Thursday, July 9, 2020
ජනාධිපති සිහිනය
මහජන මනාපය ගෙන රට කර වන්න
සැමටම රටෙි සමතැන දී වැජ ඹෙන්න
දිනකට දෙවෙිලක්වත් හරි හැටි කන්න
අවසර ලදිමි දියවන්නාවට එන්න
ගිනිකොන ආසියාවෙහි හිත් තුළ වෙළුන
පුබුදා කඩිනමින් නෙළුමක් වැනි කුළුන
බටපොල ඇන්ටනාවක් හයිකර තැළුන
කාටුන් බලන්නෙමි ආසාවෙන් පෙළුන
ලොව අන් ජාතියන් හට වන්නට ගොදුර
කලියෙන් තරුණ අය කැඳවා ගෙන නුදුර
බිහිකල යුතු හෙයින් හෙළ පඬිවරු විදුර
පෙර පාසලක් කරනෙමි අරලිය මැදුර
කළු ගල් පිරුණු මාගම් තොට රටට පොදූ
උසුලන බරක් මිස මොනයම් සැපද හැදූ
මහජනයාගෙ හිත ගත සුව පිණිස හුදූ
පිහිණුම් තටාකයකට දිය යුතුය බදූ
යටකල මුදලවත් ගන්නට විටින් විට
එන යානයක් නැත ඒකත් බරක් මට
ලද පාඩුවක් මය මත්තල ගුවන් තොට
ගබඩාවකට වත් විකිණිය යුතුයි හෙට
වැසි දිය නැතුව ගොවිතැන් වැළකුණා යලේ
මහ ගැටළුවකි ඒකයි කල්පනා කලේ
මහවැලි වතුර පුරවන්නට දමා කැලේ
විකුණමි තෙල් බැරල් ටික තිරිකුණා මලේ
සඟ වෙද ගුරු ද ගොවි කම්කරු බල වෙිගේ
අරගෙන සමානව සැමගෙන් සහ යෝගේ
නිසි කල් බලා සකසාගෙන ගහ යෝගේ
ජනපති විය යුතුය නැවතත් වෙඩි වාගේ
ලැබදුන් මනාපෙහි උපරිම ගුණය රැකූ
මම නායකයි තුන් හෙළයට ලොකුම ලොකූ
ජනපති සිහිනයේ කෙඳිරිය සවන වැකූ
ගෙඩි එනතුරුම තව අනිනව බිරිඳ ටොකූ
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.07.09
Labels:
මගේ කවි
Subscribe to:
Post Comments (Atom)
ජය වේවා
ReplyDeleteබෝ දිනේවා
රටට දැයට
කෙලවේවා
(කොහොමද හයිකු කවි?)
අති සුපිරි
Deleteකවිත් හොදයි, කථා හොදායි
ReplyDeleteකථාවක් ඉක්මනින්ම දාන්න ...
දානව...😁😁😁😁
ReplyDelete