේ. එතකම් අපි කලේ පැට්‍රෝල් යන එකත් කිව්වනෙ. මෙි එතනින් එහාට.


කලින් කතාවෙ හුඟක් අයට පස්නයක් තිබ්බනේ වට අඩි දෙක තුනක කොහොඹ ගහක් කපන්න දවස් හතරක් ගියේ කොහොමද කියල දැනගන්න. ඒක මෙහෙමයි වුනේ. මුල ඉඳන්ම පටන් ගන්නංකො.


මෙි වෙද්දි මෙහෙට ඇවිත් තිබුනා සිවිල් මනුස්සයෙක්ගෙ ලොන්තපෝල් ඩෑල්ලෙකක් තියෙන මලකඩ කාච්චි ජේසීබී එකක්. ඒක ඇවිත් තිබුනේ ලිං වගයක් කපන්න. මෙහෙ වැල්ල තියෙන නිසා ලිං කපන්නෙ අපි මෙහෙ කපනවා වගෙ සිස්ටම් එකකට නෙමෙයි. මෙි යන්තරෙන් හෙන පදාසයක් හිටින්න වගා ලිඳක් වගේ දඩ සයිස් වලක් කපනවා. ඒක වතුර හම්බවෙන මට්ටමට යනකම් යනව. එහෙම දඩාර් වලකුත් කපල වතුරත් හම්බවුනාම කරන්නෙ එතන අඩියෙ ඉඳලම වලට බැහැගෙන බාස්ලා ගලෙන් ගඩොලෙන් ලිඳ බැඳගෙන බැඳගෙන උඩට එනවා.  එහෙම බැඳලා වෙිලුනාම ලිඳේ බිත්තියට හේත්තු වෙන්න ආයෙ අර ගොඩ අරන් දාපු වැලි ටික වලට දාල ගොඩ කරනව. ඒක මෙි පළාතේ ලිං කපන ආකාරය. ඔතන ඔය වැඩෙිට ගෙනත් තිබුන මෙි ජේසීබී එක තමා එකතැන දවස් ගානක් තිබුනේ. මම හැමදාම පැට්‍රෝල් යන්නෙ ඔතනින් ඔික දිහා බල බල. ඒක දකින වාරයක් පාසා මට මෙික කැඩිලද, නැද්ද, නිකන් පාක් කරලා තියෙන එකක්ද කියල දැන්ගන්නකන්  හෙන කුතුහලයක් තිබ්බා. අනික මෙි කිට්ටුවම අපි දානවා සවන්දීමෙි මුරයක්. සවන්දීමෙි මුර දාන්නෙ රෑට. දවල්ට ඇස්වලින් කරන දේ, රෑට කන්වලින් කරන්න තමයි මෙි යන්නෙ. එදාත් අපි ගිහින් ජේසිබී එක කිට්ටුව ඒත් ටිකක් වැල්ල පැත්තට වෙන්න එල්පී එක දාගෙන උන්නා. 


අපි සවන්දීමෙි මුරය යන්නෙ කිසිම සිවිල් මනුස්සයෙකුට නොපෙනෙන්න. ඒ අපි යන එන තැන් උන්දැලා දැන ගන්න ඔින නැති නිසා හා ඔවුන්ගේ ක්‍රියාකාරමුත් ඔවුන්ට නොදැනෙන්න හොයන්න ඔින නිසා. එදත් අංක අනුව අඳුර වැටුනම අපිත් නැමි නැමි ගස් ගල් වලට මුවාවෙවී හෙන ගේමක් දීල තමා ඔතනට ආවෙ. ඇවිත් කාටවත් පේන්නැතිව පඳුරක් අස්සෙ එක තැනකට වෙලා සුපුරුදු පරිදි නවයෙන් පස්සෙ ටර්න් එකක් කරගෙන ඉන්නත් කතාවුනා. මට හම්බුනේ පලවෙනි ටර්න් එක. ඒ රෑ නවයෙ ඉඳන් එකොලහ වෙනකම්. 


මාත් සෙන්ට්‍රි හිටියා. ඒත් රෑ දහයට විතර කියන්නෙ යන්තම් නිදිමතකුත් මෝදුවීගෙන එන වෙලාව. උදේ ඉඳන් කිලෝ මීටර් 24ක් ඇවිදල ඇවිදල හෙනට මහන්සි වෙලා එෆා වෙලා හිටියෙ.   ඒ කියන්නෙ කිලෝමීටර් 12 පැට්‍රෝල් රවුම් දෙකක් ගිහින් ඇවිත් හිටියෙ.කකුලුත් රිදෙනව. නිදිත් මතයි. ඒත් හමුදාවෙ ඒවට "සොරි" නෑ. ඊලඟට අනෙක් ඩියුටිය. මාත් එහෙම නිදිමතේ අඩවන් දෑසින් ඉන්නකොට මොලේ දකුණු පැත්ත හිරි වැටීගෙන ඇඟේ මයිල් ඉස්මායිල් වෙන නිදිමතත් යවාගන්න පුලුවන් හීන් අයිඩියාවක් ගලාගෙන ඇවිත් ඇඟ කිළිපොලාගෙන ගියා. ඒ තමා මට මෙච්චර කාලයක් කුතුහලයක් වෙලා තිබ්බ මෙි ජේසීබී එක කැඩිලද නැත්තං  වැඩද කියල හරියටම දැනගන්න එක. අපිත් මෙි ලඟමයි උන්නෙ. ඒ වෙද්දි මං කවදාවත් ඔිකකට නැගලවත් තිබුනෙ නෑ. 


මාත් හීන් සැරේ සෙන්ට්‍රි ඉන්න ගමන් ටුවක්කුවත් අරන් ජේසිබී එකට කිට්ටු කරා. මෙික වටෙි රවුම් දෙක තුනකුත් හැඩ බල බල කැරකුනා. හිතනම් කියන්නෙම ඔිකට නැගු නැගු කියල. හිත එහෙම කියද්දි ආයෙ දෙපාරක් බල බලා හිටියෙ නෑ.දොර ඇරියා,නැග්ගා. නැගල යතුර දාන තැන හෙව්වා හෙව්වා හම්බුන්නෑ. ඊට පස්සෙ සීට් එකේ ඉඳගෙන ඒකෙ ඉස්සරහ තියෙන අඬු පඬු ඒව මෙිව එහෙ මෙහෙ කර කර හිතෙන් මම එතන වෙනම ලිඳක් හෑරුවා. සැරින් සැරේ නැමි නැමි වටෙිම බැලුවෙ යතුරු දාන තැනක් හරි ස්ටාර්ට් කරන්න පුළුවන් විදියක් හරි තියෙනවද  කියල. යතුරු හිල නියමිත තැන තිබුනට මෙික හෙන ජිල්මාට් විදියට තමා ස්ටාර්ට් කරන්න හදල තිබ්බෙ.මෙික ස්ටාර්ට් කරන්න නම් වම් පැත්තෙ අයිනෙ වෙනම අපි බිත්තිවලට හයි කරන ජාතියෙ  ස්විච් එකකුත් දාල ඉස්සරහින් තියෙන වයර් දෙකකුත් අමුනන්න ඔින. මාත් මෙිව අත පත ගග ගගා ඉද්දි ඔික දැකල සුවිච් එක දැම්මා. ම්..හු..නෝ ඉස්ටාර්ට්.බහින්න හදද්දි තමා අඩ ලා සඳ එළියෙන් ඉස්සරහ ඈත් කරල තියෙන වයර් දෙකක් දැක්කෙ. මං ඒ වෙද්දි ලිවර් ටික එහෙ මෙහෙ ඇදල දාල එකක් දෙකක් හිරවෙලා වගෙත් තිබුනෙ. ඒ වුනත් ලිඳ නිකන් හාරලා බහින්නද කියන්නෙ?? මාත් අර වයර් දෙක දැක්කට පස්සෙ ආයෙ ගොඩවෙලා සීට් එකෙන් ඉඳගත්තා.  දොරත් වහගත්තා.


අම්මාහ්.. දෙයියෙක් දුන්න වගේ..ආසාවෙ බෑ.

ඊලඟට කෙරුවෙ අර වයර් ජාති දෙක ගිනි පුළිඟු විසිවෙද්දිම එකට අමුණන එක. ඒත් එක්කම අම්මට සිරිවුනා කියාල්ලකො. ඒක ඇමිණුවා විතරයි ගව කුණක් දැකපු වල් නරියෙක් වගේ දෙතුන් සැරයක් "කිහි,කිහි,කිහි" ගාල ඇංජිම හිනාවෙලා හිනාවෙලා හිනාවෙලා මෙි රෙද්ද ස්ටාර්ට් වුනා කියාල්ලකො. හොදම හරිය උනේ ඊට පස්සෙ. යන්තම් ඇස්ලේටරේට බූට් එකේ ටෝ  එක  විතරයි තිබ්බෙ ඉස්ටාට් කරගන්න. ඒ රෙද්ද හිරවෙලා එහෙන්. ලිවර් එහෙ මෙහෙ කරල හිරවෙලා තිබුන පාර ඉස්ටාට් වෙනවත් එක්කම අර ඉස්සරහ දඩ සයිස් අත වගේ දන්ඩ ඉස්සුනා. කුල්ල "දඩ්ඩෝස්" ගාල ගැහුනා. ඒ ගමන්ම ඒකත් අහට්ට යනවා මෙහට්ට යනවා.ඉහලට යනවා, පහලට එනවා.. මට අමුණපු වයර් දෙක ඇදල දාන්න අමතකවුනු පාර කලේ අර ඇදල ඇදල දාල හිරවෙලා තිබුනු ලිවර්ටික කෙලින් කරන එක. මොන.  මෙික දඩ දඩ ගාල එක දිගටම ගැහෙනව. අහට්ට කරනකොට "දඩ්ඩාං ටොහ්" ගාල සද්දයක් ඇහෙනව. මෙහාට්ට කරනකොට ආයෙත් "දඩ්ඩාං ටොහ්" ගාල හෙන සද්දයක් ඇහෙනව. හොඳ වෙලාවට ගියර් එක දාල තිබුනෙ නෑ. නැත්තං මුහුද දෙබෑ කරගෙන තාම යනව. ඇස්ටලේටරේ ඉස්සෙන්නෑ එහෙන්. නැවිල අතින් දෙතුන් පාරක් ඇද්දත් ඒ රෙද්දත් හිරවෙලා වාගෙ. කලුවරේ පේන්නෙත් නෑ. ඊලඟට මම මෙික කොහොමහරි නවත්තන්න දත කක කකා ඉන්නකොට එළියෙන් එක පාරටම සුපුරුදු කට හඬක් එක්ක සිංහල මිනිහෙක් කතා කරනවා කරනවා වගෙ එකක් ඇහුනා. ඒ  "බැහැපිය ප%@යා එලියට" කියනව වගෙ එකක්.  මාත් "කව්ද ඩෝ.. තිස්ස තිස්ස කියන්නෙ" කියල බලන්න ඔලුව හරවද්දි ඇස් කොනෙන් දැක්කා දන්නෙම නැතුව කරුවලේම කෝප්‍රල් ආරියරත්න ලඟටම ඇවිත් ඉන්නවා. මට හීන් දාඩිය දැම්මා. එයාම මාව එලියට ඇදල දාල පැන්න ගමන් සීට් එකේ ඉඳගෙන ඇංජිම ඔිෆ් කරන විදියක් හෙව්වා. එතකොට තමා මට මතක්වුනේ අමුණපු වයර් දෙක. 

මාත් වැඩ්ඩා වාගෙ කෝපල්ට "කෝපල් ඉස්සරහ වෑර් දෙක ගලවන්න,ඉතෝට හරි" කිව්වා. ඒකට මළ පැනපු කෝපල් ආරි සීට් එකේ ඉඳගෙනම මට පයින් ඇන්නා. ඒ වුනාට මම හිටියෙ බිම නිසා ඒක නැදුන්නෑ. කෝපල් ආරි ඒක ඇදල දැම්මට පස්සෙ ඇංජිම නැවතුනා. ඒතකොට ඉස්සරහ දන්ඩ වම් පැත්තට වෙලා කුල්ල "ඔහෙක්"  කරගෙන හිටියෙ. හම්මෙි ඇති යන්තං ඔයින් ගියා කියල හිතුනත් ඔයින් ඉවරවුනේ නෑ මිත්‍රෝර්ණි, වම් හක්කට දෙකයි, ඒක සමබර වෙන්න දකුණු හක්කට දෙකයි. එක පාරටම "ගිඩිස් ගිඩිස්" ගාල සද්දෙ විතරයි ඇහුනෙ පස්සෙ තමා රිදෙන්න ගත්තෙ. ඊටත් පස්සෙ තමා දන්නෙ කෝපල් ආරියරත්න වනල කියල.


ඊලඟට ජේසීබී එක ගාවට ගියපු බූඩ් අඩි පාරවල් මා ලව්වාම මකවල කෝප්‍රල් ආරියරත්න මාවත් ඇදගෙන පොයින්ට් එකට ගියා. දැන් මෙතන ඉන්න පුලුවනෑ. වැඩෙි සිවිල් මිනිස්සුන්ට චෙක්නෙ. අර හතරගාතෙ දාගෙන හෙන කට්ටක් කාල කලින් හිටපු පොයින්ට් එකට ආපු අපි, ආයෙ එතන ඉඳන් ඒ කට්ටම කාල වෙන තැනකට ඒ විදියටම ගියා. කෝප්‍රල් ආරියරත්න බනිනවා ඉවරෙකුත් නෑ. හිනාවෙනවා ඉවරෙකුත් නෑ. අනිකාත් හොඳට නින්දෙ ඉඳල තියෙන්නෙ. ඌත් කං කෙඳිරි ගානවා "ආයෙ අමුතුවෙන් නිදාගන්න එපැයි ⁣කෝපල්"  කිය කිය.


පහුවදාට එළිවුනා. කෑම්ප් එකටත් ගියා. උදේ අටයි තිහට පැටිග් පෝලිම් කරල ඉන්න වෙලාවෙ කෝප්‍රල් ඔික සීඑස්එම්ටත් කිව්වා. කිව්වෙ මාව නෝන්ඩි කරවන්න. ඒත් සීඑස්එම්නම් කිව්වෙ 

"උඹට පුත්තරය ගැන මීට වඩා බලන්ඩ තිබ්බා" කියල විතරයි. අනික්වුන් හක හක ගාල කෝචොක් එකට හිනා වෙනවා. කෝපල් කෙනෙක් "ඒ ජේසීබී එක ලොකුද බං"  කියලත් ඇහුවා. 

තව එක්කෙනෙක් "අපරාදෙ උඹට ගියර් එකත් දාල බලන්න තිබ්බෙ මොකක්ද වෙන්නෙ කියල. එහෙනං මෙි කිසි හෙනයක් නෑනෙ." කිව්වා. ඒ අස්සෙ කෝපල් හපුගොඩ.

*අම්මපල්ලයි සර්..මම ඔිකත් එක්ක ඩියුටියකට ගියොත් එහෙම ඒක ඉවරවෙනකං ඉන්නෙ පුදුම පරාන බයකින් කිව්වා. ආඩම්බරයි ඉතින්.


 මන්නං මට මොනා කිව්වත් මුකුත් කියන්න යන්නෑ. එහෙම ගියානං සීඑස්එම් ෆයර් වෙලා එතන අතින් අමුතුවෙන් ලිඳක් කප්පෝනවා. ඔන්න ඔිකෙ පනිස්මන් එකට තමා උදේ අටහමාරට පෝලිම් කරපුවම මට කොහොඹ ගහක් කපන්න ලැබුනෙ. කෝපල් කෙනෙක්නෙ කිව්වෙ. නිකන් අරින්නත් බෑනෙ. දැං කපහංකො ගස්. හැබැයි ඒකට තව එකෙකුත් දුන්නා. 


අපි දෙන්නත් පොරෝව කරේ තියාගෙන ගියා. ගිහින් ගහ වටෙි සුද්ද කරල ඉවර වෙනකොට දහයයි. ඊලඟට ගියා මෙස් එකට තේ එක බොන්න . ඒකට ගිහින් කයියකට හවුවෙලා එතනිනුත් සළාක ගබඩාවට රිංගල හොරෙන් සාඩිං ටින් එකක් සාක්කුවට ඔබාගන්න ගිහින් ඒක පේමට මාට්ටු වෙලා උගෙනුත් ගුටි නොකා යන්තමින් බෙිරිලා ආපහු එද්දි වෙලාව එකොලහයි. ඒ ඇවිත් පොරෝව අරන් ⁣ගහට දෙකක් දුන්නා. මොන. මෙි රෙද්ද කැපෙන්නෑ. අපේ ඇඟිල්ලකට වැඩිය මහතයි පොරවෙ කැපෙන තලේ. එතන ඉඳන් දවල් කෑම වෙලාව එනකම් කලේ පොරෝ තලේ ගාන එක.  මං ගාල ඉවර වෙනකොට අනිකා පටන් ගන්නව. ඌට ගාල ගාල ඇතිවුනාම මං පටන් ගන්නවා. ටිකකින් වෙලාව බලද්දි අම්මටසිරි වෙලාව එකයි. ඊලඟට ගියා කෑමට. මොනා කරන්නත් කාල ඉන්ඩෙපැයි.

අපි දෙන්න කෑම කාල එනකොට වෙලාව දෙකයි. ආයෙ හවස හතරෙ ඉඳන් රෑ අට වෙනකම් පැට්‍රෝල්. ඒක යන්නනම් තුනට මෙික නවත්තන්න ඔින. අපි දෙන්නත් දෙකට ඇවිත් තුන වෙනකං ආයෙ පොරෝ තලේ ඉතිරි හරිය මුවහත් තිබ්බා. ඒ හෙටවත් ගහ කපල ඉවරයක් කරන්න හිතාගෙන.


ඒ වුනාට තලේ ගාන එකෙත් තව චුට්ටක් ඉතුරුවුනා. ඒක පහුවදාට ඉතුරු කරල අපි ඩියුටියට ගියා. 


ආයෙ පහුවදා උදේ අටයි තිහට සීඑස්එම්;

*ආරච්චි දුන්නු වැඩෙි ඉවරද?

*මොන ඉවරයද්ද සර්. පොරෝ තලේ කැපෙන්නෑ. ඒකෙන් ගස් කපනවට වඩා හොඳයි කෝච්චි යන්ඩ රේල් පාරක් හදන එක.

*අද ඉවරයක් කරන්න පුලුවන්ද?

*බලමු නේස් සර්..

*බලන්ඩ දෙයක් නෑ... ඉවර කරපියව් අද ගිහින් ඈ...කියල අපි දෙන්නව ඒ වැඩෙිටම පෝල් අවුට් කලා.

අපිත් හා කියල ආව. ඇවිත් ඊයෙ නවත්තපු තැනින් අද වැඩෙි පටන් ගත්තා. බොහොම අමාරුවෙන් දත කාල කාල දවල් කෑම ටයිම් එක වෙනකොට පොරෝ තලේ ටිකක් කැපෙන්න හදා ගත්තා. ආයෙ ගිහින් කෑම කාල දෙකට ඇවිත් ගහට ඔන්නං පොරෝ පාරවල් දහයක් ගහන්න ඇති. වෙලාව තුනයි. ආයෙ හතරට පැට්‍රෝල්. අපිත් තේ බීල ඩියුටියට ගියා.

ආයෙ පහුවදා උදේ සීඑස්එම් විස්තරේ ඇහුවම;

"යකෝ තොපි බබ්බුද තාම ගහක් කපාගන්න බැරි" කියල ඇහුවා. ඒක හෙන හයියයි කියල කිව්වම මට ඇහුනා සීඑස්එම්ගේ සුන්දර මුවින් අසුන්දර වචන අටෝරාසියක් මහයියාවෙ බෝක්කු කට ඇරිය වගේ ගලාගෙන ගලාගෙන ගලාගෙන යනවා. ඒ බැනල බැනල අන්තිමෙිටම කිව්වෙ "තොපි ගොං ඩබල මැරෙනකං පැට්‍රෝල් තමා හිටපියව්කො... . බැයිනං ගහ කපල ඉවර කරපියව් කිව්ව. 


අනික්වුන් දාල තිබුනෙ බංකර් වලවල් තුනකුයි කෑම්ප් එක ඇතුලෙ තිබ්බ පොන්ඩ් එකයි සුද්ද කරන්න. උන්නං පලවෙනි දවසෙම එක බංකර වලක් කපල කණුත් හිටවලා තිබුනා. ආයෙ පහුවදාටත් අනික් වල කපන්නයි කණු හිටවන්නයි ඒ අයම දැම්මා. උන් මට නෝණ්ඩියට හිනාවෙනවා "තාම ගහක් කපාගන්න බෑ,මුගේ කටනං කෝමද" කියල. මං ඔිව ගණන් ගන්නෑ හිතෝතුනි. එව්ව ගණන් ගන්නවනං මිනී දහයක් විතර මෙි වෙද්දි මගෙ අතින් මැරිල තියෙන්න ඔින.

ඊලඟ පහුවදාත් උදෙන්ම හිස් බඩට කුණුහරපත් එක්ක බැනුම් අහල අහල

*මොන හුක් බලන්නෙ. අදත් තොපි දෙන්න පැට්‍රෝල්. ඉවරකරපියව් ගිහින් ගහ. මුං බබ්බ්බ්බු වෙලා ඉන්නෙ.එක්කො තොපි හැදෙයි,නැත්තං මං හැදෙයි... බලපියව් අනික් එවුන් බංකර් වලවල් දෙකකුත්  කපල කණුත් හිටෝල ඉවරයි.තොපි දෙන්නට තාම එක ගහක් කපාගන්න බැරිවුනා..  "තොපි දෙන්න ලව්වමයි ගහ කප්පන්නෙ දැනගනියව් ප&@%යල දෙන්නම ..කියල  අපි දෙන්නවම ඒ වැඩෙිට පෝල් අවුට් කලාම පොරෝව කරේ තියාගෙන ආයෙත් ගහ කපන්න ගියා. මෙි ගහ කපන්නෙත් බංකරේකට කනුවලටයි වහලෙට ලී ටිකයි ගන්න.


කොහෙද ඉතින් සීඑස්එම්ගෙන් බෙිරෙන්නම බෑනෙ. එදානං අපි කොහොම හරි ගහ කපල බිමට දැම්මා. ඒත් චුට්ටයි පාහින්න හම්බවුනේ තුනයි වෙලාව.

පහුවදා උදේ...

*ආරච්චි ඉවරද??

*හම්මෙි යන්තං ඉවරයි සර්. අනේ සර් ආයෙනං ගස් කපන්න දාන්න එපා. දානවනං කලින් කියන්න සර් පොරවක් සල්ලිවලට හරි ගේන්න.

සීඑස්එම්ට යන්තං හිනාවක් ගියා. එයා ජය ගත්තනෙ. ඒ කියන්නෙ අපි දෙන්න ලව්වම ගහ කප්පල පෑහෙව්වනෙ. ඊලඟට සීඑස්එම්  බංකරේ ගානට කණු කැපුවද ඇහුවම;

මම ඔලුවත් හොලෝලා

*ංආ..පාහින්න නං තව ටිකක් තියෙනව ස්ස්ස්.... සර් කියන්න හම්බුනේ නෑ අත වැලමිටෙන් නවාගෙන මං ඉස්සරහට පැන්නෙ තදින් පහරක් එල්ල කරන්න. මං ඒක නිදැල්ලෙ පාවෙලා යන්න ඉඩ ඇරියෙ මගේ දකුනෙන් හිටපු අමරසිරියව මං හිටපු තැනට ඇදල දාල මං ඌ හිටපු තැනට පැනල. බොහොම අමාරුවෙන් අහිංසකයෙකුට වදින්න ගිය පහර වළක්කාගෙන ඊලඟට අමු තිත්ත කුණු හරප වැලකින් ජාතියත් අමතන්න පටන් ගත්තෙ සභාවම තුස්නිම්බූත කරවමින්.  

 එදා සීඑස්එම්..

*පලයව් හු&@%ගෙ පුතාල දෙන්න ගිහින් දැන් ඉවර කරපියව් වැඩෙි. මාත් එනව තොපි වැඩෙි කරනහැටි බලන්ඩ... කිව්වම අපි දෙන්න ආයෙ පොරව කරේ තියාගෙන ගහ පාහින්න ගියා. පැය බාගයක් යනකොට සීඑස්එම් එතනට ආව. අපි එක දිගටම හුස්ම නාල්ලා වැඩ.


දහයෙ තේ එකට; 

*සර් දහයයි. තේ එකට යන්නද??

*නෑ. නෑ. තොපි දෙන්න වැඩෙි කරපල්ල මං හරි තේ ගෙනහ්ල දෙන්නං කියල ඉවර වෙන කොටම

පාරෙ තේ ගේන්න ඩියුටි බංකරේක එකෙක් යනව දැකල සීඑස්එම් අප්පුඩියකුත් ගහල හඬ නගා එහෙත් පැහැදිලිව;

*ඒයි කොල්ලෝහ්... මෙන්න මෙි ප&@%යල දෙන්නටත් එක්ක තේයි කෝප්පෙකුයි අරන් වරෙන් එද්දි ඈ කියල කිව්වා. අපිට ගහ ගාවටම තේ එක ලැබුනා. හැබැයි විනාඩි තිහ හම්බුනේ නැ. අරූ කපනව,මං තේ බොනව.ඊ ලඟට මං කපනව,අරූ තේ බොනව. බෙිරෙන්න බෑ මෙි සීඑස්එම්ගෙන්. දාඩිය වැක්කිරිල..අපේම 


*සර් එකයි වෙලාව.. කෑමට යමුද?

එතුමා ඔරලෝසුවෙ වෙලාවත්  බලල

*දැන් එකයි පහයි, එකයි තිස් පහ වෙද්දි කනවනං කාල, බොනවනං බීල,රෙනවනං රීල මෙතන්ට එන්න ඔින පැහැදිලිද? එකයි තිස්පහනං එකයි තිස්පහ ඈ. ඒක තිස් හය වෙන්න බෑ ඈ

*අනේ ඔවු සර්.. අම්මපල්ලයි අපි එනවා කියල අහිංසක ලීලාවෙන් ඔලුව පාත් කරල කිව්වම "අනේබ් බබා හුකුං" කියල අපිව කෑමට යැව්වා. අපිත් එකයි පනහ විතර වෙනකොට බොහොම අමාරුවෙන් ගහ තියෙන තැනට ආව. ඒ ආවෙත් සීඑස්එම් එනවද කියල බිත්තියට ගහල තිබුනු ටකරමෙි හිලකින් ඇහැක් තියල හොරෙන් බල බල ඉඳලා. ඈතින් එතුමගේ  රුව පෙනෙද්දි අපි මෙහෙන් පටස් ගාල ගහ ගාවට පැන්න. එයා දුර තියා එනකොට හොඳට අඳුරගන්න පුලුවන්. අව්වට හෙල්මට් එක දිලිසෙනවනෙ. හෙල්මට් එක කිව්වෙ තට්ටෙ. 

අපි දෙන්නත් විගහට පැනපු ගමන් කලින් කප කප හිටපු අත්තටම එක දිගට පොරෝ පහර දෙන්න පටන් ගත්තා. සීඑස්එම් ලඟට ඇවිත් හිනාවෙලා;

*අන්න එහෙමයි තොපෙන් වැඩ ගන්න ඔින නැතුව බෑ. කියද්දි අපි දෙන්න හොරෙන් මූනට මූන බලා ගත්තා. "හිතේ ඇති අපි එකයි තිස් පහටම ආව" කියල.එයා නාවනං හෙටත් මෙි ගහ කපනව.


එත් එදානං වැඩෙි ඉවරෙයක් කරලම දාන්නවුනා. පැට්‍රොල් එක යන්න පෝල් අවුට් කලෙත් විනාඩි දහයක් තියල. 


 අපි පහුවදා පෝලිම් කරල දැම්මෙ ඔෆිසර් මෙස් එකේ තණකොල වගයක් උදළු ගාන්න. එතකොට බංකර්  හදල ඉවරයිි. එතනින් එහාට අපි වැඩෙි කරගෙන ගියා. ඒත් එදා අපි දෙන්නට ගහක් කපන්න දවස් හතරක් ගියා කිව්වම බිලට් එකේ අනික් කොල්ලො කෝපල්ලා ඉස්සරහම ලා/කෝ අජිත් කුමාර අපිව නෝන්ඩි කරන්න ගත්තා. එයාලා දාල තිබුනෙ බංකර් තුන හදන්න. ඒකෙත් දෙකක් සම්පූර්ණ ඉවර කරල අන්තිම එකෙත් වහලෙ ගහන්න විතරයි ඉතුරුවෙලා තිබුනෙ. එයා;

*ඉඳකින්වත් මුගේ කට වගේ වැඩත් තියේනං මොනා කරන්න බෑද? තොපි හෙන ලොස් පොරවල් යකෝ.⁣ උඹලට පුලුවන් බත් බොන්ඩ විතරයි  කියල අපි දෙන්නටම කෝචොක් කලා.

මමත් නිකා හිටියෙ නෑ.

*කෝපල්ලා බංකර තුනම ඉවර කලේ දවසට එක ගානෙද?

*ඔව්.. (එහෙ වැල්ල නිසා ලේසියි. අනික කැඩිච්ච තුනක් හදන්න තිබුනෙ)

*බංකර් හදල ඉවරද?

*මොන??

*හමුදාවෙ බංකර හදල ඉවරද?

*නෑ තව හදනවනෙ

*ඒකනෙ කෝපල්ලා මැරීගෙන හමුදාවෙ බංකර් හදල ඉවර කරන්න හදනව, අපි නිදහසේ දවස් හතරක් එක ගහක් කැපුව. ඇයි අවුල්ද??


කෝපල් අජිත් කුමාරට ඒකටනං "හීග්" ගෑවුනා.. ඇස් දෙකත් ලොකුවුනා.


ඉවර නෑ......


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.12.02

1 comment:

  1. මුල ඉඳන් කියවන්න පටන් ගන්න ඕනේ. එල්.පී.එල්. ඉවර වුණාම.

    ReplyDelete