Monday, December 14, 2020

උල්කාපාතෙ

 උල්කාපාත අනාවැකි

=================


හරියටම රෑ දොලහයි තිහයි. මාත් ජීවිතේට අහම්බෙන් දකින්න හම්බවෙන උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමෙි නොනිත් ආශාවෙන් පසුවුනේ.  ළමයින්ටත් කිව්වා "වරෙව්,බලපියව්,විමසපියව්, කියල. මොනහ්...අට වෙද්දි කනමතේ ඔක්කොම නිදි. ඒත් මටනං මෙික ලේසියෙන් අතාරින්න බෑ. ආයෙ පත්තරේ තියෙනව දැක්කා අවුරුදු 800කට පස්සෙ මෙි අවුරුද්දෙ නත්තල් තරුව පායනවයි කියල එකකුත්. ආයෙ දෙසැම්බර් 25 වෙනිදටත් ඔික බලන්න බෙල්ලෙ පොට යනකං හක්ක රතුවෙනකං විට කක කකා උඩ බල බල ඉන්න ඔිනෑයැ කියල ඔය දෙකම එක දවසෙම බලන්නං කියල බලාපොරොත්තු දෙකකින් හිටියෙ. ඒත් නෑ. මං රෑ දහයෙ ඉඳන් තමා පුටුවක් තියාගෙන පිණි බබ බබා එළි⁣යට වෙලා වාඩිවෙලා හිටියෙ. අපරාදෙ කියන්න බෑ. උල්කාපාත කෙසේ වෙතත් කොස් ගහේ වැළගෙඩි කොස් ගෙඩි ටිකට පොර කක කකා තමන්ගෙම එවුන්ට ගේම අදින වවුල් රංචුව විතරයි අහට්ට මෙහට්ට පියෑඹිනව දැක්කෙ. ආයෙ කණාමැදිරියො..


ඔික පිට රටක කිව්වනං අනිවාරෙං බලන්ඩ තිබ්බා. කොහෙද ඉතින් ලංකාවෙ කාළගූනේට වඩා අනාවැකි කියනවනෙ ඩෑලොක් ඇන්ටනාව. කිලෝමීටර් හාර බිලියන කෙල කෝටි තුන් ලක්ස බිලියන පනස්දාස් පහේ වැහි වලාකුලක් මෝදු වෙයං, ඩෑලොක් ඇන්ටනාව සීරුවෙන්. ඒත් අපේ කාළගුනේට අහස බලල ඉරද හඳද පායල තියෙන්නෙ කියලවත් හරියටම කියාගන්ඩ බෑ. අවුරුදු 73ක් තිස්සේ අපිට වෙච්චි දෙයක්. උයිට වඩා හොඳට දෙකේ කැලෑසියට ගියපු එලවල්කැලේ සයිබරං ආතා අනාවැකි කියනවා. පොරත් ගැටයා කාලෙ ඉදන්ම පෙතන්කජු ලන්දෙ දං පඳුරු අස්සෙ ගොම්මං ගොම්මං වෙලාවට ලුයිසහාමි නැන්දටයි සීලින් නැන්දටයි බෙිලිං නැන්දටයි,උන්දැගෙ නංගිටයි, ලස්මන්ගේ ආච්චිටයි උල්කාපාතෙ පිළිවෙලින් පෙන්නල පෙන්නල ගහලෝකත් බිහිකරල තියෙනවලුනෙ. පොරගෙම උල්කාවෙන් බිහිවෙච්චි පොරගෙම ඩෑල්ලෙක තියෙන තවත්  ගහලෝක කීපයක්ම තාමත් අපේ ගම වටෙිටම කැරකෙනව. ඒ අතින් මිනිහ ගේට්.


  කතාවට යමුකො. 

මාත් එළියෙ ඉඳගෙන තනිකමට අහසේ තරු ගැන්නා, පොළවෙි වැලි ගැන්නා, කාලගුනේටත් බැන්නා. ඒත් නෑ. බුහස්පතින්ද හිකුරාද මංදා වල් කුපාඩි තරුවක්නං ඈතින් පායලා තිබුනා දැක්කා, උල්කා නොදැක්කා. 

ඔහොම ඉන්නැද්දි තමා තත්පර හැටෙන් විනාඩියත් විනාඩි හැටෙන් පැයත් ගෙගෙවි ගිහින් රෑ දොළහ වුනේ. මගේ බලු සංකොට්ටටත් හෙන පෙහේලිකාවක් වගේ මෙික. කූංං කූංං ගාගෙන අහට්ට යනවා මෙහට්ට යනවා.ආයෙ මෙහා ඉඳන් අහට්ට යනවා,ආයෙ මෙහට්ට එනවා. මටත් චූට්ටක් විතර නිදිමතකුත් දැනෙන්න ගත්තු ටයිම් එක. හරියටම රෑ දොළහ මාරයි. හීන් කෙඳිරියකින් වගේ වයිෆර් කතා කරන හඬක් ඇහුනා. "අම්ද උල්ම්කාපාත නෑ අම්නා. එම්න දොයියම්න,මම්ට සීම්තලයි" කිව්වා. 


මෙිව ඇත්තටම අපේ රටෙි හරි හමන් තාරකා උල්කාපාත විජ්ජාඥ්ඥයන් කාළගුණ විජ්ජාඥ්ඥයන් නැති එකේ අඩුපාඩුව. වෙන රටවල් තියෙන්න ඇති මෙිව වැටෙන වෙලාවයි වැටෙන ගානයි වැටෙන තැනයි හේතුවයි හරියටම කියන. ඒ ගැන නම් මටත් ගොඩක් දුකයි. කතාව නම් රාවණා ගැන. ඔය එකෙට්ටවත්  හාප්සීට් එකක කෙලින් ඉරක් ගහගන්නවත් පුලුවන්ද? 

හැබැයි හෙට අනිද්දා සුරගුරු පත්තරේ නං තියෙයි තඩි පොල් අකුරෙන් "වැටුන උල්කා පාත ඔබෙි ලග්නයට බලපාන හැටි", " උල්කා වර්ෂාවෙන් ඔබෙි අනාගතය දැනගන්න අදම මෙි අංකයට ඇමතුමක් දෙන්න", උල්කා වර්ෂාවෙන් සුවිප් ටිකට් දිනුමක් ලබාගන්නේ කොහොමද?" කියල.නැත්තං "උල්කා අනාවැකියෙන් නැණවත් බුද්ධිමත් දරුවෙක් බිහි කරන්නේ කෙසේද?" කියල දොරමඬලාවෙත් යයි. බුකියෙත් පොඩි වීඩියෝ කෑල්ලක් එක්ක "ඔබෙි වාසනාව ගැන කියන උල්කාපාත ගැන දැනගන්න අවශ්‍යද?, එහෙනම් දැන්ම මගේ යූටීබ් චැනල් එක සබ්කයිස් කරල එකතුවෙන්න මාත්තෙක්ක" කියල දාල තියෙයි. වීව්ස් හැටනම දෙකෝටි දෙමිලියන හාරපන් එකොලොස් දාස් තුන්සිය හැටතුනයි සත විස්සකුත් තියෙයි. සෙයාර්ස් 999K විතර තියෙයි. අම්මප අපිට ගිය කලක්. 


වයිෆර්ගෙ කං කෙඳිරිය අස්සෙ "වැටෙන උල්කාවක් වැටෙිවා,නටන උල්කාවක් නැටෙිවා, ලැබෙන දෙයක් ලැබෙිවා" කියල හිතාගෙන මටත් හිතුනා පාන සමානා බාරිත් එක්ක ගැටයක් ගහගෙන නිදාගන්න.

අහෝ කරුමෙක මහත!!.  සූටි වෙලාවක් යද්දි වයිෆ් "උල්කාපාත-උල්කාපාත" කියල කෙඳිරිගාන්න ගත්තා. ඒත් මටෑහෙන්නෙම "උලාකා පාත- උලාකා පාත" කියනව වගේමයි. මාත්;

*මොම්කක්?? උල්ම්කාපාම්ත එම්නවාහ්?? කියාගෙන නැගිටල ඇදෙන් බැහැල එලියට දුවන්න හදනකොට මගේ අත තදින් අල්ලගෙන ආයෙත් "උලාකා පාත උලාකා පාත" කියල කියන්න ගත්තා. පස්සෙ තමා මටත් වැඩෙි මීට⁣ර් උනේ. මාත් නව සියවසේ අපේ රටට අඩුපාඩුවක්ව පවතින දක්ෂ නැණ සම්පතෙන් අනූන විජ්ජාඥ්ඥයෙක් බිහි කරන්නෙමැයි කියල හිතාගෙන බිච්චි ඇදනැති අච්චිවාරමක් දාල දොයිම්ය ගම්ත්තා.   තව අවුරුදු විසි පහකින් බස්සනව ඒ විජ්ජාඥ්ඥයා, ඩෑලොක් ඇන්ටනාවෙන් අනාවැකි කියන දැං ඉන්න ඈයන්ට ඇඬෙන්ඩ. 


අටපට්ටමෙි යන විදියට උල්කාපාත "වර්ෂාවෙන් නැණවත් බුද්ධිමත් දරුවෙක් බිහි කරන්නේ කෙසේද?". ඒක ලසන්ත මහත්තය කියන්න කලින් මං කොලා ඔිං ඈ..




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.12.14

No comments:

Post a Comment